Sunday 26 February 2023

Check Point..! 5 වෙනි දිගහැරුම

4 වෙනි දිග හැරුමට..


මේ අතර සිකුරාදා දහවලෙහි වන්නි අඥාපතිවරයාගේ හදිසි කැඳවීමකින් පූනෑවේ සිට වවුනියාවේ ඒකාබද්ධ වන්නි ආරක්ශක සේනා මූලස්ථානයට ගිය නාවික හමුදාවේ උතුරුමැද නාවික ආඥාපතිවරයා එහි සිට නාවික හමුදා මූලස්ථානය සමඟ දිගු දුරකථන සංවාදයකි. අනෙක් පසින් නාවික හමුදා මූලස්ථනයේ නාවික පුද්ගල හා පුහුණු අධ්‍යක්ශක කාර්‍යාලයේ මාණ්ඩලික නිළධාරියෙක් සම්බන්ද වී සිටී..

"හෙලෝ.. මචං.. මම වන්නි Joint Operation Commanderගේ ඔෆිස් එකේ ඉන්නේ.. මම ඔයාගේ ඩිරෙක්ටර්ටත් කෝල් කරා.. මේ සීස් කරලා තියෙන ලොරියේ ඩ්‍රයිවර්ගේ ඩීටේල් වලින් හොයාගෙන ගියාම තමයි ගෙදරින් කියලා තියෙන්නේ මිනිහ MSR withdrawal එකේදි මිසින් වෙලා දැන් අවුරුදු 7ක් කියල. නේවි එකෙන් තවම පේ එකත් යනවලු අම්මලාට.. පදවි ශ්‍රීපුර ගම.. ලීඩින් පැට්‍රොල්මන් කෙනෙක් වෙන්නෝනි ගෙදරින් කියපු විස්තර හැටියට. XP 22 ගාණක් වගේ ඔෆීශියල් නම්බර් එක.. මේ ෆැක්ස් එකේ නම්බර් එක පැහැදිලි මදි.."

"...."

"ආ.. ඒ කියන්නේ හරි නේ.. RMAS රත්නායක.. අනුර සමන්ත රත්නායක නේ? Leading Patrolman.. කවදා ඉඳලද? අනූනවයේ දෙසැම්බර් 4 ඉඳලා.. Roger.. Copied. Thanks machan, I'll call you back if there is any further information is required"

"...."

"Good day buddy" නිළ දුරකථන ඇමතුමක් වුවද ඔවුන් දෙදෙනාගෙ සුහද කතා විලාශය යුධ හමුදා ජේෂ්ඨ නිළදාරියාගේ සිත් ගත්තේය. යුධ හමුදා කණිෂ්ඨ හා ජේෂ්ඨ නිළධාරීන්ට වඩා නාවික හා ගුවන් හමුදාවල නිළධාරීන් අතර දැන හැඳුනුම් කම් මෙන්ම සුහදතාවයද සාමාන්‍යයෙන් වැඩිය. ඒ ප්‍රමාණාත්මනකව ඔවුන් සුළු පිරිසක් වන හෙයින් විය හැක.

"හරි නේ සර් ඉන්ෆොමේශන් එක.. As per records at Navy headquarters; bugger is missing from December ninety nine. Still in the MIA list. "

"Oh.. fuck...! මොනවද මචං මේ වෙන්නේ? Now you tell me how to tell this to the top?" විශ්මයාර්තය මෙන්ම සෝපාහාසයද මුසු සිනහාවකින් නාවික නිළධාරියා දෙස බලා සිටි යුධ හමුදා නිළදාරියා ' ඔයත් ඉන්න. මම කමාන්ඩර්ට කතා කරලා ඉන්නම්' කියා තොරතුර දැනුම්දීම පිණිස යුධ හමුදාපතිවරයාව සම්බන්ද කර ගත්තේය. දීර්ඝ විස්තරයකින් අනතුරුව නැවත නාවික අඥාපතිවරයා දෙස හැරුණු නිළධාරියා..

"මචං, සර් කියන්නේ මේක ප්ලොට් එකක් වෙන්න පුලුවන් කියලා.. එනිවේ දැන් ඉන්ට් එකෙන් කන්ෆර්ම් කරලා තියෙනවා මේ මෙඩිකල් ඇන්ඩ් සර්ජිකල් අයිටම් තිබ්බ ට්‍රක් එක ටෙරා ල සීස් කරලා මුලතිව් වලට ගෙනියල තියෙනව කියල. එතකොට මේ ඩ්‍රයිවර්ගේ සීන් එකත් එක්ක පැහැදිලියි මේක ප්ලෑන් කරලා කරපු වැඩක් කියනෙක. ඩ්‍රයිවර් කෙනෙක් විදියට කාඩර් එකෙක් යැව්ව කියමුකෝ සප්ලයර් ළඟට. ඒත් කොහොමද මිනිහට හරියටම තමන්ට අවශ්‍ය කරන ට්‍රක් එකම ලැබෙන්නේ?"

"You mean some involvement from the supplier?"

"Got to suspect everyone neh? මේවා සප්ලයි කරන්නෙත් ඔස්ටින් පෙරේරලා නේද?"

"මම හිතන්නේ උන් දැන් ඩිවිශන් කඩලා තියෙනවා.. දැන් මාළු සම්පූර්ණයෙන්ම වගේ කරන්නේ අරුන් සෙට්ටෙකනේ.. සංජුලා.. ට්‍රින්කො වලින්.. මේ ට්‍රක් එක ඇවිත් තියෙන්නෙත් වත්තල ඒ වගේ සබ් එකකින් නේද? රෝහිත පෙරේරා මිනිස්ටර් උනායින් පස්සේ හැංගිලා නේ ගේම් එක ගහන්නේ.."

"හෙහ් හෙහ්.. Now you know where the problem is.. Anyway, You can brief this to Navy Commander too now. What my boss suggested is not to disclose any of these to unwanted. අර කොල්ලගෙ pay එක නවත්තන්නවත් පවුලේ උන්ව ඉන්ක්වයර් කරන්න යන්නවත් එපා දැන්ම. බලමු උඩින් මොකක්ද කියන්නේ කියල.."

"Definitely sir,  We'll have a separate inquiry on that from our end. I'll come back to you after discussing this with my commander."

"Thanks machan"

"Thanks sir, good day"

*********************************************

සිකුරාදා උදය වරුවේ තම හිත මිතුරු ත්‍රීකුණාමල දිස්ත්‍රික් අත්‍යාවශ්‍ය සේවා බාර නිළධාරියාගේ ඉල්ලීම මත ඔහු සමඟ සපුගස්කන්ද හා කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණ වෙත ගිය අරුල් දේවනායගම් ඉරිදා දිනයේදි ත්‍රිකුණාමලයේ ගැටුම් සහිත ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීමට සුදානමින් සිටින අත්‍යාවශ්‍ය ඩීසල් හා පෙට්‍රොල් තොග පිළිබඳ ලියකියවිලි කටයුතු වලට ඔහුට සහයෝගය දැක්වීය. මාස හයකට පමණ පෙර තෙල් ගබඩා සංකීර්ණ වෙත එල්ලවූ ත්‍රස්ත ගුවන් ප්‍රහාර හේතුවෙන් ඒ වනවිටත් සපුගස්කන්ද හා මාකොළ අවටත්, කොළොන්නාව ගබඩා සංකීර්ණයේත් ආරක්ශාව ඉතා දැඩිකොට තිබුණි. මේ හේතුවෙන් දේවාගේ දැනහැඳුනුම් කම් හා ඔහුගේ සිංහල භාෂා කථන හැකියාව හැකි සෑම විටම ප්‍රයෝජනයට ගැනීමට මිතුරු ද්‍රවිඩ රජයේ නිළධාරින් නිතරම පාහේ ක්‍රියාකළහ.

මිතුරාගේ ඉල්ලීම් වලට සිනහාමුසුව උපකාර කල දේවා ඒ සියල්ල සහ සම්භන්ද කර දීමෙන් අනතුරුව සිය කැබ් රථයේ ප්‍රදර්ශණය කරමින් තිබූ 'අත්‍යාවශ්‍ය සේවා' පුවරව ඉවත් කර සැහැල්ලුවෙන් මොරටුව කටුබැද්ද දෙසට ධාවනය කරන්නට යෙදුනේ දවසේ යොදාගෙන තිබූ ප්‍රධානතම කටයුත්ත වූ සිය මස්සිනා ඇතුලු යාපනයෙන් මොරටුව සරසවියට තේරී පත්වූ ඉන්ජිනේරු සිසුන් සිව් දෙනාට සුදුසු නවාතැනක් සොයා දීමේ අදහසිනි. පත්තර වල තිබූ දැන්වීම් හා ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් ලැබුණු තොරතුරු මත නිවාස කිහිපයක්ම පරීක්ශා කලද සිය සිත්ගත් තැනක් ඒ අතර නොවීය. ඇත්තෙන්ම සමහර නිවැසියන් යාපනයේ දමිල සිසුන් සඳහා බව පැවසූ සැනින් නවාතැන් ලබාදීම කාරුණිකව ප්‍රතික්ශේප කළෝය. 

නුරුස්නා හැගීමෙන් පැය කිහිපයක් කටුබැද්ද අවට සැරි සැරූ ඔහු අවසානයේ කොළඹ අවට පදිංචි සිය ද්‍රවිඩ මිතුරෙකුගේ සහය පැතීය. 

"උඹට ඔෆර් කරන්න පුලුවන්නම් වැල්ලවත්තෙන් අපාර්ට්මන්ට් එකක් බලපං බං. වටේම ඉන්නේ අපේ උන්. කන බොන කෑම ටික පවා කොල්ලොන්ට පත්තියං වෙයි. ආරක්ෂාවත් හොඳයි. මම කන්ටැක්ස් දෙක තුනක් එවන්නං. කතා කරලා ගිහිං බලපං. ඔය උදේට හවසට පොඩ්ඩක් බස්සෙකේ යන එන එක මොකක්ද කොල්ලන්ට? උන්ටත් හොඳයි රටතොට දකින්නත් එක්ක" සත්‍යවශයෙන්ම තමාට එය එතෙක් මතකයට නොපැමිණීම ගැන දේවාටම පුදුමය. මුව පුරා මිතුරාට ස්තූති කල දේවා ඔහු දුන් හෝඩුවාවක් ඔස්සේ වැල්ලවත්තට ගොස් පරීක්ශා කල පළමු ගෙවල් තුනම ඔහුගේ හිත් ගත් නමුත් සදාරණ මිල, නිස්කලංක බාවය හා නිහතමානී අයිතිකරු හා කතාවෙන් පසු රාමක්‍රිශ්ණ පාරේ මහල් නිවාස සංකීර්ණයක බිම් මහලේ පිහිටි ඇටැච්ඩ් බාත් රූම් එකක් සහිත ලොකු කාමරයක් තවත් කොමන් බාතෘම් එකක් සමඟ කාමර දෙකක්, කුඩා පැන්ට්‍රියක් හා සාලය වැනි කොටසක් සහිත එම නිවස කුලියට ලබා ගැනීමට එකඟව අත්තිකාරමක්ද ලබාදී කොළබ පැමිණි විට තමන් නවාතැන් ගන්නා අත්‍යාවශ්‍ය සේවා ජනරාල් කාර්‍යාලයට අයත් නවාතැන් පොළ බලා පැමිණියේ සාර්ථක දවසක නිමාව සනිටුහන් කරමිනි. 

***********************************************

දවසේ අවසන් ටර්න් එකට බස් රථය කොට්ටාවෙන් පිටත් වූ සැණින් මහේෂ් සමීරට කියා බස් රථයේ දුරකථනයෙන් අයිතිකරුගේ නිවසට ඇමතුමක් ලබාගත්තේය. 

"මහත්තය මට හෙටයි අනිද්දයි පොඩි නිවාඩුවක් ඕනී" එසැණින් බස් රථ හිමියා ඔහුගේ ඇඟට කඩා පැන්නේය.

"උඹ ඊයෙයි පෙරේදයිත් නිවාඩු නේද? මහේෂ් ඇත්ත කියපං. උඹට රස්සාව කරා ඇතිද? බස් එකෙන් බහින්න ඕනි නම් ඒක කියල මං එකෙක් හොයාගන්නකං ඉඳල මහත්තයෙක් වගේ බැහැපං. උඹට මම කියලානේ රස්සාව දුන්නේ.. මට තව වැඩ තියෙනවා. මට බෑ උඹේ කුණු අදින්න කියන කියන වෙලාවට"

"එහෙම එකක් නෑ.. අම්මට සනීප නෑ. පොඩි උන් තුන්දෙනාව බලන්න එකෙක් නෑ. මහත්තය දන්නවනේ. හෙට රෑ වෙන්න කලින් මම උන් ගාව ඉන්නෝනි. මහත්තයට බැරිනං හෙට ඉඳලම එකෙක් හොයාගන්න බස් එකට.. මම බහින්නං"

"උඹලගේ ඔය ඝනකම රස්සාවල් ඉල්ලගෙන එද්දි නෑනේ බං. හෙට මම ඩ්‍රයිවර්ලා මවන්නයැ. මට හෙට උදේ ලොකු වැඩක් තියෙනව.. උදේ ටර්න් එක ඇවිත් යන ගමන් මහරගමදි මට බස්සෙක දීල උඹ යන දේවාලෙක පලයන්." ඔහු තම අවසාන තීරණය එසේ ප්‍රකාශ කරද්දි කිසිත් නොකී මහේෂ් ෆෝන් එක කට් කර සමීර අතට දුන්නේය. 

