අවවාදයයි! ඇබ්බැහි විය හැක....
මෙය සැබැ සිද්දියක් පදනම් කරගෙන ලියු කතාවක් වුවත් නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය.. සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය.. කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.
***************************************************************************
අම්මා කුස්සියේ පොල් ගෙඩිය බිදින සද්දෙට තමයි මම ඇහැරුනේ, මලකෙලියයි....6.30 ත් පහුවෙලා සුදු ගවුම අයන් කරලත් නැහැ. මල කෙලියයි කියන වචනේ කොහෙන් මගේ වචන මලාවට එකතු උනාද මන්ද? මම නිදිමතේම කුස්සියට ගියා.
ඇයි අම්මේ මට කතා කරේ නැත්තේ...
සුදු ගවුම
අයන් කරලත් නැහැ.
ඇයි ඔයා සෙනසුරාදටත් සුදු ගවුමද අදින්නේ?
ආ...අද සෙනසුරාදනේ.... අප්පච්චි කෝ?
වත්තපහල කොරටුවට ගියා.
අප්පච්චි එලකිරි බිව්වද අම්මේ
අප්පච්චි නම් බිව්වා. ඔයාගෙයි පහන් පුතාගෙයි එලකිරි ටික මුට්ටියෙන් පෙරා ගන්න. පුතා සිනි නැතුව බොන්නේ ඒක නිසා කිතුල් හකුරු කැල්ලකුත් අරගෙන යන්න....
ආ....
ඒ ගමන්ම පහන් පුතාට කියලා අදත් පාඩම් ටිකක් අහගන්න.
අයියට ඔනාවට වඩා කරදර කරන්නත් බැහැනේ අම්මේ...ඊයේත් පාඩම් කියලා දිලා එයාගේ කාමරේට යනකොට පාන්දර එකත් පහුවෙල, ඇයි අම්මේ එයාගේ දවසේ අනිවාරේන් කරන එක ගිටාර් එක ගගාහ සින්දුවක් කියන එක ඇයි අම්මත් අහගෙන ඉදලානේ නිදාගන්න ගියේ.... අම්මට මතකද පහන් අයියා ඉයේ කියපු සින්දුව,,,,,
" පායා ඇයි හිනහෙන්නේ"
අම්මේ මමත් අයියාගෙන් ගිටාර් එක ගහන්න ඉගෙන ගන්නද?
එපා...ඒ ලමයා නැ බැ කියන ලමයෙක් නෙමෙයිනේ...ඔයාට
පාඩම් ටික කියලා දෙන එකම මොනතරම් දෙයක්ද? අප්පච්චි කියනවා අයියා පාඩම් කියලා දෙන්න ගත්තට පස්සේ ඔයාගේ ඉගෙනිමේ වැඩ කටයුතු හොදයි කියලා.
මම එලකිරි විදුරුවකුත් අරගෙන වත්ත කෙලවරේ තියන පහන් අයියාගේ කාමරේ පැත්තට ඇවිදගෙන ගියා...දොර බාගෙට ඇරලා තිබුනේ,
ජනේලේත් ඇරලා තිබුන නිසා පහන් අයියට විහිලුවක් කරන්න හිතාගෙන මම හිමින් හිමින් අඩිය තියලා ජනේලේ ලගට කිට්ටු උනා.
පහන් අයියා බිම ඉදගෙන මොකක්ද කරන්න හදනවා මම තව ටිකක් ජනේලේට කිට්ටු උනා.
හිස් සිගරට් පැකට් එකක ඉයම් කොලයක් ගලවලා අරගෙන ඒ කොලය පොඩි වෙච්ච එක දිග ඇරගන්න සිරුමාරුවට ඇගිල්ලෙන් පිරිමැද්දා..ඉට පස්සේ ඒ කොලය දෙකට ඉරලා ඇරගෙන එක කැල්ලකින් බටයක් ගහගත්තා ඉතුරු කැල්ල ඇගිලි තුඩින් අල්ලගෙන ගිනි කුරුක් ගහලා සුදු පාට පැත්තට ඇල්ලුවාම සුදු පාට පැත්ත පිච්චිලා ගිහින් ඉතුරු උනේ ඉයාම් පාට පැත්ත විතරයි..ඉයම්
කොලය බිම තියලා පොඩි පෙට්ටියකින් දුබුරු පාට කුඩු වගයක් අර ඉයම් කොලය උඩට දාගත්තේ සුද්ද කරපු ඉරටු කැල්ලකින් රෝල් කරපු බටය කටේ තියාගෙන අර ඉයම් කොලයට යටින් ගිනිකුරක් ගැහැව්වාම සිරුමාරුවට දුමක් නගිනවා පහන් අයියා අර කටේ තියාගෙන උන්න බටෙන් අර දුම් ඉරෙවේ නැමිගෙන...මොනවද මෙයා මේ කරන්නේ පහන් අයියා ගැහෙනවා අමාරුවෙන් වගේ එයා එහම තුන් පාරක් විතර කරා...දෙයියනේ පහන් අයියාගේ බෙල්ල කඩා වැටිලා..අර මොකද වෙන්නේ පහන් අයියා වමනේ දානවා...මට තවත්නම් බලාගෙන ඉන්න බැහැ.
