ඔන්න පිට පිට දෙවෙනි ඉරිදාවටත් අපේ ව්‍යායාමය
වෙනුවෙන් කැප කල සාර්ථක ගමනකින් පස්සේ ඊයේ ඉරිදා රෑ 1 පමණ වනවිට
මම,
විදානේ, කටුස් හා
මුද්දා නිරුපද්‍රිතව මොනරාගල සිට නැවත කොළඹ පැමිණියා. අපි පිටත් උනේ සෙනසුරාදා හවස
7.30 ට පමණ
කොළඹින්.. ගිය වර මගේ ගමන් සගයින් දෙදෙනා ට අමතරව මෙවර එකතු උනේ විදානේ පමණයි.. මේ
පාර අපිට ගිහින් එන්න සුවපහසු වාහනයක් කතා කර ගත්තා..
විස්තර බොහොම කෙටියෙන්.. පහුගිය බ්‍රහස්පතින්දා
වැඩේ confirm
කල වෙලේ ඉඳන්
සෑහෙන්න වැඩ කොටසක් මේ වනවිටත් සිදු වෙමින් පවතිනවා. ලිඳ අවට පිරිසිදු කර ලිඳ නැවත
බැඳීමට හා වටේ පාදම දැමීමට,
වතුර පොම්පය
තබන ස්ථානය පිළිසකර කිරීමට සුදානම් කර තිබුනා. ලිඳේ සිට පාසල දක්වාම කානු කපා වතුර
බට සහ කන්ඩියුට් බට එලා ඇති අතර තවම ඒවා වසා දමා නෑ. අපි යනවිට ලොකු බාස් උන්නැහේ
හා ගෝලයෝ පාසැල තුල ජලනල එළිම හා ඒ සඳහා කාණු කපමින් හිටියා.
සිමෙන්ති, කම්භී, ගල්/ වැලි, වතුර ටැංකිය, GI බට, වතුර බට, වයර් ආදී
බොහෝ දේ මේ වනවිට මිලදී ගෙන පාසල් වත්තට හා ලිඳ බඳින තැනට ප්‍රවාහනය කොට තිබෙනවා.
තව ගල්/ වැලි පයිප්ප ෆිටින්ග්ස් ආදී සමහර දේ මිලට ගැනීමට නියමිතයි.
ඊයේ ගමනේ සිදුවූ වැදගත්ම දේ නම් වැඩ කරගෙන
ආ sequence
එක වෙනස්
කිරීමට උපදෙස් දීමයි. එනම් ලිඳ බඳින වැඩේ හා බට එලන වැඩේ මුලින් අවසන් කර ටැංකිය
සවිකිරීමේ වැඩ දෙවනුව ඇරඹීමට බාස් උන්නැහේ සිතා සිටි බවක් පෙනුනා. නමුත් ටැංකිය
රඳවන කොන්ක්‍රීට් ආධාරකය මුලින් නිම කරන ලෙස මා උපදෙස් දුන්නා.. එය වේලීම සඳහා
සතියකට වැඩි කාලයක් ගතවෙන බැවින් ඒ අතර තුර අනෙක් වැඩ කර ගත හැකියි. එසේ නොවුනහොත්
'කොන්ක්‍රීට්
සවි වෙනතුරු'
සතියක් පමණ
වැඩ idle
වෙනවා. ඒ
කාලයේ බාස් උන්නැහේ වෙන වැඩක් පටන් ගත්තොත් ආයි මෙතනට ගෙන්න ගන්න හොර වෙනවා. ඒ
වගේම මගේ අත්දැකීමේ හැටියට ඕනෙම වැඩක් දිගට දිගට ඇදි ඇදී යනවිට සියලු පාර්ශවයන්ගේ
උනන්දුව හීන වෙනවා.. මේ උනන්දුව තියෙන වෙලේ අපි කෙසේ හෝ මේ වැඩේ කර අවසන් කල
යුතුයි.
