Friday 29 October 2021

Heroin හෙරෝයින් - පස්වෙනි කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 


මෙය සැබෑ සිද්දි පදනම් කරගෙන ගෙතූ කතාවකි. නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය.
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය.
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

- සංජිව මෙන්ඩිස් 

*******************************************************************************

හතරවෙනි හිට් එක..

තවත් දවසකට ඉර පැව්වා ආණ්ඩුවේ බෝඩිමට...

'පහන්....මට ලගදිම ඇප ලැබෙයි' ගයියා මගේ ලගට ඇවිත් කිව්වා...

'යකෝ....මෙච්චර කේස් තියන උඹටත් ඇප දෙනවද?'

'එහම තමයි බන් ලංකාවේ නිතිය... උඹ එකෙක් මරලා ඇතුලට ගියත් උඹ තියාගන්න පුලුවන් මාස 3 යි දවස් දහයයී.. ඊට පස්සේ උබට ඇප ගන්න පුලුවන් මහාධිකරණයෙන්.. ඒකට ඕනේ සල්ලි ටිකක් විසිකරලා හොද ලෝයර් කෙනෙක් අල්ලන එක විතරයි...'

'හරි ගයියා..පුලුවන්නම් ආය මේ ඇතුලට එන්නේ නැතුව ඉන්න බලපන්...'

'මම උඹ එලියට ගන්නවා...'

'උඹට ඒක කරන්න බැරි වෙයි මොකද මගේ නඩුව ඔප්පුවෙන තැනට උන් හිරකරලා තියෙන්නෙ..'

'නඩුව ඔප්පුවෙන්නනේ බන්....ඒකට තව අවුරුදු තුන හතරක් යයි බන්...'

'එහම ඇප කියලා ගත්තා කියලා මොකටද බන්... මට ආය කැම්පස් යන්නත් බැහැ... එලියට ගියයි කියලා මගේ කවුරුත් ඇත්තෙත් නැහැ..  නිසා උබ ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ ගයියා...'

'අඩෝ...පහන්...ඇයි උඹ  එහම කියන්නේ... උඹ එලියට ආවම උඹ ඕ හැමදෙයක්ම මම ලැහැස්ති කරලා දෙන්නම්...'

'හරි ගයියා එහනම් මට උදව්වක් කරපන්...'

'කියපන් ...'

'පේමචන්ද් බිස්නස් කරන්නෙ කවුරු එක්කද?'

'ඌ බිස්නස් කරන්නෙ මාලිගාවත්තේ ටිම් එකත් එක්ක...'

'මට උගේ බිස්නස් එකට ජොයින්ට් වෙන්න ඔනේ....'

'උඹ පිස්සුද බන්.... උඹ මේ කුඩු බිස්නස් එකට බහින්නේ නැහැ කියලා කිව්වනේ පහන්...'

'මගේ ඔලුවේ වැඩ කරන්නේ වෙන ප්ලෑන් එකක්.. උඹ මෙක කරලා දෙන්න පුලුවන්ද බැරිද කියපන්...ගයියා....'

'මෙහමයි පහන්.. ටිම් එක ලිඩ් කරන්නේ ඉම්රාන්... උගේ බොසා තමයි මදුර උන් දෙන්නම ඉන්නේ ඩුබායි....'

'කියපන්... උඹ දන්න ඔක්කොම විස්තර ටික මට කියපන් ගයියා...'

මදු ලග ගොඩක් ඉන්නේ මුස්ලිම් කොල්ලෝ..මදුරයව හැදුවේ පේමචන්ද්...මදුරයා කොහමත් දසයා.. කාවවත් විශ්වාස කරන්නේ නැහැ... ලගම හිටපු හොදම ගෝලයා කුඩු මර්වින් දැන් Condemned එකක් අදිනවා...

මොකක්ද කන්ටක්ට්  එකක් කියන්නේ...

මරණිය දන්ඩනය....මදුර මර්වින්ට පට්ට ආදරේයි... නැති උනා කියන්නේ මුගේ දකුනු අත කැඩුනා වගේ..පස්සේ තමයි ඉම්රාන් ඌට සෙට් උනේ...

ගයියා...උබට පුලුවන්ද මර්වින්ව  ක්න්ටැක්ට් කරගන්න...

මෙහමයි පහන්... කන්ඩේම් අදින එවුන් එලියට දාන්නේ පැයයි... ඒකත් රිමන්ඩ් එවුන් එක්ක ගැටෙන්නේ නැති විදිහට..අනික උන්ට විසිට් බහින්නේ මාසේට එක සැරයයි...මට පුලුවන් ජේලර් කෙනෙක් මාර්ගෙන් ඌට කෝල් එකක් අරගෙන දෙන්න....

හරි..උබ මර්වින්ට කියපන් මම ඌව එලියට අරගෙන දෙනවා..හැබැයි ප්ලැන් එක දෙන්නේ මදුරට විතරයි කියලා...

උබට..පිස්සුද මචන්..උබ ඔය කියන්නේ සියදිවි නසාගන්න කතාවක් ...

