Thursday, 18 October 2018

Thursday, 9 August 2018

I said goodbye to Facebook!


It was a fun.. I'd never regret the time I spent with Facebook. I was there for about 09 long years.. But, I thought the time has come to use that time for a more meaningful work. So I deactivate my FB account with effect from yesterday. I'll miss few good people those with whom I had contacts only over FB. But I'm still not brave enough to loose you guys; the bloggers, that easily so I thought I'd continue with this.

Cheers!

KM

Monday, 23 July 2018

බස් කතා බස්.. පුරුෂ හිංසනය පිටුදකිමු! It's weird being traveller in busses!

මේ ඔයාල හැමෝම අර අටමගේ බුකියේ සකලංසමාලේ ඉන්නවල නේද? මාත් ඉන්නෝ අනේ.. එතන හරි ෂෝයි.. :))) මේ ඊයේ එතන ලියුව එකක්.. පරණ ලව් එක මතක් වෙලා මෙහෙත් ගෙනත් එල්ලුව.. කමක් නෑනේ.. 

බස් වල ගෑල්ලමයින්ට වෙන අකටයුතුකම් ගැන බදුල්ලේ නම්කි කෙනෙක් එතන ලියල ඒකට සුසූ ගාල කොමෙන්ට් වැටෙනවා දකිනකොට බදුල්ලේම එකෙක් විදියට පදිරි වෙන්න බැරි නිසා මේක ලියුවේ.. බස් වල ගිය කාලේ මල් වගේ සොරි..මං වගේ පිරිමි ළමයින්ට වෙච්චි අකටයුතුකම් කීපයක් මේ. 
Inside a crowded Bus in Sri Lanka- Photo courtesy www.google.com
පළවෙනියට මතක් වෙන එක උනේ අනූ තුනේ වගේ.. අර බස් වල ගේමක් නැතුව සිකරට් එකක් එහෙම ගහගෙන යන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබ්බ කාලේ.. අපි ඒ ලෙවල්.. අපේ කොල්ලෙක්ගේ අයිය කෙනෙක් මක්කද වෙලා මැරිලා අපි සේරම හවස බදුල්ලේන් බිබිල යන බස් එකට ගොඩ උනා.. මම ඉතින් හැදිච්චි එකා නිසා බස් එක අද්දනකම් ඉඳල එල්ලිලා පොල්ලත් අල්ලං පස්සට ගිය කොන්ද අංකල්ගේ ඉල්ලීමට.. ගිහිං හිටගෙන ඉන්නකොට පොඩි අමුත්තක් දැනුන.. බැලින්නං ළඟ ඉන්න අංකල් කෙනෙක්ට පොල්ල මාරුවෙලා.. මගේ කලිසම ඉස්සරහ හොයනවා.. පොඩ්ඩක් බැලුව ඔරෝල.. ම්හු.. මිනිහ ජනේලෙන් ඈත බලාගෙන මගේ පොල්ලම හොයනවා.. මමත් ඒ පාර අල්ලන් හිටපු බස් එකේ පොල්ල අත ඇරලා මිනිහගේ පොල්ල හොයන්න සෙට් උනා.. අනේ.. ජෝකෙක්වත් ඇඳලා නැද්ද ලූස් ද මංදා අංකල් කාරයා හොඳට හරි බැරි ගැහිලා දුන්නේ නැද්ද මට අල්ලන්ඩ. මාත් සයිස් එක එහෙම මැනගෙන පොල්ල විතරක් මොකද කියල බෝල දෙකත් අල්ලලා.. උගේ මෑණියන් ට පිංදීල මිරිකුවා සෙට් එකම බීපු රන්කිරි කටිං එන්න.. ඒ ගැම්මෙන්ම අත නවල දුන්න වැලිමිටි පාරක් උදර කුහරෙයි උර කුහරෙයි තාවකාලිකව විසන්ධි වෙන්න.. ඒ කාලේ අර මාස්ටර් ඔයාමා ගේ පංති එහෙම ගිහිල්ල අඟලක් දුරින් ඉඳල මුෂ්ටි පහර දීල උළු කැට කඩපු කාලේ.. ඉතිං අඟල් හයක් විතර ඇදල දීපු වැලිමිටි පාරට මටම බය හිතුන මේක මෙතැනම මිය යයි වත්ද කියල.. ඤරස් ගාල සද්දෙකුත් ආවද කොහෙද.. අන්න ඒ නිසාම මම සුටුස් ගාල එතනින් මාරුවෙලා අපේ එවුන් හිටිය මැද්දට ගිහින් හොඳ එකා වගේ හිටිය.. බහිනකම් බයේ හිටියේ.. 

ඊළඟට මතක් වෙන එක උනේ ඊට අවුරුදු දෙක තුනකට පස්සේ.. කොළඹ මීඩියා ඩිප් එකක් කරන්න අරං සෙනසුරාද රෑ කෝච්චියේ බදුල්ලෙන් ඇවිත් ඉරිදා රෑ බස් එකේ ආපහු යනවා.. ඒ කාලේ ඔය මාසේ දෙවෙනි සති අන්තෙට මම ටිකක් වැඩිපුර කැමති.. මොකද ඒ දවස්වලට බස් වල ගෑල්ලමයි ගොඩයි. ගාමන්ට් වල පඩි දීලා නිවාඩු දෙනවා මයේ හිතේ.. අපේ එවුං කියල තිබ්බ හැටියට අන්න ඒ වගේ කෑල්ලක් සෙට් කර ගත්තනං ඒ කාලේ සැප තමයි කියල මම හිතාගෙන හිටියේ.. ඒ උනාට කොහේ.. ම්හු.. උන් උන්ගේ පාඩුවේ දෙන්න තුන්දෙනා යන එනවා මිසක් අපි දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.. ඒ වුනාට මම සැලුනේ නෑ. උපේක්ෂාවෙන් ඉඳල එක දවසක් පෝලිමේ ඉන්න ගමන් එකකට ටෝක් කල්ල 'හිතවත්' උනා.. 'අක්ක අක්ක' කියල මම කියපු ආදරණිය සුවරෙටද මංදා ඒ 'අක්ක' ඇවිත් මාත් එක්කම එක සිට් එකේ ඉඳ ගත්තත් එක්ක. අහෝ.. බස් එක මහරගමට එන්න උනේ නෑ.. ඕක්.. ඕක්‌.. ගානකොට මම පැනල ජනේලේ ඇරලා දුන්න.. චීස් ගාල විද්ද වමනේ පාරෙන් කොටහක් මගේ ඇඟේත්.. අන්තිමට මගේ ලේන්සුවෙන් මාත් ඇඟ පිහදාගෙන උන්දැට ඒකත් දුන්න.. ඒ පාර අතේ තිබ්බ තඩි මල්ලක් මගේ උකුල උඩින් තියල උන්දා කට කපල නිදා ගත්ත.. ආයි නැගිට්ටේ අර වගේම දෙතුන් පාරක් වමනේ දාන්න තමයි.. බලංගොඩ තේ බොන්න නැවත්තුවම මම බොහොම අමාරුවෙන් අරුන්දව උස්සල සිට් එක උඩින් තියල ගිහිං අතපය හෝදගෙන චූ කල්ල ආව.. අඩුම සිකරට් එකක් බොන්නවත් පිරියක් ඉතුරු වෙලා තිබ්බේ නෑ මට.. දෙවෙනි ගමන පටන් අරගෙනත් අර සෙතේම තමයි. මෙන්න යකෝ මැරිලා වගේ නිදාගෙන හිටි ගෑණි 'බණ්ඩාරවෙල ටිකට් බහින්න'යි කියපු ගමන් දඩ බඩ ගාල නැගිටල මගේ දිහාවත් බලන්නේ නැතුව බැග් එකත් අරං බැහැල ගියා.. මම දුකට හිස් වෙච්චි වෙන සිට් එකකට ගිහිං ඉතුරු ටික නිදා ගත්ත.. 

තුන්වෙනි එක උනේ ඊට සෑහෙන කාලෙකට පස්සේ.. හරියටම 2009 අප්‍රේල් වගේ.. ඒ කාලේ මම හිටියේ මුලතිව් කිට්ටුව කල්ලරාවේ.. මාසයක් විතර මුහුදෙයි, ගොඩබිමයි කැලෙයි කොලෙයි ඇවිදලා රෑ ගාණක් නිදි මරල ඔන්න දවසක් ගෙදර එන්න කියල ආව.. දඹුල්ලට එනකං වාහනයක් දෙනෝ ඒ කාලේ අපිට.. උදේ පාන්දරින් එන්න බෑ පාරවල් ක්ලියර් කරනකං ඉන්න ඕනිනේ.. කොහොම හරි මම පොඩි වෙච්චි ටී ෂර්ට් එකකුයි කැසුවල් කලිසමකුයි ඇඳගෙන කිළුටු ඇඳුම් සෙට් එකත් බෑග් එකේ දාගෙන හතට විතර එහෙං වාහනේ පිටත් වෙලා දහයට එකොළහට විතර දඹුල්ල ටවුමෙන් බැහැල වාහනේ ආපහු යැව්වා.. බැලින්නං දඹුල්ල කිරි කොකා වගේ දිළිසෙනවා.. මම මඩ නාපු වලහැඩියෙක් වගේ ඒ මැද.. ගානකුත් නෑ ඒ උනාට.. ඔන්න එතකොටම ආපි පොළොන්නරු ඉඳල කොළඹ යන බස් එකක්.. මම ටක් ගාල නැග්ග.. ඉඩ තිබ්බේ පිටිපස්සෙම සීට් එකේ මැද විතරයි. මම එතන වාඩි උනා.. කොන්දොස්තර ටිකට් කඩන්න එනකොටත් මම බාගෙට නිදි.. ටික වෙලාවකින් මට මොකක්ද අමුත්තක් දැනිල ඇහැරිලා බලනකොට බස් එකේ පිටිපස්සේ සෙනග ඔක්කොම වගේ මගේ දිහා බලාගෙන.. බස් එකක් නතර කරලා.. කොන්දොස්තර මගේ ලඟට ඇවිත් බය පක්ෂපාතව වගේ මහත්තයා අයිඩෙන්ටිය දෙන්න පුළුවන්ද ඇහුව.. මට වැඩේ තේරුණා.. මම සාමාන්‍යයෙන් කරන්නේ නැති උනත් ඒ වෙලාවේ වචනයක්වත් කියාගන්න බැරුව මහන්සියෙන් හිටි නිසාම මම සර්විස් අයිඩෙන්ටිය දික් කරා.. නිල්පාට සර්විස් අයිඩෙන්ටිය දකින කොටම කොන්දා මල්ලි මගේ එහා පැත්තේ හිටපු කෙල්ලෝ තුන්දෙනාගේ ඇඟට කඩා පැන්න.. 

