කාලෙක ඉඳල මගේ හිතේ තිබ්බ දෙයක් තමයි රටේ වයඹදිග වෙරළට පොඩි උන්ව එක්කගෙන යනේක. විශේෂයෙන්ම තලෙයි මන්නාරමට. තලෙයි මන්නාරම ගැන මගේ මුල්ම මතකය තියෙන්නේ 1980 වගේ කාලේ. කොහොම හරි ඒ වෙද්දි මම ඉස්කෝලේ යන්න අරගෙනත් නෑ. අපේ ඩැඩා ජේශ්ඨ දුම්‍රිය නියාමකයෙක් උනාට ආතල් පොර නෙව, වැඩට යන හැමදාම 'අප් ඇන්ඩ් ඩවුන් බටා අරගෙන' (එහෙම තමයි ඉස්සර අම්මා කියන්නේ) ඒ සල්ලි වල බෝතලයක් ගසලා ආතල් එකේ ඉඳලා මාසේ අන්තිමේ පඩි ගන්න යද්දි ගන්න කියලා දෙයක් නැතිලු. ඒ කියලා ළමයි හය දෙනෙක් බඩගින්නේ තියන්නයැ. ඔය කාලේ වෙද්දී අපේ ලොකු අයියා ඉළංදාරියා. අම්මා ඒ කාලේ ලොකු අයියත් එක්ක කෝච්චියේ යනවා 'තලෙයිමන්නාරම්'. ඒ ගිහින් එහෙන් කරවල 'සිප්පං' (Shipment කියන එකෙන් කැඩිච්චි වචනයක්ද මංදා) අරගෙන කෝච්චියේ බදුල්ලට ගෙනල්ලා තොග කඩවලට සහ පොළේ විකුණන වෙළෙන්දන්ට තොග මිලට දෙනවා(ලු). ඔය කතාවෙන් මට මතක ඔය කියපු වචන ටිකයි ඒ කාලේ අපිට සෑහෙන්න අතමිට සරුවට තිබ්බා, හිතේ හැටියට කන්න බොන්න ලැබුණා කියන කාරණා ටික තමයි. එනිවේ 'තලෙයිමන්නාරම' අන්න එහෙම තමයි මගේ හිතේ ඇඳුනේ.
පස්සෙන් පහුකාලෙක නාඋක හමුදාවේ ධිවර අංසෙට බැඳුනාට පස්සේ මටත් හම්බුනා 'තලෙයිමන්නාරං' යන්න. ඒ හැබයි ගොඩබිමින් නෙවෙයි. මුහුදෙන්. ඔය හරියේ තියෙන ආදම්ගේ වැලිපර කේස් එක හින්දා මන්නාරම් දූපත ඉස්සරහින් ලංකාවේ නාඋක කටයුතු දෙකඩ වෙනවා. සිංහලෙන් කෙටියෙන් කියුවොත් නෝත් ඔෆ් මැනාර් සහ සවුත් ඔෆ් මැනාර් කියලා. නෝත් ඔෆ් මැනාර් බලන්නේ උතුරු නාවික විධානයෙන්. සවුත් ඔෆ් මැනාර් බලන්නේ බටහිර නාවික විධානයෙන් ඒ කාලේ- දැන් නම් වයඹට වෙනම නාවික විධාන මූලස්ථානයක් තියෙනව. අපි ඉතිං නෝත් හිටියත් සවුත් හිටියත් මුහුදේ නෙව. අපිට කෝකත් එකයි. ඒත් නෝත් ඉද්දි පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි නෝත් ඔෆ් මැනාර් පැට්‍රොල් එක එන ඩෝරා පුරුද්දක් වශයෙන් තලෙයිමැනාර් ජැටියට එනවා. ඒ ඇවිත් අපි මාරුවෙන් මාරුවට තම්මැන්නා නාවුක කඳවුරට ගිහින් නාලා කරලා, අලුත් එළවලු පළතුරු ටිකක් එහෙම හොයාගෙන පොඩි රෙස්ට් එකක් අරං යනවා. ආන්නෙහෙම තමයි මම තලෙයිමැනාර් එන්න පුරුදු වෙලා තිබ්බේ. සවුත් ඔෆ් මැනාර් පැට්‍රොල් එක ආවට නිතර නිතර ශිෆ්ට් වෙන සෑන්ඩ් බෑන්ක්ස් නිසා ජැටිය පැත්තේ එන්න බෑ. ඩෝරා එකක් තියා වෝටර්ජෙට් එකක් උනත් ඒ හරිය ක්‍රොස් කරන්නේ එන්ජින් නතර කරලා රිටි දෙකක් දෙපැත්තෙන් ගහලා පාරුව වගේ. සවුත් ඔෆ් මැනාර් පැට්‍රෝල් එකේ ආතල් එක තියෙන්නේ කේ පොයින්ට් හෙවත් කුදිරමලේ තුඩුව කිට්ටුවෙන් මුහුදට දාන ඇල්ටීටී බෝට්ටු එක්ක සහ ඉන්දියාවේ ඉඳල එන හොර ජාවාරංකාර බෝට්ටු එක්ක හැප්පෙන එකේ තමයි.