"ඇයි මහේෂයියා.. මොකක්ද අවුල.. උඹ හෙටත් නිවාඩුද?"  කිසිවක් හරි හැටි නොතේරුණු සමීර මහේෂ් ව විමසා සිටියේය. එයට 'ඔව්' යනුවෙන් හැඟවෙන පරිදි ඔළුව පමණක් වනා ඉදිරිය බලාගෙන ලොකු කල්පනාවකින් වාහනය පදවන මහේෂ් දෙස බලාසිටි සමීරට වැටහුණු එකම දෙය වූයේ ළඟදීම මහේෂ් මොකක් කෝ 'ලොකු පිම්මක්' පනින්න යනවා කියා පමණකි.

'දරුවන් බලන්න යනවා'යි එවලේ කටට ආවාට කියුවාට මහේෂ් හිටියේ ඒ ගැන ඇත්තටම වද වෙමිනි. මුසාවකින් හෝ සිය දරුවන් මේ දේට ඈඳා ගැනීමට ඔහුගේ හිත් නොදේ.. ඔහු සිය දියණියන් දෙදෙනාටත් පුතාටත් බොහෝසෙයින් ඇලුම් කරයි. දරුවන්ද ඔහුට බොහෝ ලෙන්ගතු වෙති. විශේෂයෙන් බාල දියණියට සිය මව පිළිබඳ එතරම් මතකයක් නැත. මහේෂ් ගේ බිරිඳ ඔහු හැරදා ඇගේ මව වෙසෙන සයිප්‍රසයට පලායනවිට ඇගේ වයස යන්තම් වසර එක හමාරකි. මහේෂ්ගේ බිරිඳගේ මව හෙවත් ඔහුගේම පුංචි අම්මා සෑහෙන කාලයක සිට සයිප්‍රසයේ සේවය කරයි. 'ඈ එහෙන් පවුල් වෙලා'යි ගමේ බොහෝ දෙනා පැවසුවද ඈ වසර දෙකකට පමණ සැරයක් ලංකාවට විත් මාසයක් හමාරක් ගතකොට යයි. වැඩිමල් දියණිය ඉපදුන පසුව තෙල්දෙණියේ මුදලාලිගේ පවුලද සමඟ මහේෂ්ලා මුලින්ම නැවත ගෙදර පැමිණි දිනයේද ඈ එසේ නිවසට පැමිණ සිටියාය. ඇගේ මැදිහත්වීම මත එදා මහේෂ්ලාට නැවත පවුල හා ඉක්මණින් සම්භන්ද වීමටද හැකියාව ලැබුණි.

මහේෂ් මුදලාලිගේ බසයේ වැඩකල ඉදිරි වසර හතරක පමණ කාලයේදි ඔවුන්ට තවත් පුතෙකු හා දියණියක ලැබුණි. බාල දියණිය ඉපදීමෙන් අනතුරුව මහේෂ්ගේ බිරිඳ යම් පසුප්‍රසව මානසික ආතතියකට ගොදුරු වූවාය. කීපවරක් හසලකින් මහියංගණයෙන් මෙන්ම බදුල්ල මහ රෝහලෙන්ද ප්‍රථිකාර ගත් නමුත් ඇගේ නොසන්සුන් තත්ත්වය සම්පූර්ණයෙන්ම පහ වූ බවක් දක්නට නොලැබිණි. මහේෂ් හා නිතර අඩදබර කිරීම වැඩිමල් දියණියට නිතර බැණ වැදීම, ළමයින්ගේ කටයුතු පමණක් නොව ඇතැම් විට ඉවුම් පිහුම් කටයුතු පවා අතපසු කිරීම් නිතර දක්නට ලැබිණි. මේ අතර ඇගේ මව ලංකාවට ආවාය. ඈ සිටි මාස එකහමාරේ නිවසේ තත්ත්වය බොහෝසෙයින් සාමකාමී වූ අතර මව හා දුව සහයෝගයෙන් කටයුතු කරගෙන යනු දක්නට හැකිවිය. නිවාඩුවෙන් පසු මව නැවත සයිප්‍රසය බලා ගමන් කිරීමෙන් පසුව වුවත් මහේෂ්ගේ බිරිඳ සෑහෙන හොඳින් නිවසේ කටයුතු කරගෙන යෑම මහේෂ්ට ඉමහත් සැනසිල්ලක්ම වූයේය.

නමුත් රහසේ යමක් සිදුවෙමින් පැවතී තිබිණි. බදුල්ලේ ක්ලිනික් එකට යනවා කියා එක් දිනක් ගෙදරින් පිටව ගිය ඇය යළි නිවසට නොආවාය. පසුව දැනගත් පරිදි ඈ ඇගේ මව සමඟ රහසිගතව කතිකා කොටගෙන මහේෂ් හා දරු තිදෙන අතහැර මව වෙසෙන සයිප්‍රසයට පලාගොස් තිබිණි. මහේෂ් දරුවන් තිදෙනා සමඟ නිවසේ තනිවිය. කොතරම් ආඩපාලි කීවත් අවසානයේ දරුවන්ගේත් මහේෂ් ගේත් පිහිටට ආවේ ඔහුගේ මවයි. මිත්තණිය හා දරුවන් අතර සම්භන්දය වර්ධනය වෙන තෙක් මහේෂ් නිවසේ නතරවිය. හඳුන්ගොමුව බස් රථයේ රියදුරුකම හමුදාවේ සිට විශ්‍රාම ගොස් සිටි ඔහුගේම මාමාට පවරන ලදී. ටික දිනකින් නිවසේ අගහිඟකම් දැඩිවූ බැවින් මිතුරෙකුගේ මාර්ගයෙන් හෝමාගම පිටකොටුව බස් රථයකට සම්භන්ද වීමට ඔහු කොළඹ ආයේය. දරුවන්ගේ විය හියදම් වෙනුවෙන් සති දෙකකට වතාවක් ඔහු ඔහුගේ වියදමට ගන්නා මුදලක් හැර ඉතුරු මුදල් සියල්ල මවට යවයි.

බස් රථ රස්සාවෙන් කොතරම් හම්බ කරත් ඉතිරියක් නැත. මහේෂ් අවසන් වතාවට ගමට ගියේ මින් මාස එක හමාරකට පමණ පෙර සිය වැඩිමල් දියණියගේ වැඩිවිය පැමිණීමේ උත්ස්වයටයි. පඩියට අමතරව බස් රථ හිමියාගෙන් ලැබුණු රුපියල් තුන් දහසක මුදලින් සහ සමීරගෙන් එපා කියද්දි ලැබුණු රුපියල් දෙදහසක මුදලෙනුත් පුංචියට උත්සවයක් ගෙන එහි කටයුතු නිමා කරගැනීමට හැකිවිය. මාමාගෙන් ආරංචිය ලැබී අනාරාධිතවම පැමිණි තෙල්දෙණියේ මුදලාලි හාමිනේ දියණියට පුංචි ලස්සන කරාඹු ජෝඩුවක් තෑගි කලාය. එතෙක් ඈ පැළඳ සිටියේ සිය මිත්තණියගේ දෙකණේ තිබු පරණ මෝස්තරයේ ලොකු අරුංගල් දෙකයි.

ඇගේ මැදිහත්වීමෙන් එකතු කල මහේෂ්ගේ සුන්දර පවුලට වූ විනාශය පිළිබඳව තෙල්දෙණියේ හාමිනේ බොහෝ පසුතැවිල්ලෙන් උන්නාය. ඈ මහේෂ් ළඟට කැඳවා ළමයින් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම පිළිබඳව බොහෝ වේලාවක් උපදෙස් දුන්නාය. කන්න බොන්න දෙනවා පාසැල් යවනවා යන්න හැර ඒවාගේ දේ ගැන මෙතක් මහේෂ්ටවත් කිසිවක් කල්පනා වූයේ නැත. සල්ලි කීයක් හෝ ඉතිරිකර වැඩිමල් දියණියගේ කරට මාලයක් සාදා දැමිය යුතුය, මාස් පතා දරුවන් වෙනුවෙන් යමක් ඉතුරු කල යුතුය වැනි අදහස් මහේෂ්ගේ ඔලුවට දැමුයේ ඇයයි. ඒ විතරක් නොව ඈ යන්නට පෙර මහේෂ්ට හොඳ තැනකින් තව කසාදයක් පවා කතාකිරීමට තමා අදිටන් කරගෙන සිටිනා බව ඔහුගේ මවට පැවසුවාය.

මහේෂ් තලඑළෙළුය.. කොළඹ කාස්ටක අවුවේ රත්වෙන බස් රථයේ දවස මුළුල්ලේම ගත කරන හෙයින් ඔහු දැන් තවත් කළු වී ඇතැයි සිතේ. කුඩා කල සිටන් වත්තේ කුඹුරේ වැඩ කිරීමෙන්, ඇලේ දොලේ කොල්ලන් සමඟ තරඟයට පිහිනීමෙන් මෙන්ම කරදඬු උස් මහත් වූ දා පටන් වාහන ස්ටියරින් වීල් හා ඔට්ටු වීමෙන් ඔහුගේ සිරුරේ ප්‍රමාණයට සාපෙක්ශව උඩුකය හොඳින් වැඩී තිබේ. පළල් උරහිස් සමඟ අත්වල හා බෙල්ලේ මාංශපේශී හොඳින් වැඩී තිබීම හැර මහේෂ් ප්‍රාංශු දේහදාරියෙකුයැයි කිවහැකි පුද්ගලයෙක් නොවේ. රිය පදවනවිට ඔහුගේ අපිළිවෙලට වැවුණු රැවුල් ගස් මැදින් පේන කළු මුහුණේ හා විශේෂයෙන්ම ඇස් දෙකේ අමුතු කාන්තියක් ඇත. අනෙක් වේලාවට මුහුණ හැඟීම් විරහිත බවක් පෙන්වයි. හෝමාගම බසයේ වැඩ කරද්දී මෙන්ම කොට්ටාව බසයේ වැඩ කරද්දීද සමහර මගී කාන්තාවන්ගේ ඇල්මට බැල්මට මහේෂ් ලක්වූ අවස්ථා නැත්තේ නොවේ.. පෙර දිනයේ සමීර මතක් කල සුදු මහත කාන්තාව ඉන් එක් අයෙකි. ඈ ගැන සමීරගේ හැඳින්වීම මතක් වී මහෙෂ්ට සිනහවක් පහළ විය. එහෙත් සිනහවකින් බැල්මකින් එහාට කිසිදු කාන්තාවකට මහේෂ්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. ඇත්තටම ඔහු බිරිඳගේ අත්දැකීමෙන් පසු කාන්තාවන් කෙරෙහි යම් බයකින් පසුවෙන්නා සේ පෙනේ.

"මල්ලි.." මහේෂ් ලෙහෙසියෙන් සමීරට මල්ලි කියා අමතන්නේ නැති බැවින් සමීර විශේෂයෙන් හිස ඔසවා ඔහු දෙස බැළුවේය. 

"ටවුන් හෝල් බහින්න.. ටවුන් හෝල්.. සලාකා.. ඇස්වාට්ටුව.. ඉබ්බන්වල ඔක්කොම මෙතනින් බහින්න.. ආයේ නවත්තන්නේ යූනියන් ප්ලේස්.. මඟ නවත්තන්න බෑ.. පොලිසියෙන් ලියනවා.. කරුණාකරලා ඔක්කොම බැහගන්න.. ආ.. හරි යං හරී...ඊ" මාරුවෙන් මාරුවට මහේෂ්ගේ මූණ දෙසත් පිටුපස දොර දෙසත් බලමින් කෑ ගැසූ සමීර බස් රථය ඉදිරියට ඇදෙද්දී තවත් අඩියකින් මහේෂ් වෙත කිට්ටු විය..

"මම හෙට උදේ ට්‍රිප් එකෙන් පස්සේ බැස්සම දවස් තුන හතරකට එන එකක් නෑ. සමහරවිට ආයේ කවදාවත්ම එන එකක් නෑ. අඟහරුවාද බදාද වගේ වෙනකං බලල උඹ හොඳ එකෙක් හොයල ලොක්කට සෙට් කරපං.. අර 255 වැඩ කරපු පච්චය මම හිතන්නේ දැන් බැහැල වාහනයක් හොයනව.. ඌට කලින් මේ රූට් එක පැදල පාරත් හුරුයි. ඌව හරි බලපන් සෙට් උනොත්"

"මොන හුයන්නක්ද ඕයි තමුසේ මේ කියන්නේ? තමුසේ හෙට ගෙදර නෙවෙයිද යන්නේ.. මොකක්ද මේ තමුසෙට දවස් දෙක තුනක ඉඳලා වෙලා තියෙන්නේ? මහේෂයිය කියපං මට.. උඹට මට කියන්න බැරි දෙයක් නෑනේ.."

"කියන්නං දවසක.. දැනට උඹ ඔය මම කියපු එක ඔළුවට ගනිංකෝ"

********************************************

ඉතිරිය ඊළඟ කොටසින්..

