Friday 29 October 2021

Heroin හෙරෝයින් - පස්වෙනි කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 


මෙය සැබෑ සිද්දි පදනම් කරගෙන ගෙතූ කතාවකි. නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය.
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය.
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

- සංජිව මෙන්ඩිස් 

*******************************************************************************

හතරවෙනි හිට් එක..

තවත් දවසකට ඉර පැව්වා ආණ්ඩුවේ බෝඩිමට...

'පහන්....මට ලගදිම ඇප ලැබෙයි' ගයියා මගේ ලගට ඇවිත් කිව්වා...

'යකෝ....මෙච්චර කේස් තියන උඹටත් ඇප දෙනවද?'

'එහම තමයි බන් ලංකාවේ නිතිය... උඹ එකෙක් මරලා ඇතුලට ගියත් උඹ තියාගන්න පුලුවන් මාස 3 යි දවස් දහයයී.. ඊට පස්සේ උබට ඇප ගන්න පුලුවන් මහාධිකරණයෙන්.. ඒකට ඕනේ සල්ලි ටිකක් විසිකරලා හොද ලෝයර් කෙනෙක් අල්ලන එක විතරයි...'

'හරි ගයියා..පුලුවන්නම් ආය මේ ඇතුලට එන්නේ නැතුව ඉන්න බලපන්...'

'මම උඹ එලියට ගන්නවා...'

'උඹට ඒක කරන්න බැරි වෙයි මොකද මගේ නඩුව ඔප්පුවෙන තැනට උන් හිරකරලා තියෙන්නෙ..'

'නඩුව ඔප්පුවෙන්නනේ බන්....ඒකට තව අවුරුදු තුන හතරක් යයි බන්...'

'එහම ඇප කියලා ගත්තා කියලා මොකටද බන්... මට ආය කැම්පස් යන්නත් බැහැ... එලියට ගියයි කියලා මගේ කවුරුත් ඇත්තෙත් නැහැ..  නිසා උබ ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ ගයියා...'

'අඩෝ...පහන්...ඇයි උඹ  එහම කියන්නේ... උඹ එලියට ආවම උඹ ඕ හැමදෙයක්ම මම ලැහැස්ති කරලා දෙන්නම්...'

'හරි ගයියා එහනම් මට උදව්වක් කරපන්...'

'කියපන් ...'

'පේමචන්ද් බිස්නස් කරන්නෙ කවුරු එක්කද?'

'ඌ බිස්නස් කරන්නෙ මාලිගාවත්තේ ටිම් එකත් එක්ක...'

'මට උගේ බිස්නස් එකට ජොයින්ට් වෙන්න ඔනේ....'

'උඹ පිස්සුද බන්.... උඹ මේ කුඩු බිස්නස් එකට බහින්නේ නැහැ කියලා කිව්වනේ පහන්...'

'මගේ ඔලුවේ වැඩ කරන්නේ වෙන ප්ලෑන් එකක්.. උඹ මෙක කරලා දෙන්න පුලුවන්ද බැරිද කියපන්...ගයියා....'

'මෙහමයි පහන්.. ටිම් එක ලිඩ් කරන්නේ ඉම්රාන්... උගේ බොසා තමයි මදුර උන් දෙන්නම ඉන්නේ ඩුබායි....'

'කියපන්... උඹ දන්න ඔක්කොම විස්තර ටික මට කියපන් ගයියා...'

මදු ලග ගොඩක් ඉන්නේ මුස්ලිම් කොල්ලෝ..මදුරයව හැදුවේ පේමචන්ද්...මදුරයා කොහමත් දසයා.. කාවවත් විශ්වාස කරන්නේ නැහැ... ලගම හිටපු හොදම ගෝලයා කුඩු මර්වින් දැන් Condemned එකක් අදිනවා...

මොකක්ද කන්ටක්ට්  එකක් කියන්නේ...

