Tuesday, 26 January 2016

උඹේ මිනිහා කොටියෙක්.. ගිහින් හිඟා කාපිය.. The story of a widow and an orphaned family

"උඹේ මිනිහා කොටියෙක්
පලයන්.. ගිහින් හිඟා කාපන්.."
උසාවියට කරාට වැඩි
දසදහස් ගුණයක අපහාසයක්..
බිරිඳකට.. දරු දෙන්නෙකුට..
සැමියා ගැන.. අප්පච්චි ගැන..
මොනවා හිතෙන්න ඇත්ද?
මෙහෙම කියූ එකා මොකා උනත්..
අමුම අමු මහා තිරිසනෙක්..

කොටියෙක් උනා නැතා..
ඒ මගේ මිනිහා..
අපේ අප්පච්චි..
ඌව මරලද..
හන්ගලද
කවුරුවත් හරියටම දන්නවද?
මනුස්සයා නැති එකේ දුක වේදනාව
අප්පෙක් නැති එකේ වාඩුව..
හිස් වචන වලට හිලව්ද?
එදා ඉඳන් තොපි එකෙක්වත්..
අපි කන බොන විදියක්
ජිවත් වෙන විදියක් හෙව්වද?

අම්මෙක් අප්පෙක්ට
ජාතක නොවිච්චි..
කාලකන්නි මුග්ධයා..
හෙන ගහපිය..
විඳවපිය..
ඒ කාලකන්ණි
අපහාසයට..
නොදෝමකින්..


159 comments:

  1. http://maathalan.blogspot.com/2016/01/country-without-law-and-order.html

    ReplyDelete
    Replies
    1. මට දුක අර ගෑනු මනුස්සයට කියපු අසමජ්ජාති කතාවට.. නොදකින්.. මිනිහා හැබැටම කොටියෙක් උනත් යකෝ ගෑණු දරුවෝ කොච්චර අසරණ වෙනවද මිනිහෙක් නැති උනාම.. නේවි එකේ පරම හතුරා වෙච්චි සුසෙයි මැරිලා උගේ ගෑනියි දරුවෝ දෙන්නයි පවුලේ අනිත් එවුනුයි අසරණවෙලා අපි ගාවට ආව වෙලේදී අපි උන්ට සලකපු විදිය මුන් දන්නවනම්.. කතා කරන්නේ ඒ වුනාට රෙද්දේ රණවිරුවෝ ගැන..

      Delete
    2. Thopi wage ponnayo tikak e gani army eka chemical wepons pawichchi ksra wage kata kiya kiya yana army ekata ratata apahasa karana eka penne na neda

      Delete
    3. වැරදි තියෙනවනම් උසාවියට ගිහින් සාක්ෂි දෙන්න. තාම වැරදිකරුවෙක් කරලා නැති නිසා 'මොන හේතුවක් නිසා හරි' හිතේ කරදරෙන් ඉන්න ගෑනු දරුවෝ තවත් මේ වගේ අපහසුතාවයට පත් කරන්න එපා.

      Delete
    4. චෝක් චෝක්....

      හරිම රැඩිකල්

      මානව ප්‍රේමය උතුරායන...

      මානව හිමිකම් අර්ථගන්වන

      ප්‍රජාතන්ත්‍රවාදය ඔජ වඩන


      ලියවිල්ලක්

      මෙව්වා තව ලියන්න ඕනෑ

      එතකොටයි වාසි....

      Delete
    5. ape intake eke hitapu dasama keriya nisaa oyaata gaanak nathuwa athi kalanasiri. eth umba ata mirikalaa basewala appointment gahuwata yuddheta giya, maanawadula, pandithalaa marenakota mude hitapu apitanam mehema maanawa dayaawak enne ne. umbe kari weda danwath nawaththapan thoge pattandare methana diga arawaganne nathuwa.

      Delete
  2. ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ.....
    බලමුකො නානෙගෙ සෙල්ලම් එළියේ.....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දිය නටන්නෙත් ලිප ගිනි මොළ වෙන්නෙත් එක කොටසකට විතරයි..

      Delete
    2. හ්ම්... කතාව ඇත්ත කළණෙ. කලකිරීම නම් උපරිමයි. අන්තිමේ යුක්තිය සාධාරණය වෙනුවෙන් වැඩ කළ මිනිස්සු පැත්තක. හොරු රැල රකින්න තමයි මහන්සි ගන්නෛ.

      Delete
    3. දේශපාලනය නෙවෙයි මිනිහ නැතුව ගිය ගැනියෙකුට තාත්ත නැතුව ගිය ළමයෙකුට මෙහෙම කතා කරන්න පුලුවන්ද හිතක් පපුවක් ඇති එකෙකුට?

      Delete
    4. 'රණවිරු' ලේබල් එක මත හැමදේම justify කරන රටක KM and Wicharaka වගේ අය දැකීමත් blessing එකක්.

      A brotherhood of man ....
      Imagine all the people
      Sharing all the world...

      Delete
    5. යුද්දේ කරන්න ඕනි තැන යුද්දේ කරා මිසක් 'මිනිස්සු'ත් එක්ක තරහක් කවදාවත් තිබ්බේ නෑ.. මාත් ගෑණු දරුවෝ ඉන්න මිනිහෙක් මේ දේ මට උනොත් (වෙලා තියෙනවා) කියල හැඟීම තමයි හැම තිස්සෙම ඔලුවේ තියෙන්නේ..

      Delete
    6. ඒ කතාවට දෑතම ඔසවා ආචාර කරමි.

      Delete
  3. Replies
    1. හිතුවක්කාරී වටිනා කොමෙන්ටුවක්නේ දාලා තිබුනේ.. අපරාදේ මැකුවේ.. :/

      Delete
  4. බෝම්බ බැදන් රටක් ගිනි තිබ්බාට
    දරුවන් ගැබිනියන් හා මෙහෙණින් මැරුවාට
    ප්‍රභාකරන් මැතිදුද පියෙකි, සැමියෙකි විරුවෙකි තොපිට
    තොපි වැනි කාලකණ්නි හැදුනේ අපගේ පවට

    කොටියා සහා උගෙ ගෑනී ගැන දුකට
    හෝදාගෙන දියන් පුක කසනවට
    උබ සහ උබේ මව් පියවරු සහ නිවට
    කොටි ගහලා මදි බොලව් පාහර තොපිට

    ReplyDelete
  5. https://en.wikipedia.org/wiki/Sticks_and_Stones

    අපහාස කිරීම / නොකිරීමට වඩා වැදගත් උදව් කිරීම / නොකිරීම

    ReplyDelete
    Replies
    1. තාම හොයනවා මොකක්ද කියුවේ කියල..

      Delete
    2. කිව්වෙ.... අසරණවුනහම මිනිස්සුන්ට ඔයවගේ මැර පිස්සන්ගේ අපහාස තවත් එක් වදයක් විතරයි.
      ඒ මිනිස්සුන්ට ඊට වඩා වැදගත් තමන්ගේ ප්‍රධාන ප්‍රශ්නයට විසඳුමක් හා උදව් කරන්න කවුද ඉන්නෙ කියන එක

      Delete
    3. ඒක නම් සම්පුර්ණ ඇත්ත..

      Delete
  6. මගෙත් ආගම බුද්දාගම, ඒත් ගලබොඩ යා මුළු සංග සමාජයම ගඳ ගස්සනවා, මේවගේ උන් නිසා සිල්වත් හාමුදුරුවරුන්ටත් මිනිස්සු ඉදිරියේදී ගරු කරන එකක් නැ, හාමුදුරුවරු රකින්නේ කෝටියක් සංවර සීලය (ගිහියෝ පන්සිල් රකිනවා වගේ) මෙයා රකින්නේ මොන සිලේද? මේ බෞද්ද බික්සුවක්ද? LAJJAI BAN.!!

    ReplyDelete
    Replies
    1. 'රණවිරුවෝ' බේරගන්න අර ගෑනු මනුස්සයට මේ වගේ කඩප්පුලි කතාවක් කියන්න ඕනිද?

      Delete
  7. නානසරගේ බොරු සැර.ඔච්චර රට ජාතිය ගැන කැක්කුමක් වේ නම් අර යුද්ධ කාලේ යන්න තිබ්බානේ හමුදාවට.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ජාමේ බේරගන්න 'රණවිරුවෝ' කියන නමත් විනාස කරනවා..

      Delete
    2. https://www.colombotelegraph.com/index.php/full-court-report-bbs-leader-gnanasara-pleaded-guilty-to-hit-and-run-and-drunk-driving/

      Delete
    3. ලොරි ඩ්‍රයිවර් කෙනෙක් උනත් මිට වැඩිය හැදියාවක් බලාපොරොත්තු වෙන්න වෙනවා.. සක්..