පසු සටහන- සමහර මීලිටරි වචන නොතේරෙන එක කියවන්න බාදාවක් කියල පොඩි පොඩි කොමෙන්ට් ටිකක් ආව නිසා මේ පහලින් පොඩි එක්ස්ප්ලනේශන්ස් ටිකක් දාන්නේ. (ඒක මම එච්චර කැමති වැඩක් නම් නෙවෙයි.)

මේක දිගට යන කතාවක්.. කොටසෙන් කොටසට තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. සිද්ධි ටික අධ්‍යයනය කරගෙන යද්දී එකින් එක හාවෙන හැටි පෙනෙයි. තාම මේක තියෙන්නේ ඉම්ටෙලිජන්ස් උනුත් හොයන මට්ටමේ. ඉතින් කොහොමෙයි කියවන උන්ට කතාව තේරෙන්නෙ..

කොමෙන්ට් විදියට පේන අඩුපාඩු නිවැරදි වෙන්න ඕනි තැන් අපහැදිලි තැන් දානවානම් බොහොම අගෙයි

කියනව හැමෝටම ස්තූතියි! 

Joint Operation Commander- ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිළධාරී (ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් ආරක්ශක බළකාය සම්බන්ධීකරණය කරමින් ඒ ඒ හමුදා කළාප වලට අණදෙන ජේෂ්ඨ හමුදා නිළදාරියායි. බොහෝවිට යුධ හමුදාවේ මේජර් ජෙනරාල් වරයෙකි)

MSR withdrawal- MSR හෙවත් Main Supply Root යනු ක්‍රියාන්විත ප්‍රදේශයකට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යුධ කළාපය හරහා පවත්වාගෙන යනු ලබන හමුදා පාලන ප්‍රදේශයකි. වව්නියාව හා උතුර අතර මෙලෙස පවත්වාගෙන ගිය සප්ලයි රූට් එක 1999 දී දැවන්ත ත්‍රස්ත ප්‍රහාරයකින් විනාශ වී ගිය අතර එහිදී බොහෝ හමුදා සාමාජිකයින් පිරිසක් ජීවිතක්ශයට හා අතුරුදහන් බවට පත්විණි. ත්‍රස්ත ප්‍රහාර හමුවේ හමුදා පසුබැස යාම withdrawal ලෙස හඳුන්වයි.

Leading Patrolman- නායක නාවික සෙබළ (යුධ හමුදාවේ කෝප්‍රල් තනතුරට සමාන නාවික හමුදා සෙසු නිලයකි)

Roger- සංඥා භාශාවේදී යම් පණිවුඩයක් නිසි ලෙස ලබාගත් බව පැවසීම සඳහා යොදා ගන්නා පදයකි.

MIA list- Missing in Action list (ක්‍රියාන්විතයේදී අතුරුදහම් වූවන්ගේ නාම ලේඛනය)


-ක.මි.

Thursday 23 February 2023

Check Point..! 4 වෙනි දිගහැරුම

3 වෙනි දිග හැරුමට..


"ආ.. නගින්න.. හොඳේක.. දිගේක.. වේගෙන් යනේක.. ඔට්ටා..ඔට්ටා..ඔට්ටාව්...අ" 

"ආ.. ඕම නගින්න.. ගෙඩවෙන්න..ගොඩවෙන්න.. ටවුනෝල්.. කිල්ලපන.. නුගේ..ඩ..මාරගම..ඔට්ටා..ඔට්ටා..ඔට්ටා...ව්..අ" බැස්ටියන් මාවතෙන් හරවා ගත් සැනින් ටයිම් එක දාගෙන පසුපස දොරේ තනි අතින් එල්ලී සමීරයා කෑගසයි. ඔහුගේ කෑගැසීමේ අමුතු රිද්මයක් ඇතැයි මහේෂ්ට සිතේ.. මේ වෙලාවට කොටුව ස්ටේශන් එක ඉස්සරහා බස් පොදියකි. එයින් අවම බස් 5ක් හෝ හයක් මහරගම, කොට්ටාව, හෝමාගම හෝ රුක්මල්ගම දක්වා දිවෙන 138 බස් වේ. බස් රථයට සෙනග නංවා ගැනීම රියදුරාගෙ හා ගෝලයාගේ දක්ශතාවය මෙන්ම වාසනාව මතද තීරණය වන තියුණු තරඟයකි. එය එක්තරා ආකාරයක විනෝද ක්‍රීඩාවකි. ජයග්‍රාහකයා සතුටු වේ. පරාජිතයා ඊළඟ නැවතුමේදි ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් ධාවනයේ යෙදේ. කිසිවෙකුට විශාල වාසි හෝ විශාල අවාසි නැත. ජයගහණය තීරනය වන්නේ ඉතා කුඩා ඉලක්කම් වලිනි. ඒත් කම්ප්ලේන් නැත. සියල්ලෝම ධාවනයේ යෙදෙති. 

බස් රථය දවසේ පළමු ටර්න් එකට කොට්ටාව දෙසට ඇදේ.. රීගල් හෝල්ට් එක පසුවෙද්දි සීට් ගාණට සෙනග වාඩිවී ඇත. එය හොඳ ආරම්භයකි. උදෑසන බස් රථයට නැගි විගස ස්ටියරින් වීල් එක, රියදුරු අසුන හා ඒ අවට පිස දමා හඳුන්කූරු දෙකක් දල්වා හොඳින් සුවඳ වදින තැනක ගැසීම මහෙෂ් විසින් පුරුද්දක් ලෙස කරයි. ඉදිරිපස වීදුරුවලට හා පැති කණ්නාඩි වලට වතුර ගසා පිරිසිදු කර බස් රථයට නගින සමීර සිය ටිකට් කඩන යන්ත්‍රය මෙම හඳුන්කූරු අසල තබා ඊට වඳියි. මේවා කවදා කෙසේ පුරුදු උනාද නොදන්නා නමුත් දෛනිකව ඒ දේ සිදුවේ. බුද්ධ රූපයක් හා තවත් දෙවිරූප රැගත් ෆ්‍රේම් කරන ලද රූප පෙළක් ඉදිරිපස ඉහළින් එල්ලා ඇතත් ඒවාට වැඳීමක් හෝ දුම් ඇල්ලීමක් කෙරෙන්නේ නැත. ඒත් ඉන්දියන් හඳුන්කූරු වලින් එන ශාන්ත සුවඳ ඉදිරි දවසේ ඔවුන්ගේ ගිණිකන ජීවිතයට යම් මානසික සුදානමක් ඇති කරවන සෙයකි.

මහේෂ් හෝ සමීර තවම උදෑසන ආහාර කිසිවක් ගෙන නැත. පුරුද්දක් ලෙස හිස්බඩ බොන වතුර වීදුරුව පමණක් පානය කර ඔවුන් පළමු ටර්න් එක පිටකොටුවේ සිට කොට්ටාවට යති. උදෑසන ආහාරය ලබා ගැනීමට සමාන්‍යයෙන් ඔවුන් දෙදෙනාම කොට්ටාවේ පොල් අතු බත් කඩයට යති. මහේෂ්ට පුරුද්දට මෙන් උදේට රතු    බත් ඕනෑ වේ. සමීර නම් බොහෝවිට ඉදියප්පන් හෝ පාන් කෑමට ගනී. කෑම වෙනුවෙන් දෙදෙනාට දිනක ආදායමෙන් රුපියල් දෙසීයක් වෙන් කරගත හැක. උදේ දවල් දෙවේල සඳහා රුපියල් දෙසිය පනහක් පමණ වැයවෙන අතර මදිපාඩුව ටිකට් කඩන අතර සමීර එහෙමෙහෙ කර ගනී. දවස හොඳ වූ කල එයිට අමතරව තව රුපියල් සීයක් හමාරක් අමතරව උපයා ගැනීමට හැක. ඒවා දෙදෙනාගෙ බුලත් විට සිගරට් අවශ්‍යතා වලට ප්‍රමාණවත් වේ. මහේෂ් ගේ දෛනික වැටුප රුපියල් නවසීයකි. සමීරට රුපියල් පන්සීයකි. එය සති දෙකකට වරක් ලබා ගත හැක. දෛනික වියදම් සඳහා අවශ්‍ය වුණත් නොවුණත් ඔවුන් දෙදෙනාම සිය වැටුපෙන් දිනකට ‍රුපියල් එකසිය පණහා බැගින් ලබා ගනිති. ඒ මුදලද කෙසේ හෝ වියදම් වේ. 

කොට්ටාව බසයේ සේවයට එක්වී නොබෝ දිනකින් නාවින්නේ කිත්තා හෙවත් කීර්ති, මහේෂ් ව සොයා ආයේය. කීර්ති යනු කිරුළපන නුගේගොඩ ප්‍රදේශයේ සිට හෝමාගම කොට්ටාව දක්වා පාතාල බලය පතුරුවාගෙන සිටි කිරුළපන ජගත්ගේ ප්‍රධාන ගෝලයෙකි. සෑම බස් රථයකින්ම මහරගමදි ජගත්ගේ නියෝජිතයාට කප්පමක් ගෙවිය යුතුය. ඒ වෙනුවෙන් ඔවුහු එම මාර්ගයේ බස් රථ ධාවනය නොනිළ ලෙස පාලනය කරති. ප්‍රධානම දෙය දුරගමන් සේවා බස් රථ මගින් මගීන් ඩැහැගැනීම පාලනයයි. තවදුරටත් ව්‍යාප්ත වූ ජාලයක් වූයේ වැල්ලවාය තණමල්විල ප්‍රදේශ වල සිට එන කංසා එකතු කර කොළඹ හා ඒ අවට බෙදා හැරීමයි. දුර පලාත් වලින් එන බස් නිතර නිතර සෝදිසියට ලක්වන හෙයින් ඒවා කොට්ටාව මහරගම අවටදී නියෝජිතයන් අතට පත්වේ. එතනින් එහාට ආරක්ශිතව බෙදා හැරීම මෙම ජාලයයි. නාවින්නේ කීර්ති මෙහි එක් ප්‍රධාන තැරැව්කරුවෙකි.

මහේෂ් හමුවී කතාකල කීර්ති ඔහුගේ බස් රථයෙන් දින දෙක තුනකට වරක් පැකට් කරන ලද ගංජා පාර්සලයක් පිටකොටුවට එවීමට එකඟ කර ගත්තේය. ඒ සඳහා ගෙවීම වරකට රුපියල් පන්සීයක් හා පැට්ටෙකි. එක කංසා සුරුට්ටුවකට සෑහෙන ගංජා ප්‍රමාණයක් එතූ කුඩා කඩදාසි පැකට්ටෙකක් පැට්ටෙක් ලෙස හැඳින්වේ. පිටකොටුව දෙවන හරස් වීදිය මෙන්ම මැනිං මාකට් පෙදෙසේත් ගංජා අලෙවිය කලේ කීර්තිගේ නියෝජිතයින් වේ. මහේෂ් ලාට අමතරව තවත් බස් රථ එකකින් හෝ දෙකකින් කීර්තිගේ ගංජා පිටකොටුවට පැමිණෙන බව දන්නා නමුත් ඒ කවුදැයි හරියටම මහේෂ්ලා නොදනිති. මේ ආදායමින් ඔවුන් දෙදෙනා දින දෙක තුනකට වරක් කොත්තුවක් හා ගල් අරක්කු බාගයක් රැගෙන කාමරයට ගොස් සප්පායම් වෙති. මහේෂ් ගේ බස් රථයෙන් ගේන පාර්සලය බාර ගැනීමට ගංජා අලෙවි කරන පුද්ගලයින් කිසිවෙකු බස් රථය අසළට නොපැමිනේ. එය සමීර හෝ මහේෂ් විසින් රැගෙන ගොස් පෙර එකඟ වූ කඩයක තබා එයි. ඒ හැර පිටකොටුවේ ගංජා විකුණන උන් හා මහේෂ්ලා අතර කිසිදු ගණුදෙනුවක් නොවේ. 

බස් රථය කොම්පඥ්ඥවීදිය කොමර්ෂල් බැංකුව අසළ නවතාගෙන සිටින අතර තුර මහේෂ් සිය අඩුම කුඩුම රැගත් කළු පාට කුඩා මල්ල හොඳින් පිරික්සා බැලුවේය.කළුපාට නොකියා වර්ගයේ ජංගම දුරකථනය එහි සුරැකිව ඇත. තවම ඔන් කරන්නට වෙලා වැඩිය. මහේෂ් දැන් සෑහෙන කලෙක සිට මෙවන් ජංගම දුරකථනයක් මිළදී ගැනීමට සිතුවත් එහි මිල එකවර ගෙවා දැමීමට ඔහුට නොහැකිය. දරුවන් තිදෙනා බලා ගන්නා අම්මා වෙත සති දෙකකට සැරයක් රුපියල් අටදාහක් හෝ දහ දාහක් ඔහු දැමිය යුතුමය. මහෙෂ් විවාහ වූයේ ඔහුගේම පුංචි අම්මාගේ දියණියක සමඟ වූ හෙයින් ඒ විවාහයට දෙපසින්ම තදින් විරුද්ධ විය. මහේෂ්ට බර වාහන ලයිශන් තිබූ හෙයින් ඔහුව හමුදාවේ රියදුරු අංශයට ඇතුල් කිරීමට ඒ වනවිටත් හමුදාවේ රියදුරෙකු වූ ඔහුගේ මාමා කටයුතු කරමින් සිටියේය. පුංචි අම්මාගේ දියණිය සාමාන්‍යපෙළ විභාගය යන්තං සමත්ව ගෙදර ඉන්නා අතර දෙදෙනා අතර ඇයි හොඳැයියක් ඇතිවී ඔහු සිය බිරිඳ වීමට කැමැත්තෙන් උන් නැගෙණියද කැටුව සිය ගම්පළාත වූ හසළකින් පලා යන විට ඔහුගේ වයස අවුරුදු විසි දෙකක් වූයේත් නැත.

