2015 දී සිංහල බ්ලොග් අවකාශයට අලුතෙන් එකතු වෙච්චි හොඳම රසකාරකය මොකක්ද කියල කවුරුහරි ඇහුවොත් බය නැතුව කියන්න පුළුවන් ඒ ශ්‍රංග ගේ යාන්හෑල්ල කියල.. 90 දශකයේ හා ඉන් ඔබ්බට සබරගමුවේ කොනක ජන ජීවිතයේ කටුක මිහිරියාව ඊටම අවේනික වූ ජනවහරද සමෝසමේ මිටින් ගෙන සයිබර් පන්හිඳෙන් පණ පිහිටුවා දමා ගසන සුරංගයා නිසා උගේ ආච්චම්ම 2015 බ්ලොග් රියල්ස්ටාර් වෙලා ඉවරයි.. ශ්‍රංග ගේ ලියවිල්ල ඉස්තරන්.. කොච්චර ඉස්තරන් ද කියනවනම් ඒ බ්ලොග් එක කියවලම අලුතෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත බ්ලොග්කරුවනුත් ඉන්නවා..
“ඔබෙරා ......... ගී...ඊඊඊඊඊඊ......................ඊඊඊඊඊ...............මන කැලඹේදෝ ......................"
පංසලට ඉස්පීකර් ජෝඩුවක් ගෙනැල්ලා ඝණ්ඨාර කණුව මුදුනේ ගැටගහලා ඔය සිංදුව දාද්දි අපි වෙන් වෙන් වසයෙන් දැනගන්නවා .... පංසල මේ මොකටද එන්න හදන්නේ කියලා.
ආධාර පත්‍රයයි
......................... විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍ය රාජයාණන්ගේ ................................“යකෝ හාල් ඇටයක් ගන්න ගේ සත පහක් නෑ.... ආධාර පත්තරනම් එනවා... ඔව්වා කොහොම ගෙවන්නද?"
සම්පකාරෙන් අපිට ලැබෙන දිළිඳු සහන... ඉස්කෝලෙන් අපිට ලැබෙන දිවා ආහාර මුද්දරේ...තාත්තා නැති නිසා අම්මාට ලැබෙන පිංපඩිය....නිකං හම්බුවෙන පාසල් පොත් සහ නිලඇඳුම් සහ අම්මාට දලු කඩලා හම්බුවෙන සොච්චම් පඩියත් අපිට අමාරුවෙන් කිරි බෝතලයක් දෙකක් දෙන බටු වැස්සීත් නැත්තං අපි පොළොවට පස් වෙලා හිටපු තැන්වල දැන් ගසුත් පැලවෙලා.දහම් පාසල් ගියාම අපි ඉන්නේ ලොකු හාමුදුරුවන්ගෙන් හොඳටම වසන් වෙලා. ඇයි ඔය පංසල් ආධාර නොගෙවන එකම පවුල අපි කියලා අපිට හිතෙන නිසා. ලොකු හාමුදුරුවොත් අපිව ගනන් නොගෙන ඉන්නේ ඒ නිසා යැයි හැඟීමක් අපේ හිත්වල මෝදු වෙලා තිබ්බා.මිහිඳු මහා පෙරහැරට සතියකට විතර කලින් තමයි සල්පිල පටන්ගන්නේ.. සල්පිලටත් බඩු ගමේ මිනිස්සුම තමයි දෙන්න ඕනි. ඒක වෙනමම යන ආධාරයක්. ඩී.ටී. සුමනයි එයාගේ මහත්තයයි තමයි කවි කියන්නේ.සල්පිල ඉවරවුනාම චිත්‍රපටියකුත් පෙන්නනවා කියලා යකඩ කටින් (ඉස්පීකරෙන්) නිතරම කියවන්නේ ඒක මාකටින් සිස්ටම් එකක් නිසා. සල්පිල පටනගන්නකොට රෑ හත අට විතර වෙනවා.අම්මා සල්පිලට නොගියත් ආච්චී අනිවාර්යයෙන් යන නිසා අපිත් දඩි බිඩි ගාලා ලෑස්ති වෙනවා...............
...............මේකට විශේෂ පන්දමක් තියෙන්න ඕනි. මොකද පංසල තියෙන්නේ කිලෝමීටරයක් දුර. ආයේ එන්ඩත් එපැයි.ඉතිං අරක්කු බාගේ බෝතලේක කටට කිරිමැටි තියනවා. එතකොට කර පුපුරන්නෑ. කිරිමැට්ටත් බෝතලේට හොඳට බද්ධ වෙනවා. ඊට පස්සේ බෝතලේට ලාම්පුතෙල් පුරවනවා. පුරවනවා කිව්වට හොඳටම පුරවන්නෑ. ඊට පස්සේ කපු රෙද්දක් අරං අර කිරල ඇබයක් සයිස් එකට උරුට්ටු වෙන්න ඔතලා බෝතලේ කටට බස්සනවා. දැන් බෝතලේ පල්ලැහැට හරවලා තෙල් කවලා පැත්තකින් තියනවා. ආච්චී හැඩවෙලා ඉවරවෙනකන්.
