Thursday, 19 December 2024

අතරමඟ බැස්ස තැන් ජීවිතේ එමට.. 'සොඳුරු සඳවති'යගේ රංකඳ රාවණා සමඟ හෝරා දෙක තුනක් තනිවීමී. Emotions that found its words!

දෙදාස් පහළොවේ දාසයේ වගේ බ්ලොග් වල පැළපදියම් වෙලා හිටි කාලේ දවසක මාතලන්ගේ සින්ඩියෙන් වෙන්නෝනි අහම්බෙන් දැකලා ගිහින් බලපු බ්ලොග් පෝස්ට් එකක අපූරු කවි පන්තියක් තිබ්බා. ඒ කවිය නම් කරලා තිබ්බේ 'එතකොට උඹ පත්තිනි, මම?' වගේ අමුතු නමකින්. මම කොහොමත් කවි වලට, විශේෂයෙන් සඳැස් කවි වලට ආසා නිසාත් ඒ අමුතු හෙඩිම නිසාත් ඒක කියවන්න ගත්තා... පලවෙනි කවියම Wow එකක්...

මව් ඇවෑමෙන් උනත් මං මේ රටේ නැටුමට රාජිණී
කෝවලන් නුඹ ළඟයි නිවුනේ හිතේ නැගි අනුරාගිනී
ලෝකයම අමතකව නුඹ මට තුරුලු වූ හැටි ස්නේහෙනී
දන්නෙ නෑ ඇය හිතේ හිටි බව අවුලමින් විරහාගිනී... 

අද මේ සටහන ලියන්න ඕනිවෙලා බ්ලොග් එකට ගිහිල්ලා බලද්දි මේ තියෙන්නේ කවි පන්තියම බැබළි බැබළී.. බ්ලොග් වල වටිනාකම ඒකයි ඉතින්. හරි ඒක පසුවට. ඔන්න ඔතනින් තමයි මට බොක්කට වැදුණේ 'සොඳුරු සඳවතී' බ්ලොග් එක. ලියුවේ 'ශානි ශෂී' කියලා ගෑනු ළමයෙක් කියලා හිතපු කෙනෙක්. එදා ඉඳලා ෆ්‍රී වෙලාවට ඒ බ්ලොග් එකේ අලුතෙන් දාන කවි වගේම කලින් උන්දෑ 2010 වගේ ඉඳලා ලියපු ඒවත් ටික ටික කියවලා පුලුවන් වෙලාවට කවි පිළිතුරක් එහෙමත් දීලා තියෙනවා. පස්සේ පස්සේ ඉතින් බ්ලොග් ලියවිල්ලයි, කියවිල්ලයි දෙකම අතෑරලා ෆේස් බුක් එකේ ස්ථීර පදිංචියට ආවට පස්සේ ඔන්න අඳුන ගත්තා මේ කොළමාලම.. එක එක නම් වලින් හැංගි මුත්තන් කර කර ඉඳලා දැන් නම් යංතං මනුස්ස වේශයෙන් ඇත්ත නමින් පෙනී ඉන්නවා. 

මොන විහිළු කරත් මේ උන්දිගේ හලන්න බැරි ලොකුම හැකියාවන් දෙක තමයි කෑම ඉවිල්ලයි කවි ලියවිල්ලයි. ඔය දෙකෙන් මොන එක වැඩියෙන්ම රසද කියලා බලන්න තාම Lotus එකට කෑම ඕඩරයක් දෙන්න බැරි උනාට කවි නම් අම්මප.. හැබෑ රහයි. ඔය ඉවිලි පෙවිලි අස්සේ මේ අංගනාවී එයැයිගේ දෙවෙනි කවි පොතත් ලියලා කියුවම මාත් ඉතිං පොතක් ඉල්ලුවා. කවි පොත ලියන්න උන් මහන්සියට වඩා මහන්සිවෙලා දසමාර යුද්ධයක් කරලා සති හයකට විතර පස්සේ අත්සනත් ගහපු පොතක් පිළියන්දල ඉඳලා කොල්ලුපිටියට වඩම්මවා ගන්න අද පුලුවන් උනා. සති හයක් දුක් විඳලා ගෙන්න ගත්ත පොත කොල්ලුපිටියේ ඩර්ඩන්ස් එක ළඟ ඉඳලා කොම්පඤ්ඤවීදියට එනකොට බාගයක් කියවලා ඉවරයි. ඉතුරු ටිකත් ආ ගමන් කියවලා මේක ලියන්න ගත්තේ. 

