වසර දෙකකට අධික කාලයක් තිස්සේ ලෝකය වෙලාගත් දරුණු වයිරසයක් හා ඒ හා සමානව සියලු ක්ෂේත්‍ර වල සිදුවූ කඩා වැටීමත් සමඟ සමස්ථ ලෝකයම ඉදිරියේදී ආහාර හිඟයකට මුහුණ දීමට සුදානම් විය යුතු බව ලෝක ආහාර වැඩසටහන මේ වන විතත් අනතුරු අඟවා ඇත. ලංකාවේ අපිට ආහාර හිඟයට අමතරව වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල දැඩි හිඟයකටද දැනටමත් මුහුණ දීමට සිදුවී ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලියකින් තොරව සංචාරක ව්‍යාපාරය, විදෙස් ශ්‍රමිකයින් වැනි අදායම් හරහා සියලු අවශ්‍යතා පිටරටින් ආනයනය කිරීමේ යැපුම් ආර්ථිකයක් පැවතිම හා වසංගතයෙන් දුර්වල වූ අපේ ආර්ථිකයේ මිළදී ගැනීමේ හැකියාව මේ වනවිට සීග්‍රයෙන් පහත බසිමින් පවතින හෙයිනි. මෙයට තාවකාලික පිලියමක් ලෙස රජය යම් යම් ආනයනික භාණ්ඩ සඳහා සම්බාධක පනවා ඇති නමුත් මෙය බොහෝ පිරිසකගේ නොසතුටට හේතු වී ඇති බව පෙනේ. ආනනයනය සීමා කර ඇති භාණ්ඩ අතර බොහොමයක් සුඛෝපබෝගී වාහන, මිලාධික ඇඳුම්, සුවඳ විලවුන්, විදුලි උපකරණ, ජංගම දුරකථන හා උපාංග ආදී විශ්වයේ නියමයෙන් මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස හඳුනාගත් අවශ්‍යතාවයන්ගෙන් එහාට විහිදීගිය පරාසයක භාණ්ඩ වේ. අපේ වැඩිහිටියන්ගෙන් අප අසා ඇති පරිදි මීට වසර පණහකට පමණ ඉහත කාලයකදී මෙවන් වූ සංවෘත ආර්ථික රටාවකට අප රට හැඩ ගැසෙමින් යද්දී ජනතාව කෝප වූයේ හාල් පරිප්පු සීනි වැනි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වල හිඟය නිසයි. 1977 සිට ක්‍රියාත්මක වන විවෘත ආර්ථික සංකල්ප වලින් අනතුරුව වසර 45කින් අද වන විට ජනතාව ගෑස්, කිරිපිටි, ඉන්ධන, වාහන අමතරකොටස්, ජංගම දුරකථන හා පරිඝනක අමතර කොටස් වැනි මූලික අවශ්‍යතා වලින් බැහැර වූ භාණ්ඩ වල හිඟය නිසා කුපිත වී සිටිති..