පහන් අයියේ ඇයි ඔයාට අසනිපයක්ද? මම කැ ගහගෙන කාමරය ඇතුලට ගියා.
එයා අමාරුවෙන් ඔලුව උස්සලා මම දිහා බලලා..."කන පලාගන්නේ නැතුව දුවන්න කිව්වේ මෙතනින්"...
අයියේ ඔයාට වතුර එකක් ගෙන්නද?
තමුසෙට එකපාරක් කිව්වා යනවා යන්න මෙතනින්...
නැ .... නැ...මම යන්නේ නැහැ...ඔයා ඔහම අසනිපෙන් ඉන්නකොට මට දාලා යන්න බැහැ..
පහන් අයියා අමාරුවෙන් නැගිටලා විසිවෙවි ඇවිත් මගේ බෙල්ලේන් අල්ල ගත්තා අත දිග ඇරලා උස්සපු අත මගේ කම්බුල ලගට ඇවිත් නතර උනා..දුවපිය කිව්වේ මෙතනින් මගෙන් ගුටිනොකා..මගේ බෙල්ල අතා ඇරලා ලග තිබුන වමනේ බාල්දියට පයින් ගැහැව්ව පාර බාල්දිය පෙරලිලා වමනේ හැමතැනම ඉහිරුනා.
දාඩාස් ගලා පහන් අයියා බිම ඇදගෙන වැටෙනවත් එක්කම මම එලියට පැනලා ගෙදර දිව්වේ....
අප්පච්චි....
අප්පච්චි...අම්මේ.... අම්මේ...කියලා කැ ගහගෙනමයි...
අප්පච්චි කුස්සියේ බන්කුව උඩ ඉදගෙන කොල කැද කොප්පයක් බොනවා...අම්මා ලිප ලග.
අනේ අප්පච්චි අම්මේ..පහන්
අයියා වමනේ දාගෙන කාමරේ ඇදගෙන වැටුනා...අනේ අම්මේ ගිහින් බලන්නකෝ...
දෙන්නගෙන් එක්කෙනක්වත් මම කියපු දේ කනකටවත් ගත්තේ නැහැ...
අනේ.....ඔයාලට මම කියන එක ඇහෙන්නේ නැද්ද?
කැ නොගහා කටවහගෙන කාමරයට ගිහින් පොතක් බලාගන්න දෝනි...අම්මා මට සැර උනා...
දෝනි....මම යනවා කොරටුව පැත්තට..දෝනිටත් ඔනනම් එන්න යන්න මාත් එක්ක....වැව අයිනේ ගහක් යට ඉදගත්තාම හරි නිදහස්....දෝනිට කියවන්න පොතක් මම දෙන්නම්කෝ.. අප්පච්චි කාමරයට ඔලුව දාලා කියනකොටත් මම හිටියේ ඇදේ ඇලවෙලා ඇස් දෙකේ කදුලු පුරෝගෙන...
අයියා ගැන බැලුවේ නැහැ කියලා දෝනි මමත් එක්ක තරහද?........දෝනි
දන්නවනේ මට පුතෙක් නැතිඋනාට
..පහන් පුතාට මම ආදරය කරන්නේ මගේ පුතෙකුටත් වඩා මම එයාට ආදරේයි...මේච්චර කාලයකට පුන්චිම දෙයකින්වත් එයා මගේ විශ්වාසය කඩකරලා නැහැ...
අප්පච්චි කතාව පටන්ගත්තේ අපි දෙන්නා අපේ වත්තේ එක කෙලවරක් මායිම් වෙන වැව අයිනේ තියන අප්පච්චි ගේ එලවලු කොරටුව දිහාට ඇවිදගෙන යන ගමන්....
ආ...මේ පොත ගන්න හිමිහිට කියවන්න පටන් ගන්න..ඒතකොට ඔයා හිතන විදහ වෙනස් වෙයි... අප්පච්චි මගේ අතට ලොකු පොතක් දික් කරා...හැබැයි මේ පොත පුතා මගේ අතට දෙනකොට මට කියපු දේ ඔයාටත් වලන්ගුයි....