Poetry is when an emotion has found its thought and the thought has found words

කවි පොත නම්... මාරයි. සඳැස් නිසඳැස් කවි පන්ති හතළිස් දෙක එක හුස්මට කියවගෙන යතෑකි. සමහර කවි නිකං උලකින් එකපාර අනිනවා වගේ පපුවට.. සමහර ඒවා.. අර සංජීව් ලෝන්ලියෙස් කියනවා වගේ හදවතේ සියුම්ම තැන්වල පිහිතුඩකින් ආදරේ ලියනවා වගේ.. ඒ ඔක්කොටම හපන් ඒ කවි වලට දාලා තියෙන නම්. අමුතු මුතු වගේ.. 

'මට යසෝදරා වෙන්නට නම් බෑ' කවිය එහෙම පිටින්ම හැවිල්ලක්.. ළමයෙක් බඩට ආවම දාලා ගිය මිනිහෙක් ගැන මොන නිබ්බුත පදද? ඒ කවි පන්තියම මෙතන දාන්න තියෙනවා නම් මරු. ඒත් ඒක කරන එක හරි නෑනේ. 

'පාලු පැලේ මට තනි නෑ තනි අලියා එනවා.. 

ගේන පලා අතින් තියා තොලකට ලෙවකනවා..

ඊට පස්සෙ මම ආයෙත් හොඳ අම්මා වෙනවා..'  හුම්ම්...

'ඔයාට නම් දැන් සැප ඇති භව බෝගෙන් පිරී..

තනියෙම බුදු වෙන්න ඔයා දැන් සේරම හරී..".. හෙහ්. අවසානය තමයි තාත්විකම..

'පය පැටලී නුඹට නිවන මඟහැරෙන්න පතමී' 


'ගල්කිස්ස කියන්නෙත් එක්තරා ප්‍රේමයක්' කවි පන්තියේ එක තැනක ශානිකා මෙහෙම ලියනව.. 

'මතක මල්ලත් අරන් අදත් ඉඳ හිටක..

හංදියෙන් නගිනව දෙසිය පනස් පහක..

ටිකට් එක කැඩුවාට ගල්කිස්සේ කොණට..

අතරමඟ බැස්ස තැන් ජීවිතේ එමට..' ඒක අතරමඟ කඩාවැටුණු අසම්පූර්න ප්‍රේමයක් ගැන අනුවේදනීය උපහැරණයක්...  


සෝශල් මීඩියා පරිස්සමට පාවිච්චි කරන්න තේරෙන්නේ නැතුව තරු හීන දැකලා කපටියෙකුට රැවටිලා 'ලීක් කරගෙන' පවුලත් විනාස කරලා තමනුත් විනාස වෙන තරුණියකගේ අවසානය.... මුලු කවි පන්තියක කඳුලු කතාව එකමෙක පේළියකට කැටි කරන්න ශානිකා සමත් වෙන්නේ අර කියුවා වගේ පපුවටම ඇනලා...

'ඇයමයි මල් වැවුවේ ඇයගෙම මල් වඩමේ'


රාමාගේ සීතල ආදරයට එහාගිය රාවනාගේ දඩබ්බර, උණුහුම් ආදරේ ගැන මේ සීතාවගේ හිතේ විශේෂ කැමැත්තක් ඇති බව නම් හැබැයි.. පොතේ නම වැටුණු කවි පන්තිය වගේම තව කවි පන්ති කීපයක්ම රාවණා හා සීතාගේ මේ ආදරේ ගැන ලියවිලා තියෙනවා. ඒක අසම්මත ප්‍රේමයක්ද අනියම් ප්‍රේමයක්ද කියල හිතන්න ශානිකා අපිට ඉඩ ඇරලා නෑ. මොකද එක කවියක ඈ ලියනවා.. 

'ප්‍රේමය ප්‍රේමයම මිස..

එහි නෑ නියම් අනියම්'


ශානිකා ගේ කවි වල මම දැකපු තවත් එක විශේෂත්වයක් තමයි ප්‍රේමයේදී වගේම විරහාවේදීත් ඇය නුරාව සඟවන්න උත්සහා නොකිරීම. ලඟින් ඉද්දි වගේම දුරස් උනා කියලත් අනුරාගි හැඟීම් පහල වෙන එක වළක්වන්න බෑනේ.. ඇත්තම කතාව දුරස් උනාම දැනෙන නුරා හැඟීම් වඩා කටුකයි.. වේදනාකාරියි.. ශානිකා හරිම ලස්සනට සංවරව ව්‍යංගයෙන් මේ හැඟීම් අපිත් එක්ක කවියෙන් බෙදා ගන්නවා මේ පොත ඇතුළේ. 

