Monday 12 July 2021

Heroin හෙරෝයින් - දෙවෙනි කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 

මෙය සැබෑ සිද්දියක් පදනම් කරගෙන ලියු කතාවක් වුවත් නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය..  
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය..
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

***************************************************************************   

Heroin හෙරෝයින් - පළමු කොටස

Photo Credit- Google Images

"තමතමන්ගේ අඩුමකුඩුම අරගෙන බහින්න ලැහැස්තිවෙයව් කාලකන්නි ටික".......

බස් එකේ ඉස්සරහා සිට් එකේ හිටපු ජේලර් මහත්තයාගේ සද්දේට මම ඔලුව උස්සලා බැලුවා....

" කොලබ රිමාන්ඩ් බන්ධනාගාරය"........

එක දිගට අමුනුපු දන්වැල් වල පොලිමේ මමත් ඔහේ ඇදිලා ගියා..යකඩ දොරෙන් ඇතුලට ගියාට පස්සේ කොරිඩෝ එකේ මෙසෙයක් තියාගෙන හිටපු මහත්තයේක් ඉස්සරහා අපි හැමොම හිටගෙන හිටියේ..ලොකු පොතක අපි හැමකෙනෙක්ගෙම විස්තර ලියනවා.

"නම කියහන්".......

මට ඉස්සරහා හිටපු කොල්ලා.. "මාලක"...

"සම්පුර්න නම කියපිය පරයා"...

"මුතුමාලගේ මාලක එදිරිසින්හ"

"වැරැද්ද"...

"චේන් කැඩිම"...

"ඈ... පරබල්ලෝතෝ ගවනර් රස්සාව කරා කියලා හිතුවද කියපිය හරියට විස්තර"...පටාස් ගලා රබර් බටෙකින් වැදුන සද්දෙට අර කොල්ලගේ මුත්රා පිට උනා.

"බොරැල්ල හන්දියේදි නෝනා කෙනෙක්ගේ මාලයක් කඩාගෙන දිව්වා බුදු සර්"....

"ඇයි..‍තෝ ඒක කඩාගත්තේ එකිගේ කරට මාලේ බර වැඩි කියලා හිතුවද"...පටාස් ගලා තවත් රබර් බට පාරක්...

"බුදුඅම්මෝ..ගහන්න එපා...පොලිසියෙන් මට හොදටම ගැහැව්වා සර්....තවත්නම් ගුටි කන්න බැරියෝ"....

"ඒයි තමුසේ ඊලගට"
 
"වෙල්විදානලාගේ  පහන්  දිසානායක...වැරැද්ද මොරටුව විශ්වවිදාලයේ නේවාසිකාගරයේ හෙරෝයින් කිලෝ එකක් ලග තබා ගැනිම"....

"උබලා පාරවල් ගානේ බෝඩ් උස්සගෙන කැගහනවට වඩා වගේ බිස්නස් එකක් හරි කරන එක හොදයි"...කියලා හක හක ගාලා මහත්තෙයෙක් හිනාවුනා.

"ඉස්සරහට පලයන්  අර අනිත් මහත්තයට හදුනාගැනිමේ සලකුනු තුනක් කියපිය"...

මට ඉස්සරහා හිටපු කොල්ලා බිම ඉදගත්තා...ඉදගත්තා නෙමෙයි ඇත්තටම උනේ ඌට හිටගෙන ඉන්න බැරි කමට දනිස් දෙක නැමිලා ඌව ඉන්දවුනා...

"නැගිටපිය පරයාතෝ සැප ගන්නද මෙහේ ආවේ"...මහත්තයෙක් අර කොල්ලට පයින් ගැහැව්වා...

"සර්...මම මෙයාව උස්සගන්නද?" ඒතන හිටපු තරමක් තලතැනි කරුනාවන්තයි කියලා හිතපු මහත්තෙයක් ගෙන් මම ඇහැව්වා..

"තමුසේට ඔනේනම් ඌව කරේ තියාගත්තත් මට කමක් නැහැ...හැබැයි මෙතන තව එකෙක්ව සාත්තුකරන්න ඉස්සර තමුසේ ජිවත්වෙන්න බලනවා"...

