Saturday 2 March 2019

කොලොම්පුරේගේ ඉල්ලගෙන ඇන ගැනීම, කටුස්සාගේ අනාගත ස්වරූපය, කම්මලේගේ හදිසි අතුරුදහන් වීම, යකාගේ විදුරු බිඳිල්ල, නිදි ගේ සුපිරි පූරි රාත්‍රී භෝජන සංග්‍රහය සමඟ කණ්ඩා ගේ සාදර සමාදර බ්ලොග් හැන්දෑව Blogger's Eve March 2019

මාස දෙහෙකටත් වැඩි කාලයක් ඉඳල අපේ කණ්ඩා ට උණක් බෝ වෙලා තිබ්බනේ බ්ලොග් කාරයෝ ටිකක් එකතු කරගෙන පාටියක් දාන්න.. අපිනම් ඔය නිතර දෙවේලේ තැන තැන සෙට් වෙන එවුන් වෙච්චි ඕකේ ඒ හැටි ලකයක් ගැන හිතුවේ නැති උනත් අටම්පහිය බ්ලොග් සින්ඩිකේටර් එක හා අටම්පහිය ෆේස්බුක් පේජ් එක හරහා බ්ලොග් මන්දගාමී වෙන්න නොදී ඇදගෙන යන නයනේ, නිදි, අතුල අබේරත්න වගේ ජේෂ්ඨ පුරවැසියෝ සෙට් එකටත් විප්‍රවාසව ඉඳල ඇරියස් එක්ක එන කණ්ඩාටත් මේක මහා පරිමාණයෙන් ම කරන්න ඕනි උනා. ඉතින් දැන් මාස දෙහෙක වගේ ඉඳල මේ වෙනුවෙන්ම හැදිච්චි මැසෙන්ජර් ගෘප් එකක ඔය ගැන කතා වෙනවා. කණ්ඩා ලංකාවට එන දිනය අල්ලලා මාර්තු පළවෙනිදා තමයි දිනය දාගත්තේ. පංච තන්තරේ අලුතෙන්ම ලියන 'නිදි' බොස් කලිම්ම එකඟ උනා එයාගේ මහරගම වාසභවන පළවෙනිදාට මේ පුණ්‍ය කටයුත්තට වෙන් කරන්න. ඒ විතරක් නෙවෙයි එදාට එයා ගානේ දවල් (ඕනිනම්) හා රාත්‍රී (අනිවාර්ය) භෝජනයත් සුදානම් කරන්න භාර ගත්තා. තව එක එක්කෙනා ඉතින් කජු, කිරිපැණි, වරක, මල් පැල, නැදුන් පැල වගේ ඒවා බාර ගත්තා. පාටි දැම්ම වගේ නෙවෙයි අන්තිමේ බජට් දෙන්න බැරි නිසා ඔන්න මම නම් ළූණු සිවියක්වත් භාර ගත්තේ නෑ මේ වගකීමෙන්මයි කියන්නේ හිටං.. බීම මයේ හිතේ කණ්ඩා ගෙන්.. ආ.. තව එකෙක් ඔක්කොටම වඩා වටිනා වැඩක් භාර ගත්තා.. ඒ පාටියට දින කවුන්ට් ඩවුන් කරන්න. මේ බැරෑරුම් කටයුත්තට අත ගැහුවේ පාටියට සහබාගි වෙන්න වැඩිම උනන්දුවක් තිබ්බ කොලොම්පුරේ ආරච්චි අසංග යා.. හරි දැන් ඉතින් දවස් ගැනගෙන ගැනගෙන ඔහොම එනවා.. එනවා.. එනවා.. මෙන්න බොලේ එකපාරටම නොහිතූ හෙනයක් පාත් උනා..

අපේ කොලොම්පුරේ ආරච්චියාගේ ඇඟේ ඉන්න නාවිකයා එලියට පැනල අහක යන ගෝරියකට මැදිවෙලා පිහි ඇනුමක් කාගෙන කළුබෝවිල ඇඩ්මිට් කරන්න උනා කියහන්කෝ.. අපිනම් අවන්කවම සතුටු උනා එක දවසේ පාටිය දවස් හතක් අදින්න ලැබෙන එකයි පළවෙනිදා වෙනකම්ම ඉන්න ඕනි නැති වෙන එකයි නිසා පණිවුඩේ දැකපු ගමන්.. ඒ උනාට මේකට ඒ හැටි හෙනයක් නෑ.. දවස් දෙකක් විතර අතපසු උනත් ආරච්චියා ඉස්පිරිතාලේ ඉඳගෙනම ආපහු දින ගනින වැඩේ පටන් ගත්තම අපි ආයෙම හිත හදා ගත්ත ඔරිජිනල් ප්ලෑන් එකේ පාර්ටියට විතරක් සෙට් වෙන්න. හැබැයි පස්සේ බැලින්නම් සාධාරණ සැකයක් ආවා මූ බලෙන්ම පිහියෙන් ඇන ගත්තද කියල මොකද ඉස්පිරිතාලේ ඉඳන් කියෙව්වෙම නර්ස් නෝනලා ගැන. ආයි ඇනගෙන ආයි එන්න තිබ්බත් කැමතියි කියල තමයි කියුවෙනම්. චූ බටේ ගහල තිබ්බ නිසා යන්තම් අතපය නොහොල්ල ඉඳල සම්හව් පාර්ටියට කලින් දවසේ ටිකට් කප්පව ගත්ත උනත් අනේ කොල්ලට වෛද්‍ය (සහ අපේ ) උපදෙස් මත පාර්ටියට නම් සහබාගි වෙන්න බැරි උනා. ඒ වෙනුවට පාර්ටිය දවසේ උදේ කණ්ඩාත්, නයනේ සහ අටමා ත්, අතුල අබේරත්න අයියත් ගල්කිස්සේ කොලොම්පුරේ ගේ ගෙදරට ගිහින් ඔහුගේ දුක සැප බලල ඇවිත් තිබුනා.. උගේම බාසාවෙන් කියුවොත් Moral of the Story - අධික උනන්දුව බයානක ප්‍රථිපල ගෙනත් දෙන්න පුළුවන්..
පිනට කෑව පිහි පහර සමඟින් කොලොම්පුරේ ආරච්චි කළුබෝවිල සිටියදී..
ඔන්නොහොම මාර්තු පළවෙනිදා ත් ආවා කියමුකෝ. ප්ලේන් එක නතර කරන්නත් කලින් දොර ළඟ ඉඳන් එළියට පැනපු කන්ඩා දුවගෙන ගිහින් අසංග යාවත් බලලා උගේ වැලන්ටයින් ව නැන්දම්මාට බාර දීල බැලන්ටයින් විතරක් අරන් මහරගම ඇවිත් තිබුන.. හවස තුන හමාර විතර වෙද්දී අටම පණිවුඩේ දාල තිබ්බ ෂාප් ෆොර් ඔ ක්ලොක් පාටිය අරඹන බවට. මමත් කම්මලෙත් (16:10 අවිස්සාවේල්ල ට්‍රේන් එකට සෙට් වෙන්න ගියත් මට ඒ ට්‍රේන් එක මිස් වෙච්චි බැවින්) 16:35 කෝච්චියෙන් කොටුවෙන් පිටත් වෙලා කරදරක් නැතුව 17:15 වගේ වෙද්දී 'ඇහැ ඇරගෙන' අපි එනකම් බලාගෙන හිටපු 'නිදි'තුමාගේ මාලිගෙට සැපත් උනා. අපි යනකොටත් චෙෆාකි, නයනේ, අතුල, අටම්, මුද්දා හෙවත් ඇනොපිලිස්, ලොක්කා සහ ලොක්කගේ යාළුවත්, නිදිගේ අතිජාත මිත්‍රයින් දෙපලකුත් සෙට් වෙලා හිටියා.. පස්සේ අඳුනා ගත විදියට එයින් එක් අයෙකු නිදි ගේ බ්ලොග් වල නිතර කියවෙන ඔහුගේ ලංගම හිතවතා 'නෙවිල්'.. අති දක්ෂ ගායකයෙකු මෙන්ම වාදකයෙකු වූ නෙවිල් සාදයේ අවසාන බාගය සම්පුර්ණයෙන්ම ඔහුගේ අණසකට යටත් කර ගැනීම යන්තම් වැළකුණේ අටමාගේ සිංදු ආදිපත්‍යය පැතිරීම නිසයි..

