මේ වනවිට මවුබිමෙන් බොහෝ දුර බැහැරව විසුවත් අදටත් ඉතා දක්ෂ ලෙස සිය අත්දැකීම් අකුරු කරන මගේ හිටපු ජේෂ්ට නිලධාරියෙක් වෙන රවී ද සොයිසා මහතා ගේ ෆේස්බුක් පිටුවේ පලව තිබු විස්තරයක් හා එහි පසුබිම් කතාව මුලින් ලියු මොහොමඩ් ෆර්ශාන් සොහොයුරාගේ ෆේස් බුක් පිටුවේ පළවූ විස්තරයක්.. එහි ඇති වටිනාකම නිසාම ඔහුගේ පුර්ණ අවසරය ඇතිව මෙහි නැවත සටහන් කරමි. මේ වනවිටත් මෙය දුටු අයෙක් වෙත්නම් නැවත සටහන් කිරීම පිළිබඳව කමත්වා!
*********************************************************************************
මොහොමඩ් ෆර්ශාන් සොහොයුරාගේ සටහන..
රණවිරු රණසුරු ඇලන් අහමඩ් මුස්තෆා පකීර්
ඇලන් අද හිටියානම් වයස අවුරුදු අවුරුදු හතලිස් තුනකි,,ඉතින් ඇලන් අයියේ උඹට ගොඩාක් ස්තූතීයී
මටත් ආඩම්භර වෙන්න පුලුවන් ශ්‍රී ලාංකයෙක් හැටියටඒ කාලවාකවානුවෙ ගුවන් හමුදාවේ යානාවන් අභිරහස් ලෙස අතුරුදහන් වෙමින් තිබුණි.අපේ යානාවලට සිදුවූ දේ කුමක්දැයි කිසිදු හෝඩුවාවක් නොමැතිව නිලධාරීන් පසුවූ යුගයක් විය.රත්මලාන මගී ගුවන් යානා නියමුවෙකු ලෙස කටයුතු කරමින් සිටි තවත් අහමඩ් කෙනෙකුට ක්‍රියාන්විතයට ඇරයුම් ලැබුණේ මේ අතරතුරය. උතුරට සැපයුම් මාර්ග අවහිරවී තිබුණි. තවත් යානාවන් හෝ නියමුවන් අහිමි කරගැනීම අපට අවාසිදායකය. නමුත් උතුරේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ගුවන් හමුදාව දායක විය යුතුව තිබුණි."මම MI 17ක් අරගෙන යන්නම්" කියා ඉදිරිපත් වු ඒ ආදරණීය සහෝදරයා නමින් ඇලන් මුස්තෆා අහමඩ් පකීර් විය.ඇලන්ට යුද්ධයවත්,ඉදිරිපත්වීම වත් අලුත් දෙයක් නොවූයේ ඔහුගේ සීයාත්,පියාත්,සහෝදරවරුන් සියළු දෙනාත් ඒ වනවිටත් හමුදා සේවයට හෝ ආරකෂක සේවයට අමුත්තන් නොවූ නිසාය.
නමුත් ඇලන් ගෙන ගිය එම් අයි 17 යානයත් අතුරුදහන් විය.තවත් සෙබලුන් 39ක් සමගම අතුරුදහන් විය.. එක්දහස් නවසිය අනූ හයේ ජනවාරි 22 දා හදිසියේ යානය රේඩාර් වලින් නොපෙනී යන්නට විය.
ඇලන් ඒ වන විට තමාගේ ඇවැස්ස නෑනා සමග පෙමින් වෙලී සිටියේය.
විවාහය සඳහා සියල්ල සූදානම් වී තිබුණි.අනාගතය ගැන,විවාහය ගැන ඔබත් මමත් දකින සිහින දකිමින් උන්නේය.
ඇලන් ගේ මව මුදානොගත් ප්‍රදේශවලට ගොස් ඇලන් ගැන සොයන්නට තරම් දිරිය කතක් වුවාය. එසේ නොවන්නේ කෙසේද..ඇය දැයට දිරිය දරුවන් උරුම කළ මවකි.ඇලන් ත්‍රස්ථවාදීන්ට හසුවුණාද? නැතිනම් ඔහුගේ මළ සිරිරවත් දුටුවාදැයි රේඩාර් වලින් යානය නොපෙනී ගිය ප්‍රදේශවල මිනිසුන් ගෙන් අසමින් ඇය ඇලන් ගැන හෝඩුවාවක් සොයන්නට විය.