"මම කියුවේ..මම කියුවේ.. හමුදාවේ මහත්තයෙක් කියල.. කොච්චර දෙනෙක් යනවද අපිත් එක්ක.. මාස ගාණක් කැලේ ඉඳල එනකොට රැවුල් කොන්ඩ කපල එන්නය.. රෑ කීයක් නිදි මරලද කවුද දන්නේ.. ඒ මහත්තය ඉන්න සිට් එකේ ඉන්න බැරි නම් ඔය මිස්ලා බැහැල යන්න මම සල්ලි දෙන්නම්.." 

බැලින්නං මගේ එහා පැත්තේ හිටපු ඉටිකිරිස් එකට ඇඳගෙන කොළඹ යන ටීචර් ලා තුන් දෙනෙක් මම 'කොටියෙක්' වෙන්න ඇති කියල රිපෝර්ට් කරල..

Wednesday, 9 May 2018

මොන රෙද්දක්ද ඕයි! WTF?

ඈ ඕයි.. මොන රෙද්දක්ද? මාස දෙහෙකට වැඩියි බ්ලොග් එකේ මෙලෝ දෙයක් ලියල නෑ.. වෙලාව නෑ.. බොරු කියන්න එපා යකෝ.. වැඩි හරියක්ම ඉන්නේ නිකං.. බුකියෙයි අරකෙයි මේකෙයි වාත වේවි.. මක් කියුව? කියවන්නත් කම්මැලියි? ඉඳකින්.. තෝ නම්.. බලහං.. කොච්චර දේවල් තියෙනවද ලියන්න කියවන්න.. කොච්චර ඒවා ලියන්න හිතනවද? ඒ වුනාට මෙතන ඇවිල්ල වාඩි උනාම කිසි දෙයක් මතක නෑ..

බලාපිය.. නෙලුන්යාය අල වෙලාම ගියා.. වසන්තයෝ කිසි සද්දයක් නෑ.. නොදෝමකින්.. අම්මප උඹට ගලපෙන්නෙම අර සිංහයා කියපු කතාවම තමයි.. තෝ නම් හැබෑවටම සිරිමා බෝධිය පාමුල හිඟන්නෙක් වගේ.. හෙටම වඳිනවා කිය කියා ඉඳල අන්තිමේ නිකම්ම මැරිලා පල.. බොට හොඳ නම් මට මොකෝ.. හුහ්.. 
- බ්ලොගර් අයියා සහ මා අතර මේ දිනවල නිතර සිදුවන සංවාදයකින් කුඩා කොටසක් බව කරුණාවෙන් සලකන්න. මිට යටහත් කම්කරු කල්‍යාණ මිත්‍ර. 

Wednesday, 7 February 2018

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ හැසිරීම සාධාරණිකරණය කල හැකිද? Battle hardened militants in diplomatic suit- Brigadier Priyanka Fernando Scandal

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය විසින් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටඅනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා(ආරක්ෂක) ආක්‍රමණශීලී අයුරකින් හැසිරුනේයැයි එම උපදේශකවරයාගේ වැඩ තහනම් කර ඇත. මෙම සිදුවීමේ වීඩියෝ දර්ශන පසුගිය කාලය පුරාම අන්තර්ජාලය පුරා සංසරණය විය.

පසුගිය නිදහස් දිනය දා(04දා) ලන්ඩන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ගෝෂණය කළ උද්ගෝෂකයන්ට සිය ඇඟිලි ඇසුරෙන් ගෙල සිඳ දැමීම සංඥා කිරීමේ සිදුවීම හේතුවෙන් ඇතිවූ මෙම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාව කඩිනමනින් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.


- මාධ්‍ය නිවේදනයක්..

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහත්මයානනි.
බ්‍රිතාන්‍යයේ කොටි ළග දෙකට නැමෙන් නැතුව ගින්දර වගේ සිටි ඔබට මාගේ හදපිරි උත්තමාචාරය..😍💪
"අවර් නේෂන් තමිල් ඊළාම්"
"අවර් ලීඩර් ප්‍රභාකරන්" කියද්දී.
ඇගේ මාලු අපෙත් නටනව..එතන හිටපු සහ ඒ අවස්තාවට මූන දීපු ඔබේ තත්වය හොදින් තේරුම් ගත හැකියි.


-facebook ප්‍රතිචාරයක්..

‘බෙල්ල කට්‘ පෙන්නූ කවුද මේ ප්‍රියංක?

ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.
ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත.


- ගොසිප් පුවතක්..

දෙමළ “බෙලි කපන” බ්‍රිගේඩියර් ගේ වැඩ තහනම් | VIDEO

ශ්‍රී ලංකාවේ නිදහස් දින සමරුවට විරෝධය පෑ දෙමළ උද්ඝෝෂකයන්ට මරණීය තර්ජනය කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර තානාපති නිලධාරියාගේ වැඩ තහනම් කොට තිබේ.
- 'වෙනස් විදියකට' ලියු තවත් වෙබ් පුවතක්

‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල
කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]February 6, 2018 at 10:38 pm | lanka C news

- ලංකා සී නිවුස්..

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටින ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයාගේ (Minister Counsellor-Defence) සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන මෙන් එහි සිටින මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යංශය මේ බව අද (පෙබරවාරි 06) මහ කොමසාරිස්වරියට දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළුව බලධාරීන් විසින් වහා පරීක්ෂණ අරඹනු ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වී තිබේ.

අදාළ නිලධාරියා ආක්‍රමණශීලී ආකාරයකින් හැසිරුනේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් ඇති වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.


- BBC සිංහල නිව්ස්

BBC සිංහල නිව්ස් වෙබ් අඩවියෙන් උපුටාගත් අදාළ ලිපියේ කොටසක්.

හමුදාවෙන් වෙන මක්කා බලාපොරොත්තු වෙන්නෙයි....
- ජේෂ්ඨ/ ප්‍රවීණ බ්ලොග්කරු මාතලන්.

රායිට්.. ඔය උඩ තියෙන සේරම 'Brigadier Priyanka Fernando' නැත්නම් සිංහලෙන් 'බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු' කියල ගූගල් සර්ච් කරාම බලාගන්න පුළුවන්. තව විස්තර ඕනිනං ඔහු 2006-2009 වන්නි අවසන් මෙහෙයුම කාලේ 591 බලසේනාවට අයත් 11 වෙනි ගැමුණු හේවා රෙජිමේන්තු අණදෙන නිලධාරී ලෙස (ඒ කාලේ කර්නල්) මුලතිව් ප්‍රදේශය තුල සටන් බාරව කටයුතු කල නිලධාරියෙක්. ඒ වගේම යුද්ධය අතරතුර හා යුද්ධයෙන් පසු නිරායුධ දෙමළ ජනතාව මුදාගැනීමට හා ඔවුන්ව ආරක්ෂා කිරීමට නැවත පදිංචි කිරීමට සෑහෙන්න වැඩ කොටසක් කරලා තියෙනවා. තාවකාලික කඳවුරු වල සිටි ජනතාව හා විශේෂයෙන්ම පාසැල් ළමුන්ට ආධාර කිරීමට එකතුවුනු පරිබාහිර පුද්ගලයින් ඒ සඳහා සම්භන්ද කර දෙමින් දෙමල ජනතාව සමඟ සුහදව කටයුතු කල නිලධාරියෙක් නිසා ඔහු එම ප්‍රදේශවල දෙමල ජනතාව අතර යම් ප්‍රසාදයක් දිනාගෙනත් තියෙනවා.. රයිට්.. ඒ ගැන ඒ ඇති.
කර්නල් ප්‍රියංක ප්‍රනාන්දු එවකට යුද බිමේදී...
මගේ මේ ට්‍රයි එක ‘හමුදා නිලධාරියෙක්’ ලෙස ඔහු මේ උද්ගෝෂණය අවස්ථාවේ හැසිරුණු ආකාරය හා ඔහු ඒ වනවිට නොපෙනෙන්න ඇඳගෙන හිටිය හමුදා නිළ ඇඳුමට වඩා බොහෝ බර Diplomatic ඇඳුම අතර ගැටුම ගැන කතා කරන්නයි.

ඇත්තටම කියනවනම් මේක හමුදා නිලධාරීන් තුල තියෙන අභ්‍යන්තරික ගැටුමක්.. 

අද මේ මට්ටමේ නිළතල වල ඉන්න හමුදා නිලධාරීන් බොහොමයක් තමන්ගේ සේවා කාලය අවුරුදු විසි පහක් තිහක් සපුරපු අය.. ඒ කියන්නේ ඔවුන් 80 මැද බාගයේ ඉඳල අනුවේ මැද බාගය වගේ වෙනකම් කාලයේ හමුදාවට සම්භන්ද වෙලා සේවය කරන්නේ.. හමුදාවට නිළධාරීන් බඳවා ගන්න වයස අවුරුදු 18-22 ත් අතර.. තමන්ගේ පාසැල් අද්‍යාපනය හදාරපු ගමන් එක්කෝ උණට.. නැත්නම් රස්සාවක් ඕනි කමට.. උපරිම ඔය දෙකටම හමුදාව තෝරා ගත්තු පිරිසක්. 

