Image courtesy to Google
මන්ද අඳුරට ගිතෙල් පහනක් මංද ඈ මුව හිනාවේ..
බැන්ද අහසට සරා සඳ මෙන් මහත් හසරැල් ගෙනාවේ..
කන්ද සිඳ මිදුලටම කැන්දූ එලිය මැද සඳ තලාවේ..
වින්ද සෙනෙහස තාම මතකයි සඳේ සොඳුරුම කලාවේ..
නෙලුම් පෙති පරවීද එකිනෙක සඳ අවරගිර හඬන්නේ..
වෙළුම් දින දින ලෙහී හදවත් දුරින් හිඳ පිරි මදින්නේ..
කැලුම් දුන් සඳ රාහු අභිමුව දණින් වැද බිම හොවන්නේ..
තැලුම් පිරිමැද වසා ගමි නෙත් කොහොම යලි සඳ දකින්නේ..
- ක.මි.