නමුත් ඇලන් අතුරුදහන් විය..ඒ අතුරුදහන් වීම සදහටම වූ අතුරුදහන් වීමක් බව තහවුරු කළේ දෙදහස් නවයේ හමුදාව සොයාගත් මිසයිල විදිනයන් වලින් එකක දිනය,ස්ථානය සහ ඇලන් ගෙන ගිය යානයේ විස්තර සඳහන් විමය.
වාර්ශිකව කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ ඇලන් වගේම ගුවන් හමුදාවේ රට වෙනුවෙන් දිවිදුන් මුස්ලිම් විරුවන් සිහිකිරීමට ගුවන් හමුදාව අමතක කළේ නැත.
ඇලන් අහමඩ්ට රණශූර පදක්කම පිරිනැමූහ.ඇලන් ගේ මවට මම කථාකලේ මේ ඇලන් ගේ කථාව මට අසන්නට ලැබුණේ අහම්බෙන් නිසාවෙනි.මා කථාකලෙමි...දීර්ග ලෙස කථාකළෙමි. අපේ මුළු පවුලම රට මවුබිම වෙනුවෙන් සේවය කරපු පවුලක් පුතා. මා විමතියට පත් වුනෙමි.ඇය මට පුදුම දිරියක් දෙන ලෙස කථා කලාය.
ඇය ඇලන් අහමඩ් මුස්තෆා පකීර් නම් වූ රණ ශූරයා ගැන ආඩම්භර වූවාය.රණ ශූර ඇලන්ලා ගැන මේ රටේ මුස්ලිම් තරුණයන් කීයෙන් කීදෙනාද අසා තිබෙන්නේ? ඒ කථාවල් දිගහරින්නට තීරණය කළෙමි. එකින් එක එකතු කොට බුකියේ දිගහරින්නට තීරණය කළෙමි.
ඇලන්ලා, ගාමිණීලා,මුස්තෆාලාගේ කථාව නිකම්ම නිකම් සොහොන් ගලක කොටනවාට වඩා මේ රටේ මිනිස්සුන් ගේ හිත්වල කොටන්නට තීරණය කළෙමි.ඇලන් ගෙන් පටන් ගත්තේ මේ රට වෙනුවෙන් මුස්ලිම් මිනිසුන් ගේත් දායකත්වයක් තිබුණා කියන්නට නොවේ... තිබිය යුතුයි කියලා අද පරම්පරාවට කියාපාන්න.
අමුත්තන් ලෙස ජීවත් නොවී,පුරවැසියන් ලෙස යුතුකම් ඉටු කළයුතු කාලය එලඹ තිබේ.
වසන්ත අභේවර්ධනලාට,හසලක් ගාමිණීලාට වගේම මම ඇලන් මුස්තෆා අහමඩ් පකීර්ලාටත් එක වගේම මා ආදරය කරමි.
ඇලන් ගේ පවුලේ සියළුම දෙනා මේ යූ ටියුබ් වීඩියෝවේ විනාඩියයි තත්පර 30 සිට විනාඩියයි තත්පර තිස්පහ වෙනකම් වන තත්පර පහ දිහා වුවමනාවෙන් බලා සිටින්නේ..ඒ ඇලන් ගේ යානය බිම හෙළූ මිසයිල විදිනය පෙන්වන නිසා නොව...
ඇලන් ගැන ඔවුන් දන්නා එකම අවසාන හෝඩුවාව එය නිසාවෙනි...ඒ වීඩියෝවේ දැක්වෙන හැම මිසයිල විදිනයකම...කඳුළු කථාවක දිනයක්,වේලාවක් සහ තැනක් ලියා තිබේ.
ඒ කඳුළු කථාව අප වෙනුවෙන් වූ එකකි.බොහෝ මිනිසුන් ගේ සිහින බිඳී ගියේ අප වෙනුවෙනි.
ඉතින් අපි ඔවුන් ගැන සොයමු. ඔවුනගේ හිත මිතුරන්ට කථා කරමු...මවට පියාට කථා කරමු.ඒ අම්මාලා සතුටු කඳුළු සලමින් සතුටු වේවි...
"මගේ දරුවා දිවි පුදා ඇත්තේ හොඳ මිනිසුන් වෙනුවෙනි.මගේ දරුවා දිවි පුදා ඇත්තේ කළගුණ දත් මිනිසුන් වෙනුවෙනි" අම්මාට එහෙම හිතේවි...ඒ ටික හොඳටෝම ඇති වේවි ඒ අම්මා,අප්පලාට තමන් ගේ පුතා මතක් වෙන සෑම මොහොතකම ඒ දුක තුනී කරන්නට.
