Thursday 16 February 2023

Heroin හෙරෝයින් - හත්වෙනි (අවසාන) කොටස- ('එළ ද බ්‍රා' සංජීව මෙන්ඩිස් ගේ සජීවී කතාවකි)

අවවාදයයි! ඇබ්බැහි විය හැක.... 


මෙය සැබෑ සිද්දි පදනම් කරගෙන ගෙතූ කතාවකි. නම්ගම් ස්තාන මගේ මනසේ ඇදුන ඒවාය.
සමහර සිද්දින් සිදුවිම් සැබැලෝකයේ සිදුවුවා හෝ සිද්දවිය හැකි වුවත් ඒවා අහබු සිදුවිම්ය.
කතාව ගලාගෙන යාම සදහා සමහර සිදුවිම් සහ සිද්දින් එකතුකර හෝ ඉවත්කර ඇත.

- සංජිව මෙන්ඩිස් 

මෙන්න යකෝ මෙන්ඩ හෙරොයින් කතාවේ අන්තිම ටික එවලා.. මම Check Point එකේ දෙවෙනි සර්ච් එක කර කර හිටියේ අද දාන්න හිතාගෙන. බෑනේ ඉතිං සීනියර් එකාට තැන දෙන්නෙපැයි. අනික මේක ඉවරයක් කරේ නෑ කියලා ඔය බ්‍රා මෙන්ඩා වෙනුවෙන් මම කී දෙනෙක්ගෙන් බැණුම්ම ඇහුවද? අන්තිමට බැනුම් ඇහුවේ Tee Pee කෑම්ප් ගිය දවසේ.. නිමල් ලොක්කාගෙන්. අම්මප.. මම හිතාගෙන උන්නේ මෙන්ඩ තාම හිරේ කියල.. ඩීල් එකක් දාන්න ගිහින් මාට්ටු වෙලා ගයිය පසන් ලා එක්ක. :)

එළ ද බ්‍රා..! අද එහෙනම් ඔන්න Heroin අන්තිම හිට් එක. 

*******************************************************************************

හයවෙනි හිට් එක


මේ මාස 10  ගොඩක් දේවල් සිද්ධ වුනා,,,,,

ගයියා ඇපපිට එලියට ගියා.....

කිව්වා වගේම මාව ඇප දිලා එලියට ගත්තා...

ගයියට ටිම් එකෙන් තියන මරන තර්ජන එන්න එන්න වැඩි වුනා,,,, හැම දෙයක්ම නාවාස්ට බාරදිලා කොලබින් අතුරුදන් වුනා...

ගයියා ඉන්න තැන දැනගෙන හිටියේ මමයි, නවාසුයි විතරයි.....

කැබිතිගොල්ලෑව පැත්තේ දේවාලේක කපු මහත්තෙයේක් විදිහට වැඩ කරනවා...

මම එලියට එනකොට මධුර මට හැමදෙයක්ම ලැහැස්තිකරලා තිබුනේ...මට තිබුනේ ටීම් එකත් එක්ක වැඩ පටන් ගන්න විතරයි....

කන්ජි තමයි මධුරගේ දකුනු අත... තමයි ටිම් එක හැන්ඩ්ල් කරේ.. මධුරගේ ‍රෙකමන්ඩ් එක හින්දා මට ටීම් එකේ ලොකු තැනක් තිබුනා.. නිසාමද මන්දා පරන එවුන්ට මාව දිරෙව්වේ නෑ....

ඉතින් මට පාන්ද?......

හලාවතට ආපු කොකේන් කිලෝ 200 කුත් දාගෙන අන්රේජිස්ට්ඩ් කාලුපාට අලුත්ම ඩිෆෙන්ඩ්ර් එකක කොලබට එනගමන් මම හිටියේ ස්පිඩ් එක 120 පැනලා තිබුනේ....කොච්චිකඩේ පහුවුනා විතරයි...

ට්රි!....ට්රින්....ට්රි...ට්රෛ,,,,

ස්ට්රියන්විල් එක එක අතකින් අල්ලග්න අනිත් අතින් ෆෝන් එක ගත්තා..

මීට ඉස්සෙල්ලා දෙපාරයි ගයියා මට කතාකරලා තිබුනේ....

ගයියා....කියපන්...මචෝ.....

පහන්....මාව එස් ටි එෆ් එකෙන් අල්ලගත්තා....

මලා..... කොහමද ...මමයි නවාසුයි විතරයිනේ උබ ඉන්න තැන දන්නෙ??????? උබ දන්නවනේ මම වගේ කෑ# වැඩ කරන්නෙ නෑ කියලා...

උබ නෙමෙයි මචෝ.. නවාස්...!!!!!!!!!!!!!

පාර මැද්දේ වැදුන බ්රේක්පාරට තවපොඩ්ඩෙන් පිටිපස්සෙන් ආපු කාර් කාරය  තව පොඩ්ඩෙන් මගේ ජිප් එකේ පීටිපස්සෙන් නගිනවා….

මම වාහනේ අතුරු පාරකට හරවලා නැවතුවා..