මගේ කතාව ලියපු පොත ඔයාලට කියවන්න දෙන්නේ...මගේ කතාව කියවලා මට අනුකම්පා කරන්නවත්
,,,ආදරය කරන්නවත් නෙමෙයි...මගේ සමහර අමුතු හැසිරිම්,
අමුතු ජිවන
රටාව ගැන සැරින් සැරේ ප්රශ්න කරන එක නවත්තනයි..
ඒ කතාව දැන ගන්න ඔයාලත් කැමති ඇති ඒත් ඉට කලින් කියන්නම්කෝ...මම කවුද..අපි කවුද...පහන් අයියා අපේ ගෙදරට ආපු හැටි....
මම " ඒකනායක මුදියන්සේලාගේ විහගි විදුශානි දේවබන්ඩාර" අපේ අප්පච්චි තමයි දේවබන්ඩාර ඉස්කොලේ විදුහල්පති..අපේ අප්පච්චි නැශනල් එක අදින බෝහම ගුනගරුක , විනයකරුක, හොද උගත්, යහපත් පුරවැසියෙක්. අපේ අම්මා මමයි තාත්තායි වෙනුවෙන් මුලු ජිවිතයම කැපවෙන්න ඔනේයි කියලා හිතන බොහම සුන්දර කාන්තාවක්.
අනුරාදපුරෙන් හැරිලා ගලෙන්බිදුනුවැව පැත්තට යනකොට ප්රදාන පාරෙන් හැරිලා තවත් කිලෝමිටර්
10ක් විතර
ඇතුලට වෙන්න තියන බෝහොම සුන්දර ගම්මානයක්...අපේ ගමේ නම "දේවබන්ඩාරවැව"...මේවා අපේ පරම්පරා ඉඩම්. අපේ අම්මගේ අප්පච්චි ගේ...අත්තා, මුත්තා, කිත්තා,
කිරිකිත්තා ඉදලා අපි ඉන්නේ මෙහේ...අපේ ඉඩම් වලට වැටවල් ගහලා මායිම් බෙදාගන්න තරම් ඉඩම් හිගයක් මෙහේ මිනිස්සුන්ට නැති නිසා..අපේ ඉඩම් වල මායිම් කියන්නේ ඉඩමේ එක මායිමක් මායිම් වෙන්නේ දේවන්ඩාර වැවට අනිත් පැත්තේන් ලොකු ගල් තලාවක්..කුබුරු යාය, පන්සල් වත්ත....
අපේ අප්පච්චි තමයි මේ අහල ගම් හතකට ඉස්සර වෙලාම විශ්වවිදාලයකට ගිය එකම ලමයා....විශ්වවිදාලයෙන් පිටවෙලා පුහුනුගුරු පත්විමක් අරගෙන මේ ඉස්කෝලට ඇවිත් වැඩ පටන් ගත්තට පස්සේ මේ ඉස්කොලේ එයාගේ විතරක් නෙමෙයි අපි දෙන්නගේත් ලේ වලට එකතුවෙලා..
දේශපාලකයන් ලගට ගිහින්, කලාප
කා්යලවලට ගිහින් අබියාචනා දාලා කිසිම ගුරුවරයෙක් මේ ඉස්කොලේ ඉල්ලගෙන එන්න හදන්නේ නැහැ..ඒ ඔක්කෝම කරන්නෙ මෙහෙන් මාරුවක් අරගෙන යන්නයි.
අනික ටවුමේ ඉදලා එන ගුරුවරුන්ට මෙහේ ඉන්න බැරි ලොකුම හේතුව එයාලගේ මොබයිල් එක චාජ් කරගන්න ගලෙන්බිදුනු වැවටම යන්න එපැයි...අනික
කවුද කැමැති දවස් දෙක තුනකට සැරයක් කිලෝමිටර් 30 ක් විතර ගෙවාගෙන තැපැල් නයින්ටියක නැගලා දුවිලි වලවල් පිරුන පාරේ යන්න කැමති..හැබැයි එහම කියලා අපේ ඉස්කොලේට ගුරුවරු අඩු නැහැ මොකද මේ ඉස්කොලේන් ඉගෙනගෙන ජිවිතය දිනපු සහ අපේ ගමත් ලන්කාව ඇතුලේ තියන ගමක් කියලා හිතන අයත් ඉන්නවා.
ඒ අයත්
එක්ක අපි හොද අධ්යපන ප්රගතියක් ලබලා තියනවා..
ඒ දවස මට ඉයේ වගේ මතකයි..
