Monday, 19 July 2021

Heroin හෙරෝයින් - තුන් වෙනි කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

 අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 


මෙය සැබෑසිද්දියක් පදනම් කරගෙන ලියු කතාවක් වුවත් නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය..
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය..
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

***********************************************************************

නීතිය සැමට සමසේ.. ඡායාරූප අනුග්‍රහය google images 

පළවෙනි ෂොට් එක..

දෙවෙනි ෂොට් එක..

අද එතැන් සිට.. 

එදා ඉදලා සති දෙකක් යනකන් ගයියා ෆොන් එකෙන් කන අහකට ගත්තේ නැහැ....බලන හැමවෙලාවකම ෆෝන් එකේ ඌට මගේ කතාව අහන්න තරම් හිතට නිදහසක් නැහැ කියලා මට තේරුන නිසා මමත් ඌට පාඩුවේ ඉන්න දුන්නා..

බලන බලන හැමවෙලාවකම එක්කෝ කෝල් එකක නැත්නම් එස් එම් එස් එකක....සමහර වෙලාවට කෑගහනවා..කුනුහරුපෙන් බනිනවා..නැත්නම් උපදෙස් දෙනවා...හරි සර් කියනවා..

සති දෙකකට පස්සේ නවාස් උගේ නඩුවට නැග්ගා..උදේ ඉදලා ගයියා වතුර උගුරක්වත් බිව්වේ නැහැ..කාමරේන් එලියටවත් ආවේ නැහැ...ෆෝන් එක දිහා බලාගෙන හිටියේ නවාස්ගෙන් කෝල් එකක් එනකන්....

නවාස්ගෙන් කෝල් එක එන වෙලාවේ ගයියා මට කාමරේ ඇතුලට කතා කරේ අනිත් එවුන් ඔක්කෝටම එලියට යන්න කියලා...

නවාස් කතා කරේ උසාවිය ඉස්සරහා ඉදලා...

"ගයියා.................."

"කියපන් නවා...කියපන් මගේ බොක්ක...මොකද උනේ...."

"වැඩක් නැහැ ගයියා කියලා...අපේ ලෝයර් මහත්තයා පොලිසියෙන් ඇහැව්වා..."

"මෙයාව අත් අඩන්ගුවට ගන්න වෙලාවේ මෙයා මොනවද ඇදගෙන හිටියේ..."

"ශර්ට් එකයි, කලිසමයි....සෙරෙප්පු දෙකයි, අන්ඩර්වෙයාර් එකයි.."

"ඒතකොට පොලෝසිය කුඩු හොයාගත්තේ සැකකරුගේ අතේ තිබිලද?"

"නැහැ..ස්වාමිනි...ඔහුගේ යට ඇදුමේ තිබිලා.."

"තමුන් සැකකරුව කොලබට අරගෙන ආවේ ඇදුම් නැතුව නේද?"

"අපි ඔහුගේ සියලු ඇදුම් නඩු බාන්ඩ වශයෙන් අපි බාරයට ගත්තා ස්වාමිනි.."

'ගරු අධිකරනය බාරයේ තිබු සියලු නඩු බාන්ඩ මම දැන් ගරු අදිකරනයට ඉදිරිපත් කරමි...'

"එහම කියලා අපේ ලෝයර් මහත්තයා ගෑනු ලමයි අදින ශර්ට් බලවුස් එකකුයි, ගෑනු ලමයි අදින කලිසම්කුයි,,,පෙන්නලා..ජන්ගියක් ඇගිලි දෙකෙන් උස්සලා උසාවියෙන් ඇහැව්වනේ බන්...

'මේකත් සැකකරු අතඩන්ගුවට ගන්නා වෙලාවේ ඇදගෙනද හිටියේ , කවුද ගලවලා ගත්තේ පොලෝසියෙන් ගලවලා ගත්තද නැත්නම් සැකකරු ගලවලා දුන්නද' කියලා......"

"අරුන් උඩ බිම බැලුවා උතුර දකුන මාරු වෙලා.."

"නවාස් මොහම්ඩ් වන මොහු නිදොස්කොට නිදහස් කරමි කියලා නඩුකාරය කිව්වා...මම එලියේ ගයියා...මම එලියේ..."

