Showing posts with label කෙටියෙන් කියන දිග කතා. Show all posts
Showing posts with label කෙටියෙන් කියන දිග කතා. Show all posts

Saturday, 26 January 2019

අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. Feeling missing.. those beautiful eyes..

සොඳුරු සඳවතී 'ඇස්' ගැන පිට පිටම පෝස්ට් දෙකක් දාල තිබ්බ.. දෙවෙනි එක කියවද්දී මට මගේ පරණ සීන් කෝන් එකක් මතක් උනා.. මේ ගැම්මටම ලියුවොත් ලියවෙයි කියල හිතුන නිසා ඔන්න අමුවෙන්ම ලියල දානවා.. :)
Those eyes... <3

ඒ ලෙවල් ෆස්ට් ෂයි එකෙන් කෙළවාගෙන උපරිමේට පිස්සු කෙළලා හෙම්බත්වෙලා හිටපු අපි දෙතුන් දෙනෙක් සෙකන්ඩ් ෂයි එකට මීට වඩා බැහැල වැඩ කරන්න ඕනි කියල හිතල ප්ලෑනක් ගැහුවා.. හරිම සිම්පල් ප්ලෑනක්.. උදේම කට්ටියම එකතු වෙනවා අපේ යාළුවෙක් 'ටික්ක' වැඩේ කරපු ඉන්ස්ටිටියුට් එකක් තිබ්බ එතැනට.. ඌ ඇත්තටම කොහොම අපේ යාලුවෙක් උනාද මංදා.. රට වටේම ඇවිදින අපේ දණ්ඩ පූසා හෙවත් බයිසන් හෙවත් විරාමය බ්ලොග් එක ලියපු අරිට්ටකී තමයි ඌව යාළු කරගෙන තිබ්බේ. එතන අයිතිකාරයා සර් කෙනෙක්. මිනිහ උදේට නෑ.. ටික්ක විතරයි. ඒක නිසා උදේ වරුවට අපි එතන පොරවල්. උදේ වරුවේ ඔය කියන තැන ක්ලාස් වර්ග දෙකක් තිබ්බ.. එකක් ඕ ලෙවල් රිපීට් වෙච්චි උන්ට තිබ්බ රිවිෂන් ක්ලාස් එකක්.. ඕ ලෙවල් රිපීට් කියුවම ඉතින් ආයෙම අහන්න දෙයක් නෑනේ.. ඒ ආපු කොල්ලෝ කෙල්ලෝ රොත්ත බුරුත්තට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බේ නෑ.. අරුන්ට උගන්නන්න උවමනාවක් තිබ්බෙත් නෑ.. උදේ වරුව පොඩි මගුල් සක්වලක් වගේ ක්‍රියේට් කරලා අතරින් පතර ගුරුවරයෙක් ගිහින් මක්ක හරි බාගෙට කුණුහබ්බයක් උගන්නල එන එක තමයි කරේ.. ඕකට උගන්නන්න ආවෙත් ඉස්කෝල වල උගන්නන ගුරුවරු නෙවෙයි. උන්ට එන්න බෑනේ උදේ වරුවේ. ඉතීම් එහෙන් මෙහෙන් ඇහින්දාස් සෙට් එකක් තමයි ඉගැන්නුවේ. පස්සේ මේකේ වැඩි බර අදින්න උනා අපිට.. සල්ලි වලට නෙවෙයි.. ටික්කගේ ෆිට් එකට.. ගණන්, විද්‍යාව සම්පුර්ණයෙන්ම වගේ සහ ඉංග්‍රීසි අතරින් පතර අපි තමයි ඉගැන්නුවේ. හැබැයි අපේ තිබ්බ උණට  අතින් කාගෙන උනත් ඒ ටික හොඳටම ඉගැන්නුවා.. ඒක නිසා ක්ලාස් එකත් ජනප්‍රිය උනා.. සර්ටත් පට්ට ලාභයි.. ඉතීම් ඌ උදේ නෙවෙයි මහා රෑක ගියත් අපිට එතන අපේ වගේ රඟන්න දුන්න.. හවස් වරුව විතරයි අවුල්.. ක්ලාස් වැඩියිනේ.. ඒ වෙලාවට අපි රෙස්කෝස් එකට ගිහිං ක්‍රිකට් ගහනවා..

රයිට්.. එතකොට උදේ ඔතන තිබ්බ අනිත් ක්ලාස් එක තමයි බාහිර උපාධි කරන එව්වොන්ට උගන්නන එක.. මං හිතන්නේ ඒ දවස්වල බාහිර උපාධි තිබ්බේ BA(General) ඩිග්රි එකකට.. අන්න ඔතන හිටියේ අපිට වඩා දෑවුරුද්දක් වගේ වැඩිමල් සෙට් එකක්.. හැබැයි උන් ශිෂ්‍යයෝ.. අපි ටෙම්පරි හරි ගුරුවරු නිසා අපි උන්ටත් ලොකු සීන් එකේ තමයි හිටියේ.. හැබැයි එතන හිටපු අක්ක බබාලා නම් ගොඩක් අපිත් එක්ක පෑල්.. එහෙම වෙන්නත් හේතුවක් තිබුනා.. ඔය මන් කියපු අරිට්ටකිය ඒ දවස්වල නතරවෙලා හිටියේ අපේ සෙට් එකට සෙට් වෙච්චි ෆස්ට් ෂයි ලියන එකෙක් වෙච්චි පොඩි බූලා හෙවත්, ගමයා හෙවත් මිස්ටර් අසාර්ථක ලගේ ගෙදර.. මිස්ටර් අසාර්ථක කියල කාඩ් එක ගැහුවේ මමද කොහෙද.. ඕකගේ මොන වැඩේ කරන්න ගියත් හෙනම ප්ලෑන් .. කොලයක් අරගෙන ඉරි ගහල තීරු බෙදල එක එකාගේ රෝල් අයිඩෙන්ටිෆයි කරගෙන අරවද මේවද ඔක්කොම කරලා අන්තිමේ අතින් කියක් හරි කෙලවාගෙන විරුවා පට්ටං ගහගෙන ඉන්නවා. ඊළඟ වැඩේටත් එහෙමයි ඉතිං. ඒ ලෙවල් වලටත් ඔහොම ප්ලෑන් කරලා අන්තිමේ F දොළහක්ම අරන් තමයි නතර උනේ.. ඒ උනාට හරිම හිත හොඳ එකා.. සියලු දුසිරිතෙන් තොරයි. ඒ උනාට අපි කීයටද කාල බීල නාල ඉවර වෙන්නේ ඌ ඉන්නවා අපිව පරිස්සම් කරන්න.. හැබැයි ඔය යකාට දැන්නම් මිස්ටර් අසාර්ථක කියන්න බෑ.. දැන් ආණ්ඩුකාරයෙක්ගේ ලේමෙක්.. උගේ වැඩ ඔක්කොම සාර්ථකව කර ගන්නවා.. ඒම මදැයි :)

හරි. දැන් ඉතීම් පොර අපේ අරිට්ටකියව ගෙදර නවත්තගෙන හිටියෙත් කිසිම ය කිරීමකින් තොරව. දෙන්නත් එක්ක එකට පාඩම් කරලා ගොඩ යන පරම පිවිතුරු චේතනාවෙන්.. පස්සේ මම ඔතනට සෙට් උනාම මූ මටත් කතා කරා උන්ගේ ගෙදර නැවතිලා පාඩම් කරන්න. සියලු බරපැන උන්ගේ ගෙදරින්. උන්ගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් පාරෙමයි. හැබැයි අපේ ගෙවල් පහු කරලා තව කිලෝ මීටර් පාළොහක් විතර යන්නෝනි. බදුල්ල පැත්ත දන්නා උන් දන්නවා ස්ප්‍රින්වැලි හෙවත් වසන්ත නිම්නයේ පහළ තියෙනවා ති සුන්දර ගමක් 'කඳන' කියල.. නිමල් සිරිපාල හිටපු සෞඛ්‍ය ඇමතිගේ ගම.. නිමල් සිරිපාල පස්සෙත් තව තව ඇමති කම් දරුවත් සෞඛ්‍ය ඇමති කාලේ බදුල්ලට කරපු වැඩ කන්දරාව නිසා තාමත් මතක ඒ විදියට.. ඔය නිදාගෙන වගේ හිටියට වැඩ කරන්න ගත්තම යකා වගේ. අනික පට්ට මීටරේ.. ලෝකේ හැම තැනම පොරට න්ටක්ට්ස්.. මට හැමදාම හිතෙන දෙයක් තමයි 2015 'පොද්ද' කල්ල 'හිටන්' වෙනුවට නිමල් ලොක්ක දැම්මනම් අද කතාව මීට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ කියනඑක.. ඒවා ඒ උනාට කියන්න බෑ.. කෙළවෙන්න තියෙනවනම් සක්කරයා ආවත් කෙලවෙනවම තමයි.. හා..හා.. දේශපාලනේ අදාළ නෑනේ මට.. කියන්න ආවේ මොකක්ද? ආ කඳන ගැන නේ..

කඳන කියන්නේ ඒ කාලේ වෙනකොටත් ඉඳුල් නොවිච්චි පට්ට ලස්සන ගමක්.. එහෙ ලයිෆ් එකත් හරි වෙනස්. නගරයෙන් ඈත වෙලා තිබ්බත් මිනිස්සුන්ගේ සියලු බැඳීම් තිබ්බේ නගරයත් එක්ක නිසා ඒ මිනිස්සු හැමදාම උදේම නැගිටලා උයල පිහල කාල බීල ගමේ කාන්තාවෝ වැඩිහිටියෝ විතරක් ඉතුරු වෙද්දී අනිත් හැමෝම වගේ බස් එකෙන් නගරෙට එනවා. නගරය වැඩ අරඹන කොට මේ මිනිස්සුත් එතන. උදේ ගමෙන් එන බස් දෙක තුන හා හවස ගමට යන බස් දෙක තුන කියන්නේ ගමේ දින චරියාවේ වැදගත්ම අංග දෙකක්.. එතන තියෙනවා ලස්සන එකමුතුවක්. හදිසියක් නිසා තමන් එදාට යන බස් එකට ඒ ගන්න බැරි උනොත් අන්තිම බස් එකට කොහොම හරි පණිවිඩේ දීල ඔක්කොම එකතු කරගෙන තමයි යන්නේ.. සමහරවිට පැයක් හමාරක් ගමන පමා උනත් පමා වෙන පුද්ගලයා ගැන හැමෝම හොයල බලනවා මිසක් තමන්ගේ ගමන පරක්කු වෙනවා කියල කවුරුවත්ම කවදාවත් කම්ප්ලේන් කරන්නේ නෑ. අන්න ඒ වගේ. මිනිස්සුත් හරිම අහිංසක සුන්දර ඈයෝ.. නැන්දලා මාමල, බාප්පල පුන්චිල අයියල අක්කල දුවල පුතාල තමයි හැමෝම.. කොටිම්ම ඔක්කොම වගේ නෑදෑයෝ.. ආ ඔය නිමල් ලොක්කගේ මහගෙවල් මේ අපේ යාළුවගේ ගෙදෙට්ට පිටිපස්සේ වගේ.. ඒ කාලේ බුවා කියන්නේ නිමල් මාම කියල.. දැන්නම් මක්ක කියනවද මංදා..

කඳන ගැන කියුව වැඩිද මංදා.. හරි.. ඉතීම් ඔන්න දැන් මාත් කඳන පදිංචියට ගිහින් එහෙ ජිවිතේට හුරු උනා කියමුකෝ.. ඒ කියන්නේ උදේ පහට විතර නැගිටලා පට්ට හීතලේම වොෂ් එකක් දාගෙන උණු උණුවෙන් රතු කැකුළු බත් වේලක් බඩ පිරෙන්න කාලා  5.45 ට එන බදුලු බස් එකේ නගරෙට එනවා.. ඔන්න ඔය බස් එකේම අපිත් එක්ක ආවා ලස්සන ඇස් දෙකක් තියෙන අක්කි බබෙක්.. වැඩේ කියන්නේ අක්කිගෙ නමත් 'නයනා'.. සරීර ලක්සන වලින් ගත්තොත් මේ උන්දී මට හාත්පසින්ම වෙනස්.. ඒ කියන්නේ 'ලස්සනයි, සුදුයි, පුංචියි..'.. හැබැයි මට හරිම ලෙන්ගතුයි.. කතා කරත් බඩ පිරෙනවා.. කතා කරනකොට ළඟටම ඇවිත් අර ලස්සන ඇස් වලින් කෙලින්ම ඇස්  දිහා බලාගෙන බොහොම හිමින් කතා කරන්නේ.. රැවුල වැවිල වැඩියි නම් ඒක කියන්නේ මූන අතගාල.. කතා කරන ගමන් ෂර්ට් එකේ කොලර් එක හදනවා,, බොත්තම් පේළිය කෙලින් කරනවා.. ඒ කියන්නේ කතා කරන වචන ටික උනත් 'බොක්කේන්ම තමයි කතා කරන්නේ.. මෙයා එක්ක තව අක්කෙක් ආවා ඈ නෑ කමෙන් මගේ යාලුවාගේ නැන්දා.. :) මෙයාලා ආවේ මං අර කලින් කියපු බාහිර උපාධි පංතියට.. පස්සේ මතක් වෙලා මං මේ ගැන බැලුව ඇත්තටම ඒ පන්ති වලට ඒ දවස්වල කියුවේ GAQ ක්ලාස් කියල.. ඔය GAQ කියන එකට ලංකාවටම විතරක් අදාළ තේරුමක් තියෙනවා ගූගල් එකේ General Arts Qualifying (exam; Sri Lanka) කියල.. මට හිතෙන්නේ BA(General) එකේ මුල් අදියර වෙන්න ඇති.. හරි.. ඉතීම් ඔය අක්කලා දෙන්නත් අපේ සෙට් එකටම සෙට් වෙච්චි.. ඒ අක්කල නිසා GAQ ක්ලාස් එකේ අනිත් අක්කලත් අපිට සෙට් වෙච්චි.. ඕකට ඒ ක්ලාස් එකේ අයියල නම් ඒ හැටි මනාපයක් තිබ්බේ නෑ උනාට අපි ඒවාට සැලුනේ නෑ..

ඔහොම අපි සතුටින් සමාදානෙන් ඉන්න අතරේ (ඉඳල හිටලා ඒ ලෙවල් වලට පාඩමුත් කරා ඈ!) මගේ හිත දවසින් දවස අර අක්ක වෙත බැඳුනා කියහන්කෝ.. එයයිත් අපරාදේ කියන්න බෑ මට සෑහෙන්න 'එක' දුන්න.. ඔක්කොටම හපන් අපේ ගොබිලෝ ටික.. උන් අපි දෙන්නව කසාදි බන්දල දීලත් ඉවරයි ඕක ඉව වැටෙනකොටම.. බස් එකේ එක සීට් එක වෙන්කර ගෙන ඉන්න එක, දවල්ට එක බත් එක කන එක, සිකරට් බොනවට බනින එක, දෙන්නට දෙන්න හොඳට පාඩම් කරන්න කියාගන්න එක වගේ දේවල් තමයි අපේ ලව් එකේ මුල්ම අදියර උනේ..

ඊළඟ පියවර විදියට මම කලේ කට්ටියවම දවසක් අපේ ගෙදර එක්ක ගිය එක.. සාමාන්‍යයෙන් අපේ ගෙදර කවුරු ආවත් ඒ ළඟ තේ වත්තේ ඇවිදින්න යන එක පුරුද්දක්.. තේ වත්තට ගියාම දැන් ඌව වෙල්ලස්ස කැම්පස් එක හදල තියෙන පැත්තෙන් මුළු බදුල්ල නගරයම ලස්සනට බලා ගන්න පුළුවන්.. ඉතීම් දවල්ට කෑම හදනකම් අපිත් ගියා තේ වත්තේ ඇවිදින්න.. අන්න එදා තමයි අපි දෙන්න පළවෙනියටම ඔෆීෂියල් පෙම්වත්තු වගේ කටයුතු කලේ.. කල කටයුතු මොනවද කියල අහනවා එහෙම නෙවෙයි ඔන්න.. ඊට පස්සේ ඉරිදා නිවාඩු දවසට අපි කඳන පහලින් ගලන ඔයේ නාන්න යනවා.. එයා ඉරිදට යාළුවගේ ගෙදර එනවා.. අපි නාන්න යන්නේ එතනින්.. උදේ නවයට විතර නාන්න යන්න පහලට බැස්සම හවස තුන හතරට තමයි 'නාලා' එන්නේ ගෙදර.. :D

තව විස්තර ලියන්න ගියොත් පෝස්ට් එක දිග වැඩි වෙනවා.. නැතුව මට මොනවා ලියවෙයිද කියල බයකට එහෙම නොවෙයි ඈ! හෙහ් හෙහ්.. අපි ඔහොම කොච්චර ආදරෙන් සමාදරෙන් හිටියත් කවදාවත් 'ආදරයක්' ගැන කතා කරලා නෑ.. හොඳකටද නරකටද මංදා එහෙම දෙයක් ගැන කතා කරන්න උත්සාහ කරලම නැද්ද කොහෙද.. ඒ කාලේ කොහොමත් දැන් වගේ අක්ක මල්ලි ලව් ඒ හැටි ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ.. සමාජ අසම්මතයක් විදියටම නොවුනත් පොඩි ප්‍රතිරෝදයක් තිබුන අපේ හිත්වලම ඒ වගේ දේවලට.. අනේ මංදා.. ඒ ලෙවල් ලියල ඉවරවෙලා මම කඳනට ආයුබෝවන් කියල ගෙදර ආව එකෙන් අපි හම්බ වෙන ෆ්‍රිකුවන්සි එක සෑහෙන්න අඩු උනා.. වෙනද වගේ ගැන්සිය නැති නිසා මම ඉන්ස්ටිටියුට් එක පැත්තට ගියේ නෑ. ඒ වෙනුවට හවස ක්ලාස් ඉවර වෙන වෙලාවට ඒ පැත්තට ගිහින් එයාලව බස් එකට ඇරලවල එනවා. සෙල්ලම් කරන්න හිත ගිය දවසට ඒකත් මිස් වෙනවා.. හ්ම්ම්.. නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි කියනවා වගේ එතනින් එහාට ගොඩක් දේවල් රුවිතෙටමයි උනේ.. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිත් ටික කාලෙකින්ම මම නේවි ජොයින් වෙනවා කියන ආරංචියට නම් එයා පණිවුඩයක්ම එවල හම්බවෙලා දුක සතුට දෙකම මුසුව සුභ පැතුවා..

