Thursday, 9 March 2017

යුද විරුවන්ට එදිරිව යුද අපරාධකරුවන් War Heros Vs. War Criminals

යුද සමයේ සිදුවී යැයි කියන මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පුවී ඇති කප්පම් ලබාගැනීම සඳහා කරන ලද පැහැරගැනීම්, අතුරුදහන් කරවීම් හා මිනීමැරුම් සිදුවීම් 11 කට වග උත්තරකරුවන් විය යුතු වූ හිටපු හා වත්මනෙහි සේවයේ නියුතු නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් රැසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතව තිබුනත් රජයේ ඉහලම අත පෙවීමක් මගින් එම පරීක්ෂණ කටයුතු වලට බාදා පැමිණ ඇති බව කියවේ. මේ අතර මේ වනවිට අත් අඩංගුවට ගත් නාවික බුද්ධි අංශ නිළධාරීන් දෙපළකගේ හා තවත් නැවියෙකුගේ අත් අඩංගුවට ගැනීම මගින් 'රණවිරු' දඩයම අරඹා ඇතැයි කියමින් පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී අතුරුලියේ රතන හිමි අතන මෙතන මාධ්‍ය සාකච්චා පවත්වනු දැකිය හැකිවේ. මේ කතාවේදී (පමණක්?) රටේ ජනාධිපතිවරයාත්, කු.දි.පා.ම.හි.ජ. මහින්ද රාජපක්ෂ මහතාත් එක තැන හිටං ඉද්දි පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී රතන හාමුදුරුවෝත් එතනම වැඩ සිටීම දේශපාලනය ගැන උනන්දුවක් නැති අප වැන්නන්ගේද හොර ඇස ඒ දෙසට යොමු කර ගැනීමට සමත් වෙයි. 

මෙරට 'රණවිරුවෝ' යනු එතරම් ප්‍රභල පිරිසකි. නයි මුගටි මෙන්ම හිකනල්ලුද සමෝසමේ 'රණවිරුවන්' වෙනුවෙන් පෙනී සිටිද්දී තව මොන කතාද? මට නම් රණවිරු කතාව ඒ හැටි පෑහෙන්නේ නැත. ඒ වෙන මොකවත් නිසා නොව 'රණ' යන විශේෂණය සමඟ වීරත්වය හැර අන් යමක් ආදේශ කල නොහැකි නිසායි. මගේ කෙටි හමුදා ජීවිතය තුල විරුවන්ට අමතරව තව බොහෝ කොටස් රණ බිම හෙවත් මා වඩාත් කැමති යුද බිම තුල මා දැක ඇත. කොටසක් පහලම නැවියාට කෑමට දෙන බත් පත, අඳින්නට දෙන නිල ඇඳුම, වෙඩි තියා ගන්නට දෙන අවි ආයුධයේ සිට අවසානයේ මිය ගිය එකාගේ අවසන් කටයුතු කරන්නට බාර දෙන ජයරත්න මල් ශාලාව දක්වා නොයෙක් ආකාරයෙන් හොරකම් කරති. තවත් සමහරු කොටන් ඇද්ද අලි පසෙකට කර දමා තම ඉංග්‍රීසි දැනුමෙන්, ඉස්කෝලේ නමින්, එක එකාගේ බෝල පොලිෂ් කිරීමේ අනුහසින් වරදාන, වර ප්‍රසාද හා තානාන්තර ලබා පිඩිත එකා තවත් පෙළමින් ඉහලටම ඇදෙති. තව කොටසක් උපන්ගෙයි මෝඩකමින් හා හීනමානයෙන් පෙළෙමින් හා බලයට කෑදර ලොක්කන්ගේ කටු කමින් නිල ඇඳුම නිසා තමන්ට ලැබුණු බලය අයුතුලෙස යොදවා, තර්ජනය කිරීම්, බලහත්කාරකම්, ලිංගික අල්ලස් වල සිට ඉහතින් සඳහන් කල කප්පම් ගැනීම්, මංකොල්ල, පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම් හා මිනීමැරුම් දක්වා තම කෘරත්වය විදහා දක්වයි. ඉතින් මෙවන් අයට රණ සොරුන්, රණ සල්ලාලයන් හෝ රණ අපරාධකරුවන් ලෙස හැඳින්වීමට හැකිද? එබැවින් මේ ලිපියේදී මේ දෙකොටස වඩා සාධාරන ලෙස යුද විරුවන් හා යුද අපරාධකරුවන් ලෙස හඳුන්වමි.

දෙපාර්ශවයක් අතර යුද්දයකදී බුද්ධි අංශ කාර්ය බාරය ඉතා විශාල එකකි. Military Intelligence යන්නට යෙදෙන 'බුද්ධි තොරතුරු' යන වචනය ගැන මගේ පැහැදීමක් නැතත් බහුතරයකගේ පහසුව සඳහා එයම භාවිතා කලොත්; නිවැරදි බුද්ධි තොරතුරක් යනු සටනට පෙරම ඉන් අඩක් ජයග්‍රහණය කිරීම හා සමාන වේ. උපරිම සුදානම, අවම බලය, සතුරාට උපරිම හානිය හා තම කණ්ඩායමට අවම හානිය වන ලෙස මෙහෙයුමක් කළමනාකරණය කර ගැනීමට එහි දායකත්වය මෙසේ කෙටියෙන් විස්තර කල නොහේ. මේ නිසා බුද්ධි අංශ සඳහා අවශ්‍ය වන්නේ තීක්ෂණ නුවණින් හෙබි බුද්ධිමත් පිරිසක් උවත් අවාසනාවට අපේ කාලයේ නාවික බුද්ධි අංශයට තිබු මහත්ම අඩුපාඩුවක් වුයේ එවන් නිලධාරින්ය. මා දන්නා ඉතිහාසයේ නාවික බුද්ධි අංශයට නැවියන් බඳවා ගත් මුලිකම සුදුසුකම දෙමළ භාෂාව කතා කිරීමට තිබු හැකියාවයි. බුද්ධි අංශයට බැඳීමෙන් පසු කොණ්ඩා රැවුල් වැවීමට හැකිවීම, යුනිෆෝම් එක වෙනුවට සිවිල් ඇඳුමින් කටයුතු කිරීමට හැකි වීම, මුහුදු රාජකාරින්ගෙන් ඉවත් වී සිටීමට හැකිවීම, වියදම් කිරීමට පෙටි කෑෂ් ලැබීම, ඉහළ නිළධාරීන්ට කෙලින්ම රපෝර්තු කිරීමට හැකිවීම වැනි වරප්‍රසාද නිසා බොහෝ පුහුදුන් නාවිකයෝ දෙමළ භාෂාව ඉගෙන ගෙන හෝ බුද්ධි අංශයේ රැකියාවට එක් වීමට කැමැත්තක් දැක්විය. 