      Delete
    4. ඇත්තම කියනවනම් එයාගෙ වැරදි වලින් අඩුම එක ඒක මටනම්. මොකද අපේ අතින් වුනත් ඕව වෙන්න පුලුවන්කම තිබුන නිසා. අනිත් එක හානිය කීපදෙනාටයි.
      ඒත් ඔය සංවිධානවෙලා කරන එකෙන් හානිය අති විශාලයි. තමන්ගේ සැක බිය මෙන්ම බිස්නස් තරගකාරීත්වය නිසා ඒකට සපෝර්ට්කරන අයට තේරෙන්නෙ නෑ දීර්ඝකාලීන හානිය, ඊලඟ පරම්පරාවට ගෙවන්න වෙන එක

      Delete
    5. එයා ගැන නෙවෙයි අර ගෑනු මනුස්සයාගෙයි තරුණ දරුවෝ දෙන්නගෙයි මානසිකත්වය ගැන විතරයි මට හිතුනේ.. ඔය සම්භන්දව පළමෝත අත්දැකීම් දෙකක් තියෙනවා මට.. :(

      Delete
  8. උබේ කතාවට මම කොන්දේසි විරහිතව එකග වෙමි. නානසාරයට හාමෝදුරුවෝ කියලා කතා කරන්න පුලුවන්ද මේ වගේ එවුන් සාසනයෙනුත් එලවන්න ඕන.
    ගේමට එනවනම් සියුරු ගලවලා වරෙන්කෝ..

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවෝ කෙනෙක් නෙවෙයි අර ඉස්සර හිටිය 'හාන්දුවෝ' කියල කියවගත්ත මහා නොසන්ඩාල පඩත්තල මුදලි මුහන්දිරම්ලවත් අසරණ වෙච්චි ගෑනියෙකුට දරුවෙකුට ඔහොම කුප්ප විදියට කතා කරන්න නැතුව ඇති..

      Delete
  9. අපිට හොඳ නායකයෙක් නැහැ.කාලයක් හිටිය ගං කබරයෙක්,දැන් ඉන්නව ගංමුගටියෙක්.ඔලුව තියෙන එකෙක් නායකයෙක් කරගන්න තරම් මිනිස්සුන්ට ඔලුව නැහැ.

    ReplyDelete
    Replies
    1. එක වෙනමම කතා කරන්න ඕනි ප්‍රශ්නයක්..

      Delete
  10. ඇත්තටම මචං ඔය වගේ මානසික රෝගියෙක් කියන ඒවා මොකට ඔලුවට ගන්නවද???

    ReplyDelete
    Replies
    1. මානසික රෝගියෙක් උනත්.. ප්‍රශ්නෙකට මුණ දීලා ඉන්න මනුස්සයෙකුට එහෙම කතා කරන එක යුක්තියුක්ත නෑ නේද?

      Delete
    2. පිස්සොන්ට ඕව්වා තේරෙන එකක්යැ හිටං

      Delete
  11. Ven. Monk was arrested on the charges of scolding Sandya Ekanaligoda, the wife of the Sinhala Kotiya. Prageeth Eknaligoda had been mailing ashes of the dead to the democratically elected executive president of the country to instill fear in the mind of the president. The aim of that nasty trick was to create a fear-psychosis in the mind of the president who was the commander in chief of our armed forces which were waging a determined war against the LTTE at that time. Sandya’s husband was also running illegal human smuggling racket. The smuggled people included the Tamils from North and East who were smuggled to Europe. Both the projects were funded by the LTTE.

    As Ven. Monks declares he was enraged to see this traitor’s wife in the courts premises when he was leaving the premises. This woman declared at the Human Right Commission in Geneva that she had credible evidences to proof that our armed forces used chemical weapons against LTTE, a charge that didn’t get mentioned even in the Darusman report which is highly biased against Sri Lankan government. On the other hand the members of the intelligence community are imprisoned under the false charges of killing this very same traitorous Sinhala Kotiya. Both the husband and wife had/have been on the payroll of LTTE and anti-Sinhalese Buddhist NGOs

    ReplyDelete
    Replies
    1. It looks like you have so many facts and figures to convince that person a terrorist. Best thing you may go to courts and provide those evidence. He may be a culprit; but until convicted by a court who knows exactly, might be an innocent person as well.

      I'm talking here about a 'wife and two kids' that lost their husband/ farther. It is ridiculous here about your loved ones like this, isn't it? What happens if this was your wife and kids..

      Delete
    2. Have the current or last regime ever proved that Eknaligoda was a tiger agent. The mara family didn't like what he did as journelist. The order must have come from one of the top member of MARA family to eradicate the cartoonist. Remember this is not the only case that journelist who criticized the rajapaksa were disappeared. Every citicen in the country deserve a right to go through the judicery system before punishing regardless whether he or she is a terrorist. This monk is an agent who is taking any contract to earn money. I believe that he was acting on instructions of mara family. Also he is getting a cheap popularity by going to remand prison. He may be a hero for those who don't know what the human qualities are.
      Anna Cross

      Delete
    3. //Every citicen in the country deserve a right to go through the judicery system before punishing regardless whether he or she is a terrorist.// ++++++
      Insulting a widowed and her kids like this .. when they already suffering from the loss of their guardian..

      Delete
    4. Ano You have mentioned all the facts some people have been used keep away from the reality. Eknaligoda wife is a actress and plays heroine's role in this drama.It is against country and Sri lnakan people. Kalyana and others are forced to shed tears for her. This is not a problem of a widow any longer.We like to add tears but not country for sandya.. Government should manage this successfully .

      Delete
    5. Sorry for a mistake
      Ano You have mentioned all the facts some people have been used to keep away from the reality.

      Delete
    6. grammar and spellings are no more barriers here. No worries dude!

      Delete
  12. මම ඔබ සිඹිමි.

    ReplyDelete
    Replies
    1. මට ඊයෙ මේ කතාව ඇහුවම තිත්ත උනා..

      Delete
  13. Being an ex-service personnel, you should be commended for openly talking/writing about this. This is a reflection of humane qualities of majority of our service men, but unfortunately the minority is too loud. Cheers.

    ReplyDelete
    Replies
    1. ayyala wage minissu naavika hamudaawa babalawanna thibbaa. mokada navy eken awudru 20k yannath kalin aawe. aparaade? ayyala wage aya thamaa den hamudaawata aduwelaa thiyenne.

      Delete
    2. හමුදා වලටත් වඩා අද 'මිනිස්සු' ඕනි වෙලා තියෙන්නේ සිවිල් සමාජෙට..

      Delete
  14. මේ ගැන හඬ නැගීම වෙනුවෙන් මෙන්න උඹට මගේ රෙස්පෙක්ට් එක!

    ReplyDelete
    Replies
    1. 'කතා නොකරම බැරි නිසා'...

      Delete
  15. Replies
    1. හිතක් පපුවක් තියෙන එකෙක්..

      Delete
  16. යුද්ධෙ විශාලම වැඩ කොටස කරපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකව හිරේ දානකොට ආවඩපු දේශප්‍රේමියෝ, මිනී මැරුමක් සම්බන්ධ විභාගෙකදි 'රණ විරුවන්' වෙනුවෙන් කියල නීතිය අතට ගන්න සිංහල ජාතියටම නින්දාවක් මිසක් මේ පුද්ගලයා සිල්වත් භික්ෂුවක් වත් ඒ උතුම් දහම නියෝජනය කරන්නෙක් වත් නෙමෙයි.

    රණවිරුවෙක් වන ඔබගේ පෝස්ට් එකට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. මට හිතා ගන්න බැරි අසරණ වෙච්ච ගෑනු කෙනෙකුගේ මුණට ඔහොම අපහාස කරලා රණවිරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා..

      Delete
    2. "යුද්ධෙ විශාලම වැඩ කොටස කරපු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකව හිරේ දානකොට ආවඩපු දේශප්‍රේමියෝ"++++++

      SF ගැන කියපු ගමන් ඔය මෝඩ දේශප්‍රේමී හුඟ දෙනෙකුගේ කටවල් වැහෙනවා.

      Delete
    3. අනෝමා ෆොන්සේකා මහත්මිය ගැන මගේ හැඟීමත් මේ වගේමයි ඒ කාලේ..

      Delete
  17. හන්ඩ්‍රඩ් පසෙන්ට් එකඟයි.

