Tuesday, 6 October 2015

නොනිමි ගුරුතරු.. To teacher(s) with love

අද ගුරු දිනේලු.. ඔය දින කේස් එකට මම නම් විරුද්ධයි.. එත් මොනවා කරන්නද මං විරුද්ද උනා කියල ඕව නවත්වනවා ඇයි.. සින්දු ඇනොගේ  ගුරු දින පෝස්ට් එකට කම්මල දාල තිබ්බ කොමෙන්ටෙක දැක්කම මේ ටික ලියන්නම හිතුනා.. මගේ ශිෂ්‍ය කාලයේ ගුරුවරු ගැන මතක ටිකක්..

**************************************
අකුරු කියවපු දවසේ ලොකු අයියා කොළඹ ඉද්දි ගෙනත් දීපු ලස්සන නිල්පාට සයිඩ් බෑග් එකයි ප්ලාස්ටික් බෝතලෙයි කුමාරෝදය පොතයි අරගෙන මම ඉස්සෙල්ලම ඉස්කෝලේ යනවා කියල ගියේ බදුල්ල ධර්මදුතේ 'බාලාංශ' පන්තියට.. අපේ අම්මට වැඩිය ටිකක් තලත්තැනි සුදු මහත 'ටීචර්' කෙනෙක් තමයි අපේ පන්තිය භාරව හිටියේ.. දවස් කීපෙකට පස්සේ දැන ගත්තා ඒ 'සේනානායක' ටීචර් බව.. (එවකට බදුල්ල නගරාධිපති පර්සි සේනානායක ගේ බිරිඳ).. ඒ කාලේ අපේ අම්මට පස්සේ මට වැඩිම ආරක්ෂාවක් දැනුනේ ටීචර් ළඟ ඉන්නකොට.. ඉන්ටර්වල් එකට කෝප්පයක් පුරවල දුන්නු පුංචි බිස්කට් වල සුවඳයි.. විභාගකටද මන්දා වතාවක් පන්තිය ඉස්සරහට ගිහිල්ල හයියෙන් කියාපු රෝස මලේ නටුවේ කටු ගීතයයි ඇරුනම මට ඒ පන්තියේ මතක තිබුනේ සේනානායක ටිචර්ගේ ආදරේ විතරයි.. හැබැයි 'බාලංශයෙන්' පාස් වෙලා 1 ශ්‍රේණියට එනකොට ලැබුණු තෑග්ගක් අදටත් මගේ ළඟ තියෙනවා.. තෑග්ග දුන්නේ සේනානායක ටිචර්.. ලස්සන ලොකු රවුම් අකුරින් තෑග්ග 'ලියල' තිබුනේ රිපෝර්ට් එකේ..
"දීප්තිමත් අනාගතයක සුභ ලකුණු දක්නට ඇත".. ඕක තමයි තෑග්ග.. ඒ තෑග්ග ලියපු රිපෝර්ට් එක තාමත් මගේ පුද්ගලික ලිපිගොනුවේ තියෙනවා..
වාසනාවට එක ශ්‍රේණිය භාරව සිටියේත් සේනානායක ටීචර් මයි.. එක නිසා මගේ පාසල් ජිවිතේ මුල් අවුරුදු දෙක වර්ණවත් කල ඒ සදාදරණිය ගුරුතුමියට පළමු ආචාර වෙඩිමුරය මෙසේ පිරිනමනවා.. ඒත් දෙපා නැමද ආදරය දැක්වීමට අද ඇය අප අතර නෑ..

1 සිට 4 ශ්‍රේණිය දක්වා මගේ පාසල් සමය හැල හැප්පීම් අඩු වකවානුවක්.. ඔය කාලයේදී හැමදාම වගේ අම්මා මාව පාසලෙන් රැගෙන යාමට පැමිණෙන අතර සතියේ මැද පොළ පැවැත්වුණු සැම බදාදා දිනෙකම අම්මගෙන් ලැබුණු 'අලියා බීම එක හා කෝලිකුට්ටු කෙසෙල් ගෙඩිය' මට ඊළඟ සතිය දක්වා පාසල් යාමට අනුබලයක් එක්කරා. මා මුලින්ම 'ටිපිටිප්' එහෙක රස බැලුවේ 2 පන්තියේදීයි. එවක මගේ 'එක මේසේ' සගයා වතාවක් ටිපිටිප් පැකට් එකක් ගෙනවිත් තිබු අතර මටත් එකක් රස බැලීමට දුන්නා..

ඒ වගේම මුලින්ම රුපියල් සියයේ නෝට්ටුවක් ලඟට දැක්කේත් එම පන්තිදීමයි. මගේ පන්තියේ බොහෝ මුස්ලිම් මිත්‍රයින් සිටි අතර ඒ අතුරින් 'ෆයිසාල්' ගේ පියා බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්.. ෆයිසාල් වරක් රුපියල් සියයේ නෝට්ටුවක් ගෙනවිත් අපිට පෙන්වූ අතර එසැනින් එය 'ටීචර්'ගේ කණට වැටි තිබුනා. ඇය එය පරිස්සමින් රැගෙන අල්මාරියක් උඩින් තබා දහවලෙහි ඔහුගේ දෙමවුපියන්ට භාර දුන්නේ නැවත එසේ මුදල් රැගෙන ඒමට ඉඩ නොදෙන ලෙසද අවවාද කරමින්මයි. ඒ දෙක වසරේදී අපට ඉගැන්වූ 'ස්වර්ණලතා' ගුරු මහත්මියයි.. සුදු මහත උස 'ලස්සන' ගුරුවරියක් වූ ඈ මගේ මතකයේ එතරම් හොඳ තැනක නැතිවීම කණගාටුවක්.

එලෙසම 3 ශ්‍රේණියේ සිටි අපට එකවර වසරක 'ප්‍රමෝෂන්' එකක් ලැබීමත් මට හොඳින් මතකයි. පාසැල් නිවාඩු කාලය අවසන්ව අලුත් පොත් වලට බ්‍රවුන් පේපර් කවර දමා 'ස්ටිකර්' එකක් අලවා අක්කලාට කියා රවුම් අකුරින් '3 ශ්‍රේණිය' ලෙස ලියාගෙන ගිය පොත් වල නොබෝ දිනකින්ම '3 ශ්‍රේණිය' යන්න මකා දමා  ඒ වෙනුවට '4 වසර' ලෙස ලියාගෙන එන ලෙස එකල අපේ පන්තිය භාරව සිටි 'වී.කේ. පෙරේරා' ගුරුතුමිය දැනුම් දුන් අයුරු මට අද වගේ මතකයි. කොන්ඩේ තැනින් තැන සුදු වූ තලෙළු එහෙත් පියකරු වැඩිහිටි ගුරුවරියක් වූ 'වී.කේ. පෙරේරා' ගුරුතුමිය මට මට වඩාත් ලංවුයේ මා බාලාංශ පන්තියේ සිටියදී 5 ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි අපේ පොඩි අයියගේ ගුරුතුමියද ඈ වූ බැවිනි. අම්මා එන්න පරක්කු දිනවල බාලාංශ පන්තිය ඇරී අයියාගේ පන්තිය අසලට එන මා කෙටි බිත්තියෙන් මෙපිට සිට පහ ශ්‍රේණියේ වැඩ ඉගෙන ගනිද්දී ඈ මා හට බොහෝ කාරුණික වුවාය..

පහ වසරේදී මට ඉගැන්වූ සුදු කෙට්ටු උස රුපයෙන් ලස්සන එත් මට එතරම් ලස්සන නැතිවූ ගුරුවරියගේ නම 'සුරම්‍යා' වගේ එකක් විය. එසේ වීමට හේතු දෙකක් තිබුණි. පහල පන්තිවල සිටම පන්තියේ එක හෝ දෙක ස්ථාන රක ගැනීමට මට හැකි විය.. 'එක' වීම සඳහා මාත් මා මිතුරු 'දිමුතු'ත් අතර සිතල යුද්දයක් විය.. එනම් එක වාරයකදී මා 'එක' වනවිට ඊළඟ වාරයේ මදක් වැඩිපුර උනන්දු වී දිමුතු එක වෙයි. ඊළඟ වර නැවත මා ටිකක් වැඩිපුර උනන්දු වී 'එක' වෙමි. මෙය අප දෙදෙනාටම යහපත් ලෙස බලපෑවක් යයි මම අදටත් සිතමි. එහෙත් පෙර කී ගුරුවරිය මේ දාමය බින්දාය..

සියලු විෂයන් වල ලකුණු එකතු කිරීමේදී පහ වසර මැද වාරික පරීක්ෂණයන්ගෙන් මා පෙරමුණේ සිටි බව මට පැහැදිලි විය. එහෙත් 'අත්වැඩ' විෂය ඉතිරිව තිබිණි. ස්වභාවයෙන්ම දිමුතුත් මාත් දෙදෙනාම 'අත්වැඩ' සඳහා කම්මැලියන් වීමු. එහෙත් එය මගේ 'උනන්දු වීමේ වාරය' වූ බැවින් ගිනිපෙට්ටි සිගරට් පෙට්ටි ඊයම් කොළ හා පාප්ප පොල්කටුවක් රැගෙන ගිය මා ඇඟ පුරාම පාප්ප උලාගෙන මහංසිවී හොඳ තත්වයේ පුටු සෙටියක් හදා ඉදිරිපත් කල අතර හිල්පොල්කට්ටක් හා කළු රෙදි කැල්ලක් රැගෙන ආ දිමුතුවා පොල්කට්ටේ ඇස් දෙකට ඉහලින් කළු රෙදි කෑල්ල අලවා කළු හොම්රන් පැස් එකක් ගෙන දැලි රැවුලක් ඇඳ රකුසු මූණක් නිර්මාණය කර තබා පිට්ටනියට පැන සෙල්ලම් කරන්නට වුවේය. (එය හැබෑම අපුරු අත්වැඩක් වූ බව නම් කිව යුතුමයි.) අවසන් විග්‍රහයේදී දිමුතුට අත්වැඩ සඳහා ලකුණු සියයෙන් සීයක් ලැබී මුළු එකතුවෙන් ලකුණු දෙක තුනකින් මා අභිබවා යාමට හැකිවූ අතර අත්වැඩ සඳහා ලකුණු හැටක් පමණ ලැබූ මා දෙවෙනියා විය. හිතේ අමාරුව පසෙක තබා දිමුතුගේ ඒ සරල අපුරු නිර්මාණය මාද රස වින්දෙමි. මෙහි අවශේෂ කතාවනම් දිමුතුගේ පියා වූ දිසානායක සර් එවකට ධර්මදුතේ උප විදුහල්වරයෙකු වීමයි.