ගයියා...මම උඹ ඉන්න තැනට එනවා..

එපා..උඹ පඬියා නොවි මම කියනදේ අහගනින්...මේක තමයි අන්ඩ්ර්වල්ඩ් එකේ හැටි..නවාස් බයයි මම කොයි වෙලාවක හරි ආපහු බහි කියලා... දන්නවා මොනතරම් ශෝ ගැහැව්වත් මම බැස්සොත් ක්ලැප් එක වදින්නෙ මට කියලා.....හරි ඒවා වැඩක් නෑ...මම කියන දේ අහගනින්...මේ මහත්තූරු එක්ක මම කතා කරා එයාලාට ඉල්ලන දේ දිලා මම මහත්තුරුන්ගෙන් ඉල්ලිම් දෙකක් ඉල්ලුවා..එයලා කැමතිඋනා ඉල්ලිම් දෙකම දෙන්න...

එක...මට උඹට කතා කරන්න ඕනේ කියන එක...

පහන් උඹ පරිස්සම් වෙයන්...ඊලගට ලිස්ට් එකේ ඉන්නෙ උඹ...පුලුවන්නම් මේ හැමදෙයක්ම අත ඇරලා දාලා වෙන රටකට පලයන්...

දෙක...

තව ටික වෙලාවකින් මම මේ මහත්තුරුන්ව තේක්ක කෑල්ලට එක්කරගෙන යනවා....මම හන්ගපු ආයුද පෙන්නන්න..

ගයියගේ සුපූරුදු ලේන්ගතු හිනාව මගේ කන් ඇතුලේ දෝන්කාර දුන්න....

උඹ ඉපෙදෙන ආත්ම්යක මගේ සහෝදරයෙක් වෙලා ඉපදෙන්න ඔනේ.....උබට ජය ශ්රි මහා බෝ සමිදු පිහිටයි...

වැටෙන දොඹ හූරන මහා වැස්සට මගේ කදුලු හේදිලා ගියා..අතේ තිබුන ෆෝන් එක කුඩු පට්ටන් වෙන්න පොලවේ ගහලා වාහනේට නැගලා ටුනායක 18 කනුවෙන් මිනුවන්ගොඩ පාරට හරවලා නාරම්මල හරහා වාරියපොල පහුවෙනකුනුත් මගේ වාහනේ ස්ප්රිඩ් එක 120 පැනලා තිබුනේ...

මගේ ටාගට් එක තිබුනේ පුලුවන් තරම් ඉක්මනට කෑබිතිගොල්ලෑවට යන එක...දැදුරුඔය පාලමට ටිකක් මෙහා ඉදලා හෙන වාහන පෝලිමක් තිබුනා....අනුරාධපුර පැත්තේ ඉදලා එන වාහනයකින් ඇහැව්වා...

මල්ලි මොකද බ්ලොක් එක ඇක්සිඩ්න්ට් එකක්වත්ද?

නෑ....දෑදුරුඔයට එහා තියන රෝඩ් බ්ලොක් එකේ අනුරාදපුර පැත්තට යන වාහන ඔක්කෝම චෙක් කරනවා...එයලා හොයන්නේ කලුපාට ඩිෆෙන්ඩ්ර් එකක්... මගේ දිහා කින්ඩි හිනාවක් දැම්මා...

ගයියා කියපු දේ හරි එහනම් උන් හොයන්නෙ මාව....මට තිබුනේ එක විසදුමයි....දෑදුරුඔයට මෙහායින් තිබුන අඩිපාර කෙලින්ම වැටුනේ දෑදුරුඔයට.... පාරට වාහනේ හරවලා වාහනේ හොදට රේස් කරලා ඈක්ස්ලේටර් එකට ලි කෑල්ලක් හිරකරලා..ජිප් එක කෙලින්ම දෑදුරුඔයේ මැද්දට වැටෙන්න අතෑරියා...මේ දවස්ටිකේ වැහපු වෑස්සට ඔය උතුරලා යන නිසා ජිප් එක නොපෙනියන්න තරම් වෙලාවක් නොගියත් පාලම උඩ ඉන්න මිනිස්සුන්ගේ කෑගැහිල්ලට චෙක්පොයින්ට් එකේ හිටපු රාලාහමිලා පාලම උඩට දුවගෙන එනවා මම දැක්කා...හිමින්සිරුවේ පාරට ඇවිත් එන පලවෙනි බස් එකට නැග්ගේ ඒක යන්නේ කොහෙටද කියලවත් බලන්නෙ නැතුව...

බස් එක අබන්පොල තේ බොන්න නවත්තපු වෙලාවේ තේ එකක් බිලා දුමක් දාන්න මට හෙන උවමනාවක් තිබුනත්...බස් එකෙන් බැස්සේ නැත්තෙ ටික වෙලාවත් ඇති ගයියගෙ ඉරනම මගේ පොතෙත් ලියවෙන්න...ඒත් මගේ නන්ගිගේ වයසේ කෙල්ලෙක්ට කරදර කරන එවුන් ටික දැක්කාම මගේ අගේ හිටපු පරන යකා මගේ ඉස්මුදුනට නගින්න වෙලාවක් ගියේ නැහැ...උන් 4-5 දෙනා මට ගේමක් තිබුනෙම නැහැ...

