Monday, 19 January 2015

ගාල්ලේ ආයුධ නැවේ මෙතෙක් කතාව... The Piracy in Anty Piracy Mission


Photo courtesy - www.google.com

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවෝ අවි බලය පරයමින් නැගුණු රණකාමීත්වය මොනවට පිළිඹිබු කරමින් ගොඩබිමින් මුහුදෙන් හා අහසින් පහර පිට පහර දෙමින්  ලෝකයේ දරුණුම හා වඩාත් බලසම්පන්නම වූ ත්‍රස්තවාදය මුළිනුපුටා මව්බිමෙන් තුරන් කර දැමූ වග කොටසකට ඉතා රසවත් වූද තවත් කොටසකට වහ කදුරු මෙන් වූද කෙසේ වුවද හැමෝම පිළිගන්නා වූද සත්‍යයකි. මෙහිදී නීතිය හා සාමය රකිමින් පොලීසියද, ඊට එහා ගිය යුධමය රාජකාරි කල විශෙෂ කාර්‍ය බළකාය හා සිවිල් ආරක්ෂක බළකායද, ඊට නායකත්වය දුන් දේශපාලන බල අධිකාරියද, රණගොස රටටම පැතිරීමට දිවි පරදුවට තබා යුධ බිමට ගිය මාධ්‍ය සගයෝද, පොදුවේ ත්‍රස්ථ විරෝධීවූ සියලු පොදු ජනයාද, එකී මෙකී නොකී නොයෙකුත් දෙනාද දැක්වූ දායකත්වය මෙහිලා අමතක කිරීමට තරම් අවස්ථාවාදී නොවෙමි. කෙසේ නමුදු යුද්ධය අවසන් වන විට ශ්‍රී ලංකා හමුදාවෝ ලොව නිර්භීතම මෙන්ම වඩාත්ම පළපුරුදු හමුදාවක් බව මුවින් නොකීවත් සියල්ලෝම දැන උන්හ. එහි ප්‍රථිපලයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පැටලී සිටි අසීරු සාම සාධක මෙහෙයුම්හි රාජකාරී සඳහා ශ්‍රී ලාංකික රණවිරුවන්ට තිබූ ඉල්ලුම අතිශයින් ඉහල ගියේය.

මා මීට පෙරත් යම් යම් ස්ථානයන්හී සඳහන් කල පරිදි අද වන විට ලෝකයේ සතුරා හා මුහුණට මුහුණලා මුහුදු සටන් කොට පළපුරුදු එකම හා බලසම්පන්නම නාවික හමුදාවක් අප සතුව පවතී. රණවිරුවන්ට (නො)සැලකීමේ ජාතික ප්‍රතිපත්තිය හා යුද්ධය අතරතුර හා ඉන් පසුව සුක්කානම අත දැරූ යම් යම් දේශපාලන පන්දම්කරුවන්ගේ අමන මරි මෝඩ තීරණවලට පින්සිද්දවෙන්නට බොහෝ සැබෑ යුධ විරුවෝ මේ වනවිට හමුදාවන් හැර යමින් සිටියත් තවමත් එහි සාරය නාවික හමුදාව තුල උතුරා බුබුළු දමමින් පවතී. 

මේ අතර IMO (International Maritime Organization) එක ලොකු අවුලක පැටලී උන්නේය. ඒ දිනෙන් දින ඉහල ගිය මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා ජාත්‍යන්තර නැව් ගමනාගමනයට සිදුවූ බාධක හා අවහිරතාවන් නිසායි. එකල අපිද මේ සඳහා නොයෙකුත් පිළියම් යෝජනා කරමින් උන්නෙමු. අධිවේගී වතුර විදින හෝස්, නැව් බඳ වටා කටුකම්භි වැටවල් යෙදිනි. ඇමෙරිකානු ආරක්ශක ඛන්ඩයක් මගින් ගොඩබිම ආසන්නයේ පිහිටි බේස් එකක සිට යේමනයට මෙපිටින් සෝමලියා සිට ජිබුටි දක්වා වු මුහුදු තීරය ආවරණය කල අතර හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට සීල් වැනි සුප්‍රසිද්ධ හමුදා අනුඛන්ඩද අනුයුක්ත කොට තිබිණි. එහෙත් රාත්‍රී කාලයේදී කුඩා මෝටර් බෝට්ටු භාවිතා කරමින් ඇමෙරිකානු ආරක්ශක ඇස් වලට වැලි ගසමින් මුහුදු කොල්ලකරුවෝ නැව් වෙත ලංවූහ. ඔවුන් අතවූ කුඩා අවි වලින් නැව් බඳ ඉහලින් යන ලෙස වෙඩි දෙකක් තැබූ විට එහි සිට 'නවීන' නාවිකයෝ 'සරෙන්ඩර්' වූහ. එකල මෙන් නෞකාවක විශාල කාර්යමන්ඩලයක් නොසිටි හෙයින්ද, බොහෝවිට නෞකා කාර්යමණ්ඩලය නැවේ අයිතිකරුවන් සමඟ සමීප හිතවත්කමක් නොවූ විජාතිකයින් වූ බැවින්ද ඒ සැමටත් වඩා ඕනෙම ආකාරයක වන්දියක් සඳහා ලබාගෙන තිබූ 'ඉන්ශුවරන්ස්' ඇති හෙයින්ද ඔවුන් වැඩි උත්සාහයකින් තොරවම කොල්ලකරුවන්ගේ ගොදුරු බවට පත්වූහ. රාත්‍රීකාලයේ සිදුවන මෙවන් මංකොල්ලකෑමක් ගැන ඇමෙරිකානු ආරක්ශක අංශ දැනුවත් කලද ඔවුන් 'ජාත්‍යන්තර නීතියට' අනුව ඔවුන්ගේ සියලු 'පඩ ෂෝ' ටික දමාගෙන ඇවිත් නැවට ගොඩ වෙනවිට අරුන් ටික ගත යුක්තක් ඇත්නම් රැගෙන පලා ගොස් බොහෝ වේලාවක් වේ. කවුරුත් ඇමෙරිකානු යුධ ශක්තිය අභියෝගයට ලක් නොකළත් එය පලක් නොවන බව නම් සියල්ලෝම දැන උන්හ. 

බොහෝ සාකච්චා කිරීම් වලින් අනතුරුව අවසානයේ වෙළඳ නැවු මත අවිගත් පෞද්ගලික ආරක්ශක සේවකයින් යෙදවීමට තීරණය වුණු අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනද ලහි ලහියේ සුදානම් විය. මෙය වෙන කවුරුන්ටත් වඩා ලොව ප්‍රමුඛ පෙලේ නෞකා ඉන්ශුවරන්ස් ඒජන්තයින්ගේ වුවමනාව වූ හෙයින් වැඩ වඩාත් ඉක්මන් විය. අවසානයේ සියලු දෙනාගේ අවශ්‍යතාවය වූයේ මේ ආරක්ශක කටයුතු ඒ වනවිට මීට සමාන අත්දැකීම් සහිතව වඩා දරුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් දමනය කොට කීර්තියට පත්වී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීමයි. කපන්න බැරි අතක් සිඹිනවා මෙන් ඇමෙරිකාවද ඊට එකඟ විය. 

එතැන් පටන් එළඹියේ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ වීරයන්ගේ කල්ල මරේ අවදියයි. බලසම්පන්න හස්ත වල වුවමනාවට මේ රාජකාරිය නාවික හමුදාව වෙනුවට පෞද්ගලික ආරක්ශක ආයතන දෙකකට පැවරිණි. නමුත් විදේශීය ඒජන්තයින් මුලා කිරීමට හා වඩා වැඩි ලාබයක් ලබමින් පරිපාලන වියදම් සඳහා යන කොටසද සාක්කුවේ දමා ගැනීමට හැකි නිසා හතරෙන් තුනක්ම වැඩ නාවික හමුදාවේ සේවයෙ නියුතු නිළදාරීන් හට පැවරුණේ කුප්‍රකට දිසානායක කෙනෙකු ඒ වනවිට සුක්කානම අත දරා සිටීමේ උපරිම වාසියද ඔවුනොවුන්ට අත්කර දෙමිනුයි. 

මේ ආරක්ශක සමාගම් දෙක පසුපසද රසවත් කතා බොහෝමයකි. රක්නා ආරක්ශක ලංකා යනු හිටපු ආරක්ශක ලේකම් වරයාගේ 'ඩිරෙක්ට් ඉන්වෙස්මන්ට්' එකකි. රක්නා ලංකා ආරම්භයෙන් පසු එතෙක් ලංකාවේ සියලු පෞද්ගලික ආරක්ශක සේවාවන්ට විවරව තිබූ රජයට අනුයුක්ත ආයතන, ගොඩනැගිලි හා සේවා ස්ථානවල පෞද්ගලික ආරක්ශක සේවා සැපයීමේ නිෂේධ බලය ඒ සතුවිය. කිසිදු අමතර වියදමකින් තොරව මේ 'පෞද්ගලික ආරක්ශක සේවයේ' සියලු පරිපාලන කටයුතු බණ්ඩාරනායක පරිශ්‍රය වැනි කොළඹ අතිශයින්ම විශාල වාණිජ වටිනාකම් වලින් යුතු රජයේ ආයතනවල සිදු කෙරිනි. ආරක්ශක අමාත්‍යාංශය යටතේ තිබූ පෞද්ගලික ආරක්ශක සේවා පිළිබඳ අතිරේක ලේකම් වරයාගේ කාර්යාලයද ඒ වනවිට පැවතියේ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේ වීම විශේෂත්වයකි. මීට අමතරව LTTE සංවිධානය සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබූ අති විශාල කුඩා අවි තොගයක් කිසිදු ලියවිල්ලකට යටත් නොවී මේම පරිශ්‍රයේ ගබඩා කෙරිණි. ඒවා ගබඩා කිරීම, නිකුත් කිරීම හා පිරිසිදු කිරීම් සියල්ල භාරව තිබුනේ ඉහත කී පෞද්ගලික ආරක්ශක සේවයටයි.   

2010 ජනාධිපතිවරණය යනු ලංකාවේ පෞද්ගලික ආරක්ශක සේවා සපයන ආයත්නයන්ට 'ඩූ ඔර් ඩයි සිටුවේශන්' එකක් විය. කවුරුත් දන්නා පරිදි ලංකාවේ පෞද්ගලික ආරක්ශක සේවා පවත්වාගෙන යනු ලබන්නේ ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගත් නිළධාරීන් විසින් වන අතර එයිනුත් එකක් දෙකක් හැර අනෙක් බොහෝ ඒවා අයත් වූයේ යුධ හමුදා විශ්‍රාමික නිළධාරීන්ටයි. ඔවුන්ට අනුව ඉහත ජනාධිපතිවරණ සටන ඔවුන්ගේ සමකාලීන හෝ ජේෂ්ඨ හමුදා නිළධාරීන් දෙපලක් වූ ගෝඨා ගේ හා ෆොනී ගේ ද්වන්ධ සටනක් විය. ඉතා ටික දෙනෙකු ප්‍රසිද්ධියේ දෙදෙනාගෙන් එක් අයෙකු තෝරාගෙන උදවු කල අතර බොහෝ දෙනෙකු ඔලුව හංගාගෙන දෙදෙනාගෙන්ම වසන් විය. ඒ අතරින් කොටසක් යටින් දෙපැත්තම බැලන්ස් කිරීමට ගේම් ගැසූහ. 

