Monday 20 February 2023

Check Point..! 3 වෙනි දිගහැරුම

 2 වෙනි දිග හැරුමට..


සාමාන්‍යයෙන් මෙවැනි බයිසිකල් හඬවල් හෝ දොරටු තට්ටු කිරීම් මේ වීදියෙ එතරම් තැකීමකට ලක්වන දේවල් නොවේ. ගණිකාවන් හෝ මත්ද්‍රව්‍ය සොයා එන උන්, මුදල් පොළියට ගෙන ගෙවීම් පැහැර හරින්නන් සොයා එන උන්, හදිසි වැඩකට ඩ්‍රයිවර් කෙනෙක්, වාහන මිකැනික් කෙනෙක්, රාත්‍රී කොන්ක්‍රීට් වැඩ වලට යන මත් කුඩට ඇබ්බැහිවූවන් හොයා යන උන් නිතර මෙලෙස රාත්‍රියේ බයිසිකල් වලින් තොරතුරු සොයා එයි. ඒත් අද නම් මහේෂ් ගෙ හිතට පොඩි කුකුසකි. කෙසේ උවත් දෙවන වර තට්ටු කිරීමට ප්‍රථම මහේෂ් දොර පලුව විවර කළේය. මුහුණ පුරා රැවුලක් වවාගෙන ගණකම් රාමුවක් සහිත හතරැස් කන්ණාඩි දෙකක් පැලඳි කෙට්ටු උස තරුණයෙක් කාමරයේ දොරකඩ හිටගෙන සිටියේය.. 

"කෝල් සයින්?" මහේෂ් දෙස තියුණු බැල්මක් හෙලූ ඔහු සිහින් හඬින් මහේෂ් විමසුවේය. කළු හැඳගත්, හැඩි දැඩි ආයුධ සන්නද්ධ ගොරෝසු මිනිසෙකුගේ පැමිණීම අපේක්ශාවෙන් සිටියාක් වැනි වූ වික්ෂිප්ත බැලමකින් තරුණයා දෙස බලා හුන් මහේෂ් තරුණයාගේ සෞම්‍ය හඬින් යම් සැහැල්ලුවක් ලද්දේ, එක්වරම සිහි එළවා ගත්තේය. 

"ඇ..ඇල්ෆා රෝමියෝ"

"හෙට දවල් දොළහත් දොළහයි පහත් අතර කෝල් එකක් එයි. පළවෙනි පාර කට් කරලා දෙවෙනි පාර ආන්සර් කරන්න. සයිලන්ස් දාලා ඇත්තේ. ඕනෙ උනොත් චාජරේකුත් තියෙනව"යි කියා නොකියා වර්ගයේ කුඩා ජංගම දුරකතනයක් සහ චාජරයක් දැමූ කුඩා ඉටි බෑගයක් මහේෂ් අත තැබු තරුණයා පියකරු සිනහවක් පා පිටව ගියේය. එසැණින් කලුවරේම ට්‍රේල් වර්ගයේ මෝටර් බයිසිකලයද සැර දමා ඉගිල ගියේය. මහේෂ් සෝදිසි කිරීමකින් පවා තොරව හනික ෆෝන් එක හා චාජරේ අඩංගු ඉටි කවරය තම ගමන් මල්ලේ සඟවා තබනවාත් සමඟම වාගේ සමීර සිය තෙත ඇඟ කුඩා තුවා කැබැල්ලෙන් බාගෙට ඔතාගෙන අඩනිරුවතින්ම කාමරයට ඇතුල් විය. 

"කවුද මහේෂයියා"

"පොඩි කොල්ලෙක් බං, කෙල්ලෙක්ගෙ නමක් කියල හොයනව මං අහලවත් නෑ මේ ලේන් එකේ"

"බඩ්ඩක් හොයනව හරි නැත්නම් කෑල්ල පන්නගෙන යන්න ඇවිල්ලද දන්නේ නෑ" සමීර සිය උස් ගොරහැඬි හඬින් කියමින් හොක හොක ගා සිනාසුණේය. ඒ අවසරෙයෙන් මහේෂ් දුම් වැටියක් දල්වා ගත්තේය..