"හරි නවා උබ කෙලින්ම වත්තට පලයන්..උබට බඩු ටික හම්බවෙයි... ටික පොඩ්ඩිට දිපන්..වෙලාවට සල්ලි අපේ එකෞන්ට් වලට ට්රන්සර් වෙයි"

"අනික මම උබට තැග්ගක් ලැහැස්ති කරා..උබ ගැන ටිප්  එක දුන්න එකාගේ මිනිය හෙට උදේ මහවත්තට හැරෙන ඔරලෝසු කනුව ලග තියෙයි..."

"හරි ගයියා..මම එලියේ වැඩ ටික ඔක්කොම බලාගන්නම්..මට  උබේ යාලුව පෙන්නපන්..මට ඌට කතා  කරන්න ඔනේ..."

මම එපා කියලා අතින් ගයියට කිව්වා...

"ඌ කැමැති නෑ බන් වැඩි පබ්ලිසිටියට...."

"හරි එහනම් ඌට කියපන් අල්ලා දෙවි පිහිටයි කියලා..."

"පහන් මට උබේ එකවුන්ට් නම්බර් එක දිපන්...මේ බිස්නස් එකේ ලාබෙන් බාගයක් උබට දෙනවා..."

"එපා...මගේ ඔලුවට ආපු අයිඩියා එකෙන් බාගයක් උබට දුන්නා...මට සල්ලි එපා..."

"මේ අහපන් පහන් අපි පකිස්තානෙන් හෙරෝයින් කිලෝ එකක් ගන්නේ රුපියල් ලක්ශ පහකට...ඒක ලන්කාවට ආවාම එකේ වටිනාකම රුපියල් කෝටියක්...අනික මම ඒවා විකුනන්නේ එකට එකක් බල්ක් කරලා..ඉතින් හිතපන් ගේන එවුන්ටයි අනිත් වියදනුයි කෝටියක් අතෑරපන් ඒත් මට කෝටියක් ලාබයි..."

"මම බඩු දෙන්නේ තොටලග පොඩ්ඩිට...ඒකි එකට එකක් බල්ක් කරලා පැකැට් කරලා විකුනන්නේ..."

"කවුද පොඩ්ඩි කියන්නේ...."

"තොටලග එදා ඉදලා රන් කරේ බිස්නස් කරේ...පොන්න කපිලලා...උන්ගේ තාත්තලා, බාප්පලා දැන් කවුරුත් නැහැ....ඊ පස්සේ බිස්නස් එක අතට ගත්තේ පොන්න කපිල..පොන්නයා තමයි..හැබැයි කෙලින් මිනිහෙක්.."

"ඌ මර්ඩර් එකකට ඇතුලට ගියාට පස්සේ බිස්නස් එක අතට ගත්තේ උගේ නන්ගි පොඩ්ඩි.... ඇතුලේ ඉදලා බිස්නස් එක හැන්ඩ්ල් කරනවා...රන්ගනජිවට අල්ලන්න බැරි උන එකම මනුස්සයා පොන්න කපිල..."

"එතකොට පේමචන්ද් මාව සින් එකෙන් අයින් කරන්න වියදම් කරලා තියෙන්නේ රුපියල් ලක්ශ 5යිද?"

ගයියා හක හක ගලා හිනා උනා....

******************************************************************

"ආ...පහන් අයියා.....දැන් ඉතින් පෝලිම් බහින්නෙත් නැහැනේ"...මාලකයා මාව දැකලා දුවගෙන ලගට ඇවිත් කිව්වා..

"ඇයි බන් එහම කියන්නේ..."

"පහන් අයියා  දැන් ඉතින් ගයියා අයියගේ දකුනු අතනේ...ආය මොකටද පොලිම් බහින්නේ..හැමදේම කාමරයටම හම්බවෙනකොට..."

"මම එහම කාගේවත් හෙන්චයියෙක් නෙමෙයි බන්..."

"එහම කියන්න එපා පහන් අයියා....ඇතුලේ එවුන් දැන් පහන් අයියට බුදු බක්තියක් තියෙන්නේ..."

"ඒ මොකද බන් ..."

"ගයියා අයියා කියන්නේ හොද හිතක් තියන කෙනෙක් කියලා හැමෝම කියනවා...අනික නවාස් අයියට එලියට යන්න අයිඩියා එක දුන්නේ පහන් අයියා කියලා කනින් කොනින් ආර්න්චි වුනා..."