මමයි අප්පච්චි යි කුරුනැගල සරසවි එකට ගියේ අපේ ඉස්කොලේ පුස්තකාලේට ඔන පොත් වගයක් අරගෙන එන්නයි...මම ඒ පොත් ගොඩ අතරින් කලින්ම "තරිදු ශ්රි ලොකුගමගේ"
ලියපු " "වයර් පොටක සෞන්දර්ය" අයින් කරලා තියාගත්තේ බස් එකේදි කියවනවා කියලා හිතාගෙන. පොතේ
නම දිකිනකොටම හිතුනා ඒක වෙනස් ආරක පොතක් වෙන්න ඇති කියලා...ඒත් තාත්තා ඇහැව්වා..
ඇයි දෝනි මේ වගේ පොතක් තෝර ගත්තේ...අපිට ඉතින් වාහනයකට කියලා තියෙන්නේ තැපැල් නියින්ටියයි,
ලොකු ටැක්ටරේයි විතරයිනේ...
ඒ උනාට අප්පචි කවදහරි අපි ඉබ්බා කාර් එකක් හරි ගමුකෝ
හා...හා..ඔයාගේ කැමැත්තක්...තාත්තා හිනාවෙලා මගේ තිරනයට ඉඩදුන්නා..
අප්පච්චි නම් සිට් එකට ඔලුව තියාගෙන නිදි..ඒත් මට තවම පොත කියවන්න පටන් ගන්න බැරි වුනා..අපි දෙන්නම පාන්දර නැගිට්ට නිසයි, ගමන්
මහන්සිය නිසයි..
අනික පොතක් ගත්තාම මගේ පුරුද්ද තමයි පිට කවරේ ඉදලා කතාව පටන් ගන්න තැනට එනකන් තියෙන කතෘ සටහන්,
අච්චු ගහපු
තැන්, ලිපිනයනයන් පවා කියවලා තමයි මම පොතේ කතාව කියවන්න පටන් ගන්නේ… අනික එදා දැදුරු ඔය පාලම උඩ ලොකු වාහන තදබදයක් තිබුනා
මිනිස්සු පාලම උඩ ඉදලා පහල ඔයේ වතුර දිහා බලාගෙන ඉන්නවා.
ලොකු ලොකු
වාහන පොලිමක් නවත්තලා තිබුනා..පොලිසියෙන් ඇවිත් තිබුනා.
කලු පාට ඩිෆෙන්ඩර් ජිප් එකක් දැදුරු ඔයට වැටිලාලු..වතුර
පාර හොදටම සැරයි..ඒ නිසා මිනිස්සු කියන්නේ ජිප් එකේ හිටපු කිසිම කෙනෙක් බෙරෙන්න නැතුව ඇත් කියලා..
අබන්පොල ජැම් ගහ යට තේ බොන කඩේ ලග අපි ආපු බස් එක නැවැත්තුවා..
දෝනි ඔයාට බොන්න මොනවා හරි
උදේ බිව්ව තේ එක විතරයිනේද? තාත්තා සිට් එකෙන් නැගිටලා මගෙන් ඇහව්වා...
එපා
අප්පච්චි අම්මා
ඔතලා
දුන්න
වැලිතලප තියනවා.මම වැලිතලප කැල්ලක් අප්පච්චිට දික් කරන ගමන් අප්පච්චි ගිහිල්ලා තේ එකක් බිලා එන්න...මම දන්නවනේ අප්පචිට කහට එකක් නොබි ඉන්න බැරි බව අනික මට ඔනේ මේ පොත ඉක්මනට කියවන්න පටන් ගන්න..
අප්පච්චි බැහලා
ගියාට
පස්සේ
මම
විදුරුවට ඔලුව
තියාගත්තා...බස් එකේ හැමොම වගේ බැහැලා ගිහින් වයසක අම්මා කෙනෙකුයි පොඩි ලමයි දෙන්නෙක් එක්ක තරුන ගැහැනු ලමෙයුකුයි බස් එකේ තැන් තැන් වල සිට් වල ඇරෙන්න..
ආ...අර කවුද සිට් එකේ ඔලුව තියාගෙන ඉන්නේ අර නලුවද..හේමාල් කියන නලුවද..නැ වෙන්න බැහැ..හේමාල් වගේ නලුවෙක් බස් වල යයිද? අනික මෙයා හේමාල්ට වඩා කලුයි, කොන්ඩේත් කොටටම කපලා..මම දිහා දෙපාරක් හැරිලා බලන්න හිතෙනවා කියලා ගොඩක් අය කියනවා මම අහලා තියනවා ඒත් අද තමයි දෙපාරක් හැරිලා
බලන්න
හිතෙන
කෙනෙක්
මට
මුන
ගැහුනේ...
කැප්
එක
තව
පොඩ්ඩක් ඉස්සුනා නම
මට
හොදට
මුන
බලා
ගන්න
තිබුනා..
මම
ආයමත්
ජනේලේට
ඔලුව
තියා
ගත්තා..
