Showing posts with label කථා නොකරම බැරි නිසා. Show all posts
Showing posts with label කථා නොකරම බැරි නිසා. Show all posts

Wednesday, 7 February 2018

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ හැසිරීම සාධාරණිකරණය කල හැකිද? Battle hardened militants in diplomatic suit- Brigadier Priyanka Fernando Scandal

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටඅනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා(ආරක්ෂක) ආක්‍රමණශීලී අයුරකින් හැසිරුනේයැයි එම උපදේශකවරයාගේ වැඩ තහනම් කර ඇත. මෙම සිදුවීමේ වීඩියෝ දර්ශන පසුගිය කාලය පුරාම අන්තර්ජාලය පුරා සංසරණය විය.

පසුගිය නිදහස් දිනය දා(04දා) ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ගෝෂණය කළ උද්ගෝෂකයන්ට සිය ඇඟිලි ඇසුරෙන් ගෙල සිඳ දැමීම සංඥා කිරීමේ සිදුවීම හේතුවෙන් ඇතිවූ මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව කඩිනමනින් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.


- මාධ්‍ය නිවේදනයක්..

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයානනි.
බ්‍රිතාන්‍යයේ කොටි ළග දෙකට නැමෙන් නැතුව ගින්දර වගේ සිටි ඔබට මාගේ හදපිරි උත්තමාචාරය..😍💪
"අවර් නේෂන් තමිල් ඊළාම්"
"අවර් ලීඩර් ප්‍රභාකරන්" කියද්දී.
ඇගේ මාලු අපෙත් නටනව..එතන හිටපු සහ ඒ අවස්තාවට මූන දීපු ඔබේ තත්වය හොදින් තේරුම් ගත හැකියි.


-facebook ප්‍රතිචාරයක්..

‘බෙල්ල කට්‘ පෙන්නූ කවුද මේ ප්‍රියංක?

ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.
ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත.


- ගොසිප් පුවතක්..

දෙමළ “බෙලි කපන” බ්‍රිගේඩියර් ගේ වැඩ තහනම් | VIDEO

ශ්‍රී ලංකාවේ නිදහස් දින සමරුවට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට මරණීය තර්ජනය කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර තානාපති නිලධාරියාගේ වැඩ තහනම් කොට තිබේ.
- 'වෙනස් විදියකට' ලියු තවත් වෙබ් පුවතක්

‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල
කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]February 6, 2018 at 10:38 pm | lanka C news

- ලංකා සී නිවුස්..

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටින ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයාගේ (Minister Counsellor-Defence) සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යංශය මේ බව අද (පෙබරවාරි 06) මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව බලධාරීන් විසින් වහා පරීක්ෂණ අරඹනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වී තිබේ.

අදාළ නිලධාරියා ආක්‍රමණශීලී ආකාරයකින් හැසිරුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් ඇති වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.


- BBC සිංහල නිව්ස්

BBC සිංහල නිව්ස් වෙබ් අඩවියෙන් උපුටාගත් අදාළ ලිපියේ කොටසක්.

හමුදාවෙන් වෙන මක්කා බලාපොරොත්තු වෙන්නෙයි....
- ජේෂ්ඨ/ ප්‍රවීණ බ්ලොග්කරු මාතලන්.

රායිට්.. ඔය උඩ තියෙන සේරම 'Brigadier Priyanka Fernando' නැත්නම් සිංහලෙන් 'බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු' කියල ගූගල් සර්ච් කරාම බලාගන්න පුළුවන්. තව විස්තර ඕනිනං ඔහු 2006-2009 වන්නි අවසන් මෙහෙයුම කාලේ 591 බලසේනාවට අයත් 11 වෙනි ගැමුණු හේවා රෙජිමේන්තු අණදෙන නිලධාරී ලෙස (ඒ කාලේ කර්නල්) මුලතිව් ප්‍රදේශය තුල සටන් බාරව කටයුතු කල නිලධාරියෙක්. ඒ වගේම යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසු නිරායුධ දෙමළ ජනතාව මුදාගැනීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට නැවත පදිංචි කිරීමට සෑහෙන්න වැඩ කොටසක් කරලා තියෙනවා. තාවකාලික කඳවුරු වල සිටි ජනතාව හා විශේෂයෙන්ම පාසැල් ළමුන්ට ආධාර කිරීමට එකතුවුනු පරිබාහිර පුද්ගලයින් ඒ සඳහා සම්භන්ද කර දෙමින් දෙමල ජනතාව සමඟ සුහදව කටයුතු කල නිලධාරියෙක් නිසා ඔහු එම ප්‍රදේශවල දෙමල ජනතාව අතර යම් ප්‍රසාදයක් දිනාගෙනත් තියෙනවා.. රයිට්.. ඒ ගැන ඒ ඇති.
කර්නල් ප්‍රියංක ප්‍රනාන්දු එවකට යුද බිමේදී...
මගේ මේ ට්‍රයි එක ‘හමුදා නිලධාරියෙක්’ ලෙස ඔහු මේ උද්ගෝෂණය අවස්ථාවේ හැසිරුණු ආකාරය හා ඔහු ඒ වනවිට නොපෙනෙන්න ඇඳගෙන හිටිය හමුදා නිළ ඇඳුමට වඩා බොහෝ බර Diplomatic ඇඳුම අතර ගැටුම ගැන කතා කරන්නයි.

ඇත්තටම කියනවනම් මේක හමුදා නිලධාරීන් තුල තියෙන අභ්‍යන්තරික ගැටුමක්.. 

අද මේ මට්ටමේ නිළතල වල ඉන්න හමුදා නිලධාරීන් බොහොමයක් තමන්ගේ සේවා කාලය අවුරුදු විසි පහක් තිහක් සපුරපු අය.. ඒ කියන්නේ ඔවුන් 80 මැද බාගයේ ඉඳල අනුවේ මැද බාගය වගේ වෙනකම් කාලයේ හමුදාවට සම්භන්ද වෙලා සේවය කරන්නේ.. හමුදාවට නිළධාරීන් බඳවා ගන්න වයස අවුරුදු 18-22 ත් අතර.. තමන්ගේ පාසැල් අද්‍යාපනය හදාරපු ගමන් එක්කෝ උණට.. නැත්නම් රස්සාවක් ඕනි කමට.. උපරිම ඔය දෙකටම හමුදාව තෝරා ගත්තු පිරිසක්. 

වැදගත්ම දේ.. බඳවා ගත් දින සිටම ඔවුන්ව හැම අතින්ම පුහුණු කරන්නේ ‘සතුරාට’ මුහුණ දෙන්න. මේක හරිම vital පොයින්ට් එකක්.. සමහරවිට මාතලන් //හමුදාවෙන් වෙන මක්කා බලාපොරොත්තු වෙන්නෙයි// කියල බුකි ස්ටේටස් එක දාන්න ඇත්තේ මේ ගැන හිතල.. මිතුරෙකුට නැත්නම් මධ්‍යස්ථ පුද්ගලයෙකුට මුහුණ දෙන්න හමුදාවෙන් පුහුණු කරන්නේ නැද්ද? ඉස්සරහදි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නං. රයිට් අගේන්.. ඉතිං හිරිමල් වයසෙන්ම හමුදාවට ජොයින් වෙලා තමන්ගේ භද්‍ර යෞවනය අවි ආයුද මිලිටරි සූට් බූට් එක්ක, යුද බිමේ ‘සතුරන්’ එක්ක, වෙඩි හඬ එක්ක ගත කරලා.. මිලිටරි සූට් එකෙන් කසාද බැඳලා, කඩු තුඩු යටින් පෝරුවෙන් බැහැල.. කඩුවෙන් කේක් කපල.. හමුදා නිළ නිවාස වල ජිවත් වෙලා.. හමුදා ස්කීම් එකෙන් ළමයින්ව ඉස්කෝල වලට දාල.. හමුදා වාහන වලින් ගමන් බිමන් ගිහිල්ල.. තව ගොඩක් ලියන්න පුළුවන්.. ඒත්.. ඔයාකාරයට හමුදා..හමුදා...හමුදා.. ජිවිතයට Condition කරපු නිලධාරීන් තමයි දැන් ඔය තැන්වල ඉන්නේ.. ඒ එකක්. 

ඊට පස්සේ යුද්ධය.. දෙවෙනි.. තුන් වෙනි.. සිව්වෙනි.. විදියට ඇවිත් ‘අවසන් සටනේත් හුස්මට සමවී’ නොමැරී හිටියා උනත් එකට ඉඳල ‘කුසුමක් වෙලා ළය පිපුණු’ සොයුරන්ගේ මතක හිත පාරවද්දීත් ‘රන් වැටක් ලෙස සිව්කොනේ’ ‘රෑ පුරා දැල්වුණු දේශයේ මුර දේවතා එළි’ වෙනුවෙන් ‘තුන්හෙලේ හැම අම්ම කෙනෙක්ගේම ළය කිරි එරුණු’.. ‘මව් කුසින් නොව මිහි කුසින් මෙළොව එලිය දුටු’ ‘තුන් හෙලේ මේ සිංහ පැටවූ’.. ‘අපෙන් එකෙක්..’ ‘අපි වෙනුවෙන් අපි’.. මට මතක් වෙනවා ඉස්සර හිටිය ප්‍රසන්න සංජිව තෙන්නකෝන් වගේ නමක් තියෙන ලේඛකයෙක් ලංකාදීපේ ද කොහෙද.. මිනිහා ලියන ආටිකල් කියෝනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා.. ආයි මොනවද.. දේශානුරාගය ඕවර්ෆ්ලෝ වෙනවා.. (දැන් කොහෙද දන්නේ නෑ..කාලෙකින් දැක්කේ නෑ).. එතකොට අයි.ටී.එන්. එකේද කොහෙද හිටිය සුජිත් වගේ නමක් තියෙන ප්‍රසෙන්ටර් කෙනෙක්. හම්මේ බලන්න ඕනි අවසන් සටනේ විශේෂ අවස්ථා යුධ බිමේ ඉඳන් වාර්තා කරනකොට.. අර පුංචි කාලේ සිංහල පාඩම් පොතේ තිබ්බ ඇස් පේන්නේ නැති සියා කණවැල අල්ලන කොල්ලගේ යුද්දේ විස්තර අහල හැරමිටිය උරුක් කරන් යුද්දෙට යන්න හැදුව වගේ ආපේ ගෙවල් වල වයසක ගෑනු උන්දලා පවා යුද උන්මාදයෙන් මත් වෙනවා.. සෙල්ලං නෑ ‘රණවිරුවෙක්’ය කියන්නේ..

ඊළඟට එනවා.. කලින්ට වඩා ටිකක් සවිඥානිකව හිතන්න ඕනි වෙච්චි කාලයක්.. මොකද කොටසකට තාමත් හමුදාවේ උන් ‘රණවිරුවෝ’ම වෙද්දී තවත් කොටසකට උන්ම ‘ලයිසන් මිනීමරුවෝ’ වෙනවා. මේකට හේතු හමුදාව ඇතුලෙන්මත් නිර්මාණය වෙද්දී වඩා වැඩි හේතුන් නිර්මාණය වෙන්නේ දේශපාලනිකව.. මේ ඕනෙම හේතුවකින් එක රැයකින් රණවිරුවෙක්/ දේශප්‍රේමියෙක් විදියට හිටපු එකා ලයිසන් මිනි මරුවෙක් / දේශද්‍රෝහියෙක් වෙලා හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. හොඳම සහ වැදගත්ම දේ.. සත්‍ය කුමක් වුවත් මේ හැම එකක්ම සාපේක්ෂයි.. මට හොඳ එකා මගේ හොඳම යාලුවට වහ කදුරු වගේ..අන්න ඒ තරම් සරළයි කතාව. 