වැදගත්ම දේ.. බඳවා ගත් දින සිටම ඔවුන්ව හැම අතින්ම පුහුණු කරන්නේ ‘සතුරාට’ මුහුණ දෙන්න. මේක හරිම vital පොයින්ට් එකක්.. සමහරවිට මාතලන් //හමුදාවෙන් වෙන මක්කා බලාපොරොත්තු වෙන්නෙයි// කියල බුකි ස්ටේටස් එක දාන්න ඇත්තේ මේ ගැන හිතල.. මිතුරෙකුට නැත්නම් මධ්‍යස්ථ පුද්ගලයෙකුට මුහුණ දෙන්න හමුදාවෙන් පුහුණු කරන්නේ නැද්ද? ඉස්සරහදි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නං. රයිට් අගේන්.. ඉතිං හිරිමල් වයසෙන්ම හමුදාවට ජොයින් වෙලා තමන්ගේ භද්‍ර යෞවනය අවි ආයුද මිලිටරි සූට් බූට් එක්ක, යුද බිමේ ‘සතුරන්’ එක්ක, වෙඩි හඬ එක්ක ගත කරලා.. මිලිටරි සූට් එකෙන් කසාද බැඳලා, කඩු තුඩු යටින් පෝරුවෙන් බැහැල.. කඩුවෙන් කේක් කපල.. හමුදා නිළ නිවාස වල ජිවත් වෙලා.. හමුදා ස්කීම් එකෙන් ළමයින්ව ඉස්කෝල වලට දාල.. හමුදා වාහන වලින් ගමන් බිමන් ගිහිල්ල.. තව ගොඩක් ලියන්න පුළුවන්.. ඒත්.. ඔයාකාරයට හමුදා..හමුදා...හමුදා.. ජිවිතයට Condition කරපු නිලධාරීන් තමයි දැන් ඔය තැන්වල ඉන්නේ.. ඒ එකක්. 

ඊට පස්සේ යුද්ධය.. දෙවෙනි.. තුන් වෙනි.. සිව්වෙනි.. විදියට ඇවිත් ‘අවසන් සටනේත් හුස්මට සමවී’ නොමැරී හිටියා උනත් එකට ඉඳල ‘කුසුමක් වෙලා ළය පිපුණු’ සොයුරන්ගේ මතක හිත පාරවද්දීත් ‘රන් වැටක් ලෙස සිව්කොනේ’ ‘රෑ පුරා දැල්වුණු දේශයේ මුර දේවතා එළි’ වෙනුවෙන් ‘තුන්හෙලේ හැම අම්ම කෙනෙක්ගේම ළය කිරි එරුණු’.. ‘මව් කුසින් නොව මිහි කුසින් මෙළොව එලිය දුටු’ ‘තුන් හෙලේ මේ සිංහ පැටවූ’.. ‘අපෙන් එකෙක්..’ ‘අපි වෙනුවෙන් අපි’.. මට මතක් වෙනවා ඉස්සර හිටිය ප්‍රසන්න සංජිව තෙන්නකෝන් වගේ නමක් තියෙන ලේඛකයෙක් ලංකාදීපේ ද කොහෙද.. මිනිහා ලියන ආටිකල් කියෝනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා.. ආයි මොනවද.. දේශානුරාගය ඕවර්ෆ්ලෝ වෙනවා.. (දැන් කොහෙද දන්නේ නෑ..කාලෙකින් දැක්කේ නෑ).. එතකොට අයි.ටී.එන්. එකේද කොහෙද හිටිය සුජිත් වගේ නමක් තියෙන ප්‍රසෙන්ටර් කෙනෙක්. හම්මේ බලන්න ඕනි අවසන් සටනේ විශේෂ අවස්ථා යුධ බිමේ ඉඳන් වාර්තා කරනකොට.. අර පුංචි කාලේ සිංහල පාඩම් පොතේ තිබ්බ ඇස් පේන්නේ නැති සියා කණවැල අල්ලන කොල්ලගේ යුද්දේ විස්තර අහල හැරමිටිය උරුක් කරන් යුද්දෙට යන්න හැදුව වගේ ආපේ ගෙවල් වල වයසක ගෑනු උන්දලා පවා යුද උන්මාදයෙන් මත් වෙනවා.. සෙල්ලං නෑ ‘රණවිරුවෙක්’ය කියන්නේ..

ඊළඟට එනවා.. කලින්ට වඩා ටිකක් සවිඥානිකව හිතන්න ඕනි වෙච්චි කාලයක්.. මොකද කොටසකට තාමත් හමුදාවේ උන් ‘රණවිරුවෝ’ම වෙද්දී තවත් කොටසකට උන්ම ‘ලයිසන් මිනීමරුවෝ’ වෙනවා. මේකට හේතු හමුදාව ඇතුලෙන්මත් නිර්මාණය වෙද්දී වඩා වැඩි හේතුන් නිර්මාණය වෙන්නේ දේශපාලනිකව.. මේ ඕනෙම හේතුවකින් එක රැයකින් රණවිරුවෙක්/ දේශප්‍රේමියෙක් විදියට හිටපු එකා ලයිසන් මිනි මරුවෙක් / දේශද්‍රෝහියෙක් වෙලා හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. හොඳම සහ වැදගත්ම දේ.. සත්‍ය කුමක් වුවත් මේ හැම එකක්ම සාපේක්ෂයි.. මට හොඳ එකා මගේ හොඳම යාලුවට වහ කදුරු වගේ..අන්න ඒ තරම් සරළයි කතාව. 

අන්න ඔතනයි අර හමුදා නිලධාරීන්ගේ හිත් තුල නිර්මාණය වෙන අභ්‍යන්තර ගැටලුව එන්නේ.. ඇයි යකඩෝ උනුත් මිනිස්සුනේ.. කොච්චර ‘ඔළුව කල්පනාවෙන්’ ඉන්න හැදුවත් සමහරවෙලාවට අර ‘රණවිරුවා’ උඩ එනවා.. මේක අර දොස්තර රුවන් ලියනවා වගේ PTSD තත්ත්වයක් නෙවෙයි.. May be just a brain fade moment or two.. එහෙම වෙලා මේ වගේ ‘දාර පිස්සුවක්’ කෙළියට පස්සෙත් තව ලෙඩක් එනවා.. ඒ කියන්නේ fight for pride.. නිකම්ම ඔලුව කසල සොරි සර් කියල ෂේප් වෙන්නේ කොහොමද.. 

‘යකෝ I’m a bloody one of most decorated war hero in this fucking country.. How about those days.. හමුදාවේ එකෙක්ය කියුවම මැස්සෙක්වත් උඩින් ඉගිල්ලුනේ නෑ.. Ask the bloody motherfuckers to do what they can do.. will see.. යුනිෆෝම් එක ගලෝල ගෙදර ගියත් මං කරපු දෙයක් කියපු දෙයක් වැරදියි කියල මම පිලි ගන්නේ නෑ..’ මෙන්න මේ තත්වෙට කියන ලෙඩේ නම් මම හරියට දන්නේ නෑ.. අපේ බාසාවෙන් කියුවොත් නම් Ego එක වගේ එකක් වෙන්නොනි. 

ඕකට එකතු වෙච්චි අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ෆේස් බුක් බැක් එක නැත්නම් රිෆියුසල් එක.. රැල්ල තමන්ගේ පැත්තට හැරුනොත් ඕනි සුනාමියකින් ගොඩ එන්න පුළුවන් බලයක් තියෙනවා මේ ෆේස්බුක් රැල්ලටත් දැන්.. සල්ලන් නෑ. 

දැන් කාගේද කොතනද වැරැද්ද?

උඩින් තැනක කියුවනේ ‘මිතුරන් එක්ක නැත්නම් මධ්‍යස්ථ මිනිසුන් එක්ක ගණුදෙනු කරන්න’ හමුදාවේ අය පුහුණු කිරීමක් ගැන.. නැත්තේ නෑ.. හමුදාවේ ඉහල නිලතල වලට යනකොට ‘නායකත්ව පුහුණු’වල ඉඳල බොහොම ඉහල මාණ්ඩලික නිළධාරී පුහුණු, අන්තර්ජාතික හමුදා කටයුතු පුහුණු, අධ්‍යයන කටයුතු, අන්තර්ජාතික සැසි, සම්මන්ත්‍රණ වගේ දේවල්, International humanitarian law, human rights, international relations, rules of engagement වගේ බොහෝ ඉහල මට්ටමේ පුහුණු ලැබෙනවා. හැමෝටම? නෑ. 

ඕනෙම හමුදාවක නිළ මට්ටමෙන් නොවුනත් නිලධාරීන්ගේ ශක්‍යතාවය මත යම් යම් විශේෂ කොටස් අඳුනගෙන තියෙනවා.. එහෙම එක කොටසක් තමයි carreer officers ලා කියල හඳුන්වන්නේ.. මේ අය සාපේක්ෂව academic පැත්තෙන් ඉදිරියෙන් ඉන්න ගමන් operational පැත්තෙනුත් ‘ජාම බේරාගෙන’ ඉන්නවා. ඒ වගේම ඉදිරියට යන්න අවශ්‍ය කරන අනිත් සුදුසුකමුත් සමහර වෙලාවට පුද්ගලික දේවල් කැප කරලා පවා ඉගෙන ගන්නවා. මොකද ඔවුන්ගේ අවශ්‍යතාවය ‘ඉහළටම’ යන්න. ඒකට වරදක් කියන්න බෑ. තව කොටසක් ඉන්නවා past glory එක මත නැත්නම් ‘ඒ කාලේ කරපු වැඩ’ මත survive වෙලා ඉන්න.. ඒ අය යම් තරමකට ඉහලට ගිහින් ගන්න පුළුවන් වරප්‍රසාද අරගෙන ‘ටුවර් එකක් දෙකක් ගිහින්’ ‘අඩියක් පුඩියක් ගහල’ පුළුවන් තරම් කාලයක් ඉඳල රැස්පෙක්ට් එකත් තියාගෙන විශ්‍රාම යනවා.. තව කොටසක් ඉන්නවා මාකට් කරන්න ලොකු හිස්ට්‍රි එකකුත් නෑ.. මහන්සි වෙලා ඉස්සරහට යන්න ඕනිත් නෑ.. තමන්ගේ ‘ටාගට්’ ටිකට යනකම් හමුදාවේ අණ පනත් නීති රෙගුලාසි එක්ක හැංගි මුත්තන් කර කර කාලේ ගෙවනවා.. තවත් කොටසක් ඉන්නවා බොහොම සාධාරණ විදියට තමන්ගේ කොටස ඉටු කරලා ලොකු සීන් මොකුත් නැතුවම නියමිත කාලේ ආවම විශ්‍රාම අරං අයින් වෙන. 