ගයියා...උබට මාව විශ්වාසද?

මට උබව...මටත් වැඩිය විශ්වාසයි..

එහනම් මම කියන විදිහට කරපන්..

දවස් දෙකකට පස්සේ මුස්ලිම් කොල්ලෝ දෙන්නෙක් ආවා..ගයියව හොයාගෙන...

ගයියා මදුර අයියා හවසට රිස්වාන්ගේ ෆෝන් එකට කතා කරනවා කිව්වා..ඔයාට රිස්වාන් අයියගේ කාමරේට එන්න කිව්වා...

ගයියා..උන්ට කියපන් මදුරට කියන්න කියලා උබගේ ෆෝන් එකට කතාකරන්න කියලා...අනික මදුර කතා කරද්දි කාමරේ ඉන්න ඔනේ උබයි මම විතරයි...එහම කැමැතිනම් වැඩේ කරමු කියපන් නැත්නම් අල්ලලා දාන්න කියපන්...

මල්ලි උබට ඇහුනානේ පහන් කියපු එක...රිස්වාන්ට කියපන් ගයියගේ උත්තරේත් ඒකම තමයි කියලා...

උන්දෙන්නා ටික වෙලාවක් ගයියා දිහයි මම දිහයි මාරුවෙන්මාරුවට බලලා යන්න ගියා..

පහන්..අපි මේ හදන්නේ නැව් පිටින් කොකු ටෙන්ඩ්ර් දාගන්න...උබට ශුවර්ද මේ වැඩේ කරන්න පුලුවන් කියලා...

මොකද ගයියා උබ දැන්මම බයවෙලා....උබලට අපිට ඇතිවෙන්න දේකුත් නැහැ නැතිවෙන්න දේකුත් නෑ..ඉතින් මොකටද බන් ඇබරෙන්නේ...

උබ හරි පහන්...මෙච්චරකල් උබ දුන්න කිසිම වැඩක් වැරදුනේ නෑනේ...අපි ගහමු ගේම....

අන්න එහම හිටපන්....යකෝ මහවත්තේ ගයියා කිව්වාම ලොකු පොරක්නේ එහම එකේ මොකටද උබ ඇබැරෙන්නේ...කවුද මදුරගේ මෙහේ ඉන්න සෙට් එක....කවුද ඔය රිස්වාන් කියන්නේ?

උබට මතකද සි අයි ඩි එකෙන් කියලා ඇවිත් කෝටි 1000 දියමන්තියක් ඉස්සුවා...අන්න ගේම් එකේ ගැස්සුවේ මදුර.. සෙට් එකේ ලොක්කා තමයි රිස්වාන්... ඉම්රාන්ගේ හොදම ගෝලයා...

කොහමද උන් එක්ක උබට තියන සම්බාන්දතාවය?

මම කොහමත් උන් එක්ක නැහැ...උන් උන්ගේ පාඩුවේ අපි අපේ පාඩුවේ ...අනික මදුර කියන්නේ කොහමත් කිසිකෙනෙක්ව විශ්වාස කරන එකෙක් නේමේ....

බය නැතුව හිටපන්..මේ ගේම් එකෙන් පස්සේ..රිස්වාන්ලා ඉන්නේ උබට පස්සෙන්....

ගයියා පුදුමෙන් වගේ මම දිහා බලාගෙන හිටියා....

******************************************************************

ට්රින්...ට්රින්..............ටිරින්..............

පහන්...පිටරට ඉදලා කෝල් එකක්...වට්සප් වලට...මදුර වෙන්න ඇති...

ගනින්....

හෙලෝ...

ගයියා ...මම මදුර....

දන්නවා...ඉතින් මදුර කොහමද උබට....

ඉන්නවා බන්...උබට කොහමද?

අවුලක් නැහැ...මදුර....මට ලගදි ඇප ලැබෙයි..

උබ ඩුබායි වලට එනවනම් ..මම හැම දෙයක්ම ලැහැස්ති කරන්නම්...

එපා...මදුර...මට ලන්කාව දාලා එන්න බැහැ...

ඇයි බන් බැරි...මම මෙහේ ඉදලා ලන්කාවේ බිස්නස් හැන්ඩ්ල් කරන්නේ...

බිස්නස් නෙමේ බන්..මට මගේ එවුන් දලා එන්න බැහැ...

මෙහේ ආවනම් සැපැට ඉන්න පුලුවන්...උබ දන්නවද..ඔය කාලකන්නි රටේ වගේ නෙමෙයි...මම මෙහේ ගැම ආතල් එකක්ම ගන්නවා...

මම කාලකන්නි රටට ආදරේයි...

හෑ...හෑ...හෑ...හරි....හරි උබේ කැමැත්තක්..හරි එහනම් උබේ යාලුවට දිපන්...

පහන්....මදුර....

අපි දෙන්නවම පේන විදිහට ෆෝන් එක හදපන්..මම ගයියාට කිව්වා...

හරි...දැන් අපි දෙන්නවම පේනවා...මදුර උබට අපිව ඇහෙනවද?