මේ පිළිබඳව මහජනතාව ලෙස අප සතු වගකීමක් හෝ වගවීමක් නොමැතිද? පැහැදිලිවම තිබේ. පසුගිය දශක දෙක තුනක කාලය තුල ජනතාව ඉතා වේගයෙන් හා අන්තනෝමතික ලෙස අධි පරිභෝජනවාදී ජිවිත රටාවකට හුරුවෙමින් සිටියහ. ලංකාවේ ඒක පුද්ගල ආදායම දකුණු ආසියාවේ බොහෝ රටවලට සාපේක්ෂව ඉහළය. වැඩිපුර හම්බකරන්නට සමත් වූ මිනිසුන් ඉවක් බවකින් තොරව ආත්මාර්ථකාමී ලෙස සම්පත් නාස්ති කරමින් සිටියහ. එය ක්‍රම ක්‍රමයෙන් නාගරික සමාජයේ සිට ගමටද, ගමේ ප්‍රභූ පැලැන්තියේ සිට මද්‍ය ආදායම් ලබන පහළ මධ්‍යම පන්තිය දක්වාම ක්‍රමයෙන් පැතිර ගියේ තම ආදායමට සරිළන ජිවන රටාවක් වෙනුවට මිනිසුන් ණය වී ගෙවල් හදන, වාහන මිළදී ගන්නා, කෙනෙකු පළඳින ඇඳුමෙන්, භාවිතා කරන සුවඳ විලවුන් වර්ගයෙන්, අත රැඳී ජංගම දුරකතනයේ වර්ගයෙන් අනිකාගේ ජිවන මට්ටම මනින, උන්මන්තක ස්වරුපයක් දක්වා එය පැතිර යවමිනි. කුසට අහරක්, හිසට සෙවනක්, විළි වසා ගැනීමට ඇඳුමක් යන මූලික අවශ්‍යතාවයන් මේ වනවිට ආනයනික ක්ෂණික හා සකස්කළ ආහාර, ජීවත්වීමට නොව ප්‍රදර්ශනයට ඉදිකළ මහා මන්දිර හා විවිධ සන්නාමයන්ගේ ප්‍රවර්ධන ප්‍රයෝග වලට හසුවූ මිලාධික ඇඳුම් පැළදුම් විලාසිතා දක්වා වෙනස් වී තිබේ. පොතක ඇතුළත කතාව එහි පිටකවරයෙන් මනින්න එපා යන ප්‍රසිද්ධ කියමන වචන වලට පමණක් සීමා වී එකිනෙකා පරයා භෞතික වශයෙන් කැපී පෙනීමේ හරසුන් වෑයමක අප සියලු දෙනාම වේලි සිටියෙමු.
ඉදින්, මේ ලැබුවා වූ දුෂ්කර කාලය අපේ ආකල්ප වෙනස් කරගැනීමේ පියවරක් ලෙස නව ආරම්භයක් කරගැනීමට අපි උත්සාහ කරමු. සුඛෝපභෝගී වාහන, මහා පරිමාණ ගොඩනැගිලි, මිලාධික පාරිභෝගික භාණ්ඩ වෙනුවට දියුණුවේ මිනුම් දඬු ලෙස මිනිසුන්ගේ සතුට, සමානාත්මතාවය හා දැනුම අගයන සමාජයක් දක්වා අපි අපේ ආකල්ප වෙනස් කර ගනිමු. අපි හැකි සෑම අයුරකින්ම අධි පර්භෝජනවාදී හා නාස්තිකාර, අසාධාරණ ජිවිත භාවිතයන්ගෙන් මිදී සරළ ජිවන රටාවකට හැඩ ගැසෙමු. ස්තුතියි.
- යසිත්මා රශ්විනි යාපාබණ්ඩාර , සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල.
යසිත්මා...එකඟයි...!
ReplyDeleteතැන්කියු අංකල්.. :)) (මේක ඉස්කෝලේ කතාවකට ලියපු එකක්.. මම බ්ලොග් එකේ දැම්ම හිටං.. නැත්නම් මේකත් පාළු වෙනවනේ. මීට යසිත්මාගේ අප්පච්චි) :)))
Deleteසරල ජීවන රටාවකට හැඩ ගැහෙන්ඩ දෙයක් නෑ. මං කියන්නෙ සුලුතරයක් වන ඉහළ මධ්‍යම පංතිය ගැන නොවෙයි බහුතරයක් වන සාමාන්‍ය ජනතාව ගැන. මේ දවස් වල හුගක් අය කනව නෙවී. ලෙවකනව 😒😒😒😒😒
ReplyDeleteකොහිද ගෙහුං හිටියෙ මහේසො
Deleteඒ උනාට අන්කල් අදායමට සාපේක්ෂව වියදම් කිරීම ප්‍රතිශතයක් ලෙස වැඩිම ඔය සාමාන්‍ය ජනතාව අතර නේද?
