Thursday 21 December 2017

මං වැරදියි තමයි.. ඒත් උඹලා හැදියල්ල.. ස්වයං විවේචනයක්.. Does your kid safe at your own house?

මේක පාපොච්චාරණයක්.. හැබැයි පව් සමාකරගන්න නෙවෙයි.. තව කාට හරි පාඩමක් වෙන්න.. වෙන විදියකින් කියනවනම් අත්දැකීම් බෙදා ගැනීමක්.. මට මේ ලෙඩේ තදින්ම තියෙනවා. ඒ කියන්නේ මගේ අතින් යම් වැරද්දක් අඩුපාඩුවක් උනොත් ඒක ඒ ඒ ක්ෂේත්‍රයේ අදාළ අය එක්ක නොවලහා බෙදා ගන්න එක.. අපේ වෘත්තියේදී ඒකට කියන්නේ Safety Communication නැත්නම් Safety Alert කියල. යම් අනතුරක් (Accident), අන්තරායකර සිදුවීමක් (Dangerous Occurrences) හෝ අනතුරක් සිදුවීමට ආසන්න අවස්ථාවක් (Near miss) උනාම ඒ පිළිබඳව අනිත් අයව දැනුවත් කිරීමෙන් එම සිදුවීම නැවත වීම යම් පමණකට වලක්වා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේදී ඕක කරලා මම නිකං 'පච' වෙච්චි වෙලාවලුත් නැතුව නෙවෙයි. මොකද අපේ අය කරන්නේ ඔක්කොම වැරදි හංගල උඩින් කැපිලා පේන එකනේ.. එහෙම උනාම මං වගේ උන් සමහරුන්ට පේන්නේ හෙන 'ලොස්' එවුන් වගේ.. ඒත් මට මොකෝ කියල මම මගේ ක්‍රමේට යනවා.. දැන් ඕනිනම් බලපල්ලා මේ ටික ලියුවමත් ගොඩ දෙනෙක් බනියි 'අනේ උඹේ රෙද්දේ සේෆ්ටි - ගෙදරට මරගාතේ' කියල.. මක් කරන්නද බොස් ගුරුන්ටත් අකුරු වරදින එකේ හා මං ගුරෙකුත් නොවෙන එකේ..
මේ සිදුවීම් හතරක්.. හතරම මගේ ළමයි ගැන.. ළමයි තුන් දෙනයි.. ලොකු දෙන්නට එක බැගින් හා බාලයාට දෙකක්.. ඌට කොහොමත් එක නහරයක් වැඩියි උන්ගේ අප්පට වගේ.. හෙහ්..

පළවෙනි එක උනේ දෙදාස් අටේ වගේ.. එතකොට අපිට හිටියේ ලොකු දුව විතරයි.. ඔව් ඔව්.. ඔය උඩින් ඉන්නේ බ්ලොග් කවර් ඉමේජ් එකේ.. අන්න උන්දා තමයි.. එතකොට එයාට වයස යන්තම් දෙකක් විතර.. අපි දවසක් ගියා බූස්ස නේවි කෑම්ප් එක ඇතුලේ තියෙන හොලිඩේ බංග්ලෝ එකේ නවතින්න.. ගෙදර ළඟම උනත් ඉතීම් එහෙම වෙනසකට වගේ ගිහින් ඉන්නවා ෆැමිලි එකත් එක්ක ඒ කාලේ. ඔහොම ඉන්න ගමන් හවසක කොහේ හරි යන්න මම ඇඳුම් මදිනවා. නෝනා වෙන වැඩක. දුව මගේ ළඟ බිම සෙල්ලම් කර කරා හිටියා.. මම යන්තම් දැක්ක මෙයා දණ ගාගෙන අයන් එක සොකට් කරලා තියෙන පැත්තට කිට්ටු වෙනවා. ඒත් මට මොකුත් හිතා ගන්න කලින් මෙයා යටිගිරියෙන් කෑ ගහන්න ගත්තා.. බැලින්නම් අයන් එකේ වයර් එක අල්ලලා ඒක අතට ඇලිලා.. කරන්ට් එක වැදිලා දඟලනවා.. මම පැනපු ගමන් ස්විච් එක ඕෆ් කරා. ඒත් දිගටම දඟලනවා.. මට මොකුත් හිතා ගන්න බැරි උනා.. මම වේගයෙන් මගේ අත්දෙකෙන්ම ළමයව ඇදලා පැත්තකට දැම්ම.. මටත් කරන්ට් එක වැදුනා.. ඒත් සොකට් කරලා තිබ්බ තැනින් ප්ලග් බේස් එකත් එක්කම ගැලවිලා වයර් එක ඩිස්කනෙක්ට් උනා.. එතනදී තව දෙයක් උනා.. ළමයාත් එක්කම රත් වෙච්චි අයන් එකත් වීසි වෙලා ගිහින් වැටුනා.. මොකද අයන් එකේ වයර් එක තිබුණේ ළමයාගේ අතේ ඇලිල.. වාසනාවට අයන් එක එක පැත්තකටත් ළමයා තව පැත්තකටත් විසි උනේ.. එහෙම නොවුනා නම් කරන්ට් එකෙන් බේරුනත් අයන් එකට පිච්චිලා ලොකු තුවාලයක්/ කැළලක් හැමදාටම තියෙන්න තිබුනා.. ගෑනු ළමයෙකුගේ මූණේ අත පයක වගේ තැනක ඒ වගේ කැළලක් ආවොත් ඒක ඒ ළමයට හැමදාටම මානසික පීඩනයක් වෙන්නත් තිබුන..

එතනින් පස්සේ වෙච්චි දේවල් හෙවත් ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මෙතන ලියන්නේ නෑ.. ඒත් එදා ඉඳල මම ගෙදර තියෙන අනාරක්ෂිත විදුලි සම්භන්දතා (Conduit තුලින් ගමන් නොකරන) ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ගත්ත. කිසිම විදියකින් ප්ලග් ටොප් එකක් නැති වයර් විතරක් අමුණන කනෙක්ෂන් භාවිතා කරන්න දෙන්නේ නෑ. ට්‍රිප් ස්විච් එක අනිවාර්යයි. ඒ වගේම පුළුවන් හැම වෙලේම තාවකාලික විදුලි සම්භාන්දතාවයක් අර ගත්තත් ඒක පළපුරුදු විදුලි කාර්මිකයෙකුටම කියල කර ගන්නවා.. neutral/ phase මාරු වෙලා සම්භන්ද කරලා තිබ්බොත් ඉහත සිදුවීමේදී උනා වගේ switch එක off කරාම විදුලි උපකරණය ක්‍රියාත්මක නොවුනත් අතරමගින් කරන්ට් එක වදින්න පුළුවන්.. ඒ ගැන ගොඩක්ම සැළකිලිමත් වෙන්න ඕනි. අනික අපේ විදුලි උපකරණ වල සම්භන්දක වයර්. දැන් තියෙන ගොඩාක් චීන/ ඉන්දියානු විදුලි උපකරණ වලට එන කෝඩ් බාල ඒවා.. ඒවා නිතර දඟ වැටිලා පලුදු වෙනවා. විශේෂයෙන්ම අයන් එකේ. ඒක නිතර එහෙ මෙහෙ කරන නිසා වයර් එක පලුදු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. පලවෙනි දේ විදුලි උපකරණයක් ගන්නකොටම ටිකක් වැඩිපුර වියදම් කරලා හොඳ තත්වයේ එකක් ගන්න ඕනි. ඒක ආරක්ෂාවටත්, විදුලිය ඉතිරි කරන්නත් දෙකටම වැදගත්.. ඒ වගේම ඒක හරියට නඩත්තු කරන්න ඕනි. භාවිතයට කලින් පොඩි චෙක් එකක් කරන්න 'විදුලි කාන්දුවක්' වෙන්න තියෙන ඉඩ ගැන. ඒ වගේම ඒ ඒ උපකරණ භාවිතයේදී වෙන්න පුළුවන් අනිත් අනතුරු ගැන. උදාහරනේකට රත් වෙන එකක් නම් පිච්චෙන්න පුළුවන්. වේගෙන් කැරකෙන එකක් නම් ඇඳුම/ කොන්ඩේ පැටලෙන්න පුළුවන්.. කෑල්ලක් ගැලවෙලා විසි වෙලා තුවාල වෙන්න පුළුවන්.. සියුම් දෙයක් විසිවෙලා ඇහැකට හානි වෙන්න පුළුවන්.

දැන් තියෙන ගොඩක් විදුලි උපකරණ වල ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක වෙද්දී අපි ඒකෙ වැස්ම ඇරියොත් මැෂිම ක්ෂණිකව නතර වෙනවා. මයික්‍රෝවේව් උඳුනක් ක්‍රියාත්මක වෙද්දී එක්කෝ පියන අරින්න බෑ.. නැත්නම් ඇරියොත් එක වරම ක්‍රියා විරහිත වෙනවා. මේවට කියන්නේ interlock කියල. මේ වගේ තව ගොඩක් safety features එකතු කරලා තියෙනවා..  වැඩේ කියන්නේ මුල් කාලේ මේවා හොඳින් ක්‍රියාත්මක උනත් මොකක් හරි රෙපෙයාර් එකකින් වගේ පස්සේ මුලින්ම අයින් කරන්නේ මේ දේවල්. මිකැනික් ලගේ නොදැනුවත්කම හා මේ වෙනුවෙන් අමතර කාලයක් මුදලක් ශ්‍රමයක් වැය කිරීමට ඇති අකමැත්ත. ඊට පස්සේ භාවිතය අනතුරුදායකයි.

හරි දෙවෙනි සිද්දිය උනේ ඊට අවුරුදු හතරකට විතර පස්සේ.. අපි බදුල්ලේ පදිංචියට ගිය අලුත. එතකොට අපේ දෙවෙනියට හරියටම අවුරුදු දෙකක් වගේ.. අපි රෑ කෑමකට අපේ ලොකු අයියලාගේ ගෙදර ගිහිං හිටියා.. අපි සාලේ කතාවක් අතරේ ළමයි දෙන්න සෙල්ලම් කර කර ඉඳල අයියලාගේ බෙඩ් රූම් එකට ගියා.. අක්කට (ලොකු දුවට) එතකොට යන්තම් පුළුවන් කම්පියුටර් එකේ වැඩ.. එයා මේසේ උඩ තිබ්බ කම්පියුටර් එකක් එක්ක මොනවදෝ කරද්දී මල්ලිත් එතනම ඉඳල.. අක්ක එකපාරටම කෑ ගැහුවා 'අම්මේ මල්ලි බෙහෙත් පෙත්තක් කෑවා' කියල.. දුවල ගිහින් බලනකොට අයියා ගේ බෙහෙත් පාර්සලය මේසේ උඩ. ඒ ගෙදර පොඩි උන් නැති නිසා එයාලට ඒක එහෙම තිබුනට ගැටළුවක් නෑ.. අපි ඉක්මනින් දරුවාගේ කටට අත දාල කටේ තිබුණු බෙහෙත් කුඩු ඉවත් කරා.. හපලා තිබුණු බෙහෙත් පෙත්තේ වර්ගය බලාගෙන පවුලේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරාම දැනගත්තේ ඒක අයියට 'සීනි අඩු උනාම එන අපහසුතා වලින් මිදිලා නින්ද යන්න' දෙන බෙහෙතක් බව.. කෝකටත් කල්පනාවෙන් ඉන්න ලෙසත් ළමයාගේ වෙනසක් දැක්කොත් වහාම රෝහලට රැගෙන එන ලෙසත් කියුව නිසා අපි ගෙදර එක්ක ගිහින් ලමයව නිදි කරලා කල්පනාවෙන් හිටිය.. පොඩි එකා පහු වෙනිදා උදේ නවය විතර වෙනකොටත් හොඳටම නිදි.. ඒ පාර බලෙන් නැගිට්ටුව.. ඒත් මෑන් ට කෙලින් ඉන්න බෑ මත් වෙලා වගේ.. හැකි ඉක්මනින් බදුල්ල මහා රෝහලට අරන් ගියාම ලේ එකක් එහෙම චෙක් කරලා අවුලක් නෑ ඒත් බලන්න ඕනි කියල ඇඩ්මිට් කරා.. එදා දවසෙම වගේ පොඩ්ඩා නිදි අපි ඇහැරලා.. පහුවෙනිදා උදේ වෙනකොට ඔක්කොම නෝමල් වෙච්චි නිසා ටිකට් කපාගෙන ගෙදර එක්ක ආවා.. ඉතිං ඊට වැඩිය කියන්න ඕනි නෑනේ.. බෙහෙත්, කෘමිනාශක, රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන කුඩා දරුවන්ගෙන් වෙන් කර තියන්න.. වැදගත්ම දේ ඔබේ ගෙදරදී විතරක් නෙවෙයි ඉන් පිටතදීත්..

ඊළඟ සිද්දි දෙකම උනේ මේ අවුරුද්දේ එකක් මාර්තු මාසේ වගේ.. අනික.. හ්ම්ම්.. වැඩිය නෙවෙයි ගිය සඳුදා උදේ.. හ්ම්ම්.. පලවෙනි එක සෑහෙන්න කොමන් එකක්.. එතකොට පොඩ්ඩට අවුරුද්ද පිරුනා විතරයි.. ඇවිදින්න හුරුවෙන්න(ටත් වඩා බලාගන්න අයට ලේසිවට) එයාට වෝකර් (Walker) එකක් ගෙනත් දීල තිබ්බ.. අම්මප මමනම් නෙවෙයි.. මට ඕව පේන්න බෑ. පොඩි කාලේ ලොකු දූ වෝකර් එකේ දාල උන්දැගේ කකුල් දෙකම ඇඹරුන සොත්ති උපාලි ගේ අත වගේ.. මාර කට්ටක් කාල ඒ දෙක ආපහු කෙලින් කර ගත්තේ.. ඒක වෙනම ලියන්න ඕනි එකක්.. කොහොම හරි මේ වෝකර් එක පොඩ්ඩට උපන්දිනේට තෑගී හම්බෙලා.. අම්මටයි ආච්චිටයි ලේසිවටයි කොල්ල වෝකර් එකට කැමති වෙච්චි නිසයි වැඩේ නැගලා ගිහින් තියෙනවා. මූට කොහොමත් විසේ එකා වෝකර් එකේ නැගලා රේස් යන්න අරං ඒ කොණටයි මේ කොණටයි ගේ පුරාම.. කට්ටියට හරි හුරතල් ඉතිං..
බොන්ඩයි ඇවිදින්නයි තියෙනවනම් තව මොනවද ඉතීම්...
ටික දවසකට පස්සේ මට කෝල් එකක් ආවා කොළඹට.. 'අප්පච්චි මල්ලි වෝකර් එකෙන් වැටිලා හොස්පිටල් අරන් ගියා.. ඇඩ්මිට් කරාලු.. පවූ.. ලේ ගොඩක් ගියා කියල" මට දෙලෝ සිහි උනා.. කොහොම උනත් එවලේම ඔලුව අවුල් කරගන්නේ නැතුව හැකි ඉක්මනින් මාත් ගියා.. යනකොට කොල්ල ඉන්නවා නළල බැන්ඩේජ් කරලා නහය තුවාල වෙලා.. දුකේ බෑ.. අම්ම මිදුල අතුගාන කම් පුතා එළියේ ඕපන් එකේ වෝකර් පැදලා.. කොහොම හරි අම්මගේ ඇහෙන් මිස් වෙච්චි වෙලාවක කොල්ලා වෝකර් එකෙන් අයිනටම ගිහිල්ල මොනවට හරි පහත්වෙලා කාණුවට දොක්.. නළල කාණු ගැට්ටේ වැදිලා පැලිලා ලේ ගිහිං.. තුවාලෙට අයිස් පොදියක් තියන් ගෙවල් ළඟම තියෙන ඉස්පිරිතාලෙට උස්සන් දිව්වම ඇඩ්මිට් කරගෙන. පොඩි නිසා මැහුම් දාලා නෑ. දැන් ඒ වෙනුවට අලවන ප්ලාස්ටර් එකක් තියෙනවා. එකම දේ ඒක ගලවන්න නොදී පරිස්සම් කර ගන්න ඕනි. නැත්නම් කැළල හිටිනවා. අනික කවුරු හරි එහෙම වැටිලා ඔලුව වගේ තැනක් වැදුනම ඒ ලෙඩා ගැන සැලකිලිමත් වෙන්න ඕනි. කිසියම් විදියකින් ඒ ලෙඩා වමනේ දැම්මොත් ඒ කියන්නේ එයාගේ අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානි වෙලා අභ්‍යන්තර රුධිර වහනයක් නිසා ස්ථායි බව නැති වෙලා කියල වෙන්න පුළුවන්. එතකොට විශේෂ ප්‍රතිකාර වලට යොමු කල යුතුමයි. ඒක නිසා පිටින් පේන තුවාල නැති උනත් වැටිලා හිස කොහේ හරි වැදුන කෙනෙක් ගැන අඩුම පැය හයක්වත් යනකම් කල්පනාවෙන් ඉන්න. අපිත් එහෙම හොපිටල් එකට වෙලා එදා හවස් වෙනකම් කල්පනාවෙන් ඉඳල පොඩ්ඩා වත් අරන් ගෙදර ආව.. මම නම් ආපු ගමන් කරේ 'වෝකර්' එක අල්ලලා කැලේට විසි කරපු එක..
වෝකර් එකෙන් වැටිලා හොම්බ තලාගෙන ඉන්න ගමනුත් ආච්චිට කෝචෝක් එකක්..

