Monday 13 March 2023

Check Point..! 7 වෙනි දිගහැරුම

6 වෙනි දිග හැරුමට..


"මම මරනවා ඕකව.. වල් පරයා..!"

රිමාන්ඩ් බන්ධනාගාරයේ උළු අහසට විසිවන සේ කෑගසමින් බිත්තියට අතින් පහර දෙමින් එසේ කෑ ගැසූ රිමාන්ඩ් සිරකරුවා ඒ වනවිට සිටියේ සිය අත රැඳි ජංගම දුරකතනය වෙත ගුගුරා හැලෙමිනි.. වහා ඔහු වෙත පැන ඔහු නිහඬ කල ජේලර්වරයා නොරුස්නා හඬින් ඔහු වෙත චෝදනා කලේය..

"පිස්සුද මහත්තය ඔහොම කෑ ගහන්න.. මේක ගෙදර කියල හිතුවද.. මනුස්සකමට උදව්වක් කරාම අපි ගස් යන වැඩනේ ඔයාල කරන්නේ.. ඉක්මණට ඔය ෆෝන් එක ඕෆ් කරලා හංග ගන්න.. නැත්නම් මට වෙනවා අයින් කරන්න. තරහා වෙන්නෙපා ඔන්න.."

ජා ඇළ ප්‍රදේශයේ සාමාන්‍ය ව්‍යාපාරික පවුලක තරුණයෙකු වූ මෙවන් සිරිවර්ධන තරුණ කාලයේ හෙමව්පියන් විසින් වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවට පිටත් කළද අධ්‍යාපනය කඩාකප්පල් කරගත් ඔහු එහිදී හමුවූ ඉන්දියානු මිතුරෙකු සමඟ ඩුබායි වෙත පැමිණ නොයෙක් ආකාරයේ ව්‍යාපාර කටයුතු වල යෙදුණේය. ඔහු ටික කලෙකින් ඩුබායි හි විසූ සුරූපී ශ්‍රී ලාංකික තරුණියක් වූ ෂෙලීන් හා හාදව ඇයත් සමඟ නැවත ලංකාවට පැමිණ විවාහ විය. ඔවුන් ලංකාවට පැමිණ නවාතැන් ගත්තේ කඳාන ප්‍රදේශයේ ෂෙලීන් ගේ මාමා කෙනෙකුට අයත් නිවසක ඇනෙක්සියකයි. ෂෙලීන් ගේ මාමා නාවික හමුදාවෙන් විශ්‍රාම ලබා සිටි අතර ඔහුගේ බිරිඳ නිතර අසනීප තත්වයෙන් පසුවීම නිසා ආර්ථික වශයෙන් අසීරු අඩියක පසු වන්නෙකු විය. 

කුඩා කල සිට ඩුබායි හී හැදී වැඩුණු ෂෙලීන් ලංකාවට ආවද ලංකාව ගැන 'හයක් හතරක්' නොදන්නී ඇගේ එකම ලෝකය මෙවන් සහ ඇගේ මාමාගේ පවුලේ අය පමණක් වූවාය. මෙවන් ලංකාවට පැමිණීමෙන් අනතුරව වාහන සහ ඉඩම් 'බයින් ඇන්ඩ් සෙලින්' ව්‍යාපාරයකට මුදල් යෙදවූ අතර මුල් කාලයේ එම එයාපාර ඉතා ලාබදායි වූයෙන් ඔවුන් ජා ඇල මාමලාගේ නිවසේ සිට වැලිසර නවීන පන්නයේ තට්ටු තුනක මහල් නිවසක් කුලියට ගෙන එහි පදින්චියට ආහ. වසර කීපයක ඇවෑමෙන් මෙවන් සහ ෂෙලීන් පිරිමි දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වූහ. ඔවුන් වත්තල පිහිටි ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූහ. 

ෂෙලීන් හා මෙවන් වෙනම පදිංචියට ඒමෙන් ඇගේ මාමා වූ ලෙනාඩ්ට ලැබුණු අමතර වාසි එකින් එක අඩුවන්නට විය. එහෙයින් ඔහු හෙමින් හෙමින් නැවතත් ෂෙලීන් වෙත කිට්ටු වෙමින් ඇගේ හිත දිනා ගන්නට වෑයම් කලේය. මේ අතර කලක් ඇවෑමෙන් දිනෙන් දින මෙවන් ගේ ආදායම් අඩුවූ අතර වියදම් ඉහල යමින් තිබුණි. මිළට ගත් සමහර වාහන වල ලියාපදිංචි සහතික හොරෙන් සකස් කර තිබූ ඒවා බැවින් සමහර ඒවා ගත් මුදලට වඩා ඉතා අඩු ගණන් වලට විකුණා දැමීමට ඔහුට සිදුවිය. මේ ව්‍යාපාර පාඩු ලබද්දි ලෙනාඩ් ඊට හේතුව ලෙස ඔවුන් නිසි ලෙස ආගම නොඇදහීම බව ෂෙලීන් ට ඒත්තු ගැන්වීමට සමත් විය. එමෙන්ම සාම්ප්‍රදායික ක්‍රිස්තියානි හෝ රෝමානු කතෝලික නොවන වෙනත් ආගමක නිකායක අනුගාමිකයින් ලෙස ඔවුන්ව, විශේෂයෙන් ෂෙලීන්ව නම්මා ගැනීමට ලෙනාඩ් ට හැකිවිය. මේ සඳහා බොහෝ සෙයින් උපකාර වූයේ ඒ වනවිට ලංකාවේ ප්‍රබලම දේශපාලන පවුලක ප්‍රසිද්ධ කාන්තාවක් මෙම නිකායේ ප්‍රබල අනුගාමිකාවක් වී සිටීමයි. කඩවසම් මෙවන් මෙන්ම සුරූපී ෂෙලීන් නොබෝ දිනකින්ම එම නිකායේ සාමාජිකයින් අතර ප්‍රසිද්ධ ජෝඩුවක් වූ අතර 'මැඩම්' යනුවෙන් හැඳින්වුණු දේශපාලන කාන්තාවගේ අවධානය දිනා ගැනීමටද ෂෙලීන්ට හැකිවිය. ඉන් අන්තුරුව 'මැඩම්' සහභාගී වන කාන්තා උත්සවාදී කටයුතු වලදි මැඩම්ගේ පරිවාර ස්ත්‍රියක් ලෙස ෂෙලීන් ද ඒ ඒ කටයුතු වලට දායකත්වය ලබා දීමෙන් නොබෝ දිනකින් යම් තරමක සමාජ බලයක් ගොඩ නගා ගැනීමට මෙවන් සහ ෂෙලීන් යුවලට හැකිවිය.

