Monday 23 July 2018

බස් කතා බස්.. පුරුෂ හිංසනය පිටුදකිමු! It's weird being traveller in busses!

මේ ඔයාල හැමෝම අර අටමගේ බුකියේ සකලංසමාලේ ඉන්නවල නේද? මාත් ඉන්නෝ අනේ.. එතන හරි ෂෝයි.. :))) මේ ඊයේ එතන ලියුව එකක්.. පරණ ලව් එක මතක් වෙලා මෙහෙත් ගෙනත් එල්ලුව.. කමක් නෑනේ.. 

බස් වල ගෑල්ලමයින්ට වෙන අකටයුතුකම් ගැන බදුල්ලේ නම්කි කෙනෙක් එතන ලියල ඒකට සුසූ ගාල කොමෙන්ට් වැටෙනවා දකිනකොට බදුල්ලේම එකෙක් විදියට පදිරි වෙන්න බැරි නිසා මේක ලියුවේ.. බස් වල ගිය කාලේ මල් වගේ සොරි..මං වගේ පිරිමි ළමයින්ට වෙච්චි අකටයුතුකම් කීපයක් මේ. 
Inside a crowded Bus in Sri Lanka- Photo courtesy www.google.com
පළවෙනියට මතක් වෙන එක උනේ අනූ තුනේ වගේ.. අර බස් වල ගේමක් නැතුව සිකරට් එකක් එහෙම ගහගෙන යන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බ කාලේ.. අපි ඒ ලෙවල්.. අපේ කොල්ලෙක්ගේ අයිය කෙනෙක් මක්කද වෙලා මැරිලා අපි සේරම හවස බදුල්ලේන් බිබිල යන බස් එකට ගොඩ උනා.. මම ඉතින් හැදිච්චි එකා නිසා බස් එක අද්දනකම් ඉඳල එල්ලිලා පොල්ලත් අල්ලං පස්සට ගිය කොන්ද අංකල්ගේ ඉල්ලීමට.. ගිහිං හිටගෙන ඉන්නකොට පොඩි අමුත්තක් දැනුන.. බැලින්නං ළඟ ඉන්න අංකල් කෙනෙක්ට පොල්ල මාරුවෙලා.. මගේ කලිසම ඉස්සරහ හොයනවා.. පොඩ්ඩක් බැලුව ඔරෝල.. ම්හු.. මිනිහ ජනේලෙන් ඈත බලාගෙන මගේ පොල්ලම හොයනවා.. මමත් ඒ පාර අල්ලන් හිටපු බස් එකේ පොල්ල අත ඇරලා මිනිහගේ පොල්ල හොයන්න සෙට් උනා.. අනේ.. ජෝකෙක්වත් ඇඳලා නැද්ද ලූස් ද මංදා අංකල් කාරයා හොඳට හරි බැරි ගැහිලා දුන්නේ නැද්ද මට අල්ලන්ඩ. මාත් සයිස් එක එහෙම මැනගෙන පොල්ල විතරක් මොකද කියල බෝල දෙකත් අල්ලලා.. උගේ මෑණියන් ට පිංදීල මිරිකුවා සෙට් එකම බීපු රන්කිරි කටිං එන්න.. ඒ ගැම්මෙන්ම අත නවල දුන්න වැලිමිටි පාරක් උදර කුහරෙයි උර කුහරෙයි තාවකාලිකව විසන්ධි වෙන්න.. ඒ කාලේ අර මාස්ටර් ඔයාමා ගේ පංති එහෙම ගිහිල්ල අඟලක් දුරින් ඉඳල මුෂ්ටි පහර දීල උළු කැට කඩපු කාලේ.. ඉතිං අඟල් හයක් විතර ඇදල දීපු වැලිමිටි පාරට මටම බය හිතුන මේක මෙතැනම මිය යයි වත්ද කියල.. ඤරස් ගාල සද්දෙකුත් ආවද කොහෙද.. අන්න ඒ නිසාම මම සුටුස් ගාල එතනින් මාරුවෙලා අපේ එවුන් හිටිය මැද්දට ගිහින් හොඳ එකා වගේ හිටිය.. බහිනකම් බයේ හිටියේ.. 

