Tuesday 14 February 2023

Check Point..! 1 වෙනි දිගහැරුම


පෙරවදනට.. 

ඩීන්ස් පාර දිගේ වේගයෙන් පැමිණි සුදු පාට ප්‍රාඩෝ රියෙන් එම්මෝඑච් ඔඩිස්සෙක ගාවින් බැසගත් මහේෂ් හෙමින් සීරුවේ ඒ අසල දැල් කඩයට ගොඩවුණි. උදෑසන නවය පසුවී විනාඩි තිහක්වත් ගතවී නැති නිසා තවම දැල් කඩය අසල සෙනඟක් නැත. ඔහු වම් අතට ගෙන මිට මොළවාගෙන සාක්කුවේ ඔබාගෙන සිටි දාහේ කොල මිටිය පරිස්සමෙන් එළියට ඇද දෙවරක් ගැන ඉන් දෙකක් උඩ ශර්ට් සාක්කුවට රුවා ගෙන ඉතුරු කොළ දහ අට නැවත මිටි කොට කළිසම් සාක්කුවටම ඔබා ගත්තේය. සෑහෙන කාලයකින් මහේෂ් රුපියල් විසිදාහක් එකවර ළඟ තබාගෙන හිඳ නැත. ඔහුට යම්කිසි චකිතයක් දැනී මෙන් වරක් වට පිට බලා නැවත දැල් කඩයට එබී 'සංස්ථා ගල් බාගයක්' ගෙන ඉන් පිටවී ඉස්සරහ හෝටලෙන් චිකන් කොත්තු බාගයකුත් ගෝලිප් පහකුත් මිළදි ගෙන ඉක්මණින් මහින්ද මාවතේ ඔහුත් බස් රථයේ ගෝලයාත් වෙසෙන කාමරයට ගොස් දොරගුළු ලා ගත්තේය. 

ගෝලයා සමීර උදයේම පිටත්ව ගොස් ඇත. තමා නැති දවසට ඌ වැඩට යන්නේ නොගොහින්ම බැරි නිසා බව මහේෂ් දනී. 'බොසා ඉස්ටියරින් වීල්ලෙක කැරකුවට නගින බහින හැම එකා ගානෙම ගණන් තියාගෙන ඉඳල මට කලින් ටර්න් එකේ සම්තින් එක කියනව මහේෂයියා.. එකෙක් හරි සල්ලි ගන්න බැරි වෙලා මිස්සුනොත් මගෙ ගාණෙන් තමයි කෙළවෙන්නෙ.. ඒ යකත් එක්ක බෑ බං. උඹ යනවානං ඊට කලින් දවසේ මට කියපං මාත් යන්න.. මඟුල.. රුපියල් පන්සීයට ඔහොම මැරෙන්න පුලුවංද බං?' තමා ඊයෙ සහ අද නිවාඩු ගන්න බව පෙරේදා හදිසියේ පැවසු විට උගේ අඬෝවැඩියාව එලෙස විය. ලංගමයේ හිටපු ෆෝමන්වරයෙකු වූ බස් රථයේ අයිතිකරු නම් බොරුවට පිප්පුවාට තමා සතියකට දෙකකට සැරයක් නිවාඩු ගන්නවාට කැමති බව මහේෂ් දනී. එදාට ඔහු බස් රථයේ රියදුරු ලෙස වැඩ කරන ගමන් රූට් එකේ තත්ත්වය, ආදායම ගැන හොඳ අවබෝධයක් ලබාගනී. ඉන්පසු දවසකට රුපියල් දෙතුන්සීයක් වත් එහෙ මෙහෙ කරගැනීම මහේෂ්ලාට සමීරලාට තවත් අමාරු වෙයි.

