Wednesday 7 February 2018

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ හැසිරීම සාධාරණිකරණය කල හැකිද? Battle hardened militants in diplomatic suit- Brigadier Priyanka Fernando Scandal

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටඅනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා(ආරක්ෂක) ආක්‍රමණශීලී අයුරකින් හැසිරුනේයැයි එම උපදේශකවරයාගේ වැඩ තහනම් කර ඇත. මෙම සිදුවීමේ වීඩියෝ දර්ශන පසුගිය කාලය පුරාම අන්තර්ජාලය පුරා සංසරණය විය.

පසුගිය නිදහස් දිනය දා(04දා) ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ගෝෂණය කළ උද්ගෝෂකයන්ට සිය ඇඟිලි ඇසුරෙන් ගෙල සිඳ දැමීම සංඥා කිරීමේ සිදුවීම හේතුවෙන් ඇතිවූ මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව කඩිනමනින් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.


- මාධ්‍ය නිවේදනයක්..

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයානනි.
බ්‍රිතාන්‍යයේ කොටි ළග දෙකට නැමෙන් නැතුව ගින්දර වගේ සිටි ඔබට මාගේ හදපිරි උත්තමාචාරය..😍💪
"අවර් නේෂන් තමිල් ඊළාම්"
"අවර් ලීඩර් ප්‍රභාකරන්" කියද්දී.
ඇගේ මාලු අපෙත් නටනව..එතන හිටපු සහ ඒ අවස්තාවට මූන දීපු ඔබේ තත්වය හොදින් තේරුම් ගත හැකියි.


-facebook ප්‍රතිචාරයක්..

‘බෙල්ල කට්‘ පෙන්නූ කවුද මේ ප්‍රියංක?

ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.
ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත.


- ගොසිප් පුවතක්..

දෙමළ “බෙලි කපන” බ්‍රිගේඩියර් ගේ වැඩ තහනම් | VIDEO

ශ්‍රී ලංකාවේ නිදහස් දින සමරුවට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට මරණීය තර්ජනය කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර තානාපති නිලධාරියාගේ වැඩ තහනම් කොට තිබේ.
- 'වෙනස් විදියකට' ලියු තවත් වෙබ් පුවතක්

‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල
කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]February 6, 2018 at 10:38 pm | lanka C news

- ලංකා සී නිවුස්..

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටින ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයාගේ (Minister Counsellor-Defence) සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යංශය මේ බව අද (පෙබරවාරි 06) මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව බලධාරීන් විසින් වහා පරීක්ෂණ අරඹනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වී තිබේ.

අදාළ නිලධාරියා ආක්‍රමණශීලී ආකාරයකින් හැසිරුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් ඇති වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.


- BBC සිංහල නිව්ස්

BBC සිංහල නිව්ස් වෙබ් අඩවියෙන් උපුටාගත් අදාළ ලිපියේ කොටසක්.

හමුදාවෙන් වෙන මක්කා බලාපොරොත්තු වෙන්නෙයි....
- ජේෂ්ඨ/ ප්‍රවීණ බ්ලොග්කරු මාතලන්.

රායිට්.. ඔය උඩ තියෙන සේරම 'Brigadier Priyanka Fernando' නැත්නම් සිංහලෙන් 'බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු' කියල ගූගල් සර්ච් කරාම බලාගන්න පුළුවන්. තව විස්තර ඕනිනං ඔහු 2006-2009 වන්නි අවසන් මෙහෙයුම කාලේ 591 බලසේනාවට අයත් 11 වෙනි ගැමුණු හේවා රෙජිමේන්තු අණදෙන නිලධාරී ලෙස (ඒ කාලේ කර්නල්) මුලතිව් ප්‍රදේශය තුල සටන් බාරව කටයුතු කල නිලධාරියෙක්. ඒ වගේම යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසු නිරායුධ දෙමළ ජනතාව මුදාගැනීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට නැවත පදිංචි කිරීමට සෑහෙන්න වැඩ කොටසක් කරලා තියෙනවා. තාවකාලික කඳවුරු වල සිටි ජනතාව හා විශේෂයෙන්ම පාසැල් ළමුන්ට ආධාර කිරීමට එකතුවුනු පරිබාහිර පුද්ගලයින් ඒ සඳහා සම්භන්ද කර දෙමින් දෙමල ජනතාව සමඟ සුහදව කටයුතු කල නිලධාරියෙක් නිසා ඔහු එම ප්‍රදේශවල දෙමල ජනතාව අතර යම් ප්‍රසාදයක් දිනාගෙනත් තියෙනවා.. රයිට්.. ඒ ගැන ඒ ඇති.
කර්නල් ප්‍රියංක ප්‍රනාන්දු එවකට යුද බිමේදී...
මගේ මේ ට්‍රයි එක ‘හමුදා නිලධාරියෙක්’ ලෙස ඔහු මේ උද්ගෝෂණය අවස්ථාවේ හැසිරුණු ආකාරය හා ඔහු ඒ වනවිට නොපෙනෙන්න ඇඳගෙන හිටිය හමුදා නිළ ඇඳුමට වඩා බොහෝ බර Diplomatic ඇඳුම අතර ගැටුම ගැන කතා කරන්නයි.

ඇත්තටම කියනවනම් මේක හමුදා නිලධාරීන් තුල තියෙන අභ්‍යන්තරික ගැටුමක්.. 

අද මේ මට්ටමේ නිළතල වල ඉන්න හමුදා නිලධාරීන් බොහොමයක් තමන්ගේ සේවා කාලය අවුරුදු විසි පහක් තිහක් සපුරපු අය.. ඒ කියන්නේ ඔවුන් 80 මැද බාගයේ ඉඳල අනුවේ මැද බාගය වගේ වෙනකම් කාලයේ හමුදාවට සම්භන්ද වෙලා සේවය කරන්නේ.. හමුදාවට නිළධාරීන් බඳවා ගන්න වයස අවුරුදු 18-22 ත් අතර.. තමන්ගේ පාසැල් අද්‍යාපනය හදාරපු ගමන් එක්කෝ උණට.. නැත්නම් රස්සාවක් ඕනි කමට.. උපරිම ඔය දෙකටම හමුදාව තෝරා ගත්තු පිරිසක්. 

වැදගත්ම දේ.. බඳවා ගත් දින සිටම ඔවුන්ව හැම අතින්ම පුහුණු කරන්නේ ‘සතුරාට’ මුහුණ දෙන්න. මේක හරිම vital පොයින්ට් එකක්.. සමහරවිට මාතලන් //හමුදාවෙන් වෙන මක්කා බලාපොරොත්තු වෙන්නෙයි// කියල බුකි ස්ටේටස් එක දාන්න ඇත්තේ මේ ගැන හිතල.. මිතුරෙකුට නැත්නම් මධ්‍යස්ථ පුද්ගලයෙකුට මුහුණ දෙන්න හමුදාවෙන් පුහුණු කරන්නේ නැද්ද? ඉස්සරහදි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නං. රයිට් අගේන්.. ඉතිං හිරිමල් වයසෙන්ම හමුදාවට ජොයින් වෙලා තමන්ගේ භද්‍ර යෞවනය අවි ආයුද මිලිටරි සූට් බූට් එක්ක, යුද බිමේ ‘සතුරන්’ එක්ක, වෙඩි හඬ එක්ක ගත කරලා.. මිලිටරි සූට් එකෙන් කසාද බැඳලා, කඩු තුඩු යටින් පෝරුවෙන් බැහැල.. කඩුවෙන් කේක් කපල.. හමුදා නිළ නිවාස වල ජිවත් වෙලා.. හමුදා ස්කීම් එකෙන් ළමයින්ව ඉස්කෝල වලට දාල.. හමුදා වාහන වලින් ගමන් බිමන් ගිහිල්ල.. තව ගොඩක් ලියන්න පුළුවන්.. ඒත්.. ඔයාකාරයට හමුදා..හමුදා...හමුදා.. ජිවිතයට Condition කරපු නිලධාරීන් තමයි දැන් ඔය තැන්වල ඉන්නේ.. ඒ එකක්. 

ඊට පස්සේ යුද්ධය.. දෙවෙනි.. තුන් වෙනි.. සිව්වෙනි.. විදියට ඇවිත් ‘අවසන් සටනේත් හුස්මට සමවී’ නොමැරී හිටියා උනත් එකට ඉඳල ‘කුසුමක් වෙලා ළය පිපුණු’ සොයුරන්ගේ මතක හිත පාරවද්දීත් ‘රන් වැටක් ලෙස සිව්කොනේ’ ‘රෑ පුරා දැල්වුණු දේශයේ මුර දේවතා එළි’ වෙනුවෙන් ‘තුන්හෙලේ හැම අම්ම කෙනෙක්ගේම ළය කිරි එරුණු’.. ‘මව් කුසින් නොව මිහි කුසින් මෙළොව එලිය දුටු’ ‘තුන් හෙලේ මේ සිංහ පැටවූ’.. ‘අපෙන් එකෙක්..’ ‘අපි වෙනුවෙන් අපි’.. මට මතක් වෙනවා ඉස්සර හිටිය ප්‍රසන්න සංජිව තෙන්නකෝන් වගේ නමක් තියෙන ලේඛකයෙක් ලංකාදීපේ ද කොහෙද.. මිනිහා ලියන ආටිකල් කියෝනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා.. ආයි මොනවද.. දේශානුරාගය ඕවර්ෆ්ලෝ වෙනවා.. (දැන් කොහෙද දන්නේ නෑ..කාලෙකින් දැක්කේ නෑ).. එතකොට අයි.ටී.එන්. එකේද කොහෙද හිටිය සුජිත් වගේ නමක් තියෙන ප්‍රසෙන්ටර් කෙනෙක්. හම්මේ බලන්න ඕනි අවසන් සටනේ විශේෂ අවස්ථා යුධ බිමේ ඉඳන් වාර්තා කරනකොට.. අර පුංචි කාලේ සිංහල පාඩම් පොතේ තිබ්බ ඇස් පේන්නේ නැති සියා කණවැල අල්ලන කොල්ලගේ යුද්දේ විස්තර අහල හැරමිටිය උරුක් කරන් යුද්දෙට යන්න හැදුව වගේ ආපේ ගෙවල් වල වයසක ගෑනු උන්දලා පවා යුද උන්මාදයෙන් මත් වෙනවා.. සෙල්ලං නෑ ‘රණවිරුවෙක්’ය කියන්නේ..