මේ අතර අපි යනවිට 'වොෂ්' එකක් දාගන්න බාත් රූම් එකට ගිහින් හිටි අතුල අබේරත්න මයා සැහැල්ලු කමිසයකින් හා සරමකින් සැරසී අප අතරට ආවා.. අතුල අයිය දැක්ක ගමන් ඔක්කොම කතාවුනේ මේ නම් වයසට ගිය කටුස්සාම තමයි කියල.. අම්මප.. කතා බහත් ඒ වගේමයි.. එකම වෙනස කටුස්ස වගේ අතුල අයිය බල්ලට මචන් කියනකන් ගහන්නේ නැති එකයි වැදගත් කතා බහක් අස්සේ අත උස්සල ගොන් කතාවක් කියන්නේ නැති එකයි විතරයි මගේ හිතේ.. හෙහ් හෙහ්.. ඉතින් ඔහොම කඩින් කඩ විඩෙන් විඩේ සතෙන් සතේ කට්ටිය එකතු වෙන්න ගත්ත.. ඉවාන් සහ ප්‍රා ජේ, තිලිණ, ඉයන් එහෙම එනකොට සාදය නැගලම යන්න ගත්ත.. කටගැස්මට හදල තිබ්බ මයියොක්ක සහ කොච්චි ලුණුමිරිස, කුකුළා, දුවන පුහුල්, කරත්ත එංජින් අස්සේ පට්ට රෝස්ටඩ් කජු එකක් තිබ්බ මතකයි. සාදය නැගලම යන වෙලාවේ තමයි මද්දා ආවේ මිනිහගේ රෝද දෙකෙන් කොහෙද රස්තියාදුවකුත් ගහල.. තනියම නෙවෙයි හැබැයි තමන්ගේ ඇබේණියත් එක්ක.. බ්ලොග් ලියන කාන්තා පාර්ශවේ අපි මේකෙන් හිතා මතාම හලලා තිබ්බේ රෑ රාත්තිරියේ ඔය ගෑණු පරානවලට ආරස්සාව සපයන අමතර වගකීමක් ගන්න බැරි නිසා. හැබැයි මද්දගේ ගෑල්ලමය එතන එකම ගෑණු පරානේ වුනත් කිසිම අපහසුතාවයකින් තොරව සාදයට සහබාගිවීමේ හැකියාව තිබ්බ.. ඒක අපි අනිත් හැම බ්ලොග් එකමුතුවකමත් දැකල තියෙනවා. බ්ලොග් ලියන කියවන හැමෝම හොඳ සමාජශීලි වැදගත් මහත්වරු නෝනාවරු වීම ආඩම්බරයක්.
මූණු ටික බලධාරියා විසින් කපා හරින ලදී..
ඔය අතරේ තමයි කම්මලයට ඒ අනුවේදනීය කෝල් එක ආවේ.. පස්සේ ඒ ගැන දැනගත්තත් (අනේ අහන්න නම් එපා මොකක්ද කියල..) එවලේ හිතා ගන්න බැරි උනා කම්මලේ මොකද එච්චර කලබල උනේ කියල.. කොහොම හරි ඉඳගෙන හිටපු තැනින් දඩිබිඩි ගාල නැගිට්ටේ විදුරු දෙක තුනකුත් පොඩි කරගෙන.. අපි හිතුවේ දෙයියෝ කෝප වෙලා කියල අපි තනියෙම බොනවට.. ෆෝන් එක කණේ ගහගෙන ගිය කම්මලේ ටික වෙලාවකින් මිසින්. ඒකෙන් මේකෙන් උනේ කම්මලේව හොයන්න යන මුවාවෙන් යසට හිටි අතුලයාත් වරක බෙදන්න යන්න කියල මල ගෙදරක කෝප්ප හෝදන්න යන්න තියෙනවා කියල පැන ගත්ත පාටියෙන්. මොනවා උනත් මිනිහා ගිය එකෙන් මහරගම ටවුම පුරා ෆෝන් එකකුත් කනේ ගහගෙන පිස්සෙක්.. පිස්සෙක් වගේ ඇවිද ඇවිද හිටපු කම්මලයව කුදලාගෙන කාරෙකට දාගෙන පරිස්සමෙන් ගේ ගාවින්ම ගිහින් බස්සල තියෙනවා. නැත්නම් අද ගම්පහ මළගෙයක්.. ඔය අතරේ කරටි කැඩෙන්න ගසල හිටිය ලොක්කත් මතුගම පිරිතකට යන්න තියෙනවා කියල රෑ දහයට විතර මහරගමින් පැන්න යාළුවාත් එක්ක. පිරිත් අහපු තරම වැඩිවෙලා තවම දෙන්න නිවන් ගිහින්ද කියලනම් තවම හොයන්න බැරි උනා..