    ReplyDelete
    Replies
    1. //හන්ඩ්‍රඩ් පසෙන්ට්// කයින්ඩ් හාටඩ් :)

      Delete
  18. පැහැදිලිවම.. මේක බොදු භික්ෂුවට, හෙළ ජාතියට කරපු බරපතල නින්දාවක්.. නිසි දඬුවම් හිමි විය යුතුයි.. ඒත්.. කටින් කියපු දේ ආපසු ගත හැකි ද? සංහලයෙකු .. බෞද්ධයෙකු ලෙස තවත් වරක් ලැජ්ජාවට පත් වුණා.. සොයුර ඔබ ගේ සිතුවිලි පිළිබඳ නොමඳ ගෞරවය ඔබට පුදමි.. රණ විරුවන් අතර වැඩි පුර ඇත්තේ ඔබ වන් ශ්‍රේෂ්ඨ අදහස් ඇති අය බව මගේ විශ්වාසයයි..

    ReplyDelete
    Replies
    1. වැරදිලාවත් පටාචාරා උමතුවෙන් නිර්වස්ත්‍රව දුවගෙන එනකොට ඉස්සරහට මේ වහන්සේ හම්බ උනානම්.. බුද්දාගමත් මිට වඩා වෙනස් විදියට ලියවෙන්න තිබ්බා..

      Delete
  19. ඕවට කැමති උන් හුරේ දාන උන් ඉන්නකම් ඕවා නැති වෙන්නෙ නෑ කමියෝ.
    මොකෙක් උනත් මිනිහා ගෑනිට වටිනවයි කියන එක ඕනෙ එකෙකුට තේරෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මිනිහා නැතිවෙලා දුක් විඳින ගෑනියෙකුට පරිභව කරනවා බලලා හුරේ දාන උන්?

      Delete
  20. මේ තියෙන්නේ ඥාණ සාරට තියන චෝදනා තුන

    සාපරාධී බිය වැද්දවීම,
    අධිකරණයට අපහස කිරීම,
    රාජ්‍ය නිළධාරීන්ට තර්ජනය කිරීම

    මේ යකා හිතන්නේ තමුන් ලොකු චන්ඩියෙක් කියලා.මේ මෝඩයාට තේරෙන්නේ නෑ චීවරය කියන්නේ චන්ඩියෙක්ගේ ඇඳුමක් නෙවෙයි කියලා.චීවරයට කියන්නෙත් අර්හත් ධජය කියලා.ඒ අර්හත් ධජයම පොරවගෙන මේ යකා අංගුලිමාල වෙන්න හදනවා.චීවරය සාමයේ සංඛේතයක් මිස වාර්ගික ගැටුම් ඇති කරන්නක් නොවිය යුතුයි.මුලින්ම කරන්න තියෙන්නේ මේ ගොනා ගෙන්වලා මේවා ගැන තේරුම් කරලා දීලා සිවුර ගලවලා අයින් කරන එක.මේ යකා සිවුරේ නොහිටියනම් පාතාල නායකයෙක් වෙන්නත්ඉඩ තිබුනා.මෙහෙම කියනකොට සමහර විට කෙනෙකුට තරහා යන්නත් ඉඩ තියනවා.ඒත් ඉතින් ඇත්ත කතාව ඒකනේ.

    ReplyDelete
    Replies
    1. (කමියා මම උඹට කොල් කරා අර කේස් එක උන දවස්වල.උඹ ආන්ස්වර් කරේ නෑ)

      Delete
    2. හැම මනුස්සයෙක් ගාවම වැරදි තියෙනවා.. සිවුරක් දා ගත්තා කියල එකෙන් ගැලවීමක් නෑ තමයි. ඒත් අසරණ වෙච්චි ගනියෙකුට මෙහෙම කතා කරන්න පුළුවන් එක්කෝ පිස්සෙකුට නැත්නම් අමුම අමු මුග්ධයෙකුට.. මිනිහා කොටියා නෙවෙයි සිංහයා උනත් නැති වෙච්චි දවසට ගෑණු දරුවෝ අසරණයි..

      Delete
  21. අකුරුවලින් හඬ නැගු ඔබට තුති

    ReplyDelete
  22. පැහැදිලිවම එකඟයි.. 'සිවුර' කියන කොස්ටියුම් එක ඇඳගෙන ලොකු පිටපතක් තියෙන නාට්‍යක් රඟපාන කෙනෙක්.මෙයා කට ඇරියොත් වෙන්නෙ මිනිස්සු කලකිරෙන එක.
    මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
    හරක් හොරකම් කරල අහුවෙලා ගස්බැඳල හිටපු තම්බියාටත් වතුර පොවන ජාතියක් වලපල්ලට යවන කාලකන්නි.
    ඇසිඩ් ගහන එක සැපයි අර කතාවට වඩා.. චික්..
    ඔබේ වචනයට..කමියෝ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හරක් හොරකම් කරල අහුවෙලා ගස්බැඳල හිටපු තම්බියාටත් වතුර පොවන ජාතියක්, වලපල්ලට යවන කාලකන්නි.(කොස්ටියුම් ධාරීන්.)

      Delete
    2. අන්ඩස්ටුඩ්. නෝ නීඩ් ෆර්ද එක්ස්ප්ලනේෂන්..

      //හරක් හොරකම් කරල අහුවෙලා ගස්බැඳල හිටපු තම්බියාටත් වතුර පොවන ජාතියක්// ඒ ටිකට බොහොම මනාපයි..

      Delete
    3. ඇත්ත ගස්ලබ්බො. චික් මෙහෙම දේවල් ඉරහද යට වෙනවනෙ .ගස් ලබ්බට සන්ද්‍යා ගැන දුකයි. පුදුම වෙන්න දෙයක් නෑ ගස් ලබ්බ මානව හිතවාදියෙක්නෙ. ගස් ලබ්බගෙ මානව හිතවාදී කම ඕන් බලාගනිල්ල. ඌටත් දුකයි එක්නැලිගොඩ ගැන. ඌත් බ්ලොග් සමාජයෙ පොරක් ලෙස අභිශේක කරනවා.

      Delete
    4. ඕනේ නැති ඒවානම් කරන්න එපා අසරණය හෙට අනිද්දා නාස් ලනුව දා ගන්න ඉන්නේ.. :)

      Delete
    5. අනේ උඹේ අභිශේකෙ උඹම තියාගනින්..අඩුගානෙ හරියට කොමෙන්ට් එක කියෝලා ඉඳහන් රට්ටු අභිශේක කොරන්න කලින්.
      ජයවේවා..!!

      Delete
    6. හා..හා.. මොකද මේ කලබල වෙන්නේ? කෝ කබරහම?

      Delete
    7. සින්දු කියන්න ඉස්ටෙජ් එකට නගිනවා නම් විස්ල් වගේම හූ හඬටත් ඇහුන කන් දෙන්න ලැස්ති වෙන්නොනේ..

      Delete
  23. ඔය මනුස්සයා, අනෝමා ෆොන්සෙකා කියන්නේ ගෞරවකරන්න වටින චරිත මටනම්.තමන්ගේ ස්වාමියාවෙනුවෙන් ඔවුන් කරපු අරගලය අදකාලයේ බිරිඳකගෙන් බලාපොරොත්තුවෙන්න බැරිතරම්.මේවගේ නපුංසක කළකණ්නියෝ ඕවා දන්නේ නෑ බං.එක එකාට නීතිය එක එක තාලෙට ක්‍රියාත්මකවීමේ විපාක.

    ReplyDelete
    Replies
    1. මිනිහා කොටියා වෙච්චි එක්නැළිගොඩ නෝනටත් මිනිහා සිංහයා වෙච්චි ෆොන්සේකා නොනටත් ඇතිවෙන්න ඇත්තේ එකම හැඟීම..

      Delete
  24. කලකිරෙනවා සමහර කමෙන්ට් දකුද්දි :(

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මනෝ. ඕමා කියන්නේ මේ 'කලකිරීම' ගැන සමහරු දකින විදිය (කොමෙන්ට්) දකිද්දි කලකිරෙනවා කියලා..

      Delete
  25. Forces wala hitapu oba wage ayata thiyana (human being) maanusikathwaya,
    naana saarata witharak newei war shadow ekata muwaa welaa unna godak ayata naha.
    oba wage aya gana aadambarai...

    ReplyDelete
    Replies
    1. සතුරා සමඟ මිස මිනිසා සමඟ යුද්ද කිරීම ඉවසන්න බෑ..

