Saturday 24 September 2016

අපි හදනවා මෙගා වොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්... The Coal War

Photo Courtesy www.google.com
අපි හදනවා මෙගා වොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්... මේකට බෝඩ් එකක් දානවා "300MW LNG Plant " හැබැයි අපි මේක දුවන්නේ ඩීසල් දාල.... අඩුම ගානේ ඊළඟ අවුරුදු 10 ට වත් ......මොකෝ අපිට කිසිම ඕනෙකමකුත්  නැහැ සැලසුමකුත් නැහැ  ස්වභාවික වායු භාවිතයට ඕනේ කරන යටිතල පහසුකම් හදන්ඩ... කලින් හදපු කෙරවලපිටියටත් තියෙන්නේ මේ කතාවම තමා .... කවුරුත් කෑ ගැහුවේ නැහැ නේ..... මේකටත් පරිසරවේදියෝ කෑ ගැහුවොත් අපි පෙන්නනවා LNG බෝඩ් එක....

කෙරවලපිටිය හදන  unit  එකකට Rs. 45.75 ගෙව්වා........... නොරොච්චෝලේ unit එකකට වියදම් වුනේ Rs 7.63.... (Source - PUCSL 2015 Generation Performance)

කවුරු හරි ඇවිත් කෑගහුවොත් ගණන් වැඩි..... Power Mafia  කියල අළුත් Plant  එකට .... අපි පෙන්නනවා ඒ ගොල්ලොන්ටත් බෝඩ් එක.... මේක LNG වලින් දුවපු දවසට අපි ලාබෙට දුවනවා (වරහන් ඇතුලේ අපි දන්නෙත් නැහැ කවද්ද එහෙම දුවන්ඩ පුළුවන් දවස….).......කෙරවලපිටිය යුගදනවී එක අවුරුදු 8ක්  දිව්වේ..තව එකක් දිව්වහම මොකෝ?

6 ගුණයක් වියදම් කරලා ඩීසල් බලාගාරයකින් විදුලිය හදන වෙලාවේ.... ඒ සල්ලි වලින් කොටසක් වියදම් කරලා පරිසර දූෂණය අඩු කරලා දුවන්ඩ පුළුවන් ගල් අඟුරු බලාගාරයක් හදමු කියන පරිසරවේදියෝ අපිට නැහැ.... ඉන්නේ කරන්ඩ යන project එකේ වැරදි පෙන්නලා ඒක නතර කරන අය විතරය්......පරිසරේ ගැන කතා කරන අය  කතා කරන්නේ පරිසරේ ගැන විතරය්…. විදුලිය හදන අය කතා කරන්නේ විදුලිය ගැන විතරය්….. අනික් එක්කෙනා කියන දේ කොහොමත් අහන්නේ නැහැ…. ඉන්දියාවෙන් ගෙන්නලා තමා අපි සාම්පුර් වලටත් පාරිසරික ඇගයීම් වාර්තාව (EIA ) එක හැදුවේ….. ඒක වැරදි නම් ඒක අපේ අවුලක් නෙමෙයි  කොහොමත් එතකොට…….ලංකාවේ පරිසරවේදියෝ EIA එක පතුරු ගහද්දි අපි ඒවා ගණන් ගන්නෙම නැහැ….. ඒවාට උත්තර දෙන්නෙත් නැහැ…..නඩු දැම්මොත්? ගල් අඟුරු එක හදන්නේ නැතුව අපි LNG බෝඩ් දාල ඩීසල් plant දුවනවා…… ඒක ඉක්මනට හදන්දත් පුළුවන්…. පරිසර වෙදියොත් කට වහන් ඉන්නවා…. නඩුත් නැහැ….

