Monday, 22 March 2021

උතුරේදී සැනසෙන දකුණේදී වැනසෙන හරිත වනය!

2021.03.22 දින The Island පුවත්පතේ පළවුණු හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් රවී විජේගුණරත්න විසින් රචිත "Re-foresting in North and de-foresting in South" ලිපියේ අනුවර්තනයකි.

******************************************************************************************

පසුගිය දිනෙක මා විවේකීව පසුවන මොහොතක දිගුකලක් මාගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කල නාවික හමුදාවේ විශ්‍රාමික කමාන්ඩර් චතුර ගමගේ ගෙන් මා වෙත ලද දුරකථන ඇමතුමකි. "Sri Lanka expects every man to perform his duty" යන මාගේ පෙර ලිපියෙන් හඳුන්වා දී ඇති පරිදි කමාන්ඩර් චතුර ගමගේ යනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලගණය බිහිකළ තවත් එක් සුවිශේෂී නිලධාරියෙකි. යුධයේදී ලද තුවාලවල පසු අපහසුතා සමඟ පසු කලෙක විශ්‍රාම යනවිට ඔහු පස් වරක් 'රණ ශූර පදක්කමෙන්' පිදුම් ලබා සිටියේය. තවදුරටත් හේ තොරතුරු තාක්ෂණයේ GIS & Remote Sensing විෂය පථය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිදාරියෙකි. ඉදින්, හදිසියේ මෙන් මා චතුරගෙන් ලද දුරකථන ඇමතුමෙන් කියවුනේ කලකට පසු හද ප්‍රීතියෙන් උතුරායන අන්දමේ පුවතකි. "සර්, සර්ගේ උත්සාහය ලස්සනට ඵල දරලා.. යාපනේ අවට දූපත් ඔක්කොම කොළ පාටින් ලස්සනට පේනවා.. මම සර් ට ගූගල් ඉමේජස් එවන්නම්!". 

සින්නම්මා, ඇගේ මත්ස්‍ය ඵලදාව සමඟ වැඩෙන නොගැඹුරු උතුරු මුහුදු සිමාවේ කඩොලාන! 

ඒ ඡායාරූප නැරඹීම මා හට ඉතා ප්‍රීතිදායක කටයුත්තක් විය. 2011 වසරේදී ඉතා කුඩා ව්‍යායාමයක් ලෙස අප ආරම්භ කල කඩොලාන නැවත වගා කිරීමේ වැඩසටහන නිසා මේ වනවිට උතුරු අර්ධද්වීපයේ කරෙයිතිව්, කයිට්ස්, මණ්ඩතිව්, පුන්කුඩුතිව්, එළුවතිව්, අනලතිව් සහ නාගදීප පුදබිම පිහිටි නයනතිව් යන දූපත් නැවත වරක් හරිත පැහයෙන් බැබළීමට පටන් ගෙන ඇත. 

2011 වසරේ මා උතුරු නාවික විධානය බාර ආඥාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ අප විසින් කල නිරීක්ෂණයන්ට අනුව එක්තරා පිරිසක් විසින් දිගින් දිගටම මේ කඩොලාන කැලය දර සඳහා කපා දමමින් සිටින බව වටහා ගැනීමට හැකි විය. දිනපතා මෙම දූපත් අතර මාර්ගයන්හි ඉතා විශාල ලෙස දර පටවාගත් බයිසිකල් නිතර ගමන් කිරීම එකල සුලභ දසුනක් විය. ගෘහස්ත අවශ්‍යතාවයන්ට එහා ගොස් ව්‍යාපාරයක් ලෙස විශේෂයෙන්ම පාන් පෝරණු සඳහා ඔවුන් මෙලෙස කඩොලාන කපා දැව සැපයීම සිදුකරයි. හොඳ හයිය දැව කඳන් වූ කඩොලාන ශාක වියළුණු පසු පෝරණු සඳහා කදිම ඉන්ධනයක් විය. 