අන්න ඔතනයි අර හමුදා නිලධාරීන්ගේ හිත් තුල නිර්මාණය වෙන අභ්‍යන්තර ගැටලුව එන්නේ.. ඇයි යකඩෝ උනුත් මිනිස්සුනේ.. කොච්චර ‘ඔළුව කල්පනාවෙන්’ ඉන්න හැදුවත් සමහරවෙලාවට අර ‘රණවිරුවා’ උඩ එනවා.. මේක අර දොස්තර රුවන් ලියනවා වගේ PTSD තත්ත්වයක් නෙවෙයි.. May be just a brain fade moment or two.. එහෙම වෙලා මේ වගේ ‘දාර පිස්සුවක්’ කෙළියට පස්සෙත් තව ලෙඩක් එනවා.. ඒ කියන්නේ fight for pride.. නිකම්ම ඔලුව කසල සොරි සර් කියල ෂේප් වෙන්නේ කොහොමද.. 

‘යකෝ I’m a bloody one of most decorated war hero in this fucking country.. How about those days.. හමුදාවේ එකෙක්ය කියුවම මැස්සෙක්වත් උඩින් ඉගිල්ලුනේ නෑ.. Ask the bloody motherfuckers to do what they can do.. will see.. යුනිෆෝම් එක ගලෝල ගෙදර ගියත් මං කරපු දෙයක් කියපු දෙයක් වැරදියි කියල මම පිලි ගන්නේ නෑ..’ මෙන්න මේ තත්වෙට කියන ලෙඩේ නම් මම හරියට දන්නේ නෑ.. අපේ බාසාවෙන් කියුවොත් නම් Ego එක වගේ එකක් වෙන්නොනි. 

ඕකට එකතු වෙච්චි අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ෆේස් බුක් බැක් එක නැත්නම් රිෆියුසල් එක.. රැල්ල තමන්ගේ පැත්තට හැරුනොත් ඕනි සුනාමියකින් ගොඩ එන්න පුළුවන් බලයක් තියෙනවා මේ ෆේස්බුක් රැල්ලටත් දැන්.. සල්ලන් නෑ. 

දැන් කාගේද කොතනද වැරැද්ද?

උඩින් තැනක කියුවනේ ‘මිතුරන් එක්ක නැත්නම් මධ්‍යස්ථ මිනිසුන් එක්ක ගණුදෙනු කරන්න’ හමුදාවේ අය පුහුණු කිරීමක් ගැන.. නැත්තේ නෑ.. හමුදාවේ ඉහල නිලතල වලට යනකොට ‘නායකත්ව පුහුණු’වල ඉඳල බොහොම ඉහල මාණ්ඩලික නිළධාරී පුහුණු, අන්තර්ජාතික හමුදා කටයුතු පුහුණු, අධ්‍යයන කටයුතු, අන්තර්ජාතික සැසි, සම්මන්ත්‍රණ වගේ දේවල්, International humanitarian law, human rights, international relations, rules of engagement වගේ බොහෝ ඉහල මට්ටමේ පුහුණු ලැබෙනවා. හැමෝටම? නෑ. 

ඕනෙම හමුදාවක නිළ මට්ටමෙන් නොවුනත් නිලධාරීන්ගේ ශක්‍යතාවය මත යම් යම් විශේෂ කොටස් අඳුනගෙන තියෙනවා.. එහෙම එක කොටසක් තමයි carreer officers ලා කියල හඳුන්වන්නේ.. මේ අය සාපේක්ෂව academic පැත්තෙන් ඉදිරියෙන් ඉන්න ගමන් operational පැත්තෙනුත් ‘ජාම බේරාගෙන’ ඉන්නවා. ඒ වගේම ඉදිරියට යන්න අවශ්‍ය කරන අනිත් සුදුසුකමුත් සමහර වෙලාවට පුද්ගලික දේවල් කැප කරලා පවා ඉගෙන ගන්නවා. මොකද ඔවුන්ගේ අවශ්‍යතාවය ‘ඉහළටම’ යන්න. ඒකට වරදක් කියන්න බෑ. තව කොටසක් ඉන්නවා past glory එක මත නැත්නම් ‘ඒ කාලේ කරපු වැඩ’ මත survive වෙලා ඉන්න.. ඒ අය යම් තරමකට ඉහලට ගිහින් ගන්න පුළුවන් වරප්‍රසාද අරගෙන ‘ටුවර් එකක් දෙකක් ගිහින්’ ‘අඩියක් පුඩියක් ගහල’ පුළුවන් තරම් කාලයක් ඉඳල රැස්පෙක්ට් එකත් තියාගෙන විශ්‍රාම යනවා.. තව කොටසක් ඉන්නවා මාකට් කරන්න ලොකු හිස්ට්‍රි එකකුත් නෑ.. මහන්සි වෙලා ඉස්සරහට යන්න ඕනිත් නෑ.. තමන්ගේ ‘ටාගට්’ ටිකට යනකම් හමුදාවේ අණ පනත් නීති රෙගුලාසි එක්ක හැංගි මුත්තන් කර කර කාලේ ගෙවනවා.. තවත් කොටසක් ඉන්නවා බොහොම සාධාරණ විදියට තමන්ගේ කොටස ඉටු කරලා ලොකු සීන් මොකුත් නැතුවම නියමිත කාලේ ආවම විශ්‍රාම අරං අයින් වෙන. 

ඔය ‘carreer officers’ ලා අතරත් ඉන්නවා එක එක පැති වලට වැඩිපුර දක්ෂ අය.. සමහරු Admin වලට, සමහරු Operation වලට.. සමහරු Diplomatic Relation වලට.. ආ..න්න වචනේ ආවා.. හමුදාවලම ඉන්නවා Diplomatic Relation වලට දක්ෂ අය.. 

උපායමාර්ගිකව වැදගත් තානාපති කාර්යාල වලට Defence Attache කෙනෙක් විදියට අත්දැකීම් සහිත හමුදා නිළදාරියෙක් පත් කිරීම සිරිතක්. ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙරට අතර තානාපති ගණුදෙනු වලට බලපාන ආකාරයේ ‘ආරක්ෂාවට සම්භන්ද’ ක්‍රියාවන් වලදී තානාපති තුමාට සහය වීම. ඔහොම කියුවට මේක හුඟක් වරප්‍රසාද සහිත වගකීමක්. පවුලත් එක්කම අදාල රටේ තානාපති වරප්‍රසාද සහිතව වසර දෙකක් පමණ සේවය කරන්න ලැබීමම කොච්චර දෙයක්ද? ඉතින් ගොඩක් දෙනෙක් ගේ හිත යට තියෙන හීනයක් තමයි ඉහලට යනකොට ‘defence attache’ පාරක් ගහන එක.. හෙහ්.. ඒකත් ඉතිං වරදක් නෑනේ.. 

හැබැයි එහෙම යන්න හීන මවන එකා.. තමන් ඒකට සුදුස්සෙක් වෙනකං ‘පුරුදු පුහුණු වෙන්න ඕනි.. කොච්චර දුරටද කියනවනම් තමන්ගේ ඉස්සරහ සිංහල මහා සෙනගක් ප්‍රභාකරන් මරල දාල කිරිබත් උයාගෙන කනකොට ඒකෙන් උද්දාම වෙලා තරු පටි උඩ දදා නටන්නේවත්.. තමුන් ඉස්සරහ දෙමළ ඩයස්පෝරා හරි මක්ක හරි එහෙක උන් ටිකක් ඇවිල්ලා.. ‘ඊළම අපේ.. ප්‍රභාකරන් අපේ නායකයා’ කියල කෑ ගහනකොට කොච්චර ඇඟේ ලේ නැටුවත්.. ‘යකෝ මම එඩිතර සිංහ’ලේ’ කොල්ලෙක්.. කපනවා තොපි ඔක්කොගෙම බෙලි’ කියල අභිනයෙන් වත් ප්‍රකාශ නොකර කොටිම්ම ‘ඩිප්ලෝමටික් ලෙවල් එකෙන්’ ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන තරමට තමාවම ශික්ෂණය කරගෙන සිටිය යුතුයි. 

ඒ වගේම ඩිප්ලෝමටික් වැඩවලට හමුදා නිලධාරීන් පත්කරනකොට ඥාති, හිතවත්, මිත්‍ර සංග්‍රහ නැතුව යුධ මානසිකත්වය නැතුව කළගුණ සලකන මානසිකත්වය නැතුව ජේෂ්ටත්වයට සලකන මානසිකත්වය නැතුව ‘සුදුසු පුද්ගලයින්’ පත් කරලා යවන්න අදාළ ඉහළ නිලධාරීන් කටයුතු කරන්න ඕනි.. හෙහ්.. විහිළුවක් වගේ නැද්ද? මේ ලංකාවේ..

අවසාන වශයෙන් අපි දැන ගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා.. හැම ‘හමුදා කාරයෙක්ම’ ලයිෂන් මිනීමරුවෝ නෙවෙයි.. හැම හමුදා කාරයාම ‘සතුරාට’ මුහුණ දෙන්න විතරක් උගන්නපු මැටි මෝල්ලුත් නෙවෙයි.. ඒ වගේම හැම හමුදා කාරයාම ‘Diplomatic mission’ වලට යවන්න පුළුවන් එවුනුත් නෙවෙයි.. හැම හමුදා කාරයම රණවිරු/ බියගුළු/ දේශප්‍රේමී/දේශද්‍රෝහී විදියට ලේබල් ගහල වෙන් කරන්න පුළුවන් එවුනුත් නෙවෙයි.. සරළවම කියනවනම් හමුදාව කියන්නෙත් ලංකාවේම.. මේ අපේ සමාජයේම කොටසක්.. ඉතින් අපි වපුරන බිජ වල ඵල අපිම නෙලා ගද්දි තව කාටවත් බැනලා වැඩක් වෙයිද?

Thursday, 21 December 2017

මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?

මේක පාපොච්චාරණයක්.. හැබැයි පව් සමාකරගන්න නෙවෙයි.. තව කාට හරි පාඩමක් වෙන්න.. වෙන විදියකින් කියනවනම් අත්දැකීම් බෙදා ගැනීමක්.. මට මේ ලෙඩේ තදින්ම තියෙනවා. ඒ කියන්නේ මගේ අතින් යම් වැරද්දක් අඩුපාඩුවක් උනොත් ඒක ඒ ඒ ක්ෂේත්‍රයේ අදාළ අය එක්ක නොවලහා බෙදා ගන්න එක.. අපේ වෘත්තියේදී ඒකට කියන්නේ Safety Communication නැත්නම් Safety Alert කියල. යම් අනතුරක් (Accident), අන්තරායකර සිදුවීමක් (Dangerous Occurrences) හෝ අනතුරක් සිදුවීමට ආසන්න අවස්ථාවක් (Near miss) උනාම ඒ පිළිබඳව අනිත් අයව දැනුවත් කිරීමෙන් එම සිදුවීම නැවත වීම යම් පමණකට වලක්වා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේදී ඕක කරලා මම නිකං 'පච' වෙච්චි වෙලාවලුත් නැතුව නෙවෙයි. මොකද අපේ අය කරන්නේ ඔක්කොම වැරදි හංගල උඩින් කැපිලා පේන එකනේ.. එහෙම උනාම මං වගේ උන් සමහරුන්ට පේන්නේ හෙන 'ලොස්' එවුන් වගේ.. ඒත් මට මොකෝ කියල මම මගේ ක්‍රමේට යනවා.. දැන් ඕනිනම් බලපල්ලා මේ ටික ලියුවමත් ගොඩ දෙනෙක් බනියි 'අනේ උඹේ රෙද්දේ සේෆ්ටි - ගෙදරට මරගාතේ' කියල.. මක් කරන්නද බොස් ගුරුන්ටත් අකුරු වරදින එකේ හා මං ගුරෙකුත් නොවෙන එකේ..
මේ සිදුවීම් හතරක්.. හතරම මගේ ළමයි ගැන.. ළමයි තුන් දෙනයි.. ලොකු දෙන්නට එක බැගින් හා බාලයාට දෙකක්.. ඌට කොහොමත් එක නහරයක් වැඩියි උන්ගේ අප්පට වගේ.. හෙහ්..