"මල්ලි...මගේ කරට අත දාගන්න"...මම අර කොල්ලව වත්තන් කරගත්තාඅපි හැමකෙනෙක්වම වෙනවෙනම පරික්ශා කරලා ඇතුලට දැම්මට පස්සේ...මම ලග තිබුන ක්රිම්කැකර් එකක් කන්න දිලා වතුර ටිකක් දුන්නා.. හිරගෙදර හිටපු පරනම හිරකාරයෙක් වෙන පැල්කන් වත්තේ ලොකුපුතා තමයි අලුතෙන් එන හිරකාරයන්ට ඉන්න තැන් බෙදලා දෙන්නේ.. කියන්නේ කාමරපාටි...ඇතුලට එනකොටම සමහරුන්ව පිලිගන්න පරන හිරකාරයෝ හිටියා. ජෙලර් මහත්තුරුන්ට මාසේට ගානක් දෙන්න පුලුවන් අදුරන අය ඉන්න දවස ගානේ ගෙදරින් කැමබිම අරගෙන බලන්න එන අයට කාමර හම්බවුනාට අපි දෙන්නට බුදියහන්න උනේ..ටෝයිලට් එක හරියේ කොරිඩෝ එක කෙලවරේ...
‍රෑ කැම දිලා ගනන් කරලා ඇතුලට දැම්මට පස්සේ තමතමන්ට කැමැතිවිදිහට ඉන්න පුලුවන්...
සල්ලි තියනවනම් අදුරන අය ඉන්නවනම් විසිට් බහිනවනම් ගෙදරට වැඩිය සැපට ආණ්ඩුවේ බෝඩිමේ ඉන්න පුලුවන් කියලා තෙරුම්ගන්න ගෙවිලාගිය සති දෙකට තෙරුම්ගන්න මගේ ටිකිරිමොලේට පුලුවන්වුනා

"අයියේ කාමරපාටි ලොකු මට බිස්නස් එකක් සෙට් කරා..උබත් මට හවුල් වෙයන්..අපිට මේකෙන් කවද යන්න වෙයිද දන්නේ නැහැනේ..අනික අපිට බිස්කට් එකක්වත් නැති වුනාට අනිත් එවුන් විදින සැප පෙනවා නේද?"

"මට එපා මාලක...මොකක්ද ඔය බිස්නස් එක?"...

"බඩු ටික දෙන්නම් කිව්වා මට තියෙන්නේ ලෝකල් ටිකක් ඔතලා දෙන්න"...

ලෝකල් කියන්නේ හිනි දුම්කොල තිරුවක් හිනි පත්තර තිරුවක් උඩින් තියලා හිනියට ඔතන එකට මේක තමයි හිරකාරයෝ අතර ජනප්රියම දුම්පානය..ඇතුලේ සැපට ඉන්න සල්ලි කාර සිගරට් බොන සල්ලි කාරයෝ රුපියල් 50ක් දිලා බොනවා අනිත් හිරකාරයෝ හතර දෙනෙක් එකතුවෙලා සබන් කැට 2කට මාරු කරගන්නවා..

"උඹ වැඩේ කරගෙන පලයන් මාව ගාවගන්න එපා... උනාට ඕක කොලිටියට ඉක්මනට කරගන්න ක්රමයක් මම කියලා දෙන්නද?".. 

"මෙහම කරපන් උබට පෙනෙවාද අර බිත්තියේ ඉන්න හුනා...හිමිට ලන්වෙලා උගේ නැට්ටට පොඩි තට්ටුවක් දිපන්, ඒතකොට උගේ නැට්ට කැඩිලා බිබට වැටෙනවා ඉට පස්සේ නැට්ට කැල්ල හොදට අව්වේ වෙලලා කුඩු කරලා ලෝකල් එක ඔතන්න ඉස්සර අර දුම්කොල තිරුවට උඩින් ටිකක් දාපන්. උබට පුල්වන්නම් මට කම්බි කැල්ලකුයි, ඇන දෙකකුයි ලිපටි දෙකකුයි හොයලා දිපන් මම උබට පොඩි බාන්ඩයක් හදල දෙන්නම්..උබට තියෙන්නේ බඩු ටික ලහැස්ති කරගෙන කම්බි කැල්ලට හිරකරලා අතින් කරකවන එක විතරයි...අතින් ඔතනවට වඩා ඉකමන්ට හිරට එතෙනවා..."

"අයියේ ....අයියානම් දෙයියෙක් නෙමෙයි දේවාල ගෙනාපු නැවක්...ලොකු පට්ට සැටිස් බඩු වලට වෙනදට වඩා ලෝකල් විකිනෙනවත් වැඩිලු...මම දැන් ලෝකල් ඔතනවා විතරක් නෙමෙයි ලොකු මට ඒවා විකුනන එකත් බාර දුන්නා.."