මට 'මතක නැති' ඒ ටිචර්ත් සමඟ ඉන් ඉදිරියටත් මගේ ඒ හැටි ඇයි හොඳයියක් නොවිණි. වාරාවසාන විභාගයේදී චිත්‍ර විෂයට පෙනී සිටීමට මට නොහැකි විය. චිත්‍ර විෂයට ලකුණු නොමැතිව මා එවර තුන්වෙනියා වූ අතර 'කළු තරංග'යා ලකුණු කීපයකින් මාව අභිබවමින් දෙවැන්නා විය. ඒ වෙනුවට තරංග ගේ අම්මගෙන් ඔහුට අත් ඔරලෝසුවක් තෑගි ලැබී තිබුණු අතර 6 වසර ආරම්භයේදී 'තරංග' පන්තියේ උනන්දුවෙකු වී සිටියේය. එහෙත් ඉන් අනතුරුව මා එම පාසලේ නැවත විභාගයකට මුහුණ නොදුන්නෙමි.

ඒ අසුහත වසරයි. නව පාසැල් වරය ආරම්භයේදී මා පාසල් ගියත් එතෙක් පැවතී මගේ උනන්දුව ඒ වනවිට ගිලිහි ගොස් තිබුණි. පවුලේ වැඩිමලා වූ ලොකු අයියා ගුරුවරයෙකු ලෙස එවකට ඔහු ඉගැන්වූ වියලුව කන්දකැටිය ඩි.එස්.සේනානායක විදුහලට මා ඇතුලත් කිරීමට කටයුතු කල අතර ඔවුන් සමඟ ගුරු නිවාසයේ නතර වී පාසැල් යාමේ හැකියාව තිබුණි. කිසිදු පැකිලීමකින් තොරවම මම ධර්මදුතයට සමු දුනිමි.

කන්දකැටිය පාසලේ ගතකල වසරකට අඩු ඒ පරිච්චේදය මගේ පාසල් ජිවිතයේ ප්‍රීතිමත්ම අවධියයි.. ඒ ගැන වෙනම පොස්ට් එකක් ලිවිය යුතුයි. කෙසේවතදු ඒ ප්‍රීතිය හා සමඟ ගොඩ නැගුණු ශිෂ්‍ය පෞරුෂය මා ඉහල තැනකට ඔසවා තැබුවේය. හය වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 174ක් ලබා ඌව පළාතේ දෙවෙනියා ලෙසත් කන්දකැටිය විදුහලෙන් ශිෂ්‍යත්වය සමත්වූ පළමුවැනියා ලෙසත් මා අසූ හත වසරාවසානයේදී එම පාසලට සමුදුනිමි. එහිදී හවස්වරුවේ විශේෂ පන්ති පවත්වමින් කිසිදු අමතර අයකිරීමකින් තොරව මගේ පන්තියට ඉගැන්වූ ඒ හොඳ ගුරුතුමියගේ නම මට අද මතක නැත. එහෙත් අමාවකට පෑයූ සඳක්වන් වූ ඇගේ  ඒ පින්බර වත සිහිකරමින් ඇයට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකරන අතර ඒ සමඟම මට ඒ අවස්ථාව උදා කර මගේම ලොකු අයියා වූ 'ලලිත් සර්'වද මේ මොහොතේ සිහිපත් කරමි. 

එවර ලකුණු 176ක් ලබාගනිමින් ඌව පළාතේ පළමුවැනියා ලෙස සමත්වීමට මගේ දිගුකාලින මිතුරා දිමුතු සමත් විය. අප දෙදෙනාටම ලංකාවේ හතර දිග්බාගයේම පාසල්වලින් උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබුණු අතර දිමුතු කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වන විට අපිට හැකි විදියට මම බදුල්ල මැදි මහා විදුහලට ඇතුළත් වීමි. 

බදුලු මැදි මහා විදුහලේදී මුලින්ම 7'A' පන්තියට මා ඇතුලත් වූ නමුත් සෑම පන්තියකම ළමුන් ප්‍රමාණය ඉක්මවා සිටීම නිසා A,B,C පන්ති තුනෙන්ම අහඹු ලෙස ළමුන් තෝරා D පන්තියක් නිර්මාණය කිරීමේදී මාද D පන්තියට එක් වුනෙමි. දොස් කීමට මාම හැර වෙනකෙක් නොවූ නමුත් මෙතැන් සිට මගේ අධ්‍යාපන ගමන අවපසට ගමන් කල බව කිව යුතුමය.  7D පන්තිය බාරව සිටි 'මානෙල් ටීචර්' ගෘහ විද්‍යා කාමරයද භාරව සිටි අතර පිරිමි ළමයින්ට වඩා පන්තියේ ගෑනු ළමයින් අතර ජනප්‍රිය විය. එකා දෙන්නා දවසින් දවස මල්වර වෙමින් පිපි පිපී ආ කෙල්ලන් එදවස කොහොමත් අපිට වඩා 'ලොකු' වූ අතර මඩ නාගෙන හඩු නාගෙන හිටි අප කොල්ලන් කරදරකාරයන් ලෙස බොහෝ ගුරුවරියන් හා කෙල්ලන් සලකන්නට ඇතැයි දැන් මට සිතේ. කොහොමත් ඔය වයසේදී කොල්ලන්ට එතරම් තැනක් නැත. 

මානෙල් ටීචර් හා සම්භන්දව මට ඇති ලොකුම මතකය නම්.. දිනක් මම හා මගේ අතිජාත මිත්‍රයා නදීෂ එක්වී අපේම පන්තියේ සිටි තවත් දෙතුන් දෙනෙකුට පිට්ටනියේදී නෙළුවෙමු. ගුටි කෑ උන් අතර 'සිට්ටම්මා'ද විය.. ('සිට්ටම්මා උවැසියෙකි'යි හත වසර සිංහල පොතේ කොහේ හෝ තිබුණු අතර ඈ නිසා අපේ එකෙකුට 'සිට්ටම්මා' නම රෙජිස්ටර් විය. ගුටිකෑවේ අපේ සිට්ටම්මායි.) "අඩෝ දැනගනින්.. ආයි දැඟලුවොත් ඇට දෙක පුක වටේ කරකවනවා.." කොහෙන්දෝ අහුලාගත් චන්ඩි පාට් එකක් මවිසින් සිට්ටම්මාට එල්ල කරන ලද අතර ඌ කෙලින්ම දුවගොස් නතර වුයේ පන්තිභාර මානෙල් ටීචර් ලඟයි.. "ටීචර්..ටීචර්.. මේ දෙන්න මගේ ඇට දෙක පුක වටේ කරකවනවා කියල බැනල ගැහුවා.." ටිචර්ට මොනවා හිතුනාදැයි නොදනිමි. මාත් නදිෂත් පැයක් පමණ පන්තිය ඉස්සරහා ඉඳගෙන එකිනෙකා මාරුවෙන්නට කන් අල්ලාගෙන ස්කොට් ගැසූ බව පමණක් මතකයේ ඇත.  

8D පන්තියට යනවිට D පන්තිය 'අම්බ චාටර්' කොල්ලෝ සෙට් එකක් ඉන්න එකක් ලෙස හංවඩු ගැසී අවසානය. එවකට පාසලේ සිටි හැන්ඩි විද්‍යා ගුරුවරයෙකු වූ ප්‍රේමදාස සර් අපේ පන්තිය භාරගත් නමුත් ප්‍රේමදාස සර්ගේ නෑකමට මල්ලි කෙනෙකු වූ අපේ පන්තියේ පමල් හැරෙන්න වෙන එකෙකුවත් විශේෂයෙන් හදා ගන්නට සර්ට බැරිවිය. ඉස්කෝලෙදි කල නොහැකි වූ සියලු කුපාඩි වැඩ හවස පන්ති වලදී කරන්නට පමල් අපිවද එක් කර ගත් බැවින් අපි 'දෙකුපාඩියෝ' වීමු. අධික ලෙස ශිෂ්‍ය සටන් හා නොකඩවා දින ගණන් පාසැල් වසා තිබු ඒ යුගයේ මට මතක ඇති වැඩක් ලෙස කරේ මුල්ම වතාවට ඉස්කෝලේ කට් කර 'මමයි රජා' බැලීමට යාමයි. ඔෆිෂියලි දුම් පානය හා මත්පැන් පානය ඇරඹුවේද මේ වසරෙදීම වේ.
9D වනවිට අපි නැවතත් කෙල්ලන්ව අභිබවා අපේ ආධිපත්‍ය පන්තිය තුල පතුරවමින් උන්නෙමු. උගුරු දණ්ඩ කැඩී දැලි රැවුල් ඇඳුනු මුහුණු ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩ ලක්ෂණ මතු කලේය. අපිට වැඩිය 'පොරවල්' ලොවෙත් සිටිය නොහැකිය. 'ගැන්සි' මානසිකත්වය පැතිරෙමින් තිබු අතර අපේ පන්තියේ කුප්‍රකට 'අට දෙනාගේ කල්ලියේ' මමත් යාවජීව සාමාජිකයෙකු වීමි. ඒ කතා ද වෙනම පොස්ට් එකක් දෙකක් ලිවිය යුතුම වන බැවින් මෙහිදී උවමනාවෙන්ම මග හරිමි. 9D පන්තිය භාර ගැනීම සමහර ගුරුවරු උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කරද්දී ඒ වගකීමට අත තැබුවේ අදටත් මගේ ආදරණියම ගුරු තරුව වන 'අපේ ගීතා ටිචයි'.. ඇස් බොඳවී ස‍ටහන ලිවිම අතපසු වීම නොවැලක්විය හැක.  නමින් 'ගිතාන්ජලි හේමචන්ද්‍ර' වූ ඇයද එවකට බදුල්ල නගරාධිපති වූ හේමචන්ද්‍ර මහතාගේ දයාබර බිරිඳයි. (ගුරුකම මහා වැදගත් රස්සාවක් වූ එකල බොහෝ ඉහල පැලැන්තියේ මහත්වරුන්ගේ බිරින්දෑවරු ගුරුවරියෝ වුහ.) 

එතැන් සිට පුරා වසර තුනක් ඇය සැබවින්ම අපේ දෙවෙනි මව විය. නවය වසර වන විටම  හැඩි දැඩි තරුණයෙකු වූ අපේ බන්දුලයාගේ 'පයට පෑගෙන්න තරම්' දික්වූ රැවුල කපා ගැනීමට යැයි කීමට ඇයට බොහෝ වෙලාවක් ගතවිය.. එහෙත් එය කියූ ආකාරය නිසා ඉන්පසු කිසිදිනෙක අපි කිසිවෙකුවත් නොගැලපන ලෙස රැවුල මුහුණේ ඉතුරු කර නොගත්තෙමු. ඇය අපට දඬුවමක් කල දිනයක් මට මතක නැත.. ඒත්  'ගීතා ටීචර්' නිසා අපි බොහෝ හැදුනෙමු. 'ඇය නිසා' අප නොකර අත්හල 'දඟ වැඩ' බොහෝය.. එසේම එවන් 'දඟ වැඩ' කර අසුවූ විට ඇය දැක්වූ ප්‍රතිචාරද බොහෝ සංවේදී විය. මේ සටහන තැබීමට මා පෙලඹවූ ඒ සිදුවීම වුයේ මිට හරියටම වසර විසිහතරකට පෙර ගුරුවරුන්ගේ දිනයදාට පසුවදායි.

