උපුටා ගත් සටහන ආරම්භය..
මට මගේ ජීවිතය අපායක් වුයේ 2008 වසරෙන් පසුවය. නමුත් ඒ අපායේ සිට මම ජීවිතය යනු කුමක්දැයි ඉගෙන ගත්තෙමි. සාමාන්‍ය මිනිසෙක්ට අපිට මිනිසුන්ගේ ප්‍රශ්න නොදන්නවා වුනත් (ඔවුන්ටද විවිධ වූ කරදර ඇතිබව මම දනිමි.) ඔවුන්ට ජිවිතයේ සිද්ද නොවූ දේවල් මට මගේ ජීවිතය තුල සිදුවී ඇත. අවුරුදු 28ක ජිවිතයේ මම මුහුණ දුන් දුක් කම්කටොලු බොහෝය.
මේ සියල්ලටම මුලික හේතුව වූ පිළිකාව මගේ ජීවිතය ආක්‍රමණය කරන්නේ 2008 වසරේය.
2007 වසරේ උ/පෙ දෙවැනි වරට ගණිත විෂයධාරාවෙන් මුහුණ දී A සාමාර්ථ එකක් සහ B සාමාර්ථ දෙකක් ලද මම මොන කරුමයකට ඉංජිනේරු අංශය වැඩිදුර අධ්‍යාපනය සඳහා තොර ගත්තාදැයි මම දන්නේ නැත.මොකද 2008දි මගේ ආසාව වන්නේ ගණිත විෂය ධාරාවෙන් ඉහල අධ්‍යාපනය කර හැකි නම් කථිකාචාර්ය තනතුරක් වෙත යාමටය. ඒ සඳහා භවුතික විද්‍යා පීඨය මම තෝරා ගත්තා නම් මම අද සමහරවිට ලංකාවේ නොසිටිනු ඇත නැතහොත් එලොව සිටිනු ඇත.
කෙසේ හෝ 2008 වසරේ (මතක හැටියට ජුලිමස) රුහුණු විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුල්වන මම 2008 වසරේ දෙසැම්බර් මස වෙද්දී සිටින්නේ මහරගම පිළිකා රෝහලයේය.(මහරගමට ඇතුළු කරේ මොන 2008 මොනමාසයේදැයි මට මේ මොහොතේ මතක නැත) එහිදී ALL T Lymphoblastic Lymphoma යන ලියුකේමියා තත්වය හඳුන ගන්නා ලදුව මම ''කීමෝතෙරපි'' යන ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී. ජමගේ ඉරණම හෝ කුමක් හෝ මට තවත් ගැටළු රාශියක් ඉතිරි කරදෙමින් එහිදී එම අවුරුද්දේ දෙසැම්බර් මස අන්තිමයේදී මට Brain stroke (සාමාන්‍ය ව්‍යවහාරයේදී මොලයේ නහරයක් පිපිරිම) නිසා මම Paralyzed (අංශභාග තත්වයට) පත්වන අතර එහිදී කීමෝතෙරපි මදකට නවත්වා රෝහලේ භවූතචිකිත්සක අංශයේ සිට එම ප්‍රතිකාර කරමින් අප්‍රනිකව තිබු වමත සහ වම්කකුල පන ගන්වන ලදී. නමුත් සම්පුර්ණ ප්‍රතිකාර කිරීම ඔවුන් මදකට නැවැත්වූ අතර ඇත හා කකුල් පන ගන්වමින් ඇවිද ගැනීමට හැකිවූවාට පසුව නැවත ''කීමෝ'' ප්‍රතිකාර අරඹන ලදී. Brain stroke ඒක නිසා මට තාවකාලික මතකය අමතකවීමක් ලැබුණු අතර අදටද මට ජිවිතයේ ඒක කාල සීමාවක් මත නැත. මන් මතක් කරන්න යන්නේද නැත. කෙසේ හෝ මම 2008 , 2009, 2010 මැදක් දක්වා විශ්ව විද්යාල නිවාඩු ලබා ගනිමින් අවුරුදු 2ට ආසන්න කලක් මහරගම නැවතී ප්‍රතිකාර කලෙමි.