කාමරයට ඇතුල් වූ වහාම මහේෂ් සාක්කුවේ තිබූ රුපියල් දහ අටදාහා බෑගයේ පතුලේ සැඟවීය. කිසි ලෙසකින් ඊයේ ගිය ගමන හෝ එයින් ලැබුණු මුදල ගැන සමීරට හෝ දැන ගැනීමට ඉඩ නොතැබීමට මහේෂ් ඉටාගත්තේ එය ජීවිතයත් මරණයත් අතර  ගමනක්ම වූ නිසායෙනි. කෙතරම් වෙහෙස නිදිමත වුවත් වතුරින් ඇඟපත දොවා ගැනීමට තරම්වත් ඉස්පාසුවක් ඔහුට නොවේ. කිළිටි සරම ඇඟලාගෙන ඇඳ සිටි ඇඳුම් අහවර කල ඔහු ගෙන ආ අරක්කු බාගය කඩා ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් උගුරේ හලා ගත්තේය. උගුර කට පිච්චීගෙන එන අමියාව යටපත්කරගෙන රස්නේ පිට දිග ඇරගත් චිකන් කොත්තුවෙන් කොණක් කඩා මුවලාගත් ඔහු සිගෙරෙට්ටුවක්ද දල්වාගෙන කබල් ඇඳේ වාඩි වී ඊයේ සිට සිදුවූ සිදුවීම් එකිනෙක මෙනෙහි කරන්නට විය.

"ඇල්ෆා රෝමියෝ.. හෙක් හෙක්.. ඒකත් මරු නම. නිකං සුද්දෙක් වගෙ.. හෙක්"

********************************************

"What the fuck is going on here? Why you all are looking at me like half fucked ducks? If no one have any idea on what has happened- why the hell you all are here down the line? Officer Commanding Colonel Amarasinghe..! Do you have anything to tell me?"

වන්නි ඒකාබද්ධ හමුදා මෙහෙයුම් මූලස්ථානයට වාර්ථා කල වවුනියා හමුදා කඳවුරේ නිළධාරි අණදෙන කර්නල් අමරසිංහ ගුගුරා හැලෙන තම ප්‍රධානියා ඉදිරියේ තුෂ්ණිම්බූතව බලාසිටියේ ඔහුගේ ප්‍රශ්ණ වලට දිය හැකි සාර්ථක පිළිතුරක් සොයා ගත නොහැකිවයි. තමා දෙන පිළිතුර මත තම හමුදා අනාගතයම රඳා පවතින බව කර්නල් අමරසිංහ දනී. ඔහු එහෙටත් නැති මෙහෙටත් නැති පිළිතුරක් ලබා දුන්නේ එහෙයිනි.

"Sir, we are working with SIO and his team to find out a clue. I've deployed my team too separately for a search. ඊයේ කිලිනොච්චිය දිසාපතිට හෑන්ඩ් ඕවර් කරන්න කියල එසෙන්ශල් කාගෝ ට්‍රක්ස් 34ක් එන බව විතරයි අපිට දන්වල තිබුණේ. අපි හැමදාම එස්කෝර්ට් දෙන්නේ වවුනියාවේ අපේ බේස් එකෙන් එහාට මූහමලේට යනකම් විතරයි. මැදවච්චියෙන් කන්ෆර්ම් කරා ට්‍රක්ස් 34 ම ක්ලියර් කරලා එව්වා කියලා. මුලින් ආපු ට්‍රක්ස් 33ම ආවා. රෙකෝර්ඩ් වල හැටියට අනුර රත්නායක කියන ඩ්‍රයිවර් එක්ක අන්තිමට ආපු ට්‍රක් එක තමයි මිසින්. දැනට කිසිම හෝඩුවාවක් නෑ."

ඒ සමඟම කිලිනෝච්චි දිසාපතිනි සෞම්‍යරාජා මහත්මිය මෙම ස්ථානයට පැමිණීම නිසා හමුදා කතාවල 'සැර' තරමක් බාල වී ගියේ, ඈ දෙසට හැරුණු මේජර් ජනරාල්වරයා සිනාමුසුව ඈ පිළිගෙන අසුනක් දක්වා සිටියේය. 

"Mrs. Saumyaraja, I regret what has happened- I heard they were all essential medical items to your hospitals right?"

"Of course, General! Our doctors are screaming.. we are already out of many medical & surgical essentials. this lot too took more than three weeks to get approved and dispatched. Remember I talked to you too couple of times."