      Delete
  26. මේක මම නං හිතන්නේ නානසාරගේ සැලසුම් සහගත වැඩක්... උසාවියකට ගිහින් මෙහෙම හැසිරුණහම අනිවාර්යයෙන් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා කියලා පොර දන්නවා... පහුගිය කාලේ සද්ද නැතුව ඉඳලා ආයෙත් ප්‍රොෆයිල් එක උඩට දාගන්න කරපු වැඩක්... 'වීරයෙක්' වෙන තරමටනේ ප්‍රතිලාභ...

    ක.මි. ගේ පොයින්ට් එක වැදගත්... උසාවියට කෙසේ වෙතත්, තමන්ගේ ස්වාමියා අතුරුදන් වූ දා සිටන් නොබියව ඔහුව හොයාගන්න සටන් කරන මේ කාන්තාවට කරපු අපහාසය ඊට වඩා සිය දහස් ගුණයක් දරුණුයි...

    ReplyDelete
    Replies
    1. මගේ පොයින්ට් එක හරියටම කියෙව්වේ තිසර විතරමද මංදා..

      Delete
    2. මට පේන විදියට ඥානසාර කියන්නේ තමන් ලොකු චරිතයක් කියලා හිතාගෙන තමන් වෙනුවෙන් කැ ගහලා ප්‍රසිද්ධ වෙන්න හදන ඇත්තෙන්ම රට ජාතිය ගැන කිසිම කැක්කුමක්,හැඟීමක් නැති චරිතයක්.

      Delete
    3. //මට පේන විදියට ඥානසාර කියන්නේ// බිලි බෝයි කෙනෙක් කියලයි මම නම් ඉස්සර ඉඳන්ම හිතන් ඉන්නේ..

      Delete
    4. ඇයි ප්‍රා කිව්ව එක... මේ කමියට වත් තේරිල නැහැ නේ..

      Delete
    5. ප්‍රා කියන ඒවා තේරෙන්න ටිකක් කල් යනවා :)

      Delete
    6. ඒකනං ඇත්ත. මටත් බහුතරයක් ඒවා තේරෙන්නැති විකාර මයි.. ටියුබ් ලයිට් එළිය දෙන්නේ එහෙමත් වෙලාවකටයි. හැක්

      Delete
    7. දැට් ඊස් ප්‍රා ජේ ද කමෙන්ටෙටර් ෆොර් යූ.. :)

      Delete
  27. අර කරාඹපු ගොනා අන්තිමට කිව්වලු නේද, “මං කරපු දේ අධිකරණයට අපහාසයක් හැටියට ගන්න පුළුවං. මාත් එක්ක තව දොළහක් ආව. මාව අත්අඩංගුවට ගන්න ඇහැකි“ කියල. මූ හදන්නෙ අර මිනිස්සුංගෙ කඳුළු මතිං ජාතික වීරයෙක් වෙන්න. නැතුව කොටින්ට ඇති වෛරයක්වත් වෙන මොකක්වත් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම වෙනත් ඇජෙන්ඩ එකක්..

      Delete
  28. මට සිරාවටම හිතිල තියෙන්නෙ බෞද්ධාගමික කමෙන් ඉල්ලා අස්වෙන්න….. අඩුගානෙ තවකාලිකව මේ වගෙ සත්තු සිවුරු ගලවල තට්ටෙ තාර ගාල සාසනෙං එලවල දානකල්වත්...

    ReplyDelete
    Replies
    1. පලයං, ගිහින් තම්බියෙක්ට කියල කොන කපාගනින්, ඊට පස්සේ ගෑනිවයි ළමයින්වයි මොහොමඩ්ට දීපං.

      Delete
    2. එක මකුණයි කන්නේ.. ඒත් මරනකොට ඔක්කොම මරන්න වෙනවා.. මොනවා කරන්නද? අඩුම තරමින් හොඳ මකුණෝ ටික වත් එකතුවෙලා කන මකුනවා එලවනවානම්?

      Delete
  29. ආගමික සහජීවනය ඇත්තන්ට ලියමි.......

    උබලා කියන ඔය ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන්.

    දැන් ඔක්කොම ලොකුකරන් කෑ ගහන්නේ චීවරේ පොරෝගෙන අර ගෑනු කෙනාට කෑ ගැහුවටද...?

    ඒ වචන ටික එහෙම කිව්වා කියලා තියෙන ශාක්ෂිය මොකක්ද?
    මේ විදියට බැන්නා කියලා ඒ ගෑනු කෙනා විතරයි කියන්නේ.
    උසාවියට අපහාස කලා නම් ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ වෙලාවේ ඒ දේ නොකර පස්සේ නිතිය ක්‍රියාත්මක කරන්නේ ඇයි?

    ඔය ටෝයියෝ කියා ගන්න සෙට් එකට තියෙන්නේ පුදුම ආගමික සහජීවනයක්.

    හැබැයි ඒ සහජීවනෙට මුලා වෙලා බදියුදීන් විල්පත්තුව කපලා මුස්ලිම් ජනාවාස ඉදිකරනවා, ඒවා පෙන්නේ නෑ,
    ලංකාවෙන් 49ක් ISIS එකට බැදිලා. උබලට ඒවා පෙන්නේ නෑ.

    කැලෑව කපලා එතන සොබාධර්මෙට වෙන හානිය උබලට පෙන්නේ නෑ.

    එතන පදිංචි කරවන්නේ මොක්කුද කියලවත් උබලට ගානක් නෑ. එකනේ සහජීවනේ. නේද.....?
    ISIS කාරයෝ ඇවිත් මෙතන යුද්දයක් පටන් ගත්තම කියයි බොදුබල සේනාවයි, රවණා පෙරමුණයි, සිංහ ලේ කාරයොයි එකතුවෙලා කලේ කියලා.
    උබලට හරි ලේසියෙන් අත පිහිදගන්න පුළුවන්. ඇයි උබල නෙමේනේ මේක පටන් ගත්තේ. නේද බං...?

    උබලට කන්න කට විතරක් තිබුනම ඇතිනේ, ඉන්න රට ඕනේ නෑ නේ.

    බොදු උරුමයක් උන කුරගලට හමුදුරුවොන්ට යන්න බැරි වෙන්න වාරණ නියෝගයක් අරන් තියෙනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ.
    මුහුදු මහා විහාරේ අක්කර ගානක් බලෙන් අල්ලන් ඉන්නවා. ඒවා උබලා එකෙක්ටවත් පෙන්නේ නෑ.
    හැබැයි ඒ ගැන කතා කරන උන් ජාතිවාදියෝ.

    තම්බියෝ "මාෂා අල්ලාහ්" කියලා වාහනේ ගැහුවම ඒ ආගමික සහජිවනේ,

    සිංහලයෙක් සිංහලේ කියල වාහනේ ගැහුවම ඒක ජාතිවාදේ...?

    පෙළපොත් ඔක්කොම මුස්ලිම් කරණය කරලා.
    "රබුටන් යනු අල්ලාහ් මවන ලද පලතුරකි " ඔය එකක් විතරයි. පුළුවන් නං හොයල බලපල්ලා.

    තුන් වෙනි දරුවගේ උපත වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට දුන්න රුපියල් ලක්ශේ ආණ්ඩුවෙන් අයින් කරලා. මට වඩා හොදට උබලා ඒක දන්නවා ඇති.
    හැබැයි ඒක උබලට ගානක් වත් නෑ, ආගමික සහජිවනේ තියෙනවනේ කන්න දෙන්න.

    හාමුදුරුවන්ට නීති පනවන්න යනවා. රස්සාවල් කරන්න බෑ, අරක කරන්න බෑ, මේක කරන්න බෑ,
    ඒ රස්සාව ගෙදරට සල්ලි යවන හාමුදුරුවෝ ඉන්නවා, උබලා කියන විදියට එහෙම අය සාසනේ තියාගන්න හොද නෑ.

    අරාබියේ පන්සල හදන්න බෑ, බුදුන් වදින්න බෑ, ආගමික සහජිවනේ නිසා වෙන්න ඇති, අනික් ආගම වලට ගරුකරන නිසා වෙන්න ඇති.
    අරාබියේ එහෙම නම්, ලංකාවේ මොනාටද පල්ලි හදන්න දෙන්නේ. ඒ සිංහලයෝ ජාතිවාදියෝ නිසා වෙන්න ඇති නේ බං...?

    ලංකාවේ යුද්දයක් තිබ්බා කියලා මට නම් මතකයි. ටෝයියන්ට නම් මතක නෑ. ලංකාවේ කවදාවත් බෝම්බ පුපුරලත් නෑ.