මරණිය දන්ඩනය....මදුර මර්වින්ට පට්ට ආදරේයි... නැති උනා කියන්නේ මුගේ දකුනු අත කැඩුනා වගේ..පස්සේ තමයි ඉම්රාන් ඌට සෙට් උනේ...

ගයියා...උබට පුලුවන්ද මර්වින්ව  ක්න්ටැක්ට් කරගන්න...

මෙහමයි පහන්... කන්ඩේම් අදින එවුන් එලියට දාන්නේ පැයයි... ඒකත් රිමන්ඩ් එවුන් එක්ක ගැටෙන්නේ නැති විදිහට..අනික උන්ට විසිට් බහින්නේ මාසේට එක සැරයයි...මට පුලුවන් ජේලර් කෙනෙක් මාර්ගෙන් ඌට කෝල් එකක් අරගෙන දෙන්න....

හරි..උබ මර්වින්ට කියපන් මම ඌව එලියට අරගෙන දෙනවා..හැබැයි ප්ලැන් එක දෙන්නේ මදුරට විතරයි කියලා...

උබට..පිස්සුද මචන්..උබ ඔය කියන්නේ සියදිවි නසාගන්න කතාවක් ...

ගයියා...උබට මාව විශ්වාසද?

මට උබව...මටත් වැඩිය විශ්වාසයි..

එහනම් මම කියන විදිහට කරපන්..

දවස් දෙකකට පස්සේ මුස්ලිම් කොල්ලෝ දෙන්නෙක් ආවා..ගයියව හොයාගෙන...

ගයියා මදුර අයියා හවසට රිස්වාන්ගේ ෆෝන් එකට කතා කරනවා කිව්වා..ඔයාට රිස්වාන් අයියගේ කාමරේට එන්න කිව්වා...

ගයියා..උන්ට කියපන් මදුරට කියන්න කියලා උබගේ ෆෝන් එකට කතාකරන්න කියලා...අනික මදුර කතා කරද්දි කාමරේ ඉන්න ඔනේ උබයි මම විතරයි...එහම කැමැතිනම් වැඩේ කරමු කියපන් නැත්නම් අල්ලලා දාන්න කියපන්...

මල්ලි උබට ඇහුනානේ පහන් කියපු එක...රිස්වාන්ට කියපන් ගයියගේ උත්තරේත් ඒකම තමයි කියලා...

උන්දෙන්නා ටික වෙලාවක් ගයියා දිහයි මම දිහයි මාරුවෙන්මාරුවට බලලා යන්න ගියා..

පහන්..අපි මේ හදන්නේ නැව් පිටින් කොකු ටෙන්ඩ්ර් දාගන්න...උබට ශුවර්ද මේ වැඩේ කරන්න පුලුවන් කියලා...

මොකද ගයියා උබ දැන්මම බයවෙලා....උබලට අපිට ඇතිවෙන්න දේකුත් නැහැ නැතිවෙන්න දේකුත් නෑ..ඉතින් මොකටද බන් ඇබරෙන්නේ...

උබ හරි පහන්...මෙච්චරකල් උබ දුන්න කිසිම වැඩක් වැරදුනේ නෑනේ...අපි ගහමු ගේම....

අන්න එහම හිටපන්....යකෝ මහවත්තේ ගයියා කිව්වාම ලොකු පොරක්නේ එහම එකේ මොකටද උබ ඇබැරෙන්නේ...කවුද මදුරගේ මෙහේ ඉන්න සෙට් එක....කවුද ඔය රිස්වාන් කියන්නේ?

උබට මතකද සි අයි ඩි එකෙන් කියලා ඇවිත් කෝටි 1000 දියමන්තියක් ඉස්සුවා...අන්න ගේම් එකේ ගැස්සුවේ මදුර.. සෙට් එකේ ලොක්කා තමයි රිස්වාන්... ඉම්රාන්ගේ හොදම ගෝලයා...

කොහමද උන් එක්ක උබට තියන සම්බාන්දතාවය?