ගුරුවරුන්ගේ දිනයදා අපේ 'ශිෂ්‍ය නායකයෝ' එක්ව ගුරු උපහාර මොකක් හෝ යමක් සංවිධානය කර තිබිණි. ඒ වගේ ඒවාට අපි වගේ මැරැටියන් සාමාන්‍යයෙන් සහභාගී කර ගන්නේ නැත. ගුරුවරුන් සැවොම උපහාර උළලේ වූ අතර අපි 'අට දෙනා' පාසලෙන් පසුව පහල ඉස්කෝලේ පිට්ටනිය අසල 'ටැග්  ගැහි ගැහි' හිටියේ මේ උපහාර උළෙල කඩාකප්පල් කිරීමට මොකක් හෝ අවස්ථාවක් ලැබෙන තුරුයි. මොකුත්ම නැති උනොත් අවසානයට පිටව යන ශිෂ්‍ය නායකයෙකුට බඩ කට පුරා නෙලීමට අපි සුදානමින් සිටියෙමු. ටික වෙලාවකින් අපිට ගොදුරක් ලැබුණි. එක් ගුරුවරියකගේ පුතෙකු අලුත්ම මවුන්ටන් බයිසිකලයකින් අප සිටි තැනට ආවේය.. අපිට වඩා වසරක් දෙකක් පහල පන්තියක සිටි කොල්ලා අල්ලාගෙන අපි 'බයිට්' කිරීමට පටන් ගත්තෙමු. සමහරු එහෙන් මෙහෙන් ඌට ඇන්න අතර සමහරු බයිසිකලයේ හුලන් යවා සීට් අඹරවා විකාරයක් කළහ.. ඒ අතර තවත් සමහරුන් උගේ අම්මා ඇතුළු ගුරු ප්‍රජාවටම තිත කුණුහරුපයෙන් බණින්නට විය. දස වැඩ ඉවසා සිටිය නොහී කොල්ලා අඩාගෙනම ගුරු උපහාර උළෙලට කඩා වැදිණි. 

අපේ උවමනාව හරිය.. දෙබරයට ගල් ගසා ඇවිස්සිමු. උත්සවයේ සිටි සියලු ගුරුවරු කඩා වැදී එකක් දෙකක් ගසා බණිමින් අපව එළවා දැමීමත් සමඟ උත්සවයද කඩාකප්පල්වී ගියෙන් අපිද සතුටින් ගෙවල්වල ගියෙමු. වඩාත්ම ආකර්ශනීයම ජවනිකාව පසුදා උදයේයි. වැසි දිනක් වූ එදින උදයේම ආවේෂ වූ කපුවෙකු මෙන් දිගු කුදයක්ද උරුක් කරමින් අර කොල්ලගේ අම්මා හෙවත් ගුරුතුමී අපේ පන්තියට කඩා වැදුනාය.. ඒ සමඟම පෙර සිට අපව නිරීක්ෂණය කර තිබු අංශභාර 'දසනායක සර්'ද පැමිණ අපි අට දෙනාව නිවැරදිව අඳුනාගෙන පන්තිය ඉදිරියට පැමිණවූ විගස පරලවූ යකින්නියක සේ ඒ 'ගුරු මෑණියෝ' අපේ මූණු වලට කඩා පාත් උනි. "තොපි දන්නේ නෑ මං කවුද කියල.. මගේ කොල්ලට අත තියන්න.. මගේ මහත්තයා අයි.පී. අහවලා.. හිටපියව්.. තොපි ඔක්කොම මං ටයර් උඩ යවනවා.." 

අද මෙන් නොව එදවස පොලීසිය, තරුණයින් හා ටයර් අතර බොහෝම ආසන්න බැඳීමක් වූ හෙයින් මේ කණ වැකුණු සැනින් එතෙක් තුෂ්නිම්බුතව බලා සිටි 'ගීතා ටීචර්' වැලහින්නක සේ හඬා වැටෙන්නට වුවාය.. එමතු නොව වෙනදාට දඬුවම් කිරීම සඳහා වරදක් සොයමින් සිටිනා දසනායක සර් පවා ඇගේ ඒ නාඩගම අවසන් වනතුරු සිට කිසිත් නොකියා පන්තියෙන් බැහැරව ගියේය. බලා සිටිය නොහැක.. ටීචර් සනසවා ගැනීමට කුමක් හෝ කලයුතුම බැවින් අපි පහසුවෙන් එකඟ නොවන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුනෙමු. එනම් අපේ ටීචර්ට වැඳ 'සමාව ගැනීම'ටයි. ටයර් එකක් නොව කන්දක් උඩ යැව්වත් අරුන්දාගෙන් නම් සමාව ගැනීමට එකෙක්වත් සුදානම් නැත. මා මුලින්ම ඉදිරිපත් වී අපේ ටීචර් ඉදිරියට ගොස් 'ටීචර් අපිට සමාවෙන්න.. අපි ආයි එහෙම වැඩ කරන්නේ නෑ'යි කියා වඳින්නට හැදුවා පමණි.. 'එපා මට වඳින්න..ඔයගොල්ලන් කවද හරි හැදෙනකම් කවදාවත් මට වඳින්න එපා'යි කියමින් ඇය දිගටම හැඩුවාය.. අපි පන්තියේ කොල්ලන් කෙල්ලන් බොහොමයක් එදා හිතේ හැටියට කඳුළු වගුරවමින් ඇයත් සමඟ ඇඩුවෙමු.
පසුදා උදයේ අපි නැවත කතාවී ගොස් ඇයට වැඳ සමව ගත්දී අගේ මුව යලිත් විකසිත විය.. සැබවින්ම එදා සිට අපි බොහෝ දුරට හොඳ ළමුන් වීමු. 

මේ සටහන දැනට වෘදව සිටින ඒ අපූරු ගුරු මෑණියන්ට උපහාරයක් වේවා! 

*****************************************
ප.ලි. 
පසුව නැවතත් නරක වීම හා උසස්පෙළ සමයේ සිටි ගුරුභවතුන් මෙන්ම පංතිභාර නොවුනත් අපේ ජිවිත ඒකාලෝක කිරීමට  ඇප කැපවූ තවත් ගුරු මෑණිවරුන් පියවරුන් කිහිප පොලක් හා බැඳුණු අතීත සිද්දීන් ඉදිරි දිනෙකදී පැවසීමට සිතා සිටිමි. සමහරවිට ඒ එන වසරේ ගුරුදිනයද විය හැක. සටහන දිග වුවාට කමා වන්න. 

104 comments:

  1. මේ සටහන කියවද්දි වෙනම පොස්ටුවක් ලියන්න හිතෙන තරමට ගොඩාක් දේවල් මතක් උනා.සමහර ගුරුවරුන්ව අදටත් මතක්වෙද්දී දැනෙන්නෙ හරි ආදරණීය හැඟීමක් සමහර ගුරුවරු නිසා මානසිකව වැටුන වාරත් ඕනෑතරම් අද වගේ දවසක හරි පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගත්ත සර් ල ටීචර්ස් ල ඔක්කොම හම්බවෙලා කතා කරන්න පුළුවන් කමක් තියනවනම් එහෙනම් ගොඩක් සතුටු හිතේවි .කල්‍යාණ මිත්‍රට මගතොටේ දි බස් එකේදි හම්බෙන්නේ නැද්ද ඉස්සර උගන්නපු ගුරුවරු අපේ විස්තර ඇහුවම අපිගැන විස්තර අහල ආදරෙන් පිටට තට්ටුවක් දෙන එක තරම් වෙන සතුටක් නැහැ ඒ වෙලාවට ඒ ගොල්ලොත් ආසයි මේ අපේ ගෝලයෙක් කියනවට :) රසවත් මතක වගේම සුන්දර හදවත් තියන මූණු ගොඩක් මතක් උන මේක කියවද්දි .මගේ මුල්ම ගුරුවරු අම්ම තාත්ත ඉඳල කැම්පස් එකේ අද වෙනකන් ඉගැන්නුව හැම ගුරුවරයෙක්ටම ණය ගැතියි :)

    ReplyDelete
    Replies
    1. //කල්‍යාණ මිත්‍රට මගතොටේ දි බස් එකේදි හම්බෙන්නේ නැද්ද ඉස්සර උගන්නපු ගුරුවරු// හම්බ වෙනවා හංසියෝ.. හැබැයි බොහොම කලාතුරකින්.. ඒ වගේ වෙලාවට අත් දෙක අල්ලාගෙන ආගිය තොරතුරු කතා කරනකොට හිතට එන හැඟීම විස්තර කරන්න වචන මදි.. බොහොම ස්තුතියි හිතට එන අදහස් මෙහෙම අකුරු කරාට.. :)

      Delete
  2. පාසල් කාලයට යැවුනා අපහු මෙවැනි අයට සැමදාම මල් තියලා වැන්දත් පව් නෑ...

    ReplyDelete
    Replies
    1. සුදු පුසා මහත්තයා සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. හිතේ තියාගෙන උන්නු මල් තමයි මේ පුළු පුළුවන් විදියට පුජාකරලා වැන්දේ.. :)

      Delete
  3. දෙමාපියන් ලගට අපේ ජීවිතේට සමීප අනිත් පිරිස තමයි ගුරුවරැ.මමත් මේ වනවිට ගුරුවරයෙක්.එදා අපේ ගුරුවරැ අපිට උගන්වන්න මොනතරම් කැපකිරිමක් කරන්න ඇතිද කියන එක දැන් වඩාත් හොදින් වැටහෙනවා.ඒක ලොකු වගකීමක්.දරැවෙකුගේ අනාගතය බාර ලොකු වගකීමක් ගුරුවරයකුට පැවරිලා තිබෙනවා.අපේ ගුරුවරැ ඒ වගකීම අකුරටම ඉෂ්ඨ කලා.