පළවෙනි එක උනේ දෙදාස් අටේ වගේ.. එතකොට අපිට හිටියේ ලොකු දුව විතරයි.. ඔව් ඔව්.. ඔය උඩින් ඉන්නේ බ්ලොග් කවර් ඉමේජ් එකේ.. අන්න උන්දා තමයි.. එතකොට එයාට වයස යන්තම් දෙකක් විතර.. අපි දවසක් ගියා බූස්ස නේවි කෑම්ප් එක ඇතුලේ තියෙන හොලිඩේ බංග්ලෝ එකේ නවතින්න.. ගෙදර ළඟම උනත් ඉතීම් එහෙම වෙනසකට වගේ ගිහින් ඉන්නවා ෆැමිලි එකත් එක්ක ඒ කාලේ. ඔහොම ඉන්න ගමන් හවසක කොහේ හරි යන්න මම ඇඳුම් මදිනවා. නෝනා වෙන වැඩක. දුව මගේ ළඟ බිම සෙල්ලම් කර කරා හිටියා.. මම යන්තම් දැක්ක මෙයා දණ ගාගෙන අයන් එක සොකට් කරලා තියෙන පැත්තට කිට්ටු වෙනවා. ඒත් මට මොකුත් හිතා ගන්න කලින් මෙයා යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා.. බැලින්නම් අයන් එකේ වයර් එක අල්ලලා ඒක අතට ඇලිලා.. කරන්ට් එක වැදිලා දඟලනවා.. මම පැනපු ගමන් ස්විච් එක ඕෆ් කරා. ඒත් දිගටම දඟලනවා.. මට මොකුත් හිතා ගන්න බැරි උනා.. මම වේගයෙන් මගේ අත්දෙකෙන්ම ළමයව ඇදලා පැත්තකට දැම්ම.. මටත් කරන්ට් එක වැදුනා.. ඒත් සොකට් කරලා තිබ්බ තැනින් ප්ලග් බේස් එකත් එක්කම ගැලවිලා වයර් එක ඩිස්කනෙක්ට් උනා.. එතනදී තව දෙයක් උනා.. ළමයාත් එක්කම රත් වෙච්චි අයන් එකත් වීසි වෙලා ගිහින් වැටුනා.. මොකද අයන් එකේ වයර් එක තිබුණේ ළමයාගේ අතේ ඇලිල.. වාසනාවට අයන් එක එක පැත්තකටත් ළමයා තව පැත්තකටත් විසි උනේ.. එහෙම නොවුනා නම් කරන්ට් එකෙන් බේරුනත් අයන් එකට පිච්චිලා ලොකු තුවාලයක්/ කැළලක් හැමදාටම තියෙන්න තිබුනා.. ගෑනු ළමයෙකුගේ මූණේ අත පයක වගේ තැනක ඒ වගේ කැළලක් ආවොත් ඒක ඒ ළමයට හැමදාටම මානසික පීඩනයක් වෙන්නත් තිබුන..

එතනින් පස්සේ වෙච්චි දේවල් හෙවත් ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මෙතන ලියන්නේ නෑ.. ඒත් එදා ඉඳල මම ගෙදර තියෙන අනාරක්ෂිත විදුලි සම්භන්දතා (Conduit තුලින් ගමන් නොකරන) ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ගත්ත. කිසිම විදියකින් ප්ලග් ටොප් එකක් නැති වයර් විතරක් අමුණන කනෙක්ෂන් භාවිතා කරන්න දෙන්නේ නෑ. ට්‍රිප් ස්විච් එක අනිවාර්යයි. ඒ වගේම පුළුවන් හැම වෙලේම තාවකාලික විදුලි සම්භාන්දතාවයක් අර ගත්තත් ඒක පළපුරුදු විදුලි කාර්මිකයෙකුටම කියල කර ගන්නවා.. neutral/ phase මාරු වෙලා සම්භන්ද කරලා තිබ්බොත් ඉහත සිදුවීමේදී උනා වගේ switch එක off කරාම විදුලි උපකරණය ක්‍රියාත්මක නොවුනත් අතරමගින් කරන්ට් එක වදින්න පුළුවන්.. ඒ ගැන ගොඩක්ම සැළකිලිමත් වෙන්න ඕනි. අනික අපේ විදුලි උපකරණ වල සම්භන්දක වයර්. දැන් තියෙන ගොඩාක් චීන/ ඉන්දියානු විදුලි උපකරණ වලට එන කෝඩ් බාල ඒවා.. ඒවා නිතර දඟ වැටිලා පලුදු වෙනවා. විශේෂයෙන්ම අයන් එකේ. ඒක නිතර එහෙ මෙහෙ කරන නිසා වයර් එක පලුදු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. පලවෙනි දේ විදුලි උපකරණයක් ගන්නකොටම ටිකක් වැඩිපුර වියදම් කරලා හොඳ තත්වයේ එකක් ගන්න ඕනි. ඒක ආරක්ෂාවටත්, විදුලිය ඉතිරි කරන්නත් දෙකටම වැදගත්.. ඒ වගේම ඒක හරියට නඩත්තු කරන්න ඕනි. භාවිතයට කලින් පොඩි චෙක් එකක් කරන්න 'විදුලි කාන්දුවක්' වෙන්න තියෙන ඉඩ ගැන. ඒ වගේම ඒ ඒ උපකරණ භාවිතයේදී වෙන්න පුළුවන් අනිත් අනතුරු ගැන. උදාහරනේකට රත් වෙන එකක් නම් පිච්චෙන්න පුළුවන්. වේගෙන් කැරකෙන එකක් නම් ඇඳුම/ කොන්ඩේ පැටලෙන්න පුළුවන්.. කෑල්ලක් ගැලවෙලා විසි වෙලා තුවාල වෙන්න පුළුවන්.. සියුම් දෙයක් විසිවෙලා ඇහැකට හානි වෙන්න පුළුවන්.

දැන් තියෙන ගොඩක් විදුලි උපකරණ වල ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක වෙද්දී අපි ඒකෙ වැස්ම ඇරියොත් මැෂිම ක්ෂණිකව නතර වෙනවා. මයික්‍රෝවේව් උඳුනක් ක්‍රියාත්මක වෙද්දී එක්කෝ පියන අරින්න බෑ.. නැත්නම් ඇරියොත් එක වරම ක්‍රියා විරහිත වෙනවා. මේවට කියන්නේ interlock කියල. මේ වගේ තව ගොඩක් safety features එකතු කරලා තියෙනවා..  වැඩේ කියන්නේ මුල් කාලේ මේවා හොඳින් ක්‍රියාත්මක උනත් මොකක් හරි රෙපෙයාර් එකකින් වගේ පස්සේ මුලින්ම අයින් කරන්නේ මේ දේවල්. මිකැනික් ලගේ නොදැනුවත්කම හා මේ වෙනුවෙන් අමතර කාලයක් මුදලක් ශ්‍රමයක් වැය කිරීමට ඇති අකමැත්ත. ඊට පස්සේ භාවිතය අනතුරුදායකයි.

හරි දෙවෙනි සිද්දිය උනේ ඊට අවුරුදු හතරකට විතර පස්සේ.. අපි බදුල්ලේ පදිංචියට ගිය අලුත. එතකොට අපේ දෙවෙනියට හරියටම අවුරුදු දෙකක් වගේ.. අපි රෑ කෑමකට අපේ ලොකු අයියලාගේ ගෙදර ගිහිං හිටියා.. අපි සාලේ කතාවක් අතරේ ළමයි දෙන්න සෙල්ලම් කර කර ඉඳල අයියලාගේ බෙඩ් රූම් එකට ගියා.. අක්කට (ලොකු දුවට) එතකොට යන්තම් පුළුවන් කම්පියුටර් එකේ වැඩ.. එයා මේසේ උඩ තිබ්බ කම්පියුටර් එකක් එක්ක මොනවදෝ කරද්දී මල්ලිත් එතනම ඉඳල.. අක්ක එකපාරටම කෑ ගැහුවා 'අම්මේ මල්ලි බෙහෙත් පෙත්තක් කෑවා' කියල.. දුවල ගිහින් බලනකොට අයියා ගේ බෙහෙත් පාර්සලය මේසේ උඩ. ඒ ගෙදර පොඩි උන් නැති නිසා එයාලට ඒක එහෙම තිබුනට ගැටළුවක් නෑ.. අපි ඉක්මනින් දරුවාගේ කටට අත දාල කටේ තිබුණු බෙහෙත් කුඩු ඉවත් කරා.. හපලා තිබුණු බෙහෙත් පෙත්තේ වර්ගය බලාගෙන පවුලේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරාම දැනගත්තේ ඒක අයියට 'සීනි අඩු උනාම එන අපහසුතා වලින් මිදිලා නින්ද යන්න' දෙන බෙහෙතක් බව.. කෝකටත් කල්පනාවෙන් ඉන්න ලෙසත් ළමයාගේ වෙනසක් දැක්කොත් වහාම රෝහලට රැගෙන එන ලෙසත් කියුව නිසා අපි ගෙදර එක්ක ගිහින් ලමයව නිදි කරලා කල්පනාවෙන් හිටිය.. පොඩි එකා පහු වෙනිදා උදේ නවය විතර වෙනකොටත් හොඳටම නිදි.. ඒ පාර බලෙන් නැගිට්ටුව.. ඒත් මෑන් ට කෙලින් ඉන්න බෑ මත් වෙලා වගේ.. හැකි ඉක්මනින් බදුල්ල මහා රෝහලට අරන් ගියාම ලේ එකක් එහෙම චෙක් කරලා අවුලක් නෑ ඒත් බලන්න ඕනි කියල ඇඩ්මිට් කරා.. එදා දවසෙම වගේ පොඩ්ඩා නිදි අපි ඇහැරලා.. පහුවෙනිදා උදේ වෙනකොට ඔක්කොම නෝමල් වෙච්චි නිසා ටිකට් කපාගෙන ගෙදර එක්ක ආවා.. ඉතිං ඊට වැඩිය කියන්න ඕනි නෑනේ.. බෙහෙත්, කෘමිනාශක, රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන කුඩා දරුවන්ගෙන් වෙන් කර තියන්න.. වැදගත්ම දේ ඔබේ ගෙදරදී විතරක් නෙවෙයි ඉන් පිටතදීත්..