මේ වනවිට මෙවන්ලාගේ දුරින් ඥාතීන් වූ ඔස්ටින් මුදලාලිට අයත් ඔස්ටින් පෙරේරා හා සමාගම රටේ දැවැන්ත ව්‍යාපාරික ජාලයක් ගොඩනගාගෙන තිබුණි. විශේෂයෙන්ම ඔස්ටින් මුදලාලිගේ පුත් රෝහිත පෙරේරා දේශපාලනයට සම්බන්ධවීමත් සමඟ ත්‍රිවිධ හමුදාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් සිදුකල ඔවුන්ගේ ව්‍යාපාරික ජාලය ඉතා විශාල ලෙස ව්‍යාප්ත විය. රෝහිත පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව එකහෙළා ව්‍යාපාර වල යෙදීමෙන් ඈත්ව ඒ වෙනුවට ඔහුගේ විවිධ නියෝජිතයන් හරහා මෙම ව්‍යාපාර මෙහෙයවමින් සිටි සමයේ මෙවන් සිරිවර්ධනලාගේ නැගිටීම ඔහුගේ ඇස ගැසෙන්නට විය. 'කියන ඕනි වැඩකට' කැමති ජාතියේ 'බුලට්' එකක් බව දන්නා සිය ඥාති සහෝදරයාත් ඔහුගේ සුරූපි බිරිඳත් රෝහිත පෙරේරලාගේ ව්‍යාපාර හා සම්බන්ධ වන්නේ ඉන් අනතුරුවයි. 

ඒ අනුව වත්තල හේකිත්ත පාරේ වසා දමා තිබූ රජයේ සංස්ථාවකට අයත් පැරැණි ගබඩා සංකීර්ණයක් දීර්ඝ කාලීන බදු පදනම යටතේ මෙවන් සිරිවර්ධනලාට ලැබුණු අතර එහි M.S. Direct Distributors ආයතනය ස්ථාපිත කරන ලදී. කෝටා ක්‍රමයට ඔස්ටින් පෙරේරා සමාගමට ලැබෙන උතුරු නැගෙනහි‍ර මුදා නොගත් ප්‍රදේශ හා ත්‍රිවිධ හමුදාවලට යැවෙන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කිරීමේ හා ප්‍රවාහනයේ උප කොන්ත්‍රාත්තුවක් මෙම ආයතනයෙන් සිදුකල අතර ඒ සදහා ඉඩ හා දුර ප්‍රමාණය අනුව ගෙවීමක් සිදු කරණු ලබයි. 

මේ අතර වාහනයක වංචනික ලියකියවිළි හා සම්බන්ධ නඩුවක් හේතුවෙන් මෙවන් සිරිවර්ධන සති දෙකක කාලයකට රිමාන්ඩ් බන්ධනාගර ගත කෙරේ. ඒ කාලය තුල ලෙනාඩ් උවමනාවෙන්ම පැමිණ ෂෙලීන්ට ව්‍යාපාර කටයුතු සඳහා උදව් කරයි. මෙවන්ගේ සුරූපි බිරිද ෂෙලීන් කෙරෙහි ආශක්තව පසුවෙන රෝහිත පෙරේරා මේ අවස්ථාවේදි මෙවන්ව බේරා ගැනීම හිතා මතාම කර අරින නමුත් ඒ කාලය තුල ෂෙලීන්ට ළං වීමටද ඔහු අපොහොසත් වේ. සියළු කටයුතු මැද ෂෙලීන් හා මෙවන් දෙදෙනාට අසීමිතව ආදරය කරන එකිනෙකාට ලැදි යුවලක් වීම නිසා මෙතක් රෝහිත පෙරේරාට ඇගෙන් බැල්මකින් හෝ සහොයෝගයක් නොලද නමුත් ඔහුගේ හිතේ ෂෙලීන් නැමති ගිනි පුළිඟුව පිටතට නොපෙනී නොනිවී දැල්වෙයි. 

සති දෙකක බන්ධනාගාර ජීවිතය තුල මෙවන්ට අපූරු මිතුරෙකු මුණගැසේ. දිගුකලක් රජයේ ගිණුම් ලිපිකරුවෙකුව හිඳ යම් අකටයුත්තක් හේතුවෙන් සේවයෙන් පහ කරන ලද්දාවූද ඉන් අනතුරුව පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටියදි දැවැන්ත චෙක්පත් වංචාවක හවුල් කරුවෙකුවීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ඔහු සෙනෙවිරත්න නම් විය. සෙනෙවිරත්න සිය ජීවිත කාලය තුලදි වැඩිහරියක්ම සම්බන්ධ වී තිබුණේ නීතිවිරෝධි කටයුතු වලට වේ. ඔහු නීතිවිරෝධී වාහන, ඉඩම් වෙළදාම්, අගරු චෙක්පත්, ආයෝජන වංචා මෙන්ම අළුත්ම බිස්නස් 'ට්‍රෙන්ඩ්' එක වූ ත්‍රස්ථවාදී සංවිධානයට තහනම් බඩු භාණ්ඩ සැපයුම ගැනද මෙවන් හා පාරම් බෑවේය. එකම දිනයකදි එකම උසාවියෙන් ඇප ලබා එළියට පැමිණි සෙනෙවිරත්නට තම ව්‍යාපාරය හා එක්වන ලෙස මෙවන් ආරාධනා කලේය. සෙනෙවිරත්නගේ පැමිණීමත් සමඟ ඔහු කළමනාකරු වශයෙන් කටයුතු කල අතර ලෙනාඩ් පැත්තකට විසිවිය. ෂෙලීන් ගේ මැදිහත් වීමෙන් ලෙනාඩ් තවදුරටහ් ගබඩා සංකීර්ණයේ ආරක්ශක කටයුතු සොයා බලමින් එහි රැඳී සිටී. 