කොහොම හරි ඉන්ටරෙස්ටින්ම වැඩේ උනේ ඊට පස්සේ.. පලවෙනි මාස තුනේ ඉංග්‍රීසි කෝස් එකෙන් පස්සේ අපිව ඇකඩමියට යැව්වම එතන එකම භිෂණයක්.. අපිට සීනියර් බැච් තුනක් එතකොටත් ඇකඩමියේ ට්‍රේනින් වෙනවා.. උන්ගේ අටෝරසියක් කැට මැද්දේ තිබුන එකක් තමයි 'කෙල්ලගෙන් ' ලැබුන ලියුම උන් ඉස්සරහ කියවන එක.. ඒක දන්නේ පස්සේ.. කෙල්ලක් නෑ  කියපු උන්ට තඩි ගෙම්බෙක් හොයල අල්ලාගෙන ඇති කරන්න කියපු නිසා හා අපි ලියුම් කියවනකම් උන් තම තමන්ගේ ගෙම්බා හුරතල් කර කර, උන්ට 'තොලක් එහෙම දාල' ආතල් ගන්න සෙට් වීම නිසා මම ගත්ත කටටම කියුව මට 'කේලලක්' ඉන්නවයි කියල.. හුටා ඊට පස්සේ තමයි දන්නේ කෙල්ලගේ පින්තුරයක් ළඟ තියා ගන්නත් ඕනි එවන ලියුම් සති අන්තේ උන් ඉස්සරහ කියවන්නත් ඕනි කියල.. අන්න ඒ වෙලාවේ මට ආයෙම පිහිටට ආවේ මගේ ලස්සන ඇස් අක්ක බබා තමයි.. මම වහාම කෝල් එකක් දීල යාළුවට විස්තරේ කියල එයාට ෆෝන් එකට එන්න කියුව පහුවෙනිදට කතා කරන්න. අපේ එකා ඒක කියපු වෙලාවේ නම් කෙල්ල හොඳටම රතු වෙලා ඇඹරුනා ලු.. කොහොම හරි එයා පහුවෙනිදා කියපු වෙලාවට යාළුවගේ ගෙදරට ඇවිත් මට කතා කලා.. මම විස්තරේ කියුවම ඒ සතියෙම පොඩි ෆොටෝ එකකුත් දාල සාමාන්‍ය විස්තර අහල ලියුමක් එවල තිබ්බ.. ඒ ෆොටෝ එක දැක්කම අරුන් කියුවනේ මේ කෙල්ලට පිස්සුද යකෝ තෝ වගේ වළහැඩියෙක් එක්ක යාලු වෙන්න කියල.. හැක්. ලියුම කියෙව්වම ඇහුව ඒ උඹේ කෙල්ලද අම්මාද කියල.. මං පහුවෙනිදම ආයෙම කෝල් එකක් අමාරුවෙන් අරගෙන ඔය කතන්දර දෙකම එයාට කියුව. එදානම් අපි දෙන්නම කාලෙකට පස්සේ සෑහෙන්න හිනා උනා.. එදා ඉඳල මාස දෙක තුනක් යනකම් එයා පැණි බේරෙන ලව් ලෙටර් සති පතා වගේ එව්වා.. කොහොම හරි අපේ බැචාලත් තාම හිතාගෙන ඉන්නේ 'නයනා' තමයි ඒ කාලේ ලව් එක කියල..

මාස දෙක තුනකින් ඒ ගොන් පාට් එක ඉවර උනාට පස්සේ පැණි ලියුම් 'ගෙන්න ගන්නා' එකත් නතර උනා.. අහම්බෙන් මිසක් කතා කරන්න උනෙත් නෑ.. ඔය අතරේ එයා බාහිර උපාධිය ඉවර කරලා 'ඒජිඔෆිස්සෙකේ' රස්සාවකට ගියා.. පස්සේ ආරංචි උනා කොල්ලෙක් සෙට්වෙලා ඉන්නවා කියල.. තවත් කාලෙකින් ආරංචි උනා බැන්දයි කියල.. පස්සේ පස්සේ ආරංචි එන එකත් නතර උනා.. :)

මේ බොහොම මෑතක.. බොහොම මෑතක.. මට දවසක් එයා අහම්බෙන් හම්බුනා බදුල්ලේදී.. අනේ.. අර ලස්සන ඇස් දෙකයි ඒ ලෙංගතු කමයි එහෙමමයි.. එදා කතා කරෙත් ඇස් දෙක දිහා කෙලින් බලාගෙන මගේ ටී ෂර්ට් එකේ කොලර් එක හද හදා.. දැන් ලොකු ළමයි දෙන්නෙක්ගේ අම්මෙක්.. හොඳ පවුල් ජිවිතයක් ගත කරනවා.. මගේ විස්තරත් ඇහුව.. නෝනවයි ළමයින්වයි එක්කගෙන දවසක එහෙ එන්නත් ආරාධනා කරා.. මමත් ඉතින් කට්ටියටම ගාල්ලේ එන්න කියල ආරාධනා කරා.. අන්න එදා මම පළවෙනි වතාවට එයාට 'අක්කේ' කියල කතා කරා.. එයා නම් කලිනුත් කියල තියෙනවා.. ඒ වුනාට එදා ආයෙම කට පුරා හිනාවෙලා 'මල්ලී' කියල කියුව..  'මට පෙම් කළ' කියල කියන්න පුලුවන්ද බැරිද මංදා.. සනත් නන්දසිරිගේ මේ සින්දුව ඇහෙද්දී මට එයාවවත් එයාගේ අහිංසක ලස්සන අමුතු ඇස් දෙකවත් මතක් වෙන එක නවත්වන්නම බෑ..

ඉඳුල් මගේ නෙත මුලින්ම දුටුදා.. මා හා හිනැහුණු අහිංසකාවිය..
අදත් එදාමෙන් දකින්න ඇත්නම්.. ……………………… මුදු නිසංසලාවිය..
මමනම් ආසයි අහන්න නයනා.. ඉස්සර වාගේ ඔබේ මුවින්..
දෙනෙත පියාගෙන කියන්න මුමුණා..
එක වදනක් හෝ කෝල ලෙසින්.. ..

Thursday, 9 August 2018

I said goodbye to Facebook!


It was a fun.. I'd never regret the time I spent with Facebook. I was there for about 09 long years.. But, I thought the time has come to use that time for a more meaningful work. So I deactivate my FB account with effect from yesterday. I'll miss few good people those with whom I had contacts only over FB. But I'm still not brave enough to loose you guys; the bloggers, that easily so I thought I'd continue with this.

Cheers!

KM

Wednesday, 9 May 2018

මොන රෙද්දක්ද ඕයි! WTF?

ඈ ඕයි.. මොන රෙද්දක්ද? මාස දෙහෙකට වැඩියි බ්ලොග් එකේ මෙලෝ දෙයක් ලියල නෑ.. වෙලාව නෑ.. බොරු කියන්න එපා යකෝ.. වැඩි හරියක්ම ඉන්නේ නිකං.. බුකියෙයි අරකෙයි මේකෙයි වාත වේවි.. මක් කියුව? කියවන්නත් කම්මැලියි? ඉඳකින්.. තෝ නම්.. බලහං.. කොච්චර දේවල් තියෙනවද ලියන්න කියවන්න.. කොච්චර ඒවා ලියන්න හිතනවද? ඒ වුනාට මෙතන ඇවිල්ල වාඩි උනාම කිසි දෙයක් මතක නෑ..

බලාපිය.. නෙලුන්යාය අල වෙලාම ගියා.. වසන්තයෝ කිසි සද්දයක් නෑ.. නොදෝමකින්.. අම්මප උඹට ගලපෙන්නෙම අර සිංහයා කියපු කතාවම තමයි.. තෝ නම් හැබෑවටම සිරිමා බෝධිය පාමුල හිඟන්නෙක් වගේ.. හෙටම වඳිනවා කිය කියා ඉඳල අන්තිමේ නිකම්ම මැරිලා පල.. බොට හොඳ නම් මට මොකෝ.. හුහ්.. 
- බ්ලොගර් අයියා සහ මා අතර මේ දිනවල නිතර සිදුවන සංවාදයකින් කුඩා කොටසක් බව කරුණාවෙන් සලකන්න. මිට යටහත් කම්කරු කල්‍යාණ මිත්‍ර. 

Thursday, 25 January 2018

අන්න ගන්නවානම් මළ ගෙවල්! Not the length but the depth of life what matters..

Image result for sri lanka funeral
අතිවිශාල ජනකායක් සහභාගී වූ ලංකාවේ අවමගුල් 'උත්සවයක්'- පිංතුරය Google අනුග්‍රහයෙන්

සංසාර ගමන කෙසේ වෙතත් මේ කොලොම්පුරේත් ඉන් ඔබ්බටත් දුව දුව ජිවිතේ හොයන මේ ගමනේදීම අපිට හමුවෙන විවධ පුද්ගලයින් හා ඔවුන්ගේ චර්යා අධ්‍යයනය කරන එක ආයේ අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕනි නැති මගේ එක්තරා විනෝදාංශයක්.. යෙදිලා හිටි හා ඉන්න රස්සාවල හැටියට රට පුරාම ඇවිදින්න ලැබීමත් නා නා ප්‍රකාර මිනිසුන් ඇසුරු කරන්න ලැබීමත් නිසා මේ විනෝදාංශය ලේසියන්  ඉවරයක් වෙන එකකුත් නෙවෙයි..

මේ සති අන්තයේ යෙදුණු කටයුතු දෙකක් නිසා කොළඹින් පිට නොයා ඉන්න කලින්ම තීරණය කරලා තිබුනයින් තවදුරටත් මිත්‍රද්‍රෝහියෙක් නොවී තරුරසිගේ අලුත් නවකතාව 'දේශද්‍රෝහියා ගේ නිර්මල හෘදය' ගැන කතාබහට සෙනසුරාදා හවස්වරුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයට ගොඩ වෙලා එන්නත් බෝනස් අවස්ථාවක් ලැබුන.. පුළුවන් අය එතැනදී මුණ ගැහෙමු.
තරුරසී ගේ වැඩේ ගැන විස්තරේ..

සති අන්තයේ යෙදුන ප්‍රධාන කටයුත්ත මගුලක්.. මනමාලයට මගේ වයස.. ඒ කියන්නේ හරිනම් ජිවිතාබෝධය ලැබෙන්න ඕනි වයස.. ඒ උනාට මූ අමාරුවේ වැටෙන්න තීරණය කරලා.. ඒක උගේ කැමැත්ත කියමුකෝ.. වෙඩිම ගන්නේ කොළඹ තරු හෝටලේක.. කෑම පිඟානක් අස්ප ගානක් ලු.. ඒක නිසා ඉන්වයිට් කරනකොට මුලින්ම කියුවේ 'මචං බැචාලා විතරයි.. ෆැමිලි එක්ක පස්සේ සෙට් වෙමු' කියල.. ෆැමිලි එක්ක එන්න ගත්තොත් එකා හතර පහ වෙලා ඉන්න එකේ ඌට ඇඳන් ඉන්න කලිසමත් උකස් තියන්න වෙනවා.. ඌ නම් බලෙන් දා ගන්න ලෙඩක් නිසා ඌට වෙන අලාභය කෙසේ වෙතත් ඔතනට පවුල දක්කන්න ගියොත් අපිට වෙන අපහසුතා? හම්මේ ඉතීම් ඕනිම නෑ.. කොහොම හරි උගේ රෙස්ට්‍රික්ටඩ් ඉන්විටේෂන් එක නිසා අපේ සතුට උතුරා ගිහිං තමයි දෙවෙනි ඉවෙන්ට් එක සෙට් උනේ.. ඒ කියන්නේ ඉරිදා වැඩේට බැචා ල ඔක්කොම එන නිසා අපි තීරණය කරා සෙනසුරාද දවල් ඉඳලම වෙඩිම සමරන්න.. අන්න එහෙමයි අපි.. කොහොමත් වෙඩිමට කියල අපිට විශේෂයෙන් කරන්න දෙයක් නැති එකේ (සර්විස් ඉන්න උන් නම් archsword වත් ගහයි) අපේ අදහස කලින් දවසේ ඉඳල සප්පායම් වෙලා එතන ගිහින් එක බත් පිඟාන දෙන්න තුන්දෙනා ගානේ කාල අරුගේ බර ටිකක් හෑල්ලු කරන්න..  හරි.. කියන්න ගියේ වෙඩිමක් ගැන නෙවෙයිනේ.. ඔයිට හාත්පසින්ම වෙනස් 'අවවෙඩිමක්' ගැන..
Image result for Navy wedding arch sword
නේවි වෙඩිමක්..
****************************************************************************************

පෙරේදා රෑ.. ඔය මගුල සහ ගෙට් එක ගැනම කතා කරන්න මගේ බැචෙකුට කෝල් එකක් දුන්න.. මම කතා කරනකොට ඌ හිටියේ නුවර ඉස්පිරිතාලේ.. 'මචං වයිෆ් ගේ අම්ම ඇඩ්මිට් කලා.. ලියුකේමියාව' ඌ කියුව.. 'අහ.. සොරි මචං.. දැන් මොකද? මොකක් හරි උදව්වක් ඕනි වෙනවද? දන්නා අඳුනන කෙනෙක් සෙට් කර ගනිමුද?' මම ඇහුව.. 'නෑ මචං.. අවශ්‍ය ඔක්කොම ඉස්පිරිතාලෙන් වෙනවනේ.. අවුලක් නෑ.. අපි බලමු' ඌ කියුවම මම හෙටත් කෝල් එකක් දෙන්නම් මොනවා හරි ඕනේ කමක් උනොත් කතා කරපං කියල ෆෝන් එක කට් කරා..

ඊයේ රෑ.. වැඩ ඉවරවෙලා කාමරේට ගිහිං නිදහස්වෙලා රෑ නවයට විතර මම ආපහු කෝල් එකක් ගත්ත..

'මචං අම්මට කොහොමද?'

'ආ.. අම්ම නැති උනා මචං..'

'ඔහ්..... දැන් මොකද වෙන්නේ කොහෙද උඹ ඉන්නේ?' මට වෙන අහන්න දෙයක් කියන්න දෙයක් එක පාරට ඔලුවට ආවේ නෑ..

'ම්ම්ම්.. අපි අදම අවසන් කටයුතු කරා මචං.. අම්මත් කලින්ම කියල තිබ්බේ පැය විසි හතරක් යන්න කලින් වැඩ කරන්න කියල.. ඊයේ රෑ උඹ කතා කරලා ටික වෙලාවකින්..රෑ එකොළහට විතර අම්ම නැති උනේ.. වයිෆුයි එයාගේ අක්කයි දෙන්නම අම්ම නැති වෙනකොටත් ළඟ හිටියා.. පස්සේ අද උදේම මරණ සහතිකේ එහෙම අරගන්න හොස්පිටල් එකෙන්ම ගොඩක් උදව් කරා.. දුර ඉන්න නෑයින්ට එන්න එපා කියලම පණිවුඩේ කියුව.. කොළඹ ඉන්න එක පුංචි අම්ම කෙනෙක් විතරක් ආවා.. මහයියාවත් හවස රිසර්ව් කර ගන්න පුළුවන් උනා.. අපි ටික වෙලාවක් මල් ශාලාවේම මිනිය තියාගෙන ඉඳල හවස අවසන් කටයුතු ඉවර කරා..'

උගේ දීර්ඝ විස්තරේ ඉවර වෙනකොට මම මගේ උත්තරේ හදාගෙන ඉවරයි..

'මචං.. ලෝක චාරිත්තරේට කියල අපි මරණ බදාගෙන අනේ අපොයි කියුවට ඇත්තටම විය යුත්ත ඕක තමයි.. හැබැයි ඒක ඔය විදියටම කර ගන්න පුළුවන් උනා කියන්නේ උඹයි **යි (වයිෆ් ගේ නම) ග්‍රේට්.. ආයි ඉතින් ** ගැනවත් උඹ ගැනවත් අහන්න දෙයක් නෑනේ.. වෙරි ගුඩ් මචං.. මට කියන්න වෙන දෙයක් නෑ.. **ගේ අම්මට ට සුභ ගමන්.. **ගේ අම්ම නිසා ඒ අම්මත් අර වගේ හිතල තිබ්බ එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ.. "

ලක්ෂ ගණන් වියදං කරගෙන තව මිනිස් පැය දහස් ගානකුත් විනාස කරගෙන මිනී කුණ බදාගෙන පුරා සතියක් 'සෝක ආතල්' අර ගන්න අද කාලේ මළගෙවල් ගැනම අහල අහල අපි සමහරුන්ට මේ කතාව ඇත්තක්ය කියල හිතා ගන්න අමාරු නම් මගේ මේ යාලුවා හා ඔහුගේ බිරිඳගේ මේ කතාව පොඩ්ඩක් කියවල ඉමු.