මෙම දූපත් භුමි වල ආරක්ෂාව නාවික හමුදාවේ වගකීමකි. මගේ පළමු පියවර වූයේ පොලිසියේ සහය ඇතිව මෙම අනවසර කඩොලාන කපා දැමීම වහාම නතර කරවීමයි. කලක් යනවිට අබාවයට යමින් තිබූ කඩොලාන පරිසරය නැවත දළුලා වැඩෙමින් පැවතිනි. ඒ සමඟම දූපත් ආශ්‍රිත මුහුදේ මාළු ගහණයද ක්‍රමානුකුලව ඉහල ගියේය. විශේෂයෙන්ම ඉස්සන්, කකුළුවන් හා පොකිරිස්සන් ඵලදාව ඉතා සරු විය. ඔබ දන්නා පරිදි ඉස්සන් කකුළුවන් වැනි මත්සයින් බිත්තර දමනු ලබන්නේ මේ කඩොලාන ආශ්‍රිතව සැඟවුණු අඳුරු මුහුදු සිමාවේයි. අනෙක් විලොපිතයන්ගෙන් ආරක්ෂාවී තම ගහණය බෝ කර ගැනීම සඳහා ඔවුන්ට මෙම පරිසරය ඉතා වැදගත්වේ. 

මේ අතර මගේ උපදෙස් මත එවකට උතුරු නාවික විදානයේ මගේ නියෝජ්‍ය අඥාපතිවරයා ලෙස සේවය කල පසුකලෙක නාවික හමුදාපතිවරයා වී දැනට ඇෆ්ගනිස්ථානයේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන අද්මිරාල් පියල් ද සිල්වාගේ මැදිහත්වීමෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් යෝජනා හා සැළසුමකට අනුව මෙම දූපත් යාකරන මාර්ග දෙපස කඩොලාන අලුතින් සිටුවීමේ වැඩසටහනකට අත ගැසුවෙමු. ආරම්බයක් ලෙස අපි කරෙයිනගර් දක්වා දිවෙන මාර්ගයේ දෙපස කඩොලාන ශාක සියයකට වැඩි ප්‍රමාණයක් සිටවුයෙමු. නමුත් තෙමසක් පමණ ගතවෙද්දී මේවා මුහුදු ජලයට සෝදාගෙන ගොස් අපේ ව්‍යායාමය අසාර්ථක විය. උත්සාහය අත් නොහළ අපි නැවත නැවතත් එහි පැල සාම්පල වගා කල නමුත් ඒ හැම අවස්ථාවකදීම එය අසාර්ථක විය. පැය හයකට වරක් නැගෙන බසින වඩදිය හමුවේ වැඩෙන පැල වල මුල් සෝදාගෙන යාම ප්‍රධාන අභියෝගය බව වටහාගෙන 2017 වසර වනවිට උතුරු විධානයේ නාවික ආඥාපතිවරයා ලෙස අද්මිරාල් පියල් සහ කණ්ඩායම විසින් සුළු පිළියමකින් සාර්ථකව කඩොලාන අලුතෙන් වගාකිරීමේ සටන ජයගන්නා විට අපි අප්‍රතිහත ධෛර්යයෙන් පුරා වසර 6ක් පමණ නොසැළී නොපසුබටව මේ වෙනුවෙන් කැපවී සිටියෙමු. මේ ක්‍රමයෙන් කරෙයිනගර් කළපුව අවට පමණක් කඩොලාන පද්දති 600ක් පමණ අලුතෙන් පැල කිරීමට අපේ කණ්ඩායමට හැකිවිය. 

