Wednesday 17 May 2017

සොයා සොයා ආවා මා සෙව්ව මැණිකක් හම්බුනා.. Cut a Diamond with a Diamond!

මහ සිංහරාජ වනන්තරේට යාබද රූණ කන්ද රක්ෂිත වනයට මායිම් වුන අපේ ගම පස්යොදුන් කෝරලේ, නැගෙනහිර මායිමේ, සබරගමුව,දකුණු පලාත් වලට මායිම්වයි තියෙන්නෙ. සමන් දෙවියන්ට අයිති සබරගමුවෙ මායිමේ ඉන්න අපේ ගමට මැණික් ගැරීමේ පුරුද්දත් ආගන්තුක උනේ නැහැ. ගමේ බොහෝ උදවිය මැණික් ගැරීමට සම්බන්ද වුනා. මැණික් ගැරීම ගමේ සිද්ද උන තැන පුවක් දොල. පුවක්දොල හරක්ගැටගැහු හේනට එහා බොල්ලුන්න කඳුකරේ ඉපදිලා, පහලට ඇදී ගල්ලනවිල කුඹුරුයාය දිගේ ඇවිත්, ජනපද මාර්ගය පහු කරල, ගල්ගොඩවල් මැද්දෙන් ආපහු තැන්නකට බහින්නෙ සුදු වැලි පොතට. සුදුවැලිපොත තැන්නෙදි බොරලුගොඩ පාර පැනල ටික දුරක් ගිහින් අතලෙ වෙලට පල්ලම් බැහැල වෙල දිගේ ගිහින්, අතලෙ බාඳුරාගෙදර ලඟින් මගුරු ගඟට එකතු වෙන්නෙ පරිණත ඇලක් හැටියටයි.
මේ ගමනෙදි කදුකරෙන් එක්කාසු කර ගන්න මැණික් කැට ටික ආරක්ෂාවට හංගගෙන තියෙන්නෙ සුදුවැලිපොත තැන්නෙ. මේක ගැන කල්පනා කලහම මට හිතෙන්නෙ පුවක්දොල කියන රූමත් ලලනාව මගුරු ගඟ කියන ස්වාමියා හොයාගෙන යන ගමනෙදි තමන් සතු වටිනා මැණික් කැට ටික සුදුවැලිපොත කියන නෙරිපොටේ හංගාගෙන ඉන්නේ කියලයි. කොහොමහරි මේ නෙරිපොටේ තියෙන මැණික් ටික සොයාගන්න අපේ උදවිය පුවක්දොල පීරුවා. ඇලොන් මාම, සුමනෙ අයිය, තැපැල් මහත්තයල, ලක්ෂමන්ල, බන්ඩාරායියල, මහතුන් අයියල වගේ කවුරුත් මේ වැඩේට සම්බන්ද උනා. මේ මැණික් ගැරිල්ලට ආපු ඇලොන් මාමගෙ මිත්‍රයෙක් උන තොටලඟ හාමු මහත්තය මාමගෙ ඉල්ලීමට හදවපු බුදු පිලිමෙ තමා අදත් පුවක් දොලේ බෝධිය ලඟ තියෙන්නෙ. කාටකාටත් මේ මැනික් ගැරිල්ලෙන් වාසි උනා. ගම ඇතුලෙ මැණික් ඇති ප්‍රධාන තැන පුවක්දොල බවයි කාගෙත් අදහස උනේ.
තවත් විශේෂ මැණික් ගැරිල්ලක් කලේ අපේ නුගකඳ ගුණදාස අයිය....
ඔහොම හිටපල්ලා.. ඒවා එහෙම ලේසියෙන් කියන්න බෑ.. පොඩ්ඩක් මගේ කතාවත් අහල ඉන්න ඕනි.. අනික මේක අගේ කරලා කියන්න ඕනි කතාවක්.. මටත් ඔත්තුව දුන්නේ තරුරසි.. ලින්ක් එකේ ගිහින් එකක් කියෙව්වා.. දෙවෙනි එකේ බාගෙට කියවද්දි හිතුනා අනිත් උන්වත් එකතු කරගෙනම කියවන්න.. මේක එසේ මෙසේ පන්හිඳක් නෙවෙයි.. දිසාපති කෙනෙක්ගේ පන්හිඳක්.. හැබැයි අපි කැමති අර අව්‍යාජ නොස්ටල්ජියාව තමයි දොරේ ගලන්නේ.. කියෙව්වොත් වහ වැටෙනවා ෂුවර්..
ඔන්න එහෙනං මෙතනින් ගිහින් අනිත් ටික කියෝලා දිසාපති පන්හිඳ තව තව ලියවන්න බල කරපල්ලා.. කියවන අපිට ජයවේවා!

41 comments:

  1. දැන් මැන්ඩා කතා ලියන්නෙ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික ලියලා තියෙන්නේ ඉක්මනට කමිට එවනවා අයියන්ඩි

      Delete
    2. ඒ කෝනංගියා ලියන්නේ නෑනේ හැලපයියේ.. ඉතීම් මම මේ වෙන වෙන උන්ගේ බ්ලොග් ප්‍රොමෝට් කරනවා.. :)

      Delete
  2. උඹ මොනවද මේ මෙන්ඩගෙ බ්ලොගේ කරන්නෙ

    ReplyDelete
    Replies
    1. මලකෙලියයි ...ගුටි කන වැඩ නොකර හිටු...කතා ගොඩක් තියනව ඉක්මනට එවනවා

      Delete
    2. මෙන්ඩ නැති පාලු ගෙයි වලං බිඳිනවා බං.. :)

      Delete
  3. කියවන්නට මෙහි ආමී
    තව බ්ලොගයක් ගැන දුටිමී
    ස්තූතිය නුඹටමයි කමී
    එහෙ යන්නට යනව දුමී....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. වට පිට හොඳින් බැලුවෙමි..
      තුති මල්ල ගෙන සැඟවූයෙමි..
      පුරුස දහිරිය ගත්තෙමි..
      ඔන්න මම කවියකුත් ලියුවෙමි.. :)

      ජයෙන් ජයම වේවා!!!