****************************************************************************************************

ඉන් වසර 2 කට පසු.................

විහගි....පලවෙනි පාරන්ම මෙඩිකල් කොල්ජ් තේරුනා...

නන්ගි වෙනකොටත් එහේ හොස්පිටල් එකක වැඩකරනවා...

නන්ගිගේත් උදව් ඇතුව..නන්ගි ඉගනගත්ත කොලේජ් එකටම ශිශත්වයක් ගන්න විහන්ගිට පුලුවන් උනා....

විහගි ගේ අප්පච්චිගේ උදව් ඇතුව..එයලාගේ ගමේ හිටපු යුද්දෙදි අතුරුදහන් උන මගේ වයසේ කොල්ලෙගේ විස්තර වලින් මම "නුවන් සෙනරත් බන්ඩාර" විදිහට ඕස්ට්රේලියාවලට ආවා...

අපේ පලවෙනි පුතා ඉපදෙනකොට ලග ඉන්න බලාගෙන...විහගි ගේ අම්මයි , අප්පච්චියි ලබන මාසේ මෙහේ එනවා..

 

                මගේ පුතා......"ගයාන්"....................

31 comments:

  1. මාරම ලස්සනයි.අද තමයි කොටස් හතම කියෙවුවෙ. කතාවක් ලියන කොට සිද්ධ වෙන හැම දේම නොලිය , ප්‍රධානම සිද්ධි විතරක් ලියමින් කතාවක් ගොඩ නගන්න පුලුවන් කියල ඔප්පු කරපු කතාවක්.

    ReplyDelete
  2. කක්කි ගොඩයි මං විතරයි

    ReplyDelete
  3. චමින්ද දයා17 February 2023 at 08:19

    එතරම් රසවත් නැහැ කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. මෙන්ඩා වෙනුවෙන්. 🤭

      Delete
  4. Teepee එකේදී හම්බ වෙච්චි ගමන්ම මං කමිට දොස් කිව්වා තමයි. එහෙම කළේ පටන් ගත්තු වැඩක් අතාරලා- මඟ නවත්තලා දාන්න මෙන්ඩාට නිදහස දුන්නට. දැන් ඉතාම සතුටෙන් කමීටයි, මෙන්ඩටයි දෙන්නටම ස්තුති කරනවා blog කියවන හැමෝම වෙනුවෙන්.

    කාමී, ඔන්න ඔහෙත් මෙන්ඩා වගේ කල් ගන්නවා හෙම නෙවෙයි posts දෙකක් අතරේ....

    ReplyDelete
    Replies
    1. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියල මම මෙන්ඩට ආදර්ශයෙන්ම පෙන්නල දුන්නට පස්සේ මෙන්න මූ ලියල එව්ව කතාවේ ඉතුරු ටික.. 🤭

      Delete
    2. ඒ උනාට කෝ මේ මෙන්ඩා නෑනේ පේන්නවත් තාම..

      Delete
  5. අද්මිරාල් සඳගිරි
    කුකුල් මස්සෙක්ක බත් සූට්ටක් කමු බඩගිනි

    ReplyDelete
    Replies
    1. කටට රහට නං ඉතිං කරත්ත එංජින් කෑල්ලක් හරි දුවන පුහුල් කළු කෑල්ලක් හරි තමයි🤭

      Delete
  6. එළ ද බ්‍රා කතාව....

    දැං මේ වගේ පෝස්ට් හිඟයි කියල පේනකොට දුකයි

    ReplyDelete
  7. හෙරෝයින් ඉවරවෙනෝ කියලද දැන් මේ කියන්ටේ...

    ReplyDelete
    Replies
    1. නමක් නැති කතාවක් තියනවා මේ බ්ලොග් එකේම ලියපු ඒක් ඉතුරු ටික ලියන්නම්

      Delete
  8. කෝ මේ ඩෑකි..මට ලියන්න කියල මගේ ලේ බොන්න හැදුවා..දැන් ඌ නෑ

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකිය බිසි වගේ තමයි ලෝකල් ඉලෙක්ශන් එක්ක

      Delete
    2. දැං හොයල වැඩක් නෑ ඌට னයා ගැහැවුව.

      Delete
    3. னයා ගැහුවෙ කොහෙට ද දන්නෑ?

      Delete
  9. එල ද බ්‍රා.
    බ්‍රෑන්ඩ් එක ගල්
    ඇයි ඉතිං මේක දැං උඹ ඉවර කලේ.

    ReplyDelete
    Replies
    1. තව බාගෙට ලියපු කතාවක් තියනවනෙ ඒක ඉවරකරන්නම්

      Delete
  10. අඩෝ! මේ කතාව ගණි ගින්දර! මට මතක් වෙන්නෙ චන්ද්‍රසේන ද සිල්වා ගෙ කතා. අධිවේගී සහ ලේ රත් කරවන කතාවක්.

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා.
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete