Tuesday 24 February 2015

හමුදා රස කතා 2- ඇරීම Beware of your Backside

හම්මේ... හීතල.. දේශපාලනෙත් තිත්ත වෙලා.. ක්‍රිකටුත් තිත්ත වෙලා.. උණ ලෙඩා වගේ අත්දෙක බැඳන් හිටිය මාසෙකටත් වැඩියි.. මේක හරියන්නේ නෑ.. බලමු අයිස් ටික කඩන්න.. පොඩි කික් එකක් එන්න පටන් ගමු හමුදා කතාවකින්.. 

*********************************************

සාමාන්‍යයෙන් 'අරිනව' කිව්වම එක එක තේරුම් තියෙනවනේ.. (කැත හිත තියෙන උන් දැන් කොහොම හිතුවත් මේක 'ඒ' ජාතියේ කතාවක් නෙවෙයි..) හමුදාවෙදිනම් 'අරිනව' කියන්නේ මොකක් හරි 'ටාස්ක්' එකක් දුන්නම ඒක නොකර 'කර අරින' එකට.. එහෙම නැත්නම් ඒ වැඩේ මොකක් හරි ක්‍රමේකින් කාගෙ හරි ඇඟේ ගහල තමන් ගොඩ යන එක.. ගොඩ යනවයි කිව්වට ඉතින් මාට්ටු නොවී ඉන්නකම් විතරයි.. මාට්ටු වෙච්චි වෙලාවට 'අබ සරණයි' තමයි.. අරිනව කියන වචනෙ හැදිල තියෙන්නෙ 'Screw' කියන ඉංග්‍රීසි වචනෙ අමු අමුවේ සිංහලට හරවලා.. ඔය අරින එකේ ප්‍රධාන කැටගරි කීපයක් තියෙනවා.. සීනියර්ස් ලට අරින එක.. ජූනියර්ස් ලට අරින එක සහ බැචාලට අරින එක.. ඔතනින් ඩේන්ජරස්ම ඇරිල්ල සීනියර්ලට ඇරීම, කැතම එක ජූනියර්ස්ලට ඇරිල්ල.. පජාතම එක බැචාලට ඇරිල්ල.. ඔය මොනව කිව්වත් අරින එකා අරිනවාමයි.. උන්ට අමතන පොදු නම 'ඇරන්ස්'. අපේ බැච් එකෙත් හිටියා නමගිය 'ඇරන්ස්' ල කීප දෙනෙක්ම.. මාත් හොඳ ඇරන්ස් කෙනෙක් තමයි.. හැබැයි මං ඇරියේ සීනියර්ස් ලට විතරයි.. කවදාවත් ජූනියර් එකෙකුටවත් බැචෙකුටවත් ඇරල නෑ.. මේ කියන්න අපේ එකෙක් බැචෙකුට ඇරපු රජ ඇරිල්ලක්..

කැඩෙට් ට්‍රේනින් කියන්නේ පට්ට වහක්.. කෑම්ප් එකේ ඉන්න බල්ලටත් සර් කියාගෙන, හැම සීනියර් එකාගෙම බයිට් එක වෙලා.. උන්ගෙ අතේ පයේ හිරි ඇරෙනකං ගුටි කාගෙන.. ටොයිලට් එකට ගියත් ඩබල් එකේ.. උදේ පහයි කාලෙ ඉඳල රෑ දහය වෙනකම් රුටීන් ට්‍රේනින්ග්, ඊට පස්සෙ ඔෆීශියල් හරි අන් ඔෆීශියල් හරි පනිශ්මන්ට්, නින්දක් නැතුව ලයින්ස් ලියාගෙන.. කොච්චර කන්ඩ තිබ්බත් කන්ඩවත් වෙලාවක් නැතුව, ඒ ඔක්කොමත් හරි සබ්ජෙක්ට් 16ක් ඉංග්‍රීසියෙන් ඉගෙනගනිමින්, ඉංග්‍රීසියෙන් විභාග ලියමින්.. අනේ අම්මේ.. එහෙම දුකක් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.. අපි හරියටම අවුරුද්දයි මාස නවයක් හිටියා කැඩෙට් වෙලා. {ඔන්න කැඩෙට් ට්‍රේනින් යනවනම් යෝශිත වගේ යන්න ඕනි ජනාධිපතිගේ පුතා වෙලා විතරයි.. කොන්ඩෙ කපන්නෙත් කමඩාන්ට් ඇවිල්ලලු..හෙක් හෙක්.. ඒක ගැන වෙන දවසක කියන්නම්කෝ.} 

ඔය කාලෙ ඇතුලත එනවා 'Junior Officers Infantry Training' කියල ගොඩබිම සටන් ක්‍රම ගැන පුහුණුවක් සති දෙකක.. තියෙන්නේ මැදවච්චියට උඩින් පූනෑවේ කැලෑවක තියෙන Combat Training School එකේ.. රෙද්දෙ ගොඩබිම සටන් කිව්වට ඇඟට තමයි දෙන්නෙ සති දෙකම.. රෑට ක්ලාස් දාල මොන මොනව හරි පොඩ්ඩක් කියල දෙනව කවුද ඕවා අහගෙන ඉන්නේ.. (මෙන්න මෙතනට අදාල වෙනව මගේ ඇරිල්ලක්.. ඒකත් මේ ගමන්ම කියන්නංකෝ අන්තිමට) ඕකෙ තියෙන අමාරුම ඉවෙන්ට් එකක් තමයි රක්සැක් මාච් (Rucksack march) එක. කිලෝ 30ක පැක් එකක් පිටේ එල්ලන් තඩි 303 රයිෆලෙත් අරං ෆුල් කොම්බැට් සූට් එකෙන් කිලෝමීටර් 25ක රන් එකක්.. දුවන්න තියෙන්නේ පට්ට ගිනියමේ මිහින්තලේ ඉඳන් මැදවච්චිය හරහා පූනෑවට.. මෙතනදි හැමෝම වගේ දන්න ඒ උනත් හැමෝම වගේ කරන අහිංසක ඇරිල්ලක් තමයි අර කිලෝ තිහේ වැලි පැක් එක මගදි හලනව කිලෝ දයක් විතර වෙනකම්.. නැත්නම් මග මැරෙනවා.. පටන් ගත්දි බැලුවට අන්තිමට ඕක බලන්නේ නෑ.. ඔන්න මගේ තවත් ඇරිල්ලක් මතක් වෙනව. මං නම් හැලුව කිලෝ විසිනවය හමාරක්ම ඕන මගුලක් කියලා..හැක් හැක්.. 


අමාරුම එක වෙපන් එක.. මුලින් හරස් අවි.. ටිකකින් උරේ අවි.. ඊට පස්සෙ පිටේ අවි.. හිසේ අවි.. කිහිල්ලේ අවි..අන්තිමට හැරමිටි අවිත් ගෙනියනවා.. කොහොම හරි කෑම්ප් එකට යන්න තමයි ඕනි.. දුවන ඇවිදින එකට වැඩිය අමාරු ඔය අවිය තමයි.. ඔන්න ඉතින් මාච් එක පටන් අරන් ටික දුරක් යනකොට ටීම් එක කෑලි තුන හතරකට කැඩෙනවා.. මුලින්ම යන්නෙ එක දාගන්න දුවන ෆිටාල සෙට් එක.. දෙවෙනියට යන්නෙ ලොස් වුනොත් ලොක්කොන්ගෙන් කන්න වෙයි කියල හිතන ඇඟේ හයියට වඩා හිතේ හයියෙන් දුවන උන් ටික.. තුන, හතර, පහ ඉතින් අපි වගේ කයියක් ගහගෙන පුලු පුලුවන් විදියට දුවන සෙට් එක.. අන්තිමට එන්නෙ ලොස්ම සෙට් එක.. උන් ටික දක්කගෙන තමයි ඉන්ස්ට්‍රක්ටර්ලත් එන්නේ.. අපි කරන්නේ අන්තිම සෙට් එක එනවද බල බල හති ඇර ඇර ඊට ටිකක් ඉස්සරහින් දුවන එක. රන් එක පටන් අරන් ටික දුරක් ඔහොම ගියා.. එක තැනක අපි ඔහොම පොඩ්ඩක් වාඩි උනාම මං දක්ක අපේ බැච් එකේ අර ප්‍රසිද්ද ඇරන්ස් එකෙක් අපිව පහු කරගෙන දුවනවා.. එච්චර ගානක් උනේ නෑ.. ආයෙ හිමින් හිමින් ඉස්සරහට යද්දි පේනවා අපිට පිටිපස්සෙන් එකෙක් හති දාගෙන දුවගෙන එනව අපිට කිට්ටු කරන්න. සපෝට් එකටත් එක්ක ටිකක් ස්ලෝ වෙල ඌ එනකම් හිටියා.. මූට ඇඬෙන්න වගේ.. අමාරුවෙන් ඇවිත් අහනවා.. මචන් 'රොබා' දැක්කද කියලා.. රොබා කියන්නේ අර අපිව පහු කරන් දුවපු ඇරන්ස්. මං කිව්ව ඌ මචන් අපිව පහු කරල ගියා කියල.. අම්මට සිරි.. මූ රොබාගේ  මවු දෙමවුපියෝ එක පෙලට මස්ට කරනවා.. බැලින්නම් මුගේ අතේ වෙපන් දෙකක්.. නතර වෙච්චි වෙලාවක රොබා මුගෙ අතට වෙපන් එක පොඩ්ඩක් බලාගනින් කියල දීල චූ කරන්න මුවා වෙලා.. මුවා උනා උනාම තමයි.. (මමනම් ගත් කටටම කිව්වා විසිකරපං ඔය ලබ්බ ඌ පස්සේ ඇවිත් ගෙනියන්නැතැයි කියලා.. ඒත් ඔක්කෝටම කන්න වෙන බව දන්න නිසා අනිත් උන් අරූට පොඩි පොඩි සපෝට් දිදී කෑම්ප් එකට එනකම්ම ගෙනාවා. එතනින් එහා ටික වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.) 