ඔය ‘carreer officers’ ලා අතරත් ඉන්නවා එක එක පැති වලට වැඩිපුර දක්ෂ අය.. සමහරු Admin වලට, සමහරු Operation වලට.. සමහරු Diplomatic Relation වලට.. ආ..න්න වචනේ ආවා.. හමුදාවලම ඉන්නවා Diplomatic Relation වලට දක්ෂ අය.. 

උපායමාර්ගිකව වැදගත් තානාපති කාර්යාල වලට Defence Attache කෙනෙක් විදියට අත්දැකීම් සහිත හමුදා නිළදාරියෙක් පත් කිරීම සිරිතක්. ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ දෙරට අතර තානාපති ගණුදෙනු වලට බලපාන ආකාරයේ ‘ආරක්ෂාවට සම්භන්ද’ ක්‍රියාවන් වලදී තානාපති තුමාට සහය වීම. ඔහොම කියුවට මේක හුඟක් වරප්‍රසාද සහිත වගකීමක්. පවුලත් එක්කම අදාල රටේ තානාපති වරප්‍රසාද සහිතව වසර දෙකක් පමණ සේවය කරන්න ලැබීමම කොච්චර දෙයක්ද? ඉතින් ගොඩක් දෙනෙක් ගේ හිත යට තියෙන හීනයක් තමයි ඉහලට යනකොට ‘defence attache’ පාරක් ගහන එක.. හෙහ්.. ඒකත් ඉතිං වරදක් නෑනේ.. 

හැබැයි එහෙම යන්න හීන මවන එකා.. තමන් ඒකට සුදුස්සෙක් වෙනකං ‘පුරුදු පුහුණු වෙන්න ඕනි.. කොච්චර දුරටද කියනවනම් තමන්ගේ ඉස්සරහ සිංහල මහා සෙනගක් ප්‍රභාකරන් මරල දාල කිරිබත් උයාගෙන කනකොට ඒකෙන් උද්දාම වෙලා තරු පටි උඩ දදා නටන්නේවත්.. තමුන් ඉස්සරහ දෙමළ ඩයස්පෝරා හරි මක්ක හරි එහෙක උන් ටිකක් ඇවිල්ලා.. ‘ඊළම අපේ.. ප්‍රභාකරන් අපේ නායකයා’ කියල කෑ ගහනකොට කොච්චර ඇඟේ ලේ නැටුවත්.. ‘යකෝ මම එඩිතර සිංහ’ලේ’ කොල්ලෙක්.. කපනවා තොපි ඔක්කොගෙම බෙලි’ කියල අභිනයෙන් වත් ප්‍රකාශ නොකර කොටිම්ම ‘ඩිප්ලෝමටික් ලෙවල් එකෙන්’ ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන තරමට තමාවම ශික්ෂණය කරගෙන සිටිය යුතුයි. 

ඒ වගේම ඩිප්ලෝමටික් වැඩවලට හමුදා නිලධාරීන් පත්කරනකොට ඥාති, හිතවත්, මිත්‍ර සංග්‍රහ නැතුව යුධ මානසිකත්වය නැතුව කළගුණ සලකන මානසිකත්වය නැතුව ජේෂ්ටත්වයට සලකන මානසිකත්වය නැතුව ‘සුදුසු පුද්ගලයින්’ පත් කරලා යවන්න අදාළ ඉහළ නිලධාරීන් කටයුතු කරන්න ඕනි.. හෙහ්.. විහිළුවක් වගේ නැද්ද? මේ ලංකාවේ..

අවසාන වශයෙන් අපි දැන ගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා.. හැම ‘හමුදා කාරයෙක්ම’ ලයිෂන් මිනීමරුවෝ නෙවෙයි.. හැම හමුදා කාරයාම ‘සතුරාට’ මුහුණ දෙන්න විතරක් උගන්නපු මැටි මෝල්ලුත් නෙවෙයි.. ඒ වගේම හැම හමුදා කාරයාම ‘Diplomatic mission’ වලට යවන්න පුළුවන් එවුනුත් නෙවෙයි.. හැම හමුදා කාරයම රණවිරු/ බියගුළු/ දේශප්‍රේමී/දේශද්‍රෝහී විදියට ලේබල් ගහල වෙන් කරන්න පුළුවන් එවුනුත් නෙවෙයි.. සරළවම කියනවනම් හමුදාව කියන්නෙත් ලංකාවේම.. මේ අපේ සමාජයේම කොටසක්.. ඉතින් අපි වපුරන බිජ වල ඵල අපිම නෙලා ගද්දි තව කාටවත් බැනලා වැඩක් වෙයිද?

Thursday, 25 January 2018

අන්න ගන්නවානම් මළ ගෙවල්! Not the length but the depth of life what matters..

Image result for sri lanka funeral
අතිවිශාල ජනකායක් සහභාගී වූ ලංකාවේ අවමගුල් 'උත්සවයක්'- පිංතුරය Google අනුග්‍රහයෙන්

සංසාර ගමන කෙසේ වෙතත් මේ කොලොම්පුරේත් ඉන් ඔබ්බටත් දුව දුව ජිවිතේ හොයන මේ ගමනේදීම අපිට හමුවෙන විවධ පුද්ගලයින් හා ඔවුන්ගේ චර්යා අධ්‍යයනය කරන එක ආයේ අමුතුවෙන් වෙලාවක් වෙන් කරන්න ඕනි නැති මගේ එක්තරා විනෝදාංශයක්.. යෙදිලා හිටි හා ඉන්න රස්සාවල හැටියට රට පුරාම ඇවිදින්න ලැබීමත් නා නා ප්‍රකාර මිනිසුන් ඇසුරු කරන්න ලැබීමත් නිසා මේ විනෝදාංශය ලේසියන්  ඉවරයක් වෙන එකකුත් නෙවෙයි..

මේ සති අන්තයේ යෙදුණු කටයුතු දෙකක් නිසා කොළඹින් පිට නොයා ඉන්න කලින්ම තීරණය කරලා තිබුනයින් තවදුරටත් මිත්‍රද්‍රෝහියෙක් නොවී තරුරසිගේ අලුත් නවකතාව 'දේශද්‍රෝහියා ගේ නිර්මල හෘදය' ගැන කතාබහට සෙනසුරාදා හවස්වරුවේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයට ගොඩ වෙලා එන්නත් බෝනස් අවස්ථාවක් ලැබුන.. පුළුවන් අය එතැනදී මුණ ගැහෙමු.
තරුරසී ගේ වැඩේ ගැන විස්තරේ..

සති අන්තයේ යෙදුන ප්‍රධාන කටයුත්ත මගුලක්.. මනමාලයට මගේ වයස.. ඒ කියන්නේ හරිනම් ජිවිතාබෝධය ලැබෙන්න ඕනි වයස.. ඒ උනාට මූ අමාරුවේ වැටෙන්න තීරණය කරලා.. ඒක උගේ කැමැත්ත කියමුකෝ.. වෙඩිම ගන්නේ කොළඹ තරු හෝටලේක.. කෑම පිඟානක් අස්ප ගානක් ලු.. ඒක නිසා ඉන්වයිට් කරනකොට මුලින්ම කියුවේ 'මචං බැචාලා විතරයි.. ෆැමිලි එක්ක පස්සේ සෙට් වෙමු' කියල.. ෆැමිලි එක්ක එන්න ගත්තොත් එකා හතර පහ වෙලා ඉන්න එකේ ඌට ඇඳන් ඉන්න කලිසමත් උකස් තියන්න වෙනවා.. ඌ නම් බලෙන් දා ගන්න ලෙඩක් නිසා ඌට වෙන අලාභය කෙසේ වෙතත් ඔතනට පවුල දක්කන්න ගියොත් අපිට වෙන අපහසුතා? හම්මේ ඉතීම් ඕනිම නෑ.. කොහොම හරි උගේ රෙස්ට්‍රික්ටඩ් ඉන්විටේෂන් එක නිසා අපේ සතුට උතුරා ගිහිං තමයි දෙවෙනි ඉවෙන්ට් එක සෙට් උනේ.. ඒ කියන්නේ ඉරිදා වැඩේට බැචා ල ඔක්කොම එන නිසා අපි තීරණය කරා සෙනසුරාද දවල් ඉඳලම වෙඩිම සමරන්න.. අන්න එහෙමයි අපි.. කොහොමත් වෙඩිමට කියල අපිට විශේෂයෙන් කරන්න දෙයක් නැති එකේ (සර්විස් ඉන්න උන් නම් archsword වත් ගහයි) අපේ අදහස කලින් දවසේ ඉඳල සප්පායම් වෙලා එතන ගිහින් එක බත් පිඟාන දෙන්න තුන්දෙනා ගානේ කාල අරුගේ බර ටිකක් හෑල්ලු කරන්න..  හරි.. කියන්න ගියේ වෙඩිමක් ගැන නෙවෙයිනේ.. ඔයිට හාත්පසින්ම වෙනස් 'අවවෙඩිමක්' ගැන..
Image result for Navy wedding arch sword
නේවි වෙඩිමක්..
****************************************************************************************

පෙරේදා රෑ.. ඔය මගුල සහ ගෙට් එක ගැනම කතා කරන්න මගේ බැචෙකුට කෝල් එකක් දුන්න.. මම කතා කරනකොට ඌ හිටියේ නුවර ඉස්පිරිතාලේ.. 'මචං වයිෆ් ගේ අම්ම ඇඩ්මිට් කලා.. ලියුකේමියාව' ඌ කියුව.. 'අහ.. සොරි මචං.. දැන් මොකද? මොකක් හරි උදව්වක් ඕනි වෙනවද? දන්නා අඳුනන කෙනෙක් සෙට් කර ගනිමුද?' මම ඇහුව.. 'නෑ මචං.. අවශ්‍ය ඔක්කොම ඉස්පිරිතාලෙන් වෙනවනේ.. අවුලක් නෑ.. අපි බලමු' ඌ කියුවම මම හෙටත් කෝල් එකක් දෙන්නම් මොනවා හරි ඕනේ කමක් උනොත් කතා කරපං කියල ෆෝන් එක කට් කරා..