"Yeah in deed.. we are already in to investigation.. but so far no clue what so ever. I'll send a report on this today itself and will talk to essential service commissioner general as well. For your problem; we'll try to get down some replacement medical items as soon as possible- but my problem; to see what has happened? ah.. I foresee it's only a beginning of new problem. let's see. huh"

"Ayyo.. can't we see an end of all these soon General? Thank you very much for your kind support to my poor people in Wanni."

"They are not only your people, they are my people too. Okay then, thanks ma'am for your time. Colonel Amarasighe, We are meeting in the afternoon too. I'm expecting a more conclusive answer from you there. Ah.. get down all the records of that driver, both from Medawachchiya and the supplier as well"

**************************************************

අද කිලිනෝච්චි දිසාපති කාර්‍යාල කාර්‍යමණ්ඩලයට එතරම් යහපත් දවසක් නොවේ. ඊයේ රාත්‍රියේ පැමිණි ට්‍රක් රථ 34 ඇති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෑම, ඒවා නිසි පරිදි අදාළ ප්‍රාදෙශිය ලේකම් කාර්‍යාල වෙත හා රෝහල් වෙත බාර දීම මෙන්ම ඒවා නිරීක්ශණයට පැමින සිටින රතුකුරුස නිළදාරින් හා ලොරි රථ වල රියදුරන්ට අවශ්‍ය පහසුකම් සැපයීම මේ සියල්ල ඔවුන් වෙත පැවරී තිබේ. අවාසනාවට අද දිසාපතිතුමියද නැත. ඊයේ පැමිණීමට නියමිතව තිබූ වෛද්‍ය උපකරණ සහ බෙහෙත් ද්‍රව්‍ය රැගත් එක් ලොරියක් මෙතෙක් නොපැමිණීම නිසා ඒ සම්බන්ධ හදිසි රැස්වීමකට ඈ උදයෙන්ම වවුනියාවට ගියාය. එම ලොරිය කොටි සංවිධානය විසින් පැහැරගන්නා ලදැයි තැන තැන කසුකුසුවක් ගියත් සෑම තැනම ඉන්නා සංවිදානයේ සාමාජිකයින් නිසා කිසිවෙකු ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කලේ නැත. අද මේ රතුකුරුස නිළධාරීන් ඉන්නා නිසා සංවිධානයේ උන් පැත්තකට වී සිටියත් වෙන දවසක් වූයේ නම් ටොයිලට් එකට ගියත් එකෙකු පස්සෙන් එයි. එනිසා අද දේවනායගම් මහතා ඇතුලු දිසාපති කාර්‍යාලයේ සේවකයෝ බොහෝ මහන්සි නමුත් යම්කිසි උද්‍යෝගමත් බවකින් වැඩෙහි යෙදී උන්නෝය.  

කිලිනෝච්චි දිසාපති කාර්‍යාලයේ අත්‍යාවාශ්‍ය සේවා බාර නිළධාරියා වූ අරුල් දේවනායගම් හෙවත් දේවා, දිසාපතිතුමිය ඇතුලු කිලිනෝච්චියේ සියළු රජයේ නිළධාරීන් පාහේත්, එල්ටිටීඊ සංවිධානයේ කිළිනෝච්චිය පරිපාලන කටයුතු බාරව කටයුතු කල සිරන්දන් හෙවත් ප්‍රදීප් මාස්ටර් ඇතුලු සියලු නායක මට්ටමේ සාමාජිකයින්ද, මූහමලේ, වවුනියාව, මැදවච්චිය මෙන්ම උතුරින් යාපනය, කන්කසන්තුරෙයි, නාගර්කෝවිල්, කිලාලි හා නැගෙනහිරින් මන්නාරම් ආදි හමුදා කඳවුරුවල ප්‍රධානීන්ද කොළඹ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්‍යාලයේ නිළධාරීන් වැඩි දෙනෙක්ද, ප්‍රධාන සැපයුම්කරුවන් වන ඔස්ටින් පෙරේරා සහ සමාගමේ ඇතුළු බොහෝ සැපයුම්කාර සමාගම්වල ඉහළ නිළධාරින්ද උතුරේ මෙන්ම දකුණේ සමහර දේශපාලකයින්ද ඉතා හොඳින් හඳුනන කාගෙත් සිත් ගත් ප්‍රියමනාප නිළධාරියෙක් විය. ඒ සඳහා එකක් ඔහුගේ රැකියාවේ ස්වාභාවයත්, ඔහුගේ උපතින්ම පිහිටි මානව සම්බන්ධතා හැකියාවනුත්, චතුර ලෙස ඉංග්‍රීසි, දෙමළ භාශා මෙන්ම බොහොම හොඳින් සිංහල භාශාවද හැසිරවීමේ විශේෂ දක්ශතාවයත් මොනවට උදව් විය. 