අනතුරුව යලිත් 2010 අග භාගයේදී විශ්ව විද්යාලය සමග එක්ව 2010දී එම පීඨයට ඇතුල්වූ කණ්ඩායම සමග එනම් 12 වන ශිෂ්‍ය කණ්ඩායම සමග අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙමි.( පළමු වසර අවසානයේ විභාගයෙන් සමත්ව මම සිවිල් තෝරා ගැනීම මම සිදු කල කීවෙනි මෝඩකමද බව මම දැන් කල්පනා කරන්නේ සතුට සහ දුක මිශ්‍ර හදවතිනි. නමුත් ඒ අවස්ථාවේ මට ඉගෙන ගැනීමට පහසු වූ මට තේරුනේ සිවිල් විෂයන් පමණක් නිසා මම එය වැඩිදුර හදාරන්නට එකතු වූවායයි මට අද සිතෙයි) එහිදී අධ්‍යාපන කටයුතු වලට වැඩි බරක් යෙදවීම මත මට Physiotherapy (භවූතචිකිත්සක ප්‍රතිකාර) කීරීමට මම යොමු නොවූ අතර (ජිවිතයේ මම සිදු කල දෙවැනි මෝඩකම. කරුමයට අනුව මේවා මට දැන් තේරෙන නමුදු පරක්කු වුවත් මම යලි ආරම්භ කරීමට උත්සාහ කරමි) මට හැකි පමණින් කැම්පස් එකේ වැඩ කරගනිමින් දෙවන පෙළ පහල සාමාර්ථයක් (Second class lower division) ලබා ගනිමින් 2015 වසරේ ඉන් ඉවත්වුයෙමි.ඉන් පසුව රැකියාවක් බලාපොරොත්තුවෙන් දකුණු පළාත්මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මමම ගොස් එහි සාමන්‍යාධිකාරිතුමා හමුවී මම ගැන පවසා එහි රැකියාව ලබා ගත් අතර 2015 මාර්තු සිට 2016 මාර්තු තෙක් එහි සේවය කලෙමි. එහිදී මගේ වාසනාවට හෙඩ් ඔෆිස් ඒක තුල මට රැකියාව කීරීමට ලද අතර මගේම උවමනාව මත මම කතා කර හෙයින් වාසනාව සමග මට සයිට් යාමට සිදු නොවීය.(ඇත්තෙන්ම එහි රැකියාවේදී මට සයිට් යාමට අවශ්‍ය නොවේ.ඉදින් මට ජිවිතයේ අද වනතුරු සයිට් අත්දැකීම් ලබා ගැනීමට නොහැකි විය.)නැවත 2015 වසරේ මාර්තු වෙද්දී එහි රැකියාවෙන් මම ඉවත්වූ අතර ඉන් පසු දිගින් දිගටම රැකියා අවස්ථා සඳහා අයදුම් කලෙමි.
අවසන මම රාජ්‍ය ඉංජිනේරු ආයතනයේ රැකියාවක් ලදිමි. එහිදී සම්මුඛ පරීක්ෂණයේදී මම ඔවුනට මම පිළිබඳව සත්‍යය පැවසීම නිසා හෝ කවර හේතුවක් මත මතේ මෙහි හෙඩ් ඔෆිසිය තුල රැකියාව ලැබුණු අතර දැන් මම එය කීරීමට උත්සාහ ගනිමි. නමුත් මාගේ සවුඛ්යමය තත්ත්වයන් මත සහ අනිකුත් දේවල් මත රැකියාව කිරීම මට මදක් අපහසුය. එහෙත් මට කරන්නට දෙයක් නැති නිසා මම එය සිදු කරමි. ඉතින් එහි වැඩද මට අමාරු වුවත් ඔෆිසිය ඇතුලේ සිට ඒවා ඉගෙන ගනිමින් කරගෙන යාමට මේ දිනවල මම උත්සාහ ගනිමි.එය අසීරුය.නමුත් මම කලයුතුය. මම ඔබට මේ හදිසියේ මගේ කතාව පවසන්නේ මට මේවා පවසන්නට මේ මොහොතේ මගේ ළබැඳියන් හා කතා කීරීමට වත් වෙලාවක් නැති නිසාය.ජිවිතයේ මේ දක්වා මම සෑහෙන යහළුවන් පිරිසක් එක්කාසු කරගත් අතර ඔවුන්ගේ උදව්වෙන් මට හැකි ලෙස මගේ ජීව්තයේ මට සිදු කීරීමට නියමිත වූ දේවල් කෙසේ හෝ මම කර ගත්තෙමි. ඒ අතරේදීම මම මට හැකි පමණින් මගේ ප්‍රාණසම යහළුවන්ට හා මාගේ දෙමව්පියන් හට මට හැකි පමණින් දේවල් කලෙමි. ඉදිරියටද මට ඔවුන්ට ම දේවල්, මේ උදව්, මගෙන් සිදුවිය යුතු යුතුකම් කල යතුවෙමි. ඉතින් මම එයට උත්සාහ ගනිමි.
කලින් වතාවකදු පැවසු පරිදි මට මේව කිරීමේදී සමාජයේ සිටින යම් යම් අයවලුන්ගේ ප්‍රතිරෝධයන් මතුවිය හැක. එත් මම දැන් ඒවා නොසලකමි. හේතුව මම මගේ හිතට එකගව වරදක් නොකරන හෙයිනි. ජිවත් වීම සඳහා මම සොරකම් නොකරමි.මන්ද එය කීරීමට මට අවශ්‍ය නොවෙන බැවිනි. මම මගේ දහදිය මහන්සියෙන් හම්බ කීරීමට උත්සාහ ගනිමි. ඒ සඳහා මම රැකියාව කෙලෙස හෝ සිදු කලයුතුය. දිනෙක තවදුරටත් දෙමව්පියන් මා සමග නොසිටිනු ඇත. ඔවුන්ට සැනසීමෙන් මැරෙන්නට දියුයුතුය.ඉන්පසුව ඉදිරි දිනෙක සැනසීමෙන් මම මියැදී යා යුතුය. එතෙක් මම මේ දුක් කරදර උහුලා සිටිය යුතුය.