ඊයේ රෑ.. වැඩ ඉවරවෙලා කාමරේට ගිහිං නිදහස්වෙලා රෑ නවයට විතර මම ආපහු කෝල් එකක් ගත්ත..

'මචං අම්මට කොහොමද?'

'ආ.. අම්ම නැති උනා මචං..'

'ඔහ්..... දැන් මොකද වෙන්නේ කොහෙද උඹ ඉන්නේ?' මට වෙන අහන්න දෙයක් කියන්න දෙයක් එක පාරට ඔලුවට ආවේ නෑ..

'ම්ම්ම්.. අපි අදම අවසන් කටයුතු කරා මචං.. අම්මත් කලින්ම කියල තිබ්බේ පැය විසි හතරක් යන්න කලින් වැඩ කරන්න කියල.. ඊයේ රෑ උඹ කතා කරලා ටික වෙලාවකින්..රෑ එකොළහට විතර අම්ම නැති උනේ.. වයිෆුයි එයාගේ අක්කයි දෙන්නම අම්ම නැති වෙනකොටත් ළඟ හිටියා.. පස්සේ අද උදේම මරණ සහතිකේ එහෙම අරගන්න හොස්පිටල් එකෙන්ම ගොඩක් උදව් කරා.. දුර ඉන්න නෑයින්ට එන්න එපා කියලම පණිවුඩේ කියුව.. කොළඹ ඉන්න එක පුංචි අම්ම කෙනෙක් විතරක් ආවා.. මහයියාවත් හවස රිසර්ව් කර ගන්න පුළුවන් උනා.. අපි ටික වෙලාවක් මල් ශාලාවේම මිනිය තියාගෙන ඉඳල හවස අවසන් කටයුතු ඉවර කරා..'

උගේ දීර්ඝ විස්තරේ ඉවර වෙනකොට මම මගේ උත්තරේ හදාගෙන ඉවරයි..

'මචං.. ලෝක චාරිත්තරේට කියල අපි මරණ බදාගෙන අනේ අපොයි කියුවට ඇත්තටම විය යුත්ත ඕක තමයි.. හැබැයි ඒක ඔය විදියටම කර ගන්න පුළුවන් උනා කියන්නේ උඹයි **යි (වයිෆ් ගේ නම) ග්‍රේට්.. ආයි ඉතින් ** ගැනවත් උඹ ගැනවත් අහන්න දෙයක් නෑනේ.. වෙරි ගුඩ් මචං.. මට කියන්න වෙන දෙයක් නෑ.. **ගේ අම්මට ට සුභ ගමන්.. **ගේ අම්ම නිසා ඒ අම්මත් අර වගේ හිතල තිබ්බ එක ගැන පුදුම වෙන්න දේකුත් නෑ.. "

ලක්ෂ ගණන් වියදං කරගෙන තව මිනිස් පැය දහස් ගානකුත් විනාස කරගෙන මිනී කුණ බදාගෙන පුරා සතියක් 'සෝක ආතල්' අර ගන්න අද කාලේ මළගෙවල් ගැනම අහල අහල අපි සමහරුන්ට මේ කතාව ඇත්තක්ය කියල හිතා ගන්න අමාරු නම් මගේ මේ යාලුවා හා ඔහුගේ බිරිඳගේ මේ කතාව පොඩ්ඩක් කියවල ඉමු.

ඔහු ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි නාවික හමුදාවේ නිළධාරියෙක්.. ඇය කොළඹ ඉස්කෝලෙක ඉගෙන ගත්ත මහරගම ජිවත් උණු ජයවර්ධනපුර රෝහලේ සේවය කල  වෘත්තීය හෙදියක්.. ඔවුන් විවාහ උනේ 2005 වසරේ වගේ.. මගේ යාළුවා කොළඹින් ඈත මංසන්ධියක් වීම නිසා අතිශය කාර්යබහුල වෙච්ච නගරයකට ආසන්න ගමක පදිංචිකරුවෙක්.. ඔහුට කවදාවත් ගමෙන් පිටට ඒමට ඕනි උනේ නෑ.. ඒ නිසාම ඔහු ගමේ ඉඩමකම මහා ගෙදරට කිට්ටුවෙන් ලස්සන පොඩි ගෙයක් හදල තිබ්බ.. ජෝඩුව විවාහ වෙලා පදිංචියට ගියේ මේ ගෙදරට.. ඇය රැකියාවෙන් ඉවත් උනා.. ළමයි දෙන්නෙක් ලැබුන.. සැමියා රස්සාවට යද්දී ඇය ගමේ ගෙදරට වෙලා ළමයි හදාගෙන හිටියා.. ළමයි ඉස්කෝලේ යන වයසට ආවම ගෙවල් ලඟම තියෙන කනිෂ්ඨ විද්‍යාලෙට දැම්ම.. ඊට අමතරව ගෙදර ඉඳගෙන ඈ ළමයින්ට අමතර දේ ඉගැන්නුවා. ලොකු දරුවා ඉතා විශිෂ්ඨ ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් උනාම ලඟම තියෙන නගරයේ මහා විද්‍යාලයට ඇතුල් කළා..

හොඳම එක.. විශ්‍රාම යාම සඳහා සුදුසු සේවා කාලය ආපු ගමන් ඔහු විශ්‍රාම යාමට අයදුම් කරා.. දැන් ඉන්නේ විශ්‍රාම යන්න කලින් ලැබෙන නිවාඩුව විඳිමින්.. හෙට අනිද්දට පුර්ණ විශ්‍රාම අරගෙන ගෙදරට වෙලා පුංචියට වගාවක් කරගෙන පවුලත් එක්ක ඉන්න ඔහු සුදානමින් ඉන්නේ.. නේවි එකේ හිටියානම් මේ උපරිම පහසුකම් ගන්න පුළුවන් කාලේ.. අවුරුදු 55ක් වෙනකං ඉන්න තිබ්බ.. ඒත් උන් ජෝඩුවට ට ඒවායේ තඹේක වටිනාකමක් නෑ..
Image result for A farmer in sri lanka with smile
මේ අව්‍යාජ හිනාවයි මල් මිටයි උඹල ජෝඩුවට... (ආ.. මගේ බැචා හොඳ බ්ලොග් පාඨකයෙක්.. මාතලන් ගැන චෙෆාකි ගැන අටම් ගැන නිතර මගෙන් අහනවා.. සමහර බ්ලොග් පොස්ට් ගැන අපි බෝතල් ගණන් වාද කරලත් තියෙනවා.. ඒක නිසා ඌ මේක දකිනවා ෂුවර්!) 

ඔව්.. පුදුම වෙන්න එපා.. තාමත් අපේ රටේත් ඒ වගේ හිතන වැඩ කරන මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා.. හැබැයි කොච්චර දැනගෙන හිටියත් මටවත් එක පාරට අර අවමගුල අවසන් කරපු සරළ පිළිවෙත විස්වාසේට ගන්න බැරි උනා කියහන්කෝ..

අනේ අපි කොයිතරං නම් පටලවගෙනද මේ ජිවිතේ?

Monday, 22 January 2018

අපේ ඩැඩා ගේ වැඩ හිටං.. While we wait for life; He enjoys it.....!

අපේ තාත්තා.. තාත්තා ගැන ලියන්න සෑහෙන කාලෙක ඉඳල හිතාගෙන ඉන්නේ.. ඒත් හරියටම ගලපගන්න බැරි උනා ඊයේ වෙනකං.. ඔන්න ඊයේ මට සෙට් උනා කොණක්..

දැන් මාසෙකට විතර කලින් දවසක් අම්මගෙන් කෝල් එකක් ආවා.. අද රෑ 'අරුම පුදුම රෝද හතර' බලන්න කියල.. ටීවී බැලිල්ලක් අපේ ගෙදර රුටීන් එකේ නැති නිසා මම කෝකටත් කියුව අම්මට ආපහු ඒක පටන් ගන්න කලින් කෝල් එකක් දෙන්න කියල.. ඒත් එදා වෙන මොකක් හරි හේතුවක් නිසා අපි බලාපොරොත්තු වුනු කොටස එදා විකාශය උනේ නෑ.. ඉතින් ඕක ඔහොමම අමතක උනා.. ඔන්න ඊයේ හවස ආයෙම කෝල් එකක් ආවා බදුල්ලෙන් 'අරක අද යනවලු' කියල.. ඒ පාර කෝකටත් කියල ඊයෙත් රෑ නවයට ටීවීයෙක ඉස්සරහ ඉඳගත්ත..

අරුම පුදුම රෝද හතරේ නිවේදකයා 'තනියෙම කන්දක් කපන්න ගත්ත චීන ගොවියෙකු' ගැන ඌණපූරණයකින් පටන් ගත්තේ.. ඒකත් නරකම නෑ.. ඒ වුනාට ඒ චීන ජාතිකයා බලාපොරොත්තු උනා වගේ තමන්ට බැරිවෙන හරිය තමන්ගේ දරුවන් කරයි කියල අපේ තාත්තා නම් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ.. එයා දන්නවනේ එයාගේ දරුවන්ගේ තරම..

