Thursday 16 September 2021

Heroin හෙරෝයින් - සිව් වෙනි කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

 අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 


මෙය සැබෑ සිද්දි පදනම් කරගෙන ගෙතූ කතාවකි. නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය.
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය.
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

- සංජිව මෙන්ඩිස් 

*******************************************************************************

Photo credit: Google Images

පළවෙනි හිට් එක..

දෙවෙනි හිට් එක..

තුන් වෙනි හිට් එක..

අද එතැන් සිට..

සාමන්ත දෙනගමගේ නොහොත් වලේ සුද්දා....

තමයි වැඩ්ඩා.... අපි වගේ එවුන් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ... ගේම ගහන්නේ පොරගේම ක්රමේට...හරි දැන් මට කියපන්කෝ එදා අරකි උබව හොස්ටල් එකෙන් එක්කරගෙන ගියාට පස්සේ මොකද උනේ?

ඊට සතියකට විතර පස්සේ මම ලේක්චර් එකක ඉන්නකොට අපේ එකෙක් දුවගෙන ඇවිත් මට කිව්වා...කෙල්ලෙක් මාව හම්බවෙන්න ඇවිත් ඉන්නවා කියලා...

ඇවිත් හිටියේ හිරුශා.. ඒකිට ඔන උනේ මාත් එක්ක කතා කරන්න..මම කොච්චර බැහැ කිව්වත් ඒකි ඇහැව්වේ නැහැ....මම එදා හොස්ටල් එකට එනකොට පාන්දර එකත් පහුවෙලා...

එදා ඉදලා අපි දෙන්නගේ ගොඩක් දවස් ගෙවුනේ වැල්ලවත්ත බිච් එකේ එහම නැත්නම් තර්ස්ටන් එක ඉස්සරහා තියන ෆලවර්ඩ්රම් එකේ..

හැබැයි ඒකි මාත් එක්ක කල්බ් ගියේ නැහැ.... උනාට මාත් එක්ක ඉන්න සමහර දවස්වලට ඒකිට එන කෝල්ස් වලින් මට තේරුනා මෙයාගේ අනිත් දවස් ගෙවෙන්නේ කල්බ්වල කියලා...හැබැයි ඒකිගේ පැලැන්තියේ අනිත් වුන් කැමැතිඋනේ නැහැ මම ඒකිව එයාගේ ජිවිතේන් අයින් කරනවට...

අපේ කැම්පස් එකේ එවුන් මට ගොඩක් දෙවල් කිව්වා....

මම ධනපති පන්තියේ ඉත්තෙක් වෙලා කිව්වා..........මම කලුගලේ ඔලුව ගහගන්න හදන්නේ කිව්වා...ඒත් කෙල්ලෙක්ගෙන් හාහාපුරා කියලා මට ලැබුන ආදරය විසික්කරලා දාන්න මට ඕනවුනේ නැහැ....එක දවසක් මට පේමචන්ද් ඇමැතිතුමාගෙන් පනිවිඩයක් ඇවිත් තිබුනා ඇවිත් එයාව මුනගැහැන්න කියලා..

අම්මට හුඩු ඇමැතිතුමා උබ එක්ක ගේම ඉල්ලුවද? ගයියා ඇස්දෙක ලොකුකරලා මගෙන් ඇහැව්වා...

නැහැ...

එහනම් සිතල ගේමක් දුන්නා...පේමචන්ද් වෙන්න ඇති උබගේ නමට කුඩු දම්මන්න ඇත්තේ...ගයියා කිව්වා..

නැහැ....හැබැයි එදා එයා මට ඉගියක් දුන්නා කවුද මේක කරන්නේ කියලා...

කියපන්කෝ මොනවද ඇමැති කිව්වේ..

පුතා....මම දන්නවා ඔයා මේ දවස්වල අපේ දුව එක්ක රවුම්ගහනවා කියලා...

නෑ ....ඇමැතිතුමා එහම ලොකු දෙයක් අපි අතර නැහැ.....

හා..හා...හා..බයවෙන්න එපා කොල්ලෝ..උබ හිතුවද මම පරලවෙලා කෑකෝ ගහලා යකා නටයි කියලා...

ඇත්තටම ඇයි ඇමැතිතුමා එහම නොකරන්නේ..

මොකද මම ඔයාගැන හැම විස්තරයක්ම හොයාගත්තා...පවුල්පසුබිම ඇතුලු හැමදෙයක්ම...

