Friday 10 March 2023

Check Point..! 6 වෙනි දිගහැරුම

 5 වෙනි දිග හැරුමට..


මරදාන මවුන්ට් මේරි රේල්වේ ඉන්ස්ටිටියුට් එක ඉස්සරහා හෙවනේ තැඹිලි කරත්තයෙන් තැබිලි ගෙඩියක් බී සිගරෙට්ටුවක් දල්වා ගත් මහේෂ් එතනම පිහිටි ගරාදි වැටට බරවිය.. බලාපොරොත්තුවෙන ඇමතුම ලැබීමට තව එතරම් වෙලාවක් නැත.. දකුණතේ රඳවාගත් සිගරෙට්ටුව දෙතොලතර තබමින්ම වම් අතින් සිය කමිස සාක්කුව අතගා බැලූ හේ කුඩා ජංගම දුරකථනය එහි සුරැකිව ඇති බව තහවුරු කරගත්තේය. තැඹිලි ගෙඩියට හා දුම් වැටිය වෙනුවෙන් මුදල් ගෙවා දැමූ ඔහු පාර දෙපස බලා අඩියට දෙකට බේස්ලයින් පාර හරහා පැන විදුලි සංඥා මංසංධිය පසුකර කොළෙන්නාව පාර දෙසට සෙමින් පිය මැන්නේ, එක්වරම කළබලවී තම සාක්කුවේ දඟලන කුඩා දුරකතනය ගෙන එහි අංකය දෙස බලා එය විසන්ධි කර දැම්මේය. එසැණින් ඔහු ඒ අසලම තිබූ වසා දැමු කඩයක පිළට ගොඩවනවාත් සමඟම යළිත් එම අංකයෙන්ම එන ඇමතුමට දෙවරක් නොසිතා සම්භන්ද විය. 

"කෝල් සයින්?"

"ඇල්ෆා රෝමියෝ"

"හෙහ්..හෙහ්.. කොහොමද.. තමුසෙ දැන් සෑහෙන්න හොඳයිනේ.. මම මුත්තවර්"

"මම කොළොන්නාවේ ඉන්නේ.."

"මම බලාගෙන ඉන්නේ අයිසේ.. ඔහොම තව ටිකක් ඉස්සරහට යනව.. ඔව්.. ඔහොම යනව.. මම කියන එක අහගෙනම. ඔය තියෙන්නේ වම් පැත්ත අයිනේ නවත්තල හයිඒස් එකක්.. ඕ.. ආ.. ඕකට නගිනව..."

"මෙතන තව.."

"ආ.. ඒකට කමක් නෑ. මිනිහා තමුසෙගේ හෙට ඉඳල දවස් කීපෙකෙට පාට්නර්. නම ගම විස්තර මොකුත් නොකියා මිනිහගෙන් ඒවා අහන්නෙත් නැතුව ඕනි  දෙයක් කතා කරගත්තට කමක් නෑ. කොහොමත් තරහ කාරයෝ වගේ ඉන්නෙපා ඉන්ඩක්ශන් එකට රෙජිස්ටර් වෙන්න ගියාම. ඔය වාහනේ මහත්තය තමුසෙගෙ ඩොකියුමන්ට් ටික දෙයි. ඇතුලට යන්න කලින් ඒ ටික පොඩ්ඩක් බලා ගන්නව.."

"දුන්න මේ.."

"ගුඩ්.. නම ගම වයස පොඩ්ඩක් බලාගනින්.. අනිත්වා ගැන මොකුත් බයවෙන්න දෙයක් නෑ. රෙජිස්‍ටර් වෙලා ට්‍රේනින් එකට ඉඳලා අද යන්න තියෙන්නේ.. හෙට උදේ එන්න වෙලාවක් කියයි. ඒක අහගන්න. මම රෑට කතා කරන්නම්."

"අද බෝඩිමට නම් යන්න බෑ මට.."

"ආ.. මං ඔය මහත්තයාට කියන්නම්. සල්ලි දෙයි. අද ඔය කිට්ටුව ලොජ් එකක නැවතියං. වැඩිය කැපිල පේන තැනක ඉන්නෙපා. බොන්න පිස්සු කෙළින්න ලෑස්ති වෙන්නත් එපා. උඹට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.."

"නෑ.. ඒවා අවුලක්ම නෑ"

"හරි.. එහෙනම් ඔය ටික කරගනිං.. මම රෑට ගන්නම්" මුත්තවර් ද්‍රවිඩ ජාතිකයෙකු උවද ඉතා හොංදින් සිංහල කතා කරතැයි මහේෂ් සිතුවේය.. ඔහු එදා කලබළයෙන් මෙන් එක් වරක් පමණක් දුටුවද ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක් විය. කතාවෙන්ද අනෙකා සැනෙන් අල්ලා ගැනීමට සමත්‍ ය. එහෙත් මේ ඒ කිසිවක් සිතීමට වෙලාව නොවීය. කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසලින් බැසීමට පෙර අවසන් වරට  මහේෂ් සිය නම යළිත් වතාවක් කියවා මතක තබා ගත්තේය..