නීති විරෝදී ලෙස ගෙන්වූ හා එකළස් කල වාහනද ලියකියවිළි වෙනස් කල වාහනද සමඟ ඔට්ටු වීම නිසා මෙවන් ටික කලෙකින්ම ඒ විශය සම්බන්ධයෙන් සෑහෙන පරිචයක් ලැබීය. නීති විරෝධීව වාහන ගෙන්නන්නං, එකළස් කරන්නන්, ලියකියවිළි වෙනස් කරන්න උදව් කරන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්‍යාලයේ සේවකයින්, වාහන වෙළඳාමේ අතරමැදි කරුවන් වශයෙන් එහි වූ මහා ජාලයේ එක් කොටස් කරුවෙකු වූ මෙනන් සෙනෙවිගේ සම්බන්ධතාද උපයෝගී කර ගනිමින් තවත් පියවරක් ඉදිරියට මේ ව්‍යාපාරය ගෙන ගියේය. එනම් නීති විරෝධි වාහන අඩු මුදලට ගෙන ඒවා උතුරු නැගෙනහිර ත්‍රස්ථ සංවිධානය වෙත වැඩි මුදලට විකිණීමයි. මේ සඳහා ඔහුට ත්‍රස්ථ ක්‍රියාකාරීන් සම්ඟ කෙළින්ම සම්බන්ධ වී කටයුතු කිටීමට සිදුවිය.

සින්න තලේවර් ලෙස හැඳින්වූ දෙවන පෙළ ත්‍රස්ථ නායකයා ත්‍රස්ථ සංවිධානය වෙනුවෙන් මේ කටයුතු බාරව සිටියේය. ඔහුගේ නියමයෙන් 'මුත්තවර්' යන සංඥා නාමයෙන් හැඳින්වූ කිලිනෝච්චියේ අත්‍යාවශ්‍ය සේවා බාර රජයේ නිළදාරියෙක් මේ සියළු කටයුතු සම්බන්ධීකරණය කරයි. මුත්තවර් යනු සිංහල, දෙමළ මෙන්ම ඉංග්‍රීසි භාශාවද ව්‍යක්තව හැසරවූ දකුණේ බොහෝ නිළධාරින්ගේ හා හමුදා පුද්ගලයින්ගේ විශ්වාසය දිනූ දක්ශ තරුණ නිළධාරියෙක් විය. නමුත් ක්‍රමිකව ත්‍රස්ථ සංවිධානය විසින් ඔහුව වටලා ඔහුගේ මෙම හැකියාවන් ඔවුන්ගේ උවමනා එපාකම් වලට යොදවාගන්නා තැනට කටයුතු කරන ලදී. මුලින්ම ත්‍රස්ථයන් විසින් ඔහුගේ බිරිඳගේ පියා ද්‍රෝහී වීමේ චෝදනා මත මරා දැම්මේය. ඉන්පසු යාපනේ විසූ ඔහුගේ පවුලේ අය කඩින් කඩ කොටු කොට ඔවුන්ට නොයෙකුත් සීමා පැනවූයේය. මුත්තවර්ගේ මස්සිනා හෙවත් බිරිඳගේ මල්ලීගේ සියලු වගකීම් මියගිය මාමා විසින් ඔහු වෙත පවරා තිබූ බව ත්‍රස්ථ සාමාජිකයින් දනී. අවුරුදු විස්සක නව යොවුන් තරුණයෙකු වූ දර්ශන් ඉගෙනීමෙහි ඉතා දක්ශ කඩවසම් තරුණයෙකු වූයේය. ඔහුට වයස 16දී පමණ ඔහුව සංවිධානයට බඳවා ගැනීමට අණ ලැබුණු මුත් උසස් පෙළ අවසන්වනතුරු පාසැල් යාමට පසුව අවසර නිකුත් විය. උසස්පෙළින් අනතුරුව නැවත සංවිධානය වෙනුවෙන් කටයුතු කලයුතු වූ අතර සංවිධානයට පක්ශව ඒ වෙනුවෙන් කටයුතු කරන පොරොන්දුව මත ඔහුට වැඩිදුර අද්‍යාපනය සඳහා මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළු වීමේ අවසරය සංවිධානයෙන් නිකුත් විය, මේ සියල්ල සඳහා මුත්තවර් ගෙවිය යුතු වන්දිය ත්‍රස්ථ කටයුතු සඳහා උතුර හා දකුණ අතර සහසම්බන්ධය පවත්වාගෙන යාම වේ. කටයුතු පහසු වීම සඳහා ත්‍රස්ථ සංවිධානයේ අනුහසින්ම මුත්තවර් හෙවත් අරුල් දේවනායගම් කිලිනොච්චි දිසාපති කාර්‍යාලයේ අත්‍යාවශ්‍ය සේවා බාර නිළදාරියා ලෙස පත්වීම් ලද්දේය. 