    LTTE එක නිසා උයා ගත්ත බත් පත කන්න නැතිව හිටපු දෙමල උන්ට නිදහස දීලා උන්ව ආපහු උතුරේ පදිංචි කරවලත් ඉවරයි.
    ඉරක්‌කණ්‌ඩිය ගමේ තාමත් තමන්ගේ රටේ අනත වෙච්ච සිංහලයෝ ඉන්නවා, ඔය මහා ලොකු සමාජ සේවකයෝ ඉන්නවනේ හොයලා බලන එකයි ඇත්තේ.

    අන්තවාදී මත ක්‍රියාත්මක කරන කල්ලි 15 කට වඩා අද ලංකාවේ ක්‍රියාත්මක වෙනවා.
    උබලට මොකෝ බං, උබලගේ දරු පවුලට එකෙන් හානියක් වෙන්නේ නැති තාක් කල් උබලට අව්ලක් නෑ. සහජිවනේ දොරේ ගලනවා. උබලගේ කාට හරි තම්බියෙක් නිසා මොනා හරි උනානම් ඔය සහජිවනේ තියෙයිද බං....?

    ප්‍රශ්නේ වෙන මුකුත් නෙමෙයි, උබල බයයි. උබලගේ පවුල අනතුරේ වැටෙයි කියලා. කමක් නෑ එහෙම ඉදපල්ලා, ඔය විදියට ඉදලා උබලගේ මුණුපුරන්ගේ කොන කපන්න උන දවසට උඩ බලාගෙන හුල්ලපල්ලා.

    රටේ නායකයෙක් ඉන්නවා. ඔක්කොම ප්‍රශ්න අමතක කරලා බ්‍රා එකක් ගැන කතා කරනවා. රජ සන්තක කරපු ඇත් දළ ගෝල් ෆේස් එකට ගෙනල්ලා ජනතාව ඉදිරියේ විනාස කරලා මෝඩ ආතල් දෙනවා. වෙන මුකුත් හින්ද නෙමේ බන් කරන්න දෙයක් වත් කරපු දෙයක් වත් නැති නිසා.

    කරන්න යන දෙකම දේ තමා CEPA ගිවිසුම අත්සන් කරලා ඉන්දියන් කාරයෝ මෙහෙට ගෙනල්ලා ලංකාවේ උන්ට තියෙන රස්සාවල් ටිකත් නැති කරන්න යන එක. ඉන්දියන් කාරයොන්ට කියල වෙනම කම්පැනි මෙහෙ පටන් ගන්නවද? නෑ බොලන්, ලංකාවේ අපේ උන්ට තියෙන ටික තම අඩු පඩියට උන් ගන්න යන්නේ. මෙතනට අවට පස්සේ උන් කියයි මේකත් උන්ගේ රට කියලා. එතකොට එකටත් සහජීවනේ කියපල්ලා. නියමෙට තියෙයි.

    සිංහලේ කාරයෝ මොඩයෝලු, ජාතිවාදේ අවුස්සනවලු,
    හැබැයි උබල කවුරුත් හිතුවද සිංහලේ, බොදු බල සේනා, වගේ දේවල් බිහි වෙන්න හේතුව..?
    කවුරුත් දන්නෙත් නෑ, හොයලත් නෑ, බොරුවට උඩින් පෙන දේට එකේ කෑගැහුවම ඒකට හු මිටි තියන්න විතරයි දන්නේ.

    සිංහල ජාතියට තර්ජනයක් නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් එකෙක් හරි මෙතන ඉන්නවද?

    අවසාන වශයෙන්,

    කරන්න බැරි නම් කට වහගෙන ඉදපල්ලා, කරන උන්ට කරන්න දීලා.
    නපුන්සක කම සහජීවනෙන් වහ ගනිල්ලා.
    උබලට බුදු සරණයි.

    මම,
    ජාතිවාදියෙක්.

    ReplyDelete
    Replies
    1. අනෝ මචං .
      උඹ බොහොම හිත වේදනාවෙන් හා උවමන්වෙන් මේ කොමෙන්ට් එක දාල තියෙන නිසා තමයි මේ ටික ලියන්නේ.. අර ගෑණු මනුස්සයට එහෙම බැන්නා කියලා එදා රෑ අදාළ හාමුදුරුවෝම මාද්‍ය වේදීන්ට කියනවා ටීවී එකේ පෙන්නුවා. එක නිසා එයා එහෙම කියුවයි කියන එක ගැන වෙනත් සාක්ෂි ඕනි නෑ.
      වැදගත්ම කාරණේ.. මං කතා කරන්නේ සහ උඹ මේ කියන්නේ කතන්දර දෙකක්.. මම කියුවේ/ කියන්නේ මිනිහා නැතිවෙලා, තාත්තා අහිමි වෙලා අසරණ වෙලා ඉන්න දරු පවුලක් ගැන.. තමන්ගේ මනුස්සයා හොරෙක් වංචාකාරයෙක් මිනිමරුවෙක් කොටියෙක් නෙවෙයි සිංහයෙක් උනත් ඒ මනුස්සයා බිරිඳට දරුවන්ට වටිනවා.. එතන තියෙන්නේ වෙනම බැඳීමක්.. උඹ කසාද බැඳලා දරුවෝ ඉන්න එකෙක් නම් මන් කියන එක තේරෙයි. අනිත් කාරනා සියල්ල පැත්තකින් තියෙද්දී එහෙම ගැනියෙකුට ලෝකයක් ඉස්සරහා පරිභව කරන එක හරිද? වැරදි තියෙනවනම් උසාවියෙන් පොලිසියෙන් නැත්නම් සොභාව ධර්මයෙන් හරි හොයල දඬුවම් ලැබෙයි. ඒ මනුස්සය නිර්දෝෂී කෙනෙකන්ම්? මොකක්ද අර බිරිඳට දරුවන්ට ඇතිවෙන හැඟීම? ඒ අවනම්බුව ආපහු හරවන්න පුලුවන්ද? අනික ඒ මනුස්සයාට මුනට බැනලා මොකක්ද කරන්න පුළුවන් රණවිරුවන් වෙනුවෙන්? රට ජාතිය ආගම වෙනුවෙන්? හිතලා බලපන් උඹව නිස්කාරනේ පොලිසියෙන් අල්ලාගෙන යනවා මිනි මැරුමකට සැක කරලා.. ඊට පස්සේ ආයුද පෙන්නන්න එක්කගෙන යනවා.. උඹට වෙච්චි දෙයක් කවුරුත් දන්නේ නෑ.. උඹේ හාමිනෙයි දරුවෝ දෙන්නයි පොළොවේ පස් කනවා උඹ නැතුව.. ඒ වෙලාවට NGO කාරයොයි බංකොලොත් දේශපාලන පක්ෂයි අවස්ථාවාදී කණ්ඩායම් වගේම හැබැවටම උදව් කරන්න එන හිතවත්තුත් ඒ යට නොයෙක් දේවල් කියනවා.. උඹව හොයා ගන්න ඕනි කමට අසරණ කමට ඒ අයත් ඒ පද වලට වැනෙනවා.. එහෙම තියෙද්දී කොහෙවත් යන තවත් එකෙක් උඹේ බිරිඳගේ මුණට කෙලගහලා කියනවා 'උඹේ මිනිහා මිනීමරුවා.. තෝ හිඟා කාපිය කියලා..' උඹේ පවුලට මොනවා හිතෙයිද?