කඩොලාන විනාශකිරීම වැලැක්වීම හා නැවත සිටුවීම පිළිබඳව වැඩියෙන්ම සතුටු වූ අයෙක් වේනම් ඒ 'සින්නම්මා'යි. අතංගුවක් ගෙන කඩොලාන ආශ්‍රිතව කකුළුවන්, ඉස්සන් හා පොකිරිස්සන් ඇල්ලීම ජීවිකාව කරගෙන ගිය ඈගෙන් තරුණ නිළධාරීන්ව සිටි අවධියේ සිට අපි සති අන්තවලදී ඉස්සන් හා කකුළුවන් මිලට ගැනීමට පුරුදු වී සිටියෙමු. යාපනයේ ප්‍රකට තල් රා සමඟ මිරිස් සැරට හැදු මේ කලපු ඉස්සන් කකුළුවන් ඉතා අගේට මුසුවෙයි. කඩොලාන සංරක්ෂණය සමඟ ඉහලගිය සින්නම්මාගේ මත්ස්‍ය ඵලදාව සිංගප්පුරුවට කකුළුවන් අපනයනය කරන අතරමැදියෙකු විසින් කිලෝවක් රුපියල් එකසිය විස්ස බැගින් මිලදී ගත අතර සින්නම්මා ඒ පිළිබඳව සතුටින් පසු වුවාය. කවදත් නාවික නිලධාරින් සමඟ කුළුපගව කටයුතු කල ඈ පසුකලෙක අපේ කඩොලාන වැවීමේ හා සුරැකීමේ ව්‍යාපාරයේ සිවිල් පෙරගමන්කාරියක වුවාය. 

නාවික හමුදාවේ මැදිහත්වීමෙන් මේ දූපත් වාසීන්ගේ ජීවිතවලට ගෙන ආ මෙම හරිතාලෝකය දැන් ඔවුන් විසින්ම ඉතා උනන්දුවෙන් රකිනු ලබයි. ඔවුනතර කිසිවෙකු දැන් කඩොලාන පද්දතියට හානි කිරීමට ඉදිරිපත් නොවන සේම පිටස්තරයෙකුට එසේ කිරීමටද ඉඩ  නොදීමට වග බලා ගනියි. කමාන්ඩර් චතුර සැටලයිට් ඉමේජ් ඔස්සේ නිරීක්ෂණය කර මා වෙත ලබාදුන් ඡායාරුප වල හරිත පැහැය මා අමන්දානන්දයට ලක්කලේ එලෙසයි. 

නමුත් දකුණේ තත්වය..

මා විසින් රචිත "Read between the lines" කෘතියේ 42 වන පිටුවේ සඳහන් කර ඇති ආකාරයට: 
        ' ඔබ කුඹුක්කන් ඔය අසලට ගිය විට එයට කුඹුක්කන් ඔය යන නම ලැබුනේ ඇයිදැයි ඔබට නිතැතින්ම වැටහී යනු ඇත. ගඟ දෙපස එක සීරුවට  පෙනෙන මානයේ ඔබට සරුවට විශාලව වැඩුණු කුඹුක් ගස්  සිය ගණනක් එසේත් නොමැතිනම් දහස් ගණනක් දැකිය හැක. එය ඔබට කිසිදා අමතක නොවන අගනා දර්ශනයකි. දෙවියන්ට ස්තුති වේවා! මේවා මිනිස් වාසයෙන් සෑහෙන දුරකින් පිහිටා තිබීම නිසාම ආරක්ෂිතව වැජඹෙනවා විනා මිනිස් ඇත පොවන මානයක වූවානම් මේ වනවිට මුලින් කපා හෙලා දමා සල්ලිකාර හීනමාන මන්දිරයක පොළොවක පෑගෙමින් දුක් විඳිනවා ඇත.

මා තේරුම් ගත පරිදි ස්වභාවධර්මයේ පරම හතුරන් මේ සල්ලිකාර හීනමානකාරයින් වේ'

