Monday 13 December 2021

Heroin හෙරෝයින් - හයවෙනි කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

 අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 


මෙය සැබෑ සිද්දි පදනම් කරගෙන ගෙතූ කතාවකි. නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය.
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය.
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

- සංජිව මෙන්ඩිස් 

*******************************************************************************

පස් වෙනි හිට් එක..

Photo credit: Google Images 

ස්ථානය - වැලිකඩ බන්ධානගාරයේ දවසේ රාජකාරි කරන නිලදාරින්ගේ කාර්යාලය

දිනය - මර්වින්ගේ නඩු දිනය

වේලාව - හවස 3.30 පමන

 විරසින්හ අද ඇකියුස්ලාව ගෙනිච්ච වාහනේ තවම ආවේ නැද්ද?

නෑ සර්..දැන් එයි

හරි..ගියපු කට්ටියට කියනවා...අරුන්ව ඇතුලට දාන්න ඉස්සර මර්වින්ව මෙහාට ගෙන්න කියලා බුස්සෙන් ඇවිත් ඉන්නවා ගාල්ලේ නඩුවට මර්වින්ව ගෙනියන්න...

හරි..සර්...

අර  බුස්සෙන් ඇවිත් ඉන්න දෙන්නට කතාකරනවා මෙහාට....

ඒයි...මල්ලිලා අන්න සිරිසෝම මහත්තයා කතාකරනවා ඔයාලට....

 

මල්ලි උබලා දෙන්න විතරද ආවේ?

ඔව් සර්..කට්ටිය හොදටම අඩුයි

ඔව් බන් මටත් එපා වෙලා තියෙන්නේ  කට්ටිය නැතුව අපි කොහමද බන් මුන්ව මෙච්චල් කරන්නේ..

අපි එක්ක ඩැරැවරුත් ආවා සර්...

උබලා වැන් එකේද ආවේ...

නෑ ...සර් වැන් එක යවන්න උනා අර ඇමැතිතුමාගේ නඩුවට.. නිස කොට බස් ඒක අරගෙන ආවේ...

උබලා තේ එකක්වත් බිව්වද?.. කැන්ටිමට ගිහින් තේ එකක් බිලා වරෙන්...ඇකියුස්ලාව ගෙනාපු ගමන් ඩොකියුමන්ට් ටික අත්සන් කරලා මර්වින්ව අරගෙන පලයල්ලා...

හරි සර්..එහනම් අපි තේ එකක් බිලා එන්නම්..

*******************************

ටික වෙලාවකට පසු දවසේ රාජකාරිබාර ස්ථානාධ්පතිගේ කාර්යාලය..

විරසින්හ මේ ඩොකියුමන්ට් ටිකට අර දෙන්නගෙන් අත්සන් අරගෙන මර්වින්ව බාරදෙනවා දෙන්නට...මතක්කරලා හැන්ඩ්කප් එක ගලවගන්නවා මතකනේ වව්නියාවේ ප්රිසන් එකේන් අපේ හැන්ඩ්කප් එකක් අරගෙන ගිහින් ඒක ගෙන්න ගන්න කාපු කට්ට...

අවුලක් නෑ සර්..අපි හැන්ඩ්කප් ගෙනාවා....

මල්ලි උබලා දෙන්න අලුතෙන්ද බැදුනේ...

ඔව් සර්..මෙයාගේ පලවෙනි පත්විම බුස්සට...මමනම් යාපනේ ඉදලා ලගදි බුස්සට ආවේ..

හරි  එහනම් ගිහිල්ලා වරෙල්ලා...

හරි සර් එහනම් අපි මෙයාට හැන්ඩ්කප් දාලා බස් එකට ගෙනියනවා..ගිහින් එන්නම් සර්...විරසින්හ සර් ගිහින් එන්නම්...

ස්ථානය - වැලිකඩ බන්ධානගාරයේ දවසේ රාජකාරි කරන නිලදාරින්ගේ කාර්යාලය

දිනය - මර්වින්ගේ නඩු දිනයට දවසකට පසු දිනය

වේලාව - හවස 3.30 පමන

ඇයි,,,මල්ලි?

සර් අපි බුස්සෙන් ආවේ...ක්න්ඩෙම් ප්රිසනර් මර්වින්ව ගෙනියන්න....හෙට ගාල්ලේ නඩුවට...

මොකාක්....ඇයි ඔයි තමුසෙලා ඊයේ ඇවිත් මර්වින්ව අරගෙන ගියේ ගාල්ලේ නඩුවට කියලා...

පිස්සුද සර්....කලින් කවුරුත්ම බුස්සෙන් ආවේ නැහැ....අද තමයි ආවේ..අනික මර්වින්ගේ ගාල්ලේ නඩුව තියෙන්නේ හෙටනෙ..ඉතින් අපි මොකටද ඌව කලින් අරගෙන යන්නේ...

විරසින්හ.....විරසින්හ..ගෙනවා ඔයි අර මර්වින්ව බාරදුන්න ඩොකියුමන්ට් ටික....

*************************************************************************

පහන්...පහන්..මදුරගෙන් කෝල් එකක්.....

ඉතින් ආන්සර් කරපන්....

ගයියා...මම මදුර....පහන්ගේ යාලුවෙක් ඉන්නවා..පහන්ට කතාකරන්න ඔනාලු....

මම පහන්ට ෆෝන් එක දෙන්නම් මදුර...

පහන්..මම මර්වින්......මම ඩුබායි ඉදලා කතාකරන්නේ...

හරි මර්වින්..හැමදේම පිලිවෙලට කෙරුනා නේද?

මොනවා කියනවද පහන්.. නිසානේ මම ඩුබායි ඉන්නේ...

හරි එහනම්....ගයියා..ඉදා...මදුර එක්ක කතාකරපන්...

මදුර ....කොහමද මර්වින්ව මිසින් කරේ?

මම පහන්ගේ පැලැන් එකට පිටින් ගියේ නැහැ... කියපු විදිහටම...වැලිකඩ ගේට් එකයි බොරැල්ලේ සයිකල් බසාර් එකයි අතර තැනකදි...CCTV නැති තැනකදි මර්වින්ව වෙන වාහනේකට නැග්ගුවා...ඊට පස්සෙ කෙලිම එයාපොර්ට් එකට..ඌට හදපු පාස්පෝර්ට් එකයි ටිකට් ඔක්කොම එක්ක කොල්ලෙක් එයාපොර්ට් එකේ තියලා තිබුනේ....

එතකොට අර කොල්ලෝ තුන් දෙනා?

උන් තුන් දෙනා දැන් ඉන්නේ ඉන්දියාවේ..ලොක්කා ලග....

ඒතොකට බස් එක?

බස් එක බන්ධානාගර බස් එක විදිහටම පේන්ට් කරලා දුන්න ගැරේජ් බාස්ටම බාර දුන්නා....මේ වෙනකොට ඒක යකඩ වලට විකුනලා ඇති...

අර කොල්ලෝ තුන් දෙනා ඇදගෙන ගිය ජේලර් කිට් වලට මොකද කරේ?

ඒවා පහන් කිව්ව විදිහටම පුච්චලා දැම්මා...

හරි එහනම් අවුලක් නැහැනේ...

නෑ..ගයියා...පහන් කිව්වා හරි මර්වින් අතුරුදන් වෙච්ච කේස් එක මුන් මිඩියා වලට යන්න දුන්නේ නැහැ...එහම ගියානම් ලැජ්ජාව උන්ටනේ බන් අනික එහම උනානම් මගෙන් ගතම්න්ට් එක ගන්න වැලකගේ ජොබ් ටු ගැලවෙනවා....

ඒකනේ මදුර මම කිව්වේ පහනා කිව්වා විදිහට කරපන් කියලා...අපි වගේ නේමේ බන් ඔලුවෙන් වැඩ කරන එකා....

ගයියා..කියපන් පහන්ට මොනවද මගේන් කෙරෙන්න ඔනේ..

ඌට ඔනලු  මේ බිස්නස් එකට බහින්න....

හරි ..පහන්ට කියපන් මම ඌට කිලෝ දහයක් දෙන්නම් කියලා ...මට ඒකට සල්ලි එපා..

ඌට බඩු එපාලු..

එහනම් මොන ලබ්බකටද බන් මේ බිස්න්ස් එකට බහින්න හදන්නේ....

මේ බිස්නස් එකට බහින්න ඉස්සර මේ බිස්නස් එක ගැන ස්ටඩි කරන්න ඕනලු...

මෙකේ මොනවද බන් ස්ටඩි කරන්න තියෙන්නේ.....එහෙන් ගත්තා මෙහෙට දුන්නා....

අපිනේ මදුර අයියා... දෙයක් කරන්න ඉස්සර හැම දෙයක් ගැනම හොයලා බලනවා...

හරි...ගයියා කියපන් මොනවද මගෙන් කෙරෙන්න ඔනේ....

පහන්ට ඔනලු කවුරුහරි යටතේ වැඩ කරන්න...

ඉතින් උබ ගනින්කෝ ඌව.....

මදුර උබ විශ්වාස කරපන්..මට මේ හැම දෙයක්ම දැන් ඇතිවෙලා තියෙන්නේ...දැනටත් මගේ බිසන්ස් එක රන් කරන්නේ නවාස්....තව ටික කාලෙකින් මම මේ හැම දෙයකින්ම අයිය්වෙනව.

නෑ.....හරි පහන්ට කියපන් එලියට ආවම මාව ක්න්ටෑක් කරන්න කියලා...මම ඌව ටිම් එකට සෙට් කරන්නම්...හැබැයි පුතෝ...පවුල් බෑ..පෙනෙල්ටි බෑ...වච්චිල් බෑ...

 *******************************************************

ගයියා බිස්නස් එකෙන් අයින්වෙයිද?....පහන් බිස්නස් එකට බහිද?....පහන්ට මිනිහගේ ටාගට් එකට යන්න පුලුවන් වෙයිද?.. මදුර පහන්ට බාරදෙන ලොකු ක්න්ට්රෑක් එක මොකක්ද?...

එහනම් ඉස්සරහට වෙන්නෙ මොකද කියලා අපි බලාගෙන ඉමු....

-එළ ද බ්‍රා මෙන්ඩා