ඔහු ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි නාවික හමුදාවේ නිළධාරියෙක්.. ඇය කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගත්ත මහරගම ජිවත් උණු ජයවර්ධනපුර රෝහලේ සේවය කල  වෘත්තීය හෙදියක්.. ඔවුන් විවාහ උනේ 2005 වසරේ වගේ.. මගේ යාළුවා කොළඹින් ඈත මංසන්ධියක් වීම නිසා අතිශය කාර්යබහුල වෙච්ච නගරයකට ආසන්න ගමක පදිංචිකරුවෙක්.. ඔහුට කවදාවත් ගමෙන් පිටට ඒමට ඕනි උනේ නෑ.. ඒ නිසාම ඔහු ගමේ ඉඩමකම මහා ගෙදරට කිට්ටුවෙන් ලස්සන පොඩි ගෙයක් හදල තිබ්බ.. ජෝඩුව විවාහ වෙලා පදිංචියට ගියේ මේ ගෙදරට.. ඇය රැකියාවෙන් ඉවත් උනා.. ළමයි දෙන්නෙක් ලැබුන.. සැමියා රස්සාවට යද්දී ඇය ගමේ ගෙදරට වෙලා ළමයි හදාගෙන හිටියා.. ළමයි ඉස්කෝලේ යන වයසට ආවම ගෙවල් ලඟම තියෙන කනිෂ්ඨ විද්‍යාලෙට දැම්ම.. ඊට අමතරව ගෙදර ඉඳගෙන ඈ ළමයින්ට අමතර දේ ඉගැන්නුවා. ලොකු දරුවා ඉතා විශිෂ්ඨ ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් උනාම ලඟම තියෙන නගරයේ මහා විද්‍යාලයට ඇතුල් කළා..

හොඳම එක.. විශ්‍රාම යාම සඳහා සුදුසු සේවා කාලය ආපු ගමන් ඔහු විශ්‍රාම යාමට අයදුම් කරා.. දැන් ඉන්නේ විශ්‍රාම යන්න කලින් ලැබෙන නිවාඩුව විඳිමින්.. හෙට අනිද්දට පුර්ණ විශ්‍රාම අරගෙන ගෙදරට වෙලා පුංචියට වගාවක් කරගෙන පවුලත් එක්ක ඉන්න ඔහු සුදානමින් ඉන්නේ.. නේවි එකේ හිටියානම් මේ උපරිම පහසුකම් ගන්න පුළුවන් කාලේ.. අවුරුදු 55ක් වෙනකං ඉන්න තිබ්බ.. ඒත් උන් ජෝඩුවට ට ඒවායේ තඹේක වටිනාකමක් නෑ..
Image result for A farmer in sri lanka with smile
මේ අව්‍යාජ හිනාවයි මල් මිටයි උඹල ජෝඩුවට... (ආ.. මගේ බැචා හොඳ බ්ලොග් පාඨකයෙක්.. මාතලන් ගැන චෙෆාකි ගැන අටම් ගැන නිතර මගෙන් අහනවා.. සමහර බ්ලොග් පොස්ට් ගැන අපි බෝතල් ගණන් වාද කරලත් තියෙනවා.. ඒක නිසා ඌ මේක දකිනවා ෂුවර්!) 

ඔව්.. පුදුම වෙන්න එපා.. තාමත් අපේ රටේත් ඒ වගේ හිතන වැඩ කරන මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා.. හැබැයි කොච්චර දැනගෙන හිටියත් මටවත් එක පාරට අර අවමගුල අවසන් කරපු සරළ පිළිවෙත විස්වාසේට ගන්න බැරි උනා කියහන්කෝ..

අනේ අපි කොයිතරං නම් පටලවගෙනද මේ ජිවිතේ?

Monday, 22 January 2018

අපේ ඩැඩා ගේ වැඩ හිටං.. While we wait for life; He enjoys it.....!

අපේ තාත්තා.. තාත්තා ගැන ලියන්න සෑහෙන කාලෙක ඉඳල හිතාගෙන ඉන්නේ.. ඒත් හරියටම ගලපගන්න බැරි උනා ඊයේ වෙනකං.. ඔන්න ඊයේ මට සෙට් උනා කොණක්..

දැන් මාසෙකට විතර කලින් දවසක් අම්මගෙන් කෝල් එකක් ආවා.. අද රෑ 'අරුම පුදුම රෝද හතර' බලන්න කියල.. ටීවී බැලිල්ලක් අපේ ගෙදර රුටීන් එකේ නැති නිසා මම කෝකටත් කියුව අම්මට ආපහු ඒක පටන් ගන්න කලින් කෝල් එකක් දෙන්න කියල.. ඒත් එදා වෙන මොකක් හරි හේතුවක් නිසා අපි බලාපොරොත්තු වුනු කොටස එදා විකාශය උනේ නෑ.. ඉතින් ඕක ඔහොමම අමතක උනා.. ඔන්න ඊයේ හවස ආයෙම කෝල් එකක් ආවා බදුල්ලෙන් 'අරක අද යනවලු' කියල.. ඒ පාර කෝකටත් කියල ඊයෙත් රෑ නවයට ටීවීයෙක ඉස්සරහ ඉඳගත්ත..

අරුම පුදුම රෝද හතරේ නිවේදකයා 'තනියෙම කන්දක් කපන්න ගත්ත චීන ගොවියෙකු' ගැන ඌණපූරණයකින් පටන් ගත්තේ.. ඒකත් නරකම නෑ.. ඒ වුනාට ඒ චීන ජාතිකයා බලාපොරොත්තු උනා වගේ තමන්ට බැරිවෙන හරිය තමන්ගේ දරුවන් කරයි කියල අපේ තාත්තා නම් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ.. එයා දන්නවනේ එයාගේ දරුවන්ගේ තරම..

අපේ ගම බදුල්ලේ නගර සිමාවේ කන්දක් උඩ තියෙන අලුත් ගමක්.. වෙල් යායවල්, වැව්, ගංගා වගේ ගමට සුන්දරත්වය ගේන විශේෂ කරුණු මොනවාවත් එහෙමටයි කියල මහලොකු 'ගමේ කමක්'වත් ඇති තැනක් නෙවෙයි.. වටේට තියෙන තේ වතු ටිකයි ගම පිටිපස්සෙන් තියෙන ගල් කන්දයි විතරක් උනත් 'ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටලා තියෙන අතිශය සුන්දර රමණිය භුමි භාගය' අයත් කන්දේම අනිත් පැත්තේ හෙවත් ඉතුරු භාගයේ  පිහිටලා තියෙන නිසා පොඩ්ඩක් කන්දට නැගල වටපිට බැලුවම නම් ලස්සනයි තමයි.. ගමේ මිනිස්සු කියපු විදියට ගමට තිබුණු ලොකුම අඩුව තමයි ගමටයි කියල පන්සලක් නොතිබුණු එක.. මිට අවුරුදු දහ දොළහකට කලින් ඒකට එක්තරා විසඳුමක් ලැබුන.. කොහේදෝ ඉඳල වැඩිය ඉරිසින්නාන්සේ කෙනෙක් බාවනානුයෝගිව වැඩ ඉන්නයි කියල අපේ ගම තෝරා ගත්තට පස්සේ ගමේ කෙලවරේ පුංචි බිම් කඩක උන්නාන්සේට පන්සලක් වෙන් කරලා දෙන්න ගමේ මිනිස්සු කටයුතු කළා.. පස්සේ මේ 'පන්සල' නගරාශ්‍රිත පන්සලක ඉන්න නායක ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ භාරකරත්වයටත් පත්වෙලා සඟ සතු දේපලක් බවටත් පත් උනාටත් පස්සේ අර ඉරිසින්නාන්සේ පංසල දාල යනවා..

ඔහොම කාලයක් අවතැන් වෙලා තිබ්බ පන්සලට ටවුමේ පංසලේ නායක හාමුදුරුවොන්ගේ ගෝල නමක් වෙන පූජ්‍ය කටුගස්තොට නාලකවංශ කියන මම කීප ආකාරයකින් ගරු කරපු ලොකු හාමුදුරුනමක් වඩින්නේ ඔය අතර.. අපේ තාත්තගේ පරම්පරාවත් පැවතෙන්නේ කටුගස්තොට ආශ්‍රයෙන් නිසා ටික කාලෙකින්ම දෙන්න හොඳටම සෙට් වෙනවා.. හාමුදුරුවෝ ගිහි කාලේ හොඳ බාසුන්නැහැ කෙනෙක් ලු. කලින් කියපු ලොකු හාමුදුරුවන් ළඟ පන්සල්වල තමයි වැඩ කරලා තියෙන්නේ.. පිළිම නෙලන්න, ගල් කැටයම්, ලී කැටයම්, චිත්‍ර, මේසන් වැඩ, වඩු වැඩ ඕනෙම වැඩක් ඇඟේම පිහිටලා තිබ්බේ.. පංසලේ ඉන්න ගමන් වැඩ නැති වෙලාවට තිබ්බ සේරම බණ පොත් කියවලා ගැඹුරු අභිධර්මය ඇතුළු බොහෝ ධර්ම කරුණු ගැන නායක හාමුදුරුවන්ටත් වඩා දැනුම රැස් කරගෙන තමයි මහණ වෙලා තියෙන්නේ.. ඒ මහණ වෙලා උපසම්පදාවෙන් පස්සේ අවුරුදු ගානක්ම දඹාන පැත්තේ මාවරාගල කියන ආරණ්‍ය සේනාසනයට වෙලා වනගතව භාවනා කරලා.. ඔහොම ඉද්දී නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට තමයි ඇවිත් අපේ පංසල භාරගෙන තියෙන්නේ.. මම කැමති පළවෙනි කරුණ හාමුදුවන්ගේ ඒ ධර්මාවබෝධය..
කල්‍යාණ මිත්‍රයෝ දෙදෙනා 2010 වසරේදී.. 
ඒ වගේම හාමුදුරුවෝ හරිම කෙලින් කතා කරනවා.. කොටින්ම නායක හාමුදුරුවන්ට විතරක් නෙවෙයි මහා නායක හාමුදුරු නමකට උනත් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.. දායකයින්ටත් එහෙමයි.. මේ කරුණ නිසාම සමහරු හාමුදුරුවොත් එක්ක අමනාපයි.. ඒත් හමුදුරුවොන්ට ඒක ගානක් නෑ.. ආයේ මනාප කෙනෙක් කියල උනත් විශේෂයක් නෑ.. හොඳම උදාහරණෙ අපේ තාත්තා.. හමුදුරුවොන්ගේ ලඟින්ම හිටපු සගය උනාට මම හිතන්නේ හාමුදුරුවොන්ගෙන් වැඩිපුරම බැණුම් අහලත් ඇත්තේ අපේ තාත්තා තමයි.. ඒක මම කැමති තවත් ගුණයක්..

තව එකක්.. හාමුදුරුවෝ කිසිම ආකාරයකින් දේශපාලන සම්භන්දකම් තියාගත්තේ නෑ.. කිසිම දේශපාලකයෙක් පංසලේ කිසිම වැඩකට ගෙන්න ගත්තේ නෑ වගේම පංසලට ආපු කිසිම දේශපාලකයෙකුට සාමාන්‍ය දායකයෙකුට එහා විශේෂත්වයක් පෙන්නුවේ නෑ.. ඒ එක්කම හාමුදුරුවන්ගේ තිබ්බ උඩින් කියපු විශේෂ හැකියාවනුත් මගේ විශේෂ ආකර්ෂණයට හේතු උනා..

හාමුදුරුවෝ මුලින් පටන් ගත්තේ පෝය දවසේ ඉඳන් එක දිගට දවස් හතරක් කරන භාවනා වැඩසටහනකින්.. ඒ එක්කම කලින් නිකම්ම නිකං පන්සලක් වෙච්චි එක 'විපස්සනා භාවනා මධ්‍යස්ථානයක්' උනා.. ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නැති උනත් මට හිතෙන්නේ ඒ වගේ සංවිධානාත්මක වැඩසටහනක තිබ්බ රික්තයක් පිරවීම නිසාද මංදා හාමුදුරුවන්ගේ භාවනා වැඩසටහන ඉතාමත් ජනප්‍රිය උනා.. ඒ එක්කම බදුල්ල අවටින් විතරක් නෙවෙයි කොළඹ ඉඳල පවා පෝයට ඒ වෙනුවෙන්ම ඇවිත් නේවාසිකව ඉඳල භාවනා වැඩසටහනට සහභාගී වෙන කණ්ඩායම් පවා එන්න ගත්ත. ඒ නිසාම පන්සලේ භෞතික සම්පත් මදි කම ලොකුවට දැනෙන්න ගත්ත.. ධර්ම ශාලාවක්, වැසිකිළි කැසිකිලි පහසුකම්, නේවාසික බැතිමතුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් වගේ දේවල්.. ඒ වගේම වඳින පුදින තැන්, සක්මන් මළු, භාවනා කුටි වගේ වගේ දේවල් වල අවශ්‍යතාවයත් ඇති උනා මගේ හිතේ..

ඒත් ප්‍රතිපත්තියක් විදියට හාමුදුරුවෝ කිසිම කෙනෙක්ගෙන් කිසිම උදව්වක් ඉල්ලුවේ නෑ.. අඩුම තරමින් පන්සලේ විදුලි බිල ජල බිල ගෙවන්න සම්මාදමක්වත් ඉල්ලුවේ නෑ.. ඒ වෙනුවට විදුලිය නැත්නම් ගිනිමැලයක් ගහගෙන ඉන්න වතුර නැත්නම් ලිඳක් කපාගන්න එක තමයි හමුදුරුවොන්ගේ පිළිවෙල උනේ.. නමුත් දායක දායිකාවෝ එකතු වෙලා පංසල ගොඩ නැගුවා.. ඒ සියල්ලම හැසිරුවේ ලොකු හාමුදුරුවෝ.. දායක දායිකාවෝ එකතු වෙලා බුදු කුටිය හදනකොට උන්නාන්සේ ඒක ඇතුලේ ඉතාමත් කලාත්මක බුදු පිළිමයක් නෙළුව.. ඒක හරිම ලස්සනට පින්තාරු කරා..  උඩු වියනේ කලාත්මකව මල් කැටයම් චිත්‍රයට නැගුවා.. ගල් කටුවයි මිටියයි අරං කන්දෙන් පෙරලගෙන ආපු ගල් වල ලස්සන පහන් කෙටුවා.. ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා මහා ගල් පෙරලලා බැමි දාල කන්ද උඩට ලස්සනට ලස්සනට ගෙබිම හදල ඒ එක තැනක බෝධියක් රෝපණය කරා.. තවත් පැත්තක බුදු කුටිය හා දොළොස් මහේ පහන.. එතනින් උඩට එක තැනක ධර්ම ශාලාව.. අනිත් පැත්තට ගල් පොකුණක් හා සක්මන් මළුවක්.. එතනිනුත් උඩට ගියාම අලංකාර චෛත්‍යයක්.. මේ වගේ කිසිම දේශපාලකයෙකුගේ වත් ලොකු සල්ලිකාරයෙකුගේවත් ඇල්ම බැල්ම නැතුව පංසල දවසින් දවස ගොඩ නැගුනා..

අපේ මහා ජෝඩුවත් වගකීම් ඔක්කොගෙන්ම වගේ නිදහස් වෙලා පැන්ෂන් එකෙන් කකා හිටපු එක දවසින් දවස පන්සලටම සින්න වෙන්න ගත්ත.. මම කලින් වතාවක නාය යාම් ආධාර ගැන ලියුව වගේ මොකක් හම්බුනත් 'අනේ සාධු මේක පංසලට හොඳයි' කියල ඒ දේවල් පන්සලටම පුජා කරා.. පැන්ෂන් එක තාත්තගේ උනාට ඒවා කෙරුනේ නම් අම්මගේ අතින්.. අපේ තාත්තට සල්ලි වල අගයක් වගේ වගක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙමයි.. ඒ නිසාම අපිට වෙච්චි අවනඩුත් බොහොමයි.. ඒත් තාත්තා කවදාවත් වෙනස් උනේ නෑ.. එයාට තිබ්බේ බොහොම සරල අවශ්‍යතා ටිකක්.. හැබැයි යමක් පටන් ගත්තොත් කවුරු හිටයත් නැතත් ඒක අවසානයක් වෙනකම් හීන් සීරුවට කරගෙන යන්න තාත්තට ලොකු ආත්ම ශක්තියක් තිබ්බ.. එයාට භාහිර ලෝකේ වෙන්නේ මොකක්ද කියන්නේ මොනවද කියන එක තමන්ගේ වැඩේට අදාලම නෑ..