අත්‍යාවශ්‍ය සේවා බාර නිළධාරියා ලෙස අරුල් දේවනායගම් සතුව දිසාපති කාර්‍යාලයට හා රතු කුරුස සවිධානයට අයත් වාහන සංචිතයක් පවතී. ඔහුට 'අත්‍යාවශ්‍ය සේවා' ලේබලය යටතේ මෙන්ම 'රතුකුරුස' ලේබලය යටතේද උතුර හා දකුණ අතර වාහන එහෙ මෙහෙ යැවීමේ බලය පවති. අනෙක් අතට සියලුම හමුදා නිළධාරින් හා සෙසු නිළයන් සමඟ පාහේ ඔහුගේ ඇති සමීප සම්බන්ධය නිසා බොහෝ මුරකපොළු වලදි ඔහුගේ වාහන දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලට ලක්වන්නේ නැත. මේ දම්වැල බාවිතා කරමින් මෙවන් ඇතුලු කණ්ඩායම ෆෝ වීල් වර්ගයේ වාහන කීපයක්ම සාර්ථකව දනුණේ සිට උතුරට නීති විරෝධීව පැන්නුවේය. සින්න තලේවර් විසින් මෙවන් සිරිවර්ධන 'මයික් සියරා' ලෙසත් අරුල් දේවනායගම් 'මුත්තවර්' ලෙසත් එකිනෙකාට හඳුන්වා දුන් නමුත් මේ තාක් දෙදෙනා එකිනෙකාට හමුවී නැත. අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු වලට කලින් කලට නොයෙක් පුද්ගලයින් එකතුවන නමුත් මේ කිසිවෙකුගේ නිසි හැඳුනුම්කමක් එකිනෙකා නොදනී. සෑම විටම රහස් සංඥා නාමය හරහා එකිනෙකා තහවුරු කර ගැනීමෙන් අනතුරුව පමණක් අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගනී. 

හලාවත පැත්තේ ප්‍රබල දේශපාලකයෙකුගේ පුතෙකු වෙනුවෙන් නීතිවිරෝධිව ගෙන්වූ සුඛෝපභොගි ජීප් රථයක් වැඩි මිළක් ගෙවා මිළදී ගැනීම ගැන උරණ වූ ඒ දේශපාලකයා ඔහුගේ හිතවත් ව්‍යාපාරිකයෙකු හරහා ගොනු කල නඩුවක් හේතුවෙන් මෙවන් යළිත් රිමාන්ඩ් බන්ධනගාර ගතවන්නේ ඔය අතරතුරයි. මෙහිදී ෂෙලීන් විසින් රෝහිත පෙරේරාගේ පිහිට පැතුවත් ඔහුගේ උපදෙස වන්නේ අවම මාස තුනක්වත් මෙවන් රිමාන්ඩ් එකේ සිටිය යුතු බවයි. එය මෙවන්ගේම ආරක්ශාවට වඩාත් උචිත බව පැවසීම නිසා මෙවන් සහ ෂෙලීන් දෙදෙනාම ඊට එකඟ විය. මෙවන්ට බන්ධනාගාරයේදි අවශ්‍ය සියළු පහසුකම් ලබා දීමට රෝහිත පෙරේරා මෙන්ම ත්‍රස්ථ නායික සින්න තලේවර්ද කටයුතු කලෙන් ඇප ලබා නොගෙන මෙවන් බන්ධනාගාරයේ සිට සිය කටයුතු මෙහෙයවීම සිදු කලේය. සෙනෙවිරත්න හා ලෙනාඩ් ගේ සහයෙන් ආයතනයේ කටයුතු ෂෙලීන් විසින් නොකඩවා කරගෙන ගිය අතර නොදන්නා සියළු දෙනාට මෙවන් ව්‍යාපාරික කටයුත්තක් සඳහා විදේශගතව ඇති බව සඳහන් කරයි.

****************************************************

මුත්තවර් ගේ සුදු පැහැ ලෑන්ඩ් රෝවර් ජීප් රථය කන්තලේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල අසල නවත්වා ඇති බව දුටු මහේෂ් සියල්ල සැළසුම් කල පරිදි කරදරයකින් තොරව සිදුවන බව සැක හැර දැන ගත්තේය. පෙර දින කොළොන්නාවේදි හමුවූ නාදුනන සගයා විසින් පදවන  අනෙක් පෙට්‍රල් බවුසරය තමාගේ පිටුපසින් එන බව තහවුරු කරගත් මහේෂ් ත්‍රිකුණාමලයට යාමට හැරවිය යුතු කන්තලේ නගරය හරහා දිවෙන ප්‍රධාන මාර්ගය වෙනුවට දකුණට හරවා අල්ල-කන්තලේ මාර්ගය හරහා වේගයෙන් බවුසරය ධාවනයේ යෙදවීය. තව සුළු වේලාවකින් එනම් චුන්දකාඩු ඝන වනාන්තරය මැදදි තමන්ගේ වගකීම අවසන් වන බව මහේෂ් දනී. සැළසුමේ හැටියට චුන්දකාඩු ඝන වනය කෙළවර පිහිටි එස්ටීඑෆ් කඳවුරට ප්‍රථම තැනකදි ත්‍රස්ථ සාමාජිකයින් මඟ අහුරා පෙට්‍රෝල් බවුසර් දෙක ඔවුන්ගේ ග්‍රහණයට ගනී. එතැන් සිට මහ කැලැය මැදින් වෙරුගල් හා වාකරේ දක්වා පෙට්‍රොල් ප්‍රවාහනය කිරීමට ට්‍රැක්ටර් ටේලර් වකට සවිකර කුඩා ප්‍රමාණයේ බවුසර් එම ස්ථනයේ දැනටමත් සූදානම්ව ඇතුවා විය යුතුය. වාකරේ ඇතුළු ත්‍රිකුණාමලයට දකුණින් මුහුදේ සිදුවන ත්‍රස්ථ ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පෙට්‍රොල් වල අධික හිඟතාවයක් ඇති නිසා මේ මෙහෙයුම සිදු කරන බව මහේෂ් නොදනී. මුත්තවර් සාමාන්‍යයෙන් එවැනි වැඩි විස්තර නොපවසන අතර මහේෂ් ඒවා හාරා අවුස්සා අසන්නට යන්නේද නැත. චුන්දකාඩු හි සිට තමන්ගේ හා තම සගයාගේ වගකීම ත්‍රස්ථ සාමාජිකයින් සතුවන බව පමණක් කී මුත්තවර් ඔවුන්ගේ අණට කීකරුවී කියන දෙය පමණක් කරගෙන ඉන්නා ලෙස අනතුරු ඇඟවූයේය. හැකි පළමු අවස්ථාවේම ඔවුහු මහේෂ් හා අනිකා කැලෑවෙන එළියට ආරක්ශිතව පමුණුවනු ඇත. 