වෙන්න බිරිඳ සමඟ හසලකින් පළාගිය මහේෂ් තෙල්දෙණිය ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකක ලොරියක මුලින් ගෝලයෙකු ලෙසත් පසුව රියදුරා ලෙසත් වැඩ කරමින් හාඩ්වෙයාර් මුදලාලිටම අයිති කුඩා කාමරයක බිරිඳ සමඟම නැවතී උන්නේය. සිය බිරිඳට පළමු දරු ප්‍රසූතියට ආසන්න වනතුරුත් ඔවුන් විවාහ වී නොසිටිය බව දැනගත් මුදලාලි හාමිනේ මැදිහත්ව ඒ කටයුතු පිළිවෙලක් කර දුන්නාය. ඉතා දක්ශ ලෙසත් විශ්වාසවන්ත ලෙසත් රාජකාරී කල මහේෂ් ටික දවසකින්ම මුදලාලිගේ ප්‍රියතම ගෝලයෙක් බවට පත්විය. තෙල්දෙණියේ මුදලාලි බස් රථයක් මිළදී ගත්තේ ඔය අතරයි. හා හා පුරා කියා මුදලාලි මිළදී ගත් බස් රථයේ ප්‍රථම රියදුරා වීමටද මහේෂ්ට හැකිවිය. මහනුවර-හඳුන්ගොමුව අතර ධාවනයට යෙදවීමට ප්‍රථම මුදලාලි ගේ පවුලේ උදවිය හා මහේෂ්ගේ බිරිඳ හා දරුවාද සම්ඟ කතරගම වන්දනාවට ගොස් එන අතර මුදලාලිගේ පෙරැත්තයට මහේෂ් හසළක දෙකේ ඇළ ප්‍රදේශයේ පිහිටි සිය නිවස දෙසට බස් රථය ධාවනය කළේය. 

බරවර්ධන ඔය  අසබඩ පාර අයිනේ අලුත්ම බස් රථය නවතා සිය බිරිඳ හා දියණියද කැටුව තවත් සෙනඟක් පිරිවරා වසර දෙක තුනකට පසුව ගමට එන මහේෂ් දෙස ගම්මු අමුතු වීරත්වයකින් යුතු කුතුහලයකින් බැලීය. සිඟිති දියණියගේ සුරතලයත් මුදලාලි හාමිනේ සහ මුදලාලිගේ මැදිහත් වීමත් තරුණ යුවළ මේ වන විට ලබා තිබූ ප්‍රගතියත් නිසා බිරිඳගේ මව ඉතා ඉක්මණින් මහේෂ් සහ සිය දියණිය සමඟ විරසකය අත් හැරිය මුත් ඇගේ වැඩිමල් සොහොයුරිය වූ මහේෂ් ගේ අම්මා තවදුරටත් නොරුස්නා මුහුණෙන්ම උන්නාය. මුදලාලිගේ මේ කරුණාව උදෙක්ම මහේෂ්ලාගේ යහපත පිණිස නොවූයේ නොබෝ දිනකින් ඇරඹෙන තම බස් සේවාවට අතරමඟ සිටින මහේෂ්ලාගේ ඥාතීන්ගේ සහයෝගය හා ආරක්ශාව ලබා ගැනීමේ යටි අරමුණක්ද සහිත විය. බස් සේවාව ඇරඹී නොබෝ දිනකින්ම මහේෂ් සිය බිරිඳ හා දරුවාද සමඟින් ගමට පැමිණ බිරිඳගේ නිවසේ නවාතැන් ගත්තේය. බස් රථය රාත්‍රීයේ හඳුන්ගමුවේ නවත්වන බැවින් මහේෂ්ට වාහනයක එල්ලී හෝ නිවසට යාමට ඒමට හැක.

"ආ..කොට්ටා..බහින්න..කොට්ටා..ව්.. ඔක්කොම ඉස්සරහින් බහින්න.. කවුරුත් ඉන්නෙපා බස්සෙකේ.. දැම්ම යන්නේ නෑ අපී..ඊ" සිතුවිළි අතර සිරවී මෙතෙක් බස් රථය පදවාගෙන ආ මහේෂ් සමීරගේ හඬින් අවදිව ස්ටියරින් වීල් එක වටා තුන් වරක් අත්දෙක ගෙන ගොස් කොට්ටාව බෝධිය දෙස බලා පස්ස උස්සා ස්ටියරින් වීල් එකට වැඳ බස් රථය කරකවා නැවතුම්පොළට ඇතුල් කලේය. "වෙලා තියෙනව.. දහයයි විස්ස දාගනිං ටයිම්මෙක.. දාගෙන වරෙං යන්න කන්න.. යකෙක් කන්න බඩගිනියි"

*****************************************

මීගමු පාරේ පසෙකට වෙන්නට අතර කල අලුත්ම සුදුපාට ඇලියොන් වර්ගයේ කාරෙයෙන් බැස වත්තල පොලිස් ස්ථානය ඇතුළට ඇවිද ආ සුන්දර තරුණ කාන්තාව හා මැදිවියේ පිරිමියා පිළිගැනීමට සාජන් ජයශංක ඉදිරියට ඇවිත් සිටියේය. 

"මැඩම් ලා කෝල් කරලා ආපු එක හොඳයි. ඕඅයිසී මහත්තය යන්න හැදුවේ මම තියාගත්තා ටිකක්. ඉස්සෙල්ල මහත්තයාට කතා කරලා එන්න" 

"අනේ තැන්කියු මිස්ටර් ජයශංක.. ආ. ඔන්න ඔයාට මම තව හකුරු ටිකක් ගෙනාවා.." යැයි පැවසූ තරුණ කාන්තාව පසුපසට හැරි ඔවුන් පසුපසින් ආ කාන්තාවට යම් ඉඟියක් කලාය.

"ආ.. ඒවා නම් මොනවද.. මෙතන එපා. ඇතුලේ ඔෆිස්සෙකේදි ගන්න බැරිය. සර්ගේ පාර්සල් එක අරගෙන මැඩමුයි මිස්ටර් සෙනෙවිරත්නයි විතරක් යමුකෝ මාත් එක්ක.. ඔය ළමය අතනින් ටිකක් ඉන්න. මම එන්නම්" කියා සාජන් ජයශංක ස්ථානාධිපතිගේ නිළ කාමරයට යාමට ඉස්සර විය.

මුලින් ඇතුළට ගිය සාජන්වරයා නිළධාරියාට ආචාර කොට ඇතුළට එන ලෙස අමුත්තන් දෙදෙනාට හිසින් සන් කළේය. 

"සර්.. මේ අර NIB එකෙන් ඉන්ක්වයර් කරන්න එවලා තිබ්බ මිසින් වෙච්චි ලොරිය අයිති කම්පැණි එකේ..."

"ආ.. යෙස්. මට සාජන් මහත්තය කියුව විස්තරේ. එන්න වාඩි වෙන්න. මොකක්ද මේ නෝනගේ නම?" එළඹ යන මැදිවියේ හුන් ස්ථානාධිපතිවරයා සිය කපටි පෙනුමැති ගිජු දෑස තරුණ කාන්තාව වෙතම යොමු කරගෙන ඇසුවේ ඇගේ රූ සපුවෙන් වශීකෘත වූවෙකු පරිද්දෙනි. කාන්තාව යම් අපහසුතාවයකට පත් වූ බව ඇගේ ඉරියව්වලින් පැහැදිලි වූ නමුත් වහා සිනහවක් උපදවාගත් ඇය

"මම ෂෙලීන්.. මේ ඉන්නේ අපේ මැනේජර් මිස්ටර් සෙනෙවිරත්න. මම හේකිත්ත ලේන් එකේ M.S. Direct Distributors කම්පැණි එකෙන්.." යනුවෙන් කෙටි හැඳින්වීමක් කලේය. 

"සර්.. හොඳ කිතුල් හකුරු තිබුණා එතන. එදා ඉන්ක්වයරි එකට ගිය වෙලාවේ අපිට තේ බොන්න හම්බ වුනා. ඩයබැටික් නිසා සර්ත් තේ බොන්නේ කිතුල් හකුරු එක්ක කියුවම මෙන්න මේ සර්ට හකුරු වගයක් ගෙනත් මේ අය.. මම ඒත් කියුවා සර් බණියිද දන්නෙත් නෑ කියලා" කියමින් සාජන් වරයා සෙනෙවිරත්න මහතා ළඟ තිබූ හකුරු සහ තවත් බොහෝ දෑ අඩංගු යැයි සිතිය හැකි බරැති පාර්සලය ඔසවා ස්ථානිධිපතිවරයාගේ පැති මේසයේ කෙළවරකින් තැබුවේය.

"හොඳ කිතුල් හකුරු නම් ඉතින් කවුරුත් කනවා"යි දෙපැත්ත කැපෙන අසංවර විහිළුවක් කල ස්ථානධිපතිවරයා "ඒත් අපි ඕවා බලාපොරොත්තු වෙන්නේ නෑ. රාජකාරිය තමයි වැදගත්" කියා තරුණ කාන්තාව දෙස යළිත් බලා හොඃ හොඃ ගා හිනාවක් නැගුවේය. ඉන්පසු උගුරේ රැල් බුරුල් හැර ගැඹුරු හඬකින්

"දැන් මොකද ලොරියටයි ගෝලයාටයි වෙලා තියෙන්නේ? තාම ආවේ නැද්ද? සාජන් ජයශංක අපේ රිපෝට් එක යැව්වා නේද බුද්ධි කාර්‍යාංශයට? AS මහත්තයාටයි DIG මහත්තයාටයි පිටපත් කලානේ"

"ඔව් සර්, ඊයෙම යැව්වනේ"

"එතකොට ඔය නෝනලා ආවේ?"

"මම කියුව සර් ඇවිත් පැමිණිල්ලක් දාන්න කියල අනිත් ලොරි ටික ඔක්කොම ආවට පස්සේ මේ වාහනෙයි රියදුරායි ආවේ නෑ කියල.. එතකොට මෙයාලටත් හොඳයි. අපිටත් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පැමිණිල්ලක් තියෙනවානේ සර්"

"ඔව්. ඒක හොඳයි. එහෙනම් ඔයාල පැමිණිල්ලක් දාල යන්න. අපිට ලැබන තොරතුරක් තිබ්බොත් අපි දන්වන්නම්. සාජන් ජයශංකත් එක්ක සම්බන්දතාවය දිගටම තියාගන්නකෝ"

******************************************************

දහයයි විස්සේ ටර්න් එකට කොට්ටාවෙන් ඇද්දවූ බස් රථය තිඹිරිගස් යාය හරියෙන් පසු වෙනදාට වඩා හෙමින් ගමන් කරන බව සමීර නිරීක්ශණය කලේය.. අතරමඟ හෝල්‍ට් එකකදී ඉදිරි දොර වෙත දිව ආ සමීර 'මහේෂයිය ඇදලා යමං.. ෂේප්.. 12ට කලිං හරවන්න පුලුවන්'ය කියූවට මහේෂ් 'හ්ම්' කියුවා විනා වේගය වැඩි කල බවක් දක්නට නොලැබිනි. මැලේ වීදිය හරියේදි පසුපසින් ආ හෝමාගම බසය හෝන් එකක් ගසා මහේෂ්ලාව පසු කරමින් ඉදිරියට ගියේය. වෙලාව බැලූ මහේෂ් 'තව විනාඩි පහළොවක්' කියා තමාටම කියාගෙන වටපිට බලා සමීර අහල පහල නැති බව වටහාගෙන සිය අඩුම කුඩුම බෑගයේ තිබූ කුඩා ජංගම දුරකතනය ගෙන එය පණ ගන්වා උඩ සාක්කුවට ඔබා ගත්තේය. 

කොටුව බෝ ගහ යටින් සියළු දෙනා බස්සවා බැස්ටියන් මාවතෙන් බසය හරවා ගත් මහේෂ් දොළහට විනාඩි පහක් පමණ වෙද්දි කොටුව ස්ටේසම ආසන්නයට බස් රථය රැගෙන ආවේය. 

"සමීර වරෙන්. මේක ගනින්. ටික ටික ඉස්සරහට ගනිං. හදිසියක් නෑ. මම බොගක් දාලා එන්නං. පාලම පන්නන්න එපා ලියනවා..'' කියා සමීරට සුක්කානම පවරා බස් රථයෙන් බැස මාර ගස් හෙවනේ වූ පෙට්ටි කඩයට ගොඩ වැදී සිගරට්ටුවක් දල්වා ගත්තේය. වෙලාව හරියටම දොළහයි එකය. 'ඩ්‍ර්‍ර්‍ර්‍ර්‍රර්ර්ර්..' හඬක් නගමින් වයිබ්‍රේට් වූ දුරකතනය අතට ගත් මහේෂ් එහි සඳහන් වූ අංකය දෙස හොඳින් බලා කෝල් එක කට් කර දැමුවේය. තවත් තත්පර තිහකට පමණ පසුව නැවත එම අංකයෙන්ම ඇමතුම ආ හෙයින් උරමින් සිටි සිගරට් කොටය බිම දමා පාගා දැමූ හේ ඇමතුමට සම්බන්ද වී මිනිසුන් රැඳි ඉසව්වෙන් මදක් ඈත් මෑත් විය. 