සෞම්‍යරාජා මහත්මිය දිසාපතිනිය ලෙස පත්ව ආ මුල් කාලයේ ඇයට දේවාගේ මේ සබඳතා ඉතාමත් වැදගත් වූයේ නිරන්තරයෙන් සිදුකලයුතු තෙවන පාර්ශවයන් හා ගණුදෙනු වලට දේවාගේ උදව් නැතිවම බැරි තත්වයක් උදාකරදෙමිනි. 

"දේවා කොහොමද මෙච්චර හොඳට සිංහල කතා කරන්නේ?" දිනක් රාජකාරි ගමනක් එක වාහනයෙන් යන අතර දිසාපතිනිය දේවා විමසුවාය. අත්‍යාවශ්‍ය සේවා රාජකාරීන් සඳහා ප්‍රාඩෝ වර්ගයෙ රථයක් සහ කැබ් රථ දෙකක් රතුකුරුස සංවිධානය හරහා කිළිනෝච්චි දිසාපති කාර්‍යාලයට වෙනම ලබා දී ඇති අතර එයින් එක් කැබ් රථයක් දේවාගේ බාවිතයට වෙන් කර ඇති නමුත් පොදු ගමන් යන සෑම විටම ඔවුන් එක් රථයකින් ගමන් බිමන් යන්නේ ඉන්ධන ඉතිරිය පිළිබඳව LTTE සංවිධානයෙන් ලබා දී ඇති නොනිළ උපදෙස් නිසා පමණක් නොව ප්‍රායෝගිකවම ඉන්ධන ගෙන්වා ගැනීමේ අපහසුතාවය ඔවුන් දන්නා නිසාද වේ.  

"මැඩම්, 83 වෙනකම් අපි හිටියෙ කොලඹ. මම සෙන්ට් තෝමස් ඉගෙන ගත්තේ 4 පන්තියට එනකම් සිංහල මීඩියම්. 83 මාමලා අපි යාල්පානම් එනකොට මට ටැමිල් ලියන්න කියවන්න බෑ. ඇවිත් තමයි ඉගෙන ගත්තේ."

"මගෙත් අප්පා හොඳට සිංහල කතා කරා.. එයා වර්ක් කරේ කොළඹ ඔඩිටර් ජෙනරල් ඔෆිස් එකේ. ඒත් එයා කවදාවත් අපිව කොළඹ පදිංචියට එක්ක ගෙන ගියේ නෑ. ඒක නිසා මට සිංහල පොඩ්ඩක් පොඩ්ඩක් තේරුණාට කතාකරන්න බෑ. අපරාදේ" සෞම්‍යරාජා මහත්මිය අවංකවම ඒ ගැන සිය කණගාටුව පළකර සිටියාය. 