"ආ...අයියේ කාපන් මගේ දවසේ රෙසින් එකෙන් ගත්තේ".. මාලකයා සතියකට විතර පස්සේ මාව හොයාගේන ඇවිත් මට ක්රිම්කැකර් බිස්කට් එකක් දික් කරා..

"ඒයි මාලක පහන්ට කියපන් ගයියා කතා කරනවා කියලා"..

ලොකුපුතා නොහොත් ඉගුරුකඩේ හන්දියේ පැල්කන්  වත්තේ ලොකු මාව  එක්කරගෙන ගියේ හිරකාරයෝ ඉන්න කාමරයකට..

"මල්ලි...වරෙන් ඇතුලට".. මම ඇතුලට යනකොට සවාන් එකක් වටේට පස්දෙනෙක් ඉදගෙන කනවා..

"කාපන්"...

"මම කාලා ඉන්නේ..මට එපා"..

"හරි...සිගරට් එකක් බොනවද?"  අත හොදගෙන නැගිටලා මගෙන් ඇහැව්වා..

"එපා..මම කීසිම මත්දවයක් පවිච්චි කරන්නේ නැහැ"..

"කවුද මාලකට ලෝකල් ඔතන්න මැශින් එක හදලා දුන්නේ?"...

"මම"

"කවුද ලෝකල් කොලිටි කරන්න ක්රමේ කියලා දුන්නේ?"

"මම"

"උබ දන්නවද මම කවුද කියලා"....

"නෑ"...

"මම තමයි මහවත්තේ ගයාන් නොහොත් ගයියා කියන්නේ"

"මම ඇබිලිපිට්යේ පහන්"

"මම තමයි මහවත්ත රන් කරන්නේ..මම දැන් ඇතුලේ ඉන්නෙ මර්ඩර් එකකට උනාට මට නඩු ගොඩක් තියනවා...හෙරෝයින් ජාවරම් කිරිම, වාහන මන්කොල්ල කැම්,තර්ජනය කිරිම්, ආයුද ලග තබා ගැනිම"

"මට තියෙන්නෙ එක නඩුවයි..හෙරොයින් කිලෝ එකක් ලග තබා ගැනිම"

"හරි උබ කැමතිද මාත් එක්ක එකතුවෙලා බිස්නස් කරන්න"...

"නැහැ..මම හෙරොයින් බිස්නස් කරන්නේ නැහැ"...

"එහනම් මොන ලබ්බටද යකෝ උබ හෙරොයින් කිලෝ එකක් තියාගෙන හිටියේ ..රොටි හදන්නද?"

"මම ලග තියාගෙන හිටියේ නැහැ...නාකොටික් එකෙන් ඒවා බැග් එකේ දාගෙන ඇවිත් මගේ පාඩාම් කරන මේසේ උඩින් තිබ්බා"..

"කොහමත් දැන් උබ ලිදට වැටිලා ඉවරයි..දැන් ඉතින් මේකේ ජබු ගහන්නම වෙනවා"...

"මම ජබු ගහන්නේ නැහැ...ගිලිලා මැරෙනවා...හැබැයි මම කාගේවත් ලනුවල එල්ලේන්නේ නැහැ"..

"අඩෝ...උබ කවුද යකෝ අපේ ගයියට එහම කතාකර්න්න..මරනවා උබව මේක ඇතුලෙම.. බැහැපන් එලියට"... හතරදෙනෙක් නැගිට්ටා..

"උබලා හිතුවද මම මැරෙන්න බයයි කියලා..උබලට ඇතිවෙන්න දෙවල් නැතිවෙන්න දේවල් තිබුනට මට ඇතිවෙන්න දේකුත් නැහැ..නැති වෙන්න දෙකුත් නැහ..අනික මට එන්න කිව්වේ ගයාන් මම යනවනම් යන්නේ ගයාන් කිව්වොත් විතරයි".. මම ගයාන්ගේ මුන දිහා කෙලින් බලාගෙන කිව්වා.

"අඩෝ තොපි පැත්තකට වෙලා හිටපියව්...පහන් වරෙන් අද උබ මගේත් එක්ක මේ කාමරේ හිටපන්...නවාස් උබ අද කොරිඩෝ එකට බැහැපන්...මට අද උබත් එක්ක කතා කරන්න ඔනේ උබට ඔනේ ඇදුමක් මෙතනින් අරගෙන ඇදපන්...මගේ කතාව අද මම උබට කියනවා..උබේ කතාව මට කියපන්...මෙක ඉල්ලිමක් මිසක් අන කිරිමක් නෙමෙයි.."