මේ සටහන ඉවර කරන්න ඕනිනේ.. ඒකට 'ආරතී ඇයට ඉඩ දෙන්න ඒ ඇගේ පංගුව' කියන කවියේ මේ කොටසට වඩා හොඳ තැනක් මට හිතාගන්න බෑ.. අසම්මත යැයි සම්මත තුන්කොණ් ප්‍රේමයක අනුවේදනීය මළගම.. අවසන් හාදුවත් නළල මත නොතියාම නික්මෙන.. අවසරයි. ඔබ කවියට ආදරේ නම් කියවිය යුතුම කවියක්.. රංකඳ රාවණා!

'දැන් ඉතින් වැඩක් නෑ නිදහසට කරුණූ...

අසම්මත කියන්නෙම චෝදනාවක් දරුණූ...

ආරති, මායි මගෙ හිතයි දැන් සදහටම මැරුණූ...

ජීවිතේ බොහෝ තැන් ඇති ඇයට නම්.. මා නිසා මඟ හැරුණූ...'


-කල්‍යාණ මිත්‍ර

  


46 comments:

  1. ගුවන් හමුදා කප්පිත්තගේ උඩබාගේ
    දැක්කම කෙලින් වෙයි නාඋකයාගේ යටබාගේ
    හිරේ ලැග්ගානේ වනචර කම නිසා සතියක් ඕසේ
    මෙහෙම තියෙද්දිත් කමියගේ තියෙන විසේ

    ReplyDelete
    Replies
    1. අවුරුදු ගානකින් බ්ලොග් එකක් ලියලා පළවෙනි කොමෙන්ටුව උඹෙන් වැටෙනකොට.. අම්මප ඇනෝ.. කාලෙකින්ගෙදර ගියා වගේ. අප්‍රමාණ සන්තෝසයි. උඹේ consistency එකට එකෙන්ම hats off...

      Delete
  2. ස්තූති අයියේ මේ අපූරු හෘදයාංගම ප්‍රතිචාරයට...මෙවා තමා තව ලියන්න හයිය...❤

    ReplyDelete
    Replies
    1. ලෝටස් බුරියානියක්වත් එවහං.. ගාස්තුව වසයෙන් :))))))))

      Delete
    2. ඒකත් ඩර්ඩන්ස් එකටම එවන්නද

      Delete
    3. මානවී ගෙන් අපි දෙන්නටම ගුටි කන්න වෙනවා :))))))

      Delete
    4. නෑ ඒකි සෝයි..මං වගේම තමා 🤭🤭

      Delete
  3. වෙල්කම් බැක් කිව්වා . නියම විචාරය . අපේ ශෂී නංගිගේ කවි කොහොමත් සුපිරි නේ . ආවහම ගමු .

    ReplyDelete
    Replies
    1. කළු කැත කොට තට්ටයා

      Delete
    2. //Ajith Dharma.20 December 2024 at 00:41
      වෙල්කම් බැක් කිව්වා // අඩේ..හ්.. මම මිසිං වෙලා ඉඳියද? :'(

      Delete
    3. Anonymous20 December 2024 at 10:36
      කළු කැත කොට තට්ටයා// මටයි අජිත්ටයි දෙන්නටම එකසැරේ බැනලා :))))

      Delete
    4. ස්තූති අජිත් අයියේ..

      Delete
  4. හාහ් මේක /'ප්‍රේමය ප්‍රේමයම මිස..

    එහි නෑ නියම් අනියම්

    ReplyDelete
  5. 'මට යසෝදරා වෙන්නට නම් බෑ' සහ 'ගල්කිස්ස කියන්නෙත් එක්තරා ප්‍රේමයක්' කවි දෙක පට්ටයි. ඒත් ලංකාවෙ පොත්, Lotus එකේ කෑම අපට අකැප කොට මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා බෑ.. ලෝටස් බුරියානියක් කියවලා කවි පොතක් දෙකක් කන්නම ඕනි ලංකාවේ උරුමය තියාගන්න.. :)))

      Delete
    2. අන්න ඒකයි බස්සො කරන්න ඕනේ කොයි දීපංකරේ හිටියත් 🤭

      Delete
  6. කියවන්නට පොළඹවන ප්‍රතිචාරයක්, අගෙයි.