ඉතින්..ඒකම මදිද මම ඔබතුමාගේ දුව එක්ක තියන සම්බන්දෙට විරුද්දවෙන්න....

මම විරුද්දවෙනවා..ඔයා කෝටි 2-3 වාහනයක් පදින...රෑට ක්ල්බ් ගිහින් එක රෑකට හැටහැත්තදාහක් වියදම් කරන...පොලිසියෙන් අත දාලා නැවත්තුවොත් ඔයාගේ තාත්තා කෙලින්ම පොලිස්පතිට කතාකරන්න පුලුවන්...එකවුන්ට් වලට සල්ලි වැටෙන විදිහ ඔයාවත් දන්නේ නැති කොල්ලෙක් උනානම්....

ඒක මාර වැඩක් නේ ඇමැතිතුමා...එහම කෙනෙකුට ඔබතුමා අකමැති වෙන්නේ මොකටද?... ඔබතුමාලගේ පැලැන්තියනේ....

පුතා............මම ඔයාට කතාවක් කියන්නම්....මට වාහන හයක් තියනවා...ඇයි දන්නවද මගේ දුව ඕනම දෙයකට ආස කරන්නේ ටික කාලයයි....ඊට පස්සේ එයාට ඒක එපා වෙනවා එයාට අලුත් එකක් එකක් ගන්න එයා ඕනම දෙයක් කරනවා....මගේ දුව දැන් පදින ස්පෝට් බෙන්ස් එකට කලින් එයා පැද්දේ බෙන්ට්ලි මිනි එකක්....එයාට ඒක පැද්දා ඇති කියලා මගේන් ඔය බෙන්ස් ස්පෝර්ට් එක ඉල්ලුවා ඒත් මම එයාට කරුනු වටහලා දෙන්න හිතාගෙන ටිකක් පරක්කු කරා..එක දවසක් බලනකොට කාර් එකේ පෙට්රල් ටැන්ක් එකට වැලි දාලා.. එයාගේ හැටි එයාට ඔයාවත් එපා වුන දවසක ඔයාව අයින් කරන්නේ කන්ඩෙම් කරලා නිසා පරිස්සමෙන්...

ටික කාලයක් යනකොට ඇමැතිතුමා කියපු කතාව ඇත්ත උනා.. හිරුශා ආයමත් ක්ල්බ් යන්න පටන් ගත්තා....අපි අතර රන්ඩු පටන් ගත්තා...ලොකුම වලිය පත්තුවුනේ උන්ගේ සෙට් එකට පාටියක් දාන්න තිබුන පියෝ කොකේන් පාර්සලයක් මුහුදට විසිකරපු දවසේ... එදා හිරු විතරක් නෙමෙයි උන්ගේ සෙට් එකත් මට තර්ජනය කරා ඒකට රිටන් එක දෙනවමයි කියලා....

....දැන් උබ මෙහේ ඉන්නේ රිටන් එකේ ප්රතිපලයක් විදිහට...ගයියා ඇහැව්වා...

*************************************************************************

ආන්ඩුවේ බොඩිමේ තව දවසක් උදා වුනා... විසිට් බහින එවුන් විසිට්ගියා...මට ඉතින් කවුද විසිට් දාන්න ඉන්නේ...ගයියාලා සුද්දාලා වගේ ලොකු එවුන් විසිට් යන්නේ අතවශම කාරනාවකට විතරයි... උන්ට  හැමදාම එන විසිට් එක ගන්න උන්ගේ අතවැසියෝ සැදිපැහැදි හිටියා...

අද සුද්දා විසිට් බැහැලා කෙලින්ම ආවේ ගයියා හොයාගෙන..........  අපි ඔක්කෝටම කාමරෙන් එලියට යන්න කියලා ගයියා එක්ක බර කතාවක්.......

පහන්....වරෙන් ඇතුලට.... ගයියා කෑ ගැගව්වා...

මල්ලි.....මට උබෙන් ලොකු උදව්වක් ඕනේ....උබ මට මේ දේ කරලා දුන්නොත් මම උබ ඉල්ලන ඔනම දෙයක් දෙනවා... සුද්දා මගේ කරට අත දාගෙන කිව්වා..

හරි මොකකද්ද සුද්දයියේ මගෙන් වෙන්න ඕනේ...