නිළධාරීන් බුද්ධි අංශයට සම්භන්ද වීම මිට මදක් වෙනස් ස්වරුපයක් ගත්තද ප්‍රතිපලය එතරම් වෙනස් නොවුනි. මක්නිසාද බුද්ධි අංශයේ කටයුතු සඳහා යොදවන නිලධාරීන් ගොඩබිම ආයතන වල සේවය කිරීමට අවශ්‍ය වූ නිසාත් ඒ වන විටත් 'මුහුදට යන්නට' තරම් ප්‍රමාණවත් නිළධාරීන් නාවික හමුදාව සතු නොවූ නිසාත් ගොඩබිම සේවයටම අනුයුක්ත නාවික සෙබළ (Patrolman) අංශයේ නිළධාරීන් බොහෝ අවස්ථාවල අදාළ ප්‍රදේශයේ 'මාණ්ඩලික බුද්ධි නිලධාරී' තනතුරු සඳහා පත් කරන ලදී. මෙසේ පත් කල නිළධාරීන් හා ඉහත අයුරින් බුද්ධි අංශයට බැඳුනු නැවියන් කණ්ඩායම් විසින් එක්තරා කලෙක සමස්ථ නාවික හමුදා බුද්ධි අංශය පුරා අණසක පතුරුවාගෙන සිටිනු දැකිය හැකිවිය. මිලමුදල් බලය හා හීනමානයෙන් හිස උදුම්මා නොගෙන තම රාජකාරිය නිවැරදිව ඉටු කොට (කළකිරීමෙන්?) බුද්ධි අංශයෙන් ඉවත්වූ ඉතා සුළුතරයක් වූ මේ චෝදනාවට අදාළ නොවන  නාවික බුද්ධි නිලධාරීන් පිරිස මේ සටහනට කමත්වා! 

තම දේශපාලන අරමුණු හා බලය වෙනුවෙනුත්, ප්‍රතිරූපය වෙනුවෙනුත් අධිෂ්ටානශිලිව නැව මෙහෙයවූ ලෝකෙට පරකාසේ- ගෙදරට මරගාතේ කප්පිත්තෙකුගේ අසීමිත බලය ඔහුගේ අන්තේවාසික සහචරයින් දෙපළක් මගින් මේ මන්ද බුද්ධි නිළධාරීන් අතටද සම්ප්‍රේෂණය වීම මෙහි නරකම උච්චයයි. මේ වකවානුවේ පැහැදිලිවම බුද්ධි අංශ නිළධාරීන් තුන් කොටසක් දැකිය හැකි විය. කොටසක් තම රැකියාවට පමණක් සීමිතව තම තම නැණ පමණින් කටයුතු කරමින් හැබෑවටම යමක් කිරීමට උත්සහ කල පිරිසයි. මොවුන්ගෙන් කිසිවෙකු ලොකු වැඩක් ගත්තේවත් ඔවුන් ලොකු වැඩක් කිරීමට පෙළබුනේවත් නැති වුව ඔවුන්ගෙන් එතරම් හානියක් සිදු වුයේද නැත. 