ඉහත සටහන ගැන රවී ද සොයිසා මහතා තැබූ පසු සටහන..
Mohamad Farshan මල්ලි,
1996 ජනවාරි 22 .......
ඒ දිනේ කවදාවත් අමතක වෙන්නෙ නෑ ..........
මම හිටියෙ අලිමංකඩ ......
'රිවිරැස' මෙහෙයුම ආරම්භ වෙලා තිබුනෙ .....
අපි අලිමංකඩට ආවේ 'යාපනේ' අර්ධද්දීපයෙන් කිලාලි කලපුව හරහා පලායන 'කොටින්ට' පහර දෙන්න .......
අපි වැඩේ 'තිතටම' දුන්න .......
ඒ නිසා කොටි අපිව ඉලක්ක කරල ඉන්නව කියල අපට ආරංචි උනා ......ඒ වෙනකොට 'රිවිරැස' සංගුපිටිය පාලම අල්ලගෙන හිටපු නිසා .........
ඒක නිසා අපිට ඕනෙ උනා 'අලිමංකඩින්' 'සංගුපිටිය' දෙපැත්තෙන්ම ........
පලා යන කොටින්ට ගහන්න .........
ඒ අනුව අපිට අලිමංකඩ ඉදල පලාලි එන්න ඕනෙ උනා .......
21 ඒ ගමනට යන්න නම් උනේ අන දෙන නිළධාරී 'සෙඩ්‍රික් මාර්ටින්ටයිනුයි මමයි' ..........
කමාන්ඩර් සෙඩ්‍රික් මාටින්ස්ටයින්
රෑ 'තුෂාර පලිහේන' මම ලගට ඇවිත් කිව්ව 'මචං මම උබ වෙනුවට පලාලි' යන්නද කියල ........මම හා කිව්ව ..... මම දන්නව තුෂාර යන්නෙ 'වයිෆ්'ට කෝල් කරන්නත් එක්ක කියල .........
ලුතිනන් කමාන්ඩර් තුෂාර පලිහේන
මම 22 'මාර්ටින්ස්ටයිනුයි' 'තුෂාරයි' දෙන්න දාගෙන 'මරුටි' ජීප් එකෙන් අලිමංකඩ 'හෙලි පෑඩ්' එකට ආව .......MI-17 'හෙලිකොප්ටරයෙන්' පලාලි යන ඔවුන්ට සමුදී ඔවුන් දිහා බලන් ඉන්න කොට .....
ගුවන් නියමුව මට අත වනනව දැක්ක ..........
මම ඔහු ලගට ගියා .....
ඇලන් ! මගේ මිත්‍රය ...... ම් ම් ! මිත්‍රය කියනවට වඩා හොදයි සහෝදර කියන එක ....
වරෙන් යන්න ! මම හවස උබව ගෙනැල්ල බස්සන්නම් !! ඒ ඇලන් ......
වෙනද පැනල යන මම එදා බෑ කිව්ව .....
එහෙනම් හම්බ වෙමු මචං කියල ඇලන් තදින් මගේ අත මිරිකුව ........
ඒ සමග ඉහලට ඇදුනු ඔවුන් නොපෙනි යනතුරු මම බලා සිටිය .......
ආයෙ මම අපි හිටපු කලපුව ආසනයේ වූ කදවුරට ආව .....
මම 'වාහනය' නතර කරන කොට හැමෝම මාව වට කර ගත්ත .......
දැන් ගිය 'හෙලිකොප්ටරයට' කොටි ගහල ........
මම 'හිස්' අහස දිහා බලන් හිටිය ......
ඇස්වල කදු කම්බුල් දිගේ ගලා ගිය .........
Mohamad Farshan උබෙ මේ පිතූරය අවුරුදු 19 පස්සෙ ...........
ආයෙත් මගේ ඇස්වල නැගුනු කදුලු කැට කම්බුල් දිගේ ගලන්න සැලැස්සුව .......
හැමදාම !!! ඔව් හැමදාම !!! ........
සයිබර් අවකාශයේ 'පොර ටෝක්' දෙන නිවට 'පිම්පියන්ට' වඩා ..........
උපන් බිම වෙනුවෙන් දිවි දුන් ........
මගේ මිත්‍රය / ආදරනීය සටන් සගය .........
Mohamad Farshan උබේ සහෝදරය .........
ඇලන් මුස්තෆා අහමඩ් පකීර් ..........
මට වටිනව .........
ටිකක් නෙමේ ගොඩාක් ! ........
අපි ජාතියක් විදියට රටක් විදියට උබට නයයි මචං cry emoticon .......
Happy birthday Allan !!!
*********************************************************************************