 අපේ තාත්තා අතින් අපිට බොහෝ අඩුපාඩුකම් වෙලා තියෙනවා.. ඒ කාලයක් තිස්සේ ඇබ්බැහි වෙලා හිටිය බීමත්කම නිසා හා ඒ එක්ක අපේ පවුලට ආපු අගහිඟකම් නිසා.. හැබැයි අපේ තාත්තා එදා ඉඳන්ම ලෝකෙට බොහොම හොඳ මිනිහෙක්.. බොන්නත් සිංදු කියන්නත් තිබ්බ ලැදියාව නිසා පවුලේ වගකීම් වලින් දුරස් උනාට තාත්තාට පවුලෙන් පිට කිසිම කෙනෙක් කිසිම දොසක් කියල නැතුව ඇති.. නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයෙන් පස්සේ තාත්තගේ බීමත්කම සම්පුර්ණයෙන්ම නතර උනත් සංගීතයට ලැදි බව නම් අඩුවක් උනෙම නෑ.. ඒ වෙනුවෙන් හාමුදුරුවන් කොච්චර දඬුවම් දුන්නත් හාමුදුරුවන්ට තාත්තව හදන්න බැරි උනා.. දඬුවම් කියන්නේ භාවනා කිරීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න දීපු ටාස්ක්.. හැබැයි තාත්තා බොහොම සැහැල්ලුවෙන් ඒවා ඉවසල සින්දුවක් කියාගෙන හිටියා.. අන්තිමේ හාමුදුරුවොම දඹදිව ගිය වෙලාවේ හාමුදුවන්ගේ වියදමෙන් තාත්තට සර්පිනාවක් අරගෙන දීල හිත හදාගෙන තිබුන.. :)

නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයට වැටුනම තාත්තාගේ ජිවිතේ එක පැත්තක් කෙලින්ම U turn එකක් ගැහුවා කියුවොත් හරි.. එතකං ජිවිතේ ලොකු වගකීමක් ගත්තේ නැති බරක් පතලකට ගත්තේ නැති අඩියක් පුඩියක් ගහල ජොලියේ සින්දුවක් කියාගෙන හිටපු තාත්තා එක වරම වගකීම් සහිත පුද්ගලයෙකු උනා.. පන්සලේ එකතුවෙන මුදල් හදල වල භාරකාරත්වය ලැබුනෙත් තාත්තට.. මහා ලොකු මුදලක් එකතු නොවුනත් ලැබෙන රුපියල පවා පිළිවෙලට සටහන් කරගෙන එයින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන පන්සලට අරන් දෙන්න තාත්තා කටයුතු කරා.. හැබැයි තාත්තට ඒ මදි උනා.. ලොකු හාමුදුරුවෝ බණ කියල අහවරවෙලා සිවුර ගලවල අඳනය පිටින් පංසලේ වැඩ කරද්දී තාත්තා ඒ වගේම තවත් බරපතල කටයුත්තකට අත ගැහුවා.. ඒ අර කන්ද උඩට උඩට පංසලේ තැන තැන හැදිච්ච වන්දනාමාන කරන ස්ථාන වලට හා ධර්ම ශාලා වලට යන්න පාරවල් හදන එක.. බැකෝ වලින් කපල මඩ වෙලා තිබ්බ කන්ද පාමුලම පන්සලට ඇතුළු වෙන තැනින් 'පාර හදන්න' තාත්තා පටන් ගත්ත.. කොහොමද.. කන්ද පුරා ඇවිදලා තමනට පෙරලන්න පුළුවන් ප්‍රමාණයේ විශාල තිරිවාන ගල් පෙරලගෙන ඇවිත් ගලෙන් ගල වලවල් හාරලා යට කරලා මතුපිට සුමට වෙන විදියට අඩි අටකට වැඩිය පළලින් වැඩි පාරක් තාත්තා 'තනියම' හදන්න ගත්ත.. ඔය වැඩේ පටන් ගන්නකොට තාත්තට වයස අවුරුදු හැත්තෑව පිරිලා.. සමහර දවසටම ගෙනල්ල යටකරන්න වෙන්නේ එක ගලයි නැත්නම් දෙකයි.. මාසෙට දවස් හතරක් සිල් සමාදන් වෙලා ඉතුරු දවස් හැම එකකම උදේම පංසලට ගිහිං තාත්තා වැඩ කරා.. එතන ඉඳල එක දිගට අවුරුදු හතකට ටිකක් වැඩි කාලයක් එහෙම වැඩ කරලා තාත්තා පන්සල පුරා කන්ද උඩට උඩට ඉතා අලංකාර ඒ වගේම ශක්තිමත් තනිකරම ගල් වලින් නිම කරපු පාරවල් මීටර් තුන්සියයක් පමණ 'තනිවම' හදල නිම කරා.. එක සත පහක වියදමක් නැතුව.. අද ඒ පාරෙන් කිසි ගැටළුවක් නැතුව වාහනයක් පංසල ඉහලටම ගන්න පුළුවන්..

පංසල ඉහත්තාවේම තියෙන අලංකාර චෛත්‍ය හදල නිම කරනවත් එක්කම වගේ තාත්තගේ 'රෝඩ් ප්‍රොජෙක්ට්' එකත් ඉවර උනා.. චෛත්‍ය හදල කොත නිරාවරණය කරන දවසේ ඉතා විශේෂ සිදුවීමක් උනා.. කොත නිරාවරණය කිරීමේ උත්සවයට වැඩම කරලා හිටපු ඌව පළාතේ සියළුම මහා සංඝයා ඉදිරියේ කටුගස්තොට නාලකවංශ හාමුදුරුවෝ මයික් එක අරගෙන මේ කටයුත්ත අගය කරලා චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න තාත්තාට ආරාධනය කරා.. ඒක හරිම සංවේදී මොහොතක් උනා..

මිනිහෙක්ගේ ජිවිතේ වෙච්චි වැරදිවලට ගෙවන වන්දි ගණනය කරන සිස්ටම් එකක් තිබුනානම් මට හිතෙන්නේ අපේ තාත්තා ඒවා පොලියත් වැල් පොලියත් එක්ක ඔක්කොම එකවර ගෙවා දමල තියෙනවා.. කඳු පාරේ මඩේ ලිස්සමින් කූඩැල්ලෝ එල්ලෙමින් ගිය පාරේ අද සැදැහැවතුන් සැහැල්ලුවෙන් තියන අඩියක් අඩියක් ගානේ ඒ පින් තාත්තට අනුමෝදන් වෙනවා නිසැකයි.. ඒ උනත් තාත්තා ඒ දේවල් වත් ලොකුවට ගණන් ගන්න එකක් නෑ.. සිංදුවක් කියල හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න තියෙනවනම් ඒක තමයි මම දකින තාත්තා අත්දකින සැනසීම..

අවුරුදු හැත්තෑනවයක හැරමිටියෙන් ඇවිදින මේ මහලු කොල්ලා හොයාගෙන රුපවාහිනියේ අරුම පුදුම රෝද හතරෙන් ගිය දවසේවත් ඒක වෙනස් උනේ නෑ.. මේ වීඩියෝවේ මුල් විනාඩි පහ හයෙන් අපේ ගමේ පංසලත් අපේ තාත්තගේ දාඩිය මහන්සියෙන් හදපු ඒ පාරත් අපේ තාත්තගේ සිංදු කෑල්ලකුත් අහගන්න පුළුවන්..

********************************************************
අවුරුදු 62 වගේ අඩු වයසකින් සසර ගමනේ අවසානයට ආසන්න නැවතුමකින් නික්ම ගිය ඒ කටුගස්තොට නලකවංශ නම් වූ ප්‍රිය යතිවරයාණන්ට මේ සටහන උපහාරයක් වේවා!




Thursday, 18 January 2018

ඩබල්ලේ උඩුවෙල! Deep down the memory lane..

ඉස්කෝලේ කතාවක්ද සුනාමි කතාවක්ද මොකක්ද මංදා.. මොකක් උනත් අම්බලන්ගොඩයාගෙන් එහෙම මෙහෙම කතන්දර අහන්න බෑනේ.. ඒක නිසා ඔන්නොහෙ ලියනවා.. මේකේ මුලක් මැදක් අගක් නෑ.. එහෙම එකක් ගැන මගෙන් අහන්නත් එපා..

ඒ 1988 අවුරුද්ද.. මම මහා විද්‍යාලෙට ආවේ ජනවාරි 18 වෙනිදා.. මම එනකොට පන්ති බෙදල.. මාව දාල තිබ්බේ A පංතියට.. හැබැයි එහෙම ඉන්න උනේ බොහොම ටික දවසයි.. අපිව කඩල දැම්මනේ D පංතිය හෙවත් කුස්සියට.. ගෘහ විද්‍යාව උගන්නපු මානෙල් ටීචර් තමයි අපේ පන්ති බාර.. ගෘහ විද්‍යාව ඉගෙන ගත්තේ ගෑල්ලමයි විතරක් නිසාද කොහෙද ඒ ටීචර් පන්තිදීත් වැඩිපුර හිටියේ ගෑල්ලමයි එක්ක තමයි.. මානෙල් ටීචර් මට හොඳටම මතක මටයි නදිෂයාටයි දීපු දඬුවමක් නිසා.. ඒක වෙනම ලියන්න ඕනි.. ලියල තියෙනවා මගේ හිතේ මෙතනද කොහෙද.. මේ ලියන්න ගත්තේ 'උඩ්ඩ' ගැන..

අපිව D පන්තියට දාල ටික දවසකින් 'මල්ලිකා' ටීචර් ඇතුළු සෙට් එකක් ආව අපිව 'නිවාස' වලට බෙදන්න.. මල්ලිකා ටීචර් ව විතරක් මතක ඇත්තේ පස්සේ කාලෙක අපේ 'ආදරණියම' ගුරුතුමියක් වීම නිසාත් එතුමියගේ 'උස' හා සුදු සාරිය නිසාත් වෙන්න පුළුවන්.. කොහොමත් මේ පැටලිල්ල උනෙත් මල්ලිකා ටීචර්ටම තමයි.. කොහොම හරි ඔය නිවාස බෙදන සීන් එකේදී ටීචර් අපි එක එක්කෙනාගේ නම් අහගෙන ගියා.. අපි ඉතින් පිළිවෙලට නම් කියුව.. සුමිත් කළනසිරි, නදීෂ අබේසිංහ, පමල් පියංක අමරකෝන් ඔහොම කියාගෙන යන ගමන් මෙන්න එකෙක් කියපි 'ඩබල්ලේ උඩුවෙල' කියල..

මට ඇහුනේ හාමුදුරු කෙනෙක්ගේ නමක් වගේ.. ඒ පැත්ත බැලුවම අම්මප ඉන්නවා එකෙක් ගෝරිලි පැටියෙක් වගේ අතකින් කටත් වහගෙන.. නම අහන්න අහන්න අරකම කියනවා කට අතින් වහගෙන.. ටීචර් ටත් තේරුනේම නෑ. කොහොම හරි ටීචර් ලා දෙතුන් දෙනාම අහල අහල අන්තිමේ කියුව ඒ.ඒ. උඩුවෙල කියල.. ඒ.ඒ. කියන්නේ අරුණ අනුරුද්ධ කියන එක.. යකෝ මෙච්චර ලස්සන නමක් තිබිල කියපන්කො කට ඇරලා අරුණ අනුරුද්ධ උඩුවෙල කියල.. හෙහ්.. එහෙම කියන්න බැරි .. මම කියුවේ කට ඇරලා කියන්න බැරි පොඩි කේස් එකක් තිබුනනේ ඌට.. ඒක දන්නේ පස්සේ.. එදා ඉඳන් උගේ කාඩ් එක 'කැන්ගරු පොකට්'..
පොකට් එකේ පැටියෙක් දාගෙන ඉන්න කැන්ගරුවෙක්ගේ ඉමේජ් එකක් ඉස්සුවේ ගුගල් ඉමේජ් වලින් හිටං
මේ කැන්ගරු පොකට් නොහොත් ගොරිල්ලා නොහොත් ඩබල්ලේ උඩුවෙල නොහොත් අපේ උඩ්ඩා සුපිරිම චරිතයක්.. පිටින් පෙනිච්ච මනුස්සයාට වඩා බොහොම හිතවත් මිත්‍රශීලි ඒ වගේම හොඳ විනෝදකාමී කොල්ලෙක්.. ඉස්කෝලේ තාප්පෙන් එහා පැත්තේ උන්ගේ ගෙදර පිහිටා තිබීම නිසා අපෙන් ඌට වෙච්චි කරදර අලාභහානි මෙච්චරක්ය කියන්න බැරුව ඇති.. ඌට ගෙදරින් තිබ්බ සම්බාධකත් බැලන්ස් කරගෙන අපිවත් එන්ටර්ටේන් කරන්න ඌ ගත්ත මහන්සියේ තරමට වඩා ගොඩක් ලොකු මහන්සියක් ඌට ගන්න උනා අර පත සරිරෙත් උස්සන් අපිත් එක්ක එක සීරුවට ඉස්කෝලේ තාප්පෙන් උන්ගේ වත්තට පනින්න..

මම මුලින්ම ලෑන්ඩ් ෆෝන් එකකින් ටැප් කරලා කෝල් එකක් ගන්න ඉගෙන ගත්තේ උන්ගේ ගෙදරින්.. එතකොට කාඩ් ගහන්න, කැරම් ගහන්න වගේ ක්‍රීඩා ත් ප්‍රගුණ කරන්න පුළුවන් උනා.. ඒ ඔක්කොටම වඩා තාම මතක 'ලෙච්චිමි' ගේ කූල් ඩ්‍රින්ක් එක.. 'බේබිමාතියා.. ලොකු නෝනා ආවොත් මාත් යිවරයි..' කිය කියා ලෙච්චිමි අපිට හැමදාම බිස්කට් එක්ක කූල් ඩ්‍රින්ක්ස් හදල දෙනවා.. ඉස්කෝලේ ඩබල් පීරියඩ් සෙට් වෙච්චි තාක්ෂණික සෞන්දර්ය වගේ විෂයන් තියෙන දවස් කියන්නේ ලෙච්චමී ට වැඩ වැඩි දවස්.. මොකද අපි අනිවාර්යයෙන් තාප්පෙන් පැනල 'උඩ්ඩා'ලගේ ගෙදරට යනවනේ.. අනේ.. ඌ අපි වගේ එහෙම මැරෑටියෙක් වත් නොසන්ඩාලයෙක්වත් නෙවෙයි.. ඌට පීරියඩ් කට් කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ.. ඒ උනාට 'අපි වෙනුවෙන් අපි' කියල ඌ අනිවා අපිත් එක්ක එනවා..

ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් වලදී මට උඩ්ඩා එක්ක ලොකුවට සෙට් වෙන්න බැරි උනත් හම්බෙච්චි හැම වෙලාවකම පරණ ලෙන්ගතුකම එහෙමම තිබ්බ.. මට උඩ්ඩාව ඉස්කෝලෙන් පස්සේ හම්බුනේ දෙතුන් වතාවයි.. ඒ හැම එකක්ම වගේ අපි උන්ගේ ගෙදර ගිය වෙලාවල විතරයි.. ඒත් අන්තිමට හම්බුනේ 2003/ 2004 වගේ අහම්බෙන් හාලිඇලදී.. ඒ කාලේ මට වාහනයක් නොතිබ්බත් කාගේ හරි අටමගලයක් පැදගෙන ගිහින් දවසක් හාලිඇල දී හුළං බැහැල ටයර් කඩයක් හොයන් යන්න උනා.. බැලින්නං ඒ හාලිඇල ටයර් කඩය කරේ උඩ්ඩා.. ඉතිං තව මොනවද? සෑහෙන්න ආගිය තොරතුරු කතා කර කර ඉඳල ජංගම දුරකථන අංක එහෙමත් හුවමාරු කරගෙන අපි වෙන්වුනා.. ඒත් ආයේම කවදාවත් අපිට කතා කරන්නවත් හම්බ වෙන්නවත් උනේ නෑ.. 2004 සුනාමියෙන් පස්සේ දවසක හදිසියේ නදීෂයාට කෝල් එකක් ගන්න කොට ඌ ඒ අසුබ ආරංචිය මට කියුව..

'මචං උඹ දන්නවද? යාල පැත්තේ ට්‍රිප් එකක් ගිහිං ඉද්දි උඩ්ඩා සුනාමියට අහුවෙලා බං.. ශිහ්.. මාර අපරාදේ..' 'අයියෝ'.. මට කියවුනේ එච්චරයි.. උඹ මැරුණට 'මහ විද්‍යාලේ' වගේම අපේ හිත් වල හැමදාම ජිවත් වෙනවා මචං.. කවද හරි ආයෙම සෙට් වෙමු' .. එතකං උඹට සුභ ගමන්!

(අපි BMMV 95 කණ්ඩායම කියල බුකියේ ගෘප් එකක් හදාගෙන පොඩියට කරගෙන යනවා.. මේ එතන ලියපු එකක්.. පස්සේ හිතිලා බ්ලොග් එකේ එල්ලුවේ.. 'දැනුණේ' නැත්නම් ගණන් ගන්න එපා)  

Thursday, 9 November 2017

අසමසම වීරත්වයක් ප්‍රකට කල ඒ පුංචි සගයා - An officer who fought with an extraordinary feat of bravery in the presence of death

අද නොවැම්බර් නවය.. නොවැම්බර් කියන්නෙ අමතක කරන්නම බැරි මාසයක්.. එයිනුත් නොවැම්බර් නවය..

මචං..

උඹ ගැන ලියන්න හැමදාම හිතාගෙන හිටියා.. ඒත් ඒකට හිත හයිය නෑ.. අද උදේ ගමයා ෂෙයාර් කරපු ෆොටෝ එක දැක්කම කරන්ට් එකක් වැදුනා වගේ.. අදනම් කොහොම හරි උඹට ලියනවා.. ඔව්..උඹ..

Hey, Cadet, Come here! What is your name?

I'm Cadet NGCD Jayathilaka NRX 1134 sir!

Which intake?

I'm from 28th Intake sir!

Oho.. bloody 28's ah? You fuckers are bloody too smart neh? You will have nice time when you come to fleet, right.. From where are you?

I'm from Kandy sir!

Kandy? which school?