      Delete
  4. දිසාපතිල නේද කමක්නෑ බලමුකෝ .. :)

    ReplyDelete
    Replies
    1. පරණ ඇරියස් තියෙනවා වගේ.. හැක්.

      Delete
  5. ඔත්තුවට තුති...

    ReplyDelete
    Replies
    1. ඔත්තුවක් දුන්නම කොත්තුවක්වත් ලැබෙයි කියල හිතුවේ.. කොහෙද.. හෙහ්.. තුති විතරනේ..

      Delete
  6. Replies
    1. යූ ආර් වෙල්කම් ලිට්ල් බ්‍රෝ.. :)

      Delete
  7. හා හා ඔත්තුවට තැන්ක්යූ

    ReplyDelete
    Replies
    1. හා හා.. ඔහොම ප්‍රසිද්ධියේ.. ඔහ.. ඔත්තුවට කියල කියුවේ නේ.. මම දැක්කේ මේ..මේ..මේ.. එක්කෝ ඕනේ නෑ.

      Delete
  8. මේකෙ තියෙන්නේ මේ මැණික් ගැරිල්ලක් ගැනනෙ.......... මං හිතුව හැඩකාර නංගි කෙනෙක් වත් සෙට්වුනා කියලා............ WTF? :D :D

    ReplyDelete
    Replies
    1. විද්‍යා ගවේෂණ අඩවියේ කමෙන්ට් කරන්න අපහසුයි.පොඩ්ඩක් බලන්න ඒ ගැන.

      Delete
    2. අපොයි මොන නංකිලාද දැන්.. අංකල් කියාගෙන එනකොට එපා වෙනවා අෆ්ෆා..

      ඔය කොමෙන්ට් කොරන්න බැරි සින් එක හැබැව.. ඒක ගැන පොඩ්ඩක් බැලුවනම් වටි..

      Delete
  9. කමියට ඉස්තුති ..
    මම ටික කාලයක් හිටියා කිරිඇල්ලේ රැට බාගයක් අරගෙන පක්ට්‍රියේ ගාඩ් රුම් එකට යනවා අඩියක් ගහන්න දෙකක් දපුවහම් එයාල මැණික් ගැන කතා කියනවා ..එදත් ඒ කතා ආසවෙන් ඇහෙව්වා
    මේ ලිපියත් අසාවෙන් කියව්වා

    ReplyDelete
    Replies
    1. උඹේ මේ කොමෙන්ට් එක ඉස්සෙල්ලම මං කියෙව්වේ ඒ බ්ලොග් එකේ.. ඉතීම් බලහං අපේ සැලකිල්ල මගේ මේ බ්ලොග් පඩන්ගුවට.. හැක්.

      Delete
    2. යකෝ උබට තියන වැඩි සැලකිල්ල හින්දා තමයි ඒ බ්ලොග් එකේ දාපු කෙමෙන්ට් එක ආයමත් උබේ එකේ දැම්මේ ..
      බලපිය පහලින් වෙනම උබට කෙමෙන්ට් එකක් දාලා තියනවා

      Delete
  10. උබගේ බ්ලොග් එකේ එල්ලහන් මේ බ්ලොග් එක මොකද උබගේ බ්ලොග් එක හරහා තමයි මම අනිත් ඒවාට යන්නේ

    ReplyDelete
    Replies
    1. අහ.. මට ඒකත් අමතක උනා.. එල්ල ගන්න ඕනි බ්ලොග් රෝලේ.. :)

      Delete
  11. උඹ මොනවද මේ මෙන්ඩගෙ බ්ලොගේ කරන්නෙ x2

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ නැති පාලු ගෙයි වලං බිඳිනවා බං.. :) x 2

      Delete
    2. ලියනවමයි ඉතුරු කතා ටික

      Delete
  12. ඔයාටත් ඉතින් අපිම ඉන්න ඕන මැණික් ඉල්ලම් හොයල දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මැණික ඔයාලව ආශ්‍රය කරන්නේ.. :)

      Delete
  13. ඒ බ්ලොග් එකේ තිබ්බ පොස්ට් ඔක්කොම කියෙව්වා.එළ.!

    ReplyDelete
    Replies
    1. මම මුල ඉඳල 5ක් විතරයි අග ඉඳල 5ක් විතරයි කියෙව්වා.. තව මැද දෙක තුනක් තියේ.. :) මේ ඒ ටික කියෝන ගමන්.. :)

      Delete
  14. අහල පහළ මිනිස්සු වෙච්චි...

    ReplyDelete
  15. ගිහිල්ලම බලමු

    ReplyDelete
  16. බ්ලොග් එක කරන කෙනාගෙ නම කියන්නකෝ... අපේ ගමනෙ 😍

    ReplyDelete