ඊළඟට එනවා.. කලින්ට වඩා ටිකක් සවිඥානිකව හිතන්න ඕනි වෙච්චි කාලයක්.. මොකද කොටසකට තාමත් හමුදාවේ උන් ‘රණවිරුවෝ’ම වෙද්දී තවත් කොටසකට උන්ම ‘ලයිසන් මිනීමරුවෝ’ වෙනවා. මේකට හේතු හමුදාව ඇතුලෙන්මත් නිර්මාණය වෙද්දී වඩා වැඩි හේතුන් නිර්මාණය වෙන්නේ දේශපාලනිකව.. මේ ඕනෙම හේතුවකින් එක රැයකින් රණවිරුවෙක්/ දේශප්‍රේමියෙක් විදියට හිටපු එකා ලයිසන් මිනි මරුවෙක් / දේශද්‍රෝහියෙක් වෙලා හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. හොඳම සහ වැදගත්ම දේ.. සත්‍ය කුමක් වුවත් මේ හැම එකක්ම සාපේක්ෂයි.. මට හොඳ එකා මගේ හොඳම යාලුවට වහ කදුරු වගේ..අන්න ඒ තරම් සරළයි කතාව. 

අන්න ඔතනයි අර හමුදා නිලධාරීන්ගේ හිත් තුල නිර්මාණය වෙන අභ්‍යන්තර ගැටලුව එන්නේ.. ඇයි යකඩෝ උනුත් මිනිස්සුනේ.. කොච්චර ‘ඔළුව කල්පනාවෙන්’ ඉන්න හැදුවත් සමහරවෙලාවට අර ‘රණවිරුවා’ උඩ එනවා.. මේක අර දොස්තර රුවන් ලියනවා වගේ PTSD තත්ත්වයක් නෙවෙයි.. May be just a brain fade moment or two.. එහෙම වෙලා මේ වගේ ‘දාර පිස්සුවක්’ කෙළියට පස්සෙත් තව ලෙඩක් එනවා.. ඒ කියන්නේ fight for pride.. නිකම්ම ඔලුව කසල සොරි සර් කියල ෂේප් වෙන්නේ කොහොමද.. 

‘යකෝ I’m a bloody one of most decorated war hero in this fucking country.. How about those days.. හමුදාවේ එකෙක්ය කියුවම මැස්සෙක්වත් උඩින් ඉගිල්ලුනේ නෑ.. Ask the bloody motherfuckers to do what they can do.. will see.. යුනිෆෝම් එක ගලෝල ගෙදර ගියත් මං කරපු දෙයක් කියපු දෙයක් වැරදියි කියල මම පිලි ගන්නේ නෑ..’ මෙන්න මේ තත්වෙට කියන ලෙඩේ නම් මම හරියට දන්නේ නෑ.. අපේ බාසාවෙන් කියුවොත් නම් Ego එක වගේ එකක් වෙන්නොනි. 

ඕකට එකතු වෙච්චි අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ෆේස් බුක් බැක් එක නැත්නම් රිෆියුසල් එක.. රැල්ල තමන්ගේ පැත්තට හැරුනොත් ඕනි සුනාමියකින් ගොඩ එන්න පුළුවන් බලයක් තියෙනවා මේ ෆේස්බුක් රැල්ලටත් දැන්.. සල්ලන් නෑ. 

දැන් කාගේද කොතනද වැරැද්ද?

උඩින් තැනක කියුවනේ ‘මිතුරන් එක්ක නැත්නම් මධ්‍යස්ථ මිනිසුන් එක්ක ගණුදෙනු කරන්න’ හමුදාවේ අය පුහුණු කිරීමක් ගැන.. නැත්තේ නෑ.. හමුදාවේ ඉහල නිලතල වලට යනකොට ‘නායකත්ව පුහුණු’වල ඉඳල බොහොම ඉහල මාණ්ඩලික නිළධාරී පුහුණු, අන්තර්ජාතික හමුදා කටයුතු පුහුණු, අධ්‍යයන කටයුතු, අන්තර්ජාතික සැසි, සම්මන්ත්‍රණ වගේ දේවල්, International humanitarian law, human rights, international relations, rules of engagement වගේ බොහෝ ඉහල මට්ටමේ පුහුණු ලැබෙනවා. හැමෝටම? නෑ. 

ඕනෙම හමුදාවක නිළ මට්ටමෙන් නොවුනත් නිලධාරීන්ගේ ශක්‍යතාවය මත යම් යම් විශේෂ කොටස් අඳුනගෙන තියෙනවා.. එහෙම එක කොටසක් තමයි carreer officers ලා කියල හඳුන්වන්නේ.. මේ අය සාපේක්ෂව academic පැත්තෙන් ඉදිරියෙන් ඉන්න ගමන් operational පැත්තෙනුත් ‘ජාම බේරාගෙන’ ඉන්නවා. ඒ වගේම ඉදිරියට යන්න අවශ්‍ය කරන අනිත් සුදුසුකමුත් සමහර වෙලාවට පුද්ගලික දේවල් කැප කරලා පවා ඉගෙන ගන්නවා. මොකද ඔවුන්ගේ අවශ්‍යතාවය ‘ඉහළටම’ යන්න. ඒකට වරදක් කියන්න බෑ. තව කොටසක් ඉන්නවා past glory එක මත නැත්නම් ‘ඒ කාලේ කරපු වැඩ’ මත survive වෙලා ඉන්න.. ඒ අය යම් තරමකට ඉහලට ගිහින් ගන්න පුළුවන් වරප්‍රසාද අරගෙන ‘ටුවර් එකක් දෙකක් ගිහින්’ ‘අඩියක් පුඩියක් ගහල’ පුළුවන් තරම් කාලයක් ඉඳල රැස්පෙක්ට් එකත් තියාගෙන විශ්‍රාම යනවා.. තව කොටසක් ඉන්නවා මාකට් කරන්න ලොකු හිස්ට්‍රි එකකුත් නෑ.. මහන්සි වෙලා ඉස්සරහට යන්න ඕනිත් නෑ.. තමන්ගේ ‘ටාගට්’ ටිකට යනකම් හමුදාවේ අණ පනත් නීති රෙගුලාසි එක්ක හැංගි මුත්තන් කර කර කාලේ ගෙවනවා.. තවත් කොටසක් ඉන්නවා බොහොම සාධාරණ විදියට තමන්ගේ කොටස ඉටු කරලා ලොකු සීන් මොකුත් නැතුවම නියමිත කාලේ ආවම විශ්‍රාම අරං අයින් වෙන. 

ඔය ‘carreer officers’ ලා අතරත් ඉන්නවා එක එක පැති වලට වැඩිපුර දක්ෂ අය.. සමහරු Admin වලට, සමහරු Operation වලට.. සමහරු Diplomatic Relation වලට.. ආ..න්න වචනේ ආවා.. හමුදාවලම ඉන්නවා Diplomatic Relation වලට දක්ෂ අය.. 

උපායමාර්ගිකව වැදගත් තානාපති කාර්යාල වලට Defence Attache කෙනෙක් විදියට අත්දැකීම් සහිත හමුදා නිළදාරියෙක් පත් කිරීම සිරිතක්. ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙරට අතර තානාපති ගණුදෙනු වලට බලපාන ආකාරයේ ‘ආරක්ෂාවට සම්භන්ද’ ක්‍රියාවන් වලදී තානාපති තුමාට සහය වීම. ඔහොම කියුවට මේක හුඟක් වරප්‍රසාද සහිත වගකීමක්. පවුලත් එක්කම අදාල රටේ තානාපති වරප්‍රසාද සහිතව වසර දෙකක් පමණ සේවය කරන්න ලැබීමම කොච්චර දෙයක්ද? ඉතින් ගොඩක් දෙනෙක් ගේ හිත යට තියෙන හීනයක් තමයි ඉහලට යනකොට ‘defence attache’ පාරක් ගහන එක.. හෙහ්.. ඒකත් ඉතිං වරදක් නෑනේ.. 

හැබැයි එහෙම යන්න හීන මවන එකා.. තමන් ඒකට සුදුස්සෙක් වෙනකං ‘පුරුදු පුහුණු වෙන්න ඕනි.. කොච්චර දුරටද කියනවනම් තමන්ගේ ඉස්සරහ සිංහල මහා සෙනගක් ප්‍රභාකරන් මරල දාල කිරිබත් උයාගෙන කනකොට ඒකෙන් උද්දාම වෙලා තරු පටි උඩ දදා නටන්නේවත්.. තමුන් ඉස්සරහ දෙමළ ඩයස්පෝරා හරි මක්ක හරි එහෙක උන් ටිකක් ඇවිල්ලා.. ‘ඊළම අපේ.. ප්‍රභාකරන් අපේ නායකයා’ කියල කෑ ගහනකොට කොච්චර ඇඟේ ලේ නැටුවත්.. ‘යකෝ මම එඩිතර සිංහ’ලේ’ කොල්ලෙක්.. කපනවා තොපි ඔක්කොගෙම බෙලි’ කියල අභිනයෙන් වත් ප්‍රකාශ නොකර කොටිම්ම ‘ඩිප්ලෝමටික් ලෙවල් එකෙන්’ ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන තරමට තමාවම ශික්ෂණය කරගෙන සිටිය යුතුයි. 

ඒ වගේම ඩිප්ලෝමටික් වැඩවලට හමුදා නිලධාරීන් පත්කරනකොට ඥාති, හිතවත්, මිත්‍ර සංග්‍රහ නැතුව යුධ මානසිකත්වය නැතුව කළගුණ සලකන මානසිකත්වය නැතුව ජේෂ්ටත්වයට සලකන මානසිකත්වය නැතුව ‘සුදුසු පුද්ගලයින්’ පත් කරලා යවන්න අදාළ ඉහළ නිලධාරීන් කටයුතු කරන්න ඕනි.. හෙහ්.. විහිළුවක් වගේ නැද්ද? මේ ලංකාවේ..