හැබය් කවුරුත් අමතක කරන දේ තමා ස්වභාවික වායු කියන්නෙත් තවත් එක් පොසිල ඉන්ධනයක් (Fossil  Fuel ).... ගල් අඟුරු වලට වැඩිය පරිසර දූෂණේ අඩු වුනත් නිසියාකාරව භාවිතා  කරේ නැත්තන් මේකෙනුත් විශාල පරිසර දූෂණයක් සිදු වෙන්ඩ  පුළුවන් බව….. LNG වල තියෙන ප්‍රධාන සංගටයක  මීතේන් (CH 4) වායුව කිලෝ එකක් වායු ගෝලයට මුදා හැරියොත් එකෙන් කාබන් ඩයෝක්සය්ඩ්  කිලෝ 34 මුදා හැරිය හා සමානයි  ගෝලීය උණුසුම වැඩි කිරීමට දෙන දායකත්වය……ගල් අඟුරු දහනයේදී 200kg කාබන් ඩයෝක්සය්ඩ් මුදා හැරෙද්දී එම බලශක්තියම ලබා දෙන්ඩ LNG වලින් නිකුත් වෙන්නේ 117kg …. හැබය් Diesel වලින් කරද්දී 161kg මුදා හැරෙනවා….. ගල් අඟුරු වල දහනයේදී නිකුත් වෙන අහිතකර විෂ ද්‍රව්‍ය පරිසරයට මුදා නොහැර  පාලනය කරන්ඩ පුළුවන් තාක්ෂනේ දියුණු වෙලා තියෙනවා ලෝකේ…මොකද ගල් අඟුරු ටික ලිපකට දාල ගිනි තියනවා නෙවෙය් නේ….(Controlled Combustion in a controlled environment with emission control technologies - Not open air burning).. ඒක  නේ මෙච්චර දියුණු ජර්මනිය තවමත් විදුලියෙන් 44% ගල් අඟුරු වලින් හදන්නේ…(Source  - EIA (International Energy Agency ) ) එහෙ පරිසරවේදියෝ නැද්ද? ඉන්නවා! ලෝකෙම ගත්තොත් තාමත් 40% වැඩිය්  ගල් අඟුරු විදුලිය නිෂ්පාදනය …පරිසර දූෂණේ නැති කරන්ඩ බැහැ සුළන්(Wind ) විදුලි බලාගාරයක් හැදුවත් සූර්ය ශක්ති (Solar ) බලාගාරයක් හැදුවත්….…. පාරිසරික බලපෑම පාලනය කරන්ඩ/අඩු කරන්ඩ තමා  පුළුවන්…....

අපි හදන බලාගරේ නම ස්වභාවික වායු බලාගරේ  …..පොඩි Sustainability ගතියක් නමේ තියෙන හින්ද වැඩිපුර ගානක් ගෙවල කට වහන් ඉමු……අපි හැබය් දුවන්නේ ඩීසල් වලින්……. ලස්සන නමක් තියෙන පරිසර හිතකාමී බෝඩ් එක දිහා බලල අපි සැනසෙමු!

සල්ලි??? ඒක ප්‍රශ්නයක් නැහැ…. අනික් එක මෙච්චර ලෝකෙට Renewable ගැන කියල දෙන Germany  ය 44% විදුලිය හදන්නේ තාමත් ගල් අඟුරු වලින් (Source - EIA) ….. හා හා… ඒක  ගැන කතා කරන්ඩ එපා…..ජර්මනිය 31% විදුලිය හදන්නේ පුනර්ජනනීය ශක්තියෙන් නේ (Source  - EIA ) …. එක විතරය් කතා කරන්නේ….. ජර්මනිය ඔය තත්වෙට ආවේ මොන බලශක්තිය පාවිච්චි කරලද? එකත් කතා කරන්ඩ එපා…. ලංකාවේ දැනට පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය 11%..(2015 මහ බැංකු වාර්තාව).. ඇත්තට? Pump Storage, Battery  Storage  දාන්නේ  නැතුව සීමාවක් නැතුව Solar , Wind  දැම්මහම අපේ ජාතික විදුලි පද්ධතියේ Stability එක අඩු වෙනවා.....  අවුරුද්දෙන් බාගයක් විතර හුලන් නැති වෙලාවටයි .... වහින්නේ නැති කාලෙටයි.... ඉර නැති වෙලාවටයි.... ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.... Storage  දාන්ඩ සල්ලිත් නැහැ.... හැබයි අපිට පැය 24ම දවස් 365ම අඛණ්ඩව විදුලිය දෙන්ඩ ඕනේ.....අපිට කරුවලේ ඉන්ඩත් බැහැ .... FAN AC  දිගටම දාගෙන ඉන්ඩත් ඕනේ......