ටක්...ටක්....ටක්... කවුද මගේ ජනෙලේට තට්ටු කරනවා.... මම විදුරුවෙන් එලිය බැලුවේ...ඉබේම..
කවුද
මේ...කොන්ඩේත් වවාගෙන...ශර්ට් එකේ බොත්තම් ඇරගෙන කරේ සදු යකඩ මාල ගොඩක් දාගෙන රස්තියාදුකාර කොල්ලෝ දෙන්නේක්...මම විදුරුවෙන් මැත්වෙලා පොත කියවන්න පටන් ගත්තා..
නන්හි
ඇයි
ඔයාට
අපි
ජනේලෙට
ගහනවා
ඇහුනේ
නැද්ද?
මොකද
ඔයාගේ
ඔච්චර
ගනන්...ඇයි ඔයා ලස්සන නිසද?
කොල්ලෝ
දෙන්නා
බස්
එක
ඇතුලටම
නැගලාමගේ සිට්
එක
ලගටම
ඇවිත්...අනේ අප්පච්චි ඔයා කොහෙද?..........
ආ..නන්ගි...මේ නම්බර් එක ගන්න...අපිට ඔයාගේ නම්බර් එක දෙන්නකෝ.....එක කොල්ලොක් කොල කැල්ලක් මට දික් කරගෙන ඉන්නවා...
අනේ
අයියේ
මට
ෆෝන්
එකක්
නැහැ..
හරි
එහනම්
ඔයාගේ
ඇඩ්රස් එක දෙන්නකෝ.. අනේ අයියේ මට කරදර කරන්න එපා මම තවම ඉගෙනගන්න ලමෙයක්
මොනවා...ඉගෙන
ගන්නද නන්ගි...අපි කියලත් ඉගෙනගත්ත අයද...මම ඔයාට හැම දෙයක්ම කියලා දෙන්නම්කෝ...එක කොල්ලෙක් මගේ කනට ලන්වෙලා කුනුහරුප කතාවකුත් කිව්වා...අපි දෙන්නා බැදලා ලමයි
11 ක් විතර
හදාගෙන කවුරුත් නැති පලාතක කන්දක් උඩ කවුරුත් නැති තැනක හෝටලයක් දාගෙන ජිවත් වෙමු...
එතකොට තේ විකුනනේ උබලාගේ බාප්පටද කියලා ඇහැව්වේ නැහැ...මට හිතුනා..
අනේ පුතේ මගේ දුවට කරදර කරන්න එපා..අප්පච්චි සිට් එක ලගට ඇවිත් අර කොල්ලෝ දෙන්නට බැගැපත් උනා..
මේ මැන්ටලේ....පොඩ්ඩක් එහාට වෙලා ඉන්නවකෝ අපි දෙන්නට උදැල්ල දාන්නේ නැතුව...දැන් ඉදලම ඔහම උදැල්ල දැම්මාම අපි කොහමද බැදලා සතුටින් ඉන්නේ.
අනේ...පුතේ....
අඩෝ...මැන්ටලේ කිව්වාම තේරෙන්නේ නැද්ද..අනිත් කොල්ලා අප්පච්චිගෙ පපුවට අත තියලා තල්ලු කරා...
අනේ....මගේ අප්පච්චි....මම කැ ගැහව්වා....
මල්ලි බස් එකෙන් බැහැලා කතා කරමුද....අර හේමාල් වගේ අයියා අප්පච්චිව තල්ලු කරපු කොල්ලාගෙ අතින් අල්ල ගත්තා..
අඩෝ...මේ අපේ එරියල් එක...උබ කවුද ඩෝ අපේ වැඩ වලට අත දාන්න ...දෙනවා දැන ගනින් බිපු රන් කිරි කටින් එන්න...අර රස්තියාදුකාරයා අර හේමාල්ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා...
හරි මල්ලි ඒත් ඉතින් මෙතන වමනේ දාන්න බැහැනේ..අපි බස් එකෙන් බහිමුකෝ..ඉට පස්සේ මල්ලිලා මට දෙන්නකෝ රන්කිරි කටින් එන්න...
කොල්ලෝ දෙන්නා බස් එකෙන් බැස්සේ කැ ගහගෙනමයි
අඩෝ...සුමනේ....පොඩ්ඩෝ....චුටි මල්ලි...වරෝ..අද අතේ පයේ හිරි ඇරගන්න එකෙක් ඉන්නෝ....
අප්පචිචි...මට පොඩි උදව්වක් කරනවද? බස් එකේ ඩැර්වර්ට කියනවද බස් එක ඉස්ටාට් කරලා යන්න ලැහැස්ති කරලා තියගන්න කියලා..එහම කියලා අර අයියා එහම කියලා බස් එකේ දොර ලගට ගියා.