ඊළඟ සිද්දි දෙකම උනේ මේ අවුරුද්දේ එකක් මාර්තු මාසේ වගේ.. අනික.. හ්ම්ම්.. වැඩිය නෙවෙයි ගිය සඳුදා උදේ.. හ්ම්ම්.. පලවෙනි එක සෑහෙන්න කොමන් එකක්.. එතකොට පොඩ්ඩට අවුරුද්ද පිරුනා විතරයි.. ඇවිදින්න හුරුවෙන්න(ටත් වඩා බලාගන්න අයට ලේසිවට) එයාට වෝකර් (Walker) එකක් ගෙනත් දීල තිබ්බ.. අම්මප මමනම් නෙවෙයි.. මට ඕව පේන්න බෑ. පොඩි කාලේ ලොකු දූ වෝකර් එකේ දාල උන්දැගේ කකුල් දෙකම ඇඹරුන සොත්ති උපාලි ගේ අත වගේ.. මාර කට්ටක් කාල ඒ දෙක ආපහු කෙලින් කර ගත්තේ.. ඒක වෙනම ලියන්න ඕනි එකක්.. කොහොම හරි මේ වෝකර් එක පොඩ්ඩට උපන්දිනේට තෑගී හම්බෙලා.. අම්මටයි ආච්චිටයි ලේසිවටයි කොල්ල වෝකර් එකට කැමති වෙච්චි නිසයි වැඩේ නැගලා ගිහින් තියෙනවා. මූට කොහොමත් විසේ එකා වෝකර් එකේ නැගලා රේස් යන්න අරං ඒ කොණටයි මේ කොණටයි ගේ පුරාම.. කට්ටියට හරි හුරතල් ඉතිං..
බොන්ඩයි ඇවිදින්නයි තියෙනවනම් තව මොනවද ඉතීම්...
ටික දවසකට පස්සේ මට කෝල් එකක් ආවා කොළඹට.. 'අප්පච්චි මල්ලි වෝකර් එකෙන් වැටිලා හොස්පිටල් අරන් ගියා.. ඇඩ්මිට් කරාලු.. පවූ.. ලේ ගොඩක් ගියා කියල" මට දෙලෝ සිහි උනා.. කොහොම උනත් එවලේම ඔලුව අවුල් කරගන්නේ නැතුව හැකි ඉක්මනින් මාත් ගියා.. යනකොට කොල්ල ඉන්නවා නළල බැන්ඩේජ් කරලා නහය තුවාල වෙලා.. දුකේ බෑ.. අම්ම මිදුල අතුගාන කම් පුතා එළියේ ඕපන් එකේ වෝකර් පැදලා.. කොහොම හරි අම්මගේ ඇහෙන් මිස් වෙච්චි වෙලාවක කොල්ලා වෝකර් එකෙන් අයිනටම ගිහිල්ල මොනවට හරි පහත්වෙලා කාණුවට දොක්.. නළල කාණු ගැට්ටේ වැදිලා පැලිලා ලේ ගිහිං.. තුවාලෙට අයිස් පොදියක් තියන් ගෙවල් ළඟම තියෙන ඉස්පිරිතාලෙට උස්සන් දිව්වම ඇඩ්මිට් කරගෙන. පොඩි නිසා මැහුම් දාලා නෑ. දැන් ඒ වෙනුවට අලවන ප්ලාස්ටර් එකක් තියෙනවා. එකම දේ ඒක ගලවන්න නොදී පරිස්සම් කර ගන්න ඕනි. නැත්නම් කැළල හිටිනවා. අනික කවුරු හරි එහෙම වැටිලා ඔලුව වගේ තැනක් වැදුනම ඒ ලෙඩා ගැන සැලකිලිමත් වෙන්න ඕනි. කිසියම් විදියකින් ඒ ලෙඩා වමනේ දැම්මොත් ඒ කියන්නේ එයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානි වෙලා අභ්‍යන්තර රුධිර වහනයක් නිසා ස්ථායි බව නැති වෙලා කියල වෙන්න පුළුවන්. එතකොට විශේෂ ප්‍රතිකාර වලට යොමු කල යුතුමයි. ඒක නිසා පිටින් පේන තුවාල නැති උනත් වැටිලා හිස කොහේ හරි වැදුන කෙනෙක් ගැන අඩුම පැය හයක්වත් යනකම් කල්පනාවෙන් ඉන්න. අපිත් එහෙම හොපිටල් එකට වෙලා එදා හවස් වෙනකම් කල්පනාවෙන් ඉඳල පොඩ්ඩා වත් අරන් ගෙදර ආව.. මම නම් ආපු ගමන් කරේ 'වෝකර්' එක අල්ලලා කැලේට විසි කරපු එක..
වෝකර් එකෙන් වැටිලා හොම්බ තලාගෙන ඉන්න ගමනුත් ආච්චිට කෝචෝක් එකක්..

රායිට්.. අන්තිම එක.. මේක උනේ මේ පහුගිය සඳුදා.. මම ඉතීම් රෑක් දවාලක් නැතුව වැඩ කරන මිනිහා නිසා සති අන්තෙට ගෙදර ගියාම ආපහු සඳුදා එන්නේ නම් ටිකක් පරක්කු වෙලා.. ළමයි එහෙම නින්දෙන් නැගිට්ටට පස්සේ.. ඔය එන වෙලාවට අනිවාර්යයෙන්ම අපේ ඔය පොඩි මෑන් ව ගෙදර ඉඳන් පාරට තියෙන පොඩි දුරට උකුලේ තියාගෙන එන්න ඕනි.. මම අඳිනවා දැක්ක වෙලේ ඉඳන් මිනිහා මට කාර් එකේ යතුරයි පර්ස් එකයි සපත්තුයි පෙන්න පෙන්න පස්සෙන් එන එක තමයි කරන්නේ.. කාර් එකේ තෙල් වතුර බලන කොට එතන.. ඉතින් බොනට් එක වහන්න කලින් හොඳට බලන්න ඕනි කොහෙවත් අත තියාගෙන එහෙම ඉන්නවද කියල.. තව ඔය වගේ මගේ වැඩට අමතරව මිනිහගේ වඩාත් එක්ක අටෝරසියක් පිළිවෙත් තියෙනවා පුරන්න පරිස්සමින්. පිටත් වෙන්න කලින් මම පුරුද්දක් විදියට සියලුම ගමන් බඩු.. ඒ කියන්නේ මගේ ඇඳුම් බෑග් එක, ලැප්ටොප් බෑග් එක, හෙල්මට්, සේෆ්ටි සපත්තු වගේ ඒවා මතක් කරලා එක එක වාහනේට දා ගන්නවා. අන්තිමට තමයි පර්ස් එකයි, ෆෝන් එකයි, කාර් එකේ යතුරයි අතට අරං නගින්නේ.. මගේ එක්ස්ට්‍රා කාර් කී එක ඒ වෙලාවට තියෙන්නේ ලැප් ටොප් බෑග් එකේ.. එදත් ඔය පිළිවෙල ඔහොමම උනා.. එක පොඩි දෙයක් වෙනස් උනා මතක විදියට. සේෆ්ටි සපත්තු දෙක කලින් දවසේ අව්වෙන් තියල වෙනම තිබුනේ. මම අනිත් සියලු දේ වාහනේට දාල සපත්තු දෙක ගන්න ගිය අතරට කොල්ල තනියෙම වාහනේට නැගල.. නගින්න කලින් මම කාර් එකේ යතුර තියපු තැනින් ඒකත් අරගෙන තමයි නැගල තියෙන්නේ.. මෙයා වාහනේට නගිනවා නෝනා දැකල 'ඒයි මෙයා වාහනේ ලොක් කර ගනීවිද වත් දන්නේ නෑ' කියන කොටම මට 'ක්ලික්' හඬක් ඇහුණා.. බඩුම තමයි. රිමෝට් කී දෙකත් එක්කම කොල්ලා වාහනේ ඇතුලේ ලොක් කරගෙන..

මට දෙයියෝ සිහි උනා.. ඒ ගමන් ආයි සිහි උනා දෙයියෝ මොනා කරන්නද කියල.. දුවල ගිහින් පරණ වාහන යතුරු සෙට් වගයක් තිබිල ගෙනත් දාල බැලුවට ම්හු.. කොල්ලාට ගානක්වත් නෑ. ඌ ඇතුලේ ඉඳන් උගේ වැඩ.. කාසි තියෙන ලොකට් එක දිග අරගෙන ඇතුලේ කාසි හලාගෙන.. අම්මයි, ආච්චියි, අක්කයි තුන් දෙනා විදුරු වල එල්ලිලා පින්සේන්ඩු වෙනවා අනේ මල්ලියේ අනේ පුතේ රිමෝට් එකෙන් දොර අරින්න කියල.. ඒක ගැන සලකලා කොල්ල යතුර අතට අරං බට්න් එක ඔබනවා.. හැබැයි ඔබන්නේ රිමෝට් කී එකේ තියෙන ලොකු බට්න් එක. ඒ කියන්නේ 'ලොක්' වෙන එක.. එහෙම කරලා හිනා වෙලා ආයිම මිනිහගේ වැඩ. මම සිහි එළවාගෙන අපේ මිකැනික්ට කෝල් එකක් දුන්න ඉක්මණට එන්න කියල විස්තරේ කියල.. ඊළඟට වාහනේ වීදුරුව බිඳින්න තරම් සයිස් යකඩේකුත් අතට අරගෙන වාහනේ ලඟට වෙලා කොල්ලගේ මුව්මන්ට් දිහා බලාගෙන හිටියා. මිකැනික් එන්න කලින් කොල්ල අඩන්න ගත්තනම් හරි වෙනත් අපහසුතාවයක් පෙන්නුවානම් හරි මට තිබ්බ එකම විකල්පේ වීදුරුව බිඳින එක.. කොහොම හරි ඔහොම නර්වස් විනාඩි දහයකට පහළොවකට විතර පස්සේ අක්කගෙයි අම්මගෙයි චාටු වලට රැවටිලා කොහොම හරි කොල්ල රිමෝට් එකේ පොඩි බට්න් එක ඔබල දොර ඇරියා.. එතකොට තමයි මට හුස්ම ටිකක් හරියට වැටුනේ.. ඒ ගමන්ම මිකැනික් මහත්තයත් හති දාගෙන ත්‍රිවිල් එකෙන් ආව නිසා එයාට රුපියල් පන්සීයක් සහ තේ බොන්න දීල පිටත් කරලා පැයක් හමාරක් හිතුවට වඩා පරක්කුත් වෙලා ඔළුවයි පපුවයිත් බර කරගෙන මාත් වැඩට එන්න ආව.. මේකට විකල්ප හොයන්න ඒ ආවයිත් හරි තාම ගියේ නෑනේ.. ගිහිං තමයි බලන්න ඕනි..

ඔන්න.. දැන් මට බනින උන් බැනපල්ලා.. ඒකට කමක් නෑ.. මේ වගේ දේවල් පොඩි උන් ඉන්න ගෙවල් වල වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන පරිස්සම් වෙයල්ලා. කියෙව්වට ස්තුතියි.

-ක.මි.   