මා එසේ ලියුවේ 2018 වසරේදීයි. මාගේ ඒ ප්‍රකාශනයෙහි හරි වැරැද්ද මම නොදනිමි. නමුත්, 2020 වසරේ මා යාල මහකැලේ කතරගම පාද යාත්‍රාවේ දී සිටන විට දුසු දසුනකින් තැති ගැන්මට ලක්වී සිටිමි. කුඩා කැබිලිත්ත ඓතිහාසික මුරුගන් දේවාලය අසලින් ගලා බසින කුඹුක්කන් ඔය ඉවුරේ වසර තුන්සියයකට වඩා පැරණි යැයි සිතිය හැකි දැවැන්ත කුඹුක් ගසක් මුලින් ඉදිරී වැටි තිබුණු අතර හාස්කමක් ලෙස මුරුගන් දේවාලයට කිසිදු හානියක් සිදුවී නොතිබුණු නමුත් එම දැවැන්ත ගස ඒ වනවිටත් කොටන් කර ලොරිවලට පැටවීමට පිරිසක් ක්‍රියා කර තිබුණි. අතිශය දුෂ්කර එමෙන්ම හැම අතින්ම ආරක්ෂාව සපයා ඇති මෙම ඝන වනාන්තරය තුල මෙවැනි අතපෙවීමක් කරන්නට හැකි කාටද?

මේ උතුරෙන් පාඩම් ඉගෙන ගැනීමට දකුණට හොඳම කාලයයි!



- විශ්‍රාමික අද්මිරාල් රවී විජේගුණරත්න.

කතෘගේ පූර්ණ අනුමැතිය ඇතිව සිංහල බසට අනුවර්ථනය 'කල්‍යාණ මිත්‍ර'ගෙනි. 

27 comments:

  1. "ඔවුනතර කිසිවෙකු දැන් කඩොලාන පද්දතියට හානි කිරීමට ඉදිරිපත් නොවන සේම පිටස්තරයෙකුට එසේ කිරීමටද ඉඩ නොදීමට වග බලා ගනියි"

    😍😍

    ReplyDelete
    Replies
    1. අපේය කියල යමක් ඇඟට දැනුනම හැමෝම එහෙම බලා කියා ගන්නවා!

      Delete
  2. "ඔවුනතර කිසිවෙකු දැන් කඩොලාන පද්දතියට හානි කිරීමට ඉදිරිපත් නොවන සේම පිටස්තරයෙකුට එසේ කිරීමටද ඉඩ නොදීමට වග බලා ගනියි"

    😍😍

    ReplyDelete
    Replies
    1. උදේෂ් ටත් කම්මල සින්ඩ්‍රෝම් ඇවිත්ද නැත්නම් කම්මලට බ්ලොග් එකට එන්න අමතක නිසා ඒ වෙනුවෙන් අමතර කොමෙන්ටෙකක් දැම්මද? :))

      Delete
  3. නරකද පරිවර්තන වැඩෙට බැස්සොත්. සමහර අය ලියන පරිවර්තන ගූගල් ට්‍රාන්ස්ලේට් වගේ.එහෙම බැලුවාම මේව රත්තරන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ. ගූගල් ට්‍රාන්ස්ලේෂන් එක්ක බැලුවම ඊට වැඩ හොඳ උනාට පරිවර්තකයෙක් වෙන්න තව ගොඩක් ඉගෙන ගන්න වෙනවා. විශේෂයෙන්ම මගේ අක්ෂර වින්‍යාසය ගැන සෑහෙන්න සැළකිලිමත් වෙන්න වෙනවා. හිතේ අදහසක් තියෙනවා කවද හරි මේ වගේ යුධ සාහිත්‍යයට සම්බන්ද කෘතියක් දෙකක් පරිවර්තනය කරන්න. දැන්ම නම් නෙවෙයි ඒත්.. ඒකට කාලය ආව දවසක.

      Delete
  4. නාවිකයා කවදාවත් වයසට නොයන්නේ ඇයි?
    නාවිකයා කාලය සමග වියැකී යනවා පමණයි..

    නාවිකයාගේ සදා කාලින ප්‍රේමය මහා මුහුද වන්නේ ඇයි?