    අපිට සිංහල උගන්වපු ගුරුමැණියෝ විදුහල්පතිතුමා අපිට ටිකක් සැරට ගහපු දවස්වලට අපිලගට ඇවිත් අපේ හිත්හදනවා.අම්මා කෙනෙක් වගේ අපිට සෙනෙහසින් හිටියා.ගණිතය උගන්වපු ගුරුවරයා ගොඩක් සැරයි.අපි සාමාන්‍ය පෙල ඝනිතයට විශිෂ්ඨ සම්මාන ගත්ත දවසේ එතුමගේ ඇස්වල කදුලු පිරිලා ගොඩක් සතුටින් අපිව වැලදගත්තා.කියනවනම් තව කියන්න දේවල් බොහොමයි..මගේ ජීවිතේ නම් මට ගොඩක් මග පෙන්නුවේ මගේ ගුරැදෙමාපියන්.ඒ ගුරුදෙමාපියන්ට ගරුකරන්න සිහි කරන්න මටනම් වෙනම දවසක් ඕන නැ.

    මගේ පාසල් දිවියේ සුන්දර මතකයන් කිහිපයක් මම මේ දවස්වල ලියනවා.නිදහස් වෙලාවක ඇවිත් බලන්න

    පාසලේ රසකතා

    ReplyDelete
    Replies
    1. මනෝ මන්දිර මට මිස් උන බ්ලොග් එකක්නේ.. කොමෙන්ට් වලින් දැක්කත් පන්නලා අල්ල ගන්න වෙලාවක් තිබුනේ නෑ පහුගිය ටිකේ.. අන්න දැම්ම බ්ලොග් රෝල්ට ආයි ලොවෙත් මිස් වෙන්නේ නෑ..
      ආඩම්බරයි ඔබත් ගුරුවරයෙක් බව දැන ගත්තම.. ස්තුතියි දීර්ග කොමෙන්ටුවට.. :)

      Delete
  4. මතක හිටින ගුරුවරියක් සිටියා අපිටත් උසස් පෙළ පන්තිවල. ලඟදී ඇය වෙනුවෙන් කුඩා උපහාරයක් පවත්වන්නට හැකි උණා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ ගැන ලඟදි Ian's Den එකේ කියවන්න ලැබෙයි නේද? එත් මම තවම ඔබේ 2009 සටහන් කියවන්නේ :/
      හමුවීමට ලැබීම බලවත් සතුටක්.. :)

      Delete
  5. ඉස්කෝලෙ කාලෙ ඔය වගේ අමන වැඩ කොයිතරම් කරනවද? ඒත් ඒ හැමදේම ඉවසගෙන අපිව හොඳ මිනිසුන් කරන්න ගුරුවරු කොයිතරම් මහන්සි වෙනවද? මේ පෝස්ට් එක කියවනකොට මගෙත් ඉස්කෝලේ කාලේ බොහොම සිද්දි මතක් වුනා. ඔබ වගේම මමත් පන්තියේ දඟයන් විදිහට බොහොම ජනප්‍රිය වෙලා හිටියෙ. 1 වසර ඉඳලා ඉස්කෝලෙන් අයින් වෙනකල්ම ඒ නම ඒ විදිහට ම තියාගන්න මට පුලුවන් වුනා. මටත් මේ කතා එකතුකරල පෝස්ට් එකක් ලියන්නම හිතෙනවා. ඒත් කම්මැලිකම ඊටවඩා සෑහෙන්න ලොකුයි. බලමු කම්මැලිකම යවාගන්න පුලුවන් වුනොත් මම ඒ ටික ලියනවා. ආයෙත් ඉස්කෝලේ අරන් ගියාට ස්තුති කල්යානේ.

    ReplyDelete
    Replies
    1. කම්මැලි වෙලා 'අහසෙන් එන්න' තියා බිමින් යන්න වත් බෑ කසුන්.. ඔය කියුවට මමත් පට්ට කම්මැලියි.. එත් හිතට ආපු වෙලාවට 'දොන්' ගාල ලියල දානවා.. උඹ ලියුවේ නැත්නම් මම උපකල්පනය කරලා ලියනවා උඹේ කතාව උඹේම 'ඔබත් මමත්' එකට.. :)

      Delete
  6. ළමයි හදන්නෙත් ගුරුවරු.. ළමයි මකන්නෙත් ගුරුවරු..
    සැබෑ ගුරුවරුනට සදා සිත් සතුට ලැබේවා..!!
    ජයවේවා..!!
    (දිග වැඩි නෑ බං.)

    ReplyDelete
    Replies
    1. පූරුවේ පිනකට මට 'ළමයි මකන' ගුරුවරිය හම්බුනේ පොඩි කාලේ.. ඉස්කෝලේ අන්තිම කලේ එහෙම ගුරුවරයෙක් ගුරුවරියක් හම්බ වෙලා තිබ්බනම් අපි අනිවා කාලකන්නි වෙනවා..
      උඹ කියුවට මට දිග වැඩියි වැඩියි වගේ බං.. එහෙම උනාම ගොඩක් උන් කියවන්නේ නෑ.. :/

      Delete
  7. හිතට එකඟව අවංකව කියනවා නම් එදත් අදත් පාසල් යන හැම දිනයක්ම ගුරු දිනයක් සහ ළමා දිනයක්. එහෙම නැති පාසලක් නිකම්ම නිකම් හරක් මඩුවක් වෙනවා. පාසලක ආදීශිෂ්‍ය හමුවට ගියාම අපි අපේ ගුරුවරුන්ව අදත් දැක්කම ඇතිවන හැඟීම කොයිතරම් සංවේදී ද? මේ මෑතකදී මම ගියා මා උසස්පෙළ කළ සමයේ පාසලේ හිටි විදුහල්පතිතුමා බලන්න. අපි දෙන්නටම ඇඬුනා ඒ අතීතය මතක් කරල.

    ගුරුවරයා තමයි මුලින්ම ළමයින්ව අවබෝධ කරගතයුත්තේ. එතකොට ළමයි ඉක්මනින් ගුරුවරයව අවබෝධ කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. //ගුරුවරයා තමයි මුලින්ම ළමයින්ව අවබෝධ කරගතයුත්තේ.// ඔව්. ඒකනේ ගුරුවරයෙක් විදියට උගත් බුද්දිමත් වැඩිහිටියෙක් දාන්නේ.. ළමයට ගුරුවරයා අවබෝධ වෙන්නේ ගුරුවරයාගේ ක්‍රියාකලාපය අනුවමයි.
      අර විදුහල්පතිතුමා හමුවීමේ කතාව ලියන්නකෝ විචාරක තුමා..

      Delete
  8. ෆයිසාල් වරක් රුපියල් සියයේ නෝට්ටුවක් ගෙනවිත් අපිට පෙන්වූ අතර එසැනින් එය 'ටීචර්'ගේ කණට වැටි තිබුනා. ඇය එය පරිස්සමින් රැගෙන අල්මාරියක් උඩින් තබා දහවලෙහි ඔහුගේ දෙමවුපියන්ට භාර දුන්නේ නැවත එසේ මුදල් රැගෙන ඒමට ඉඩ නොදෙන ලෙසද අවවාද කරමින්මයි.


    මෙය සත්‍ය කතාවක් 1970 ගනන් වල මුල් කාලයේ කොලඹ ආනන් දා විද්‍යාලයට සිසුවෙක් රු 100 නෝට්ටුවක් ගෙනාවා . සිරිත් පරිදි පරිස්සමින් රැගෙන අල්මාරියක් උඩින් තබා හවස ළමයාට ගෙන යාමට දුන් විට මුදල් නෝට්ටුව වෙසක් කාලේ නිකුත් කරන ලද රු 100 සම්මාදම් කොලයක් වී තිබුනා


    ReplyDelete
    Replies
    1. //මුදල් නෝට්ටුව වෙසක් කාලේ නිකුත් කරන ලද රු 100 සම්මාදම් කොලයක් වී තිබුනා // ඒ කාලේ අපේ පහසුකම් සේවා ගාස්තු උනේ වාරෙකට රුපියල් තුනක් වගේ ගානක්.. අපේ අම්මලා එක ගෙව්වෙත් අමාරුවෙන්.. ළමයින්ගේ සාක්කුවල සියේ කොළ දාල එවන්න පුළුවන් වෙච්චි අම්මලාට තාත්තලාට නම් 100 සම්මාදම් කිරීම ඒ හැටි දෙයක් වෙන්න නැතුව ඇති. එත් සම්මාදම ගියේ කොහෙටද කියල තමයි සැක.. හේ හේ.. එහෙම ගුරුවරුත් හිටියා හැබැටම :)

      Delete
    2. රුපියල් සීය කියනකොට මටත් මතකයක් තියනවා. මගේ පියා තවත් විදුහල්පතිවරයෙකු සමග දවසක් කීව රෝයල් එකේ ළමයින්ගෙ ධනවත් කම ගැන මෙන්න මෙහෙම. රෝයල් එකේ ළමයෙක් කැන්ටින් එකට ගිහින් රුපියල් සීයක් මාරු කළානෙ කියල. ඒ කතාව කීවෙ විශ්මයක් සහිතව.මේ අසූ ගනන්වල මැද හරියෙ.ඒක අහල මාත් රෝයල් එක ගැන භීතියක් ඇතිකරගත්ත ඒ වෙලාවෙ.

      අපේ පළාත්වල රුපියල් සීයක් මාරුකරන ළමයි හිටියෙ නෑ කියන එක වෙන්න ඇති ඒකෙන් කියවෙන්නෙ. මාරුකරනව තියා දැකලත් නැතිව ඇති.

      Delete
    3. මම අදටවත් දරුවෙක් අතට රුපියල් සීයක් දෙන්නේ නෑ අවශ්‍ය කරන හේතුව හරියටම දැනගෙන මිසක්.. ඒ දෙන වෙලාවටත් මුදල් භාවිතයේදී පරිස්සම් වෙන්න ඕනි විදිය ගැන වචනෙක දෙකක හරි දැනුවත් වීමක් කරනවා.. සල්ලි වලලන්න තරම් තිබ්බත් ළමයින්ට ඕනෙවට වඩා අතපත ගාන්න දෙන එක අනුමත කරන්න බෑ..

      Delete
    4. ඒක ඇත්ත කමියො. ළමයි වැරදි වැඩවලට යොමුවෙන්න්න (විශේෂයෙන් මත්ද්‍රව්‍ය භාවිතය වගේ) ප්‍රධාන හේතුවක් තමයි වැඩිහිටියන් මුදල් පාලනය නොකිරීම.

      Delete
    5. වැඩක් නෑනේ බං ළමයින්ට සල්ලි වලින්.. අවශ්‍යතාවයට ගානට දුන්නම ඇති.. අපිට එහෙම 'අවශ්‍යතාවයට ගානට' වත් තිබ්බේ නැතුව අපිත් මේ ඉන්නේ ජිවත් වෙලා තාම.. නැද්ද මං අහන්නේ?