ආරක්ශක සේවා ගැන යම් දැනුමක් සිටින අයෙකු වේනම් ඔහු අනිවාර්යෙන්ම දන්නා කරුණක් වනුයේ ලංකාවේ පෞද්ගලික ආරක්ශක සේවයේ මේ කාලය වනවිට බලය පතුරුවාගෙන සිටියේ හිටපු කමාන්ඩෝ මේජර් විජිත වැලිකළ බවයි. ඔහු වොච්ගාඩ් සමාගමේ අයිති කරු වූ අතර ඊට ආසන්නයෙන්ම ඊට තරගයක් දෙමින් සිටි අනෙක් සමාගම ඇවන්ට්ගාඩ් නම් විය. ඇවන්ට්ගාඩ් හි හිමිකරුවා වූයේ යුධ හමුදා හිටපු මේජර් නිශ්ශංක සේනාධිපති විය. වැලිකළ යනු ඉංග්‍රීසි උගත් 'මම පොර' පන්නයේ පන්ඩිතයෙකු වූ අතර සේනාධිපති ලෝක කපටියෙක් විය. ජනාධිපතිවරණය අභිමුව සිටියදී සේනාධිපති විසින් එතෙක් දැරූ SLASSPA (Sri Lanka Security Service Providers Association)  මුල් පුටුව වැලිකළ වෙත නිතරඟයෙන් ලබාදුන් හෙයින් මෙම 'ක්‍රිටිකල්' කාලසීමාවේදී ගිලටීනයට මූණ දීමේ ප්‍රධාන අවධානමද නිතරඟයෙන්ම ඔහු වෙත පැවරීමට සේනාධිපති කපටි විය. දෙදෙනාම තම උපරීම උත්සාහයෙන් පූර්ව මැතිවරණ කාල සීමාව තුල දෙපැත්ත බැලන්ස් කරගෙන සිටීමට උත්සාහ ගත් බව පෙන්වූවත් අවසන් මොහොතේ සේනාධිපති ඉස්සරවී ගෝඨාට මුක්කුව ගසමින් අනෙක් සියළුම සහෝදර ව්‍යාපාරිකයින් අමු අමුවේ පාවා දෙන ලදී. ගෝඨාගේ අනුහසින් රක්නා සමාගම හැරුණුවිට පෞද්ගලික ආරක්ශක ලෝකයේ කිරුළ ඒ අනුව සේනාධිපති විසින් හිමිකරගන්නා ලදී. පෞද්ගලික ආරක්ශක කටයුතු වලට අමතරව ඔහු විසින් විශේෂ පුහුණුව ලත් හමුදා නිළධාරීන් හා සෙබළුන් වැඩිවැඩියෙන් බඳවාගෙන 'විශේෂ රාජාකාරී' වලට යොමුකල බවත් ඔවුනට ඉතා විශාල වශයෙන් වැටුප් හා වෙනත් වරප්‍රසාද ලබාදුන් බවත් කුප්‍රකට සුදුවෑන් සංස්කෘතිය ලංකාව තුල ස්ථාපිත කිරීමේදී ගෝඨාගේ ප්‍රධාන උදවුකරුවා ව සිටි බවත් තතු දන්නෝ දනිති.

ඔය අතර එළඹි ඉහත 'මුහුදු කොල්ලකාරයන්ගේ වසන්තයෙන්' මේ ආරක්ශක සමාගම් අලුත් අලුත් ඵල වලින් බරවී දරන්නට බැරි තරම් ලාබ ඉපයීමට පටන් ගති. එවකට මෙසේ නැවකට නග්ගවන එක 'ගාඩ්' කෙනෙකු වෙනුවෙන් මොවුන් මසකට ඇමෙරිකානු ඩොලර් දස දහසකට වඩා අය කරන බව කියති. අදාල අවි සැපයීම වෙනුවෙන් වෙනමම අයකිරීමකි. වරායකට නැව ඇතුළු වූ විට අදාල අවි වරායෙ සිටින මොවුන්ගේ ඒජන්තයන් වෙත බාරදිය යුතු වන අතර නැවත පිටත් විමේදී ඔවුන් ආරක්ශිතව තබාගත් ආයුද 'ගාඩ්'ල වෙත නැවත් නිකුත් කරනු ලැබේ. මේ සියල්ල මුදල් ය. 

රට රට වලට වී සිටිමින් මේ ආයුද ගබඩා භාරව සිටීම හා රට රටවල් අතර සම්බන්ධීකරණය කිරීම සඳහා එවකට නාවික හමුදාවෙන් ඉවත්ව සිට තරුණ නිළධාරීන්ට සෑහෙන ඉල්ලුමක් තිබුණි. ඒ සඳහා මසකට ඇ.ඩො. 3000-4000 අතර වැටුපක් ගෙවීමටද ලංකාවේ ඔහුගේ  නිවසට රියදුරෙකු සහිතව නවීන වාහනයක් අනුයුක්ත කිරීමටද මාස තුනකට වරක් වැටුප් සහිත නිවාඩු ලබාදීමටද ඔවුන් පසුබට නොවිනි. මේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නාවික හමුදාවේ විශ්‍රාමික ජේෂ්ඨ නිළධාරීන් ඇ.ඩො. 10000-12000 වැනි පරිමානයේ වැටුප් වලට බඳවාගත් අතර අනෙකුත් සියළුම පහසුකම් පිරිනැමුණි. ඉහලම නිළයේ සිටිමින් මේ කටයුතු කරදුන් අය විශ්‍රාම ගැනුමෙන් අනතුරුව ඇවන්ට්ගාඩ් හි ජාත්‍යන්තර මුහුදු ආරක්ශණ කටයුතු සම්භන්ද අධ්‍යක්ශක තනතුරක් ලබනුයේ මසකට රුපියල් ලක්ශ විසිපහකට නොඅඩු වැටුපක්ද සමගිනි. 

මුල් කාලයේ 'ගාඩ්' ලා ලෙස නැව් නැග්ගවීමට සේවයෙන් ඉවත්ව සිටි නැවියන් පමණක් යොමුකල හෙයින් ඔවුනට මසකට රුපියල් ලක්ශ එක හමාරක පමණ වැටුපක් ගෙවූ අතර (ඉහතින් සඳහන් කල පරිදි එක් අයෙකු වෙනුවෙන් මසකට ඇ.ඩො. 10000ක් පමණ අයකිරීමෙන් පසුව ) කිසිදු කරදරයකින් තොරව මාස 6කින් පමණ නැවත ගොඩ බසින විට ඔවුන්ගේ ගිණුම් වලට ලක්ශ නවයක පමණ මුදලක් බැර කොට තිබිණි. පහු පහු වෙනකොට නාවික බටයින් වෙනුවට යුධ හමුදා හා ගුවන් හමුදා භටයන්ද මේ සඳහා යොමුකල අතර ඔවුන් ඒ සඳහා CDC හෙවත් වෙළඳ නැව් වල සේවය කිරීම සඳහා වන බලපත්‍රය ලබා තිබිය යුතුයැයි නියෝගයක් ගෙනාවේය. මෙය මුලින් තිබූ අවශ්‍යතාවයක් නොවූ මුත් විදේශීය ඒජන්තයින් රැවටීම සඳහා මෙසේ නීතියක් ගෙනාවේය. ඒ සමගම වේලි වේලි තිබූ නාවික ඇකඩමි වලටද හොඳ කලක් උදා වුනි. ප්‍රමිතියෙන් තොරව CDC හිතුමතේ නිකුත් කෙරුණු අතර ඒ සඳහා සේවයෙන් ඉවත්ව ගිය හමුදා සාමාජිකයින්ගෙන් ඉතා අධික මුදලක් අය කෙරිණි. එකල බොහෝ හමුදා සාමාජිකයින්ගේ එකම අභිලශය වූයේ මෙසේ නැවකට නැගීමයි. ඔවුන් වෙනත් කිසිදු අරමුණකින් තොරව අවුරුදු 12 පිරෙනවාත් සමග හමුදාවලින් ඉවත් වෙමින් තමන් සන්තකයේ තිබූ මුදල්ද වියදම් කර ගනිමින් CDC එක ගෙන රක්නා ලංකා හා ඇවන්ට්ගාඩ් දොරකඩ පෙළ ගැසෙන්නට වූ අතර එන තරමට දීමට රැකිය නොමැති විය. එතෙක් ගෙවූ මුදල රුපියල් 75000- 60000 දක්වා පමණ අඩුකල අතර වෙනත් කිසිදු පහසුකමක් හෝ අමතර ගෙවීමක් නොමැතිව චයිනීස් මාළු ට්‍රෝලර් වල පවා ඔවුන් පටවා යවන ලදී. මාස 6කට පසු පැමිණෙන 'ගාඩ්' වරුන්ගේ පඩියෙන් කොටසක් රඳවා ගත්තේ නැවත ඔවුන්ව සේවයට ගෙන්වා ගැනීමේ පහසුව පිණිසයි. එන තරමට රැකියා නොවූ හෙයින් වරක් ගිහින් ඇවිත් නැවත් අවස්ථාවක් ලැබෙන තුරු රුපියල් දහ පාලොස්දාහේ පඩියට සාමාන්‍ය ආරක්ශක සේවා ස්ථානවල හිලවු මුර රාජකාරී කලයුතු වූ අතර එසේ අකමැති වන්නන්ට නැවත රස්සාව හෝ හිඟ මුදල් නොගෙවනු ලැබේ. මේ අපේ ජාතිය බේරාගත් ආඩම්බරකාර තාත්තා හා බාප්පා රණවිරුවන්ට 'කළගුණ' සැලකූ ආකාරයයි.

බොහෝ කලක් මේ නැවු වලට ආයුධ සපයන හා නැවත ලබාගෙන ගබඩා කරගෙන සිටින කර්ථව්‍යය ශ්‍රී ලංකාව තුල කලේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. ඊයේ ගාල්ලේ නැව පොලීසිය විසින් පරීක්ශා කිරීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් එය නීත්‍යානූකූල බව ප්‍රකාශ කිරීමට ඉක්මන් වූ ඇවන්ට්ගාඩ් නම් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ශක දිසානායක මහතාගේ (සක්‍රීය සේවයෙ නියුතු නාහ නිළධාරියෙක් වෙනුවට ඔහුගෙන් මේ ගැන විමසුවේ මන්දැයි මට පැණයක් ඇත.) සමයේදී මේ කටයුතු බාධාවකින් තොරව කරගෙන ගියමුත් ඉන් පසුව එහි නීතිමය තත්ත්වයන් ගැන ගැටළු ඇතිවූ නිසා වහ වහා ටග් යාත්‍රාවක් මිළදීගෙන මේ ආයුධ ගබඩාව එයට 'ශිෆ්ට්' කරන ලදී. කෙසේ නමුදු ආයුධ පිරවූ පෞද්ගලික නැවක් රටක වෙරළබඩ සිට කි.මි. 12ක් වන එහි අත්‍යන්ත මුහුදු සීමාවේ (Territorial Waters) රඳවා ගැනීම නීති විරෝධී හෙයින් අවසරය ලබාගෙන තිබුණේ කි.මි. 12කට එපිටින් මුහුදේ රඳවා තබා ගැනීමට පමණි. නමුත් ඒ සඳහා අධික වියදමක් දැරීමට වන හෙයින් අවසර ගත් දින සිටම වාගේ මෙය බලෙන් ගාලු වරායේ රඳවා තිබුණි. 

වෙන මොන නැවට නැතත් ඒ සඳහා ඇතුලත ජැටියක් අනිවාර්යෙන්ම ලබා දිය යුතුවිය. පෞද්ගලික නැවක් වරායක රඳවා තබීම හා ඒ වෙත කරනු ලබන සේවාවන් (විදුලි බලය, පිරිසිදු වතුර, කුණු ඉවත් කිරීම, ආරක්ශක රාජකාරී වැනි ) සඳහා ඒ නැව විසින් ඉතා අධික මුදලක් වරාය අධිකාරියට ගෙවිය යුතුය. මේ නැව විසින් අදාල මුදල් වරාය අධිකාරියට ගෙව්වාදැයි මා සතුව ප්‍රමාණවත් තොරතුරු නැතත් එක් දෙයක් පැහැදිලිව සඳහන් කල හැක. එනම් ඇපෙන් බේරෙන්න යම් මුදලක් ගෙව්වත් එ ඉතා සුළු සොච්චම් මුදලක් පමණක් විය යුතු බවයි. මක් නිසාද අනෙක් පෞද්ගලික නැව් හැකි ඉක්මණින් බඩු ටික බා / පටවා ගෙන වරායෙන් නික්ම ගොස් එපිට මුහුදේ නැංගුරම් ලා ගන්නේ එය වරාය තුල ඉන්නවාට වඩා බොහෝ සෙයින් ලාබ දායක නිසයි. එනයින් බැලූ කල මෙම නැවටනම් වරාය තුල සිටීම බොහෝ ලාබදායක වී ඇතැයි සිතමි. 