මල්ලි...මට නඩු 12 ක් තියනවා... එකකට ඇප හම්බවෙනකොට අනිත් නඩුවට හිරවෙනවා... කොයි වෙලාවක හරි එක නඩුවක තින්දුව එනවා.... ගොඩක් දුරට කුඩු කිලෝ දහයේ නඩුවේ තින්දුව එයි ලෙසටම.. එහම උනොත් මට ලයිෆ් එකක් හරි කන්ඩෙම් එකක් හරි වදිනවා... මම ඇතුලට ගියොත් එලියෙ බිස්නස් බලාගන්න කවුරුත් නැහැ නිසා මට කොහමහරි එලියට යන්න ඕනේ...

හැබැයි පහන් මේ පාර නඩු බාන්ඩ මාරු කරන්නනම් බැහ....ගයියා කිව්වා...

කවුද බන් නඩු බාන්ඩ මාරු කරන්නෙ..මගේ පැලැන් එකක් එක පාරයි...මම කිව්වා...

හරි මල්ලි එහනම් උබට පුලුවන්ද මාව එලියට ගන්න ක්රමයක් ලැහැස්ති කරන්න... උබ මාව එලියට අරගෙන දියන් ඉතුරුටික ඔක්කෝම මදු ලැහැස්ති කරලා තියෙන්නේ...

කිව්වේ....

මම ඩුබායි වලට යනවා මදුර ලගට..

හරි...සුද්දයියේ...මම ඔයාව එලියට අරගෙන දුන්නෝත් ඔයා මට වැඩක් කරලා දෙනවද?

කියපන් මල්ලි ලෙසටම කරලා දෙනවා...

මට නන්ගිව ලන්කාවේ තියන්න බැහැ මේ තියන තත්වයත් එක්ක මට එයාගේ ජිවිතේ ගැන බයයි... මට එයාව වෙන රටකට යවන්න ඔනේ...

සුද්දා........... පහන්ගේ නන්ගි පේරාදෙණිය කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ ඉන්නේ..හැබැයි උබ මේ වැඩේ කරන්න ඔනේ එයාගේ අධපනය කඩාකප්පල් නොවෙන විදිහට.......අනික හැමදෙයක්ම නිතායනුකුල විදිහට වෙන්න ඕනේ...

හරි පහන් මගේ කෙල්ලෙක් නන්ගි හම්බවෙන්න කැම්පස් එකට යයි.. හැමදෙයක්ම කෙල්ල ලැහැස්ති කරයි...නන්ගිට විතරක් නෙමෙයි අම්මටත් ලැහැස්ති වෙන්න කියපන්...

 

හරි....සුද්දා....ගයියා මෙහෙමයි වැඩේ වෙන්නේ... උබ ඉස්සල්ලම හොයාගන්න ඔනේ... උබගේ උසට, මහතටපෙනුමට ගැලපෙන.... වැඩිය හිතන්නෙ නැති.. වැඩි අධපනයක් නැති කෙනෙක්.. හැබැයි මේ වැඩේ උබ වෙනුවෙන් කරන්න කැමැත්තෙන් වෙන්න ඕනේ.

පහන් මල්ලි මගේ සහෝදරයෝ තුන්දෙනයි...දෙවැනි මල්ලි ටිකක් විතර වෙනස්... ඉස්කොලේ ගියේ 6 පන්තියට විතරයි.. ඌට හැමදාම ඉස්කෝලේ කොල්ලෝ විහිලු කරනවා, කරදර කරනවා... මම උන් එක්ක ගහගන්නවා.. අන්තිමට මාව ඉස්කොලේන් අස්කරා එදා තමයි ඌත් ඉස්කෝලේ ගිය අන්තිම දවස...

මට පට්ට ආදරේයි මොකද මම කොච්චර ජරා වැඩ කරත් මම ඌට පට්ට ආදරේයි...මොකද මම ඌව ලෙසටම බලාගත්තා..

උබ දන්නවද පහන්... අන්තිමට මාව පොලිසියෙන් අල්ලගන්නකොටත් මම ඌට බත් කව කව හිටියේ..  පොලිස් කාරයන්ගේ ඇගේ එල්ලුනා මාව ගෙනියන්න එපා කියලා... සුද්දා එක හුස්මට කියාගෙන ගියා...

සුද්දා... ඊලග නඩු වාරේ ලබන මාසේ 22 වෙනිදා නේද?... මෙහම කරපන්... 21 වෙනිදා හවස ගංජා කෑල්ලක් එක්ක ඌට පොලිසියට අහුවෙන්න කියපන්..