ඊළඟට මතක් වෙන එක උනේ ඊට අවුරුදු දෙක තුනකට පස්සේ.. කොළඹ මීඩියා ඩිප් එකක් කරන්න අරං සෙනසුරාද රෑ කෝච්චියේ බදුල්ලෙන් ඇවිත් ඉරිදා රෑ බස් එකේ ආපහු යනවා.. ඒ කාලේ ඔය මාසේ දෙවෙනි සති අන්තෙට මම ටිකක් වැඩිපුර කැමති.. මොකද ඒ දවස්වලට බස් වල ගෑල්ලමයි ගොඩයි. ගාමන්ට් වල පඩි දීලා නිවාඩු දෙනවා මයේ හිතේ.. අපේ එවුං කියල තිබ්බ හැටියට අන්න ඒ වගේ කෑල්ලක් සෙට් කර ගත්තනං ඒ කාලේ සැප තමයි කියල මම හිතාගෙන හිටියේ.. ඒ උනාට කොහේ.. ම්හු.. උන් උන්ගේ පාඩුවේ දෙන්න තුන්දෙනා යන එනවා මිසක් අපි දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.. ඒ වුනාට මම සැලුනේ නෑ. උපේක්ෂාවෙන් ඉඳල එක දවසක් පෝලිමේ ඉන්න ගමන් එකකට ටෝක් කල්ල 'හිතවත්' උනා.. 'අක්ක අක්ක' කියල මම කියපු ආදරණිය සුවරෙටද මංදා ඒ 'අක්ක' ඇවිත් මාත් එක්කම එක සිට් එකේ ඉඳ ගත්තත් එක්ක. අහෝ.. බස් එක මහරගමට එන්න උනේ නෑ.. ඕක්.. ඕක්‌.. ගානකොට මම පැනල ජනේලේ ඇරලා දුන්න.. චීස් ගාල විද්ද වමනේ පාරෙන් කොටහක් මගේ ඇඟේත්.. අන්තිමට මගේ ලේන්සුවෙන් මාත් ඇඟ පිහදාගෙන උන්දැට ඒකත් දුන්න.. ඒ පාර අතේ තිබ්බ තඩි මල්ලක් මගේ උකුල උඩින් තියල උන්දා කට කපල නිදා ගත්ත.. ආයි නැගිට්ටේ අර වගේම දෙතුන් පාරක් වමනේ දාන්න තමයි.. බලංගොඩ තේ බොන්න නැවත්තුවම මම බොහොම අමාරුවෙන් අරුන්දව උස්සල සිට් එක උඩින් තියල ගිහිං අතපය හෝදගෙන චූ කල්ල ආව.. අඩුම සිකරට් එකක් බොන්නවත් පිරියක් ඉතුරු වෙලා තිබ්බේ නෑ මට.. දෙවෙනි ගමන පටන් අරගෙනත් අර සෙතේම තමයි. මෙන්න යකෝ මැරිලා වගේ නිදාගෙන හිටි ගෑණි 'බණ්ඩාරවෙල ටිකට් බහින්න'යි කියපු ගමන් දඩ බඩ ගාල නැගිටල මගේ දිහාවත් බලන්නේ නැතුව බැග් එකත් අරං බැහැල ගියා.. මම දුකට හිස් වෙච්චි වෙන සිට් එකකට ගිහිං ඉතුරු ටික නිදා ගත්ත.. 