ලොක්කගේ පිරිතයි කම්මලේගේ මතක බණයි අතුල අයියගේ වරකා දානෙයි ඔක්කොම ඉවර වෙන කොටත් පාටියට සාමාජිකයෝ එන එක නැවතිලා තිබ්බේ නෑ. අන්තිමට (මතක විදියට) ආවේ නිදි ගේ කතාවල නිතර දකින්න ඉන්න තවත් චරිතයක්. ඇස් දොස්තර අයේෂ්මන්ත.. බැලුවම අපේ මුද්දා ගේත් හිතවතෙක්. දොස්තර මහත්තය ආපු ගමන් අටම  දුන්න නිදි ගේ බ්ලොගින් ගැන එක්ස්ප්ලනේෂන් එකක් ආයි මං හිතන්නේ නෑ නිදි ගේ යාළුවො එකෙක්වත් උන්දෑගේ දිහා ඇහැක් ඇරලා බලයි කියල.. කොටිම්ම කියුවොත් නිදි ව හාන්සි කරලම දැම්ම.. හෙහ් හෙහ්.. අටමාගේ ආදිපත්‍යය පතුරුවේ කතා ෆීල්ඩ් එකේ විතරක් නෙවෙයි.. සම්පුර්ණ සිංදු සිලෙක්ෂන් එකත් තනිකරම වගේ කරේ අටම තමයි.. සික්ස් එයිට් බීට් එකේ එකක් ඉවර වෙනකොටම.. "පබළු නගේ නාමල් තිලකේ.. සුමනෝ.. ඕ ...ඕ " කියල ඇල්ලුවම ආයි ලොවෙත් කියලම මිසක් අතාරින්නෙ නෑ. අටම එහෙම එක හිතින් නොහිටින්න නෙවිල් ලොක්ක තාමත් අපිව වට කරගෙන ඩොල්කිය ගහමින් සින්දු කියනවා. අටම නොවන්න අම්මප එකෙක්වත් ඒ සිංදු ඇහිල්ල කිවිල්ල නතර කල්ල නැගිටියි කියලනම් හිතන්න බෑ.