"පිස්සු කියන්න එපා බන්,,මම නිකන් ඔලුවට ආපු අයිඩියා එකක් දුන්නා..."

"ඒ උනාට පහන් අයියා...ඇතුලේ එවුන් දන්නවා මම පහන් අයියාගේ යාලුවා  කියලා... නිසා කැම පොලිමේ උනත් අනිත් එවුන් මට ඉඩ දෙනවා..."

"ආ....මාලකයා...කොහමද ..ගයියා ලගට ඇවිත් මාලකයගේ බඩට ඇගිල්ලෙන් ඇනලා මගේ කරට අත දාගත්තා..."

"ඉන්නවා....ගයියා අයියා..."

"පහන් වරෙන් යන්න අද මට උබේ කතාවේ ඉතුරු ටික අහන්න ඔනේ...."

"මම හිටියේ කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ... වෙනකොට නන්ගිත් පේරාදෙනිය කැම්පස් එකට සිලෙක්ට් වෙලා හිටියේ..."

"කොලබ කැම්පස් එකේ තිබුන කලා උලේලකට සහබාගි වෙලා අපි කට්ටියම පයින්ම ගාලුපාරට එන ගමන් හිටියේ...බස් එකක් අල්ලගන්න...එක යාලුවෙකුට චැලි මෝටසයිකලයක් තිබුනා ඒක පාර අයිනේ පේව්මන්ට් එකේ නවත්තලා නයිට් කඩෙකින් ප්ලේන්ටියක් ගගහා හිටියේ...එක පාරටම ඇතින් ආපු අලුත්ම ස්පෝර්ට් බෙන්ස් කාර් එකක් පාර අයිනේ නවත්තලා තිබුන අපේ එකාගෙ චැලි මෝටසයිකලේත් හප්පගෙන පේව්මන්ට් එකේ වැදිලා නැවතුනා..එකේ නම්බර් ප්ලේට් එකක්වත් තිබුනේ නැහැ...අපි කට්ටියම දුවගෙන කාර් එක එක ලගට ගියා...කාර් එකේ ඉස්සරහා බෆර් එක කැඩිලා තිබුනට ලොකු ඩැමේජ් එකක් වෙලා නැහැ...හැබැයි බයික් එකනම් ගන්න දෙයක් නැහැ..."

"අපි ජනේලේට ගහලා දොර ඇරවගත්තා.."

"දොර ඇරගෙන එලියට බැස්සෙ අවුරුදු 16 විතර ස්කිනි එකයි කොට ඩෙනිම් ශෝටයි ඇදලා හිටපු ලස්සන සුදු කෙල්ලේක්..ඒකිට කෙලින් හිටගෙන ඉන්න බැරි විදිහට බිලා හිටියේ..."

"ඇ..යකෝ...තොගේ ඇස්වල කොබෝ නයිද...පාර අයිනේ නවත්තලා තිබුන අහින්සක බයිසිකලේ හැප්පුවේ...ගන්නවා තමුසෙගේ ලයිසන් එක... දුමින්දයා කැගහව්වා.."

"Do you know who am I?............."

"අපිට මොකද ඔයි තමුසේ කවුරු වුනත්.."

"මම තමයි හිරුශා පේමචන්ද්....මගේ තාත්තා ඇමති කෙනෙක්..."

"අම්මටහුඩු... බලපන්කෝ මේකිගේ ගනකම...පාන්දර වෙනකන් ක්ලබ් වල බිලා තව එනවද අපිට තාත්තාගේරැස්පොට් පෙන්නන්න....දෙනවා තොගේ ඩෝප් බහින්න...කපිලයා අත දිගෑරල ගහපු පාර මම අල්ලගත්තේ නැත්නම් අරකිගේ කනෙන් තරු විසි වෙනවා.."

"නිකන් හිටහන් බන් ලැජ්ජා නැද්ද බන් කෙල්ලෙක්ට අත උස්සන්න..."

"අනේ  නිකන් හිටහන් පහන්....කොහමත් මට ඇරියස් එකක් තියනවා මුන්ගේ පැලැන්තිය එක්ක.."

"හරි....දුමි ඇරියස් කවර් කරමු පස්සේ...ඉස්සල්ලා කෙල්ලට මොකද කියලා බලලා ඉමු..."