අපේ ගම බදුල්ලේ නගර සිමාවේ කන්දක් උඩ තියෙන අලුත් ගමක්.. වෙල් යායවල්, වැව්, ගංගා වගේ ගමට සුන්දරත්වය ගේන විශේෂ කරුණු මොනවාවත් එහෙමටයි කියල මහලොකු 'ගමේ කමක්'වත් ඇති තැනක් නෙවෙයි.. වටේට තියෙන තේ වතු ටිකයි ගම පිටිපස්සෙන් තියෙන ගල් කන්දයි විතරක් උනත් 'ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටලා තියෙන අතිශය සුන්දර රමණිය භුමි භාගය' අයත් කන්දේම අනිත් පැත්තේ හෙවත් ඉතුරු භාගයේ  පිහිටලා තියෙන නිසා පොඩ්ඩක් කන්දට නැගල වටපිට බැලුවම නම් ලස්සනයි තමයි.. ගමේ මිනිස්සු කියපු විදියට ගමට තිබුණු ලොකුම අඩුව තමයි ගමටයි කියල පන්සලක් නොතිබුණු එක.. මිට අවුරුදු දහ දොළහකට කලින් ඒකට එක්තරා විසඳුමක් ලැබුන.. කොහේදෝ ඉඳල වැඩිය ඉරිසින්නාන්සේ කෙනෙක් බාවනානුයෝගිව වැඩ ඉන්නයි කියල අපේ ගම තෝරා ගත්තට පස්සේ ගමේ කෙලවරේ පුංචි බිම් කඩක උන්නාන්සේට පන්සලක් වෙන් කරලා දෙන්න ගමේ මිනිස්සු කටයුතු කළා.. පස්සේ මේ 'පන්සල' නගරාශ්‍රිත පන්සලක ඉන්න නායක ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ භාරකරත්වයටත් පත්වෙලා සඟ සතු දේපලක් බවටත් පත් උනාටත් පස්සේ අර ඉරිසින්නාන්සේ පංසල දාල යනවා..

ඔහොම කාලයක් අවතැන් වෙලා තිබ්බ පන්සලට ටවුමේ පංසලේ නායක හාමුදුරුවොන්ගේ ගෝල නමක් වෙන පූජ්‍ය කටුගස්තොට නාලකවංශ කියන මම කීප ආකාරයකින් ගරු කරපු ලොකු හාමුදුරුනමක් වඩින්නේ ඔය අතර.. අපේ තාත්තගේ පරම්පරාවත් පැවතෙන්නේ කටුගස්තොට ආශ්‍රයෙන් නිසා ටික කාලෙකින්ම දෙන්න හොඳටම සෙට් වෙනවා.. හාමුදුරුවෝ ගිහි කාලේ හොඳ බාසුන්නැහැ කෙනෙක් ලු. කලින් කියපු ලොකු හාමුදුරුවන් ළඟ පන්සල්වල තමයි වැඩ කරලා තියෙන්නේ.. පිළිම නෙලන්න, ගල් කැටයම්, ලී කැටයම්, චිත්‍ර, මේසන් වැඩ, වඩු වැඩ ඕනෙම වැඩක් ඇඟේම පිහිටලා තිබ්බේ.. පංසලේ ඉන්න ගමන් වැඩ නැති වෙලාවට තිබ්බ සේරම බණ පොත් කියවලා ගැඹුරු අභිධර්මය ඇතුළු බොහෝ ධර්ම කරුණු ගැන නායක හාමුදුරුවන්ටත් වඩා දැනුම රැස් කරගෙන තමයි මහණ වෙලා තියෙන්නේ.. ඒ මහණ වෙලා උපසම්පදාවෙන් පස්සේ අවුරුදු ගානක්ම දඹාන පැත්තේ මාවරාගල කියන ආරණ්‍ය සේනාසනයට වෙලා වනගතව භාවනා කරලා.. ඔහොම ඉද්දී නායක හාමුදුරුවන්ගේ ඉල්ලීමට තමයි ඇවිත් අපේ පංසල භාරගෙන තියෙන්නේ.. මම කැමති පළවෙනි කරුණ හාමුදුවන්ගේ ඒ ධර්මාවබෝධය..
කල්‍යාණ මිත්‍රයෝ දෙදෙනා 2010 වසරේදී.. 
ඒ වගේම හාමුදුරුවෝ හරිම කෙලින් කතා කරනවා.. කොටින්ම නායක හාමුදුරුවන්ට විතරක් නෙවෙයි මහා නායක හාමුදුරු නමකට උනත් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.. දායකයින්ටත් එහෙමයි.. මේ කරුණ නිසාම සමහරු හාමුදුරුවොත් එක්ක අමනාපයි.. ඒත් හමුදුරුවොන්ට ඒක ගානක් නෑ.. ආයේ මනාප කෙනෙක් කියල උනත් විශේෂයක් නෑ.. හොඳම උදාහරණෙ අපේ තාත්තා.. හමුදුරුවොන්ගේ ලඟින්ම හිටපු සගය උනාට මම හිතන්නේ හාමුදුරුවොන්ගෙන් වැඩිපුරම බැණුම් අහලත් ඇත්තේ අපේ තාත්තා තමයි.. ඒක මම කැමති තවත් ගුණයක්..

තව එකක්.. හාමුදුරුවෝ කිසිම ආකාරයකින් දේශපාලන සම්භන්දකම් තියාගත්තේ නෑ.. කිසිම දේශපාලකයෙක් පංසලේ කිසිම වැඩකට ගෙන්න ගත්තේ නෑ වගේම පංසලට ආපු කිසිම දේශපාලකයෙකුට සාමාන්‍ය දායකයෙකුට එහා විශේෂත්වයක් පෙන්නුවේ නෑ.. ඒ එක්කම හාමුදුරුවන්ගේ තිබ්බ උඩින් කියපු විශේෂ හැකියාවනුත් මගේ විශේෂ ආකර්ෂණයට හේතු උනා..

හාමුදුරුවෝ මුලින් පටන් ගත්තේ පෝය දවසේ ඉඳන් එක දිගට දවස් හතරක් කරන භාවනා වැඩසටහනකින්.. ඒ එක්කම කලින් නිකම්ම නිකං පන්සලක් වෙච්චි එක 'විපස්සනා භාවනා මධ්‍යස්ථානයක්' උනා.. ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නැති උනත් මට හිතෙන්නේ ඒ වගේ සංවිධානාත්මක වැඩසටහනක තිබ්බ රික්තයක් පිරවීම නිසාද මංදා හාමුදුරුවන්ගේ භාවනා වැඩසටහන ඉතාමත් ජනප්‍රිය උනා.. ඒ එක්කම බදුල්ල අවටින් විතරක් නෙවෙයි කොළඹ ඉඳල පවා පෝයට ඒ වෙනුවෙන්ම ඇවිත් නේවාසිකව ඉඳල භාවනා වැඩසටහනට සහභාගී වෙන කණ්ඩායම් පවා එන්න ගත්ත. ඒ නිසාම පන්සලේ භෞතික සම්පත් මදි කම ලොකුවට දැනෙන්න ගත්ත.. ධර්ම ශාලාවක්, වැසිකිළි කැසිකිලි පහසුකම්, නේවාසික බැතිමතුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් වගේ දේවල්.. ඒ වගේම වඳින පුදින තැන්, සක්මන් මළු, භාවනා කුටි වගේ වගේ දේවල් වල අවශ්‍යතාවයත් ඇති උනා මගේ හිතේ..

ඒත් ප්‍රතිපත්තියක් විදියට හාමුදුරුවෝ කිසිම කෙනෙක්ගෙන් කිසිම උදව්වක් ඉල්ලුවේ නෑ.. අඩුම තරමින් පන්සලේ විදුලි බිල ජල බිල ගෙවන්න සම්මාදමක්වත් ඉල්ලුවේ නෑ.. ඒ වෙනුවට විදුලිය නැත්නම් ගිනිමැලයක් ගහගෙන ඉන්න වතුර නැත්නම් ලිඳක් කපාගන්න එක තමයි හමුදුරුවොන්ගේ පිළිවෙල උනේ.. නමුත් දායක දායිකාවෝ එකතු වෙලා පංසල ගොඩ නැගුවා.. ඒ සියල්ලම හැසිරුවේ ලොකු හාමුදුරුවෝ.. දායක දායිකාවෝ එකතු වෙලා බුදු කුටිය හදනකොට උන්නාන්සේ ඒක ඇතුලේ ඉතාමත් කලාත්මක බුදු පිළිමයක් නෙළුව.. ඒක හරිම ලස්සනට පින්තාරු කරා..  උඩු වියනේ කලාත්මකව මල් කැටයම් චිත්‍රයට නැගුවා.. ගල් කටුවයි මිටියයි අරං කන්දෙන් පෙරලගෙන ආපු ගල් වල ලස්සන පහන් කෙටුවා.. ගමේ මිනිස්සු එක්ක එකතුවෙලා මහා ගල් පෙරලලා බැමි දාල කන්ද උඩට ලස්සනට ලස්සනට ගෙබිම හදල ඒ එක තැනක බෝධියක් රෝපණය කරා.. තවත් පැත්තක බුදු කුටිය හා දොළොස් මහේ පහන.. එතනින් උඩට එක තැනක ධර්ම ශාලාව.. අනිත් පැත්තට ගල් පොකුණක් හා සක්මන් මළුවක්.. එතනිනුත් උඩට ගියාම අලංකාර චෛත්‍යයක්.. මේ වගේ කිසිම දේශපාලකයෙකුගේ වත් ලොකු සල්ලිකාරයෙකුගේවත් ඇල්ම බැල්ම නැතුව පංසල දවසින් දවස ගොඩ නැගුනා..

අපේ මහා ජෝඩුවත් වගකීම් ඔක්කොගෙන්ම වගේ නිදහස් වෙලා පැන්ෂන් එකෙන් කකා හිටපු එක දවසින් දවස පන්සලටම සින්න වෙන්න ගත්ත.. මම කලින් වතාවක නාය යාම් ආධාර ගැන ලියුව වගේ මොකක් හම්බුනත් 'අනේ සාධු මේක පංසලට හොඳයි' කියල ඒ දේවල් පන්සලටම පුජා කරා.. පැන්ෂන් එක තාත්තගේ උනාට ඒවා කෙරුනේ නම් අම්මගේ අතින්.. අපේ තාත්තට සල්ලි වල අගයක් වගේ වගක් නෑ. ඉස්සර ඉඳන්ම එහෙමයි.. ඒ නිසාම අපිට වෙච්චි අවනඩුත් බොහොමයි.. ඒත් තාත්තා කවදාවත් වෙනස් උනේ නෑ.. එයාට තිබ්බේ බොහොම සරල අවශ්‍යතා ටිකක්.. හැබැයි යමක් පටන් ගත්තොත් කවුරු හිටයත් නැතත් ඒක අවසානයක් වෙනකම් හීන් සීරුවට කරගෙන යන්න තාත්තට ලොකු ආත්ම ශක්තියක් තිබ්බ.. එයාට භාහිර ලෝකේ වෙන්නේ මොකක්ද කියන්නේ මොනවද කියන එක තමන්ගේ වැඩේට අදාලම නෑ..