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථ 33හි තිබූ සියලු ද්‍රව්‍ය බෑමෙන් අනතුරුව උපදෙස් ලැබී තිබු පරිදි අදාළ ප්‍රාදෙශීය ලේකම් කාර්‍යාල වලින් එවා තිබූ වාහන වලට ඒ ඒ ප්‍රමාණයන්ගෙන් පටවා පිටත්කර යැවූ අරුල් දේවනායගම් රතුකුරුස සමාජයෙ ස්වෙච්චා නිළධාරීන් හා ලොරි රථ වල පැමිණි රියදුරු මහත්වරුන් විවේක ගන්නා ශාලාව වෙත ඇවිද ගියේ දිසාපති කාර්‍යාලයෙන් ලොරි රථ හා රියදුරන් වෙත නිකුත්කල අවසර පත් ද අතැතිවයි. හවස 5ට පෙර ඔවුන් නැවත ආරක්ශිතව මූහමලේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ සිට හමුදා පාලන ප්‍රදේශයට පිටත්කර හැරිය යුතුයි. හවස 5න් පසු මොනම හේතුවකටවත් එල්ටීටීඊ සංවිධානය මූහමලෙන් එපිටට වාහන නොයවන නමුත් හමුදා පාලන ප්‍රදෙශයෙන් එන වාහන පැමිණීමට අවසර දී ඇත. මේ වාහන, රියදුරන් හා රතුකුරුස නියෝනිතයින් ආරක්ශිතව මූහමලෙන් පිට කරනතුරු දේවාට නිනව්වක් නැත. දිසාපතිනිය ආ විගස දවසේ විස්තර සපයා දරු ප්‍රසූතියට සූදානමින් සිටින සිය බිරිඳ බැලීමට යාපනේ යාමට අවශ්‍ය අවසරපත්‍රය පවා මේ වනවිටත් ඔහු සුදානම් කර ඇත. 

ලොරි රථ 33 එහි රියදුරන් සමඟ පිටත්කර යැවීමට පෙර සුපුරුදු පරිදි එම රියදුරන් සමඟ දේවා සුහද කතා බහක නිරත වේ. ඔවුන්ගේ කෑම බීම, විවේකය, ඉන්ධන තත්වය ආදිය විමසන අතරම ඔහු මෙතෙක් අතුරුදහන් වූ ලොරි රථය හා එහි රියදුරා ගැන විමසුවද ඒ කිසිවෙක් ඔහු පිළිබඳව හෝ ලොරිය අතුරුදහන් වීම පිලිබඳව කිසිවක් නොදැන සිටියහ. බොහෝ දෙනා පැවසූ පරිදි එය මෑතක සමාගමට කුලී පදනම මත ලබාගත් ලොරියක් බවත් රියදුරා අලුත් අයෙකු බවත්, එකෙකු මැදවච්චියේ චෙක් පොයින්ට් එකේදි හමුවී සිගරෙට්ටෙකක් බීමට කතා කලද ඔහු සිගරෙට්ටෙකක් තබා බුලත් විටක්වත් නොකෑ බව පමණක් කියවිණි. සිනාමුසුව විස්තර ඇසූ දේවා ඔවුන්ට කල්පනාවෙන් ගමන් කරන ලෙස උපදෙස් දී පිටත් කර යවා සිය කාර්‍යාලයට ආපසු ගමන් කලේය.

කාර්‍යාල මේසය මත වූ යාපනයට යෑමේ අවසරපත පසෙකින් තැබූ දේවා සිය පරිගණකයට එබී ඔහුට ලැබී තිබූ ඊමේල් කීපයක් පරීක්ශා කරන්නට විය. සැටලයිට් තාක්ශණය හරහා දිසාපති කාර්‍යාලයට ලැබී තිබුණු සීමිත අන්තර්ජාල සම්භන්දතාවය දිසාපතිතුමියට හැරුණු විට ලැබුණු දෙතුන් දෙනා අතර දේවාත් වෙයි. අන්තර්ජාලය තිබුණත් රජයේ කටයුතු කිසිවක්ම පාහේ අන්තර්ජාලය භාවිතයෙන් එතෙක් සිදු නොවූ හෙයින් මෙය හුදෙක්ම පෞද්ගලික කටයුතු සඳහා පමණක් බාවිතා විය. ලැබී තිබුණු ඊමේල් අතර එක් සුවිශේෂි මේල් එකක් කියවූ දේවාගේ මුහුණ ළඟ සිටින ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකි පරිදි වේගයෙන් වෙනස්වනු නිරීක්ශණය කල කිසිවෙකුත් එන අවස්ථාවේ ඔහු අසළ නොසිටීම ඔහුට මහත් අස්වැසිල්ලක් විය. වහා සිය මුහුණේ සියළු හැඟීම් මකා දැමූ ඔහු යාපනයට ඇතුල් වීමට ලියූ අවසරපත පොඩි කර විසිකර දමා සිය රාජකාරි දුරකතනයෙන් දිසාපතිතුමියගේ සැටලයිට් ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය.

********************************************

ඉතිරිය ඊළඟ කොටසින්..

ස්තූතියි.

-ක.මි. 

50 comments:

  1. කමිගේ ලිපියේ ඉංග්‍රීසි දැක්කම මට හිනා වෙලා කෙල හිස්මොල්ලේ ගිහිං මාර අමාරු උනා.

    ReplyDelete
    Replies
    1. පරිස්සමෙන් කියවපං දෙයියෝ.. ඉස්සරහට තව අමාරු වෙන්න ඉඩ තියෙයි.. මේ කෙහෙල්මල් බ්ලොග් පඩංගුවක් වගේයැ උඹලයෙ ජීවිතේ? 🤭

      Delete
    2. මචෝ BRITISH COUNCIL එකේ ලෙක්චරර් පොස්ටු එකක් වේකන්සි තිබ්බා. මූට කියපන් දාන්න කියලා/

      Delete
    3. කෙල හිස්මොල්ලේ නෙවෙයි එහෙම උනොත් යන්නේ අපේ කලාමැදිරි මහත්තැන්ගේ :))

      Delete
  2. හත්තිලව්වයි . තිස් හතර වෙනි ලොරියට මොකද උනෙ. ඒකෙ ඩ්‍රැයිවර් මහේශ් ද. මේක කියවන් යනකොට මම යාපනේ ගිය වෙලාවක ගත්ත මැප් එක මතක් උනා. ඒකෙ තිබ්බෙ ත්‍රිකුණාමලය මඩකලපුව යාපනය කවර් වෙන මැප් එකක්.

    මන් යාපනේ තුන්සැරරයක් ගියා දවස් දෙක ගානේ දවස් හයක් ඇවිද්දා.ඒත් මදි. ත්‍රිකුණාමලය තමයි ලංකාවෙන් මම ආසම පලාත.

    ආයෙත් ඒ පැත්තෙ යතෑකි වගේ මේ කතාව දිගේ.

    ReplyDelete
    Replies
    1. පොර වෙන්ඩ බෑ. ඕකා ගල් බොන නසරාණියෙක් නෙවී. හිටගෙන 🙄🙄

      Delete
    2. ඔහෙත් කොරන වැඩ . හැබැයි ඉතින් ප්‍රමාණයක් තියන් කන බොන කෙනෙක්. වෙන එකෙක් නම් යාළුවන්ටත් බොන්න යි බයිට් ගන්නයි විසිදාහම ඉවර කොරල මෙලහට

      Delete
    3. //ත්‍රිකුණාමලය තමයි ලංකාවෙන් මම ආසම පලාත.// හරිනේ.. 'මම'ත් ආසම පැත්ත. මයි සෙකන්ඩ් හෝම්.

      Delete
    4. මහෙෂ් ල සුවර් කරන්න බැරි ජොකියෝ.. 😁😁😁

      Delete
  3. යේක මොකද්ද ෂාමී විෂිදහක් අතට දීලත් ගල් බාගයක් බොන්ඩ දුන්නෙ. යේක කෙත වෙඩ තමා. සැක් අඩුගානෙ කසිප්පු බාගයක් දුන්න නං හිතට නිවනයි 😁😁😁

    ReplyDelete
    Replies
    1. විසිදාහක් නෙවෙයි කෝටියක් අතට ආවත් බ්‍රෑන්ඩ් එක ගල් නම් ගල්!

      Delete
    2. //බ්‍රෑන්ඩ් එක ගල්// දාපං පහක් 😁

      Delete
  4. කතාව නං පට්ට ඉන්ටරෙස්ටිං වෙන ටයිප්. තාම අනුමාන පරකාසයට පත් කරන්න කල් වැඩී. දොරලොක් හෝංංස් මහත්තයත් අන්තිමට නේ දෙයියෝ සාක්කි මොට්සන් කියන්නෙ.
    අපි බලං ඉමු...

    මල් හතයි ඈ....

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්.. එහෙමට කළබලයක් වෙන්න දෙයක් නෑ.. ඔන්නොහේ කියවගෙන යමු. උඹට කොහොමත් ඕව අරුමයක් වෙන්න බෑනේ.

      Delete
  5. පලවෙනි කොටස අකුරක් නෑර කියෙව්වා. "ආමි" කොටස "හයි-ස්පීඩ්" කියෙව්වා ;)

    ReplyDelete
    Replies
    1. //"ආමි" කොටස "හයි-ස්පීඩ්" කියෙව්වා ;)// හපොයි.. ඒ ටික කචල් ද බම්? දෙතුන් දෙනෙක් ඉම්බොක්ස් කියුව ඒ ටික අතරින් පතරවත් සිංහලෙනුත් දාන්න කියල. මීට පස්සේ කඩන්න හෝ කියන මඟුලක් සිංහලෙන්ම කියල දාන්න ඕනි හිටං. 🙄🙄

      Delete
    2. එපා! එ් රහ මරු. ඔහොමම යමු

      Delete
    3. නෑ, එහෙමට අවුලක් නෑ.එක, එක්කෙනාගෙ රසවින්ඳනය වෙනස් නෙව? ඒත් හැමෝම සතුටු කරන්න බෑ නෙව, ඔය ලියන විදිහට ඔහොම යං :)

      Delete
    4. //Anonymous15 February 2023 at 08:38// හුම්ම්.. ඒ පැතතට ඡන්ද එකා..යි 😁

      Delete
    5. //D.G.M බස්සා15 February 2023 at 09:16// ඔය ලියන විදිහට ඔහොම යං :)// දෙකායි 😁

      Delete
  6. +++++++++++++++++++++++++++++++

    ReplyDelete
  7. අපූරුයි....

    ReplyDelete
  8. ආමි කොටස් තේරෙන්නෙ නෑ අප්පා...චිකන් කොත්තුවක් එක්ක ගල් බාගෙ බොන එකමයි ඔලුවට ආවේ..වෙන බ්‍රෑන්ඩ් නැද්ද 1500/= ගල් බාගයක්ම කතාවට එබුවේ

    ReplyDelete
  9. ඇයි සුරාබදු මහේෂයා කසිප්පු බව දැන දැන ගල්ලරක්කු බීවේ

    ජ ය වේ වා ❤️

    ReplyDelete
    Replies
    1. මට නඩුවක් වැටෙන මුලක් ඒ.. 😁 ජ ය වේ වා! ❤️

      Delete
  10. 34 වෙනි ලොරියට මොකෝ උනේ ඉතින් ? ඉක්මනින් ඊලඟ කොටස එවනවකෝ

    ReplyDelete
    Replies
    1. ඒක මාතර අත්තුඩාව පැත්තේ කුඹුරක සෙල්ෆි ගහනවලු කැරකි කැරකි.. 😁😁😁

      Delete
    2. ලොරියක් නොවේ ඕයි ඩබල් ඩෙකර් බස් එකක්

      Delete
  11. එල එල, ඔහොම යං .....

    ReplyDelete
  12. කාලෙකින් බ්ලොග් එකක කතාවක් බලන්නේ.

    ReplyDelete
  13. කියවන්න පටන් ගත්තෙ නෑ තවම ..කමෙන්ට් පස්සේ

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹේ හෙරෝයින් හිට් එක දැම්මා උනු උනුවේම..

      Delete
  14. අඩේ
    සුපිරි නෙව

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. ලක්ශ දොළහා හමාරේ ලෙන්ස් එකක් දැක්ක වගේ සංතෝසයි :))

      Delete
  15. මහත්තයා කිලිනොච්චි දිසාපති කාර්යාලේ ලොරියක සහයකයෙක්ද?

    ReplyDelete
    Replies
    1. 😁 අපි එකට ලොරි හෝදලා තියෙනව මයෙ හිතේ කොහෙ හරි..

      Delete