Thursday, 6 April 2017

හේමන්තයේ යළි දුටු ඒ නිකිණි සිහිනය.. It makes the heart grow fonder

Image result for love photos

අවුරුදු නිවාඩුවට දුර ගමන් කොහෙවත් යන්නේ නෑ කියල තීරණය කලේ ගොඩක්ම කලින්.. 13 සහ 14 දවස් කළබල මැද්දෙන්ම ගෙවිලා ගියත් පාලොස්වෙනිදා වෙනකොට බිරිඳත් දරුවනුත් කාන්සිය නිසාම නොසන්සුන් කියල දැනුන..

"යමු..ඇවිදින්න ටිකක්.." පහසුවෙන් මගේ මුවින් අහන්න නොලැබෙන ඒ වචන ටිකට කට්ටියම කලබල වෙලා වගේ..

"අපි?..කොහෙද?" කවුරුහරි එහෙම ඇහුවද නැද්ද හරියටම නිච්චි නෑ...

"යමු.. කොහේ හරි ටිකක් නිදහසේ ඉඳල එන්න.. හිතුනොත් රෑට නවතින්නත් බලාගෙන.." ඒ මම..

එතන ඉඳල පැයක් යන්න කලින් අපි පින්නදුව එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට ඇවිත් හයිවේ එක දිගේ කොළඹ පැත්තට එන්න ගත්ත.. පොඩ්ඩා බිරිඳගේ උකුළේ නිදි කිරනවා.. ලොකු දෙන්න පිටිපස්ස සීට් එකේ ටැබ් එකයි ස්මාර්ට් ෆෝන් එකයි මාරුවෙන් මාරුවට අරගෙන ගේම්.. අප්පච්චි ගැන සම්පුර්ණ විශ්වාසයෙන් එක්කෙනෙක්වත් යන්නේ කොහෙද කියල අහන්නේ නෑ.. ඒ විශ්වාසය බොහොම මහන්සියෙන් උපයගත්තු එකක්.. තමන් ආදරය කරන අයට ඇයි අපි එහෙම ආදරය කරන්නේ කියල හරියටම කියන්න පුලුවන්ද දන්නේ නෑ.. ඒත් ඔය වගේ විශ්වාසයක් ඇති වෙනවනම් එතන ඇත්තටම ආදරේ තියෙනවා.. මට මොන හේතුවකට මේ වෙලාවේ මේවා මතක් වෙනවද මම දන්නේ නෑ..

කහතුඩුවෙන් එක්සිට් වෙනකොටනම් ප්‍රශ්නාර්ථයක් වගේ එකක් එක්ක බිරිඳ මගේ මුහුණ දිහා බැලුවා මතකයි.. හිනා වුනා මිසක් මම ඒකටත් උත්තරයක් දෙන්න ගියේ නෑ. හිතුවට වඩා පාර ටිකක් කලබල උන නිසා අපි රත්තනපිටියට එනකොට තවත් පැය බාගයක් විතර ගිහිල්ල.. බාගෙට හදාගෙන යන පරණ කැස්බෑව පාරදිගේ ගිහින් ෆින්ගාරා එකට වාහනේ දැම්මම තමයි කට්ටියගෙම මූණු ආයෙම විකසිත උනේ..

********************************************

ලොකු දෙන්නත් එක්ක පූල් එකට බහින්නත් කලින්ම හිත නම් කූල් වෙලා.. සමර්හට් එකේ වයිෆ්ගේ උකුලේ ඉන්න පොඩ්ඩ කොච්චරවත් ට්‍රයි එක වතුරට පනින්න. එක ඇහැකින් ලොකු දෙන්න දිහා බලන ගමන්ම මම පූල් එක අයිනේ ඉඳන් අම්මගෙයි පුතාගෙයි ඇඟට වතුර ඉස්ස.. අහක බලාගෙන එහෙම ඉහපු වතුර පාරක් එතනින් යන්න ගිය මැදි වයසේ ජෝඩුවකගේ ඇඟට වැදුන බව දැක්ක මම අත ඔසවල හස්ත මුද්‍රාවෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලුව.. බොහොම ප්‍රියමනාප මැදිවියේ විදෙශිකයෙක්වූ ඔහු සිය දකුණු අත ඔසවා මා හා එකඟතාවය පල කරද්දී ඔහුගේ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාව මගේ බිරිඳ හා කතා බහ කරමින් සිටිනයුරු මා දුටුවා.. එය යලිත් වරක් මා කැමතිම ලය ආර පිහිනුම් ඉරියව්වෙන් තටාකය දිගේ වටයක් පිහිනා ඒමට ලද ඉසිඹුවක් බැවින් හොඳින් හුස්මක් ගත් මා තටාක කන්ඩියට දෙපයින් වැර යොදා ඉදිරියට යොමුකළ අත් ඇතිව දිය  මතුපිටින් ඉගිල ගියේ සැහැල්ලු සිතකින්.. තව සුළු මොහොතකින් මේ හිත තැලිලා පොඩිවෙලා නැවත ලේ ගලන තුවාලයක් වෙයි කියල කොහොම හිතන්නද?

ලොකු දෙන්නත් ගොඩ වෙලා නිසා මම සැහැල්ලුවෙන් පීනාගෙන බිරිඳ සිටි සමර්හට් එක ලඟට ආයෙම ආවා.. පොඩි බඩගින්නක් දැනුනත් වතුරෙන් ගොඩ එන්න නම් හිතක් නෑ. අර කාන්තාව සහ අපේ එක්කෙනා තවම කතාව වගේ.. අද ඉතින් උන්දැගේ වරුණ අහන ඉන්න වෙයි සෑහෙන වෙලාවක්.. හිහ්..හිහ්.. මම හිනාවිගෙනම වතුරෙන් උඩට හිස එසෙව්වා..

"අප්පච්චී.. මේ ඔයාලගේ ගමේ කෙනෙක්.. කැන්ඩි.." බිරිඳගේ හිනා මුසු හඬත් එක්කම එතෙක් වෙලා තටාකයට පිටුපා බිරිඳ සමඟ කතා කරමින් සිටි ඈ සිනහවීගෙනම මා දෙස හැරුනා..

"හෙල්..ලෝ..ඔඕහ................................. ක.. ක...කලණ....අ..අ....!!!."

"නිකිණි!!!"

****************************************************
එදා හොස්පිටල් එකේ ඉඳල මාව කොහොම ගෙදර ගෙනාවද කියල මම දන්නේ නෑ.. දවස් දෙකකට පස්සේ මාව ආපහු ගෙනියලා නුවර ඉස්පිරිතාලේම නවත්වල තිබුන.. මම ඒ දවස් දෙකටම කිසිම කෑමක් බීමක් ගත්තේ නැතිලු.. දෙතුන් වරක් සිහිය නැතිවෙලා උනත් සිහිය ආ විගස ලොකු කෝලාහලයක් කරනවලු. ඒ මොකකටද මම මොනවද කියන්නේ කියන ඒවගේ කිසිම සම්භන්දයක් නැති උනත් දවසකින් දෙකකින් ඇරිලා යයි කියල හිතාගෙන ගෙදර අය ඉඳල.. ඒ දවස් දෙකේම තාත්තා වචනයක්වත් කතා කරලා නෑ. පුටුවක් තියාගෙන මම වැටිලා හිටපු ඇඳ ළඟ වාඩිවෙලා කල්පනා කර කර හිටියලු. දවස් දෙකකට පස්සේ මට හුඟක්ම අසාධ්‍ය වෙලා මාව නුවර පිහිටි පුද්ගලික රෝහලකට ගෙන ගිහින් තිබුනත් එතනින් ආපහු නුවර ඉස්පිරිතාලේටම යවල තිබුන.. මට යන්තම් ඒ ගැන මතක තියෙන මුල් මතකයේදී මම හිටියෙත් නුවර ඉස්පිරිතාලෙමයි. නිකිණි ඒ අහල පහලම ඉන්නවා වගේ දැනිච්ච නිසා මම සතුටින් එහේ හිටියා..