මහේෂ් හා ඔහුගේ සගයා බවුසර් දෙක අල්ල කන්තලේ මාර්ගයට හරවා නොපෙනී යනතුරු ධාවනය කරනකම් උපේක්ෂාවෙන් සිටි දේවා සිය පෞද්ගලික දුරකථනයෙන් කෙටි පණිවුඩයක් හරහා ඒ බව ජාලයේ අනෙක් උන්ව දැනුම්වත් කළේය. 

"Operation Alpha Romeo ii successfully done"

කන්තලේ නගරය පසුවූ පසු නැවත ත්‍රිකුණාමලයට ආසන්න වනතුරු ජංගම දුරකථන වලට සිග්නල් නැත. වේලාව උදෑසන දහයට ආසන්න වෙමින් පවතින හෙයින් තම මිතුරු නාවික නිළධාරියා තමාව ඇමතීමට බලාපොරොත්තුවෙන් ඇතැයි සිතු දේවා කඩතොළු වූ මාර්ගයේ පමණට වඩා වේගයෙන් ජීප රථය ධාවනයේ යොදවන්නට විය. 'ඇල්ෆා රෝමියෝ'.. මේ නම මෙම ක්‍රියාන්විතයට යෙදුණු හැටි සිහිවී දේවාට සිනහා පහලවිය. මීට වසරකට පමණ පෙර රතුකුරුස සංවිධානයේ යම් සහනාධාර වැඩසටහනක් වෙනුවෙන් මියගිය හා අතුරුදහන් වූ හමුදා හා ත්‍රස්ථ සාමාජිකයින්ගේ නම් ලැයිස්තු දෙකක් ඔහු වෙත ලැබුණි. ඉන් හමුදා සාමාජිකයින්ගේ නම් ලැයිස්තුවේ ඉහලින්ම තිබූ නම 'අනුර රත්නායකයි'.. එම ලැයිස්තුවේ තවත් රත්නායකලා බොහෝ දෙනෙක් වූ අතර රත්නායකලාට අමතරව ඉංග්‍රිසි R අකුරෙන් පටන් ගන්නා නම් වෙනත් බොහොමයක්ද ඔහු නිරික්ශණය කලේය. තවදුරටත් පරිස්සමින් කියවද්දි R අකුරෙන් පටන් ගන්නා නම් බොහොමයක මුලට A අකුරෙන් පටන් ගන්නා මුල් නමක්ද ඇතුළත් බව ඔහු නිරීක්ශණය කලේය. ඔහු හයිලයිටරයක් ගෙන එවන් නම් වෙනම සළකුණු කල අතර එම ලැයිස්තුවේ පමණක් නම් 14ක් A සහ R අකුරු සුසං‍යෝගයෙන් සෑදී තිබිණි. ඒ අනුව A (ඇල්ෆා) සහ R (රෝමියෝ) යනු සිංහල මිනිසුන්ගේ නම් බොහොමයක් පටං ගන්නා ජනප්‍රිය අකුරු ද්විත්වයක් බව ඔහු වටහා ගත්තේය.

කිලිනෝච්චියට දකුණින් වූ සංවිධානයේ පාලන ප්‍රදේශ වලට දිගින් දිගටම හමුදා ප්‍රහාර එල්ල වීමට පටන් ගැන්මත් සමඟ සංවිධනය අධික ලෙස බෙහෙත් හා සායනික ද්‍රව්‍ය හිඟයකට මුහුණ දෙමින් සිටියේය. කිලිනෝච්චි දිසාපති කාර්‍යාලයට ලැබෙන වෛද්‍ය සැපයුම් ප්‍රදේශයේ රෝහල් අතර බෙදා හරින අතර ගැටුම් පවතින ප්‍රදේශ වලට කියා විශේෂයක් කිරීමට රතුකුරුස සංවිධානයේ මැදිහත්වීම නිසා නොහැක. බෙහෙත් හා සායනික ද්‍රව්‍ය අඩංගු ලොරි රථය අමු අමුවේ කොල්ල කෑමට සින්න තලේවර්ගේ අණ ලැබුණේ මේ පසුබිම තුලයි. වවුනියාවෙන් මෙහාට මූහමලේ දක්වා ට්‍රක් රථ වලට හමුදා ආරක්ශාවත් මූහමලෙන් මෙහාට රතුකුරුස සංවිධනයේ මැදිහත්වීමත් ලැබන හෙයින් මේ පැහැර ගැනීම වවුනියාවට පෙර හමුදා පාලන ප්‍රදේශයකදීම සිදු කල යුතුයැයි තීරණය විය. ඒ අනුව ඊට රියදුරාගේ සහය ලැබිය යුතුමය. 