අවසාන වශයෙන් අපි දැන ගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා.. හැම ‘හමුදා කාරයෙක්ම’ ලයිෂන් මිනීමරුවෝ නෙවෙයි.. හැම හමුදා කාරයාම ‘සතුරාට’ මුහුණ දෙන්න විතරක් උගන්නපු මැටි මෝල්ලුත් නෙවෙයි.. ඒ වගේම හැම හමුදා කාරයාම ‘Diplomatic mission’ වලට යවන්න පුළුවන් එවුනුත් නෙවෙයි.. හැම හමුදා කාරයම රණවිරු/ බියගුළු/ දේශප්‍රේමී/දේශද්‍රෝහී විදියට ලේබල් ගහල වෙන් කරන්න පුළුවන් එවුනුත් නෙවෙයි.. සරළවම කියනවනම් හමුදාව කියන්නෙත් ලංකාවේම.. මේ අපේ සමාජයේම කොටසක්.. ඉතින් අපි වපුරන බිජ වල ඵල අපිම නෙලා ගද්දි තව කාටවත් බැනලා වැඩක් වෙයිද?

137 comments:

  1. මේ සිද්දිය ගැන කියවපු සමබරම විග්‍රහය... එකෙන්ම එකඟයි කමියා

    ReplyDelete
    Replies
    1. තැන්කියු බ්‍රෝ.. දෙපැත්තම දකින්න තමයි මටත් ඕනි උනේ.

      Delete
  2. මේ ගැන ලියන්න බොහොම දේවල් තිබ්බත් දේශප්‍රේමියො ඇවිත් මාව පණපිටින් නිවන් යවයි කියල බයට මොකුත්ම ලිව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් දේශප්‍රේමියෝ ඇවිත් මාව පණපිටින් නිවන් යවයිද? :)))

      Delete
  3. කෝ යකෝ මං දාපු කමෙන්ට් එක?

    ReplyDelete
    Replies
    1. හිටාන් යකෝ හොයල දානකන්.. :)

      Delete
  4. කලිං දාපු කමෙන්ට් එක බහිරවයා ගිලලා.... මෙන්න ඒකම නැවතත්
    මේ සිද්දිය ගැන මං කියවපු සාධාරණම විග්‍රහය

    ReplyDelete
    Replies
    1. උඹල ස්පෑම් නේ එවන්නේ.. ඔන්න ස්පෑම් වෙලා තිබිල ගොඩ දැම්ම.. :) තැන්කියු අගේන්..

      Delete
  5. රිටයර් වුන පොලිස්/හමුදා නිලධාරීන්ට ඩිප්ලොමැට් පෝස්ට් දෙන එක පරිස්සමෙන් කරන්න ඕනෙ දෙයක් නෙ.

    ReplyDelete
    Replies
    1. කාට දුන්නත් පරිස්සමෙන් දෙන්න ඕනි.. හමුදා පුද්ගලයින්ට දෙන එක එක පැත්තකින් ලේසියි.. හොඳට ස්ටඩි කරන්න පුළුවන් පාස්ට් සර්විස් එකක් තියෙන නිසා.. අනිත් පැත්තෙන් හමුදා නිලධාරීන්ට එරෙහි බලවේග ගැන බලන්නත් ඕනි.. රටට එරෙහි බලවේග ගැන බලන්නත් ඕනි.. වැඩේ කියන්නේ ඩිප්ලෝමැට්ස් ලා පත් කරන්නේ අමුමැට්ස් ලා නේ.. :)))

      Delete
    2. //ඩිප්ලෝමැට්ස් ලා පත් කරන්නේ අමුමැට්ස් ලා නේ.. :)))//
      හමුදා වලින් හොඳයි කියල නම්කරල එවන ඈයොන්ව තමා යවන්නෙ.

      Delete
    3. //හොඳයි කියල නම්කර//න උන් ගැන තමයි කියුවේ.. 😆😆

      Delete
    4. ඩිප්ලොමැටික් කෝ එකෙන් නැතුව පිටින් පත් කරන එක මේතරම් අනිත් රටවලත් වෙනවද ? ඉන්ටෙලිජන්ශ් හෝ ඩිෆෙන්ස් අටෑශේ විතරක් නෙමෙයි ඔක්කොටම පිටින් දානවනෙ මෙහෙ

      Delete
    5. සමහර විට. ශ්‍රේෂ්ඨ නවකතා කතුවරයෙක් වූ චින්ගීස් අයිත්මානොව් සෝවියට් දේශයේ සහ පසුව කිර්ගිස්තානය වෙනුවෙන් යුරෝපිය සංගමය නේටෝ සහ බෙනෙලක්ස් වල තානාපතිවරයා වශයෙන් බ්‍රසල්ස් හි සේවය කළා.

      Delete
    6. A.S.P. ලියනගේ?

      Delete
    7. //A.S.P. ලියනගේ?// අයි ඈම් ෆිනිශ්ඩ්.. :D

      Delete
    8. මම දන්න තරමින් චිංගීස් තමයි යෙල්ට්සීන් රුසියාව විසුරවන කාලේ යෙල්ට්සීන්ගේ ප්‍රධාන උපදේශක විදිහට වැඩකලේ

      Delete
    9. //මම දන්න තරමින්// උඹත් දන්නා දේවල්.. :D

      Delete
  6. ලන්ඩන්වල ඉන්න මිනිස්සු ටිකක් එකතු වෙලා
    Our country Tamileelam
    Our leader Pirapakaran
    කියනකොට කලබල නොවී ඉන්න බුද්ධියක් නැති මනුස්සයෙක් කොහොමද ඔය කියන "බුද්ධි" වැඩ සම්බන්ධීකරණය කරන්නේ?

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්
      ඔයි මේ තමුසේ සල්ලි දීලා ලංකාවේ පුරවැසි කම ගත්ත කෙනෙක්. තමුසෙට බය නැතිව නිවාඩුවක් ගතකරන්න ලංකාවට යන්නේ මේ අය රටේ යමක් කරපු නිසයි ඔහේ ගේ බුද්දිය සුද්දන්ට දීලා අපිට කියන්න එනවද, එය බුද්දියක් නැති කෙනක් කියලා . තමුසෙගෙ බුද්දිය ගැන පැරමටා වල වටේට ඉන්න සිංහල /දෙමල / මුස්ලිම් මිනිස්සු හොඳට දන්නවා.
      තැනකට ගිහින් "කට ඇරියොත් වනේ" කියලා කියන්නේ. ත්‍රස්‌තවාදය උසිගන්වපු එවුන් ගැන බුද්ධි වැඩ සම්බන්ධීකරණය කරන හැටි ඔහෙට වැඩිය ඒ සඳහා පුහුණුව ලත් උදවිය දන්නවා. තමුන් ගොනෙක් කියලා ලෝකෙට නැවත මතක් කරලා දෙනවද ගොනෙක් නොවෙයි වැස්සක් කියලා නැවත නැවත පෙන්වන්න එපා

      රට අතහැරලා ගියානම් ඒ ගිය රටට වෙලා සුද්දන්හේ ලොලි පොප් කකා ඉන්නවකෝ ලබ්බටද ලංකාව ගැන හොයන්නේ.

      Delete
    2. ඇනෝ.. මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්නේ බ්‍රෝ.. ඉතිං රසික වගේ අයට ලංකාවේ පුරවැසිභාවය නැතත් මේ ගැන කතා කරන්න පුළුවන්. රසිකට කතා කරන්න තියෙන අයිතිය ගැන නැතුව රසික කතා කරන දේ ගැන කතා කරමුද?

      Delete
    3. This must be an act of sudden emotion. If I were there, I might be tempted to do the same. However, he is in the uniform and he represents the country. He has a responsibility to act diplomatic. He should be calm in uniform at least. I agree with Rasika's comment.

      Delete
    4. කල්‍යාණ ප්‍රශ්නය
      රසික හියුමන් රයිට් වොච්මන් කෙනෙක්ද ඔසියෝ හියුමන් රයිට්ස් ගැන කතා කරන්න ඔවුන් හරියටම හියුමන් රයිට්ස් රකිනවද ඔස්ට්‍රේලියාව සංක්‍රමිකයන් නැවත ආපු හරවා යවන්නේ කිසිම සොයා බැලීමක් නැතිව එක රැයින්. රසික කියන හාදයා එගැන වචනයක් හරි කතා කරනවද නැහැ .
      අවම වශයෙන් වෙනත් රටක් දෙයක් ගැන වත්, සිරියව ළමයි ගැන තියා ඔසී ඇබෝරිජිනල් ළමයි ව්නාශ වෙන එක ගැන කතා කරනවද නැ. ලංකාවේ මොකක් හරි වෙච්ච් ගමන් උගේ ලාංකීය පුකවත්වය දිග ඇරගන්නවා ඒ අහවල් එකටද ?

      Delete
    5. ඇනෝ බ්‍රෝ.. රසික ඒවා කතා කරනවද නැද්ද කියන්න මම ඒවාට අදාළ ෆෝරම් වල නෑනේ.. එකම දේ රසික ගේ ඒ 'ලාංකීය පුකත්වය'ටත් අපි අවස්ථාව දෙන්න ඕනි. :)))

      Delete
    6. 1. මා වෙසෙන පෙන්රිත් ප්‍රදේශයෙන් කිලෝමීටර් 35 පමණ දුරින් පිහිටි පැරමටා පැත්තේ වෙසෙන අයත් මා ගැන දන්නා බව ඇසීම ද සතුටකි.

      2. ඊටත් වඩා සතුටක් වන්නේ මේ අදාල සිදුවීමට වඩා, මා ඒ ගැන වචන කිහිපයක් ලිවීම වැදගත් වීමත්, ලන්ඩන් බුද්ධි සම්බන්ධීකරණ මිලිටරිකරුට වඩා මා වැදගත් වී ඇති බව දැන ගැනීමයි!