රායිට්.. අන්තිම එක.. මේක උනේ මේ පහුගිය සඳුදා.. මම ඉතීම් රෑක් දවාලක් නැතුව වැඩ කරන මිනිහා නිසා සති අන්තෙට ගෙදර ගියාම ආපහු සඳුදා එන්නේ නම් ටිකක් පරක්කු වෙලා.. ළමයි එහෙම නින්දෙන් නැගිට්ටට පස්සේ.. ඔය එන වෙලාවට අනිවාර්යයෙන්ම අපේ ඔය පොඩි මෑන් ව ගෙදර ඉඳන් පාරට තියෙන පොඩි දුරට උකුලේ තියාගෙන එන්න ඕනි.. මම අඳිනවා දැක්ක වෙලේ ඉඳන් මිනිහා මට කාර් එකේ යතුරයි පර්ස් එකයි සපත්තුයි පෙන්න පෙන්න පස්සෙන් එන එක තමයි කරන්නේ.. කාර් එකේ තෙල් වතුර බලන කොට එතන.. ඉතින් බොනට් එක වහන්න කලින් හොඳට බලන්න ඕනි කොහෙවත් අත තියාගෙන එහෙම ඉන්නවද කියල.. තව ඔය වගේ මගේ වැඩට අමතරව මිනිහගේ වඩාත් එක්ක අටෝරසියක් පිළිවෙත් තියෙනවා පුරන්න පරිස්සමින්. පිටත් වෙන්න කලින් මම පුරුද්දක් විදියට සියලුම ගමන් බඩු.. ඒ කියන්නේ මගේ ඇඳුම් බෑග් එක, ලැප්ටොප් බෑග් එක, හෙල්මට්, සේෆ්ටි සපත්තු වගේ ඒවා මතක් කරලා එක එක වාහනේට දා ගන්නවා. අන්තිමට තමයි පර්ස් එකයි, ෆෝන් එකයි, කාර් එකේ යතුරයි අතට අරං නගින්නේ.. මගේ එක්ස්ට්‍රා කාර් කී එක ඒ වෙලාවට තියෙන්නේ ලැප් ටොප් බෑග් එකේ.. එදත් ඔය පිළිවෙල ඔහොමම උනා.. එක පොඩි දෙයක් වෙනස් උනා මතක විදියට. සේෆ්ටි සපත්තු දෙක කලින් දවසේ අව්වෙන් තියල වෙනම තිබුනේ. මම අනිත් සියලු දේ වාහනේට දාල සපත්තු දෙක ගන්න ගිය අතරට කොල්ල තනියෙම වාහනේට නැගල.. නගින්න කලින් මම කාර් එකේ යතුර තියපු තැනින් ඒකත් අරගෙන තමයි නැගල තියෙන්නේ.. මෙයා වාහනේට නගිනවා නෝනා දැකල 'ඒයි මෙයා වාහනේ ලොක් කර ගනීවිද වත් දන්නේ නෑ' කියන කොටම මට 'ක්ලික්' හඬක් ඇහුණා.. බඩුම තමයි. රිමෝට් කී දෙකත් එක්කම කොල්ලා වාහනේ ඇතුලේ ලොක් කරගෙන..

මට දෙයියෝ සිහි උනා.. ඒ ගමන් ආයි සිහි උනා දෙයියෝ මොනා කරන්නද කියල.. දුවල ගිහින් පරණ වාහන යතුරු සෙට් වගයක් තිබිල ගෙනත් දාල බැලුවට ම්හු.. කොල්ලාට ගානක්වත් නෑ. ඌ ඇතුලේ ඉඳන් උගේ වැඩ.. කාසි තියෙන ලොකට් එක දිග අරගෙන ඇතුලේ කාසි හලාගෙන.. අම්මයි, ආච්චියි, අක්කයි තුන් දෙනා විදුරු වල එල්ලිලා පින්සේන්ඩු වෙනවා අනේ මල්ලියේ අනේ පුතේ රිමෝට් එකෙන් දොර අරින්න කියල.. ඒක ගැන සලකලා කොල්ල යතුර අතට අරං බට්න් එක ඔබනවා.. හැබැයි ඔබන්නේ රිමෝට් කී එකේ තියෙන ලොකු බට්න් එක. ඒ කියන්නේ 'ලොක්' වෙන එක.. එහෙම කරලා හිනා වෙලා ආයිම මිනිහගේ වැඩ. මම සිහි එළවාගෙන අපේ මිකැනික්ට කෝල් එකක් දුන්න ඉක්මණට එන්න කියල විස්තරේ කියල.. ඊළඟට වාහනේ වීදුරුව බිඳින්න තරම් සයිස් යකඩේකුත් අතට අරගෙන වාහනේ ලඟට වෙලා කොල්ලගේ මුව්මන්ට් දිහා බලාගෙන හිටියා. මිකැනික් එන්න කලින් කොල්ල අඩන්න ගත්තනම් හරි වෙනත් අපහසුතාවයක් පෙන්නුවානම් හරි මට තිබ්බ එකම විකල්පේ වීදුරුව බිඳින එක.. කොහොම හරි ඔහොම නර්වස් විනාඩි දහයකට පහළොවකට විතර පස්සේ අක්කගෙයි අම්මගෙයි චාටු වලට රැවටිලා කොහොම හරි කොල්ල රිමෝට් එකේ පොඩි බට්න් එක ඔබල දොර ඇරියා.. එතකොට තමයි මට හුස්ම ටිකක් හරියට වැටුනේ.. ඒ ගමන්ම මිකැනික් මහත්තයත් හති දාගෙන ත්‍රිවිල් එකෙන් ආව නිසා එයාට රුපියල් පන්සීයක් සහ තේ බොන්න දීල පිටත් කරලා පැයක් හමාරක් හිතුවට වඩා පරක්කුත් වෙලා ඔළුවයි පපුවයිත් බර කරගෙන මාත් වැඩට එන්න ආව.. මේකට විකල්ප හොයන්න ඒ ආවයිත් හරි තාම ගියේ නෑනේ.. ගිහිං තමයි බලන්න ඕනි..

ඔන්න.. දැන් මට බනින උන් බැනපල්ලා.. ඒකට කමක් නෑ.. මේ වගේ දේවල් පොඩි උන් ඉන්න ගෙවල් වල වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන පරිස්සම් වෙයල්ලා. කියෙව්වට ස්තුතියි.

-ක.මි.   

Wednesday 20 December 2017

අතුරු ප්‍රශ්ණයක්.. No respite at all..! :D

Image result for flower and bee
තුරු මත විකසිතව
බමර තුඩ සුව නොවිඳම
කුසුම් පෙති ඉකිගසන සඳ..
ඇයි එකම මලකට
දුව යන්නේ බමර හිත..
පැණයක්!

සරති වනයේ නොයෙක් සියොතුන්
මී මැසි ඈ සමනලුන්..
පැණි සොයා සරති
දැවටෙති සුසුම් ලති
මල් මතින්..
ඇයි ඒත් හිනැහෙන්නේ
විකසිත වෙන්නේ වන මලක්
පහසින් බමරෙකුගේ පමණක්..
තවත් පැණයක්..!!

-කලණ

(පෙර පෝස්ටුවට සොඳුරු සඳවතිය එක් කල අපූරු කවි පිළිතුරෙන් උපන් පැනයකි.. ඇයට ස්තුතියි!) 

Monday 18 December 2017

ගැටළුවක්! sweet worries..


Image result for moon in a dark sky

කලා සොළොසම මඟ හැර..
හොරෙන් ඇවිදින් පුරහඳ..
රෑ.... අමාවක අහසට..

යලි යවන්නත් ලෝබයි..
ඒත් නොගිහින් කෝමැයි..
දොස් කියයි මුළු ලොව..

ඔබට අවමන් දෙනු බෑ..
ඔබ නැතුව ඉන්නත් බෑ..
උභතෝකොටියක අමාවක..
සරා සඳ තුරුලෙම..

- කලණ

Wednesday 15 November 2017

සංවේගයෙන් දැනුම්දීමයි! Obituary Notice!



අපගේ බ්ලොග් සහ බුකි හිතවතිය, නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ රන්දිකා රණවීර ප්‍රනාන්දු මැතිණියගේ මවගේ හදිසි අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය! අවසන් කටයුතු 2017.11.16 වන බ්‍රහස්පතින්දා රාගම නිවසේදී..

ඒ මෑණියන්ට සුභ ගමන්!

රන්දිකා හා වාසනා යුවළට මාගේ කණගාටුව!

- කල්‍යාණ මිත්‍ර


Thursday 9 November 2017

අසමසම වීරත්වයක් ප්‍රකට කල ඒ පුංචි සගයා - An officer who fought with an extraordinary feat of bravery in the presence of death

අද නොවැම්බර් නවය.. නොවැම්බර් කියන්නෙ අමතක කරන්නම බැරි මාසයක්.. එයිනුත් නොවැම්බර් නවය..

මචං..

උඹ ගැන ලියන්න හැමදාම හිතාගෙන හිටියා.. ඒත් ඒකට හිත හයිය නෑ.. අද උදේ ගමයා ෂෙයාර් කරපු ෆොටෝ එක දැක්කම කරන්ට් එකක් වැදුනා වගේ.. අදනම් කොහොම හරි උඹට ලියනවා.. ඔව්..උඹ..

Hey, Cadet, Come here! What is your name?

I'm Cadet NGCD Jayathilaka NRX 1134 sir!

Which intake?

I'm from 28th Intake sir!

Oho.. bloody 28's ah? You fuckers are bloody too smart neh? You will have nice time when you come to fleet, right.. From where are you?

I'm from Kandy sir!

Kandy? which school?

Vidyartha College, Sir!

Aha.. You played Rugby?

Yes Sir! I played Rugby during my school days.

What? But you looks a bloody baby.. he hee.. okay.. carry on!

Aye Aye Sir!

ඔව්.. බේබි.. ඒක තමයි උඹේ කාඩ් එක.. උඹට තිබ්බේ හුරුබුහුටි පොඩි එකෙක්ගේ පෙනුමක්.. 'සේහ්.. බලපන් බං මූනේ රැවුල වැවෙන්නේ නෑනේ.. නිවාඩු ගියාම ඉස්කෝලේ යන කෙල්ලෙක් දිහාවත් බලන්න බෑ.. ඇයි මල්ලි කියල තග දානවානේ..' උඹ කේකේඑස් වෝර්ඩ් රූම් එකේ ඉඳන් එහෙම හිනාවෙවී කියනවා මට මැවිලා පේනවා..

ඒත් උඹ අපේ ඉන්ටේක් එකේ හිටපු මහා හුඟක් ලොකු එකෙක්.. ඒ උඹේ දැනුමෙන්, හැකියාවෙන්, නිර්භීතකමෙන්.. ඒ ඔක්කොමත් එක්ක උඹේ වැඩ වලින්.. ඒකමයි උඹට ගමයා 'සකලඥාන' කියල වෙනම කාඩ් එකකුත් ගැහුවේ.. ඔව්.. ඒ කාඩ්ඩෙක උඹට ලෙසටම ගැලපෙනවා.. කැඩෙට් ගන් රූම් එකේදී රෑට බඩගිනි උනාම රෙඩ් හාට් අයන් එක අනිත්පැත්ත ගහල ඒක උඩ රොටි පිච්චුවේ උඹ.. අපිට හිතා ගන්නවත් බැරි විදියට ඉස්තරම් විදියට අපේ පලවෙනි ගෙට් එක නුවර එලිෆන්ට් වෝක් එකේ ග්‍රෑන්ඩ් ස්ටයිල් එකෙන් ඇරෙන්ජ් කරේ උඹ.. මතකද හේමා ගේ අම්ම නැති වෙච්ච වෙලේ? මාවත් දාගෙන නුවර ඉඳල උඹල තාත්තගේ ඩෙලිකා එකේ පිඹගෙන ගිහිං හේමා රට ඉඳල එන්නත් කලින් එතන ඔක්කොම ඇරෙන්ජ් කරේ උඹ.. එතකොට විතාරණ යා මැරුණු වෙලේ.. හ්ම්ම්.. අන්න ඒ වෙලාවට අපි බේබිලා.. උඹ අපිට පෙනුනේ යෝධයෙක් වගේ..

උඹට මතකද දවසක් අපි 'සබ්ටෙක්' එකේ ජංගල් කෑම්පින් ගිහින් ඉන්නකොට වවුනියාවේ කැලේක.. අපි දෙන්න ඩියුටි.. අනිත් උන් රෙස්ට්..තලෙයිමන්නාරම මුහුදට උඩින් පායාගෙන ආපු හඳ කටු අකුල් අස්සෙන් අපි දෙන්න එකාට එකා පිට දීල වාඩි වෙලා හිටපු ග්‍රවුන්ඩ් ෂීට් එකටත් වැටිලා තිබුන....  හීතල තුවක්කු බඳට බරදීල හිටියට අපි එක එකාගේ පිටේ නහර දිගේ දුවන ලේ අනිකාගේ පිටට දැනෙද්දී අපිට හිතලක් දැනුනේ නෑ.. ඒත් මේ මදුරුවෝ.. උඹ දන්නවා මම හිටපු ගමන් දඟලන්නේ මදුරුවෙක් විද්දම කියල.. ඒ වගේම මේ මදුරුවෝ විදිල්ල මට ඇලජික් කියලත් උඹ දන්නවා.. උඹ හිමිට පහත්වෙලා කැමා එකේ සාක්කුවෙන් මදුරු කොයිල් කෑල්ලක් අරං අවා මුවාවට පත්තු කරලා ළඟ ගහක අත්තක එල්ලුවා.. ඊළඟට අනිත් සාක්කුවෙන් සිද්දාලේප කුප්පියක් අරං 'ඉඳා මේකෙන් ටිකක් අත්වලයි මුණෙයි ගා ගනිං' කියල මට දුන්න.. ඒ මහා රෑ කටු කැලේදීත් උඹ 'සුදානම්'.. අදටත්.. ඔව්..අදටත්.. ගහක අත්තකට උඩින් හඳ පායලා තියෙන වෙලාවට.. මදුරුවෙක් කොහෙන් හරි ඇවිත් මට උඹව මතක් කරලා දෙනවා..