"ගයියා අයියා...මගේ රේසින් එක ගන්න පුලුවන්ද?".............. මගේ තාත්තාගේ වයසේ හිරකාරයෙක් බොහම බයාදු විදිහට දොර ලගට ඇවිත් ඇහැව්වා..

"ඒයි මෙහෙ වරෙන් අද මගේ යාලුවත් කාමරේ ඉන්නවා අද එලිවෙනකන් අපි දෙන්නට කතා කරන්න තියනවා.. හින්දා අද තව එකෙක් එක්කරගෙන වරෙන්.....අද මම උබට වැඩිපුර පැකට් එකක් දෙනවා..ඉදා මෙතන පැකැට් 4 ක් තියනවා උබ දෙකක් අරගෙන ඉතුරු දෙක උබත් එක්ක එන අනිත් එකාට දිපන්"..ගයාන් කුඩු පැකැට් 4 ක් දික් කරා..

"මොනවා කියනවද ගයියා අයියා..පැකැට් එකක් දෙනවා කිව්වෙත් එලිවෙනකන් පවන් ගහන්න..100 ක් හරි ඉදි".. අර හිරකාරයා ගයාන් දුන්න කුඩු පැකට් දෙක දෝතට අරගෙන මට ඔලුව නමලා ගියා නෙමෙයි ඉගිල්ලුනා..

අනිත් එවුන් නිදාගත්තට පස්සේ  ගයානුයි මමයි බිත්තියට පිට දිලා බිම ඉදගත්තා..

"උබට සිගරට් එකක් දෙන්නද?"

"එපා"...

"ජෝයින්ට් එකක්?"...

"එපා"..

"ලෝකල් එකක්?"...

"එපා...මම බුලත්විටක්වත් කලා නැහැ"...]

"උබ එල පොරක්නේ...හරි උබ මෙහේ ඉන්නකන් උබට ඔනේ දෙයක් තියනවනම් මට කියපන්...
මගේ කතාව එච්චර සුන්දර කතාවක් නෙමෙයි....මම ඉපදුනේ හැදුනේ වැඩුනේ මහවත්තේ"ගයාන් ලෝකල් එකකුත් පත්තු කරගෙන කතාව පටන් ගත්තා...

"මගේ මාමා තමයි ප්රින්ස්කොලම් කියන්නේ..පොඩි කාලේ ඉදලම අපි වටේට තිබුනේ..කුඩු, තුවක්කු, ඩප්පි, ගහමරාගැනිම්.. උනට අපේ අම්මා හැමදේකින්ම මාව ඇත්කරලා තිබ්බා..මම හොදට ඉගෙන ගත්තා..උබ දන්නවද මිඩියා කාරයෝ මුඩුක්කු ගැන මොනවා ලිව්වත් මුඩුක්කුවල ජිවත්වෙන මිනිස්සු ඇතුලේ මිනිස්සු ජිවත්වෙනවා.. වත්තේ පොඩි එකෙක් කක්කා දැම්මොත් පොඩි එකාගේ පස්ස හොදන්න ඌගේ අම්මාම එන්න ඔනේ නැහැ..කවුරු හරි දකින ගැනු කෙනෙක් පොඩි එකාව ටැප් එකට උස්සගෙන ගිහින් උගේ පස්ස හොදනවා".. 

"අඩෝ උබලා දෙන්නා කිරනවා මිසක් පවන් ගහන්නේ නැහැනේ..අපිව මදුරුවෝ කනවා මදිවට දාඩිය දානවා දෙනවා දැනගනින් කන පුපුරන්න"...

"පොඩ්ඩක් ඇහැපියවුනා...අත රිදෙනවා ගයියා අයියා"..අර මනුස්සයා අහින්සකව කිව්වා...

ගයාන් මට උබේ සරමකුයි අර කොස්සයි ලනුපොටකුයි දිපන්".. මම නගිටලා සරම හරස් අතට දිග ඇරලා කොස්ස සරමේ යට කෙනට දැම්මා බරට හිටින්න...සරමේ අනිත් පැත්ත කොන් දෙකෙන් උඩ ආදාරකයකරැදෙව්වා..ඉට පස්සේ එක කොනක ලනු පොට ගැට ගහලා අනිත් පොට අර වයසක මනුස්සයා අතට දුන්නා..