"අනුරාධ රූපසිංහ".. හ්ම්ම්..

******************************************

සෙනසුරාදා රාත්‍රියේ යන්තම් අඳුර මෝදුවීගෙන එද්දී සාජන් ජයශංක හා තවත් ඔහුගේ ළඟම හිතවත් සාජන් වරයෙකු වත්තල සෙබස්තියන් පාරේ කෙළවරේ කැළණි ගඟ අසබඩ බෝට් යාඩ් එකට ආවේ අලුත් මිතුරෙකු වන M.S. Direct Distributors ආයතනයේ කළමනාකාර සෙනෙවිරත්න මහතාගේ ආරාධනයෙනි. ස්ථානාධිපතිවරයාටද ආරාධනාවක් කළ නමුදු ඔහුගේ 'රාජකාරී හේතුවෙන් සහභාගී වීමට නොහැකි නිසා බ්ලැක් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක් කලින්ම ඔහුට යවා තිබිණ.. රාත්‍රී අට වන විට ඔහු වෙනුවෙන් සැකසූ අවුල්පත් හා පවුලේ සියළු දෙනාට සෑහෙන ලෙස රාත්‍රී ආහාරය නිවසටම යවන ලෙස වත්තල ප්‍රසිද්ධ හෝටලයකට මුදල් ගෙවා උපදෙස් දුන් සෙනෙවිරත්න මහතා සිය සගයාද කැටුව කළින්ම බෝට් යාඩ් එකට ගොස් සිටියේය.. ඔවුන්ගේ හමුව සඳහා ගඟ අසබඩම නිස්කලංක සමර් හට් එකෙක් සුදානම් වෙමින් පැවතින. ජයශංක ඔහු සමඟ පැමිණි තරුණ සාජන්වරයා හා සෙනෙවිරත්න එකිනෙකාට හඳුන්වා දුන් අතර සෙනෙවිරත්න කැටුව පැමිණි ඔහුගේ සගයා හඳුන්වාදීමට ප්‍රථම ජයශංක විසින් ඔහුව හඳුනාගෙන තිබිණි.

"මේ එහෙ සිකියුරිටි අංකල් නේද?"

"ආ ඔව් ඔව්.. මිස්ටර් ජයශංකට මතකයි නේද? මිනිහා නිකං සිකියුරිටි නෙවෙයි අපේ ඩිරෙක්ටර් සිකියුරිටි.. හෙහ්.. හෙහ්.. මැඩම් ගේ මාමා නේ.."

"ආ..ඔව් මට මතකයි එදා මැඩම් කියුවා.. එක්ස් නේවි නේද කියුවේ?"

"Hey, hey.. I'm too young to be called Uncle by old folks like you.. I'm retired Navy communicator Leonard Croos.. nice to meet you guys"

ප්‍රියමනාප පුද්ගලයෙකු වූ ලෙනාඩ් ඔහුට සුපුරුදු හමුදා විලාශයෙන්ම අනෙකුන්ට ඔහුව හඳුන්වා දුන්නේය. රාජකීය ලංකා නාවික හමුදාව සමයේ පටන් එහි සංඥාකරුවෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටි ඔහු ඉතා වියත් ලෙස ඉංග්‍රීසි බාසාව හැසරවීය.

එකිනෙකා හඳුනා ගැන්මෙන් ඉක්බිති සිව් දෙනාම අසල පිහිටි සමර්හට් එක වෙත ගොස් මදුවිත තොලගාමින් අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට විය. මදක් වැඩියෙන් දොඩමලු වූ ලෙනාඩ් ආයතනයේ අධ්‍යක්ශවරියට ඔහුගේ ඇති ඥාතීත්වය ගැන වැඩිමනත් පුරසාරම් දෙඩුවේය. සාජන් ජයශංකට ඈ ගැන තවත් තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය ඇති බව පෙණුනත් ලෙනාඩ් ඉදිරියේ සෙනෙවිරත්න යමක් පැවසුවේ බොහොමත්ම කල්පනාවෙන් බව නොබෝ වේලාවකින්ම ජයශංක තේරුම් ගත්තේය.

හෝරාවක පමණ ඇවෑමෙන් ලෙනාඩ් බොහෝ සෙයින් බීමත්ව නන් දොඩවමින් සිටි මුත් අනෙක් තිදෙනාම ඉතා හොඳ සිහියකින් හා පාලනයකින් සිටියහ. මේ අතර ඉස්තරම් වර්ගයේ කියුබානු සුරුට්ටුවක් තම සුරුට්ටු රඳවනයෙන් එළියට ගත් ලෙනාඩ් අනෙක් අයට එය පෙන්වමින් ඒ ගැන විස්තර කරන්නට විය. 

"Anybody want to try an original cuban cigar? This is one of best brands going around.. මට මේක දුන්නේ one of my ex-captain during our last seafarer's get together.." ඔහු එය සාජන් ජයශංක වෙත පෑ නමුත් අතක් ඔසවා සිනහවකින් එය ප්‍රතික්ශේප කලේය. 