ගයියා...හරි මට උබව ඇහැනවා....පහන්...උබ කිව්වලු මර්වින්ව එලියට අරගෙන දෙනවා කියලා...

ඔව්..ඒක ඇත්ත...

උබ දන්නවද..මර්වින් කන්ඩේම් එකක් අදින බව.....

දන්නවා..ඒත් එක මට ප්රශ්නයක් නේමේ...

සුද්දා...උබ ගැන මට හෙන රෙකම්න්ඩ් එකක් දුන්නා.. නිසයි මම උබට කතා කරන්නේ...

එහනම් සුද්දයියා කියන්න ඇතිනේ මදුරට...හැම දෙයක්ම වෙන්න ඔනේ මගේ ප්ලැන් වලට....මෙතනදි මමයි බොස්...මම කියන එකට එහා අකුරක් හරි එහට මෙහෙට උනොත් මම මේකෙන් අයින් වෙනවා...

අඩෝ....පහන් උබ ඔය කතා කරන්නේ අන්ඩර්වල්ඩ් එකේ ටුනුනොපලන් රජ්ජුරුවන්ට.. කියන්නේ මාකදුරුවේ මදුරට කියන්නේ මට....

වෙන්න ඇති...හැබැයි මෙහමයි...රජවරුන්ට ඇතිවෙන්න නැතිවෙන්න දේවල් තිබුනට අපි වගේ අයට ඇතිවෙන්න දේකුත් නෑ ...නැතිවෙන්න දේකුත් නෑ...

හරි...උබට මේ වැඩෙට කියක් ඔනද?

සතපහක්වත් එපා....

එහනම් උබ මේ වැඩේ කරන්නේ පිනටද?

නැහැ..මට මදුරගෙන් ඊට වඩා ලොකු උදව්වක් ඔනේ....

කාටහරි වැඩක් දෙන්නද?...අදාලය කියපන්...ඔනනම්...අර දෙල් මල්ලිගේ ඔලුව ගෙනත් තිබ්බා වගේ..උගේ ඔලුව උබට ගෙනත් දෙන්නම්....

නැහැ...නෑ...එහම මුකුත් නෙමෙයි...

හරි...මල්ලි කියපන් උබට මොනවද කෙරෙන්න ඔනේ...මර්වින් වෙනුවෙන් මම ඔන දෙයක් කරනවා...

මම මදුරට කියන්නම්..මට ඔන දේ...ඉස්සර වෙලා ඔයාගේ වැඩේ කරලා දිලා...

හරි මල්ලි...දැන් කියපන් කොහමද වැඩේ කෙරෙන්නේ....

මර්වින්ගේ නඩු ඔක්කොම ඉවරද?

පිස්සුද බන්..ඌට තව නඩු 17 ක් තියනවා..ඔය කන්ඩෙම් එක හම්බ උනේ එක නඩුවකට විතරයි...

හරි...මදුර දන්නවද..ඊලගට ලගම නඩුවක් තියෙන්න කවදද..කොයි උසාවියේද? කියලා...

මොකද බන් මම නොදන්නේ..උගේ නඩුවලට ලෝයර්ස්ලා යවන්නේ....බස් එකේ නඩුවට ගෙනියන මහත්තුරුන්ට සලකන්නේ මමනේ....ලබන මාසේ 3 වෙනිදා ගාල්ලේ උසාවියේ ඌට නඩුවක් තියනවා....

එතකොට ගාල්ලේ නඩුවට මර්වින්ව ගෙනියන්නේ මෙහේ ඉදලද?

නැහැ...ඊට ඉස්සල්ලා දවසේ බුස්සෙන් එනවා ඌව ගෙනියන්න....බූස්සේ ඉදලා තමයි ඌව ගාල්ලේ නඩුවට ගෙනියන්නේ...නඩුව ඉවර උනාම ඌව බුස්සට ගෙනිහින් පහුවෙනිදට ආයමත් වැලිකඩට ගේනවා...

මදුර..ඔයාට පුලුවන්ද....මර්වින්ට ගාල්ලේ නඩුව තියන දාට ඉස්සරින්දා අලුත්කඩේ උසාවියේ තියන නඩුවක් ඉස්සරහට අදින්න... කියන්නේ 1 වෙනිදා අලුත්කඩේ උසාවියේ නඩුවක් කැදවන්න ඕනේ 1 වෙනිදාට...

ඕවා මොනවද බන්...ඕනම නඩුවක් කල් දාන්න..ඉස්සරහට ගන්න...නඩුකාරයෝ..ලෝයර් මහත්තුරු,,උසාවිය ඇතුලේ වැඩකරන එවුන් ඉන්නවා අපි ලග..සල්ලි ටිකක් විසිකරන්න විතරයි ඔනේ..

හරි..මදුර..මම මර්වින්ව වැලිකඩින් එලියට අරගෙන දෙනවා විතරයි...ඊට පස්සේ ඔයා මර්විනව බාරගන්න ඔනේ...