මේ නැව ගැන හා එහි භයානක කම ගැන සංවේදී වූ වෙනත් අන්තර්ජාතික නැව් සමාගම් කීයක් ගාලු වරාය සමග සම්භන්දකම් අතහැර දැමුවාදැයි හා එයින් වරාය අධිකාරියට මොන මොන වගේ පාඩු උනාදැයි නොදනිමි. නමුත් සමහර අවස්ථාවන්වලදී මේ නැව මෙසේ රඳවා තබා ගැනීම පිළිබඳ නැව් සමාගම් වෙතින් විරුද්ධත්වය එල්ල වූ බවත් එවන් අවස්ථාවල අදාල නැව වරායට පැමිණ පිටවී යනතුරු උණවටුනට එපිට මුහුදට මෙම පාවෙන අවි ගබඩාව ගෙනගොස් නැංගුරම් ලාගෙන සිටි බවටත් (උදාහරණ- අන්තර්ජාතික පොත් ප්‍රදර්ශන නැව ගාලු වරායේ නවතා තබාගෙන සිටියදී) ගාලු වරාය හා සම්භන්දකම් ඇති හැමෝම පාහේ දනිති. 

ඊයේ එක්වරම ගොස් පරීක්ශා කිරීමෙන් අනතුරුව මෙතෙක් ඒ ගැන හාංකවිසියක් නොදැන උන්නාසේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා හා මාධ්‍ය ආයතන වාර්ථා කරනු දුටු මා ඇත්තටම වික්ශිප්ත වීමි. මක්නිසාද යත් මෙය නැවකි. තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා නාවික හමුදාව යටතේ තියෙන ගාලු වරායේයි. මෙය මෙතන තිබුණායැයි ලංකාවේ සාමාන්‍ය මිනිසෙක් නොදැන සිටිය හැකි මුත් පොලීසිය හෝ මාධ්‍ය ආයතනයක් මේ ගැන මෙතෙක් කලක් නොදැන සිටියායැයි සිතීම විහිළුවකි. ඇත්තටම එය එසේ නොදැන සිටියානම් එය ඊට වඩා විහිළුවකි. මේ අවස්ථාවේදී මට යූඇන්පියේ පෙරළිකාර මන්ත්‍රී රන්ජන් රාමනායකව සිහි වේ. මක්නිසාද යත් සියල්ලටම පසුවත් මෙය මෙසේ සිදු උනායැයි කීමට පොලීසියට හෝ මාධ්‍ය ආයතනයකට තවමත් බැරිද? නැත්නම් අප බලාපොරොත්තු වූ වෙනස තවමත් වෙලා නැද්ද? එසේනම් මේ තොරතුරු මෙලෙස ඉදිරිපත් කිරීමෙන් අපි විසින් අපේම ජීවිත අනතුරෙ දාගන්නවාද? පැහැදිලි පිළිතුරක් තවමත් නැත.

120 comments:

  1. වගකීමෙන්ද කියන්නෙ? (විහිලුවට ඇහුවෙ) ඉතාම සවිස්තරාත්මක විග්‍රහයක්. මමත් මුලදිනම් හිතුවෙ උඩුගම්පොල ගේම් එකේ අලුත් වර්ෂන් එකක් කියලා.
    //සියල්ලටම පසුවත් මෙය මෙසේ සිදු උනායැයි කීමට පොලීසියට හෝ මාධ්‍ය ආයතනයකට තවමත් බැරිද? නැත්නම් අප බලාපොරොත්තු වූ වෙනස තවමත් වෙලා නැද්ද? එසේනම් මේ තොරතුරු මෙලෙස ඉදිරිපත් කිරීමෙන් අපි විසින් අපේම ජීවිත අනතුරෙ දාගන්නවාද? // අන්න එතනයි ප්‍රශ්නෙ. නයා පේන්න ඉන්නවා. පොල්ල තියෙනවා. එ්ත් ගහන්නෙ නෑ. නයත් නොමරා පොල්ලත් නොකඩා වැඩේ කරන ලකුණු තමා පේන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මධූ සුදූ.. මේ කාපු බීපු වෙලාවට කියන ඒව ගනන් ගන්න එපා.. හෙට අනිත් පැත්තට ගිහින් මේවා ඔක්කොම අතේ පැල කරපු රෝල් කියන්න ඉන්නේ.. ඇයි මුන්ට පුළුවන්නම් අපිට බැරි මොකො මචෝ..

      උන්ට නයා තියා ගන්න කියල අපි පොල්ල අල්ලං පස්සට යමු. එතකොට වැඩේ ශේප් නේ.

      Delete
  2. //"එන තරමට රැකියා නොවූ හෙයින් වරක් ගිහින් ඇවිත් නැවත් අවස්ථාවක් ලැබෙන තුරු රුපියල් දහ පාලොස්දාහේ පඩියට සාමාන්‍ය ආරක්ශක සේවා ස්ථානවල හිලවු මුර රාජකාරී කලයුතු වූ අතර ""//
    බොහෝ විට පෞද්ගලික ආරක්ෂක අංශ වල සේවයට පැමිණෙන්නේ බොහෝසෙයින් වයසින් වැඩි පුද්ගලයන්ය , නමුත් ඇවන්ට් ගාඩ් ආයතනයේ අපේ වැඩබිම් හැම එකකටම අනුයුක්තක් කල ආරක්ෂකයින් බොහෝ දෙනා තරුණයන් විය. ඒ නිසා ඇවන්ට් ගාඩ් ආයතනයේ සේවය ලබා ගැනීමට බොහෝ විට අපි උත්සාහ ගතිමු. (උඹට මේවා කියලා වැඩක් නෑ. කොහෙද මේකා නිසා බොරුවක් වත් කියන බෑනේ )
    මේ නැව් සීන් එක මම දැනගත්තේ ඒ හරහාය , මේ එන තරුණයන්ගේ එකම අභිලාශය නැව් නැගීමයි. මේ ස විස්තරයක් දැනගත්තේ දැනුයි. සුදු වෑන් නැති නිසා උඹ බේරුනා කියලා හිතාගන්

    ReplyDelete
    Replies
    1. //උඹට මේවා කියලා වැඩක් නෑ. කොහෙද මේකා නිසා බොරුවක් වත් කියන බෑනේ// ඇයි බං මං කා එක්කවත් ඕවා ආයෙ කියන්න යනවැයි..අඩුම තරමින් බ්ලොග් සටහනකවත්..හැක් හැක්..

      හැබැයි දැන් යන විදියට ආපහු සුදු වෑන් වෙනුවට වෙන පාටක වෑන් එකක් එන්නත් බරි නෑ..

      Delete
    2. දැන් එන්නේ සුදු පාට හාල් ලොරි.

      Delete
    3. Anonymous21 January 2015 at 14:50

      ඇවිත් කොරන්නෙත් වෑන් වලින් කරපු හරියමනම් හාල් ලොරියටත් අපේ සාතිශය විරෝධය ඇනෝ මිත්‍රයා!

      Delete
  3. ෂහ්.. මේ කරුණු සියල්ලක්ම පාහේ අදමයි දැනගත්තේ. ඒත් එක්කම සෝමාලියානු කොල්ලකරුවන්ට විරුද්ධව ශ්‍රී ලංකා නාවික හමුදාව දැක්වූ සක්‍රීය දායකත්වය ගැන අදයි දැනගත්තේ. හිටපු කාලකණ්නි පාලකයන් මේ ශ්‍රේෂ්ඨ විරුවන්ට කෙතරම් පාහර තත්වයක්ද උදා කරල තිබුනෙ.

    පාවෙන අවිගබඩා, පුද්ගලික අවිගබඩා වගේ මේ දවස් දෙකේදි අතිමහත් ආන්දෝලනයකට ලක්වූ මේ සිදුවීම පිළිබඳව ඔබේ ලිපිය නිසා පූර්ණ අවබෝධය්ක් ලබා ගත්තා. මේ සියල්ලට තැබූ නැවතීමේ තිත සදාකල් ලොකුම ලොකු තිතක් වෙන්නම ඕනි.

    ReplyDelete
    Replies
    1. අපරාදේ මනෝශ් ගෙ මේ කොමෙන්ට් එකට හවසම රිප්ලයි එකක් දෙන්න තිබ්බා.. එහෙම උනානම් ඒක මෙච්චර නෙගටිව් එකක් වෙන්නේ නෑ.. රෑ නිවුස් බැලුවද මේ සම්භන්දයෙන් අලුත් ආ. ලේ. ගේ ප්‍රතිචාරය.. ///මේ සියල්ලට තැබූ නැවතීමේ තිත//// ඇත්තටම නැවතීමේ තිතක්ද නැත්නම් වරහනක් අරල මේකම නැවත පැහැදිලි කිරීමක්ද කියල හිතන්න වෙනවා.

      Delete
    2. උනුත් එකයි මුනුත් එකයි. පිල් මාරුවෙන් තොර ක්‍රම මාරුවක් පිළිබඳව ජනතාවගේ දැනෙත් හැරේවා..

      Delete
    3. උනුත් එකයි මුනුත් එකයි.. ඒක නිසානෙ අපිනම් හැමදාම සීනුවට.. හේ හේ..

      Delete
  4. මචෝ අංග සම්පූර්ණව විස්තරේ දැනුයි දැනගත්තේ , මෙන්න ඒකට මගේ භක්තිය එකෙන්ම බොස් !!!!

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගානක් හිත්වල තෙරපි තෙරපි තිබ්බ දේවල් අවස්ථාවක් ආවම කියන්න හිතාගෙන.. ඒත් වැරදි වෙලාවක වගේ කියල තියෙන්නේ.. හැක් හැක්..

      Delete
    2. ආ පත්ත්රයා උඹ අදද දැනගත්තේ , එහෙනම් දැන් මොනාහරි කොරපන්, අපරාදේ උඹ කලින් දැනගත්තා නම් මේවා මෙහෙම වෙන්නේ නෑනේ :P

      Delete
    3. ඔව් ඔව් දැනගත්තනං අර තුන්දාස් ගානෙං එකක් ඇරං ඇවිත් තියල දානව ඔලු කට්ට කුඩුවෙන්න ..කොහෙද ඉතිං. මූ මේව දැං නෙවැ කියන්නෙ. චැහ්

      Delete
    4. @ ඉවාන්, බලපංකො මුගේ චන්ඩිකම.. අපරාදෙ දැන්වත් කියුවේ..

      Delete
    5. මචං PM.. නහී වේරේන වේරානී.. එන්න අපි මෛත්‍රීය කරමු.. හැක් හැක්..

      Delete
    6. යකෝ මේක ආත්ම ගනනක වලියක්..
      තොපි දෙන්නවම කාමරයකට දාලා වහනවා කාගෙන කාගෙන නැටි දෙක විතරක් ඉතුරැ වෙන්න.

      Delete
    7. //කාගෙන කාගෙන නැටි දෙක විතරක් ඉතුරැ වෙන්න// පී ඊ..ඊ..ඊ.. ඒක දන්නෙ අදනේ.. හැක් හැක්..

      Delete
  5. දැන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම් කියනවා මේක ආරක්ෂක අමාත්‍යශයේ අවසරය ඇතිව කරපු දෙයක් කියලා. ඒ කියන්නේ දැන් ඉන්න එකා කතා කරන්නෙත් හිටපු උන්ට. ඒ වගේම ඌ රවි කරුණානායක චෝදනා එල්ල කළ බැංකු ගිණුමත් ගෝඨාභයගේ පෞද්ගලික එකක් නෙමෙයි කියලා වොයිස් කට් දෙනවා. කාටද බං මේ නඩු කියන්නේ.

    කන්ටේනට් විසි ගනනක ඇවි ගභඩාවක් තිබුනා කියන්නේ රටේ ආරක්ෂාවම තර්ජනයක් නේද? කොටින්ම මෙතන වෙනම හමුදාවක් තීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මං දෙරණේ ඔය නිව්ස් දෙක බලල කොමෙන්ට් එකක් දාන්නම හිතාගෙනයි මේ ලොග් උනේ. අම්මප මට ටීවී එකේ ස්ක්‍රීන් එකට දෙකක් අනින්න හිතුනා ඔය මුන්නත්තහඩුවත් එක්ක වොයිස් කට් යනකොට.. බොහෝම සරළ නීතියක් කි.මී. 12ක් ඇතුලත ප්‍රයිවෙට් ආමරි එකක් මේන්ටේන් කරන්න බෑ කියන එක.. ඇයි මුන් මේව කියන්නෙ නැත්තෙ ? ඇයි මුන් ගෝටා වැරදියි කියන්නේ නැත්තේ? එතකොට ඇයි මුන් ආමි හෙඩ්ක්වාටර්ස් විකුනපු සල්ලි ලංකා බැංකු ගිණුමක දාගෙන ඒකෙන් ටික ටික සල්ලි අරගෙන වෙන තැනක අලුත් හෙඩ් ක්වාටස් එකක් හදන එක රාජ්‍ය ආයතනයක් විදියට කරන්න බෑ කියන එක ප්‍රසිද්දියේ කියන්නේ නැත්තේ? එහෙම පුද්ගලික ඉඩමක් විකුනලා වෙන තැනක ගෙයක් හදාගන්නව වගේ රාජ්‍ය දෙපල හිතුමතෙ විකුනල උන්ට ඕනි ඕනි විදියට ඒ සල්ලි වියදම් කරන්න ඒව උන්ගෙ බූදල්ද? මේ ආන්ඩුවේ හාල් කැඳයෝ මේව වැරදියි කියන්නේ නැත්තෙ ඇයි?