      Delete
    7. අන්නේකයි.. ගහක් ගලක් උද හිටියත් හරියන එකාට හරියනවා කියල අපේ ආච්චි කියුවේ.. :))))

      Delete
  7. මේක ගැන මං බුකියෙ කොමෙන්ටුවක් දැම්මා "මෙව්වයිං අපිට විරුද්ධව යන එකාලට අපිටම කෙලින්න ආවුද ලැබෙනව" කියල. දහ දොලොස් නමක් වටකරගෙන නෙලුවා. අන්තිමට මාව බුකියෙන් අතුගාලා දාන්න කොස්ස හොයන්න බවලත්තු කීප දෙනා එහෙට්ට මෙහෙට්ට වෙන අල්ල පනල්ලෙ බේරුනේ. අර මාගල් රවි උන්නැහැ තවම එතැන. පුලුවං එකෙක් ගිහිං බලහල්ලා අසරණයව.

    කොයිකටත් තමුන්නැහැත් ටික දොහකට ජාලෙං වහංවෙලා හිටියොත් හොඳා. කොයිකෙක් හරි මේක ගිහිං එතන එල්ලුවොත් ආයි ඕන්නෑ.

    ReplyDelete
    Replies
    1. බුදාම්මෝ ඒක.. කොමෙන්ට් එක ඊ මේල් එකෙන් කියෝපු ගමන් මම චන්ඩියා වගේ ගියේ ආයි කවුරුවත් මොකද මම ම ලිංක් එක දාන්නම් කියල.. දැනට වැටිලා තියෙන කොමෙන්ට් තිස් ගාණෙන් බාගයක් විතර කියෝගෙන එද්දී අදහස වෙනස් උනා.. මගදී රවියා මගේ අදහස ස්ථිර කරලා තිබ්බ. ස්තුතියි.. ඔන්න මම ගියා.. :)))

      Delete
    2. :) සුරංග මල්ලී නිදහස තියෙනවා මේ පෝස්ට් එක ඕනෙ නම් කමෙන්ට් එකක් හැටියට මගේ ෆේස්බුක් පෝස්ට් එකට දාන්න.

      Delete
    3. සුරංග මල්ලි නම් ආයේ දෙතුන් දොහකට නැගිටියිද වත් කියන්න බෑ.. දසුන් ප්‍රමුඛ දේශ හිතෛෂී බළකාය ෆ්ලැට් වෙන්නම දුන්නනේ එතැන. :))))

      Delete
    4. යමක් තේරුම් බේරුම් කරල දෙන්න පුලුවන් තැනක් නෙවෙයි ෆේස් බුක් එක කියන්නෙ. මම නම් ඕකෙ තියන ගොන් පාට් වලට සම්බන්ධ වෙන්නෙම නෑ. ඒත් අර සුරංගය තනියම ගේම ගෙනියන හින්ද සහයෝගයට ගිහිල්ල කමෙන්ට් එකක් දාල ආවෙ..

      ම්මට උඩු එතන ඉන්න බබලත්තු නෙව වැඩේ..ගෙදර දොරේ වැඩ කරන්නෙ රස්සාවට යන්නෙත් මං හිතන්නෙ සිංහයෙක් ලණු පොටකින් බැඳගෙන ඌත් ඉස්සර කරගෙන..පොඩ්ඩ බැරි උනාද නැග්ග සිංහයගෙ පිටේ.. වැනුව කඩුව හතර වටේ...

      Delete
    5. ඔහේ කියන්නේ.. මට කොටි මරාගෙන මැරෙන බෝට්ටුවක් දැක්කටවත් එහෙව් චකිතයක් ඇති වෙලා නෑ.. ඒකයි කිසි සහයෝගයක් නොදී ගිය පාරේම ආපහු ආවේ නැට්ට දෙපරන්දේ ගහගෙන.. හෙහ්.

      Delete
    6. මටත් කියල ඇතිවෙලා . මම බ්ලොග් පොස්ට් එකක් ලියනවා එරන්දි නංගිටත් දැනගනන් මෙහෙ මොකද වෙන්නේ කියල. ඔයාලට තවම ගේම තේරෙන්නේ නැහැ. අර කුම්බියෝ වත් බලන්න එතකොට තේරෙයි. අපි මේකේ ඉන්න නිසා දන්නවා මොකක්ද ගේම කියල. ඔය පෙළපාලි මහා බොරු විකාර. ඕවට තද වෙලා ගිය බිගේඩියර් බොළඳයි

      Delete
    7. ඔයා 'ලන්ඩන් අයි' එක වගේ ඔතන ඉඳගෙන ඔක්කොම දැන ගෙනත් අපිව මේ තාක් දැනුවත් නොකිරීම ගැන බලවත් මෙව්වා එක.. :/

      Delete
    8. ආය බොරු කියන්නෙ මොකටද මමත් සුර්නගයට නෙලුවා....

      Delete
    9. මං දැක්ක.. උඹයි දසුනුයි දෙන්න අවි අමෝරාගෙන ඉන්නවා.. හැක්..

      Delete
    10. මම හිතුවේ දන්නවා ඇති කියලනේ.

      Delete
    11. එහම බැන අඩගහා ගත්තට කිසිම අහිතක් නැහැ කිසිම කෙනෙක් එක්ක..

      Delete
  8. මෛත්‍රීපාල මහත්තයා පත්තරේ බලල වත් අපේ වීරයා බේරල දෙයි කියල හිතමු. ඡන්දෙනෙ

    ReplyDelete
    Replies
    1. පත්තරේ විස්තර ගියාම පෝස්ට් එක අප්ඩේට් කරන්න වෙයිද ෆෙන්?

      Delete
    2. බේරලා කියලායි ආරංචිය.හැබැයි එහෙම කරපු එකත් එක අතකට හොඳයි.නැතිනම් අර නිලධාරියා ලංකාවට නැවත එනකොට දේශපාලන අතකොළුවක් වෙන්න තියෙන අවස්ථාව වැඩියි. අපි දේශප්‍රේමය ඉස්සරහා පපු කැනතු උණු වෙන ජාතියක්නේ මහත්තයෝ.ඊට පස්සේ මෙතුමාත් පාර්ලිමේන්තුව නියෝජනය කරයි ගරු මන්ත්‍රී කෙනෙක් වෙලා.

      Delete
    3. අමුතුවෙන් බේරන්න දෙයක් නෑ බං. එයාගේ ඔය අපොයින්ට්මන්ට් එක කොහොමත් කැන්සල් කරන්න වෙනවා. එතකොට එයා ආයෙම ලංකාවට ආවම ඒ වෙනුවෙන් ආමි එකෙන් වෙනමත් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් වෙනමත් inquiry දෙකක් යනවා. එතකං ඕනි නම් තාවකාලිකව suspend කරලා තියන්න පුළුවන්. නැතිනම් inquiry එකට බාදාවක් නොවෙන අපොයින්මන්ට් එකක වැඩ කරන්න පුළුවන්. ඔය කරන්න ඇත්තේ inquiry period එක කාලේ suspend නොකර ඉන්න එක.. ඇත්තටම මේ වෙලාවේ කරන්න ඕනිත් ඒක.. win-win එකක් දෙපැත්තටම. inquiry එකෙන් ඕනිම නම් Letter of Warning එකක් නැත්නම් Letter of Displeasure එකක් ලැබෙයි. ඒක එයාටම තමයි පාඩුව. මං කියුව වගේ career officer කෙනෙක් නම් අපරාදේ ඉතිං.

      Delete
    4. http://www.hirunews.lk/183163/presidential-order-to-reinstate-brigadier-priyanka-served-two-ministries

      Delete
    5. අපේ එක්කෙනා කියුවට ඉන්ගලන්තේ ඇත්තෝ අහයිද ජීවන්ත මහත්තයෝ.. එයා කියන දේවල් බොහොමයක් මේ අපේ රටේම ඇත්තෝවත් මායිම් නොකරන කොට.. මට නම් හැකයි. ඔහොම එකක් උනාම ආයි ඒ රටේ තානාපති වරප්‍රසාද ගන්න අමාරුයි. අපි බලමුකෝ කෝකටත්.

      Delete
    6. ගෙදර එවුන්වත් අහන්නේ නෑ බං. දුවත් මයිලෝ බෙදනවා

      Delete
    7. ඇඩෙනවා.. තනි ඇහැට.. :'(

      Delete
  9. මිලිටරි පුද්ගලයෝ තානාපති සේවයට යවන කොට මිට වඩා පුහුණුවක් ඇතිව යවන්න ඕනේ.ඔහු අභිනයෙන් කරන්නේ තර්ජනය කිරීමක් නොවේද?රාජ්‍ය තාන්ත්‍රිකයෝ හැසිරෙන්න ඕනේ චණ්ඩි වගේද ?

    දෙමල ඩයස්පෝරාවට සටන් පාඨ සපයන්නේත් මුන්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ++++++++++

      //රාජ්‍ය තාන්ත්‍රිකයෝ හැසිරෙන්න ඕනේ චණ්ඩි වගේද ?// ඒකනේ.. ඔන්න රටක හමුදාවක නායකයෙක් වගේ උනානං අවුලක් නෑ.. හැක් හැක්. ;)

      Delete
    2. හැබැයි නිරායුධ උද්ඝෝසකයින්ගේ කනට ගහන්න බැහැ හරිය...:D

      Delete
    3. කවුද උද්ඝෝෂකයින්ට ගහන්නේ.. මේ කසිකබල් මාද්දිය කාරයෙකුට දෙකක් නෙළුවත්.. හෙහ්.. :D

      Delete
  10. රට වෙනුවෙන් 'මරාගෙන' මැරෙන්න හිතෙන්න ඇති.. හැම මඟුලකටම මානසික ලෙඩක් කියන්න වත් හදිස්සි නොවී බලන්න ඕනෙ.ඔහු හමුදා නිලධාරියෙක් මිස සාම නියෝජිතයෙක් නෙමෙයි නෙ. මෙවැනි තත්ව සඳහා විශේෂිත පුහුණු ලබාදෙන්නැතුව නම් ඔවුන් යොමු කරලා තියෙන්නෙ ඒක තීරණ ගත්ත උදවියගෙ සහ සිස්ටම් හදන අයගෙ අවුලක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //ඔහු හමුදා නිලධාරියෙක් මිස සාම නියෝජිතයෙක් නෙමෙයි නෙ.// ඒකනේ.. මානසික ලෙඩ නෙවෙයි.. just a brain fade moment කියුවේ ඒකයි.. දැකල නැද්ද ලකුණු 96ක් ඉවසිල්ලෙන් ගහන එකා ඉතුරු ලකුණු හතර ගන්න ඉස්සරහට පැනල උඩ ගහල අවුට් වෙලා යනවා.. මෙතනත් වෙන්න ඇත්තේ එහෙම සීන් එකක්.