මොනවා කියනවද මල්ලි...උබ මට මර්වින්ව වැලිකඩ ගෙට්ටුව ලගට ගෙනත් දියන් ඊට පස්සේ ඉන්නේ මම ලග...

හරි....එහනම්...ඔයා මෙන්න මේ ටික ලැහැස්ති කරගන්න....ඊට පස්සේ මෙන්න මෙහෙමයි කෙරෙන්නේ....

****************

*******************

***************************

 

මර්වින් එලිය එන හැටි සම්පුර්න විස්තරය ඊලග කොටසට...... 

( සදු කියන විදිහට ලගදිම මාව හතරවෙනි තට්ටුවට ගෙනිච්චේ නැත්නම් ඉක්මනටම අකුරුකරලා දාන්නම්- මෙන්ඩා ) )

Wednesday 13 October 2021

උතුරුමැද නිහඬ මාරයාට එරෙහිව නාවික හමුදාවේ නිහඬ ක්‍රියාන්විතය Navy’s peacetime war against insidious killer

හිටපු නාවික හමුදාධිපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  අද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න (විශ්‍රාමික) විසින් ලියන ලද 2020 අගෝස්තු මස 6 වන දින The Island ඉංග්‍රීසි පුවත් පතෙහි පලවූ Navy’s peacetime war against insidious killer නමැති ලිපිය. සුමිත් කළනසිරි විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

***************************************************************************



නාවික හමුදාව විසින් නිෂ්පාදනය කොට ස්ථාපනය කරන ලද ප්‍රති-ආශෘති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත්කිරීම 

වසර හතළිහකට ආසන්න මාගේ හමුදා ජීවිතය තුල හමුදා නිලධාරියෙකු ලෙස දැරිය හැකි ඉහළම තනතුර දක්වා ගමන් කල මාගෙන් යමෙකු 'ඔබ වඩාත්ම කැමැත්තෙන් ඉසිලූ ජේෂ්ඨ තනතුර කුමක්දැ'යි විමසුවහොත් නොපැකිලව මා ලබා දෙන පිළිතුර වනුයේ නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි තනතුර යන්නයි. එය නාවික හමුදාවේ දෙවන ඉහළම තනතුර වන අතර නාවික හමුදාපතිවරයාට හිමිවන තරමේම වාගේ වරප්‍රසාද රැසක් හිමි නමුත් වගකීම අතින් ඊට වඩා පහසු රාජකාරියකි. මන්ද එය එතුවක් කල් අප කරගෙන ආ නාවික රාජකාරිවලම දිගුවක් වන අතර සේනාධිනායකයාට හෝ ආරක්ෂක අමාත්‍යවරයාට, ලේකම් වරයාට හෝ වෙනත් තුන්වන පාර්ශවයකට ඉඳුරාම වගවීමක් නැත. එසේම දෛනික ආරක්ෂක කවුන්සිල රැස්වීම් හා හමුවීම් නැත. හමුදාපති වරයාගේ අනුදැනුම මත රටපුරා ඇති නාවික විධාන, ආයතන, නෞකා හා අනුකණ්ඩ වල සැරිසරමින් නාවික හමුදාව බිම් මට්ටමේ පාලනය කිරීම මාණ්ඩලික ප්‍රධානියාගේ ප්‍රධාන වගකීම වේ. මෙය එතෙක් අප සිදුකල රාජකාරියේම දිගුවක් විමත් පිඩනයකින් තොරව තමන්ගේම කාලසටහනකට අනුව රාජකාරි කිරීමට හැකිවීමත් නිසා මාණ්ඩලික ප්‍රධානි තනතුර මා තෘප්තිමත්වම කැමැත්තෙන්ම ඉසිලූ තනතුර ලෙස හඳුන්වා දිය හැක. 

අද්මිරාල් ජයන්ත පෙරේරා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී ඔහු යටතේ වසරකට වැඩි කලක් මා මාණ්ඩලික ප්‍රධානි තනතුර දැරුවෙමි. ස්වකැමැත්තෙන් මා උතුරු හා නැගෙනහිර නාවික විධාන වල වැඩි වැඩියෙන් සැරිසරමින් එම කටයුතු සොයා බැලීම පිළිබඳව ඔහු මා ගැන බොහෝ පැහැදී සිටියේය. 