    ReplyDelete
    Replies
    1. වෘතාන්ත.. බොහොම ස්තූතියි! :)

      Delete
  7. අවුරුදු 1 යි තුංකාලකට පස්සෙ බොට බ්ලොග් එක මතක් වෙන්න තරං මේ කවි රසවත් කියන්නෙ ඉතිං පොත ගැන කියල වැඩක් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. එකෙංම.. අඩේහ්.. එච්චර කාලයක් උනාද හැබෑට?

      Delete
  8. ටින්නෙකක් බොමු

    ReplyDelete
    Replies
    1. බෝතලේ ලාබයි. එකම මිල. කාලක් වැඩියි. :)))

      Delete
  9. කවුද රාවණා ඕකෙ?
    සීගිරියට නිදා ඉන්න හැල අදිරාජයාමද?

    ReplyDelete
    Replies
    1. ලෝටස් සඳවතී ගෙන් තමයි අහන්න ඕනි :))))

      Delete
  10. ඒල්ටීටීඊ සංවිධානයේ නාවික හමුදාපති අද්මිරාල් ශංකර් මහතා අති දක්ෂ වෘත්තිමය නිලධාරීයෙකි.

    එම නිලධාරීයාගෙන් ගුරුහරුකම් ලබා ගැනීමට වාසනාවන්ත වූ සිංහල නාඋක හමුදාවේ කොමදෝරු සුමිත් මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි.

    ඔහුගේ අරමුණ අද්මිරාල් ශංකර් මහතාගේ බලාපොරොත්තුව වූ උතුරේ නිජබිම සංකල්පය ක්‍රියාත්මක කිරීමය.

    උතුරේ සටනට උරදී බදුල්ලේ වෙසෙනා කොමදෝරු සුමිත් මහතාගේ බලාපොරොත්තු නව රජය යටතේ ඉටු වනු දැකීම සතුටට කාරණයක්.

    ReplyDelete
  11. හේෂාන් දමින්ද20 December 2024 at 20:14

    මහත්තයා, මට තියෙනවා පුංචි ප්‍රශ්නයක්.

    නාවික හමුදාවේ, මම කියන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තිබෙනා නැව් වලින්,

    1) එක දිගට වැඩිම කාලයක් මුහුදේ සේවය කරන නැව් මොනවද? ඒවායේ විශාලත්වය, සේවය කරන පිරිස් ගැන විස්තරයක්

    2) උපරිම කොපමණ දවසක් මුහුදේ සේවය කරනවද?

    3) එවිට ඒවායේ නිලධාරීන්, නාවිකයන් ඇදුම් පැළදුම් සෝදා වෙලා ගන්නේ කෙසේද?

    3) ආහාර සදහා ලබා දෙන්නේ මොනවද? මත්පැන්, සිගරට් ආදිය ලබාගත හැකි ක්ලබ් එම නැව් වල තිබෙනවද? ඒවා බෙදා හරින්නේ කෙසේද?

    -හේෂාන් දමින්ද-

    ReplyDelete
    Replies
    1. 1 , 2) ඇමෙරිකා එක්සත් ජනපදය (USA) ශ්‍රී ලංකා නාවික හමුදාව (SL Navy) වෙත ලබා 2022 වසරේ දෙන ලද ඇමෙරිකානු වෙරළාරක්ෂක (ඇමරිකන් කෝස්ට් ගාඩ්) නෞකාව “ඩග්ලස් මුන්රෝ".

      නාවිකයන් 270 ක් දෙනෙක් සේවය කරන මෙම යුධ නැවේ ප්‍රධාන තුවක්කුව මගින් කිලෝ මිටර් 850 ක් දුරට මිසයිල යැවිය හැක.

      2022 වසරේ ඔක්තෝම්බර් මස 26 වැනිදා “ඩග්ලස් මුන්රෝ" නෞකාව වොෂින්ටන් නුවර සියැට්ල් වාරයේදී ශ්‍රී ලංකා නාවික හමුවදවට නිල වශයෙන් භාරදුන්නේ එවකට සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට රහසිගත කේබල් පනිවිඩයක් ලබා දෙමින් සිදුකරන ලද ඉල්ලීමක් අනුව.