      Delete
  9. හතේ -අටේ පංති වලදී අපේ ඇඟේ හෝර්මෝන වෙනස් වෙන කාලෙනේ.. ඒ කාලේ අපේ පංති භාරව හිටියේ වීරවන්නි ටීචර් .. එයා අපේ පන්තියේ සිටි වන්නියගේ අම්මා.. ඇය අපේ සිංහල භාෂාවට දුන් පැවරුමක් තමයි මගේ මුල්ම ලියවිල්ල. අපි හයේ පන්තියේ ඉද්දි වීරවන්නි ටීචර් දුන්න පැවරුමක් තමයි අපිට අපේ නිර්මාණ සහ උපුටාගැනීම් හෝ චිත්‍ර ආදිය යොදලා සඟරාවක් පල කරන්න.. මම "පහන් සිල" කියල සඟරාවක් කළා හයේ පන්තියේදී.
    වීරවන්නි ටීචර් නිසාම අපි කළා හිතලා ගිය පැත්තට යන එක සැහෙන්න සීමා වුනා ඒ කාලේ..

    ReplyDelete
    Replies
    1. ගැහැණු දරුවන්ගේ ඔය හෝර්මෝන වෙනස් වෙන සීන් එක කොල්ලොන්ට වඩා ටිකක් කලින් වෙනවා නේද? හම්මේ ඒ කාලෙට බලන්න එපැයි උන්ගේ ගෑස්.. හරියට අපේ අක්කල වගේ ඉන්නේ.. කතා බහ ආශ්‍රය ඔක්කොම 9-10 අයියල එක්ක තමයි.. අපි ඒ ඇරියස් අල්ලනවා අපි 9-10 ට ගියාම.. හෙහ්..
      වීරවන්නි ටීචර් ට පින්සිද්ද වෙන්න වගේම අපේ ගීතා ටීචර් ගේ ආදරයට පින්සිද්ද වෙන්නත් ඔය මං කියාපු 'අම්බම චාටර්' සෙට් එකෙත් අද ඉන්නවා ගොඩ දෙනෙක් චාටඩ් ප්‍රොෆෙෂනල්ස්ලා.. :)

      Delete
  10. කළු තරංගයා පළවෙනියා වෙනකොට සුදු කල්‍යාණයට දුක සිතේ :P

    උඹ ඔය 7A එකෙන් පස්සේ කියන ඉතිහාසයට සම්බන්ධ හැම තැනකම මගේත්මතක සටහන් තියෙනවා . මට පෙන විදිහටනම් උඹ සටහන බොහෝම තනුක කරලා ...
    අටදෙනාගේ කල්ලියට එරෙහි මුන්ට ලූස් ලා ගැනත් මොන හරි ලියාපන් . එක්කෝ වෙනම පොස්ට් එකක් ලියාපන් . ප්‍රේමදාස හෙවත් සනත් ගුණතිලක සර්ට අපිනම් ෆුල් භක්තිය ඒ මොකද අපේ පන්තියේ හිටපු එක ලස්සන කෙල්ලෙක් සර් ගේ නෑදා වෙන කෙනෙක්. .
    බ්රේක් ......

    නැත්තං මම මෙතැන් පොස්ට් එකක් ලියනවා ....

    ReplyDelete
    Replies
    1. //නෑදා වෙන කෙනෙක්. .//
      මතක් වෙද්දිත් මෝල්...

      Delete
    2. //සුදු කල්‍යාණයට// ඔව්.. ඔව්.. සුදු තමයි ඩෝ.. ඇයි වලිද ආ?
      හෙක් හෙක්.. තරංගලා දෙන්නෙක් හිටියා බං දුතේ අපේ ච්ලස්ස් එකේ.. ඒකෙන් එකෙක් කළු තරංගය.. හැබැයි ඌ මං විතරම කළු නෑ.. වෙලාවට කලණ ලා දෙන්නෙක් හිටියේ නෑ..
      මුන්ට ලූස් උන් එක්ක සදා වලිනේ.. එහෙම නෙවෙයි උඹට මතකද 'පූකල්ස්' කියල හිටියා අපේ සෙට් එකක්.. උන් තමයි පට්ට ආතල්.. බ්රේක්.. නැත්නම් ඒ ගැන පොස්ට් එකක් මෙතනම ලියන්න වෙනවා.. එළ එළ! තැන්කූ ඇවිත් පරණ සීන් ඇවිස්සුවාට..

      Delete
    3. @ කම්මල.. ඔව් බං ඕකා ඒ කාලෙත් හෙන ලව් පුසා.. :v හැක හැක..

      Delete
  11. ලස්සන සටහනක්. ගුරුවරුන් ගැන පුදුම දුකක් දැනුනේ...:D

    මේ විදියට උපහාර දැක්කුවට කමක් නෑ. අර තෑගි එහෙම දෙන එකෙන් වෙන්නේ සල්ලි නැති ලමයින්ට අසාධාරණයක් වෙන එක නේද? අනෙක ආදරවන්තයින්ට ආදරවන්තයින්ගේ දිනයක් ඕනි නෑ වගේම ගුරුවරුන්ටත් ගුරුවරුන්ගේ දිනයක් අවශ්‍ය නෑ. හැම දවසක්ම එයාලගේ දවසක්.

    ReplyDelete
    Replies
    1. //ගුරුවරුන් ගැන පුදුම දුකක් දැනුනේ// දුප් යන්න.. කොච්චර දඟ වැඩ කලත් අපි තමයි ටිචර්ලට හිතවත්ම ගෝලයෝ.. කිසිම වැඩක් කවදාවත් කර අරින්නේ නෑනේ.. මල් වගේ පන්තියේ ඉන්න උන් පොදු වැඩකදී හදිසියකදී උවමනවකදී පතෝල වගේ.. උන්ට අද ඇත්තටම උගන්නපු ගුරුවරු මතකද දන්නෙත් නෑ.. ඒ වගේ ගොඩක් උන් හිතන්නේ උන් මහන්සිවෙලා පාඩම් කරලා එක්සෑම් පාස් උනා කියල.. උන් එක්සෑම් නම් පාස් වෙන්න ඇති.. ඒත් ගොඩක් එහෙම උන් ජිවිතේ පාස් ද කියල සැකයි..

      මටනම් කවදාවත් එහෙම ගුරුවරයෙකුට තෑගි දෙන්න තිබිලත් නෑ.. දීලත් නෑ.. අපේ කාලෙත් තියෙන උන් තෑගි ගෙනත් දෙනවා දැකල පොඩි විචිකිච්චාවක් ඇතිවෙලා තියෙනවා.. :/

      Delete
  12. ජීවිත ගොඩනගන්නේ ගුරවරයාය යන්න අවබෝධ වූ වාර අනන්තයි.

    ReplyDelete
    Replies
    1. //ජීවිත ගොඩනගන්නේ ගුරවරයාය යන්න අවබෝධ වූ වාර අනන්තයි.// ++++++

      ස්තුතියි ගුණසිංහ මහත්මයා

      Delete
  13. සිංදුගෙ පෝස්ට් එකට දැම්ම කමෙන්ට් එකෙන් උඹට පෝස්ට් එකක් ලිවීමට මතක් වීම ගැන මට ඇති උනේ පුදුම සන්තෝශයක්, ඒ වගේම ලවු පූසටත් යමක් මතක් වීම සන්තෝශයි. දැන් මගේ බලාපොරොත්තුව එකම ඉස්කෝලෙට ගිය දෙන්නා අනිකා ගැන තොරතුරු නොසගවා නොබියව පෝස්ට් මගින් අපිව දැනුවත් කිරීමට එඩිතර තීරණයක් ගැනීමට ඉදිරිපත් වීමයි.
    රකින්නට දරු මල්ලන් නැති, හිටියත් අපිට පාඩු එකා වන LC මහතානනි නොබියයව ඉස්සර වන්න.

    ReplyDelete
    Replies
    1. ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.. අපි අහු වෙන්නේ නෑ.. හැක හැක..
      මොනවා උනත් පොස්ට් එක ලියන්න පොළඹවපූ උඹේ කොමෙන්ට් එකට අගේන් තැන්කියු.. :)

      Delete
  14. අඩෝ...එල ද බ්‍රා..
    එක හුස්මට කියෙව්වා
    මට නම් මෙච්ච සිද්දි මතක නෑ 9 පංතියේදි ඉස්සර වෙලාම බිග්මැච් දවසේ තෙලක් දාලා දුමක් දාලා වලක් බැස්සා කියලා මතකයි..

    ReplyDelete
    Replies
    1. උඹ මට වඩා සිගරට් බීමෙන් අවුරුද්දක් ජුනියර්..
      මේ සිද්ධි මතක තියා ගන්න උඹේ මෙමරියේ ඉඩ නැතුවැති..ඇයි යකඩෝ අච්චර කුප්ප කතා මතක තියා ගනිද්දී.. එලද බ්‍රා.. එදා රෙකෝඩ් කරපු වීඩියෝ කතන්දර ටික ළඟදීම මාතගේ බ්ලොග් එකේ දානවලු.. හැක..

      Delete
  15. ඔය කියන තරං සුන්දර නොවුණත් යමක් කමක් තේරෙන්න දැනෙන් කියල දුන්න ගුරුවරු කීප දෙනෙක් හින්ද අදටත් අපි මෙහෙම ඉන්නව කළණෙ. ඔය වගේ සුන්දර මිනිස්සු වද වෙලා ගිහිං. ඒ තරං නැතත් ඊට ටිකක් හරි හොද කීප දෙනෙක් ඉන්නව අදටත්...
    මටත් පෝස්ටුවක් ලියන්න තරං මතකයක් ඇවිස්සුව පෝස්ට් එකක්. ඒත් ඒ මැරෑට වැඩ ගැන ලියනවට වඩා නොලිය ඉන්නෙක..
    අගෙයි සටහන කළණෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. //මටත් පෝස්ටුවක් ලියන්න තරං මතකයක් ඇවිස්සුව පෝස්ට් එකක්// ලියාන් ලියාන් අන්න අරහේ අවන්හල පාලුවට ගිහිං..
      ඔය මැරෑටියෝ ගොඩක් උන් හරි හිත හොඳ උන් බං.. අත්දැකීමෙන් කියන්නේ..

      Delete
  16. අපිට 4 වසරෙදි හිටපු කරුණාවතී ගුරුතුමිය Cial තීන්ත පෑනෙන් අකුරු ලියන්ඩ නියම කරල තිබ්බෙ. පැන්සලෙන් පස්සෙ Cial ඊලගට Hearo මුතු කැට අකුරු ලිවුවොත් කාබන් පෑනකින් ලියන්ඩ අවස්ථාව දුන්න, හෝඩි පොතේ තියන හැම අකුරක් ,ඉස්පිල්ලක්, පාපිල්ලක් වැඩිකිරීම 20 වතාවක් එතුමිය වේවැල් කසාය වඩිය නොවරදවා අපිට දුන්න. එතුමියට පින් සිද්ද වෙන්න පිරිමි පාසැලෙන් මිශ්‍ර පාසැලකදිත් කෙල්ලන්ට වැඩිය අකුරු ලස්සනට ලියන්ඩ පුලුවන් කියල ප්‍රශංසා හම්බුනා , එතකොට තමයි දන්න ලොකුම කුනුහබ්බය වෙච්චි 'ගෑණි' කියල බැන්න එකේ වරද පෙනුනෙ.