    බෝල්ටික් මුහුද පිහිටා ඇත්තේ යුරෝපා මහද්වීපයේය. බෝල්ටික් රටවල් ලෙස සැලකෙන ස්කැන්ඩිනේවියා, ෆින්ලන්තය, ලැට්වියා, ලිතුවේනියා, එස්තෝනියා වැනි යුරෝපා රටවලට මැදිව බෝල්ටික් මුහුද පිහිටා ඇත. ඒ, වර්ග කිලෝ මීටර් 3,77,000 ක් පුරාය. බෝල්ටික් මුහුදේ උපරිම ගැඹුර අඩි 1,506 කි. දූපත් රැසක් ද පිහිටා ඇත. බෝල්ටික් මුහුද අබිරහස් පිරි ගුප්ත තැනක් පමණක් නොව, නැව් ගිලින තැනක් බවට ප‍්‍රකටය. මුහුදු පතුළේ ඇත්තේ නැව් සොහොනකි. දහස් ගණනක් නැව් බෝල්ටික් මුහුද විසින් ගිල ගෙන ඇතැයි පැවැසෙයි. සීතල මෙන්ම ප‍්‍රචණ්ඩ බෝල්ටික් මුහුදේ ගමන් කිරීමට ඉදිරිපත් වන්නේ නිර්භීත නාවිකයන් අතරින් අතලොස්සක් පමණි.

    මේ මොහොතේදීත් සීතල ,අඳුරු, ප්‍රචණ්ඩ බෝල්ටික් සාගරය හරහා යාත්‍රා කරනා ඒ නිර්භීත නාවිකයන් හිරු නැගෙනා විටත්, හිරු බැසයන විටත් සිහිපත් කරමු.

    ReplyDelete
  5. විස්සෙත් හයයි, දහනවයෙත් හයක් ලියා
    හැට්‍රික් එකකටද යන්නේ මේ කමියා
    පරිවර්තනයකින් හරි හිටියොත් නොලියා
    ඔබ හැර යාවි සිංහල කත ටිකිරි ලියා

    ReplyDelete
    Replies
    1. නිදි ලියනවා..
      මම නිදියනවා..
      අබියෝගේ ගන්නවා..
      විසි එකෙත් අඩුම හයක් ලියනවා.. :))

      Delete
    2. මැනවි, මැනවි. ඉතා මැනවි
      සුපුරුදු ලෙස ලියනු මැනවි

      Delete
  6. දැන් මෙහෙ තත්වයනම් කැලෑකපන්නෙ කවුද මොකටද, ඒ අය පස්සෙ ඉන්නෙ කවුද, ඒකට විරුද්ධ කවුද මොකටද, ඒ අය පස්සෙ ඉන්නෙ කවුද කියල තර්ක කරමින් ඉන්න වෙලාවක් නෑ. වහාම කැලෑ එලිකිරීම නවත්වන්නයි ඕනෙ. වෙන දේවල් වගේ ආයිත් රෙපෙයාර් කරන්න බෑ අවු දහස් ගාණකින් මෙහා.

    ReplyDelete
    Replies
    1. යේස්. විත් ඉමීඩියේට් ඉෆෙක්ට්! නේවි බාසාවෙන් කියනවනම් proceed with utmost dispatch :/

      Delete
  7. එල ද බ්‍රා...
    පරිවර්තනයට අවසර දුන්න රවි මහතාටත්
    උබටත් ඉස්තුති...

    ReplyDelete
    Replies
    1. කාලෙකින් බ්‍රා කොමෙන්ටෙකක් :))

      Delete
    2. කාලේකින්?????????????????????/ හැමදාම උබගේ බ්ලොග් රෝල හරහා තමයි අනිත් බ්ලොග් වලට යන්නේ...‍තෝ නොලිව්වට...අපි පලිද?කන පලන්නේ
      උබගේ එක පොස්ට් එකක් කියපන් මම කෙමෙන්ට් කරලා නැති

      Delete
    3. හරි හරි බ්‍රෝ.. මම කියුවේ උඹේ කොමෙන්ටෙකක් ගන්න පුළුවන් උනේ කාලෙකින් කියල.. මොකද මම ලියුවේ කාලෙකින් නේ.. :))
      යකෝ මූට මළ පනිනවනේ.. හෙහ් හෙහ්.

      Delete
  8. හුස්ම ගන්න ඔක්සිජන් ඕනි නෑ කියපු රටක් නෙ අයියෙ මේක..