වාහන ගැන, කොම්පියුටර් ගැන, ඉන්ටර්නෙට් ගැන, පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් ගැන, අලුත් ෆිල්ම්ස් ගැන විතරක් නෙවෙයි අලුත් වැල සයිට් එකක් ගැන උනත් අහගන්න අපිට මුලින්ම හිටියේ උඹ.. උඹ නිතර බිව්වේ වත් ගොඩක් බිව්වේ වත් නෑ.. උඹ වැඩියෙන්ම කරේ බීල පිස්සු කෙලින අපිව 'බැලන්ස්' කරපු එක.. අපි වෙනුවෙන්  එදාට මුහුදට ගිය එක.. ඒත් උඹට හිතුන දවසට ටිකක් බිව්වම උඹ පට්ට ආතල්.. එදාට උඹේ 'සකලඥාන' කම උතුරනවා..

අපි 2IC ල කාලේ 46 සීරිස් ඩෝරා කමාන්ඩ් කරේ හෙන 'පොරවල්'..  ඉතිං උඹට OIC කෙනෙක් වෙලා ටික දවසකිම්ම 46 සීරිස් ඩෝරා එකක් කමාන්ඩ් කරන්න හම්බ උනා කියුවම බැචා ල විදියට අපිට හෙන ගැම්ම.. අපි දන්නවානේ පොර කවුද කියල.. ඒ කියන්නේ 'ඉහළිනුත්' දැනගෙන ඉඳල තියෙනවා උඹ කවුද කියල..

ඔව්.. එදා 2006. නොවැම්බර් 09 වෙනිදා වෙනකම්ම අපි උඹ ගැන ඒ විදියට සතුටිං ආඩම්බර උනා.. එදා වෙච්චි දේ ගැන ලියන්න මම දැනගෙන හිටියේ නෑ මචං.. මේ ඒ ගැන වෙන තැනක වෙන එකෙක් ලියපු සටහනකින් කොටසක්..

(මම මේකේ 'පණ්ඩිත' සර් ගැන නොලියුවා නෙවෙයි.. උඹව මතක් වෙන හැම වෙලේම 'පණ්ඩිත' සර්වත් මතක්වෙන බව කියුවා කියපං.. )

"It was around 1500 hrs on 9th November 2006 P 416 & P461 – two fast attack craft commanded by Lt ONMR Panditharatne & Lt NGCD Jayatilake, RSP came ashore after an extensive sea patrol off the Eastern coast of Chalai. These Officers-In-Command of the two craft were renowned to be very dedicated, fearless and experienced Fast Attack Craft (FAC) Commanders. With a very high sense of duty and responsibility they instructed their crew to prepare the craft for sea to face any unforeseen and urgent eventuality, before they left the craft at one of the piers in the Kankasanthurai Naval harbour. 

No sooner they refreshed themselves and relaxed with two hot cups of tea at the wardroom, the ‘action alarm” prompted them back into their usual ‘sea rigs’, and off they bolted towards their Dvoras without delay. Having sailed and fought for the past many years they knew that every second mattered to the FAC that relieved them from patrol now at sea and involved in an ‘attack imminent’ situation. It was around 1630 hrs that P416 & P 461 joined the other FAC which were setting into battle formations to take on a cruising LTTE cluster of 10 – 12 attack craft and 03 suicide craft heading for KKS harbour from the then enemy held coast of Chalai. 

The two battle hardened crews of P416 & P461 took up stations in the battle formation and all SLN FAC decided to take on the enemy head on before they closed in on KKS harbour where few ships with essential cargo for humanitarian missions and some military cargo were lying. If the explosive laden – suicide craft broke through the Naval defence line and cruised into the Naval harbour all hell would have broken loose. Then the SLN craft, sticking to their primary classic role as the first line of defence of Sri Lanka, decided to open fire at the enemy craft coming at them in full swing with suicides lined up couple of meters behind them. It was the sea tigers’ usual strategy to cover their deadliest weapon – suicide craft, from the Naval gunfire until SLN craft are hit & stranded with less or no manoeuvrability, with few guns operating effectively, and then unleash their deadly suicide craft. This is a threat which no Navy in the world has ever encountered in an open Naval combat with any kind of Naval force in the entire Naval history recorded so far. 

In a Naval battle no commander of a vessel ever asks his comrade sailors to go forward, but  takes them forward with him. He keeps his head up always despite the deadliness of the volume of fire projected at him from the enemy's heavy & medium calibre machine guns. He takes decisions standing in the line of fire with the last protection of Armour on an unfriendly medium – water. More importantly he is the last to leave the craft when everything fails, or usually will take the noblest manner of death as a captain of a Naval Warship going down with the sinking vessel. Such was the fierceness of a Naval Battle the Sri Lanka Navy fought for the past 3 decades to liberate this country from the clutches of LTTE barbarism."

මේ යුද්දේ උඹලට අලුත් දෙයක් උනේ නෑ.. කොටිම්ම.. ලෝකේ කිසිම නෙවි එකක් 'සුවිසයිඩ් බෝට්ටු' එක්ක යුද්ධ කරලා නෑ.. ඒත් ඒකවත් උඹලට අපිට අලුත් දෙයක් වුනේ නෑ.. අපි ඉගෙනගෙන තිබුනේ කොල්ලෝ ඉස්සරහට දාල පස්සේ ඉඳන් 'ඕඩර්' දෙන්න නෙවෙයි.. කොල්ලෝ ටිකත් එක්ක ඉස්සරහට ගිහිං යුද්දෙට මුණ දෙන්න.. නැවේ ජූනියර්ම එකාටත් බොඩි ආමර් එක දාල ඉවර උනාම තමයි OIC බොඩි ආමර් එක දාගෙන්නේ.. උඹේ crew එක මෙච්චර උඹට ලෙන්ගතු උනේ උඹ උන්ගේ හැබෑ නායකයා වෙච්චි නිසා.. උන් දැනගෙන හිටියා 'සර්ගේ' එක නහරෙක හරි පණ තියෙනකං උඹ උන්ව රකිනවා කියල..උන්ට විතරක් නෙවෙයි.. උඹත් එක්ක එකට යුද්දෙට ගිය අනිත් ඕනෙම එකෙක් දැනගෙන හිටියා උඹේ අන්තිම හුස්ම ටික තියෙනකං උඹ උන් එකෙක්ව වත් තනි කරන්නේ නෑ කියල..

As the sun set in the Northern seas of Sri Lanka on that fateful day, many lives went down, making the supreme sacrifice for their motherland. Lt Mudeep Panditharathne, NRX 0954, was always an honourable Officer and died a Naval Officer’s noble death when P 416 settled down in the Davy Jones's Locker (Seabed) off Thondamanaru, KKS and Lt Chinthaka Jayathilake, Commanding P 461 showed sheer courage and comradeship by attacking the advancing enemy fleet in an extraordinary feat of bravery. P 461 along with its Commander and crew went down fiercely protecting P416 which had lost its controls and was moving at a very low speed.

Lt Chinthaka Jayathilake was born on 13 November 1976, into a family of six where he had one elder sister and two younger brothers. Chinthaka had his education at Vidyartha College, Kandy where he excelled as a keen sportsman and represented Vidyartha in Cricket. He joined the Navy on 04 August 1997 as an Officer Cadet of the 28th Intake of the Naval and Maritime Academy. He was known for honesty, comradeship and above all bravery both by his contemporaries and seniors as well.

These valiant Officers had one thing in common - they considered dignity was more precious than life. They fought for freedom, comradeship, pride and honour and by many means they were unmatched to many of us who are among the living today. Three long years have passed without their valuable companionship yet the beautiful memories of these true heroic sons of our time will be deeply cherished in the hearts and minds of the grateful people of Sri Lanka. 

Some gave all and all gave some
Some stood true for our land so true
And some had to fall…
When we always think of them 
Let us think of all our liberties
And recall
That some gave all… (Sir Billy Ray Cyrus)

Photo credit goes to Cdr (SBS) Chatura Gamage of SL Navy

උඹ ගැන අදත් ආඩම්බරයි මචං.. ඒත් සතුට කියන තැනට ලොකු දුකක් හිස් බවක් එකතු වෙලා.. වයස අවුරුදු තිහක් වෙන්න දවස් හතරකට කලින්.. කාලයක් තිස්සේ පෙරුම් පුරලා හොරෙන් ලව් කරලා අන්තිමේ ගෙදරින් කැමැත්ත ලැබිච්ච කෙල්ලගේ අත ගන්න වෙඩින් එකට දවසුත් දාගෙන ඉද්දි.. ශරීරෙන් පුංචි උඹ යෝධයෙක් වගේ මහා පිම්මකින් පස්සේ අපිව දාල ගියා.. 

එදා උතුරේ මුහුදේ වෙඩි හඬින් අකම්පාල වෙච්චි මහා රලගෙඩි ඇවිත් කන්කසන්තුරේ හාබර් එකේ ගල් වැටි දිගේ ඔළුව ගහ ගහ මහා හඬින් හඬා වැටුනා.. උඹව හඟ ගත්ත පේදුරුතුඩුවේ මුහුද අපේ ප්‍රශ්න වලට දෙන්න උත්තර නැතුව වගේ සදාකාලේටම ගොළු උනා.. උඹල අම්ම, තාත්තා.. අක්ක, මල්ලිල.. එතකොට අර අහිංසක කෙල්ල.. උන් පොළොවේ හැපී හැපී ඇඩුව උඹ මැරුණ කියල විශ්වාස නොකර..

ඒත් උඹ.. අපේ ආදරේ, හිතවත්කම්, නෑකම්, යාළුකම් වෙනුවට 'සදාකාලික වීරත්වය' තෝරගත්ත.. ඔව්.. මැරෙන බව දැන දැන.. මැරෙන බව දැන දැන.. උඹ.. යෝධයෙක් වගේ.. අපි හැමදාම දැකපු අර මහා පුරුෂයා වගේ.. කන්කසන්තුරේ වරාය එහෙම නැත්නම් උතුරු මුහුදේ අපේ ආධිපත්‍ය විනාශ කරන්න ආපු ඒ මිලේච්ඡ සතුරු බෝට්ටු ඉදිරියට ගියා.. එහෙම වීරකම් හැමෝටම කරන්න බෑ බං.. අපි උඹට ආදරේ ඒකයි..

උඹට ජය!

මම කල්ලා...




Thursday 26 October 2017

The Navy Drama

Whatever the (manipulation of) episode is; SS is not the one to be blamed. How Travis Sinniah was fit to fill the role, equally SS is fit to the role.. I've work under both of them and personally know the two individuals.. System is to be blamed, yes, but not the man next in line.
SS was the best cadet and winner of Sword of Honour in his batch which includes both Travis and Niel Rosayro. He was Trained at Britannia Royal Naval College Dartmouth UK in International Midshipman Course. He was the CO of ship (SLNS Samudura) which has done longest voyage in SLN History ( From New Port USA to Colombo). He had been FAF4, Commandant, DNO, Area Cdr, DGCG and was the CoS for last 2 1/2 years. He took over as CoS from retired Adm Ravi Wijegunaratne; served under him as CoS and continued under VAdm Travis SInniah..
In Battle, he was awarded with WWV and RWP. Was the first OIC who rammed and destroyed LTTE boat with his FAC in the history of SLN. Long ASW qualified, staff course India, war Course Pakistan and NDC India.
Navy and Royal Naval College Dartmouth UK coloursman in Badminton. MSc in Defence and Strategic Studies from India and Pakistan and MPhil on Strategic studies from India.
(After all, he is a very fine gentleman, I'd love to meet him again one day in a ward room bar and to give him a guitar.. and to listen him singing..Woooww)
These are for you to see that he was the deserved candidate to be next CofN when Travis retires.. Nothing is his fault!
Bon Voyage Sir!
Photo Courtesy- MoD Website

Monday 11 September 2017

අභි නොනික්මණ - දෙවෙනි හා අවසාන කොටස



කලින් කියෙව්වේ නැතිනම් මුල් කොටස මෙතනින් කියවා එන්න

පිත්තල හන්දියේ හැමදාම දකින රතු එළිය වෙනුවට එදා කොළ එළියක් දැල්වෙමින් තිබුනා.. නොනවත්වාම රථය ධාවනය කල අසංක විහාරමහා දේවී උද්‍යානය අසල රථය නවත්වා සිඟිති උයන දෙස බලා සිටියා උද්‍යාන පල්ලන් කිහිප දෙනෙකු මිස ළමුන් කිසිවෙකුත් නොවූ එදෙස බලා සිටීමෙන් ඔහුගේ සිත සංසුන් වූවාද නොවූවාද ඔහුට වැටහුනේ නෑ. හදිසියේ නින්දෙන් ඇහැරුණු අයෙකු මෙන් එක්වරම සිය ජංගම දුරකතනය අතට ගත් අසංක එහි බොත්තම් කිහිපයක් තද කලා.

"යස් මිස්ට අසංක" සිය කාර්යාල හිතවතියගේ ලෙන්ගතු හඬින් නම් ඔහු පියවි සිහියට ආවා.

"මේඛලා.. මං හදිස්සියේ පොඩ්ඩක් එළියට ආවා.. අද අර අළුතෙන් ට්‍රේනි ගර්ල් කෙනෙක් ආවානේ මට.. ඒ ළමයට ඉඳගන්නවත් කියන්න බැරි උනා හරියට.. පොඩ්ඩක් බලනවද ඒ පැත්ත.. අයිටී ඉන්ඩක්ශන් එකටයි. සේෆ්ටි ඉන්ඩක්ශන් එකටයි බලල යවන්න.. මීල් රූම් එකටත් ඩීටේල්ස් දෙන්න ප්ලීස්.. නිකං ඉන්නවනම් කියවන්න අපෙ පොලිසි මැනුවල් වගේ කොමන් ඩොකියුමන්ට් දෙක තුනක් දෙන්න.. ජොබ් එකට අදාල දේවල් මොකුත් දැම්ම කියන්න යන්න එපා.. මං තව ටිකකින් එනවා..ඩූ ඉට් ෆො මී ප්ලීස් මේඛලා"

"විත් ප්ලෙශර්.. ශුව මිස්ට අසංක.."