මම ඇස් දෙකේ කදුලු පුරෝගෙන ජනේලේ විදුරුවෙන් අර අයියා දිහා බලාගෙන හිටියා...කඩේ ඇතුලේ ඉදලා කොල්ලෝ තුන් දෙනෙක් දුවගෙන ආවා එක කොල්ලෙක් අතේ ලොකු පොල්ලක්..අනේ ජය ශ්රි මහා බෝ හාමුදුරුවනේ මේ අයියා කොහමද පස් දෙනෙක් එක්ක ගහගන්නේ...
මම හින්දා අහක ඉන්න මනුස්සයෙක් කරදරේ වැටුනා..
තේ බොන්න ගිය හැමොම ඇවිත් බස් එකට නැගලා..බස් එකත් ඉස්ටාට් කරලා කොන්දොස්තර මහත්තයා දෝරේ එල්ලිලා ඉන්නවා...
අර බස් එකට නැගපු කොලෝ දෙන්නගෙන් එකෙක් අර අයියාගෙ කොලර් එකෙන් අල්ලගෙන මුන දිහාට එක පාරක් ගැහැව්වට ඒ පාර අර අයියා වැලක්කුවා නිකන් හුලගේ පාවෙල එන පුලුන් කැල්ලක් මග අරිනවා වගේ...ඉට පස්සේ විනාඩි දෙක ඇතුලත සිද්දවෙච්ච දේ මම දැකලා තිබුනේ දෙමල ෆිල්ම් වල විතරයි..මේ තාක් කාලයකට මම විශ්වාස කරේ නැහැ එහම ගහගන්න පුලුවන් කියලා..ඒ දේ දකිනකන් ඒ හේමාල් වගේ අයියා අර හතර දෙනාට ගැහැව්වේ හතර පැත්තට විසි වෙන්න..මහ ලොකුවට කැගැහව්වට අර අයියා එක කොල්ලෙක්ට එක පාර ගැහැව්වේ එක පාර ගානේ..උන් කෙදිරි ගාගෙන වැටුනා මිසක් එකෙක් නැගිටලා ආය නැගිටිලා ආවේ නැහැ...අනික
උන් එකෙකුටවත් බැරි උනා එක පාරක්වත් වදින්න අර අයියට ගහන්න...හැබැයි අර කොල කැල්ල දෙන්න හදපු කොල්ලව විතරක් බෙල්ලෙන් අල්ලගෙන හිටියා...
අත දිගෑර්ලා..අර කොල්ලට දුන්නා කන හරහා පාරක් ඒ පාරටනම් උගේ ඇස් දෙකෙන් තරු විසි වෙන්න ඇති..
ඉට පස්සේ ඒ කොල්ලව උස්සලා අරගෙන විසික්කරා පාර අයිනේ තියන කුනු බාල්දියකුත් පෙරලගෙන පාර අයිනේ තියන කුනු කානුවට වැටෙන්න..හරියට නිකන් සෙල්ලන් බොනික්කෙක් විසික් කරනවා වගේ..
එහම විසික් කරන්න ඉස්සර අර කොල්ලට කිව්ව එක මට තවම තේරුනේ නැහැ....
................"මැන්ටලේ එල්ලපිය තොපේ අම්මගේ මැටි කට්ටේ"..................
ඒ අයියා බස් එකෙ දොරේන් ඇතුල එනවත් එක්කම කොන්දොස්තර මාමා කැගැව්වා...
හරේ...යන්...හරේ...ආය ගල්ගමුවට යනකන් කොහෙවත් නවත්තන්න එපා...හරේ...යන්...හරේ....
එයා ගිහින් එයාගේ සිට් එකේ ඔලුව තියාගත්තා...දෙතුන් දෙනෙක්ම ලගට ගිහින් ඉස්තුති කරන්නයි..විස්තර අහන්න හැදුවත් එයා නෙමෙයි නිකමටවත් ඔලුව උස්සලා බැලුවේ අඩුම තරමේ එක වචනයක්වත් කතා කරේ නැති නිසා කට්ටියම තමතමන්ගේ සිට් වල ඉදගත්තා..අප්පච්චි නිසා බලන්නත් බැහැ ඒත් එක තප්පරෙකටවත් එයාගෙන් ඇස් අහකට ගන්න මට හිතුනේ නැහැ.
බස් එක අලුත් බස් ස්ටැන්ඩ් එකේ නැවත්තුවාම හැමෝම බැහැලා ගියෙ බස් එක අනුරාදපුරයට විතරක් නිසා. අපිත් මෙතනින් බැහැලා ආයමත් ගලෙන්බිදුනුවැව බස් එකක යන්න ඔනේ...