      Delete
    2. බයියෝ ටොයියෝ මොකා මේ රට පාලනය කලත් උඹ ඔය කියනවටත් වඩා ප්‍රශ්න මේ රටේ තියනවා.ඒවා දවසින් දවස උග්‍ර වෙනවා.ඒකට බයිද ටොයිද ප්‍රශ්නයක් නෑ.ඤාණසාර වගේ මෝඩ විදියට හැසුරුනාට ඔය ප්‍රශ්න විසදෙන්නෙත් නෑ.රටේ තිබුන කුරිරු යුද්ධය ඉවර කලේ මහින්ද රාජපක්ෂගේ?ගෝඨාගේ නායකත්වයෙන් වගේම සරත් ෆොන්සේකාගේ හමුදා නායකත්වයෙන්.තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා යුධ බිමේ සටන් කරපු රණවිරුවො යුද්ධය ජයග්‍රහණය කරනකම් නිවාඩු එන්නෙත් නැතිව හිටියා.සමහරු කීවා මේ අන්තිම වෙලාවේ අපිට නිවාඩු එපා අපි යුද්ධ කරමු කියලා.යුද්ධය ඉවර වෙනකොට සමහරු මැරුණා,සමහරු සදාකාලීක අබ්බගාත බවට පත්වුනා.ඒ පිරිස් අතරේ අපේ පවුල් වල අයත් ඉන්නවා.ඒ අය යුද්ධ වෙලාවේ බයි ටොයි ගොන් කතා කිය කිය හිටියේ නෑ.ඔය කාලේ ඥාණසාර කොහේද හිටියේ.ඒ නමවත් උඹලා ඒ කාලේ දන්නවද.ඤාණසාර දැන් කතා කරන්නේ හරියට යුධ බිමේ හිටියා වගේනේද.ඤාණ සාර අපේ කොල්ලෝ මුහුණට මුහුණලා යුද්ධ කරනකොට කොලඹ පන්සලකට වෙලා ගැණු හත්අටදෙනා එක්ක ජොලි කරපු.අඩිය ගහපු සුරසැප විඳපු සිවුරට මුවා වුන අවස්ථාවාදියෙක් විතරයි.මම කිහිප අවස්ථාවකම තාවකාලික පැවිද්ද ලබපු කෙනෙක්.ඒ වගේම කොලඹ ඉඳලා පුත්තලම් කල්පිටි වගේ ඈත දුෂ්කර ගම්මාන වල තැන් දක්වා රටේ බොහෝ ස්ථානවල මම ඒ කාලේ හිටියා.ඒ නිසා සාසනයේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන මම හොදින්ම දන්නවා.තරුණ හාමුදුරුවරු ගෙවල් වල ප්‍රශ්න නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නවා.සමහරුන්ට ඉන්න හිටින්න තැනක් නෑ.ඒත් කොහොම හරි සිවුරේ ඉන්නවා.සාසනික කටයුතු කරනවා.ලොක්කෝ උපරිම සැප විදිනකොට පොඩි හාමුදුරුවරු කරකියා ගන්න දෙයක් නැතිව අසරණව ජීවිත ගෙවනවා.සමහර තැන්වල පුංචි උන්ට අපචාර.මම මේවා ඇස් දෙකෙන්ම දැක්ක කෙනෙක්.ඒ ප්‍රශ්න ගැන ඔය කෑ ගහන ඥාණසාරලා කවදාවත් හිතුවේ නෑ.පන්සල් වල අයිතිය දේපල බදාගෙන ඒවට කාටවත් එන්න දෙන්නේ නෑ.කොටින්ම ඥාණසාර කියන්නේ අතකොලුවක් මිස සෘජු ප්‍රතිපත්තියක් තියන මිනිහෙක් නෙවෙයි.

      Delete
    3. මේක ලොකු නාට්‍ය පිටපතක එක ජවනිකාවක් වගේ.. රට ජාතිය ආගම වෙනුවෙන් හිරේ යන්න පුළුවන් නම් ඒක මාර ඉන්වෙස්මන්ට් එකක් මචං..

      Delete
    4. හරි,

      දැන් එතකොට එකනනැලිගොඩ කියන්නේ හොද මිනිහෙක්ද?
      ලංකාව LTTE එකට එරෙහිව රසායනික අවි පාවිච්චි කරනවා කියලා ලෝකෙට බොරු කියපු එකෙක්.(එහෙම කලද නැද්ද කියල උබලම දන්නවා ඇති නේ..) දැන් ඒ මිනිහා උබලට හොදයි නේ බන්. පුදුමයි බං, උබලට මේ තරම් ඉක්මනට හැම දේම අමතක වෙන එක ගැන. රටක් ඉතුරු වෙයිද බන් ඉතිං ?

      Delete
    5. එක්නැලිගොඩයෙක් ගැන කතාවක් නෙවෙයි බන් මන් කියන්නේ.. මිනිහෙක් නැතිවෙලා අසරණ වෙච්චි ගැනියෙක් ගැන.. ඌ වැරදි කරලා තියෙනවනම් ඒවා නීතියෙන් බලාගනියි. (දැන් නම් ආයි බලන්න දෙයක් තියෙනවද මංදා..) අර ගස් ලබ්බා උඩින් කියල තියෙනවා වගේ 'හරක් හොරකමට අහුවෙලා ගුටි කාල ගස් බැඳලා ඉන්න එකාටත්' වතුර පොවන ජාතියක් අපි.. දැන් කෝ ඒ වටිනාකම්?

      Delete
  30. මචං කමියා............ ඔය චීවරධාරියා කියන කතාව අැහුවාම මට අහවල් පැත්තෙනුත් හිනාගියා.... යකෝ කරේ අත දාගෙන ඒකට ඉදගෙන ඒකගෙයි ලැගගෙන කරුණත් ඒක්ක දේශපාලනය කරන්න මුන්ට හොදයි..... අර අරන්තලාවේ බුද්ධපුත්‍රයින් මැරුව කරුණා පූසා වෙලා මාධ්‍යවේදීන් කොටි වෙලා.... මේක අබුද්දස්ස කාලේ බං....... ඔය කුණුහරප කියන්න ඔ්නේ නං ඔය චීවරධාරීන් ටික යන්න තිබුනේ උන්ගේ මහඋන් ලගට මිසක් අර මිනිහා හොයාගන්න දත කන ගෑණු කෙනා ළගට නෙමෙයි බං.........

    ReplyDelete
    Replies
    1. කාටද මචෝ කියන්නේ.. හි හි..

      Delete
    2. කුරුටු @උඹලත් හොද අය බන්. දැන් ඉතින් නාඩ ඉදිල්ලා.

      Delete
    3. නාඩා ඉඳිල්ල.. (ඒ වගේම හිනා නොවීත් ඉඳිල්ල.. හැක හැක..)

      Delete
  31. අතීතයට වර්තමානයට දෙකටම් ගැලපෙන ලියලා තියන මේ පදවැලත් අනාගතයටත් ගැලපෙයි වගේ

    සොයා දියව් .......
    සොයා දියව් -- මට සරණක්
    මා අතගන්නට පෙරුම් පිරු යව්වන.....යන්
    දකුණේදී - උතුරේදී
    මරා දැමුයේ .....................
    තෙපි නොවේද....
    පව් කාරයෙනි

    නීල වරල මතුවන නර කෙස් ගනිමි
    බාල සුවඳ ආලේපන ගෙන උලමි ...//
    දෙතන එරෙන කිරි --දොවා ඉවත ලමි ....//
    තොපිටයි ඒ ශාපේ -...................
    පව් කාරයෙනි

    සොයා දියව්
    සොයා දියව් මට සරණක්
    මා අතගන්නට පෙරුම් පිරු යව්වන...යන්
    දකුණේදී .... - උතුරේදී .......
    මරා දැමුයේ .....................
    තපි නොවේද පව් කාරයෙනි

    මැලවේ නෙතු මානෙල් නා දළු දෙතොලේ
    ගිලිහෙයි පෙති සිය පත වන් වත මඩලේ ....//
    හදෙහි නැගෙන ගිණි ක--කඳුලින් ඉවසමි .....//
    තපිටයි ඒ පාපෙ---------
    පව් කාරයෙනි

    සොයා දියව් ..
    සොයා දියව් මට සරණක්
    මා අතගන්නට පෙරුම් පිරු යව්වන...යන්
    දකුණේදී .... - උතුරේදී .......
    මරා දැමුයේ .....................

    https://www.youtube.com/watch?v=EwiP11GEvMg

    ReplyDelete
    Replies
    1. යුගයේ ගායිකාව නේද ඕක අලුතෙන් කියුවේ?

      Delete
  32. දැන්වත් උඹලට තේරෙනවද ජනාධිපති තුමා හරක් මරන එක තහනම් කරන්න ඕනෙ කිවුවෙ මොකද කියල.

    ReplyDelete
  33. දැන්වත් උඹලට තේරෙනවද ජනාධිපති තුමා හරක් මරන එක තහනම් කරන්න ඕනෙ කිවුවෙ මොකද කියල.

    ReplyDelete
    Replies
    1. හරක් එල්ලුම්ගස් යවන්න තහනම් කරේ නෑ නේද?

      Delete
  34. කම්මනා වසලෝ හෝතී
    කම්මනා හෝති බ්‍රාහ්මණෝ...

    කළණෙ මං දන්නෙ ඔච්චරයි

    ReplyDelete
    Replies
    1. පව් අසරණ කම්මලයා.. උඹ මොකැයි ඌට අනම් මනම් කියන්නේ?

      Delete
  35. ඔහොම යං …… නිවන ඔන්න මෙන්න !!!

    අවසරයි අපෙ හාමුදුරුවනේ.………

    ReplyDelete
    Replies
    1. පත්තු කරගෙන නිවන් යෑම

      Delete
  36. ඔබේ විවෘත කතිකාව හරිම ඉහළින් අගය කරනවා.විශේෂයෙන්ම යුද්ධයට ගිය ඔබ වැන්නෙක්.