"මඟුලක් පත්තු කරගත්තේ වොශ් එකක් දාගන්නවනම් දාගෙන වරන්කො මං අරක ඔතල තියන්න.. ගසල බුදියන්නෝනි. හක්ක පැනල ඉන්නෙ බොසාට හම්බ කරන්න කෑගහලාම"

"උඹ ගහල බුදියපං. මට අද එපා. ඇඟට අමාරුයි. ඕක ගැහුවොත් නාගසලං වෙනව" 

*******************************************

මේ අතර රාජකාරී කටයුත්තක් සඳහා හදිසියේ කොළඹ පැමිනි අරුල් දේවනායගම් පසුදා උදෑසන සිය ප්‍රධානී දිසාපත්තුමිය ඇමතුවේය. 

"Ma'am, good morning! Dewa here" 

"Yes Dewa, very good morning! any good news too for us?"

"නෑනේ, මැඩම්.. අපරාදෙනේ ඊයේ හදිසියේම මාව කොළඹ ගෙන්නුවේ.. Fuel distribution plan එක බ්‍රීෆ් කරන්නනේ එන්න කියලා තියෙන්නේ. අපිට ඉස්සරහ සති දෙකේම ආයේ තෙල් එන්නේ නෑ. මේ සති දෙක සම්පූර්ණයෙන්ම ට්‍රින්කො සහ බැටී යවනව කියුවේ. පෙට්‍රෝල් එවන්න සති තුනක්වත් යයි.. අපේ පොඩි ස්ටොක් එකක් නම් තියෙනවා. ඉමර්ජන්සියක් නොවුණොත් මැනේජබල්"

"අපොයි.. ඕක over the phone කියුවනම් ඔයා එහෙ මෙහෙ යන තෙල් ටිකත් ඉතුරුනේ.. මේ මිනිස්සුන්ගේ ඇඩ්මිනිස්ට්‍රේශන් නම් කතා කරලා වැඩක් නෑ. ඔක්කොමත් හරි.. ඔයා ඊයේ හදිසියේම මගේ සැටලයිට් ෆෝන් එකට කෝල් කරනකොට මම හිතුවේ එක්කෝ නැතිවෙච්චි ට්‍රක් එක ඇවිල්ල කියල.. නැත්නම් ඔයාගෙ වයිෆ් delivery එකට admit කරලාවත්ද කියල.. ඔයා වැඩ ඉවර කරලා ජැෆ්නා දුවන සිහියෙන් නේ හිටියේ.."

"නෑ මැඩම්.  ඒකට තව ටික දවසක් තියෙනවා. ඒක නෙවෙයි. what's up with the missing truck?

"Today also I checked with Wanni Commander. No update yet."

"මගේ ඉන්ෆෝමන් කෙනෙක්ගෙන් ආරංචියක් ආවා ඩ්‍රයිවර් පදිවි ශ්‍රීපුර බෝඩර් එකේ එක්කෙනෙක් කියල, donno whether they check on that or not?"

"I think they are checking. I too heard this as a rumour only. Army guys don't say anything නෙහ්."

"Yeah ma'am.. එයාල ඒක ගැන බලයි. අපිට වද වෙන්න වෙන්නේ අපේ මෙඩිකල් අයිටම් ටික ඉක්මණට ගෙන්න ගන්න තමයි ආයෙමත්"

"ඔව්. දේවා..ඔය ගමන් ඒකත් පොඩ්ඩක් බලලා එන්න"