අටම මොන මඩ ගැහුවත් ඒ වියතුන් සබාව මැද ඉන්ද්‍රකීලයක් සේ නොසැලී තමන්ගේ කොටහ නොපිරිහෙලා ඉටු කරපු සිරුරින් ඉතා කුඩා දැවැන්ත මනුස්සයෙක් හිටියා.. ඒ තමයි එතන ප්‍රධාන සහය නළුවා වෙච්චි නිදි මහත්තය. නිදි කියුවට මං දැක්ක විදියට එතන හොඳටම ඇලට් එකේ හිටිය මනුස්සය. කණ්ඩා පාර්ටි දාන්න සහයට අල්ලාගෙන තිබ්බේ සුපිරිම ඩයල් එකක් නෙව.  කතා බතා සින්දු බින්දු අස්සේ ඒ ඔක්කොටම දායක වෙන ගමන් අපි කවුරුත් දන්නේ නැතුව නිදි මහත්තය සුපිරි රාත්‍රී භෝජනයක් ලැස්ති කරලා. ඉන්දියානු ක්‍රමේට පූරි එක්ක සම්බාරු හා පොල් සම්බෝල, බත්, කුරහන් පිට්ටු, පෝක්, මාළු බොකු, පරිප්පු එක්ක තව මොන මොනවද තිබ්බ මතකයි.. එවලේ කා ගන්න බැරිව දුක් උනා විතරක් නෙවෙයි දැන් මේ ලියද්දි මතක් වෙද්දීත් දුකයි. අමාරුවෙන් පූරි කෑල්ලක් එක්ක මොන මොනවද ටිකක් කෑවේ. ඒ පූරි 'සුපිරි හෙවත් පට්ට' කියල එවලේම ලෝකේ වටේම හොඳට පූරි කාල එක්ස්පිරියන්ස් තියෙන ඉයන්, ප්‍රා වගේම චෙෆ් ආකිටෙක් ගෙන්ද පැසසුමට ලක් උනා.. ඉතින් තව මොනවද? කාල ඉවරයි කියල හිතුවද? පුහ්.. අන්දරේ කිරි කාපු විදිය කලින් අහල තිබ්බට හැබැවටම පළමෝත අත්දැකීමක් විදියට ගත්තේ ඊයේ තමයි. කාල තියෙනවද කුරහන් පිට්ටු කිරි සමඟ කිතුල් පැණි?. අතුරු පසට නිදි මහත්තයාගේ අතින්ම.. වාව්.. එහෙම රහක්. ස්තුතියි බොස් එකෙන්ම.
කුරහන් පිට්ටු, කිරි සමඟ කිතුල් පැණි.. නිදි ගේ පංච තන්ත්‍රය ඇසුරිනි..
පහුවෙනිදා හෙවත් අද උදේ ඉඳල ආපහු රාජකාරි ගොඩක් කරන්න දීල තිබ්බ නිසා අපි කීප දෙනෙක් මධ්‍යම රාත්‍රියට ආසන්නව එන්න පිටත් වෙනකොටත් සාදය සම්පුර්ණයෙන්ම නැවතිලා තිබ්බේ නෑ. ඒ උනාට අපිට එන්න උනා ඉතින්. අපි ආවයින් පස්සෙත් ආයෙම දෙයියෝ කෝප වෙලා විදුරු කීපයක් වට්ටලා බින්දා කියලත් ආරංචියි. දෙයියෝ වැට්ටුවට බින්දේ ටයිල් වල වැදිච්ච නිසා ඔන්න නිදි මහත්තය හෙටම ටයිල් ගලවනවලු ගෙදර. ඔයින් මෙයින් මහරගමින් ඩ්‍රොප් කරන්න කියල ඉයන් ගේ වාහනේට නැගපු කණ්ඩා ව මත්තේගොඩ උගේ ගේ දොරකඩිනුත් මාව මගේ කොම්පඥ්ඥවීදියේ නවාතැන ළඟිනුත් පරිස්සමින් බස්සල ඉයන් ගෙදර යනකොට අඩුම අලුත් දවසෙත් පලවෙනි හෝරාව ගෙවිල තියෙන්න ඇති. කාලෙකින් හමුවෙච්චි විසි දෙනෙකුට ආසන්න බ්ලොග් සහෝදරත්වය- බ්ලොග් ලියවෙනවා අඩුයි කියලාවත් කියවනවා අඩුයි කියලාවත් බින්දුවකින්වත් අඩු වෙලා  නෑ.. බජට් ඉල්ලන්න, ආණ්ඩුවට මඩ ගහන්න ටොයි බයි වෙනස හොයන්න කවුරුවත් හිටියෙත් නැති නිසා වැඩේ නැගලම ගියා. වෙන මොන වැඩේ තිබ්බත් අද කියට හරි මේක ලියල පබ්ලිෂ් කරන්නම ඕනි කියල හිතා ගත්තේ ඒ කාලෙකින් ගත්ත 'පට්ට ෆන්' එකට සාධාරණය ඉටු කරන්නම ඕනි නිසා. මේ සාදයට බර කර ගහපු උන්ගෙන් අසංග ට ඉක්මනින්ම සුවය ලැබී තව පාර්ටියක් සංවිධානය කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් සංවිධානය කරපු බරපැන දරපු හා සහබාගි උණු හැමෝටම A BIG SALUTE! Thanks Guys! It was such a wonderful day.. Thanks again!

- කල්‍යාණ මිත්‍ර

67 comments:

  1. 1. කම්මලේ ගැන හොයල බැලුවොත් නරක ද?
    2. නිදි බොස්ට අලුත් ගෙයක් හොයන්න වෙලාද දන්නෙත් නෑ!

    ReplyDelete
    Replies
    1. කම්මලේ යහතින් ඉන්නවා.. තවම.. ;)

      නිදි බොස් ගේ පෙර වැරදි නැති නිසා අසල වැසියෝ සමාව දෙයි මගේ හිතේ...

      Delete
    2. නිට්ටෑවෙක්ය කියල අැනෝපිලිස්ව අල්ල ගත්ත නම් බලන්න තිවුණ සාදේ රඟ!����

      Delete
    3. නිට්ටෑ ස්පෙෂලිස්ට් හිටපු නිසා distinguish කර ගන්න පුළුවන් උනා මුද්දව උන්ගෙන්. නැත්නම් සෑහෙන අවස්ථාවක් තියෙනවා ඇනෝ කියපු එක වෙන්න.. :)))))

      Delete
  2. Replies
    1. දෙක

      Delete
    2. තවම තියෙනව ද?

      Delete
    3. විදානේ අදත් පොල්හේනේ යනවලු.. අඩු කෑලි ටික හොයාගෙන එන්න.. :)))

      Delete
  3. නොදකින් තොපේ බ්ලොග් ලිවිල්ල
    අවාරෙට අලි හුකනව වගේ

    ReplyDelete
  4. පාටියට වඩා ලියවිල්ල රසවත් නොවැ....
    යාන්තම් ඔරලෝසු කටු දෙක එකා පිට එකා නැගල 12ට එද්දිම වගේ සාදය නිමාඋනා....