      මාතේ මං හූන කියනව වගේ එකක් කියන්නම්.. සේනාධිපතිව ඔතනින් එලවල මේ ආන්ඩුවට කඩේ ගිය එකෙක් ඔය බිස්නස් එක ඔය විදියටම අදිනව ශුවර්. ගෝටා කියන්නේ යූඑන්පී ආන්ඩුවට එකතුවෙන KP කෙනෙක් වෙනවා අනිවාර්යෙන්ම.. අන්තිමට අපේ පුකවල් ඉරිල තියෙයි මේවා කියවල..

      Delete
    2. දැන් ඔය අය්යල දෙන්නටම මේ නීත්යානුකූලව වෙච්ච්වැඩේ නීතිවිරෝදි වැඩක් කියලා ක්‍රෙඩිබල් එකෙක් දම්මලා කියවගන්නද ඕන.
      අකුරෙගොඩ ප්‍රොජෙක්ට් එක ත්‍රී පෝසස් තුනම් වගකියන එක යුනිට් එකකින් පාලනයවෙන්නෙ. ගෝටා කිසිම බලපෑමක් ටෙන්ඩර් ක්‍රියාවලියට කරන්නෙ නෑ කියලයි සී ඊ සීබී එකෙ පාන්කඩයෙක් මට කිව්වෙ. හැබැයි සී ඊ සීබී බුවාලානම් ගානක් අරගෙන කම්පැනිවල රික්වයර්මන්ට් එකට ස්පෙක් හදනවා. බස් එකේ ඔතනට ගියපු සී ඊ සීබී පොරක් හයිබ්‍රිඩ් එකක් ගත්තා කෑශ්වලට මේ ලගදි. පඩි වැඩිවෙලා වෙන්න ඇති.

      Delete
    3. Anonymous20 January 2015 at 15:19
      ඇනෝ මල්ලි, පුංචි ගැටළුවක් තියෙනවා.. අමාත්‍යාංශ ලේකම් වරයෙකුට පුලුවන්ද රාජ්‍ය දේපලක් විකුණල ඒ සල්ලි කෝපරේට් අකවුන්ට් එකක දාගෙන ඕන ඕන වෙලාවට සල්ලි අරං වෙන තැනක ගොඩනැගිල්ලක් හදාගන්න? හරියට ඉඩං අයිති කාරයෙක් තමන්ගේ එක ඉඩමක් විකුනලා වෙන තැනකින් ඉඩමක් අරන් ගෙයක් හදාගන්නව වගේ. දන්නෙ නැති නිසා අහන්නේ? හරියට කරත් වැරදියට කරත් වැරැද්ද වැරැද්දමයි නේද? අනික මොකා කරත් හොරකමත් හොරකමමයි නේද? ඒකට client ද, consultant ද, contractor ද කියන එකත් අදාල නෑ මං හිතන්නේ. මොනා උනත් ඇවිත් අදහස් දැක්කුවට ස්තූතියි.

      Delete
    4. @Anonymous20 January 2015 at 15:19,

      රජයේ ඉඩම් කියන්නෙ රාජ්‍ය සම්පත්. ඒව විකුණන මුදල් මුලින්ම රජයේ ඒකාබද්ධ අරමුදලට හර කරන්න ඕන. ඉන් පස්සෙ ඒ සල්ලි අදාල ප්‍රොජෙක්ට් එකට කැබිනට් අනුමැතියක් අරගෙන, ඒ ඇස්තමේන්තුව අනුව අයින් කරගන්න පුළුවන්. එහෙම නැතුව ආන්ඩුවෙ ඉඩන් විකුනල එක එකාට එකවුන්ට් වල දාල වියදම් කරන්න බෑ. ඕව හොඳයි ඒ.ර් එෆ්.ආර් නොදන්න ගමේ බය්යන්ට කියන්න.

      //ගෝටා කිසිම බලපෑමක් ටෙන්ඩර් ක්‍රියාවලියට කරන්නෙ නෑ කියලයි සී ඊ සීබී එකෙ පාන්කඩයෙක් මට කිව්වෙ.//

      ඔය වගේ ලොකු ප්‍රොජෙක්ට්ස් වල ටෙන්ඩර් එක පාස් කරන්නෙ කැබිනට් ටෙන්ඩර් බෝඩ් එකෙන්, එතනට නීතිය අනුව ලේකම්ට හොට දාන්න බෑ තමයි. ඒක එහෙම නොවෙනවනං අන්න අමුතු දෙයක්, ඒත් මිනිහ හොට දාන් නැති එක අමුතු සිරා දෙයක් වෙන්නෙ නෑ.

      Delete
    5. මටත් තියෙන ලොකුම ප්‍රශ්ණේ ඕකයි ඉන්දික.. ඇයි මේ මාධ්‍ය සාකච්චා එකකදිවත් ඔය ප්‍රශ්ණයක් එකෙක්වත් අහන්නේ නැත්තේ? එක්කෝ මුන් දන්නේ නෑ නැත්නම් කියන තරම් ලොකු මාධ්‍ය නිදහසක් තවම ඇතිවෙලා නෑ.
      අර අතපෙවීම් ගැන කියනවනම් වෙහෙරක් ගිලල ඉන්න වෙලාවක අග්ගලා වලට හොට දාල චොර කර ගන්න තරම්ම මෝඩයෙක් නෙවෙයි මෑන් මං හිතන්නේ..

      Delete
    6. @කල්යාන මිත්‍ර මේ.... ලේසි පාසු නෑ. TOWER 10 එක ටවර් එකක ඒසී විතරක් මිලියන 2000ක්. ඉතිරි ටික ගැන කවර කතාද. මාත් අහලා ටියෙනවා කොල්ලා එතනින් හොරා කන්නෙ නෑ කියලා.
      ඒ සී වලට පොර චයිනා සෙට් එකක් ගෙනාවට සුමාල් පෙරේරා(ACCESS)ට ගියා කියල තමා කියන්නෙ.පොරට බය තිබිලා තියෙන්නෙ ඩ්‍රීම් පෙනටගන් එක හදාගන්න බැරිවෙයි කිය්ලා.
      හැබැයි මට පට්ට සුවර් එකක් ටියෙනවා.රුවන්ලා ඕවා හදන එක හමුදාවෙන් අරන් තමන්ගෙ ජොකියන්ට දෙනවා කියලා.

      Delete
    7. පරම්පරාවෙන් හම්බ වෙච්ච ගෝල්ෆේස් එකේ බූදල් විකුණපු සල්ලි වලින් මොනව හරි කරන්නත් එපැයි.

      රුවන් එහෙම කරපු දවසට ඒ ගැනත් ලියමු. කියවමු. කතාවෙමු. ස්තූතියි ඇවිත් අදහස් ප්‍රකාශ කරාට. ජය ශ්‍රී!

      Delete
  6. මටත් හිනා ගියා මුන්ගෙ හිසි අවදිවීම දැකලා. ඔය නැව දැන් අවුරුදු ගානක් ඔතන. අපේ හැම නැවකටම වෙපන්ස් දාන්නෙ ඕකෙන්.

    දැන්නම් කොල්ල කාරයො ගැන අහන්නත් නෑ. ඒත් තාම ගාඩ්ස්ලා වෙපන්ස් දානවා.

    කොළඹ වරායට එන නැවක වෙපන්ස් තියනවනම් නැව වරායෙ තියන කාලය පුරාවට වෙපන්ස් ටික ඇවන් ගාඩ් එකට දීලා තියන්න ඕනා. (උන්ම හදා ගත්තු නීති). ඒකට අයකරණ ගාන ඩොලර් 2500 ක්. කොහොමද ඇවන්ගාඩ් එකේ හම්බ කිරිලි. ගාඩ්ලට කුනු කොල්ලෙට ගෙවලා උන් ලක්ෂ ගනන් හොයනවා. සාමාන්‍යයෙන් ගාඩ්ලා දෙන්නෙක් එක වොයේජ් එකකට දාන්න ඩොලර් 25000කට වැඩි මිසක් අඩු නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මගේ ගනන් මිමි ඔක්කොම හරි.. ස්තූතියි සෙන්නා.. දැන් අපිට ඉස්සරහට වෙන්නේ සේනාධිපති වෙනුවට ඒ ජාතියෙ යූඑන්පී මැරයෙකුට මේක යනව බලන් ඉන්න විතරයි වගේ.

      Delete
    2. අලුත්ම වාර්තාවට අනුව ආමරි එක ඊයේ රෑ දොලහට සීල් කරලා.

      Delete
    3. ස්තූතියි. දැන් තමයි ඒ විස්තරේ කියෙව්වේ.

      Delete
  7. මෙවැනි දේවල් සිදුවනබව දන්නේ කීයෙන් කීදෙනාද ?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. දැන ගත්ත එකෙක්වත් කතා කරන්නෙත් නෑ.. දැන් වෙන දේවල් වල හැටියට කතා කරල වැඩකුත් නෑ වගේ.

      Delete
  8. බොහොම සවිස්තර වාර්තාවක්...බොට ස්තූතියි මේ තොරතුරු වලට...මේ තොරතුරු පොලිසිය දැනගෙන ඉන්න ඇති...නමුත් ඒ කාලෙ පොලිසියට පිට කොන්දක් තිබුනෙ නෑනෙ...අලුත් ආණ්ඩුව පත් උනාට පස්සෙ තමයි පොඩ්ඩක් කොන්ද කෙලින් කරගන්න ලැබුනෙ

    ReplyDelete
    Replies
    1. දැනටත් නෑ වගේ බන්.. පේන්නැද්ද ලේටස්ට් නිවුස් වල තත්ත්වේ.. විස්කි බෝතල්වල දාල ගේන්නෙත් පරන කසියා ම වගේ..

      Delete
  9. කල්‍යාණ මට උඹට ලොකු හග් එකක් දෙන්න ඕනෙ. මේ නිර්භීතකමට, මේ නිවැරදි කමට, මේ සවිස්තරාත්මක බවට. ඔය කතාව මම ලඟදි ලියන්න හිටියේ. නමුත් මට දැන් හිතෙනවා උඹ මටත් වඩා විස්තර දන්න බව. ඒ නිසා හරිම සතුටුයි. වැලිකල සහ සේනාධිපති දෙන්නම මම දන්නවා. 1988 - 89 කාලයේ මමත් සේනාධිපතිත් එකම කඳවුරක සේවය කළා. මුගේ පඩ ෂෝ සහ හමුදාවේ නම්බුව කාපු නිසා හමුදාවෙන් අයින්වෙන්න සිදුවුනා. මුගේ ඇවන්ට්ගාඩ් ඔෆිස් එකට (පිටකෝට්ටේ) මම දවසක් ගියා මම දන්න දුප්පත් කොල්ලෙකුට රස්සාවක් හදාගන්න. මූ එක හදලා දුන්නා. හැබැයි උගේ අර පරණ පඩ ෂෝ තවම තියනවා. සුද්දියෙක් තමා මුගේ තේ එක ගෙනත් දෙන්නේ. මූ ඒක කලේ මට පෙනෙන්න බව හොඳටම තේරුණා. හමුදාවෙන් ඔය නැව් වල ආරක්ෂාවට යන්නේ ගජබා රෙජිමේන්තුවෙන් ගත්ත අය. උන් හුඟක් දෙනෙකුගේ නම් මම දන්නවා. උන්ව අඳුනනවා. නමුත් මෙතනට අදාළ නැහැනේ. රක්නා ලංකා එක පවත්වාගෙන ගියේ ජෙනරල් වෙලේ - එගොඩ එක්කෙනා. එයා යුද්දේ බැරි, පොනීගෙන් අම්බානක බැනුම් අහපු එක්කෙනෙක්. යුද්ද කාලේ හරිම බයයි පෙරමුණට එන්න. මේ ඔක්කොගෙන්ම කෝටි ගානක ආදායමක් උපයාගත්තේ ශ්‍රී ලංකා/ඇමරිකානු/සී ෂෙල්ස්/බෘනායි/මැඩගස්කර්/මොනාකෝ/ පුරවැසි බයගෝතා.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාට ස්තූතියි.. මගේ (අ) වාසනාවකට 2009 අන්තිම හා 2010 මුල ජනාධිපතිවරන කටේ ඔය උත්තමයෝ දෙන්නත් එක්කම ලඟින් වැඩ කරන්න උනා.. ඉතින් ඉන්සයිඩ් ස්ටෝරි ගොඩාක් දන්නවා.. ඒත් කිව්ව එකෙන් අවැඩක් මිසක් වැඩක් වෙන්නේ නැති පාටයි අද නිවුස් වල හා වට පිටාවෙ සෝදිසි කරල බැලුවම. මාතෙගෙ කොමෙන්ට් එකට මං දාපු රිප්ලයි එක ටිකක් බලන්නකො. බලමු අපේ හිතේ අමාරුව හරි යන්නේ නැතැයි.