Thursday, 26 October 2017

The Navy Drama

Whatever the (manipulation of) episode is; SS is not the one to be blamed. How Travis Sinniah was fit to fill the role, equally SS is fit to the role.. I've work under both of them and personally know the two individuals.. System is to be blamed, yes, but not the man next in line.
SS was the best cadet and winner of Sword of Honour in his batch which includes both Travis and Niel Rosayro. He was Trained at Britannia Royal Naval College Dartmouth UK in International Midshipman Course. He was the CO of ship (SLNS Samudura) which has done longest voyage in SLN History ( From New Port USA to Colombo). He had been FAF4, Commandant, DNO, Area Cdr, DGCG and was the CoS for last 2 1/2 years. He took over as CoS from retired Adm Ravi Wijegunaratne; served under him as CoS and continued under VAdm Travis SInniah..
In Battle, he was awarded with WWV and RWP. Was the first OIC who rammed and destroyed LTTE boat with his FAC in the history of SLN. Long ASW qualified, staff course India, war Course Pakistan and NDC India.
Navy and Royal Naval College Dartmouth UK coloursman in Badminton. MSc in Defence and Strategic Studies from India and Pakistan and MPhil on Strategic studies from India.
(After all, he is a very fine gentleman, I'd love to meet him again one day in a ward room bar and to give him a guitar.. and to listen him singing..Woooww)
These are for you to see that he was the deserved candidate to be next CofN when Travis retires.. Nothing is his fault!
Bon Voyage Sir!
Photo Courtesy- MoD Website

Tuesday, 15 August 2017

මැච් පැරදුනාට කොල්ලන්ට බනින්න එපා බං .. When the going gets tough

මැච් පැරදුනාට 
කොල්ලන්ට බනින්න එපා බං
අැති තරම් චාන්ස් දීලත්
ගහන්නෙ නෑ කියල ....
පව් බං පේන විදියට මහ එවුන්
උන්ගෙ වාසියට කොල්ලො ටික...
අතරමං කරල තියෙන්නෙ ...
ඔය කොයිතරම් චාන්ස් දුන්නත් පලපුරුද්ද තිබුනත් ...
දශම කාල් භාගයක හිඩසක් අැති
පිතිකරුවෙකුටනං තරඟය
සෙල්ලම් කරනව වෙනුවට
තරඟය නරඹන්න ...
මේව ඉතිං මෙහෙම කෙටියෙන්
විස්තර කරන්නත් අමාරුයි ...
හාල්පාරු මහ එවුන් කරන
ඔල්මොරොන්දන් වැඩ වලට
කොල්ලන්ටයි මැද්දෙදි
ගෙවන්න වෙන්න ...
බොරු කියන්න අවශ්‍ය නෑ
අපේ මොරාල් එක අන්තිම
අඩියෙ තමයි දැන් තියෙන්නෙ ...
ගහන එවුන්ගෙ වගේම බලන එවුන්ගෙත් බිංදුවට බැහැල කියුවත් වැරදි නෑ මයෙ හිතේ ...
අැතුලෙ ඉන්න
සමහර හාල්පාරුවන්ටනං ගානක් නෑ
අැයි උන් ගහන්නෙ
වෙන අමර ගැහිල්ලක්නෙ ...
ඔය එකෙක්වත් කොල්ලා ටික
වෙනවෙනම අරගෙන තනි තනියෙන්
කතා කරල තියෙනවද දන්නෙ නෑ ...
හරි පිළිවෙලකට කතාකරල තිබුනනං
ඔහොම වෙන්නෙත් නෑ ...
මැද්දෙදි උන්ට එන පීඩනය හඳුනාගෙන
එය තමන්ගෙ ඉනිමට වෙන බලපෑම
අවම කරගෙන පිත්ත හෝ පන්දුව
හසුරැවන විදිය විස්තර කරල ...
එහෙමත් නැතිනම්
පීඩනය අවම කරගෙන
දැනට වඩා පහසුවෙන්
ඉනිමක් ගොඩ නගන හැටි කියාදීල ...
ඒකට අවශ්‍ය කරුණු කාරණා
හොයල බලල ඔවදන් දෙන්න
ඔය ලක්‍ෂ කෝටි ගනන් පඩි ගන්න
පුහුණු කරුවන්ගෙ වගකීමක් ...
සමහර උන් ඕව දන්නවද
දන්නෙත් නෑ ...
දැනගෙන කෙරුවනං ඔහොම වෙන්නෙත් නෑ ...
මනස කියන එක
සෑම චිත්තක්‍ෂණයකම වෙනස්වන දෙයක් ...
ඒකත් එක්ක ගනුදෙනු කරන්න ඕන
මනස අැතුලෙන්ම මිස පිටින් නොවෙයි ....
මැද්දට බැට් කරන්න ගියාම
නැතිනම් බෝල් කරන්න ගියාම
අතෝරක් නැතිව මනස දුවනව ...
ඕක මෙල්ල කරගෙන
අපේ වැඩේ කරගන්නත්
ප්‍රයෝග අවශ්‍යයි ...
හැම දෙනාම එකට ඉඳගෙන
තනි රුස්වීමකින් විසඳන්න ...
හැම කේස් එකක්ම
එක වගේ නෑ ...
කණ්ඩායම් රුස්වීම්වලින් කරන්නෙ සැලසුම් ....
ඒ සැලසුම් සහ ප්‍රයෝග (tactics)
ක්‍රියාත්මක කරන විදි වගේ
දේවල් කතා කිරීමයි ...
සෑම කණ්ඩායම් සැලසුමක් අැතුලෙම
ඒ ඒ පුද්ගලයට අදාල තනි
සැලසුම් තියෙනව ...
කණ්ඩායම් සැලසුමට තම තමන්ගෙ
ඒක පුද්ගල සැලසුම් අනුගත කිරිම සඳහා
මග පෙන්වීම අවශ්‍යයි ...
කොපමන හැකියාව තිබුනත් පලපුරුද්ද තිබුනත්
ක්‍රීඩකයාගේ චරිතය (Character) තමයි හිර උන වෙලාවට ගොඩදාන්නෙ ....
සමහර පලපුරුදු ක්‍රීඩකයන්ටත් ....
අනීවාර්යෙන්ම නවක ක්‍රීඩකයන්ගෙත්
චරිත ගොඩනැගීම් වැදගත් ....
(Character building)
නමුත් කණ්ඩායම් රුස්වීමට එන එකා
රුස්වීමෙන් යන්නෙ තමන්ගෙ
ඒක පුද්ගල සැලැස්මෙත් ප්‍රශ්ණ අැතිවනං
ඒකාට අැති පීඩනය දෙගුණයක් ....
ඒ වගේ වෙලාවට කලබල නොවී
ලෙඩේ හොඳට හඳුනගෙන
ඒ ඒ ලෙඩේට අවශ්‍ය බෙහෙත් දීම අවශ්‍යයි ....
ලෙඩේ හඳුනගෙන හරි බෙහෙත දෙන්න හරි දාෙස්තර කෙනෙකුට පුළුවන් වගේම ....
හරි පුහුණුකරුවෙකුටත් එක එක ක්‍රීඩකයා හඳුනාගෙන ඔවුනට අවශ්‍ය මානසික තල්ලුව
දෙන්න පුළුවන් ...
නැතිනම් හැදාමත්
ඔය සෙල්ලමම තමයි ...
මේ සම්බන්ධය අැති කරගැනීමට
ක්‍රීඩකයා සහ පුහුණුකරු අතර අන්නෝන්‍ය
ගෞරවය හා විශ්වාසය තිබිය යුතුමයි ...
ගෞරවයක් නැතිනම් කොහොමද බං
විශ්වාස කරන්නෙ ...
විශ්වාසයක් නැතිනම් කොහොමද බං
ගෞරව කරන්නෙ ...
Trust - Respect ....
Respect - Trust ....
හාල්පාරුවො ටික නං
ගෙදර යා යුතුමයි ....
ඔය ඉතිං මට හිතෙන හැටි ....
අනේ අම්මාපල් ...
අපිත් අසරණයි මේ වෙලාවෙ අපිටවත්
අඩුම ගානෙ වචනෙකින්වත්
කොල්ලන්ට උදව්වක් දෙන්න බැරිවීම ගැන ...
- අතුල සමරසේකර

අතුල සමරසේකර කියන්නේ කවුද බං කියල අහන අපේ සමහර බ්ලොග් ජීනියස් ලගේ දැන ගැනීම පිණිස පහල කොටස cricinfo වෙබ් අඩවියෙන්..
Athula Samarasekera was an imposing figure; a strapping physique leant him the ability to play some commanding innings. With the bat in hand he was capable of powerful strikes and was a more than handy medium-pace bowler. Samarasekera made an inauspicious start to his career, scoring a duck on his one-day international debut. On his Test debut he matched the performance, being dismissed in the first innings for a duck. In the second innings he played a characteristically breezy innings making 57, punctuated by a number of boundaries. He completed a promising allround match capturing two wickets and taking two catches. Too often though Samarasekera was dismissed when he seemed set to dominate the bowling, a substantial score beckoning. When he did score it was well worth watching as he provided maximum entertainment with his aggressive style. Never able to fully establish a permanent position in the team, Samarasekera chose to end his international career by deciding to take up professional cricket in Bangladesh. 
Johann P Jayasekera

Tuesday, 16 May 2017

රැන්සන්වෙයාර්? මොන හුයන්නක්ද යකෝ මේ? Ransomware? wtf?

මං දන්නා කොම්පීටර් ජිල්මාට් එකක් නෑ.. ඒත් මේ දවස්වල හැමෝම කතා වෙනවනේ මොකක්ද කොම්පිටරේට බෝ වෙන්න පුළුවන් වයිරස් උණක් ගැන.. මාත් පොඩ්ඩක් විමසිල්ලෙන් හිටිය.. ඔය අතරේ අපේ ඉටිකිරිස් සෙකට්‍රි නෝනා අපි හැමෝටම මේල් එකක් එවල.. බැලුවම ඒකෙ තියෙන්නේ මේ ගැන.. අම්මප.. පැහැදිලි සිංහලෙන්ම සංසිද්දිය කියල.. මුන්දට කොහොමද යකඩෝ මෙච්චර දැනුමක් කියල බලද්දී තමයි දැක්කේ. මේක එවල තියෙන්නේ අපේ කොම්පැණියේ කොම්පීටර් සර්විස් කරන්න යවන තැනින්.. ඒකලා මොක උනත් සෑහෙන්න මහන්සිවෙලා හොඳටම කියල දීල තියෙන නිසාත් අන්තිමට යාළුවො යාළුවො අතරේ බෙදා ගන්න කියලත් කියල තියෙන නිසා ඔන්න අලෝනවා බ්ලොග් එකේ.. කොම්පීටර් වැඩ ඇලජික් එහෙකුට උනත් තේරෙනවා.. ඒක නිසා කියෝලා බැලුවට පාඩු වෙන එකක් නෑ. 
මහන්සිවෙලා මේක ලියල එවපු AJS කොම්පීටර් කඩේ කොල්ලොන්ට මගේ බලවත් මෙව්වා එක.. ඔන්න එහෙනම් ඒ කතාව.
රැන්සම්වෙයා පරිගණක වෛරසය ගැන දැනගමු.

Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්. අපගේ ෆේස්බුක් පිටුවේ ගොඩක්දෙනා අහලා තිබුණා මොකද්ද මේ වයිරස් එක
මින් සිදුවන බලපෑම කොහොමද කියලා. අපේ රටේ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය මගින්ද විනාඩි කිහිපයක් මේ සම්බන්ධව වෙන් කරලා තියනවා ඔබ දකින්නට ඇති. ඉතින් මේගැන හරියටම දැනගන්න මෙම ලිපිය කියවන්න.

Ransomware 
කියන වෛරස් එක හදලා තියෙන්නේ අපේ වැදගත් ෆයිල්ස්Automatically Encrypt වෙන විදියට. සමාන්‍යයෙන් Files Encrypt කරන්නේ ඒ ෆයිල් එකේ ආරක්ෂාව වැඩි වෙන්න. අපි File එකක් Encrypt කරාට පස්සේ ඒක නැවතත් යථා තත්වයට අරගෙන පාවිච්චියට ගන්න නම් අපිට Encrypt එකට අදාළ Decryption Key එක අවශ්‍ය වෙනවා. නමුත් මේ "Ransomware" කියන වෛරස් එක අපේ පරිගණකයකට ආසාධනය වුනොත්, අපට නොදැනුවත්ව අපේ Files ඉතාමත් වේගයෙන් ස්වංක්‍රීයව Encrypt වීගෙන යනවා, නමුත් නැවතත් ඒ Files යථා තත්වයට පත්කරගැනීමට අවශ්‍යවෙන Decryption Keyඑක අපේ අතට ලැබෙන්නේ නැහැ, ඒ වෙනුවට ඒ Decryption Key අදාළRansomware එක නිර්මාණය කළ පුද්ගලයා (Hacker) අතට තමයි යන්නේ. 😳 ඊට පස්සේ අපේ අර Files ටික නැවත ලබාගැනීමට අවශ්‍යනම් අපට සිද්ධවෙනවා අදාළ වෛරස් එක නිර්මාණය කරපු කෙනාට කප්පම් මුදල් ලබාදෙන්න.