තුන්වෙනි එක උනේ ඊට සෑහෙන කාලෙකට පස්සේ.. හරියටම 2009 අප්‍රේල් වගේ.. ඒ කාලේ මම හිටියේ මුලතිව් කිට්ටුව කල්ලරාවේ.. මාසයක් විතර මුහුදෙයි, ගොඩබිමයි කැලෙයි කොලෙයි ඇවිදලා රෑ ගාණක් නිදි මරල ඔන්න දවසක් ගෙදර එන්න කියල ආව.. දඹුල්ලට එනකං වාහනයක් දෙනෝ ඒ කාලේ අපිට.. උදේ පාන්දරින් එන්න බෑ පාරවල් ක්ලියර් කරනකං ඉන්න ඕනිනේ.. කොහොම හරි මම පොඩි වෙච්චි ටී ෂර්ට් එකකුයි කැසුවල් කලිසමකුයි ඇඳගෙන කිළුටු ඇඳුම් සෙට් එකත් බෑග් එකේ දාගෙන හතට විතර එහෙං වාහනේ පිටත් වෙලා දහයට එකොළහට විතර දඹුල්ල ටවුමෙන් බැහැල වාහනේ ආපහු යැව්වා.. බැලින්නං දඹුල්ල කිරි කොකා වගේ දිළිසෙනවා.. මම මඩ නාපු වලහැඩියෙක් වගේ ඒ මැද.. ගානකුත් නෑ ඒ උනාට.. ඔන්න එතකොටම ආපි පොළොන්නරු ඉඳල කොළඹ යන බස් එකක්.. මම ටක් ගාල නැග්ග.. ඉඩ තිබ්බේ පිටිපස්සෙම සීට් එකේ මැද විතරයි. මම එතන වාඩි උනා.. කොන්දොස්තර ටිකට් කඩන්න එනකොටත් මම බාගෙට නිදි.. ටික වෙලාවකින් මට මොකක්ද අමුත්තක් දැනිල ඇහැරිලා බලනකොට බස් එකේ පිටිපස්සේ සෙනග ඔක්කොම වගේ මගේ දිහා බලාගෙන.. බස් එකක් නතර කරලා.. කොන්දොස්තර මගේ ලඟට ඇවිත් බය පක්ෂපාතව වගේ මහත්තයා අයිඩෙන්ටිය දෙන්න පුළුවන්ද ඇහුව.. මට වැඩේ තේරුණා.. මම සාමාන්‍යයෙන් කරන්නේ නැති උනත් ඒ වෙලාවේ වචනයක්වත් කියාගන්න බැරුව මහන්සියෙන් හිටි නිසාම මම සර්විස් අයිඩෙන්ටිය දික් කරා.. නිල්පාට සර්විස් අයිඩෙන්ටිය දකින කොටම කොන්දා මල්ලි මගේ එහා පැත්තේ හිටපු කෙල්ලෝ තුන්දෙනාගේ ඇඟට කඩා පැන්න.. 

"මම කියුවේ..මම කියුවේ.. හමුදාවේ මහත්තයෙක් කියල.. කොච්චර දෙනෙක් යනවද අපිත් එක්ක.. මාස ගාණක් කැලේ ඉඳල එනකොට රැවුල් කොන්ඩ කපල එන්නය.. රෑ කීයක් නිදි මරලද කවුද දන්නේ.. ඒ මහත්තය ඉන්න සිට් එකේ ඉන්න බැරි නම් ඔය මිස්ලා බැහැල යන්න මම සල්ලි දෙන්නම්.." 

බැලින්නං මගේ එහා පැත්තේ හිටපු ඉටිකිරිස් එකට ඇඳගෙන කොළඹ යන ටීචර් ලා තුන් දෙනෙක් මම 'කොටියෙක්' වෙන්න ඇති කියල රිපෝර්ට් කරල..

43 comments:

  1. මෙහෙමයි ඉතින් ටීචර්ලා තුන් දෙනා හිතපු දේ වැරැද්දකුත් නෑනෙ....කොහොමත් ඉතින් කොටියනෙ....ඕකට ඉතින් id බලා බලා ඉන්න ඔනෙයැයි.අයියගෙ පැණි හිනාව දැක්ක දවසෙමයි මන් ඕක හිතුවෙ

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලියේ.. උඹ යන රස්තියාදුවක පලයන් මෙහෙම මඩ ගහන්නේ නැතුව.. :)))

      Delete
  2. අපේ ෆොසස් මිත‍්‍රයා නිදිමත විලාසෙන් ඉටිකිරිස් ටිචර්ලා ගේ තංගල්ලේ තියෙන සැගවුනු ආයුධ හොයන්න යන්න ඇති. කොන්දා දන්නවැයි යාලුවා කොහොමත් කොටියා කියලා.

    ReplyDelete
    Replies
    1. තංගල්ලේ කියුවට තංගල්ලේම නෙවෙයි.. ඊට ටිකක් පහලින්.. හුම්මානය කිට්ටුව.. හෙහ්..