අපි ඉතින් අර මුලින් කියපු වැඩේ කරලා….. ඩීසල් වලට 6 ගුණයක් ගෙවල…. ආණ්ඩුවට බැන බැන ඉමු! ඒක කොහොමත් ලේසියි!

ප. ලී - දන්න  සිංහලෙන් ලිව්වා … ඔබ සැමගේ දැනුමට/වින්දනයට … සංවාදයට විවෘතයි!

*****************************************
Photo Courtesy www.google.com
හෝව්..හෝව්.. හෝව්.. මේකට අද මොනවා වෙලාද කියල අහන්න කලින් මේ ටික කියවල ඉන්ඩ ලා.. මාත් එක්ක පහු ගිය කාලේ චැරිටි වැඩ කරපු උන්දලා නම් දන්නවා නදීර විජේසිංහ කියන මගේ මිත්‍රයා ගැන. දැනට කටාර් වල විදුලි ඉංජිනේරුවෙක් විදියට වැඩ කරත් නදීර හැමදාම වෙනස් විදියට අලුත් විදියට හිතන  'රටට ජාතියට හිත ඇති' තරුණ ඉංජිනේරුවෙක්.. හොල්සිම් සමාගමේ වගේම MAS ආයතනයේත් සේවය කරද්දී Sustainable Energy සම්භන්දයෙන් ක්‍රියාකාරීව මැදිහත්වෙලා කටයුතු කල ඒ ගැන මනා අවබෝධයකින් ඉන්න කෙනෙක්. මේ සටහන මම දැක්කේ නදීර ගේ ෆේස්බුක් වෝල් එකේ.. කියවපු ගමන් මට හිතුනේ මේ ගැන කතාකරන්න හොඳම තැන බ්ලොග් අවකාශය කියල.. දන්නා තරමින් බ්ලොග් එකක් නොලියුවට නදීර බ්ලොග් පාඨකයෙක් ගොඩක් කල් ඉඳල. ඒක නිසා මම ඔහුගෙන් ඒ ගැන අහනකොටම බොහොම කැමැත්තෙන් මේක මට දුන්න බ්ලොග් එකේ දාන්න කියල. ඒ වගේම මේ ගැන වැඩිපුර කතා කරන්න කැමති කෙනෙකුට මෙතනම ඔහු සමඟ සංවාද කරන්න පුළුවන්. තවත් එහා ගිහිං තාක්ෂණික කරුණු ආදිය කතා කල යුතු වේනම් ඔහුගේ පෞද්ගලික ඊමේල් ලිපිනය nadeerawije@gmail.com මගින් ඔහුව අමතන්නත් පුළුවන්.

 මේ ඔබේ ප්‍රශ්න හා ගැටළු නිරාකරණය කර ගැනීමේ හා අදහස් උදහස් යෝජනා චෝදනා ගෙන ඒමේ වාරයයි. පිළිතුරු ලබා දීම සඳහා මෙතැන්සිට මෛක්‍ර ෆෝනය බාර දෙනවා මා මිත්‍ර නදීරට. ස්තුතියි!

Friday 2 September 2016

Beyond the Call of Duty- කමාන්ඩර් ලලිත් එදිරිසිංහ හා P418 මතකය- 'කම්මල'ගේ විශේෂ ඉල්ලීමක් ඉටු කිරීමකි.