මම කොහමත් උන් එක්ක නැහැ...උන් උන්ගේ පාඩුවේ අපි අපේ පාඩුවේ ...අනික මදුර කියන්නේ කොහමත් කිසිකෙනෙක්ව විශ්වාස කරන එකෙක් නේමේ....

බය නැතුව හිටපන්..මේ ගේම් එකෙන් පස්සේ..රිස්වාන්ලා ඉන්නේ උබට පස්සෙන්....

ගයියා පුදුමෙන් වගේ මම දිහා බලාගෙන හිටියා....

******************************************************************

ට්රින්...ට්රින්..............ටිරින්..............

පහන්...පිටරට ඉදලා කෝල් එකක්...වට්සප් වලට...මදුර වෙන්න ඇති...

ගනින්....

හෙලෝ...

ගයියා ...මම මදුර....

දන්නවා...ඉතින් මදුර කොහමද උබට....

ඉන්නවා බන්...උබට කොහමද?

අවුලක් නැහැ...මදුර....මට ලගදි ඇප ලැබෙයි..

උබ ඩුබායි වලට එනවනම් ..මම හැම දෙයක්ම ලැහැස්ති කරන්නම්...

එපා...මදුර...මට ලන්කාව දාලා එන්න බැහැ...

ඇයි බන් බැරි...මම මෙහේ ඉදලා ලන්කාවේ බිස්නස් හැන්ඩ්ල් කරන්නේ...

බිස්නස් නෙමේ බන්..මට මගේ එවුන් දලා එන්න බැහැ...

මෙහේ ආවනම් සැපැට ඉන්න පුලුවන්...උබ දන්නවද..ඔය කාලකන්නි රටේ වගේ නෙමෙයි...මම මෙහේ ගැම ආතල් එකක්ම ගන්නවා...

මම කාලකන්නි රටට ආදරේයි...

හෑ...හෑ...හෑ...හරි....හරි උබේ කැමැත්තක්..හරි එහනම් උබේ යාලුවට දිපන්...

පහන්....මදුර....

අපි දෙන්නවම පේන විදිහට ෆෝන් එක හදපන්..මම ගයියාට කිව්වා...

හරි...දැන් අපි දෙන්නවම පේනවා...මදුර උබට අපිව ඇහෙනවද?

ගයියා...හරි මට උබව ඇහැනවා....පහන්...උබ කිව්වලු මර්වින්ව එලියට අරගෙන දෙනවා කියලා...

ඔව්..ඒක ඇත්ත...

උබ දන්නවද..මර්වින් කන්ඩේම් එකක් අදින බව.....

දන්නවා..ඒත් එක මට ප්රශ්නයක් නේමේ...

සුද්දා...උබ ගැන මට හෙන රෙකම්න්ඩ් එකක් දුන්නා.. නිසයි මම උබට කතා කරන්නේ...

එහනම් සුද්දයියා කියන්න ඇතිනේ මදුරට...හැම දෙයක්ම වෙන්න ඔනේ මගේ ප්ලැන් වලට....මෙතනදි මමයි බොස්...මම කියන එකට එහා අකුරක් හරි එහට මෙහෙට උනොත් මම මේකෙන් අයින් වෙනවා...

අඩෝ....පහන් උබ ඔය කතා කරන්නේ අන්ඩර්වල්ඩ් එකේ ටුනුනොපලන් රජ්ජුරුවන්ට.. කියන්නේ මාකදුරුවේ මදුරට කියන්නේ මට....

වෙන්න ඇති...හැබැයි මෙහමයි...රජවරුන්ට ඇතිවෙන්න නැතිවෙන්න දේවල් තිබුනට අපි වගේ අයට ඇතිවෙන්න දේකුත් නෑ ...නැතිවෙන්න දේකුත් නෑ...

හරි...උබට මේ වැඩෙට කියක් ඔනද?

සතපහක්වත් එපා....

එහනම් උබ මේ වැඩේ කරන්නේ පිනටද?