    කොහොම නමුත් තැඹිලි නමැති දේශීය පානය ඇඟට කොච්චර සනීපයක් ගේනවද කියල මම අද උදෑසනම වටහාගත්ත....

    ReplyDelete
    Replies
    1. ආ.. එහෙනම් ඒ වෙලාවේ තමයි යක්කු කෝප වෙලා ඉතුරු විදුරු බිඳින්න ඇත්තේ.. මුද්ද අටම එහෙම ගැවසෙන තැන්වල ඉන්න යක්කු මනාපයි. :))))

      Delete
  5. පාටිය ජයටම තිබිලා වගේ

    ReplyDelete
    Replies
    1. ආයිත් අහල.. ගුණසිංහ මහත්තයල පලොලේ සෙට් එකක්ම හිටියා නෙව.. හෙහ් හෙහ් :))

      Delete
  6. 'බ්ලොග් ලියන කාන්තා පාර්ශවේ අපි මේකෙන් හිතා මතාම හලලා තිබ්බේ '
    කොටියාම දිවියාම කන්න එපැයි බොලාලව.ඩෙයියනේ මුන්දලා මෙහෙම අපිට හොරෙන් පාටි දාන්නේ අපි ඉන්නේ වෙන ග්‍රහලෝකෙකද අප්පා...එයිද නො එයිද එන්න වෙයිද නොවෙයිද කියන එක වෙනම කතාවක් ඒත් ඉතින් මේ තරම් වෙනස් කමක්....චී... හරීඊඊඊඊඊම නරකයි මේ බ්ලොග්කරුවන්.හරි හරි ඉතින් ඔයාලා සතුටින් ඉන්නකෝ හොදේ...

    ReplyDelete
    Replies
    1. අපරාදේ තමයි අනේ.. රෝස්ටඩ් කජු දිහා එහෙම බලන්නවත් කෙනෙක් හිටියේ නෑ අන්තිමේ.. අනික නිදි අයියගේ කෑමයි අතුරුපසයි.. ගෑල්ලමයින්ගේ රුව වන්න බර අඩු කරන්න කෙට්ටු වෙන්න කියාපු මෙනු එක.. :)))))))))))

      Delete
  7. නයනේ - සිතුවිළි2 March 2019 at 22:16

    මේ වාර්ථාව සත්‍ය වාර්ථාවක් බව මම සභාවට යෝජනා කරනවා.

    ReplyDelete
    Replies
    1. මම එම යෝජනාව ස්ථීර කරමි...!!!

      Delete
  8. කෝ අපිට කිව්වෙ නෑනෙ....මේ ඔය බැලන්ටයින් මගුලක් වගේ නෙවෙයි මලක් ඇද්දනං......ෆුහ්....දැන් වෙනකල් එක පූරියක් එක්ක ජීවිත කතාව කිය කිය ඉන්ඩ තිබ්බා......නිදි ඊගාවට අටං සහ කමි සංහාරය ලියයිද දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ලොකු මලයා බුකියේ දැකලා නෑනේ මං.. නැත්නම් අම්මප එල්ල ගන්නවා.. අම්මප මලක් කියුවමයි ඒක මතක් උනෙත්. පුදුමයි එදා සෙට් නොවුන.. සාමාන්‍යයෙන් ඉතින් ඒවායින් අඩුවක් වෙන්නේ නෑ වෙනදටනම්.. කොහොමද මහරගම හයිලෙවල් එක අයිනේ ලයිට් කණුවක් යට මුද්ද වගේ එකෙක් පූරියක් දිහා බලාගෙන තනියම කියව කියව ඉන්නකොට.. :))))

      Delete
    2. බුකියෙ සුද්දොනේ ඉන්නේ. අපි ඉතින් කලුයිනේ නැද්ද ලොකු මලය සෑර්.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. එස්සෑට්ලි එස්සෑට්ලි වට් ටෝකිං හැට්ටර්.ඇයි අපි බුකියෙ නෑ කියල වැඩ බැයිද....?

      Delete
    4. //බුකියෙ සුද්දොනේ ඉන්නේ// බුහා...හ..හ..හැ.. ටැන්කියු ටැන්කියු.. :))))

      Delete
  9. හප්පටහුඩු..!! කෑවලු, බිව්වලු අරව කලාලු, මෙව්ව කලාලු.. හැබැයි එකෙකුගේවත් මුණත් තහඩුවල ෆොටෝ නං නැ.. ඇයි බං බොලා ඔච්චරටම මූණු පෙන්නන්න ඔය තරම් බය ඈ..?? අවුලක් නෑ.. හැබැයි පට්ට සැපක් නං අරං තියෙනව.