      සියැටල් සිට කොළඹ වරායට ඇති දුර කිලෝමීටර් විසි දාහකට ආසන්නය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවන් එතෙක් මෙතෙක් ඉතිහාසයේ මෙහෙයුම් දියත් කරන ලද වැඩිම දුර තමයි මෙය.

      ඩීසල්, ඉලෙක්ටිර්ක් එන්ජිං වලින් ක්‍රියාත්මක වන මෙම නවුකාවේ න්‍යෂ්ඨික යුධ ශීර්ෂ දෙකක් සවිකළ හැකියි. එක් වරක් ඉන්ධන/ සැපයුම් ලබාගත් පසු එක දිගට ගැඹුරු මුහුදේ දින 72 ක් මෙම නැවට සේවය කල හැකියි.

      මෙම නෞකාවේ ගුවන් සංක්‍රමික බලගණයක් ක්‍රියාත්මක වන අතර හෙළිකොප්ටර් යානා තුනක්, නාවික හමුදා ගුවන් නියමුවන් 12 දෙනෙකු සේවයේ යොදවා ඇත්තේ එවකට සේනාධිනායක විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නියෝග පරිදියි.

      මෙහි ඇති හෙළිකොප්ටර් වලට අධිබලැති අවි සවිකර ඇති අතර ටොන් 5 ක් බරැති පුපුරන ද්‍රව්‍ය සවිකළ හැකියි. එක වරකට ඉන්ධන ලබා ගත් පසු මෙම හෙළිකොප්ටර් යානයකට කිලෝමීටර් දහසකට ආසන්න දුරක මෙහෙයුම් ක්‍රියාත්මක කල හැකි වීමද විශේෂත්වයක්.

      මෙහි ඇති ගුවන් පථය මීටර් 114 දිග අතර ප්‍රහාරක ගුවන් යානා පියාසර කරවීම මෙන්ම ගොඩබැස්සවීමද කල හැකියි.

      නෞකාව සදහා බල ශක්තිය ලබා ගන්නේ න්‍යෂ්ඨික රියැක්ටර් දෙකක් මගිනි. මේවායේ ප්‍රභලත්වය කොතරම්දැයි කිවහොත් එම එක රියැක්ටරයක් ක්‍රියාත්මක කිරීම මගින් කොළඹ නගරයටම පරිභෝජනය උපරිම අවස්ථාවේදී පවා නොකඩවා විදුලිය ලබා දීමට ඒවාට හැකි බවයි සදහන් වන්නේ.

      3) මා ඇතුළු නාවිකයන් ඉහල නිලධාරීන්ගේ රෙදි සෝදා වේලා දුන්නා අනික් නැව් වල සිටියදී. මෙම “ඩග්ලස් මුන්රෝ" නවුකාවේ නං රෙදි සෝදන, වියලන ඇමරිකන් යන්ත්‍ර සවි කොට තිබෙනා බව ඉහල නිලධාරීන් පැවසුවා.

      4) පොල් සම්බෝල, කට්ට කරවල හොදි, රතු බත් තමයි ගොඩක් තියෙන්නේ.
      උදේට නං ඉදිආප්ප, රොටි පරිප්පු එක්ක තියෙනව.
      දවල්ට බත්. එළවළුවක්. පරිප්පු, මාළු එහෙම අපි අල්ලලා දෙනවා. ඒවා උයල දෙනවා කුක්.
      රෑට නං දවල්ට ඉතිරි වෙන බත් කනවා ඔය මොනා හරි හදාගෙන.

      කුක් කෙනෙක් ඉන්නවා උයන්න. අපිත් උදව් කරනවා. අපේ නැවේ අණදෙන නිලධාරී එහෙම උදව් කරනවා උයන්න පොල් ගාලා දීලා එහෙම.
      අරක්කු බෝතල් ටිකක් අපි සල්ලි දාලා එකතු කරලා ගන්නවා මුදේ යන්න කලින්. සිගරට් එහෙමත් ගන්නවා. ඒවා අණදෙන නිලධාරී ලග තියලා අවශ්‍ය වෙලේට ඉල්ලා ගන්නවා.

      තව ධීවරයෝ එහෙම දුන්කොල දෙනවා. ඒවත් ඔතල ගහනව.

      -කල්‍යාණ මිත්‍ර-

      Delete
    2. හේෂාන් දමින්ද20 December 2024 at 23:29

      විස්තර පැහැදිලි කිරීමට ස්තුතියි මහත්තය.