"තෑන්ක්ස් අ ලොට්.. බායි"

නිදහස් වුනු අසංකගේ සිතට එකපාර මතක් උනේ සමන්මලී ඇවිත් බුලත් අතත් දීල දණ ගහල වැඳපු විදිය.. මීට කලින් අසංකට ගෑණු ලමයෙක් වැඳල තිබුණෙ ජීවිත කාලයටම දෙපාරයි.. ඒ වෙන කවුරුත් නොවෙයි අසංකගෙම නංගී.. පළවෙනි පාර රට යනකොට විවාහ වෙලා හිටපු නැති නංගී යන්තම් පහත්වී තමාට වැන්ද බවත් ඉන් වසර කිහිපයකට පසු අසංකගේ වැඩි වියදමකින් පැවැත්වූ ඇගේ විවාහය දවසේදී නොරටක සිට පැමිණ සිට තමාට ඇය බුලත් හුරුලක් දී දණගසා වැන්ද බවත් අසංකට මතක තිබුණි. ඊට අමතරව ඔහු හිත යටින් වැඳුමක් බලාපොරොත්තුව සිටි දිනයක්ද විය.. බොහෝ කලකට පෙර කියවූ එක්තරා පොතක කුලවමියක් සරණ බැඳ යනදින තම අතගත් මනාලයාගේ දෙපා නැමදි වගක් සටහන් වී තිබිණි. එහෙත් කිශානී හෝ ඇගේ පවුලේ වැඩිහිටියෙකු ඒ පොත කිසිදිනෙක කියවා නැතිබව පමණක් එදින අසංකට පසක් විය..

අරමුණකින් තොරව වාහනයෙන් බැසගිය අසංක පාර මාරු වී ෆාමසියකින් ග්‍රයිප් වෝට බෝතලයක් හා තවත් බිළිඳු නිශ්පාදන දෙක තුනක් මිළදී ගෙන හැකි ඉක්මණින් නැවතත් තම කාර්යාලය වෙත වාහනය ධාවනය කරන්නට විය. 

*******************************
සමන්මලීට කාර්යාලයේ වැඩ අමාරු නොවූවාද නැත්නම් අමාරු රාජකාරි ඇයට නොපැවරූවාදැයි කිසිවෙකුට ගැටළුවක් නොවීය.. රුපියල් විසිපන්දහසක් වූ ඇයගේ 'ට්‍රේනින් පඩිය' ඇයට සහනයක් වූ බවත් ඇය සතුටින් රාජකාරී කරන බවත් හඳයා පැවසූවත් ඊට පෙර සිටම එය අසංකට දැනී තිබිණි. පළමු වැටුප ගත් දින ඇය අසංකට වතුර රස්නෙන් තබාගෙන පානය කල හැකි ආකාරයේ අලංකාර බඳුනක් තෑගි කලාය. 

'මොකටද වියදම් කරේ අපරාදෙනෙ.. ඔයාගේ වියදමට ඉතුරු කර ගන්න.. වැඩ ටික ඉක්මණට අල්ලගෙන ජොබ් කන්ෆමේශන් එක ගන්න ට්‍රයි කරන්න.. ඒක තමයි වැදගත්' පණ්ඩිත වාක්‍ය පැවසූවද ඇය කෑමට ගිය පසු එය දෙතුන් වරක් කරකවමින් බලා මේසයේ කොණක තබමින් එහි හැඩ බලන්නට අසංක අමතක කලේ නැත. 'මේක තියෙනවනම් පොඩි මැට් එකක් ගන්නවෙයි' ඔහුට සිතුණි. එසැණයකින්ම ඇය ආපසු එනු ඇතැයි සැක සිතුණු නිසාදෝ කඩිමුඩියේ නැවත ජෝගුව ඇසුරුමට එබූ අසංක එය ඇසුරුම පිටින්ම මේසයේ නොගැලපෙන කෙලවරක තබා තම කොම්පියුටරයට මූණ ඔබා ගත්තේය.

පසුදින අසංක කාර්යාලයට පැමිණෙන විට ලස්සන පොඩි මැට් එකක් උඩ ඒ නිල්පාට ජොග්ගුව තබා මද රස්නයෙන් යුතු උණු වතුර එකක් එහි පුරවා තිබිණි. තම කාර්යාල මේසය වෙනදාට වඩා පිළිවෙලකට අස්පස් වී ඇති බවක් අසංක දුටුවද ඔහු වඩාත්ම පුදුම වූවේ තමා පෙරදින මේ ජොග්ගුව තබා ගැලපේයැයි සිතූ ස්ථානයේම අද දින එය තිබෙනු දැකීමෙනි. එදිනවත් ඉන්පසු ගතවුණු සිව් මසකට ආසන්න කාලය පුරාවත් අසංක මේ පිළිබඳව සමන්මලීගෙන් විමසීමක් නොකල නමුදු එදින උදය වරුවේ සමන්මලී කිහිප සැරයක් තමන් දෙස බිය සැක මුසු ලෙස හොරෙන් හොරෙන් බලනවා අසංකගේ ඇස ගැටිණි.  

මේ අතරතුර දිනෙක තම විවාහයේ තුන්වන සංවත්සරයත් පුතුගේ පළමුවන උපන් දිනයත් ලඟ ලඟ දින දෙකක යෙදී තිබුණු හෙයින් අවස්ථා දෙකම අළලා විශේෂ සාදයක් කිශානී විසින් සංවිධානය කරන ලදී.. අසංකගේ අදහස වූයේ ළඟම හිතවතුන්ට නිවසට ආරාධනය කොට කෑමක් පිළියෙල කිරීම වුව 'පැමිණෙන අයගේ පහසුව තකා' කිශානී විසින් එය කොස්වත්තේ පිහිටි උත්සව ශාලාවකට පවරන ලදී. ඒ සමගම ගෙට ගෙවදීමට පෙර සිට අසංක සිතා සීටි පරිදි තුන් වේල් පිරිතක් කියා හාමුදුරුවරු දෙතුන් නමකට හීල් දානයක් දීමද යටත් පිරිසෙයින් තව වසරකින් කල් ගියේය. 

මහ රෑ ඒසී කල හෝටල් කාමරය තුල පැවති උත්සවයේ බිලටත් වඩා අසංකට දරා ගත නොහැකි වූයේ.. අසනීපයෙනුත් සිටි පොඩි එකා මරහඬ දී අඩන්නට පටන් ගැනීමයි.. කිශානීගේ මවට කෙසේවත් මේච්චල් කරගත නොහැකි වූ පොඩ්ඩා වාසනාවකට හෝ අවාසනාවකට 'හඳයා' හා බිරිඳ සමග පැමිණ සිටි සමන්මලී තුරුලේ සැනහෙමින් නිදන්නට වීම අසංකට කෙසේ වෙතත් කිශානිටනම් බොහෝ සෙයින් සතුට ගෙනා බව පෙණුනි. සාදයේ තවත් අතුරු ඵලයක් ලෙස පසුදිනම අසංක නුගේගොඩ දඹදිව චාරිකා සංවිධානය කරන ආයතනයට කතා කොට 'හදිසි අවශ්‍යතාවයක්' නිසා අත්තිකාරම් බැඳ වෙන්කර තිබූ ටිකට් පත් දෙක කැන්සල් කරන ලෙසත් අත්තිකාරම් මුදල් ඉදිරි චාරිකවක් වෙන් කිරීම සඳහා යොදා ගන්නා ලෙසත් උපදෙස් දුන් අතර අම්මාට කතා කොට නුගේගොඩ ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙවර ගමන ඉන්දියාවේ කලබල නිසා අවලංගු කර ඇති බවත් ගමන යන දිනය ඉදිරියේදී තමාට දැනුම් දෙන බවත් පැවසූවායැයි සම්‍යක් සත්‍යයක් ප්‍රකාශ කලේය. 

සාදයෙන් පෙර හා පසුවද කිශානී 'කිශානී' ම වූ අතර අසංක, අසංක වෙනුවට 'ප්‍රභාත්' විය.

සඳුදා සහ අඟහරුවාදා බැංකොක් හී සූදානම් කර තිබූ වාහන ආනයන කරුවන්ගේ ලෝක සංසදයේ වැඩමුළුවට සහභාගී වන ලෙස ඉහළින් ලැබුනු දැනුම්දීමට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට අවස්ථාවක් මෙවර අසංකට නොවීය. පසුගිය මාස හය තුල තමා දෙවරක්ම මෙවැනි 'කැට' නොයෙකුත් හේතු ඉදිරිපත් කරමින් වෙන අයට 'පාස්' කල බව පමණක් ඔහුට සිහිවිය. ගමන ස්ථීර කිරීමෙන් පසු ඉරිදා හවස ෆ්ලයිට් එකට ටිකට් එක පවා කිශානි සිකුරාදා හවස එනවිට ගෙදර ගෙනැවිත් තිබිණි. කාර්යාල කාමරයෙන් පිට රාජකාරීවලදී වෙනදා නොතිබූ මොකක්දෝ කම්මැලි කමක් දැන් තමා පසුපස එන බව අසංක තේරුම් ගෙන සිටියත් ඒ ගැන වැඩිදුර සිතන්නට ගියේ නැත. කලයුතු විශේෂ රාජකාරීයක් නැතුවද සිත රවටා ගැනීමට ඔහු ඉරිදා උදය වරුවේ කාර්යාලයට ඒමට සිතා ගත්තේය.

********************************

ඩෙනිම් කලිසමට නිල්පාට කොටු වැටුණු සැහැල්ලු කොට්න් කමිසය හොඳින් ගැලපුණි. වෙනදාට බොහෝ විට අමතක වන 'රෝයල් මිරාජ්' සෙන්ට් එක එදා අසංක ටිකක් වැඩිපුරත් එක්ක ගල්වා ගත්තේය. අසංක ඔෆීස් එකට එනවිට අට හමාර පසුවූවා පමණි. මද රස්නය රැගත් උණු වතුර ජොග්ගුව මේසය මත සිහින් දුම් රැල්ලක් මුදාලමින් තිබුණි. 

"ගුඩ් මෝනින් සර්"

කාමරයේ කෙළවර ලිපිකරු මේසය අසල උඩවැඩියා මලක් පිපී ඇත. මොහොතකට අසංකට ඇස් ඉවතට ගත නොහැකි විය. සාරිය වෙනුවට ගවුමක්.. බැඳපු කොණ්ඩය වෙනුවට පිට මැදට කඩල දාපු කැරළි කොණ්ඩයක්.. පළපුරුදු කෙනෙකු මෙන් ඇඳුම මැච් කරල ගාල තියෙන තොල් ආලේපනයක්.. හැබැයි අර ලස්සන දිලිසෙන මුව ඇස්.. 

"මෝනින්.. අද සමන්මලී ගොඩාක් වෙනස්.." 
කුහකයෙක් වෙන්න හොඳ නෑ.. 
"ලස්..සනයි.." මොහොතකට අසංක අසංකම උනා.

"සර්ත්.. තැන්කියූ සර්.." සමන්මලීත් ඒ ටික කියා ගත්තෙ අමාරුවෙන්..

වෙනදා වගේ ලැප් එක දිග ඇර ගත්තත් අසංක ඒ දිහා බලනවට වඩා කරේ මේසෙ උඩ තිබ්බ කොලයක් කුරුටු ගාන එක.. සමන්මලී කොයි වෙලේ හෝ තමුන්ට ඇමතුමක් ලැබේයැයි විමසිලිමත් වෙමින්ම යම් දත්ත වගයක් කොම්පියුටරේට කවමින් සිටියා..

අඩුම තරමින් ඉදිරි පැය තුනක් හෝ හතරක් මේ දෙය මෙයාකරයෙන්ම සිදු උනා.

"සමන්මලී විශේෂ වැඩක් නැත්නම් දැන් යන්න.. මාත් තව ටිකකින් යනවා. ෆ්ලයිට් එක රෑ අටට.. හෙට අනිද්ද දවස් දෙකේ ඔයාගේ ස්ටඩීස් මොනව හරි තියෙනවනම් කර ගන්න.. මතක ඇතුව ට්‍රේනින් රෙකෝඩ් එක අප්ඩේට් කරන්න.." තව මොනවද මොනවද උපදෙස් ටිකක් දුන්නට පස්සේ සමන්මලී පුටුවෙන් නැගිටල අසංක ලඟට ආවා. 

"සර් එහෙනම් මං යන්නම්.. මං ආවට පස්සෙ සර් පිටරට යන පළවෙනි දවස.. බුදු සරණින් එහෙනම් පරිස්සමින් ගිහින් එන්න" එක්වරම මේසය වටෙන් පැමිණි ඇය අසංක පාමුල දණ ඔබා වැන්දා.. 

පුටුවෙන් නැගිටුනේ ඉඳං හිටිය අසංක නෙවෙයි.. බිමට නැමුණු අසංක දෙවුරෙන් අල්ලා සමන්මලීව සිටෙව්වා.. ඇගේ උරපතු දිගේ ගෙල දෙසට ඔහුගේ අත් ගමන් කරා.. ඇගේ සිහින් ගෙල වටේ එක්වුණු අසංකගේ දෑතේ මහපට ඇඟිලිවලින් ඒ නිකට ඔසවනු ලැබුවා.. දෙයියනේ ඇස් දෙකේ කඳුලු.. දින දෙකකට වෙන්වන තම ස්වාමියා වෙනුවෙන් සේවිකාවකගේ නෙතකට උනන කඳුලු වලට වඩා වැඩි බරක් ඒ කඳුලු වල අසංක දැක්කා.. 

සමන්මලීගේ ගෙලට ඒ නිකට ඔසවා තබාගෙන ඒ ඇස් අසංකගේ ඇස් වෙත රඳවා තබා ගත හැකි වූ විට අසංකගේ නැවත ඇගේ උරපතු දිගේ දෙ අත් ගොබ සොයා ගියා.. ඉන්පසු නැවත උරපතු වෙතත් එතනින් පිට දිගේ මදක් දුර පහලටත් ගමන් කල ඒ අත් විදුලි වේගයකින් මෙන් එක්වරම සමන්මලී අසංක වෙත ඇද ගනු ලැබුවා.. මෙතෙක් සිහිනෙන් පමණක් රසවිඳ තිබූ රසවත් පළතුරක් ලෝකයේ කොහේදෝ කොණක තිබී තමන් අතට හැබෑවටම පත් වුනාක් වැනි හැඟීමකින් අසංක ඒ දුර්ලභ වූ පළතුර පරිස්සමින් සිප ගත්තා.. වායු සමීකරණය කර තිබූ ඒ සීතල කාමරය තුල මෙතෙක් තමා පැතූ ඒ සදාතනික උණුසුම අසංකට දැණුනා. 
ගතවූයේ නිමේශයකටත් අඩු කාලයක් විය හැකියි.. අසුරු සැණකින් තම අත් ගොබ වලට මැදිවී පොලොවෙන් ඉහලට එසවී සිටි සමන්මලීවත් රැගෙන අංශක එකසිය අසූවක කෝණයකින් ආපසු හැරුණු අසංක තම දෑතට එවලේ අසුවූ තමා පැතූ ලෝකය මෙතෙක් තමා වාඩිවී සිටි පුටුව මත හෙලුවා. රැගෙන යාමට කිසිවක් නොවූයෙන් හිස් අතින්ම කාර්යාල කමරයෙන් පිටවී අසංක ද ප්‍රභාත් ද නොවූ ඔහු තම රථය වෙත පැමිණ හදිසියෙන් මෙන් ඔෆීස් පාක් එකෙන් පිටතට රථය ධාවනය කරා..