    ReplyDelete
    Replies
    1. මටනම් කවදාවත් 'කරුණාවතී' ටීචර් කෙනෙක් හම්බ වෙලා නෑ.. අදටත් මගේ අකුරු කියවන්න පුළුවන් මටයි අපේ ගෙදර උන්දටයි විතරයි :) හැබැයි ජිවිතේ නම් පිළිවෙල කරලා ලස්සනට හැඩ ගැස්සුවා ..ඒකට නොවක් පිං..

      Delete
    2. //අදටත් මගේ අකුරු කියවන්න පුළුවන් මටයි අපේ ගෙදර උන්දටයි විතරයි//
      හැක්... උඹ තව හොඳයි බං. මගේ අකුරු ගෙදර උන්දැටවත් කියවන්න බෑනෙ.

      Delete
    3. ඇයි මං? මම ලියන එව්ව පස්සෙ මටවත් කියවගන්න බෑ මතක තිබ්බෙ නැත්තං...

      Delete
    4. //මගේ අකුරු ගෙදර උන්දැටවත් කියවන්න බෑනෙ.// //මම ලියන එව්ව පස්සෙ මටවත් කියවගන්න බෑ// හැක හැක හැක.. අම්මපා මං හොඳයිනේ බැලුවම..

      Delete
    5. KMගෙ යාලුවො KMගැන ලියන කමෙන්ට්ටුත් එයාට නොකියහැකිවේයයි ප්‍රාර්‍ථනා කරමු

      Delete
    6. හි හි.. එහෙම වෙනවනම් හොඳයි ;)

      Delete
  17. ඉතාම රසවත් ලෙස ගුරුවරු ගැන වගේම පාසල් ජීවිතය ගැනත් අපූරු මතක සටහනක් තබා තිබෙනවා.ගෙදර පරිසරය නිසා මට නම් ගුරුකම නිතර දෙවේලෙ දකින කුකුලගෙ කරමල වෙලයි තිබුනෙ. ඒ වගේම සමාජයෙන් ගුරුවරුන්ට ලැබෙන ගෞරවය මට නම් එක අතකට විකාරයක්. මේ කතාව මට විතරක් සාපේක්ෂයි හොදේ. ඒ නිසා මට ලැබුන උපාධි ගුරු තනතුර බාර ගත්තෙ නෑ. ගෙවල් ලගම ඉස්කෝලෙකට පත්වීම ලැබුන වුනත්. උසස් පෙළ පන්තිවලට නිසා ළමයි පාලනය කරගන්නත් බැරිවෙයි වගෙ අනියත බියකුත් හිතේ හොල්මන් කළා. දැන් ඉන්නෙ ගුරුවරුන්ට විහිලු කරන බනින නසරානි එවුන්නෙ.

    කොහොමටත් සමස්තයක් ලෙස ගුරු පරපුර ගැන මට ගෞරවයක් තිබෙනවා. මට බාරගන්න බැරිවුන අභියෝගයක් සාර්ථකව කරන අයනෙ කියන හැඟීමත් ඊට අයත්.

    ReplyDelete
    Replies
    1. මගේ උසස් පෙළ පන්තියේ පළමු ගුරුවරිය ඔබ කියූ පරිදි කැම්පස් එකෙන් අවුට් වුන ගමන් ආපු කෙනෙක්.. ඇය දිගටම ගුරුවෘත්තියේ රැඳිලා හිටියද කියලා මං තවම හොයනවා.. හැබැයි හිටියනම් ඇයට එය කෙසේවත් 'අපේ පන්තියට වඩා' අභියෝගාත්මක නොවෙන්න තිබුනා.. කොටින්ම කියුවොත් පුළුවන් දස වධ ඔක්කොම දුන්නා.. අද ඒ ගැන ලොකු කණගාටුවක් තියෙන්නේ..
      ගුරුවරුන්ට ආදරය කරන්න මට මේ කනගාටුවත් ලොකු හේතුවක්.. ස්තුතියි ඔබේ ලෙන්ගතු කොමෙන්ටුවට..

      Delete
  18. අපිත් ඉස්සර ටීචර්ස් ට ගොඩක් ගරුකලා.

    පස්සෙ බැලන්ටයින්
    දැන් ග්ලෙන් ලිවට් , ග්ලෙන් ෆිඩක් ( නාවිකයින්ගෙන් බේරගන්න අමාරුයි, ලොක්කො සාක්කුවෙත් දාගන්නව පොඩි බෝතල් ) හෝ ජේම්සන්.
    අඹ අරක් යාලුවොත් ඉන්නව.
    ඉඳල හිටල තාමත් ටීචර්ස්ට ගරු කරනව

    ReplyDelete
    Replies
    1. ටීචර්ස් මහ කැරපොතු රහයි.....අඹ යාලුවෝ වගේ නෙමෙයි PJ...!

      Delete
    2. @c-a, ඇක්වවිට් රහබලන්න වුනේ නෑ ඒ ගැන හොරර් කතා කියල අර ෆේක් මැකෝතුමා මාව බය කලානෙ.

      @KM, J. ඩැනියෙල් ගුරුතුමාට කැමති නැතෙයි?

      Delete
    3. අඹ යාළුවා කට්ටියටම සෙට් වෙලා වගේ.. සක්.. නිකමට 'කතා බහ කරලා බලන්න' බැරි උනා නේ එදා.. :/

      Delete
    4. //J. ඩැනියෙල් ගුරුතුමාට කැමති නැතෙයි?// වෙනදටනම් හරි කැමතියි.. ඒත් ලස්සන පොඩි පොඩි ගුරුවරියෝ ඉන්නකොට එයා හරි සැරයි නෙහ්..

      Delete
    5. PJ ටීචර්ස් මහ කැරපොතු රසයි තමයි. J ඩැනියල් මට high fired ටේස්ට් එකක් එන්නෙ. අඹ යාළුව හොදයි හැබැයි පහුවදාට දිවේ රසාංකුර නෑ කියල තමයි දැනෙන්නෙ. ඒත් අඹේ ෂෝක් ...

      Delete
    6. මෙච්චර වටිනා පොස්ට් එකේ.. අම්මප මුන් මොනවද මේ කතා කරන අණ්ඩරදෙමළ? හැක හැක හැක..

      Delete
    7. ඕනෑම වැදගත් වටිනා පෝස්ට් එකක් කමෙන්ට් දෙකකින් සම්භව්වා කර දීමට භාරගනු ලැබේ.
      (අපිට කරගන්න බැරිවුනොත් පත්තර ඇන්ඩ් බ්‍රදර්ස් විශේෂඥයන් ලඟ එයි.)

      Delete
    8. // කමෙන්ට් දෙකකින් සම්භව්වා කර දීමට// හැක හැක හැක..

      ස්පෙෂලිස්ට් කොමෙන්ටේටර්ස් ල එහෙම තමයි.. හැබැයි ටිකක් ගණන් නෙහ්?

      Delete
    9. ඔ..යෙස් අපි කරලා දෙනවා..

      Delete
    10. කමෙන්ට් කරන්නන් හෙවත් පොස්ට් ගොඩ දාන්නන්ගේ බලකායක් හදමුද? දැන් ගල් බලකායත් අක්‍රිය එකේ..

      Delete
    11. ඒ බලකායන් දෙකේම ශාස්තෘවරයාණන් වහන්සේ මේ දවස්වල පොඩි (පොඩිමත් නෑ )ප්‍රොජෙක්ට් එකක කියල රෝමයේ පැපරාසි ආරංචිමාර්ග කියනව

      Delete
    12. මේ බළකා නිකන් INGO වගේනේ.. බලපල්ලා.. නිසිබලධාරියෝ ඉන්නේ රෝමයේ අරෙහෙ මෙහේ.. හැක හැක..

      Delete
    13. මට හොරෙන් මෙතන කොමෙන්ට් බලකායවල් හදන්න යන එවුවො දැනගනින්.. ආයි ඒකට දැඟලුවොත් ඇට දෙක පුක වටේ කරකවනවා..

      Delete
    14. ටීචර් ටීචර් මෙන්න මෙයා.. හැක හැක ..

      Delete
    15. අප්පට සිරි NGO බලකායවල් හදන්න බැරිවෙයි.
      ප්‍රසන්න දෙසප්‍රේමී ජාතියෙ එකක් හදලද කොහෙද. මොකක්ද නම?
      බ්ලොග් ජාතියේ වීර කොමෙන්ට්වංශයද?

      Delete
    16. බ්ලොග් හිතෛශී ජාතික (කොමියුනිකේෂන්) ව්‍යාපාරය කියල දැම්මනම්.. සභාපති තෝරනකොට ස්ලෝගන් එකට ගතහැකි ප්‍රා කියාපු නම.. :)

      Delete
    17. ප්‍රසන්නට හොරෙන් මොන බලකාවල් හදන්නද මේ බ්ලොග් ලෝකේ.ප්‍රසන්නයා තමයි සිංහල බ්ලොග්වල ගරු භාණ්ඩාගාරික/ලේඛාකාධිකාරී දෙකම හිටං.

      Delete
    18. මල කෙලියක් වෙන්න යන්නෙ. හොඳ වෙලාවට දැං වයිට් වෑන්ස් නැත්තෙ.

      Delete
    19. මං මිසින් උනායින් මේ සංවාදේ නැවතිලා.. අපරාදේ ප්‍රසන්නයව සුදු වෑන් එහෙක යවන්න තිබ්බ චෑන්ස් එක :/

      Delete
  19. ඉස්කෝලේ ගියාද කියලයි මේ මතක් කලේ...ගුරුවරු මතක නැත්තේ සමහර විට මම වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නෑ මයෙහිතේ....
    කාගේදෝ කර උඩින් ඇලකින් එගොඩ වෙලා කොහේද ගියා වගේ මතකයි....එයින් එහා හ්ම්ම්හු.....

    ReplyDelete
    Replies
    1. ඊට වඩා 'රස මතක' බොහෝ උනාම එහෙම තමයි.. අපි වගේ 'පොඩි පොඩි' මතක තියෙන උන්ට එහෙම අවුලක් නෑ.. හැක හැක හැක..