    ReplyDelete
    Replies
    1. අපේ මූණු නම් දැකලම එපා වෙලා බන් මේකේ එවුන්ට.. එකයි දැම්මේ නැත්තේ.. ඇත්තටම මම මේක ලියන්න නෙවෙයි හිටියේ ෆොටෝ ටිකක් දාල ශේප් වෙන්න.. පස්සේ ලියවුනාම හිතුනා ෆොටෝ ඕනේ නැතෙයි කියල.. :))

      හරි හරි.. උඹ ආපු දවසක අපි දාන පාටියේ ෆොටෝ එක්කම දාමුකෝ.. ;)

      Delete
    2. පාටි නෑ බන්. 2020 වල වේඩින් දෙකක් ලංකාවේ සෙට් වෙනව. උබට ඩෙෆා එන්න වෙනව. නාවොත් නෙමෙයි තොට එන්නම වෙනව පවුල පිටිං. බදුල්ලෙ ඉඳල මාතර වෙනකං සෙට් එක උබට පෙන්නන්නo.

      Delete
    3. උඹේ 'සෙට්ටෙක' බලන්නම වටිනා සෙට්ටෙකක්.. ඔන්න දෙදාස් විස්සේ නිවාඩු ප්ලෑන් එකට දැම්මම දා ගත්තා... :))))

      Delete
  10. පාටි වලට ගිහිල්ලා බිව්වාම වෙරිවෙනවා. සමහර විට පාටියකට ගිහින් අනිත් අය බොන හැටි බලා හිටියාමත් වෙරි වෙනවා. මෙතනදී නම් පාටිය ගැන කියවලා මට වෙරි(very) වෙරි. 'නිදි' ත් බොන්නේ නැති උනාට වෙරි වෙලා වගෙයි.

    ReplyDelete
    Replies
    1. නිදි මහා නූල් සුත්තරකාරයෙක් වගේ.. මිනිහා බොන්නේ නැතුව අපිට පොවන්න වැඩේ සෙට් කරා සුපිරියට.. :)))

      Delete
  11. අපි ආවම තමයි උඹලට පාටියක් වත් දාන්න බැරි. හුහ් , මම ජුලි මාසේ එනව. හිටහන්කෝ දානවා බ්ලොග් නොලියන කොමෙන්ට් කරන උන්ට විතරක් පාටියක්

    ReplyDelete
    Replies
    1. අද සිට (ජුලි දකවා) වහාම ක්‍රියාත්මකවන පරිදි මා බ්ලොග් ලිවිම නතර කරන බවටත් කොමෙන්ට් පමණක් ලියන බවටත් මෙයින් පොරොන්දු වෙමි.

      Delete
    2. Sanjeewa Mendis - උබ පොඩ්ඩක් පරිස්සමින් හිටපං. ජය ශ්‍රී මහා බෝදියේ පිහිටයි.

      Delete
    3. ටික්කා ඒ මොකද අපේ පාටි හොන්ඩ නැත්ද සන්ජිවට එන්න හේ හේ කමියා අපට හොරානේ පාටි දාන්නේ

      Delete
  12. ඔය හුකණඩා එනවා කියල දැනගත්ත ගමන් මිනිහව බ්ලොක් කරලම දැම්මා. කව්ද බං බ්ලාග් ලියන සෙට් එක. නම හදහං නොලියන සෙට් එක කියල. චියර්ස්

    ReplyDelete
    Replies
    1. දන්නවනම් මාත් බ්ලොක් කල්ලම දානවා ඔය ටෞකණ්ඩාව.. හෙහ්.. හැබෑට ලියන කියන්න බෑනේ.. ඔක්කොම නොලියනgay ලා.. :)))

      Delete
    2. නෙදකින් වල් දූසකය !

      Delete
  13. හැම දෙනාටම ස්තුතියි. ගොඩක් සතුටුයි, එකක් ගැන හැර. කල්‍යාණ මිත්‍ර, කොහොමද 'නිමල් අයියා' - 'නිදි' නිමල් මහත්තයා වුණේ? මං මහත්තයෙක් නෙවෙයිනේ! ඒකට නම් තරහයි.