    ReplyDelete
    Replies
    1. යුද්දයට නොගියත් මන් සැමියෙක්, පියෙක් .. මගේ ගැනිට මොකෙක් හරි ඔහොම අවනම්බු කරනම් මන් මරණෙන් නැගිටලා එන්නේ බොටුව මිරිකන්න..

      Delete
  37. බුදුන් දෙසුව විනය කඩල බුදු දහම රකින්ඩ අමාරුයි හාමුදුරුවනේ....

    ReplyDelete
    Replies
    1. තලා ට තේරෙන දේ මේ සමහර **තලාට තේරෙන්නේ නෑ..

      Delete
    2. මේකෙ සමහරුන්ගේ කොමෙන්ටු කියවපුව බඩ දගලනවා බන්. ලංකාවේ උන්ට ඔනෙම දෙයක් හරි ලස්සනට හිරිකිතයක් නැතුව සාධාරණිකරනය කරන්ඩ අපුරු හැකියවක් තියෙනවානේ..

      Delete
    3. ඒ ඔක්කොටමත් එක්කම තමයි කියුවේ 'මුග්ධයා' කියන වචනේ..

      Delete
  38. මේ හැමතැනම ඉන්නේ ජරාජීරණ වෙච්ච දේශපාලන බලලෝබීත්වය ඇතුලේ කාගේ හෝ තුන්වෙනි පාර්ශවයක උවමනාවක් වෙනුවෙන් පාවාදෙමින් සිටිනා ජනතාවක් විතරයි කමී. මෙව්වා මෙහෙයවන උදවියට අදාළ වෙන්නේ ලැබෙන දේ මිසක් අපහාස වෙන්නේ හෝ ජීවිත නැතිවෙන්නේ කාටද කියන දේ නෙවෙයි. බලයට තන්හාවෙන් වියරු වැටිච්ච සුළුතරයක් මුළු රටක්ම වනසමින් සිටිනවා කියන දේ තමයි පොදු සාරාංශය.

    අරක්කු කාලට , සිමෙන්ති කොට්ටෙට, පාන් ගෙඩියට කතිරේ ගහන ජනතාවක් ඉන්න රටක බුද්ධිමත් දේශපාලන නායකත්වයක් බිහිවෙන එකක් නැහැ කවදාවත්. රටට කවදාහරි යහපතක් වෙන්න නම් සොෆ්ට්වෙයාර් එකකට පාලනය බාරදෙන්න වෙයි කමී.

    ReplyDelete
    Replies
    1. අද හෙටම එහෙම සොෆ්ට් වෙයාර් එකක් වත් හොයා ගත්තොත්..

      Delete
  39. අවාසනාව තමයි ඉතින්
    නානසාර මේ කලේ සැලසුම් සහගත වැඩක් කියලා ක්‍රියා පිළිවෙලින්ම පේන්න තියෙනවා.

    ReplyDelete
  40. සන්ධ්‍යට පව්. උඹටයි අර ඉරක්කන්දිය ගම ගැන වේදනාවෙන් කෑ ගහපු එකාටයි දෙන්නටත් පව්. උඹල නොදන්න සමහර දේවල් දන්නා නිසා මටත් පව්. ඥාන සාරටත් පව්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි ඔක්කොම අපායේ යයි නේ එකට..

      Delete
    2. ඒ පව නෙමේ බන්. පව් අහිංසකයෝ කියන තේරුම.

      Delete
    3. ඒක මිසක්.. මං බය වෙච්චි තරමක්.. :p

      Delete
  41. මට නම් පෙ නෙන් නේ එක්නැලි ගොඩ සහ නානසාර යනු අයිස් කන්දක වතු රෙන් උඩ ඇති කොටස පමනක් බවය

    ReplyDelete
    Replies
    1. එක්නැලිගොඩ ගේ දරු පවුල?

      Delete
    2. සමහර විට උනුත් බහුතරයක් අපි ව ගේම වෙන්න ඇති

      දන් නෙම නැතිව පාවිච්චි වෙලා

      Delete
    3. ඔව්. මිනිස්සු අසරණ උනාම අනුගේ ගොදුරු වෙනවා ලේසියෙන්ම.. මෙයා විතරක් නෙවෙයි අනෝමා ෆොන්සේකාත් ඒ වගේ ගොදුරු උනා.. සිරිමාවෝ.. චන්ද්‍රිකා වගේ අයත් එහෙම උනා.. එක එක මට්ටම් වලින්..

      Delete
  42. මාර වැඩේ දැං උඔව අපායේ යයි

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බන් අර අජියයි තව සෙට් එකක්ම ඉන්නවනේ.. එහෙ ගිහිනුත් මේ වගේම ඉතා හැකි :)

      Delete
  43. කල්‍යාන මිත්‍ර සහ විචාරක බ්ලොග් සමාජයේ මුහුන දෙන අර්බුදයක් ඇත. ඔවුන් දෙදෙනාටම වරදකාරී හැඟීමක් ඇත. බ්ලොග් සමාජයේ සියළුම දෙනා ජාත්‍යාන්තරවාදීහු වෙති. ඔවුහු යුද්ධය පැවති කාලයේ යුධ විරෝධී වූහ. ඇත්තෙන්ම ඔවුන්ට රජයට වඩා එල් ටී ටී ඊය කිට්ටුය. හාමුදුරුවරු ,සිංහලකම ගැන කතා කිරීම, හමුදාව ඔවුන්ට අරහංය. මෙහිදී විචාරකත් කල්‍යානත් ඉන්නෙ විත්ති කූඩුවේය.ඔවුන් දෙදෙනාම ගලේ පැහැරූ බලල්ලු මෙනි. මොකක් හෝ කතාවක් කියා අනේ අපි නම් හොද ළමයි බලපල්ල මේ මහින්දය කරපු නොසන්ඩාල වැඩේ කියා කියයි. ඊළාම්වාදී නව ලිබරල්වාදී බ්ලොග් සංවිධානයේ විචාරකට මෙන්ම කල්යානටද ගත හැකි වෙන මගක් නැත.රැකියාවට යුද්ද කලාට විචාරක සහ කල්‍යාන හොද අය බව මාතලන්ලා බස්සිලා හැලපයලා සහතික දෙති.

    ප්‍රගීත්ලා ලියූ දේ අප කියවා ඇත. ප්‍රගීත් සේවය කලේ කාටද කියා දේශපාලනය ගැන දන්න හැමෝම දනිති. එහෙත් ප්‍රගීත් ට වඩා දරුණු ලෙස ඊළාම්වාදී වූ ඍජුවම එල් ටී ටී ඊ ය වෙනුවෙන් පෙනී සිටි අය සිටි විටක ප්‍රගීත්ම ඉලක්ක වීම එක අතකට පුදුමයකි. යුද්ධය පැවති කාලයේ එල් ටී ටී ඊයෙන් වැටුප් ලැබූ අයද බොහෝ විය. එහෙත් එහෙමයි කියල කිසිවෙක් මරන්නට කාටවත් අයිතියක් නැත.ප්‍රගීත් ගැන කටකතා බොහෝ වෙයි. ඔහු කල්යානලා දකින තරම් සුදු චරිතයක් නොවේ.

    සංධ්‍යා ප්‍රගීත්ගේ බිරිද මහා වීරවරියක් වී ඇත.මේ සියල්ල මාධ්‍ය සංදර්ශනය. ඝ්නානසාර යනු රූකඩ නැට්ටුවෙකි. ඔහුටද නෝර්වේ සම්බන්ධකම් ගැන බරපතල චෝදනා ඇත. සමහර විට ඝ්නානසාර සහ සන්ධ්‍යා රගපාන්නේ එකම අධ්‍යක්ෂවරයෙක් විසින් ලියන ලද පිටපතකට අනුවද විය හැක.

    කල්යාන විචාරක ඔබ දෙපල දෙමල මිනිසුන් වෙනුවෙන් /ඊළාම්වාදී සිංහලයන් වෙනුවෙන් බොහෝ කදුළු සැලිය යුතුවෙයි.නැත්නම් බ්ලොග් සමාජය ඔබ දෙස සැකෙන් බැලීමට ඉඩ ඇත.