      Delete
  20. ආසයි පොඩි රස කතා කියන්න පොඩි කාලෙ කරපු ගොන් තකතීරු අමන වැඩ.... කොච්චරක් නම් වැරදි තිබුනද අපේ ඒ කාලෙ. හැබැයි ඒ කතා උනත් අද රසවත් විදියට ලියන්න පුලුවන් වෙන්නෙ එ ගොන් වැඩ උනත් පාඩමක් කරවලා අලුතින් හිතන්න අවස්තාවක් දීල වැරදි හරි ගස්සපු ගුරුවරු ගුරුවරියො නිසා...
    නම් ඔක්කොම කියන්නත් සිද්ධි ඔක්කොම කියන්නත් වෙලාව කාලයයි නම් මදි... ඒත් මේ කතාව පුරාම ඒ කතාත් මතක් වෙලා දැනුනු රසවත් භාවය නම් .......... අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රටා වියන්නි.. සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. ඔය ලෝකෙම පටලවාගෙන ඉන්න එක්සෑම්, ප්‍රොජෙක්ට්, ක්වෙක්ෂනරිස් එහෙම අහවර වෙලා පටන් ගමු බ්ලොග් එකක් ලියන්න..
      කොමෙන්ට් එක......අපුරුයි. :)

      Delete
    2. ආසාවෙන් කියෙව්වා. අමතක නොවන ගුරු මෑණිවරු පියවරු අපෙ කාගෙත් මතකයන් වල හැමදාමත් ජීවත් වෙනවා..............

      Delete
    3. ස්තුතියි ආර්යන්.. අවංකවම කියුවොත් ඇත්ත.. :)

      Delete
  21. ජීවිතය ගොඩනැගූ ගුරුවරුනුත් හිටියා....... ගුරු දිනයට ඔවුන් ව අායෙමත් මතක් වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ජිවිතයට යමක් ඒක කල හැමදෙනාම ඒ වගේ මොකක් හරි හේතුවකදී ආයි ආයි මතක් වෙනවා.. ස්තුතියි කුරුට්ස්.. :)

      Delete
  22. මගේ ජීවිතය ගොඩ නැගුනේ ...... මට උපාධි පන්තියේ උගැන්වූ ගුරුවරුන්ගෙන්...... කලණ ..... ඉස්සර ගුරුවරු මට එච්චර ඇල්ලුවේ නෑ .... මගේ ප්‍රණාමය ඒත්.... ඒ සියලුදෙනටමයි......

    ReplyDelete
    Replies
    1. අපේ ගුරුවරුත් 'මහා ලොකු' දේවල් කරේ නෑ.. හැබැයි ඒ 'පොඩි' දේවල් අපේ මනසට ලොකුවට බලපෑව.. අර මං කියාපු පහ වසරේ ටිචර් බලපෑවේ වැරදි පැත්තට..
      උසස් අධ්‍යාපනය ලබද්දී හමුවෙන ගුරුවරු ළමයින්ට බොහොම සමීප වෙනවා.. ස්තුතියි නිහිංසා :)

      Delete
  23. කතාව දිග වැඩි නෑ කමියෝ බොහොම රසවත්.තව ලිව්වා නං තව කියවන්නට තිබුනා.ඉස්කෝලෙ කාලෙ කියපු කරපු දේවල්වල හැටියට උඹ ඔහොම ඉන්නව හොඳටම ඇති.
    තව එකක් අපි ඉස්කෝලෙ යන කාලෙ රුපියල් සීයක් නෙවෙයි.දහයෙ කොළයක්වත් දකින්න ලැබුනා නම් ඉතාම කලාතුරකිනුයි.

    ReplyDelete
    Replies
    1. හම්බේ.. හැලප අයියා දිග වැඩියි කියලා බනියි කියලයි මං හිතුවේ.. :) අම්මප.. සමහරු අදටත් විශ්වාස කරන්නේ නෑ අපි සමහරු මේ වෙනකොට යහතින් ඉන්නවා කියල..

      මටත් 'දහයේ' පටියක් එහෙම අල්ලන්න හම්බවුනේ ක්ලාස් පීස් දෙනකොට වගේ විතරයි ඉතින් ඉස්කෝලේ කාලේදී.. නැත්නම් සීසන් එක ගන්න යද්දී.. උසස් පෙළ කරද්දී නම් ටිකක් අප්ග්‍රේඩ් උනා.. සීයේ කොලේකට විතර ..

      Delete
  24. මේ විදියට තමන්ට උගන්නපු ගුරුවරු සෙට් එක වසරෙන් වසර කටපාඩමින් කියන්න මතකයක් තියෙන එක සුවිශේෂ දෙයක්. හුඟක් වෙලාවට වෙන්නේ නම නොදැන සිටීම හෝ වඩා ප්‍රභල අනවර්ත නාමය මතක තිබීමයි.

    ReplyDelete
    Replies
    1. //නම නොදැන සිටීම හෝ වඩා ප්‍රභල අනවර්ත නාමය// හෆොයි.. මේ දෙතුන් දෙනයි තව කීප දෙනෙකුයි ඇරෙන්න අනිත් ඔක්කොම වගේ ගුරුවරු වැටෙන්නේ ඔය ගණයට තමයි.. දෙබරා, ගිනිකුරා, හඳයා, අලයා, පැණි කකුලා (හනිෆා), බස්සා, ඩකා (තාරාවා) වගේ ගුරුවරුත් බෙල්ලෙවනේ, බියුටි වගේ ගුරුවරියොත් සෑහෙන්න හිටියා.. :)

      Delete
  25. උඹට ස්තුතියි කල්ලා ....අයෙත් ඉකොලේ ගියා වාගේ මේක කියෙව්වාම .....මටත් උඹලා වගේ මෙහෙම ලියන්න ගලපා ගන්න පුලුවන්නම් ලියනවා ඉකොලේ ජිවිතේ අකුරක් නෑරම ...මට බැරි වැඩෙත් ඒකමයි ..සැක් ..

    සුදු හුණු කූරෙන් අයන්න ලියලා
    අකුරු කෙරූ කළු ලෑලි දිගේ...
    හෝඩියෙ පංතිය ජීවිතයේ නුඹ
    ඉස්කෝලෙට පිය නැගුව දිනේ...

    දැන සිප් සත ලොව පොත පත යහළුවො
    කෙළිලොල් දිවියක අගය දැනේ...
    පේළියෙ ඉඳගත් කාමර පේළිය
    වසරින් වසරට අලුත් වුණේ...

    නැණ මැන බැලුමට කඩඉම් පසුකොට
    සහතික පත්තිරු තරඟ බිමේ...
    කඳුළින් ලියවෙන ලොවකට යන්නට 
    අවසර පාසැල් මෑණියනේ...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ප්‍රේමදාස අතුකෝරල
    ගායනය : ටී. එම්. ජයරත්න

    ReplyDelete
    Replies
    1. ඒ කවුද බං කියුවේ උඹට ලියන්න බෑ කියල.. උඹ ලියපු පොස්ට් එක දැකල තමයි මටත් මේක ලියන්න මතක් උනේ.. ඉස්කෝලේ කාලේනම් කියලා වැඩක් නැත..
      සමනළ රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ..
      ආයෙත් එනවානම් අපෙ දිවියට ආසයි ඒ ලස්සන කාලේ..

      Delete
  26. ජයලත් මනෝරත්නගේ "ගුරු තරුව"බැලුවේ අපේ ස්කෝලේදී.

    මටත් එක වසරේදීත්,දෙක වසරේදීත් උගන්වපු ගුරුතුමීගේ නම් ඇරෙන්න අපේ පන්ති භාරව සිටි හැම ගුරුවරයෙක්ගේම නම් මතකයි.හැබැයි දෙක වසරේ අපේ පන්තිය භාරව හිටපු ගුරුතුමිගේ හැඩරුව මේ දැනුත් මගේ මතකේ තියෙනවා.

    අර උඩින් අපේ පොඩ්ඩිත් කියලා තියෙනවා වගේ ගුරුදිනේට ගුරුවරුන්ට තෑගි දෙන්ට ඕනේ කියලා දැන් තියෙන මේ ප්‍රවණතාව නිසා සාමන්‍ය,දුප්පත්,අපේ වගේ දෙමාව්පියෝ අමාරුවේ වැටෙනවා.ළමයි දෙන්නෙක්,තුන්දෙනෙක් ඉන්න දෙමාපියෝ පත් වෙන තත්වය පොඩ්ඩක් හිතපන්.

    අපේ ගුරු ගවුරවය තිබ්බේ අපේ හිත්වල.අපි නම් ගුරුවරුන්ට තෑගි දෙන්න,මල් දෙන්න ගියේ නැහැ.ඒ ගුරුවරුත් අපෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වුනේ නැහැ.

    මෙන්න නියම ගුරුවරයෙක්.

    ReplyDelete
    Replies
    1. තේනුවර අයියගේ කතා නියමයි..

      ඒත් බං.. දැන් ඉන්න සමහර පරට්ට වේසියෝ පොඩි එකෙක්ගේ හොටු ටිකක්වත් හුරන්නේ නෑ.. දවසක් අපේ පොඩි එකා මොන්ටිසෝරි යනකොට හොඳටම හෙම්බිරිස්සාව.. දවල් ගන්න යනකොට මුණ කට පුරා හොටු වේලිලා.. ෂර්ට් එකේ අමුණලා යවපු ලේන්සුවේ හොටු චොර වෙලා.. ඇහුවම කියන්නේ ළමය පුරුදු වෙන්න ඕනිලු තනියම කර ගන්න.. ඒකලු එහෙම කරන්නේ.. කාට කියන්නද? මං ඉතින් ඊට පස්සේ හෙම්බිරිස්සාව තියෙන වෙලාවට ලමයව ගෙදර තිය ගන්නවා.. අර 'සර්ට' මගේ ආචාරය!

      අපේ ගෙදර ළමයි 6යි. එයින් 5ක් එකපාර ඉස්කෝලේ ගිය කාලයක් තිබ්බා.. තාත්තගේ තනි පඩිය.. ඉතින් හිතා ගතහැකිනේ.. බස් එකේ සීසන් ටික අරන් දෙන්නෙත් හෙන අමාරුවෙන්.. පහසුකම් සේවා ගාස්තු වලට වාරෙකට ගෙවන්න තිබ්බ රුපියල් තුන ගොඩක් වෙලාවට ගෙවන්නෙත් නෑ.. ඉතින් තව ටීචර් ලට තෑගිත් අරන් දීපන්කො.. හැක හැක හැක.

      Delete
  27. එළ...!!!
    මෙවර ලංකාවට ගිය විට පරණ ටීචර් ලා ගැන සොයා බැලිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපිට ලස්සන පොස්ට් එකක් කියවතැකි.. :) එළ එළ!

