ටින් ටැං ටොන්.. මේ නෙලුම් පුවත් සේවයයි.. මුලින්ම සිරස්තල..
කටුස්සා රට හැර යයි..
සරත් විමලසූරිය රට හිනස්සයි..
බ්ලොග් වසන්තය හබක්..
බ්ලොග් කරුවකු හා බ්ලොග් කාරියක යුග දිවියට..
සම්මානනීය බ්ලොග් කාරිනි නුවරකුමාරි අඩු වයසෙන් මියයයි..
ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු සමාගමේ සාදර අනුග්‍රහයෙනි..
ඉතා කුඩා සරිරයකට හිමිකම් කියූ සත් ගුණවත් කටුස්සා තුමා අඬ අඬා සිට
හදිසියේ රට හැර ගොස් දැන් එහි සිට හිනාවීමට පටන් ගෙන ඇත.. ඒ වෙනුවට කටුස්සගේ පැනයාමෙන් අඩුවූ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු වෙළඳාම ගැන සිතමින් මැන්ඩිස් මුදලාලි අඬන්නට පටන් ගෙන ඇතැයි නෙලුම් පුවත් සේවයට වාර්තාවේ.
පහුගිය දවස්වල නොයෙක් ජාතියේ කෙරුම් කාරයෝ බ්ලොග් ලොව ආක්‍රමණය කල බව විවිද පුවත් සේවා වලින් ආරංචි විය.. ඒ අතර චිත්තර කාරයෝ, දේශපාලකයෝ, ලේඛකයෝ ආදී මෙකි නොකී අය බොහෝ වූ අතර මේ වර බ්ලොග් ලොව කැළඹු නවතම සෙල්ලම වාර්තා වෙන්නේ ලොවෙත් (හිටියට අපේ රටේ කවදාවත් හිටපු) නැති උඩු රැවුල් කාර නේවි කාරයෙකු විසිනි. හේ සරත් විමලසූරිය නම් වන අතර ඔහු ගැන කීමට නෙලුම් පුවත් සේවයට වචන හොයා ගත නොහැකි නිසා ඒ පැත්තට ගොස්
මේකා කොයි වගේදැයි හොයා ගන්නා ලෙස බල කරනු ලැබේ..
තමන්ගේ තරමට වඩා ඉදිමෙන්න හැදු බ්ලොග් වසන්තය දින 44 කින් හබක් වී ඇතැයිද එහි ප්‍රධාන සංවිධායකයින් දෙදෙනා එකාට එකා ටොයියා බයියා කියමින් ඇනකොටා ගන්නා අතර සපෝට් සංවිධායක තුමා (මෙසේ) මඩ ගසන බවද දක්නට ලැබේ.. කෙසේ වෙතත් පෙර නොවූ විරූ ජවයකින් නැවත බ්ලොග් ලොව ආක්‍රමණය කල පැරණි බ්ලොග් කරුවන් හා සමව කරට කර තරඟ කරමින් වසන්ත සමය තුල බ්ලොග් පිබිදීමට උරදුන් ජයග්‍රහණය කල නොකළ සියලු සිංහල බ්ලොග් කරුවන්ට නෙලුම් පුවත් සේවයේ ගවුරව බහුමානය මෙසේ පිළිගන්වනු ලැබේ..
ඉතිරි පුවත් ඔබවෙත ගෙන එන්නේ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක Ratathota Wisthara මහතාගේ අනුග්‍රහයෙනි. Next gossip bring to you veteran English Lecture Ratathota Wisthara Mr. sponsorship.
මේ අතර පහු ගිය දෙතුන් දොහ තුල යුග දිවියට එළඹී ප්‍රවීණ බ්ලොග් කරු
මනෝගේ ලෝකයේ මනෝජ් ප්‍රනාන්දු ට හා
පුංචි කැකුළු මල තුෂානි ට නෙළුම් පුවත් සේවයේ උණුසුම් සුභ පැතුම් එකතු කරනු ලැබේ.. හෝව්..හෝව්.. මේ දෙදෙනා විවාහ වුයේ වෙනත් දෙදෙනෙකු සමඟ බැවින් ඔවුන් දෙපලටද ටියුබ් ලයිට් නෙලුම් පුවත් සේවය සුභ ප්‍රර්ථනා කරයි..
අවසානයට අවමංගල දැන්වීම්..
කලක් බ්ලොග් ලොව දිග විජය කළා වූ
සම්මානනීය බ්ලොග් ලේඛිකා නුවර කුමාරි පුද්ගලික හේතු මුල් කරගෙන අවසන් ගමන් ගියාය.. නෙලුම් ගොසිප් සේවයට වාර්තා වන පරිදි නුවර කුමාරි හොල්මනෙන් ඇවිත් පුලු පුලුවන් විදියට බ්ලොග් කියවන හෙයින් නැවත වෙන නමකින් හෝ උට්ඨානය ලැබීමට (ඉඩ ලැබෙන පරිදි) ඉඩ කඩ ඇත. එතෙක් නෙලුම් පුවත්ව සේවය වෙනුවෙන් නුවර කුමාරිට RIP (Return if Possible) කියමු..
කාලගුණය යහපත් හෙයින් රාජකාරි වැඩකට යාමට පුවත් සේවය සැණෙකින් අවසන් කරමි.
ටැං ටින් ටොන්..