“ඔව් මෙන්න තවත් ආධාරයක් කරනවා ඇටම්පිටිය සිට පැමිණි දයානන්ද මුදලාලි තම මවට පිං පිණිස රුපියල් දෙසීය පනහක ආධාරයක් කරනවා... මුදලාලිටත් මේ පින් බලය අත්වේවා...““දයානන්ද මුදලාලිගේ නම කියවෙනවාඅද දිනයේ පලවෙනි ආධාරය දෙනවාමවට පින් ලැබෙන්නයි ඔහු කියා පතනවාමෙපින් බලෙන් මව් ඔබ නිවනටම වඩිනවා....“දයානන්ද මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ වත්තේ මාටින් මුදලාලි.. මිනිහා දෙනවා 300ක් . මාටින් මුදලාලිට සෙකන්ඩ් වෙන්නෑ විජේ මුදලාලි මිනිහත් තව රුපියල් දහයක් පහලවක් වැඩි කරලා ආධාර දෙනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න එක කවි පංතිය කවි පංති දෙකක් වෙනවා. ඒ වෙලාවට දෙන ඔය රුපියල් දහයේ විස්සේ ආධාර ගණන් ගන්නෙවත් නෑ.. ආච්චිත් රුපියල් විස්සක් අතේ මිට මොලවගෙන ඉන්නවා. තරඟෙ ඉවර වුනාම දෙන්න. ඉතිං සල්පිලට කලින් ආධාර පෝලිම නැගලම යනවා. ආධාර වැඩි වෙන්න වැඩි වෙන්න විටෙන් විටේ ලොකු හාමුදුරුවොත් සල්පිල පැත්තේ ඇවිත් කැරකිලා පස්වනක් ප්‍රීතියෙන් ඔද වැඩි වැඩී යනවා.
ප.ලි. ෆේස්බුක් එකේ සහ ලංකාදීප පිටු අතර ලිය ලියා හිටපු මට බ්ලොග් එකක් ලියන්න උත්තේජනයක්ආවේ සුරංගයා (සුංගියා) ලියන “යාංහෑල්ල“ බ්ලොග් එක නිසා කියලා නිහතමානීව කියනවා. යාංහෑල්ල ලියවෙන්නේ රත්නපුර පැත්තේ ගමක සිදු වෙච්ච සිදුවීම්. මම ලියන්නේ කඳුකරේ බදුල්ලෙනුත් ඈත නුවරඑළිය පැත්තට කිට්ටුවෙච්ච ගමක් ගැන විස්තර... ඉතිං අපි වගේ තවත් අය ලිව්වනම් සයිබර් අවකාශය තවත් ලස්සන වෙයි..
මල්වට්ටියක්.. වෙන්දේසියක්.. පන්සලේ ලොකු පින්කමක් බුදු හිමියනේ.. ඔබ පුදන්නට ගමේ දෙපිළක තරඟයක්..
සලපිල් කියන ඒවා අදකාලේ නම් මැජික් වගේ මන් හිතන්නේ.. ඒ දවස්වල නම් මොන වැඩේ පටන් ගන්න ගියත් මුලින් කරන්නේ සල්පිලක් තියල ආධාර එකතු කර ගන්න එක මුලින්ම.. පන්සල් තමයි මේ ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය.. සල්පිල් ගැන තා බොහෝ රස කතන්දර ඒ කාලේ සල්පිල් වලින් 'ගොඩගිය' අපේ සමහර අයියලාට මතක් වෙයි.. මොකද ඔය සමහර ගෑනු දරුවෝ ඉන්නවා දවල්ට පට්ට ආඩම්බරයි.. එලියකටවත් බහින්නේ නෑ.. ඒ වගේ අයව බලා කියා ගන්නනම් රෑකට රාත්තිරියකට ඔය වගේ සල්පිලක් වෙන්දේසියක් කටිනයක් තියෙන්නම ඕනි..
හරි මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ.. ගොඩ වෙලා කියවලා බලන්ඩලා මේනකයාගේ ගොඩේ කතා..
ඇයි කොළඹ යන්නේ? මෙහේ ඉඳලා වගතුවක් වෙන් නෑ....ගෝවා කොටුවෙමුත් පාඩුයි...බාස් කෙනෙක් ගාව අත් වැඩ දෙනවා ඊට හොඳයි.. අනේ උඹත් කොළඹ ගියාම ගහකට යවා ගන්නවත් කොල්ලෙක් ගමේ නෑ...
මගේ ගානේ හැමෝටම නත්තලක් තෑග්ගක්!!!