"තොට ඔනේ නම් බලාගනින් මට මගේ අහින්සක බයිසිකලේ බලන්න ඔනේ..."

"නංගි ඔයාගේ නම මොකක්ද?"

"හිරුශා....හිරුශා පේමචන්ද්..."

"ඔයාගේ කාටහරි කෝල් එකක් අරගෙන මෙතනට එන්න කියන්න....එතකන් ඔයා කාර් එක ඇතුලෙන් වාඩිවෙලා ඉන්න....ඔයාට අමාරුවක් නැහැ නේද.....?"

"අයියේ මට වතුර ටිකක් දෙනවද?"

"ආ...නංගි බොන්න...මගේ අතේ තිබුන වතුර බොතලය ඒකි අතට දුන්නා..."

"විනාඩි 15ක් යනකොට ඩිෆ්න්ඩ්ර් 2ක් වටකරගෙන රේන්ජ් රෝවර් එකක් ඇවිත් නැවත්තුවා...ඒකෙන් බැස්සේ පේමචන්ද් ඇමතිතුමා..........."

"පුතා කෝ මගේ දුව..."

"කාර් එක ඇතුලේ ඉන්නවා..."

"මේ මහත්තයෝ...තමුසෙලා ඩිෆන්ඩ්ර් වටකරගෙන පාරේ යනකොටත් අපි කනුවට බහින්න ඔනේ... මදිවට තමුසෙලාගේ දුවලා පාන්දර වෙනකන් නයිට්කලබ් වල ජෝගි නටලා එනකොට අපේ බයිසිකල් පලිද?...දුමියා කෑ ගහගෙන ඉස්සරහට ආවා..."

"ඒයි දුමියා පැත්තකට වෙලා හිටපන් මම මේ ප්‍රශ්නේ කතාකරලා බෙරගන්නම්කන්...."

"බම්බුව...මොනවද බන් මුන් එක්ක කතා කරන්න තියෙන්නේ.."

"කියන එක අහලා කෑ නොගහා හිටහන්කෝ...පහනා කියනවනේ...කපිලයා දුමියව පැත්තකට ඇදගෙන ගියා...."

"'පුතා ඉස්සරවෙලා කියන්න...මගේ දුව කෝ කියලා'...පේමචන්ද් ඇමැතිතුමා මගේ කරට අත තිබ්බා..."

'ඉන්නවා...කාර් එක ඇතුලේ'...මම කාර් එකේ දොර ඇරියා...කෙල්ල ස්ටිරියන්විල් එකට ඔලුව තියාගෙන නිදි...

'දුව...දුව...හිරු....මොනවද මේ කරන වැඩ..මම ඔයාට කියලා තියනවා නේද...ලයිශන් ගන්නකන් වාහන එලවන්න එපා කියලා...බලපන් මදිවට කෙලින් හිටගෙන ඉන්න බැරි තරමට බිලා...උබ...උබ..අද මම උබට..'

"පේමචන්ද ඇමැතිතුමාගේ අත මම අල්ලගත්තේ නැත්නම් කෙල්ලගේ කන පුරෝලා එකක් වදිනවා..."

"මහත්තයෝ...එයා ඔයාගේ දුව වෙන්න පුලුවන් උනාට ගැහැනු ලමයෙකුට අත උස්සන්න ඉස්සර දේපාරාක් හිතන්න....මම කියනකොට පේමචන්ද් මම දිහා පුදුමයෙන් බලාගෙන හිටියා..."

"පුතා..මෙයා හරි මුරන්ඩුයි ඔය අපිට හොරෙන් තමයි කාර් එක අරගෙන ඇවිත් තියෙන්නේ...ඔයාගේ යාලුවගේ බයිසිකලේ අලාබය මම දැන් දෙන්නම්......මෙක ගන්න...පේමචන්ද් මගේ අතේ රුපියල් ලක්ශයක් තිබ්බා..."

'සෙනරත් මේ පුතාලා ගිහිල්ලා බස්සලා එන්න...'

"එපා...ඇමතිතුමා අපි බස් එකේ යන්නම්..."

"පිස්සුද ලමයෝ...මේ වෙලාවට කොහෙද බස්...සෙනරත් වාහනේ ගන්න...යන්න පුතා....... සෙනරත් මේ ලමයිව ගිහින් බස්සන්න...දිසානායක කාර් එක ගන්න...දුව ගිහින් නගිනවා ජිප් එකට...."