දැන් කියන්න යන්නේ මගේ ඇරිල්ල ගැන.. මිහින්තලෙං පටන් අරන් පූනෑවෙන් ඉවර වෙන්න තිබ්බට අපි එතන ඉඳලත් තව වවුනියාව පැත්තට කිලෝමීටර් දෙක තුනක් ගිහින් කෑම්ප් එක වටේ තියෙන පාරකින් තව කිලෝමීටර් පහක් විතර දුවගෙන තමයි එන්න ඕනි. ඒ ඔෆිසර්ස්ලට අමතර රැග් එකක්.. මං කොහෙන් හරි හොයාගත්තා ඕකෙ නියම දුර ගන්නේ කෑම්ප් එක ගාවට විතරයි කියලා.. අනික වෙලාවකුත් නෑ ඕක ඉවර කරන්න කම්ප්ලීට් කරා කියන්න විතරයි ඕනි.. ඉතින් මොකටද මුන්ගෙ පනිශ්මන්ට් කන්නේ කියල ගත්ත කලන්තයක් කෑම්ප් එකට කිලෝමීටරයක් විතර තියල.. බුදිය ගත්ත ගහක් අයිනේ.. අම්මට සිරි ඉන්ස්ට්‍රක්ටර්ල වට කරගෙන.. පැය බාගයක් විතර හිටියා.. මුං ලෑස්තිය දැන් මාව ඇම්බියුලන්ස් එකේ දාගෙන යන්න. මං කිව්වා මට මේක කොහොමහරි කම්ප්ලීට් කරන්න ඕනි.. මං ටිකක් ඉඳල ආයෙ දුවන්නම් කියල. මුන්ට හෙන හැපි මගෙ'කමිට්මන්ට්' එක ගැන.. තව ටිකක් ඉඳල ගැහුව මෙඩාගෙන් ඉල්ලගෙන සුක්‍රෝස් එකකුත්.. ඔන්න දැන් මං ආයෙම දුවන්න ලෑස්තිය. ඒ පාර එකෙක් කියනවා.. 'කැඩෙට් ඔෆිසර් ඔය පැත්තෙන් යන්න ඕන නෑ මෙතනින් කෙලින්ම PT ග්‍රවුන්ඩ් එකට යන්න' කියල. ඉබ්බ දියේ දාන්නද ඇහුවම ඇන්නාවේ කිව්වලු.. හැක් හැක්.. (ඒ කාලේ බැචාල ඉතින් ඕවට පොඩි පොඩි කාඩ් ගහනව ඕව කවුද ගනන් ගන්නේ..)


මගේ ඇරිලි තව ඉවර නෑ.. අර උඩින් කිව්ව වගේ.. මං ඔය කිසි දෙයක් ඕනෙවට වැඩිය කරන්න ගියේ නෑ. අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය තේරුම් අරං ඒ ටික කරල නිකං හිටිය, බොරු පනිශ්මන්ට් ටාස්ක් කරේම නෑ කිව්වොත් හරි. මොකද සමහර වෙලාවට රෑ එලිවෙනකම් නිදිමරාගෙන ලියුවත් ලයින්ස් 10000ක් එහෙම ලියන්න බෑනේ. ඒ වෙලාවට හොඳට නිදාගෙන පහුවෙනිදට ගුටියක් කන එක ලේසියි. මරන්නෙ නෑනෙ. හැක් හැක්.. ඒක නිසා සාපේක්ශව අනිත් උන්ට වඩා අඩුවෙන් මහන්සි උනේ කිව්වත් වරදක් නෑ. මේ හේතුව නිසා අර මං කිව්ව වගේ රෑට ක්ලාස් කරන වෙලාවට සමහරවිට සෙට් එකෙන්ම මං විතරයි ඇහැරිලා ඉන්නේ. ඉතින් කිරනව දැක්කම උන් ආයිත් ඔළුවෙන් හිටවනව.. මං ආතල් එකේ පාඩම අහගන්නව.. එක්සෑම් කරන්න ගියාමත් එහෙමයි.. පන්තියේ ඇහැරිලා අහන් හිටි නිසා මට වැඩිය මහන්සි නොවී ලියන්න පුළුවන්.. අරුන් ඒකටත් ඔක්කොම නෝට්ස් එහෙම ආයෙ ආයෙම ලිය ලිය මුල ඉඳන් දුක් විඳගෙන පාඩම් කරන්න ඕනි. විභාගෙට ගිහිල්ලත් සමහරු නිදි.. ඊට පස්සේ රී එක්සෑම්.. මුලු අවුරුදු තුනම මගේ තියරිය උනේ ඕකයි. මොකක්ද දන්නවද රිසල්ට් එක.. මං බැච්ටොප්. හයස්ට් ඇග්‍රිගේටර්.. බෙස්ට් මිඩ්ශිප්මන් (ස්වොර්ඩ් ඔෆ් ඔනර්) ඇන්ඩ් සික්ස් මන්ත් සීනියොරිටි ගේන්.. (දිගටම හිටියනම් නේවි කමාන්ඩර්වුනත් වෙන්ඩ තිබ්බා .. හැක් හැක්) ඔන්න මගේ ඇරිල්ල. 

තව ඉස්ටෝරි දෙක තුනක්ම ඇරිලි ගැන ලියන්ඩ හිතන් ආවත් දැන් නිකං ඇති ඇති වගේ.. නිකම්ම උන්නු මං අහල ගියත් මදෑ.. එහෙනම් හැමෝටම ජය ශ්‍රී!

Photo courtesy: www.google.com

106 comments:

  1. සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.
    ‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’
    එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.
    ‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’

    ReplyDelete
    Replies
    1. මෙච්චර ලස්සන කොමෙන්ටුවක් දාන්නත් උඹ ඇනෝ ආවේ මොකෝ මිත්‍රයා?

      රාජකාරී වෙලාවක බීල ඉඳල නොවෙයි මං හිතන්නේ. මට සෙට් වුනානම් එවෙලෙම කොමිශන් කරල ගන්නවනේ. දන්නවනේ.. තට්ටම හරහා පාර හිටින්න එක කොහු පොලු පාරක් එක 'ස්ට්‍රිප්' එකයි.. හැක් හැක්.. ජය ශ්‍රී!

      Delete
    2. උඔලා වගේ ඇනෝලා තමයි අපිට ඔනේ..ඩබල් සැලියුට්.
      එල ද බ්‍රා

      Delete
    3. අර තුවක්කුව දීල පැනල ගිය එකා ගේ සීන් එක මට අනුවනම් පට්ට බලු වැඩක්. ටීම් වර්ක් කියන එක නැතිකම සහ තමන්ගෙම තව එකෙකුට බලුවැඩ කරන එක මට දිරවන්නේ නැහැ

      ඌ මට එහෙම ඒ විදිහට තුවක්කුවක් දීල පැනල ගියානම් ඌට වෙන දේ මෙන්න මේකයි.
      තව දෙතුන් දෙනෙක් එක්ක එකතුවෙලා ඌ නිදා ගන්නකම් ඉඳල උගේ මුණ වහලා ඌව අල්ලගෙන කලිසම ගලවලා, අහවල් සෙට් එක සහ ගැජමැට්ටත් එක්කම අල්ලලා යතුර නැතුව පන්න ගන්න බැරි සයිස් එකේ ඉබ්බෙක් දානවා කර මුලටම අල්ලලා

      වරෙන්කෝ ඊට පස්සේ පස්සෙන් වැඳ වැඳ ඉබ්බා ගලවගන්න. මොකද මිටියකින් ගහල ගලවගන්න කියලයැ

      වැරැද්ද තේරුම් ගත්තට පස්සේ තමයි යතුර දෙන්නේ

      Delete
    4. මෙන්ඩා, ඌ උඹලගේ බළකායෙ එකෙක් වගේ නේද?