********************************
සමන්මලී.. 'මට ඒ නමින් කතාකලේ ඔහු පමණයි.. අනිත් අයගෙන් වසන් කිරීමට උත්සහ කල ඒ නමින් ඔහු අමතද්දී මං ඒකට කැමති උනේ ඇයි' ඇයට කිසිවක් සිතා ගැනීමට නොහැකි උනා.. ඇය වැඩිදුර කිසිවක් සිතුවේත් නෑ.. සුළු වෙලාවකට ලද ඒ උණුසුමෙනුත් කිසිදා සිහිනෙන් හෝ වාඩි වීමට උත්සාහ කල මෙම පුටුවේ වාඩිවී සිටින මේ අහම්බයෙනුත් ඇය විකසිත වී සිටියා.. ඇස් එකලස් කරගත් මොහොතේ ඒ මේසය මත වූ කටු සටහන් ගොන්නේ ලියා තිබුණු මේ පද වැල් සමන්මලීගේ නෙත ගැටුනා.. 

නේරංජන දිය රැළි මත
බිඳී යයි ඇසළ පුරහඳ
කිරිපිඩු ගෙන මග නොබලන් සුජාතාවනි...
මම කොහොම නික්ම එන්නද ගිහි ගෙයට නොපැරදී...
සියක් පෙර නිමිති දැක ඉපදෙමින් මැරි මැරී...
කල්පයක් තවත් ඉවසා අපි පුරමු පාරමී...

කන්ථකද විකුණු මුදලින
සාරි දෙක තුනක් අරගෙන
සාද දා නටා සූ සැට සිල්ප දක්වනා...
නළඟන නිසා නොවේ රාහුල නමින් නවතිනා...

ගම පුරා හැදුනු නිබ්බුත
අසා කළකිරී තැවෙමින
බාවනා වඩා මගඵල ලබන්නට බැරී...
කැණිමඩලට උරදෙමි තුරුලේ සුවය හිමි නැතී... 

**** නිමි ****

****************************************
නිධාන කතාව

නුවර එලිෆන්ට් වෝක් හෝටලයෙදි 2002 වසරේදි වරක් පැවැත්වුණු සාදයක් අතරතුර ඝෝශාකාරි සංගීතය මැද්දේ එවකට පේරාදෙණිය වි.වි. අවසන් වසරේ ශිෂ්‍යයෙකු වූ මා අතිජාත මිත්‍ර ජයවීර බණ්ඩාර පේපර් සර්වියට් එකක යමක් කුරුටු ගාමින් උන්නා. මද වේලාවකින් මා ඇමතූ ඔහු 'මේක කියවලා බලපං ඔය මට ඊයේ රෑ හිතට ආපු අදහසක්' කියා ඉහත ගීතය අඩංගු පේපර් සර්වියට් කැබැල්ල මගේ අතට දුන්නා. පළමු වර කියවීමේදීම එහි අර්ථයත් පද ගැලපීමත් නොමැකෙන ලෙස මගේ හිතේ සටහන් වුණා. වරෙක මෙම ගීතය 'කපුගේ' ලවා ගායනය කරවීමට අප කතිකා වුවත් ඒ සඳහා අවස්ථාවක් ගැනීමට නොහැකී වූ නිසාත් කපුගේ මහතා ගේ අකල් වියෝව නිසාත් එය මෙතෙක් පද රචනයකට පමණක් සීමා වුණා. 

ගීත රචනයෙහි මෙන්ම තොරතුරු තාක්ශණයේද කෙළ පැමිණියෙකු වූ මොහු මා කොම්පියුටර් ගැසීමට ඉගෙන ගැනීමටද පෙර පටන් බ්ලොග් ලියන්නෙක් වී සිටියා.. පේරාදෙණිය වි.වි. තේමා ගීතය ලෙසත් සයන්ස් ෆැකල්ටියේ තේමා ගීතය ලෙසත් දැනටත් භාවිතා වන ගීත දෙකත් තව ඉතා අලංකාර ගීත හා පබැඳුම් කිහිපයක් සමග මේ පබැඳුම ද  ඔහුගේ මෙම බ්ලොග් සටහනෙහි ඇතුලත් වෙනවා. 

රාජකාරී කටයුතු වලට මුල් තැන දෙමින් නිර්මාණකරනයෙන් බැහැරව ඉන්න ඒ අති දක්ශ නිර්මාණශීලී මා මිතුරාට නැවත බ්ලොග් අවකාශයේ සැරි සැරීමට සිත් පහල වේවායි අවසන් වශයෙන් ලියා තබමි. 


Thursday 7 September 2017

අභි නොනික්මණ


ගාලු පාරදිගේ කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ අසංක ගේ රථය සැන් මයිකල් පාර දිගේ ගොස් ලිබර්ටි වටරවුමෙන් වම්පසට හරවා බොරැල්ල දෙසට ගමන් කරන්නට විය. ඔෆීස් පාක් එකෙන් හදිසියේ මෙන් එළියට ගත් රථය පුරුද්දට මෙන් ගාළු පාරේ පැමිණ මෙතෙක් දුර ධාවනය කලද එය තමා සිතා මතා ධාවනය කලේද නැත්නම් අනිච්චානුකව සිදුවූ දෙයක්දැයි අසංකට නිනවු නැත. විවේකී ඉරිදා දිනයේ කොළඹ පාරවල වාහන තදබදය බොහෝ අඩු බැවින් එය අසංකගේ මනෝ ලෝකය හා එතරම් ගැටුනේද නැත. කෙසේ නමුත් පිත්තල හංදියේ කලර් ලයිට් ලඟ වාහනය නැවැත්වීමට සිදුවීම නිසා තමා මේ යන්නේ තමන්ට හුරු බොරැල්ල දෙසට බවත් මෙහි අවසානය රාජගිරිය කලපළුවාව පළමු පටුමගේ තමන්ගේම යැයි කියාගන්නා නිවස බවත් ඔහුට සැනෙකින් පසක් විය. ඒ හා සමඟම හිරිවට්ටා සැත්කමකට භාජනය කොට තිබූ තුවාලයක් හිරි ඇරීමේදී ඇදුම් දෙනවාක් වැනි වේදනාවකින් ඔහුගේ පපුව පිරී යන්නට විය.


*******************************

"සමන්මලී, මම මන්ඩේ ටියුස්ඩේ නැති නිසා හෙට උදේ වරුවේ ටිකක් ඔෆීස් එකට එනවා. විශේෂ වැඩක් තියෙනවනම් නෝට් ඒකක් දාල ටේබල් එක උඩින් තියල යන්න...."
"නෑ සර්, කමක් නෑ.. මම සර් එන වෙලාවට ඔෆිස් එකට එන්නම්.."
එය අසා මුවට නැගුණු මදහස සඟවා ගන්නට උත්සාහ දරන්නාක් මෙන් අසංක තැනට නොගැලපෙන තරමේ විශ්මයාර්ථයක් මුහුණින් පෙන්නුම් කලද ඊට ගැලපෙන වචන කිහිපයක් සොයා ගැනීමට අපොහොසත් වූයේ, නිකම්ම " හ්ම්.. කරදරයක් නැත්නම් විතරයි" කියා හනික සෙනසුරාදා හවස තම කාර්‍යාලයෙන් පිටවිය.

'කෙල්ල එන බව දැනගෙනම මං එහෙම ඇහුව කියල එයාට හිතුනද දන්නෙත් නෑ'. විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපස පාරේ අත් අල්ලාගෙන නිදහසේ පුරහල දෙසට ඇවිද යන තරුණ ජෝඩු වල දර්ශනයෙන් ඔහු වෙනදාට වඩා කුල්මත් වී සිටී.. 'යන්න ඕනෙ කෙන්ට් එක පැත්තෙ, හඳය මොකද දන්නෑ කරන්නේ' කාලෙකට පසු අත්විඳින මේ සමනළ සැහැල්ලුව නිකන්ම සෝදා හැරිය යුතු නැත.

හඳයා හෙවත් කොළඹ ආපසු නැවත හමුවූ මේ අතිජාත ගමේ මිත්‍රයා, 'මූට අපි හඳයා කියන බව මෙහෙ කවුරුත් දන්නේ නැතුව ඇති.. උගෙ කැම්පස් කාඩ් එකත් වෙන මොකද්ද නේ', ඔහු ගැන මෙනෙහි කරන හැම මොහොතකම නිරායාසයෙන් අසංකගේ හිතට නැගෙන සිතුවිල්ලයි. වසර හතරකට වැඩි කාලයක් රතු වැස්සීගේ හැඩකාර දඟයා, ගමටම හයිරං පාපු රතු හඳයාගේ ආඩම්බර අයිතිකාරයා වූ 'හඳයා' තම සුරතලාගේ නමින්ම තමන්ට ඇමතීම ගැන නම් එතරම් පැහැදීමකින් එකල නොසිටි බව අසංක සිහි කලේය. 'දැන්නං ඌ ඒ නමට ආසයි'. 


*********************************

අසංකට වඩා දෑවුරුද්දකින් වැඩිමල් වුවද ඔහු ආශ්‍රය කිරීම ගැන ගෙදරින් අවනඩුවක් නොවූයේ දෙදෙනාම ගමේ පාසලෙන් ශිෂ්‍යත්ව කඩඉම ජයගෙන නගරයේ එකම පාසැලක අකුරු කිරීමත් කොතරම් නොසණ්ඩාල වැඩ කලද ඉගෙනීමේ කටයුතුද යහපත් මට්ටමෙන් කරගෙන ගිය නිසාත් විය යුතුය. අසංක උසස් පෙළ සඳහා වානිජ විශයය තෝරා ගත් අවුරුද්දේම හඳයා කලා අංශයෙන් සරසවි වරම් ලබා පාසැලෙන් පිටවිය. ඔහු කැම්පස් යනතුරු වසරක් හමාරක් කඩින් කඩ හමුවී පොඩි ජල්ලියක් ඇල්ලුවද ඉන් මතු දෙදෙනා අතර මහා ලොකු සම්බන්දයක් පැවැත්වීමට අවකාශ නොලැබිනි. කළමනාකරණ පීඨයේ ඉගෙන ගනිද්දීම වරලත් ගණකාධිකාරී වරයෙකු වශයෙන් සුදුසුකම් සපුරාගත් අසංක උපාධිය ලබා වසර දෙකක් ඉක්මවීමටත් ප්‍රථම විදේශ ගතවීම නිසා ඔහුගේ බොහෝ සබඳතා සීමා වුණි.

පවුලෙං ඈත්වී වසර හයක් රටවල් දෙකක ස්ථාන තුනක රාජකාරී කිරීම අසංකට එතරම් අපහසු නොවූයේ කුඩාකල පටන් ඔහු සිතූ පරිදි ඔහු හා තම පවුල අතර තිබුණු දුරස්තර භාවයයි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනියා වූ අසංකට පවුලේ විශේෂ ස්ථානයක් නොලැබුනේය. අයියා ලොකු වීම නිසාද නංගී එකම කෙල්ල වීම නිසාද මල්ලී බාලයා වීම නිසාද ඔවුනොවුන්ට හිමි විශේෂ වරප්‍රසාද බුක්ති විඳිමින් සිටියහ. සමහරවිට සෑම දෙයක්ම ඕනෑවටත් වඩා දුරට හිතන අසංක තව කරුණක් නිසා තමන් පවුලට බරක් වූවාදැයි කුහුලෙන් සිටියේය. අසංක හා අයියා අතර වයස පරතරය අවුරුදු හතරක් විය. නංගී හා බාල මල්ලී අතර එය වසර තුන හමාරකි. නමුත් ඔහු හා නැගනිය අතර වයස පරතරය යන්තම් වසරක් හා මාස තුනකි. යමක් කමක් තේරෙන වයසට ආපසු අසංක මෙය සංසංදනය කර බැලීය. ඔහුගේ නිගමනය වූයේ තමා ඉපදීමට පෙර දෙමවුපියන් ගැහැණු දරුවෙකු බලාපොරොත්තුවෙන් සිට ඇති බවත් එය ඉටු නොවුණු නිසා ඔවුන් ගැහැණු දරුවෙකු සාදා ගැනීමට ඉක්මන් වූ බවත්ය. මෙය අදටත් ඉඳ හිට  අසංකගේ සිතට එන නමුත් දැන්නම් ඔහු මදහසකින් එය බැහැර කරයි. නමුත් එදවස එය එසේ පහසු නොවීය.

සාමාන්‍ය සිරුරකින් හෙබිව සිටි එතරම්ම කඩවසම් නොවූ තමා දෙස කිසිදු ගැහැණු ලමයෙකු විශේෂයෙන් ආකර්ශනය නොවේ යැයි ඔහු සිටි පූර්ව නිගමනය නිසා පාසැලේදීවත් විශ්ව විද්‍යාලයේවත් ඔහුට පෙම්වතියක් නොවීය. ඔහු හැසිරුනේද එය ඔහුගේ අභිරුචිය වූ පරිදි හෙයින් නොයෙක් හේතූන් මත ලඟින් වැඩ කටයුතු කිරීමට සිදුවූ කිසිදු ගැහැණු ලමයෙකුවත් කිසිදිනෙක ඔහු හා ඕනෑවට වැඩි භජනයකට යෑමට බිය විය.  


*******************************

කෙන්ට් එකට ඇතුළුවීමට ඇති ස්ථානයේ ඇති පෙට්‍රොල් ශෙඩ් එකේ නිදහස් ස්ථානයක් බලා වාහනය ගාල් කල අසංක ඒ සෙනසුරාදා හවස් යාමයේ හඳයා පැමිනෙණ තුරු බලා සිටී.. මීට හාර පස් මාසයකට ප්‍රථමව මෙවන්ම වූ දිනයක තමා හඳයා බලාපොරොත්තුවෙන් මෙහි මෙයාකාරයෙන්ම සිටියේයැයිද අද හා ඒ දවස තුල යම් පුදුමය එළවන සුළු සමානාත්මතාවයක් ඇතැයිද ඔහුට සිතෙන්නට විය. එදා හඳයා වෙනදාට වඩා බැරෑරුම් මුහුණකින් තමා හමුවට ආ සැටිත් මදුවිත තොල ගානවට වඩා ඔහු කල්පනාවේ නිමග්නව සිටි හැටිත් තමා නිරීක්ශනය කල බවද ඒ පිළිබඳව තමා විමසීමක් කල විට ඔහු කථා කල අයුරුද ඒ අයුරින්ම ඔහුගේ මනසේ රැඳී තිබේ.

"මචං අපේ වයිෆ්ලගේ ලඟින්ම නෑයෝ වෙන පවුලක ගෑණු ළමයෙක් ඉන්නව රස්සාවක් හොයනව. බුලත්සිංහල ගම. ඕපන් යුනිවසිටියේ මැනේජ්මන්ට් ඩිග්‍රි එකකුත් කරා. හැබැයි කෙල්ලගෙ කඩ්ඩයි කොම්පියුටරුයි එච්චරම පොලිශ් නෑ. යන්තං තමයි ගැටගහ ගන්නෙ. දැන් වැඩ කරනව නුගේගොඩ තැනක පොඩි ක්ලාර්ක් වැඩක් රුපියල් පාලොස් දාහයි දෙන්නෙ.. කෙල්ලගෙ වියදමටවත් මදි. මාත් අලුතෙම්මනෙ මේ ඇපොයින්මන්ටෙක ගත්තෙ. ඒක නිසා මං ඉන්න තැනකට ගන්නත් බෑ. අනික ඒක හරිත් නෑනෙ බන්. මහ උනුත් හරිම අමාරුවෙන් ගැටගහගන්නේ, අපේ උන්දැත් නිතරම කියනව මොකක් හරි ටිකක් හොඳ තැනකට කෙල්ලව දාල දෙන්න කියල. මං ඉතින් මේ උඹෙන්වත් අහන් නැතුව හිටියේ අපේ කොම්පැණියටත් හපන්නෙ උඹලයේ. කඩ්ඩයි කොම්පියුටර් කොටන්ඩයි බැරුව මෙලෝ දෙයක් කරන්න බෑනේ."