රායිට්.. ඉතිං ඔය නොස්ටැල්ජික් මතක සෙට් එකත් එක්ක මම කල්පනා කරා මෙදා සැරේ ට්‍රිප් එක යන්න වයබ දිග මුහුදු තීරයට. තව තව කමිට්මන්ට් ගොඩක් තිබ්බ නිසා ගමනේ මුල් දවස් දෙක ගාල්ලේ ඉඳලා බදුල්ල හරහා අනුරාධපුරයට යන්න වෙන් කරන්න උනා. තුන් වෙනි දවසේ තමයි මැනාර් ගමන දාගත්තේ. මුලින් හිතාගෙන හිටියේ වාහනේ ගිහින් ඔය ඒරියා එක පෙන්නගෙන එනවා වගේ විතරක් කියලා.. මොකද ගමන් කරන්න තියෙන දුර විතරක් කිලෝමීටර් තුන්සීයකට වැඩි වෙනව ආපහු අනුරාධපුරේටම එනවානම්. ඒත් ඉතින් හැමදාමත් යන්න ඇයි? යන එකේ පුලුවන් තරමක් ඇවිදලාම එනවා කියලා දන්න කියන ඈයොන්ට කතා කරලා විස්තර හොයන්න ගත්තා. මොල්ලිකුලම් භරණ නේවි කෑම්ප් එකේ මගේ බැචෙක් අවශ්‍ය උපදෙස් දුන්නා. උපදෙස් කියන්නේ.. 'මොල්ලිකුලම් වලින් මුහුදට වැටෙන මල්වතු ඔයේ කොටසක් වෙන මෝදරගං ආරුව දිගේ විල්පත්තු කැලේ මැද්දට බෝට්ටු සවාරියක් ලෑස්ති කරන්නම්.. අඩුම හවස හතර වෙනකොටවත් වරෙං ඉතිං' ඒ විදියට තමයි උපදෙස් දුන්නේ.
අපි අනුරාධපුරයෙන් උදේම පිටත්වෙලා කෙළින්ම ගියේ මඩු. මඩු පල්ලිය බලලා ගියා මන්නාරමට. කෝස්වේ එක පහුකරලා මන්නාරම් දූපතට ඇතුලුවෙනකොට ඒක වෙනමම ලෝකයක් වගේ. මාර ලස්සනයි ඒ පරිසරය. ඒ මම මන්නාරම් දූපතට ගොඩබිමින් ගිය පළවෙනි වතාව. මන්නාරමට ඇතුලුවෙනකොටම වම් පැත්තට පොඩි පටු පාරක් දිගේ ගිහින් යන්න පුලුවන් මන්නාරම් ලන්දේසි බලකොටුවට. මන්නාරම් දූපතට ඇතුවෙන ගොඩබිම් මාර්ගයත් මුහුදත් ලස්සනට පේන විදියට හදලා තියෙන ලන්දේසි බලකොටුව හරිම ලස්සන තැනක්. මේ දවස්වල එතන පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුවෙන් ප්‍රතිසංස්කරණය කරනවා. පුරාවිද්‍යා නිළධාරීන්ගේ අවසරය ඇතුව අපි බලකොටුව ඇතුල ඔක්කොම නැරඹුවා. ඊළඟට මට ඕනි උනේ මන්නාරම් දූපතේ තියෙන බයෝබැබ් ගහ බලන්න යන්න. ඩෙල්ෆ්ට් දූපතේ බයෝබැබ් ගහ බලලා තිබ්බ අපි මන්නාරමේ දැවැන්ත බයෝබැබ් ගහත් නැරඹුවා. ඒ පාරේ දිගටම ගියාම හම්බ වෙන්නේ පල්ලිමුණේ ධීවර ගම්මානය. ඉස්සර මන්නාරමෙන් එල්ටීටීඊ බෝට්ටු මුහුදට දාන එක ප්‍රධාන ස්ථානයක් තමයි පල්ලිමුණේ. එතන නාවික අනුකණ්ඩයකුත් තියෙනවා. ඔය විස්තර ළමයින්ට කියලා දෙන ගමන් පල්ලිමුණේ ධීවර ගම්මානයත් බලාගෙන අපි තලේමන්නාරම් තොට පැත්තට පිටත් උනා. මන්නාරම් යනවානම් ලුණු ලේවායත් බලන්න පුලුවන්. ඒත් ඒ දවස්වල වැස්සත් එක්ක ලුණු නිශ්පාදනය නැවතිලා කියපු නිසා අපි ලේවායට ගියේ නෑ.
