Friday, 6 November 2015

යහපාලනයෙන් හොරු ඇල්ලීම හා අම්මට සිරි ලංකාවේ මාධ්‍ය පෝතකයෝ catch me if you can :)



හිතවත් ලංකාදීප කතු තුමනි,

ඉහත නම් සඳහන් මහතුන් අතුරින් 'ජේෂ්ට කළමනාකාර ජයවීර බණ්ඩාර' මහතා මා පුද්ගලිකව ඉතා හොඳින් දන්නා හඳුනන මාගේ මිත්‍රයෙක් වේ. ඔහු පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ නිපුනයෙකු වන අතර සතොස තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස සේවය කල කෙටි කාලයේදී සතොස ශාඛා සියල්ල ඒකාබද්ද කරමින් අලුතෙන් එක්කල පරිගණක ජාලගත කිරීමේ ව්‍යාපෘතිය බාරව කටයුතු කළේය. මෙම ව්‍යාපෘතිය ලංකාවේ නමගිය පුද්ගලික සමාගමක් විසින් කරගෙන ගිය අතර සතොස ආයතනය වෙනුවෙන් ඔහු එය කළමනාකරණය කළේය. ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහු පසුගිය 2015 ජනවාරි මස (මාසයක පෙර දැනුම්දීම් කාලයකින් පසු) සතොස ආයතනයෙන් නිත්‍යානුකුලව ඉවත්වී ගොස් දැනට ජාත්‍යන්තර සංවිධානයකට සම්භන්දව විදෙස් රටක සේවය කරයි. එවන් පුද්ගලයෙකු පරීක්ෂණ වලට බාදා කරනවායැයි කියමින් මෙසේ ප්‍රසිද්ධියේ 'රැකියාවෙන් ඉවත්කිරීමට' කටයුතු කරනවයි කීමෙන් ඔහුගේ කිර්ති නාමයට බරපතල හානියක් වනවා නේද? ඔහු මේ වනවිට රැකියාවෙන් ඉවත්වී වසරකට ආසන්න කාලයක් වන බව මේ කොමිසම දන්නේ නැද්ද? නැත්නම් ලංකාදීප ප්‍රවෘත්තිය වැරදිද? කරුණාකර පැහැදිලි කරන්න. 

ස්තුතියි.

කල්‍යාණ මිත්‍ර.

ප.ලි.

ඉහත පුවතේ සඳහන් පුද්ගලයින් අතුරෙන් ප්‍රධාන ඉංජිනේරු මහතා හැර අනෙක් සියලුම නිලධාරීන් මේ වනවිටත් සතොස ආයතනයෙන් සේවයෙන් ඉවත් වී ගොස් ඇතැයි දැන ගන්නට ලැබුණි.


ප.ප.ලි.

ලංකාවේ මාධ්‍ය ආයතන ගැන ලිවීමට සිතනවිට මට සීනියර් ඩ්‍රැකී ගේ මේ පෝස්ටුවේ පළවෙනි ප්‍රශ්ණය හා උත්තරය මතක් වූ බැවින් එය පමණක් ලිවිම සැහේ යයි සිතුවෙමි.

ස්තුතියි.

කල්‍යාණ මිත්‍ර. (ඒ ටික ඕනි නෑනේ)

54 comments:

  1. ඉතිං මේක ලංකාදිපෙට යැව්වයි..

    ReplyDelete
    Replies
    1. අයිතිකාරයාගෙන් අහල ඉන්නොනේ.. (ලිව්වේනම් යවන්න තමයි.. )

      Delete
  2. මං හිතන්නෙ බ්ලොග් ලිවීමෙන්, කියවීමෙන්, කමෙන්ට් කිරීමෙන් තාවකාලිකව සමුගන්නවා කියන්න ඇත්තෙ මේ වගේ අමතර රාජකාරි හන්දා වෙන්නැති නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමිටත් බ්ලොග් එකක් වගේ එකක් තිබ්බා කියලා මතකයි.. ඒකට මොකද උනේ හැබැට? හෙහ් හෙහ්..

      Delete
    2. හැබෑ නෙන්නම්. ඔය කිව්වම මටත් ලාවට වගේ මතක් උනා බ්ලොග් එකක් වගේ එකක් තිබුනා නේද කියලා. ඒක කොයි තරම් හොදට පවත්වාගෙන යනවද කියනවනම් අවුරුද්දක් පිරෙන මේ මාසෙ වෙනකොට පෝස්ට් අටක්ම ලියලා තියෙනවා.අපි එහෙමයි

      Delete
    3. හොඳ දේ දුර්ලබයි තමයි.. හැබැයි මෙච්චරම දුර්ලබ වෙන්නත් හොඳ නෑ..