"හහ් හහ් හා.. ඕකද උඹ මූණ පුළුටු කරං හිටියෙ. ලබ්බේ කොම්පියුටරුයි කඩ්ඩයි.. ඒ දවස් වල අපි කඩ්ඩෙං කෙටුවද බන්.. ඕව වැඩකට ගියාම හරියනව.. උඹ එවපන් මං ගාවට. මං කොහොමත් සෙකට්‍රි කෙනෙක් අරන් නෑ. අපි පුරුදු කරල ගමු" එහෙම නිදහසේ කතා කරේ තමන්ද නැත්නම් උගුරෙන් පහලට ගිය චන්ඩියාදැයි එකවරම අසංකට සිතා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ඔහු වහාම වරද නිවරද කලේය. "අපි මාස හයක් විතර ට්‍රේනින් ඇග්‍රීමන්ට් එකක තියල බලමු. මං ගාවම තියා ගන්නංකෝ. එතකොට ඔය අඩුපාඩු කාටවත් පේන්නෙ නෑනෙ." එවර ඔහුට පෙරට වඩා පහසුවක් දැණිනි.    


*********************************

CV of Ayesha Samanmali Herath.. සම්පූර්ණ නම හේරත් මුදියන්සේලාගේ අයේෂා සමන්මලී, භාවිතා කරන්නේ හේරත් අගට. සමන්මලී කියනවට අකමැති ඇති ඒකනේ ඊ මේල් එක ayeashash87@ වෙන්නෙ. හිහ් හිහ්.. දැන් කෙල්ලො කොහොමත් පොශ් නම් වලටනෙ කැමති.. හඳයාගේ ඊමේල් එකත් එක්ක ආපු ඇටැච්මන්ට් එකේ ප්‍රින්ට් අවුට් එක අතේ තියාගෙන අසංක තනියම හිනා වුනා.. ඒත් පොශ් නම්.. එහෙම කියද්දි අසංක එක පාරම හීතල වෙලා ගියා..    

Thanking you for gracing our precious occasion- Kishani & Prabath 
එහෙම තමයි අසංකගෙයි කිශානිගෙයි වෙඩින් එකේ තැන්ක්යූ කාඩ් එකේ තිබ්බේ. "අයියෝ බබා අසංක කියන නම කිශානි කියන එකත් එක්ක මැච් වෙන්නෙ නෑනේ. ඉතින් ප්‍රභාත් කියන්නෙත් ඔයාගෙම නමක් නෙ.. ඇයි ඕක දැම්මම ඔච්චර ප්‍රශ්ණයක් වෙනවද?" මුලින් මේ අදහස දාපු වෙලේ අසංක තදින්ම විරුද්ද උනේ ඔහු මේ මගුලට ආරාධනය කිරීමට සිතා සිටි ඔහුගේ ආගන්තුක මිතුරන් කිසිවෙකුත් ඔහුගේ මෙම මැද නම නොදැන සිටිනා බව සක් සුදක් සේ දැන සිටි නිසයි. කුඩා කල පාසැලේ කනිශ්ඨ පන්තිබාර ගුරුතුමිය 'අසංක ප්‍රභාත් සමරනායක..අ' කියූ විට අත ඔසවා 'ඉන්නව ටීච..අ..' කියුවායින් පසු ඔහුට මතක විදියට කිසිවෙකුත් ඔහුට ප්‍රභාත් කියා අමතා නැත. එදා මෙදා තුර තම හිතවතුන්ට අසංක වූ ඔහු රාජකාරීයේදී මිස්ට අසංක හෝ මිස්ට සමරනායක විය. රට ඉන්න කාලෙදී නම් සුද්දන්ට හා සිංහල නොදත් උන්ට සෑම් විය. වෙනකක් තබා තැන්ක්යූ කාඩ් එකට ඒ නම දැමීමට අදිමදි කරන කිශානී පවා ඔහු ආමන්ත්‍රනය කලේ අසංක හෝ අසා බබා කියායි. කරුණු කාරනා කෙසේ වේවා එදින හා ඉන්පසු බොහෝ අවස්ථාවල සිදුවූ පරිදි අවසානයේ ඇගේ කැමැත්තට ඉඩදී අසංක නිහඬ විය. අසංකට මතක විදියට මේ කරුණ ගැන නැවත ඔහුට කේන්ති ගියේ දෙවරක් පමණි. තැන්ක්යූ කාඩ් බෙදන වේලාව වන විට හොඳින් මත්වී සිටි වැඩිය පයුරු පාසානමක් නොතිබූ ඔහුගේ එක් මිත්‍රයෙකු හඬ නගා 'අපි හිතුවෙ කිශානි වෙන එකෙක්ව බැඳල අසංකයත් එක්ක පැනල යනව කියල, මේකෙ අසංකයගෙ නම නෑනෙ' කියනවිට කිශානී ඇඹරෙනවා දැක හා කිශානීට මේ යෝජනාව කර තිබුනේ ඇගේ රූපලාවන්‍ය කටයුතු බාරව සිටි ඒ සුදු විරූපී ගැහැණිය බව දැනගත් අවස්ථාවේ පමණි. 

තිස්තුන් හැවිරිදි වියෙහිවූ වරලත් ගණකාධිකාරී අසංක විදේශ ගතව පැමිණීමෙන් අනතුරුව ලංකාවේ ප්‍රමුඛ පෙලේ වාහන ආනයනය කර බෙදා හරින සමාගමක අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා ලෙස පත්වීමක් ලැබුණි. ඔහු පිටරට සේවයේ යෙදී සිටියදී ජපානයේ මුල්පෙළේ වාහන නිශ්පාදන සමාගමක් හා ගණකාධීකාරීවරයෙකු ලෙස කටයුතු කිරීම මේ සඳහා ඕනෑවටත් වඩා සුදුසුකමක් විය. කවදත් වෘත්තීය ජීවිතයේදී කෙළින් හා උවමනාවෙන් වැඩ කල අසංකට ටික දිනකින්ම විශ්වාසවන්ත කාර්‍යමණ්ඩලයක් ගොඩ නගා ගැනීමට හැකිවීම නිසා රැකියා ස්ථානයේ වගකීම් මැද වුවත් සැහැල්ලුවෙන් සිටීමට හැකි විය. ඔහු කියවීමට යොමුවිය. නිදහස් අවස්තාවලදී සිතට දැනෙන දේ කවිකර ලිවීමටද ඔහු පුරුදු විය. අසංක බ්ලොග් එකක් ලිවීමට පටං ගත්තේය. හිතට දැනෙන සිතුවිලි නිදහසේ අකුරු කල ඔහු බ්ලොග් අවකාශයේ මිතුරන් අතර ජනප්‍රිය අයෙක් විය. එහෙත් වෘත්තීය ජීවිතය තුල ඔහු කාර්ය බහුල පුද්ගලයෙකු වියයුතුයැයි හංවඩු ගසා තිබීම නිසා ඔහු අන්වර්ථ නාමයකින් පෙනී සිටිමින් තම අනන්‍යතාවය රැක ගැනීමට අසීරු උත්සාහයක්ද දැරීය. එහෙත් මෑතක හඳයා නැවත හමුවනතුරු අසංකට කොළඹ යාලුවන් සිටියේ නැත. ගෙදර නොගිය සති අන්තයක වෙන්ඩ්ට් එකේ තනිවම නට්‍යයක් බැලීමටත් එසේ නැතිනම් විහාරමහාදේවී උද්‍යානයේ සිඟිති උයනේ සෙල්ලම් කරන පොඩි උන් දෙස ඔහේ බලා සිටීමටත් හැර වෙනත් විශේෂ රාජාකාරීයක් ඔහුට නොවීය. ඉඳහිට මත් පැන් පානය කරත් තනිවම ගොස් බීමටවත් ගෙදර තබාගෙන බීමටවත් ඔහුට හුරු නොවීය.

රාජකාරී අවශ්‍යතාවයන් මත වසරකට කිහිප වරක් විදේශ ගත වීමට සිදුවූ අසංකට ලෝක වෙළඳ මධ්‍යස්තානයේ ගුවන් ටිකට් පත් නිකුත් කරන කාර්යාලයේ සිටි විසිපස් හැවිරිදි සුන්දර තරුණියක වූ කිශානී මුණ ගැසෙන්නේ ඔය අතරය.. මුලින් මුලින් සර් යැයි ආමන්ත්‍රනය කල ඇය තවදුරටත් යනවිට නිකම්ම අසංක යැයි කියා ඇමතීමට පටං ගත් හෙයින් අසංකද ඇය දෙස විශේෂයෙන් බැලීය. ටික දිනක් ඇසුරු කිරීමෙන් පසු ඇය අවිවාහක බවත් පෙම්වතකු නොමැති බවත් ගෙදරින් විවාහ වීමට බල කරන බවත් දැනගත් අසංක එක් සාමාන්‍ය වැඩ කරන දිනෙක දුරකථන ඇමතුමක් දී ඇගෙන් විශේෂ යමක් ඇසුවේය. එදින සිට ඇයට ඔහු 'අසා බබා' විය.     

විදේශගතව සිට පැමිණෙද්දී අත තිබූ මුදලින් නවීන පන්නයේ මෝටර් රථයක් මිලදී ගත් නිසා අසංක මිතුරෙකුගේ මාර්ගයෙන් බැංකු ණයක් අනුමත කරවාගෙන කලපලුවාව පළමු පටුමගේ බාගෙට ඉදිකර තිබූ මෙම නිවස මිලට ගත්තේය. ඔහුගේ රැකියා ස්ථානයේ ලිපි ශීර්ෂයක සටහන්ව තිබූ වැටුප් විස්තරය දුටු බැංකු කළමණාකාරවරයා දෙවරක් සිතීමකින් තොරව ඒසා විශාල ණය මුදල අනුමත කරණු දුටු අසංකට තමා කුඩා කල තම පියා රුපියල් පනස් දහසක නිවාස ණයක් ලබා ගැනීම සඳහා මාස තුනකට වැඩි කාලයක් බැංකු ගානේ රස්තියාදු වූ අයුරු සිහිවිය.. 'ලියන්න ඕනෙ මේක ගැනත් පෝස්ට් එකක්' බැංකුවේදීම ඔහු හිතා ගත්තේය. කෙසේ වුවත් හිච් වීමෙං පසු වියදම් ඉහල යාමත් වැටුපෙන් සැළකිය යුතු මුදලක් බැංකු ණයට බැර වීමත් බාගෙට සාදා තිබූ නිවසේ තාත්තාගේ මූලිකත්වයෙන් දිනපතා සිදුවන යම් යම් අලුත් වැඩියාවන්ට මුදල් වියදම් වීමත් ඒ ඔක්කොටම වඩා 'හෙට අනිද්දා වෙඩින් එක ගන්නකොට කීයක් හරි තියෙන්න එපැයි' යන සිතුවිල්ල නිසාත් අසංක අමතර වියදම් බොහෝ දුරට කපා දැම්මේය. අමතර නොවූවත් මාසිකව අම්මා අතට දුන් මුදලෙන්ද කොටසක් කපා දැමිමට සිදුවීම ඔහු කම්පාවට පත් කලේය.        

විවාහයේදීනම් ඔහුට එතරම් බරක් දැරීමට සිදු නොවීය. සරල සැහැල්ලු පුද්ගලයෙකු වූ කිශානී ගේ පියා ඔහුගේ වුවමනාවට වඩා සිය බිරිඳගේ හා දියනියගේ වුවමනා එපාකම් වලට අත දිගහැර වියදම් කර නට්ටං විය. විවාහයට දින දෙකකට පෙර කටාර් සිට සිය පිලිපීන ජාතික බිරිඳ සමග පැමිණි කිශානීගේ සොහොයුරාට අසංකව වත් අසංකට ඔහුවවත් එතරම් දිරෙව්වේනම් නැත. මුවින් නොබැන සියල්ල ඉවසූ අසංකට තැක්යූ කාඩ් සිද්දියෙං පසු විවාහය ගැන තිබූ අප්‍රසන්නම මතකය වන්නේ මදු සමය ගත කරනවා වෙනුවට දින දෙකක් තුල ලංකාවෙන් බාගයකට වඩා දුර ඇවිද්ද, අයියා වෙනුවෙං කිශානීගේ උවමනාවට සංවිදානය කල විනෝද චාරිකාවයි. අසංකත් කිශානීගේ පියාත් හැර අන් අයනම් එම චාරිකාවෙන් විනෝද වූ බවක් දක්නට තිබිනි. අසංක වඩාත් කම්පාවට පත්වූයේ ඔහු වඩාත්ම කැමැත්තෙන් බාරගත් මංගල තෑග්ග වූ තම කාර්‍යමණ්ඩලයෙන් ඔහුට අනුග්‍රහය දැක්වූ නුවර 'ට්‍රී ඔෆ් ලයිෆ්' හෝටලයේ දින දෙකක පැකේජය එක් දිනක ඝෝෂාකාරී දහවල් ආහාරයකින් පමණක් නිමා කිරීමට සිදු වීම නිසයි.  


*****************************
ට්‍රේනින් ඇග්‍රිමන්ට් එකක් නිසා මානව සම්පත් කළමණාකාරවරයා විසින් වැඩි කරදර කිරීමකින් තොරව සමන්මලීව අසංක වෙත එවා තිබිණි. ඇය මානව සම්පත් අංශයෙන් නික්ම කාර්යාල කාර්ය සහායකු සමග විගණන අංශයට පැමිණීමට ප්‍රථම තම හිතවතෙකු වූ මානව සම්පත් කළමණාකාරවරයාගෙන් අසංකට ඇමතුමක් ලැබුණි. 

"මිස්ට සමරනායක, අයි ඩෝන්ට් තින්ක් ශී විල් සූට් යූ ඈස් අ සෙකට්‍රි.. නීඩ් ලොට් ඔෆ් ඉම්පෲමන්ට්ස්.. බට් ශී ඉස් ක්වයිට් ඉනසන්ට්.."

"ඔන්ලි ඉනසන්ට් ඉට්සෙල්ෆ් වුඩ් නොට් හෙල්ප් නො ජයේ. බට් ලෙට්ස් සී" බොරු අහංකාරකමක් මවාපෙන්නමින් අසංක හිනා වුවද ඇය මොන තත්ත්වයේ සිටියද ප්‍රතික්ශේප නොකිරීමට ඔහු ඉටා ගෙන තිබුනි. එය තම මිතුරු හඳයාට පිටු නොපෑමට ගත් තීරණයක්ද එතනින් එහා ගිය තීරණයක්ද.. අසංක වැඩි දුර සිතීම පසුවට කල් තැබුවේය.

ටිනිනිනික්... ටිනිනිනික්..//

සියුම් හඬක් දෙමින් වයිබ්‍රේට් වන ජංගම දුරකථනය මොහොතකට අසංකට බාදා කලේය. ගෙදර ලෑන්ඩ් ලයින් එක.. අසංක මොහොතකට සැලී ගියේ ඇඟ මද රස්නයක් තියෙද්දී අම්මා අතට දී ආ පුතා ගැන එතෙක් විමසීමක් කිරීමට නොහැකි වූ බැවිනි. 