නැහැ..මට මදුරගෙන් ඊට වඩා ලොකු උදව්වක් ඔනේ....

කාටහරි වැඩක් දෙන්නද?...අදාලය කියපන්...ඔනනම්...අර දෙල් මල්ලිගේ ඔලුව ගෙනත් තිබ්බා වගේ..උගේ ඔලුව උබට ගෙනත් දෙන්නම්....

නැහැ...නෑ...එහම මුකුත් නෙමෙයි...

හරි...මල්ලි කියපන් උබට මොනවද කෙරෙන්න ඔනේ...මර්වින් වෙනුවෙන් මම ඔන දෙයක් කරනවා...

මම මදුරට කියන්නම්..මට ඔන දේ...ඉස්සර වෙලා ඔයාගේ වැඩේ කරලා දිලා...

හරි මල්ලි...දැන් කියපන් කොහමද වැඩේ කෙරෙන්නේ....

මර්වින්ගේ නඩු ඔක්කොම ඉවරද?

පිස්සුද බන්..ඌට තව නඩු 17 ක් තියනවා..ඔය කන්ඩෙම් එක හම්බ උනේ එක නඩුවකට විතරයි...

හරි...මදුර දන්නවද..ඊලගට ලගම නඩුවක් තියෙන්න කවදද..කොයි උසාවියේද? කියලා...

මොකද බන් මම නොදන්නේ..උගේ නඩුවලට ලෝයර්ස්ලා යවන්නේ....බස් එකේ නඩුවට ගෙනියන මහත්තුරුන්ට සලකන්නේ මමනේ....ලබන මාසේ 3 වෙනිදා ගාල්ලේ උසාවියේ ඌට නඩුවක් තියනවා....

එතකොට ගාල්ලේ නඩුවට මර්වින්ව ගෙනියන්නේ මෙහේ ඉදලද?

නැහැ...ඊට ඉස්සල්ලා දවසේ බුස්සෙන් එනවා ඌව ගෙනියන්න....බූස්සේ ඉදලා තමයි ඌව ගාල්ලේ නඩුවට ගෙනියන්නේ...නඩුව ඉවර උනාම ඌව බුස්සට ගෙනිහින් පහුවෙනිදට ආයමත් වැලිකඩට ගේනවා...

මදුර..ඔයාට පුලුවන්ද....මර්වින්ට ගාල්ලේ නඩුව තියන දාට ඉස්සරින්දා අලුත්කඩේ උසාවියේ තියන නඩුවක් ඉස්සරහට අදින්න... කියන්නේ 1 වෙනිදා අලුත්කඩේ උසාවියේ නඩුවක් කැදවන්න ඕනේ 1 වෙනිදාට...

ඕවා මොනවද බන්...ඕනම නඩුවක් කල් දාන්න..ඉස්සරහට ගන්න...නඩුකාරයෝ..ලෝයර් මහත්තුරු,,උසාවිය ඇතුලේ වැඩකරන එවුන් ඉන්නවා අපි ලග..සල්ලි ටිකක් විසිකරන්න විතරයි ඔනේ..

හරි..මදුර..මම මර්වින්ව වැලිකඩින් එලියට අරගෙන දෙනවා විතරයි...ඊට පස්සේ ඔයා මර්විනව බාරගන්න ඔනේ...

මොනවා කියනවද මල්ලි...උබ මට මර්වින්ව වැලිකඩ ගෙට්ටුව ලගට ගෙනත් දියන් ඊට පස්සේ ඉන්නේ මම ලග...

හරි....එහනම්...ඔයා මෙන්න මේ ටික ලැහැස්ති කරගන්න....ඊට පස්සේ මෙන්න මෙහෙමයි කෙරෙන්නේ....

****************

*******************

***************************

 

මර්වින් එලිය එන හැටි සම්පුර්න විස්තරය ඊලග කොටසට...... 