ඔය මගුල් ලිය ලිය ඉන්නේ ලියපිය අර ඩෝරා කතා.. මේ පහුගිය කාලේ පුරාවටම මම පොස්ට් එකක් දාන දාන සැරේට 'ඇනොපිලිස්' හෙවත් මුද්දාගෙන් එන තර්ජනයක්.. ඒකටම පොහොර දානවා 'කම්මල'යා 'ඕකට මම අපේ ලලිත් එදිරිසිංහ ගැන ලියන්න කියුව තාම ඒක ලියුවෙත් නෑ' කියල.. හැමදාම ඔහොම බැනුම් අහන්න බෑනේ.. ඔන්න ලියනවා.. හැබැයි ඊළඟට බනින්න එපා ඉංගිරිසි- සිංහල කලවමේ ලියුවයි කියල.. ඇත්තටම මේක දැන් මම ලියන්නේ පරණ රිපෝර්ට් එකක් බල බල.. ඒ කාලේ මේ වගේ සිද්දි බර ගානක් වෙච්චි නිසා දැන් අවුරුදු දහයකට පස්සේ සමහර තැන් හා පුද්ගලයින් පැටලෙනවා.. රිපෝර්ට් එක කියවද්දී හිතුන සමහර ඉංග්‍රීසියෙන් තියෙන කොටස් එහෙමම තිබ්බනම් හොඳයි කියල.. 

This is a story that proves the worth of the men in blues – the officers and men of the Sri Lanka Navy’s premier fighting force, the Fourth Fast Attack Craft (FAC) Flotilla which is based in Trincomalee.
Late Commander ELP Edirisinghe 
ලුතිනන් කමාන්ඩර් ලලිත් ප්‍රසන්න එදිරිසිංහ (මැරුණට පස්සේ කමාන්ඩර් උනා) කියන්නේ වේයන්ගොඩ බණ්ඩාරනායක පාසලෙන් බිහිවුණු, පසුව intake 12- KDU එකේ හිටපු 'සද්දේ අඩුම' නිලධාරියෙක්.. අපි ඇකඩමි ගිය අලුත තමයි KDU 12 එකයි ඇකඩමියේ 24th Intake එකෙයි පාස් අවුට් එක තිබ්බේ.. අනිත් එවුන්ගෙන් තිබ්බ අවනඩු එක්ක බැලුවම එදිරිසිංහ සර් දෙයියෙක් වගේ ඒ කාලේ.. පස්සේ අපිත් පාස් අවුට් වෙලා ඩෝරා වලට ගියාමත් එකට කාල බීල හිටිය අපේම සහෝදර නිලධාරියෙක් විදියට අපි අතර ලොකු හිතවත්කමක් තිබුන.. 2006 දී P 418 ඩෝරා එකේ OIC වෙලා එද්දී සර් බැඳලා.. ලස්සන පොඩි එවුන් දෙන්නෙකුත් හිටිය.. One of the officers who was commanding a top of the line FAC was Lieutenant Commander Ediripulige Lalith Prasanna Edirisinghe. A seemingly calm & quiet character, married and with two very young children

2006 අප්‍රේල්- මැයි කියන්නේ සංක්‍රාන්ති කාලයක් වගේ.. නේවි එකටත් දරුණු කාලයක්.. දිගම්පතනේ බෝම්බෙ පුපුරුවල, හාබර් එන්ට්‍රන්ස් එකේදිම P 476 ඩෝරා එක බ්ලාස්ට් කරලා කොටි තුන්වෙනි ඊලාම් යුද්දෙට සිග්නල් දීල තිබ්බේ.. දිනය හරියටම 2006 මැයි 11 වෙනිදා.. On May 11, 2006, P 418 was assigned to patrol the seas off the terrorists dominated coastline of Chalai in the North-eastern coast of Sri Lanka. 418 crew comprised 18 men including one signalman from Sri Lanka Army..
MV Pearl Cruise ii
ඒ වෙනකොට Pearl Cruise ii නැව ත්‍රිවිධ හමුදා/ පොලි සාමාජිකයින් 710ක් අරගෙන ට්‍රින්කෝ ඉඳල KKS යන්න පිටත් වෙලා.. චලෙයි/ මුලතිව් ඉස්සරහා මුහුදේ පැට්‍රොල් එකේ තිබ්බ P 418 ඩෝරා එකට මේ පණිවුඩේ ලැබුනම ලලිත් තමන්ගේ කණ්ඩායම සුදානම් කරලා සීරුවෙන් හිටියා.. ටික වෙලාවක් යනකොට they sensed that the terrorists were up to something.