      Delete
  3. සෑහෙන දවසකට පස්සේ පෝස්ට් එකක් දාලා නිසා මම මේ කමියා බලන්න කියලා ආවේ...

    ....//නැත්නම් ලංකාදීප ප්‍රවෘත්තිය වැරදිද?//.....

    ලංකාදීප පුවත්පතේ කිසිදු ආකාරයක සොයා බැලිමකින් තොරව පල කරන පුවත් තිබෙනවා.මේකත් ඒ වගේද ?
    ඉක්මනට මේ ගැන විමසුවොත් නේද හොද.යම් වරදක් සිදුවෙලා තිබෙනවනම් ඉක්මනින්ම නිවරදි කරගන්න පුලුවන් ඉක්මන් වන තරමට...

    ReplyDelete
    Replies
    1. නිකමට මුලින් ඔය ලින්ක් එකට කොමෙන්ට් එකක් දැම්ම.. ඒක පබ්ලිෂ් කරලත් නෑ. අපේ 'ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය කාරයෝ' තමන්ගේ වැරදි පෙන්නනවටවත් ඒවා හදා ගන්නවත් කැමති නෑ.

      Delete
  4. මාධ්‍ය කාරයන්ගෙ වැඩ ගැන කතාකරනවට වඩා කට ගලක උලා ගන්න එක හොඳයි.කොටින්ම කිව්වොත් මාධ්‍ය මාපියාවක් ඒකාධිකාරයක්.මේකට පොඩ්ඩක් හරි අත තිබ්බොත් සද්දෙ බලන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. මෝඩ හරක් වගේ වැඩ කරන්නේ.. ගොඩක් උන් දැන් ඔය මේන් ස්ට්‍රීම් මිඩියා වලින් අයින් වෙන්නේ උන්ගේ ඔය හරක් වැඩ නිසා.. හැලපයියා ට ඉතින් මොනවා කියන්නද අමුතුවෙන්..

      Delete
  5. ඕකුන් කවුරු කවුරුත් ගොඩ වෙලාවට කවුරුහරි කියපු දෙයක් ගෙඩි පිටින් දානවා...
    සමහර ඒවා හරියට අර කපුටෝ හත් දෙනෙක් වමනේ කරපු කතාව වගේ... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ගිරවු හොඳයි එහෙම බැලුවම..නෙහ්? උන් අතින් දාල කියන්නේ නෑනේ..

      Delete
  6. 'කතුතුමනි, සාධාරණව සිතන මජනතාවගේ සුරතේ මුෂ්ටිය, තමුන්නාන්සේගේ හොම්බ චුම්බනය කිරීමට තරම්, මේ අමන ප්‍රවෘත්තිය සුදුසුවන බව, වැඩිදුරටත් පෙන්වා දෙමි'. කියන වාක්‍යයත් ඇතුළු කරමුද?

    ReplyDelete
    Replies
    1. හිහ.. හිහ.. විචාරක සර් ගේ ටිපිකල් ඇග්‍රසිව් කොමෙන්ටෙකක්.. (ලංකාදීප කාරයා බලුකිරි කාරයා වගේද පෙනුණේ?)

      Delete
    2. හා හා ඉතිං ඔච්චර කලබල වෙන්ට එපා විචා.

      Delete
  7. උඔ බ්ලොග් වලින් ඉවත් කරා කියලා මිට පෙර දාපු පොස්ටුවට අපි හොටු පෙරාගෙන දාපු කමෙන්ට් වලට ඉස්සර වෙලාම උත්තර දිපිය නැත්තං මම ලියනවා පත්තරේට

    ReplyDelete
    Replies
    1. පව් බං කමියා වෙව්ලනවා බයේ

      Delete
    2. ඇඩෙනවා.. ඉවත් උනානම් ආයි ඒ ලබ්බේ කොමෙන්ට් දාන්නේ කොහොමෙයි බං?

      Delete
    3. @ ලෑන්.. (ගොඩක් උන් කියන්නේ එහෙමයි..) ඔව්.. ඕකා මඩු වලිගෙ වගේ.. කෙට්ටුවට හිටියට හෙන වසයි..