 අපේ තාත්තා අතින් අපිට බොහෝ අඩුපාඩුකම් වෙලා තියෙනවා.. ඒ කාලයක් තිස්සේ ඇබ්බැහි වෙලා හිටිය බීමත්කම නිසා හා ඒ එක්ක අපේ පවුලට ආපු අගහිඟකම් නිසා.. හැබැයි අපේ තාත්තා එදා ඉඳන්ම ලෝකෙට බොහොම හොඳ මිනිහෙක්.. බොන්නත් සිංදු කියන්නත් තිබ්බ ලැදියාව නිසා පවුලේ වගකීම් වලින් දුරස් උනාට තාත්තාට පවුලෙන් පිට කිසිම කෙනෙක් කිසිම දොසක් කියල නැතුව ඇති.. නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයෙන් පස්සේ තාත්තගේ බීමත්කම සම්පුර්ණයෙන්ම නතර උනත් සංගීතයට ලැදි බව නම් අඩුවක් උනෙම නෑ.. ඒ වෙනුවෙන් හාමුදුරුවන් කොච්චර දඬුවම් දුන්නත් හාමුදුරුවන්ට තාත්තව හදන්න බැරි උනා.. දඬුවම් කියන්නේ භාවනා කිරීමට අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය පවත්වාගෙන යන්න දීපු ටාස්ක්.. හැබැයි තාත්තා බොහොම සැහැල්ලුවෙන් ඒවා ඉවසල සින්දුවක් කියාගෙන හිටියා.. අන්තිමේ හාමුදුරුවොම දඹදිව ගිය වෙලාවේ හාමුදුවන්ගේ වියදමෙන් තාත්තට සර්පිනාවක් අරගෙන දීල හිත හදාගෙන තිබුන.. :)

නාලකවංශ හාමුදුරුවන්ගේ ආශ්‍රයට වැටුනම තාත්තාගේ ජිවිතේ එක පැත්තක් කෙලින්ම U turn එකක් ගැහුවා කියුවොත් හරි.. එතකං ජිවිතේ ලොකු වගකීමක් ගත්තේ නැති බරක් පතලකට ගත්තේ නැති අඩියක් පුඩියක් ගහල ජොලියේ සින්දුවක් කියාගෙන හිටපු තාත්තා එක වරම වගකීම් සහිත පුද්ගලයෙකු උනා.. පන්සලේ එකතුවෙන මුදල් හදල වල භාරකාරත්වය ලැබුනෙත් තාත්තට.. මහා ලොකු මුදලක් එකතු නොවුනත් ලැබෙන රුපියල පවා පිළිවෙලට සටහන් කරගෙන එයින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන පන්සලට අරන් දෙන්න තාත්තා කටයුතු කරා.. හැබැයි තාත්තට ඒ මදි උනා.. ලොකු හාමුදුරුවෝ බණ කියල අහවරවෙලා සිවුර ගලවල අඳනය පිටින් පංසලේ වැඩ කරද්දී තාත්තා ඒ වගේම තවත් බරපතල කටයුත්තකට අත ගැහුවා.. ඒ අර කන්ද උඩට උඩට පංසලේ තැන තැන හැදිච්ච වන්දනාමාන කරන ස්ථාන වලට හා ධර්ම ශාලා වලට යන්න පාරවල් හදන එක.. බැකෝ වලින් කපල මඩ වෙලා තිබ්බ කන්ද පාමුලම පන්සලට ඇතුළු වෙන තැනින් 'පාර හදන්න' තාත්තා පටන් ගත්ත.. කොහොමද.. කන්ද පුරා ඇවිදලා තමනට පෙරලන්න පුළුවන් ප්‍රමාණයේ විශාල තිරිවාන ගල් පෙරලගෙන ඇවිත් ගලෙන් ගල වලවල් හාරලා යට කරලා මතුපිට සුමට වෙන විදියට අඩි අටකට වැඩිය පළලින් වැඩි පාරක් තාත්තා 'තනියම' හදන්න ගත්ත.. ඔය වැඩේ පටන් ගන්නකොට තාත්තට වයස අවුරුදු හැත්තෑව පිරිලා.. සමහර දවසටම ගෙනල්ල යටකරන්න වෙන්නේ එක ගලයි නැත්නම් දෙකයි.. මාසෙට දවස් හතරක් සිල් සමාදන් වෙලා ඉතුරු දවස් හැම එකකම උදේම පංසලට ගිහිං තාත්තා වැඩ කරා.. එතන ඉඳල එක දිගට අවුරුදු හතකට ටිකක් වැඩි කාලයක් එහෙම වැඩ කරලා තාත්තා පන්සල පුරා කන්ද උඩට උඩට ඉතා අලංකාර ඒ වගේම ශක්තිමත් තනිකරම ගල් වලින් නිම කරපු පාරවල් මීටර් තුන්සියයක් පමණ 'තනිවම' හදල නිම කරා.. එක සත පහක වියදමක් නැතුව.. අද ඒ පාරෙන් කිසි ගැටළුවක් නැතුව වාහනයක් පංසල ඉහලටම ගන්න පුළුවන්..

පංසල ඉහත්තාවේම තියෙන අලංකාර චෛත්‍ය හදල නිම කරනවත් එක්කම වගේ තාත්තගේ 'රෝඩ් ප්‍රොජෙක්ට්' එකත් ඉවර උනා.. චෛත්‍ය හදල කොත නිරාවරණය කරන දවසේ ඉතා විශේෂ සිදුවීමක් උනා.. කොත නිරාවරණය කිරීමේ උත්සවයට වැඩම කරලා හිටපු ඌව පළාතේ සියළුම මහා සංඝයා ඉදිරියේ කටුගස්තොට නාලකවංශ හාමුදුරුවෝ මයික් එක අරගෙන මේ කටයුත්ත අගය කරලා චෛත්‍යයේ කොත නිරාවරණය කරන්න තාත්තාට ආරාධනය කරා.. ඒක හරිම සංවේදී මොහොතක් උනා..

මිනිහෙක්ගේ ජිවිතේ වෙච්චි වැරදිවලට ගෙවන වන්දි ගණනය කරන සිස්ටම් එකක් තිබුනානම් මට හිතෙන්නේ අපේ තාත්තා ඒවා පොලියත් වැල් පොලියත් එක්ක ඔක්කොම එකවර ගෙවා දමල තියෙනවා.. කඳු පාරේ මඩේ ලිස්සමින් කූඩැල්ලෝ එල්ලෙමින් ගිය පාරේ අද සැදැහැවතුන් සැහැල්ලුවෙන් තියන අඩියක් අඩියක් ගානේ ඒ පින් තාත්තට අනුමෝදන් වෙනවා නිසැකයි.. ඒ උනත් තාත්තා ඒ දේවල් වත් ලොකුවට ගණන් ගන්න එකක් නෑ.. සිංදුවක් කියල හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න තියෙනවනම් ඒක තමයි මම දකින තාත්තා අත්දකින සැනසීම..

අවුරුදු හැත්තෑනවයක හැරමිටියෙන් ඇවිදින මේ මහලු කොල්ලා හොයාගෙන රුපවාහිනියේ අරුම පුදුම රෝද හතරෙන් ගිය දවසේවත් ඒක වෙනස් උනේ නෑ.. මේ වීඩියෝවේ මුල් විනාඩි පහ හයෙන් අපේ ගමේ පංසලත් අපේ තාත්තගේ දාඩිය මහන්සියෙන් හදපු ඒ පාරත් අපේ තාත්තගේ සිංදු කෑල්ලකුත් අහගන්න පුළුවන්..

********************************************************
අවුරුදු 62 වගේ අඩු වයසකින් සසර ගමනේ අවසානයට ආසන්න නැවතුමකින් නික්ම ගිය ඒ කටුගස්තොට නලකවංශ නම් වූ ප්‍රිය යතිවරයාණන්ට මේ සටහන උපහාරයක් වේවා!




Friday, 19 January 2018

කවුද බොලේ මේ ඇලිස්? The latest blog CV or what? Anyway interesting..

මගේ ලෝකය පිරී තිබුණේ  රැකියාවත් නිවසත් අතර දෝලනය වුනු අප්‍රසන්න ඒකාකාරී බවකිනි. මගේ හිත මිතුරු සොයුරෙක් මේ ලෝකයේ නිදහසේ සැරිසරන්නෙකු වු අතර  මෙහි සිදුවන ජවනිකා පිලිබඳ  ඔහුගේ පම්පෝරි කතා පමණක් අසා තිබුනු මා හට  ඔහුගේ කයිවාරු කතා නිසාම මේ ගැන සොයා බලන්න ට සිතුනේ නිරායාසයෙනි . 
මා මෙන්ම මෙහි සිටින සියලු දෙනාත්  අද්‍යාපනයේ ඉහලට ගොස් විවිධ වු රැකියාවත් හි නිරත වුවන් වු අතර , මෙය ඔවුන් නිදහසේ හමුවන ප්‍රාසාංගීක සමාජ ශාලාවකි. මෙය, දවසේ අනිවාර්ය රාජකාරි වලින් හෙම්බත් වු සිත් සතන් , වෙහෙසින්  මුදවන  කදිම තෝතැන්නක්  බව මට මුලින්ම  හැඟිණ .
මෙහි රැදී සිටින්නන් ඕනෑම මාතෘකාවක් යටතේ කතා කිරීමට අති දක්ෂයෝය. සොඳුරු සිතුවිලි වලින් පිරුණු මනස් ඇත්තවුන් , ඒවා අපූරුවට පද පේලි බවට හරවති. ඒ සැනෙකින්  ඒවාට සෞන්දර්යාත්මක ව උත්තර බැඳීමට ද ඔවුන් අති දක්ෂයෝය.
හෝව්.. හෝව්.. මේ මට හිතිච්චි දෙයක් නෙවෙයි.. අලුතෙන් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත බ්ලොග්කාරීනියකට හිතුන දෙයක් හිටං.. කියෝලා බලන්න වටිනවා.. 
ගිහිල්ල බලල තමුන්ට හිතෙන දේත් කියල ඒ ලියන උදවියට සහයෝගයක් දීල එනවා හොඳයි.. 