මෙහිදී සින්න තලේවර්ගේම යෝජනාවකින් 'මයික් සියරා'ගේ ආයතනයෙන් අදාල අයිතම පිටත් වන දවසක පැහැර ගැනීම සිදු කිරීමටත් ඔහුගේම මිනිහෙක් මේ වැඩේට යොදවන්නටත් යෝජනා විය. මහරගම බස් රූට් එකේ පාතාල ක්‍රියාකාරී ජගත් ගේ රෙකමදාරුව මත මහේෂ් මේ ජාලයට සම්බන්ධ වන්නේ එලෙසයි. නමුත් පැමිණෙන රියදුරාගේ අනන්‍යතාවය මුරපොළවලින් සැඟවිය යුතුය. දේවාගේ 'ඇල්ෆා රෝමියෝ' තියරිය මෙහිදි අත් හදා බැලීමට ඔහුට හැකියාව ලැබේ. නාවික හමුදා සේවයේ යෙදී සිටියදි අතුරුදහන් වූ 'අනුර රත්නායක' නමින් සියළු ලේඛන ලහි ලහියේ සකස් විනි. මහේෂ් හිතුවාටත් වඩා හොඳින් තම කර්තව්‍ය ඉටු කලේය. වවුනියාව හා පූනෑව අතර කැලෑබද පෙදෙසකදී මහෙෂ් ගෙන් අත්‍යාවශ්‍ය සේවා ලොරිය බාරගත් දේවා එය සංවිධානය අතට පත් කොට සුරක්ශිතව මහේෂ්ව යළි කොළඹට පිටත් කර හැරියේය. පහුවදා රටම මෙ පුවතින් කැළඹී යද්දි නොපැකිලව තම රාජකාරි කොටස ඉටුකල හෙතෙම තම බිරිඳ හා ඥාතීන් බැලීමට යාපනයට යාමට සූදානමෙන් සිටියේය. 

නමුත්.. සෑම දිනයකම නියමිත වේලාවකට කෙටි පණිවුඩ හා ඊමේල් පරික්ශා කිරීමට ඔවුන් සංවිධානයට බැඳී සිටී. ඒ අනුව එදිනට නියමිත වේලාවේ තම පෞද්ගලික ඊමේල් ගොනුව පරීක්ශා කල ඔහුගේ මුහුණ විකෘතිව ගියේ යාපනේ ගමන කල් දමා තවත් සංවිධානයේ අත්‍යාවශ්‍ය රාජකාරියකට එදිනම ඔහුට නැවත යෙදීමට අණ ලැබී තිබුණු හෙයිනි. දිසාපතිතුමියගේ සැටලයිට් දුරකතනයට ඇමතුමක් ලබා දුන් ඔහු ඇල්ෆා රෝමියෝ 2 ක්‍රියාන්විතය සැලසුම් කිරීම සඳහා එදිනම කොළඹට සේන්දු විය.

*********************************************

සෙනසුරාදා රාත්‍රියේ ඕඅයිසී මහතාට හා ජයශංකට සාදයක් සූදානම් කරන ලෙස මෙවන්, සෙනෙවිරත්නට උපදෙස් දුන්නේය. ඕඅයිසී මහතා සාදයට සහබාගී නොවන බව කී බැවින් ඔහුට අවශ්‍ය අඩුම කුඩුම නිවසටම සූදානම් කර යවා ජයශංක හා ඔහුගේ සගයාට වෙනම සාදයක් සූදානම් කරන ලදී. සෙනෙවිගේ හා ලෙනාඩ්ගේ නොහොඳ නෝක්කාඩුව හොඳින් දන්නා මෙවන් මෙවැනි තැන් වලට දෙදෙනාම යවයි. ඒ එකෙකුට එකෙක් අවිශ්වාස නිසා ආයතනයට එරෙහිව කිසිදු දෙයක් කතා නොවෙනා බව දන්නා හෙයිනි. එහෙත් ලෙනාඩ්ගේ මත් ලෝලී බව හා සුරුට්ටු ජෝගිය නිසා මෙහෙදී ජයශංක හා තනිවීමට අවස්ථවක් සෙනෙවිට ළඟාවුණි. කලෙකින් ලද අවස්ථාවත්, ජයශංකගේ පෙළබවීමත්, මත් වතුරින් ලද උත්තේජනයත් නිසා සෙනෙවිරත්න ෂෙලීන් හා ඇගේ සේවිකාවන් ගැන සිතූ සිතූ දේ දොඩවන්නට විය. ඇය මෝඩ ගෑණියෙක් බවත්, 'මිනිහාගේ පදේට නටන රූකඩයක්' බවත්, තමා කියනා ඕනෑම දේකට ඈ එකඟ විය යුතුම තත්ත්වයක ඉන්නා බවත්, ඒ ගැන ජයශංකලාට 'පසුව දැනගන්නට ලැබෙණු ඇති' බවත් එය දඩමීමා කරගෙන තමා ළඟදීම මේ ගැහැණිය වසඟයට ගන්නා බවත් ඔහු පාරම්බෑවේය. නමුත් ඊට ස්වල්ප වේලාවකට පෙර ඔහු ඉතා විනීත ලෙස ඈට ඇමතුමක් අරගෙන ජයශංකට කතා කරන්නට සැළස්සුවේය. කතාවෙන් අනතුරුව ජයශංක දුන් ජංගම දුරකථනය උඩ සාක්කුවේ රුවා ගත්තා විනා එය විසන්ධි කිරීමේ සිහියක් ඔහුට නොවූයෙන් එතනින් එහා සිදුවූ කතා බහ එකක් නෑර ෂෙලීන් හා ඇගේ සහායිකාව නිවසේ සිට අසා උන්නාය.. මොන අඩුපාඩුව වැරැද්ද තිබ්බත් ඉතා හොඳ සැමියෙකු වූ මෙවන් කෙරෙහි ස්වාමිභක්තියෙන් සිටි කාන්තාවක් වූ ෂෙලීන් සිය එකම ආරක්ශකයා වූ මෙවන් හට සියල්ල අකුරන් නෑර පසුවදා ඇමතුමක් ලද සැනින් එළි කලාය.. 

"මම මරනවා ඕකව.. වල් පරයා..!"

*************************************

ඊළඟ කොටසින් හමුවෙමු.

ක.මි. 