Deleteසම්පුර්ණයෙන්ම එකඟ වෙනවා මහේෂ්. දුව ලිපියක් හැටියට පාසැලක ට ලියපු එකක් නිසා සුභ පතනවා. අපි වුනත් විවාද කණ්ඩායමමේදී තමන් විරුද්ධ මතයකට වුනත් කරුණු අරගෙන කතා කරනවනේ. ලංකාවේ ජනතා සල්ලි වලින් සහ වෙනත් ක්‍රම වලින් 4*4 හෙම ආර්ගෙන ජනතා බදු මුදල ගසා කන හොරු කණ්ඩායමට මිස ලනක්වේ අනිඉක් මිනිසුන්ට ඔය කතාව කියලා වැඩක් නැහැ. //ආනනයනය සීමා කර ඇති භාණ්ඩ අතර බොහොමයක් සුඛෝපබෝගී වාහන, මිලාධික ඇඳුම්, සුවඳ විලවුන්, විදුලි උපකරණ, ජංගම දුරකථන හා උපාංග ආදී විශ්වයේ නියමයෙන් මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස හඳුනාගත් අවශ්‍යතාවයන්ගෙන් එහාට විහිදීගිය පරාසයක භාණ්ඩ වේ.// ආණ්ඩුවේ ඩොලර් නැති කමට බඩු නොගෙන්න ඉන්න එක බේරා ගන්න මැති වරු කියන්නෙත් මේ කතාවමනේ. කඩේ යන හාමුදුරු රොත්ත කියන්නෙත් ඒකමයි . එයාලගේ පන්සල් වල ගියහම බලා ගන්න පුළුවන් ඒ ගොල්ල ජිවත් වෙන හැටි.
Deleteඑදා එක්ක අද වෙනස්, අද ගෑස්, ජංගම දුරකථන වගේ ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩ.. මධ්‍යමපාන්තික නියෝජනය වැඩි අප සමාජයේ අධිපරිභෝජනවාදී කමට වඩා දැන් තියෙන්නෙ අවශ්‍යම දේ කුමක්ද කියා තෝරා ගැනීමට ඇති නොහැකියාව හා සමහරතැන්වලදී සිදුවන නාස්තිය පමණයි. අධිපරිභෝජය ඇත්තෙ සුළුතර ධනපතීන් අතර පමණයි.
ReplyDeleteගෙවල්, වාහන?
Deleteඅල්පෙච්චතාවය නැති තැන. එතැන විනාසය. වැඩිදුර කියවන්න ඕන නම්. තෙරුවන් සරණයි
ReplyDeletehttps://bududahamemaga.blogspot.com/2022/01/blog-post.html
ස්තුතියි. තෙරුවන් සරණයි!
Deleteකෝවිඩ් කාලෙ එක හොඳයි තිබුනෙ.
ReplyDeleteමරණ/මඟුල් වලට නොයා ඉන්න පුලුවන් එක. දැන් ඒකත් නෑ
මල කඳන් ගෙවල් වලට ගෙන එක නවත්වල මල්ශාලාවල පමණක් අවසන් කටයුතු කරන්නත් පැය 24ක් තුල හෝ උපරිම පැය 48ක් තුල වැඩේ ඉවර කරන්නත් නීති ගෙන්න ඕනි. මළ ගෙවල් සහ මගුල් ගෙවල් කියන්නේ නම් පුදුම අපරාධයක්.
Deleteසුභ අලුත් අවුරුද්දක් . අධික පරිභෝජනයට නෙවෙයි, යන්තම් කික් එකක් ගන්න හෙරොයින් 7 දාමු නේද?
ReplyDeleteසංජිව මෙන්ඩිස් අංකල් මේ ඔබේ අවදානය පිණිසයි.. :))
Deleteඅලුත් රස්සාව නිසා නිදහසක් තිබුනේම නෑ....උබගේ මේ කෙමෙන්ට් එක වෙනුවෙන්ම ලියනවා මචෝ(චමියෝ) ...මේ සතියේ ලියන්නම්
Delete'අධි පරිභෝජනවාදයෙන් මිදී සරළ ජිවන රටාවකට හුරුවෙමු '
ReplyDeleteකුප්පි ලාම්පුව පත්තු කරන් සම්බෝලයි බතුයි කාලා ඉමු.