      1) ඔය නැව් වල කාන්තා නිලධාරීන්, සෙබලියන් සිටිනවද. ඔවුන් කෑම හදන්න උදව් කරන්නේ නැද්ද ඉන්නවා නං. ඔවුන් නිදා ගන්නේ කොහෙද? නාන්නේ එහෙම කොහොමද?

      2) වෙන කෑම දෙන්නේ නැද්ද? මාස ගානක් සම්බෝලයි බතුයි කාල යුද්ධ කරන්නේ කොහොමද?

      3) නැවේ තේ වතුර දෙනවද? කෑම බීම පොල් සම්බෝල හදන්න පොල්, කට්ටා කරවල වගේ දේවල් නැවේ තියා ගන්නේ කොහොමද? හාල් පරිප්පු නං ගැටළුවක් නැහැනේ. වතුර ගබඩා කරන්නේ කොහොමද?

      4) නැවේ අපද්‍රවය බැහැර කරන්නේ කොහොමද?

      - හේෂාන් දමින්ද -

      Delete
    3. //හේෂාන් දමින්ද20 December 2024 at 20:14// ජෙනුයින් ප්‍රශ්ණයක් ඇහුවේ කියල හිතලා උත්තර දෙන්නම්.

      1. ලංකාවේ නේ වි එකේ 'ලොකු නැව්' කියලා තියෙන්නේ OPV- Offshore Petrol Vessel තමයි. ඔය 'සයුර' 'සාගර' 'සයුරල' වගේ නම් වලින් තියෙන්නේ ඒවා තමයි. සාමාන්‍යයෙන් මීටර් 100ක් විතර දිග 200 ක විතර කෘව් එකක් ඉන්න නැව් ඕවා. මේවා ඇත්තටම 'යුද්ධ නැව්' නෙවෙයි. සර්වේලන්ස් පැට්‍රොල් වලට මුහුදේ තියන නැව්.
      2. අපේ ඔපරේශන් රික්වයර්මන්ට් එක අනුව තමයි නැව මුහුදේ තියන දව ගාන තීරණය වෙන්නේ. මාසයකට හමාරකට උනත් ආහාර ඉන්ධ්හන තියාගෙන ඉන්න පුලුවන් උනත් සාමාන්‍යයෙන් සති දෙක් හෝ උපරිම තුනක් වගේ තමයි ඔය නැවක් මුහුදේ තියෙන්නේ.
      3. ඇඳුම් හෝදගන්න ගොඩක් ඒවායේ වොශින්මැශින් සහ ඩ්‍රයර් තියෙනවා. අතෙනුත් සෝදා ගන්නවා. වතුර සාමාන්‍යයෙන් මුහුදේදි ලිමිට් එකක් ඇතුව දෙන්නේ, ඒත් ඇති වෙන්න තියෙනවා. නාස්තිය අඩු කරන්න ක්‍රම තමයි තියෙන්නේ. ලොකු වතුර ස්ටොක් එකක් ගෙනියන්න පුලුවන්. ඊට අමතරව RO plant (මුහුදු වතුර පිරිසිදු කරලා බොන්න ගන්න) එකක් හෝ දෙකක් නැවේ තියෙනවා. ටොයිලට් ෆ්ලශ් කරන වගේ වැඩ වලට මුහුදු වතුර බාවිතා කරනවා. රෙදි වේලගන්න ඉතින් අපි ගෙවල්වල කරනවා වගේම අව්ව තියෙන වෙලාවට තැන් තැන්වල එල්ලගන්නව. එන්ජින් රූම් එක ඇතුලේ රස්නේ නිසා එතන එල්ලනවා ෆැන්න් යට දානවා. ඔයාකාර්‍රයෙන් කර ගන්නවා.
      4. කෑම උයන්න ඕනි කරන බඩු ඔක්කොම අරන් යනවා. බඩු ගබඩා කරන්න store room, cool room, cold room වෙන වෙනම තියෙනවා, ඒවා බලන්න සප්ලයි ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නව. සතියකට ගැලපෙන මෙනු එකක් හදලා තියෙනවා සාමාන්‍ය නැවියන්ට. ගොඩක් වෙලාවට නිළදාරීන්ටත් ඒ මෙන්‍ය් එකම තමයි. නිළධාරින්ට ඕනිනම් වෙනස් දේවල් ඉල්ලලා හදාගන්න පුලුවන්. කෑම උය්‍යන්න හොඳ ලොකු සියලු පහසුකම් සහිත කුස්සියක් (හෝ දෙකක්) තියෙනවා. කේටරින් ඇසිස්ටන්ට් ලා ඉන්නවා. නිළදාරීන්ට සේවය කරන්න මෙස් ඇසිස්ටන්ට් ලා ඉන්නවා. ඒවා ඔක්කොම බොහොම ලස්සනට පිලිවෙලට වෙනවා. මුහුදේ ගොඩ කියලා වෙනසක් නෑ. නැව්වල එකම විදියට වැඩේ වෙන්නේ.
      නිළධාරීන්ට හා ජේශ්ඨ නැවියන්ගේ මෙස් වල බාර් එකක් ෆන්ක්ශන් වෙනවා. ඕනි කෙනෙකුට බාර් අවර්ස් වල ගිහින් බොන්න පුලුවන්. සිගරට් බයිට් ගන්නත් පුලුවන්. ඒවායේ බිල් වෙන වෙනම හදලා අදාළ නිළධාරීන්ගෙ පඩියෙන් මාස් පතා අයකරගන්නවා.
      කනිශ්ඨ නැවියන්ට අවසර නැතුව බොන්න බෑ. අපි මුහුදේ ඉන්න දවස් වල පාර්ටි එකක් දාන්න අදහසක් තියෙනවානම් මුහුදට යන්න කලින් ඒකට අවශ්‍ය කළමනා අරගෙන යන්නේ. අණදෙන නිළදාරියාගේ අවසර ඇතුව ඕෆ් වොච් එකේ ඉන්න අයට පුලුවන් ඒ වගේ පාටි වලට සහබාගී වෙන්න.