      Delete
    4. ඕ යේස්.. බැලුවොත් දුම් පිඹිනවා මකරා වගේ..කටේ ගෝල්ලිප් එක නෙවැ :D

      Delete
    5. //බැලුවොත් දුම් පිඹිනවා මකරා වගේ// ඇයි එතකොට කටේ තොලේ නොගැවී විදින කුණුහරුප? බලන්න ඕනි ඕකගේ දිව දෙකට බෙදිලද කියල.. බෙදිලනම් බඩුම තමයි..

      Delete
  8. //ඔහුගේ කිර්ති නාමයට බරපතල හානියක් වනවා නේද?//

    වෙනව නේන්නං..... ඒත් ඒකෙන් ඕක දාන උන්ට මොකුත්ම වෙන්නෙ නෑනේ. ඉතිං කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දානවා. නොදෝමකිං...........

    ReplyDelete
    Replies
    1. පස්සේ නඩු කියුවත් වැඩක් නෑනේ බං.. නොදෝමකින් තමයි..

      Delete
  9. මේ ඇරඹුමයි....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මාවත බෝ දුරයි.. නුවණින් අවදියෙන්.. සිටියත් කෙළවෙන හැඩයි..

      Delete
  10. හපොයි කමියො. මේ අපේ මාද්‍ය ද? ඕවා නොකියම උඹේ වැඩක් බලාගත්තනම් මීට වඩා සෑහෙන්න වැදගත් වෙයි. ඒත් මේ නිලදාරියට සාදාරනයක් කරන්නෙ කතෘගේ ආච්චි වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කතෘ කම ළමයෙකුට දීලා :D

      Delete
    2. යහපාලනෙන් හොරු අල්ලන විදියයි ඒවා මාධ්‍ය ගිරව් කෑ ගහල කියවන විදියයි ගැලපෙනවා තකට තක වගේ.. නැත්නම් පත්තරයා කියන විදියට අමුඩෙයි පුකයි වගේ.. :p

      Delete
  11. දැන් දැන් මාධ්‍ය වල යන දේවල් ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ එක පාරම..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම යහපාලනේ හොරු අල්ලන සිස්ටම් එක ගැන .. හැක හැක..

      Delete
  12. ලංකාවේ මාද්‍ය කියල දෙයක් තියෙනවද හැබෑටම ..මමනම් හිතන්නේ මාද්‍ය කියන එව්වා මැරිලා දැන් හුඟ කාලයක්.. දැන් ඒ නම් වලින් කරන යන්නේ මාර්කටින් කොම්පැනි වගයක්...මම මේ කියන්නේ මුද්‍රිත සහ විද්‍යුත් කියන දෙගොල්ලෝම ගැන..

    ReplyDelete
    Replies
    1. // දැන් ඒ නම් වලින් කරන යන්නේ මාර්කටින් කොම්පැනි වගයක්..// ඇරපන් කට ඩොලර් එකක් දාන්න..
      නිකම් නෙවෙයි.. මාෆියා බිස්නස් එකක්..

      Delete
  13. නඩු දාන්න කියපං.. අතාරින්න නරකයි... ඔවුන්ට පාඩම් උගන්නන්න ඕන හැදෙන්න... කො මේ ප්‍රාජේ පේන්න නැත්තෙ මේ දවස් වල?? පුරා විද්‍යා සීන් එකක් වත් පස්සෙන් යනව වත්ද?

    ReplyDelete
    Replies
    1. නඩු තමයි.. ඒකා බයේ ඉන්නේ මේ *ත්තල උගේ පාස්පෝට් එකවත් කැන්සල් කරොත් උගේ බඩ රස්සාවටත් කෙලවෙයි කියල.. නඩු අහල දිනලා එනකොට කොටකෙතන 17 කොල්ල වගේ ඉඳියි..

      Delete
  14. ඇත්තටම කෝ මේ ප්‍රා ජේ , ලංකාදීප කතෘව sun day Times එකට මාරු කරන්ඩ නඩුව කතාකරල දෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ ඊයෙ දවසම Saturday Times පත්තරේ නඩුවක් කතා කරා..

      Delete
  15. කමියෝ....................

    ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙලා තියෙන්නේ..... අරුනුත් ඒකයි මුනුත් ඒකයි..... අැත්ත කතාව ඒක..... තමන්ට ඒකග නැති ඒවුන්ට තාම පන්න පන්න ගහනවා.... මේවා විකාර බං........ මේවා විරුද්ධ වෙන්න දැන් කාලේ හරි තමා..... යකෝ තරහා කාරයොන් ගහනවා විතරයි.... කොරපු හරියක් නැහැ......