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් රාජකාරි කල සමයේ මා හැකි සෑම විටම අපේ නැවියන්ගේ හා නිළධාරීන්ගේ පවුල් වල ළඟම ඤාතීන්ගේ අවමඟුල් වලට සුළු වේලාවකට හෝ සහබාගිවීමට කටයුතු කළෙමි. විශේෂයෙන්ම නාවික හමුදාවට ඉතා විශාල වශයෙන් නැවියන් ලෙස එකතුවන පිරිසක් වෙසෙන උතුරු මැද පළාතේ මළගෙවල් බොහොමයකදී මා අත්දුටු සත්‍යයක් වුයේ ඔවුන් බොහෝ දෙනෙක් මියයන්නේ වකුගඩු ආශ්‍රිත ආබාධ හේතුවෙන් බවයි. ජිවත්වන්නවුන්ද බොහෝ දෙනා වකුගඩු ආශ්‍රිත රෝග වලින් පිඩා විඳිමින් ජිවත් වූවෝය. මිය ගිය බොහෝ දෙනා ආසන්න වශයෙන් වයස අවුරුදු පනස්‌ ගණන්වල වූ මැදිවියේ දෙමවුපියෝ වූහ.  වෛද්‍ය විද්‍යාත්මකව Chronic Kidney Disease (CKD)  ලෙස හඳුන්වන දිගුකල් පවතින වකුගඩු ආබාධ හේතුවෙන් ඔවුහු තම තරුණ හා කුඩා දුවා දරුවන්ගේ වගකීම් එලෙසම මේ මිහිමත ඉතුරු කොට තබා ජිවිත කාලය තුල සැපක් සතුට නොලබාම අප හැර ගොස් සිටියහ. මේ බොහෝ මරණ, හෝ ඊටත් වඩා ඒ හේතුවෙන් දුක් විඳින ඔවුන්ගේ සමීප ඤාතීන් නිතර දැකීම මට මහත් කම්පාවක්ම විය. 

දිගුකාලින වකුගඩු රෝග වලට බලපෑ ආසන්නම හේතුව ඔවුන් අහාර පිසීමට හා බිමට භාවිත කල බැරලෝහ ඇතුළු වෙනත් රසායනික ද්‍රව්‍ය ආසාධිත ජලය වේ. ප්‍රමාණය ඉක්මවා භාවිතා කරනු ලබන පොහොර හා කෘමි නාශක රසායන ද්‍රව්‍ය පානිය ජාල මුලාශ්‍ර වලට එකතු වීම හා භූගත ජල මුලාශ්‍ර වැව් ජලය සමඟ මිශ්‍ර වීම ආදී තාර්කික කරුණු කොතරම් ඉදිරිපත් වුවද මගේ මතය නම් මේ පිලිබඳ සැබෑම හේතුව අපි තවම නිට්ටාවටම සොයාගෙන නැතිබවයි. ඒවා අපි ඒ අදාළ ක්ෂේත්‍ර වල විද්වතුන්ට බාර කරමු. 

වසර 2015දී අප විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් හා කල සොයා බැලීමකදී දැනගත් පරිදි ඒ වනවිට උතුරු මැද පළාතේ හඳුනාගත් CKD රෝගීන් 30500කට වැඩි ප්‍රමාණයක් වාර්ථා වී සිටි අතර එම සංඛ්‍යා දිනෙන් දින ඉහල යමින් තිබුණි. මේ සියලු රෝගීන් නිතිපතා Dialysis හෙවත් සායනිකව රුධිර පිරිසිදුකිරීමේ අධික වියදම් සහ අවධානමක් සහිත ප්‍රතිකාර ක්‍රම වලට ලක් කර යුතුව තිබේ. මේ රෝගය අවම කිරිමේ එකම ප්‍රායෝගික විසඳුම නම් මේ CKD බලපෑම අධික ප්‍රදේශයන්හි වෙසෙන ජනතාවට පානිය හා ආහාර පිසීම සඳහා පිරිසිදු ජලය ලබාගත හැකි මාර්ගයක් සැකසීමයි.  

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මා මේ පිළිබඳව එවකට නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සමඟ සාකච්චා කල අතර ඔහුගේ අනුදැනුම මත මා විසින් එවකට උතුරු මද නාවික විධානයේ විධාන ඉංජිනේරු නිළදාරී ලෙස කටයුතු කල කමාන්ඩර් (ඉංජිනේරු) එම්.සී.පී දිසානායක (දිසා) ට අඩු වියදම් ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ වගකීම පැවරුවෙමි. කාර්යශුර නිලධාරියෙකු වූ දිසා යුධ සමයේ ඔහු විසින් නායකත්වය දෙනු ලැබූ පර්යේෂණ හා නව නිපැයුම් කණ්ඩායම නිසා ඒ පිළිබඳව ප්‍රසිද්ධියක් ඉසිලුවේය. ඔහුගේ ප්‍රතිචාරය වුයේ එතෙක් බොහෝ කලක් නාවික හමුදාව සිය ප්‍රධාන නෞකා වල ජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කල එතෙර නිෂ්පාදිත RO Plant (Reverse Osmosis water purification plant) එකක් අඩු වියදමකින් නාවික හමුදා ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් මෙරටදී නිෂ්පාදනය කරමු යන්නයි. දශක ගණනාවක් පුරා මෙම නෞකාවල ආනයනික RO Plant අලුත් වැඩියා කිරීමෙන් ඔවුහු ඒ පිලිබඳ මනා දැනුමකින් හා පළපුරුද්දකින් සන්නද්ධව සිටියහ.  