උබට පිස්සුද පහන්....  ගංජා ගහන්නේ නැහැ... අනික උගේ මොලේ ගෙඩියක් තියනවා ඒක තියෙන්නේ අන්තිම අවස්තාවේ.. එහම එකෙක්ව පොලිසියට අල්ලලා දෙන්න උබට පිස්සුද?... සුද්දා කෑගැව්වා...

උබට මේ වැඩේ කරන්න ඔනේ නම් මම කියනවිදිහට කරනවද.. නැත්නම් උබ මේ වැඩේ තනියම කරගන්නවද?

හරි... සමාවෙයන් මල්ලි උබ කියන විදිහට කරනවා...

22 වෙනිදා උබ නඩුවට නැගලා... නඩුව කල්දැම්මා.. උබව ආයමත් මේක ඇතුලට ගෙන්න බස් එකට නග්ගනකන් උසාවියෙම පිටිපස්සේ තියන කුඩුවට දානව....මල්ලිට ගංජා කැල්ලට රුපියල් 3000 ක් ගහයි ඒක ගෙවලා රිසිට් එක ගේනකන් මල්ලිවත් දානව අර කුඩුවටම...

හරි... ඊ පස්සෙ...

උබේ එකෙක් මල්ලිගේ දඩය ගෙවලා රිසිට් එක ගෙවලා කුඩුව ඉස්සරහා ඉන්න ජේලර්ට ගෙනත් දුන්නාම,,,,ජේලර් මහත්තයා නම කියලා අඩගහනවා..

ඔව්... ලෙසටම..

මල්ලිගේ නමට උබ එලියට එනවා... මල්ලි හවසට බස් එකේ නැගලා මෙහේ එනවා.... උබ කැමතිද?

උබනම් මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් පහන්.... ලෙසටම කැමති...

හරි... එහනම් 22 වෙනිදාරැට මගේ නන්ගි අම්මයි එයාපෝර්ට් එකේ ඉන්න ඕනේ..

උබ බය නැතුව පලයන් සුද්ද.... මල්ලි එන්නේ මෙහෙටනේ... අපි මල්ලිව බලාගන්නම්... ගයියා සුද්දගේ කරට අත තියලා කිව්වා..

ගයියා... උබලට කොහමත් ගොඩක්කල් මල්ලිව බලාගන්න වෙන්නේ නැහැ... මොකද අන්තිමට හේමාස් එකේ ඩොක්ටර්ස්ලා ඌව චෙක් කරලා කිව්වේ උගේ මොලේ තියන ගෙඩිය අන්තිම කාලේ නිසා ඌට කැමැති විදිහකට ඉන්න දෙන්න කියලා.. එහම කියලා සුද්දා මගේ පිටට තට්ටුවක් දාගෙන කාමරෙන් එලියට ගියා...

*************************************************************************

මම අම්මටයි නන්ගිටයි කතා කරා වෙනකොටත් අම්මා හිටියේ නන්ගි ලග... කවදාහරි මමත් එයලා ලගට එනවා කියලා පොරොන්දුවුනාට පස්සේ අම්මයි නන්ගි කැමැති උනා ලන්කාවෙන් යන්න...

කොහමත් එයලා දැනගෙන හිටියා ලන්කාවේ ඉන්න එක අපි කාගෙත් ජිවිතවලට හොද නැහැ කියලා......

සුද්දගේ කෙල්ලේක් කැම්පස් එකට ගිහින් නන්ගිව මුනගැහිලා තිබුනා...  කෙල්ල නන්ගිට කියලා තිබුනා හැමදෙයක්ම එයා ලැහැස්ති කරනවා කියලා... නැතත් ඉතින් මට සුද්දව විශ්වකරනවයි.... සුද්දට මාව විශ්වාස කරනවයි ඇරෙන්න අපි දෙන්නටම වෙන විකල්පයක් තිබුනේ නැහැ....

අපේ ප්ලැන් එකේ හැටියට සුද්දයි මමයි ආය මුනගැහුනේ නැහැ...

22  වෙනිදා රෑ 11 විතර මට ගයියා ෆෝන් එක දික් කරා....

අයියේ......පාන්දර 1.40 ෆ්ලයිට් එක තියෙන්නේ...මම එහේ ගියාම ඕස්ට්රෙලියාවල කැම්පස් එකට ඇතුලත් වෙන්න ඕනකරන හැම ලියකියවිල්ලක්ම අර අක්කා මට ගෙනත් දුන්නා...මටයි අම්මයි එයාපෝර්ට් එකට එන්න වාහනයක් ලැහැස්ති කරලා දුන්නෙත් අක්කා...