Vidyartha College, Sir!

Aha.. You played Rugby?

Yes Sir! I played Rugby during my school days.

What? But you looks a bloody baby.. he hee.. okay.. carry on!

Aye Aye Sir!

ඔව්.. බේබි.. ඒක තමයි උඹේ කාඩ් එක.. උඹට තිබ්බේ හුරුබුහුටි පොඩි එකෙක්ගේ පෙනුමක්.. 'සේහ්.. බලපන් බං මූනේ රැවුල වැවෙන්නේ නෑනේ.. නිවාඩු ගියාම ඉස්කෝලේ යන කෙල්ලෙක් දිහාවත් බලන්න බෑ.. ඇයි මල්ලි කියල තග දානවානේ..' උඹ කේකේඑස් වෝර්ඩ් රූම් එකේ ඉඳන් එහෙම හිනාවෙවී කියනවා මට මැවිලා පේනවා..

ඒත් උඹ අපේ ඉන්ටේක් එකේ හිටපු මහා හුඟක් ලොකු එකෙක්.. ඒ උඹේ දැනුමෙන්, හැකියාවෙන්, නිර්භීතකමෙන්.. ඒ ඔක්කොමත් එක්ක උඹේ වැඩ වලින්.. ඒකමයි උඹට ගමයා 'සකලඥාන' කියල වෙනම කාඩ් එකකුත් ගැහුවේ.. ඔව්.. ඒ කාඩ්ඩෙක උඹට ලෙසටම ගැලපෙනවා.. කැඩෙට් ගන් රූම් එකේදී රෑට බඩගිනි උනාම රෙඩ් හාට් අයන් එක අනිත්පැත්ත ගහල ඒක උඩ රොටි පිච්චුවේ උඹ.. අපිට හිතා ගන්නවත් බැරි විදියට ඉස්තරම් විදියට අපේ පලවෙනි ගෙට් එක නුවර එලිෆන්ට් වෝක් එකේ ග්‍රෑන්ඩ් ස්ටයිල් එකෙන් ඇරෙන්ජ් කරේ උඹ.. මතකද හේමා ගේ අම්ම නැති වෙච්ච වෙලේ? මාවත් දාගෙන නුවර ඉඳල උඹල තාත්තගේ ඩෙලිකා එකේ පිඹගෙන ගිහිං හේමා රට ඉඳල එන්නත් කලින් එතන ඔක්කොම ඇරෙන්ජ් කරේ උඹ.. එතකොට විතාරණ යා මැරුණු වෙලේ.. හ්ම්ම්.. අන්න ඒ වෙලාවට අපි බේබිලා.. උඹ අපිට පෙනුනේ යෝධයෙක් වගේ..

උඹට මතකද දවසක් අපි 'සබ්ටෙක්' එකේ ජංගල් කෑම්පින් ගිහින් ඉන්නකොට වවුනියාවේ කැලේක.. අපි දෙන්න ඩියුටි.. අනිත් උන් රෙස්ට්..තලෙයිමන්නාරම මුහුදට උඩින් පායාගෙන ආපු හඳ කටු අකුල් අස්සෙන් අපි දෙන්න එකාට එකා පිට දීල වාඩි වෙලා හිටපු ග්‍රවුන්ඩ් ෂීට් එකටත් වැටිලා තිබුන....  හීතල තුවක්කු බඳට බරදීල හිටියට අපි එක එකාගේ පිටේ නහර දිගේ දුවන ලේ අනිකාගේ පිටට දැනෙද්දී අපිට හිතලක් දැනුනේ නෑ.. ඒත් මේ මදුරුවෝ.. උඹ දන්නවා මම හිටපු ගමන් දඟලන්නේ මදුරුවෙක් විද්දම කියල.. ඒ වගේම මේ මදුරුවෝ විදිල්ල මට ඇලජික් කියලත් උඹ දන්නවා.. උඹ හිමිට පහත්වෙලා කැමා එකේ සාක්කුවෙන් මදුරු කොයිල් කෑල්ලක් අරං අවා මුවාවට පත්තු කරලා ළඟ ගහක අත්තක එල්ලුවා.. ඊළඟට අනිත් සාක්කුවෙන් සිද්දාලේප කුප්පියක් අරං 'ඉඳා මේකෙන් ටිකක් අත්වලයි මුණෙයි ගා ගනිං' කියල මට දුන්න.. ඒ මහා රෑ කටු කැලේදීත් උඹ 'සුදානම්'.. අදටත්.. ඔව්..අදටත්.. ගහක අත්තකට උඩින් හඳ පායලා තියෙන වෙලාවට.. මදුරුවෙක් කොහෙන් හරි ඇවිත් මට උඹව මතක් කරලා දෙනවා..

වාහන ගැන, කොම්පියුටර් ගැන, ඉන්ටර්නෙට් ගැන, පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් ගැන, අලුත් ෆිල්ම්ස් ගැන විතරක් නෙවෙයි අලුත් වැල සයිට් එකක් ගැන උනත් අහගන්න අපිට මුලින්ම හිටියේ උඹ.. උඹ නිතර බිව්වේ වත් ගොඩක් බිව්වේ වත් නෑ.. උඹ වැඩියෙන්ම කරේ බීල පිස්සු කෙලින අපිව 'බැලන්ස්' කරපු එක.. අපි වෙනුවෙන්  එදාට මුහුදට ගිය එක.. ඒත් උඹට හිතුන දවසට ටිකක් බිව්වම උඹ පට්ට ආතල්.. එදාට උඹේ 'සකලඥාන' කම උතුරනවා..

අපි 2IC ල කාලේ 46 සීරිස් ඩෝරා කමාන්ඩ් කරේ හෙන 'පොරවල්'..  ඉතිං උඹට OIC කෙනෙක් වෙලා ටික දවසකිම්ම 46 සීරිස් ඩෝරා එකක් කමාන්ඩ් කරන්න හම්බ උනා කියුවම බැචා ල විදියට අපිට හෙන ගැම්ම.. අපි දන්නවානේ පොර කවුද කියල.. ඒ කියන්නේ 'ඉහළිනුත්' දැනගෙන ඉඳල තියෙනවා උඹ කවුද කියල..

ඔව්.. එදා 2006. නොවැම්බර් 09 වෙනිදා වෙනකම්ම අපි උඹ ගැන ඒ විදියට සතුටිං ආඩම්බර උනා.. එදා වෙච්චි දේ ගැන ලියන්න මම දැනගෙන හිටියේ නෑ මචං.. මේ ඒ ගැන වෙන තැනක වෙන එකෙක් ලියපු සටහනකින් කොටසක්..

(මම මේකේ 'පණ්ඩිත' සර් ගැන නොලියුවා නෙවෙයි.. උඹව මතක් වෙන හැම වෙලේම 'පණ්ඩිත' සර්වත් මතක්වෙන බව කියුවා කියපං.. )

"It was around 1500 hrs on 9th November 2006 P 416 & P461 – two fast attack craft commanded by Lt ONMR Panditharatne & Lt NGCD Jayatilake, RSP came ashore after an extensive sea patrol off the Eastern coast of Chalai. These Officers-In-Command of the two craft were renowned to be very dedicated, fearless and experienced Fast Attack Craft (FAC) Commanders. With a very high sense of duty and responsibility they instructed their crew to prepare the craft for sea to face any unforeseen and urgent eventuality, before they left the craft at one of the piers in the Kankasanthurai Naval harbour. 

No sooner they refreshed themselves and relaxed with two hot cups of tea at the wardroom, the ‘action alarm” prompted them back into their usual ‘sea rigs’, and off they bolted towards their Dvoras without delay. Having sailed and fought for the past many years they knew that every second mattered to the FAC that relieved them from patrol now at sea and involved in an ‘attack imminent’ situation. It was around 1630 hrs that P416 & P 461 joined the other FAC which were setting into battle formations to take on a cruising LTTE cluster of 10 – 12 attack craft and 03 suicide craft heading for KKS harbour from the then enemy held coast of Chalai. 

The two battle hardened crews of P416 & P461 took up stations in the battle formation and all SLN FAC decided to take on the enemy head on before they closed in on KKS harbour where few ships with essential cargo for humanitarian missions and some military cargo were lying. If the explosive laden – suicide craft broke through the Naval defence line and cruised into the Naval harbour all hell would have broken loose. Then the SLN craft, sticking to their primary classic role as the first line of defence of Sri Lanka, decided to open fire at the enemy craft coming at them in full swing with suicides lined up couple of meters behind them. It was the sea tigers’ usual strategy to cover their deadliest weapon – suicide craft, from the Naval gunfire until SLN craft are hit & stranded with less or no manoeuvrability, with few guns operating effectively, and then unleash their deadly suicide craft. This is a threat which no Navy in the world has ever encountered in an open Naval combat with any kind of Naval force in the entire Naval history recorded so far. 

In a Naval battle no commander of a vessel ever asks his comrade sailors to go forward, but  takes them forward with him. He keeps his head up always despite the deadliness of the volume of fire projected at him from the enemy's heavy & medium calibre machine guns. He takes decisions standing in the line of fire with the last protection of Armour on an unfriendly medium – water. More importantly he is the last to leave the craft when everything fails, or usually will take the noblest manner of death as a captain of a Naval Warship going down with the sinking vessel. Such was the fierceness of a Naval Battle the Sri Lanka Navy fought for the past 3 decades to liberate this country from the clutches of LTTE barbarism."

මේ යුද්දේ උඹලට අලුත් දෙයක් උනේ නෑ.. කොටිම්ම.. ලෝකේ කිසිම නෙවි එකක් 'සුවිසයිඩ් බෝට්ටු' එක්ක යුද්ධ කරලා නෑ.. ඒත් ඒකවත් උඹලට අපිට අලුත් දෙයක් වුනේ නෑ.. අපි ඉගෙනගෙන තිබුනේ කොල්ලෝ ඉස්සරහට දාල පස්සේ ඉඳන් 'ඕඩර්' දෙන්න නෙවෙයි.. කොල්ලෝ ටිකත් එක්ක ඉස්සරහට ගිහිං යුද්දෙට මුණ දෙන්න.. නැවේ ජූනියර්ම එකාටත් බොඩි ආමර් එක දාල ඉවර උනාම තමයි OIC බොඩි ආමර් එක දාගෙන්නේ.. උඹේ crew එක මෙච්චර උඹට ලෙන්ගතු උනේ උඹ උන්ගේ හැබෑ නායකයා වෙච්චි නිසා.. උන් දැනගෙන හිටියා 'සර්ගේ' එක නහරෙක හරි පණ තියෙනකං උඹ උන්ව රකිනවා කියල..උන්ට විතරක් නෙවෙයි.. උඹත් එක්ක එකට යුද්දෙට ගිය අනිත් ඕනෙම එකෙක් දැනගෙන හිටියා උඹේ අන්තිම හුස්ම ටික තියෙනකං උඹ උන් එකෙක්ව වත් තනි කරන්නේ නෑ කියල..

As the sun set in the Northern seas of Sri Lanka on that fateful day, many lives went down, making the supreme sacrifice for their motherland. Lt Mudeep Panditharathne, NRX 0954, was always an honourable Officer and died a Naval Officer’s noble death when P 416 settled down in the Davy Jones's Locker (Seabed) off Thondamanaru, KKS and Lt Chinthaka Jayathilake, Commanding P 461 showed sheer courage and comradeship by attacking the advancing enemy fleet in an extraordinary feat of bravery. P 461 along with its Commander and crew went down fiercely protecting P416 which had lost its controls and was moving at a very low speed.

Lt Chinthaka Jayathilake was born on 13 November 1976, into a family of six where he had one elder sister and two younger brothers. Chinthaka had his education at Vidyartha College, Kandy where he excelled as a keen sportsman and represented Vidyartha in Cricket. He joined the Navy on 04 August 1997 as an Officer Cadet of the 28th Intake of the Naval and Maritime Academy. He was known for honesty, comradeship and above all bravery both by his contemporaries and seniors as well.

These valiant Officers had one thing in common - they considered dignity was more precious than life. They fought for freedom, comradeship, pride and honour and by many means they were unmatched to many of us who are among the living today. Three long years have passed without their valuable companionship yet the beautiful memories of these true heroic sons of our time will be deeply cherished in the hearts and minds of the grateful people of Sri Lanka. 

Some gave all and all gave some
Some stood true for our land so true
And some had to fall…
When we always think of them 
Let us think of all our liberties
And recall
That some gave all… (Sir Billy Ray Cyrus)

Photo credit goes to Cdr (SBS) Chatura Gamage of SL Navy

උඹ ගැන අදත් ආඩම්බරයි මචං.. ඒත් සතුට කියන තැනට ලොකු දුකක් හිස් බවක් එකතු වෙලා.. වයස අවුරුදු තිහක් වෙන්න දවස් හතරකට කලින්.. කාලයක් තිස්සේ පෙරුම් පුරලා හොරෙන් ලව් කරලා අන්තිමේ ගෙදරින් කැමැත්ත ලැබිච්ච කෙල්ලගේ අත ගන්න වෙඩින් එකට දවසුත් දාගෙන ඉද්දි.. ශරීරෙන් පුංචි උඹ යෝධයෙක් වගේ මහා පිම්මකින් පස්සේ අපිව දාල ගියා.. 

එදා උතුරේ මුහුදේ වෙඩි හඬින් අකම්පාල වෙච්චි මහා රලගෙඩි ඇවිත් කන්කසන්තුරේ හාබර් එකේ ගල් වැටි දිගේ ඔළුව ගහ ගහ මහා හඬින් හඬා වැටුනා.. උඹව හඟ ගත්ත පේදුරුතුඩුවේ මුහුද අපේ ප්‍රශ්න වලට දෙන්න උත්තර නැතුව වගේ සදාකාලේටම ගොළු උනා.. උඹල අම්ම, තාත්තා.. අක්ක, මල්ලිල.. එතකොට අර අහිංසක කෙල්ල.. උන් පොළොවේ හැපී හැපී ඇඩුව උඹ මැරුණ කියල විශ්වාස නොකර..

ඒත් උඹ.. අපේ ආදරේ, හිතවත්කම්, නෑකම්, යාළුකම් වෙනුවට 'සදාකාලික වීරත්වය' තෝරගත්ත.. ඔව්.. මැරෙන බව දැන දැන.. මැරෙන බව දැන දැන.. උඹ.. යෝධයෙක් වගේ.. අපි හැමදාම දැකපු අර මහා පුරුෂයා වගේ.. කන්කසන්තුරේ වරාය එහෙම නැත්නම් උතුරු මුහුදේ අපේ ආධිපත්‍ය විනාශ කරන්න ආපු ඒ මිලේච්ඡ සතුරු බෝට්ටු ඉදිරියට ගියා.. එහෙම වීරකම් හැමෝටම කරන්න බෑ බං.. අපි උඹට ආදරේ ඒකයි..

උඹට ජය!

මම කල්ලා...




Monday, 11 September 2017

අභි නොනික්මණ - දෙවෙනි හා අවසාන කොටස



කලින් කියෙව්වේ නැතිනම් මුල් කොටස මෙතනින් කියවා එන්න

පිත්තල හන්දියේ හැමදාම දකින රතු එළිය වෙනුවට එදා කොළ එළියක් දැල්වෙමින් තිබුනා.. නොනවත්වාම රථය ධාවනය කල අසංක විහාරමහා දේවී උද්‍යානය අසල රථය නවත්වා සිඟිති උයන දෙස බලා සිටියා උද්‍යාන පල්ලන් කිහිප දෙනෙකු මිස ළමුන් කිසිවෙකුත් නොවූ එදෙස බලා සිටීමෙන් ඔහුගේ සිත සංසුන් වූවාද නොවූවාද ඔහුට වැටහුනේ නෑ. හදිසියේ නින්දෙන් ඇහැරුණු අයෙකු මෙන් එක්වරම සිය ජංගම දුරකතනය අතට ගත් අසංක එහි බොත්තම් කිහිපයක් තද කලා.

"යස් මිස්ට අසංක" සිය කාර්යාල හිතවතියගේ ලෙන්ගතු හඬින් නම් ඔහු පියවි සිහියට ආවා.

"මේඛලා.. මං හදිස්සියේ පොඩ්ඩක් එළියට ආවා.. අද අර අළුතෙන් ට්‍රේනි ගර්ල් කෙනෙක් ආවානේ මට.. ඒ ළමයට ඉඳගන්නවත් කියන්න බැරි උනා හරියට.. පොඩ්ඩක් බලනවද ඒ පැත්ත.. අයිටී ඉන්ඩක්ශන් එකටයි. සේෆ්ටි ඉන්ඩක්ශන් එකටයි බලල යවන්න.. මීල් රූම් එකටත් ඩීටේල්ස් දෙන්න ප්ලීස්.. නිකං ඉන්නවනම් කියවන්න අපෙ පොලිසි මැනුවල් වගේ කොමන් ඩොකියුමන්ට් දෙක තුනක් දෙන්න.. ජොබ් එකට අදාල දේවල් මොකුත් දැම්ම කියන්න යන්න එපා.. මං තව ටිකකින් එනවා..ඩූ ඉට් ෆො මී ප්ලීස් මේඛලා"

"විත් ප්ලෙශර්.. ශුව මිස්ට අසංක.."