      Delete
  3. පුදුම ඩෙස්පරේට් අංකල් කෙනෙක් වෙන්න ඕන කල්යාණමිත්‍රතුමාගේ සුකුමාර ලඳ බොලඳ පැහැපත් අහිංසක අවිහිංසක පෙනුමට කැමති වුනේ.
    එහෙම නැත්නම් S & M පප්පෙක් වෙන්න ඇති. ඒක ලැබුණනෙ

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඩෙස්පරේට් තමයි.. ඒත් ලැබුනේ S & M.. අන්නේකයි අවුල.. :))))

      Delete
  4. ඒ කෙල්ලො හරිනෙ බං. කොටි කිව්වට ඇල් ටී ටී( පේමදාස මහත්තය කිව්වෙ එහෙමයි)විතරමද කොටි. වෙන වෙන කොටිත් හිටිය නොවැ. ඒ ළමයි බය වෙන්න ඇත්තෙ ඒකට.

    ReplyDelete
    Replies
    1. ඒ හැලප අයිය ජාතියේ කොටි.. හෙහ් හෙහ්.. අපි බොහොම අහිංසක කැලෑ බළල්ලු.. :)

      Delete
  5. බසේ ඇතුලෙදි අන්කලේටත් තරුව පෙන්නූ අපෙ කලූ
    හිසේ කොන්ඩෙද මූනෙ රැවුලද වවා බියකරු වූ කලූ
    කෙසේ කියමිද වමනෙ සුව සැප හොඳින් වින්දලු අපෙ කලූ
    විසේ තරමට ඔහොම වෙනවලු අපි නොදන්නෙද මේ කලූ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බසේ ඇතුලේ අන්කලයට මළ මුත්තර පිට උනාද
      එසේ කෙරුව පාපේ නිසා 'වමනේ අක්ක' හමු උනාද
      කෙසේ කොහොම කොටියෙක් යැයි ටීචර් මට රැවටුනාද
      විසේ තදට තිබ්බ බවක් දුමිය කොහොම දැන ගත්තද...

      Delete
  6. අපේ බැච් එකේත් හිටිය නිදාගෙන වගේ ඉදගෙන බස් එකේ අහල පහල ඉන්න ගෑනු දරුවන්නෙ නිදාන හොයන්ඩ ගිය එකෙක්. හරි එහෙම නෑම කියල දිවුරලා කියනවනං ඔය මුහුදෙයි කැලෙයි මාස ගනං ඉදල ඇරියස් එක්ක එනකොට හිතේ තිබ්බ දේවල් හීනෙන් උනා වත්දෝ කියල සැකයක් ඇතිවෙනව. නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ලිංගික අපහරණ චෝදනාවක් නම් ආවේම නෑ.. ඔය බෝම්බ ආයුධ ගැන බයක් මිස.. හෙහ් හෙහ්..

      Delete
  7. mmata hudu kathawak mathak una heta liyannam hitapankoo

    ReplyDelete
    Replies
    1. ඒ අද විසිපහයි යකු.. හෙට කියුවේ බාලගිරියද? :))

      Delete
  8. Replies
    1. මරු වසඟ වෙනවා තව ටිකෙන්. :))

      Delete
  9. ටීචර් ලා ඔහොම්ම මයි

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ටීචර් ලා හොඳයි.. ඊයේ නවත්තපු තැනින් අද පටන් ගන්නවනේ.. :))

      Delete
  10. එච්චර සුට්ටන් ආතල් එකක් වෙනුවෙන් රණවිරු අයියන්ඩි කාර්ඩ් එක පාවිච්චි කරා කියලා දේශප්‍රේමීන් උඹ එක්ක උදහස් වෙන්න බැරි නෑ කමියෝ..

    ReplyDelete
    Replies
    1. නිකමට හරි එදා ඒ අයිඩෙන්ටිය අතේ නොතිබ්බ නම් බලාගන්න තිබ්බ කෙළිය.. :))

      Delete
  11. සබාවෙන් අවසරයි.
    පළමුවෙන්ම කල්යාන සෑර් කාලෙකට පසු පැමිණීම ගැන ඉස්තුති කොරනවා.
    චෑ චෑ මං නං හිතුවේ නැහැ සෑර්... ඔය වගේ කෙනෙක් කියල නිකමටවත්. පව් වැඩ කොරන්ඩ එපා සෑර්, රිදෙනවා!

    ජයින් ජයම වේවා!
    Myself Hattor.