"හෙහ් හෙහ්.. you are not lucky enough to smell this.. හෙහ්.. මේක මෙහෙම බීලා බෑ.. හොඳට හුළං වදින තැනක ඉඳලා බොන්නෝනි" කියමින් ලෙනාඩ් සුරුට්ටුව දල්වමින්ම කැළණි ගඟබඩ ගොඩට ඇද තිබූ බෝට්ටුවක් වෙත ගමන් කළේය. ඒ එක්කම වාගේ අනෙක් තරුණ සාජන්ට් වරයාටද දුරකථන ඇමතුමක් ලද හෙයින් ඔහු අනෙක් දෙදෙනාට අතින් සංඥා කොට අවසර පතා ඇමතුමට සම්භන්ද වෙමින් නැගිට ඉවතට ගියෙන් බොහෝ වෙලාවක් බලාපොරොත්තුවෙන් සිටියාක් වැනිව ජයශංක හා සෙනෙවිරත්න එකිනෙකා දෙස බලා අස්වැසිල්ලකින් සිනහාවක් නැගුවෝය..

"ලෙනාඩ් කාරය මරු චරිතේ නේද?" ජයශංක අලුත් කතාවකට අර අඳිමින් සෙනෙවිරත්න විමසුවේය..

"හපොයි.. පම්පෝරිකාරයා.. හොඳයි වැඩක් නැති වෙලාවට කයිවාරුවකට සෙට් වෙන්න නම්.." ඒ සමඟම හඬ මදක් බාලකොට.. "ඔහොම හිටියට හෙන කේලමා.. මෙතන වෙච්චි දේවල් අතිනුත් දාල හෙට මැඩම් ගේ කණේ තියන්නේ. මැඩමුත් මේ වගේ ඒවට ඕකව පටලවල එවන්නෙ ඒකටමයි"

"ඇයි මැඩම්ට සෙනේව ෂුවර් නැත්ද?"

"නෑ..නෑ.. එහෙමමත් නෙවෙයි. ගෑණි බය ඇති මම අත යටින් ගේම් ගහයි කියල.. බිස්නස් වලදි ඔය වගේ ඒවා වෙනවනේ..(මදක් ඉවත බලා සෝපාහාසාත්මකව මෙන්) මම නැතුව කොහොමද එයා මේවා කරන්නේ?" මැඩම් ගැන කතා කිරීමට පොටක් පෑදුණු බව දැනීමෙන් ජයශංක වඩාත් සතුටු විය.

"තමුසෙලාගේ මැඩම් මාර කෑල්ල නේ? ඕ අයි සී මහත්තයත් මගෙන් හාර අවුස්ස අවුස්ස විස්තර ඇහුවා එදා..හෙහ්"

"ඔහො..හෝ.. මට ඒකනම් එදාම තේරුණා. ඕඅයිසී කාරයා ඇඹරුණා ගැරඬියා වගේ ගෑණි දැක්ක ගමන්.. හෙහ් හෙහ්.. ඔහොම ඉන්නව මම තමුසෙට කෝල් එකක් අරන් දෙන්න.. කතා කරන්න ගෑනිට.."

"එපා..එප්..ආ...."

"නෑ..නෑ.. අවුලක් නෑ.. මට කොහොමත් කියුව තමුසෙල ආවම විස්තර කියන්න කියල.."යැයි ඇගේ දුරකතනයට ඇමතුමක් ගත් සෙනෙවිරත්න මොන මොනවාදෝ පවසා දුරකථනය ජයශංක වෙත පෑවේය. ඔහු ගරුසරු ඇතුව මෙන් මුලින් ආමන්ත්‍රණය කලද මද වෙලාවකින් ළඟම මිතුරියක හා සුහද සල්ලාපයක යෙදෙන්නාක් මෙන් සිනහාවෙමින් ඈ සමඟ කතා බහේ යෙදෙද්දී දුම් වැටියක් දල්වාගත් සෙනෙවි සිනහාවෙමින් ඒ දෙස බලා සිටින්නට විය. කතාව අවසන් කල ජයශංක ජංගම දුරකතනය සෙනෙවි අතට දුන් හෙයින් ඔහු ඒ දෙස නොබලා එය උඩ සාක්කුවේ රුවා ගත්තේය..

"මාර ස්වීට් වොයිස් ඕයි.. කතා කරද්දිත් ආසයි.. තමුසේ කොහොමද ඔච්චර ළඟින් ඉඳන් ඉවසන් ඉන්නේ.. හෙහ් හෙහ්.." ඉන්පසු දෙදෙනා අතර ඇතිවූයේ තනිකරම නොහොබිනා කතාවකි.. මත් වතුරින් ගාණට රත්වී සිටි දෙදෙනා වචන වලින් ඈව නිරුවත් කරන්නත් ඈ හා රමණයේ යෙදෙන්නත් එකිනෙකාගේ ඒ විශයෙහි 'ලොකුකම්' කතා කරන්නත් විය. සුරුට්ටු බොන්න ගිය ලෙනාඩ්ට වෙරි මතින් බෝට්ටු ඇණියේම නින්ද ගොස් සිටි අතර දුරකතනයට පිළිතුරු දීම සඳහා ඉවතට ගිය තරුණ පොලිස් නිළධාරියා නැවත එමින් සිටි නිසා පහත් හඬින් මෙසේ පවසා සෙනෙවි ඒ කතාව හමාර කලේය.