"කෙල්ල...වැනි වැනි ජිප් එක ලගට ගිහින් ආයමත් හැරිලා මම ලගට ඇවිත් මගේ බෙල්ලේ එල්ලිලා..මාව ඉම්බා...පේමචන්ද් ඇමතිතුමාටවත් එයාගේ ආරක්ශයන්ටවත්..මගේ යලුවන්ටවත් තියා මටවත් හිතාගන්නවත් වෙලා තිබුනේ නැහැ...."

"ඒ තමයි ගයියා...කෙල්ලෙක් මාව ඉම්බ පලවෙනි වතාව..."

"ඊට සතියකට විතර පස්සේ මම ලේක්චර් එකක ඉන්නකොට අපේ එකෙක් කිව්වා..මාව හම්බවෙන්න කෙල්ලෙක් ඇවිත් කියලා.. හිරුශා....ඒකිට ඔන වුනේ මම එක්ක කතා කරන්න..."

"ගයියා අයියේ.....ගයියා අයියේ...." එකෙක් ඇවිත් අපේ කතාවට බාදා කරා.. 

"කවුද බන්...මොකද කෑ ගහන්නේ....."

"අයියේ...මම මෝචරියා.....සුද්දා අයියා...එක්ක ඇතුලේ ඉන්නේ..."

"ඉතින්...ඇයි...මොකද උවමනාව..."

"සුද්දා අයියට ගයියා අයියව මුනගැහෙන්න ඔනේ කිව්වා..."

"ඉතින්..එන්න කියපන්..කෝ දැන් සුද්දා..."

"අපේ කාමරේ..ඉන්නවා....."

"එන්න කියපන්...නැතුව මම ලගට එන්න කියලද කියන්නේ...."

"නෑ....නෑ...මම ආවා උබ හම්බවෙන්න...මෝචා උබ පලයන්..."

"ආ....සුද්දා...වරෙන් ඇතුලට...."

"නෑ.. උබ වරෙන්කෝ...එලියට ටිකකට..."

එළියට ගිය ගයියා ඌව හම්බවෙන්න ආපු සුද්දා කියන එකා එක්ක ටික වෙලාවක් කතා කර කර ඉදලා මම ලගට ආවා...

"පහන්....සුද්දා ඇවිත් තියෙන්නේ මාව හම්බවෙලා පොඩි උදව්වක් ඉල්ල ගන්න....ඒත් මට ඒකට උදව් කරන්න පුලුවන් කියලා මට හිතෙන්නේ නැහැ...හැබැයි මම කිව්වා සමහර විට උබට පුලුවන් වෙයි කියලා උදව් කරන්න...හැබැයි උබ කැමැතිනම් විතරයි....උබට අවුලක් නැත්නම් ඌව හම්බවෙයන්.."

"හරි ගයියා...උබට අවුලක් නැත්නම් මට කමක් නැහැ...එක්කරගෙන වරෙන්.."

"මල්ලි මම සුද්දා...කුඩු සුද්දා..කියලා කියන්නේ..මට..මගේ ඒරියා එක කලුතර..මට උබෙන් පොඩි උදව්වක් ඔනේ....ගයියා කිව්වා උබට මේක කරන්න පුලුවන් කියලා.."

"හරි...මොනවද ඔයාට මගෙන් කෙරෙන්න ඔනේ..."

"මන්නාරමට මගේ බඩු වගයක් ඇවිත් තියනවා...."

"බඩු..කිව්වේ...?"

"කුඩු...!"

"කොච්චරක්ද?"

"කිලෝ...25ක්"

"හරි..දැන් මොකක්ද ප්‍රශ්නේ...?"

"මට ටික කොලබට ගෙන්න..ඔනේ..ඒත් හැමතැනම ජෙක්පෝයින්ට් තියන නිසා ඒක කරන්න බැහැ...පොලිසිය නම් අවුලක් නැහැ..උන්ට කියක් හරි අතමිට මොලවලා එන්න පුලුවන්..ඒත් ආමි එකේ කොල්ලෝ පගාව ගන්නේ නැහැනේ බන්..."