"ආ.. අසංක පුතා.. අම්ම කිව්ව කියන්න කියල එන ගමං ග්‍රයිප් වෝට එකක් ගේන්න කියල.. තව මොනවද වගයක් කිව්ව මට මතකත් නෑ.. කෝකටත් එනකොට මගදි කෝල් එකක් දෙන්න" කිශානී ගේ පියාගේ සැහැල්ලු කටහඬ ඇහෙද්දි අසංකටත් සැහැල්ලුවක් දැනුන.
"පුතාට කොහොමද තාත්තෙ? උණ ගතිය අඩුද? හා මං ගේන්නම්.. කිශානි කතා කරාද? මට මේ ටිකක් බිසී වෙලා කෝල් එකක් ගන්නවත්..."
"ආ..ඔව්..එයානම් අදත් රෑ වෙනවලු. කොලු පැටියට නම් දෙයියන්ගේ පිහිටයි. ඒත් බඩ ටිකක් බුරුලට ගියා. ග්‍රයිප් වෝට එකක් බැලුව. ඔහෙ නෑ"  
"හා මං ටිකක් කලිං එන්නම්කො. එනකොට කෝල් එකක් දෙන්නං.."
"හොඳයි..මං තියනව.."
අසංකට මුලින් මුකුත්ම විශේෂ හැඟීමක් ඇතිවුනේ නෑ.. ඒත් එක්කම 'කොල්ලට සනීපයිනං බුදු සරණයි'.. ඔහුගේ හිත සැහැල්ලු වෙලා ගියා.

"එක්ස්කියුස් මී සර්"

"යස්, හේරත් මුදියන්සේලාගේ අයේෂා සමන්මලී, කම් ඉන්.."

අසංකගේ නොසිතූ ආමන්ත්‍රණයෙන් ඇයත් ඇය සමග සිටි සුළු සේවකාත් ගැස්සී ගිය බවක් පෙණුනා.. ඒ සමගම එය 'ඔවු මං එයාව හොඳට දන්නවා.. ඒක නිසා ඔයාගෙං වැඩක් නෑ' වගේ ආමන්ත්‍රණයක්ද වූ නිසා පෙරට වඩා වැඩි ගරු සරු බැල්මකින් ඇය දෙස බැලූ සුළු සේවකයා ත් දෙකක් විරිත්තා ඇගෙන් සමුගත්තා. බිය වූ මුහුණෙන්ම පහත්වන නලලත ඇස් ගෙඩි දෙකෙන් ඔසවා තබා ගන්නට වෑයම් කරමින් ඇය කාමරය තුලට පැමිණ අසංකගේ ඉදිරිපස සිට ගත්තා. ඇය ලස්සනයි කියන්නද.. අහිංසකයි කියන්නද.. අසංක මොහොතක් ඇය දෙස බලා සිටියා.. හ්ම්ම්.. දම්පාට පසුබිමේ සුදු මල් වැටිච්ච චාම් ඔසරිය. තද වෙන්ඩ පීරා පිට මැදට වෙන්නට ගොතා තිබූ දිගත් නැති කෙටිත් නැති කොණ්ඩය.. නුපුරුදු ලෙස යන්තමින් රෝස පාට උලා තිබූ සිහින් දෙතොල්පට.. මුව ඇස්.. මං මොනවද මේ බලන්නේ.. ඇය කොහොම ඇඳල හිටියත් මට මොකද.. අසංක පියවි සිහියට එළඹුණා.. ඒත් ඔහුට වචනයක් නම් හම්බුනේ නෑ කතා කරන්න. 

"සමන්මලී අද වැඩට එන බව ප්‍රදීප් අයියලා දන්නවද?" ඔහු ලේසිම තැනෙකින් කතාව පටන් ගත්තා.. හ්ම්.. ප්‍රදීප්.. ජීවිතෙ පළවෙනි වතාවටද මං දන්නෑ හඳයට ප්‍රදීප් කිව්වෙ.. අසංකට හිනා ගිය.. 

අහපු ප්‍රශ්ණයත් එය ඇසූ කාරුණික විලාශයත් ඉන් අනතුරුව නැගූ මන්දස්මිතයත් නිසා ඇය බොහෝ සෙයින් සංසුන් වූවා.. 

"ඔව් සර්.. මං ඊයේ එහේ ගිහින් අයියටයි අක්කටයි කතා කරල ආවේ.."

අසංක තවත් යමක් කියන්න කලිං සිය හෑන්ඩ් බෑග් එකට අත දමා බුලත් අතක් ගත් ඇය මේසය වටේ ගොස් එය අසංකගේ අතට දී දණ ගසා වැන්දා.. සිහිනයෙන් මෙන් හිඳ සිටි පුටුවෙන් නැගිට්ට අසංකට කොපමණ වෙලා තමන් සිටි ඉරියව්වෙන්ම සිටියාදැයි මතකයක් නෑ. කෙසේ හෝ ඇය නැවත හැරී මුල් තැනට ගොස් හෑන්ඩ් බෑග් එක දා ගන්නවා දුටු නිසා "බොහොම හොඳයි. ඔය සීට් එක ඇරේන්ජ් කරල තියෙන්නෙ ඔයාට.. ටිකක් රිලැක්ස් කරන්න..මං චුට්ටක් එළියට යනවා." කියමින් වහා තම කාමරයෙන් පිට වුනා.  

කිසිම දිනෙක රාජකාරී කටයුත්තකට හැර කාර්යාල පරීශ්‍රයේ නිකං ඇවිද නැති අසංක ජීවිතෙ පළමු වරට තම සේවා ස්ථානය තුලම යන එන මං නැත්තෙක් උනා. කරන්නට පහසුම දෙය ලෙස ඔහු ඇඟිලි සටහන් යන්ත්‍රයේ ඇඟිල්ල ඔබා ආරක්ශක අංශයෙන් යතුර ගෙන ගොස් වාහනයේ නැගී කාර්‍යාලයෙන් පිටතට වාහනය පැදවූවා.

ගාලු පාරදිගේ කොල්ලුපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ අසංක ගේ රථය සැන් මයිකල් පාර දිගේ ගොස් ලිබර්ටි වටරවුමෙන් වම්පසට හරවා බොරැල්ල දෙසට ගමන් කරන්නට වුනා. ඔෆීස් පාක් එකෙන් හදිසියේ මෙන් එළියට ගත් රථය පුරුද්දට මෙන් ගාළු පාරේ පැමිණ මෙතෙක් දුර ධාවනය කලද එය තමා සිතා මතා ධාවනය කලේද නැත්නම් අනිච්චානුකව සිදුවූ දෙයක්දැයි අසංකට නිනවු නැත.

කතාව තව ඉවර නෑ.. ඊළඟ කොටසෙන් හමුවෙමු. 

Photo courtesy: www.google.com

Wednesday 30 August 2017

පියඹා එනවා ප්‍රේම කුරුල්ලා.. සත්නපුරේදී කූඩු තනන්ටා.. බ්ලොග් වසන්තය 2 'සම්මාන සාදය'ට ඔබ සුදානම්ද? Join the party of Bolg Wasanthaya 2017

මට අමුතුවෙන් කියන්න දේකුත් නෑ.. දැන් හැමෝම වගේ දන්නවා.. ඉන්දික පෝස්ට් එකකුත් දාල participantsලට register වෙන්න සිස්ටම් එකකුත් හදල බ්ලොග් වසන්තය ෆේස්බුක් පේජ් එකේ pin කරලත් තිබුනනේ.. ඊට අමතරව ෆේස් බුක් ගෘප් චැට් එකකුත් යනවා බරසාරේට..

එනිවේ.. දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ..

දිනය- 2017.09.03 ඉරිදා
ස්ථානය- Hotel Sapthapadi, හිදැල්ලන, රත්නපුර.
වේලාව- පෙරවරු 10.00 පැයේ සිට

වසන්ත මාසය පුරා ඇති මහත් උද්යෝගයකින් බ්ලොග් රචක රචිකවියන් විශාල පිරිසකගේ සක්‍රිය දායකත්වයෙන් පැවති පාඨක ඡන්ද විමසීමෙන් හා සංවිධායක මණ්ඩලයේ අවසන් විනිශ්චයෙන් පසුව ජනප්‍රියම බ්ලොග් රචකයින් ලෙස.. 

අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදාන
සොඳුරු අතීතයෙන් බිඳක් ලියන කිර්ති කුලසේකර
යාන්හෑල්ල ලියන රංජිත් සුරංග ලියනගේ

ජනප්‍රියම ප්‍රතිචාර දක්වන්නන් ලෙස..

අටම්පහුර නමින් ප්‍රතිචාර දක්වන ලක්මාල් කන්දෙවිදාන
දුමී නමින් කවි ප්‍රතිචාර (බොහෝවිට) දක්වන දුමින්ද අබේසේකර
Praසන්ள නමින් ප්‍රතිචාර දක්වන චම්පික ප්‍රසන්න

මෙවර සම්මාන ජයග්‍රහණය කර තිබෙනවා. ඊට අමතරව 2016 හා 2017 වසරවල බ්ලොග් වසන්ත සමය ඒකාලෝක කරමින් අදාල කාලය පුරා වසන්ත උන්මාදය නොකඩවා පවත්වා ගැනීම සඳහා නොමසුරුව සිය කාලය හා ශ්‍රමය කැප කරමින් වැඩිම ලිපි ප්‍රමාණයක් බ්ලොග් වසන්ත වේදිකාවට තිලින කිරීම වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගයීම් සම්මාන දෙකක් මෙවර පිරිනැමීමට බ්ලොග් වසන්තය ප්‍රධාන සංවිධායක වරුන් වන දුෂාන් හා ඉන්දික තීරණය කොට තිබෙනවා.. ඒ සම්මාන දෙක මෙවර හිමිවන්නේ..

රසිකලොජි ලියන රසික හරිස්චන්ද්‍ර සූරියආරච්චි 
දම්පාට දේදුන්න ලියන ජීවන ෆර්නැන්ඩු
සම්මාන templates - වැරද්දක් තියෙනවා හොයාගත්තොත් කමෙන්ට් කරන්න.. 
මෙවර බ්ලොග් වසන්තය සම්මාන සාදය මෙවන් උත්කර්ෂවත් අයුරින් තරු පන්තියේ හෝටලයක දවස පුරා පැවැත්වීමට අවකාශ ලැබීමේ පුර්ණ ගෞරවය එම ස්ථානය හා සහභාගීවන සියලු දෙනාට දිවා ආහාරය ඇතුළු ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමේ කටයුත්ත ඉමහත් කැමැත්තෙන් බාරගත් සප්තපාදී හෝටලයේ අධිපතිතුමන්ට හිමිවිය යුතුයි. (ඔහු කවුදැයි හැමෝම දන්නවා ඇතැයි සිතනවා)

ඉතිං රත්නපුරේ ගමන එහෙම පිටින්ම මංගල්‍යයක් කර ගන්න හිතාන කොළඹ ඉඳන් රත්නපුරේට යන්න සහ ආපසු එන්න ආසන 29 ක බස් රථයක් සුදානම් කරලා තියෙනවා. එම බස් රථය 3 වෙනි ඉරිදා උදේ 7.00 ට පිටකොටුවෙන් (කොටුව ස්ටේෂන් එක හෝ ලේක්හවුස් ඉදිරිපිටින්- සැමට පහසු පරිදි) පිටත්වී නුගේගොඩ, මහරගම හෝමාගම මීපේ ඉංගිරිය හරහා රත්නපුරට පෙරවරු 10.00 ට පෙර ලඟා වීමට බලාපොරොත්තු වෙනවා. නැවත සවස තුනට පමණ රත්නපුරෙන් පිටත්වී එම මාර්ගයේම (හෝ අවිස්සාවේල්ල හරහා- පහසු පරිදි) කොළඹට පැමිණීමට හැකියි.

දැනට 30 දෙනෙකුට අසන්න බ්ලොග් රචක රචිකාවියන් හා ඔවුන්ගේ භාර්යාවන්/ ස්වාමිපුරුෂයින් 03 වෙනිදා සප්තපාදීයට එකතුවෙන බව ස්ථිර කර තිබෙනවා. එයින් 16 දෙනෙකු බස් රථයේ ඉඩ ඉල්ලා තිබෙනවා. ඉතින් එදිනට බ්ලොග් වසන්තයේ සම්මාන සාදය හා එක්ව හිතමිතුරු බ්ලොග් සහෘදයින් හා සාමිචියේ යෙදී ගීතයක නැටුමක හා සප්තපාදීයේ රසමුසු ආහාරවේලක රස විඳ ගැනීමට ඔබත් එක්වන්න..

හෙට දිනයේදී අපි අවසාන වශයෙන් සහභාගී වන ප්‍රමාණය නිවැරදිව හෝටල් කළමනාකාරිත්වයට දැන්විය යුතුයි. එම නිසා ඉන් පෙර ඔබේ සහභාගිත්වය තහවුරු කරන්න කාරුණික වන්න.. එසේම ඔබ යොදවා ඇති බස් රථයෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ බව හා බස් රථයට ගොඩවීමට බලාපොරොත්තු වන ස්ථානය දැනුම් දෙන්න. ඒ සඳහා මෙහි සටහනක් තැබීම හෝ මගේ පුද්ගලික ජංගම දුරකතනයට ඇමතුමක් දීම සෑහේ..

යම් අයෙකුට විශේෂ ආරාධනයක් කිරීමට අවශ්‍යනම් ඒ බව සඳහන් කරන්න. එසේම ඔබේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න. එන්න.. බ්ලොග් වසන්තය 2- සම්මාන සාදය ජයග්‍රාහිව සැමරීමට සියලු දෙනා එක්වන්න..

ස්තුතියි!

Monday 21 August 2017

බ්ලොග් වසන්තය 2 සමරන්න සුදානම්ද Here comes the party time again

බ්ලොග් වසන්තය 2 අදියරේ තෑගි මලුත් රැගෙන දුමී ඔන්න ලංකාවේ .. අගෝස්තු 28න් පටන් ගන්න සතියේ පහසු දවසක ගිය පාර වගේම සෙට් වෙන්න තමයි ප්ලෑන් එක..

අපි සෙට්ටෙන විදිය එනම් රෑ බෝ වෙලා මදුවිත මුල් කරගෙන වැඩේ පටං ගන්න එකෙං සමහර ගෑල්ලමයින්ට බ්ලොග් වසන්තයේ අසිරිය විඳගන්න චෑන්ස් එකක් නෑය කියල එහෙං මෙහෙං කණු කුනු ගාන්න ගත්ත සමහර උන්දලා.. මොකද ඔය ඉන්දිකයටයි දුමියටයි පණ ඇරල මේ ගොඩක් ගෑල්ලමයි .. ඉතිම් උන් දෙන්නව හම්බෙලා වචනයක් කතා කරල යන්න ඉඩ දෙන එක සංවිධායක මණ්ඩලේ විදියට අපේ යුතුකම නිසා ඔන්න මෙදා පොටේ අපේ ශැඩියුල් එක පෝඩ්..ඩක් ඉස්සරහට අදින්න අපි හිතුව..

දැනට කතාකරගත්ත විදියට හහ්වස හතරට විතර කට්ටිය සෙට්ටෙලා තේ ටිකක් බීලා පහ පහමාර වගේ වෙනකොට සම්මාන ටික දීලා සමුගන්න ඕනි අයට සමුදීල කාරිය ඉතිරිවෙන අපි උන්දලා එතනම හරි වෙන සුදුසු තැනක සැඳෑ සාදය අරඹන්න තමයි ප්ලෑන.. තැන බොහෝවිට ගාලු පාරේ බම්බලපිටිය, දෙහිවල, ගල්කිස්ස ආසන්නයේ තැනක් වෙයි.. හරියටම දෙතුන් දොහකින් කියන්නං..