තවත් කොටසක් 'එදාවේල' ක්‍රමයට බුද්ධි තොරතුරු  සම්ප්‍රේෂණය කළහ. 'ඉන්ට් එකේ මහත්තුරු' ලෙස සැවොම හඳුන්වන කරළියේ සැරිසැරූ බොහෝ අය මේ කොටසට අයත් විය. මේ එදාවේල බුද්ධි තොරතුරු සැපයීම පිළිබඳව යමක් පැවසිය යුතුමය. මේ ක්‍රමයට ඔබට මට ඕනේ කෙනෙකුට තොරතුරු දිය හැක. තොරතුරු ලබා දෙන අයගේ අනන්‍යතාවය නොසයන අතර එහි විශ්වසනීයත්වය ප්‍රශ්ණ නොකෙරේ. ඒ වෙනුවට ප්‍රමාණාත්මක තොරතුරු අනුව ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට අදාළ ආයතනයට අණ ලැබේ. ඔව්හු මහා පරිමාණ මෙහෙයුම් සඳහා තොරතුරු ලබා දීමක් හෝ එවන් තොරතුරු ඔවුන්ගෙන් අපේක්ෂා කිරීමක් සිදු නොවේ. එනිසා මෙම කොට්ටාශය නිසා වැඩිම හානියක් වුයේ කුඩා මෙහෙයුම් කණ්ඩායම් වලටයි. උදාහරණයක් ලෙස "මේ සතියේ ටෙරා ල දහ දෙනෙක් ගේ කණ්ඩායමක් මුලතිව් සිට කල්ලරාව, ගෝමරන්කඩවල, කන්තලේ, සේරුනුවර හරහා මඩකළපුව ට යන්න උත්සාහ කරනවා" යැයි බුද්ධි තොරතුරක් ලබා දුන් බව සිතන්න. එතැන් සිට සතියක් හෝ දෙකක් යනතුරු ඔය මාර්ගයේ ඇති සියළුම අනුකණ්ඩ වල නිවාඩු අත් හිටුවා ඔවුන් සුදානම් පිට තබනවා ඇත. රාත්‍රී මුර සංචාර, රෙකී, ඇම්බුෂ් එකී මෙකි නොකී කුඩා මෙහෙයුම් වලින් ඒ ඒ කොටස් හෙම්බත් වනු ඇත. කරුමෙට එකෙක් හරි වෙන ගමනක් යන ගමන් හරි හම්බුනොත් බුද්ධි තොරතුරු දීපු එකා මාසෙකට ගොඩය. නැති උනොත් එක්කෝ අර කණ්ඩායම් වල ඇස් වලට වැලි ගසා උන් පැන ගොස්ය.. නැත්නම් අපේ පෙර සුදානම ගැන ඉව වැටි උන් වැඩේ වෙනස් කරලාය. වැරැද්ද කෙසේවත් බුද්ධි තොරතුරේ නොවේ. එක වටයක් ඔය සියලු දෙනාම නිවාඩු ගොස් එහෙම යලි පැමිණි පසු තව බුද්ධි තොරතුරකට සුදානම් වීම පමණක් සෑහේ. මේ කණ්ඩායම් වලට තවත් වාසි ඇත. මාළු වාඩි වලින්, වාහන වලින්, මුදලාලිලාගෙන් අල්ලස් ලබා ගැනීම, පොලිසියේ පහල ස්ථර සමඟ ලඟින් ඇසුරු කිරීම, මත් ද්‍රව්‍ය හා ආයුද ප්‍රවාහනය, ආයුද කුලියට දීම ආදිය ඔවුන්ගේ අමතර අදායම් මාර්ග බවට පත් කර ගත හැක. ඒවා ප්‍රශ්ණ කිරීමට කිසිවෙකුට 'අයිතියක්' නැත්තේ ඔවුන් ගේ රාජකාරියට බදා වීම් හා ඔවුන් 'එක්ස්පෝස්' වීම හරහා රටේ සමස්ථ බුද්ධි අංශ නිලධාරීන් අධෛර්යයට පත් විය හැකි නිසායි. 

නරකම කොටස හොඳම කොටසයි. පරිපාලනයේ ඉහලම ස්ථර සමඟ කෙලින්ම ගනුදෙනු කරන්නේ ඔවුහුය. වඩා වරප්‍රසාද ලබන්නේද ඔවුහුය. හැබැහින්ම නවීන තාක්ෂනය හා හොඳම සම්භන්දතා හරහා නිවැරදිම බුද්ධි තොරතුරු ගලා එන්නේද ඔවුන් අතටය. ඒ හරහාම ඔවුන්ගේ තක්සේරුව තවත් ඉහල යයි. ඔවුන්ගේ බලය අසීමිත වේ. ඒ සමඟ අවශ්‍යතාද වැඩිවේ. යාන වාහන, ගෙවල් දොරවල්, සමාජ ආශ්‍රය, දවල්ට පොෂ් කෙල්ලන්, රෑට සෙක්සි කෙල්ලන්, නයිට් ලයිෆ්.. අහ.. සියල්ලටම මුදල්.. නේවි පඩියෙන් මේවා කල නොහැක. බලය හා ඉහලින් ලැබෙන ආරක්ෂාව නිසා මුදල් සෙවීමේ විකල්ප මාර්ග බොහෝ සෙයින් විවෘත වේ. පැහැර ගැනීම් හරහා කප්පම් ලබා ගැනීම එක ක්‍රමයකි. අවශ්‍ය මුදල ලැබුනා නොලැබුණා උන්ව නැවත නිදහස් කිරීම භයානකය.. ඔවුන්ගේ ඉරණම ගැඹුරු මුහුදේ දිය යටින් අවසන් වීම ඊට වඩා බොහෝ ආරක්ෂිතය. මන්ද එසේ අවසන් වන ජිවිත අයිති ත්‍රස්තවාදීන්ට මිස අහිංසකයින්ට නොවේ. ත්‍රස්තවාදීන් පරලොව යැවීම යුධ විරු ලේබලය වැදීමටද සුදුසුකමකි. ඔය මුදල් හොයන එක ක්‍රමයකි. 