"හරි ඔයාට පුල්වන්ද ලිසින් ඇරියස් වෙච්ච කාර් එකක් හොයාගන්න..හැබැයි අලුත් එකක් වෙන්න ඔනේ.."

"දෙන්නම් බන් එකට දහයක්..."

"ඔයා ඒක මන්නාටමට අරගෙන ගිහින් කීලෝ 25 කාර් එකේ ඩිකියට පටවන්න....ඉට පස්සේ කවුරුහරි මාර්ගයෙන් ලිසින් කම්පැනියට ආරන්චි කරවන්න...කාර් එක තියන තැන..හරියටම වාහනේ තියන එඩ්රස් එක කම්පැනියට ලැබෙන්න සලස්වන්න...."

පහුවෙනිදම ලිසින් එකේ සිසර්ලා සෙට් එක මන්නරමට යනවා කාර් එක උස්සන්න...එතකොට ගෙදර ඉන්නේ අයිති කාරයාගේ වයසක ඤාතියෙක් විතරයි..මිනිහා කියනවා..

'පුතානම් වැඩ කරන්නේ කොලබ..යතුරනම් තියනවා..හැබැයි ඔයලා මේ කාර් එක ගෙනියනවනම්....මන්නාරම් පොලිසියට දැනුන් දිලා අරගෙන යන්න...මම පුතාට කොල් කරලා කියන්නම්....පුතා අතේ මේ දවස් වල සල්ලි නැහැ කිව්වා ඉක්මනට ඔය සල්ලි ටික පුතා ගෙවයි' කියලා....

සිසර්ලා කියයි..'අන්කල් එහම තමයි අපි කරන්නේ..අපි කොලබ පොලිසියේත් ඇන්ට්රි එකක් දාලා ආවේ..මන්නරාම් පොලිසියත් දැනුවත් කරලා තියෙන්නේ..මේ බලන්න අපි ලග ඔක්කොම ලියකියවිලි තියනවා' කියලා..

"බයවෙන්න එපා සුද්දා...ඔය ලිසින් කම්පැනි වල ඉන්න ගොඩක් එවුන් පරන පොලිස් කාරයෝ..." මම කිව්වා..

සුද්දයි...ගයියයි කට ඇරගෙන මම දිහා බලාගෙන හිටියා...

ගයියා කතා කරා..."හරි ඊ පස්සේ අපි කොහමද කාර එක ගන්නේ...?"

"වාහනේ මන්නාරමෙන් ගත්ත ගමන්..ඔයා කොලබ ලිසින් ෆිස් එකට ගිහින්...ගෙවන්න තියන මුලු මුදලම අන්තිම සතේට ගෙවන්න...ඊ පස්සේ ඩොකියුමන්ට් ටික ඔක්කෝම අරගෙන වාහන යාඩ් එක ලග ඉන්න කියන්න.."

"වාහනේ යාඩ් එකට ආපු ගමන්...කාර් එකට අතවත් තියන්න දෙන්න එපා...කාර් එක අරගෙන එන්න....සිසර්ලා වාහනේ යාඩ් එකට ගෙනත් දැම්මට පස්සේ උන්ගේ මුදල ලැබෙන නිසා උන් ඒක ගැන එච්චර වද වෙන්නේ නැහැ..."

සතියකට පස්සේ සුද්දා ....

"පහන්.....!" කියලා කෑ ගහගෙන ඇවිත් මාව බදාගත්තා...

"පහන්...ලෙසටම බඩු ටික කොලබට ආවා...බඩු ටික යන්න ඔනේ තැන්වලට යවලත් ඉවරයි..ගයියා කිව්වා උබට සල්ලි දෙන්න අහන්නනම් එපා කියලා.."

"කියපන් මල්ලි උබට මොනවද මගෙන් කෙරෙන්න ඔනේ...?"

"දැනට මුකුත් නැහැ සුද්දා.... ඕ උනොත් කියන්නම්.." මම කිව්වා....

"උබ මට මේ කරපු උදව්වට උබට ඔන වෙලාවක මම ඉන්නවා...අපි වැරදි වැඩ කරාට අපි වචනයක් දුන්නොත් දුන්නා තමයි...අපේ වචන ගලේ කෙටුවා වගේ තමයි.....අම්මා දෙනවා කිව්වොත් තාත්තා ගස් බැදලා හරි දෙනවා..."