"මාමා...මේ විදිහට මේ ලනුපොට හිමිහිට අදින්න..එතකොට හොදට හුලන් එනවා.. එක්කෙනෙක් නිදාගන්න..මාරුවේන් මාරුවට දෙන්නටම නිදාගන්න පුලුවන්".. ගයියයි අර මනුස්සයෝ දෙන්නයි මම දිහා බලාගෙන හිටියෙ ලෝක පුදුමය දැක්කා වගේ..

"වත්තේ හිටපු හැම කෙනෙක්ම මට උදව්කරා ඉගෙනගන්න..වෙන එකක් තියා මම උදේට ටැප් එකට ගියත්..ටොයිලට් එක ලගදිත් මට මුල්තැන ලැබුනා ප්රින්ස් මගේ මාමා හින්දා නෙමෙයි උන්ට යන්න බැරි උන ලෝකයට උන්ගේ එකෙක් හරි යයි කියන බලාපොරොත්තුව"..

"හැමදෙයක්ම වෙනස් උනේ මම ඒලේවල් කරලා රිසාල්ට් එනකන් ගෙදර ඉන්නකොට...එක දවසක් යාලුවෝ ටිකක් එක්ක ක්රිකට් ගහන්න මාලිගාවත්තේ ෆැලැට් එකට ගියා...
මාලිගාවත්ත රන්කරේ ටිම් එක කියන්නේ ෆැලැට් එකේ හිටපු මුස්ලිම් සෙට් එක...ටිම් එකේ එකෙක්ගේ නන්ගි කෙනෙක් එක්ක අපේ එකෙක්ගේ සම්බන්දයක් තිබුනා.. උන්ගේ එරියා එක හින්දා අරු ඇවිත් අපේ එකාට ගැහැව්වා...මට වෙලාවේ පොන්නයෙක් වගේ බලාගෙන ඉන්න බැරි උනා..මම බැට් එකෙන් ගහපු පාරකට එකෙක් එතනම මැරුනා..අනිත් එකා දැඩිසත්කාරේ ඉදලා දවස් දෙකකට පස්සේ මැරුනා... දිත්ව මිනිමැරුමකට ඇතුලට ගිය මම මාස 4 කට පස්සේ එලියට ආවේ හරියටම මගේ ඒලේවල් රිසාල්ට් එන දවසේ..උබ දන්නවද? මම කැම්පස් සිලෙක්ට් වෙලා තිබුනා"...

"මට ආයමත් හැරෙන්න බැරිඋනා එදා ඉදලා මේ තමයි මගේ කැම්පස් එක උබලාගේ කැම්පස් වහනව අරිනවා..අපි ඇතුලට එනවා යනවා...මගේ මාමා වගේ නෙමෙයි මම.. මම වෙනුවෙන් එකෙක් ඇතුලට ගියත් මම ඌව අතෑරියේ නැහැ..ඌට ඇතුලේ සැපැට ඉන්න විසිට් එක හැමදාම බැස්සුවා.. වගේම එලියේ උගෙන් යැපෙන හැම එකෙකවම බලාගත්තා.. නිස ප්රින්ස්ට වඩා බෝහම ඉකමන්ට මම පාතාලේ ජනප්රිය උනා"...

"මගේ වර්තමානේ ගැන කියලා වැඩක් නැහැ මචෝ..එහම කියන්න ගියොත් ඒක කයිවාරුවක් වෙනවා....මම දන්නවා මට වැඩි ආයුශ නැහැ කියලා...දවසක කවුරුහරි මගේ තැන ගන්න මට ශෝට් එක දෙයි...ඒත් එදාට මම ඌත් එක්ක තරහ නැහැ...මම ජිවත් වෙච්ච කාලය ගැන පස්ස බලලා හිනාවෙලා සතුටින් මේ ලෝකෙන් යනවා"....

"පහන් මට කියපන් උබව ඇල්ලුවෙ කවුද?"

"සි අයි රන්ගනජිව"

"හුටා..නාකොටික් නඩුවක්...එහනම් උබට ලේසි වෙන්නේ නැහැ පුතෝ...........උබට නිදිමත නැත්නම් උබේ කතාව කියහන්"...