    ReplyDelete
    Replies
    1. සයිට් වල පුරුද්දනේ බොස් :)) මහත්තයාලයි බාසුන්නහේලයි තමයි ඉන්නේ.. :))))

      Delete
  14. Replies
    1. දැනගෙන හිටියනම් එනවා නේ.. අනේ යකූ! :)))

      Delete
  15. කණ්ඩා, නිදි, අටමා, කමී සියළු දෙනාට ස්තූතියි. මරු සැන්දෑවක්.

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම වඩා ස්තුතියි යක්කු ගස් නගින වෙලාවේ දීපු ට්‍රාන්ස්පෝර්ට් එකට. නැත්නම් තාම එනවා පාර හොය හොයා.. :)))

      Delete
  16. හම්මෝ නිමල් අයියන්ඩි, කන්ඩා ස්තූති කරන්න වචන මදි. අවුරුදු ගානක ⁣ෙ නාදුටු මිතුරන් දැකගන්න අවස්තාවන් දුන්නාට,

    නිමල් අයියාගෙ රස කෑම වෙලයි, වි ශෙ ්ෂයෙන්ම ඒ අතුරැපසට කිරි දිහා බලන්නෙවත් නැති මට ඒක නෙ ාකාම බැරි උනා.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ අතුරුපස කෑවෙනම් ජිවිතේ පලවෙනි වතාවට.. උඹට එදා ගෙදර ගිහින් වයිපාගෙන් ගුටි කෑමට වීම ගැන මගේ බලවත් කනගාටුව! :)))))))

      Delete
  17. Replies
    1. දැනගෙන හිටියනම් එනවා නේ.. අනේ යකූ! :))) X 2

      Delete
  18. අවවාදයයි:වැඩි උනන්දුව සරිර සවුක්කිට බරපතල හානි ගෙනදිය හැකිය.

    ReplyDelete
  19. යන්තම් හරි ඉවක් දනුනම් ආරාධනාවක් නැතිවම සහබාගි වෙනවා . පාටිය ගැන කියවල වෙරි උනාවගේ !!!

    ReplyDelete
    Replies
    1. නිදි මහත්තය මේක ගැන කියල කලින් පෝස්ට් එකක් එහෙම දාල තිබ්බනම් එදා සෙට් වෙන්න තිබ්බ නේද? Huxley Perera සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට :) <3

      Delete
  20. අපිත් ලංකාවේ ඉන්නේ.

    පාටිය නැගල ගිහිල්ල වගේ . නියමයි !

    ReplyDelete
    Replies
    1. අම්මප.. හුඟක් උන් මිස් වෙලා තමයි. කණ්ඩාට තව පාර්ටියක් දාන්න වෙන හැඩයි :)))

      Delete
  21. යාං හෑල්ල ලියපු සුරංගයාට මොන මකබාවක් වෙලාද කියලා එකෙක් වත් හොයා බලන්නෙ නැද්ද (ලියන්නෙ නැත්තේ ඇයි කියලා)

    ReplyDelete
    Replies
    1. ඌ දියතලාවට මාරු වෙලා.. එහෙ සීතලට පෑන් ලියවෙන්නේ නැතුවැති. :/

      Delete
  22. හපොයි , කවදද තිබ්බේ ඕක , දන්නවනං එනවා මාත්

    ReplyDelete
    Replies
    1. දන්නා කියන කිසිම එකෙක් පාර්ටියක් උඹට කියනවද බන්? අමතර බෝතල් කියක් ඕනි වෙනවද උඹ බොන්න ගත්තම? හැක් හැක් ...

      Delete
  23. අන්න නිදි බොස් ඌරු සංහාරය, ගව සංහාරය, වීදුරු සංහාරය වගේ සීරීස් එකක් ලියන්න ප්ලෑන් කරලලු තියෙන්නෙ. දැන්නම් ඉඳල ඉවරයි කමියෝ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරයිද? හෙහ් හෙහ් හෙහ් ...

      Delete
  24. කල්‍යාන මිත්‍ර පනිවුඩවට ඉස්දූදියි.මං සුරංගව හොයා ගන්නම් මාත් දියතලාවෙ.💝💝💝💝💝

    ReplyDelete
  25. ඔබ තුමන්ලා වැනි විසල් මහ රුක් අතර අප කෙතරම් කුඩා තණ පත්දැයි වැටහුනෙමි!

    මළ ගෙයක්වත් තිබුනොත් කියන්න!

    ස්තූතියි!

    ReplyDelete
  26. මළ බතටවත් සෙට් වෙන්න!

    ReplyDelete
  27. අඩේ මේක මට මිස් වෙලානෙ .. දැන්ද කොහෙද වෙරි බැහැල තියෙන්නෙ !

    ReplyDelete