42 comments:

  1. Oh no අයියා...

    ඇයි ඔයා මේ ටික කීවේ //සින්න තලේවර් විසින් මෙවන් සිරිවර්ධන 'මයික් සියරා' ලෙසත් අරුල් දේවනායගම් 'මුත්තවර්' ලෙසත් එකිනෙකාට හඳුන්වා දුන් නමුත් //

    මන් ලොක්කා වගේ සතුටු උනා මුත්තවර් සහ මයික් සියාරා කවුද කියල දැනගෙන.ඒත් කියවල පහලට එනකොට ඔයා ඒක එලිකරල.


    ඇත්තටම " ඇල්ෆා රෝමියෝ " තමයි මට විසදගන්න තිබ්බ එකම දේ.

    හා ඉතින් කමක් නෑ...

    ඒත් අර වල් පරය මරන්න ඕන කියල මාත් කියනවා.ඇයි යකෝ.

    ReplyDelete
    Replies
    1. //මන් ලොක්කා වගේ සතුටු උනා මුත්තවර් සහ මයික් සියාරා කවුද කියල දැනගෙන.// ඔයා නොවුනට තව ඕනි තරම් ටියුබ් ලයිට් ඉන්නවනේ මේකේ.. 🤓🤭🫣😝

      Delete
  2. දිගමදි.මුඩ්ඩගේ කැමරාවේ හොම්බත් දිගයි අද කතාවට වඩා😏😏😏😏

    ReplyDelete
    Replies
    1. බෞකාපම්.. යකෝ.. මගේ උරපතු දෙකත් රිදෙනව අද මේ ටික ටයිප් කරලම 🤓🤭😝

      Delete
  3. චෙක් පොයින්ට් වලට ෆේස් බුක් පේජ්ජෙකක් හදමුද

    ReplyDelete
    Replies
    1. මං ඔය ගැජමැටික් දන්නේ නෑ නෝනේ.. අනික ඕකේ එන කොමෙන්ට් වලට රිපලයි කරන්න වෙනම දවසක් ඕනි වෙනව. ඒක නිසා මෙහෙම හොඳයි.. 🤓🤭😝

      Delete
    2. අනේ හත්තිලව්වයි .ඒකට තමයි මනුස්සයෙක්ට ප්‍රයිවෙට් සෙක්‍රටේරියන් කෙනෙක් ඉන්නෝනෙ. අර ශෙරින් නෝනෙ වගේ කෙනෙක් ගමු

      Delete
    3. එක තැනකවත් කතාව ඉවර කරන්න දෙමු නේද? වැඩිය අගයන්න යන්න එහෙම හොදනෑ මග නතර කරල දලා පැනල යනවනේ
      ...😊

      Delete
  4. ඒ ගමන් රුසියාවත් අල්ලාගෙන. ඔය හේකිත්ත පාරේ නුවර පාරේ ඉඳන් එනකොට තියෙන දකුණු පැත්තේ වන්ගුවේ අළු පාට ලොකු බිල්ඩින් එක්ක තියෙනවා. (අපේ ඔෆිස් එකට කලින් එක) . ඒක ඔහේ වහල තියෙන්නේ. ඇතුල ගබඩා කාමර වගේ.

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ ඌව රුසියාවේ යැව්වේ උන්ගේ දෙමව්පියෝ.. මම මක් කරන්නැයි? 😊😊 ඔහෙත් අම්මප නොදන්න තැනක් නෑ හතර දිග් බාගේ නැතුව උනත්.. 🤓🤭😝

      Delete
  5. දැන් දැන් කියවෙනව ලොකු තැන්වල වංගු
    ඒ වාගෙමයි ගන්නා හැටි ලොකු පංගු
    අගෙයි හෙළි කරන හැටි තතු උන් හැංගු
    කියවෙනවාද හැටි උන් ජයදද නැංගු

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇත්ත ඇති සැටියෙන් ලියවෙයි 😊😊

      Delete
  6. කොටින්ගේ අැජෙන්ඩාවලට පොඩි කැමැත්තක් දේවාගෙත් තිබිල තියෙනව නේ...

    ඩබල් එ්ජන්ට් කෙනෙක් ගැනත් ලියමු දවසක..අෑ😊😊

    ReplyDelete
    Replies
    1. දේවාත් ඩබල් ඒජන්ට් තමයි.. ඉස්සරහට හම්බවෙයි තව නොම්මර එකේ ඩයල් එකක්.. 😊😊

      Delete
  7. 'වාහනයක වංචනික ලියකියවිළි හා සම්බන්ධ නඩුවක් හේතුවෙන් මෙවන් සිරිවර්ධන සති දෙකක කාලයකට රිමාන්ඩ් බන්ධනාගර ගත කෙරේ.'

    වාහනයක පොටෝ ගන්න ගිහිං හිරේ ගියපු ඩයල් එකක් මතක් උනා

    ReplyDelete
    Replies
    1. ඕනි නැති කතානේ ඉතිං.. 🤓🤭😝

      Delete
  8. ඔබගේ කතාව පරපුර සමත් නැති බව පැවසීම සිත් රිදවීමට කාරණයක් නොවන්නේ යැයි සිතමින් ඒ මන්ද මෙවැනි කතාබහ ඕනෑම කෙනෙකුට ලිවිය හැක නොවීමට හැකියාවක් ඇති බව අප දනිමු එනමුත් මෙම කතාවේ කියවීමට යමක් ඇතැයි කියා සිතීමේදී කීවේ මෙය දී සහ නොකිරීමේ දී යමක් තිබේද අපි නොදන්නා සත්‍ය කුමක්ද හිරේ ගියේ කවුද නොගිය කවුද සිද්ධවන්නේ කියා සිතමු

    ReplyDelete
    Replies
    1. මොංගල් වගේ ඒක කියවලා.. 🤓🤭😝

      Delete
  9. නාවිකයා කවදාවත් වයසට නොයන්නේ ඇයි?
    නාවිකයා කාලය සමග වියැකී යනවා පමණයි..