"Sure ma'am.. මම ඒකත් බලනවා අදම. ආ.. මට හෙට නිවාඩුවක් ඕනි. කොළඹ ආපු එකේ ලොකු වැඩක් තියෙනවා කරන්න. මගේ brother in law මොරටුවට සිලෙක්ට් වුනානේ. Electrical Engineering. තව ජැෆ්නා කොල්ලො තුන් දෙනෙක් ඉන්නව. උන්ට කොළඹින් සේෆ් අකමඩේශන් එකක් හොයල දෙන්නෝනි. ෆස්ට් යියර් හොස්ටල් නෑ. හොස්ටල් හමබ උනත් කරදරයි අපේ අයට අනිත් උන් එක්ක. මම බැලුවේ දන්න කියන තැනකින් ගෙයක් හොයල දීල කීප දෙනාම එකට නතර කරවන්න"

"අනේ ඇත්තද.. please convey my congratulations to him. අනේ.. මිස්ටර් ඉලෙයිරාජා හිටියනම් කොච්චර සතුටු වෙයිද අද.. කමක් නෑ දේවා. ඔයා ඉඳලා ඒක කරලා එන්න. ඔයා ඒ ළමයි ගැන බලන එක කොච්චර ලොකු දෙයක්ද? දෙවියෝ ඔයාව බලාගනියි."

සෞම්‍යරාජා මහත්මිය දේවාගේ මාමණ්ඩිය හෙවත් තිරුසෙල්වම් ඉලෙයිරාජා මහතා යම් තරමකට දැන සිටියාය. වසර එක හමාරකට පමණ එපිට සංවිධානයට ද්‍රෝහී වීමේ ලේබලය මත ඉලෙයිරාජා මහතා නාදුනන තුවක්කුකරුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව යාපනයේදි මියයනවිට ඒ හා සම්බන්ධ යම් යම් රාජකාරීන් සඳහා දායක වීමටද ඇයට සිදුවිය. ඔහු දේවා මෙන්ම හොඳින් සිංහල බාශාව හැසිරවූ දකුණේ ඉහල සම්බන්ධකම් තිබූ මෙන්ම බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව විසූ යාපනයේ ප්‍රකට නිහතමානි සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ඈ දැන සිටියාය. විරසකව පවතින දෙජාතිය සමඟි සම්පන්න කිරීමට නිරන්තරයෙන් වෙහෙස වූ ඒ වෙනුවෙන් සැබෑ උවමනාවක් තිබු සුළුතරය අතරින් ඔහු කැපී පෙණුනි. නමුත් සංවිදානයේ අරමුණු වෙනස්‍ය. එයට එරෙහිව යන ඕනාම අයෙකු දේශද්‍රෝහියෙකු ලෙස ඉවත් කිරීමට ඔවුන් පසුබට නොවෙති. දමිළ රාජ්‍ය නිළදාරීන් ලෙස තමන් මෙවැනි අසීරු කටයුත්තකට මේ අවස්ථාවේ එක්වී සිටිති. දේවා ගැන සෞම්‍යරාජා මහත්මිය වඩාත් බියපත් වූවාය. ඔහු අත්‍යාවශ්‍ය සේවා නිළධාරියා ලෙස මේ හැම දෙනා සමඟ කටයුතු කල යුතුය. සියලුදෙනා එකවර සතුටු කිරීම කිසි සේත් පහසු නැත.

"තැන්කියු මැඩම්. I'll be back on Monday"

***********************************************

අද බොහොම ටිකයි කතාව.. තව දවස් දෙකකට මේ පැත්තේ එන්න වෙන්නේ නැති නිසා ඉක්මණට මේ ටික පෝස්ට් කරලා යන්නේ..

4 වෙනි දිග.... හැරුමෙන් හම්බ වෙමු. ජයවේවා!

ක.මි.

46 comments:

  1. කමිය හරි... හමුවලින් පහු, නැගී හිටින එක ලොකු දෙයක් හිටං

    ReplyDelete
    Replies
    1. බත් කාල එන්ඤන් ඈ.....

      Delete
    2. කාලයක් නැගී හිට්ටෙම නෑ වගෙ.. :)))

      Delete
  2. හොදටම මදි..