එහම කියලා සුද්දා මටයි ගයියටයි අතට අත දිලා යනකොට ගයියා මගේ පිටට තට්ටුවක් දැම්මා...

"පහන් උබ දන්නවද අපේ රටේ ඉන්න මාෆියාවල ගෝඩ්ෆාදර් කවුද කියලා..."

"මම අහලා තියන විදිහට නාවල නිහාල්...දැන්නම් මදුශ් නේද?"

ගයියා බඩ අල්ලගෙන දෙකට නැමි නැමි හිනාඋනා....

"උන් මොන මාෆියා කාරයෝද බන් උන් නිකන් දෙකයිපනහේ ලපයි සිපයි අන්ඩ්ඩර්වල්ඩ් කාරයෝනේ බන්?"

"පාතාලේට කොච්චර කෙරුම්කාරයෝ බැස්සත්..මම කියන එකාට එක වචනෙකින්වත් තට්ජනය කරන්න තියා දිහා රවලා බලන්නවත් අරුන්ට බැහැ...මොකද එහම කරොත් මුලු ලන්කාවෙම ඉන්න පොලිස් කාරයොයි අනිත් එවුනුයි එකතු වෙලා තර්ජනය කරපු එකාව හොයයි..."

"අම්මට හුඩු එච්චර තදයෙක්ද බන්..මම ඇහැව්වා.. "

"ඒ විතරක්ද බන් අපි හැම එකෙකුටම බිස්නස් කරන්න ඒරියා එකක් තිබුනට ඌට එහම නැහැ ඌට ලන්කාවේ ඔනම තැනක බිස්නස් කරන්න පුලුවන්...."

"නෑ...!"

"නෑ..නේමේ බන්...උගේ බඩු ගන්න....කුඩු කාරයෝ...පොලොමේ ඉන්නේ..."

"පොලිස්යත් එච්චර ආරක්ශා කරනවනම් අපේ රටේ ඇමැතිකෙනෙක් හරි, ජනාදිපතිහරි. ආරක්ශක ලේකම් හරි වෙන්න ඕනේ..."

"නැහැ.. එහම කෙනෙක් නෙමෙයි සිම්පල් පොරක්..."

"එහනම් ඇයි බන් කුඩු බිස්නස් කාරයෙක්ව එහම ආරක්ශා කරන්නේ...?"

"ඌ කරන බිස්නස් වලින් ලෝකයේම මත්ද්‍රවය බිස්නස්කාරයෝ එකතුවෙලා පිහිටවාගෙන තියන සන්ගමයකට සාමජික මුදලක් ගෙවනවා... ඉතින් කවුරුහරි උගෙන් කප්පම් මුදලක් ඉල්ල්වොත් හරි තර්ජනය කරොත්හරි සන්ගමයට දැනුන් දෙනවා..එතකොට ලොකු රටක ලොකු ලොක්කෙක් කතා කරලා අපේ ලොකුලොක්කෙක්ට කියනවා...අපේ ලමයෙකුට පොඩි තර්ජනයක් තියනවා ගැන බලන්න කියලා..."

"ඔව් එහම වෙන්න පුලුවන් ඔය ලොකු රටවල ලොකු පුටු හැන්ඩ්ල් වෙන්නේ..කලු සල්ලි වලින් තමයි...."

"උගේ බඩු කොයිම වෙලාවක හරි මාට්ටු උනොත් පාඩුව ඌට සන්ගමයේ අරමුදලකින් ගෙවනවා..."

"අඩෝ....ගයියා..විශ්වාස කරන්නත් බැහැ..."

"උබ මේ දේ විශ්වාස කරන එකක් නැහැ...අපිට බඩු ආවාම එවා කොලිටිද කියලා බලන්න අපි ටිකක් ගහලා බලනවා..ඒත් ඌට වෙනම ටෙස්ටර්ලා ඉන්නවා.. මස්මාලු තියා..කේක් කෑල්ලක්වත් කන්නේ නැහැ බිත්තර දාන නිසා... හෝල්සේල් බිස්නස් කරාට කුඩු කාරයන්ට සපෝර්ට් එකක් විදිහට පැකට් ටිකකුත් සිල්ලරට එලියට දානවා...ඒවට සතියෙන් සතිය වෙනවෙන සලකුනු දානවා...උගේ බඩු ගන්න කුඩුකාරයෝ පොලිම්වල පොරකනවා...අනික ඌට පැකැට් කරන්න පිලියන්දල මඩපාත වෙනම ෆැක්ට්රි එකක් තියනවා.."