"ඔන්න බලපං ජයේ.. මම ඕකිට ළඟදිම ගහලා උඹටත් ගහන්න සෙට් කරේ නැත්නම් මම සෙනෙවි නෙවෙයි.."

*****************************************************

සෙනසුරාදා දිනයේ වැඩිමනත් වේලාවක් කොළඹ තාවකාලික නවාතැනේ රැඳී හුන් දේවා ඉරිදා උදෑසනින්ම සිය නිළරථයෙන්ම ත්‍රිකුණාමලයට යාමට පිටත් විය. ඉරිදා උදයෙන්ම ත්‍රිකුණාමල වරායට ළඟාවීමට නියමිත පර්ල් කෲස් මගී නෞකාවෙන් ඔහුගේ මස්සිනා දර්ශන්, දර්ශන් ගේ පාසැල් මිතුරු කජුමුගන් හෙවත් කජන් සහ තවත් යාපනේ පාසැල් වලින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරුණු සිසුන් දෙදෙනෙකු යාපනයේ සිට ත්‍රිකුණාමලයට ළඟාවීමට නියමිතය. නාවික හමුදා ආරක්ශක පටිපාටීන්ට අනුකූලව ඔවුන් සාමාන්‍ය පරිදි 'ක්ලියර්' කොට හමුදා වාහනවලින් ත්‍රිකුණාමල බස් නැවතුම්පොල වෙත ගෙනත් ඇරලන තෙක් සිටියොත් එතනටම දවල් එක දෙක වනු ඇත. එතනින් සාමාන්‍ය බස් රථයක කොළඹ පැමිණීමට ගියොත් මාර්ග බාධක අවහිර මැද මධ්‍යම රාත්‍රිය ආසන්න වන තෙක්වත් ඔවුනට කොළඹට ඒමට නොහැකි වනු ඇත. දේවා මේ පිළිබඳව ඔහුගේ හිතවත් නාවික නිළධාරියෙකු හා කතා කිරීමෙන් අනතුරුව ඔවුන් සිව් දෙනාව මුලින්ම නිශ්කාෂණ කටයුතු සඳහා යොමු කිරීමටත් ඒ කටයුතු අවසන් වූ සැණින් ඔවුන් නාවික තඨාකාංගන ගේට්ටුවෙන් එළියට එවීමටත් එකඟ කරගත හැකි විය. කෙසේ වෙතත් මේ සඳහා අවම වශයෙන් උදෑසන දහය පසුවේ. එතැන් සිට සාමාන්‍ය බස් රථයක ආවත් රෑ හත අට වනතුරු ඔවුන්ට කොළඹට ඒමට නොහැක. මේ හේතුව නිසා උදෑසන 10ට ඔවුන්ව තටාකාංගණ ගේට්ටුව අසලින් ගෙන හැකි ඉක්මණින් කොළඹට රැගෙන ඒමට සිය වාහනයෙන් ත්‍රිකුණාමලයට යාමට දේවා යොදා ගත්තේය.

කෙසේ හෝ අද දිනය තුල මොවුන් සිව්දෙනා වැල්ලවත්තේ අලුතින් කුළියට ගත් මහල් නිවාසයේ 'සෙට්ල්' කර දේවා හෙට උදේම නැවත කිලිනෝච්චි යා යුතුය. නිවස ගත් නිසාත් තමා අද කොළඹ සිටින නිසාත් හදිසියේම මොවුන් අද කොළඹ ගෙන් වූයෙත් දේවාගේම උවමනාවටයි. කැම්පස් පටන් ගැමීමට තව සතියක කාලයක් තිබුණද ඒ සතිය තුල දකුණේ ජීවිතයට ඔවුන් හුරුවී සිටීම යහපත් බව දේවා සිතුවේය. අනිත් තිදෙනා කෙසේ වෙතත් දර්ශන් කෙරෙහි දේවාගේ විශේෂ වගකීමක් පවතී. ලේ නෑ කමෙන් මෙන්ම විවාහයෙන්ද තමාගේ මාමණ්ඩිය වූ ඉලෙයිරාජා මහතා මියයාමට මත්තෙන් සිය එකම පුතණුවන්ගේ අනාගතය දේවාට බාර දුන්නේ මහත් වූ විශ්වාසයකිනි. ඉතා දක්ශ කඩවසම් තරුණයෙකු වූ දර්ශන් උසස්පෙළ කඩයිම ඉහළින් සමත්වී විදුලි හා විද්‍යුත් ඉංජිනේරුවෙකු වීමේ අරමුණින් මොරටුව විශ්ව විද්‍යාලයට තේරී පත්වී සිටී. 