"තෑන්ක්ස් අ ලොට්.. බායි"

නිදහස් වුනු අසංකගේ සිතට එකපාර මතක් උනේ සමන්මලී ඇවිත් බුලත් අතත් දීල දණ ගහල වැඳපු විදිය.. මීට කලින් අසංකට ගෑණු ලමයෙක් වැඳල තිබුණෙ ජීවිත කාලයටම දෙපාරයි.. ඒ වෙන කවුරුත් නොවෙයි අසංකගෙම නංගී.. පළවෙනි පාර රට යනකොට විවාහ වෙලා හිටපු නැති නංගී යන්තම් පහත්වී තමාට වැන්ද බවත් ඉන් වසර කිහිපයකට පසු අසංකගේ වැඩි වියදමකින් පැවැත්වූ ඇගේ විවාහය දවසේදී නොරටක සිට පැමිණ සිට තමාට ඇය බුලත් හුරුලක් දී දණගසා වැන්ද බවත් අසංකට මතක තිබුණි. ඊට අමතරව ඔහු හිත යටින් වැඳුමක් බලාපොරොත්තුව සිටි දිනයක්ද විය.. බොහෝ කලකට පෙර කියවූ එක්තරා පොතක කුලවමියක් සරණ බැඳ යනදින තම අතගත් මනාලයාගේ දෙපා නැමදි වගක් සටහන් වී තිබිණි. එහෙත් කිශානී හෝ ඇගේ පවුලේ වැඩිහිටියෙකු ඒ පොත කිසිදිනෙක කියවා නැතිබව පමණක් එදින අසංකට පසක් විය..

අරමුණකින් තොරව වාහනයෙන් බැසගිය අසංක පාර මාරු වී ෆාමසියකින් ග්‍රයිප් වෝට බෝතලයක් හා තවත් බිළිඳු නිශ්පාදන දෙක තුනක් මිළදී ගෙන හැකි ඉක්මණින් නැවතත් තම කාර්යාලය වෙත වාහනය ධාවනය කරන්නට විය. 

*******************************
සමන්මලීට කාර්යාලයේ වැඩ අමාරු නොවූවාද නැත්නම් අමාරු රාජකාරි ඇයට නොපැවරූවාදැයි කිසිවෙකුට ගැටළුවක් නොවීය.. රුපියල් විසිපන්දහසක් වූ ඇයගේ 'ට්‍රේනින් පඩිය' ඇයට සහනයක් වූ බවත් ඇය සතුටින් රාජකාරී කරන බවත් හඳයා පැවසූවත් ඊට පෙර සිටම එය අසංකට දැනී තිබිණි. පළමු වැටුප ගත් දින ඇය අසංකට වතුර රස්නෙන් තබාගෙන පානය කල හැකි ආකාරයේ අලංකාර බඳුනක් තෑගි කලාය. 

'මොකටද වියදම් කරේ අපරාදෙනෙ.. ඔයාගේ වියදමට ඉතුරු කර ගන්න.. වැඩ ටික ඉක්මණට අල්ලගෙන ජොබ් කන්ෆමේශන් එක ගන්න ට්‍රයි කරන්න.. ඒක තමයි වැදගත්' පණ්ඩිත වාක්‍ය පැවසූවද ඇය කෑමට ගිය පසු එය දෙතුන් වරක් කරකවමින් බලා මේසයේ කොණක තබමින් එහි හැඩ බලන්නට අසංක අමතක කලේ නැත. 'මේක තියෙනවනම් පොඩි මැට් එකක් ගන්නවෙයි' ඔහුට සිතුණි. එසැණයකින්ම ඇය ආපසු එනු ඇතැයි සැක සිතුණු නිසාදෝ කඩිමුඩියේ නැවත ජෝගුව ඇසුරුමට එබූ අසංක එය ඇසුරුම පිටින්ම මේසයේ නොගැලපෙන කෙලවරක තබා තම කොම්පියුටරයට මූණ ඔබා ගත්තේය.

පසුදින අසංක කාර්යාලයට පැමිණෙන විට ලස්සන පොඩි මැට් එකක් උඩ ඒ නිල්පාට ජොග්ගුව තබා මද රස්නයෙන් යුතු උණු වතුර එකක් එහි පුරවා තිබිණි. තම කාර්යාල මේසය වෙනදාට වඩා පිළිවෙලකට අස්පස් වී ඇති බවක් අසංක දුටුවද ඔහු වඩාත්ම පුදුම වූවේ තමා පෙරදින මේ ජොග්ගුව තබා ගැලපේයැයි සිතූ ස්ථානයේම අද දින එය තිබෙනු දැකීමෙනි. එදිනවත් ඉන්පසු ගතවුණු සිව් මසකට ආසන්න කාලය පුරාවත් අසංක මේ පිළිබඳව සමන්මලීගෙන් විමසීමක් නොකල නමුදු එදින උදය වරුවේ සමන්මලී කිහිප සැරයක් තමන් දෙස බිය සැක මුසු ලෙස හොරෙන් හොරෙන් බලනවා අසංකගේ ඇස ගැටිණි.  

මේ අතරතුර දිනෙක තම විවාහයේ තුන්වන සංවත්සරයත් පුතුගේ පළමුවන උපන් දිනයත් ලඟ ලඟ දින දෙකක යෙදී තිබුණු හෙයින් අවස්ථා දෙකම අළලා විශේෂ සාදයක් කිශානී විසින් සංවිධානය කරන ලදී.. අසංකගේ අදහස වූයේ ළඟම හිතවතුන්ට නිවසට ආරාධනය කොට කෑමක් පිළියෙල කිරීම වුව 'පැමිණෙන අයගේ පහසුව තකා' කිශානී විසින් එය කොස්වත්තේ පිහිටි උත්සව ශාලාවකට පවරන ලදී. ඒ සමගම ගෙට ගෙවදීමට පෙර සිට අසංක සිතා සීටි පරිදි තුන් වේල් පිරිතක් කියා හාමුදුරුවරු දෙතුන් නමකට හීල් දානයක් දීමද යටත් පිරිසෙයින් තව වසරකින් කල් ගියේය. 

මහ රෑ ඒසී කල හෝටල් කාමරය තුල පැවති උත්සවයේ බිලටත් වඩා අසංකට දරා ගත නොහැකි වූයේ.. අසනීපයෙනුත් සිටි පොඩි එකා මරහඬ දී අඩන්නට පටන් ගැනීමයි.. කිශානීගේ මවට කෙසේවත් මේච්චල් කරගත නොහැකි වූ පොඩ්ඩා වාසනාවකට හෝ අවාසනාවකට 'හඳයා' හා බිරිඳ සමග පැමිණ සිටි සමන්මලී තුරුලේ සැනහෙමින් නිදන්නට වීම අසංකට කෙසේ වෙතත් කිශානිටනම් බොහෝ සෙයින් සතුට ගෙනා බව පෙණුනි. සාදයේ තවත් අතුරු ඵලයක් ලෙස පසුදිනම අසංක නුගේගොඩ දඹදිව චාරිකා සංවිධානය කරන ආයතනයට කතා කොට 'හදිසි අවශ්‍යතාවයක්' නිසා අත්තිකාරම් බැඳ වෙන්කර තිබූ ටිකට් පත් දෙක කැන්සල් කරන ලෙසත් අත්තිකාරම් මුදල් ඉදිරි චාරිකවක් වෙන් කිරීම සඳහා යොදා ගන්නා ලෙසත් උපදෙස් දුන් අතර අම්මාට කතා කොට නුගේගොඩ ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙවර ගමන ඉන්දියාවේ කලබල නිසා අවලංගු කර ඇති බවත් ගමන යන දිනය ඉදිරියේදී තමාට දැනුම් දෙන බවත් පැවසූවායැයි සම්‍යක් සත්‍යයක් ප්‍රකාශ කලේය. 

සාදයෙන් පෙර හා පසුවද කිශානී 'කිශානී' ම වූ අතර අසංක, අසංක වෙනුවට 'ප්‍රභාත්' විය.

සඳුදා සහ අඟහරුවාදා බැංකොක් හී සූදානම් කර තිබූ වාහන ආනයන කරුවන්ගේ ලෝක සංසදයේ වැඩමුළුවට සහභාගී වන ලෙස ඉහළින් ලැබුනු දැනුම්දීමට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට අවස්ථාවක් මෙවර අසංකට නොවීය. පසුගිය මාස හය තුල තමා දෙවරක්ම මෙවැනි 'කැට' නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් වෙන අයට 'පාස්' කල බව පමණක් ඔහුට සිහිවිය. ගමන ස්ථීර කිරීමෙන් පසු ඉරිදා හවස ෆ්ලයිට් එකට ටිකට් එක පවා කිශානි සිකුරාදා හවස එනවිට ගෙදර ගෙනැවිත් තිබිණි. කාර්යාල කාමරයෙන් පිට රාජකාරීවලදී වෙනදා නොතිබූ මොකක්දෝ කම්මැලි කමක් දැන් තමා පසුපස එන බව අසංක තේරුම් ගෙන සිටියත් ඒ ගැන වැඩිදුර සිතන්නට ගියේ නැත. කලයුතු විශේෂ රාජකාරීයක් නැතුවද සිත රවටා ගැනීමට ඔහු ඉරිදා උදය වරුවේ කාර්යාලයට ඒමට සිතා ගත්තේය.

********************************

ඩෙනිම් කලිසමට නිල්පාට කොටු වැටුණු සැහැල්ලු කොට්න් කමිසය හොඳින් ගැලපුණි. වෙනදාට බොහෝ විට අමතක වන 'රෝයල් මිරාජ්' සෙන්ට් එක එදා අසංක ටිකක් වැඩිපුරත් එක්ක ගල්වා ගත්තේය. අසංක ඔෆීස් එකට එනවිට අට හමාර පසුවූවා පමණි. මද රස්නය රැගත් උණු වතුර ජොග්ගුව මේසය මත සිහින් දුම් රැල්ලක් මුදාලමින් තිබුණි. 

"ගුඩ් මෝනින් සර්"

කාමරයේ කෙළවර ලිපිකරු මේසය අසල උඩවැඩියා මලක් පිපී ඇත. මොහොතකට අසංකට ඇස් ඉවතට ගත නොහැකි විය. සාරිය වෙනුවට ගවුමක්.. බැඳපු කොණ්ඩය වෙනුවට පිට මැදට කඩල දාපු කැරළි කොණ්ඩයක්.. පළපුරුදු කෙනෙකු මෙන් ඇඳුම මැච් කරල ගාල තියෙන තොල් ආලේපනයක්.. හැබැයි අර ලස්සන දිලිසෙන මුව ඇස්.. 

"මෝනින්.. අද සමන්මලී ගොඩාක් වෙනස්.." 
කුහකයෙක් වෙන්න හොඳ නෑ.. 
"ලස්..සනයි.." මොහොතකට අසංක අසංකම උනා.

"සර්ත්.. තැන්කියූ සර්.." සමන්මලීත් ඒ ටික කියා ගත්තෙ අමාරුවෙන්..

වෙනදා වගේ ලැප් එක දිග ඇර ගත්තත් අසංක ඒ දිහා බලනවට වඩා කරේ මේසෙ උඩ තිබ්බ කොලයක් කුරුටු ගාන එක.. සමන්මලී කොයි වෙලේ හෝ තමුන්ට ඇමතුමක් ලැබේයැයි විමසිලිමත් වෙමින්ම යම් දත්ත වගයක් කොම්පියුටරේට කවමින් සිටියා..

අඩුම තරමින් ඉදිරි පැය තුනක් හෝ හතරක් මේ දෙය මෙයාකරයෙන්ම සිදු උනා.

"සමන්මලී විශේෂ වැඩක් නැත්නම් දැන් යන්න.. මාත් තව ටිකකින් යනවා. ෆ්ලයිට් එක රෑ අටට.. හෙට අනිද්ද දවස් දෙකේ ඔයාගේ ස්ටඩීස් මොනව හරි තියෙනවනම් කර ගන්න.. මතක ඇතුව ට්‍රේනින් රෙකෝඩ් එක අප්ඩේට් කරන්න.." තව මොනවද මොනවද උපදෙස් ටිකක් දුන්නට පස්සේ සමන්මලී පුටුවෙන් නැගිටල අසංක ලඟට ආවා. 

"සර් එහෙනම් මං යන්නම්.. මං ආවට පස්සෙ සර් පිටරට යන පළවෙනි දවස.. බුදු සරණින් එහෙනම් පරිස්සමින් ගිහින් එන්න" එක්වරම මේසය වටෙන් පැමිණි ඇය අසංක පාමුල දණ ඔබා වැන්දා.. 

පුටුවෙන් නැගිටුනේ ඉඳං හිටිය අසංක නෙවෙයි.. බිමට නැමුණු අසංක දෙවුරෙන් අල්ලා සමන්මලීව සිටෙව්වා.. ඇගේ උරපතු දිගේ ගෙල දෙසට ඔහුගේ අත් ගමන් කරා.. ඇගේ සිහින් ගෙල වටේ එක්වුණු අසංකගේ දෑතේ මහපට ඇඟිලිවලින් ඒ නිකට ඔසවනු ලැබුවා.. දෙයියනේ ඇස් දෙකේ කඳුලු.. දින දෙකකට වෙන්වන තම ස්වාමියා වෙනුවෙන් සේවිකාවකගේ නෙතකට උනන කඳුලු වලට වඩා වැඩි බරක් ඒ කඳුලු වල අසංක දැක්කා.. 

සමන්මලීගේ ගෙලට ඒ නිකට ඔසවා තබාගෙන ඒ ඇස් අසංකගේ ඇස් වෙත රඳවා තබා ගත හැකි වූ විට අසංකගේ නැවත ඇගේ උරපතු දිගේ දෙ අත් ගොබ සොයා ගියා.. ඉන්පසු නැවත උරපතු වෙතත් එතනින් පිට දිගේ මදක් දුර පහලටත් ගමන් කල ඒ අත් විදුලි වේගයකින් මෙන් එක්වරම සමන්මලී අසංක වෙත ඇද ගනු ලැබුවා.. මෙතෙක් සිහිනෙන් පමණක් රසවිඳ තිබූ රසවත් පළතුරක් ලෝකයේ කොහේදෝ කොණක තිබී තමන් අතට හැබෑවටම පත් වුනාක් වැනි හැඟීමකින් අසංක ඒ දුර්ලභ වූ පළතුර පරිස්සමින් සිප ගත්තා.. වායු සමීකරණය කර තිබූ ඒ සීතල කාමරය තුල මෙතෙක් තමා පැතූ ඒ සදාතනික උණුසුම අසංකට දැණුනා. 
ගතවූයේ නිමේශයකටත් අඩු කාලයක් විය හැකියි.. අසුරු සැණකින් තම අත් ගොබ වලට මැදිවී පොලොවෙන් ඉහලට එසවී සිටි සමන්මලීවත් රැගෙන අංශක එකසිය අසූවක කෝණයකින් ආපසු හැරුණු අසංක තම දෑතට එවලේ අසුවූ තමා පැතූ ලෝකය මෙතෙක් තමා වාඩිවී සිටි පුටුව මත හෙලුවා. රැගෙන යාමට කිසිවක් නොවූයෙන් හිස් අතින්ම කාර්යාල කමරයෙන් පිටවී අසංක ද ප්‍රභාත් ද නොවූ ඔහු තම රථය වෙත පැමිණ හදිසියෙන් මෙන් ඔෆීස් පාක් එකෙන් පිටතට රථය ධාවනය කරා..

********************************
සමන්මලී.. 'මට ඒ නමින් කතාකලේ ඔහු පමණයි.. අනිත් අයගෙන් වසන් කිරීමට උත්සහ කල ඒ නමින් ඔහු අමතද්දී මං ඒකට කැමති උනේ ඇයි' ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි උනා.. ඇය වැඩිදුර කිසිවක් සිතුවේත් නෑ.. සුළු වෙලාවකට ලද ඒ උණුසුමෙනුත් කිසිදා සිහිනෙන් හෝ වාඩි වීමට උත්සාහ කල මෙම පුටුවේ වාඩිවී සිටින මේ අහම්බයෙනුත් ඇය විකසිත වී සිටියා.. ඇස් එකලස් කරගත් මොහොතේ ඒ මේසය මත වූ කටු සටහන් ගොන්නේ ලියා තිබුණු මේ පද වැල් සමන්මලීගේ නෙත ගැටුනා.. 

නේරංජන දිය රැළි මත
බිඳී යයි ඇසළ පුරහඳ
කිරිපිඩු ගෙන මග නොබලන් සුජාතාවනි...
මම කොහොම නික්ම එන්නද ගිහි ගෙයට නොපැරදී...
සියක් පෙර නිමිති දැක ඉපදෙමින් මැරි මැරී...
කල්පයක් තවත් ඉවසා අපි පුරමු පාරමී...

කන්ථකද විකුණු මුදලින
සාරි දෙක තුනක් අරගෙන
සාද දා නටා සූ සැට සිල්ප දක්වනා...
නළඟන නිසා නොවේ රාහුල නමින් නවතිනා...

ගම පුරා හැදුනු නිබ්බුත
අසා කළකිරී තැවෙමින
බාවනා වඩා මගඵල ලබන්නට බැරී...
කැණිමඩලට උරදෙමි තුරුලේ සුවය හිමි නැතී... 