තව ක්‍රම තිබේ. මුහුදෙන් ඔස්ට්‍රේලියාවට පැන යන්න හැමෝම දත කති. එවන් එක බෝට්ටුවක් මෙරට මුහුදු සිමාවෙන් පන්නා දුන්නොත් මිලියන කීපයක් එකවර සෙවිය හැක. කිරීමට ඇත්තේ සුළු දෙයකි. මුහුදේ තියෙන නැව් ටික තියෙන තැන් දැන ගැනීම සෑහේ. ඒත් මේ සමහර ඩෝරා මාමලා එක්ක මේ සෙල්ලම කරන්න බැරිය. උකුස්සෝ වගේ සමහරු එළව එළවා සතුරන් සොයති. ඒ අතර තුර මේ යාත්‍රාවක් උන්ට මාට්ටු උනොත් කේස් එක දුර දිග යා හැක. මේ ඌරාගේ මාළු උගේ පිටේම තබා කැපීමට වෙලාවයි. 'අද කෝකිලායි වලින් බෝට්ටුවක් යනවා හතලිස් දෙනෙක් අරං ඕස්ට්‍රේලියා යන්න" විශ්වසනීය බුද්ධි තොරතුර ලැබෙන්නේ කෙලින්ම නැගෙනහිර ආඥාපති වරයාටයි. අනේ අහිංසක නැව් ඩෝරා ඔක්කොම කෝකිලායි වටේ රොඳ බැඳ ගනිති. එලි වෙනකම් එළි රෑ වෙනකම් දින ගණන් උන් එතන නිදි මරති. දින දෙකකට පසු හැබවින්ම ශ්‍රී ලාංකික සරණාගතයින් 40ක් රැගත් බහුදින ධිවර යාත්‍රාවක් 'ඇසිලම්' සොයමින් ඕස්ට්‍රේලියාවට ළඟාවේ. නැගෙනහිර ආඥාපති වරයාට ඊට ඉහළිනුත්, ඔහුගෙන් ඔහුගේ නැව් කණ්ඩායමටත් ලුණු ඇඹුල් ඇතුව අහගන්න ලැබෙද්දී 'වාකරෙයි' වලින් පිටත්වීමට පෙර බෝට්ටුවේ අයිතිකරු විසින් තැරව්කරු අතට පත් කල 'නියමිත ගාස්තුව' නිසි පරිදි බුද්ධි නිලධාරියා අතට පත්වේ. ඒ මදිවට ඔහු ඉතා දක්ෂ ලෙස නිවැරදිව ලබා දුන් ඔත්තුව අනුව ගිහිං මාළු ට්‍රෝලර් එකක් අල්ලා ගන්න බැරි මුහුදට යන උන් පැත්තක ඉද්දි මේ දක්ෂ නිලධාරියට තව තවත් වරදාන වරප්‍රසාද නොඅඩුව ලැබේ. 

මේ ආකාරයෙන් අවි ආයුද, වාහන, මත ද්‍රව්‍ය, කප්පම් ආදී නොයෙක් නොයෙක් ආදායම් මාර්ග මේ වෘත්තීය සමඟ බැඳී පවතී. සතුරා හා මිතුරු හමුදාව අතර 'ඩබල් ඒජන්ට්' කෙනෙකු වීමද අවධානම් නමුත් බොහෝ වාසිදායක රැකියාවකි. මේ මොනවා කලත් 'රණවිරු' ලේබලය යටතේ ලැබෙන පිළිගනිම හා වරප්‍රසාද ද ඉතා වටනේය. මොන සැප ලැබුනත් මේක එකාතකින් 'යකා බැඳ ගත්තා' වගේ තත්වයකි. බන්දනයේ ඉන්නා තාක් යකාගෙන් හිතුමතේ වැඩ ගත හැකිය. යම් හෙයකින් බන්දනය බල රහිත වුවොත් යකා කිසි වග විභාගයක් නැතුවම මෙතෙක් කල් බැඳන් උන්නු එකාව කා දමනු ඇත. ඒ  නිසා දවසෙන් දවස බන්දනය ශක්තිමත් කර ගත යුතුය. අනික සිස්ටම් එක තුල සුද්දවන්තයින් සිටිය නොහැක. ඒක නිසා පළමු අවස්ථාවේදීම සුද්දවන්තයින් හලා තමන්ගේම එවුන් සෙට් එහෙකින් එකාට එකාවද බැඳ ගත යුතුය. මෙය ජාල ප්‍රතික්‍රියාවකි. 

කරුමෙට, කිසිවක් සදාකාලිකව රහසක් ලෙස තියා ගත නොහැකි මොකක්දෝ හෙනයක් මෙළොව පවතී. කොහෙන් හෝ එකක් දෙකක් ලික් වෙන්න ගත්තම වක්කඩ කැඩුනා හා සමානය. සමහරුන්ට හොර මැර මගඩිකම් කරන්නට මොලේ තිබ්බට ඒවා රැක ගන්නට නොතේරේ. එවන් එක මී හරකෙක් මේ ගොනුවක සිටීම සෑහේ. ඒ අනුව දැන් එළඹ ඇත්තේ ඒවාට රිටර්න් එක ඇක්සේප්ට් කරන්න වෙන කාලයයි. ඒත්....

තවමත් මෙසිරිලක යෙහෙන් වැජඹුණු ඒ උතුම් 'රණවිරු' නාමයේ අනුහස හා ඒ අනුහසින් රජවුණු මෝඩ ගමරාලලගේ හා විදුලිපුටු වීරයන්ගේ ආනුභාවයත්, යන එන මං නැතුව අතන මෙතන ලගින දේශප්‍රේමී දිරච්ච ලණුවේ එල්ලී පණ ගැට ගහගන්න දඟලන චිවරධාරින්ගේ ආශිර්වාදයත් පමණක් මේ යුද අපරාදකරුවන්ට නොනිසි රැකවරණයක් සළසයි. එය බොහෝ අනර්ථකාරී ආරක්ෂවකි.

සැබෑ යුද විරුවන්ට කාගෙවත් රැකවරණ අවශ්‍ය නැත. තම එඩියෙන් සතුරු බල බිඳ රණ බිම ජයගත් ඔවුහු විනිශ්චයාසනය ඉදිරියේ සැබෑ විරුවෝ වෙත්; මේ මෝඩ ගමරාලලගේ හෝ විදුලිපුටු වීරයන්ගේ කර මතින් එගොඩ වීමටවත් මොළේ හිස් තට්ටරාළ ලගේ බණ වලින් නිවන් දකිමටවත් ප්‍රිය නොකරති. උන්ගේ ඒ ප්‍රෞඩ නාමයට වින කටින්නෝද වෙන කිසිවෙකු හෝ නොව මේ චෞර යුද අපරදකරුවන් හා ඔවුන් රකිනා කපටි හිවලුන්ම වෙති. අහෝ.. යුක්තියේ නාමයෙන් මේ සොර මුළු සොයා හෙළිකර නියම යුද විරුවන් මේ අපහාසයෙන් ගලවා ගැනීමට පාලකයෝ කටයුතු කරත්වා! 