හබරණ තානායමෙන් උදේ ආහරයද ගෙන තව දුරටත් ත්‍රිකුණාමලය දෙසට ඉදිරියට ආ දේවා හතරැස්කොටුව ප්‍රධාන හමුදා මාර්ග බාධකයේදි සිය හැඳුනුම්පත පෙන්වා වාහනය පසෙකට කොට නතර කලේය. මෙහි අළුතින් පත්ව ආ ස්ථාන බාර නිළදාරිවරයා පෙර වන්නි කළාපයේ සේවය කළ අතර කිහිප වරක් දේවාට හමුවී ඇත. ආපසු ඒමේදි යාපනේ ද්‍රවිඩ තරුණයින් හතර දෙනා මෙම ස්ථානයේ ලියාපදින්චි කළ යුතුයි. ඒ කටයුතු පහසු කරගැනීමට මේ නිළදාරියා හමුවී පෙර හිතවත්කම් අලුත් කරගතයුතුයැයි දේවා සිතුවේය.

අදාළ නිළධාරියා හමුවී තමාව හඳුන්වාදුන් පසු ඔහුව හඳුනාගත් නිළධාරියා දේවාව සුහදව පිළිගත්තේය. දේවා තමන්ගේ අවශ්‍යතාවය කෙළින්ම ඔහු වෙත ඉදිරිපත් කලේය.

"ඩොකියුමන්ට් ක්ලියර් නම් කිසි ප්‍රශ්ණයක් නැතුව රෙජිස්ටර් කරගෙන යන්න පුලුවන් මිස්ටර් දේවනායගම්"

"නෑ නෑ.. එහෙන් පොලිස් ක්ලියරන්ස් අරගෙන අයිඩී කාඩ් ඔක්කොම අරගෙන එන්නේ. කැම්පස් එකේ කැඳවීමේ ලිපියත් තියෙනව. මම වැල්ලවත්තේ ගෙදර ලෑන්ඩ් ලෝඩ්ගෙන් ලියුමක් අරගෙන කොල්ලො හතර දෙනාගෙ නම් දාල පොලිසියෙන් කවුන්ටර් සයින් එකකුත් ගෙනත් තියෙන්නේ. මම බැලුවේ මේ.. මම ආපහු හෙට උදේම කිලිනොච්චි යන්නත් ඕනි නේ.."

"ආ.. ඔය තියෙන්නේ ඕනි කරන ඔක්කොම.. ඔයා ඉතින් එසෙන්ශල් සර්විස් එකේ නිසා ඔය ගැන හොඳටම දන්නවානේ.. ආපහු එනකොට මට පොඩ්ඩක් කියන්නකො. හදිසියේ මම ස්ටේශන් එකෙන් පිට හිටියොත් සෙට් එකේ ගන්න කියල චෙක් පොයින්ට් එකේ සාජන්ට් ට කියන්න.. මම පරක්කු නොවී වැඩේ කරවලා දෙන්නම්.."

ඔවුන්ගේ කතාව අතරතුර ඛනිජ තෙල් සංස්ථාවට අයත් රතු පැහැති තෙල් බවුසර් විශාල ප්‍රමාණයක් කඩින් කඩ පැමිණ මුරපොළේ නවත්වා 'ක්ලියරන්ස්' ගෙන ත්‍රිකුණාමලය දෙසට පිටව යනු දෙදෙනාම නිරීක්ශණය කලේය.. දේවා ඒ දෙස උනන්දුවෙන් බලා සිටිනු දුටු නිළධාරියා..

"ඔයාලගෙ බඩු.." යනුවෙන් සිනාසී පැවසීය.

"ඔව්. මම පෙරේදා ඕවයේ ඩොකියුමන්ට් වැඩ වලටත් හෙල්ප් කරා..තව සති දෙකකින් අපිට එන්නේ. මේ දවස්වල එහෙ තෙල් නිකං රත්තරං වගේ.." යයි සිනහාවෙමින් ඊට පිළිතුරු දුන්නේය. අවසන් බවුසරයද පිටව ගොස් සුළු වේලාවකින්..

"මම එහෙනම් ගිහින් එන්නම්.. දහය වෙනකොට ඩොක්යාඩ් ගේට් එක ගාව ඉන්නෝනි. නැත්නම් කොල්ලො ටික අනාථ වෙනවා.." කියා හමුදා නිළධාරියාට සමුදී දේවා සිය රථයේ නැගී වේගයෙන් ඉගිල ගියේය.

***********************************************

හතරැස්කොටුව මාර්ග බාධකයේදි සියලු ලිපිගොනු ඉදිරිපත් කර ලියාපදිංචි වූ මහේෂ්  නැවත සෙමෙන් සෙමෙන් බවුසරය පාරට ගෙන හබරණ කන්තලේ මාර්ගයේ ධවනයේ යෙදෙන්නට විය. ඔහුට පිටුපසින් තව එක බවුසරයක් පමණක් පැමිණීමට නියමිතය. ඔහු පිටත්වන විටත් එය ලියාපදින්චිය සදහා එහි පැමිණ තිබූ හෙයින් ඔහු එය දක්නට ලැබෙන තුරු මදක් සෙමින් ධාවනයේ යෙදිනි.  