"මම පහන් දිසානායක.....මම ඉපදුනේ ඇබිලිපිටියට එහා සුරියවැවට යන්න හැරෙන කාපට් හන්දියෙන් හැරිලා ඇතුලට වෙන්න තියන බොහම දුශ්කර ගමක...මට ඉන්නේ නන්ගි කෙනෙක් විතරයි..අපි බෝහම දුප්පත් අපේ තාත්තා කරේ හෙන් ගොවිතැන...පොඩි කාලේ ඉදලම නන්ගි මමයි ඉගෙනගන්න හරි දක්ශයි...අනිත් ගෙවල්වල ලමයිව අම්මලා තාත්තලා හේන් වැඩට හවුල් කර ගත්තට අපේ අම්මලා කවදාවත් අපිව වැඩවලට හවුල් කරගත්තේ නැහැ...එයාලා හැමවෙලාවකම කිව්වේ අපිට උබලා බර වැඩි නැහැ...උබලා මේවා කරන්න ඔනේ නැහැ..උබලා ඉගෙන ගනින් කියලා"...

"අපි දෙන්නත් තියනදෙයක් කලා හැමවෙලාවකම මහන්සිවුනේ ඉගෙන ගන්න...ඉස්කෝලේ ඇරිලා ඇවිත් නන්ගි අම්මයි, තාතයි එක්ක හේනට යනවා...එයලා වැඩකරනකන් නන්ගි පැලට වෙලා පාඩම් කරනවා..මම දවල්ට ටිකක් නිදාගෙන..රෑට පැලට යනවා පැට්රෝල්මැක්ස් ලම්පුවත් අරගෙන හේන බලාගන්න ගමන් පාඩම්කරනවා"..

"උපතින්ම මම ගනිතයට හරි දක්ශයි...ගමේ අයගේ ගෙවල්වල කැඩෙන බිදින පොඩි පොඩි යන්ත්රසුත් හදලා දුන්නේ මම.. මම පලවෙනිසැරේන්ම කැම්පස් තේරුනා කියලා හේනට ගිහින් කියපු දවසේ තාත්තා  හිටපු තැනම බිම ඉද්ගෙන අඩපු හැටි මම වැටෙන හැමවෙලාවකම මතක් වෙනවා"...

"උබට දැන් නිදිමතයිනම් අපි නිදාගමු...තවටික දවසක් අපිට මෙහේ ඉන්න වෙනවනේ...උබ හිමිට උබේ කතාව කියහන්.....අද ගහපු ජොයින්ට් එකට මගේ ඇස් දෙක පියවෙනවා බන්...අනික හෙට මාව වවුනියාවේ ප්රිසන් එකට උස්සනවා වාහනයක් උස්සපු කේස් එහකට"..  එහම කියලා ගයාන් ඇලවුනා...

ඊට පස්සේ මට දවස් 4කට පස්සේ තමයි ගයාන් මුනගැහුනේ...ගයාන් එනකොට නවාස් හිටියේ ඔලුව ගහගෙන කල්පනා කරකර...

"නවා..මොකද උනේ...මම නැති දවස්වල මල්ලි විසිට් බැස්සද? ලෝයර් මහත්තයා මොකද කියලා තියෙන්නේ"....

"වැඩක් නැහැ...ගයියා...ලෝයර් මහත්තයා කියනවලු රිපොට් එක වෙනස් කරන්න බැරිවුන නිසා ඊලග නඩුවාරේදි ලයිෆ් එකක් දෙයි කියලා"...නවාස් අඩන්න ගත්තා...

"අඩන්න එපා බන් …..අපි කරන්න පුලුවන් හැමදෙයක්ම කරමු...මම කොහමත් වැඩක් සෙට් කරලා තියෙන්නේ...මම එලියට ගිය ගමන් ටිපර්ව මරනවා"..ගයියා නවාස්ව බදාගත්තා...

"මොකද ගයාන් කේස් එක?" මම ගයාන්ගෙන් ඇහැව්වේ....අද කාමරේ කැම කන්න ඉතුරූවුනේ අපි දෙන්නා විතරක් නිසා..ඒකත් ගයාන් කෑම එක අතට ගත්තට කටක්වත් කෑවේ නැහැ..අනිත් එවුන් වැට්ච්ච තැන්වල නිදි...