එවකට පැවතී මිල අනුව දෛනිකව ජල ලීටර් 10,000ක් පිරිසිදු කළහැකි ප්‍රමාණයේ එක ආනයනික RO Plant එකක් රුපියල් මිලියන 3.8 (ලක්ෂ 38ක්) පමණ විය. ගෙනත් සවිකිරීමේදී එහි මිල ලක්ෂ 50 ඉක්මවා ගියේය. ඒ හා සමානම හොඳ තත්වයේ වූ RO Plant එකක් නිෂ්පාදනය කිරීම සඳහා දිසා ගේ ඇස්තමේන්තුව වුයේ රුපියල් ලක්ෂ නවය හමාරකි. අවශ්‍ය තැනට ගෙනගොස් සවිකිරීම සඳහා මුළු ඇස්තමේන්තුව ලක්ෂ 14 කි. 

ඉන් අනතුරුව එළබි ප්‍රධාන අභියෝගය වුයේ මේ සඳහා ප්‍රතිපාදන සොයාගැනීමයි. මෙහිදී ඉදිරිපත් වූ සියළුම නාවික හමුදා නිළධාරීන් සහ නැවියන් ස්වකැමැත්තෙන් සිය  මාසික වැටුපෙන් රු. 30/- ක මුදලක් මාස්පතා 'සමාජ වගකීම් අරමුදල' වෙත බැරකිරීමට ඉදිරිපත්වීම පැසසුම් කටයුතුවේ. එවකට 55000ක් පමණ වූ නාවික හමුදා සාමාජිකයන්ගේ මෙම අරමුදල මසකට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 16.5ක් පමණ වූ හෙයින් අපට ඒ මුදල් යොදවා සෑම මසකටම එක බැගින් අප බලාපොරොත්තු වූ RO Plant නිෂ්පාදනය කල හැකි වීමත් සමඟම අපි ඒ ව්‍යාපෘතිය යුහුසුළුව ඇරඹුවෙමු. මේ අතරතුර 2015 ජූලි මස 11 වන දින අද්මිරාල් ජයන්ත පෙරේරා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලැබූ අතර ඒ අනුව එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මා නාවික හමුදාපතිවරයා ලෙස පත් කරන ලදී.

නාවික හමුදාපතිවරයා ලෙස 2015 දෙසැම්බර් 22 දින සිදුකල මාගේ උතුරුමැද නාවික විධාන සංචාරයේ ඉතා වැදගත් කර්තව්‍යයක් වූයේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර ස්ථාපනය කරන ලද ප්‍රථම RO Plant එක නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ප්‍රේමරත්නගේ ගම වූ කඩවත් රබෑව ගමේදී  විවෘත කොට ගැමියන්ගේ පරිහරණයට බාර දීමයි. ඒ වනවිට ඒ කුඩා ගමේ පමණක් CKD රෝගීන් 250කට අධික සංඛ්‍යාවක් ලියාපදිංච වී සිටියහ. 

එදින පටන් මෙරටදී සහ පිටරටදී මා සහභාගී වූ සියලු වැඩසටහන් සහ හමුවීම් වලදී හැකි පමණ මේ ඉතා වටිනා කටයුත්ත වෙනුවෙන් අරමුදල් රැස්කරවීමට මා කටයුතු කලෙමි. ඒ සමඟම මෙහි වටිනාකම හඳුනාගත් විදේශිකයින් මෙන්ම මෙරට හා පිටරට පදිංචි බොහෝ ශ්‍රී ලාංකිකයින් මේ සඳහා සිය මුල්‍යමය දායකත්වය දක්වන්නට වුහ. මේ අනුව අපට මසකට RO Plant දෙකක් දක්වා නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබිණ. 

පසුව, මේ ගැන දැනගත් ජනාධිපති සිරිසේන වකුගඩු රෝගය වැලැක්වීම සඳහා වූ ජනාධිපති කාර්‍ය සාධක බළකායට මේ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය හා ප්‍රතිපාදන ලබාදෙන ලෙස උපදෙස් දීම නිසා අපි වැලිසර නාවික හමුදා සංකීර්ණයෙහි පිහිටි පර්යේෂණ හා නව නිපැයුම් අංශය තුල RO Plant නිපදවීම සඳහාම වෙනම ඒකකයක් 'දිසා' ගේ මූලිකත්වය යටතේ ස්ථාපිත කළෙමු.

2016 වසර තුල වාර්තාගත ලෙස යෝජිත RO plant 344ක් නිපදවා උතුරුමැද පළාතේ විවිධ ස්ථාන වල ස්ථාපිත කිරීමටත් මේවා ක්‍රියාත්මක කිරීමට පුහුණුවලත් නැවියන් ඒ ස්ථාන වලට අනුයුක්ත කිරීමටත් අපට හැකිවිය. මේවා බෙදා දීමේදී අසාධිතයන් වැඩිපුර වාර්තාවන ප්‍රදේශ තෝරා ඒවායේ පාසල් හා පන්සල්/පල්ලි ආදී පොදු ස්ථාන වල සැමට පොදුවේ භාවිතා කල හැකි අයුරින් සහ පහසුවෙන් නඩත්තු කල හැකි අයුරින් ස්ථාපනය කිරීමට අපි උත්සුක වූයෙමු. ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරනා බෝතල්කල පානිය ජල සාම්පලයකට වඩා ඉහල ප්‍රමිතියේ ජල ලීටර 10000 බැගින් 344ක් හෙවත් සම්පුර්ණ පිරිසිදු ජලය ලීටර් 344000ක් දිනකට මේ හරහා මෙම ආපදාවකට ලක්වූ ජනතාව වෙත නොමිලේ බෙදා හැරීමට සමත්වූ අපි ජංගම රථ තුනක් කාර්මිකයන් සමඟ යොදවා මේවා නඩත්තු කිරීමට කටයුතු කළෙමු. 