ඔයා එනවා නේද අයියේ?

ඔව්...නන්ගා මම එනවා....ඔයලා පරිස්සමට යන්නකෝ...

අයියේ ..අම්මට කතා කරන්න ඕනලු...

මගේ සුදු පුතේ....................

අම්මා...............

පහුගිය කාලේ වෙච්ච දේවල් ගැන දැන් කතාකරලා වැඩැක් නැහැ මගේ සුදුපුතේ...උබ පරිස්සමෙන් හිටපන්..මම තව ගොඩක්කල් ජිවිත්වෙන එකක් නැහැ මගේ දැන් බලාගෙන ඉන්නේ උබලගේ තාත්තා ලගට ඉක්මනට යන්න.... නිසා ඉක්මනට නන්ගි ලගට වරෙන්....

අම්මා , නන්ගි එක්ක යන්නකෝ මම ඉක්මනට එනවා.....

දසමාසේ උරේ කත්වා පෝසේති උද්දිකාරන්....

ආයුදිගා වස්සසතන් ...මාතුපාද නමාමහන්....

සාදු....සාදු...සදු....

මගේ පුතාට ජය ශ්රි මහා බෝ සමිදු පිහිටයි....

*****************************************************

සුද්දා...ගයියා එක්ක විනාඩි 15ක් විතර කතාකරා...

හරි...මචෝ...හරි...

කියන්නේ උබත් අදම යනවද?....කියටද ෆ්ලයිට් එක?

මදුර ලගටම...

හරි සුද්දා....මම එලියට ආවම උබව හම්බවෙන්නම්...

හරි බන්..හරි...මම දන්නවනේ උබ ගැන....හරි මම පහන්ට කියන්නම්...

පහන්....උබ දන්නවද සුද්දා මොනවද කිව්වේ කියලා....

නැහැ...ගයියා මම ඔලුව වැනුවා...

නන්ගි ඔස්ට්රේලියාවල එයාපෝර්ට් එකෙන් බැස්සට පස්සේ ගෙදරට එක්කරගෙන යන්න...කෙල්ලෙක්ව ලැහැස්ති කරලා... උබ දන්නවද පහන් සුද්දා  නන්ගිගේ නමට එහෙන් ගෙයක් අරගෙන......... ගයියා කියාගෙන ගියා.

ගෙයක්...

ඔව්.. විතරක් නෙමෙයි එහේ කැම්පස් එකට ගෙවන්න තියන හැම ගෙවිමක්ම අන්තිම බින්දුවටම ගෙවලා... අවුරුදු 5 ක් යනකන් හැම මාසේම සැලකිය යුතු ගානක් නන්ගි එකවුන්ට් එකට වැටෙන විදිහට මම හැමදෙයක්ම ලැහැස්ති කරා..

ගයියා..ඒක ටිකක් බායානකයි නේද?...

පිස්සුද බන් නන්ගි ඔස්ට්රේලියා ගියේ උබලගේ මෙහේ තිබුන බත්තරමුල්ලේ ගේ විකුනලානේ...

මොකක් බත්තරමුල්ලේ තිබුන ගේයි ඉඩමයි.....

ඇයි බන් හැටන් වල තිබුන තේ අක්කර 10 විකුනලා සල්ලි ලන්කාවේ එකවුන්ට් එකටෆික්ස් ඩිපෝසිට් එකක් දැම්මේ...හැම මාසේම ඒකේ පොලිය නන්ගිගේ එහේ එක්වුන්ට් එකට වැටෙනවා..අවුරුදු පහකට පස්සේ නන්ගිට මුලු මුදලම නන්ගිට එහෙන් ගන්න පුලුවන්...ගයියා එක හුස්මට කියාගෙන ගියා...

උබට දැන් මාව ඕනේ නැහැ ගයියා දැන් උබේ ඔලුව නියමට වැඩ කරනවා...

උබ එක්ක ඉදලා තමයි බන් මමත් උබ හිතන විදිහට හිතන්න ගත්තේ....ගයියා මාව බදාගෙන හක ....හක ගාලා හිනා උනා..

**********************************************************************

වලේ සුද්දා හා මදුර ඩුබායි සිට ලංකාවේ ව්‍යාපාර මෙහෙයවන හැටි ඊළඟ කොටසෙන්.. මෙන්ඩා කොමෙන්ට් වලට රිප්ලයි කිරීම උඹට බාරයි. 

- ක.මි.