'හෙලෝ'

"කෝල් සයින්"

"ඇල්ෆා රෝමියෝ"

"නියමයි කොල්ලෝ.. නියමයි. උඹ වැඩේ තිතටම කරා. මුත්තවර් උඹව සෑහෙන්න ඇප්‍රිශියේට් කරා. උඹ කිසිම කරදරයක් කරෙත් නෑ. ප්‍රශ්ණයක් ඇහුවෙත් නෑ කියල. ජයියගෙ රෙකමන්ඩේශන් එක හරියටම හරි උඹ ගැන"

"හ්ම්" 

"මොකද උඹ කතා නැත්තේ? උඹට සෙට් නැද්ද වැඩේ?"

"නෑ. එහෙම එකක් නෑ... කියන්න... මම කැමතියි"

"රයිට්, අනිද්දා සෙනසුරාද තියෙනවා ලොකු වැඩක්.. උඹ හෙට හවස දෙක වෙද්දි යන්නෝනි කොළොන්නාවෙ තෙල් ගබඩාවට. හෙට එතන උඹව රෙජිස්ටර් කරනව බවුසර් ඩ්‍රයිවර් කෙනෙක් විදියට. රෙජිස්ටර් කරන්න කලින් උඹේ අයිඩෙන්ටි ලයිසන් ගන්න මුත්තවර් උඹට කෝල් කරයි. මුත්තවර් කොළඹ ඉන්නව. හම්බ උනාම වැඩේ වෙන විදිය උඹට කියයි. මේක ටිකක් අමාරු වැඩක්. අමාරු කියන්නේ.. වැඩේ එක දවසින් ඉවරයි. ආපහු විත්ඩ්‍රෝ වෙන්න දවසක් දෙකක් යයි. පොඩ්ඩක් පයින් කැලේ මැදින් එහෙම එන්න වෙයි. මුත්තවර් ගේ උන් ඒවා ඔක්කොම ඇරේන්ජ් කරයි. උඹ කෝකටත් අමතර ඇඳුමක් දාගෙන පලයන්. අනිත්වා පෙර පරිදිමයි. මතකනේ. හෙට යද්දිවත් අනිත්දා යද්දිවත් අඳුන ගන්න පුලුවන් කිසිම දෙයක් ගෙනියන්නේ නෑ. මුත්තවර් දෙන එකක් විතරයි. තේරුණානෙ?"

 "ඔව්. තේරුණා"

"හරි. ගුඩ් ලක් පුතා.. හෙට එක වෙද්දි කෝල් එක එයි ෆෝන් එක ඔන් එකේ තියාගනිං."

"හරි"

***************************************************

"හරි.. යමං.. ඇදල ගියොත් එක හමාරට නුගේගොඩින් ස්කූල් ක්‍රවුඩ් එක ගහතෑකි.."

"ආ.. නගින්න.. හොඳේක.. දිගේක.. වේගෙන් යනේක.. ඔට්ටා..ඔට්ටා..ඔට්ටාව්...අ" 

"ආ.. ඕම නගින්න.. ගෙඩවෙන්න..ගොඩවෙන්න.. ටවුනෝල්.. කිල්ලපන.. නුගේ..ඩ..මාරගම..ඔට්ටා..ඔට්ටා..ඔට්ටා...ව්..අ" 

****************************************

හමුවෙමු පස්වෙනි දිගහැරුමෙන්..

- ක.මි.

Monday 20 February 2023

Check Point..! 3 වෙනි දිගහැරුම

 2 වෙනි දිග හැරුමට..


සාමාන්‍යයෙන් මෙවැනි බයිසිකල් හඬවල් හෝ දොරටු තට්ටු කිරීම් මේ වීදියෙ එතරම් තැකීමකට ලක්වන දේවල් නොවේ. ගණිකාවන් හෝ මත්ද්‍රව්‍ය සොයා එන උන්, මුදල් පොළියට ගෙන ගෙවීම් පැහැර හරින්නන් සොයා එන උන්, හදිසි වැඩකට ඩ්‍රයිවර් කෙනෙක්, වාහන මිකැනික් කෙනෙක්, රාත්‍රී කොන්ක්‍රීට් වැඩ වලට යන මත් කුඩට ඇබ්බැහිවූවන් හොයා යන උන් නිතර මෙලෙස රාත්‍රියේ බයිසිකල් වලින් තොරතුරු සොයා එයි. ඒත් අද නම් මහේෂ් ගෙ හිතට පොඩි කුකුසකි. කෙසේ උවත් දෙවන වර තට්ටු කිරීමට ප්‍රථම මහේෂ් දොර පලුව විවර කළේය. මුහුණ පුරා රැවුලක් වවාගෙන ගණකම් රාමුවක් සහිත හතරැස් කන්ණාඩි දෙකක් පැලඳි කෙට්ටු උස තරුණයෙක් කාමරයේ දොරකඩ හිටගෙන සිටියේය.. 

"කෝල් සයින්?" මහේෂ් දෙස තියුණු බැල්මක් හෙලූ ඔහු සිහින් හඬින් මහේෂ් විමසුවේය. කළු හැඳගත්, හැඩි දැඩි ආයුධ සන්නද්ධ ගොරෝසු මිනිසෙකුගේ පැමිණීම අපේක්ශාවෙන් සිටියාක් වැනි වූ වික්ෂිප්ත බැලමකින් තරුණයා දෙස බලා හුන් මහේෂ් තරුණයාගේ සෞම්‍ය හඬින් යම් සැහැල්ලුවක් ලද්දේ, එක්වරම සිහි එළවා ගත්තේය. 

"ඇ..ඇල්ෆා රෝමියෝ"

"හෙට දවල් දොළහත් දොළහයි පහත් අතර කෝල් එකක් එයි. පළවෙනි පාර කට් කරලා දෙවෙනි පාර ආන්සර් කරන්න. සයිලන්ස් දාලා ඇත්තේ. ඕනෙ උනොත් චාජරේකුත් තියෙනව"යි කියා නොකියා වර්ගයේ කුඩා ජංගම දුරකතනයක් සහ චාජරයක් දැමූ කුඩා ඉටි බෑගයක් මහේෂ් අත තැබු තරුණයා පියකරු සිනහවක් පා පිටව ගියේය. එසැණින් කලුවරේම ට්‍රේල් වර්ගයේ මෝටර් බයිසිකලයද සැර දමා ඉගිල ගියේය. මහේෂ් සෝදිසි කිරීමකින් පවා තොරව හනික ෆෝන් එක හා චාජරේ අඩංගු ඉටි කවරය තම ගමන් මල්ලේ සඟවා තබනවාත් සමඟම වාගේ සමීර සිය තෙත ඇඟ කුඩා තුවා කැබැල්ලෙන් බාගෙට ඔතාගෙන අඩනිරුවතින්ම කාමරයට ඇතුල් විය. 

"කවුද මහේෂයියා"

"පොඩි කොල්ලෙක් බං, කෙල්ලෙක්ගෙ නමක් කියල හොයනව මං අහලවත් නෑ මේ ලේන් එකේ"

"බඩ්ඩක් හොයනව හරි නැත්නම් කෑල්ල පන්නගෙන යන්න ඇවිල්ලද දන්නේ නෑ" සමීර සිය උස් ගොරහැඬි හඬින් කියමින් හොක හොක ගා සිනාසුණේය. ඒ අවසරෙයෙන් මහේෂ් දුම් වැටියක් දල්වා ගත්තේය..

"මඟුලක් පත්තු කරගත්තේ වොශ් එකක් දාගන්නවනම් දාගෙන වරන්කො මං අරක ඔතල තියන්න.. ගසල බුදියන්නෝනි. හක්ක පැනල ඉන්නෙ බොසාට හම්බ කරන්න කෑගහලාම"

"උඹ ගහල බුදියපං. මට අද එපා. ඇඟට අමාරුයි. ඕක ගැහුවොත් නාගසලං වෙනව" 

*******************************************

මේ අතර රාජකාරී කටයුත්තක් සඳහා හදිසියේ කොළඹ පැමිනි අරුල් දේවනායගම් පසුදා උදෑසන සිය ප්‍රධානී දිසාපත්තුමිය ඇමතුවේය. 

"Ma'am, good morning! Dewa here" 

"Yes Dewa, very good morning! any good news too for us?"

"නෑනේ, මැඩම්.. අපරාදෙනේ ඊයේ හදිසියේම මාව කොළඹ ගෙන්නුවේ.. Fuel distribution plan එක බ්‍රීෆ් කරන්නනේ එන්න කියලා තියෙන්නේ. අපිට ඉස්සරහ සති දෙකේම ආයේ තෙල් එන්නේ නෑ. මේ සති දෙක සම්පූර්ණයෙන්ම ට්‍රින්කො සහ බැටී යවනව කියුවේ. පෙට්‍රෝල් එවන්න සති තුනක්වත් යයි.. අපේ පොඩි ස්ටොක් එකක් නම් තියෙනවා. ඉමර්ජන්සියක් නොවුණොත් මැනේජබල්"

"අපොයි.. ඕක over the phone කියුවනම් ඔයා එහෙ මෙහෙ යන තෙල් ටිකත් ඉතුරුනේ.. මේ මිනිස්සුන්ගේ ඇඩ්මිනිස්ට්‍රේශන් නම් කතා කරලා වැඩක් නෑ. ඔක්කොමත් හරි.. ඔයා ඊයේ හදිසියේම මගේ සැටලයිට් ෆෝන් එකට කෝල් කරනකොට මම හිතුවේ එක්කෝ නැතිවෙච්චි ට්‍රක් එක ඇවිල්ල කියල.. නැත්නම් ඔයාගෙ වයිෆ් delivery එකට admit කරලාවත්ද කියල.. ඔයා වැඩ ඉවර කරලා ජැෆ්නා දුවන සිහියෙන් නේ හිටියේ.."

"නෑ මැඩම්.  ඒකට තව ටික දවසක් තියෙනවා. ඒක නෙවෙයි. what's up with the missing truck?

"Today also I checked with Wanni Commander. No update yet."

"මගේ ඉන්ෆෝමන් කෙනෙක්ගෙන් ආරංචියක් ආවා ඩ්‍රයිවර් පදිවි ශ්‍රීපුර බෝඩර් එකේ එක්කෙනෙක් කියල, donno whether they check on that or not?"

"I think they are checking. I too heard this as a rumour only. Army guys don't say anything නෙහ්."

"Yeah ma'am.. එයාල ඒක ගැන බලයි. අපිට වද වෙන්න වෙන්නේ අපේ මෙඩිකල් අයිටම් ටික ඉක්මණට ගෙන්න ගන්න තමයි ආයෙමත්"

"ඔව්. දේවා..ඔය ගමන් ඒකත් පොඩ්ඩක් බලලා එන්න"

"Sure ma'am.. මම ඒකත් බලනවා අදම. ආ.. මට හෙට නිවාඩුවක් ඕනි. කොළඹ ආපු එකේ ලොකු වැඩක් තියෙනවා කරන්න. මගේ brother in law මොරටුවට සිලෙක්ට් වුනානේ. Electrical Engineering. තව ජැෆ්නා කොල්ලො තුන් දෙනෙක් ඉන්නව. උන්ට කොළඹින් සේෆ් අකමඩේශන් එකක් හොයල දෙන්නෝනි. ෆස්ට් යියර් හොස්ටල් නෑ. හොස්ටල් හමබ උනත් කරදරයි අපේ අයට අනිත් උන් එක්ක. මම බැලුවේ දන්න කියන තැනකින් ගෙයක් හොයල දීල කීප දෙනාම එකට නතර කරවන්න"

"අනේ ඇත්තද.. please convey my congratulations to him. අනේ.. මිස්ටර් ඉලෙයිරාජා හිටියනම් කොච්චර සතුටු වෙයිද අද.. කමක් නෑ දේවා. ඔයා ඉඳලා ඒක කරලා එන්න. ඔයා ඒ ළමයි ගැන බලන එක කොච්චර ලොකු දෙයක්ද? දෙවියෝ ඔයාව බලාගනියි."

සෞම්‍යරාජා මහත්මිය දේවාගේ මාමණ්ඩිය හෙවත් තිරුසෙල්වම් ඉලෙයිරාජා මහතා යම් තරමකට දැන සිටියාය. වසර එක හමාරකට පමණ එපිට සංවිධානයට ද්‍රෝහී වීමේ ලේබලය මත ඉලෙයිරාජා මහතා නාදුනන තුවක්කුකරුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව යාපනයේදි මියයනවිට ඒ හා සම්බන්ධ යම් යම් රාජකාරීන් සඳහා දායක වීමටද ඇයට සිදුවිය. ඔහු දේවා මෙන්ම හොඳින් සිංහල බාශාව හැසිරවූ දකුණේ ඉහල සම්බන්ධකම් තිබූ මෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව විසූ යාපනයේ ප්‍රකට නිහතමානි සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ඈ දැන සිටියාය. විරසකව පවතින දෙජාතිය සමඟි සම්පන්න කිරීමට නිරන්තරයෙන් වෙහෙස වූ ඒ වෙනුවෙන් සැබෑ උවමනාවක් තිබු සුළුතරය අතරින් ඔහු කැපී පෙණුනි. නමුත් සංවිදානයේ අරමුණු වෙනස්‍ය. එයට එරෙහිව යන ඕනාම අයෙකු දේශද්‍රෝහියෙකු ලෙස ඉවත් කිරීමට ඔවුන් පසුබට නොවෙති. දමිළ රාජ්‍ය නිළදාරීන් ලෙස තමන් මෙවැනි අසීරු කටයුත්තකට මේ අවස්ථාවේ එක්වී සිටිති. දේවා ගැන සෞම්‍යරාජා මහත්මිය වඩාත් බියපත් වූවාය. ඔහු අත්‍යාවශ්‍ය සේවා නිළධාරියා ලෙස මේ හැම දෙනා සමඟ කටයුතු කල යුතුය. සියලුදෙනා එකවර සතුටු කිරීම කිසි සේත් පහසු නැත.