ඇට්ලස් යෝධයා හට තිබුනේ ලෝකයේ බරදරා සිටීම පමණි. මට එසේ නැත. මම මේ ලෝකයේ සිටින මිනිසුන් මට ඇවසි ලෙස හැඩගස්වාගෙන ඔවුන්ට අනුකුලව, මට අනුකුලව, මගේ දෙමව්පියන්ට අනුකුලව ජිවත් වියයුතුය. නමුත් තවත් මට එසේ කල නොහැකිය. මම සමාජය වෙනුවෙන්, මගේ දෙමව්පියන් වෙනුවෙන්, මගේ නෑදෑ පරපුර වෙනුවෙන් සහ මගේ යහළුවන් වෙනුවෙන් මට අවැසි පරිදි ජිවත් වියයුතුය. සිය දිවි හානිකරගැනීම මගේ ප්‍රශ්නයට මට ඇති පහසුම විසදුම වුවද මට එය කීරීමට නොහැක්කේ මගේ දෙමව්පියන් රැක බලා ගැනීම කලයුත්තේ මම නිසා බැවිනි. එනිසා මගේ කරදර මට හි පමණ මම විසදා ගනිමින්, මට ජිවත්වන්නට ඇති ඉතිරි කාලය කෙසේ හෝ සැනසීමෙන් ජිවත්වීම මගේ අරමුණය. ඒ සඳහා හැකි උදව් මම ඔබෙන් එනම් මගේ යහළුවන්ගෙන් මට අවැසි වෙලාවට බලාපොරොත්තු වෙමි.
ඔබට හැකි නම් මට පාරවල් පෙන්වන්න. මම ඒවාගෙන් මට යාමට හැකි මාර්ගය තෝරාගෙන ඉන් හැකි මාර්ගයේ යමි. යාමට අසීරු හෝ පහසු දේවල් පිළිබඳව මට දැනීමක් තිබෙන නිසා එය කීරීමට හැකියාවක් මට ඇතැයි මම සිතමි. අවශ්‍ය වෙලාවට මනෝ වය්ද්යවරයෙක් හෝ මුණ ගැසෙමින් මේ ප්‍රශ්න පිළිබඳව කතාබහ කර විසදුම් සොයා ගැනීමට මම බලාපොරොත්තු වෙමි. නමුත් මේ වෙලේ මම සෑහෙන තරම් කරදරයක පැටලෙමින් සිටිමි.
උපුටා ගැනීම අවසන්.
පසු සටහන:
චායා ඩි සිල්වා නම් තරුණියක් මගේ ෆේස් බුක් එකේ සිටින්නීය.. ඇය සිවිල් ඉංජිනේරුවරියක් බවත් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන බවත්, වෙසෙසින්ම ෆේස් බුක් එක තුල සිටින මගේ බොහෝ මිතුරන් ඇයගේද මිතුරු මිතුරියන් බව දැන සිටියෙමි. චායා ගැන මා දෙවෙනියට ඇසුයේ නෙලුම්යාය වැඩ කටයුතු අතර අජිත් ධර්මකිර්තිගෙනි. අජිත් පැවසු පරිදි සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගැනීමට හැකිනම් උදව් කරන ලෙස ඉල්ලීමක් කරමින් ඇය විසින් අජිත් ට මේල් එකක් ඒවා තිබුණි. එහෙත් වැඩ කටයුතු අතර එය එසේම අමතක විය. අද උදේ මේ සටහන දකිද්දී ඇයට පැවසීමට ලොකු කතාවක් තිබී ඇති බවත් අඩුම වශයෙන් එය ඇසිමටවත් වෙලාවක් වෙන්කර නොගැනීමට තරම් මා අකාරුණික වුවා යැයි වරදකාරී හැඟීමකින් පෙළෙන්නට වූ බැවින් ඇගේ කතාව පෙරලා මෙසේ ඔබට පැවසීමි. බ්ලොග් වසන්තයේ මල් පිබිදෙමින් දශකයකට වැඩි කාලවකවානුවක් පුරා සිංහල බ්ලොග් අවකාශයේ හා අන්තර්ජාල මාධ්‍ය තුල පෙළහර පෑ සහෘදයින් නැවත ක්‍රියාශීලි වී සිටින මේ මොහොතේ ඇගේ කතාව උනන්දුවෙන් කියවා බලන ලෙසත් බිඳුණු වීදුරු බෝට්ටුවක් යලි පිරිසකර කර ගත්තාක් බඳු වූ ඇගේ ජිවිතයෙන් සසර සයුරේ රුදුරු චණ්ඩ මාරුත පරදවමින් අපහසුවෙන් තරණය කිරීමට ඇය ගන්නා නොපසුබට උත්සාහයට වචනයකින් හෝ ඔබේ සහයෝගය ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි!