Tuesday 5 May 2020

හීන අඹරේ නුරා සඳ ඈ! ..The girl next door

15 Things You'll Only Understand If You're The Girl Next Door ...



විළඳ මී පැණි දෑල තිබුනද රළු අහර කිස වැළඳුවා දෝ..
පැළඳ මල්දම් රෝස යහනක කටු අකුළු මත සැතපුනා දෝ..
වැලඳ ගත් ඔහු දෑත් සවිමත් බවින් හදවත තෙරපුනා දෝ..
සුවඳ දෙන අන්සතු උයනේ මල කුමට මා වට හිනැහුනා දෝ..

යාන වාහන මිළ මුදල් ඈ පයට දූවිලි උනා වත්දෝ..
දාන අබරණ සේද සළුපිලි බෑර කෙරුමට හැකි උනාදෝ ..
පේන මානෙක සතුට සැනසුම වී ද නැතිනම් ගෙනාවාදෝ ..
හීන අඹරේ නුරා සඳ මල මහිත පායා සුවඳ දේදෝ..

- කල්‍යාණ මිත්‍ර

17 comments:

  1. Replies
    1. සඳක් නම් බැසයන්න තිබුණා
      හඬන අහසට අඳුර දි
      මලක් නමි ගිලිහෙන්න තිබුණා
      නටු අගට ලස්සන නොදී //
      පරවි තුඩතින් විළඳ දුන්නට
      ගිරවියක වළඳන්නෙ නෑ
      කඳුළු බිඳුවක රැඳෙන ගින්දර
      සිනාවක් අඳුරන්නෙ නෑ
      මලක් නම් .............
      පොළව උසුලන සියලු දුක සැප
      අහස් තලයෙනි හිමිවුෆණ්
      පොළෝ තලයට අහස දුර බව
      සිතන්නේ ඇයි මිනිසුනේ
      සඳක් නම් ..................
      විචාරක දියණිය

      Delete
    2. ජීවිතේ කවියක්
      ආදරේ එහි
      සොඳුරුතම වදනක්
      කඳුළැලි බිඳක්
      හසරැළි පොදක්
      එකට එක්වූ
      විට දැනේ
      පෙර නොවිඳි රසයක්..

      පසුපසින්
      හඹා එන අතවර
      හැරදමා
      යා නොහැක බෝ දුර
      දුකද ඉවසා
      දරා ගන්නට
      සිතට බල කරනා
      හැඟුම් අවදිව
      මැවේ කවිකම..

      ඔබ දැකුම සතුටක් විචාරක දියණී.. :)

      Delete
  2. සුවඳ දේදෝ.. කියල තැවෙන්ඩ කාරි නෑ සෑර් අනිවා සුවඳ දෙනවම තමයි. ඕ යේස්. බඩු ෂුවර්.
    ඒක නෙවේ සෑර් සැලිස්ටාඩ් පාරක් වැදිච්චි එකත් මදෑ.
    හැට්ටර් නං හිතං හිටියේ මේ ඉඳහිට කවටකමක් කෙරුවට අමනාප වෙලාදෝයි කියල මේ අකුරක්වත්වත් නොලියන්නේ.
    ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. පුරුද්දට මම මේකේ හා හා රියක්ෂන් එක හොයනවා.. හොයනවා.. :)))

      Delete
  3. හීන අඹරේ නුරා සඳ මල පිපී නිරුතුරු සුවඳ දේවා
    තවත් සිහිනෙක, එකක් හෙම නොව සිය ගණන් මල් පුබුදු වේවා!

    ReplyDelete
    Replies
    1. යටලීයෙන් ද? හෙහ් හෙහ්.. වෙඩි කන්ඩ වෙන ප්‍රර්ථනා තමයි ඔයත් කරන්නේ..

      Delete
  4. මේ කොරොන්ටයින් වෙලාවේ අන්සතු මල් ගැන හිතලා පතලා ගෙදර උන්දැගෙන් කන්නද ඔය හදන්නේ ?

    ReplyDelete
    Replies
    1. අල්ලපු වැටේ ලස්සන මලක් පිපිලා බව දැනගත්තෙත් ගෙදර හිටියායින් නෙව? :)))

      Delete
  5. වැට කඩොළු ලොව කොතෙක් තිබුනත් එයින් කෙලෙසද නවත් වන්නේ
    හැට ළඟම මුත් ගියත් වයසට නොමැත හදවත එපිළි ගන්නේ
    බැට වදියි මුළු ලොවෙන් සැමදා කවුරුදෝ අනු මත කරණ්නේ
    කැට තියමි බණ කියනවුන් හට ලදොත් නැත දෙවරක් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක වෙද?

      උපාසක බළල් ලූ..
      දෙක දෙක හොරෙන් අල්ලයි ලූ..
      අපි වගේ ගොබිල්ලූ..
      කට නිසා ඉල්ලගෙන කයි ලූ.. :))

      ජයවේවා!

      Delete
  6. ගේ ඇතුලටම වෙලා ඉඳල එක පාරට එලියට බැස්සම... හැම මලම ලස්සනට පේනවා නේන්නම්...

    නාකි වෙලත් මල් වලට පැණි හලන ගතිය තියාගෙන ජිවත් වෙන එක තමා වැදගත් ...

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්.. මම මේ දැන්ම පුරුදු වෙනවා නාකි වෙලා ඒ ගතිය තියාගන්න :)))

      Delete
  7. කොහෙද බොල ගිහින් හිටියෙ?

    ReplyDelete
    Replies
    1. කොරෝනා ඇවිත් නිවාඩු දුන්නනේ ඕයි :))

      Delete
  8. පද ගැලපීම යොදාගෙන තියෙන වචන අනුව නම් බොහොම සුන්දර නිර්මාණයක්. ඒත් පැතුම නම් සොඳුරු නෑ.

    ReplyDelete