ඒ ගතවෙච්ච මාස තුනක වගේ කාලය මගේ ජීවිතෙන් මැකිලම ගිය වකවානුවක්.. අපේ ගෙදර තිබුණු සතුටත් ඒ එක්කම මැකිලා ගිහිල්ල.. නංගි බොහොම අකමැත්තෙන් තමයි පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයට යන්න කැමති වෙලා තිබුනේ. චලන.. මගෙත් එක්ක එක බඩ වැල ෂෙයාර් කරන් ඉපදිච්ච එකා.. කර කර හිටපු ටෙක්ස්ටයිල් කෝස් එකත් අත ඇරලා.. තාත්තා වැඩ කරපු බැංකුවට ට්‍රේනි කෙනෙක් විදියට යන්න තිබ්බ අවස්ථාවත් අත ඇරලා මගේ පස්සෙන්ම ඉඳල තිබුන.. මට නොකියුවට ඌ ඒ ටිකේ වැඩි හරියක් සහ ඊට පස්සෙත් කාලයක් යනකම් උසාවි පොලිසි ගානේ රස්තියාදු වෙලා තිබුන මං වෙනුවෙන්.. උගේ අත්වල තියෙන පිච්චිච්ච ලප කැළැල් මගෙන් හංගන්න ඌ අත්දිග ෂර්ට්, ටී ෂර්ට් අඳින්න පුරුදු උනා.. කලින් ඩෙනිමයි කොලර්ලස් ටී ෂර්ට් එකයි විතරක්ම ඇඳපු උගේ ඒ වෙනස්වීම පුදුමයි..


ගෙදර ආවට මට ගෙදර ඉන්නම බැරි උන නිසා අන්තිමට තාත්තා අපි දෙන්නව නුගේගොඩ ලොකු නැන්දලාගේ ගෙදර යැව්වා.. නංගි කැම්පස් ගියේ ගෙදර ඉඳන් නිසා ඒ දෙන්නට නුවර දාල එන්න බැරි උනත් කාලයක් යනකම්ම ඒ හැමෝම සෙනසුරාදා ට කොළඹ ඇවිත් අපිත් එක්ක ඉඳල ඉරිදට ආපහු නුවර ගියා. නිකිණි මාව තනිකරලා මේ ලෝකෙන් සමුගත්ත කියන එක මට ඒ වෙනකොටත් හීනයක් විතරයි.. ඒ හීනෙන් ඇහැරෙන්න බැරි කමට මම මාධවී අක්කව හමුවෙන එක එහෙම පිටින්ම නතර කරලා දැම්ම.. එයත් මට වැඩිය මුණ දෙන්න ආවේ නෑ. එයා තමයි ඉස්පිරිතලේදී මට ඒ මුසල පණිවුඩේ ගෙනාවේ.. "මල්ලි.. නිකිණි ආයේ එන්නේ නෑ.. එයා අපි හැමෝවම දාල ගියා.." මට එහෙම හිතෙද්දීත් අදටත් ඇඟ හිතල වෙනවා.. කන් අගුල් වැටෙනවා..

නුගේගොඩ තිබ්බේ ඉගෙන ගන්න ආසා හිතෙන වටපිටාවක්.. උඹයි මායි මේ කෙල්ලෝ රොත්තට පැටලෙනවා කියල නුගේගොඩ ආපු මුල් කාලේ ඉඳල චලන යා කොන්ඩේ වවන්න ගත්ත.. ඇත්තටම අපි දෙන්නගේ වෙනසකට ඒ වෙනකොට තිබුනේ උගේ මූනේ තිබ්බ මොන ප්‍රශ්ණ ආවත් නැතිවෙන්නේ නැති සිරියාවයි ඒ වෙනුවට මගේ මුහුණේ තිබ්බ කිසිම හැඟීමක් නැති සුදුමැලි කමත් විතරයි. කොන්ඩේ වවල කණට කරාඹුවකුත් දා ගත්ත චලනයා කොහෙන්දෝ ඔලුවට වැටිච්චි අදහසකට ආසවෙලා ෆැෂන් ඩිසයින් කෝස් එකක් කරන්න ගත්ත.. අද විසි අවුරුද්දකට පස්සේ ඌ මුළු ලෝකෙම ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ උන් අතර ජනප්‍රිය ෆැෂන් ඩිසයින් ඩිරෙක්ටර් කෙනෙක්. කාලයක් ලංකාවේ සහ පිටරට කොම්පැණි කීපයක වැඩ කරලා ෆ්‍රී ලාන්ස් කරන්න ගත්ත.. දැන් පවුලත් එක්ක පදිංචිය නිව් සීලන්ඩ් වල.. අවුරුද්දකට වතාවක් දෙකක් පවුලත් එක්ක හෝ නැතුව ලංකාවට එනවා. පොඩි උන් එක්ක ආවොත් නතර වෙන්නේ නුවර මහා ගෙදර අම්මයි තාත්තයි නංගිලා පවුලයි එක්ක. තනියෙම ආවොත් නම් එහෙ ඉන්නේ එක දවසයි.. කෙලින්ම ගාලූ එනවා.. තාමත් අඳින්නේ අත් දිගට..

මටත් නුගේගොඩ ගෙදරට වෙලා නිකම් ඉන්න හිතුනේ නෑ. කොහොමත් මගේ හිත තිබ්බේ කම්පියුටර් පැත්තට.. අයි.ටි. ඩිග්රි කියන ඒවා ඒ කාලේ ගොඩක්ම අඩුවෙන් තිබුනේ.. නාවල ටෙක් එකේ තිබ්බ සොෆ්ට්වෙයාර් ඉන්ජිනිරින්ග් ඩිප්ලෝමා එකට මම ඇප්ලිකේෂන් එකක් දැම්ම.. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පහසුවෙන්ම සමත් වෙච්ච මට ෆුල් ස්කොල් එකක් ලැබුනා අවුරුද්දක ඩිප් එක කරන්න. නංගිගෙයි චලන ගෙයි ඉගෙනීමටත් වියදම් කරන්න වෙලා තිබ්බ වෙලාවේ මෙහෙම හරි තාත්තට සහනයක් වෙන්න ලැබුණු එක ලොකු දෙයක් කියල මම දෙපාරක් නොහිතාම කෝස් එකට රෙජිස්ටර් උනා. ඒ අවුරුද්ද ගෙවුන ඒ හැටි දැනුනේ නෑ.. ඒත් මේ මුළු කාලෙටම මට නුගේගොඩ දී කිසිම කෙල්ලෙක් දකින්න ලැබුනේ නෑ කියුවොත් කවුරුත් පිළිගන්න එකක් නෑ.. ඒක හරි. ඇත්තටම වෙන්න ඇත්තේ ඔච්චර කෙල්ලෝ මැද්දේ මම හොයපු කෙල්ල නොදැකපු එක වෙන්න ඇති..

ඩිප් එක කම්ප්ලිට් වෙන්න කිට්ටුවම වගේ සිළුමිණ පත්තරේ ඇඩ් එකක් තිබුනා නේවි එකට අයි.ටි. ඔෆිසර්ස් ලව ගන්නවා කියල.. ඩිප් එක කම්ප්ලිටි වෙලා තිබුනානම් මටත් කොලිෆිකේෂන් හරි. මොනවටත් කියල මම දැම්ම ඇප්ලිකේෂන් එකක්.. හමුදාවලට යනවා හෝ යන්න හදනවා කියන්නේම ඒ දවස්වල ගෙදර මළගෙයක් වගේ.. ඒක නිසා මුල් ඉන්ටර්වීව් තුනක් වෙනකං මම අඩුම තරමින් චලනයාටවත් කියුවේ නෑ. උන්ගේ ෆැෂන් ෂෝ එකක් නිසා ඌ කොහොමත් ඒ ටිකේ බිසී..  අයි.ටී. ප්‍රොෆෙෂනල්ස් ලගේ ඒ කාලේ තිබ්බ ඩිමාන්ඩ් එක වගේම හමුදාවට යන්න කැමති වෙන උන්ගේ අඩුව නිසාම පෙන්ඩින් රිසල්ට්ස් තියාගෙන පලවෙනි ඉන්ටර්විව් තුනම ගොඩ යන්න මට පුළුවන් උනා. අන්තිමට කොහොම හරි මගේ රිසල්ට්ස් එනකම් අපි හතර දෙනෙක් සිලෙක්ට් වෙලාත් නේවි එකට එන්ලිස්ට් කරගන්න එක සතියකින් පස්සට දාන්න නේවි එක කටයුතු කළා. මගේ ජිවිතේ දෙවෙනි හැරවුම් ලක්ෂය වෙච්චි නේවි එකට මම ආදරේ කරන්න පටන් ගත්තේ එතනින්.

මගේ තීරණේ චලනයට කියුව වෙලාවේ ඌ මුලින් වචනයක්වත් කියුවේ නෑ. මගේ දිහා ටික වෙලාවක් බලන් ඉඳල එක පාරම මාව බදාගෙන අඬන්න ගත්තා.. එදා අපි දෙන්න ඇති වෙනකම් ඇඩුවා මගේ හිතේ.. ඊට පස්සේ කවදාවත් මගේවත් චලනගේවත් ඇහැකින් කඳුලක් වැටෙනවා මට මතක නෑ. අඩුම තරමින් අම්මයි තාත්තයි මගේ තීරණය දැනගෙන අම්මා මහා හයියෙනුත් තාත්තා නිහඬවත් අඬනකොටවත් මට ඇඩුණේ නෑ. ඒ වෙනුවට ඒ වෙනකං හිස් වෙලා තිබ්බ මගේ හිත් අවකාසේ යන්තම් ආයෙම බර වීගෙන යන හැඟීමක් විතරයි මට දැනුනේ.. මගේ තීරණය අහලා නංගි දවස් ගානක් කැම්පස් යන්නෙත් නැතුව ඇඩුවලු ගෙදරට වෙලා.. මම දැන ගන්නකොට මම වැලිසර කඳවුරේ මාස තුනක හමුදා පුහුණුව ලබනවා..

සාමාන්‍ය හමුදා පුහුණුවෙන් පස්සේ මාව දැම්මේ ත්‍රිකුණාමල නාවික විද්‍යාපිඨයේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට. ඊට අමතරව ඒ නාවික ප්‍රදේශය පුරාම අළුතෙන් හඳුන්වා දීගෙන යමින් තිබුණු කම්පියුටරයිස්ඩ් සිස්ටම් වලට සම්පත් දායකයෙක් විදියට එකතු වෙන්නත් පුළුවන් උනා. යුද්දෙට කෙලින්ම සහභාගී වෙන්න නොවුනත් පහු කාලෙක නාවික හමුදාව බාවිතා කල බොහොම දියුණු යුද තාක්ෂණයේ මුල අපි ඒ විදියට පටන් ගත්තේ.. නාවික හමුදාව බොහොම ඉක්මනින් නවීන තාක්ෂණයත් එක්ක අත්වැල් බැඳගත්තා.. ඒ ගමන්ම මගේ නොවී තිබුණු මගේ ජීවිතෙත් ආපහු මටම අයිති කරලා දෙන්න නේවි එකට පුළුවන් උනා. අවුරුදු පහක කොන්ත්‍රාත්තුවකට නේවි එකට ගිය මම ලොකු වරප්‍රසාද මොකුත් නැතුවම තව අවුරුදු පහකට නේවි එකටම සේවය කරන්න එකඟ උනේ ඒ වෙනුවෙන් කෘතගුණ සලකන්න. අවසානයේදී මට මගේ ප්‍රිය බිරිඳව හමු උනෙත් ත්‍රිකුණාමලය නාවික කඳවුරේදීමයි.. ඒ මගේ ජිවිතේ තුන්වෙනි හැරවුම් ලක්ෂය.. ඒ ගැන වෙනම කියන්න ඕනි.. මෙහෙම බෑ.. කියල මම දිග හුස්මක් ගත්දී නිකිණි මහා හයියෙන් හිනා උනා.. ඒ හිනාව.. ඔන්න ආයෙම මාව පාරවනවා...

*****************************************************

ඔයා කෝල් කරනකොටත් මම ගෙදර හිටියා.. මමයි කියුවේ කාන්තිට මම නෑ කියන්න කියලා..

ඊට කලින් හා පස්සේ දෙතුන් වතාවක්ම චලන මට කෝල් කරා.. එයා කෝල් අරන් තිබුනේ කොමියුනිකේෂන් එකකින්.. ගෙදර අයටවත් ඔයාටවත් නොතේරෙන්න මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න චලනට ලොකු ඕනේ කමක් තිබුනා..

මට කරන්න ඕනි උනේ මට කරන්න බැරිම වැඩේ.. ඔයාගෙන් අයින් වෙන එක.. ඒත් චලනත් එක්ක කතා කරද්දී මට හිතුනේ මම මැරිලා හරි ඔයාගෙන් අයින් වෙනවා කියල.. ඔයාට ලස්සන ජිවිතයක් තිබුන කලණ.. මට ඒක විනාස කරන්න ලෝබ හිතුනා.. ඒ වගේම මට ලැබිච්ච ආදරේ අතාරින්නත් ලෝබයි.. මම හිටියේ හරිම අමාරුවෙන්.. ඇත්තටම කවුරුහරි ඇවිත් මාව මරලා දානවනම් මම කැමැත්තෙන් හිටියේ..

ඒ වියපත් රෝස කම්මුල් දිගේ කඳුලක් ගලාගෙන යනවා.. ඒ කඳුල මගේ උරමත බිඳෙන්න දෙන්න ආසයි.. ඒත්.. සිය සැමියාගේ උර මත වාරුවූ ඈ ඔහුගේ සැහැල්ලු කපු කමිසයේ උරමත ඒ කඳුළු දිය කර හැරියා.. ඔහුට ඈ කියන දේ වචනයෙන් වචනය නොතේරුනාට ඒ කතාව මට වගේම.. නැත්නම් මටත් වඩා හොඳින් තේරෙන බව විතරක් මට තේරුණා..

එදා චලනට හදිසියේ එන්න කියුවේ මම.. හැකි ඉක්මණින් අපි මොකක් හෝ කරන්න ඕනි බව විතරක් මට මතක තිබ්බ.. ඒ වගේම ඒ වෙනකොට චානක ඔෆිස් එකේ ඉඳම්ම මට බනින්නත් මාව මරණ බව තර්ජනය කරන්නත් පටන් අරන් තිබ්බේ.. මම ඔෆිස් නොගිය කලින් දවසෙත් බලෙන් ඇවිත් මාව ඔෆිස් එකට දාගෙන ගියා. එදාත් මම ඔෆිස් ගියේ නෑ. චානක ට ක්ලයන්ට් මීටින්ග් ගොඩක් තිබුන දවසක් බව දන්නා නිසා එදා මාව හොයාගෙන එන එකක් නෑ කියලයි මායි කාන්තියි කතා උනේ. කොච්චර මගේ ලඟින් හිටියත් කාන්ති ටවත් චලන ට එන්න කියූ බව මම කියුවේ නෑ. කාන්තිව හිතා මතාම මාකට් එකට යැව්වේ ඒකමයි.

චලන ඇවිත් එක විනාඩි පහක් ගියේ නෑ. චානක ආවා කියල තේරුණා. ඔය දෙන්නම එක වගේ නිසා කවුරු හරි ඔත්තුකාරයෙක් චානකට කියන්න ඇති ඔයා ආවයි කියල.. මම වැඳලා කියුවත් චලන එතනින් ගියේ නෑ. මම බලෙන්ම චලනව දොර මුල්ලට තල්ලු කරලා තමයි දොර ඇරියේ..

ඇගේ මුහුණේ බියපත් බව තවමත් මට දැකිය හැක.. ඈ යළිත් සිය සැමියාගේ උරමත හිස තබා ගත් අතර ඔහු විසින් ඈ නළලත මත තබන ලද සියුම් හාදුවකින් හා කෙහෙරැලි අතර සෙමින් පිරිමදිමින් දිවගිය ඔහුගේ පරිණත ඇඟිලි පහසින් සැනහී යලිත් පියවි සිහියට එළඹියාය. සැබවින්ම ඔහුගේ පහසින් වඩාත් සැනසුනේ ඈ නොව මා මය..

ඒ මිනිහා ඒ වෙලාවේ හිටියේ යකෙක් වගේ.. බොහොම කැත අසික්කිත කුණුහරුප වලින් මට බැනගෙනමයි ගෙට ආවේ.. මට වචනයක්වත් කියන්න උනේ නෑ.. 'උඹේ ඔය පැණි හැලියට වහ වැටිච්ච ඇඹලයා ට මම අද බාර දෙන්නේ හේනේ ගින්දරට පිච්චිච්චි වැඳිරියක් තෝ දැනගනින්.. ' කියල එක පාරම අතේ තියාගෙන හිටපු ටින් එකක් වගේ එකකින් මගේ පැත්තට මොනවද විසි කරා. ඒත් ඒ මිනිහට ඒක හරියට කරන්න උනේ නෑ.. දොර මුල්ලේ හිටපු චලන කොටියෙක් වගේ එක පාරම චානකගේ ඇඟට කඩාගෙන පැන්නා.. චලනයි චානකයි එක ගොඩේ පෙරලෙද්දී මගේ පපුවේ දකුණු පැත්ත ගිනි ගන්නවා වගේ විතරයි මට දැනුනේ.. එතනින් එහාට උනු දේවල් මම දැනගත්තෙත් මාස ගානකට පස්සේ..

නිතැතින්ම ඈ සිය වම් අත දකුණු පියයුර හා උරය අතර පෙදෙසේ රඳවා ගත අතර මෙතෙක් නොදුටු අසමතුලිත බවක් ඒ අවට මා නිරීක්ෂණය කලේ ඒ මොහොතෙයි.. මගේ බිරිඳ වේදනාවෙන් නැගිට ටිකක් ඈතට ඇවිද යද්දී ඔහු.. යලිත් ඈව සිය උරහිසට ලං කරගෙන හිස පිරිමදින්නට උනා..

*****************************************************************

විසි වසරකට පසු අද ආපහු ඒ කතාව.. ටෙරී.. නිකිණි ගේ ඇමෙරිකානු ජාතික සැමියා හා මගේ බිරිඳ බොහොම උවමනාවෙන් හා සංයමයෙන් අපිට සවන් දුන්නා.. කඩින් කඩ ඇතිවූ නොසන්සුන් අවස්ථා සමනය කර ගන්නත් කෑම බීම හා ළමයින්ගේ ඕනා එපාකම් සොයා බලමින් ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්නත් ඔවුන් දෙන්නා කටයුතු කළා.. ඒ ගැන ඔවුන් දෙදෙනාටම අපි.. ඒ කියන්නේ නිකිණි යි මායි ණයගැතියි.

උරහිස හා අත් බාහුවේ වූ දරුණු පිළිස්සීම් තුවාල සමඟ නුවර රෝහලට ඇතුලත් කර තිබු නිකිණි සති තුනක් පමණ නුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසු ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් සඳහා ඇමෙරිකාවේ රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා. ඒ සමඟම ඇගේ දෙමවුපියන්ගේ මැදිහත් වීමෙන් ඈ හා චානක අල්විස් අතර දික්කසාදය සිදුකොට තිබු අතර ඈ වෙනුවෙන් ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසි බාවයද ලබාගෙන තිබුනා. මා ගැන සිතා මගෙන් ඉවත්වීමට ඇයට තිබු උවමනාව අනියම් ආකාරයකින් ඉටුවීම නිසා සියලු වේදනා විඳගෙන ඈ ඇමෙරිකාවේ තනි වීමට තීරණය කොට තිබුනා.

මේ අතර ඇගේ වියදම් හා කාලය ගෙවා දැමීම සඳහා ඈ විසින් රැකියා ඒජන්සියක් මාර්ගයෙන් ඇමෙරිකානු ජාතික පරිසරවේදී මහාචාර්‍යවරයෙකුගේ විද්‍යාගාරයක සහායිකාවක් ලෙස රැකියාවක් සොයා ගෙන තිබුනා.. ඇයට වඩා දස වසරකින් වැඩිමහලු වූද ඊටත් වඩා බොහෝ සෙයින් පරිණත වූද ඒ ප්‍රියමනාප මහාචාර්යවරයාගේ නීත්‍යනුකුල බිරිඳ ලෙස ඈ පත්වීම් ලබන්නේ එයිනුත් අනතුරුවයි. නුවර ප්‍රදේශයේ තිබු සියලු දේපල විකුණා දමා කොළඹ පදිංචියට පැමිණ සිටි ඇගේ දෙමවුපියන් බැලීමට වසරකට වරක් නොවරදවාම ඈ ලංකාවට කැටුව ඒමට ඔහු පෙළඹෙන්නේ රිදුනු තැවුණු අගේ හිත බොහෝ සෙයින්ම සුවපත්වූ බව විශ්වාසයෙන්ම දැනගත් පසුවයි. ටෙරී ට අනුව කවදා හෝ ඈ හා මා මෙලෙස හමුවනු දැකීමද ඔහුගේ එක උවමනාවක් වීලු. ඔහු ඇත්තෙන්ම ජීවිතය පිලිබඳ ආදරය පිලිබඳ මහාචාර්‍යවරයෙක්. මට හිතුනේ එහෙමයි.. ඒ වගේම මගේ බිරිඳත්.. ඈ ගැනත් නොකියාම බෑ..

ආදරේ කියන්නේ මොකක්ද? ආදරේ ගැන බොහොමත්ම කටුකම විදියට ඉගෙන ගත්ත විසි වසරකට එපිට අතීතයේ දවසක දිගන කොළඹීස්ස පාරේ සෙනග අඩුවෙන් ගැවසෙන වැව් ඉවුරකදී නිකිණිත් මාත් කතා  කළා මතකයි.. ඒ වගේම හොඳටම හිත රිදිලා හිටපු මොහොතක වේටර්ලගේ ඇණුම් බැනුම් අස්සෙම නුවර පායිවාස් එකේ උඩ තට්ටුවේ අඳුරු මුල්ලකදී ආපහු ඔය දේම කතා කළා අද වගේ මතකයි..
//අදහස් වලින් අපි දෙන්නා කොච්චර ළඟද ? අපි දෙන්නා අදහස් වලින් ගැටිලාම නැහැ. හැමවෙලේම මට දැනුන දෙයක් තමයි නිකිණියි මමයි අතරේ කතාකරන්න බැරි දෙයක් නැහැ කියලා. නිකිනි මට අවනතයි, මමත් නිකිනිට අවනතයි. අපි දෙන්නම දෙන්නාට පුදුම ගරුත්වයක් තියෙන්නේ. දෙන්නම අනික් කෙනාගේ හිතුවිලි වලට කොතරම් ගරු කරනවද?// ඔය මම අන්තිමට ආදරේ තේරුම් ගත්ත විදිය.. එහෙම බැලුවම අපි දෙන්නටම අද වෙනකොට ආදරේ ලැබිල තියෙනවා.. එහෙම බැලුවම අපි දෙන්නත් වාසනාවන්තයි.. 

එතකොට නිකිණි මියගිය කතාව! ඒක ඒ වෙලාවේ මාධවී අක්කට හිතුනු බොරුවක්ලු. පසුව සිදුවීම් පෙළ ගැසුණු ආකාරයට ඒක බොරුවක් බව කිසිදිනෙක මට නොකියා සිටීමට සියලු දෙනා තීරණය කරලා..

ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න.. ඔව්. ඔබ පැමිණියා.. ජීවිතය, ආදරය මේ සියල්ලටම අලුත් අරුතක් රැගෙන ඔබ නැවත පැමිණියා.. ඔබට ස්තුතියි!

**************************************************
විශේෂ ස්තුතිය.. ලිඛිතා ගේ කඩදාසි කොලයට.. ඈ විසින් පසුගිය දින හතළිහක් වැනි කාලයක් පුරා කොටස් තිහකින් රචිත 'ඔබ ඇවිත් යන්න එන්න' බ්ලොග් නවකතාව අපේ හිත් ශෝකයෙන් පුරවමින් පහුගියදා අවසාන කළා.. ඒත් මුල ඉඳන් රසවිඳපු ඒ කතාව එහෙම ඉවර වෙනවා දකින්න මගේ හිත ඉඩ දුන්නේ නෑ.. අවුරුදු විස්සකට කලින් බොහොම අහම්බයෙන් 'කලණ' කෙනෙක්ම උනු මේ කතාවේ කතා නායකයා මා යයි සිතා මා එය මෙලෙස අවසන් කරා. මේ 'ඔබ ඇවිත් යන්න එන්න' බ්ලොග් නවකතාවේ මා කැමති අවසානය මිස මගේ කතාව හෝ ලිඛිතා ගේ කතාව විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.  මේක කියවල හොඳටම තේරෙන්න නම් ඒ නවකතාව රසවිඳලා තියෙන්නත් ඕනි.. එසේ කියවූ සැමට ස්තුතියි.

Wednesday, 5 April 2017

1. ෆිලින්ග් ඔසම් විත් නෙලුම් යාය ...................... Hearts are truly touchable; aren't they?


Image result for nelum mal

අද 25 සෙනසුරාදා වෙනදටත් වඩා ටිකක් කලින් ඇහැරුනා.  ගත්තා කෝල් එකක් ලසන්ත්තයට

ටිඉං ...ට්‍රිඉන් ...ඔබේ අතින් මල් මහලා ටිඉං ...ට්‍රිඉන් කරුලු ජෝඩුවක් ටිඉං ...ට්‍රිඉන් මතකද ඔබ මට දුන්නා ටිඉං ...ට්‍රිඉන් කොට්ට්ටෙට උරයක් ටිඉං ...ට්‍රිඉන්...

“හලෝ මචෝ ලසන්ත මම මෙන්ඩ “

“හා ..ඔව් මචං කියහන් මොකද හදිස්සියේ ?”

“හදිස්සියක් නැහැ බං...ගිය මාසේ පඩි ගත්ත වෙලාවේ මම උබ ලග රුපියල් 3000 ක් අරන් තියන්න දුන්නේ මට 25 බ්ලොග් සම්මාන උළෙලකට යන්න තියනවා කියලා”

“මොකා...බ්ලොග් ගල් ?..ඇයි දැන් උබට ගාමන්ට් වල වැඩ කරලා ඇති වෙලාද?”

“නැහැ නැහැ බන් නෙලුම් යාය කියලා බ්ලොග් ලියන උන්ට සම්මාන දෙන උත්සවයක් තියනවා “

“මොනවද බං බ්ලොග් ලියනවා කියන්නේ නවකතා වගේ දෙයක්ද?”

“මේ වෙලාවේ උබ හුයන්නක් කියනවා ...මට දැන් උබට ඕක පැහදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ “

“හා..හරි දැන් කියන්හකෝ එහනම් උබ කතා කරේ මොකටද කියලා ?”

“ඒ උත්සවේ තියන්නේ වොටෙර්ස් එජ් එකේ මට එකට යන්න අර 3000 ඕනේ “

“මල කෙලියයි උබ මට කිව්වේ නැහැනේ ඒක අද ඕනේ කියලා “

“ඇයි ගස් ගෙබ්බෝ තොට මම කිව්ව්වේ 25 මට ඒක ඕනේ සඳු ලග තිබුනොත් ඕක මට ලැබෙන්නේ නැහැ ඒක නිසයි උබ ලග තියන්නේ කියලා “

“අනේ මචෝ මම දැන් ඉන්නේ වත්තල සයිට් එකක දැන් මගේ අතේ ඒ තරම් මුදලක් නැහැ ..උබට ඒක හදිස්සි නැති වෙයි කියලා මගේ අතින් ඒක වියදන් උනා “

“මචං පිස්සු කෙලින්න විතරක් එපා ඒකට නොයා ඉන්නවට වඩා හොදයි ලෝකේ තියන අන්තිම අරක්කු බෝතලේ නොබී ඉන්නවා “

“ඉතිං උබ සඳුට පොඩ්ඩක් කියලා බලහන් ඔය කිව්වට සඳු ලග ඇති “

“අනේ මේ උබ රෙද්දක් කතා කරනවා එයාව මේකට එක්කරගෙන යන්නේ නැහැ කියලා ඊයේ ඉදලම මාත් එක්ක වලි දාගෙන ඉන්නේ ..එයාට තේරුම් කරනවට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දෙනවා “

“එහනම් උබ අපේ ගෙදරට ගිහින බලහන් මම ඉනෝකට කතා කරලා බලන්නම් ..හැබැයි ගෙදර තියනවද දන්නේ නැහැ “

“හා මචං එහනම් මම තියන්නම් “

@$^&((&$%^&889965 @#$%&()_*&%$$$$@#$%^^&*(*& $@^()))(*&5#@

ලෝකේ තියන ඔක්කොම කුණුහරප හිතෙන් කියලා මුට බැන්නා . දැන් ඉතින් පලයන්කෝ උගේ ගෙදර . කොට කලිසමකුත් දාගෙන එලියට බහින්න ලැහැස්ති උනා විතරයි. සඳු ....................

“කොහෙද අයියේ යන්නේ මේ උදේ පාන්දර තවම ඔයා කෑවෙත් නැහැ නේද?”

“මාර වැඩේනේ සඳු ....අදනේ අර බ්ලොග් සම්මාන උළෙල ඒකට යන්න ගිය මාසේ පඩියෙන් රැ 3000 ක් ලසන්තයා ලග අරගෙන තිබ්බා ..දැන් මු කියනවනේ ඒක ඌ ලග නැහැ වියදන් උනා කියලා “

“මොකා....3000 ක් ඔයා මට කිව්වේ නැහැනේ ...සාරියට දාන්න අර සෙරෙප්පු දෙක අරගෙන දෙන්න කිව්වහම ඔයා කිව්වේ ලබන මාසේ අරගෙන දෙන්නම් කියලා”

“හරි හරි මම ඉතින් ඒ සල්ලි ඌ ලග අරගෙන තිබ්බේ මේකට යන්නම ඕනේ නිසානේ “

“හොද වැඩේ ඔයා මාවයි බබාවයි එකට එක්කරගෙන යන්නෙත් නැහැ...අනික ඔයාට යන්නම ඕනද?”

“මමී ..මට සම්මානයක් නැති උනාට ඔයා දන්නවනේ මම බ්ලොග් වලින් මොනතරම් දේවල් ඉගනගෙන තියනවද ඒ වගේ එකෙක් සම්මානයක් ගන්නකොට අත් දෙක එකතු කරලා අත්පුඩියක් ගහන්න ලැබෙන එක ඌ වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම දේ “

“ඉතින් බ්ලොග් ලියන ගොඩක් අය මමත් අදුරනවනේ ඒ නිසා අපිවත් එක්කරගෙන යන්නකෝ “

“බැහැ සඳු ඒක ඉවර වෙනකොට රැ වෙයි අරක්කු ටිකකුත් බිලා මටනම් බස් එකක හරි එල්ලිලා එන්න පුලුවන් ඔයවයි පුතාවයි එක්කරගෙන ගිහින් එහම කරන්න බැහැනේ “

“මම ඇදුම් අයන් කරලා දෙන්නෙත් නැහැ කිසිම දෙයක් කරලා දෙන්නෙත් නැහැ රැට දොර අරින්නෙත් නැහැ ..තරහයි තරහම තරහයි”..දාහක් නෝක්කාඩු අහගෙන ගියා ලසන්ත්යලගේ ගෙදර ...

“ඉනෝකා ...ලසන්ත කෝල් එකක් දුන්නද?”

“අනේ ඔව් මෙන්ඩිස් අයියේ ඒ උනාට එයා මට දීලා ගියේ නැහනේ ...මගේ අතෙත් නැහැ “

දැන් ඉතින් මොකේද දන් වළදන්නේ කිව්වලු . මේ වෙලාවට තමයි දුලීකා මරපනට 32 B බ්‍රා එකක් අන්ඳන්න හිතෙන්නේ . කප් එක නැති බ්‍රා එකක් වගේ මුනත් හදාගෙන ආවා ගෙදර .

“සඳු ...මගේ සුදු පැටියෝ ලබන මාසේ පඩි අරගෙන දෙනකන් මට රැ 2000 ක් දෙන්නකෝ ...ඔයාට මම ලස්සන සරියකුත් අරගෙන දෙනවා “

“අනේ ..ඔයාගේ සාරිය ...මම ලග නැහැ අයියේ බබාගේ පංතියට දෙන්න තියන සල්ලි විතරයි තියෙන්නේ “

දැන් වෙලාව 2.30 යි දැන්නම් මට ඇඩෙන සයිස් එකට ඇවිත් . ගේ පිටිපස්සට ගිහින් සිගරට් එකකුත් පත්තු කරගෙන ඉදගෙන කල්පනා කරා මොකද කරන්නේ කියලා.  එතකොට සඳු පිටිපස්සෙන් ඇවිත් මම ලගට ඇවිත් කතා කරේ .

“අයියේ ඇයි ඔයා කල්පනා කරන්නේ මම කියන්නේ නැහැ ඔයාට ඕකට නොගිහින් ඉන්න කියලා මම දන්නවා ඔයා බ්‍රා වලට වගේ බ්ලොග් වලටත් ආදරය කරනවා කියලා”

“මට සම්මානයක් නැති උනාට මම උන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා එහම එකේ උන් සම්මානයක් ගන්නකොට අත්පුඩියක් ගහන්න බැරි උනොත් ඒ දුක මගේ ජිවිතේ හැමදාමත් තියෙයි “

“අයියේ මේ ඔයා මට උපන්දිනේට අරගෙන දුන්න මුද්ද මේක තියලා ඔයා සල්ලි ගන්න “

“කමක් නැද්ද මමී ?”

“ඔයා පඩි අරගෙන මට බේරලා දෙන්න ..හැබැයි මට සාරියකුත් අරගෙන ඕනේ. පරිස්සමට ගිහින් එන්න , බිලා පාරේ එනකොට බලගෙන . බ්ලොග් වල හැමෝම මතක් කරා කියන්න “මම නැගිටලා සඳුව ඉම්බා. .

“අනේ යනවා යන්න බොරු ආදරේ ..අන්න ෂිර්ට් එකයි කලිසමයි අයන් කරලා තියෙන්නේ “

“ආත්ම හතකට ඔයාවම හම්බවෙන්න කියලා ඉල්ලන්න හිටියේ එත් ඊලග ආත්ම වල වත්සලයි ශානිකයි දිප්ත්යි ඉල්ලුවනේ “

“මම උබ මරනවා අයිය්යේ “දඩබඩ ගාලා ඇදගෙන ආවා ඇවරිවත්ත්ට

“හා...නගින්න්ඩ් නගින්ඩ් අයිවේ කොලබ අයිවේ කොලබේ කොලබේ “

මේ වෙලාවට තමයි එය්ර් පොර්ට් එකේ ඉදලා කොලබට යන්න ජෙට් එකක් නැති එකේ අඩුව දැන්නෙන්නේ. කමක් නැහැ නැග්ගා හයිවේ කොලබ එකක 18 කනුව වටේට රවුන් ගහලා විනාඩි 30 කට විතර පස්සේ කොහම්හරි දාගත්තා කොලබ එයර්පෝර්ට් හයිවේ එකට, මග දිගට් කෝල් දෙක තුනක් අවා

“මෙන්ඩයියේ උබ කොහෙද ඉන්නේ?”