( සදු කියන විදිහට ලගදිම මාව හතරවෙනි තට්ටුවට ගෙනිච්චේ නැත්නම් ඉක්මනටම අකුරුකරලා දාන්නම්- මෙන්ඩා ) )

35 comments:

  1. මෙන්ඩො... පරක්කු නොකර මී ළඟ කොටස දාපං... මං උඹට කතන්දරයක් දෙන්නං, සුවට කියන්ඩ

    ReplyDelete
    Replies
    1. සුවට ....?
      පොඩි මෙන්ඩටයි පොඩිම මෙන්ඩටයි...කතන්දරයක්...
      අන්න ඒක නම් හොද ඩිල් එකක්.....ගහලා දාමු

      Delete
  2. Replies
    1. සික් හදාගන්නවා එහමනෙමෙයි සර්...

      Delete
  3. හාල් ගරාපම්.. 🙄🙄🙄🙄
    දැං ඉතිං තව අවුරුද්දක් බලං හිටපංකො ඊළඟ කොටස දානකං..
    පටිටයි යකෝ.. 😃😃😃

    ReplyDelete
    Replies
    1. නැහැ මචෝ..පලවෙනිදා හවසට මර්වින්ව කොහමහරි එලියට ගන්න ඔනේ...
      නැත්නම් ආය නඩුවාරයක් එනකන් බලන් ඉන්න එපැයි...එහම උනෝත් ගයියත් සුන්...පහනුත් සුන්..බබා බලාගත්ත ආයාත් සුන්

      Delete
  4. කමියෝ...මේ තියෙන්නේ පස්වෙනි හිට් එක...කලින් හහර වෙනි හිට් එක උබට දුන්නා..
    වරද්දගන්න එපා..මේ දවස්වල කුඩු ගනන්..ආඩිමාසේනේ

    ReplyDelete
    Replies
    1. පහ තමයි බොල.. හෙඩිම බලපං.. හතරට ලින්කෙක විතරයි දාල තියෙන්නේ.. :))

      Delete
    2. මෙන්ඩ. ණයට ගත්ත සල්ලි ගෙවහනං. තොට e mail කීයක් දැම්මද? දැන් අවුරුදු තුනක්. ඔයිට වැඩිය හොඳයි හුත්තෝ ලේන්සුවක් දාල පාරෙ හිඟා කාපං වල් පරය..

      Delete
  5. //මදු ලග ගොඩක් ඉන්නේ මුස්ලිම් කොල්ලෝ..මදුරයව හැදුවේ පේමචන්ද්‍ර...මදුරයා කොහමත් දසයා..ඌ කාවවත් විශ්වාස කරන්නේ නැහැ...ඌ ලගම හිටපු හොදම ගෝලයා කුඩු මර්වින් ඌ දැන් Condemned එකක් අදිනවා...

    මොකක්ද කන්ටක්ට් එකක් කියන්නේ...//

    මෙතැන කන්ටක්ට් කියන එකද යෙදෙන්න ඕනි කන්ඩෙම්ඩ් කියන එකද?

    ReplyDelete
    Replies
    1. ඔව්...මෙතන වෙන්න ඔනේ..කන්ඩෙම් එකක්..ඒ කියන්නේ මරනිය දන්ඩනය...
      එලද බ්‍රා...අක්කන්ඩි

      Delete
    2. අක්කණ්ඩි? :)))) අපේ නිදි මහත්තයාට මේ බ්‍රා මෙන්ඩාව හමුවෙලා නැතෙයි තවම?

      Delete
    3. සමාවෙන්න ඔනේ පොඩ්ඩක් පැටලුනා....

      Delete
    4. පොඩි නැහැ පැටලීම මෙන්ඩෝ ලොකු අවුලක්
      මට නැහැ පුරුදු ඒවා නොතකා යෑමක්
      දමන්නට සිතුණි ඒ ගැන පැමිණිල්ලක්
      ඊළඟ පෝස්ටුවෙ මෙ ගැන තියේ වගක්!