      Delete
  28. අන්තිම ටික කියෝනකොට මාර විදියට හිතට දැනුන කමියො.
    11 වසරෙදි අපි කරපු නසරානි වැඩ නිසා අපේ පන්තියට කිවුවෙ කැම්පස් එක කියල. අන්තිමේ මේක කොච්චර දරුනුවට ගියාද කියනවනං අපේ පන්තිය කෑලි වලට කඩල අනික් පන්ති තුනට දාන්න යන තත්වෙට පත්උනා. ඒක වලක්වගත්තෙ අපේ පන්තියට 8 වසරෙ ඉඳල දිගටම උගන්නපු ගුරුවරු හතරදෙනෙක්ගෙ අප්‍රතිහත උත්සාහය නිසා. හැබැයි අපේ පන්තිය D නෙමෙයි A කියන එක තමයි මෙතන විශේෂත්වය.

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න ඔය D අකුරේ වැරද්දක් ද කියල බලන්න අපේ පන්තියත් හරියටම 11 වසරේදී 11 A කරානේ.. හැක හැක.. (පස්සේ හොයා ගත්තලු අකුරේ වැරැද්දක් නෙවෙයි කියල.. ;)

      මොන හේතුවකටද මන්දා පොතේ ගුරාලට වැඩිය අපි වගේ 'මදාවියොන්ට' ගොඩක් ගුරුවරු එහෙම ආදරෙයි බං.. සමහරවිට අපිත් ඒ ගුරුවරුන්ට ඇත්තටම ආදරේ නිසා වෙන්නැති.. :)

      Delete
  29. ගුරු තරු සහ ගුරු හොරු ගැන කියන්න අනන්ත දේ තීනව. ඒත් ඉතින් ආයි මොනාට ඒව අදිනවද. ඔන්න ඔහේ තව ටිකක් කල් ගියාම පැන්ෂන් කාලෙ ලියන පොතටම ඒවත් දානව.

    ReplyDelete
    Replies
    1. ඉක්මනට පැන්ෂන් පලයන්.. :) හැක හැක..

      Delete
  30. කියවගෙන යද්දි හිතුණෙ, අපිට ලැබුණු හොඳම ගුරුවරු, ගුරුවරු නෙවෙයි. ඒ කියන්නෙ ගුරු වෘත්තිය විතරක් කරපු උදවිය නෙවෙයි. මිනිස්සු, සහෝදරයො, දෙමව්පියො වගේ අපිට ළං වෙච්ච උදවිය. ඒ අය නිසා තමයි අපි මේ තත්ත්වෙ ඉන්නෙ අද.

    ස්තූතියි කමි, මතක ගොඩක් අවදි වෙලා පපුව ගොඩක් බර වුණා මේක කියවලා.

    (මං කමියා වුනානං මේක නෙළුම් යායට දානවා.)

    ReplyDelete
    Replies
    1. ගුරු කම රස්සාවක් විතරක්ම වෙන්න කලින් මේ වගේ ගොඩක් සුන්දර මිනිස්සු ගුරුකමේ හිටිය මචං.. දැන් නම් එහෙම ඉන්නවද කියල හිතන්න දන්නේ නෑ..

      අජියා නෙලුම්යායට දාල තිබ්බ මගේ හිතේ.. මං මේ ටිකේ වැඩිය ඒ පැත්තේ ඇඩ්ඩින් වැඩ බැලුවේ නෑ..

      Delete
  31. මතක අවුස්සපු එකට තුති...

    අපි ගියපු ගමේ ඉස්කෝලේ බාලාංශ පන්ති දෙකයි තිබුනේ. එකක ඉගැන්නුවේ සුදු ටීචර් අනිකේ කළු ටීචර්.
    මට වඩා අවුරුද්දක් වැඩිමල් චුටි අක්ක ඉඳල තිබුනේ සුදු ටීචර්ගේ පන්තියේ.
    ඒත් මාව වැටුනේ කළු ටීචර්ගේ පංතියට. ඒ හේතුව නිසා මට චුටි අක්කගෙන් සෑහෙන නොපෙනත්කම් වලට ලක් වෙන්න සිද්ධ උනා.
    කළු ටීචර් ගේ නම පුෂ්පා ටීචර්.
    එතනින් පස්සේ අපිට උගන්වපු ටීචර්ලගේ නම් මතක නැහැ, එකට හේතුව අපි 3, 4 වගේ ඉන්න කාලේ කලබල නිසා වැඩිපුර ඉස්කෝල වහල තිබ්බ නිසාද මන්ද. එහෙම නැත්නම් කිසි විශේෂයක් තිබ්බ ගුරුවරු හිටපු නැති නිසාද මන්ද.
    ඉස්කෝල වහල තිබිලා ආපහු ඉස්කෝලේ යද්දී මට අකුරු ලියන එකත් නුහුරු වෙලා අමතක වෙලා වගේ තිබුනේ.
    ආපහු මට මතක අපිට ශිෂ්‍යත්වේ උගන්නල ගොඩ දාපු විජිතා ටීචර් ව.
    අපිට ඉගෙන ගන්න ගොඩනැගිල්ලක් නොතිබ්බ කාලේ හවස පන්ති දාලා ලොකු කැප වීමකින් ඉගැන්නුව ඒ මිස් පීඨ ඉවර වෙච්ච ගමන් දුෂ්කර සේවෙකට ආපු කෙනෙක් වෙන්න ඕනේ. ඒ මිස් හරි ඉක්මණට මාරුවෙලා ගිහින් තිබුනා.

    ඊට පස්සේ "පතනෙ", ඒ පන්තියේ ටීචර් ගේ නම මානෙල් වගේ තමයි මතක. මේ විස්තර ගොඩක් දේවල් මගේ බ්ලොග් එකේ තියෙනවා.
    එතනින් පස්සේ මම පතනෙන් අස්වෙලා ගම කිට්ටුව ටවුමේ ඉස්කෝලෙට ආවම අපිට උගන්වපු ගුරුවරු අතරින් ආරියදාස සර්(නවලා - එහෙම කියන්නේ දෙකට නවලා පිට මැද්දට ඩෝං ගාල නෙලන නිසා), සුමනා මිස්, තිලකා මිස් (මෙ දෙන්නම මගේ යාළුවන්ගේ අම්මලා), පියවතී මිස්(ඉතිහාසයට ආදරේ කරන්න පටන් ගත්තේ මෙතුමිය නිසා), හේමලතා මිස්,
    බුද්ධාගම සහ චිත්‍ර ඉගැන්නුවා මිස් කෙනෙක් හරියට යකින්නක් වගේ -නම මතක නැහැ, දෙකට නැමෙන්න කියල මුද්දකින් ඔළුව හිල් වෙන්න ටොකු අනිනවා, අඩි රූලෙන් ඇඟිලි නොපිටට ගහනවා.
    චිත්‍ර උගන්නපු රුසිරු මිස්...
    තව ඉන්නවා නම් මතක නැති කීප දෙනෙකුත්...

    මේ ඒ ලෙවල් ගුරුවරු,
    රංජිත් සර් (ඩප්පියා -තොපිට ඩප්පි ගහන්න වටිනවා කියල කොල්ලෝ ටිකකට කියපු නිසා ඒ නම ලැබිල තිබ්බේ. රෑ එළිවෙනක්ලුත් පංති දාලා අපිට උගන්නලා තමයි විභාගේ ගොඩ දැම්මෙව්වේ.),
    චම්පා මිස් (ඇප්ලයිඩ් ඉගැන්නුවේ, ටිකක් වස බවක් පෙන්නුවට හොඳ ගුරුතුමියක්),
    නිමල් සර් (හැමදාම නිදි කිරයි. කෙමෙස්ට්‍රි සිලිබස් එකෙන් 10% වගේ අවුරුදු 2 ට කවර කලා.),
    සුනිල් සර් (උගන්නන්න ලෝක හොරෙක්. ගාණක් හදන්න බැරි උනාම බඩෙන් අල්ලලා කරකවනවා),
    බලදේව සර් (මොහාන් සමරනායක ගේ අයියා -මරු කතා සමග හොඳින් උගන්වයි. ළමයින්ට ගහන්නේ වචන වලින් ඔළුවට වදින්නය),
    මේ ඒ ලෙවල් වලට උගන්නපු ඔක්කොම ගුරුවරු ලිස්ට් එක...
    සතුටුයි කාවවත් මිස් නොවෙච්ච එකට...

    මීට අමතරව ආට්, කොමස් සෙක්ෂන් වල හිටපු ගුරුවරු සම්බන්ධවත් මතක බොහොමයි...
    දැනටම මේක පෝස්ට් එකක් වෙලා... පුළුවන් උනොත් පස්සේ වැඩි විස්තර ලියන්නම්, දැන් ඇති...

    ReplyDelete
    Replies
    1. සක්.. ෂට් ඩවුන් එකට ගියායින් මේ කොමෙන්ට් එකත් මිස් වෙලානේ.. මං ලියුවේ පන්ති බාර හිටපු ටීචර්ලා සෙට් එක විතරයි.. නැත්නම් ඔය වගේ සුපිරි චරිත සෙට් එකක්ම හිටියා.. 'නවලා' තමයි එළම! දවසක ලියන්නොනේ කියල හිතන් ඉන්නවා.. කවද ලියයිද නම් දන්නේ නෑ. :)

      Delete
  32. ඉස්කෝලෙ යන කාලෙ කඩප්පුලි වැඩ නොකළ නං උගෙන් වැඩකුත් නැහැ. නිකං පතෝල වගේ.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල විල්ලරවාඩියෙන් දඩ කඳවුරට මරු වෙලා ඉන්නේ.. ඒ ගැන තමයි බොහෝ විට ඊලඟට ලියන්නේ.. :)

      Delete
    2. අහ! පොත් දෙකම දවස් දෙක තුනකින් හෑන්ඩ් ඕවර් කරන්නම් බොස්. මේ අමතක වෙන ලෙඩේට බේතක් ගන්නම වෙනවා :/

      Delete
  33. මදාවියගේ බ්ලොගේ දැකලයි ආවේ. නියමයි

    ReplyDelete
    Replies
    1. මාත් ආවේ එක දැකල බං.. හැක හැක.. එළ!

      Delete
  34. බොහොම කණගාටුයි මෙච්චරපරක්කු වෙලා ආවාට. මේක දැක්කම මගෙත් ශිෂ්‍යත්ව මතකයක් ලියන්න හිතුන. සුපිරි සුරුවරු ටිකක ඉන්දල තියෙන්නේ.

    ReplyDelete
  35. කළනය්යා වගේ සුපිරි බ්ලොග් තරුවක් වීමෙ වාසනාව මටද් ලැබේවා :) ඒ දඟකාකරකම් කරල වින්ද් සතුට හැඟිම මතත් දැනුනා. ජය

    ReplyDelete