**** නිමි ****

****************************************
නිධාන කතාව

නුවර එලිෆන්ට් වෝක් හෝටලයෙදි 2002 වසරේදි වරක් පැවැත්වුණු සාදයක් අතරතුර ඝෝශාකාරි සංගීතය මැද්දේ එවකට පේරාදෙණිය වි.වි. අවසන් වසරේ ශිෂ්‍යයෙකු වූ මා අතිජාත මිත්‍ර ජයවීර බණ්ඩාර පේපර් සර්වියට් එකක යමක් කුරුටු ගාමින් උන්නා. මද වේලාවකින් මා ඇමතූ ඔහු 'මේක කියවලා බලපං ඔය මට ඊයේ රෑ හිතට ආපු අදහසක්' කියා ඉහත ගීතය අඩංගු පේපර් සර්වියට් කැබැල්ල මගේ අතට දුන්නා. පළමු වර කියවීමේදීම එහි අර්ථයත් පද ගැලපීමත් නොමැකෙන ලෙස මගේ හිතේ සටහන් වුණා. වරෙක මෙම ගීතය 'කපුගේ' ලවා ගායනය කරවීමට අප කතිකා වුවත් ඒ සඳහා අවස්ථාවක් ගැනීමට නොහැකී වූ නිසාත් කපුගේ මහතා ගේ අකල් වියෝව නිසාත් එය මෙතෙක් පද රචනයකට පමණක් සීමා වුණා. 

ගීත රචනයෙහි මෙන්ම තොරතුරු තාක්ශණයේද කෙළ පැමිණියෙකු වූ මොහු මා කොම්පියුටර් ගැසීමට ඉගෙන ගැනීමටද පෙර පටන් බ්ලොග් ලියන්නෙක් වී සිටියා.. පේරාදෙණිය වි.වි. තේමා ගීතය ලෙසත් සයන්ස් ෆැකල්ටියේ තේමා ගීතය ලෙසත් දැනටත් භාවිතා වන ගීත දෙකත් තව ඉතා අලංකාර ගීත හා පබැඳුම් කිහිපයක් සමග මේ පබැඳුම ද  ඔහුගේ මෙම බ්ලොග් සටහනෙහි ඇතුලත් වෙනවා. 

රාජකාරී කටයුතු වලට මුල් තැන දෙමින් නිර්මාණකරනයෙන් බැහැරව ඉන්න ඒ අති දක්ශ නිර්මාණශීලී මා මිතුරාට නැවත බ්ලොග් අවකාශයේ සැරි සැරීමට සිත් පහල වේවායි අවසන් වශයෙන් ලියා තබමි. 


Thursday, 7 September 2017

අභි නොනික්මණ


ගාලු පාරදිගේ කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ අසංක ගේ රථය සැන් මයිකල් පාර දිගේ ගොස් ලිබර්ටි වටරවුමෙන් වම්පසට හරවා බොරැල්ල දෙසට ගමන් කරන්නට විය. ඔෆීස් පාක් එකෙන් හදිසියේ මෙන් එළියට ගත් රථය පුරුද්දට මෙන් ගාළු පාරේ පැමිණ මෙතෙක් දුර ධාවනය කලද එය තමා සිතා මතා ධාවනය කලේද නැත්නම් අනිච්චානුකව සිදුවූ දෙයක්දැයි අසංකට නිනවු නැත. විවේකී ඉරිදා දිනයේ කොළඹ පාරවල වාහන තදබදය බොහෝ අඩු බැවින් එය අසංකගේ මනෝ ලෝකය හා එතරම් ගැටුනේද නැත. කෙසේ නමුත් පිත්තල හංදියේ කලර් ලයිට් ලඟ වාහනය නැවැත්වීමට සිදුවීම නිසා තමා මේ යන්නේ තමන්ට හුරු බොරැල්ල දෙසට බවත් මෙහි අවසානය රාජගිරිය කලපළුවාව පළමු පටුමගේ තමන්ගේම යැයි කියාගන්නා නිවස බවත් ඔහුට සැනෙකින් පසක් විය. ඒ හා සමඟම හිරිවට්ටා සැත්කමකට භාජනය කොට තිබූ තුවාලයක් හිරි ඇරීමේදී ඇදුම් දෙනවාක් වැනි වේදනාවකින් ඔහුගේ පපුව පිරී යන්නට විය.


*******************************

"සමන්මලී, මම මන්ඩේ ටියුස්ඩේ නැති නිසා හෙට උදේ වරුවේ ටිකක් ඔෆීස් එකට එනවා. විශේෂ වැඩක් තියෙනවනම් නෝට් ඒකක් දාල ටේබල් එක උඩින් තියල යන්න...."
"නෑ සර්, කමක් නෑ.. මම සර් එන වෙලාවට ඔෆිස් එකට එන්නම්.."
එය අසා මුවට නැගුණු මදහස සඟවා ගන්නට උත්සාහ දරන්නාක් මෙන් අසංක තැනට නොගැලපෙන තරමේ විශ්මයාර්ථයක් මුහුණින් පෙන්නුම් කලද ඊට ගැලපෙන වචන කිහිපයක් සොයා ගැනීමට අපොහොසත් වූයේ, නිකම්ම " හ්ම්.. කරදරයක් නැත්නම් විතරයි" කියා හනික සෙනසුරාදා හවස තම කාර්‍යාලයෙන් පිටවිය.

'කෙල්ල එන බව දැනගෙනම මං එහෙම ඇහුව කියල එයාට හිතුනද දන්නෙත් නෑ'. විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපස පාරේ අත් අල්ලාගෙන නිදහසේ පුරහල දෙසට ඇවිද යන තරුණ ජෝඩු වල දර්ශනයෙන් ඔහු වෙනදාට වඩා කුල්මත් වී සිටී.. 'යන්න ඕනෙ කෙන්ට් එක පැත්තෙ, හඳය මොකද දන්නෑ කරන්නේ' කාලෙකට පසු අත්විඳින මේ සමනළ සැහැල්ලුව නිකන්ම සෝදා හැරිය යුතු නැත.

හඳයා හෙවත් කොළඹ ආපසු නැවත හමුවූ මේ අතිජාත ගමේ මිත්‍රයා, 'මූට අපි හඳයා කියන බව මෙහෙ කවුරුත් දන්නේ නැතුව ඇති.. උගෙ කැම්පස් කාඩ් එකත් වෙන මොකද්ද නේ', ඔහු ගැන මෙනෙහි කරන හැම මොහොතකම නිරායාසයෙන් අසංකගේ හිතට නැගෙන සිතුවිල්ලයි. වසර හතරකට වැඩි කාලයක් රතු වැස්සීගේ හැඩකාර දඟයා, ගමටම හයිරං පාපු රතු හඳයාගේ ආඩම්බර අයිතිකාරයා වූ 'හඳයා' තම සුරතලාගේ නමින්ම තමන්ට ඇමතීම ගැන නම් එතරම් පැහැදීමකින් එකල නොසිටි බව අසංක සිහි කලේය. 'දැන්නං ඌ ඒ නමට ආසයි'. 


*********************************

අසංකට වඩා දෑවුරුද්දකින් වැඩිමල් වුවද ඔහු ආශ්‍රය කිරීම ගැන ගෙදරින් අවනඩුවක් නොවූයේ දෙදෙනාම ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව කඩඉම ජයගෙන නගරයේ එකම පාසැලක අකුරු කිරීමත් කොතරම් නොසණ්ඩාල වැඩ කලද ඉගෙනීමේ කටයුතුද යහපත් මට්ටමෙන් කරගෙන ගිය නිසාත් විය යුතුය. අසංක උසස් පෙළ සඳහා වානිජ විශයය තෝරා ගත් අවුරුද්දේම හඳයා කලා අංශයෙන් සරසවි වරම් ලබා පාසැලෙන් පිටවිය. ඔහු කැම්පස් යනතුරු වසරක් හමාරක් කඩින් කඩ හමුවී පොඩි ජල්ලියක් ඇල්ලුවද ඉන් මතු දෙදෙනා අතර මහා ලොකු සම්බන්දයක් පැවැත්වීමට අවකාශ නොලැබිනි. කළමනාකරණ පීඨයේ ඉගෙන ගනිද්දීම වරලත් ගණකාධිකාරී වරයෙකු වශයෙන් සුදුසුකම් සපුරාගත් අසංක උපාධිය ලබා වසර දෙකක් ඉක්මවීමටත් ප්‍රථම විදේශ ගතවීම නිසා ඔහුගේ බොහෝ සබඳතා සීමා වුණි.

පවුලෙං ඈත්වී වසර හයක් රටවල් දෙකක ස්ථාන තුනක රාජකාරී කිරීම අසංකට එතරම් අපහසු නොවූයේ කුඩාකල පටන් ඔහු සිතූ පරිදි ඔහු හා තම පවුල අතර තිබුණු දුරස්තර භාවයයි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනියා වූ අසංකට පවුලේ විශේෂ ස්ථානයක් නොලැබුනේය. අයියා ලොකු වීම නිසාද නංගී එකම කෙල්ල වීම නිසාද මල්ලී බාලයා වීම නිසාද ඔවුනොවුන්ට හිමි විශේෂ වරප්‍රසාද බුක්ති විඳිමින් සිටියහ. සමහරවිට සෑම දෙයක්ම ඕනෑවටත් වඩා දුරට හිතන අසංක තව කරුණක් නිසා තමන් පවුලට බරක් වූවාදැයි කුහුලෙන් සිටියේය. අසංක හා අයියා අතර වයස පරතරය අවුරුදු හතරක් විය. නංගී හා බාල මල්ලී අතර එය වසර තුන හමාරකි. නමුත් ඔහු හා නැගනිය අතර වයස පරතරය යන්තම් වසරක් හා මාස තුනකි. යමක් කමක් තේරෙන වයසට ආපසු අසංක මෙය සංසංදනය කර බැලීය. ඔහුගේ නිගමනය වූයේ තමා ඉපදීමට පෙර දෙමවුපියන් ගැහැණු දරුවෙකු බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් එය ඉටු නොවුණු නිසා ඔවුන් ගැහැණු දරුවෙකු සාදා ගැනීමට ඉක්මන් වූ බවත්ය. මෙය අදටත් ඉඳ හිට  අසංකගේ සිතට එන නමුත් දැන්නම් ඔහු මදහසකින් එය බැහැර කරයි. නමුත් එදවස එය එසේ පහසු නොවීය.

සාමාන්‍ය සිරුරකින් හෙබිව සිටි එතරම්ම කඩවසම් නොවූ තමා දෙස කිසිදු ගැහැණු ලමයෙකු විශේෂයෙන් ආකර්ශනය නොවේ යැයි ඔහු සිටි පූර්ව නිගමනය නිසා පාසැලේදීවත් විශ්ව විද්‍යාලයේවත් ඔහුට පෙම්වතියක් නොවීය. ඔහු හැසිරුනේද එය ඔහුගේ අභිරුචිය වූ පරිදි හෙයින් නොයෙක් හේතූන් මත ලඟින් වැඩ කටයුතු කිරීමට සිදුවූ කිසිදු ගැහැණු ලමයෙකුවත් කිසිදිනෙක ඔහු හා ඕනෑවට වැඩි භජනයකට යෑමට බිය විය.  


*******************************

කෙන්ට් එකට ඇතුළුවීමට ඇති ස්ථානයේ ඇති පෙට්‍රොල් ශෙඩ් එකේ නිදහස් ස්ථානයක් බලා වාහනය ගාල් කල අසංක ඒ සෙනසුරාදා හවස් යාමයේ හඳයා පැමිනෙණ තුරු බලා සිටී.. මීට හාර පස් මාසයකට ප්‍රථමව මෙවන්ම වූ දිනයක තමා හඳයා බලාපොරොත්තුවෙන් මෙහි මෙයාකාරයෙන්ම සිටියේයැයිද අද හා ඒ දවස තුල යම් පුදුමය එළවන සුළු සමානාත්මතාවයක් ඇතැයිද ඔහුට සිතෙන්නට විය. එදා හඳයා වෙනදාට වඩා බැරෑරුම් මුහුණකින් තමා හමුවට ආ සැටිත් මදුවිත තොල ගානවට වඩා ඔහු කල්පනාවේ නිමග්නව සිටි හැටිත් තමා නිරීක්ශනය කල බවද ඒ පිළිබඳව තමා විමසීමක් කල විට ඔහු කථා කල අයුරුද ඒ අයුරින්ම ඔහුගේ මනසේ රැඳී තිබේ.

"මචං අපේ වයිෆ්ලගේ ලඟින්ම නෑයෝ වෙන පවුලක ගෑණු ළමයෙක් ඉන්නව රස්සාවක් හොයනව. බුලත්සිංහල ගම. ඕපන් යුනිවසිටියේ මැනේජ්මන්ට් ඩිග්‍රි එකකුත් කරා. හැබැයි කෙල්ලගෙ කඩ්ඩයි කොම්පියුටරුයි එච්චරම පොලිශ් නෑ. යන්තං තමයි ගැටගහ ගන්නෙ. දැන් වැඩ කරනව නුගේගොඩ තැනක පොඩි ක්ලාර්ක් වැඩක් රුපියල් පාලොස් දාහයි දෙන්නෙ.. කෙල්ලගෙ වියදමටවත් මදි. මාත් අලුතෙම්මනෙ මේ ඇපොයින්මන්ටෙක ගත්තෙ. ඒක නිසා මං ඉන්න තැනකට ගන්නත් බෑ. අනික ඒක හරිත් නෑනෙ බන්. මහ උනුත් හරිම අමාරුවෙන් ගැටගහගන්නේ, අපේ උන්දැත් නිතරම කියනව මොකක් හරි ටිකක් හොඳ තැනකට කෙල්ලව දාල දෙන්න කියල. මං ඉතින් මේ උඹෙන්වත් අහන් නැතුව හිටියේ අපේ කොම්පැණියටත් හපන්නෙ උඹලයේ. කඩ්ඩයි කොම්පියුටර් කොටන්ඩයි බැරුව මෙලෝ දෙයක් කරන්න බෑනේ."

"හහ් හහ් හා.. ඕකද උඹ මූණ පුළුටු කරං හිටියෙ. ලබ්බේ කොම්පියුටරුයි කඩ්ඩයි.. ඒ දවස් වල අපි කඩ්ඩෙං කෙටුවද බන්.. ඕව වැඩකට ගියාම හරියනව.. උඹ එවපන් මං ගාවට. මං කොහොමත් සෙකට්‍රි කෙනෙක් අරන් නෑ. අපි පුරුදු කරල ගමු" එහෙම නිදහසේ කතා කරේ තමන්ද නැත්නම් උගුරෙන් පහලට ගිය චන්ඩියාදැයි එකවරම අසංකට සිතා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ඔහු වහාම වරද නිවරද කලේය. "අපි මාස හයක් විතර ට්‍රේනින් ඇග්‍රීමන්ට් එකක තියල බලමු. මං ගාවම තියා ගන්නංකෝ. එතකොට ඔය අඩුපාඩු කාටවත් පේන්නෙ නෑනෙ." එවර ඔහුට පෙරට වඩා පහසුවක් දැණිනි.    


*********************************

CV of Ayesha Samanmali Herath.. සම්පූර්ණ නම හේරත් මුදියන්සේලාගේ අයේෂා සමන්මලී, භාවිතා කරන්නේ හේරත් අගට. සමන්මලී කියනවට අකමැති ඇති ඒකනේ ඊ මේල් එක ayeashash87@ වෙන්නෙ. හිහ් හිහ්.. දැන් කෙල්ලො කොහොමත් පොශ් නම් වලටනෙ කැමති.. හඳයාගේ ඊමේල් එකත් එක්ක ආපු ඇටැච්මන්ට් එකේ ප්‍රින්ට් අවුට් එක අතේ තියාගෙන අසංක තනියම හිනා වුනා.. ඒත් පොශ් නම්.. එහෙම කියද්දි අසංක එක පාරම හීතල වෙලා ගියා..    

Thanking you for gracing our precious occasion- Kishani & Prabath 
එහෙම තමයි අසංකගෙයි කිශානිගෙයි වෙඩින් එකේ තැන්ක්යූ කාඩ් එකේ තිබ්බේ. "අයියෝ බබා අසංක කියන නම කිශානි කියන එකත් එක්ක මැච් වෙන්නෙ නෑනේ. ඉතින් ප්‍රභාත් කියන්නෙත් ඔයාගෙම නමක් නෙ.. ඇයි ඕක දැම්මම ඔච්චර ප්‍රශ්ණයක් වෙනවද?" මුලින් මේ අදහස දාපු වෙලේ අසංක තදින්ම විරුද්ද උනේ ඔහු මේ මගුලට ආරාධනය කිරීමට සිතා සිටි ඔහුගේ ආගන්තුක මිතුරන් කිසිවෙකුත් ඔහුගේ මෙම මැද නම නොදැන සිටිනා බව සක් සුදක් සේ දැන සිටි නිසයි. කුඩා කල පාසැලේ කනිශ්ඨ පන්තිබාර ගුරුතුමිය 'අසංක ප්‍රභාත් සමරනායක..අ' කියූ විට අත ඔසවා 'ඉන්නව ටීච..අ..' කියුවායින් පසු ඔහුට මතක විදියට කිසිවෙකුත් ඔහුට ප්‍රභාත් කියා අමතා නැත. එදා මෙදා තුර තම හිතවතුන්ට අසංක වූ ඔහු රාජකාරීයේදී මිස්ට අසංක හෝ මිස්ට සමරනායක විය. රට ඉන්න කාලෙදී නම් සුද්දන්ට හා සිංහල නොදත් උන්ට සෑම් විය. වෙනකක් තබා තැන්ක්යූ කාඩ් එකට ඒ නම දැමීමට අදිමදි කරන කිශානී පවා ඔහු ආමන්ත්‍රනය කලේ අසංක හෝ අසා බබා කියායි. කරුණු කාරනා කෙසේ වේවා එදින හා ඉන්පසු බොහෝ අවස්ථාවල සිදුවූ පරිදි අවසානයේ ඇගේ කැමැත්තට ඉඩදී අසංක නිහඬ විය. අසංකට මතක විදියට මේ කරුණ ගැන නැවත ඔහුට කේන්ති ගියේ දෙවරක් පමණි. තැන්ක්යූ කාඩ් බෙදන වේලාව වන විට හොඳින් මත්වී සිටි වැඩිය පයුරු පාසානමක් නොතිබූ ඔහුගේ එක් මිත්‍රයෙකු හඬ නගා 'අපි හිතුවෙ කිශානි වෙන එකෙක්ව බැඳල අසංකයත් එක්ක පැනල යනව කියල, මේකෙ අසංකයගෙ නම නෑනෙ' කියනවිට කිශානී ඇඹරෙනවා දැක හා කිශානීට මේ යෝජනාව කර තිබුනේ ඇගේ රූපලාවන්‍ය කටයුතු බාරව සිටි ඒ සුදු විරූපී ගැහැණිය බව දැනගත් අවස්ථාවේ පමණි. 