"තැන්කියු මැඩම්. I'll be back on Monday"

***********************************************

අද බොහොම ටිකයි කතාව.. තව දවස් දෙකකට මේ පැත්තේ එන්න වෙන්නේ නැති නිසා ඉක්මණට මේ ටික පෝස්ට් කරලා යන්නේ..

4 වෙනි දිග.... හැරුමෙන් හම්බ වෙමු. ජයවේවා!

ක.මි.

Friday 17 February 2023

Check Point..! 2 වෙනි දිගහැරුම

1 වෙනි දිගහැරුමට..


වත්තල හේකිත්ත පාරෙන් හේකිත්ත පටුමඟට හැරවූ නිල් පැහැ පොලිස් ජීප් රථය දකුණට විශාල වැළමිට වංගුව ගෙන පාරේ දකුණු පස පිහිටි M.S. Direct Distributors යනුවෙන් නම් සඳහන් වූ දැවැන්ත ගබඩා සංකීර්ණය ඉදිරිපස නවත්වන ලදී.  ඉන් බැස ඉදිරියට ගිය පොලිස් සාජන්ට්වරයා සහ ඔහුගේ සහායකයා එහි සිටි වියපත් ආරක්ශක නිළධාරියා විසින් පිළිගන්නා ලද අතර යම් ප්‍රශ්ණ කිරීමකින් අනතුරුව ඔවුන් දෙදෙනාව ගබඩා සංකීර්ණයේ එක් කෙළවරක පිහිටි කාර්‍යාල කාමර වෙත යොමු කරන ලදී. එහි ප්‍රධාන කාර්‍යාලයේ විශාල මේසයක් ඉදිරියේ හොඳින් ඇඳ පැළැදගත් වයස අවුරුදු 40ක පමණ කාන්තාවක් අසුන්ගෙන සිටි අතර ඇගේ සහායිකාවන් යැයි සිතිය හැකි තවත් කාන්තාවක් සහ තරුණියක් එහි සිටියහ. එතරම් ගරුසරුවකින් තොරව කාර්‍යාල කාමරයට එබුණු ආරක්ශක නිළධාරියා 'මේ පොලිසියෙන් දෙන්නෙක් ඇවිත් කතා කරන්න ඕනිලු' කියා සාජන්ට්වරයා දෙසට හැරී 'එයා තමයි අපේ මැඩම්- ගිහින් කතා කරන්න' කියා යන්නට ගියේය.

පැසුණු පොලිස් නිළධාරියා මේ සිදුවීමේ නිසැක වෙනසක් නිරීක්ශණය කලද එය යටපත් කරගෙන හිස් වැසුම ගලවා කාමාරයට ඇතුල් වී ඈ විසින් සන් කරන ලද පුටුවෙ හරිබරි ගැසී වාඩි වූයේය. ඒ සමඟ සහායිකාවක් විසින්  තවත් පුටුවක් ලං කරන ලදුව සහායක නිළදාරියාද ඒ අසළින්ම අසුන් ගන්නට යෙදුනේය. 

"ගුඩ් මෝනිම් මැඩම්, පොඩි විමර්ශනයකට ආවේ.. ප්‍රශ්ණ ටිකක් තියෙනවා අහන්න, මේ අය හිටියට කමක් නැද්ද" සේවිකාවන් දෙස බලමින් පොලිස් නිළධාරියා විමසද්දි ඈ ඊට සිනහවකින් සංග්‍රහ කළාය.

"ආ.. කමක් නෑ. ඒ අය මාත් එක්කම ඉන්න අයනේ. මොකක්ද ඔෆිසර් අහන්න තියෙන්නේ?" එසේ පැවසුවද ඇය එකෙණෙහිම එහි සිටි තරුණ සේවිකාව 'මේ සර්ලට බොන්න මොනවාහරි ලෑස්ති කරගෙන එන්න' කියා පිටත්කර හැරියාය. මැදිවියේ හුන් අනෙක් සේවිකාව පොලිස් නිළධාරින් දෙදෙන්නට එක එල්ලේ ඇස නොගැටන අයුරින් ඔවුන්ගේ පිටුපසට වී කතාවට සවන් දුන්නාය. 

"ඊයේ මෙහෙන් වවුනියාවට යවපු ලොරි 34න් එකක් අතුරුදහන් කියලා දන්නවද"

"ආ.. ඔව්. අපේ මැනේජර් උදේ කියුව එහෙම එකක්..තාම ගිහින් නෑ කියල.. මම අනේ වැඩි විස්තරයක් නම් දන්නේ නෑ.. මොකක්ද වෙලා තියෙන්නෙ කියල දැන් දන්නවද ඔබ තුමාල?"

"නෑ. හමුදා බුද්ධි අංශ වලින් තවම හොයනවා.. අපි ලොරියේ සහ රියදුරාගේ විස්තර කන්ෆර්ම් කරන්න ඕනි. අපිට දැන ගන්න පුලුවන්ද..,,?

"අනේ.. මම අපේ මැනේජර් ට කතා කරන්නද, එයා තමයි විස්තර දන්නේ" 

"හා.. දන්න කෙනෙකුට කතා කරන්නකෝ.. ඔබ තුමීද මේ ආයතනයේ ප්‍රධානියා?"

"නෑ, හස්බන්ඩ් තමයි ඔක්කොම බලන්නේ.. මේ එයා නැති ටිකේ මම ඇවිත් ඉන්නේ.. පද්මිණි.. මිස්‍ටර් සෙනෙවිරත්නට කතා කරන්නකෝ"

"කවුද හස්බන්ඩ්, කෝ දැන් එයා?"

"හස්බන්ඩ් නෑ..මේ..මේ ටිකේ රට ඉන්නේ.. බිස්නස් වැඩකට ගිහිං.. ආ.. එන්න මිස්ටර් සෙනෙවිරත්න. මේ පොලිසියේ මහත්තුරු ඇවිත් නැතිවෙච්චි ලොරියේ විස්තර අහනවා"

ඒ අතර සාජන්ට් මහතාගේ දෑස ඔෆිස් එක වටා එහෙ මෙහෙ යන්නට විය. ඔහුගේ මතකය හරිනම් මේ ඉඩම සහ ගොඩනැගිල්ල මීට පෙර අයත්ව තිබුණේ රජයේ කර්මාන්තශාලාවකටය.කලක් අකර්මන්‍යව තිබු එහි ව්‍යාපාරික සන්නාමවත් දැන් අසන්නට නොමැත. කාර්‍යාල කාමරයේ බිත්ති පුරා නොයෙකුත් දේශපාලකයින් උසස් නිළදාරීන් සමඟ මේ කාන්තාව හා ඇගේ සැමියා යැයි සැළකිය හැකි තවත් කඩවසම් පිරිමියෙක් එකට සිට ගත් පින්තූර එල්ලා ඇත. ඒ අතරින් ඉහළම ඇත්තේ රටේ ඉහළම ප්‍රභූ කාන්තාවක් සමඟ මේ කාන්තාව ඉතා ළඟින් සිට ගන්නා ලද ඡායාරූපයකි.

"මැඩම් ලා මේ බිස්නස් එක පටං ගත්තේ මෑතක නේද? මට මතකයි මෑතක් වෙනකම් මේ ඉස්ටෝරුව ගරාවැටිලා වහලා තිබ්බේ.. සෑහෙන්න දේශපාලන සම්බන්දකම් තියෙනවා වගේ නේද?"

" ඔව්. මෙතනට ඇවිල්ලා නම් අවුරුද්දක් වගේ වෙන්නේ. ත්‍රී ෆෝසස් වලට සප්ලයි කරන ඕඩර් එක අපිට ළඟදිනේ ලැබුනේ. මිනිස්ටර් රෝහිත පෙරේරා හස්බන්ඩ්ලගෙ ඤාති.. ඊට වැඩිය මැඩම්.. අපිත් එක්ක චැරිටි කරනවනේ.. මැඩම් තමයි මිනිස්ටර් ට කියල ඒක හදලා දුන්නේ.. ඒ උනාට.. මැඩම් එක්ක හරි අමාරුයි අනේ.. හැම තැනම යන්න ඕනිනේ. මට මේ වැඩ බලන්න වෙන්නේ නැත්තේ ඒකයි" ඇය නොරුස්නා හඬින් මෙන් නමුත් මවාගත් ආඩම්බරයකින් බිත්තියේ රඳවා ඇති ප්‍රභූ කාන්තාවගේ හා ඇගේ පින්තූරය පෙන්වමින් පැවසුවාය. 

"එතකොට අර සිකියුරිටි ගාඩ්?" සාජන් මහතා එතෙක් වේලා ඔහු සිත පෙළි පැනයක් නිරාකරණය කර ගැනීම සඳහා ඉදිරිපත් කලේය. 

"ආ.. ඒ අපේ අංකල් කෙනෙක්. එක්ස් නේවි. වැඩක් නැතුව ගෙදර ඉන්න නිසා මෙහෙ ස්ටෝර්ස් එකේ සිකියුටි බලන්න දැම්මා"

"අහ්.. මේ එතකොට මැනේජර් කියුව නේ"

"ඔව්. සාජන්ට් මහත්තය.. මම සෙනෙවිරත්න. මම තමයි ඕවරෝල් බලන්නේ. මොනවද දැන ගන්න ඕනි කියුවේ"

"අර මිසින්ග් වෙච්චි ලොරිය සහ ඩ්‍රයිවර් ගැන... පීසී.. මෙතුම කියන විස්තර ටික හරියට ලියාගන්න"

"මෙතන ඇත්තටම අපි කරන්නේ සප්ලයර්ස් ල සහ බයර්ස් ලා අතර කෝඩිනේශන් එකක්. අපිට සප්ලයි ලින්ක් එකක් තියෙනවා. ඒ අය අපිට එක්කෝ මෙතනට බඩු ගෙනත් බානවා. නැත්නම් අපි ගිහින් මිළදී ගන්නව. ක්‍රෙඩිට් පීරියඩ් එකක් එක්ක. ඒ වගේම අපිට බයර්ස් ලා ඉන්නව. ත්‍රී ෆෝසස් වලට තමයි වැඩිම ඩිමාන්ඩ් එක තියෙන්නේ. ට්‍රක් 5-10 වගේ තමයි කළින් යැව්වේ ඇට් අ ටයිම්. දැන් ඩිමාන්ඩ් එක වැඩි නිසා අපි ලොරි රෙන්ට් කරන්න ඇඩ්වටයිස් කරා වීක් එන්ඩ් නිව්ස් පේපර්ස් වල. ඩ්‍රයිවර්ස් ලා ඇතුව හෝ නැතුව. ඩ්‍රයිවර්ස් ලා වෙනම රෙකෘට් කරනවා. සමහරු දිගටම එනවා. සමහරු ටර්න් එකට විතරක් එනවා. එහෙම රෙන්ට් කරපුලොරියකුයි අලුතෙන්ම වැඩට ආපු ඩ්‍රයිවර් කෙනෙකුයි තමයි ඔය තවම ගිහින් නැත්තේ."

"ඒ විස්තර තියෙනවද මෙහෙ? රෙන්ට් ඇග්‍රිමන්ට්, එතකොට ඩ්‍රයිවර්ගේ එම්ප්ලොයිමන්ට් ඇග්‍රිමන්ට් එහෙම?"

"රෙන්ට් ඇග්‍රිමන්ට් එකක්නම් අපි අයිතිකාරයත් එක්ක අත්සන් කරලා අරගන්නවා කොපියක්.. ඩ්‍රයිවර්ලානම් පර්මනන්ට් නැති නිසා එහෙම ඇග්‍රිමන්ට් එකක් නෑ" 

"එයා ගැන මොනවද විස්තර තියෙන්නේ?"

"අනුර කියලා මනුස්සයෙක්. පදවිය පැත්තේ. කළින් දවසේ කතා කරලා එදා අන්තිම මොහොතේ තමයි ආවේ. මම කියුව එනකොට අයිඩී කොපියයි ලයිසන් කොපියයි ගේන්න කියලා.. මිනිහා ගෙනත් තිබුණේ නෑ.. අපේ මේ ෆොටො කොපි මැශින් එකත් කැඩිලා දැන් ටික දවසක්. උදේම ළඟ කොහෙවත් කොමියුනිකේශන් ඇරලත් නෑ කොපියක් ගහගන්න. අනිත් වාහනත් එක්ක යවන්න ඕනි නිසා නමයි, ඇඩ්‍රස් එකයි, අයිඩි නොම්මරෙයි, ලයිශන් එකේ නොම්මරෙයි ලියාගෙන මම යැව්වා.. ඊළඟ දවසේ අනිවාර්‍යයෙන් ෆොටෝකොපි දෙකක් අරං එන්න කියල. මේ තියෙන්නේ ඒ විස්තර"

"අනුර රත්නායක.. හැත්තෑ දෙකේ.. ඒ කියන්නේ තිස් පහක් වගේ නේ වයස.. මේ මෑන් පදවි ශ්‍රීපුර නේ? පදවියයි පදවි ශ්‍රීපුරයි කියන්නේ දෙකක්.."