    ReplyDelete
    Replies
    1. හා..හා.. ඉන්ටර්නෙට් එකෙන් බලල එයාට පරිසරේ ගැන කියල දෙන්න යන්න එපා. :)))

      Delete
  9. Very nice article- MCPO Wanigarathna

    ReplyDelete
    Replies
    1. Thanks Mr. Wanigarathna, Nice to see our Navy pals joining us in reading & writing. :)

      Delete
  10. මා වනාන්තරයට ආදරය කරණ්නට පටන් ගත්තේ මගේ තාත්තා නිසා වෙන්න ඇති. කොහොම උනත මගේ දරුවනුත් පරිසරයට බිහිමත්ම ඇළුම් කරණ්නන් වීම ගැන මට ඇත්තේ ආඩම්බරයක්! කුරුණෑගල බඩගමුව රක්ෂිතය අපේ තාත්තාගේ අධීක්ෂණය යටතේ හිටවුනු කොස් මහෝගනී මිශ්‍ර වගාවක්. "අධීක්ෂණය" කියන්නේ වැඩ බිමේ ඉඳන් කහට කෝප්පය වැඩ කරණ මිනිස්සුත් එක්ක ගහලා බ්‍රිස්ටල් එකක් පත්තු කරගෙන දවල්ට ගෙනාපු බත් එක ගහක් යට ඉඳගෙන කාගෙන දුන්නු ගේමක් මිසක් ඔෆිස් එකේ පුටු උඩ ඉඳන් දුන්නු සීතල ගේම් නෙවෙයි.
    මගේ තල් අරණට ලිපි මාලාවේත් මම ලියලා ඇති; උතුරු කරයට ගියාම තමයි හිතෙන්නේ ත්‍රිවිධ හමුදාව මොන තරම් ගේමක් ගහන්න ඇත්ද කියලා ඇට්ටකුණා වෙච්ච භූමිය මාතෲ භූමියට එකතු කරණ්නට කියලා. ඔබටත් එම ගෞරවයෙන් කොටසක් හිමිවෙනවා. මේ රටේ මිනිසුන් හරියට නොදැන ගත්තාට යුද්ධය ඇරඹුවේ නාවික හමුදාව කියලයි මම නම් හිතන්නේ. ඒ වගේම යුද්ධය ඉවර කලේත් නාවික හමුදාව කියලයි මගේ වැටහීම. මන්ද ස්යුරු මාරගයෙන් එල්ටීටීයට තිබුනු සැපයුම් මාර්ග නියමාකාරයෙන් ක්‍රියාත්මක වූවා නම් යුද්ධය තවත් බොහෝ කලක් දිග් ගැස්සේන්නට තිබුනා!
    උඹලාට ජාතියේ උපහාරය !

    ReplyDelete
    Replies
    1. තාත්තාට රෙස්පෙක්ට්! කොමෙන්ටෙකට තෑන්ක්ස්! :)

      Delete
  11. obage agana lipiyata thuthi. copy karaganeemata awasara pathanawa.

    ReplyDelete
    Replies
    1. කිසිම ගැටළුවක් නෑ. අහල අරගන්න තරම් ඔබට තිබ්බ විනයට ගරු කරනවා. ස්තුතියි!

      Delete
  12. අප්‍රතිහත ධෛර්යයෙන්
    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස් යෝජනා හා සැළසුමකට අනුව
    ප්‍රධාන අභියෝගය වටහාගෙන
    සුළු පිළියමකින් සාර්ථකව

    අන්න ලොකු සර් ගේම දෙන විදිය.
    දැන් කාලේ ගේමට බහින ලොකුලොක්කො ඔය හතරෙන් එකක්වත් කරනවද? (දන්නෙවත් නැතුව ඇති)

    කාලෙකින් නොලිව්වත් ඔය පේලි හතරම කාලෙකට ඇති ලොකු සර්. (එහෙමයි කියල නොලිය ඉන්න නං එපා)

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හැට්ටර් සර් දැක්කත් සංතෝසයි.. අගය කිරීමට ස්තුතියි හැමදාමත් වගේ. :) ජයවේවා!

      Delete