"නවාස් කියන්නේ මගේ බොක්කේ විශ්වාසවන්තම එකේක්....උබට මතකද ටිම් එකේ එවුන් එක්ක වලියෙදි ගත්තෙ මගේ පැත්ත..එදා ඉදලා ඌට ෆැලට් එක තහනම්... අපිට ආපු බඩු වගයක සාම්පල් එකක් අරගෙන මාරවිල ඉදලා එනකොට නාකොටික් එකෙන් ඇල්ලුවා....ඒක ටිම් එකේ එවුන් දිපු ටිප් එකක්...උන්ට ඔනා වුනේ මාව..මුට ගහලා ගහලා සිදුවේ ඉදලා කොලබට ගෙනත් තියෙන්නේ ඇදුම් නැතුව ඒත් මු මම ගැන කෙල බිදක් හෙලලා නැහැ...ඒකේ ඔරොප්පුවට නාකොටික් එකේ එවුන් බඩු ටික සිල් කරලා ලැබ් එකට දාලා පහුවෙනිදම රිපෝට් එක අරගෙන එතන පියෝ හෙරොයින් ගෑම් 300ක් තියනවා අනිවාරෙයෙන් ජිවිතාන්තය දක්වා ...නාකොටික් එකේ එවුන් පහුවෙනිදම අරුන් රිපොට් එක නොගත්තනම් මම කෝටියක් හරි දිලා කුඩු වෙනුවට එතනට පාන් පිටි දානවා"...

"හරි...ගයාන් මට කියපන් උබට දැන් ලැබ් එක ඇතුලේ තියන කුඩු මාරු කරන්න බැහැනේ... උනාට උබට පුලුවන්ද ලැබ් එක ඇතුලේ තියන වෙන මොනවා හරි නඩු බාන්ඩයක් වෙනස් කරන්න"...

"කියපන් ලැබ් එකම එහෙන්පිටින්ම උස්සනම්...එවාට ඔන තරම් මිනිස්සු මම ලග ඉන්නවා"..

"මොනවද නඩු බාන්ඩ විදිහට තියෙන්නේ?...

"මු ඇදගෙන හිටපු ඇදුම්...ශර්ට් එකයි, කලිසමයි, ජොකයි"...

"හරි මම නවාස්ව නිදොස්කොට නිදහස් කරනවා...උබ මම කියන විදිහට කරපන්"...මම ගයාන්ගෙ  කනට කරලා වෙන්න ඕනේ විදිය සහ වැඩ ටික කියුව..

**************************************************************
පහන් ගේ සැලසුමෙන් නවාස් ව නිදහස් කර ගන්න පුළුවන් උනාද? මෙන්ඩා තමයි දන්නේ.. ඊළඟ කොටහ ඉක්මණට දාහන් මෙන්ඩෝ.. 

25 comments:

  1. ඇත්තයි ඉක්මනට ලියපං සංජීව
    ෆිලුමක් වගේ අඬවන සංවේදීව
    මට නං හිතෙන්නෙම ගෙතුමකි කියා නෙව
    මේ මහ පොළොවෙ ඇත්තම සිද්දියක් බව!

    ReplyDelete
    Replies
    1. නවා එලියේ...ලන්කාවේ මා‍ෆියාවල් ගොඩ් ෆාදර්
      කුඩු මර්වින් අතුරුදන් කරපු හැටි
      මන්නාරමේ ඉදලා කුඩු කිලෝ 10ක් ගෙන්න ගත්ත හැටි
      මදුශ් මැරුනේ නැහැ....(විශ්වාස නැහැ නේද)
      ඉස්සරහට බලන්න ...

      Delete
  2. මෙන්ඩෝ
    ආදරෙයි බං... පුලුවන් ඉක්මණටම කියහං නවාස් බේරුණාද කියලා ❤️❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. නවා එලියේ...ලන්කාවේ මා‍ෆියාවල ගෝඩ්ෆාදර් කවුද?

      Delete
  3. අඩෙඃ...! අද කොටස ගැන මට කියන්ඩ කිසිම අඩුවක් නෑ. ඔය වගේ හිත හොඳ පාතාලයො වගේම පට්ට කුහක එවුනුත් ඉන්නව. කළවමක් කරහං කතාවට ගැළපෙනවනං.

    එතකොට අර කලින් කොටසෙ හිටපු උදවිය කෝ?

    ReplyDelete
    Replies
    1. යකඩො මූ මෙතෙන්ටත් ඇවිත්.!

      Delete
    2. මේ කතාව කමියාගේ බ්ලොග් එකේ දාන්න ස්ම්බන්දිකරනය කරලා දුන්නේ..ඩ්‍රෑකි සහ ඇවිද්දපය...
      අර කෙල්ල විහගි පහන් ලියපු පොත කියවනවනේ....ඔය යන්නේ පහන්ගේ කතාව..පහන්ගේ කතාව ඇතුලේ තව ගොඩක් කතා යනවා..ඉවරවෙනකන් කියවන්නකෝ...අනිතමට හැම කතාවක්ම එකිනෙකට සම්බන්ද වෙනවා

      Delete
  4. Replies
    1. සජීවී කියන්නෙ සිදුවෙමින් පවතිනවද? නැත්නම් සන්ජීව ද?