ආපසු එන ගමනේදී මන්නාරම් කෝස් වේ එකෙන් මේන් ලෑන්ඩ් එකට ඇවිත් අපි වන්කාලෙයි, අරිප්පු, සිලාවතුර හරහා මුල්ලිකුලම් දක්වා ආවා. මේ ඒරියා එක හරිම විශේෂයි. ලංකාව ඉන්දියන් සාගරයේ 'මුතු ඇටය' වෙන්න මූලික උන ලෝක ප්‍රසිද්ධ ලංකාවේ මුතු හැදෙන (හැදුන) කෝස්ටල් බෙල්ට් එක තමයි මේ. මීට අවුරුදු දෙසීයකට එහා අතීතයට ගියොත් ලංකාව කියන්නේ ලෝකයේ හොඳම සහ වටිනාම මුතු හම්බ උන තැනක්. විල්පත්තු කැලෑව මැද්දෙන් මන්නාරම් බොක්කට වැටෙන මල්වතුඔය නිසා ඇතිඋන සුවීශේෂී සමුද්‍ර දෙශගුණික තත්වයක් නිසා ඒ කාලේ මේ ඒරියා එකේ නොකඩවා මුතු බෙල්ලන් වර්ධනය වෙලා තියෙනවා. අවුරුදු දහස් ගානක් තිස්සේ ලංකාංඩුවට ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙච්චි මේ මුතු වෙළදාම මීට අවුරුදු දෙසීයකට විතර කලින් නැවතිලා තියෙන්නේ එම කලාපය තවදුරටත් 'වාණිජ වශයෙන් මුතු බෙල්ලන් කැඩීමට' තරම් මුතු නිශ්පාදනයක් නෑ කියලා තීරණය කරාට පස්සේ. අරිප්පු වල තියෙන ඩොරික් බංග්ලෝ එකේ නටඹුන් පෙන්නලා මේ විස්තර ලමයින්ට කියලා දෙන ගමන් අපි දිගටම මුල්ලිකුලම් වෙනකං ආවා. හවස තුන හමාර විතර වෙද්දි අපි අති සුන්දර මුල්ලිකුලම් හි භරණ නාවික කඳවුරේ... මගේ බැචාගේ ආදර සත්කාර මැද.
කලින් ලිඛිත අවසරය අරගෙන තිබ්බ විදියටම අපි එතැන් සිට පැය දෙකකට ආසන්න කාලයක් පුරා කුඩා බෝට්ටු දෙකකින් රමණීය මෝදරගං ආරුව දිගේ විල්පත්තු වනය මැදට ගමන් කලා.. ඒකනම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සන අත්දැකීමක්. දැවැන්ත කිඹුලන් ගහන වැලිතලා මැද්දෙන් නොයිඳුල් ගණ වනය මැදට ගං දිය දිගේ අපි ඇදුනේ ඇස් අදහාගත නොහැකි තරම් සුන්දරත්වයක් දෑසින් විඳිමින්. සමහර තැන්වලදී අපි ගමන් කල බෝට්ටුව තවදුරටත් ඉදිරියට යන්න බැරුව වැලි පරයක් උඩ නවතිද්දි ඒ අවට අව්ව තපිමින් ඉන්න දැවැන්ත හැල කිඹුලන් උන්ගේ සාමාකාමී නින්ද බිඳපු අපිට රවාගෙන ඔරවාගෙන අපි අසලින්ම ගංදියට බැහැලා නොපෙනී යන්නේ ඇඟේ ලොමු දැහැගන්වමින්. අවට ගස්වල අපි එතෙක් දැක ඇති නැති දැවන්ත මෙන්ම ඉතා අලංකාර පක්ශීන් අපි දිහා බලලා අලස ලෙස වෙනත් අත්තකට පියබා යන්නේ මේ පරිසරයට අපි බොහොමත්ම ආගන්තුකයින් බවත් ඔවුන්ගේ කටයුතු වලට අපි බාධා කිරිම්ම නොහොඹිනා බවත් අපිට පසක් කරමින්..
වීල් පත්තුව. නාඋක සොල්දාදුවා.
ReplyDeleteබදුල්ලේ ගොඩේ බෝට්ටුවා.
ගූවං අමුදා කප්පිත්තාගේ කාර්රෙක.
කැලේ මැද නාඋක කඳවුරේ නැව් නැත. නාඋකයන් උක උක කැලේ සිටි.
දෙමලු මරලා හම්බුන සල්ලි වලින් කැලේ දිවි ගෙවනා නා උක අමුදා මාළු අල්ලන සොල්දාදු සුමිත් මහතා අති දක්ෂ නාවික යෙක් නොවේ. සෝමාරි අයෙකි.
ස්තුතියි නැවත එන්න. ශංකර් මහත්තයා
ආදරෙයි <3 :)
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDelete<3
Deleteකොමා්දෝරු සුමිත් නාවික හමුදා මුදලින් සැප ගැනීම ගැන විරෝධය දක්වමින් මෙම බ්ලොග් පොස්ටුවට කොමෙන්ට් කීරීම අන් බ්ලොග්කරුවන් නවතා දමා ඇත.
ReplyDeleteඒකනම් ලොකු දෙයක්.. :)))))))))
Deleteඑල එල. මෙහෙමවත් ලීව මදෑ 😁
ReplyDeleteමාත් ඔය රෂ්මි සංගීතගෙ සිංදුව ඇහුවෙ අදමයි කමී!
Deleteකොමදෝරු කමී
Deleteතානාපති නමී
බස්තියං වෙමී
ලිව්වොත් ආයෙ එමී
කදිමයි ගිහිං තියෙනා මේ ගමන කමී
ReplyDeleteමමත් ගියා මෙන් දැනුනෙන් සතුටු වෙමී
පොඩි ඉරිසියාවක් හිතුනද හිතන්නෙමී
දෙවෙනි කොටස කියවන්නට කල් බලමී
අනික් මිනිස්සුන්ට ඉර්ෂියා කරන එක ජෙප්පොන්ගේ හැටියක්
Deleteපරන ලයිට් හවුස් එකේ පොටෝ කෑල්ලක් බ්ලොග් එකේ එල්ලපං අපිටත් බලාගන්න.
ReplyDelete'ඒ හරිය ක්‍රොස් කරන්නේ එන්ජින් නතර කරලා රිටි දෙකක් දෙපැත්තෙන් ගහලා පාරුව වගේ'
ReplyDeleteමල්ලියා පාරුකාරයෙක්ද?
ඉහත ලිපිය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අපහාස සිදු කරනා බව පැමිණිලි ලැබී ඇත. ඒ අනුව අද්මිරාල් සඳගිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුධ අධිකරණයක් පිහිටුවා එහි නියෝග අනුව නාවික හමුදා බලලත් නිලධාරී කල්‍යාණප්‍රිය S. W අපකීර්තිමත් ලෙස සේවයෙන් පහකිරීමට තීරණය කර ඇත.
මන්නාරමේ අයිතිකාරයා වන මහේෂ් රත්නායක හම්බුණේ නැද්ද?
ReplyDeleteනියම චාරිකා සටහනක් මේ. මීට කලිං ගියපුවත් ලිව්වනං, අපටත් අනුගමනය කරන්ඩ පුළුවං, කවද හරි.
ReplyDelete