අලුත්ඔය හරියේ සිට කිතුල්උතුව දක්වා තද පාලු ප්‍රදේශයකි. දෙපස ඝන කැලෑව මීටර් දෙසීයක් පමණ පාරෙන් ඔබ්බට කපා දමා එළිකර ඇත්තේ හමුදා වාහන වෙත එල්ලවෙන ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයන්ගෙන් වැළකීමටයි. තැනින් තැන පිහිටි හමුදා අනුඛන්ඩ හැර වෙනත් මිනිස් වාසයක් ඇස නොගැටේ. තැනින් තැන කඩතොළු වූ පාරේ ලීටර් දාහතරදහසක් පෙට්‍රොල් රැගත් දැවැන්ත බවුසරය ඕනෙවාට වඩා වේගයෙන් හෝ හෙමිහිට පැදවීම පහසු නොවේ. කෙසේ නමුත් මහේෂ් හැකි අවම වේගයෙන් පදවාගෙන යද්දි කිතුල්උතුව ආසන්නයේදි පිටුපසින් එන බවුසරය පැති කණ්නාඩියෙන් දක්නට ලැබිණි. ඉදිරියෙන් යන කිසිදු බවුසරයක සේයාවක්වත් පෙනෙන්නට නැත. 

මහේෂ්ලා අග්බෝපුර කුඩා කඩමණ්ඩිය පසුකරද්දි වේගයෙන් පැමිණි සුදු පාට වර්ගයේ ජීප් රථයක් ඔවුන් පසුකර ඉදිරියට ධාවනය විය. සියල්ල හොඳින් සිදුවේ. බර වාහන කන්තලේ වැව් බැම්ම උඩින් ධාවනය නොකරන නිසා මහේෂ් බන්ටෙකට පෙර තුන්මන්හන්දියෙන් කන්තලේ නගරය දෙසට බවුසරය හරවා ධාවනය කළේය. ඔහුට මීටර් සියයක් පමණ පිටුපසින් අනෙක් බවුසරයද පැමිණේ. කුඹුරුයාය මැදින් දිවෙන පාර ඉතා අලංකාරය. ඔවුන්ට බොහෝ ඉදිරියෙන් කන්තලේ නගරය ආසන්නයේ ඉදිරියෙන් යන බවුසරයක් දැකගත හැකිවූ අතර සුලු වේලාවකින්ම එය නගර මධ්‍යයයේ ගොඩනැගිලි අතර නොපෙනී ගියේය. ඊට පිටුපසින් සුදු පාට ජීප් රථය ධාවනය වනු කඩින් කඩ පෙනේ. පොතන්කාඩු මංසංධියට පැමිණි මහේෂ් කන්තලේ නගරය හරහා ත්‍රිකුණාමලය දෙසට දිවෙන පාරේ ඈතින් පෙනෙන ප්‍රාදේශීය සබා ගොඩනැගිල්ල දෙස බලා සුසුමක් හෙලා සැණෙකින් දකුණට හරවා අල්ල කන්තලේ මාර්ගය දිගේ බවුසරය පදවන්නට විය. ඒ පසුපසින් දෙවන බවුසරයද එම මාර්ගයේම ධාවනය කරවන්නට යෙදුන අතර ඒ ආසන්නයේ මාර්ගයක් අයිනේ වාහනයක හුන් පුද්ගලයෙකු සිය ජංගම දුරකතනයෙන් කෙටි පණිවුඩයක් පුද්ගලයින් කිහිප දෙනෙකු වෙත මුදා හැරියේය.

"Operation Alpha Romeo ii successfully done"

************************************************************

පසු සටහන..

"ඉන්ඩක්ශන් එකට රෙජිස්ටර් වෙන්න ගියාම"- Induction- යම් ආයතනයක මූලික නීති හා ආරක්ශක විධිවිදාන ගැන ආරම්භයේදි ලබාදෙන පුහුණුව- රියදුරෙකු ලෙස තාවකාලිකව සේවයට එක් වීමට පෙර මෙලෙස ලියාපදින්චි වී පුහුණුව ලැබිය යුතුය.

"retired Navy communicator" - නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් ත්තියෙන් සංඥාකරුවෙකු ලෙස සේවය කල අයෙක්. අනෙක් සාමාන්‍ය නැවියන්ට වඩා සංඥා අංශයේ නැවියන් පහසුවෙන් ඉංග්‍රිසි බාසාව හසුරවයි.

"රාජකීය ලංකා නාවික හමුදාව සමයේ"- Royal Ceylon Navy- 1972 ට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව මේ නමින් හැඳින්විනි. 

 "Alpha Romeo"- කථන සංඥා භාශාවෙන් ඉංග්‍රිසි හෝඩියේ A අකුර alpha ලෙසත් R අකුර romeo ලෙසත් කියවයි. 

පසු පසු සටහන..

ඉතා කාර්‍යබහුල වුවත් ප්‍රීතිමත්ව ගතවූ මාර්තු මුල් සතිය තුල කතාව ලිවීම මඟහැරීම පිළිබඳව මාගේ බලවත් මෙව්වා එක.. නැවතත් (කෙළවෙනකං) කතාව සුපුරුදු වේගයෙන් හා රිද්මයෙන් ඉදිරිපත් කරනබව මෙහිලා පොරොන්දු වෙමි. ස්තූතියි!

ක.මි.

38 comments:

  1. සෙනෙවියට කෙලවෙන්න වගෙයි යන්නෙ. ඌ කෝල් එක කට් කරල නෙමෙයි නේද ෆෝන් එක සාක්කුවට දාගත්තෙ.

    ReplyDelete
    Replies
    1. බලමු ඊළඟ කොටසෙන්.. උනන්දුවෙන් කියෙව්වාට ස්තූතියි! මේ වගේ කතා කියවනකොට ඔය ඉව තියෙන්නම ඕනි රස විඳින්න.. 😍 🙏

      Delete
  2. ලීටර් 14000 ක් වෙන්න බෑ නේද? මම දන්න තරමින් ඔය ටැංකිවලට දාන්නෙ 3300 න් බෙදෙන ගානක්.

    එහෙනං ඒ මිෂන් එකත් ජයසිරි මංගලං උනා. දැන් ඉතිං අනික් කට්ටියට තවත් රත්වෙන්න තමයි වෙන්නෙ හිටං.

    ReplyDelete
    Replies
    1. හරි.. 13200ක් ලියලා ගනිංකෝ.. 😁🤓

      Delete
  3. ඔය අන්තිමට කමි කියල දාල තියෙන දෙයක් බෙදාගෙන කෑවොත් තමා හොඳ. හැක්..

    ReplyDelete
    Replies
    1. යකෝ.. ඒක තේරුම් ගන්න මටත් ටිකක් වෙලා ගියා.. මගේ හිතේ තිබ්බේ සෙනෙවිගෙයි ජයශංකගෙයි බෙදා හදාගෙන කෑම නේ.. හෙහ් හෙහ්..

      Delete
  4. ;මාර ස්වීට් වොයිස් ඕයි.. කතා කරද්දිත් ආසයි.. තමුසේ කොහොමද ඔච්චර ළඟින් ඉඳන් ඉවසන් ඉන්නේ.. හෙහ් හෙහ්.." ඉන්පසු දෙදෙනා අතර ඇතිවූයේ තනිකරම නොහොබිනා කතාවකි.. මත් වතුරින් ගාණට රත්වී සිටි දෙදෙනා වචන වලින් ඈව නිරුවත් කරන්නත් ඈ හා රමණයේ යෙදෙන්නත් එකිනෙකාගේ ඒ විශයෙහි 'ලොකුකම්' කතා කරන්නත් විය. සුරුට්ටු බොන්න ගිය ලෙනාඩ්ට වෙරි මතින් බෝට්ටු ඇණියේම නින්ද ගොස් සිටි අතර දුරකතනයට පිළිතුරු දීම සඳහා ඉවතට ගිය තරුණ පොලිස් නිළධාරියා නැවත එමින් සිටි නිසා පහත් හඬින් මෙසේ පවසා සෙනෙවි ඒ කතාව හමාර කලේය.

    "ඔන්න බලපං ජයේ.. මම ඕකිට ළඟදිම ගහලා උඹටත් ගහන්න සෙට් කරේ නැත්නම් මම සෙනෙවි නෙවෙයි.."'

    මේ කොටස සවිස්තරාත්මකව දාන්න මහත්මයා.

    ReplyDelete
    Replies
    1. වෙනම ඇඩම්ස් ඔන්ලි පෝස්ට් එකකින් දාන්නං ඈ 😁🤓

      Delete
  5. සිගා එකක් දෙනවනම් පරම්පරාවම පාවලාදෙන්න ලෑස්ති පොටෝකාරයෙක්ව මම අඳුරනවා.....

    ReplyDelete
    Replies
    1. කණෙන් පෙන්නන්න බැයිද? කණෙන්?

      Delete
  6. ඔය මහේශ් මේ සැරේ කොටියට දෙන්නෙ තෙල් බවුසර් එකක් නෙමේ දෙකක්.

    යස වැඩේ .අර ගෑනු මනුස්සයට සේරෝම ඇහෙන්න ඇති. එකීට ගැසිල්ල කෙසේ වෙතත් ඒ ගෑනු මනුස්සය ඕකුන්ට නැතිවෙන්න ගහල තමා පස්සබලන්නෙ.

    ඒක නෙමේ අර සුදු ජිප්පෙපෙක්කාගෙයි

    ReplyDelete
    Replies
    1. පළවෙනි හා දෙවෙනි කොටස් දෙකම අති සාර්ථකව ප්‍රෙඩික්ට් කරපු එකේ අන්තිම කෑල්ල මිස් උනේ කොහොමෙයි?

      Delete
    2. මාර කට්ටයි නේ. පළවෙනි කොටස ඉදල ආයම කියවද්දි සමහර චරිත ගැන කලින් දැනුන දේට වඩා වෙනස් හැඟීමක් එන්නේ.සමහර දේවල් ගමන් බිමන් ප්ලෑන් කරලම කරපුවා. නෝනට බබා හම්බෙනවට වඩා ලොකු වැඩ තිබිල නෙ සමහර අයට.
      මාරයි ඈහ්.
      ඔය මහේෂ් දැල් කඩේ ළඟින් බැස්සෙත් සුදු ජිප්පේකින් .........

      නියමයි කතෘතුමා..... පුලුවන් තරම් ඇදල කතාව ලියන්න.පොඩි පෙතක් සයිසේකටවත් එන්න ලියමු.තකහනියෙන් ඉවර කරන්නෙපා හරිය...

      රෝමියෝ ...රෝමියෝ........ඇල්ෆා රෝමියෝ...........

      Delete
    3. පොඩි පෙතක් කිව්වේ?

      මෙයැයි අැදල ලියන්න හපන ලු!

      Delete
    4. //මම10 March 2023 at 22:23// ඔය ටික ටික මීටරේට වැටෙන්නේ.. හැම පොඩි මූව් එකක්ම වගේ තව එකකට සම්බන්දයි.. ඒකනේ.. කියවන්නත් හදිසි වෙන්න එපා.. මොකද තාම හරියට කතාව පටන් ගත්තේවත් නෑ. මේ කමින් කෑලි.

      Delete
    5. //Anonymous11 March 2023 at 07:00// ලියලා අදින්න එපාද? 😁🤓

      Delete
  7. මෙවන් දේ ඔබට නොවුණට වැඩිය අලුත්
    කියවෙන දේවලුත් රසවත් හරි දැනුවත්
    එක හුස්මට කියෙව්වා මම මේ කොටසත්
    ඉක්මනටම ලැබේවා ඊළඟ කොටසත්

    ReplyDelete
    Replies
    1. හැමදාම වගෙ අපූරුයි නිදි ගේ පිළිතුරත්..
      ආඩම්බරේ නැතුව පිළිගන්න මගෙ මලුත්.. 🙏💐

      Delete
  8. දෙමළ නයන්නා වැඩ අරඹල නෙව.හික්. එළ අෑ.....

    ReplyDelete
  9. නාව්ක හමුදා භෝජනාගාර සහයක සුළු නිලධාරී සුමිත්ට නිවන් සැප

    ReplyDelete
    Replies
    1. සුළු උනත් මොකෝ නිලධාරී නේ 😁🤓

      Delete
  10. අපේ රට බේරාගත්තු හමුදාවේ මාමල

    ReplyDelete
  11. මේ කතාවේ ඉංග්‍රීසි පරිවර්තනයකුත් දාන්නකො. මොකද මට සිංහල බෑ

    ReplyDelete
    Replies
    1. මුලින් ඉංග්රිසියෙන් තමයි බං මම ලියන්නේ.. මටත් සිංහල බෑනේ.. ඊට පස්සේ ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා මේ සිංහලෙන් දාන්නේ. 🤓🤭😁

      Delete
  12. ලියනකල් බලාගෙන හිටියේ...

    ReplyDelete
    Replies
    1. ආ ලලිත් මහත්තයා දැක පුකල්

      Delete
    2. Lalith11 March 2023 at 12:13// ස්තූතියි ලලිත් 😍🙏

      Delete
    3. Anonymous11 March 2023 at 14:45// උඹටත් මට වගේ.. මහප්‍රාණ වරදිනව නෙහ්? 🤭😝

      Delete
  13. උතුරු නාවික විධානය
    ඩිංගි බෝට්ටුව
    ධීවරයා වතුරේ
    නාවූක හමුදාව

    පුල්ලෙයාර් පිහිටයි

    රියර් අද්මිරාල් සුසෙයි සංවිධානයේ නාවික හමුදාපති අති දක්ෂ නාවිකයෙකි. බුදුසරණයි

    ReplyDelete
  14. මුල්ම කොටස ඩීමන් ආනන්ද පටන් ගත්ත වගේ. 😄සම්භන්ද නෙමෙයි සම්බන්ධ

    ReplyDelete
    Replies
    1. සම්භන්ද නෙමෙයි සම්බන්ධ// ඇත්තද? මට ඔය මහප්‍රාණ නම් හරියට වරදිනව.. ඉස්සර හැලපේ අයියයි විචාරක තුමයි බැනලා ඉවරයක් නෑ.. 🤓🤭😁

      Delete
  15. මේකෙන් තමයි කියවන්න පටන්ගත්තේ. ඊලග එක එනකම් ඉමි,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. හෙට හෝ අනිත්දා දානව.

      Delete