      Delete
    2. http://avantmaritime.com/weapons

      ඔය තියෙන්නේ ඇවන්ට් ගාඩ් සයිට් එක. ඒකෙ කියනේ අවි ආයුධ අයිති ආන්දුවටලු. එහෙනම් මොන ...................ද සේනාධිපතිගේ කොම්පැනිය ආණ්ඩුවේ රෙද්ද ඇසෙ රිංගවා ගන්නේ.

      Delete
    3. හතරරියන් හා දෙරියන් කතාව මතක් උනා.. හතර රියන් ආන්ඩුවෙන් කවනවා, පොවනවා, නාවනවා දක්කගෙන ගිහින් බඳිනවා, කාට හරි ගොනා ඇන්නොත් වගකීම ගන්නවා, කොහෙට හරි පැනලා ආල පාලු කලොත් ඉස්සෙල්ල ගියෙ ඉස්සරහ කකුල් දෙක කියල වන්දියත් ගෙවනවා.. කිසි කරදරයක් නැතුව දෙරියන් පිටිපස්සෙන් කිරි ටිකයි, ගොම පොහොර ටිකයි ඔක්කොම අරන් අන්තිමට පැටියත් ගන්නවා.. හැක් හැක්..

      Delete
    4. Dear Mr. Wicharaka,

      The lady who provide you the tea might be the Personal Assistant to Senadhipathi. She is not a "Suddiyek" but a Filipino girl named "Kristine Joy Cruz". However she looks like a white girl due to mixed origin. Anyway thanks for sharing this information for both Mr. Kalyana Mithra & Mr. Wicharaka.

      Delete
    5. Wicharakage gal keis thaama natharawela naene. oya pansin yanakotath captain kenek nEdha. E kiww Q commission. oyawa aethulata ran senadhipathi waeda pennannna oya loku porakdha

      Delete
    6. @ Anonymous20 January 2015 at 16:54

      Thank you for coming, for adding your valuable comments and also for those unknown information Mr. Anonymous :)

      Delete
    7. @ Anonymous20 January 2015 at 17:19

      You too, Thanks for coming, for adding your comments and also for that 'very important unknown information' of 'wicharakage gal cases' :P

      Delete
    8. මගේ ඉලක්කය එදා වගේම අදත් සාර්ථකයි. අනේ ඇනොලා, රිදිච්ච තැන්වල සිද්ධාලේප ගාලා අර කලවං සුද්දිට කියලා අතුල්ලා ගනිල්ලා.

      Delete
    9. විචාරක තුමා, රිදෙන්න ඕනි තැන් වලට හොඳට රිදිල තියෙනවා වගේ නේද? හෙහ් හෙහ්..

      Delete
    10. අඩෝ නාකි හමා.. අන්කලයා... කිවු කමිසන් නාකියා.. පඩ ටෝක් එපා.. හරිද...තොපි මෙස්වල බල්ලො වගේ ඉදලා මෙතන සිංහයො වෙනව නේද...

      Delete
    11. //තොපි මෙස්වල බල්ලො වගේ ඉදලා// මං හිතන්නේ බණ්ඩාරනායක මහත්තය වගේ. බල්ලෝ ඉන්න තැන බල්ලෙක් වගේ ඉඳලා සිංහයෝ ඉන්න තැන ඊට ගැලපෙන්න ඉන්නවා වෙන්න ඇති. හැක් හැක්

      Delete
  10. අෆ්ෆා මේ ඩිස්නිලන්තෙ ඇතුලෙ තව මොන මොන හදි වෙනවද කියල කව්ද දන්නෙ.. :/

    ReplyDelete
    Replies
    1. අපිත් ලැම්බෝගිනියක් පැදන් හිටියනම් මේ ප්‍රශ්ණ මොකුත් නෑ නෙද සුසී.. කාට කියන්නද අනේ මේවා..

      Delete
  11. Kalyanamithrata, bohoma sthith,i me watina helidarawwata,Den yana hetiyata mewa wibaga karaida? anika Avent gardlage web eka (wicharakathumata,anuwa) Auda anduwenam,Awant gardlata,Senadipathilata Adayam denne/unganne mona----tada(Ranjan)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්ජන්, ඔය වෙබ් එකේ විස්තරේ බලල තමයි මට හතරරියන් හා දෙරියන් කතාව මතක් උනේ.. කාට කියන්නද මේවා?

      Delete
  12. Replies
    1. ස්තූතියි අජිත් අයියා.

      Delete
    2. අජිත්, බැරිද මේ ලිපිය නිව්ස් වෙබ් මුල පිටුවෙ දාන්න?

      Delete
    3. හොඳ අදහස ඉන්දික . ඒ වගේම විරුද්ධ අදහසක් තිබෙනවානම් ඒකටත් ඉඩ දෙනවා. කල්‍යාණ විරුද්ධ නැහැනේ.

      Delete
    4. කිසිම විරුද්ධත්වයක් නෑ අජිත් අයියා.. හැබැයි මගෙන් ෆයිල් නම් ඉල්ලන්න එපා සාක්කි වලට.. හැක් හැක්.. ඔය මං දන්න ඇත්ත කතාව මිසක් ඒවෙනුවෙන් කියල සාක්ශි එකතු කරල නෑ.. තව එකක් හදිසියෙන් ලියපු නිසා වැරදි අඩුපාඩු තියෙනවනම් ඒවා හදල අනවශ්‍ය තැනක් තියෙනවනම් අයින් කරල දැම්මත් හොඳයි කියල හිතෙනව.. විරුද්ධ මත වලටත් අනිවාර්යෙන්ම ඉඩ දෙන්න

      Delete
  13. අවංකවම සෝමාලියානු කැරළිකරුවන්ට විරුද්දව මෙච්චර දෙයක් කරලා තියෙනවා කියලා මම දැන ගත්තේ දැන්.. කලින් එහෙම දෙයක් ගැන ලිපියක් කියවලා නැහැයි කියලයි මට නම් මතක..

    ReplyDelete
    Replies
    1. තව හුඟක් දේවල් කරන්න තිබුණා.. ඒ වගේම ඒ හරහා ආපිට නාවික හමුදාවට ලොකු කීර්තියක් හා ලාබයක් ලබන්න තිබුණා. ඒ ඔක්කොම තමයි මුන් අර ගත්තේ.

      Delete
    2. kalana mithu IMO kiyawala tiyanawanam maettek wagE kathaa karanna epaa. Navy ekata oya babaa hukun karanna bae.
      Navy ekE catering assistantdha hitiye. melo dheyak dhannaene

      Delete
    3. @ Anonymous23 January 2015 at 16:58
      //kalana mithu IMO kiyawala tiyanawanam// O.o Kiyawanna IMO kiyanne pothak neweyi neda mithraya? man hithanne oya kiyannea UNCLOS wenna athi :P

      //Navy ekE catering assistantdha hitiye// ne ane mess assistant :) loku lokko bila kiyawana ewa ahagena thamayi oya tika liyuwea. :P

      Delete
    4. දැන දැනනෙ ගොනා බොරු කියල තියෙන්නෙ ඒක තමා මම කිව්වෙ UNCLOS තමා. මමනම් කොමෙක් ඔයා මම හිතන්නෙ ඉන්දියන් නේවි ටොපස් කෙනෙක්.

      Delete
  14. විස්තරයට ස්තුතියි. මේ ගැණ යම් යම් විස්තර විටින් විට විවිධ තැන්වල පලවුණා.

    නමුත් මේ ගැන කිසිම දෙයක් නොදන්නා අය මේ වනතුරු අන්තර්ජාලය පරිහරනය කරන්නන් අතරම සිටියා ය කියන එකෙන් පේන්නේ පසුගිය රජයේ වාරණයන් බොහෝදුරට සාර්ථව වී ඇති බවයි.

    මේ අතර ලංකාවේ බොහෝ දෙනා දැන් රූපවාහිනී/අයිටීඑන් හරහා මහින්දලා ගේ හැගිලි ගැන මුල්වරට ඉගෙන ගනිමින් ඉන්ණවා. විපක්‍ෂ වේදිකාවල, විකල්ප චැනල්වල කියපු දේවල් ඒ අයට පෙනිලා/ඇහිලා නෑ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික.

      //එකෙන් පේන්නේ පසුගිය රජයේ වාරණයන් බොහෝදුරට සාර්ථව වී ඇති බවයි// ඒක හරි. ඒ නිසාම තමයි බොහේ වැරදි දේවල් සාමන්‍ය ලෙසත් සාමාන්‍ය දේවල් අති විශිෂ්ඨ ලෙසත් දකින්න අපේ මිනිස්සු පෙළඹුනෙත්..

      ජනතාව අවදියෙන් සිටිය යුතු වෙනවා දෙපැත්ත ගැනම.. නැතුව ලොකු බලාපොරොත්තුවක් තියා ගන්න බෑ..

      Delete
  15. එලකිරි. රක්නා කස්ටිය කවුද කියල නං දැනං හිටිය. අපේ ඔපීසියටත් දාල හිටිය. ම‍ාසෙකය අසූ පහක් විතර ගෙව්ව එයාලට. මුරකාරයට ගෙවන්නෙ රුපියල් විසිදාහකට අඩුවෙන්.

    මේ හැම දෙයක්ම අවුල් වෙන්න හේතුව ජනතාව විසින් දුන් බලය අත්තනෝමතික ලෙස යොදාගැනීම. මොනවා කලත් කතිරය ගහන හරකුන්ට හොඳ පාඩම්.

    ReplyDelete
    Replies
    1. උන් ලංකාව රැක්ක මගුලක් නෑ මුලු ලංකාවම එකතු වෙලා උන්ව රැක්ක එක තමයි උනේ.

      චන්දෙ දෙනකොට මින් ඉදිරියටවත් මිනිස්සු ටිකක් ඔලුව කල්පනා කරනවනම්..

      Delete
  16. කොල්ලන් මයියාට කතිරෙ ගැසීමටත් ලොක්කා නෙරපා හැරීමටත් මේ තුල උත්තරයක් ඇත පෙනෙන්නෝ ට පෙනෙත්වා...
    අනික්වා බහුතරයක් කාරණා අප දැන සිටි ඒවා බැවින් ඒවා ගැන කතා කොට තේරුමක් නැත... ලංකාවට ලංකාවේ තිබෙන නාවික සම්බන්ධතා වලට වින කැටුවේ රක්නා ලංකා බව මගේ පුද්ගලික අදහසයි......
    අනිකා ගෝඨාගේ ව්‍යාපාරික මනසයි... කෝමත් දැං දැං ජාත්‍යන්තරයේ ලංකාව ගැන ඇතිවෙමින් පවතින්නේ රුවිත අදහසකි...
    නේවි එකට දීප්‍ර නැව් ආරක්ෂාව නේවි එකේම තිබ්බ නං අද වෙද්දි කොයි තරං පිළිගැනීමක් තියෙන්න තිබ්බද... ඊටත් මේ සමහරක් කාරණා වෙනස් වෙන්න තිබ්බ සෑහෙන්න...