“හරි බං මම දැන් එන ගමන් ඉන්නේ”

“ආපු ගමන් ඇතුලට වරෙන් අපි ඉන්නවා “

බැහැගත්තා මරදානෙන්. මගේ හදිස්සිය දැනගත්තොත් තුන්සක රියක එකෙක් මාව මරාගෙන කනවා ඒක මගේ සාක්කුවට හොද නැති නිසා මීටරේ තියන තිවිල් එකක් අල්ල ගත්තා.

“අයියේ වොටෙර්ස් එජ් එකට යමුද?”

“කොහෙද මල්ලි ඕක තියෙන්නේ?”

“හුටා මම දන්නෙත් නැහැ ඉන්න බලන්න කෝල් එකක් දාලා අහගමු “

“ට්රින්..ට්රින් මචෝ කොහෙද බන් ඕක තියෙන්නේ “

“දියත උදානය ලගින් වමට හැරියන්” දැන් ඊලග මෙහෙයුම ත්‍රිවිල් අයියට ටෝක් කරලා පුලුවන් තරම් ඉක්මනට එතනට දාගන්න එක.

“අයියේ කඩයක් ලග නවත්තලා සිගරට් දෙකක් ගමුද ? එකක් පත්තු කරලා ඔයාට දෙන්නම් හැබයි මාව පුලුවන් තරම් ඉක්මනට වොටෙර්ස් එජ් ලගට දාන්න ඕනේ” කඩයක ලගින් නවත්තලා උදුරලා වගේ සිගරට් දෙකක් අරගෙන නැග්ගා ආපහු ත්‍රිවිල් එකට දුන්නා එකක් මගේ මාතලී දිව්‍ය පුත්‍රයට...

“අයියේ යමන් අයියේ ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා “

“මල්ලි මීටරේ ගාන වැටුනට හයියෙන් යනකොට තෙල් පිච්චෙනවා වැඩි එහනම් වැඩිපුර 100 ක් දෙන්න “
එල්ලෙන්න වැල් නැතුව ඉන්නකොට මු මට නයිලෝන් කඹ දෙනවා

“හා...කමක් නැහැ අයියේ යමන්”

බැස්සා වතුර විල ලගින් ..

“550ක් දෙන්න මල්ලි”

හතර පාරක් ගනන් කරලා ඇගෙන් ඇටයක් අරගෙන දානවා වගේ 550/= මාතලී දිව්‍ය පුත්‍රයාට දීලා උට දණගහලා වැදලා දොර ලග හිටපු නංගිගෙන් පාර අහගෙන දිව්වා උඩට .

අම්මට හුඩු ග්‍රහලෝකාගරේට ගියා වගේ .හත් අට පොලකින් ඉදගෙන සුදික,නලින් අයියන්ඩිලාට අතට අත දීලා තව දෙතුන් දෙනෙකුට පහක් දාලා අහසෙන් එන්නා ලගට ගිහින් ඒ දෙන්නටම කතා කරලා, සම්මාන ගත්ත වුන්ට අත්වල කරගැට එනකන් අත්පුඩි ගහලා  ඔහම ඉන්න අතරේ, තෙවැනි ඇස දුටු සොබා රූ වේදිකාවට ගියා සම්මානේ ගන්න මට එහා පැත්තේ මෙජ්ජර වෙලා ඉදගෙන ඉදලා තියෙන්න මු ...දැන් තමයි දන්නේ . පුටුවෙන් නැගිටලා අත්පුඩියක් ගැහව්වා

මු සම්මානේ අරගෙන ඇවිත් ඒක මගේ අතට දීලා  “මෙන්ඩිස් අයියේ මේ සම්මානේ අයිති උබට” කියලා කියනකොට මගේ ඇස් දෙකට කදුළු පිරුනා . මට අඩේයි කියලා බයට එතනින් නැගිටලා කාර් පිස්සුව ලගට ගියා. ඌ මගේ අතින් අලගෙන

“අයියේ මම උබ වෙනුවෙන් අලුත් කාර් ගැන ලියනවා “කියලා කියනකොට ආයමත් මගේ ඇස් වල කදුළු පිරුනා. ඔය අස්සේ නිවේදිකාව නුතන සේනක බිබිලේට වේදිකාවට කතා කරා සජ්ජා ඇවිත් දුමක් දාන්න යන්න කතා කරා.

පහලට ගියහම නලින් අයියන්ඩි සනස්ගල අදුන්නලා දුන්නා මට ඒකත් ලොකු දෙයක් පොර මාත් එක්ක අතට අත දීලා කතා කරා . ඔන්න ඉතින් පපුව පිරෙන්න නිකොටින් අඩු දුමක් දාලා ඇතුලට එනකොට කන බොන වෙලාව, ඩෙනිම් සාක්කු දෙකට ඒවගෙන් දෙකක් තුනක් ඔබා ගන්න තිබුනානම් සඳුටයි පොඩි මෙන්ඩටයි අරගෙන යනවා ඒ මොකද මම කොහේ ගියත් මොනවා කැවත් ඒ දෙන්නා දන්නවා මම පොඩි කැල්ලක් හරි ඒ දෙන්නා වෙනුවෙන් අරගෙන එනවා කියලා එත් අද එහම  කරන්න බැහැ.

අර දික් දන්ඩක් වගේ උසට උසේ ඉන්න ඉයන් මහත්තයා ගැහණු ළමයෙක්ව අදුන්නලා දුන්නා

“මම එරන්දි “

“මම එරන්දිගේ මහත්තයා “

“මම එරන්දිගේ පුංචි සුරංගනාවී “

“මම එල ද බ්‍රා මෙන්ඩ “

“අනේ අයියේ මම කොහමද උබට එල ද බ්‍රා කියලා ලියන්නේ? මම උබට මෙන්ඩ කියලා ලියන්නම් “
සම්මාන උළෙල්දී මට දැනුන එකම හිත රිදෙන දේ සන්නස්ගල මහත්තයා වේදිකාවට නැගලා මයික් එක අරගෙන ඇහව්වා "සේනක බිබිලේ ගියාද?” කියලා ඒක එතනට ගැලපෙන්නේ නැති කතාවක් කියලා මට හිතෙනවා. පස්සසේ දැනගත්තා මට වගේම එහම දැනුන තව කෙනෙක් ඉදලා කියලා . ඒ මම එරන්දිගේ මහත්තයා .

ඔන්න ඉතින් කොහමින් කොහමින් හරි සම්මාන උළෙල ඉවර වෙලා කමියා මාව සුදික අයියන්ඩිට පන්ගර්තු කරා නෙලුම් යාය පසු සැමරීමේ තැනට අරගෙන එන්න කියලා.
සුදික අයියා කියන්නේ හැලපෙලගේ ගෙදර ගිය වෙලාවෙත් මාව ගෙදරටම ගෙනත් දාලා ගිය එකා ඒ ගැන කිසිම විවාදයක් නැහැ. එත් සුදික අයියන්ඩ් මට මග අරුනා ඒ මම එරන්දිගේ මහත්තයා දාලා එන්න තිබුන ලොබකම උන්දැ එක්ක දවසක් හරි කතා කරන්න ආසා හිතෙනවා.