The Sea Tigers were observed by the patrolling FACs to be gathering off the coastline of Vettilaikerni, a fishing village at the coastline since mid afternoon. They observed terrorist fibre glass boats fitted with medium calibre and lethal weapons gathering very close to the coastline about 50-100 meters from the shoreline and also the presence of at least four suicide craft. These, distinguishable from their features, had been the most lethal weapon the terrorists used and the Navy has good experience in encountering them in earlier confrontations... 

Since the terrorists’ intentions were hostile, the patrolling FACs requested re-enforcements and another two FACs arrived at the location. Having assessed the tactical picture they decided to form a barrier at a distance of 5 nautical miles from land.. සාමාන්‍යයෙන් එක තමයි කරන්නේ මේ වගේ වෙලාවට.. ඩෝරා ටික ඉස්සරහට ඇවිත් LTTE බෝට්ටු ටිකට එන්ගේජ් වෙනවා.. Main Body එක, මෙතැනදී නම් පර්ල් කෘස් නැව පුළුවන් තරම් ගොඩ බිමින් ඈතට ගන් බෝට් වල ආරක්ෂාව යටතේ යාත්‍රා කරලා නියමිත වරායට ආරක්ෂිතව ගෙනියනවා.. මෙතන තිබ්බ මරාගෙන මැරෙන කොටි බෝට්ටු 4 තමයි ලොකුම ඩේන්ජර් එක.. උන්ගේ ට්‍රයි එක කොටි බෝට්ටු වලට මුවා වේවි ඇවිත් කොහොම හරි නේවි ඩිෆෙන්ස් ලයින් එක ක්‍රොස් කරලා මේන් බොඩි එකට ඇටැක් කරන්න. 

The ferry was escorted by another two FACs and one Fast Gun Boat. They were about 25 miles from the terrorists gathering which by now had increased to 16 attack craft and 4 suicide boats.

FACs could only observe the grouping and report since attacking the terrorist boats that close to the shoreline could hurt innocent fishing folks of the hamlets along the coast. The SLN has to look after all Sri Lankans.

අපේ අය ලෑන්ඩ් එකේ ඉඳල මුහුදු සැතපුම් 5-6ක් විතර තියාගෙන ලයින් එකක් ගහල බලාගෙන හිටිය කොටි බෝට්ටු වල හැසිරීම දිහා.. ටික වෙලාවකින් උන් පටන් ගත්ත ඇඩ්වාන්ස් කරන්න.. කොටින්ගේ attack craft එක දෙක ඉස්සරහට ඇවිත් රවුන්ඩ්ස් කීපයක් ෆයර් කරලා හරවනවා.. ඒ අතරට අනිත් බෝට්ටුත් එක්ක සුවිසයිඩ් බෝට්ටු හතර ඉස්සරහට එනවා.. උන්ගේ අරමුණ ඩෝරා එක්ක ගහගන්න එක නෙවෙයි.. කොහොම හරි රිංගල පර්ල් කෘස් නැව ගාවට සුවිසයිඩ් ක්‍රාෆ්ට් එකක් ගෙනියන එක.. ඩෝරා හතරයි.. කොටි බෝට්ටු ඔක්කොම විස්සක්.. 

The terrorists made the first move by speeding towards the passenger ferry. Having realised the gravity of the situation the four FACs single- handedly decided to confront the Sea Tigers without waiting for further re-enforcements.

Against overwhelming numbers of terrorist boats fitted with wide variety of weapons such as 23mm, 14.5mm and supported by terrorists’ ubiquitous suicide boats, the balance of power favoured the Tigers.

Undeterred, the men in blues took up their position, donned their body armour and allowed terrorists to approach from land. එදා නේවි එක කලෙත් පුළුවන් තරම් කල් මරණ එක.. පිස්සෝ වගේ ගහගන්න ගියානම් උන්ගේ එකෙක් ඉක්මණින්ම වට පනිනවා.. ඒක නිසා බොහොම සීරු මාරුවට ට්‍රින්කෝ වලින් තව ඩෝරා එනකම් හා පර්ල් කෘස් නැව ආරක්‍ෂිත ස්ථානයකට යාත්‍රා කරනකම් කොටි බෝට්ටුත් එක්ක සෙල්ලම් කිරීමක් තමයි වැඩිපුර උනේ.. හරියට රගර් මැච් එහෙක වගේ.. ඒත් මේ වෙනකොට කොටි බෝට්ටු ටික පර්ල් කෘස් නැවට බොහොමත්ම ආසන්න වෙලා තිබ්බ.. ඒ එක්කම..