තිස්තුන් හැවිරිදි වියෙහිවූ වරලත් ගණකාධිකාරී අසංක විදේශ ගතව පැමිණීමෙන් අනතුරුව ලංකාවේ ප්‍රමුඛ පෙලේ වාහන ආනයනය කර බෙදා හරින සමාගමක අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා ලෙස පත්වීමක් ලැබුණි. ඔහු පිටරට සේවයේ යෙදී සිටියදී ජපානයේ මුල්පෙළේ වාහන නිශ්පාදන සමාගමක් හා ගණකාධීකාරීවරයෙකු ලෙස කටයුතු කිරීම මේ සඳහා ඕනෑවටත් වඩා සුදුසුකමක් විය. කවදත් වෘත්තීය ජීවිතයේදී කෙළින් හා උවමනාවෙන් වැඩ කල අසංකට ටික දිනකින්ම විශ්වාසවන්ත කාර්‍යමණ්ඩලයක් ගොඩ නගා ගැනීමට හැකිවීම නිසා රැකියා ස්ථානයේ වගකීම් මැද වුවත් සැහැල්ලුවෙන් සිටීමට හැකි විය. ඔහු කියවීමට යොමුවිය. නිදහස් අවස්තාවලදී සිතට දැනෙන දේ කවිකර ලිවීමටද ඔහු පුරුදු විය. අසංක බ්ලොග් එකක් ලිවීමට පටං ගත්තේය. හිතට දැනෙන සිතුවිලි නිදහසේ අකුරු කල ඔහු බ්ලොග් අවකාශයේ මිතුරන් අතර ජනප්‍රිය අයෙක් විය. එහෙත් වෘත්තීය ජීවිතය තුල ඔහු කාර්ය බහුල පුද්ගලයෙකු වියයුතුයැයි හංවඩු ගසා තිබීම නිසා ඔහු අන්වර්ථ නාමයකින් පෙනී සිටිමින් තම අනන්‍යතාවය රැක ගැනීමට අසීරු උත්සාහයක්ද දැරීය. එහෙත් මෑතක හඳයා නැවත හමුවනතුරු අසංකට කොළඹ යාලුවන් සිටියේ නැත. ගෙදර නොගිය සති අන්තයක වෙන්ඩ්ට් එකේ තනිවම නට්‍යයක් බැලීමටත් එසේ නැතිනම් විහාරමහාදේවී උද්‍යානයේ සිඟිති උයනේ සෙල්ලම් කරන පොඩි උන් දෙස ඔහේ බලා සිටීමටත් හැර වෙනත් විශේෂ රාජාකාරීයක් ඔහුට නොවීය. ඉඳහිට මත් පැන් පානය කරත් තනිවම ගොස් බීමටවත් ගෙදර තබාගෙන බීමටවත් ඔහුට හුරු නොවීය.

රාජකාරී අවශ්‍යතාවයන් මත වසරකට කිහිප වරක් විදේශ ගත වීමට සිදුවූ අසංකට ලෝක වෙළඳ මධ්‍යස්තානයේ ගුවන් ටිකට් පත් නිකුත් කරන කාර්යාලයේ සිටි විසිපස් හැවිරිදි සුන්දර තරුණියක වූ කිශානී මුණ ගැසෙන්නේ ඔය අතරය.. මුලින් මුලින් සර් යැයි ආමන්ත්‍රනය කල ඇය තවදුරටත් යනවිට නිකම්ම අසංක යැයි කියා ඇමතීමට පටං ගත් හෙයින් අසංකද ඇය දෙස විශේෂයෙන් බැලීය. ටික දිනක් ඇසුරු කිරීමෙන් පසු ඇය අවිවාහක බවත් පෙම්වතකු නොමැති බවත් ගෙදරින් විවාහ වීමට බල කරන බවත් දැනගත් අසංක එක් සාමාන්‍ය වැඩ කරන දිනෙක දුරකථන ඇමතුමක් දී ඇගෙන් විශේෂ යමක් ඇසුවේය. එදින සිට ඇයට ඔහු 'අසා බබා' විය.     

විදේශගතව සිට පැමිණෙද්දී අත තිබූ මුදලින් නවීන පන්නයේ මෝටර් රථයක් මිලදී ගත් නිසා අසංක මිතුරෙකුගේ මාර්ගයෙන් බැංකු ණයක් අනුමත කරවාගෙන කලපලුවාව පළමු පටුමගේ බාගෙට ඉදිකර තිබූ මෙම නිවස මිලට ගත්තේය. ඔහුගේ රැකියා ස්ථානයේ ලිපි ශීර්ෂයක සටහන්ව තිබූ වැටුප් විස්තරය දුටු බැංකු කළමණාකාරවරයා දෙවරක් සිතීමකින් තොරව ඒසා විශාල ණය මුදල අනුමත කරණු දුටු අසංකට තමා කුඩා කල තම පියා රුපියල් පනස් දහසක නිවාස ණයක් ලබා ගැනීම සඳහා මාස තුනකට වැඩි කාලයක් බැංකු ගානේ රස්තියාදු වූ අයුරු සිහිවිය.. 'ලියන්න ඕනෙ මේක ගැනත් පෝස්ට් එකක්' බැංකුවේදීම ඔහු හිතා ගත්තේය. කෙසේ වුවත් හිච් වීමෙං පසු වියදම් ඉහල යාමත් වැටුපෙන් සැළකිය යුතු මුදලක් බැංකු ණයට බැර වීමත් බාගෙට සාදා තිබූ නිවසේ තාත්තාගේ මූලිකත්වයෙන් දිනපතා සිදුවන යම් යම් අලුත් වැඩියාවන්ට මුදල් වියදම් වීමත් ඒ ඔක්කොටම වඩා 'හෙට අනිද්දා වෙඩින් එක ගන්නකොට කීයක් හරි තියෙන්න එපැයි' යන සිතුවිල්ල නිසාත් අසංක අමතර වියදම් බොහෝ දුරට කපා දැම්මේය. අමතර නොවූවත් මාසිකව අම්මා අතට දුන් මුදලෙන්ද කොටසක් කපා දැමිමට සිදුවීම ඔහු කම්පාවට පත් කලේය.        

විවාහයේදීනම් ඔහුට එතරම් බරක් දැරීමට සිදු නොවීය. සරල සැහැල්ලු පුද්ගලයෙකු වූ කිශානී ගේ පියා ඔහුගේ වුවමනාවට වඩා සිය බිරිඳගේ හා දියනියගේ වුවමනා එපාකම් වලට අත දිගහැර වියදම් කර නට්ටං විය. විවාහයට දින දෙකකට පෙර කටාර් සිට සිය පිලිපීන ජාතික බිරිඳ සමග පැමිණි කිශානීගේ සොහොයුරාට අසංකව වත් අසංකට ඔහුවවත් එතරම් දිරෙව්වේනම් නැත. මුවින් නොබැන සියල්ල ඉවසූ අසංකට තැක්යූ කාඩ් සිද්දියෙං පසු විවාහය ගැන තිබූ අප්‍රසන්නම මතකය වන්නේ මදු සමය ගත කරනවා වෙනුවට දින දෙකක් තුල ලංකාවෙන් බාගයකට වඩා දුර ඇවිද්ද, අයියා වෙනුවෙං කිශානීගේ උවමනාවට සංවිදානය කල විනෝද චාරිකාවයි. අසංකත් කිශානීගේ පියාත් හැර අන් අයනම් එම චාරිකාවෙන් විනෝද වූ බවක් දක්නට තිබිනි. අසංක වඩාත් කම්පාවට පත්වූයේ ඔහු වඩාත්ම කැමැත්තෙන් බාරගත් මංගල තෑග්ග වූ තම කාර්‍යමණ්ඩලයෙන් ඔහුට අනුග්‍රහය දැක්වූ නුවර 'ට්‍රී ඔෆ් ලයිෆ්' හෝටලයේ දින දෙකක පැකේජය එක් දිනක ඝෝෂාකාරී දහවල් ආහාරයකින් පමණක් නිමා කිරීමට සිදු වීම නිසයි.  


*****************************
ට්‍රේනින් ඇග්‍රිමන්ට් එකක් නිසා මානව සම්පත් කළමණාකාරවරයා විසින් වැඩි කරදර කිරීමකින් තොරව සමන්මලීව අසංක වෙත එවා තිබිණි. ඇය මානව සම්පත් අංශයෙන් නික්ම කාර්යාල කාර්ය සහායකු සමග විගණන අංශයට පැමිණීමට ප්‍රථම තම හිතවතෙකු වූ මානව සම්පත් කළමණාකාරවරයාගෙන් අසංකට ඇමතුමක් ලැබුණි. 

"මිස්ට සමරනායක, අයි ඩෝන්ට් තින්ක් ශී විල් සූට් යූ ඈස් අ සෙකට්‍රි.. නීඩ් ලොට් ඔෆ් ඉම්පෲමන්ට්ස්.. බට් ශී ඉස් ක්වයිට් ඉනසන්ට්.."

"ඔන්ලි ඉනසන්ට් ඉට්සෙල්ෆ් වුඩ් නොට් හෙල්ප් නො ජයේ. බට් ලෙට්ස් සී" බොරු අහංකාරකමක් මවාපෙන්නමින් අසංක හිනා වුවද ඇය මොන තත්ත්වයේ සිටියද ප්‍රතික්ශේප නොකිරීමට ඔහු ඉටා ගෙන තිබුනි. එය තම මිතුරු හඳයාට පිටු නොපෑමට ගත් තීරණයක්ද එතනින් එහා ගිය තීරණයක්ද.. අසංක වැඩි දුර සිතීම පසුවට කල් තැබුවේය.

ටිනිනිනික්... ටිනිනිනික්..//

සියුම් හඬක් දෙමින් වයිබ්‍රේට් වන ජංගම දුරකථනය මොහොතකට අසංකට බාදා කලේය. ගෙදර ලෑන්ඩ් ලයින් එක.. අසංක මොහොතකට සැලී ගියේ ඇඟ මද රස්නයක් තියෙද්දී අම්මා අතට දී ආ පුතා ගැන එතෙක් විමසීමක් කිරීමට නොහැකි වූ බැවිනි. 

"ආ.. අසංක පුතා.. අම්ම කිව්ව කියන්න කියල එන ගමං ග්‍රයිප් වෝට එකක් ගේන්න කියල.. තව මොනවද වගයක් කිව්ව මට මතකත් නෑ.. කෝකටත් එනකොට මගදි කෝල් එකක් දෙන්න" කිශානී ගේ පියාගේ සැහැල්ලු කටහඬ ඇහෙද්දි අසංකටත් සැහැල්ලුවක් දැනුන.
"පුතාට කොහොමද තාත්තෙ? උණ ගතිය අඩුද? හා මං ගේන්නම්.. කිශානි කතා කරාද? මට මේ ටිකක් බිසී වෙලා කෝල් එකක් ගන්නවත්..."
"ආ..ඔව්..එයානම් අදත් රෑ වෙනවලු. කොලු පැටියට නම් දෙයියන්ගේ පිහිටයි. ඒත් බඩ ටිකක් බුරුලට ගියා. ග්‍රයිප් වෝට එකක් බැලුව. ඔහෙ නෑ"  
"හා මං ටිකක් කලිං එන්නම්කො. එනකොට කෝල් එකක් දෙන්නං.."
"හොඳයි..මං තියනව.."
අසංකට මුලින් මුකුත්ම විශේෂ හැඟීමක් ඇතිවුනේ නෑ.. ඒත් එක්කම 'කොල්ලට සනීපයිනං බුදු සරණයි'.. ඔහුගේ හිත සැහැල්ලු වෙලා ගියා.

"එක්ස්කියුස් මී සර්"

"යස්, හේරත් මුදියන්සේලාගේ අයේෂා සමන්මලී, කම් ඉන්.."

අසංකගේ නොසිතූ ආමන්ත්‍රණයෙන් ඇයත් ඇය සමග සිටි සුළු සේවකාත් ගැස්සී ගිය බවක් පෙණුනා.. ඒ සමගම එය 'ඔවු මං එයාව හොඳට දන්නවා.. ඒක නිසා ඔයාගෙං වැඩක් නෑ' වගේ ආමන්ත්‍රණයක්ද වූ නිසා පෙරට වඩා වැඩි ගරු සරු බැල්මකින් ඇය දෙස බැලූ සුළු සේවකයා ත් දෙකක් විරිත්තා ඇගෙන් සමුගත්තා. බිය වූ මුහුණෙන්ම පහත්වන නලලත ඇස් ගෙඩි දෙකෙන් ඔසවා තබා ගන්නට වෑයම් කරමින් ඇය කාමරය තුලට පැමිණ අසංකගේ ඉදිරිපස සිට ගත්තා. ඇය ලස්සනයි කියන්නද.. අහිංසකයි කියන්නද.. අසංක මොහොතක් ඇය දෙස බලා සිටියා.. හ්ම්ම්.. දම්පාට පසුබිමේ සුදු මල් වැටිච්ච චාම් ඔසරිය. තද වෙන්ඩ පීරා පිට මැදට වෙන්නට ගොතා තිබූ දිගත් නැති කෙටිත් නැති කොණ්ඩය.. නුපුරුදු ලෙස යන්තමින් රෝස පාට උලා තිබූ සිහින් දෙතොල්පට.. මුව ඇස්.. මං මොනවද මේ බලන්නේ.. ඇය කොහොම ඇඳල හිටියත් මට මොකද.. අසංක පියවි සිහියට එළඹුණා.. ඒත් ඔහුට වචනයක් නම් හම්බුනේ නෑ කතා කරන්න. 

"සමන්මලී අද වැඩට එන බව ප්‍රදීප් අයියලා දන්නවද?" ඔහු ලේසිම තැනෙකින් කතාව පටන් ගත්තා.. හ්ම්.. ප්‍රදීප්.. ජීවිතෙ පළවෙනි වතාවටද මං දන්නෑ හඳයට ප්‍රදීප් කිව්වෙ.. අසංකට හිනා ගිය.. 

අහපු ප්‍රශ්ණයත් එය ඇසූ කාරුණික විලාශයත් ඉන් අනතුරුව නැගූ මන්දස්මිතයත් නිසා ඇය බොහෝ සෙයින් සංසුන් වූවා.. 

"ඔව් සර්.. මං ඊයේ එහේ ගිහින් අයියටයි අක්කටයි කතා කරල ආවේ.."

අසංක තවත් යමක් කියන්න කලිං සිය හෑන්ඩ් බෑග් එකට අත දමා බුලත් අතක් ගත් ඇය මේසය වටේ ගොස් එය අසංකගේ අතට දී දණ ගසා වැන්දා.. සිහිනයෙන් මෙන් හිඳ සිටි පුටුවෙන් නැගිට්ට අසංකට කොපමණ වෙලා තමන් සිටි ඉරියව්වෙන්ම සිටියාදැයි මතකයක් නෑ. කෙසේ හෝ ඇය නැවත හැරී මුල් තැනට ගොස් හෑන්ඩ් බෑග් එක දා ගන්නවා දුටු නිසා "බොහොම හොඳයි. ඔය සීට් එක ඇරේන්ජ් කරල තියෙන්නෙ ඔයාට.. ටිකක් රිලැක්ස් කරන්න..මං චුට්ටක් එළියට යනවා." කියමින් වහා තම කාමරයෙන් පිට වුනා.  

කිසිම දිනෙක රාජකාරී කටයුත්තකට හැර කාර්යාල පරීශ්‍රයේ නිකං ඇවිද නැති අසංක ජීවිතෙ පළමු වරට තම සේවා ස්ථානය තුලම යන එන මං නැත්තෙක් උනා. කරන්නට පහසුම දෙය ලෙස ඔහු ඇඟිලි සටහන් යන්ත්‍රයේ ඇඟිල්ල ඔබා ආරක්ශක අංශයෙන් යතුර ගෙන ගොස් වාහනයේ නැගී කාර්‍යාලයෙන් පිටතට වාහනය පැදවූවා.

ගාලු පාරදිගේ කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ අසංක ගේ රථය සැන් මයිකල් පාර දිගේ ගොස් ලිබර්ටි වටරවුමෙන් වම්පසට හරවා බොරැල්ල දෙසට ගමන් කරන්නට වුනා. ඔෆීස් පාක් එකෙන් හදිසියේ මෙන් එළියට ගත් රථය පුරුද්දට මෙන් ගාළු පාරේ පැමිණ මෙතෙක් දුර ධාවනය කලද එය තමා සිතා මතා ධාවනය කලේද නැත්නම් අනිච්චානුකව සිදුවූ දෙයක්දැයි අසංකට නිනවු නැත.

කතාව තව ඉවර නෑ.. ඊළඟ කොටසෙන් හමුවෙමු. 

Photo courtesy: www.google.com