      අවුල නම් ඉතින් සිස්ටම් එකේ තමයි.

      Delete
  11. බොහොම ස්තූතී අයියෙ මේ පෝස්ට් එක බොහොම මධ්‍යස්ත විවරණය ක්, නිළධාරියෙක් විරුවෙක් හැටියට මේ පැහැදිලි කිරීම බොහොම වටිනවා. සිවිල් සමාජයේ සාමාන්‍ය වැසියෙක් හැටියට එකම ප්‍රාර්ථනා ක් මට තියෙනවා ඒ "අපි" කියන්නේ අපිට මිසක් "සිංහල" "දෙමළ" "මුස්ලිම්" සහ පුරවැසියකු ට පමණක් නොව අපි සියළු දෙනාටම නිදහසෙ හුස්මගන්න මෙ රට ආරක්ෂා වියයුතුයි .

    ReplyDelete
    Replies
    1. //"අපි" කියන්නේ අපිට මිසක් "සිංහල" "දෙමළ" "මුස්ලිම්" සහ පුරවැසියකු ට පමණක් නොව අපි සියළු දෙනාටම// අන්න ඕක ඇස් ඉස් මස් ලේ වලට කා වදිනකම් අපේ උන් මේ විදියට බෙදිලා ඉඳියි.. ජපානේ 98%ක් ඉන්නේ ජපන් ජාතිකයෝ.. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ එකෙක් වත් නෑ. ඔක්කොම ඉන්නේ දෙමළ. සිංහල, මුස්ලිම්, බර්ගර්, මැලේ අරුන් මුන්..

      Delete
    2. පිළිගත්තත් නැතත් ඒ තමයි ඇත්තටම ඇත්ත අයියෙ

      Delete
    3. අඩුම වශයෙන් දැන් අපි දෙන්නා ඒක පිළිගන්නවනේ. ඒකවත් මදැයි නගේ.

      Delete
  12. මෙච්චර කරුණු කරනා දන්නා, අනුන්ට උපදෙස් දෙන්න යන තමුසේ මොකද එහෙනං හිරේ ගියේ කුරුළු හමුදා ලොක්කා කාර් එකේ යද්දී මොකක්ද කරන්න ගිහින්?

    ඕවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට..

    ReplyDelete
    Replies
    1. just another brain fade moment dude! හෙහ් හෙහ්.. තැන්කියු මතක් කරලා දුන්නට..

      දුසිරිත දනන් දෙන, ඕවා වැද්දන් කියන බණ වැනි. :) නේද?

      Delete
  13. He is a disgrace to the whole country, regardless of his previous military record. Thanks for your balanced post. Just saw a news that Hitan has intervened to stop the actions against the guy.

    ReplyDelete
    Replies
    1. Yep, the act was brainless and it brought disgrace to the already suffering country.. But I feel for him.. Could not deny his own feelings.. Action against this kind of act is a formality.. Whoever intervening are just political asylum-seekers :)

      Delete
  14. මං මේකත් දැක්කෙ නෑලු ඕං. මේවට කතා කරලත් බෑ. නොකරත් බෑ.

    කතාව නම් ඇත්ත කළණේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට 'පේන්න' කවියක්වත් ලියල දාන්නම් ඊළඟ පාර.. :)

      Delete
    2. මෙයාට ඉස්සර මගෙ සොල්දාදු පෙම්වතාගෙ හැඩේ තියෙනවා හලෝ. ජාත්ය න්තර ප්ර ශ්න ඔක්කොම පැත්තක තියෙද්දි මට ඒකමයි හිතෙන්නෙ. හී හී

      Delete
    3. තා ගෑල්ලමයි කිප දෙනෙක්මත් දැනටමත් ට්‍රයි මෙයයිට.. :))) අනේ හැබෑට අපිට මෙහෙම සුන්දර මරාලයක් වත් කඩා වැටෙන්නේ නෑනේ.. හෙහ්.

      Delete
  15. අර කියන නයිටිඑන් බුවා සමන් කුමාර රාමවික්කරම නේද ... ඒ කාලේ හෙන හාහෝවක් ගියා නේද පොර යුද පිටියේ තොරතුරු නයිටිඑන් එකට දෙන්ඩත් කලින් විදේස මධ්‍ය ආයතනවලට වික්කා කියලා

    ReplyDelete
    Replies
    1. රාමා හිටියේ ජාතිකේ නේද? ඔවුන් ඔක්කොම ඒ දවස්වල එනවා අපේ කෑම්ප් වලට කාල බිල නයිට් එකේ අපේ රූම් වලම බුදියල ඩෝරා එකක හරි වෝටර් ජෙට් එහෙක හරි රවුමක් ගිහිං නිවුස් ටික රෙකොර්ඩ් කර ගන්නවා.. ඒ උනාට මොකා මොකේද කියල හරියටම නිච්චියක් නෑ.. :))

      Delete
    2. එහෙම ඩිරෙක්ට්ම නිව්ස් රිපෝට් කරන්න අවසර තිබ්බද එතකොට, කිසිම තහනමකින් තොරව?

      Delete
    3. අපොයි ඔව්. හැබැයි ලෝකල් ප්‍රෝ ගවර්න්මන්ට් මිඩියා වලට පමණයි. අපි කියන්න දෙයක් නෑ. ඉහලින්ම තමයි එව්වේ.. අනික උන් දන්නවා ලෝකල් ක්‍රවුඩ් එක මොනවද ඉල්ලන්නේ කියල. ඒවා තමයි දුන්නේ.. පස්සේ පස්සේ ඉතිං ජාත්‍යන්තර වශයෙන් උන් උන් බිස්නස් කර ගත්ත ඒවායින් තමයි (ඔය අටම කියනවා වගේ) අර චැනල් මේ චැනල් වලින් අපිටම කෙලින්න වීඩියෝ හැදුවේ. :))

      Delete
  16. මුලින්ම කියන්න දෙයක් තියනවා කොටි සංවිදානය කියන්නේ එක්සත් රාජධානියේ තහනම් සන්විදානයක් මේ තානාපති අංශ එරට රජයට පෙන්වාදුන්නද මේ නීතිවිරෝදී සංවිදානයේ කොඩි පාවිච්චිය ගැන ? එංගලන්ත අධිකරණයේ මේ සම්බන්දව නඩු පවරන්න පවා හැකිව තිබියදී රනිල්ගේ දෙකට නැමෙන තානාපති නිලදාරීන් කරන්නේ ඩයස්පෝරාවේ පස්ස හෝදන එකයි.

    තමන්ගේ සියලු වරප්ප්‍රසාද බුක්තිවිදිමෙන් මේ රටවල සිටීමයි මේ ලජ්ජනති මිනිසුන් කරන්නේ හැබැයි මේ සුනකයෝ "බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු " ට විරුද්දව තීරණ ගන්න නම් හරීම වේගවත්.

    ඔබ කොහෙවත් දැකල තියනවද අල් කයිඩා සංවිදානයේ කොඩි අරගෙන මේ රටවල උද්ගෝෂණය කරනවා, එහෙම කලානම් ඇමරිකාවේ තානාපති අංශ හැසිරෙන විදිය ඔබට බලාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එක්සත් රාජධානියේ තහනම් සංවිධානයක එවුන්ට ඇවිල්ල වෙනත් රටක තානාපති කාර්යාලය ඉදිරියේ උද්ගෝෂණ කරන්න ඉඩ දෙනවා කියන්නේ එකසත් රාජධානියේ ඩර්ටි පොලිටික්ස්.. අර කියුව වගේ දෙකට නැමෙන තානාපති නිලධාරීන් පත් කිරීම අපේ රටේ ඩර්ටි පොලිටික්ස්.. මම කතා කරේ 'බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු' කියන නිලධාරියා හා තානාපති සේවයට යන හමුදා නිලධාරීන්ගේ වගකීම් ගැන. අරුන් දෙගොල්ලම අශුචි කෑවයි කියල 'අපේ එකත්' අශුචි කන එක සාධාරණිකරණය කරන්න පුළුවන්ද ලංකා සිතුවිලි තුමෝ? අන්නේකයි ගැටළුව. ස්තුතියි ඔබේ සිතුවිලි වලට.

      Delete
    2. රනිල්ට ගොට්ට අල්ලලා තමයි මේ නිලධාරියාත් ලන්ඩනයේ රස්සාවට ගියේ. දන්නේ නැත්තං හොයලා බලන්න.

      Delete
    3. ඇනෝ.. ඒ ගැන නම් මම දන්නෙත් නෑ උනන්දුවකුත් නෑ. :) ලංකා සිතුවිලි තුමා අවශ්‍යනම් හොයල බලයි. ස්තුතියි!

      Delete
    4. //රනිල්ට ගොට්ට අල්ලලා තමයි මේ නිලධාරියාත් ලන්ඩනයේ රස්සාවට ගියේ. දන්නේ නැත්තං හොයලා බලන්න// ෆොන්සේකා මහත්මයාගේ කෙනෙක්. පෞද්ගලිකව නම් හොඳ කොල්ලෙක්. ඒ වෙලාවේ කලේ ඉතින් මෝඩ වැඩේ

      Delete
  17. බොහොම සමබර විග්‍රයක්. විචාරක ලොක්කා හිටියනං ලුණු ඇඹුල් ඇතුව තව කතා ටිකක් මේ ගැන කියයි.

    ReplyDelete
    Replies
    1. හම්මේ.. මිස්ටර් UD ගෙන් ප්‍රශංසාවක් කාලෙකින්.. හැක්. ස්තුතියි.

      Delete
  18. වැරදි ඇති ඒත් මමඋගෙ පැත්තෙ.
    දුන්න දඩුවම අසාධාරනයි.

    ReplyDelete
    Replies
    1. එහෙමටයි කියල දඬුවමක් නෑ බං. මොනවා උනත් උන් එපා කියද්දී ඒ රටේ තියාගන්න බෑනේ.. ඉතින් එහෙන් එන්නම වෙනවා. ආවට පස්සේ inquiry එකක් කරලා තීරණය කරයි.. වැඩිම උනොත් අවවාදාත්මක ලිපියක් ලැබෙයි මට හිතෙන්නේ. මේ වගේ දේවල් වලදී ලොකුවට අත පුච්චා ගන්න කවුරුත් කැමති වෙන එකක් නෑ මගේ හිතේ.. මොනවා උනත් අවසානයේ ඒක ඒ නිලධාරියාගේම career එකට කැළලක්. අවසානයේ පාඩුව වෙන්නේ එයාටම තමයි. ඒක වලක්වන්න අමාරුයි.

      Delete
    2. උබෙ කටෙ ගල් කාලක් වක් කරන්න ඔනෙ,,ඒ මසුරන් කෙමෙන්ට් එකට.

      Delete
    3. ඒ වගේද බං උට ලැබුන පබ්ලිසිටිය.

      Delete
    4. එහෙනම් ඊළඟ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යවමු. :))))

      Delete
  19. Im sure this officer is a brave war hero, but this us not heroism. Its stupidity !

    I believe Our security forces are better than this, and this incident should never have happened. It accomplished only adding a blimish to their name.

    ReplyDelete
  20. හරියට හරි ! අවසාන විග්‍රහයට ආපු හැටි නම් හරිම අපූරුයි. මම හිතනව හරිම සමබර ලිපියක් කියලා. ඒ කියන්නෙ මතය සමබර එකක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිලංක. සමබර තැනක ඉඳන් ලියන්න තමයි ඕනි උනෙත්.

      Delete
  21. මම මේකට මොකුත් කියන්න යන්නෙ නෑ.

    හැබැයි විග්‍රහයනං අගනේයි.

    ReplyDelete
    Replies
    1. //මම මේකට මොකුත් කියන්න යන්නෙ නෑ.//මොන අන්තේද කියල විතරක් වත් කියන්න බැරිද බං.. :)) ;)

      Delete
    2. හෙලුව දැක්කා , යුනිෆොම් ඇන්දට..

      Delete
    3. @ ලලිත්. තව කොහොමද හෙළුවෙන් දෙකක් වැනුවනම් එහෙම.. :)

      Delete
  22. කල්‍යාණ මිත්‍ර සෑර්ගේ කතාව සාමාර තැනක නං හරි. .
    Diplomatic Relation - බම්බුව තමයි, මේ හාදයාගේ Diplomatic Relation බලන්ඩ කලින් හයි කොමිෂනර් නෝනගෙයි හිටපු හයි කොමිෂනර් ගෙයි තිබ්බ ඩිප්ලොමැට් එක මොකක්ද බිස්නස් කෙරිල්ලද? යන්ඩ සෑර් යන්ඩ. මේ කොලුවව කන්ඩ හදන්නේ නැතුව. තව ශක්‍යතාවය..., මගෙන් අහගන්ඩ එපා.
    මේ හාදයා විතරක් වැරදි කාරය කොරන්ඩ බැහැ. ඒකාව තෝරපු හමුදාවේ ලොක්කොයි යවපු ආණ්ඩුවේ ලොක්කොයි දෙගොල්ලොම සමෝසමේ වැරදියි. ඉන්කුවරි තියන්ඩ කියන්ඩකෝ දෙකක් බැරිනං දොළහක් , දෙගොල්ලොටම වෙන්නේ මර්වින් සිල්වා කෙරුව වගේ තමංම ගස් බැඳ ගන්ඩ තමයි.
    අනිත් කාරණේ සෑර් මේ කරුණාකරලා, මේ අනේ කරුණාකරලා, ඉංගිරිසි මැද්දේ සිංහල දාන්ඩ එපා සුදෝ. සුද්දෝ පුල් හොල්මන් වෙලා. ගූගල් ට්‍රාන්ස්ලේට් එකේ එන එක උන්ට සිංහල තරං වත් තේරෙන්නේ නෑලු. ඉතින් මට ඇහැක් විදියට මෙහෙම කියල දුන්නා, (මටත් IELTS 8 තමයි හිටං)
    I’m a bloody one of most decorated war hero in this fucking country.. How about those days.. army one say fly over flying no!.. Ask the bloody motherfuckers to do what they can do.. will see.. හරිනේ .. පිට්නේ ..
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඉතීම් බං මට බනින්නේ අහවල් එකටය? සුද්ද සිංහලෙන්ම යටින් කියල තියෙන්නේ මේක ලංකාවනේ කියල ඒකනේ.. හෙහ්.

      හරි හරි.. පිටේ පිට් නේ.. සුද්ද තාම යහතින් ඉන්නවද කියහන්.. :))))

      Delete
    2. ඈ ... කවුද මොන හුbeepගෙ පුතාද සෑර්ට බැන්නේ.
      අපිත් තාම ගාලු පාරෙන් තමයි ගෙදර යන්නේ.

      Delete
    3. ඒකනේ.. ගොඩ වෙනවද ගෙදෙට්ට තේ උගුරක් වත් බීලා යන්න.. :))

      Delete
  23. මේ නිලදාරියා තෝරපු අය ගැන කවර කථාද?? අපි මේ ඉන්නේ රටට නිදහස ලැබිලා අවුරුදු 30 කියපු ලොක්කෝ එක්කනේ. ඉතින් තවත් මොන කතාද මිත්ත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත.. ඕනිනම් තව පොඩි පොඩි දෙක තුනකටත් සමත් වෙයි. ඒත් හැමෝම හැමේකටම සමත් නැති බව තමයි මගෙත් අදහස.. ස්තුතියි ඉරෝමනි.

      Delete
  24. යුනිෆොර්ම් එක නැතුව හිමීට එහාට ගිහිල්ල අරුන් දෙතුන් දෙනෙකුට නෙළුවනම් ඔන්න මමත් කැමතියි. නිල ඇඳුමක් ඇන්දම ඒකෙන් ප්‍රොජෙක්ට් වන්නේ ඔහු රටේ නියෝජිතයෙකු බවයි. එවිට යමෙකුගේ පෞද්ගලික හැඟීම් නියෝජනය කරන්න බැහැ.

    මේ ක්‍රියාව රාජපක්ෂවාදීන්ගේ සිංහල කම විකුණා බලය ගැනීමට ගැලපෙනවා. අපේ රට ලෝකයේ ශිෂ්ඨ රටක් ලෙස පෙනී සිටින කාලයක ඊට නොගැලපෙන දෙයක් කිරීම හරිම කණගාටුදායකයි. ඊලාම් වාදීන් කල දේ පහත් වුනත් අපි ඒ තත්ත්වයට වැටීම අපේ අපරිණත හෝ අශිෂ්ඨ බව පෙන්වීමක්ම පමණයි.

    මෙවන් සිද්ධිවලට ඊලාම් වාදීන් හරිම කැමතියි. ඒ ඔවුන් මේ රට ගැන ගෙනයන බොරු ප්‍රචාර වලට මේවා උදව් වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. පුහුල් හොරා කරෙන් දැනේ.
      ඉයන් පොලිස් කියල අපි කිව්වේ නිකංද ?

      Delete
    2. //යුනිෆොර්ම් එක නැතුව හිමීට එහාට ගිහිල්ල අරුන් දෙතුන් දෙනෙකුට නෙළුවනම්// You may do whatever you want to do.. but never get caught කියල තමයි ඒ කාලේ සීනියර්ස් ලා අපිට ඉගැන්නුවෙත්.. හෙහ් හෙහ්..
      //මෙවන් සිද්ධිවලට ඊලාම් වාදීන් හරිම කැමතියි.// උන් එන්නෙම මෙහෙව් පොටක් පාදා ගන්න. ඒක තමයි දැනගෙන ඉන්න ඕනි පලවෙනි පාඩම.

      Delete
    3. පුහුල් හොරා/ ඉයන් පොලිස්.. මේක නිකම් හොරා පොලිස් සෙල්ලමක් වගේද බං ඇනෝ.. :)))

      Delete
    4. යුනිෆොර්ම් එක නැතුව හිමීට එහාට ගිහිල්ල අරුන් දෙතුන් දෙනෙකුට නෙළුවනම්///
      උබෙ කටෙ ගල් කාලක් වක් කරන්න ඔනෙ,,ඒ මසුරන් කෙමෙන්ට් එකට.

      Delete
    5. හා.. හා.. හොර වැඩ සමරන්න ඕනිත් හොරෙන්.. ඔහොම ප්‍රසිද්දියේ නෙවෙයි. :))

      Delete
    6. /යුනිෆොර්ම් එක නැතුව හිමීට එහාට ගිහිල්ල අරුන් දෙතුන් දෙනෙකුට නෙළුවනම් ඔන්න මමත් කැමතියි.// දැන් හ්හමෝම මගෙන අහනව හා දැන් අයිසිස් අල්කයිද ඇමෙරිකාවේ එංගලන්තේ තානාපති කාර්යාල වල ඕව කලොත් එලියට ඇවිල්ල නෙලන්නේ නැත්ද කියල? නැහැ උන් හෙමින් සැරේ වීඩියෝ කරලා ගේම දෙන්නේ කවුරුත් දන්නේ නැහැ. Rendition ෆිලම් එක බලල තියනවද

      Delete
    7. හොරෙන් ඕවා කරාට කිසිම දේශප්‍රේමී ගැම්මක් එන්නේ නෑනේ.. :))))

      Delete
  25. බ්‍රිගේඩියර් වරයා කොටි හිතවාදීන්ගෙන් අල්ලස් ගත් බවට සැකයක් -

    පසුගියදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වුනු කොටි හිතවාදී උද්ඝෝෂකයින්ට ගෙල කපා දමන වබට හඟවමින් තර්ජනය කල බ්‍රිගේඩියර් වරයා එසේ කලේ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලබා ගෙන බවට සැකයක් මතුවෙමින් පවතී.

    විසි දෙනෙකුගෙන පමණ සැදුම්ලත් මෙම කණ්ඩායම මීට පෙරද මෙවන් උද්ඝෝෂණ පැවැත්වුවද ඒ සඳහා කිසිම මාධ්‍ය ප්‍රචාරයක් නොලැබුනු බැවින් ඒ සඳහා උපක්‍රමයක් වශයෙන් ඔවුන් මේ උපාය මාර්ගය අනුගමනය කොට ඇති බව බ්‍රිතාන්‍ය පොලීසිය සැක කරයි.

    වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

    ReplyDelete
    Replies
    1. - රවී වීරසිංහ සහ සමාගමට අනුබද්ද 'පුවක් එශැනින්' වාර්තාවක් (ද) :))

      Delete
  26. Kalyana, It seems the word militant is not the correct term when referring to someone from a regular army.

    Quote/"In the context of undeclared or guerrilla warfare, enemy fighters are often referred to not as soldiers but as militants, because they are not members of a formal army."/Unquote

    from - militant - Dictionary Definition : Vocabulary.com

    ReplyDelete
    Replies
    1. Yep, we used the words like 'militants','combatants' or 'cadre' to enemy troops intentionally to not to give them a soldier's recognition. Here I used the phrase- 'militants in diplomatic suit' to keep it open; either way- not restricting it to a 'member of a formal army'. But yes, in the post my idea was not reflected because of the sole incident I discussed. Will think of a more professional term for this then. Thanks for the depth you dig it.

      Delete
  27. ඔක්කොමත් හරි... කොහෙවත් පර හැත්තක් මේ මනුස්සයා ජාතික අපරාධයක් කරා වගේ අපහස කරන එකනෙ බලන් ඉන්ට බැරි. එකියක් කියලා තිබ්බා මී හරකෙක් කියලා

    ReplyDelete
    Replies
    1. ඔය එක එකීල කියන ඒවාට කලබල වෙලා ප්‍රතිචාර දක්වන්න ගිහින් තමයි ඔය මනුස්සයත් මේ වෙලාවේ ඔය අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.. අඩුම වසයෙන් අපිවත් මේ වෙලාවේ ඒවායින් කලබල නොවී ඉමු. :))

      Delete
    2. මුනුපොතෙ ඒ මනුස්සයට කියලා තිබුන දෙවල් වලට අපෙ එවුන්ගෙ බෙල්ල කපන්න හිතුනා බන්...සමහරක් අපි හොදට දන්න දැන් උගත් පොරවල්..

      Delete
    3. හැමෝම තමන්ගේ කෝණෙන් නේ බලන්නේ.. උඹ උන්ගේ බෙලි කපන්න ගිහින් තව ලෙඩක් දා ගන්න එපා.. :)))

      Delete
  28. shttp://sudukukula.blogspot.com/2018/02/blog-post.html
    මෙන්න මේ ලිපියට මා දැමූ කොමෙ ටුව ඔබටත් අදාල බැවින් මෙහි එල්ලුවා!

    මේ පිළිබඳව සමබර සටහනක් ඉහත දැක්වෙන කළ්යාණ මිත්‍ර ගේ සටහනේ දැක්වුනා! අප ජීවිත කාලය තුල අසන දකින සමහර අවාසනාවන්ත සිද්ධීන් ගෙන බැලුව හොත් ඒවා මතුපිට පේන සත්යයම මෙන්ම නොපෙනෙන සත්යයක්ද දැක්වේ.

    මෙරට සිදුවන "රණ විරුවන්ට පහර දීම" , "ශිෂ්යන්ට පහරදීම", "භික්ෂූන්ට පහර දීම"වැනි දේවල් තුලද නොපෙනෙන ඇත්තක් ඇත.

    මාගේ පවුලේ සිදුවූ ඉඩම් හුටපටයක් පිළිබඳ මාහට මතකයක් ඇත. සිය්ල්ලෝම මාහට කීවේ ඉවසන්න පුතේ කියාය. ඇත්ත මා ඉවසුවානම් මාහට ඉදිරියෙන් හොඳ නමක් ඉතිරිවන්නට තිබුනි. නමුත් සාධාරණව මට හිමිවියයුතු ඉඩම මාහට අහිමි වන්නට ඉඩ තිබුනි.

    අපට කියන්න ඇත්තේ ඉවසන්න කියාය. එසේම ඔවුන් කලයුතු වන්නේද ඉවසීමය. කලයුතු වන්නේ පත්කිරීම් වලදී සුදුසු අය තෝරා පත් කිරීමය.

    මතකද කලකට පෙර බණ්ඩාරවෙල පැත්තේ එල් ටී ටී ඊ රැඳවුම් කඳවුරකට ගම් වැසියන් ප්‍රහාරයක් එල්ල කල සිද්ධිය. මේ සෑම සිද්ධියක් පසුපස විපරමක යෙදී බැලුව හොත් ඊට අවශ්ය ඉන්ධන සැපයීම රැඳෙවියන් විසින්ම කාලාන්තරයක් තිස්සී සපයා ඇති බව තීරුම් යනවා ඇත.

    එය ; ද්‍රවිඩ නැගිටීම් වලට සිංහල අප සැපයූ උත්තේජක මෙන්ම අප පිළිගත යුතුවේ.

    ReplyDelete
    Replies
    1. මේක සුදු කුකුලාගේ පෝස්ට් එකේ කොමෙන්ට් එකක් විදියට නෑනේ. O.o

      අන්න ඒකයි.. යමක් උනායින් පස්සේ පෝස්ට් මොර්ටම් තියනවට වඩා ඥානාන්විතව ඒවගේ අවස්ථා ඇතිවීම වලක්වා ගන්න 'අත්දැකීම් ඇති' මිනිස්සු කටයුතු කරන්න ඕනි.

      Delete
  29. උබ එතන හිටියානම් උබ මොකද කරන්නෙ? විහිලුවට නෙමයි අහන්නෙ..උබත් හිටපු නිලදාරියෙක් විදිහට..අනික මම හොදටම දන්න්වා උබ ලනකවට ආදරෙ ව්ගෙම ‍රැකියවෙ විනයත් තදින් ‍රැකපු නිලදරියෙක් කියලා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ඕක අහන්න ඕනෙ ඔය බ්‍රිගේඩියර් බුවාට එලෝ මොලෝ නැතිව ගහන හැමෝගෙන්ම !

      Delete
    2. උඹ අජිත් ගේ පෝස්ට් එක කියෙව්වද? එතන වෙච්චි දේ අපි ඒ පෝස්ට් එකෙන් අද දැන ගත්තට මම (වැරදිලා හරි) එතන හිටියානම් ඕක වෙන්න දවස් ගානකට කලින් දැන ගන්නවා. මිලිටරි ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒකයි. එහෙම උනාම අපි ඒකට අපේ කවුන්ටර් ඇක්ෂන් හදා ගන්නවා. සමහරවිට මම ඔතනට යුනිෆෝර්ම් එකෙන් නොයන්නත් ඉඩ තිබුනා.. යුනිෆෝර්ම් එකෙන් යන්නම ඕනි අවස්ථාවක් උනත් කොහොමත් මට අදාළ නැති වට පඩයෝත් එක්ක එල්ලෙන්න නම් යන්නේ නෑ. අපි නිකමට හිතමු. මේක කලින් කිසිම දැනුවත් වීමක් නැතුව හදිසියේම වෙච්චි දෙයක්.. උන් හැබැවටම එතන ඉඳන් අපිව මරන්න හදනවා කියල.. එංගලන්තේ පොලිසියක් ඇති නේද බං? ඒ වගේම තානාපති කාර්යාලේ සිකියුරිටි සෙට් එහෙකුත් ඉන්න ඇති නේ.. 99%ක් ම මම නම් ඔය උලව්වට පැටලෙන්න යන්නේ නෑ කියල ෂුවර්. හැබැයි අර ඉතුරු එක ගැන කියන්න බෑ. ආ..න්න.. ඒ නිසාමයි මුන් මාව ඔතෙනට යවන්නෙත් නැත්තේ.. හැක්. :)))

      Delete
    3. // මිලිටරි ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒකයි. එහෙම උනාම අපි ඒකට අපේ කවුන්ටර් ඇක්ෂන් හදා ගන්නවා. සමහරවිට මම ඔතනට යුනිෆෝර්ම් එකෙන් නොයන්නත් ඉඩ තිබුනා.// මම අත රිදෙනකම් බුකියේ ලිව්වේ මේක . කොහෙද වීරකම විතරයි පේන්නේ. අපේ එවුන් හොඳ ආවේගිව දඟලන්න. සුද්දෝ උඩින් හිනාවෙලා යටින් ගේම දෙන්නේ. බලාපියව් අඩුම ගානේ අර කුඹියෝ කියන ටෙලි ඩ්‍රාම එකවත් ඉගෙන ගන්න. මම දැන් අවුරුදු 25 විතර මේකේ ඉන්න එකේ, ඔය දෙමල පොරවල් කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නැහැ. මම දන්නවනේ උන් දෙන ගේම වල් වීසා හදා ගන්න. හම්බ වෙච්ච ගමන් හැබැයි යන්නේ ලංකාවට . ගෝඨාභය රාජපක්ෂ වුනත් ගණන් ගත්තේ නැහැනේ. එයත් දැනගෙන හිටියේ.