වසර 2006 දී කැබිතිගොල්ලෑවේදී ජිවිත 60ක් බිලිගනිමින් පුපුරා ගිය බිහිසුණු බස් බෝම්බය ඔබට මතක ඇතුවාට සැක නැත. හරියටම ඉන් වසර දහයකට පසු, එනම් 2016 ජුනි මස 16 වන දින මා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේදී එම විදුහලේ ජලය පිරිසිදුකිරීමේ යන්ත්‍රයක් ස්ථාපනය කරවා විවෘත කිරීමට එහි ගියෙමි. "අපේ විරෝධාර හමුදාවන් ඉන්නකම් ඔයාල තවදුරටත් බය වෙන්න ඕනි නෑ. අපි කිසිම අවස්තාවක මිට වසර දහයකට කලින් වුනු සිදුවීම නැවත ඔයාලගේ ඇස් ඉදිරිපිට වෙන්න තියන්නේ නෑ. දැන් ඔයාලට පුළුවන් වැඩි වගකීමකින් වැඩි අවධානයකින් ඔයාලගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඔයාලට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ වකුගඩු රෝගයෙනුත් ඔයාලව හැකි පමණ බේරා ගන්න අපි අපේ විෂය ප්‍රවීණයන්ගේ සහයෙන් උපරිමව කටයුතු කරනවා. ආදරණීය දුවේ පුතේ.. ඔයාල උදේට ඉස්කෝලේ එද්දී හිස් බෝතල් අරගෙන එන්න.. ඔයාලත් පිරිසිදු වතුර බීලා ගෙදර අයටත් බොන්න මේ අපි සවි කරපු ෆිල්ටරෙන් ඔයාලට වතුර අරගෙන යන්න පුළුවන්" රැස්ව සිටි සිසු සිසුවියන් අමතා මා එසේ පවසනවිට සිසුසිසුවියන්ගේ දෑස් සතුටු කඳුලෙන් තෙමී යනු ඔවුන් ඉදිරිපිට සිට මා නිරීක්ෂණය කලෙමි.. විශේෂයෙන්ම.. උසස්පෙළ හදාරන වයසේ වූ සිසු සිසුවියන්.. ඔවුන් එදා එවලේ රැස්ව සිටියේ ඉන් වසර දහයකට එපිටින් බස් බෝම්බයට අසුව කීතු කිතු වී ගිය ඔවුන්ගේ ඤාතීන්ගේ සිරුරු ගොඩගසා තිබු විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ බව මතක් වී මගේද ගත කිළිපොලා ගිය බව කිවයුතුම වේ. 

2006 ජූනි 16 දින කැබිතිගොල්ලෑවේදී බස් බෝම්බය පුපුරා යාමෙන් අනතුරුව මියගිය අයගේ සිරුරු කැබිතිගොල්ලෑව මහා විදුහලේ ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබු අයුරු.. 

2016 ජූනි 16 දින කැබිතිගොල්ලෑව මහා විදුහලේදී RO Plant එක විවෘත කල අවස්ථාවේ එහි ඉගෙනුම ලබන සිසු සිසුවියන්  ප්‍රධාන ශාලාවේ අසුන්ගෙන සිටි අයුරු..


සාමාන්‍යයෙන් පාසල් දරුවන් නිවසේ සිට පිරිසුදු වතුර පාසැලට රැගෙන විත් පානය කරති. නමුත් උතුරුමැද පළාතේ දරුවන්.. ඔවුන් පාසැලේ සිට නිවසට පිරිසිදු වතුර රැගෙන යති.. ස්තුතියි නාවික හමුදා පර්යේෂණ ඉංජිනේරුවන්ට! ස්තුතියි දිසා!!

මගෙන් පසුව එම ධූරයට පත් සියලුම නාවික හමුදාපතිවරුන් මෙම අගනා කටයුත්ත නොකඩවා ඉදිරියට කරගෙන යාමට කැපවීම පිළිබඳව මම ඔවුන්ට කෘතඥ පුර්වකව ස්තුතිවන්ත වෙමි. මේ වන විට නාවික හමුදාව විසින් උතුරු හා උතුරුමැද පළාත් තුල ජල පිරිපහදු RO Plant යන්ත්‍ර 900ක් ස්ථාපිත කරවා නඩත්තු කරගෙන යන අතර මේ කටයුත්ත තවදුරටත් ඉදිරියට සිදුවෙමින් පවතී. මේ වෙනුවෙන් සිය කාලය ශ්‍රමය හා මුදල් වැයකළ සියලුම නාවික හමුදා සමාජිකයින්ට මාගේ හදපිරි ගෞරවය පිරිනමමි. මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම ඉතා හොදින් හදුනාගෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ වකුගඩු රෝග පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි අසේල ඉද්දවල මහතාට ව්‍යාපෘතියේ සාර්ථකත්වයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙමි.