තව ටිකෙන් ස්කොට්ලන්ඩ්යඩ් එකට එන්න කියන්න වෙනවා මම එරන්දිගේ පෑන හොයන්න හොද වෙලාවට හෝටලේ වැඩ කරන පොඩි එකකේ පැන හොයලා ගෙනත් දුන්නා ඒ පැන නැතුව මම එරන්දි අඩපු අඩිල්ලට දියවන්නාවේ වතුර වැඩි වෙලා හෝටලේ යට වෙනවා.

අරක්කු ටිකක් බොන්න තිබුන පෙරේත කමට මම එරන්දිලගේ පවුලේ අයට යන්නම්වත් කියන්නේ නැතුව දුලිප් මහත්තයාගේ දඩු මොනරේ නැගලා හොටලෙකට ගියා ඒ හෝටලේ මැනේජර් මහත්තයා කිව්වා
“බ්ලොග් ගල් හදන මහත්තරු වගයකුත් ඇවිත් අහලා ගියා”

ආයමත් ඕනයගේ දඩු මොනරේ නැගලා හරි හෝටලේ හොයාගෙන ගියා. ඔන්න ඉතින් ගිටර් බිටර් බන්ජෝ රබන් මැද්දේ බ්‍රෑන්ඩ් එක ගල් කියලා සුද්දා හදපුවා බිලා කන සාක්කුවට වැටිලා බල්ලට මචං කියලා පාන්දර 1.30 ට විතර අඩලා වැලපිලා ඉබලා බදාගෙන අතට අත දීලා අපිට කෙලින් හිටගෙන ඉන්න බැරි උනාට අනිත් උන්ට පරිස්සමට යන්න කියලා ගෙදර එන්න පිටත් උනා .

මාව පන්ගර්තු උනේ අජිත් අයියන්ඩි ගේ යාළුවගේ වාහනේට. හුට්ටප්ප්රේට ගහපු කලාබරේ කිව්වලු මේ පාන්දර අජිත්ට අප්ප කන්න ඕනලු දැන් ඉතින් නාවල, රාජගිරිය බත්තරමුල්ල දෙවනත් වෙන්න ආප්ප හෙව්වා . ආප්ප තියා ආප්ප වටියක්වත් හොයා ගන්න බැරි උනා. අන්තිමට අජිත් අයියගේ යාළුවයි මමයි එංගලන්තෙට ආප්ප එවනවා කියලා පොරොන්දු වෙලා බලෙන් වගේ අජිත් අයියන්ඩිව හෝටලේ ලගින් බස්සලා අපි දෙන්නා එන්න අවා. බොරැල්ල හරියට එනකොට අජිත් අයියගේ යාළුවා කිව්වා

“මල්ලි ඩිසල් කට්ට අන්තිම හරියේ තියෙන්නේ කොහමහරි ෂෙඩ් එකට ගන්න බලමු “ කියලා
චෝ චා චු හුට්ස් පටස් ගාලා ෂෙඩ් එකට මෙහා කලර් ලයිට් එක ලගදී වැන් එක නැවතුනා බීපු අරක්කු මතක් කරගෙන පුර්ෂ දයිර්ය හිතට අරගෙන “හරි අයියින්ඩ් ඔයා ඉන්න මම තල්ලු කරන්නම් කියලා” තල්ලු කරා ෂෙඩ් එකට වැන් එක. ඉත්රු අරක්කු බාගයක් සාක්කුවේ දාගෙන ඇවිත් තිබුනම එතනම බොනවා බිලා එතනම නිදා ගන්නවා. මාව කොටුවට ගෙනත් දාලා ඒ අයියා ගියා.

“හා...නගින්ඩ නගින්ඩ් ජපානේ එංගලන්තේ ප්‍රන්ස්ය ජර්මන්යිය අප්‍රිකාව නගින්න්දේ නගින්ඩ් ...” කොන්දොස්තර මල්ලි කෙනෙක් බස් එකක දොරේ එල්ලිලා කෑ ගහනවා ..

“මල්ලි..ගුවන් තොටුපලට යන්න පලුවන්ද?”

“නගින්න මහත්තයා නගන්න  හා...නගින්ඩ නගින්ඩ් ජපානේ එංගලන්තේ ප්‍රන්ස්ය ජර්මන්යිය අප්‍රිකාව නගින්ඩ නගින්ඩ් ඔය ඕන තැනකට යන්න පුලුවන් නගින්න “ “නැගලා ඉදගන්න “

පාන්දර 4ට විතර එය්ර් පොර්ට් එකෙන් බැහැලා ත්‍රිවිල් මල්ලි කෙනකුට 350/= දීලා අතේ තිබුන අන්තිම 150/= ට අර දෙන්නට චොක්ලට් දෙකකුත් අරගෙන සිගරට් එකකුත් පත්තු කරගෙන ගෙදර ඇවිත් නිදා ගත්තා.

දහම් පාසලේ ඉස්ට්ජ් එකට නැගලා හමදුරුවන්ගෙන් සහතික ගත්ත මට සහතික නැතත් පිටු 40 තනි රුල් පොත් දෙකක් කවරෙක දාලා මටත් අර ඉස්ට්ජ් එකට කතා කරලා දීපල්ලා කවුරු මොනවා කිව්වත් ඒ වෙලාවට දැන්නෙන අඩාම්බර්ය මුළු ජිවිත කාලෙම මතක හිටිනවා.

හැබැයි ඒ තෑග්ග ඇවිද්ද පයේ සුදික අයියන්ඩි අතින් දෙනවනම් ඒ වෙලාවට ගන්න පොටෝ කැල්ල වයසට ගිය කලෙක පොඩි මෙන්ඩ ගේ පොඩි එකට පෙන්නලා හිනා වෙන්න පුලුවන්

“ලෝඕ...ලෝඕ ...මටත් ඒ කාලේ තෑග්ගක් හබ්වෙලා තියනවා” කියලා ...

මම කවදවත් බ්ලොග් එකක් පටන් ගන්නේ නැහැ හැමදාමත් මම උබලගේ ආදරණිය කමෙන්ට්කරු ..එත් ඉදලා හිටලා මේ වගේ හිතට දැන්නෙන දෙයක් ලියලා දාන්න උබලා කගේ හරි බ්ලොග් එකක පොඩි ඉඩක් දෙනවනම්...

මට හිතට දැන්නෙන දේ ලිව්වා මේක කියවලා බනිනවානම් බැන්හල්ලා..එත් මම තරහා නැහැ.

මම එල ද බ්‍රා මෙන්ඩා .  

******************************************

මේක මට එවල දවස් දෙකක්.. නොවැලක්විය හැකි හේතුවක් නිසා ලැප්ටොප් එකවත් දිග ඇර ගන්න බැරුව හිටපු නිසා පබිලිෂ් කරගන්න බැරි උනා.. මෙන්ඩ සමා වෙයන්.. අද ඉඳන් මේ බ්ලොග් එකේ සම අයිතිකරුවෙක් උඹත්.. ජයවේවා!

- මම කල්‍යාණ මිත්‍ර.