    ReplyDelete
    Replies
    1. //කෝමත් දැං දැං ජාත්‍යන්තරයේ ලංකාව ගැන ඇතිවෙමින් පවතින්නේ රුවිත අදහසකි...// මං ඇත්තටම හිතුවා අලුත් වෙනසකදි හරි ඕක පොඩ්ඩක් කෙලින් වෙයි කියලා.. ඒත් කිසිම සුභවාදී පිවිසුමක් තවම නෑ..

      බලාපොරොත්තු වුනු පරිදි ඔය රාජකාරිය නාවික හමුදාව අතින් උනානම්.. ඒ ගැන කතා කරලා වැඩක් නෑ මයියා..

      Delete
  17. හොද විස්තරයක්.. මේ යක්කු හීනෙන් අවදි වෙලා නෙව දැං ඉන්නේ ඒකයි අවුල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශා. යක්කු නිදාගෙනම හිටියනම් හොඳයි කියල හිතෙනව එකාතකින්.

      Delete
  18. මට මතකයි මේ තරම්ම නිරවුල් විස්තරයක් නොවුණත් ලංකා ඊ නිව්ස් එකෙත් කලකට කලින් මේ වගේ පාවෙන අවි ගබඩා ගැන වර්තාවක් පළ වුණා කියලා.

    ඔන්න ආඩම්බරකාර අප්පොචාගෙයි,සහෝදරයන්ගෙයි වැඩ.ගෝඨා කියන්නේ තමිල් සෙල්වම් වගේ හිනා වෙන නාගයෙක් කියලා දැනන් හිටියා දැන් බලන් ගියාම ලෝක හොරෙකුත් එක්කනේ

    ReplyDelete
    Replies
    1. //ගෝඨා කියන්නේ තමිල් සෙල්වම් වගේ හිනා වෙන නාගයෙක් කියලා දැනන් හිටියා// :P

      ගෝඨා = තමිල් සෙල්වම් + KP වගේ.. හැක් හැක්

      Delete
    2. thopita hena gahanawaa

      Delete
    3. Anonymous23 January 2015 at 17:00

      awith giyata sthuthiyi mithraya :)

      Delete
  19. //ඊයේ එක්වරම ගොස් පරීක්ශා කිරීමෙන් අනතුරුව මෙතෙක් ඒ ගැන හාංකවිසියක් නොදැන උන්නාසේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා හා මාධ්‍ය ආයතන වාර්ථා කරනු දුටු මා ඇත්තටම වික්ශිප්ත වීමි. මක්නිසාද යත්..............//

    ඔව්ව මොනවද සහෝදරය අර ආර්ථික මධ්‍යස්ථානෙ තිබුන ප්ලේන් එක පොලිසියෙන්ම ඒක ඇතුළට දාල උන්ම ආයෙත් එළියට අරගෙන “අනාවරණය කරගත්තා“ කියල ස්ටේට්මන්ට් දෙන්නෙ.

    -ශනි

    ReplyDelete
    Replies
    1. පොලීසිය මේ පාර හොඳම කෙටි නාට්‍ය තරඟෙට ඉල්ලනවලු.. මේ දවස් වල අලුත් අලුත් නිර්මාණ අත් හදා බලනවා..

      Delete
  20. එල ද බ්‍රා..මේ සියලු විස්තර අද තමයි දැනගත්තෙ

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක T 56.. තැන්කූ මෙන්ඩා :)

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල්
      ඊට පසසේ පත්තරේ අතට දෙමු උඔ කියපු බ්‍රෑනඩ් එකෙන් එකක්.

      Delete
    3. අර කියපු විදියට එතකොට ඉවානය පව් නැද්ද?

      Delete
  21. මේ වගේ දෙයක් දැනගත්තෙත් අදමයි... !

    ReplyDelete
  22. මේ වගේ දෙයක් දැනගත්තෙත් අදමයි... !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග.. වැරදි දෙයක් කිව්වනම් සමා වෙන්න ඕනි.. හැක් හැක්..

      Delete
  23. උඹේ කශේරුකාවට ජය වේවා......

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!.. බයේ ඉන්නේ සුදු වෑන් කාරයෙක් ඇවිත් කශේරුකාව කඩල යයිද දන්නෙ නෑ කියලා..

      Delete
  24. //ආරක්ශක සේවා ගැන යම් දැනුමක් සිටින අයෙකු වේනම් ඔහු අනිවාර්යෙන්ම දන්නා කරුණක් වනුයේ ලංකාවේ පෞද්ගලික ආරක්ශක සේවයේ පුරෝගාමියා හිටපු කමාන්ඩෝ මේජර් විජිත වැලිකළ බවයි. ඔහු වොච්ගාඩ් සමාගමේ අයිති කරු වූ අතර ඊට ආසන්නයෙන්ම ඊට තරගයක් දෙමින් සිටි අනෙක් සමාගම ඇවන්ට්ගාඩ් නම් විය. //

    මචෝ මම දන්න ඉතිහාසෙ අනුවනම්, "මොනාරෝ" සහ "කේ ජේ" තමයි ලංකාවෙ පුද්ගලික ආරක්ෂ සේවා පුරෝගාමියො.

    කොහොම උනත්, උඹ කිව්ව මේ කරුණු සමාජෙ අතරට යන්න ඕනෙ. මොකද ෆෙසි බුක් ජාටික වීරයො මේ සීන් එක තව්ත් මිලේනියම් සිටි කතාවක් කරල ඉවරයි ( අනික ඔය මිලේනියම් සිටි එකට රනියට බනින අය්යල, එදා චන්ද්‍රිකාගෙ කාලෙ කැලෑ සටනකින්ම ගේම අනික් පැත්ත ගහගෙන එත්දි ඒව කැඩුවෙ මහින්දගෙ ගේමකින් එහා පැත්තට පැනපු ඇස්බී සෙට් එක කියල මුන් දන්නෙ නැති හැටි ).

    මේක ඇත්තටම අර කිව්ව වගේ හතර රියන් දෙරියන් සීන් එකක්. මමත් ඔය ගැන යමක් දැනගත්තෙ අර කැලෙ මැද කාඩ්බෝඩ් බිල්ඩින් මුරකරන් උන් බලාගන්න මගේ මිත්‍රයගෙන්. ඒත් ඌවත් මේ තරන් ක්ලියර් මේ ගැන කිව්වෙ නෑ. ඒ අතින් උඹෙ ලිපිය මාර ග්‍රේට්!

    ReplyDelete
    Replies
    1. ඉන්දික ස්තූතියි නිවැරදි කරාට. ඔබ හරි කේ ජේ හා මොනාරෝ තමයි ලංකාවේ පෞ.ආ.සේවාවන් වල පුරෝගාමියෝ. මට කිවයුතුව තිබුනේ ඒ වනවිට බලය පතුරුවාගෙන සිටියේ වැලිකල හා සේනාධිපති බවයි. එය නිවැරදි කලා. කේ ජේ ල හා මොනාරෝ ල සාම්ප්‍රධායික විදියට තමන්ගේ සේවය දිගටම කරගෙන ගියත් මේ ගොල්ලන් නොයෙක් නොයෙක් වෙළඳ උපක්‍රම හරහා එම වෙළඳ පොල ආක්‍රමණය කරා. SLASSPA එකත් එහි එක ප්‍රතිඵලයක්.

      මිලේනියම් සිටි ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න වෙනවා.. මං බලාගෙන ඊයෙ රජ වාසල රිලවගේ දෙවෙනියා (මේ ටිකෙ රිලවා වැඩිය කළ එළි බහින්නේ නෑ) මාධ්‍යයට ඕක කියනවා.. අම්මප අනින්න හිතුනා හොම්බ රිවට් වෙන්න. මුන් තාමත් හදන්නේ යුද්දෙ ගැන කිය කිය ජාතිවාදෙ අවුස්සල රට කන්න. නොදකින්.

      // අර කැලෙ මැද කාඩ්බෝඩ් බිල්ඩින්// හැක්.. කලා ගම්මානේ. කවුද නේවි බුවෙක්ද යාලුවා?

      Delete
  25. කළ්‍යාණ, මේක ලිව්වට ඔබට මගේ ආචාරය...!!

    මේවා නොදන්නා, මේවා ගැන විමසිලිමත් නොවෙන, 'අප්පච්චිගේ' දරුවන් එකෙක් දෙන්නෙක් ගෙ හෝ ඇස් අරවන්නට උත්සාහ කරමු..

    -Chandana-

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන..

      අළුත්ම ට්‍රෙන්ඩ් එක..// 'අප්පච්චිගේ' දරුවන් // හැක් හැක්.. ලමයි වැරදි කරනකොට දැන් බනින්න වෙන්නේ 'අප්පච්චිට' තමයි. ජය ශ්‍රී!

      Delete
  26. හම්මේ බලාගෙන ගියාම ඉඳල තියෙන්නේ ලොවෙත් නැති ලෝක හොරුනෙ .මෙච්චර කාලයක් හැංගිලා තියපු හොර වැඩ මැර වැඩ හැම වැඩක්ම එලියට එන්නේ දන්නෙ බලන් ගියාම මුළු ලංකාවේම මිනිස්සුන්ව අන්දලානේ :/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසි.
      බලන්න මේ වගේ තව කී දාහක් කතන්දර ඇද්ද? මුන්ට හෙන ගහන්න ඕනි මේ ජාතික අපරාධ වලට.
      අපි අපි හරි දැනුවත් වෙමු. ජය ශ්‍රී!

      Delete
  27. Replies
    1. ස්තුතියි ... ඔබටත් එසේම වේවා.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. Anonymous21 January 2015 at 00:09
      Thanks for coming.

      Delete
    3. මෙන්ඩා //ස්තුතියි ... ඔබටත් එසේම වේවා. // හැක් හැක්.. ;)

      Delete
  28. මේ ලිපිය තුන් ආකාරයකින් සුපිරියි. ලිවීමේ හැකියාව , කරුණු කාරනා පිලිබඳ දැනුවත් බව හා නිර්භීත බව . ජය ශ්‍රී !!!

    ReplyDelete
    Replies
    1. දැන් එහෙනම් එය සිව් ආකාරයකින්.. සන්තෝශයෙනුත්.. ස්තූතියි!

      Delete
  29. මේ මිනිස්සු කරපු දේවල් ගැන අහලා තිබුනට ඇත්තටම මේ තරම් දේවල් දැනන් හිටියෙ නෑ... තව පාරක් මේ මර වලේ නොවැටී බේරුනේ අනු නවයෙන් කියලා හිතෙනකොටත් බය හිතෙනවා.
    ඔය රක්නා ලන්කා අපේ කැම්පස් වලටත් බලෙන් එව්වා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.. දශමයෙන් තමයි ගොඩ උනේ.. හැබැයි අනතුර තව ඉවර නෑ.. අලුත් බෝතලේ පරණ වයින්ම උනොත් අපේ උත්සාහය වතුරේ. ඒ වගේම එහෙම උනොත් මේ දේවල් කියල අපි ගන්නෙත් ලොකු අවධානමක්.. ආපහු හැරෙන්න බෑ. එකම විසඳුම මේ පාරේ දිගටම යන එක. ස්තූතියි.

      Delete
  30. වැදගත් විස්තරයක්. ගොඩක් වටිනව. ඔබේ නිර්භීතකම අගය කල යුතුයි.ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මානා මිත්‍රයා, යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියල ඔන්නොහේ ලියල දැම්ම දන්න දේවල්.. ජය ශ්‍රී!

      Delete
  31. මචෝ මෙන්න මේකත් බලහන්. මම එතන උඹෙ පෝස්ට් එකෙන් කොපි කරපු ටිකක් දාල, මෙකෙ ලින්ක් එක එක්ක කමෙන්ට් එකක් දැම්ම ඒත් උන් පබ්ලිෂ් කරේ නෑ. උඹට ඉඩක් තියෙන වෙලාවක මේකෙ බොරු ගැන ලියහන්.

    ReplyDelete
    Replies
    1. //මහ දවලේ සෝමාලියානු චන්ඩින් එකා දෙන්නා අතුරු දන් වෙන්න පටන් ගත්තා හිටි ගමන්ම//
      //හිටපු ආරක්ෂක ලේකම් තුමා විශ්‍රාම යද්දී "ආරක්ෂක ලේකම්" නැමැති ශ්‍රී ලංකා රජයට අයත් ගිණුමේ රුපියල් බිලියන 8 ක මුදලක් තිබුණේ නිකම් නෙමෙයි// දිව බොරු කියන්නේ නෑලු. :P

      වෙලාවනම් අපරාදේ යයිදත් හිතෙනව. ඒත් උත්තරනම් දෙන්න ඕනි. එතකොට මං සිංහල බෞද්ධයෙක් නෙවෙයිද මංදා..