      //හේෂාන් දමින්ද20 December 2024 at 23:29//
      1. විශේෂ අවශ්‍යතාවයක් නැත්නම් කාන්තා නැවියන්/ නිළධරිනියන් නැව් වල යන්නේ නෑ. නමුත් උතසව වගේ දේවල් වලට මුහුද මැදදි සහභාගි වෙන්න තියෙනවාවනම් ඒ අය්ව අරගෙන යනවා. එතකොට කාන්තා නැවියන් වෙනුවෙන් වෙනම නිවාසයකුත් නිළදාරිණියන් වෙනුවෙ වෙනම කැබින් එකක් හෝ දෙකකුත් වෙන් කරනවා. කාන්තා අංශය භාර නිළදාරිනිය විදියට ගොඩක් වෙලාවට යන්නේ වයිද්‍යවරියක්. එතකොට සෞඛ්‍ය පැත්තත් කවර් වෙනවා.
      2. සම්බෝලයි බතුයි කතාව ඔය උඩ ඇනෝ ගේ ආතල් කොමෙන්ට් එකක්. සීරියස් ගන්න එපා.
      තේ බිස්කට් අයිස්ක්‍රීම් අතුරු පස ඔක්කොම දෙනවා මෙනු එකට අදාලව. ගබඩා පහසුකම් තියෙනවා. තෙල් වතුර ගබඩා කරන්න නැවේ ලොකු ටැංකි තියෙනවා පතුලේ. නැවේ ලෝඩ් බැලන්ස් කරන්න තව බලාස්ටික් ටැංකිත් තියෙනවා. ඒවා ඕනි වෙලාවට පුරවන්න/ හිස් කරන්න පුලුවන්.
      3. දිරන අපද්‍රව්‍ය කෙලින්ම මුහුදට දානවා. නොදිරන අපද්‍රව්‍ය සහ තෙල් මිශ්‍ර අපද්‍රව්‍ය ගොඩට ආවම අනුමත කන්ට්‍රැක්ටර් කෙනෙක් ලව්වා බැහැර කරවනවා.

      උත්තර ටික පැහැදිලියි කියල හිතනවා. අපැහැදිලි දෙයක් තියෙනවානම් අහන්න. ස්තූතියි.

      Delete
    4. //Anonymous20 December 2024 at 21:19// ඒක මරු. පොල් සම්බෝලයි බතුයි කාලා යුද්ධ කරපු කොල්ලෝ අපි ඈ! කොල්ලා සිරාවටම අරගෙනද කොහෙද උඹේ උත්තරේ.. :))))

      Delete
  12. 1) අපි ඉන්න කාලේ නං කාන්තාවන් හිටියේ නෑ නැව් වල. ඒක අසුබ කාරණාවක් විදියට පිළිගන්නේ.