      Delete
    4. ඔය..ඉතිං. ආයෙම කුඹියෝ.. :))

      Delete
    5. මොකක් මොකක් මොකක්, මෙන්ඩ සෑර් ආයෙත් කියපං
      අපේ සෑර් රැකියාවෙදිත් විනය තැකුව, යකෝ සෑර් මොකක්ද ඒ කතාව, මං හිතන් හිටියේ ගෙදරදී විතරයි කියලනේ.
      බලං යනකොට පූස වගේ හිටියට.. අපේ සෑරුත් කොරන වැඩ හ්ම් ..

      Delete
    6. ඌට එහම්යි කියලා ටියෙන්නෙ විනයතකා වැඩ කරන්න කියලා..

      Delete
  30. මම උඩ අහපු ප්‍රශ්නෙට උත්තරය ඔනෙ..උබ එතන හිටියනම් ක්ශනිකව දක්වන ප්‍රතිචරය........

    ReplyDelete
    Replies
    1. 'ක්ෂණික' ප්‍රතිචාර දක්වන්න වෙන අවස්ථාව අවම කර ගන්න එක. :))))

      Delete
  31. එළ මචං. නියම වාත්තීය උත්තරයක්. මාතලන්ට කිව්වැයි කියාපන් අර හමුදාවෙන් කියන එකට උගේ නම දාල‍ා ..ගෙන් මෙන මොනවා බලාපොරොත්තු වෙන්නද කියලා.

    ReplyDelete
  32. මචං කල්‍යාණ. මේ පොස්ට් එක මේ වෙලාවෙ හැටියට හිටපු නාවික නිලදාරියෙකුත් හැටියට ලියපු හොඳම ලිපිය. මගේ ඉස්කෝලෙ වගේම නෑදෑයන් කිහිප දෙනෙකුත් ආරක්ෂක අංශයේ ලොකු නිලතල දැරුවත් උබ මචං ඒ අතින් මම දැක්ක එකම නිහතමානී මනුස්සය.

    ගොඩක් වෙලාවට තමන්ගෙ ආරක්ෂක අංශයේ නිලය මොකක් උනත් ඔය කාකි ඇඳුම ඇඳපු, තුවක්කුවක් අල්ලපු එකා මැරෙනකන්ම හැසිරෙන්නෙ ඌට උගේ ඒ බලය පාවිච්චි කරල ඕනම දෙයක් කරන්න පුළුවන් ගානට. මම කමෙන්ට් එකකින් විචාගේ දුව කියපු දේකට මෙහෙම කිව්ව.

    \\..ලංකාව වගේ තුන් වෙනි ලෝකෙ රටවල ආමිකාරයන් පොලිස්කාරයන් කියන්නෙ සක්‍රීය කාලයේදීත් නිවාඩු කාලයේදීත් විශ්‍රාම ගියහමත් තමන්ගෙ රැකියාව ආභරණයක් කරගෙන ඒකෙන් උඩඟු කම පුරවගත්ත කොට්ටාශයක්. ඒඋඩඟු කම ඔහුගේ සිට ඔහුගේ පවුල දක්වාත් නෑදෑ හිත මිත්‍රාදීන්ගේ සිට අල්ලපු ගෙදර එකාට උනත් වැඩක් කරගන්න, වැරද්දකින් පැනල යන්න, තග, චන්ඩි පාට්, සද්ද දාන්න ලැබෙන චාන්ස් එකක්.

    ඒත් මේ වගේ රටවල හමුදාව ඉන්නෙ තමන්ගෙ කෑම්ප් එකට වෙලා. පොලීසිය කියන්නෙ නීතිය අකුරටම පිළිපදින සාමාන්‍ය ජනතාවටත් වඩා ලෙන්ගතු ශිෂ්ට ජාතියක්. තමන්ගෙ රැකියාවෙන් පස්සෙ (දෛනික වැඩ මුරයෙන් පස්සෙ) ඔවුන් සාමාන්‍ය ජනතාව බවට පත්වෙනව. අඩුම තරමෙ නිල ඇඳුමක් ඇඳගෙන වයින් ෂොප් එකකින් වයින් බෝතලයක් වත් ගන්න බැහැ. ඉල්ලුවත් විකුනන්නත් තහනම්.../:

    ඉතිං මේ වගේ මී හරක් ලොකු තානාන්තර තිබ්බත් දියුණු රටවල තානාපති සේවාවල් වලට ඇවිල්ල මෙහෙම හැසිරෙනකොට ජාත්‍යන්තරයට ඉබේම කියැවෙනවා ලංකාවේ හමුදාව කියන්නෙ වැද්දෝ වගේ ජාතියක් කියල.

    අනික මේ දේ කල පුද්ගලය හරිනං අවුරුදු බර ගානකට ඇතුලට යවන්න ඕන. මුං සමාජයෙන් ඈත් කරල තියන්න ඕන. කොටි හෝ මොන ත්‍රස්තවාදී කණ්ඩායමක් උනත් කාටවත් හිරිහැරයක් නැති ප්‍රොටෙස්ට් එකක් කරද්දි ඒ රටේ නීතිය ට පිටිං වෙන කෙනෙකුට වෙන ජාතියක් වර්ගයක් වෙනුවෙන් මෙහෙම මරණීය තර්ජන කරන්න බැහැ. මාතලන් නං මසුරං කතාවක් කියල තියෙන්නෙ.

    👊🏽

    ReplyDelete
  33. මේ උද්ගෝෂණය ඔතැන පළමු වරට පැවැත්වූ එකක් නොවේ 1983 කාලයේ සිටම මීට වඩා බොහෝ පිරිස් සහභාගිත්වයෙන් හා වඩා උද්වේග කර අයුරින් උද්ගෝෂණය කළා . යුද්දේ කාලේ අඩුම වශයෙන් සතියකට එකක් වෙන්න තිබුනා . එත් කව්රුවත් ඔයවගේ බුරු වැඩ කලේ නෑ ඊටත් තමන්ගේ විෂය පථයට පරිබාහිරව වෙන්ට් රටක සිවිල් කාර්යයකට මොන මගුලට මැදිහත් වෙන්න ගියාද?

    ReplyDelete
  34. පල පල ඩෝ යන්න...

    මෙහේ ඇම්බසි ඉස්සරහා අපේ ගරුතර සංඝරත්නේ ගිහින් ඉතා සාමකාමිව කුණුහබ්බයක් දෙකක් කීව්වාම්... ඒවල ඉන්න බ්‍රෙගෙඩියර්ලා එලිය ඇවිත් පුක පෙන්නුවා තොපිට මතක් නෑ නේ.... ඇන් ජී ඕ හැත්ත... අපේ රණවිරුවන්ට අපහාස කරන දේශද්‍රෝහී මළ මූසලයෝ...

    ආන් එකට අපේ සිරා... එයා ඩිප්ලොමැට්ටා ඉස්පැසොලිස්ට්...

    ReplyDelete
  35. බුවාට ඕක ඔයිට වඩා ලස්සනට කරලා අරුන්වත් පදිරි කරලා ජාමෙත් බේරගෙන ඉන්න තිබුනා කියන එකයි මගේ අදහස...

    මුලින්ම "පපුවට ඇඟිල්ල තියලා" -"අපි හෝ මම" කියන අදහස දීලා...
    ඊට පස්සේ "සිංහ කොඩියට ඇඟිල්ල තියලා පෙන්නලා" - "රට කියන අදහස දීලා...
    අන්තිමට "දකුණු අත මිට මොළවලා පපුවට තියලා" - "පණ වගේ රකිනවා" කියල වගේ කලානම් කොහොමද...


    ඒ එක්කම බුකියේ තිබ්බා ඔය සිද්ධිය ගැනත් හොඳ අදහසක්...

    "රට වෙනුවෙන් බෙල්ල උනත් දෙන්න ලැස්තියි" කියල ඔය හැසිරීම තේරුම් ගන්නත් පුළුවන් නේද කියන එකයි උගේ අදහස උනේ...
    කොහොමද ඒක... ;)

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා , උඹලගෙ පැත්තෙ කබරයො ඉතුරු වෙලා ඉන්නවැයි ? ....මේ මං නිකං අහුවෙ ... තලගොයි වෙනුවට කබරයොත් මැරෙනව.

      Delete
  36. මට හිතුනෙ , මේ හමුදා නිලදාරිය යුද්දෙදි බේරුනේ කොහොමද කියල .

    ReplyDelete
  37. Mendoo....මුලින්ම සමාව ඉල්ලනවා අදාළ නොවන post එකකට මේක පලකර නිසාම .....koo ban namak nathi kathaawak ekee 3 kotasa????

    ReplyDelete
    Replies
    1. බොක්කට වැදුනා මචො..මෙ දහසක් බුදුන් බුදු වෙන මහා පාන්දර.....උබගෙ කෙමෙන්ට් එක...ඇත්තටම ඒක ලියලා ඉවර වෙලා තව කාතාවක බාගයකුත් ලියලා ඉවරයි..මට පොඩි ප්‍රසනයක් තියන්වා..මගෙ එකෙ උබලා ඔය කොටාගෙන යන්වා වගෙ සින්හල කොටන්න බැහැ..අකුරු එකතු කරකර කොටන්නෙ...උබලා ඔය දාගෙන ඉන්නවා වගෙ ඇප් එකක් කවුරු හරි පින්වතෙක් ම්ට මෙකට දාලා දෙනවනම් ඊලග දවසෙ කාතාව දානවා...ඇනොපිලිස් මට ඕක මෙහම කරපන් අරහම් කොරපන් කියලා කිව්වා ඒක ඉතින් අපෙ ගැනිට යමක් තෙරුම් කරන එකයි අල්ලපු ගෙදර බල්ලාට සින්හල කියලා දෙන එකට වඩා අමරුයි මොකද මගෙ කොම්පිඋටර් දැනුම බොහම අන්තිමයි..

      Delete
  38. කමියො..අරු ලන්කාවටත් ඇවිත් උබ කෙමෙන්ට් වලට උත්තර කොටලාත් නැහැ..අලුත් පොස්ට් එකක් ලියලාත් නැහැ..

    ReplyDelete