    ReplyDelete
    Replies
    1. එම්. හැට්ටර් සර්.. පව් වැඩ කොතැනට කරොත්ද රිදෙන්නේ.. :))

      Delete
  12. හොඳම එක තමා වමනෙ විදිනෙ එක..... චැහ්...... සෝක් එකට තියෙන්ඩ ඇති

    //අටමගේ බුකියේ සකලංසමාලේ//

    ඔන්නෙ ඕකෙ ලින්ක් එකක් එවන්ඩකො.... කම්මලත් කිව්වා, හොයාගන්ඩ බෑනෙ......

    ReplyDelete
    Replies
    1. https://www.facebook.com/groups/sakalansamale/?ref=group_header

      Delete
    2. හොඳම එක..? අනේ අම්මේ.. සුමානයක් කන්න බැරුව හිටියා.. :))

      Delete
  13. යකෝ කොළඹ ඉඳල මහරගමට එන ටිකට අර කෙල්ලගෙ බඩට ළමෙක් දීපු අයිය වැඩකාරයනෙ. හැක්..

    අන්තිම බස් එකේ කොන්ද මල්ලිත් කොටියෙක්ද කොහෙද මට පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. මං කියුවේ.. මං කියුවේ.. මේ නයි එක්ක බෑ කියල.. :))

      Delete
  14. මමනං වැඩිපුර එහෙමෙහෙ ගියේ කෝච්චියේ තමයි. ඇන්ටිලා වැඩ ඇරිලා එනකොට අර බ්ලූමැන්ඩල් පැත්තෙං එනවා වගේ මුදු සුවඳක් එක්ක තමා එන්නේ. ඒ ඇවිල්ලා සෙනඟ පීරගෙන ඇවිත් හිටගන්නවා අපේ ඉස්සරහින් හොඳට හේත්තුව දාලා. ඔන්න ඊට පස්සේ කෝච්චිය වංගු ගන්න ගන්න පාරට හැරි හැරි බලනවා හරියට අපි ජැක් ගහනවා වගේ.

    ReplyDelete
    Replies
    1. කෝච්චිය කියන්නේ වෙනම ලෝකයක්.. උදේ හවස ඔෆිස් ට්‍රේන් විසේසයෙන්ම.. කෝච්චියේත් අත්දැකීම් ටිකක් තියෙනවා.. වෙලාවක ලියන්න ඕනි.. :))

      Delete
  15. මට පෙනෙන විදිහට බොට බස් අපලයි...කලින් දික්වැල්ලෙදිත් මොකක්ද මගුලක් වුනා නේද?

    ReplyDelete
    Replies
    1. තලල්ලේ දී ටු බි එක්සක්ට්ලි.. :)) ඒක කොහේ හරි ලියුව මතක තිබ්බ නිසා මෙතන ලියුවේ නැත්තේ.. කොහෙද..උඹලත් එක්ක බෑනේ මේක කරන්න...:))

      Delete
  16. අසරණ අහිංසක උඹටමනේ මේවා වෙන්නේ...

    ReplyDelete
  17. අපි මෙව්වා මාලෙන් කියෙව්වනේ...

    ReplyDelete
    Replies
    1. ඔහේත් මාලේ ඉන්නවයි? එතන හරි ශෝක් නෙහ්? :))

      Delete
  18. අපි නම් කියෙව්වේ නැහැ ඔන්න.. නිකමටමේ පැත්තේ ආවා විතරයි.. ආව බව පෙන්නන කොමෙන්ටුවක් කොටනවා... ජයවේවා

    ReplyDelete
    Replies
    1. අන්නෙහෙමයි හැදිච්චි ළමයි :))

      Delete
  19. https://gadyanohothkavi.blogspot.com/2018/08/its-weird-being-traveller-in-busses.html

    ReplyDelete
    Replies
    1. හම්මෝ මාතේ.. තැන්කියු වේවා! :)

      Delete
  20. සීන් එක කියන්නේ අනිත් එවුන්ට තේරුණේ නැතත් අර කෙල්ලො තුන් දෙනාට උඹ හෙනම කොටිය කියල තේරුණ එක :)

    ඕකට කියන්නේ "Sixth Sence" කියලලුනේ බං :)

    ReplyDelete