    සංධ්‍යාට බැනපු එකට කල්යාන හීනෙනුත් ඉකි ගසමින් ඇඩීම ඔහුගේ මානව හිතවාදීකම පෙන්වීමකි. බ්ලොග් සමාජයේ සෙස්සනි මොහුගේ නිර්දෝෂීභාවයට තවත් කවර නම් සාක්ෂි නුඹලා බලාපොරොත්තු වන්නහුද

    ReplyDelete
    Replies
    1. සිව්වැනි මානයකිනුත් මේ ගැන දැක ගැනීමට හැකිවීම ගැන සතුටුයි. :)

      Delete
    2. සිව්වැනි මානය,

      ඔබ ඉතාම නිවැරැදිව විග්‍රහ කොට තිබෙනවා. විචා සහ ක.මි. දෙදෙනාත් හරියටම උග්‍රලෙස වර්ණබේධවාදී සුද්දන් පාලනය කරන රටකට සංක්‍රමණය වූ කලුජාතිකයන් දෙදෙනෙක් වගෙයි මෙම බ්ලොග් ලෝකය තුලදි පෙනෙන්නේ. ඔවුන්ගේ අනන්‍යතා අර්බුදය තුළ ඇති අතිශය අසරණකම හරියට බොබ් මාලේ "බෆලෝ සෝල්ජර්" ගීතයෙන් විස්තර කල රතුඉන්දියන්වරු හා සටන් කළ කළු ජාතික කුලී හේවායින් මුහුණදුන් අසරණකම බඳුයි.

      නමුත් මොවුන්ගේ ලිපිවල උවමනාවටත් වඩා පෙන්වන අතිශය සංවේදීබවත් කාන්තාවන්ට පෙන්වන ඉතා අධිකතර භක්තිය මුසු වන්දනීයත්වය ඉතාම සැකකටයුතු බවක් මටනම් දැනෙනවා. මා දැක ඇති ආශ්‍රය කළ කනබොන බඩු ගසන බොහෝ හමුදා සාමාජිකයන්ට වඩා මොවුන්ගේ අදහස් ඉතා වෙනස්. මෙහෙම කුඩා දරුවන්ටත් වඩා උග්‍රලෙස සංවේදී හයිපර්සෙන්සිටිවු අය හමුදා රාජකාරි කළේ කෙලෙසද යන සාධාරණ සැකයක් අප හද තුල නැගෙනබව කිව යුතුයි.

      ක.මි. ඔබට රිදවීමට නොව හුදෙක් මගේ සිතතුල දිගුකලක් පැවති සැකයක් සිව්වෙනි මානය විසින් ඔබෙන් ඇසීමට යොමුකළා. මෙයින් ඔබ සිත රිදුනා නම් සමාවන්න.

      Delete
    3. දිගුකලක් තිස්සේ ඔබේ සිතේ තිබු සැකය ගැන වෙනකෙනෙකුන් හෝ ඇසීමෙන් ඔබේ සිතට සහනයක් දැනුනා නම් එය මට සතුටක්..
      බොබ් මාලේ ගැන මන් මුලින්ම දැනගත්තේ බෆලෝ සොල්ජර් සින්දුවෙන්. එදා ඉඳන් මම බෆලෝ සොල්ජර් මෙන්ම බොබ් මාලේ ගේද රසිකයෙක් :)

      Delete
    4. මෙයා ගැන බැජාලා මහ ගූ කතා කියන්නෙ.

      Delete
  44. Anonymous 27 January 2016 at 11.51
    ගේ කතා ගැන ගොඩාක් සැළකිලිමත් වෙන්ට ඕනේ...

    ඒත් ඒක මෙතෙන්ට අදාල දෙයක් නෙමෙයි...


    ඔය උන් වහන්සේගේ ඇඟේ දුවන්නේ
    "සිංහ ලේ" වෙන්ට ඇති...
    අපේ වගේ ඉංග්‍රීසී "A", "B", "AB", "O"
    නෙමෙයි වෙන්ට ඇති...

    ඒ ලේ ඕනෑවට වඩා දුවන කොට ඇතිවෙන අතුරු ආබාධයේ ලක්ෂණ තමයි ඒ පෙන්නලා තියෙන්නේ...
    දැන් නම් තත්ත්වය උග්‍ර වෙලාම වගේ...

    ඔයා නියමයි...
    පෝස්ට් එකත් නියමයි...
    ජනවාරි මාසයේ හොඳම පෝස්ට් එක...

    අම්මට සිරි මේ දැන් මතක් වුණේ...
    එයා දැන් ඉස්පිරිතාලේ නේද???

    ReplyDelete
    Replies
    1. නෙස්ටමෝල්ට් පැකට් එකක් අරන් යමන් ගිහිල්ල බලල එන්න.. අන්න එහෙමයි ඔරිජිනල් සිංහලේ මිනිස්සු..

      Delete
  45. නානසාරුගේ හැසිරීම කෙසේවෙතත්, නානසාරු වැනි සිවුරු එතු අශුචි කඳකට ආවඩන මිනිසුන් බහුතරයක් අතර ඉපදීමට වීම නම් මම කල මහා පාපකර්මයක් පල දීමක්. කමියා වගේ මනුස්සකමට සංවේදී මිනිස්සුත් ඒ අතරේ හමුවෙන්නේ මහපාප කර්මයක් කලාට පොඩි පොඩි හොද වැඩත් මම කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ හාමුදුරුවොත් හොඳ වැඩ කරලා ඇති.. මේ කරේ නම් මහ අශුචි වැඩක් :/

      Delete
  46. කල්‍යාණ මිත්‍ර මං හිතන්නෙ මිනිස්සු දිහා අපිට එක එක කෝණ වලින් බලන්න පුළුවන් හොරෙක් කොටියෙක් මිනීමරුවෙක් මේ ඕනෑම විදිහකට.අපි ඒ අය දිහා බලන විදිහට අපි ඒ අය ගැන හිතන විදිහත් වෙනස් වෙනවා.හැබැයි අපි ඒ මනුස්සයගෙ අභ්‍යන්තරයට කිඳාබැහැල ඒ ශරීරය ඇතුලෙත් සරිසරන්නෙ අපි වගේ හැඟීම් දැනීම් කියන මනුස්සයෙක් නේද කියල තේරුම් ගත්ත දවසට අපි අනුකම්පා කරනවා.මොහොතකට හැම දෙනාගේම අදහස් මතවාද කෝණ වලින් මිදිලා ඒ මනුස්සය හිතන විදිහට දැනෙන විදිහට හිතනවානම් අපිට ඇත්තටම තේරේවි ..දැනේවි ..වචනයකින් හරි හිත රිදුනම දැනෙන වේදනාව කොච්චරද කියල.මේ පොස්ටුවේදීත් මට දැනුනේ එහෙමයි.ඇගේ වේදනාව තේරුම් ගන්න තරම් ඔබ සංවේදී වුණා...

    ReplyDelete
    Replies
    1. මගේ බිරිඳ මම නිසා මිට කිට්ටු අවස්ථා දෙකකට මුණ දීපු විදිය මං දන්නවා.. ඔබටත් දුවක්.. තරුණියක්.. පෙම්වතියක්.. බිරිඳක් විදියට හිතන්න පුළුවන් නිසා ඔබටත් දැනෙනවා ඇති.

      Delete
  47. ඔව් මේ පේලි ටික මෙහෙම ලියල උබලට වීරයෝ වෙන්න පුළුවන්
    අර කාලකන්නි යුද්ධය දරුවන් කී දාහකට තාත්තලා නැති කරාද
    තාත්තා නොදැකපු කිරි සප්පයෝ කී දාහක් ඉන්නවද
    එහෙව් යුද්ධයක් ඉවරකරගෙන යනකුට
    කොටියට උදව්වට ලියපු මනුස්සයට
    කියමුද ගරු මැතිතුමා කියල

    ReplyDelete
  48. https://www.facebook.com/photo.php?fbid=1545032462474429&set=a.1379926335651710.1073741829.100009030700039&type=3&pnref=story
    මට කියන්න තියෙන්නේ සර් මෙච්චරයි

    ReplyDelete
    Replies
    1. කවුරුත් කැමති හොඳට විකිණෙන බඩු විකුනන්න මචන්..

      Delete
  49. තමාට, තමුන්ගේ තත්වෙට නොගැලපෙන ලෙස කථා කිරීමෙන් මෙවන් සිත් රිදවීම් හා අපහසුතා ඇතිවෙනබවට හොඳම උදාහරණයක් මේක.

    කෙනෙකුගේ සිත්රිදවීමෙන් තමාට දායාද වන්නේද සිත් රිදවීමක්මය

    ReplyDelete
  50. අනිවාර්යයෙන්ම මේ කතාවට මාත් 100% එකගයි,මේ වගේ දෙයක් කවුරු කිව්වත් එක කෙසේවත් සදාචාරත්මක නැ,
    මේ වගේ තේමාවක් ගැන වචන එකතු කරපු එකට හදවතින්ම ස්තුති සහො,

    ReplyDelete