පැය 6ක් වගේ කාලයක් ඇතුලත අපි මුදල් ලබාදීලා අපේ දත්ත ටික යථාතත්වයට පත් කරගත්තේ නැතොත් අපේ Files ටික නැවත අරගන්න බැරි විදියට Permanent Delete වෙලා යනවා. 😲 සරලව Ransomware එකක ක්‍රියාකාරීත්වය තමයි ඔය විදිය.

මේ Ransomware ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 🤓

01. 
Encrypting ransomware.

මේකෙන් අපේ Hard Disk වල තියන User Files හැම එකක්ම Automatically Encrypt කරනවා.. ඒ User Files හැම එකටම අදාළ Decryption Keys ටික, වෛරස් එක නිර්මාණය කරපු අයට යවනවා.😓

02. 
Locker ransomware / Master Boot Record (MBR) ransomware.

මේ වර්ගෙ ransomware වලින් කරන්නේ අපේ Operating System එක තාවකාලිකව Lock කරන එක.. අදාළ කප්පම් මුදල ලබාදෙන තුරු අපට අපේ පරිගණකය ON කරගන්න බැරි වෙනවා.. නමුත් මෙයින් අපේ User Files කිසි දෙයක් Encrypt වෙන්නේ නෑ, සරලවම කිව්වොත් Operating System එකේ Boot Settings වෙනස් කරලා පරිගණකය ON වෙන එක වළක්වනවා විතරයි. 😒

                    සියලුම Microsoft Windows සංස්කරණවලට මේRansomware එක ආසාධනය වීමේ ඉඩකඩ තියනවා. මෑතකදී මේ විදියට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන Ransomware එක නිර්මාණය වුනේ ඇමරිකාවේ National Security Agency එකෙන් Leak වුනු Program එකක තිබුණු දුර්වලතාවයක් නිසා කියලා තමයි මේ පිළිබඳ පර්යේෂණ කරන අයට අනාවරණය කරගන්න පුළුවන්වෙලා තියෙන්නේ. 😱 සති දෙකක් වගේ කාලයක් ඇතුලත ව්‍යාප්ත වෙන්න පටන්ගත්තු මේ Ransomware වෛරස් එක අද වෙනකොට ලෝකයේ රටවල් 99ක පරිගණක පද්ධති වලට ආසාධනය වෙලා තියනවා. මේ වෛරස් එකෙන් ගොඩක්ම අලාබහානි වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍ය එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට.. අද දවස ඇතුලත බ්‍රිතාන්‍ය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කිසිම විදියක සේවයකට පරිගණක යොදාගන්න බැරි වෙලා තියනව.. ඒ වගේම රුසියාවේ දෙවන ප්‍රධාන විදුලි සංදේශන සේවය වන Megafon ආයතනයත් මේ වනවිට Ransomware වෛරස් එක ආසාධනය වෙලා තියනවා. 🤔

අපිට තිබෙන ගැටළු කිහිපයක් සහ රීට පිළිතුරු බලමු.
  1. වෛරස් ගාඩ් වලින් Ransomware අල්ලන්නේ නැද්ද ?
  2. අදාළ මුදල් Payment කරන තැනින් මේක කරන අයව අල්ලගන්න බැරිද ?
  3. අපිට Decryption Key එක හොයාගන්න විදියක් නැද්ද ?
  • මේ වෛරස් එකට නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ නිසාම Antivirus Programවලින් Detect කරගන්න හරි අමාරුයි.  
  • වෛරස් එක කප්පම් ඉල්ලන්නේ Bitcoin කියන Crypto-Currency එකෙන්.Credit Card, Pay-pal වගේ ක්‍රමයකින් මුදල් ඉල්ලනවා නම් ලේසියෙන්ම මේක කරන අයව කොටු කරගන්න පුළුවන්. නමුත් Bitcoin වලින් ගනුදෙනු කරද්දී ඒ ගනුදෙනුවලට සම්බන්ධ වන කාගේවත් අනන්‍යතාව කාටවත් හොයාගන්න පුළුවන්කමක් නෑ. 😏
  •  Decryption Key එකටත් මම කලින් කිව්වා වගේ නිශ්චිත ස්වරූපයක් නෑ, ඒ වගේම කිහිප වරක් විවිධ Decryption Keys යොදාගෙන unbreakable encryption එකක් හැදෙනවා. ඒ නිසා Decryption Key හොයාගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් මේ වනතුරු කාටවත් හොයාගන්න බැරි වෙලා තියනවා. 😏

අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ. ?
  • Ransomware වලින් ගැලවෙන්න තියන "හොදම ක්‍රමය" වෙන්නේ තමන්ගේ වැදගත් Files වෙන තැනකට Back-up කරගෙන තියාගන්න එක. කිසියම් හේතුවක් නිසා තමන්ගේ පරිගණකය Ransomware වලට ආසාධනය වුනොත් අපිට අපේ වැදගත් දේවල් ටික තියනවා කියලා හිතලා හිත හදාගන්න පුළුවන්.
  • ඒ වගේම මේ දවස්වල Software වගේ දේවල් අන්තර්ජාලයෙන් ගන්න එපා. Torrents භාවිතා කරන එකත් අඩු කරන්න. Virus බෙදාහැරීමේ ක්‍රමවලින් ඉස්සරහින්ම ඉන්නේ Torrent හරහා වෛරස් බෙදාහැරීම.
  • Antivirus Program භාවිතා කරනවා නම් ඒවා Update කරන්න.. Ransomwareවෛරස් එක නිශ්චිතව හදුනාගන්න බැරි වුනත්, අදාළ Programs වල හැසිරීම් රටාව බලලා ඒවා Detect කරගන්න පුළුවන්කමක් Antivirus Programවලට තියනවා. (Behavior-Based Detection) 
  • තමන් නිතර භාවිතා කරන Web Browser එකට නොමිලේ ලබාදෙන Ad-Block එකක් Install කරගන්න.. එතකොට Ads ආකාරයෙන් බෙදාහැරෙනRansomware ක්ලික් කරන්නේ නැතුව බේරිලා ඉන්න පුළුවන්.
  • ඒ වගේම Office, Public WiFi Networks වගේ තැන්වල තියන පොදු ජාල(Networks) වලට තමන්ගේ Device සම්බන්ධ කිරීමෙන් හැකිතාක් වලකින්න. තමන්ගේ පරිගණක ජාලයට සම්බන්ධවෙලා තියන වෙනත් ඕනම Device එකකට Spread වෙන්න Ransomware වලට පුළුවන්. 

  • කෙටියෙන්ම කිව්වොත් අපට Ransomware එකක් Infect වුනාට පස්සේ කරන්න දෙයක් නැහැ, Ransomware එකක් ආසාධනය වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා ඉදිරි දවස් කිහිපය තුලදී ඉන්ටර්නෙට් එකේ වැඩ කරනකොට ටිකක් සැලකිල්ලෙන් ඉන්න.. නොහිතන ඕනම වෙලාවක මේවා අපේ පරිගණකවලටත් ඇතුල් වෙන්න පුළුවන්. යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.

Thursday, 20 April 2017

කුණු ගැන රත්තරං වටිනා අත්දැකීමක්.... precious little කුණු experience!

හැම තැනම කුණු ගැන කතා! මේ අසාධාරණයට ලක්වෙලා මියගිය මිනිස්සුන්ගේ මරණ වලට මාත් අනියම් වග උත්තරකරුවෙක් කියල හිතෙනකොට එන වරදකාරී හැඟීම නිසාම මම ඒ ගැන ලියන්න ගියේ නෑ. ඒත් කුණු කතා ඔක්කොම වගේ කියෙව්වා. ඒ අතර තිබුණු කවදත් සුවිශේෂ යමක් ලියන සුජීව කොකාවල ගේ The Null Device බ්ලොග් එකේ ගිය මේ කුණු කතන්දරේ කියවෙනවා කුණු උප සංස්කෘතියක් ගැන. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කරන්න සීත කාමර වල ඉඳගෙන ඉන්න සුදු කරපටි මහත්වරුන්ට නොහැකි බවත් ඒ සඳහා ඒ උපසංස්කෘතිය සහිත භුමියේ පය ගසා ඇවිද යා යුතු බවටත් සුජීව යෝජනා කරනවා. මේ කාරණයට මම සම්පූර්ණයෙන්ම එකඟයි. මේ මට අහම්බයෙන් එහෙම තැනකට එබිලා බලන්න ලැබුණු අවස්ථාවක්.. ඇත්තටම මට අදටත් හිතා ගන්න අමාරුයි මේ පිළිවෙල.

ඒ 2003 අවුරුද්දේ අග හෝ 2004 මුල වෙන්නොනි.. මිතොටමුල්ලට නෙවෙයි ඊට කලින් බ්ලුමැන්ඩල් වලට කොළඹ කුණු දාපු කාලේ..  මම ඒ කාලේ වැඩකලේ නාවික හමුදාවට අයත් කුඩා ප්‍රමාණයේ යුධ නෞකාවක ඉංජිනේරු නිළධාරී වශයෙන්.. විශාල යුධ නැව් වලනම් මේ රාජකාරියට වෙනමම Marine Engineer කෙනෙක් අනුයුක්ත කලත් කුඩා නෞකා වලදී එම රාජකාරිය භාර වෙන්නේ නැවේ ඉන්න අමතර නිලධාරියෙකුට.. මගේ කාර්ය මණ්ඩලයට එන්ජින් කාමර ශිල්පී (Engine Room Artificer- ERA) නැවියෙකු හා ඉංජිනේරු කාර්මික නැවියන් කීපදෙනෙක් ඇතුලත් වෙනවා.