    ReplyDelete
    Replies
    1. තනිකර බොරුව කරන්නේ.. උන්ගේ ඇජන්ඩා එක වෙනම එකක්.. ජාතිකවාදී.. දුෂණ විරෝදී යහපාලන වෙස්මුනක් දා ගන්න මේ වගේ ෂෝ දෙනවා හැබැයි වැරදි වෙලාවට.. වැරදි තැන්වල..

      Delete
  16. කාලෙකින් මේ පැත්තෙ ඇත්තටම කල්‍යාණ මිත්‍ර ට මොකද උනේ? මේ ලංකාදීප පත්තරේ විස්තරේ මේ පෝස්ටුව කියවනකන් මම දැනගෙන හිටියෙ නැහැ. මේ ගැන මොකුත් ක්‍රියාමාර්ග ගන්න බැරිවෙයිද ..

    ReplyDelete
    Replies
    1. //ඇත්තටම කල්‍යාණ මිත්‍ර ට මොකද උනේ?// මාත් හොයන්නේ එකමයි... හැක හැක..
      ක්‍රියාමාර්ගයක් ගන්න ඊලඟ චන්දේ එනකම් ඉන්න වෙනවා.. :)

      Delete
  17. අඩෝ ලංකාදීපෙට මුකුත් කියන්ඩ එපා හරිද ...
    ඇත්තෙන්ම මේකට වග කියන්න ඕනෙ ලංකාදීපෙ පුක ... ඒකිව්වෙ පුවත් කතෘ ..... කවුරු හරි අරන් ආපු නිවුස් එකක් හොයන්නෙ නැතුව දානව ....
    ප්‍රදාන කතෘ ඒ පට්ටම ලමයෙකුට දීල හුඟක් කල් ....

    ReplyDelete
    Replies
    1. //මේකට වග කියන්න ඕනෙ ලංකාදීපෙ පුක// හැක හැක.. මේක කලින් දැක්කනම් මාතෘකාව දාන්නේ 'ලංකාදීපේ පුක තුමා' වෙත කියල..

      Delete
  18. මේ ඉල්ලන්කාවේ මාධ්‍ය කියා දෙයක් තියෙනවද බං. මම හිතන්නේ ඉන්නේ අර හොරු රල ඉන්න පැත්තට වැටුණු ගිරාපොතකයෝ

    ReplyDelete
    Replies
    1. අම්මප.. ඒකනේ මුන් හොර මැරකම් මිනි මැරුම් ඇර වෙන මොකුත් නිව්ස් එකක් නොදකින්නේත්..

      Delete
  19. දැං තියෙන ටීවී,රේඩියෝ වගේම පත්තරත් ට්‍රයි කරන්නෙ අංක එක වෙන්න නෙ. මට නං හිතෙන්නෙ ළඟදිම 'සිංහල බ්ලොග්' වලටත් කේස් එකක් අදියි කියලයි..

    ReplyDelete
    Replies
    1. හෆොයි.. ඇඟ හිතල වෙනවා.. හැක හැක .

      Delete
  20. අතටම දැන් මොකක්ද වෙලා තියෙන්නේ. අපහු බ්ලොග් ලියන්න එනවද?

    ReplyDelete
    Replies
    1. මොනවා වෙන්නද ලොකු සර්. මේ අගේට ඉන්නේ..

      Delete
  21. ලංකාදීපේ දැන් කොහොමත් අවුල් බං.මේ පැරා ලිව්වා ලිපියක්

    ReplyDelete
    Replies
    1. අනොපිලිස් කියුවා වගේ ලංකාදීපේ 'පුක' තමයි මේකට වග කියන්න ඕනි.. කතෘගේ හඬ පඩේ.. එල එල..

      Delete
  22. මට මතක් උනේ පහුගිය දවසක පිලිප් ශාන්ත බුකියෙ දාපු ස්ටේටස් එකක්.

    ReplyDelete
  23. දැන් මාධ්‍ය රැකෙන්නෙ අතේ රෝල් සහ ඕපාදූප වලින්. ගවේශනයක් ඇත්තෙම නැහැ. පච කෙලිනව. වැරැද්ද පෙනුනත් නිවැරැදි කරන්නෙවත් නැහැ.

    ReplyDelete
  24. කමියයියගෙ පෝස්ට් ගොඩක් තියෙයි බලන්න. හෙමිහිට ඒ ටික බලාගෙනම එන්නම්කො

    ReplyDelete
  25. කමියයියගෙ පෝස්ට් ගොඩක් තියෙයි බලන්න. හෙමිහිට ඒ ටික බලාගෙනම එන්නම්කො

    ReplyDelete