    2) වෙනින් කෑම දෙනවා. බත්, රොටි ඉදි ආප්ප දෙන්නේ අඩු මුදලින් කුස පිරෙන්න කන්න පුළුවන් නිසා. අනික නැව මාරියාවට අහු උනාම පැද්දෙන නිසා සමහර කෑම හදන්න අමාරුයි.

    එක පාරක් කැවුම් බැද බැද ඉන්නකොට තෙල් තාච්චිය ඇගට වැටිලා කුක් කෙනෙක් මිය ගියානේ. ඊට පස්සේ ඒ වගේ කෑම හදන්නේ නැහැ. පොල් සම්බෝලයක් හදා ගන්න එක එහෙම අනතුරු නැති නිසා ඒවා හදන්නේ.

    3) වතුර උණු කරන්න බෝයිලෙරුවක් තියෙනවා. එදාට ඩියුටි ඉන්න නාවිකයගේ වගකීමක් තමයි ඒකට වතුර පුරවල තියෙන එක.

    කැමැති අයට උණු වතුර ඇරගෙන තේ එකක් හදා ගන්න පුළුවන්. අපි සීනි තේකොල අරං යන්නේ ගෙදරින්. කහට එකක් කාරිය හදාගෙන බොනවා. සමහරු කල් තියා ගන්න පුළුවන් හැලප, වැලි තලප වගේ එව්වා හදාගෙන එන්නේ. ඒවා කාල කහට බොනවා.

    සල්ලි බාගේ තියෙන අය පිටි එකක්, නෙස්ටමෝල්ට් පැකට් එහෙමත් ඇරගෙන එන්නේ.

    ඉරිදට දෙනවා කුකූලු මස් එක්ක බත්.

    නැව මුහුදේ ඩියුටි යට යන්න පටන් ගත්ත ගමන් දවස් කීපයක් යනකන් ඇබුල් කෙසෙල් ගෙඩියක් එහෙම දෙනවා බත් කාල කන්න. කල් යනකොට ඇබුල් කෙසෙල් ඉදිලා කාල ඉවර වෙනවනේ.

    කෑම ගබඩා කරන්නේ නැවේ කුස්සියේ එල්ලලා තියෙන මලු වල.

    වතුර නං ලොකු ප්ලාස්ටික් ටැංකි වල. වතුර බූලිත් තියෙනවා.

    4) කක්කා චූ කරන ඒවා නං මුහුදට වැටෙන්නේ. නැවේ කුස්සියේ අයින් කරන ඉඳුල් එහෙමත් එහෙමයි.

    නැව් නවත්තල තියෙන කොට අපි මුදට පැනලා නාල නැවට ඇවිත් හොද වතුර පණිට්ටු දෙකක් දාගන්නවා ඇගට.

    වැහි වතුරත් පුරවා ගන්නවා බුලී වලට.

    -කල්‍යාණ මිත්‍ර-

    ReplyDelete
  13. Glad to hear from you bro, Please complete the previous blogs also......

    ReplyDelete
  14. නොදර්න් ෆ්ලීටය
    ඉල්ලංකා නාඋක අමුදාව
    බලාස්ටික් ටෑන්ක්
    ෆිෆ්ටීන් ඩිගි ඩවුන් බබල්
    සිඕ හෑස් ද කොන්

    ReplyDelete
  15. සොල්දාදුවා ගූවං කප්පිත්තාගේ වාහෙන් දිහා බලං ආයේ පොටෝ ඇල්ලුවේ නැද්ද

    ReplyDelete
  16. උන් හිටි ගමන් මල්සර දුන්නෙන් මිදෙන
    මල් හී සර වැදී දෙහදක ඇති කෙරෙන
    කවියකි සොඳුරු ප්‍රේමය හද කිති කවන
    විටෙකදී දුක් දෙවන විටෙකදී සතුට දෙන

    ReplyDelete
    Replies
    1. ආදරෙයි! නිදි බොසා ලියමුකෝ කවි පොතක්.. 'පිළිතුරු කවි' කියලා හරි කමක් නෑ :)))

      Delete
  17. මේ,
    දැං මට ප්‍රශ්න දෙකයි.
    ශානිකා ශෂිප්‍රියා කියන්නෙයි, ලෝටස් කියන්නෙයි, සොඳුරු සඳවතියයි තුන් දෙනාම එක්කෙනෙක් ද?
    අනික් ප්‍රශ්නෙ අහන්නං, පළවෙනි ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ අනුව.

    ReplyDelete