One of the FACs, P 497 commanded by Lieutenant Lakshitha Ratnatilake reported over the radio that whilst revving up to combat speed, one of his main engines had stopped. මෙහෙම වෙලා ස්පීඩ් එක ඩ්‍රොප් වෙනවා දැකපු ගමන් ටෙරා දන්නවා එන්ජින් ට්‍රබල් එකක් කියල.. ඒ වෙලාවට ඔක්කොම කොටි බෝට්ටු එක සැරේට ඒ දිහාට හරවනවා ෆයිනල් ඇසෝල්ට් එකකට.. අන්න ඒ වෙලාවට තමයි එකට අඩිය පුඩිය ගහල වැටිලා ඉඳල කරට අත දාගෙන යුද්දෙට ආපු තමන්ගේම සහෝදර නිලධාරියා/ සහෝදර නැවියා වෙනුවෙන් අනිත් උන්ගේ මයිල් කෙලින් වෙන්නේ.. කෙලින්ම මොළේ සෙන්සර් ඕෆ් වෙලා ජිවත් වෙනවා මැරෙනවා පේන්නේ නෑ ඉතිං.. 'උගේ අම්මට..' කියල ඕඅයිසී ගේ කටින් පිටවෙනකොට කොල්ලෝ තමන්ගේ අතේ තියෙන වෙපන් වලින් 'නෙලනවා නෙලිල්ලක්'.. ආයි ලොවෙත් නෑ. එක්කෝ උන්..එක්කෝ අපි.. 

The most senior officer on the scene, Commander Edirisinghe who was just 1,500m away from his mate promptly responded and manoeuvred his craft between the approaching cluster of terrorist boats and the troubled P 497. Proving his valour and outstanding officer qualities, he engaged the terrorists cluster in order to give his mate time to get the engine re-started.. රත්නතිලකට පුළුවන් උනා 418 එකේ කවරින් ෆයර් එක නිසා විනාඩි 2ක් යන්න කලින් 497 එකේ එන්ජින් ආයෙම ස්ටාර්ට් කරන්න.. ඒත්.. විනාඩි දෙකක් කියන්නේ යුද්දෙදි මහා ලොකු වෙලාවක්.. ඒ විනාඩි දෙකේදී කොටින්ට පුළුවන් උනා උන් ගෙනාපු ලොකුම සුවිසයිඩ් ක්‍රාෆ්ට් එක පර්ල් කෘස් නැව ළඟටම ගන්න නේවි ඩෝරා මග ඇරලා.. 

Having succeeded in getting his engine going in less than two minutes, Ratnatilake informed his superior officer, Lalith Edirisinghe, that he was ready for action once again. By this time Edirisinghe had spotted an unusually big suicide boat emerging from the terrorists cluster. With his experience he knew what the big suicide boat was meant to do.

මම කලින් කියුව වගේ.. ලලිත් එදිරිසිංහ කියන්නේ බොහොම නිවුණු, සාමකාමී නිහඬ නිලදාරියෙක්.. ඒ වගේම ආදරණිය සැමියෙක්.. දෙදරු පියෙක්.. තමන්ගේ ඩෝරා එකේ ඉන්න 18 දෙනෙක්ත වූ තම නැවියන්ගේ වගකිවයුතු භාරකරු.. රටේ තිබ්බේ මොන ක්‍රියාව මොන විදියට නිර්වචනය කරයිද කියන්න බැරි දෙබිඩි දේශපාලන වාතාවරණයක්.. 

A seemingly calm & quiet character, married and with two very young children, he had all the reasons to live rather than risking his life in a highly demanding environment where national security has gone to dogs due to foreign advice and pressure made possible by corruption, incompetence and lack of action by the authorities.
Similar type of craft to P 418
Being the Officer-In-Command of P 418, he was responsible for the lives of 18 men. His decision was sure to affect the fate of the Pearl Cruise ii, the 710 men on board, the other FACs. They all depended on each other.

හසලක වීරයා කෝප්‍රල් ගාමිණි කුලරත්න සමහරවිට එදා අලිමංකඩ දී ගත්තේ තමන්ගේ ජිවිතේ අමාරුම හා අවසාන තීරණය වෙන්න ඇති.. ඒත් ඒ නිසා අලිමංකඩ කඳවුර ආරක්ෂවෙලා තව සිය ගානක් තමන්ගේ සෙබළුන්ගේ ජිවිත හා පොදුවේ යාපනය අර්ධද්විපයේ ආරක්ෂාව තහවුරු උනා.. හසලක ගාමිණී කුලරත්න වීරයෙකු ලෙස තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරලා සමුගත්තා.. 

710ක් හමුදා සාමාජිකයින් එක්ක පර්ල් කෘස් නැව එදා මුහුදුබත් උනානම් සමහරවිට අද මේ කියන කතන්දර බොහොම වෙනස් වෙන්න තිබුනා.. 'අවසන් සටනට නේවි එකෙන් දක්වපු දායකත්වය 5% කට අඩුයි' කියපු අයට සමහරවිට විරුවෙක් නොවීම හමුදාවෙන් සමුගන්න වෙන්නත් තිබ්බ.. ඒත් ඒ වෙනුවට බොහොම නිහඬ, තැන්පත් මනුස්සයෙක් වෙච්චි 'ලලිත් එදිරිසිංහ' ඒ කැපවීම කරා.. 

Whilst Ratnatilake was pulling out, he observed that his senior officer was heading straight for this large suicide boat dodging several terrorists attack craft. Before he could speak over the radio, there was a crackling in the communication set and a huge explosion was observed some 1,500m away from him. As the smoke cleared he could not see P 418 – not even its pieces.

ඒ අභීත නැව්පතියා කිසිම චකිතයක් නැතුව තම යුතුකම මව්බිම වෙනුවෙන් ඉටුකරා.. 

It was Lalith Edirisinghe, being the senior officer in the theatre of operation, who grasped the developing situation and decided to sacrifice his life and those of 18 of his men in order to ensure that the Pearl Cruise 11 with 710 on board was safe.

මතක් වෙනකොට ඉඳගෙන ඉන්න බෑ.. හිටගෙන සැලියුට් කරන්නත් බැරි නිසා මම රවුමක් ඇවිදලා ආව මේ ටික ලියන්න කලින්..

"Respect You Sir!"
****************************************************
However terrorists seemed reluctant to press further despite the presence of the three smaller suicide boats. Three remaining FACs placed a barrier between the coast and the ferry and waited for the terrorists to advance. But the attackers seemed bewildered and unsure of what to do after losing the large suicide boat which was to hit the passenger ship.

Meantime further reinforcements were speeding to the area from Kankesanturai and Trincomalee. SLAF fighters were airborne and safety of Pearl Cruise 11 was enhanced with air cover. The first priority was the passengers and further offensive action by the three FACs was considered tactically disadvantageous. However by the time passengers were safely disembarked at Kankesanturai port, the terrorists had retreated to their stronghold on the coast. They were repeatedly engaged by the Air force causing fairly high casualties to the sea-borne terrorist flotilla.

Just before they disembarked, an officer speaking over the public address system announced that the Navy had sacrificed 18 lives to save 710 passengers on the ferry and narrated details of the drama at sea. The passengers were stunned and could only grieve for the brave men who sacrificed their lives to ensure that those on board the ferry would live.

පසු කලෙක කමාන්ඩර් (නැසීගිය) ලලිත් ප්‍රසන්න එදිරිසිංහ රණවිරුවා දෙවන ඉහලම වීර පදක්කම වන 'විරෝදාර විභූෂණ' පදක්කමෙන් පිදුම් ලැබූ බව අවසන් වශයෙන් ලියා තබමි.