      Delete
  32. ගාල්ලේ අවි නැව නීත්‍යනුකූල බව සනාථ කරයි
    ආරක්‍ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    ගාල්ලේ නැංගුරම්ලා තිබූ මහනුවර නමැති නැවේ තිබී සොයාගත් අවි 3000 ක්‌ සහ උණ්‌ඩ හත්ලක්‍ෂයක තොගය විදේශ සමාගම් කීපයකට අයත් බවත් ඒවා ගබඩා කර තිබුණේ නීත්‍යනුකූලව බවත් ආරක්‍ෂක අමාත්‍යාංශය සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත.

    මෙම අවි නැවේ භාරකාරයන් වූ ඇවන්ට්‌ගාඩ් මැරිටයිම් සමාගමේ ප්‍රධානි මේජර් නිශ්ශංක සේනාධිපති සහ උපදේශක, හිටපු නාවුක හමුදාපති සෝමතිලක දිසානායක යන මහත්වරුන් ඊයේ ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්‌නායක මහතා හමුවී කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු එම නැව නීත්‍යනුකූල අවි නැවක්‌ යයි සනාථ වී ඇත.

    ඒ අනුව එකී නැව නීත්‍යනුකූල අවි නැවක්‌ යයි ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්‌නායක මහතා ප්‍රකාශ කර ඇත.

    මෙම නැව ඉන්දීය නාවුක හමුදාවේ අයි. ජෝගීගේද ප්‍රසාදයට ලක්‌වී තිබේ.

    ගාලු වරායට සැතපුම් හතක්‌ ඈතින් පිහිටි ජාත්‍යන්තර මුහුදු මාර්ගය මුහුදු කොල්ලකරුවන්ගෙන් රැක ගැනීමට මෙම මහනුවර නැව යොදවා තිබූ බවද එක්‌සත් ජාතීන්ගේ නාවික සංවිධානයද ඒ ගැන දන්නා බව වැඩිදුර පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

    නැවේ තිබූ අවි හා උණ්‌ඩ සියල්ල ආරක්‍ෂක අමාත්‍යාංශ ලිපිගොනුවල සඳහන් වෙනවා යයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසීය.

    ReplyDelete
    Replies
    1. ඊයෙ රාත්‍රී සිරස පුවත් වල කතා කරපු බස්නායක මහත්තය කිව්වෙ මේ ගැන තමන් විමර්ශනයක් කරගෙන යන බවත්, නිසි කැබිනට් හා අදාල අනුමැති ලැබී ඇති ආකාරය තවම සොයන බවත්. එතකොට කීර්තිට මේක කියල තීන්නෙ ඊයෙ රාත්තිරියෙද, මහ පාන්දරද?

      Delete
    2. අපි යුද්ධ කරපු කාලේ කීර්ති වර්ණකුලසූරිය නම් ලේඛකයා කෙරෙහි යම් ගරුත්වයක් ඇතිකරගෙන තිබුණේ ඔහු දෙමළ ඩයස්පෝරාවට ආවඩන හා හමුදාවන්ට අකුල් හෙලන උන්ව නිර්භයව විවේචනය කරන්නේයැයි සිතා සිටි හෙයිනි. නමුත් එකල ඔහුව විවේචනය කලවුන්ගේ ප්‍රධාන ප්‍රහාරය වූයේ ඔහු කරුණු හරිහැටි සොයා නොබලා කොහෙන් හෝ ලැබෙන ඉඟියකින් 'ගැලරියට' ලියන බවයි. පසු කාලයකදී එය ඇත්තක් බව සනාත කරගත් හෙයින් ඔහු ගැන තිබූ විස්වාශය හීන වී ගිය නමුත් ඔහුනම් ඒ හරහා යුධප්‍රේමී රාජපක්ශ ආණ්ඩුවෙන් සෑහෙන වරප්‍රසාද ගත්තේය. පුදුමයට කරුණ නම් ඔහු වැන්නෙක් ඉක්මණින් 'වෙනස්' නොවී තවමත් මෙයාකාරයට සිය ස්වාමියාට කඩේ යාමයි. ලියවිල්ලනම් සත පහකට වැඩක් නැති නිසා ඒ ගැන කියා වැඩක් නැත.

      Delete
    3. කීර්ති වර්ණකුලසූරිය ගේ ලිවීම් අතිශෝක්තියක් ඇතත් වල යම් ගත යුත්තක් තියෙනවා. ඔහු කඩේ යන්නේ ඒකීය ලංකාවක් වෙනුවෙනි. මහින්ද බලයට එන්න කලින් ඉඳන් ඔහු ලියනවා හෙටත් ලියාවි නමුත් ඔහු ලියන සියලු දේ රට වෙනුවෙනි.

      Delete
    4. මකසි,

      ඔබ මම අපි හමෝම ඒකීය රටක් වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. කීර්ති එක විදියකිනුත් ඔබ තව විදියකිනුත් මම වෙනස් විදියකිනුත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. එය අගේ කල යුතුයි. හැබැයි මේ දේ සම්භන්දයෙන් හා මගේ විශය පතයට අදාල බොහෝ කරුණු අතිශයෝක්තියකින් පමණක් නොව නිසි හොයා බැලිල්ලකින් තොරව වගකීමෙන් තොරව ජනප්‍රිය ආරකින් ලිවීම තමයි ඔහු ගැන මගේ තියෙන විවේචනය. මේ ඉහතින් ඔහු ලියල තියෙන දේ ඊට ආසන්නම උදාහරණය.

      ජය ශ්‍රී!

      Delete
  33. http://www.sinhalabuddhist.com/2015/01/blog-post_57.html

    ReplyDelete
    Replies
    1. හිතවත් සංදීප අබේරත්න සහෝ, ඔබ ඔබගේ රස්සාව වෙනුවෙන් පෙනීසිටීම ගටළුවක් කර නොගන්නා ගමන්ම මෙසේ පැමිණ සටහනක් එක් කිරීම ගැන ස්තූතිවන්ත වෙමි. සියළු දෙනාගේ අදහස්වලට ගරු කරන නිසා ඔබේ අදහස නිදහසේ මෙහි ප්‍රකාශ කිරීමේ බාධාවක් නැත. ඔබ ඔය දක්වා ඇති ලින්ක් එක ගැන හා එහි අන්තර්ගතය ගැන මා හා ඉන්දික මීට උඩින් කතා කර ඇති බව කියනු කැමැත්තෙමි. ඔය ලිපියට අප විසින් එක්කල කිසිම විරුද්ධ මතයක් ඔවුන් පළ නොකලේ ඔවුන් 'පඩි ලබන ලේකඛයින්' මිස අපි මෙන් කැක්කුමට ලියන උන් නොවෙන නිසා අප නගන තර්කයකට පිළිතුරු දීමට ඔවුන්ට හැකියාවක් නොමැති බැවිනි. නමින් පමණක් නොව මේ ලියන මා ක්‍රියාවෙන්ද සිංහල බෞද්ධයෙක් බව පමණක් මතක් කර දෙන අතර අනිත් කාරණා උගත් ඔබ වටහාගනු ඇතැයි සිතමි. ජය ශ්‍රී!

      Delete
  34. රක්නා ලංකා එක පෞද්ගලික ආයතනයක් නෙමෙයි නේද? මේ ලිපියෙ ලියලා තියෙන විදියට පෞද්ගලික ආයතනයක් කියලා හැඟීමක් එනවා නේද?

    ReplyDelete
    Replies
    1. රක්නා ලංකා එක පුද්ගලික එහෙම නැත්නම් 'එක්කෙනෙකුගෙ' පුද්ගලික උවමනාවකට කරපු කොම්පැණියක්. කවුද කියන්නේ ඒක රජයේ එකක් කියලා. නාවික හමුදාවට ප්‍රයිවෙට් බිස්නස් කරන්න බෑ කියල තර්ක කරන සුද්ද සිංහල බෞද්ධයාම නේද? එහෙනම් ආරක්ශක අමාත්‍යාංශෙට පුළුවන්ද ප්‍රයිවෙට් කොම්පැනිවල සිකුරිටි කරන්න? මේක ජෙනරල් එගොඩවෙල ලවා 'මහ එක්කෙනා' කරපු ව්‍යාපාරයක්. ඒකෙ ලාබ ඔක්කොම ඒ ගොල්ලෝ ගත්තෙ. කෝ එතකොට ඒකෙ වැඩ කරපු උන්ට පැන්ශන් ගෙවනවද? නැත්නම් ග්‍රැටිවිටි? රජයේ වෙනත් ආයතනවල තියෙන රෙගුලාසි මේකට අදාලද? නිකං කටට ආවට කියන ඒවා විශ්වාස කරන්න එපා. මේක අඩුම තරමින් සමාගමක් විදියටවත් ලියාපදින්චි කරලද දන්නේ නෑ. මේ ගොල්ලන්ට තිබ්බේ අන්න ඒ වගේ අසීමිත බලයක්. හොරුන්ගේ අම්මලාගෙන් පේන අහලා වැරදි අවබෝද ගන්න එපා. ස්තූතියි අවිත් අදහස් පල කලාට.

      Delete
    2. http://sinhala.asianmirror.lk/local-news/item/9250-2015-01-21-09-54-35
      රජයේ නෙමෙයි නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යන්ශයට අයත් යැයි ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ ඇයි?

      Delete
  35. ඉතාම පක්ෂ ග්‍රාහී ලියවිල්ලක් බව පේනවා. නමුත් ගත් යුතු බොහෝ දේ ඇත.
    1-රටක නාවික හෝ වෙනත් හමුදාවකට වෙනත් රටකට අයත් නැවු වලට ගොඩවී මුදලට ආරක්ෂක සේවා සැපයීම හැකියාවක් නැහැ නේ එක ගැටළු වලට හේතුවක් නිසා පුද්ගලික ආයතනයක් ඇතිකර එමගින් සේවා සපයා මුදල් සෙවීම වැරදිද?
    2-රාජ්‍ය ආයතන මගින් පුද්ගලික ආයතන ඇරබීම වැරදිද? එවැනි ආයතන ලෝකයේ හෝ ලංකාවේ නැද්ද? එවැනි ආයතන ඇත්නම් රජෙයේ සේවකයන්ට දෙන පැන්ෂන් දිය යුතුද?
    3- එක අයෙකුගේ සේවය වෙනුවෙන් මසකට රුපියල් 1300000 අරගෙන ඉන් එක ආරක්ෂකයෙකුට රුපියල් 150000 ගෙවීම වැරදිද? යම් ආයතනයක සේවයක් සපයීමෙදේ පරිපාලන සහ වෙනත් වියදම් පවතී එක ආරක්ෂකයෙක් වෙනුවෙන් ගන්නා මුදලින් පරිපාලන වියදම් සහ ලාභය සහ එම සේවකයන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර මුදල් ගෙවීමද සිදුකල යුතුය ඔබ බලා පොරොත්තු වන්නේ එක අයෙකුට රුපියල් 1300000 ගෙවීම වැරදි ලෙසද?
    4-රජය මෙයට උදවු නොකළහොත් අපේ පැන්ෂන් ගිය නාවිකයාට හෝ සෙබලාට පැන්ෂන් එකෙන් ජීවත් වීම හෝ 15000 පඩියට මුර වැඩේට යාමට සිදුවනු ඇත. අපෙන් ගිලිහුණු සේවයට ඉදිරියීදී ඉන්දියන් සමාගම් මේ ඉදිරිපත් වෙනු ඇත.
    5-අපේ රජය හෝ පුද්ගලික ආයතනයක් මෙවැනි සේවාවකින් මුදල් ඉපයීම වැරදිද?

    ReplyDelete
    Replies
    1. //ඉතාම පක්ෂ ග්‍රාහී ලියවිල්ලක් බව පේනවා// පිළිගන්නවා. මේ ක්‍රියාවට විරුද්ධ පක්ශයේ සිට ලියූ බව. එමෙන්ම සැමදා මෙය මෙයාකාරයෙන් සිදුවන්නේ නම් කුමන රජයක් යටතේ වුව ඊට විරුද්ධ බව..

      අදහස් දැක්වීම අගය කරනවා. එසේම ප්‍රශ්ණ වලට හැකිතරම් සරලව පිළිතුරු දෙන්නම්.

      1. හා 2. ප්‍රශ්ණ එකවර ගත් විට එකකින් අනික බිඳෙනවා නේද? රාජ්‍ය ආරක්ශක අමාත්‍යාංශයට පෞද්ගලික ආරක්ශක සේවයක් ඇතිකර පවත්වා ගෙන යා හකිනම් නාවික හමුදාවට (හෝ ආරක්ශක අමාත්‍යාංශයට ) එවැනි සමාගමක් ඇතිකර මේ වැඩේ රාජ්‍ය මට්ටමින් කරගෙන යන්න තිබ්බා නේද?

      ප්‍රශ්ණ දෙකම පොඩ්ඩකට අමතක කර මෙය මුලින් සිදු වූ අයුරු පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්නම්. කලින් මේ සියල්ල හැන්ඩ්ල් කලේ නේවි එකෙන් බව ඔබ දන්නවද? රක්නා ලංකා එකට තමයි මෑන් පවර් කන්ට්‍රෑක්ට් එක ලැබුණේ. එය කිසිම ටෙන්ඩරයක් වත් නැතුව රක්නා එකට ලැබෙන්නේ එය එවකට ආ.ලේ. ගේ ව්‍යාපාරයක් වූ නිසයි. ආරම්භයේදී මෙය එතරම් ව්‍යාප්ත වීමට පෙරම මසකට නේවි එක මිලියන 200 කට වඩා ආදායමක් ලැබුවා අවි ආරක්ශා කර දීමෙන් පමණක්. මෙහි රස වැටුනට පස්සෙ තමයි මේ ගොල්ලන් කූටියම සාක්කුවේ දාගන්න මේ ව්‍යාපාරය ඇවන්ට්ගාඩ් එක හරහා මංකොල්ල කෑවේ. සෙලාන් බැංකුව හා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට කරෙත් ඔය දේමයි. එතනදි හේතුව වුනේ පෞද්ගලික කෝන්තරයක්. මේ දෙවල් ගැන කරුණාකර සොයා බලන්න ඔබේ දේශපාලන මත පසෙක තබා එවිට වැටහේවි.

      මේවා සිදුවන ආකාරයටයි මගේ විරුද්ධත්වය.. 2011 ට පෙර ඇවන්ට්ගාඩ් යනු සාමාන්‍ය ආරක්ශක සේව සැපයූ ආයතනයක් පමණයි. ඔවුන් එකවරම මේ ක්ශේත්‍රයේ ප්‍රවීණයන් ලෙස එළියට එන්නේ කොහොමද? ලංකාවේ නොවේ ලෝකේ කොහෙවත් එතෙක් මෙවැනි සේවයක් ලබා දී තිබුණේ නෑ. ඉතින් ඔවුන් පළපුරුදු කාරයෝ වෙන්නේ කොහොමද. පළපුරුද්ද තිබුනේ නේවි එකට පමණයි. ඒ නිසයි මේ ජොබ් එක නේවි එකට ලැබුනේ. ඔවුන් කලේ විදේශ ඒජන්තයින්වත් නොමග යැවීම. එසේ තමයි නාවික හමුදාවේ නැවියන්ට හැර අනිත් හමුදා සොල්දාදුවන්ටත් මේ අවස්තාව දුන්නේ. එමගින් ඔවුන් නැවියන්ට ගෙවූ 150,000 ක මුදල පසු කාලීනව 60-70 දහස දක්වා අඩු කලා. ඊලඟට මේ රැකියා අවස්ථා දඩමීමා කරගෙන ඔවුන් හරහා සාමාන්‍ය ආරක්ශක රාජකාරීන් ඉටු කර ගත්තා. සමහරුන්ට පහුගිය වසර තුනටම එක් වතාවකට වඩ නැවක සේවයට යන්න ලැබිලා නෑ. සමහරුන්ට එක් වතාවක්වත් නෑ. මේ රැකියාවේ වටිනාම කොටස වන මේ නාවිකයින්ට ඔවුන් සලකුවේ අන්තිම කැත විදියට. ඔබ ඔය කියන තරම් ආඩම්බරයකින් නොවේ. වසර 22ක් හමුදා සේවයේ යෙදිල අභිමානවත්ව ඉවත් වෙලා හිටපු ජේශ්ඨ නැවියෝ ගිහින් ඇවන්ට්ගාඩ් එකේ ක්ලාර්ක් වැඩ කරන පොඩි කොල්ලන් ලඟ පවා පැය ගනන් රස්තියාදු උනා. උන්ගෙන් බැනුම් අහන්න උනා. නිකමට මෙහෙම ගිය එක නැවියෙක් හොයාගෙන ඒ ගැන අහලා බලන්න.

      එතකොට ඔබේ තුන්වෙනි ප්‍රශ්නය. ලක්ශ 13ක් අරගෙන ලක්ශ එක හමාරක් දුන්නම මදිද? එතකොට මාසයකට ලක්ශ එකොලහ හමාරක් පරිපාලන වියදම් හා ලාබය. 766%ක්. ඔබ දන්නවද ලංකාවේ සාමාන්‍ය සෙකුරිටි ගාඩ් කෙනෙකුට සමාගමක් අයකරන අවම මුදල හා එයින් ගාඩ් කෙනෙකුට ගෙවන මුදල? එය සාමාන්‍යයෙන් එක සේවා මුරයකට රු. 800ක් පමණ වන අතර ගාඩ් කෙනෙකුට එයින් රු. 700ක් පමණ ගෙවිය යුතුයි. මාසයකට ආසන්න වශයෙන් රු. 24000ක් හා 21000ක් වශයෙන්. එතකොට පරිපාලන වියදම් හා ලාබය 14%යි. හිතල බලන්න මේ දෙක අතර වෙනස. ප්‍රායෝගික වෙන්න. මේ ගනන් හැදිල්ල මෙහෙම වෙන්නේ වෙපන් ආරක්ශා කිරීමෙන් හා අනෙකුත් සේවා වෙනුවෙන් වෙනම අය කිරීමක් කරන ගමන්. එතකොට ඔබ දන්නවද නාමිකව මෙහි පරිපාලන කටුයුතු බොහෝමයක් මේ වනවිටත් නාවික හමුදාව හරහා වෙමින් තිබූ බවත් ඒ අර විදේශ නියෝජිතයින් ඇන්දීමට බවත්.
      අවසාන ප්‍රශ්නය, කිසිම වැරැද්දක් නෑ. හැබැයි මේවා ජනතාවට ලැබිය යුතු ප්‍රථිලාභ. රණවිරුවන්ගේ නම විකුණමින් ඔවුන්ට බල්ලන්ට වගේ සලකමින් සල්ලි කුට්ටි කුට්ටි මංකොල්ලකමින් කරන එකයි වැරදි. මධ්‍යස්තව හිතන්න. ඇත්ත දන්න නිසා හා ඒ ගැන කළකිරීමෙන් ඉන්න නිසායි මේ ගැන ලියුවේ. ඒ වගේම ඔබ කාලයක් තිස්සේ බ්ලොග් කරුවන් අතර පෙරිළිකාර ලෙස ඔබේ මතය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් කරන ගරු කිරීමක් ලෙසයි මේ පිළිතුරු බැඳීම කරේ. බොරු කාඩ්බෝඩ් සිංහල බෞද්ධයන්ටනම් උත්තර දෙන්න අදහසක් නෑ.

      ජය ශ්‍රී!

      Delete
    2. ඔබගේ පිළිතුරට ඉතාම ස්තුතියි
      ඔය රක්නා එක අයිති ආරක්ෂක අමාත්‍යංශයට කියලා නේද කියන්නේ. ගොථා එහි ප්‍රධානියා වෙන්නේ ආරක්ෂක ලේකම් තනතුර අනුව මිසක් රක්නා එකේ අයිතිකරු නිසා නොවේ කියලයි මම දන්නේ. එසේ නම් දැනට ඔය රක්නා එකේ පාලකයා වත්මන් ආරක්ෂක ලේකම් තුමා නේ. එහෙම නම් සහ එහි ලාබය නිසි පරිදි රජයට ආවානම් අවුලක් නැහැ නේ. නමුත් ඔබ කියන දෙයින් හැඟෙන්නේ එසේ සිදු නොවූ බවයි. එසේ නම් සිදුවූ දෙය වැරදියි.

      දැනට මේ සිද්දියට වන්නේ කුමක්ද?
      1-නැවු ආරක්ෂා කිරීමේ සේවය කෙලින්ම ආරක්ෂක අමාත්යංශය හරහා සිදු කර රජය ආදායමක් ලබා ගැනීම
      2-කලින් සිදුවූ පරිදිම එය සිදුවීමට හැරීම
      3-සිදුවූ ක්‍රියා පටිපාටිය නවත්වා. නැවු ආරක්ෂා කිරීමේ සේවය අත හැර දැමීම.

      මට නම් පෙන්නේ 2 සිදුවන බවයි. එසේ නම් අලුත් බෝතලයේ ඇත්තේ පරණ වයින්මය

      Delete
  36. //http://sinhala.asianmirror.lk/local-news/item/9250-2015-01-21-09-54-35
    රජයේ නෙමෙයි නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යන්ශයට අයත් යැයි ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේ ඇයි?//(2)

    and an article from Divaina
    http://www.divaina.com/2015/02/01/feature01.html

    ReplyDelete
    Replies
    1. මිත්‍රය,

      ලංකා විදුලිබල මණ්ඩලයට අයත්, පෞද්ගලික සමාගමක ව්‍යුහය සහිත, රජයේ රෙගුලාසි සියල්ල පිළිනොපදින එහෙත් රජයට ලාභය යන ආයතයක් තියෙනව "ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ්" කියල. ඒ වගේම "තමයි "රක්නා ලංකා" කියන ආයතනයත්. මේ රක්නා ලංකා එකේ නාවික අංශයක් ඇති නොකර, ඇයි මේ වැඩේට ඇවන්ට් ගාඩ් එක ගත්තෙ?

      ඇයි ආන්ඩුවෙ හමුදාවෙ අවි ඇවන්ට් ගාඩ් එකට කුළියට දීල තීන්නෙ? රජයකට නිකුත් කරපු අවි එහෙම කුළී හේවායන්ට දෙන්නෙ මොන පදනමින්ද?

      ඇවන්ට් ගාඩ් එක්ක ලාබෙ බෙදා ගන්නෙ කවුරු මොන අනුපාතෙටද?

      ආයුධ ගබඩාවක් කොහොමද වරායක තියෙන නැවක පවත්වගෙන යන්නෙ?

      ප්‍රශ්ණෙ අන්න ඒ දේවල් මිස, මෙය සිදු කිරීමේ ඇති හොඳ හෝ නරක නොවේ. කොටින්ම මේ ආරක්ෂාව සැපයීම ඉතාම හොඳ ව්‍යාපාරයක්, හොඳ වැඩක්. ඒත් ඇයි රජයේ නාවික හමුදා සමග ඉහල සම්බන්ධීකරණයක්, සහ සහයෝගයක් අවශ්‍ය එහෙම එකක් පුද්ගලික අයෙකුට කරන්න දුන්නෙ?

      Delete
  37. නැහැ. මට පැහැදිලි කිරීමක් අවශ්‍ය රක්නා ලංකා එක රජයේ ආයතනයක්ද?පුද්ගලික ආයතනයක්ද කියන ප්‍රශ්නයට. කල්‍යාණගෙ ලිපියේ හැටියට සහ ඔහු මගේ කොමෙන්ට් වලට දුන් උත්තර වලින් ඔහු කියන්නේ එය පුද්ගලික ආයතනයක් බවයි.

    ReplyDelete
  38. ඔබ වැනි විශ්‍රාම ගිය නාවික සෙබළෙකුගේ මුවින් කාගෙන් හෝ අසා දැනගත් වැදිබණක් අසනවාට වඩා අදාළ කාර්යයට සෘජු දායකත්වය දැක්වූ මෙවැනි පුද්ගලයින්ගේ මතය වඩා වැදගත් වනු ඇත.

    http://www.sinhala.srilankamirror.com/features/item/2357-2015-01-31-17-27-45

    ReplyDelete