-රංග තේනුවර(GTRZ)-
අම්මෝ.. රැඩිකල් අංකල් කෙනෙක්.. තැන්කියු කොමෙන්ට් එකට.. :)))
Deleteමම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.
Deleteමේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.
-මහේෂ් වලතර(Scurvy)
මෙතනින් බලන්න
ඇත්තටම හොඳ පෝස්ට් එකක්, පේන හැටියට දුවට මොළේ තියෙනවා අප්පච්චිට වඩා, ඒ වගේම කළණ මේකට තව දෙයක් එකතු කරනවා නම් ඉතාම අසීරු තත්ත්ව යටතේ ඉතාමත් නිර්මාණශීලීව අලුත් ආලුත් විසඳුම් හොයාගෙන ප්‍රශ්න වලට විසඳුම් හොයාගැනීම/ වැඩ පහසුකරගැනීම පිළිබඳ සමාජය තුළ අලුත් කතිකාවතක් ඇරඹිය යුතුයි කියන එකත් ඇඩ් කරන්න පුළුවන්.
ReplyDeleteඒ වගේම 1945 සම්පූර්ණයෙන්ම විනාශ වුණ ජපානය සහ ජර්මනිය, 1950 දශකයේ කුජීත වී ගිය දකුණු කොරියාව, 1955-75 මුළුමනින්ම වැනසුනු වියට්නාම්, 1978 දරුණු සාගතයෙන් ඇදවැටුනු දැවැන්ත චීනය දෙං ක්ෂාවොපිං නමැති හැත්තපස් වියැති මහල්ලා විසින් සම්පූර්ණයෙන්ම අලු ගසා නැගිටුවීම, 1971 වැනසීගිය බංග්ලාදේශ් දැන් දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය සහිතව 2030 පමණ වන විට යුරෝපයේ රටවල් ගනනාවකට වඩා විශාල ආර්ථිකයක් සහිතව දියුණුවට පත්වන ලකුණු, 2004 සුනාමියෙන් මුළුමනින් වැනසුනු ඉන්දුනීශියාව 2025 වනවිට ජර්මනිය පරදවන දැවැන්ත කාර්මික රටක් වන ලකුණු ආදිය ගැනත් කියා ලංකාවේ පැය 24ම හූලමින් වැලපෙන පිරිසට පොඩි මෝටිවේශන් එකක් දීමට ඇයට හැකිවෙයි, සුබපැතුම් දියණියනි... !
ස්තූතියි ආන්ටිද අංකල් ද මංදා.. මේක ඉස්කෝලේ විනාඩි තුනක කතාවක් වෙනුවෙන් දුව ලියපු එකක්. මාත් ඕක කියුව.. ඇගේ අදහස අනුව ඇත්තටම මෙතන තියෙන්නේ මාතෘකාවේ ම description එකක් විතරයි. මේ අදහස් එකතු කරලා ප්‍රශ්නයට උත්තරත් එක්ක තව දිගට ලියන්න ඇයව උනන්දු කරන්නම්.
Deleteබොරුවට තැන තියෙන, ජාතියෙ අඬහැරය
ReplyDeleteදිගටම නැංවීම නවතා ඇති හැටිය-
ඇති ලෙස හිතන තැනකට අප යා යුතුය
දුරලිය යුතු දෙයකි අධිපරිභෝජනය!
ස්තුතියි නිදි අංකල් වටිනා කවි පිළිතුරට
Deleteඉතාමත් ආඩම්බරයි දියණිය ගැන!~ දියණියකගේ පියෙකු ලෙසට
ReplyDeleteස්තුතියි අංකල්.. :)
Deleteඅංගුත්තර නිකායෙ චතුක්ක නිපාතෙ තියෙන අණණ සූත්‍රය බලන්න. බුදු හාමුදුරුවො ඒක කීවෙ දහ අට දහකට ගත්ත ඉඩමෙ දහ අට දාහක් වියදම් කරල හදපු ජේතවනාරාමෙ පූජා කරණ උත්සවයට තව දහ අට දාහක් වියදම් කරපු කෙනාටයි. ඒක ගැන හිතුවාම තේරෙයි ඇයි එහෙම දේවල් කීවෙ කියල.