      Delete
  6. උපරිම රහයි කුතුහලයයි එකට අනා
    නව අදහස් එයට නියමෙට මුසු කරනා
    නූතන ඉයන් Flemin උඹ තමයි සනා
    'නල්ල story' මං දිගටම එන්නා!

    ReplyDelete
  7. උඹව කවෘහරි උස්සන්න ඉස්සර ඊගාව කෑල්ලත් දාහං.

    -බ්‍රෑණ්ඩ් එක වෙන මොනව හරි වෙන්න ඇති-

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක සුදුවා මේ දවස්වල..

      Delete
  8. වලක වැටුන පසු වලෙන් ගොඩ ඒමට උත්සාහ කරනවා වෙනුවට, වලේ ඉන්න ළිං මැඩි හා බයිලා තරඟ පවත්වන්නේ පිස්සෝය.

    පිනට බොන්න එන සන්ජීව මෙන්ඩිස්, උබ වගෙ වුන්ට නම් මෙක හොඳටම ගැලපෙනවා කොමන්ට් කරන් මෙකටත් එලදබ්‍රා මෙන්ඩා කියලා

    ReplyDelete
  9. ශොට් එක හොදටම මදි මෙන්ඩා. ඩෝස් එක වැඩිකරන්නනම වෙනවා.

    ReplyDelete
    Replies
    1. මතකද කලින් වතාවක කියලා තිබුණා, හෙරොයින්වල තියෙන්නේ හිට් කියලා. ඩෝස් තියෙන්නේ බෙහෙත්වලට නේද චමී?

      Delete
    2. මෙන්ඩා මිසින්.. ඩෝස් එක වැඩි වෙලාදා මංදා

      Delete
  10. යකෝ මේක ටෙලියක් ගහන්න පුළුවං කථාවක්නේ! එළම එළ!~

    ReplyDelete
    Replies
    1. ටෙලියක් ගහන්න පුළුවන් මෙන්ඩාවයි මාවයි කුදලාගෙන ගිහින් කූඩුවට දාපු දවසට.. :))))

      Delete
  11. කෝ හෙරොයින් ගැන ලියල නැහැනේ එකකවත්.

    //මර්වින් කන්ඩේම් එකක් අදින බව// මොකද්ද මේකේ තේරුම =.
    කතාව නම් නියමයි. මේකේ එනවද නේවි එකේ ලොකු කළු තඩි නිලධාරියෙක් නේවි බෝට් එකක හොරෙන් ගයියව දාගෙන ඉන්දියාවට පන්නන හරියත්

    ReplyDelete
    Replies
    1. මාළුබනිස් වල කවදද අනේ මාළු තිබ්බේ.. කන්ඩෙම් එකක් අදිනවා කියන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිනවාට..

      Delete
  12. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  13. ඒක පට්ටනේ.. කවුද භූෂණ?

    ReplyDelete
  14. ප.ලි. ඔය අජිත් අයියාට අනූජගේ තාත්තා ඉන්න තැන දැම්ම කියන්න එපා. මොකද එයා මේ කේස් එකට අත දාන එකට මම් එච්චර කැමති නෑ. මට හිතෙන්නේ අර කමියගෙ ගෙදර බෝඩිං වෙලා මේ දවස්වල ඉන්න එළද බ්‍රා මෙන්ඩගේ ෆිට් එක; ඇතුලෙ කන්ඩෙම් එකක් අදින පහන්ගේ යාලුවෙකුට කියලා ගේමක් දෙමු. "ගයියාත්" ළඟදි එළියට එන්න්ලු ඉන්නේ! (http://kadadasikole.blogspot.com/2021/11/279-12.html)

    ReplyDelete
  15. read your blog after a long time. keep writing. i still have problems typing sinhala in comments. will sort it out soon..

    ReplyDelete
  16. ඒ කියන්නෙ අන්තිම කොටස දාන්න පරක්කු උනේ 4වෙනි තට්ටුවට යන්න උන නිසාද.

    ReplyDelete