    ReplyDelete
  3. කතාව ඉවරනේ පටන් ගන්න කලින්

    ReplyDelete
  4. මගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්‍රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. අර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ ගැහැණු කෙනාව බදින්න ඕනා නිසා. එත් දැන් අයියා වෙනස්වෙලා කියලා ඒ ගැහැණු කෙනා අපේ ගෙදර ඇවිත් කියනවා. අම්මටත් මටත් ඒ වෙනස දැනිලත් තියනවා. අයියට ත්‍රිකුණාමලයේ ගැහැණු ළමයෙක් සෙට් වෙලා කියලා අපි හිතුවේ.. අම්මගේ කරදරේ නිසා මම ඊයේ ත්‍රිකුණාමලයේ ආවා.. දැන් ඉන්නේ එහෙ. හරිම රස්නේ පලාතක්. මෙහෙ කෑම එකක් ගන්නවත් කඩයක් නැහැනේ.. ත්‍රිකුණාමලය කිව්වම මම හිතුවේ ලොකු ටවුන් එකක් කියලා. එත් මේකේ ෆුඩ් සිටි එකෙත් ඇපල් ගෙඩියක්වත් නැහැ.. බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මුස්ලිම් කඩයක් තිබ්බා එකෙන් කන්න ගියේ.. එකෙත් කන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ට්‍රින්කො කියල මුතූර් වත් ගියාද මෙයා? ට්‍රින්කෝ සෑහෙන්න ලොකු ටවුමක්.

      Delete
  5. දිග වැඩියි අයියෝ..

    ReplyDelete
  6. බෝම සවුත්තු කොටහක්.

    මේක නිකං ටෙලිනාටකවල අන්තිමට තියෙන "ඊළග කොටසින්" වගේ කෑල්ලක්.

    අපිව කේන්ති ගස්සන්නෙපා....හරිය

    ReplyDelete
  7. මේක හරියන්නෙ නෑ.. දෙතුන් පාරක් පූර්විකාවේ ඉඳන් බලන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. අපොයි.. පොඩ්ඩක් පැටලිලි සහිතයි ඉතින් මුල් ටික.. හොර වැඩ ගැනනේ කියවෙන්නේ. සිද්ධි එකතු වෙද්දි තමයි ඉන්වෙස්ටිගේශන් උන්ටත් හික් ගෑවෙන්නේ සාමාන්‍යයෙන්

      Delete
  8. කෝ යකෝ පළවෙනි කොටසේ අන්තිම හරියෙදි ආව ඊමේල් එක....

    ReplyDelete
    Replies
    1. ඊ මේල් එක මොකක්ද කියලා තාම දන්නේ ඌ විතරයි. හැබැයි ඌ ඒක නිසා ගෑණි බලන්න යාපනේ නොගිහින් කොළඹ ආවා. හදිසියේ යන්න ඕනි නිසා තමයි මැඩම් ගේ සැටලයිට් ෆෝන් එකට කෝල් කරේ. ඔය මෙතෙක් පැහැදිලිව කියලා තියෙන ටික. හැබැයි තව කතාවක් ඕක අස්සෙම තියෙනවා. ඒක දැක්කොත් ඒ ආපු ඊමේල් එකයි මේ කොළඹ ගමනයි ගැන තව හිතන්න පුලුවන්.

      Delete
    2. අර මගුලිගේ කතාවේ කැම්පස් ශිෂ්‍යා නේද.....ඒක දැක්කේ කතාවේ අන්තිම කොටස් ටිකේ ඉඳලා.ඒක නිසා ඒක කියෙවුවේ නෑ. ඊලඟ කතාව මුල ඉඳලා කියවනවා කියලා හිතාගන ඉන්නේ....

      Delete
    3. කවුද යකෝ මගුලි?