උතුරුමැද ප්‍රමුඛව දිවයින පුරා අත්‍යාවශ්‍ය ප්‍රදේශ වල නාවික හමුදාව විසින් නිපදවා ස්ථාපනය කරන ලද RO Plant විසිරි පවතින අයුරු..


වකුගඩු රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය අසංග වරුණ රණසිංහ විසින් මේ පිළිබඳව පලකළ 
The Incidence, prevalence and trends of Chronic Kidney Disease (CKD) and Chronic Kidney Disease of uncertain aetiology (CKDu) in North Central Province of Sri Lanka: an analysis of 30,566 patients නම් වූ සිය පර්යේෂණ පත්‍රිකාවේ 6වන පිටුවේදී මෑත කාලීනව උතුරුමැද පළාත තුල වකුගඩු රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවයේ පැහැදිලි අඩුවක් දක්නට ඇති බවත් ඊට හේතුවක් ලෙස ආරක්ෂාකාරී පිරිසිදු ජලය ලබාගැනීම සඳහා වූ හැකියාව හේතුවිය හැකි බවත් සඳහන් කරයි. 

නාවික හමුදාව යනු නිහඬ හමුදාවකි. ඔවුන් කරන දේ තවත් කෙනෙකු දකින්නේ බොහෝ කලාතුරකිනි. අද වන විට 760කට වැඩි වූ පිරිපහදු යන්ත්‍ර මගින් පිරිසිදු ජලය ලීටර් මිලියන 7.6ක් එනම් ජලය ලීටර් ලක්ෂ 76ක් පිරිපහදු කොට දිනපතා ආපදාවට ලක් පොදු මහජනතාව වෙත නාවික හමුදාව විසින් ලබාදෙනු ලැබේ. තවදුරටත් මේ වනවිට නාවික හමුදාව විසින් විශේෂිත වූ සායනික ජල පිරිපහදු medical RO plants දෙකක් නිපදවා ඩයලයිසිස් පහසුකම ලබන රෝගීන්ගේ පහසුව උදෙසා කොළඹ සහ මහනුවර මහා රෝහල් වල ඩයලයිසිස් යන්ත්‍ර වෙත ලබාදී ඇත. 

හදිසි අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා ජංගම RO Plant එකක්ද නිපදවා ඇති නාවික හමුදාව ගංවතුර හෝ වෙනත් ඕනෑම ආපදා අවස්ථාවකදී වින්දිතයින් සඳහා පිරිසිදු පානිය ජාල පහසුකම අවශ්‍යවිට ලබාදීම සඳහා සුදානමින් සිටි.

මේ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස උතුරුමැද පළාත තුල CKD ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය වීමත් සමඟ දැන් දැන් කවදත් නාවික හමුදාවට හිතැති උතුරු මැද තරුණ දරුවෝ වැඩි වැඩියෙන් නාවික හමුදාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයට බැඳීමට ප්‍රමුඛත්වය දෙනු අප නිරීක්ෂණය කර ඇත. 

උතුරුමැද පළාත තුල බොහෝ ඉතිහාසය ගුරුවරු මේ වනවිට සිය සිසු සිසුවියන්ට උගැන්වීම් කිරීමේදී නාවික හමුදාව 'මහසෙන් රජුගේ බළකාය' ලෙස අන්වර්ථයෙන් හඳුන්වාදෙනු දක්නට ලැබේ. ක්‍රිස්තුවර්ෂ 277 සිට 304 දක්වා වූ කාලයේ උතුරුමැද රජකම් කල මහසෙන් රජු සිය හමුදාව යොදවා විශාල ප්‍රමාණයේ වැව් 16ක් බඳවා උතුරුමැද බතින් බුලතින් සශ්‍රික කල බව කියවේ. යෝධ මින්නේරිය වැව සාදවා අත්‍යවශ්‍යම වූ ජනතාවකට ජල පහසුකම සැකසූ එතුමා මරණින් මතු 'මින්නේරි දෙවියන්' ලෙස අදටත් දේවත්වයේ ලා සැළකේ.  

යම් හෙයකින් අපේ නාවික හමුදාව දෛනිකව පිරිසිදු වතුර ලීටර ලක්ෂ 76ක් ජලය අත්‍යාවශ්‍යම ජනතාව වෙනුවෙන් නොපිරිහෙළා සම්පාදනය කිරීම අරඹයා 'මහසෙන් රජුගේ බළකාය' ලෙස හඳුන්වන්නේ නම් මා අපේ නාවික ඉංජිනේරු කපිතාන් එම්.සී.පී. දිසානායක ව මහසෙන් රජුගේ උපදේශක සහ ප්‍රධාන ඉංජිනේරු සෙන්පති මේඝවන්නාභය ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.