      Delete
    2. ගොඩක් සිද්දින් මැත කාලයේ සිදුවුන එවා...නම්ගම් ස්තාන වෙන්ස් වුනාට ඒවා ඇත්තටම සිද්දවුනා...
      නවාස් නිදහස් වුන හැටි
      කුඩු මර්වින් අතුරුදන් කරපු හැටි
      මන්නාරමේ ඉදලා කුඩු කිලෝ 10ක් ගෙන්න ගත්ත හැටි
      මදුශ් මැරුනේ නැහැ....(විශ්වාස නැහැ නේද)
      ඉස්සරහට බලන්න ....

      Delete

  5. එක පාරක් කියවලා ආයෙම කියෙව්වා. ඉක්මනින් ඉක්මනින් ඊලඟ කොටස දෙන්නෝ..... ඒ මේක පන්චතන්ත්‍රය වගේ එකක් ඇතුලෙ කතාගොඩක් වගේ එකක් නේද

    ReplyDelete
    Replies
    1. නවා එලියේ...ලන්කාවේ මා‍ෆියාවල් ගොඩ් ෆාදර්
      කුඩු මර්වින් අතුරුදන් කරපු හැටි
      මන්නාරමේ ඉදලා කුඩු කිලෝ 10ක් ගෙන්න ගත්ත හැටි
      මදුශ් මැරුනේ නැහැ....(විශ්වාස නැහැ නේද)
      ඉස්සරහට බලන්න ....

      Delete
  6. කොටස් දෙකම කියෙවුව. එල ද බ්‍රා ඈ...

    මහවත්තෙ පොරට වැඩිය පදලංගල පොර පොර වෙලානෙ. හැක්.. අන්න ඇඹිලිපිටියෙ කොල්ලො.

    දිගටම ලියහං.

    ReplyDelete
  7. බ්ලොග් එකකට ඔළුව දැම්මෙ සෑහෙන කාලෙකින්. තාම පරන සෙට් එක ඉන්නවා නේ ..
    කතාව නම් නියමයි. ඊලඟ කොටස තවත් රසවත් වෙයි මං හිතන්නෙ ..

    ReplyDelete
    Replies
    1. නවා එලියේ...ලන්කාවේ මා‍ෆියාවල ගෝඩ්ෆාදර්

      Delete
  8. අම්මට සිරි මාර සිද්ධියක්නේ!? යකෝ එළ කිරි ඉක්මනට දාපං මොකද උනේ කියලා!

    ReplyDelete
  9. ලියපං ලියපං අපි එනවා බලන්ඩ.
    බෝ අහුවෙච්චි වෙලාවක තම්බන් කන්ඩ හිටියේ, අර එක පාරක් කතාවක් ලියන්ඩ අරං අන්ත්‍රස්දාන වෙච්චි එකට.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. සදුව කාපන්...මගේ ඇගේ ක‍ටු විතරයි ඒකි තමයි පුස් ඉරි වගේ ඉන්නේ...අනික ඒ කතාවේ ඉතුරුටික ලියනවට වලිය දැම්මේ සදු....

      Delete
  10. හොඳ කතාව බොක්ක ,

    ReplyDelete
    Replies
    1. ඔයා ආපු එක වටිනවා...තව අඩුයි චෙෆා, ඉයන්...(අනිත් අයත් වට්නවා )..

      Delete
  11. යකඩෝ මෙන්ඩා ? නියම කතාවක් නේ බං. අර වතු වල ඉන්නේ හිත හොඳ එවුන් කියළා අත්දැකීමෙන් දන්නවා. මොකද මම බොරැල්ලේ බෝඩ් වෙච්ච කතාව දනන්වනේ. ඉස්සර පාර අයිනේ ටැප් එකකට මම යනවා රෙදි හෝදන්න. අපි ඉන්න තැන වතුර එන්නේ නෑ හරියට. ඒ ටැප් එක ගාව අයියා කෙනෙක් තමයි පෝලිම හසුරුවන්නේ. ඔක්කොම අයින් කරලා මට චාන්ස් එක දෙනවා. මගේ වෙලාවට පස්සේ ආවේ. බලන්න පුළුවන් එක දිගට. පලවෙනි කොටස කලින් බලපු මතකයක් තියෙනවා.

    ReplyDelete
  12. හූනු නැට්ටෙ කතාව ඇත්ත ද ? දැන් හොයපන්කො තුන 🥴

    ReplyDelete