"අනික බන්.. කියන විදිහට මුලු ලන්කාවේම ඉන්න එවුන් කුඩු බිව්වත්.....ලන්කාවටම අවුරුදු 3 ක් බොන්න දෙන්න ස්ටොක් එකක් ලග තියනවා ලු"

"කවුද බන් ඔය කියන මනුස්සයා..කියපන්කෝ උගේ නම…………?????????????"

*************************************************

නම බලමු ඊළඟ කොටසෙන්.. මෙන්ඩා කොමෙන්ට් වලට රිප්ලයි කිරීම උඹට බාරයි. මොකද මාත් ෆොක්ස් වෙලා ඉන්නේ මේවා කියලවල. මටත් උත්තර නෑ අහන්න ප්‍රශ්න විතරයි තියෙන්නේ..

- ක.මි. 


20 comments:

  1. මෙන්ඩා කොමෙන්ට් වලට රිප්ලයි කිරීම උඹට බාරයි....////

    මෙන්ඩා පරපොශිත පුද්ගලයෙකි [ ඇනොෆිලිස් මදුරුවෙකුට සමානය] අවවාදයයි! පරිස්සම් වෙන්න

    ReplyDelete
    Replies
    1. හා මචං.. තැන්කියු අවවාදයට :))

      Delete
  2. මොළකාරයට හිර ගෙදරත් තියේ තැනක්
    නූගත් අය වුණත්, ගරු කරනවා ගොඩක්
    පුදුමෙක මහත, රට කරවන අය විතරක්
    මැට්ටන්ටම දෙති තනතුරු දෙන තරමක්!

    ReplyDelete
  3. එල ද බ්‍රා.
    දැන් බ්‍රෑන්ඩ් එක ගල් නෙමෙයි කුඩු වෙන්න ඇති නෙහ්.

    ඔහොම යං.

    ReplyDelete
  4. තව කී දවසක් ඉන්නෝනද මෙන්ඩා ඊළඟ කොටසට...දැනට ප්‍රශ්න එපමණයි😊😊

    ReplyDelete
  5. අහඹු සිදුවීම් කියල තියෙන නිසා, මොකක් ඇත්තද කියල හිතාගන්න අමාරුයි. ඒත් කතාව නැගලා යනවා.

    ReplyDelete
  6. කමෙන්ට් නොදැම්මට අපිත් ඉතින් මෙව්ව කියවනවා.

    ReplyDelete
  7. අඩෙහ්! කැරකිලා ගිහිං ඉන්නෙ මේක කියවලා.

    මොකද්ද බල්ක් කරනව කියන්නෙ?

    ReplyDelete
  8. මුල් කොටසේ ඉදන් කියවලා එන්නම්...

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  10. ෂුහ් මේ කියවල මේ අහින්සක අපිත් නිකම් චණ්ඩියො වෙනවා.
    ඊලඟ කොටසත් ඉක්මනින් ලැබුණා නම් යෙහෙකි

    ReplyDelete
  11. ko hutto ithuru kotas

    ReplyDelete
    Replies
    1. ඔය භාෂාවෙන්ම තමයි හුරේ අහන්න ඕනේ.... මාසයක් ගිහින්...

      Delete
    2. ලබන ඉරිදා දෙනවමයි...කතාව ලියලා ඉවරයි...අකුරු කරගන්න වෙලාවක් නැතිඋනා..

      (මහවත්තේ ගයියාගේ කවුරු හරිද මන්දා? )

      Delete
  12. ඊ ලඟ කොටස දෙන්න ඉක්මනට කුතුහලය දරාගන්න බැරුව ඉන්නෙ 😁

    ReplyDelete
  13. සුපිරි යකෝ සුපිරි!

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. කූඹියෝ වගේ තමයි. එල ද බ්‍රා

    ReplyDelete
  16. ඊළඟට අවසන් කොටසට. හැම කතාවම කියවන්න ඕන මෙහෙම අවසන් කොටස ලීවට පස්සෙ. පහන් හෙන මීටරයක් නේ.

    ReplyDelete