මේ කියන දවස්වල අපි (නැව) කොළඹ වරාය ට ඇවිත් හිටියේ. ඒ නැවේ වතුරෙන් යට කොටසේ රෙපයාර් සඳහා.. මේ රෙපෙයාර් කටයුතු කරේ Colombo Dockyard (CDL) එකෙන්.. ඒ සඳහා නැව විශේෂයෙන් සකස් කල ආධාරකයක රඳවා වතුරෙන් ඉහලට ඔසවා ගන්නවා. මේකට සාමාන්‍යයෙන් සති 2-3ක් වගේ කාලයක් ගතවෙන නිසා ඒ කාලය තුල නැවේ තියෙන අනෙකුත් අඩුපාඩු සකස් කර ගැනීමත් කාලයෙන් කාලයට එන මේන්ටෙනන්ස් වගේ දේවල් මේ කාලයටම යොදා ගෙන සිදු කිරීමත් සාමාන්‍ය පුරුද්ද.. ඉතින් මේ වඩාත් එක්ක නැවේ ඉංජිනේරු කාර්යමණ්ඩලය ඉතාමත් කාර්ය බහුල වෙනවා. මේ ටික සඳහන් කලේ හඳුන්වා දීමක් වශයෙන්..
A ship dragged on slipway for underwater repairs
මේ docking පීරියඩ් එකේදී නැවේ එන්ජින් හතරේම major routine maintenance එකක් යෙදිලා තිබුන නිසා අපි කරේ dock එකට ගන්න කලින් නැවේ එන්ජින් හතර ගලවල බිමින් තියා ගත්ත එක. එන්ජින් එක්කම shaft, propellers, after steering system, rudders මේවා ඔක්කොම ගලවල අයින් කරනවා. නැව් ගැන දැනීමක් නැති උතුමෝ මේ කියන කෑලි  බෑලි ඒ හැටි තකන්න ඕනි නෑ. ඔයින් මෙයින් කොහොම හරි නැවෙන් බාගයක් විතර දැන් CDL ජැටිය උඩ.. ඉංජිනේරු අංශයේ නැවියන් හෝ ගාල වැඩ.. ඔය අතරේදී අපේ ERA ට ඕනි වෙලා තියෙනවා බොහොම වටිනා සහ හොයා ගන්න අමාරුම ඒ වගේම නැවත සවි කිරීමේදී අත්‍යවශ්‍යම වෙන පිත්තල බෙයාරින් (Bearings) 4ක් වැඩි පරිස්සමට අයින් කරන්න. මේවා එන්ජින් එකයි ෂාෆ්ට් එකයි සම්භන්ද වෙන තැනට එන බෙයාරින් වගයක්. 1970 දශකයේ චීනයේ පාවිච්චි කරපු නැව් වෙච්චි අපේ ඒ යුධ නෞකාවකට spare parts හොයන්න සමහරවිට චීනෙත් නෑ කියල දන්නා නිසාම මිනිහා මේ බෙයාරින් 4 වෙනම ඔයිල් භාජනේක දාල පරිස්සමට අරන් තියල..
A kind of brass bearings (Ball Bearings)
අන්තිමට නැව undock කරන්නත් කිට්ටුව තමයි මිනිහට බෙයාරින් හතර මතක් වෙලා තියෙන්නේ.. බැලින්නම් බෙයාරින් හතර තියා බෙයාරින් දාපු ඔයිල් භාජනේවත් හොයා ගන්න නෑ. දෙලෝ රත්වෙලා ආවා මෑන් මගේ ලඟට.. එක පාරට මටත් හිතා ගන්න බෑ මොකද කරන්නේ කියල.. කෝකටත් ගත්ත CO (Commanding Officer හෙවත් අණදෙන නිලධාරියා)  ට කෝල් එකක්. අරං කියුව විස්තරේ.. CO ත් අම්බානට පැනික් උනා.. එකක් මේක ලංකාවේ ගන්න නෑ.. ඒ මැටිරියල් එක සහ ඩිසයින් එක නැතුව ලේත් මැෂින් එකකින් කප්පව ගන්නවත් බෑ. ඕඩර් කරලා චීනෙන් ගෙන්නන්න ගියොත් මාස ගානක් යන්න පුළුවන්. සමහරවිට චීනෙත් නැති වෙන්නත් පුළුවන්. එතකන් නැව Operational කරන්න බෑ. එන්ජින් ටික හයි කරන්නේ නැතුව නැව undock කරන්න බෑ. එක දවසක් CDL එකේ වැඩිපුර තියාගන්න උනොත් ලක්ෂ කියකින් බිල නගීද කියන්නත් බෑ. ඔක්කොටම හපන් මේක Area Commander ට සහ Navy Commander ට කියන එක.. ප්‍රශ්ණ කෝටියයි. එදා දවසෙම අපි තුන්දෙනත් බැහැල නැවේ මුළු crew එකම දාල CDL එකේ අහුමුළු සේරම ඇවිස්සුව... ම්හු.. බඩු නෑ.

ඉහ අත බදාගෙන මමත් CO සර්ත් අපේ ERA හෙවත් අස්සයා මැරිච්චි ජොකියාත් CDL ජැටිය උඩට වෙලා කල්පනා කරනවා.. කොහෙන් හරි ආපු අයිඩියාවකට අපි ගිහින් CDL එකේ security එකෙන් ඇහුව කවුද මෙහෙ කුණු අයින් කරන්නේ කියල.. බැලින්නම් එක එක ජාතියේ කුණු අයින් කරන්න එක එක කන්ට්‍රැක්ටර් ලා ඉන්නේ. උන් අතරින් oil waste අයින් කරන කන්ට්‍රැක්ටර් ගේ නම්බර් එක ඉල්ලා ගත්ත.. ගත්ත ඌට කෝල් එකක්.. මමමයි කතා කරේ. "මම නේවි එකේ කොළඹ හාබර් එකේ කෑම්ප් එකෙන් ලෙෆ්ටිනන් අහවලා" කියුවම ඌ ටිකක් සාවධානව ඇහුන්කන් දුන්න.. ඌට මුළු විස්තරේම කියල අන්තිමට මට ඇඬේන්නත් වගේ කිට්ටු වෙනකං ඉඳල ඌ කියපි "මහත්තය අපි කුණු ගෙනිච්චට ඒවා අපිට අයිති නෑ. අපි ට්‍රාන්ස්පෝර්ට් එක විතරයි කරන්නේ.. ඒවා අහවල් තැනට ගෙනිහින් අහවලාට බාර දෙනවා" කියල.. ආයෙත්  කනිපින්දන් ගහල අමාරුවෙන් අහවලා ගේ නොම්මරේ ඉල්ලගෙන ඌට කතා කරලා මුල ඉඳන් මගේ දුක් ගැනවිල්ල කියුව. ඒ වෙනකොට මට විතරක් නෙවෙයි CO ටත් ඇඬේන්න වගේ.. මුළු විස්තරයම අහල මිනිහත් කියපි "මහත්තය අපි මෙතන චෙක් කරලා බා ගන්නවා විතරයි.. කුණු තෝරන්න එන්නේ අහවලාගේ කට්ටිය.." කියල..


A busy garbage site- not in Sri Lanka
 ඔහොම අහවල්ලු තුන් හතර දෙනෙකුට කතා කරලා අන්තිමේ ඒ වෙනකොට කොළඹ කුණු කන්දේ නොනිළ අයිතිකාරයා හෙවත් කුණු ගෝඩ් ෆාදර් ව කන්ටැක් කර ගන්න අපිට පුළුවන් උනා. කන්ටැක් කියුවට ඇත්තටම ඇපොයින්ට්මන්ට් එකක් තමයි දුන්නේ පහුවෙනිදට.. හැබැයි නේවි නොවුනානම් සහ ඒ වෙනකොට කොළඹ වාරයේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම නේවි එකට පවරලා නොතිබුනා නම් ලොවෙත් මේ සොයා ගැනීම කරන්න වෙන්නේ නෑ. කොහොම හරි පහුවෙනිදා උදේ හරියටම දහය වෙනකොට නාල කරලා අලුත් යුනිෆෝම් එහෙම ඇඳලා මාත් CO ත් අපේ ERA ත් තුන්දෙනා CO ගේ නාහ නිල රථයෙන් බ්ලුමැන්ඩල් ගියේ 'කුණු ලොකු බොස්' හම්බවෙන්න. 

පොරගේ 'සෙකට්‍රි' කියපු පාරවල් තුන හතරකින් හැරී හැරී ගියාම අපිට පලවෙනි මාර්ග බාදකේ වැටුන.. කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ CO නිසාද කොහෙද බටු ඇට දෙකක් විතර උස කොලු ගැටයෙක් ඇවිත් මගෙන් ඇහුව 'බොස් මේ කොයෙද?" කියල.. ලොකු අයියගේ නම කියපු ගමන් එතෙන හිටපු වෙන එකෙක් අතුරුදන් වෙලා තව හන්දියකින් මතුඋනා.. බටු ඇට දෙකය මට ඌව පෙන්නලා 'අතනින් යන්න මාතියා' කියුවම CO වාහනේ ඉස්සරහට ගත්ත.. එතනට යනකොට අරූ ආයෙම අතුරුදහන්.. වෙන එකෙක් ඇවිත් වාහනේ නැවැත්තුව.. ඌ මොකුත් අහන්නත් කලින් අපේ මග පෙන්නන්න ඊළඟ හන්දියෙන් මතුවෙලා අත වැනුවා.. මම ඔලුවෙන් මිනිහව පෙන්නුවා අලුත් මාර්ග බාදකයාට.. එතකොට ඌ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව යන්න දුන්න. ඊළඟ හන්දියෙන් එහාට වාහනේ යන්න බෑ. තව දෙපොලකින් විතර හැරිලා ගියාම පාර ඉවර උනා. ඒ පාර වටේම එකම වහලක් වගේ.. හරියට ගෙයක් ඇතුලෙන් පාර ඉවර උනා වගේ. තැන් තැන් වල පොඩි යකඩ ගේට්ටු තුන හතරක් සහ එල්ලෙන මල් වගේ වැල් තිබ්බ පෝච්චි ටිකක් ඇරෙන්න මොකුත් එලියට පේන්න නෑ. එතන තිබ්බ එක ගේට්ටුවකින් අපිව ඇතුලට දාල අර හොල්මන් මග පෙන්වන්නා ආයෙම අතුරුදහන් උනා.

එතන ඇතුලේ කොල්ලෝ සහ කොලු වයස ඉක්මවල ගිය තලත්තැනි තුන් හතර දෙනෙක්ම හිටිය. උන් ඔක්කොම හොඳට ඇඳලා කරලා හිටියා.. ඒත් කවුරුවත් අපිත් එක්ක විස්තර කතා කරේවත් මොකුත් කියුවේවත් නෑ. විනාඩි කීපයක් මෙහෙම ඉඳල මම එකෙක්ගෙන් 'ලොකු අයිය' ගැන ඇහුව.. 'ටිකක් ඉන්න දැන් එන්න කියයි' කියල ඒ ගමන්ම වගේ ඔයාල ඇතුලෙන් ගිහින් වාඩි වෙන්න කියුවම කොල්ලෙක් අපිට ඉස්සර උනා. අපි ඌ පස්සෙන් වැටුන. ගේ ඇතුලේත් වට දෙක තුනක් ගිහින් ලස්සනට කාපට් කරලා හදපු ලොකු විසිත්ත කාමරේක සෝෆා එකක් පෙන්නුවා අපිට වාඩි වෙන්න. ඒ පෙන්නලා ඌ ගියා.

අපි බලාපොරොත්තු උනේ හෙන ගාම්භීර ගොරෝසු කටහඬක් තියෙන දැල් බැනියමක් ඇඳලා පච්ච කොටපු ඩයල් එකක්.. ඒත් අපි ඉස්සරහට ආවේ අවුරුදු 35ක විතර සාමාන්‍ය පෙනුමැති කොල්ලෙක්.. දුක් මහන්සිවෙලා කට්ට කාල දියුණු වෙච්චි ව්‍යාපාරිකයෙක්ගේ වගේ පෙනුමක් තමයි මෑන් ගේ තිබ්බේ.. අපේ ඉස්සරහින්ම ඇවිත් වාඩි වෙලා "මොකක්ද සර් කේස් එක?" කියල ඇහුවේ බොහොම යටහත් පහත්ව වගේ.. ඇත්තටම පොර මූ ද නැත්නම් නියම ඩයල් එක ආයේ තව ඇතුළෙද හිතා ගන්න බැරි උනත් අපේ CO මිනිහට සම්පුර්ණ විස්තරේ කියුව..
"බය වෙන්න එපා.. ඔය කියන විදියේ අයිටම් එකක් පහුගිය ටිකේ මෙහෙට ආවනම් අපිට හොයා ගන්න බැරිවෙන එකක් නෑ. ඉන්නකෝ මම නියම මෑන් ව ගෙන්නන්න" කියල කියුවම තමයි අපි කතාකරල තියෙන්නේ නියම 'අයියට' කියල මට කන්ෆර්ම් උනේ.

මිනිහා ගෝලයෙකුට කතාකරන්න හිතනකොට ගෝලය එතන.. "... මහත්තයට එන්න කියපං.. මේ සර් ලට බොන්න මොනවහරි ගෙනෙන්" කියනකොටම අපේ CO අත උස්සල "බොන්න නම් මොකුත් ඕනේ නෑ. අපේ වැඩේ උනානම් ඇති මල්ලි" කියුවත් බොසා වත් ගෝලයා වත් ඒක කණකට ගත්තේ නෑ.