      Delete
    4. //Anonymous22 February 2023 at 20:44// මඟුලි.. ඒක මරු නම උන්දැට. හෙහ් හෙහ්.. පෙරවදනේ කියුව වගේ මේක ලියන්න පෙළඹවීම ලැබුනේ මගුලිගේ කතාවෙන් නිසා ඒකේ චරිත දෙක තුනක් මේකට සම්බන්ද කරලා ලියන්නේ. කැම්පස් ශිෂ්‍යයා හෙවත් දර්ශන් කියන්නේ දේවාගේ බිරිඳගේ මල්ලි. මගුලිගේ කතාවේ දර්ශන් කියන්නේ ප්‍රධාන චරිතයක්. නමුත් මේකේ දේවා එක ප්‍රධාන චරිතයක්. ඊමේල් එකට දර්ශන් ගේ වැඩේ සම්බන්ද නෑ. ඒ වගේම රාජකාරි ගමනටත් ඒ ඊ මේල් එක සම්බන්ද නෑ. ඒ දෙකම තේරුම් ගන්න පුලුවන් කරුණු එතන තියෙනවා.මේක තව දිගට ඇදෙන කතාවක්. ඔය සිද්ධි ප්රිස්සමින් කියවල බලන්න කියවනකොට. පොතක් වගේ එක දිගට කියවන්නේ නැති නිසා ඊළඟ කොටසේදි මුල් කොටසට සම්බන්දයක් හොයා ගන්න අමාරු වෙයි. ඒත් ඔය හැමේකම සම්භන්දයක් තියෙනවා. තව ටිකක් යන්න ඕනි ක්ලියර් වෙන්න
      ස්තුතියි කියෙව්වට හා කොමෙන්ට් එකට.

      Delete
    5. //Anonymous22 February 2023 at 21:07// හා..හා.. මෙන්න මඟුලි ඇවිත්. මඟුලිට තද වෙලා 🤭🤭😁

      Delete
    6. ඇනෝ එන්නෙත් කටුස්සම තමයි.උඹේ බුකියේ දාලා තිබ්බ ලින්ක් එකෙන් ආවහම මේ මගුල් ඩිෆෝල්ට් සෙටින්ග්ස් වල පෙන්නන්නේ ඇනෝ කියලා.ඕවා හද හද කමෙන්ට් දාන්න බෑ.

      ඕ...කොටස් පහක්වත් එකට එකතුකරලා බලන්න වෙනවා ලොකු අයිඩියා එකක් ඔලුවට ගන්න.නැත්තන් පැටලෙනව මේ රෙද්දවල්.

      එක්කෝ මගුලිට ඉස්සල්ලම පොත ප්‍රින්ට් කරන්න දීලා උඹ දෙවනියට පබ්ලිශ් කරපන්.එතකොට මල් බිස්කට් 200gක් චොකලට් බිස්කට් පැකට් එකක් කකා මට ඕක කියවන්න පුලුවන් මොලේට සමනල් ගැට වැටෙන්න නොදී

      Delete
    7. කලින් කියන්න එපැයි පෙත්තෝ.. මම කියන්නං වැඩේ.. උඹ ඉස්සෙල්ල මගුලිගේ එක කියවපං. ඒක දැන් ලියලා ඉවර නිසා එක දිගට කියවන්න පුලුවන්.

      ඒ කියවලා ඉවර වෙනකොට මම කොටස් දහයක් දොළහක් ලියලා තියෙයි.

      Delete
  9. //කියා නොකියා//
    😂👌

    ReplyDelete
    Replies
    1. ‍යමක් වැටහෙන්න අරගෙන වත්ද මන්දා :))

      Delete
    2. කතාව ඉවරවෙද්දි අපිට නොතේරුනොත් එහෙම බලාගෙනයි

      Delete
    3. //කතාව ඉවරවෙද්දි අපිට නොතේරුනොත් එහෙම බලාගෙනයි// එහෙම උනොත් තව කතාවක් ලියනව තේරෙන්න 🤭🤭😁

      Delete
  10. පාඨකයෝ කියති වැඩියෙන් ලියන්නට
    සාක්කියකි එය රස වැටිලා බවට
    ඒ අස්සෙම වෙයි එකමිති රැක ගන්ට
    Duty ලීව් දෙනවද මේ ලියනවට?