"අහ්.. මට ඒක ගාණක් උනේ නෑ.. මට මතක තිබ්බේ පදවිය වගේ"

"පදවි ශ්‍රීපුර කියන්නේ වැලිඔය බෝඩරේ.. කොටි කටේ.. මායිම් ගම්මානයක්.. මට පේන්නේ මිනිහා ලොරිය අරගෙන ගෙදර ගිහින්ද කොහෙද.. හෙහ් හෙහ්."

තොරතුරු ලබාගැනීමෙන් පසු ලද යම් කිසි සැහැල්ලු බවකින්ද, යම් ඉඟියක් ලැබුවායැයි හැඟෙන තෘප්තිකර බාවයකින්ද යුතු හිනාවක් පෑ මැදිවියේ සාජන්වරයා තම සගයා දෙස බලා නැවත වරක් සරදම් සිනාවක් පෑවේය. මෙතෙක් වේලා නිහඬව සියල්ල අසා සිටි තරුණ ගැහැණිය..

"අපි දැන් මොකක්ද කරන්නේ ඔෆිසර්.. අපිට ප්‍රශ්ණයක් වෙයිද මේක?"

"මේක අපි දැන් කාටත් ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. මීට පස්සේ මිනිස්සු වැඩට ගද්දි මීට වඩා හොයලා බලලා ගන්න වෙයි. මේ මනුස්සය සෙල්ෆෝන් එකක් පාවිච්චි කරේ නැද්ද?

"මම ඇහුව.. ෆෝන් එකක් නෑ කියුව.. අනුරාධපුරේ පැන්නම හරියට සිග්නලුත් නැති නිසා අපි ඒක ගැන වැඩිය උවමනා කරන්නේ නෑ"

ඒ සමඟම පිටව ගිය සේවිකාව තේ බඳුනක්, කිරි, සීනි සහ හකුරු වෙන වෙනමත් කේක් සහ බිස්කට් පීරිසි දෙකක්ද සමඟ පැමිණියෙන් රජයේ නිළධාරීන් දෙදෙනාට තේ බීම සඳහා ආරාදනා කරන ලදි. මැදිවියේ සාජන්වරයා කිතුල් හකුරු පිඟාන කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්නට වූ බව දුටු කාන්තාව..

"ඔය රත්නපුර කළවාන පැත්තේ අපේ සප්ලයර්ස් ලා එවන්නේ. එහෙ සමිති වලින් කෙළින්ම හකුරු පැණි හදන අයගෙන් එකතු කරලා අපිට එවන්නේ. ඔරිජිනල් කිතුල් හකුරු..!"

"ඒක තමයි.. කටට දියවෙනවා. මෙහෙම කිතුල් හකුරු මෙහෙ ලේසියෙන් ගන්න නෑ. අපි වගේ දියවැඩියා කාරයින්ට සීනි වෙනුවට කියාපු ආදේශකේ.. හෙහ් හෙහ්.. අපේ ඕඅයිසී මහත්තයත් දන්නවනම් හොයාගෙන එනවා.. හෙහ් හෙහ්."  

"අයියෝ.. ඕක මොකක්ද.. පද්මිණි.. ලෑස්ති කරන්නකො හකුරු පාර්සල් තුනක් මේ මහත්තුරු දෙන්නටයි. ඕඅයිසී මහත්තයාටයි."

"නෑ නෑ.. දැන් ඔයාල කොහොමත් පොලිසියට එන්න වෙනවා මේ ගැන පැමිණිල්ලක් දාන්න. අනිත් ලොරි ආවයින් පස්සේ ඇවිත් පැමිණිල්ලක් දාන්න මේ විස්තර දීලා ලොරියයි රියදුරායි නැවත ආවේ නෑ කියල. ඒක ඔයාලගේ ආරක්ශාවටත් හොඳයි. ඔබතුමීත් එන්න වෙලාවක් තියෙනවානම් ඕඅයිසී මහත්තය කැමති වෙයි දැන අඳුන ගන්න. මාත් විස්තර කියන්නම්කො. මහත්තයාට දෙන තෑග්ගක් ඒ වෙලාවටම දෙන්න. විමර්ශණයකට ගිහිං එන ගමං අපි තෑගි ගත්තයි කියුවොත් හරි නෑනේ. අපි දෙන්නට නම් ඉතින් ඕක කමක් නෑ"

"හරි එහෙනම් බොහොම ස්තූතියි උපදෙස් වලට.. මිස්ටර් සෙනෙවිරත්න මේ මහත්තයගෙ ටෙලිපෝන් නොම්මරේ තියෙනවනම් ඉල්ලා ගන්න. උවමනාවකට කතා කරගන්න පුලුවන්නේ. අද හවසට හරි හෙට උදේම හරි අපි එන්නම් අනිත් ලොරි ටික ආවට පස්සේ"

"හරි මැඩම්, එහෙනම් අපි ගිහිල්ලා එන්නම්"

**********************************************

"හම්මට.. මහේෂ්ශයියා.. උඹ ආවද? හෙට උදේ නේද එනවා කියුවේ.. ඇයි මොකෝ අර ගමේ ඇන්ටි කෑල්ලගේ ගෙවල් පැත්තේ ජපං කොඩිය දාලද..හෙක් හෙක්.. අඩෝ උඹ ආපු ගමං තනියෙම අනුමත උනාද..කැත වැඩ ඩෝ ඒවා" 

අඩ වෙරි මතත් අඩ නින්දත් අතරේ ඇඳේ දිගාවි උන් මහෙෂ් සමිරගේ ගෝරනාඩුවත් සමඟ බියවී ඇඳෙන් බිමට පැන්නේය. ඔහුගේ විලාසය දුටු සමීරද මොහොතකට වික්ශිප්ත වූයේ දවස තිස්සේම බස් රථයේ දොරේ එල්ලී කොට්ටාව පිටකොටුව අතර කඨෝර වියලි දූවිල්ලට නිරාවරණය වූ තමාට වඩා තෙහෙට්ටු මුහුණකින් නිදි බර දෑසකින් හා අවිනිශ්චිත බැල්මකින් තමා දෙස බලා සිටින මහේෂ්ගේ විරූපි මුහුණ දුටු විටයි. 

"ඒ මොකෝ බං ඔය? උඹට සනීප නැද්ද.. උඹ කොහෙද ගියේ, ගෙදර නෙවෙයිද? මොකක්ද අවුල කියපං.. යංද මෙහෙමම බෙහෙත් ටිකක් ගන්න?" ඒ වනටිටත් උඩ ඇඳුම් උනා දමා යට ඇඳුම පිටින් ටවල් කෑල්ලත් අතැතිව නාන කරාමය යටට වැදීමට සූදානමින් සිටි සමීර ටවල්ලෙක යලි වැලට දමා ශෝටක් අතට ගනිමින්ම මහේෂ් විචාලේ ඔහුගේ පෙනුම එතරම්ම නොපහන්වූ නිසාවෙනි. නමුත් ඒ වනවිට නැවත පියවි සිහිය එළවා ගැනිමට මහේෂ් සමත්ව සිටියේය.

"මොකුත් නෑ බං. උදේ ආවේ.. ඊයෙ එළිවෙනකං නිදි නෑ. උදේ ඇවිත් මහංසි පිටම බාගයක් ගහල ඇල උනා. එළෝ මෙළෝ නැතුව නින්ද ගියානේ. මොකද අද සම්තිං එක හොඳයිද? ලොක්කගෙන් වාසියක් උනේ නැද්ද? හෙහ් හෙහ්.. ඔය සෝට දාගත්ත එකේ පලයන් හන්දියට ගිහිං බාගයක් අරං වරෙං මගේ ළඟ සල්ලි ඇති.."

"දැන් එපා.. උඹ බීලනෙ ඉන්නේ.. මගේ ළඟ පැට්ටෙක් ඉන්නව. ඒක අදිමු කාලා. උඹ කොහෙද ඊයේ ගියේ ගෙදර නෙවෙයිද.. යකෝ එළි වෙනකං නිදි මරල.. දවස් දෙකක් වැඩ නැතුව අතේ සල්ලිත්.. ඇත්ත කියපං.. උඹ දළ කෑල්ලක්වත් ඉස්සුවද බස්සෙකේ යන? කවුද අර තර්ස්ටන් බහින පස්ස ලොකු ජබ්බ මිසීද හෙහ් හෙහ්.. අර උඹට ඇහැ දීලා බහින්නේ හැමදාම.. ඒ කියපන්කෝ..සිරාවට?"

"මේ.. මගෙන් කුනුහබ්බ නාහා ගිහිං ඔය කූට්ටම හෝදගෙන වරෙං එනවනං.. මාත් නාගන්න ඕනි. මළ පෙරේතය වගේ ඊයෙ ඉඳල නාන්නෙත් නැතුව.."

"ඒ..මේ.. ඇත්ත කියපංකෝ.. කවුද කෑල්ල.. අර මිස් වෙන්න බෑ.. අදත් ආව බස්සෙකේ උදේ.. ඊයෙත් හිටියද කොහෙද.. මොකක්ද කියන්වකො ජොයින්ට්ටෙක අගේ නොකර.."

"එහෙම එකක් නෑ උලමෝ.. මළගේක යන හයර් එකක් සෙට්ටුනා කන්තලෙනුත් ඇතුලේ. අද මරණෙට ඉඳල එන්න කියල ගිය උන් රෑ ගිහින් එතන වලියක් සෙට්වෙලා රෑම ආවා. මැරිච්චි එකාගේ හොර ගෑණු සීන්නෙකක්. මටත් ලේසි නිසා මාත් ඇද්දා. ඒ උනාට මහන්සියි."

"මැරිච්චි එකාගෙ කියුවට අපේ ඩ්‍රයිවර් බොසාගේ හොර ගෑණු සීන්නෙකෙක් කියලමයි මටනම් හිතෙන්නේ.. හරි හරී අයියලා ඔහොම යමුකෝ.. අපිත් ඉතිං මේ කොට්ටාව පිටෝටුව අතරෙමනේ කැරකෙන්නේ.." 

"ඒක නෙවෙයි උඹට කොහෙන්ද අද පැට්ටෙක්? කිත්ත ආවද?"

"කිත්ත තමයි ඒ *ත්තත් එක්ක පුදුම වදයක්නේ ඕයි. තමුසේ නැතුව මං ඕක කරන්නේ නෑනේ. තමුසේ දන්නවනෙ මහේෂ්ශයියා.. දවස් දෙකක් එකදිගට බඩු බැස්සුවේ නැත්නම් ලයින් එක වෙන එකෙක් අල්ලනව කියල මූ කෝල් ගහනව ඉවරයක් නෑ බස්සෙකේ පෝන් එකට. ලොක්කගෙ හිතේ මගේ කෑල්ලක් කියල.. හෙහ්. මාත් ඒ විදියටම දැනෙන්න ඇරිය. ඉස්සරහ පුට්බෝඩ් එකට එනකොට බලු බැනුම්.. හෙහ් හෙහ්.. මොනා කරන්නද නාවින්න ආර්පිකෝ එක ගාවින් අරගෙන කොටුව ස්ටේශන් ඉස්සරහදි බොගක් දාල එන්නං කියල අමාරුවෙන් බජාර් එකට ගිහිං දීල ආව. පොලිසියට අහු උනාට හපං බොසාට ඉව වැටුණනං. අන්න පන්සීය ඇති තමුසෙගෙ,, පැට්ට මට.. මේ අරූට කියනව බොසා ඉන්න දවසට වෙන ලයින් එකක් ගහන්න කියල ඈ! තමුසෙත් එක්කනං එකට හිරේ ගියත් මොකෝ.. ආ.. ඒ අපිට විතරයි එහෙම.. දැන් අයියලාට වෙන වෙන ලයින් තියෙනවනේ අපිට නොකියන නෙහ්?" 