ReplyDeleteඅමතක කරන්න එපා එදා ලකේට හිටපු කෙනාට අන්තිමට ඉතුරු වුණේ නෙල්ලි ගෙඩියක් විතරක් බව.
කෙල්ල වැඩ්ඩ....එල ද බ්‍රා..දෝනි
ReplyDeleteඅලුත් මාසයක් එළැඹ ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ අලුත්ම බ්ලොග් ප්‍රශ්න වට තරඟාවලියක් සමගයි. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයා තෑගී දිනන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.
ReplyDelete1) හතේ හත වැදී සිටියදී සෙට් උන 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියේ එල්ලී ස්කොට්ලන්තයට ගිය බ්ලොග්කරු මොහුය. බ්ලොග් අඩවියත් දැන් අකුලාගෙන ඇත.
(A) කොළඹ ගමරාල
(B) රසිකලොජි
(C) මාරයා
(D) කොලොම්පුරේ
2) කෝටා එකෙන් පේරාදෙණියට පැමිණි මෙම බ්ලොග්කරුගේ පියා ප්‍රේමදාස මහත්තයා ගම්මුදාව කරන අවදියේ එහි කඩයක් කෙරු අයෙකි. මොහුගේ මව ලොතරැයි විකුණා ඇත. මෙම බ්ලොග් කරු මේ වන විට ඇමරිකාවේ සිටිනා ගමන් ලංකාවේ බංකොලොත් බව ගැන කියමින් ආර්ථිකය ගැන උගන්වමින් පොස්ට් දමයි. මෙම තැනැත්තා බ්ලොග් අවකාශයේ ගූ පුච්චන් කන අමු කුනා-ලොභයා යන විරුධවලියද ලබා ඇත. මොහුගේ හිගන මසුරුකම නිසා බිරිඳද පිට ගොස් ඇත.
(A) හැලපයා
(B) හිස් අහස
(C) ජෙනරාල් විචාරක
(D) ඉකොනෝමැට්ටා
3) තට්ටය බා ඇති මෙම බ්ලොග්කරුගේ ගමන සයිකලයෙනි. බෝට්ටු පදිනවයි කියා කොල්ලෝ රවට්ටාගෙන ගොසින් ලෝඩ් බාගනී. මුදල් වංචාවකටද ගෑවී ඇත. කඩවත සයිකල් කඩේ පොඩි කොල්ලෙක්ට අතවර කිරීමට ගොස් තට්ටය පලාගෙන ඇත.
(A) තට්ට මංජුවා
(B) තට්ට රසිකලොජි
(C) තට්ට කොළඹ ගමයා
(D) තට්ට පුංචි සාදු
4) දවසට පැය 8 ක් පමණ කළුවරේ ඉන්නා ගමන්, තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, බෙහෙත් පෝලිමේ ආදී පෝලිම් වල ඉන්නා ගමන් ආණ්ඩුවට කඩේ යන නුගත් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකි. ෆේක් එකවුන්ට් නිසා මොහුගේ ෆේස්බුක් ගිණුම් සියල්ල වාගේ හදපු ගමන් බ්ලොක්වේ.
(A) හැලපයා
(B) කොලොම්පුරේ
(C) අන්සතු දිනපොත
(D) ගූතලන්
5) ලීක් කරගෙන ඇති මෙම බ්ලොග්කරුද තට්ටය බා කහ පාට ඇදුමක් අදිනා කෙනෙකි. කවි ආදිය ලියමින් කාන්තාවන් ඒවාට ආසා වේ යැයි සිතා තනිවම ආතල් එකක් ගනී.