      Delete
    5. Anonymous25 February 2015 at 12:13
      //ටීම් වර්ක් කියන එක නැතිකම සහ තමන්ගෙම තව එකෙකුට බලුවැඩ කරන එක මට දිරවන්නේ නැහැ// අපිටත් දිරවන්නේ නැහැ ඇනෝ මිත්‍රයා. ඔය වගේ වෙලාවට දෙනව බෙඩ්ශීට් පාටියක් කියල එකක් ඌට.. සමහර වෙලාවලට නම් එහෙම රිවේන්ජ් එකකටවත් වෙලාවක් නැති වෙනවා.. කට හම යනකම් කුණුහරුපෙන් බැන බැන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. පස්සෙ හැබයි මතක් වෙනකොට හිනාත් යනවා..

      Delete
    6. මචං ඇනෝ බ්‍රෑන්ඩ් එක ගල්ද?

      Delete
    7. බ්‍රෑන්ඩ් එක නෙවෙයි මට පේන්නේ ඇනෝ 'ගල්' වගේ.. :p

      Delete
    8. මූ මම දන්න ඇනෝ කෙනෙක් වගේ :)

      Delete
    9. එහෙමද? මටනම් ඔක්කොම උන් එක වගේ :p

      Delete
    10. ඉන්දික මහතා,

      උඩම ඇනෝ (නොහොත් "උඩ ඇනෝ") අදුනා ගත්තේ අත් අකුරු වලින් වෙන්ටෑ; මයෙ හිතේ :)

      Delete
    11. Anonymous25 February 2015 at 21:49

      ඉතින් ඔච්චර අගේ කරන්නැතුව කියපංකො බං.. හැක් හැක්..

      Delete
    12. මෙන්ඩයියා පුරවන්න දෙන්න ගල් බලකායෙ අයදුම් පත...

      Delete
    13. ඒකත් දැන් නිල් බළකාය වගේ.. කොටසක් තියෙනවයි කියනව.. කොටසක් විසිරෙව්වැයි කියනව.. අනික ඔක්කොම හොරු.. හෙහ් හෙහ්..

      Delete
  2. මම නං හමුදා වලට සම්බන්ධ නෑ.ඒත් කැම්පස් රැග් එකේදි නම් ඔහොම වැඩ කළා.ඒ ෆෝ බන්ඩල් එකක්ම වටේට නියමිත මිම්මකින් කේජ් ඇඳගෙන එන්න කිව්වුවා අවුරුදු නිවාඩුවට.මට ඕක අමතක උනා.ඔන්න නිවාඩු ඉවර වෙලා ගිය දවසෙ තමයි රත් උනේ.දෙතුන් දෙනයි වැඩේ කරල නැත්තෙ.එදා රැග් එකට සින්නො ආපු ගමං මම ගිහිං ඩෙස් එකක් යටට රිංග ගත්තා.කාටවත් වැඩිය පේන්නෑ.එක සින්නියක් දැකලා ඇයි මේසෙ යට කියල අහපුවාම මම කිව්වෙ 'මට හිතුනා,මම ආවා' කියලා.මොකද මොනව කලත් ජුන්නො කියන්න ඕනෙ එහෙම.එදා රැග් වේල් තුනේ දිම මම ඩෙස් යටට ගිහිල්ලා ජාමෙ බේර ගත්ත ඔන්න.. කොහොමද ටිකිරි මොලේ..???

    ReplyDelete
    Replies
    1. වැඩකට ඇති වැඩක්නම් මං කොහොම හරි කරනව.. අනික හමුදාවල තනියෙම ගොඩ යන්න බෑනේ.. එකෙක් හරි 'බුල' ගහල තිබ්බොත් ඔක්කොටම කන්න වෙනවා.. ඉතින් අපේ බැච් එකෙත් උඹ වගේ ඇරන්ස් ල ඉන්න බව දන්න නිසා මාත් ඔය වගේ වෙලාවට ඇරලම පස්සෙ වෙන දේකට මූණ දෙනවා. මොකටද නිකං දෙපාරක් ටින්කිරි ගා ගන්නේ.. ආ නැද්ද හා? ජය ශ්‍රී!

      Delete
    2. රැග් එකකින් ගන්න කියල තියෙන්නෙ ආතල් විතරයි නෙ.අනික්වා ඔලුවට ගත්තොත් බෙල්ලෙ වැලදාගන්න තමයි වෙන්නෙ.බැච් එකට ඇරෙන්න දෙන්නෙ නෑ ලොවෙත්... අපේ සින්නො කිව්වෙ 'තොපි ඇඟෙන් නෙමෙයි ඔලුවෙන් වැඩ කරපියව්' කියලා.හරියට කස්ටියම මරසිය දෙනවා කියන්නෙ දියුනු තත්වයක්.
      තව මේ වගේ කතා ටිකක් දාන්න අප්පා... සිරාවටම දේසපාලනේ නිසා මොලේ හිරිවැටිලා...

      Delete
    3. // 'තොපි ඇඟෙන් නෙමෙයි ඔලුවෙන් වැඩ කරපියව්'// ඕක වෙනස් වෙන්නෝනෙ 'තොපිවත්' කියලා.. මොකද උඹලට වැදිබණ කිව්වට උන් වැඩ කරන්නෙත් මොළෙන් නෙවෙයි ඇඟෙන් නෙ.. හැක් හැක්.. ලියමු ලියමු එන හැටියකට..

      Delete
  3. හ්ම්..............නිකං ඉඳලා නෑ එහෙනං. මම ට්‍රේනිං කාලෙටත් වඩා කට්ට කෑවේ annual fitness test එකේදී ඔය මාච් එක යෑමෙන්. ඒ කාලේ හිටිය Brigade Commander හොඳට හොයලා බලනවා හරියට වැඩේ කෙරෙනවද කියලා. නාවිකයන්ටත්, පියාඹන්නන්ටත්, Infantry Training එකක් ලැබෙන එක හොඳයි.

    කල්‍යාණ, මම දන්නා තරමින් ඔය අභ්‍යාසයේ නම rat sack නෙවෙයි, rucksack වියයුතුයි.

    https://www.google.lk/search?q=rat+sack+march&oq=rat+sack+march&aqs=chrome..69i57.6127j0j8&sourceid=chrome&es_sm=122&ie=UTF-8#q=army+rucksack+march

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසියෙන් ෆිට්නස් කියලා ගහපු වචනෙට මොකක්ද රෙෆරන්ස් එකක් වැටිලා.

      Delete
    2. අම්මටසිලි.. එහෙම නේන්නං විචාරක තුමෝ.. මට ඔය මතක තිබ්බ විදියට ලියුවේ.. අනික Rucksack March එකට ස්ටෑන්ඩර්ඩ් පැක් එකක් දුරක් හා ටයිමින් තියෙනවලු.. බොලේ එතකොට මුනුත් අපිට ඇරලනේ බොරු කියල.. හැක් හැක්..

      නාවිකයින්ට Infantry Training?? .. හම්මේ හොදි ඕන්නෑ.. ලොග් Log PT, Night compass march, Ambush අර බුශ් මේ බුශ්.. වෙලාවට ආමි නොගියේ.. ඔය PT ටෙස්ට් එකත් (PET-Physical Endurance Test) අපිට සෙට් වුනේ මෑතක.. අපිනම් ඉතින් දර්ශනෙන් ගොඩ දැම්මා.. වැරැද්ද නිවැරදි කරාට තැන්කූ. ජය ශ්‍රී!

      Delete
  4. සුභ උදැසනක් වෙවා තුමනි..
    එල ද බ්‍රා මචං..
    ඇත්තටම ආසාවෙන් කියෙව්වා..
    ලියපන් තව ලියපන් මේ වගේ කතා..මේ කතා කියවන්න අපි මනාපයි.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා තුමනි.. හැක් හැක්..

      මං බලාගෙන ඉන්නෙ මේ උඹේ යාලුවා එංගලන්තේ ඉඳන් ඇනෝ ඇවිත් කොමෙන්ටෙකක් දානකං.. සැට් වෙච්චි වෙලාවක කියන්නං සමහර ඒවා ලියන භාශාවට උචිත නෑ.. ජය ශ්‍රී!

      Delete
    2. අනිවා සෙට් වෙමු..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. //බ්‍රෑන්ඩ් එක ගල්//.. ඉස්සරහින් පේන්ඩ තියන්න.. හැක් හැක්..

      දැන් කවදද ගෙදර පාටිය සෙට් කරන්නේ?

      Delete
  5. ඇරනාස් ල හැමතැනම අපේ එකේ ඇරනාස්ලත් හිටිය වැඩිපුරම බුල්සේන වුනේ අපේ ඩිවිෂන් සීනියර්
    උට නං ඔහොම ඇරිල්ලකට දුන්න සබන් ගැට ටවල් සාත්තුවක්...
    දන්නව ඇතිනෙ ඒ මොකක්ද කියල...
    මං තමා ඩිවිෂන් එකේ ජූනියර්ම ඒත් මං තමා සීනියර් වගේ හිටියෙ... හැක් හැක්
    ඒවගේ ෆන් ගත්ත කාලයක් හිහි

    ReplyDelete
    Replies
    1. කණ්ඩායම..අ.අ. වම බලා දකුණට..අ..අ.. හැරෙන්. හා යකෝ ඔය වම නෙවෙයි අනිත් වම.. නෙද්දකින් බලපන් මූ මාච් කරන කැත විතරක්.. කොරවක්ක නෙළුං කොලේ උඩ යනව වගේ.. හැක් හැක්.. ක්ලාස් ලීඩර් බුල ගහනකොට තමයි පට්ටම ආතල් එක..

      මට තවම උඹේ ඩිවිශන් එක හරියටම හොයා ගන්න බැරි උනා.. පස්සෙ අල්ල ගන්නම්කෝ. ජය ශ්‍රී!

      Delete
  6. පට්ටයි තුමනි ...තව ලියපන් තුමනි .
    ඉස්සර අපිත් හැමදාම දකිනවා නුවරඑළියේ ඉඳලා දියතලාවට දුවන සොල්දාදුවෝ .අපි වතුර ,බනිස් වගේ දේවල් හොරෙන් දෙනවා .පවූනේ බන් කොල්ලෝ ..

    සෙන්පතියන් සිව්දෙනාගේ ගීතය

    සතරදෙනෙක් සෙන්පතියෝ මගට වැදී යුදට ගියෝ
    යුද්දෙට ගිය ඔලුගෙඩියෝ උන්ගේ හැටි කියාපියෝ
    උන්ගේ හැටි කියාපියෝ..
    පළවෙනියට බියක් හිතේ දෙවැනියාට හති වැටෙතේ
    තුන්වැනියා මග මැරෙතේ අන්තිමයා පැන දුවතේ
    අන්තිමයා පැන දුවතේ..
    පස්වැනියෙක් මග එන්නේ ඔහු නෑ යුද්දෙට යන්නේ
    ඉර හඳ තරු පායන්නේ ඌටලු බොල බලපන්නේ
    ඌටලු බොල බලපන්නේ

    නාට්‍යය - හුණු වටයේ කතාව

    ReplyDelete
    Replies
    1. //නුවරඑළියේ ඉඳලා දියතලාවට දුවන // අම්මටසිලි ඒ උන්ගේ රක්සැක් මාච් රූට් එක වෙන්ටෑ.. පට්ට කස්ටක් තමයි ඔය පාරත්.. අපි දුවපු පැත්තෙ උඹල වගේ සද්ගුණවත් බුවාල හිටියේ නෑ බං.. හිටියත් අපි ගෙනියන දෙයක් උන්ට දීල එන්න හිතෙන තරමට උන් අමාරුවෙං උන්නේ. එකම එක පාරක් මට මතකයි කොම්පස් මාච් එකක් වෙලාවේ ගෙවල් මණ්ඩියක් හරහා යනකොට අමු බඩ ඉරිඟු කරල් වගයක් හම්බුනා..

      සොල්දාදුවෝ හතර දෙනාට උපහාරය. ජය ශ්‍රී!

      Delete
    2. හැක් හැක්.. ඔය දියතලාව කහගොල්ල පැත්තෙ රවුමක් දුවන්න දෙනව කැඩෙට් ඔෆිසර් ඉන්ටවීව් එකේදි. කමිය දන්නව ඇති අර ඩෝර එකට ගහල මරපු ගාල්ලගේ. උගෙ මල්ලි නඳුන් ආසිරියි මායි එකට ඉන්ටර්වීව් ගියෙ. නඳුන බෝලෙ වගේ කිලෝ සීයක් විතර ඇති. අපි එක පන්තියෙ නිසා මේ අලියව දාල දුවන්නත් බෑ. මම ලයිට් කණුව වගේ මූට හෙල්ප් කරන්නහිතන්නත් බෑ. හය්යෝ සංසාරෙ වංගෙඩියයි මෝල්ගහයි දුවනව කියල කෙල්ලො හිනා වෙවී යනව...විලි ලැජ්ජාවෙ සන්තෝසෙ...

      Delete
    3. සඳුන් ගාල්ලගේ මැරුණේ ඩෝරා එකක නෙවෙයි වෝටර් ජෙට් එකකදි.. එස්.බී.එස් එකේ.. නඳුන් ආමි යන්න හැදුවේ අයිය නැතිවෙන්න කලින්ද? මොනව උනත් උඹල දෙන්නම ෆේල් වෙච්චි එක හොඳයි. නැත්නම් මටයි විචාරකටයි බ්ලොග් ලෝකෙ තැනක් නැති වෙනවා.. හැක් හැක්..

      Delete
    4. අපේ ඔය සීන් එක උනේ 94 දි. නඳුන ඊට පස්සෙ කේ.ඩී.ඒ ගියා. දැන් වින්ග් කමාන්ඩර් කෙනෙක්. උන්ගෙ පවුලෙ තුන්දෙනයි, බාලයත් කේඩීඒ යන්න ගිහින් උන්ගෙ අම්ම හෙන සීන් එකක් දාල බේරගත්තෙ, සඳුන් මලාට පස්සෙ.

      Delete
    5. මං දන්නව මචං ඔය කියන බුවා (සර්) ගැන. KDA 12.. හැබැයි අපේ දැක්මේ හැටියට බුවා එච්චර හිත හොඳ එකෙක් නෙවෙයි.. ඒ ගැන කතා කරල වැඩක් නෑ. උඹ දන්නව ඇතිනේ සඳුන් සර් ගේ වයිෆ් නැති උනා කියලා කැන්සර් එකකින්.. පොඩි එකා ඉන්නේ උඹ ඔය කියන මල්ලි දසුන් ලඟ. අන්න ඌ නම් පට්ට බුවා.

      Delete
    6. සඳුන්ගෙ වයිෆ් නැතිඋනා කියල ආරංචියක් ආව, ඒත් දැන් අවුරුදු දහයකින් විතර උන් එකෙක්වත් හම්බ උනේ නෑ.

      උඹ කිව්ව කතාව ගැන කියන්න තීන්නෙ මචෝ, සමහරු තනතුරු තත්වෙ එක්ක වෙනස් වෙනව කියල විතරයි. කොටිම්ම අද අපි හම්බ උනත් ඌ කොහොම හැසිරෙයිද කියල විස්වාස නෑ. මිනිස්සු එහෙම තමයි.

      දසුන් හම්බුවෙනවනං මගේ වාසගම කියල අහල බලහන්, ඔය සෙට් එකම මාව දන්නෙ ඒකෙන්, නමෙන් නෙමෙයි.

      Delete
    7. මිනිස්සු එහෙම තමයි.++++++++++++++

      මාත් එක්කනම් එච්චරම පෑහීමක් නෑ.. අපේ එස්.බී.එස්. එකෙක් ඉන්නවා ටච් එකේ.. මං ඌට කිව්වා මතක් කරා කියන්න කියලා..

      Delete
  7. අපරාදේ නේවී එකේ ඉන්ඩයි තිබුනේ ,
    නැ එක්කෝ අත ඇරපු එක හොදා
    නැත්තං කලු කන්නාඩි දෙකක් දාගන රැවුලත් වවාගන අපේ බයිසිකල් වලටත් ඉඩ නොදි යයි පාරේ

    මොකද ලියයිද මෙහෙම බ්ලොග්

    ReplyDelete
    Replies
    1. දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු.. මට සුදුසු දේ තමයි බං මේ අයිති වෙලා තියෙන්නේ.. මම නං හැබැයි ඒ කාලෙත් මෙහෙම තමයි හිටියේ.. ඒකනේ වැඩිය ඉන්න හිතුනෙත් නැත්තේ.. හැක් හැක්..

      Delete
  8. Dr Ishantha Gunathilake දන්නවාද?

    ReplyDelete
    Replies
    1. INP Gunathilake ගැන වෙන්ටැති අහන්නේ.. එය එසේ නම් රණ ශූර පදක්කමකින් පිදුම් ලැබූ එකම වෛද්‍යවරයා.. කාර් වලට වැඩිය ජීප් වලට මනාපයි මයෙ හිතේ..

      Delete
    2. හ්ම්ම්ම්..... ඒ ජීප් එකට පැටෝල් ගහන්න ගිහින් පොඩි ප්‍රශ්නයක් වෙලා තිඹිරිගස්යායෙ ශෙඩ් එකට චූටි ඩැමේජ් එකකුත් සිද්ද වුනේ....

      Delete
    3. සහෝදරයෙක්ද? ඥාතියෙක්ද? හිතවතෙක්ද එතකොට? නැත්නම් .. :p

      Delete
    4. My kind regards! Pretty sure he don't remember/ recognize me.. :p

      Delete
  9. මාච් එකට පෝලිම් හැදෙන්න ඉන්නකොට අපේ උන්ට පොඩි ජොලියක් යනවා ඒ වෙලාවට කියන්නේ ... තුමනි , චු බරයි.. නැත්නම් එකෙන් ගනිනකොට කියපු නම්බර් එක මතක නැතුව ගිහින් ගුටි කනවා... කට්ට වගේම සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යභට බළකා අත්දැකීමක් වගේ.. හමුදාවකදි එහෙම කිව්වනම් චූව කපල පස්ස පැත්තේ ගහනව.. හැක් හැක්.. එකඟයි //කට්ට වගේම සුන්දරයි..// ජය ශ්‍රී!

      Delete
  10. මෙන්න කතා... තව ටිකක් ලියමු ආතල් එකේ කියවන්න.
    අර වැලි කොට්ට බලන්නේ නැත්තේ ඒක අරගෙන යන්න බැරිබව දන්න නිසාද දන්නේ නැහැ, නේද
    ඇරිල්ල(Screw) කියන එක වඩා ගැලපෙන්නේ අර තුවක්කුව දීල පැනල ගිය එකාගේ සීන් එක විතරයි මම හිතන්නේ
    අනිත් ඒවා වැටෙන්න ඕනේ “ගේම්” එහෙම නැත්නම් “ට්‍රික්ස්” කියනවා වගේ ඝණයට නෙමෙයිද.

    ReplyDelete
    Replies
    1. //අර වැලි කොට්ට බලන්නේ නැත්තේ..// ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් වෙල්නෝව්න් කේස්. හොඳටම පශ්චාත් භාගේ අමාරුවක් තියෙන එකෙක් හිටියොත් තමයි ඇවිත් චෙක් කරන්නේ. ඒත් ඉතින් මොකක්ද එක්කො කණ පුරෝල එකක් දෙයි නැත්නම් ෆෝවඩ් රෝල් 50ක් විතර ගහන්න වෙයි.. ඒ වගේද අරක කිලෝමීටර් 25ක් උස්සං ඇවිත් කොන්දෙ පොට යවා ගන්න එක? හැක් හැක්.. You may do it, but don't get caught කියල තමයි ඒ වගේ ඒවට කියන්නේ..

      ගේම්ස්, ට්‍රික්ස්, බෝල පාස්, කැට පාස් වගේ ඒවගෙ උපරිමේ තමයි ඔය වගේ ඇරිලි.. සමහර ඒවනම් පොඩි පොඩි අහින්සක ඇරිලි.. මූනම් අරියේ මහ පජාතම ඇරිල්ලක්.. ඒකනෙ අපි ඔය වගේ එවුන් එක්ක ලොකු මල්ලිල වගේ ඇවිදින්න නොගියේ.. ජය ශ්‍රී!

      Delete
    2. අපේ උන් මෙච්චර ලොකුවට ඇරලා නැහැ කවදාවත්...
      ඇරියත් පොඩි පොඩි ඇරිලි තමයි... හෙහ්

      Delete
    3. ට්‍රේනින් කාලෙ කොච්චර ඇරියත් එච්චර ලොකු ඩැමේජ් වෙන්නේ නෑ. සමහරු ඇරියේ.. රස්සාව කරද්දි.. කොටි බෝට්ටු දකිනකොට එහෙම.. තව සමහරු ප්‍රමෝශන් පේනකොට.. නැත්නම් ෆොරීන් කෝස්/ ටුවර් පේනකොට, තව ඉහලට යනකොට තව තව.. ඒව තමයි දරුණුම ඇරිලි..

      Delete
    4. ඇයි යකෝ....කොටි බෝට්ටු දකිද්දී ඇන්ජින් රූම් එකට රින්ගනවා ඇරෙන්න වෙන විදිහකට අරින්නේ කොහොමද?

      Delete
    5. ඇන්ජිං රූම් එකට යන්නෙවත් නැතුව මගේ ඇන්ජිං දෙකම අවුට්... ඒක නිසා මං පස්සෙං ඉඳන් බලන්නං මෙයාලා ඔය ගොල්ලෝ ගිහිං ඇටෑක් කොරල (මැරුන්නැත්තං) එන්න.. කියල ලැජ්ජ බිට් එකේ තියල කියපු අයත් හිටියා.. හැක් හැක්..

      Delete
  11. එල එල. ඇරිලි ගැන දිගටම ලියපං.
    අර වෙපන් එක මට දුන්නනං විසිකරල දානව.

    ReplyDelete
    Replies
    1. //අර වෙපන් එක මට දුන්නනං විසිකරල දානව// මමත් එකෙන්ම.. ඒත් සමහරු ඕවට පට්ට බයයි බං.. ඔය බය නිසාම උන් ට්‍රේනින් එක අමු වහක් කර ගන්නවා. හැබැයි එහෙම උන්ට හමුදාව තුල පැවැත්මක් තියෙනවා.. අපි වගේ උන් විසිවෙලා යනවා. බලමු තව ටිකක් ලියන්න.. ජය ශ්‍රී!

      Delete
  12. හෙහ් උඹ එහෙනං නේවි ඈ?

    එක දවසක් නකතං වෙන්ට ගහපු දෙන්නෙක් නැග්ගලු බස් එහෙකට...ඔන්න බස් එකේම ඉඳගෙන ඉන්නෙ එක පොරයිලු.

    " මේ කොන්දොස්තර මහත්තයො මේ බස් එකේ පැණිදෙණියට ගිහෑකිද? "එකෙක් ඇහුවලු ඔලුව එහෙම කහල කාරිය..

    " කොන්දොස්තර? කවුද මිනිහො කොන්දොස්තර? තමුසෙ දැනගන්නව මම ඇවිල්ල නේවි කැප්ටන් කෙනෙක් "අර මනුස්සය බස් එක දෙවනත් වෙන්ට කෑගැහුවලු..

    අර ඩෝප් පොර පස්සට විසිවුනාලු බය වෙච්චි පාර.ඊට පස්සෙ යාලුව දිහාට හැරිල මෙහෙම කිව්වලු..

    " මළ කෙළියයි බං බැහැපං බැහැපං විජහට , ඩෝප් මරගාතෙ අපි නැගල තියෙන්නෙ බස් එහෙකට නෙවෙයි නැවකට. "

    ReplyDelete
    Replies
    1. හරියටම කියනවනම් දැන් (S) Ex Navy.. හැක් හැක්..

      ජෝක් එකක් උනත් පට්ට කතාව. ඔහොම නට් ලූස් බුවාලත් ඉන්නවා.. හැබැයි නේවි එකේ කැප්ටන් කෙනෙක් වෙන්න අඩුම අවුරුදු විස්සක්වත් ඉන්න ඕනි නිසා ඒ වෙනකොට ගොඩාක් උන් මැචුවර්ඩ්. මං මේ කල්පනා කරේ කවුද මං නොදන්න නුවර පැත්තෙ කැප්ටන් කියලා. හොයන්ඩ වටින එකෙක්.. ශුවර්නෙ කෑගල්ලේ නෙවෙයි කියලා.. ජය ශ්‍රී රවී අයියා!

      Delete
    2. හෙහ්,හෙහ්, Ex- Navy නේද?

      මම දන්න විදිහට ක්‍රම හතරක් තියනව.

      1. Honourably Discharged
      2. Dishonourably Discharged
      3. Honourably Charged
      4. Dishonourably Charged

      උඹ අයිති වුනේ කොයි ක්‍රමේටද? ...:)

      Delete
    3. වැඩේ කියන්නේ මං නේවි උනාට ඔය එක ක්‍රමයක්වත් දන්නේ නැති එකනේ..

      මං අයින් උනේ Resicom- Resign from Commissioning අධිකාරියෙන් ඉල්ලා අස්වීම. Withcom- Withdrawal of Commissioning තමයි අප්සෙට් සීන් එක.. හරියට Dismiss with Disgrace වගේ..

      Delete
    4. හමුදා සේවය එපා වූ සෙබලෙකි. ඉවත්වීමට උවමනා මුත් අවස්තාවක් නැති නිසාවෙන් පීඩාවෙන් සිටින්නෙකි.
      දිනක් මොහුට අපූරු අදහසක් පහල විය. එනම් අන්දයෙකු ලෙස සිටීමයි මන්ද අන්දයන්ට හමුදාවෙහි කල හැකි දෙයක් නොවන නිසා එයින් ඉවත් වීමට හැකියාව ලැබීමයි.
      මේ අන්දයෙකු ලෙස රඟපෑම් ඔහු ආරම්බ කල අතර හැම දෙනාම සිතුවේ මේ සෙබලා සැබැවින්ම අන්ද වී ඇති බවයි. වෛද්‍ය පරීක්ශනයන්ගෙන්ද ඔහු අන්ද බව සනාත විය.

      නමුත් හමුදා ප්‍රදානියාට මේ සෙබලා ගැන සැකයක් ඇති විය. ඔහු පිලිබඳව පරීක්ශනයක් ආරම්බ කිරීමට සිතුවේය.
      හමුදා සෙබලා තම කාර්‍යාලයට කැඳවූ ඔහු ඇඳුම් සියල්ල ඉවත් කිරීමට නියෝග කලේය.
      අතිශයින්ම සුන්දර වූ හමුදා සෙබලියක්ද කැඳවූ ඔහු අන්ද සෙබලා ඉදිරියට ගොස් ඇයටද සම්පූර්නයෙන් නිරුවත් වීමට නියෝග කලේය.
      සෙබලාද නිරුවත්‍ ය. සෙබලියද නිරුවත් විය.
      ස්වල්ප මොහොතකින් සෙබලාගේ ලිංගය කර්මන්‍ය විය.මේ දුටු හමුදා ප්‍රදනියා මෙසේ පැවසීය.
      "පුතා උඹ කාට බොරු කලත් මීටරේට බොරු කරන්න බෑ. දැක්ක නේද කට්ට නැග්ග අපූරුව"
      පරීක්ශනය අවසන් විය. අන්ද රඟපෑමද එයින් අවසන් විය.

      ගත්තේ මෙතැනින්

      Delete
    5. පට්ට.. රස කතා සාගරයක ගිලෙමින්.. කොමෙන්ට් ආදී සියල්ල පසුවට.. (මේ මදාවියගේ පරන බ්ලොග් එකද බං)

      Delete
    6. මා දන්නා නේවි කැප්ටන් කෙනෙක් අස්වුනේ ඔහුට වඩා ජූනියර් එකෙක් උඩට ප්‍රොමෝට් වෙන නිසායි. එහෙම ලු සිරිත?

      Delete
    7. රසිකොලොජිස්ට් කලාහිතට ඔබේ පැමිණීමත් මෙවන් ප්‍රතිචාරයක් දැක්වීමත් මට සතුටක්..

      යුධ හමුදාවේ මේජර් (නේවි ලුතිනන් කමාන්ඩර්, ගුවන් ස්කොඩ්‍රන් ලීඩර්) කියන තනතුරු වලට එනතුරු පමණයි සාමාන්‍යය ප්‍රවාහයේ සීනියොරිටි එක සලකා බලා දෙන උසස් වීම් ලැබෙන්නේ.. එතනින් එහාට තියෙන්නේ මෙරිට් ප්‍රමෝශන්.. එතනදි සමහරවිට ඔබ ඔය කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්.. අනික් එක තමයි බ්‍රාන්ච් වල තියෙන වේකන්සි ප්‍රමාණය.. දැනට නේවි එකේනම් ටෙක්නිකල් බ්‍රාන්ච් වල ඔෆිසර්ස් ල සාපේක්ශව කලින් ප්‍රමෝට් වෙනවා.. එතනදිත් ඔහොම තත්වයක් වෙන්න පුලුවන්. දෙවන අවස්ථාව කොහොම උනත් පලමු එකනම් නේවි කැරියර් එකට පහරක්.. ඒ වගේ වෙලාවට ගොඩාක් දෙනෙක් පෙන්ශන් එක එලිජිබල් උන ගමන් රිටයර් වෙනවා.. ඔබ කියන දේ එහෙම එකක් විය යුතුයි. ඉන්නෙ බොහොම ටික දෙනෙක් නිසා හැමෝම වගේ එකිනෙකා අඳුනනවා.. ඔබ කියන්නේ මිග්‍රේට් කරලා ඔසී වල සෙට්ල් වුණු කැප්ටන් කෙනෙක් ගැනද :-)

      Delete
  13. සල්ලි අනං මනං නැතිව කොහේ හරි දුරකත් අතාරිනවා නේද හිගා නොකා පැය විසි හතරක් ඇතුලත කැම්ප් එකට එනන් කියලා..

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙම කෝස් එකක් අපිට දුන්නේ නෑනේ. පස්සෙ කාලෙක මං ඔහොම සීන් එකක් කරා මගේ ගාව ලීඩර්ශිප් කරපු සෙට් එකකටනම්. කැලේ දාල වෙලාවට බස් එකට යන්න සෙට් වෙච්චි නැති නිසා බස් ටික යවල අක්මීමන ඉඳල කරාපිටියට එනකම් බඩු මුට්ටු කර තියාගෙන පයින් එක්ක ගෙන ආවා. මාත් උන් එක්කම ඇවිත් කරාපිටියට එනකොට හොඳ ගනන්. ඒ පාර බස් ටික ආපහු කරාපිටියට ගෙන්නගෙන එතනින් බූස්සට ආවා.

      සමහරවිට ඔය කියන සීන් එක දෙනව ඇති කොමාන්ඩෝ එස්.එෆ්. වගේ උන්ට.. හැබැයි එකක් කියන්න.. ඒ කාලේ නම් සල්ලි නෙවෙයි රෙදි නැතුව හරි පැය විසි හතරකට එලියට යවනව කියන්නේ නිවන් ගියා වගේ තමයි.

      Delete
  14. මචං............. උඹ ඔය ඩිගිරිය කරේ කොහේද??????? ස්වෝර්ඩ් ඔෆ් හොනර්ද මොකක්ද ගත්තෙ කොහෙන්ද??? මං නිකමට වගේ අහන්නේ

    ReplyDelete
    Replies
    1. උඹ මචෝ නිකමට ඇහුවට මට එහෙම නිකමට උත්තර දෙන්න බෑනේ.. මෙන්න සත්තම උත්තර.

      ත්‍රීකුණාමලයේ නාවික හා සාගරික විශ්වවිද්‍යාලයෙන්.. (ඒ කාලෙ කිව්වේනම් විද්‍යාපීඨය කියලා)

      Sword of Honour ගත්තේ චීෆ් ගෙස්ට් ගේ අත් දෙකෙන්.. මං හිතන්නේ උත්තර ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ඇති විනිශ්චය මණ්ඩලේට.. ජය ශ්‍රී!

      Delete
  15. අර වෙපන් එක අනිකට දීල දුවන් ගියපු එකාගෙ කතාව නං එළ බං.මැවිල පෙනුනා.තව ඔය වගේ කතා ටිකක් හොයල ලියපං.

    ReplyDelete
    Replies
    1. කතාව එළ.. වැඩේනම් පට්ට පජාතයි නේද හැලපයියේ.. හොයන්ඩනම් අමාරුවක් නෑ.. ලියන්ඩ තමයි.. රතු අක්කගෙයි බඩාගෙයි කතා කියවනව වගේ ලියන එක ආතල් නෑනේ.. ජය ශ්‍රී!

      Delete
  16. අලෙ අම්මේ මේම ඔල ගෙඩියෙක්!
    ඔන්න ඔහොම අවංකව අත්දැකීම් ලියනකොට තමා මචෝ එළකිරි.

    ReplyDelete
    Replies
    1. අල ගෙඩිය වගේ අදටත් ඉන්නෙ ඔහොම හොරට පීටී කරල හදා ගත්තු ඇඟෙං තමයි යකෝ...

      අවංකව කියලා හැමදාම බඩිං ඉන්න වෙයිද දන්නෙ නෑ..

      Delete
  17. මේක කිව්වෙ මන් එක්ක ඉන්න සයිප්‍රස් කාරයෙක්. උන්ට හමුදා සේවෙ අනිවාර්යයිනෙ.

    මුන් පෝලින් වෙලා ඉන්නකොට එනවලු සීඕ හරි මොකා හරි. ඇවිත් අහනවලු,

    "ඩිඩ් යූ සී ඩොන්කි ෆ්ලයි"

    බටය - නෝ සර්

    සී.ඕ - නෝ??? මදර් ෆxx යූ ඩිඩ්න්ට් සී ඩොන්කි ෆලයි...?

    එහෙම කියල චටාස් ගාල කම්මුලට එකක් දෙනවලු.

    ඉන් පස්සෙ ඊලඟ එකා ගාවට ගියාමත්

    "ඩිඩ් යූ සී ඩොන්කි ෆ්ලයි"

    බටය - යෙස් සර්


    සී.ඕ - යේස්..වෙයාද හෙල් ෆxx ඩොන්කි ෆ්ලයි ඉඩියට්?

    එහෙම කියල චටාස් ගාල කම්මුලට එකක් ඌටත් දෙනවලු.

    ReplyDelete
    Replies
    1. ඔය මං කිව්වේ.. ඔය සීන් එක හරියටම හරි.. ඉතින් මොකටෙයි ආයි නිදි වරාගෙන පනිශ්මන්ට් ටාස්ක් එහෙම ඔක්කොම කරල ගුටි කන්නේ. මං නම් සපත්තුවත් ඕනෙවට වඩා පොලිශ් කරන්න ගියෙ නෑ..

      Delete
  18. මාත් ඔහොම ඇරියා,ඉස්කෝලේ ස්පෝර්ට්ස් මීට් එකේදී.මාව නිවාස නායකය කලා.ඒ වුනාට මේ සද්ධන්ත ශරීරය අරගන කොහොමද මාර්ච් එක ලීඩ් කරන්නේ කියල හිතන්න එපැයි.මීට් එකට සතියකට විතර කලින් කකුල තුවාලවෙලා කියලා බැන්ඩේජ් බැදගන ප්ලාස්ටර් අලවගන ගිහින් ලෙසටම රගපෑවා.හවුස් එකේ හිටපු කැඩෙට් කරපු එකෙක්ව ඒ වැඩේට දැම්මා.වැඩේ ගොඩ.මාර්ච් එකෙන් අපි 2ක.

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ වගේ චාන්ස් නම් මං අතාරින්නෑ.. එක දා ගන්න තියෙන තැන්නේ.. :p

      ඒක නොවෙයි ඉතින් උඹේ ඔය සද්දන්ත සරීරෙත් එක්ක නිවාස නායකය කරන්න උඹ මොනවද කරපු ක්‍රීඩා? සූමෝ ද? හැක් හැක්.. අපි ඉස්සර ස්පෝට්මීට් කාලෙට ඔය බැන්ඩේජ් දාන්නේ සෝබනේට..

      Delete
  19. මිහින්තලේ පැත්තෙන් ආයෙ දිව්වොත් කියන්න වතුර එකක්වත් ගහන්න.

    ReplyDelete
    Replies
    1. මිහින්තලේ පැත්තේ නෙවෙයි මිහින්තලේ උඩ මේ ඊයෙ පෙරේද අපුරේ ආ වෙලෙත් දිව්වා.. පොඩි උන් දෙන්න පස්සේ.. ඔත්තුව හොඳයි ආයි එන වෙලාවකට..

      ඔය උඩ කොමෙන්ට් කරල තියෙන කටුස්සා නම් ඔය පැත්තෙ තමයි දිගටම දුවන්නේ:p වෙල්කම් ටු කලාහිත.. ජයශ්‍රී!

      Delete
  20. ගිව් දැට් මෑන් අ මෙඩ්ල් (පසුබිමින් ඇඟිල්ල දික් කොරගත්ත ඔබාමා).. යෝශිතට ජනාධිපතිගේ පුතා වෙලත් උඹේ ඇරිල්ල නං අරගන්න බැරිවෙලා...උඹලෑ තාත්තට මිස්ටර් ප්‍රසිඩන්ට් කියල කතාකොරපං ..

    ReplyDelete
    Replies
    1. මැඩල් නම් තියෙනව එක පිට එක.. මොකෙක් වත් ගනන් ගන්නෙ නෑනෙ බං..

      යෝශිතට අපිට වගේ හිත හිත අරින්න ඕනි උනේ නෑනේ.. ඌ වෙනුවෙන් අනිත් උන් හතර වටේ ට ඇරියා.. ආර්ට් සබ්ජෙක්ට් දෙකක් විතරක් පාස් වෙලා එක්සෙකටිව් බ්‍රාන්ච් එකට එන්න, ආපු ගමන් රෝයල් නේවි ඇකඩමි යන්න (එය බැච් එකක බැච් ටොප් වෙන එකාට ලැබුණු අවස්ථාවකි.) ඒකෙ එක අවුරුද්දක් ෆේල් වෙලා තව අවුරුද්දක් කන්ටිනියු කරන්න, කැඩෙට් (අන්ඩ ට්‍රේනින්) කාලේ කොමිශනින්ග් ස්වොර්ඩ් එක අරගෙන තාත්තව පිළිගන්න යන්න, අවුරුදු දෙකක් එංගලන්තෙ ෆේල් වෙවී ඉන්න ගමන් මෙහෙ ඇවිත් එක පාරටම බැච් ටොප් වෙන්න.. තව නාන්න බෝතල් වතුර, කැඩෙට් කාලෙම ආරක්ශාවට ඔෆිසර් කෙනෙක් එක්ක ප්ලැටූන් එකක්, අර මං කිව්ව වගේ කොණ්ඩෙ කපන්නත් කමඩාන්ට් එන තත්ත්වයක් යටතේ.. ඒවා අපේ වගේ අහිංසක ඇරිලි නෙවෙයි බං ජාත්‍යන්තර ඇරිලි.. (දැන් කියයිද දන්නෙ නෑ රට බේරගත් මහා රණවිරු ‍යෝශිතට එරෙහිව කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා..)

      Delete
  21. මේවගේ කතා ටිකක් කියවද්දී අළුත් වචනයක් පාවිච්චි වෙන හැටි එහෙමත් ඉගෙන ගන්න බැරිය නේද..

    ReplyDelete
    Replies
    1. තව ඔය වගේ වචන සෙට් එකක්ම තියෙනවා.. කැට දෙනවා, බුල ගහනවා, ෆෙඩප් වෙනවා, ටූස්මාට් දානවා වගේ. මේ වගේ කතා කීපෙන්කින්ම ඇක්ස්ප්ලේන් කොරන්නම්කො පුලුපුලුවන් විදියකට.. ජය ශ්‍රී!

      Delete
  22. පළවෙනි කතාව නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. ඇවිත් බලල කොමෙන්ටෙකක් දාපු එකත් වල්ලා පට්ට! ජය ශ්‍රී!

      Delete
  23. අඩෝ කමියා පට්ට කතා සෙට් එක. මට එහෙම අර තුවක්කුව දුන්නනම් දෙකම විසිකරලා මාත් එනවා . පස්සේ දෙන්නත් එක්ක ගිහින් අරන් එනවා , තනියට එකෙකුත් ඉන්නවනේ එතකොට. පරක්කු වුනා කියවන්න , සමාව භාජනයකට දමනු මැනවි

    ReplyDelete
    Replies
    1. බෙටර් ලේට් දෑන් නෙවර් නේ.. භාජනේ උතුරනව සමාව වැඩිවෙලා..

      කොහොමද දෙන්නත් එක්ක කිලෝමීටර් 20ක් විතර දුර ෆෝවඩ් රෝල්, රෝලින්, ක්‍රොව්ලින්, ෆ්‍රොග් ජම්ප්, ඩක් වෝක් දාගෙන යනකොට නේද? දෙන්න ගිහින් එනකං අනිත් උන් නට් පොසිශන් (හිස සහ දෙපා පමණක් පොළොවට තබා ගෙන දෑත් පිටුපසට බැඳගෙන සිටින පට්ට ආතල් ඉඳීමකි.) ඉන්නකොට වරු ගානක්.. වෙලාවට මටයි උඹටයි වැඩිය එතන හිටිය අනිත් උන්ට සෙන්ස් තිබුණා.. හැක් හැක්..

      Delete
    2. අපෝ එහෙමනං බෑ. මම හිතුවේ වාහනේක එක්කං ගිහිං පුතා තුවක්කු දෙක අරන් එන්න කියලා ,එක්ක යයි කියලා ... හිකිස්

      Delete
    3. කාමියා තුමනි මෙන්න මේකා පරක්කු වෙලා ඇවිත් තව කෝචෝක් කරනවා ....දුවන්න දීපන් බොලොග් එක වටේ වට සියක් පෑන ඔලුව උඩ තියාගෙන ..

      Delete
    4. @ ඉවාන්.. //වාහනේක එක්කං ගිහිං පුතා තුවක්කු දෙක අරන් එන්න කියලා// එහෙම සීනි දාල පුකට වෙඩි තියෙනවනම් කූඹි කාල මලත් කමක් නෑ.. හැක් හැක්..

      Delete
    5. @ සින්දු..
      Raa....yit.. Iwan you bloody bastard.. keep your fucking pen on the head and double-up 100 rounds around the blog.. knees up..knees up.. don't drop your fucking shoulders.. look straight..

      And.. sindhur.. why the fuck you are laughing? is that a fucking magic to you. OK.. put a headstand.. and don't come down until that bugger finishes his run. and laugh at him up side down. Idiot. :P

      Delete
    6. අම්මට හුඩු , හොඳ වෙලාට කඩ්ඩෙන් කිව්වේ , සිංහලෙන් කිව්වානම් ඕක කොරන්න් එපැයි .
      හොඳ වැඩේ සිංදුවට ආවා මට කෙලින්න. ඔය ඉන්නේ තනියට එවුං හැක්

      Delete
    7. ඔහොම කට්ටිය අනන්තවත් හිටියා.. ඈතින් යන ඒවා ඇදල අරන් තියා ගන්න උන්.. ඒකෙන් උන් විතරක් නෙවෙයි ලඟ පහල ඉන්න උන්ටත් ටොපි බෙදනවා.. හැක් හැක්..

      Delete
    8. //ආර් ඒ ඒ .... yit .. Iwan ඔබ ලේ වැකි අවජාතකයා .. දණ දක්වා up..knees .. හිස හා බ්ලොග් පමණ ද්විත්ව දක්වා 100 වට ඔබේ මඟුලේ පෑන තබා .. ඔබේ මඟුලේ උරහිස් අතහැර නැහැ .. බලන්න කෙලින්ම ..

      හා .. sindhur .. ඇයි මගුලක්ද ඔයා හිනාවෙන්නෙ? ඔබට ඒ ඇතුළෙ මැජික් වේ. හරි .. .. මම headstand තබා බව අත හරවමින් ඔහුගේ ලකුණු කරලා ඉවර වුණාට පස්සේ තෙක් බැස ඇවිත් නැහැ. සහ ඔහු අනික් පැත්තට පහළට හිනා. උනේ නෑ. : පී//


      ඉවාන් හොඳ වෙලාවට මම ඉංග්‍රීසි දන්නේ නැත්තේ ...ගුගල් ට්‍රාන්ස්ලේටර් එකෙන් තමයි මම ඔය කියන ඒවා දැනගත්තේ ...එත් බන් එකේ මට මොනවත් කියලා නැනේ .කාමියා ෂොට් එකක් දාලාද කොහෙද ඉඳලා තියෙන්නේ .හැක් හැක්

      Delete
    9. මම නෙවෙයි බං.. බලපං ගූගලයා බීලද කියලා.. :p

      අවුලක් නෑ.. අපිටත් ඉස්සර ඔහොම තමයි ඕවා තේරුණේ.. දෙක තුනක් කණ හරහා වදිනකොට ඔටෝ හරි යනවා.. හෙහ් හෙහ්..

      Delete
  24. දැන් එතකොට ආරක්ෂක අංශ සේවයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලාද...මමත් ඉතිං පාසල් කාලෙ කැඩෙට් කකුලක් නිසා..ගිනි අව්වෙ පිච්චෙන ගමන් ෆෝවඩ් රෝල් ගහලා / නකලස් ඩිප්ස් ගැහුවාම දැනෙන ආතොල් එක හොදට දන්නවා. වතාවක් ගම්පහ ප්‍රසිද්ධ කාන්තා පාසලක් ඉදිරිපිට ගිණියම් වෙච්ච තාර පාරෙ නකල්ස් ඩිප්ස් ගැහුවෙ අපි...කෙල්ලො බලා හිටිය හැටි මතක් වෙද්දි වාවන්නෙ නෑ අයියෝ...අක්මාව හිරිවැටෙනවා..

    ඉස්සර අපේ මාර්ගයේ තමයි ගණේමුල්ල කමාන්ඩෝ කොල්ලො වැලි කො‍ට්ටෙයි වෙෆන් එකයි අරගෙන දුවන්නෙ. දුවන්න බැරුව නතර වෙලා හිටිය කොල්ලෙක්ට උපදේශකයෙක් වැට පොල්ලක් කඩාගෙන තිරිසන් විදියට ගහපු බවක් මගේ පුංචි හිතේ තවම රැදිලා තියෙනවා..අපේ මහප්පගෙ ගේ තියෙන්නෙ ප්‍රධාන පාර අයිනෙමයි...ඒ අය පාර අයිනෙ මේසයක් තියාගෙන උපදේශකයන්ට හොරෙන් කොල්ලන්ට අයිස් කැට දුන්නා කටේ දාගෙන දුවන්න.

    සිරා කොලුවා ලංකාවට ආවම අර කිව්ව අශෝක ගහ යට සෙට් වෙලා නාන තටාකයට බහිමු...මම පණිවිඩේ දෙන්නම් ආවම..ගල් බලකාය එතන රැස් වෙයි වෙලාවට කලාවට....අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. // ආරක්ෂක අංශ සේවයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලාද.. // උඹට කියන්න සිරෝ.. මට දැන් ඒ පැත්තෙ යන පාරක්වත් මතක නෑ.. සම්පූර්ණෙන් අතෑරල ඇවිත් හුඟක් කල්. ඔය ඩිප්ස් නැත්නම් පුශප් කියන්නේ හමුදාවෙදි පනිශ්මන්ට් ඩ්‍රිල් එකක්.. ?? ඔච්චරයි.. හැබැයි එකදිගට සීයක් විතර ගහන්න ගියාම සෙද්දෙ සෙවෙනව.. අර ගෑණු ඉස්කෝලෙ ඉස්සරහනම් උඹල වැඩ කරුවෝ වගේ ගහන්න ඇති නේද? ඊට පස්සෙ කැඩෙට් බැච් එකේ කී දෙනෙක් ඒ පැත්තෙන් හිච් උනාද?

      සැක්.. අපිට බැරි උනානේ ගණේමුල්ල පැත්තෙ දුවන්න.. නැත්නම් අයිස් කැටයක් එක්ක විස්කි අඩියක් ගහ ගහම දුවන්න තිබ්බා.. ඔය 'තිරිසං' ගැහිල්ල ඒ දවස්වල හමුදාවට එච්චර ආගන්තුක නෑ. අපිටනම් ඉන්ස්ට්‍රක්ටර් ල අත තියන්න එන්නෙ නෑ. ඒකටත් එක්ක රෑට බීල ඉන්න ඔෆිසර්ලගෙන් කන්න වෙනවා.. ඕක චක්‍රයක් වගේ කාලයක් ආවා. දැන්නම් ගහන්න/ රැග් කර්න්න සම්පූර්නයෙන්ම තහනම්. අහුවුනොත් කෝට් මාශල්..

      අශෝක හෙවනත් බ්ලැක් පූල් එකත් බ්ලොග් මිත්‍රයෝ පිළිගන්න ආසාවෙන් ඉන්නවා.. ජය ශ්‍රී!

      Delete
    2. //""ආරක්ෂක අංශ සේවයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලාද..""// සෙද්ද තමා ,ඌව අපකීර්තිමත් ලෙස පහ කරලා තියෙන්නේ ..ඕ යේස් ... හැක්... අපි දිව්වා

      Delete
    3. හතර වසරේ රිපෝට් පොතෙත් ඔහොම තමයි තිබ්බේ. ඔහුව අප කීර්තිමත් ලෙස පහ (වසරට සමත්) කර ඇත. තැන් කූ තැන් කූ විස්තර කරාට..

      Delete
  25. මම නම් අසා නැහැ බං කමියෝ ඔය වැඩවලට.ඔය කට්ට කන්න මට නම් බැහැ.එක පාරක් "රන්ටැබේ"කැඩෙට් කෑම්ප් ගිහින් හොඳ කට්ටක් කැවා.ඇරිලි නැහැ වැහිලි විතරයි.

    ReplyDelete
    Replies
    1. මාත් ආස නෑ බං ඒකනේ දමල ගහල ආවේ :p
      ඔය වැහිල්ලත් (කොලේ වැහිල්ල එහෙම..) එක විදියක ඇරිල්ලක් තමයි.. ගොඩාක් දෙනෙක් වහල තමයි අරින්නේ.. පොඩ්ඩක් දනකොට තමයි දන්නේ ඇරලා කියලා.. හැක් හැක්..

      Delete
  26. //මං බැච්ටොප්. හයස්ට් ඇග්‍රිගේටර්.. බෙස්ට් මිඩ්ශිප්මන් (ස්වොර්ඩ් ඔෆ් ඔනර්) ඇන්ඩ් සික්ස් මන්ත් සීනියොරිටි ගේන්..

    හප්පේ බලන් ගියාම එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මේ .... :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ හංසියෝ.. කෝ මේ කොලර් එක.. (මේ ඔයා පිස්සුනං කියවන්න එපා ඔය බීපු කාපු වෙලාවට කියන ඒව අල්ලගෙන.. හැක් හැක්..)

      නිහඬ බව බිඳින්න කිව්ව නිසා ඔන්න අපිනම් ලිව්ව කෝ ඒත් කිසිම සද්දයක් බද්දයක් නෑනේ ඒ පැත්තේ? ලියමු ලියමු.. ජය ශ්‍රී!

      Delete
  27. බලං යද්දි එසේ මෙසේ පොරක් නෙමෙයිනෙ අෆ්ෆා... මරු කතාව.

    ReplyDelete
    Replies
    1. ඒකට ඔහොම බලං යන්න එපා.. ටිකක් නිවීසැනසිල්ලේ බලන්නකෝ.. එතකොට තේරෙයි කිසිම පොරත්වයක් නැති සාමාන්‍ය එකෙක් කියලා.. රස්සාවක් කරන්නේ ජීවත්වෙන්න කීයක් හරි හොයාගන්න මිසක් කර තියාගෙන ඇවිදින්න නෙවෙයි.. :)

      තැන්කූ මහේෂ් කලාහිත පැත්තේ ආවට.. ජය ශ්‍රී!

      Delete
  28. මේ වදදීම් දැන් හිනා වුනාට මහා තිරශ්චීන වැඩ!

    ReplyDelete
    Replies
    1. එකඟයි 100%ක්ම මං ඕකට නේවි එකේ ඉද්දිම විරුද්ද වුණු හා එරෙහිව කතා කරපු එකෙක්..

      Delete
  29. පොඩ්ඩක් විතර තාක්ෂනිකයි වගේ.. එත් මම කැමති ලියුම් රටාවක් ... කැම්පස් රැග ගැන ලියද්දි මේ ගැටලුව මට ආවා.. සියළු ජහමනයාට ගැලපෙන ලෙස ඒ අත්දැකීම ලියන්න..... ජය ශ්‍රී..

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටෙක මේල් එකේ දැකල මං හැමතැනම හෙව්වා අලුත් පෝස්ට් එකේ.. බැලින්නම් මෙතනනේ තියෙන්නේ. හැක්.. පාරිභාශික වචන පොදු පාඨකයාට හුරු නැති නිසා මේවා ලියනෙක හරිම අමාරුයි විස්තර නොකර.. ඉස්සරහට බලමු තව තව ලිහිල් කරල ලියන්න ලියනකොට. ස්තූතියි.

      Delete
  30. මමත් කෙඩෙට් ඔෆිසර් අප්ලයි කරලා කොලඹ තිබුන අන්තිම ඉන්ටවිව් එක වෙනකන් ගිහින් ඒකෙන් හැළුනා. 1982 කේ. මේ ට්‍රේනින් එක ගැන කියෙව්වම නොගිය එක ගැන සතුටු උනා. ඔබට ජය

    ReplyDelete