බස් වලට ලෝඩ් කරන්න හා මගියන් හසුරුවන්න කෑ ගහන පුරුද්දටද මංදා සමීරයා කතා කරන්න ගත්තම උගේ කටට නිවනක් ඇත්තේම නැත. වෙන එකෙක් හතර පස් වතාවකට කියන දෑ ඌ එක හුස්මට කියාගෙන යයි. කටට කොහෙන් වචන එනවාදැයි ඌ වත් නොදනි. මොනවා උනත් සමීරයා හිත හොඳ කොල්ලාය. කළින් හෝමාගම බස්සෙකේ වැඩ කරද්දි සමීර මුලින්ම තමා සමඟ ගෝල වැඩේට සෙට් උන බව මහේෂ් මතක් කළේය. බස් අයිතිකාරයා සමඟ නොහොදව තමන් හෝමාගම බසයෙන් බහිද්දි ඔහුත් බැස්සේය. එපමණක් නොව අලුත් බස් රථයට නැගීමට අවස්ථාව ලැබුණේද සමීරගේ මාර්ගයෙනි. දැන් බස් රථයේ හිමිකරු කාලයක් තිස්සේ සමීර දෙස ඇහැ ගසාගෙන සිටිබව මහේෂ් දනි. ඔහු ගෝල වැඩේට දක්ශය. පොඩි ගතමනාවක් කපා ගත්තද බස් හිමිකරුට පාඩුවක් වීමට නොතියයි. සමීර මහේෂ් සමඟ හෝමාගම බස් රථයෙන් බැස්ස ගමන් හිටපු ගෝලයා එළව දමා දෙදෙනාම මේ කොට්ටාව බස් රථයට නංවා ගන්නා ලද්දේ රියදුරු ලෙස වැඩකරමින් සිටි හිමිකරුද විවේකයක් ලබා ගනිමිනි. සමීර වරින් වර සිංදු කෑලි කියමින් අඩු පාඩුවට උරුවම් බාමින් නාන හඬ එළියේ ශවර් එක දෙසින් ඇසේ. ඔහුට බොරුවක් කීමට- ඔව්, සමහරවිට ජීවිතේ පළවෙනි පාරට- සිදුවීම ගැන මහේෂ් ඇත්තටම පසුතැවිළි විය.. 'මට උඹව මොනම අමාරුවකවත් දාන්න ඕනි නෑ මල්ලි'..

මහින්ද මාවතෙන් මේ හැරෙන අතුරු පාරට රාත්‍රියේ මේ වෙලාවට ලේසියෙන් ත්‍රීරෝද රථයක් හෝ මෝටර් බයිසිකලයක් ඇතුලු කරන්නේ නැත. වෙනත් වාහන කිසිවක් ඇතුලු කිරීමට පටු පාරේ කිසිසේත් ඉඩක් නැත. නිවැසියන්ට අයත් ත්‍රීරෝද රථ දෙකක් හෝ තුනක් බොහෝ දිනවල පාරේම අයින් කර නතර කර තබනා හෙයින් මෝටර් සයිකලයක් වුව පරිස්සමෙන් පැමිණිය යුතුවේ. ඇසුණු හඬට අනුව ඒ ට්‍රේල් වර්ගයේ මෝටර් බයිසිකලයකි. එය කාමරය පසුකර මදක් ඉදිරියට ගොස් එකතැන හරවා හරියටම මහේෂ්ලාගේ කාමරය ඉදිරියේ නවත්වා සැර දමන හඬට මහේෂ් කාමරයේ දොර අසළට යන්නට හැදුවා පමණි..

"ටක්.. ටක්..ටක්.."

*************************************************

තුන්වන දිගහැරුමෙන් හමුවෙමු..

-ක.මි. 

Thursday 16 February 2023

Heroin හෙරෝයින් - හත්වෙනි (අවසාන) කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 


මෙය සැබෑ සිද්දි පදනම් කරගෙන ගෙතූ කතාවකි. නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය.
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය.
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

- සංජිව මෙන්ඩිස් 

මෙන්න යකෝ මෙන්ඩ හෙරොයින් කතාවේ අන්තිම ටික එවලා.. මම Check Point එකේ දෙවෙනි සර්ච් එක කර කර හිටියේ අද දාන්න හිතාගෙන. බෑනේ ඉතිං සීනියර් එකාට තැන දෙන්නෙපැයි. අනික මේක ඉවරයක් කරේ නෑ කියලා ඔය බ්‍රා මෙන්ඩා වෙනුවෙන් මම කී දෙනෙක්ගෙන් බැණුම්ම ඇහුවද? අන්තිමට බැනුම් ඇහුවේ Tee Pee කෑම්ප් ගිය දවසේ.. නිමල් ලොක්කාගෙන්. අම්මප.. මම හිතාගෙන උන්නේ මෙන්ඩ තාම හිරේ කියල.. ඩීල් එකක් දාන්න ගිහින් මාට්ටු වෙලා ගයිය පසන් ලා එක්ක. :)

එළ ද බ්‍රා..! අද එහෙනම් ඔන්න Heroin අන්තිම හිට් එක. 

*******************************************************************************

හයවෙනි හිට් එක


මේ මාස 10  ගොඩක් දේවල් සිද්ධ වුනා,,,,,

ගයියා ඇපපිට එලියට ගියා.....

කිව්වා වගේම මාව ඇප දිලා එලියට ගත්තා...

ගයියට ටිම් එකෙන් තියන මරන තර්ජන එන්න එන්න වැඩි වුනා,,,, හැම දෙයක්ම නාවාස්ට බාරදිලා කොලබින් අතුරුදන් වුනා...

ගයියා ඉන්න තැන දැනගෙන හිටියේ මමයි, නවාසුයි විතරයි.....

කැබිතිගොල්ලෑව පැත්තේ දේවාලේක කපු මහත්තෙයේක් විදිහට වැඩ කරනවා...

මම එලියට එනකොට මධුර මට හැමදෙයක්ම ලැහැස්තිකරලා තිබුනේ...මට තිබුනේ ටීම් එකත් එක්ක වැඩ පටන් ගන්න විතරයි....

කන්ජි තමයි මධුරගේ දකුනු අත... තමයි ටිම් එක හැන්ඩ්ල් කරේ.. මධුරගේ ‍රෙකමන්ඩ් එක හින්දා මට ටීම් එකේ ලොකු තැනක් තිබුනා.. නිසාමද මන්දා පරන එවුන්ට මාව දිරෙව්වේ නෑ....

ඉතින් මට පාන්ද?......

හලාවතට ආපු කොකේන් කිලෝ 200 කුත් දාගෙන අන්රේජිස්ට්ඩ් කාලුපාට අලුත්ම ඩිෆෙන්ඩ්ර් එකක කොලබට එනගමන් මම හිටියේ ස්පිඩ් එක 120 පැනලා තිබුනේ....කොච්චිකඩේ පහුවුනා විතරයි...

ට්රි!....ට්රින්....ට්රි...ට්රෛ,,,,

ස්ට්රියන්විල් එක එක අතකින් අල්ලග්න අනිත් අතින් ෆෝන් එක ගත්තා..

මීට ඉස්සෙල්ලා දෙපාරයි ගයියා මට කතාකරලා තිබුනේ....

ගයියා....කියපන්...මචෝ.....

පහන්....මාව එස් ටි එෆ් එකෙන් අල්ලගත්තා....

මලා..... කොහමද ...මමයි නවාසුයි විතරයිනේ උබ ඉන්න තැන දන්නෙ??????? උබ දන්නවනේ මම වගේ කෑ# වැඩ කරන්නෙ නෑ කියලා...

උබ නෙමෙයි මචෝ.. නවාස්...!!!!!!!!!!!!!

පාර මැද්දේ වැදුන බ්රේක්පාරට තවපොඩ්ඩෙන් පිටිපස්සෙන් ආපු කාර් කාරය  තව පොඩ්ඩෙන් මගේ ජිප් එකේ පීටිපස්සෙන් නගිනවා….

මම වාහනේ අතුරු පාරකට හරවලා නැවතුවා..

ගයියා...මම උඹ ඉන්න තැනට එනවා..

එපා..උඹ පඬියා නොවි මම කියනදේ අහගනින්...මේක තමයි අන්ඩ්ර්වල්ඩ් එකේ හැටි..නවාස් බයයි මම කොයි වෙලාවක හරි ආපහු බහි කියලා... දන්නවා මොනතරම් ශෝ ගැහැව්වත් මම බැස්සොත් ක්ලැප් එක වදින්නෙ මට කියලා.....හරි ඒවා වැඩක් නෑ...මම කියන දේ අහගනින්...මේ මහත්තූරු එක්ක මම කතා කරා එයාලාට ඉල්ලන දේ දිලා මම මහත්තුරුන්ගෙන් ඉල්ලිම් දෙකක් ඉල්ලුවා..එයලා කැමතිඋනා ඉල්ලිම් දෙකම දෙන්න...

එක...මට උඹට කතා කරන්න ඕනේ කියන එක...

පහන් උඹ පරිස්සම් වෙයන්...ඊලගට ලිස්ට් එකේ ඉන්නෙ උඹ...පුලුවන්නම් මේ හැමදෙයක්ම අත ඇරලා දාලා වෙන රටකට පලයන්...

දෙක...

තව ටික වෙලාවකින් මම මේ මහත්තුරුන්ව තේක්ක කෑල්ලට එක්කරගෙන යනවා....මම හන්ගපු ආයුද පෙන්නන්න..

ගයියගේ සුපූරුදු ලේන්ගතු හිනාව මගේ කන් ඇතුලේ දෝන්කාර දුන්න....

උඹ ඉපෙදෙන ආත්ම්යක මගේ සහෝදරයෙක් වෙලා ඉපදෙන්න ඔනේ.....උබට ජය ශ්රි මහා බෝ සමිදු පිහිටයි...

වැටෙන දොඹ හූරන මහා වැස්සට මගේ කදුලු හේදිලා ගියා..අතේ තිබුන ෆෝන් එක කුඩු පට්ටන් වෙන්න පොලවේ ගහලා වාහනේට නැගලා ටුනායක 18 කනුවෙන් මිනුවන්ගොඩ පාරට හරවලා නාරම්මල හරහා වාරියපොල පහුවෙනකුනුත් මගේ වාහනේ ස්ප්රිඩ් එක 120 පැනලා තිබුනේ...

මගේ ටාගට් එක තිබුනේ පුලුවන් තරම් ඉක්මනට කෑබිතිගොල්ලෑවට යන එක...දැදුරුඔය පාලමට ටිකක් මෙහා ඉදලා හෙන වාහන පෝලිමක් තිබුනා....අනුරාධපුර පැත්තේ ඉදලා එන වාහනයකින් ඇහැව්වා...

මල්ලි මොකද බ්ලොක් එක ඇක්සිඩ්න්ට් එකක්වත්ද?

නෑ....දෑදුරුඔයට එහා තියන රෝඩ් බ්ලොක් එකේ අනුරාදපුර පැත්තට යන වාහන ඔක්කෝම චෙක් කරනවා...එයලා හොයන්නේ කලුපාට ඩිෆෙන්ඩ්ර් එකක්... මගේ දිහා කින්ඩි හිනාවක් දැම්මා...

ගයියා කියපු දේ හරි එහනම් උන් හොයන්නෙ මාව....මට තිබුනේ එක විසදුමයි....දෑදුරුඔයට මෙහායින් තිබුන අඩිපාර කෙලින්ම වැටුනේ දෑදුරුඔයට.... පාරට වාහනේ හරවලා වාහනේ හොදට රේස් කරලා ඈක්ස්ලේටර් එකට ලි කෑල්ලක් හිරකරලා..ජිප් එක කෙලින්ම දෑදුරුඔයේ මැද්දට වැටෙන්න අතෑරියා...මේ දවස්ටිකේ වැහපු වෑස්සට ඔය උතුරලා යන නිසා ජිප් එක නොපෙනියන්න තරම් වෙලාවක් නොගියත් පාලම උඩ ඉන්න මිනිස්සුන්ගේ කෑගැහිල්ලට චෙක්පොයින්ට් එකේ හිටපු රාලාහමිලා පාලම උඩට දුවගෙන එනවා මම දැක්කා...හිමින්සිරුවේ පාරට ඇවිත් එන පලවෙනි බස් එකට නැග්ගේ ඒක යන්නේ කොහෙටද කියලවත් බලන්නෙ නැතුව...

බස් එක අබන්පොල තේ බොන්න නවත්තපු වෙලාවේ තේ එකක් බිලා දුමක් දාන්න මට හෙන උවමනාවක් තිබුනත්...බස් එකෙන් බැස්සේ නැත්තෙ ටික වෙලාවත් ඇති ගයියගෙ ඉරනම මගේ පොතෙත් ලියවෙන්න...ඒත් මගේ නන්ගිගේ වයසේ කෙල්ලෙක්ට කරදර කරන එවුන් ටික දැක්කාම මගේ අගේ හිටපු පරන යකා මගේ ඉස්මුදුනට නගින්න වෙලාවක් ගියේ නැහැ...උන් 4-5 දෙනා මට ගේමක් තිබුනෙම නැහැ...

****************************************************************************************************

ඉන් වසර 2 කට පසු.................

විහගි....පලවෙනි පාරන්ම මෙඩිකල් කොල්ජ් තේරුනා...

නන්ගි වෙනකොටත් එහේ හොස්පිටල් එකක වැඩකරනවා...

නන්ගිගේත් උදව් ඇතුව..නන්ගි ඉගනගත්ත කොලේජ් එකටම ශිශත්වයක් ගන්න විහන්ගිට පුලුවන් උනා....

විහගි ගේ අප්පච්චිගේ උදව් ඇතුව..එයලාගේ ගමේ හිටපු යුද්දෙදි අතුරුදහන් උන මගේ වයසේ කොල්ලෙගේ විස්තර වලින් මම "නුවන් සෙනරත් බන්ඩාර" විදිහට ඕස්ට්රේලියාවලට ආවා...

අපේ පලවෙනි පුතා ඉපදෙනකොට ලග ඉන්න බලාගෙන...විහගි ගේ අම්මයි , අප්පච්චියි ලබන මාසේ මෙහේ එනවා..

 

                මගේ පුතා......"ගයාන්"....................