ටැංකි ආධාරකය සැදීමේ මුල් පියවර ලෙස ඊයේ
අපි එහි 'බේස් වලවල්' හතර අපේ ශ්‍රමයෙන්
කපා දී ආවා. අද ඒවා කම්භී බැඳ කොන්ක්‍රීට් කිරීමට නියමිතයි. එතනින් එහා විස්තර
චායාරුප සමඟින්.. අහ.. අමතක වුනා.. මේ ජල ටැංකිය රඳවන කුළුන 'කඩි' නමින් නම්
කිරීමට විදානේගේ යෝජනාවකට අනුව අපි සියළු දෙනා ඒකමතිකව තීරණය කරා.. කඩි යනු ගහන
ගහන උදළු පාරක් පාසා කටුස්සාගේ අතින් මිය පරලොව ගිය කළු කඩියි. ඒ පොළොවේ හැම තැනම
කඩිගුල් හා ගැඩවිලුන් සිටියා.. අපේ අතිනුත් නොසෑහෙන්න කඩින්ට හා ගැඩවිලුන්ට
නොකටයුතු කම් සිදු උනත් ඒවා එතරම් තැකීමක් කරේ නෑ.. ඒත් එක උදළු පාරක් ගසා එයින්
හානියට පත්වන කඩි ටික ගැන මහත් විස්සෝපයෙන් බලා සිටි කටුස් ගේ විලාශය නම් සදා
නොමැකෙන සුළුයි. ඔන්න එය සිහිවීම පිණිස මේ කුළුන අපි 'කඩි'නමින්
ඉදිකරනවා..
කොළඹ සිට මොණරාගල දක්වා.. සෙනසුරාදා රාත්‍රිය.. ගොඩකවෙල කිට්ටුව තැනක..
මොණරාගල සිට මියාගල දක්වා ගමන අරඹමින්..
මොණරාගල නගරය පසු කරමින්..
ආ.. යාලුවෙකුත් ඉන්නවා හිනා වීගෙන.. අප්පච්චි මළා කියලා ගෙදර තියන් ඉන්න ඇයි නෙහ්?
දඹගල්ලෙන් ගිහින් මීගහපිටිය හෙවත් අපේ මිතුරු සාජන් මහත්තයාගේ ගම පසුකොට මියාගල දෙසට හැරෙන තැන පාර.. මෙතන ඉඳන් මේ වගේ කිලෝමීටර් 15-16ක් විතර යන්නෝනේ මගේ හිතේ..
මේ මොණරාගල-උයනබැද්ද බස් රථය.. මේ අතුරු මාර්ගයේ ධාවනය උනාට මේකත් මියාගලට යනකම් යන්නේ නෑ.. එක්කෝ මගින් හරවනවා නැත්නම් හැරිලා වෙන පැත්තකට යනවා.. ආපහු එන ගමනේදී මියාගල බස් එක මුණට හමු උනත් ෆොටෝ එකක් ගහගන්න තරම් ඇඟට හයියක් තිබුනේ නෑ ඒ වෙලාවේ..
බස් එක පාරෙන් එකයි.. වාහන දෙක මාරු වෙන්න සෑහෙන්න රිවස් කරන්න උනා අපිට..
කොන්ක්‍රීට් දාලා තියෙන කෑලි අතරින් පතර මේ වගේ සුපිරි ආතල් දෙන පාර කෑලිත් තියෙනවා කඩින් කඩ.. මේ පාරේ තමයි බස් එක යන්නෙත්..
මියාගල ගම තියෙන්නේ ඔය ඉස්සරහා පේන කඳු රාජයාගේ අනිත් පැත්තට වෙන්න තියෙන පොඩි සානුවක වගේ කොටසක.. අපි තව ටිකකින් ඔය ගිරි දඹේ නගින්න ඕනේ..
ඉස්කෝලෙට ගොඩ වෙනකොටම වගේ මෙයා ඉන්නවා දිලිසි දිලිසි.. හිතට ෆිට් ඉතිං.. මේ අපේ වැඩක් නේ..
අපි එන බව සාජන් මහත්තයා කියල.. ලොකු සර්රුත් 'කුඹරේ' වැඩත් අතපහු කරගෙන උදේ වරුවම ඇවිත් හිටියා.. 'කුඹුර' කියන එක මේ පැත්තේ හැමෝම ශබ්ද කරන්නේ 'කුඹර' කියලා..
මට ඉස්සෙල්ලම යන්න ඕනි උනේ ලිඳ බලන්න.. අපිත් එක්ක ගිය අක්කගේ පුතයි අනිත් ඥාති පුතයි දෙන්නත් එක්ක මං ඉස්සර උනා.. බට වලලන්න සුද්ද කරපු කෙටි පාරෙන්ම දැන් ලිඳ ලඟට යන්න පුළුවන්..
කොහෙද ෆොටෝ එහෙකටවත් එක පැත්තකට හරවා ගන්න බෑ මේ කටුස් ව..
තාවකාලික බට ලයින් එක ආර හරහා ගන්න තාවකාලික ඇරෙන්ජන්මන්ට් ..
වාව්.. ලිඳ ළඟ ඔක්කොම එළි කරලා.. පරණ පාදම නම් ඔක්කොම ගැලවෙලා ගිහින්. ඒත් වතුර මෝටරය තියන්න තියෙන තැන පිළිසකර කරලා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා..
මෙන්න බඩු.. දෙයියන්ගේ පිහිටෙන් අපේ වැඩේ වරදින්නේ නෑ..
බලා ඉඳලා බෑ.. ටැංකිය තියන කුළුන හදන වැඩේ අදම පටන් ගන්න ඕනි කියල බාස් උන්නැහේට වචනේ දැම්ම.. මෙතන තමයි තැන.. උදලු ගාල ගන්න ඕනි ඉක්මණට මිනින්දෝරු මතත්තයා බලන් ඉන්නේ මැනලා නූල් ගහන්න..
ලොකු බාස් උන්නැහෙයි මිනින්දෝරුවයි 3-4-5 පයිතගරස් ප්‍රමේය දාල නූල් ගහනවා.. ගෝලයෝ දෙන්නා දෙපැත්තේ..
මෙයා ගමේ අංකල් කෙනෙකුත් අල්ලාගෙන තේ ටිකක් හදන්න වගේ අදහස.. ඒකත් නරක නෑ.
තේ පෝච්චිය බානකොට ඒ ලිපටම තියන්න මයියොක්කා අල ටිකකුත් සුද්ද කරලා ගත්තා..
නූල් ගහන්න බැරි උනාට අපිට නූල් සුත්තර නම් පුළුවන්..
හා හා පුරා කියලා මංගල පස් පිඩලි තුනක්ම කැපුවා තුන් දෙනාත් එක්ක.. එවලේ ඉඳන් තමයි ඔන්න නියම සෙමදානේ පටන් ගත්තේ.. උදලු පාරවල් දෙකක් ගහනවා.. අතේ දිය පට්ටා ගනිනවා.. වතුර උගුරු දෙකක් බොනවා.. වට පිට බලලා ඊළඟ එකාට උදැල්ල දෙනවා..
සෙල්ලම් නෑ .. ඊළඟ අවුරුද්දේ ගොවි රජා වෙන්නත් ඉඩ තියෙනවා ඔහොම හිටියට..
මෙයා ඒ අස්සේ අමුතු ධර්මයක්.. පොඩි දෙන්නට කැමරා ක්ලාස් එකක් දාලා කූල් එකේ..
ඒවා කොහෙද? පින් කර ගන්නකොට අපි විතරක් කරගෙන මදිනේ..
මෙන්න සාමුහික උත්සාහයේ ප්‍රථිපල..
මේ ඒකෙම තවත් ප්‍රථිපල..
හෙට තියෙන්නේ කම්භී බැඳලා බේස් වලවල් කොන්ක්‍රීට් කරන්න තමයි ඔන්න..
කලින් සැරේ ෆොටෝ වල මේ පන්ති කාමරය පේන්න තිබ්බේ නැද්ද කොහෙද?
එතකොට මේ තියෙන්නේ දැනට ළමයින්ගේ ජල පිපාසය නිවන්න තියෙන පිළියම.. කවුරුහරි අම්මෙක් උදේට වතුර කලගෙඩි දෙකක් ගෙනත් මේ ටබ් එකට දානවලු..
බේස් වලවල් හතරත් කපලා දීල අවශ්‍ය උපදෙස් හා උනන්දුවත් ගෙනියපු බිස්කට් කෙසෙල් ගෙඩි ටිකත් ඒ අයටම දීල අපි පාන් කියා ගන්න බැරුව ආපහු එන්න ආව.. අපේ මාතලීටත් වෙලා ගිහින්ද කොහෙද පිඹල ආවා අපි නිකන් ටින් එකක් ඇතුලේ දාල හොලවන කවඩි වගේ තමයි වෑන් එක ඇතුලේ හිටියේ.. මොනවහරි කතා කරේ පොඩි උන් දෙන්න විතරද කොහෙද.. කොච්චර බඩගිනි තිබ්බත් අපි ආපු ගමන් රෙදි සබන් අරගෙන ගියේ කුඹුක්කන් ඔයට.. ඔයේ හිතල වතුරට පුළුවන් උනා පරිස්සමෙන් අපේ හිතේ සතුට ඉතුරු කරලා ඇඟේ මහන්සිය සෑහෙන දුරට හෝදලා අරින්න.. නාලා ඉවර වෙනකොට අපේ අක්කගේ බත් එකේ සුවඳ ගඟ මායිමට ආවා අපිව එක්ක ගෙන යන්න..
ඔන්න ඉතින් අක්කත් එක්ක ගේ දොරකඩ ඉඳන් සමුහ චායරුපෙකටත් කට්ටිය පෙනී හිටියා..
රයිට්. මොණරාගල වතුර Project එකේ මීළඟ සහ බොහෝ දුරට අවසන් වාර්තාවත් එක්ක ආපහු එන්නං. එතකං ජය වේවා කියුව..
- ක.මි.