අප්පච්චි....අප්පච්චි..අර අයියා තවම සිට් එකේ ඔලුව තියාගෙන නිදි අපි කතා කරමුද?
පුතේ....පුතේ...බස් එක මෙතනින් එහාට යන්නේ නැහැ...පුතේ
පුතා...කොහෙටද යන්නේ?
එයා ඔලුව උස්සලා අප්පච්චි දිහා බලනකොට කදුලු බින්දු දෙකක් ඇස් අග දිලිසිනා...........ජය ශ්රි මහා බෝ හාමුදුරුවනේ ඇයි අයියා අඩන්නේ...
අප්පච්චි අයියාගෙ අතින් අල්ල ගත්තා මම අප්පච්චිගෙ පස්සෙන් වැටුනා..ගලෙන්බිදුනුවැව බස් එකෙන් බැහැලා ගෙදරට එනකන්වත් අපි කිසිකෙනෙක් අතර කතාබහක් තිබුනේ නැහැ..දේවබන්ඩාරවැවට හැරෙන හන්දියේ අබ ගහ යට සියාතු මාමාගේ කඩේ නවත්තලා තිබුන අප්පච්චිගේ බයිසිකලේ යතුර අයියට දික්කරා...අදනම් හරි පුදුම දවසක් මම උපන්තෙක්කට දැකලා නැහැ අප්පච්චි බයිසිකලෑ යතුර වෙන කෙනෙකුට දෙනවා..
අපි ගෙදරට එනකොට අම්මා අබ ගහ යට බලාගෙන ඉන්නවා..මමනම් හිතුවේ අම්මා විස්තර අහයි කියලා..මේ ගෙදරනම් ඉන්නේ පුදුම මිනිස්සු හේමාල් වගේ ලස්සන කොල්ලේක් අප්පච්චි,
දෝනිවයි පිටිපස්සේ තියගේන බයිසිකලේ පැදගෙන එනකොට අහන්නේ නැද්ද කවුද කියලා....
මැනිකේ අර අල්මාරියේ තියන අලුත් සරමකුයි කමිසෙකුයි සාලුවකුයි ගෙනත් දෙන්න...
පුතා වත්ත පහල කුබුක් ගස් යට ලිදක් තියනවා එහම නැත්නම් වත්ත කෙලවරේ වැව තියනවා...පුතා කැමැති එකකින් නාගෙන එන්නකෝ..
පහන් අයියට කොච්චර බලකලත් එයා අපේ ගෙදර කාමරයක නවතින්න කැමැති උනේ නැහැ...එයා කැමති උනේ ගොයම් කපන කාලේට පිටින් එන අයට නවතින්න හදලා තිබුන කාමර දෙකයි පොඩි කුස්සි කැල්ලයි ටොයිලට් එකයි එක්ක වත්ත පහලට වෙන්න හදල තිබුන එකේ නවතින්න...
මම නිදියන්න යනකොටත් අප්පච්චි පහන් අයියා එක්ක අබ ගහ යට කතා කරකර හිටියා...ඒ තමයි පහන් අයියව දැක්ක අන්තිම දවස ඉට පස්සේ මාසයක් යනකන් එයාව දැක්කේ නැහැ..එයා කාමරෙන් එලියටවත් බැස්සෙ නැහැ..අඩු තරමේ එයා ඉන්නවා කියලවත් දැනගත්තේ අප්පච්චි පිගානට බෙදලා තියන කැම එක කාලා පිගාන හොදලා නවලා ආපහු කුස්සියෙන් තියන එකෙනුයි රැට රැට ලස්සනට ඇහෙන ගිටාර් සද්දෙන්...ඒ ගිටාර් එකත් පහන් අයියා අප්පච්චිට කියලා ගෙන්න ගත්තේ එයාට ඔන බඩු ලිස්ට් එක කොලේක ලියලා හිස් පිගානට යටින් සල්ලිත් එක්ක තියලා තිබුනා...
අප්පච්චි නිවාඩු දවසක අනුරාදපුරේ ගිහින් ඒ ලිස්ට් එකේ තිබුන බඩු ලිස්ට් එක ගෙනල්ලා කුස්සියෙන් තියලා ඇවිත් ඉතුරු සල්ලිත් එක්ක....
- මතු සම්බන්දයි-
එළ ද බ්‍රා!
සංජීව මෙන්ඩිස්ගේ සජීවී කතාවක්..
අම්මට හුඩු....මරු ඕයි....👍
ReplyDeleteමෙන්න මෙයා තාම බ්ලොග් කියවනවා.. :)))))
Deleteඇඩික්ටඩ් නේ සර්....!