විනාඩියක් යනකොට '..... මහත්තය' ආව.. අර ගේ ඉස්සරහ හිටපු එකෙක්..

"... ...ජීය ඉන්නවනං එන්න කියන්න' බොස් සාවධානව ඕඩර් එක දුන්න.. විනාඩි බාගයක් යනකොට '... ...ජියා' එතන.

'මහත්තය කියන්නකෝ මූට මොකක්ද අයිටම් එක කියල.. ' කියපු ගමන් අපේ ERA පැහැදිලි විස්තරයක් සැපයුවා.. විස්තරේ බාගයක් කියනකොට '... ..ජීය' ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්ත.. ඉවර කරන්න උනේ නෑ.. "ඒක තියෙනවා මට මතකයි" කියල '... ...ජියා' උත්තර දුන්න.. අන්න ඒ වෙලාවේ මටත් CO ටත් ERA ටත් දැනුනු සතුට කියන්න වචන නෑ පිංවතුනි..

"ආ.. ඒක ගෙනත් මේ මහත්තුරුන්ට දීපං.. අරුන් නැවේ තියෙන ඒවත් ඔහොම ගලවන් එනවද දන්නේ නෑ.." කියල ලොක්ක කියනකොටත් '... ...ජියා' ගිහිං ඉවරයි. ඒ එක්කම කේක්, බිස්කට් සහ කුල් බීම සංග්‍රහයක් අපේ ඉස්සරහ.. සතුටට මොකුත් කන්න බැරි උනත් අපි තුන්දෙනාම කුල් ඩ්‍රින්ක් එක අතට ගත්ත..

මට මේක පුදුම ප්‍රෙහෙලිකාවක්.. ඇත්තම කියුවට නැවේ ඒ වෙනකොටත් මාස ගානක් වැඩ කරලා තිබ්බට වත්, EO උනාටවත් මටවත් ඔය කියන බෙයාරින් 4 මතක තිබ්බේ නෑ. මූ කොහොමද මේක ටක්කෙටම දන්නේ.. අනික ඩොක්යාඩ් එකෙන් අතුරුදහන් වෙච්චි එක කොහොමද මේ මුඩුක්කු පේලියෙන් මතු වෙන්නේ? ඒ වෙනකොට 'මල්ලි' කියල කුණු අයියට කතා කරන ගානට අපේ CO පොරත් එක්ක සෙට් වෙලා වැඩිය කතා නොකරට අපිත් එක්කත් ඒ සුහදතවයම පෙන්නන නිසා මම ඕනේ එකක් කියල මිනිහගෙන් ඒ ගැන ඇහුව.. "කොහොමද ඒක කුණුත් එක්ක ඇවිත් මෙතනට එන්නේ?"

"ඔය කොළඹින් එන කුණු කොයිම වෙලාවකවත් නිකන් විසි කරලා දාන්නේ නෑ සර්.. කුණු කියන්නේ සල්ලි උල්පතක්.. එක මිනිහෙකුට එපා වෙලා විසි කරන දේවල් සමහරවිට තව මිනිහෙකුට ඕනිම දේ වෙනවා. කොළඹ විසි කරන කුණු ට්‍රැක්ටර් දහයක් ගත්තොත් නවයක්ම එහෙම තව කෙනෙකුට ඕනි වෙන නැත්නං ආපහු පාවිච්චි කරන්න පුළුවන්, වෙන වැඩක් ගන්න පුළුවන් ඒවා.. විශේෂයෙන්ම හාබර් එකෙන් ලොකු බිල්ඩින් හදන තැන්වලින් ෆැක්ටරි වලින් එහෙම ගේන කුණු අපි කවදාවත් නිකං විසි කරන්නේ නෑ. මේ ගෙවල් පේලි ඔක්කොගෙම ඉන්න වැඩි දෙනෙක් කරන්නේ මේ කුණු තෝරන එක තමයි.. දවසට දාහක් හමාරක් මහන්සියක් නැතුව හොයනවා උන්.. යකඩ, අලුමියම්, පිත්තල, පොලිතින් ප්ලාස්ටික්, පත්තර විදුරු ටින් මේ ඔක්කොම ජාති වෙන වෙනම කිරල උන්ට සල්ලි දෙනවා.. ඒවගෙන් සමහර ජාති යකඩ, ප්ලාස්ටික් පොලිතින් පත්තර එහෙම කෙලින්ම අපේ ලොරිවල රි සයිකල් කරන තැන්වලට යවනවා. සමහරු ඇවිත් අරන් යනවා.. තව කොටසක් පුච්චන්න පුත්තලමේ සිමෙන්ති පැක්ටරියට යවනවා.. තඹ, පිත්තල එහෙම එක පාරට විකුනන්නේ නෑ.. ඒවා ආයෙම තෝරලා උණු කරන්නේ නැතුව විකුනන්න පුළුවන් ඒවා වෙනම එකතු කරනවා.. අනිත්ව තලලා එකතු කරලා තියල තඹ පිත්තල ඉල්ලුම වැඩි කාලෙට වැඩි මිලට විකුනනවා.. ඔය '... ...ජීය' තමයි කාලෙක ඉඳල ඒවා එකතු කරන්නේ.. මහා හුඟක් කෑලි බෑලි තියෙනවා ඒ උනාට ඌට ඒ එකක් එකක් ගානේ මතකයි..  ඔය ෆැක්ටරි වලින් එහෙම ගොඩක් වෙලාවට දන්නා එවුන් ඔය කෑලි හොයාගෙන එනවා. තව නාඩාර් ල එනවා ඇවිත් මිනිස්සු හොයන ජාතියේ කෑලි සල්ලි වලට අරං යනවා.. සර්ලා නේවි නොවුනනන් අද '... ...ජියා' ඕක දෙන්නේ ලක්ස ගානක් ඇදලා.."
Kids and teenages on Garbage Dump- fighting for daily bread
කුණු ගැන රත්තරන් කතාවක් ඒ විදියට අහන්න ලැබුනේ එදා කුණු සක්විතිගේම කටහඬින්.. මේ කතාව සුදු පිටුවල කළු අකුරෙන් කීප වතාවක් කියවල තිබ්බට එතනට යනකං ඒක එහෙමය කියල නිකමටවත් හිතුනේ නෑ.. මගේ කුතුහලේ තවත් සැරයි.. ඒ වගේම 'ලොකු අයිය' දැන් තවත් හිතවත් නිසා මම ආයෙම මුට්ටියක් දැම්ම.. "මට ආසයි ඔය කුණු තෝරන විදිය බලන්න"

"හඃ. හඃ.. හඃ.. මහත්තයල නේවි එකේ නිසා තමයි මෙච්චරවත් දුරක් මේකේ එන්න උනේ.. නැත්නම් '...... හංදියෙන් මෙහාට එන්න වෙන්නේ නෑ.. සෙට් එකත් ගලෝල කුණු වලට වෙන් කරනවා මේකේ උන්.. මේක වෙනම ලෝකයක් සර්.. මේ කුණු අපිට ගඳ නෑ.. කුණු තමයි අපේ උන්ගේ ජිවිතේ.. කුණු ගොඩවල්වල ඉන්න ඌරු මීයෝ තමයි අපේ හුරතල්ලු.. හැබැයි අපි මේ කුණු ලෝකෙන් එහාට ගියාම කොන් වෙනවා.. ඒක නිසා අපේ උන් මෙතනින් එහා ලෝකේ දිහා බලන්නේ තරහෙන්.. කුණු තෝරන පීල්ඩ් එකේ නම් සර්ලා යන්න එපා ඔය යුනිපෝමුත් ඇඳගෙන.. ඒක අමු අපායක්.." එහෙම කියනකොට '... ...ජීය' ආව අපේ බෙයාරින් හතරත් අරගෙන.. ෂාහ්.. අලුතෙන් ගත්ත වගේ සුපිරියට සුද්ද කරල දිලිසි දිලිසි තියෙනවා.. පුංචි පිත්තල කම්භී කෑල්ලකින්ම කොක්කක් වගේ හදල එකට අමුණලා.. ERA ගේ මූනත් ඒ එක්කම දිලිසෙනවා..
"මල්ලි ලොකු උදව්වක් මේක.. කියලවත් කර ගන්න බැරි.. අපි මාර අප්සෙට් එකේ හිටියේ.. ලක්ෂ ගානක් නම් දෙන්න නෑ.. මට පුළුවන් ඔයාගේ මේකට මහන්සියයි වියදමයි කියනවනම් සාධාරණ ගානක් දෙන්න" බැලින්නම් CO එනකොට cash imprest එකෙන්ද කොහෙද දහ දාහකුත් අරං ඇවිත්..
"පිස්සුද සර් සල්ලි ගන්න.. සල්ලි නෙවෙයි ඕනි උදව්වක් ඕනි වෙලාවක කියන්න.. ආ.. '... ...ජියා' මෙහෙ වරෙන්.. මේ සර්ලට ඕනෙලු උඹේ පිත්තල කඩේ බලන්න.. හඃ..හඃ,. යනිම්ගමන් එතන පොඩ්ඩක් පෙන්නපන්.. යකඩ ඉස්ටෝරුවෙන් එහාට යන්න එපා පීල්ඩ් එක පැත්තට.. කවුරුවත් දකින්න ඕනෙත් නෑ. වාහනේ එලියට යනකම් පොඩ්ඩක් පස්සෙන් හිටපං" ලොකු අයිය සමුගැනීමේ අවසරය දුන්න..

එනින් ගමන '... ...ජීය' අපි තුන්දෙනවා උගේ පිත්තල/ තඹ ඉස්ටෝරුවට එක්ක ගියා. ඒත් අපත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. අඩි විස්සේ හතළිහේ වගේ කාමරයක් පුරෝලා එක එක ජාතියේ තඹ පිත්තල හා වෙනත් (යකඩ නොවන) ලෝහ වල එක එක විදියේ කෑලි ලස්සනට පිළිවෙලට එල්ලලා ගැට ගහල වැල් වැල් වගේ එල්ලෙනවා.. පිත්තල screw ඇන, පිත්තල කම්බි ඇන එහෙම එක එක සයිස් වලින් බාල්දි බැරල් ගණන් පුරෝලා.. තඹ එක පැත්තක.. සාමාන්‍ය ප්‍රමාණයේ පිත්තල පහන්, ඉලත්තට්ටු, අලියා පාත්තර පවා තියෙනවා.. කුණු ගොඩවල් වලින් ඇහින්දපුව  කියල කියන්නවත් බෑ.. ඔක්කොම ලස්සනට සෝදලා සුද්ද කරලා.. එතන තිබ්බ පිත්තල වල බර අනුව වටිනාකම විතරක් ඒ කාලේ හැටියට රුපියක් කෝටියක් වත් වෙන්න ඇති. වැඩි විස්තරයක් දැන ගන්න '... ...ජියා' කතා කරන්නෙත් නැති නිසා බෙයාරින් හතරත් පරිස්සමෙන් අරං අපි වාහනේට ගොඩ වෙලා එන්න ආව.. '..... හන්දියෙන්' මහපාරට දානකොටම එච්චර වෙලා අපි දිහා බලං හිටපු '... ...ජියා' අතුරුදහන් උනා..

මගේ කුණු කතාව මෙතකින් අවසානයි. කියවූ ඔබ සැමට ස්තුතියි! ඒත් ලංකාවේ කුණු කතාව කවදා ඉවරවෙයිද කියල හිතෙනකොට .. හ්ම්ම්ම්...