(A) තට්ට කොළඹ ගමයා
(B) පුංචි සාදු
(C) තට්ට පැරා
(D) මාරයා
6) නාකි වී කසාඳ බැන්ද මෙම බ්ලොග්කරු ඊයේ පෙරේදා හද්ද ඩොටේ ගෙයක් සදා එහි ලයිට් දමා පින්තුර ගෙන ඒවා පළකරමින් මෙහි වටිනාකම මෙච්චරයි, අච්ච්රයි කියා තනිව වින්දනයක් ගනී. රොටි වලට සෝස් තවරා පිසා හැදුවා යයි කියාද පොස්ට් දමයි. ඇල්ටෝවෙන් සමාජවාදය කරා සිඝ්‍රයෙන් ගමන්කරන බ්ලොග්කරුවා ලෙසද හදුන්වයි. මෙම බ්ලොග්කරු නොම්බර එකේ කුහකයෙක් ලෙසද හඳුන්වනු ලැබේ.
(A) අගලවත්තේ පී ජයසිංහ
(B) ලංඩනයේ ඩී කීර්ති
(C) අම්පාරේ ඊ සඳරු
(D) කඩවත ටී මංජු
7) බ්ලොග් පොලිසියට අලුතින් ආ සාජන් මහත්තයා මෙතුමාය
(A) ලෝටස් අජිත්
(B) ගූතලන්
(C) හැලපයා
(D) රංග තේනුවර(GTRZ)- ප්‍රධාන විධායක නිලධාරී, එළකිරි ඩොට් කොම්(ලක්ෂ 6 කට වඩා ලියාපදිංචි සාමාජිකයන් සිටි
8) නොගැලපෙන උත්තරය ඉවත් කරන්න
(A) කොළඹ ගමයා
(B) ලෝටස් අජ්ජා
(C) ලන්ඩන් අජිත්
(D) අගලවත්තේ අජිත්
9) ගුණයහපත් ක්‍රිස්තියානිකාරයෙක් වන මෙම බ්ලොග්කරු හිටපු නාවිකයෙකි. මොහු ඒ කාලයේ නැවේ කරපු කියපු දෑ ගැන පොස්ට් දමයි. ඒවා බලන අපට සිතෙන්නේ මේ මිනිහට අරින්නමයි වටේ උන් ඔක්කොම බලන් ඉදලා තියෙන්නේ කියාය. ඒ තරම් අකරතැබ්බ වලට නැවේදී මුහුණ දී ඇත. නැවේදී අනික් අයගෙන් ගුටි කා බැල මෙහෙවර කම් කොට අන්ත අසරණ වූ අයෙකි. නැව් රස්සාවේ කිසිදු හොදක් ගැන ලියා නැත. මේවා බලන අලුත් ගැටව් නැව් දිහා පැත්ත පළාතේ නොබලනු ඇත.
(A) කොලොම්පුරේ නාවිකයා
(B) කල්‍යාන මිත්‍ර නාවුකයා
(C) හිරකරුවා බ්ලොග් අඩවිය
(D) දේශකයා
10) අනුන්ගේ බ්ලොග් අඩවියක නමක් තමුන්ගේ බ්ලොග් අඩවියට දමාගෙන පොර ටෝක් දිදී සිට අකාලයේ මියපරලොව ගිය උද්දච්ච බ්ලොග්කරුවෙකි.
(A) ඔබා මාමා
(B) රසිකලොජි
(C) ආටියා
(D) තට්ටයා
මෙම ප්‍රශ්න වලට උත්තර සපයා තෑගී දිනන්න. ජයග්‍රහයකයන්ට 12.5KG ගෑස් සිලින්ඩරයක බරට යට ජංගි. ගොනා හරි පාරට දාගන්න. යට ජංගි දිනා ගන්න. අදම උත්තර සපයන්න.
මේක පට්ට.. :) සෑහෙන දවසකින් බ්ලොග් එකට ගොඩ උනේ.. :))
Deleteපොඩි උන්ට තේරෙන ගොඩක් දේවල් මහ උන්ට තේරෙන්නෙ නැහැ. ඒ වගේම තමයි යම් යම් දේවල් වලට හුරුවෙලා ඉන්න මිනිස්සුන්ව එතනින් ආයේ පහළ ලෙවල් එකකට ගන්නත් ලේසි නැහැ...
ReplyDeletehttps://sardhiyel.blogspot.com/2022/04/blog-post.html
ReplyDelete