    ReplyDelete
    Replies
    1. ලියන එක ඩියුටියක් කරානේ ඔහෙලා එකතු වෙලා.. :)

      Delete
  11. ලියපු ටික පෝස්ට් කරල හදිසියේම අතුරු දහන් වෙලා නේ. නැතිවුන ලොරිය හොයන්නවත් ගියා ද.නැතිනම් දේවා එක්ක අඩියක් ගහන්න ගියා ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. කියුවම මහක් උනේ.. දවස් දෙකකින් අඩියක් ගහන්න බැරි උනා :)))

      Delete
    2. අරහෙ " අඩියක් ගහන්න බැරිව " ඉද්දි.මුන්දෑ අඩි ගහන්න කතා කරනවා.

      Delete
    3. ඕකනේ මොකුත් කරන්න බෑනේ මමත් එක්ක 🤭🤭😁

      Delete
  12. හිතවත් අභීත,ඕනෙයා ඇතුළු පිරිස වෙත.

    ඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට අපගේ සින්ඩිය මැදිහත් වන්නේ මහත්වූ සතුටකින් සහ අපේක්ෂාවකින්ය.

    එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි. එය එක්තරා අයුරකින් සාධණීය තත්වයකි.

    කරුණාකර මෙම බ්ලොග් හමු පැවැත්වෙන දිනයන් හා ස්ථානයක් පිළිබඳව අපව දැණුවත් කරණ්නේ නම් එය අපට බ්ලොග් 1250ක් අතර බෙදා හැරිය හැක.

    ඒ පිළිබඳව කිසියම් එකඟතාවයක් ඇතිවූ විගස අපව දැනුවත් කරණ්න.

    මෙම උත්සව සඳහා අප මැදිහත්වන්නේ හුදෙක් ප්‍රචාරණයෙන් පමනි. එබැවින් එම උත්සව පැවැත්වෙන දිනයන් හෝ ආකාරය පිළිබඳව අප කණ්ඩායම වගකීමෙන් ඉවත්ව කටයුතු කරණ බවද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!
    කරුණාකර මෙය අදාල පාර්ශව වෙත යොමුකරණ්න!
    (කරුණාකර මෙය අදාල පාර්ශව වෙත යොමුකරණ්න!

    ReplyDelete
    Replies
    1. හමු දෙකක් තියා එකක්වත් නැතිවෙන ලකුණු තියෙන්නේ.. ඔහේලා මැදිහත් වෙලා එකක් නොකරොත්.. හෙහ් හෙහ්.. කොහොමත් දෙකක් නම් තියන්නේ නෑ. තිබ්බොත් එකයි.

      Delete
  13. සුපර්බ් ඈස් යූෂුවල්

    ReplyDelete
  14. හ්ම්ම්... එක හුස්මට කොටස් තුන ම කියෝගෙන ආව. අනික් ටිකත් කියවලා ම හරි හමං කමෙන්ට් එකක් දාන්නං.

    ලයිව් ලියමින් පෝස්ට් කිරීම ගැන මටත් හොඳ හැටි තේරෙනව. පස්සෙ ඔක්කොම එකතු කරලා ලස්සනට එඩිට් කරමු.

    මොනව කරන්නද බං? ලියන්නත් ඔ්නෙ. කියවන්නො අල්ලගෙන තියාගන්නත් ඔ්නෙ.

    ReplyDelete
    Replies
    1. මගේ ඔලුවේ කතාව ලියවිලා ඉවරයි බං. ඒක මේ බ්ලොග් පඩංගුවේ ටයිප් කරනෙක තමයි අමාරු වැඩේ.. 🤭🤭😁

      දැන් ඊට වඩා අමාරුයි කොමෙන්ට් වලට රිපලයි දාන එක. හෙහ් හෙහ් හෙහ්..

      Delete
  15. හැකිය දෑන් බලන්න එක පෙලට

    ReplyDelete