90 comments:

  1. බොරු රණවිරුවන්ගේ කලිසම් ඔලුවෙන්ම ගලවා තියනවා. හමුදාවේ හිටපු කෙනෙක්ම මෙහෙම කියන එක තවත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. බොරු රණවිරුවන්= රණඅපරාධකරුවන් (ඒක නිකං ගැලපෙන්නේ නෑ වගේ නිසා යුද අපරාධකරුවන් කියුවා.. :) ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  2. නැව් ගිලෙන සයිස් ප්‍රහාරයක්නේ! අපි පැත්තක ඉඳන් 'සිදු විය හැකිව තිබුණු දේවල්' ගැන හිතනවා වගේ නෙමෙයිනේ දන්න කෙනෙක් 'ඇත්තටම සිදු වුණු දේවල්' ගැන කියන කොට.

    ReplyDelete
    Replies
    1. නිවැරදි බුද්ධි තොරතුරු! :)

      Delete
  3. Replies
    1. රට වටකර බැදි රන් වැට..

      Delete
    2. මේක යකඩ වගේ මට පෙන්නේ.. :))

      Delete
  4. දරුණු බර අවි ප්‍රහාරයක්.. නිසි ඉලක්කයටම..
    ජයවේවා..!!

    ReplyDelete
  5. කනිංකොනිං මේව දැනගෙන තිබ්බට නිල වශයෙන්ඇහැව්වමයි

    ReplyDelete
    Replies
    1. //නිල වශයෙන්// ? ඇත්තටම නිළ වශයෙන් මේවා නොකියවෙන එකයි ප්‍රශ්නේ.

      Delete
  6. හමුදාවෙන් නේවි එකනම එලියට එනවා වගේ.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නේ මොකටද අදහස් කරේ මොකක්ද කියල තේරුණේ නෑ හිටං. :)

      Delete
  7. මේ මාසෙ පෝය කවද්ද දන්නෙ නෑ.
    පෝයට කලින් තව පෝස්ට් එකක් .
    එක්කොත් ඕනෙ නෑ පෝය පහුවෙලා සතියකින් විතර ඊළඟ එක ලියහං.

    ReplyDelete
    Replies
    1. අව අටවක ට ඔලුවට ගහපු පුංචි පිස්සුවක් සුදෝ..

      Delete
  8. It is wrong to start by saying, chargers are proven (they are not) It is very easy for anyone to do wholesale accusations. Why can't you give this information to police? Stop telling 'Surangana Kata', Navy story is just a reproduction of a old NGO story (check your facts)

    If there are so many bad people in security forces, why aren't they prosecuted? why are they in remand for so long without a case? and finally released without charges? Anymore excuses, other than just politics?

    I am a former SF officer, yes we did kill in the name of the country (not rape or extort money). Targets were given to us, we did not have the authority to ask questions, just execute the order (that is how it works in SF) We did not expect a traitor to sell the information to NGOs after war ended. If I am arrested or ask questions about last 15 years, zero will come out of me.

    Good luck to our country, if there is a war again.

    ReplyDelete
    Replies
    1. Feel sorry about you dear SIR! Even in the deadliest hour of war, a Navy Officer who commanded a fighting unit, was not 'ordered' to kill anybody. Instead they were vested with the responsibility of taking most appropriate decision at the moment. I feel sorry for all SF officers (if it is the case with everyone) in that context. Don't you still think that you were used by your seniors in the wrong doing? If not, you are still constrained to that same cage of 'blind obedience' and you know no way out.

      Navy too had few sets of your kind individuals.. They were really lack of a clear understanding of what was going on; but were ready to serve their slavery masters without presenting a single word of disagreement. And exactly the same people I'm referring to in this article.

      Please think independently.. You will realize that I had no idea of taking away military de facto of prominence. Actually the rouges that illegally protect these barbarians are the one doing damage to it.

      Thanks for your feedback.

      Delete
    2. a Navy Officer who commanded a fighting unit, was not 'ordered' to kill anybody???

      Delete
    3. Hope you understand 'killing a person' and open fire at your enemy is two different things. If so,

      Yes. They were in command. Senior most officer in tactical command may issue orders to individual units to carry out attacks. but still the 'officer in command' of that particular unit has the say, He may open fire, may not. He may be subjected to later explanations but had the right to defend his decision; because he is vested with the 'command'.

      I'm talking about conventional warfare that Navy engaged in. Not the kind of executing personal agendas; those agendas were not in Navy role. Who ever the leaders who ordered to carry out their personal agendas should be accountable for them. Not the Navy.

      Delete
    4. //If there are so many bad people in security forces, why aren't they prosecuted?// I don't think anyone here is saying that. They (Security Forces) have done a yeoman service to the country. There are few bad apples and if you have evidence to it remove them. This has nothing to do with NGOs. Well done Kami. Good response.

      Delete
    5. Thanks Ajith.. this NGO charge is now has no sharp edges to cause harm.. thanks to these people :)

      Delete
    6. Salute Kami! how difficult for intelligence to be intelligent? two shields 'RanaViruva' & 'NGO'

      Delete
    7. Anonymous10 March 2017 at 06:40

      I urge you to read the case premawathi mananperi and see what the judges had to say to the solders who carried out the order of their caption to kill the innocent girl. just because you were following orders does not mean you will be immune in front of law, and also think that who ever who orders you can also use u to carry out acts of their personal agenda, if you were asked to kill a journalist by your superior will you do it, and if you do you and a murderer who murders for money will be not that different

      Delete
    8. //if you were asked to kill a journalist by your superior will you do it,// No, never!

      Fortunately I didn't got any such rascals to command me. And, even if someone commanded me, I would not obey any such unlawful command. I knew that it would not fall in to that category of offences called 'Wilful disobedience to a lawful command of.. etc."

      once again I feel sorry of you. :)

      Delete
  9. Salute K.M!

    මට ඉස්සර ඉඳන්ම තිබ්බ අවුලක් ඔබ ලියලා. මොකද මට ඔහොම ගලපගන්න හැකියාවක් නැහැ. 'රණවිරු' කියන නමත් එක්කම මොට හිනා යන්නේ ඒකයි. ඒ ගැන වැඩිදුර නොලියමි.

    Hats off for your writing!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      දැන් ආපහු තොප්පිය දා ගන්න ;)

      Delete
    2. හුහ්... කොටියම කාපිය

      Delete
  10. මරාගෙන මැරෙන ප්‍රහාරයක් වගේ.
    උඹ බයියන්ගෙන් ගුටි කෑමට නියමිතයි පුතේ.

    ReplyDelete
    Replies
    1. මේවා මේ පෝය ලංවෙනකොට පිස්සුවට ලියවෙන ඒවා බං. කවුරුත් ඒ හැටි ගණන් ගන්නේ නෑ.

      Delete
  11. දෙයියනේ මෙහෙම අමුවෙන් මේ‍ව කියනවද?දැන් යහපාලනය හින්දා ොඳයි,නැත්තං අනිවා සුදුවෑන් ටුවර් එකක් ශුවර්.

    ReplyDelete
    Replies
    1. බක්කරේ කවුද කියල හොයාගෙන ගියා. බැලුවම පැකින් කඩලත් නැති අලුත්ම බ්ලොග් එකක්නේ. :) සාදරයෙන් පිලිගන්නවා කලහිතට..

      සුදු වෑන් නැතුව දැන් ඩිෆෙන්ඩර් ලු නේද එන්නේ? :)))

      Delete
  12. වැඩක් නෑ ලොක්කා.... බයියෙක්ම තමයි රටේ නායකයා...

    ReplyDelete
    Replies
    1. හෑ! ලොක්ක වැඩක් නැද්ද බං? :))) අපරාදේ මහන්සිවෙලා ගිහින් දීපු චන්දේ? හැක්.

      Delete
    2. ///වැඩක් නෑ ලොක්කා.... බයියෙක්ම තමයි රටේ නායකයා...///

      බයි ටීම් එකෙන් උස්සගෙන ගිය උපන් ගෙයි බයියෙක් වෙච්චි එකා බයියෙක් නොවී අහවල් එකෙක් වෙන්නද බං... ;)

      Delete
    3. //උපන් ගෙයි බයියෙක් වෙච්චි එකා // හිහ හි හිහ්..

      Delete
  13. Nicely balanced article. Did not expect from u. well said ..

    ReplyDelete
    Replies
    1. //Did not expect from u// he hee.. Because of earlier writings; right? You might have judged the book by it's cover.


      Thanks for the appreciation.

      Delete
  14. https://www.intellihub.com/john-mccain-is-no-war-hero-he-has-covered-up-pows-left-behind-in-vietnam-for-years/

    ReplyDelete
    Replies
    1. Yes, There is an internationally accepted code of practice to deal with POW's. McCain is a war criminal. not a hero.

      Thanks for the link.

      Delete
  15. Replies
    1. "මරුඃ"
      උඹට වෙන මොකුත්ම නැද්ද කියන්ඩ

      Delete
    2. නෑනෙ අායිබොවන්ඩ.

      Delete
  16. ඔය "රණවිරුවා" කියන වචනයම දේශපාලනිකයි.හැබැයි මොන විරුවාටවත් ඉඩක් දෙන්න බැහැ රටේ නිතියට උඩින් කටයුතු කරන්න.වැරදි කරලා නැත්නම් ගැටලුවක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. //මොන විරුවාටවත් ඉඩක් දෙන්න බැහැ රටේ නිතියට උඩින් කටයුතු කරන්න// wink wink.. :))))
      වැරදි කරලා නැත්නම් ගැටලුවක් නැහැනේ. ;)

      Delete
  17. දාපු කමෙන්ට් එකට කෙලවුනා.. බලපන් මේල් එකේවත් තියෙයිද කියලා.. ආයෙනම් කොටන්න බෑ.. ඒකම.. මළාට මතක නෑ...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මචෝ.. මේක තමයි මේල් එකේ දැක්කෙත්. :)

      එනිවේ, තෑන්ක්ස් ඩියර් :)

      Delete
    2. ඇයි මට "මුවා" කිව්වේ ?

      Delete
    3. උඹ කොමෙන්ට් එකට.. සොරි.. උඹේ කොමෙන්ට් එක මුවා උනා නේ.. ඒකයි. හැක්.

      Delete
  18. Replies
    1. විහිළු කතා කියනකොට හිනා යනවා නෙහ්? :)

      Delete
  19. දැන් නීතියයි, රණවීරු කේස් එකයි පටලවන්නේ තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ උවමනාවෙන් මිසක්, වෙන පුකේ අමාරුවකට නෙමෙයිනේ. සංඝයායි, හමුදාවයි, නීතියයි, දේශපාලනයයි පටලගෙන. මේ ආයතන හතර විතරයි රටේ වැදගත්....අම්මගේ සංකල්ප බං මේවා.

    ReplyDelete
    Replies
    1. උන්ගේ අම්මලාගේ.. ඔව්. කරුමේ කියන්නේ තාම ඉන්නවනේ රට හරක් 'රණවිරු' කියනකොටම උම්බෑ.. කියල ඔළුව වනන්න බලාගෙන.

      Delete
  20. බොහොම ස්තුතියි උබේ මේ පොස්ට් එකට. විශ්වාස නොකළ ඒත් දැනගෙන හිටිය දේවල් හමුදාවේම හිටිය නිල දරුවෙක් වූ උබගෙන්ම අහගන්ට ලැබුන එක ලොකු දෙයක්.

    මට ඊයෙ රෑ මගේ දෙමළ මිත්‍රය කිව්ව ටිකක් තවත් තහවුරු උනා.

    මිනීමරුවෝ රට වෙනුවෙන් හිටියත් උන් මිනීමරුවෝම තමයි.

    මම ඊයේ මගේ මිත්‍රයාට කිව්වේ, මම සිංහල තමයි. ඒත් KP ලා අනිත් කොටි නායකයුනුත් සමාව දීල රජයටම ගත්ත එකේ ප්‍රභාකරන්නේ පොඩි පුතා මරපු එකනම් ලොකු වරදක්.

    ඇයි බැරි උනේ පොඩි එකෙක් නිසා රජයේ පාලනයට අරන් පරිවාසෙට දාල ඉගැන්නුවනම්.

    එහෙනම් ඔය ජිනීවා ප්‍රශ්න වලදි ලොකු වාසියක් වෙන්නත් තිබ්බ.

    ඔය මිලිටරි හැම එකකටම උන් වගේම දේශපාලකයිනුත් කෙලින්ම සම්බන්දයි.

    ඒත් කොහොම උනත් උන් දෙගොල්ලොන්ගෙන්ම එකෙක් වත් ඇතුලට යන්නෙ නැහැ.

    ඇතුලට දාන්නෙත් නැහැ. ඩීල් ඔක්කොම දාගෙනත් ඉවරයි.

    අනික මේ එකෙක්වත් එව්ව කෙසේ වෙතත් රටට මෙලෝ මලදානයක් කරන්නෙත් නැහැ.

    හෙට අනිද්ද විමල් එලියට ආවත් ඇවිත් යහපාලානේ වාඩි උනත් කලබල වෙන්ට ඕන නැහැ.

    යහපාලනය කියන්නෙ ඒක තමයි.

    👊🏽

    ReplyDelete
    Replies
    1. අම්මප.. යහපාලනය කියන්නේ ඕක කියල දැනන් උන්න නං කට්ට කාගෙන ගිහින් එදා හංසයාට කතිරේ ගහන්නේ නෑ.

      ස්තුතියි උඹේ දිග ඇප්‍රිසියේෂන් එකට මචෝ.

      Delete
    2. ටික්ක මේ මං කඩේ යන්නයි යන්නේ, ටික්ක දන්නවද අර කකාට,කක්ක ප්‍ර‍හාර ඩබල් වුනේ ප්‍රභාකරන්නේ පොඩි පුතා මරපු එකට එරෙහි වූදා සිට කියා.

      Delete
    3. මචන් ඇණය..!! නෑ බන් මම කිව්වෙ මට හිතුන දෙයක්. මම වැරදිනම් මේ දෙය කාටහරි නිවැරදි කරනවානම් මම වරද්දත් පිළිගන්නව. සමහරක් අයට වගේ මම බ්ලොග් එක මගේ ජිවිතේ කොටසක් කරගෙන නැහැ. මගේ මේ කොමෙන්ට් එකක් අල්ලං මට කෙලින්න ආවොත් උන්ට ජයග්‍රහණය භාර දීල මම යනව. නැතුව මම හිතන දේ තමයි හරි. ඒ දෙයම තමයි අනිත් අයත් පිළිගන්න ඕන කියන තැන මම නැහැ. කිසිම කෙනෙකුට පක්ෂපාපත්ව කටයුතු කරන්නෙත් නැහැ. මගේ කොමෙන්ට් වැඩක් නැතිනම් ඩිලීට් කළා කියල මට කමකුත් නැහැ බන්.

      🤛🏽

      Delete
  21. ඇත්ත ඇති සැටියෙන් නියමෙට කියලා.

    ReplyDelete
  22. ඔබතුමා ඔහොම ලියුවට අර විචරක ලොක්කා කොහොමද රණ විරුවන් ගැන කියන්නේ ඔහුට කොන්දක් නෑ ඇත්ත කියන්න ඔබ වගේ

    ReplyDelete
    Replies
    1. //විචරක ලොක්කා// කවදාවත් යුධ අපරාදකාරයෙක්ව උත්කර්ෂයට නංවල ලියල නෑ.. ඔබේ කතාව වැරදියි.

      Delete
    2. විචරක ලොක්කා කොමෙන්ට් දැම්මා පම්පෝරියට ඔහු විසින් 88/89 කාලේදී "ඔහු විසින්ම" JVP "සැකකරුවන්ව" රේල්පරෙ දී වෙඩි තබා මරා දැමු බවට දෙමළුන් විතරක් මරණ කොට විතරද ඔවුන් රණ විරුවන් වෙන්නේ විශේෂයෙන්ම සැකකරුවන් මරණ එක යුද අපරාධයක් නොවෙයිද ?

      Delete
    3. නිකං බොරුවට විචාරකට ගරහන්න එපා. තමන් JVP සැකකරුවන් මරාදමා ඇති බව ඔහු කොහේද කියා තිබුනේ? එහෙම තිබුනානම් ඇයි ලින්ක් එකක් නොදමන්නේ?

      Delete
    4. උසාවියකදී ඒවා වේලාවට කලාවට එලියට එයි එතකම් ඉවසපන් මචන්

      Delete
    5. //නිකං බොරුවට විචාරකට ගරහන්න එපා. තමන් JVP සැකකරුවන් මරාදමා ඇති බව ඔහු කොහේද කියා තිබුනේ? එහෙම තිබුනානම් ඇයි ලින්ක් එකක් නොදමන්නේ?//X 2

      Delete
    6. කෝච්චියෙන් ට්‍රිප් ගිය එකාගේ කොලම හොයලා බලපන් මෑකුවට වැඩක් නැ ස්ක්‍රීන් සොට් තියනවා

      Delete
  23. ලොක්ක පොළවේ අඩි 6යට වැළලෙන්න බයනැති වුනාට ට්‍රින්කො වල ගැඹුරු මූදට බයයි වගේ. ජරාව සෝදල පිරිසිදුවෙන්න වෙන්න ලංකාවට තියන අවශ්තාව නැති කරනවා, හිටං වෙනුවට බදුල්ලේ මෑන් ආවනම් වෙනසක් වෙන්න තිබුනද?

    ReplyDelete
    Replies
    1. උනුත් එකයි මුනුත් එකයි බං. මෙලෝ රහක් නෑ.

      Delete
  24. /බොහෝ පුහුදුන් නාවිකයෝ /

    පුහුදුන්....හරියටම ගැලපෙන වචනෙ...

    මේ යකා නං ගමරාළම තමයි බං. ..පහුගිය දවසක කිව්ව එයා ඉන්නකල් කෝප්‍රල් කෙනෙක්වත් අත් අඩංගුවට ගන්ට දෙන්නෙ නෑ කියල.

    දැං අර මහ බැංකුවෙ අධිකාරි නෝන මහත්තයෙක් ඇවිල්ල බැඳුම්කර කොමිසම ඉස්සරහ සාක්කි දුන්නනෙ.මෙන්න පහුවදා මෙයා කියනව ඒ සාක්කිය හරියට හරිලු.තවම කොමිසම සාක්කි අහල ඉවරත් නෑ මේ මනුස්සය තීන්දුව දීලත් ඉවරයි.

    අර විදුලි පුටු කාරයගෙ වාචාල කතා වලට එහා බලාගෙන යනකොට මෙයා. අපේම කරුමෙ තමයි වෙන මොකද්ද? අපි පත් කරගන්නෙම එක්කො වාචාලයො එක්කො නීල කාස හොරු..

    ReplyDelete
    Replies
    1. රවී....මචං උඹේ කමෙන්ට් එක ඇතුලේ පෝස්ට් එකක් ලිව්ව හැකි බං. මේවා ටෞහුකන්ඩ බයිලා. කෝප්‍රල් කෙනෙක්වත්...නොදකින්. සාක්කි දීපු ගමන්,ගෑනු කෙනෙක් කරේ තියන් . පන්සලේ පොන්න ඩාන්ස්වලට හොඳයි. බලය මිනිසා විකෘති කරයි. ජේආර් ඒක පෙන්නුවා. මහින්ද කලිසං ඇඳලා නටලා පෙන්නුවා. මෛත්‍රී සාරී ඇඳන් නටනවා. අපි බ්ලොග් ලියනවා. විස්කිරිඤ්ඤ කහට එක්ක.

      Delete
    2. //පුහුදුන්....හරියටම ගැලපෙන වචනෙ...// අම්බෝ.. ඇති යන්තං හොඳක් ඇහුව.. හැක්.

      තැන්කියු ලොකු අයියලා.. :)

      Delete
  25. kalyana,

    Sorry forgot to say thank you so much...

    ReplyDelete
  26. රණ විරුවා, දේශ ප්‍රේමීයා හැම තිස්සෙම සාපේක්ෂයි කියලා කියනවනේ..අජිත් මුතුකුමරනගේ සිංදුවක තියෙනවා" බුදු බව අත්වේවා මගේ එකම පුතාට - අපි ජිවත් කරන්න හරි සටන් කලාට " මේකත් ඇත්තක් තමයි

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත. ස්තුතියි!

      Delete
  27. Replies
    1. ඔයා එහෙම කෙනෙක් කියල පේනවා 'ෘ7බැිය'.
      ඒ අයත් ඔයා වගේම තමයි...

      Delete
    2. ස්තුතියි රොහාන් මල්ලි!

      Delete
  28. යුද්ධයක් යනු මහා අපරාධයකි....ඉතින් ඒකෙ තවත් අපරාධකාරයෝ හොයන්නෙ මොකටද? ....යුද්ධයක ප්‍රථම අපරාධකාරයෝ දේශපාලකයෝ,සෙබලු මිනීමරුවෝය...මිනීමරුවෝ බිහිවන්නේ,අපරාද කරුවන් හේතුවෙනි

    ReplyDelete
    Replies
    1. බරපතල කතාවක්.. ප්‍රයෝගික බව ගැන තමයි ලොකුම ගැටලුව.

      Delete
  29. හෙණ ගහන්න වගේ ඇත්ත කියාපු ලිපියක්. ඒක නාවික හමුදා නිලධාරියෙක්ම කියන නිසාවෙන් විශ්වාසවන්ත භාවය වැඩියි. මං මේක මගේ වත්පොතේ ෂෙයා කළා...(බයියංගෙං බැණුං අහන්නට නියමිතයි)

    ReplyDelete
  30. කමියා දන්නේ නැති හින්ද අහන්නේ , හමුදා තුළ අකටයුතුකම් හෙළිදරව් කරන අය ආරක්ෂා කරන්න නීතියක් නැතිද (Whistle Blower Protection Policy) ?

    වැඩිය කවුරුත් කතා බහ කරන්න නොරිසි මාතෘකාවක් ගැන ගොඩක් දේවල් එළියට ඇදපු එක ගැන සතුටුයි. මොකද මෙව්වා උඹලත් කියන්නේ නැතිනම් කියන්න වෙන කව්රුවත් නැහැ !

    මේ වගේ අතලොස්සක් හින්ද තමයි ත්‍රිවිධ හමුදා වලට අනවශ්‍ය විදිහට ඇඟිලි දික් වෙන්නේ !!!

    ReplyDelete