Thursday, 18 January 2018

ඩබල්ලේ උඩුවෙල! Deep down the memory lane..

ඉස්කෝලේ කතාවක්ද සුනාමි කතාවක්ද මොකක්ද මංදා.. මොකක් උනත් අම්බලන්ගොඩයාගෙන් එහෙම මෙහෙම කතන්දර අහන්න බෑනේ.. ඒක නිසා ඔන්නොහෙ ලියනවා.. මේකේ මුලක් මැදක් අගක් නෑ.. එහෙම එකක් ගැන මගෙන් අහන්නත් එපා..

ඒ 1988 අවුරුද්ද.. මම මහා විද්‍යාලෙට ආවේ ජනවාරි 18 වෙනිදා.. මම එනකොට පන්ති බෙදල.. මාව දාල තිබ්බේ A පංතියට.. හැබැයි එහෙම ඉන්න උනේ බොහොම ටික දවසයි.. අපිව කඩල දැම්මනේ D පංතිය හෙවත් කුස්සියට.. ගෘහ විද්‍යාව උගන්නපු මානෙල් ටීචර් තමයි අපේ පන්ති බාර.. ගෘහ විද්‍යාව ඉගෙන ගත්තේ ගෑල්ලමයි විතරක් නිසාද කොහෙද ඒ ටීචර් පන්තිදීත් වැඩිපුර හිටියේ ගෑල්ලමයි එක්ක තමයි.. මානෙල් ටීචර් මට හොඳටම මතක මටයි නදිෂයාටයි දීපු දඬුවමක් නිසා.. ඒක වෙනම ලියන්න ඕනි.. ලියල තියෙනවා මගේ හිතේ මෙතනද කොහෙද.. මේ ලියන්න ගත්තේ 'උඩ්ඩ' ගැන..

අපිව D පන්තියට දාල ටික දවසකින් 'මල්ලිකා' ටීචර් ඇතුළු සෙට් එකක් ආව අපිව 'නිවාස' වලට බෙදන්න.. මල්ලිකා ටීචර් ව විතරක් මතක ඇත්තේ පස්සේ කාලෙක අපේ 'ආදරණියම' ගුරුතුමියක් වීම නිසාත් එතුමියගේ 'උස' හා සුදු සාරිය නිසාත් වෙන්න පුළුවන්.. කොහොමත් මේ පැටලිල්ල උනෙත් මල්ලිකා ටීචර්ටම තමයි.. කොහොම හරි ඔය නිවාස බෙදන සීන් එකේදී ටීචර් අපි එක එක්කෙනාගේ නම් අහගෙන ගියා.. අපි ඉතින් පිළිවෙලට නම් කියුව.. සුමිත් කළනසිරි, නදීෂ අබේසිංහ, පමල් පියංක අමරකෝන් ඔහොම කියාගෙන යන ගමන් මෙන්න එකෙක් කියපි 'ඩබල්ලේ උඩුවෙල' කියල..

මට ඇහුනේ හාමුදුරු කෙනෙක්ගේ නමක් වගේ.. ඒ පැත්ත බැලුවම අම්මප ඉන්නවා එකෙක් ගෝරිලි පැටියෙක් වගේ අතකින් කටත් වහගෙන.. නම අහන්න අහන්න අරකම කියනවා කට අතින් වහගෙන.. ටීචර් ටත් තේරුනේම නෑ. කොහොම හරි ටීචර් ලා දෙතුන් දෙනාම අහල අහල අන්තිමේ කියුව ඒ.ඒ. උඩුවෙල කියල.. ඒ.ඒ. කියන්නේ අරුණ අනුරුද්ධ කියන එක.. යකෝ මෙච්චර ලස්සන නමක් තිබිල කියපන්කො කට ඇරලා අරුණ අනුරුද්ධ උඩුවෙල කියල.. හෙහ්.. එහෙම කියන්න බැරි .. මම කියුවේ කට ඇරලා කියන්න බැරි පොඩි කේස් එකක් තිබුනනේ ඌට.. ඒක දන්නේ පස්සේ.. එදා ඉඳන් උගේ කාඩ් එක 'කැන්ගරු පොකට්'..
පොකට් එකේ පැටියෙක් දාගෙන ඉන්න කැන්ගරුවෙක්ගේ ඉමේජ් එකක් ඉස්සුවේ ගුගල් ඉමේජ් වලින් හිටං
මේ කැන්ගරු පොකට් නොහොත් ගොරිල්ලා නොහොත් ඩබල්ලේ උඩුවෙල නොහොත් අපේ උඩ්ඩා සුපිරිම චරිතයක්.. පිටින් පෙනිච්ච මනුස්සයාට වඩා බොහොම හිතවත් මිත්‍රශීලි ඒ වගේම හොඳ විනෝදකාමී කොල්ලෙක්.. ඉස්කෝලේ තාප්පෙන් එහා පැත්තේ උන්ගේ ගෙදර පිහිටා තිබීම නිසා අපෙන් ඌට වෙච්චි කරදර අලාභහානි මෙච්චරක්ය කියන්න බැරුව ඇති.. ඌට ගෙදරින් තිබ්බ සම්බාධකත් බැලන්ස් කරගෙන අපිවත් එන්ටර්ටේන් කරන්න ඌ ගත්ත මහන්සියේ තරමට වඩා ගොඩක් ලොකු මහන්සියක් ඌට ගන්න උනා අර පත සරිරෙත් උස්සන් අපිත් එක්ක එක සීරුවට ඉස්කෝලේ තාප්පෙන් උන්ගේ වත්තට පනින්න..

මම මුලින්ම ලෑන්ඩ් ෆෝන් එකකින් ටැප් කරලා කෝල් එකක් ගන්න ඉගෙන ගත්තේ උන්ගේ ගෙදරින්.. එතකොට කාඩ් ගහන්න, කැරම් ගහන්න වගේ ක්‍රීඩා ත් ප්‍රගුණ කරන්න පුළුවන් උනා.. ඒ ඔක්කොටම වඩා තාම මතක 'ලෙච්චිමි' ගේ කූල් ඩ්‍රින්ක් එක.. 'බේබිමාතියා.. ලොකු නෝනා ආවොත් මාත් යිවරයි..' කිය කියා ලෙච්චිමි අපිට හැමදාම බිස්කට් එක්ක කූල් ඩ්‍රින්ක්ස් හදල දෙනවා.. ඉස්කෝලේ ඩබල් පීරියඩ් සෙට් වෙච්චි තාක්ෂණික සෞන්දර්ය වගේ විෂයන් තියෙන දවස් කියන්නේ ලෙච්චමී ට වැඩ වැඩි දවස්.. මොකද අපි අනිවාර්යයෙන් තාප්පෙන් පැනල 'උඩ්ඩා'ලගේ ගෙදරට යනවනේ.. අනේ.. ඌ අපි වගේ එහෙම මැරෑටියෙක් වත් නොසන්ඩාලයෙක්වත් නෙවෙයි.. ඌට පීරියඩ් කට් කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ.. ඒ උනාට 'අපි වෙනුවෙන් අපි' කියල ඌ අනිවා අපිත් එක්ක එනවා..

ඇඩ්වාන්ස් ලෙවල් ක්ලාස් වලදී මට උඩ්ඩා එක්ක ලොකුවට සෙට් වෙන්න බැරි උනත් හම්බෙච්චි හැම වෙලාවකම පරණ ලෙන්ගතුකම එහෙමම තිබ්බ.. මට උඩ්ඩාව ඉස්කෝලෙන් පස්සේ හම්බුනේ දෙතුන් වතාවයි.. ඒ හැම එකක්ම වගේ අපි උන්ගේ ගෙදර ගිය වෙලාවල විතරයි.. ඒත් අන්තිමට හම්බුනේ 2003/ 2004 වගේ අහම්බෙන් හාලිඇලදී.. ඒ කාලේ මට වාහනයක් නොතිබ්බත් කාගේ හරි අටමගලයක් පැදගෙන ගිහින් දවසක් හාලිඇල දී හුළං බැහැල ටයර් කඩයක් හොයන් යන්න උනා.. බැලින්නං ඒ හාලිඇල ටයර් කඩය කරේ උඩ්ඩා.. ඉතිං තව මොනවද? සෑහෙන්න ආගිය තොරතුරු කතා කර කර ඉඳල ජංගම දුරකථන අංක එහෙමත් හුවමාරු කරගෙන අපි වෙන්වුනා.. ඒත් ආයේම කවදාවත් අපිට කතා කරන්නවත් හම්බ වෙන්නවත් උනේ නෑ.. 2004 සුනාමියෙන් පස්සේ දවසක හදිසියේ නදීෂයාට කෝල් එකක් ගන්න කොට ඌ ඒ අසුබ ආරංචිය මට කියුව..

'මචං උඹ දන්නවද? යාල පැත්තේ ට්‍රිප් එකක් ගිහිං ඉද්දි උඩ්ඩා සුනාමියට අහුවෙලා බං.. ශිහ්.. මාර අපරාදේ..' 'අයියෝ'.. මට කියවුනේ එච්චරයි.. උඹ මැරුණට 'මහ විද්‍යාලේ' වගේම අපේ හිත් වල හැමදාම ජිවත් වෙනවා මචං.. කවද හරි ආයෙම සෙට් වෙමු' .. එතකං උඹට සුභ ගමන්!

(අපි BMMV 95 කණ්ඩායම කියල බුකියේ ගෘප් එකක් හදාගෙන පොඩියට කරගෙන යනවා.. මේ එතන ලියපු එකක්.. පස්සේ හිතිලා බ්ලොග් එකේ එල්ලුවේ.. 'දැනුණේ' නැත්නම් ගණන් ගන්න එපා)