Deleteමේ මොන අපරබංසයද්ද? කුඩු ගහන කොල්ලෙක් ගෙදරක තියාගන්නෙ මොන විදිහෙ දෙම්ව්පියොද? ඒ වගේ කෙනෙකුට කියල තමංගෙ දුවට පාඩං කියා දෙන්නෙ මහ රෑ වෙනකං? අනික, කාගෙ කවුද දන්නැති කොල්ලෙක් ගෙදර එක්කරං එන්නෙ...?
ReplyDeleteමේ හැම දෙයක්ම මහා නිකං වෙන්ඩ බැරි දේවල් ගොඩක එකතුවක් වගේ.
හැබැයි ෆැන්ටසියක් විදිහට මරු, හිත ඇදිලා යන දුක්මුසු රොමෑන්ස් එකක් තියෙනව...
මාත් පොල්ලෙන් ගැහුවා වගේ ඉන්නේ.. බලමු මූ ඉස්සරහට මොනවා කරයිද කියල..
DeleteHeroin or Heroine?
ReplyDeleteවදන් පෙළහර!
Deleteදෙකම.. :)))
Deleteසංවේදී හිතද, නැතිනං කතාවද
ReplyDeleteඒත් නැතිව ලියැවී ඇති රටාවද
ඇස්වල කඳුළු ඇයි? පැනයකි මටත් අද
ඊළඟ කොටස ඉක්මනටම ලියනවද
මට නම් කවි බෑ.. මෙන්ඩා ඇවිත් කවියෙන් මක්ක හරි කියයි මේකට :)))
Deleteඑළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් මෙලෝ අල බෝලයක් නොදන්න හූ මිටි තියන පාපොල් ඇට ලොන්තයk පොරගේ පම්පෝරිය ගහනවා. ඔය පම්පෝරි ඇහුවට, පොලිටික්ස් කතා කරන කොට නම් අහන්න අප්පිරියයි
ReplyDeleteලෝකෙ පෙරලුනත් උගේ කටේ තියෙන්නෙ කලින් දාල ගිය කෙල්ලගෙ නම. හයියෝ හැමිනෙනව.
ඔව් බං.. මටත් ඕකා පේන්න බෑ.. :)))))
Deleteඑළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් මෙලෝ අල බෝලයක් නොදන්න = ඇත්ත
Deleteහූ මිටි තියන පාපොල් ඇට ලොන්තයk = ඇත්ත
පම්පෝරිය ගහනවා. = බොරු
පොලිටික්ස් කතා කරන කොට = බොරු
උගේ කටේ තියෙන්නෙ කලින් දාල ගිය කෙල්ලගෙ නම. = බොරු
maru
ReplyDeleteමරු ඒක නෙවෙයි.. ඉයන් තාම බ්ලොග් කියවනවා කියුවම අන්න ඒක <3
Deleteමෙන්ඩා වරෝ.. මේවට උත්තර දීපියෝ..
ReplyDeleteමෙන්න මෙය මෙන්ඩගෙන් ගොඩයන්න හදනවෝ....
ReplyDeleteකතාව නම් සෑහෙන්න වෙනස් වගේ.. කමෝන් මෙන්ඩා
අනේ කම්යෝ උබගේ බ්ලොග් එකේ මට ඉඩක් දුන්නා වගේ පුලුවන් වෙලාවට කෙමෙන්ට් වලට උත්තර දිපන්...මම කතාවේ ඉතුරු ටික ලියන්නම්
ReplyDeleteඒකතාව නියමයිනෙ. කෝ ඊලඟ ටික.ඉක්මනින් ලියන්න
ReplyDeleteමූ අපිව මඤ්ඤං කරනවා
ReplyDeleteඑල ද බ්‍රා.. බලමුකො මොකෑ වෙන්නෙ කියලා... ඩ්‍රැකී තුමා කිව්වා වගේ සමහර දේවල්නම් මේ සිරි ලංකා මහපොළවෙ නොවෙන අභව්‍ය දේවල්..ඒත් හැම දේකම ව්‍යතිරේක තියන්නත් පුළුවන් හින්ඳා බාධාවක් කරගැන්නැතුව කියෙව්වා...
ReplyDeleteහරි.ඊළඟ කොටසට යමු. කොහෙද ඉතින් අපිම හොයන් යන්න එපැයි.ඊළඟ කොටසට ලින්ක් එකක් දාලා නෑනේ පහතින්.
ReplyDeleteඅන්තිම කොටස දැන්මට පස්සෙ මේ හොයන් ඇවිත් පලවෙනි කොටහ කියෙවුවෙ.ඒ වගේ අයට ඊළඟ කොටහට ලින්ක් එකක් දැම්මා නම් හොඳා කලනයියෙ
ReplyDelete