    නාවිකයාගේ සදා කාලින ප්‍රේමය මහා මුහුද වන්නේ ඇයි?

    බෝල්ටික් මුහුද පිහිටා ඇත්තේ යුරෝපා මහද්වීපයේය. බෝල්ටික් රටවල් ලෙස සැලකෙන ස්කැන්ඩිනේවියා, ෆින්ලන්තය, ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා වැනි යුරෝපා රටවලට මැදිව බෝල්ටික් මුහුද පිහිටා ඇත. ඒ, වර්ග කිලෝ මීටර් 3,77,000 ක් පුරාය. බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර අඩි 1,506 කි. දූපත් රැසක් ද පිහිටා ඇත. බෝල්ටික් මුහුද අබිරහස් පිරි ගුප්ත තැනක් පමණක් නොව, නැව් ගිලින තැනක් බවට ප‍්‍රකටය. මුහුදු පතුළේ ඇත්තේ නැව් සොහොනකි. දහස් ගණනක් නැව් බෝල්ටික් මුහුද විසින් ගිල ගෙන ඇතැයි පැවැසෙයි. සීතල මෙන්ම ප‍්‍රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන් කිරීමට ඉදිරිපත් වන්නේ නිර්භීත නාවිකයන් අතරින් අතලොස්සක් පමණි.

    මේ මොහොතේදීත් සීතල ,අඳුරු, ප්‍රචණ්ඩ බෝල්ටික් සාගරය හරහා යාත්‍රා කරනා ඒ නිර්භීත නාවිකයන් හිරු නැගෙනා විටත්, හිරු බැසයන විටත් සිහිපත් කරමු.

    ReplyDelete
  10. හේෂාන් දමින්ද14 March 2023 at 16:52

    මහත්තයා නාවික හමුදාවේ ඇතැම් යාත්‍රා දින කීපයක් මුහුදේ රාජකාරි කරනවා නේද එක දිගට.

    එතකොට ඒවායේ වැඩ කරන අය එදිදෙනා පරිභෝජනයට අවශ්‍ය අරක්කු, සිකරට්, බියර් ටින් එහෙම ඇරගෙන යනවද?+

    ReplyDelete
    Replies
    1. නැව් වල නිළධාරින්ට සහ ජේශ්ඨ නැවියන්ට තමන්ගේ නිළ නිවස්නයට පොදු 'බාර්' එකක් පවත්වාගෙන යන්න පුලුවන්. ඒක වෙල්ෆෙයා කැන්ටින් එකක් වගේ. මේ මාසේ බාර් බිල ඊළඟ පඩියෙන් කැපිලා ඒ සල්ලි නැවට ආවම ආයේ බාර්මන් ගිහින් බාර් එක ටොප් අප් කරනවා. ඕක ඉතින් මුහුදට ගියත් ඒ විදියටම තියෙනවා. ගොඩක් දවසකට මුහුදට යනවානම් යන්න කලින් බාර් එක ටොප් අප් කරගන්න එක බාර්මන් ලා කරගන්නව. මේ බාර්මන් ලා වෙන රාජකාරියක් කරන ගමන් බාර් එක බලන්න දාපු උන් මිසක් ප්‍රොෆෙශනල් බාර්මන් ලා නෙවෙයි.

      Delete
    2. හේෂාන් දමින්ද17 March 2023 at 22:59

      මේ ගැන සවිස්තරාත්මක ලිපියක් ලියන්නකෝ පුළුවන් නං මහත්තය.

      සිවිල් එකේ අපි කවුරුත් දන්නේ නැති දෙයක්. සිංහලෙන් මේ ගැන මීට කලින් ලියලත් නැතුව ඇති කවුරුත්.

      Delete
    3. //සවිස්තරාත්මක ලිපියක්// ලොකූ..ම විස්තරයක් කියල නෑ ඉතිං.. ඕකම ටිකක් ඇදලා ලියන්න පුලුවන්. හැබැයි නේවි එකේ නම් බීම කියන්නේ අපූරු කල්ට් එකක්. අන්න ඒකත් එකතු කරලා ලියන්නම් වෙලාවක

      Delete
  11. ඉස්සර ටෙලිනාට්ට පෙන්නනකොට //අද එතැන් සිට...// කෑල්ල දාන්න කලින් පෙන්නන ටික වගේනෙ අද පෝස්ට් එක. හැක්..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුණ.. ඒ උනාට ගොඩක් උන්ට අග මුල ගලපගන්න බැරුව ඉන්න බව තේරුණ නිසා ප්‍රශ්ණ ටික විසඳලා දැම්මේ..

      Delete
  12. චරිත ටික මතක තියාගන්න ගන්න කෝස් එකක් කරන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්. ලොකු පරාසයක දුවනවානේ කතාව.. මට චරිත මතක නිසා නමක් ආදේශ කර කර ලියාගෙන යන්න තියෙන්නේ.. 🤓🤭😝

      Delete
  13. කලින් කොටසමද...🤔

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙ නැතුවද අහන්නේ? 🤓🤭😝

      Delete
  14. ටින්නෙකක් බොමු

    ReplyDelete
    Replies
    1. බොනවානම් බොමු සුවාමිනී.. 🤓🤭😝

      Delete
  15. බෝතලයක් ගහලා හාන්සි වෙමු

    ReplyDelete
  16. මධ්‍යම අධිවේගය

    දකුණු ලක අධි වේගය

    කඩවත පිටත වට රවුම

    ඩොටේ බදුල්ලේ සුමිත්ලා ගෙදෙට්ට යන ගුරු පාර



    ReplyDelete
    Replies
    1. වාහනයක් ඉස්සරහින් ආවොත් කොච්චර දුර රිවස් කරන්න වෙයිද? 🤓🤭😝

      Delete