හැමෝගෙම අදහස් දෙන්ඩල දවස හා වෙලාව ගැන.. හොඳ තැනක් ගැන හෝඩුවාවල් තියෙනවා නං ඒවත් වෙල්කං..

ඔන්න එහෙනම් හැමෝටම විවුර්ත ආරාධනාවක් කරා.. ආයේ අහුකොන් තියාගන්නේ නැතුව එදාට ඇවිත් සෙට්ටෙන්න තමයි තියෙන්නේ.. (අර යෝදයෝ දෙන්නට වියහියදම් ගැන අදහසක් ගන්න තමං එන නොවෙන බවත් යන්තමට හරි අගවනවනං ලොකු දෙයක් වෙයි..) ඒ නැතත් කාරි නෑ හැබැයි හතර මායිමේ එන්නේ නැතුව පස්සේ බජට් ඉල්ලගෙන නං එනවා නෙවෙයි.

ජයවේවා කියුව කලිම්ම ..

Tuesday 15 August 2017

මැච් පැරදුනාට කොල්ලන්ට බනින්න එපා බං .. When the going gets tough

මැච් පැරදුනාට 
කොල්ලන්ට බනින්න එපා බං
අැති තරම් චාන්ස් දීලත්
ගහන්නෙ නෑ කියල ....
පව් බං පේන විදියට මහ එවුන්
උන්ගෙ වාසියට කොල්ලො ටික...
අතරමං කරල තියෙන්නෙ ...
ඔය කොයිතරම් චාන්ස් දුන්නත් පලපුරුද්ද තිබුනත් ...
දශම කාල් භාගයක හිඩසක් අැති
පිතිකරුවෙකුටනං තරඟය
සෙල්ලම් කරනව වෙනුවට
තරඟය නරඹන්න ...
මේව ඉතිං මෙහෙම කෙටියෙන්
විස්තර කරන්නත් අමාරුයි ...
හාල්පාරු මහ එවුන් කරන
ඔල්මොරොන්දන් වැඩ වලට
කොල්ලන්ටයි මැද්දෙදි
ගෙවන්න වෙන්න ...
බොරු කියන්න අවශ්‍ය නෑ
අපේ මොරාල් එක අන්තිම
අඩියෙ තමයි දැන් තියෙන්නෙ ...
ගහන එවුන්ගෙ වගේම බලන එවුන්ගෙත් බිංදුවට බැහැල කියුවත් වැරදි නෑ මයෙ හිතේ ...
අැතුලෙ ඉන්න
සමහර හාල්පාරුවන්ටනං ගානක් නෑ
අැයි උන් ගහන්නෙ
වෙන අමර ගැහිල්ලක්නෙ ...
ඔය එකෙක්වත් කොල්ලා ටික
වෙනවෙනම අරගෙන තනි තනියෙන්
කතා කරල තියෙනවද දන්නෙ නෑ ...
හරි පිළිවෙලකට කතාකරල තිබුනනං
ඔහොම වෙන්නෙත් නෑ ...
මැද්දෙදි උන්ට එන පීඩනය හඳුනාගෙන
එය තමන්ගෙ ඉනිමට වෙන බලපෑම
අවම කරගෙන පිත්ත හෝ පන්දුව
හසුරැවන විදිය විස්තර කරල ...
එහෙමත් නැතිනම්
පීඩනය අවම කරගෙන
දැනට වඩා පහසුවෙන්
ඉනිමක් ගොඩ නගන හැටි කියාදීල ...
ඒකට අවශ්‍ය කරුණු කාරණා
හොයල බලල ඔවදන් දෙන්න
ඔය ලක්‍ෂ කෝටි ගනන් පඩි ගන්න
පුහුණු කරුවන්ගෙ වගකීමක් ...
සමහර උන් ඕව දන්නවද
දන්නෙත් නෑ ...
දැනගෙන කෙරුවනං ඔහොම වෙන්නෙත් නෑ ...
මනස කියන එක
සෑම චිත්තක්‍ෂණයකම වෙනස්වන දෙයක් ...
ඒකත් එක්ක ගනුදෙනු කරන්න ඕන
මනස අැතුලෙන්ම මිස පිටින් නොවෙයි ....
මැද්දට බැට් කරන්න ගියාම
නැතිනම් බෝල් කරන්න ගියාම
අතෝරක් නැතිව මනස දුවනව ...
ඕක මෙල්ල කරගෙන
අපේ වැඩේ කරගන්නත්
ප්‍රයෝග අවශ්‍යයි ...
හැම දෙනාම එකට ඉඳගෙන
තනි රුස්වීමකින් විසඳන්න ...
හැම කේස් එකක්ම
එක වගේ නෑ ...
කණ්ඩායම් රුස්වීම්වලින් කරන්නෙ සැලසුම් ....
ඒ සැලසුම් සහ ප්‍රයෝග (tactics)
ක්‍රියාත්මක කරන විදි වගේ
දේවල් කතා කිරීමයි ...
සෑම කණ්ඩායම් සැලසුමක් අැතුලෙම
ඒ ඒ පුද්ගලයට අදාල තනි
සැලසුම් තියෙනව ...
කණ්ඩායම් සැලසුමට තම තමන්ගෙ
ඒක පුද්ගල සැලසුම් අනුගත කිරිම සඳහා
මග පෙන්වීම අවශ්‍යයි ...
කොපමන හැකියාව තිබුනත් පලපුරුද්ද තිබුනත්
ක්‍රීඩකයාගේ චරිතය (Character) තමයි හිර උන වෙලාවට ගොඩදාන්නෙ ....
සමහර පලපුරුදු ක්‍රීඩකයන්ටත් ....
අනීවාර්යෙන්ම නවක ක්‍රීඩකයන්ගෙත්
චරිත ගොඩනැගීම් වැදගත් ....
(Character building)
නමුත් කණ්ඩායම් රුස්වීමට එන එකා
රුස්වීමෙන් යන්නෙ තමන්ගෙ
ඒක පුද්ගල සැලැස්මෙත් ප්‍රශ්ණ අැතිවනං
ඒකාට අැති පීඩනය දෙගුණයක් ....
ඒ වගේ වෙලාවට කලබල නොවී
ලෙඩේ හොඳට හඳුනගෙන
ඒ ඒ ලෙඩේට අවශ්‍ය බෙහෙත් දීම අවශ්‍යයි ....
ලෙඩේ හඳුනගෙන හරි බෙහෙත දෙන්න හරි දාෙස්තර කෙනෙකුට පුළුවන් වගේම ....
හරි පුහුණුකරුවෙකුටත් එක එක ක්‍රීඩකයා හඳුනාගෙන ඔවුනට අවශ්‍ය මානසික තල්ලුව
දෙන්න පුළුවන් ...
නැතිනම් හැදාමත්
ඔය සෙල්ලමම තමයි ...
මේ සම්බන්ධය අැති කරගැනීමට
ක්‍රීඩකයා සහ පුහුණුකරු අතර අන්නෝන්‍ය
ගෞරවය හා විශ්වාසය තිබිය යුතුමයි ...
ගෞරවයක් නැතිනම් කොහොමද බං
විශ්වාස කරන්නෙ ...
විශ්වාසයක් නැතිනම් කොහොමද බං
ගෞරව කරන්නෙ ...
Trust - Respect ....
Respect - Trust ....
හාල්පාරුවො ටික නං
ගෙදර යා යුතුමයි ....
ඔය ඉතිං මට හිතෙන හැටි ....
අනේ අම්මාපල් ...
අපිත් අසරණයි මේ වෙලාවෙ අපිටවත්
අඩුම ගානෙ වචනෙකින්වත්
කොල්ලන්ට උදව්වක් දෙන්න බැරිවීම ගැන ...
- අතුල සමරසේකර

අතුල සමරසේකර කියන්නේ කවුද බං කියල අහන අපේ සමහර බ්ලොග් ජීනියස් ලගේ දැන ගැනීම පිණිස පහල කොටස cricinfo වෙබ් අඩවියෙන්..
Athula Samarasekera was an imposing figure; a strapping physique leant him the ability to play some commanding innings. With the bat in hand he was capable of powerful strikes and was a more than handy medium-pace bowler. Samarasekera made an inauspicious start to his career, scoring a duck on his one-day international debut. On his Test debut he matched the performance, being dismissed in the first innings for a duck. In the second innings he played a characteristically breezy innings making 57, punctuated by a number of boundaries. He completed a promising allround match capturing two wickets and taking two catches. Too often though Samarasekera was dismissed when he seemed set to dominate the bowling, a substantial score beckoning. When he did score it was well worth watching as he provided maximum entertainment with his aggressive style. Never able to fully establish a permanent position in the team, Samarasekera chose to end his international career by deciding to take up professional cricket in Bangladesh. 
Johann P Jayasekera

Thursday 10 August 2017

මොන මගුලක්ද මංදා What wedding don't know :(

මොන මගුලක්ද මංදා ඕයි.. කියවන්න බ්ලොග් පෝස්ට් එකක්වත් නෑනේ.. අද දවසටම තුනයි.. ඔහොමද අපි බ්ලොග් කියෙව්වේ.. සෙහ්..

ලියනවලකො මොනවහරි.. සෙද්ද!

Wednesday 26 July 2017

Pissed off!!!

Test!! Can not type in  Sinhalese, neither here nor in comments. Is it a problem with only me?

Wednesday 28 June 2017

ටටා බායි බ්ලොගර්ස්! සී යූ ඇට් ෆේස් බුක්. Bye bye bloggers!

ටටා බායි බ්ලොග්! මං යනවා දීනියස් ක්ලබ් එකේ පදිංචි වෙන්න.. එහෙ හරි ඇක්ටිව් අනේ.. අපේ මාතලං ලොක්කත් දැන් ඒ පැත්තෙමයි ඉන්නේ.. ඉතිම් පාලුවකුත් නෑනේ..

මේ බ්ලොක් කට්ට ඔන්නොහේ මෙන්ඩාටම දීල දානව.. ඔය කියුවට ඕක එන්නෙත් නෑ පදිංචියට ඉස්තීරෙකට.. හෙහ්..

එහෙනම් අපි ගිහිං එන්නං.. කල්පනාවෙන් ඉඳල ඔහේලත් තීරණයක් ගන්ඩලා..

ආ.. මේ.. කෙටියෙන් කියුවට මේක ලොකු කතාවක් හරිය.. ජයවේවා!!!

Friday 16 June 2017

මා.. හඬවලා.. ඔබ මගෙන් වෙන්වෙලා.... ප්‍රින්ස් ගේ මම කැමති ගී දහය Fondly remembering the tenderhearted late little Prince!

කැමති සිංදු දහයේ පොඩි රැල්ලක් යනවා බුකියේ.. බ්ලොග්කාරයෝත් ගොඩක් දෙනෙක් බුකියේදී ඒ රැල්ලට අහු උනාට ඒක බ්ලොග් වලට එච්චර ඉක්මනට පැතිරුනේ නෑ.. ඒත් අද දැක්ක අමිල චතුරංග අන්සතු දිනපොතක එයා කැමති ගී දහය ලියලා තියෙනවා..

පහුගිය දවස්වල කළා ක්ෂේත්‍රයට සම්භන්ද දෙදෙනෙකුගේ මරණ ආරංචි උනාම හිතට මොකක්දෝ සංකාවක් ඇති උනා.. එකක් ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ වියෝව.. අනික ආත්මා ලියනගේ ගේ බිරිඳ කුමාරි ලංකා ගේ වියෝව.. ආත්මා ගයන සුප්‍රසිද්ධ 'මාලි.. සිහින කුමාරි..' ගීතය නිසා කුමාරිව ගොඩක් දෙනෙක් හැඳින්වූවේ මාලි ලියනගේ නමින්.. 
ප්‍රින්ස් උදය ප්‍රියන්ත තරුණ අවදියේ
ඊයේ මොකක්දෝ ගොසිප් චැනල් එකකින් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරපු වීඩියෝ එකක් ෂෙයාර් උනා ප්‍රින්ස් ගේ ගීත ගැන පාරේ යන එන අයගෙන් අහලා.. ඒක මොන පර්පස් එකකට කරාද නොදන්නවා උනත් එතැනදී අදහස් දක්වපු බොහෝ තරුණ හා මැදිවියේ අය කතා කලේ 'ප්‍රින්ස්? ඒ කවුද?' කියල අහනවා වගේ.. ප්‍රින්ස් ගැන අහල තිබුන අයටත් එයාගේ සිංදු මතක තිබුනේ අඩුවෙන්.. එක්කෙනෙක් දෙන්නෙක් තමයි හැගීම්බරව කතා කරේ ඒ ගැන..

පුද්ගල රසඥතාව විවිද නිසා ඔවුන් පලකළ අදහස් සම්භන්දව විවේචනයක් ඉදිරිපත් කරන්න බෑ.. ඒත්.. එතැනදී කියවුනාට වඩා අපි දන්නා ප්‍රින්ස් කියන්නේ ඉතා විශාල 'ජනප්‍රියත්වයක්' තිබුණු කෙනෙක්.. නමුත් ඔහු ප්‍රබුද්ධ ගායක කුලකයට අයිති උනේ නෑ.. ඒ නිසාම සමහරු පොඩ්ඩක් අකමැතියි ඒ වගේ අයගේ සිංදු අහනවා කියල කියන්න.. ඔය සංතෑසියටම ලක් වෙච්චි තව ගායක ගායිකා සෙට් එකක්ම ඉන්නවා.. ජෝති ඒ ලිස්ට් ඒකෙ මුලින්ම හිටියේ.. ක්ලැරන්ස්, පුන්සිරි සොයිසා, නිහාල් නෙල්සන්, ප්‍රියා සූරියසේන ඊළඟට රූකාන්ත වගේ අය.. නමුත් මේ අය කාලයත් සමඟ සුපිරි නොවුනත් යම්කිසි පිළිගැනීමකට ලක්වුනා.. ප්‍රින්ස් අයිති වෙන්නේ ඊටත් පස්සේ පරම්පරාවට.. ඒ කියන්නේ අපි ගැටවර වියට එළඹුන කාලේ පරම්පරාවට.. ප්‍රින්ස් එක්ක නාමල් උඩුගම, අජිත් මුතුකුමාරණ, කුමාරසිරි පතිරණ, විජේබණ්ඩාර වැලිතුඩුව, රෝයි පිරිස් වගේ නම් ඒ ලිස්ට් එකට මතක් වෙනවා.. මේ අය 90 දශකයේ වගේ ජනප්‍රියත්වයේ ඉහළටම ගියත් ඊළඟට ආපු ප්‍රබුද්ධ රැල්ල නිසා නැත්තටම නැතිවෙලා ගියා.. 'නැත්තටම නැතිවෙන්න' අපිත් වගකියන්න ඕනි මොකද කාලයක් තිබ්බ හේතුවක් නැතුව අපි මේ ගායකයින්ව වර්ජනය කරපු.. ඒ කරලා ප්‍රබුද්ධය කියන ගායකයින්ව 'පමණක්' ඔසවල තියපු නැත්නම් වර නගපු.. 

පසුකාලීනව මම බොහෝ දුරට ඒ අඩුපාඩුව මග හැරගත්ත.. ඒ නිසා මට පුළුවන් උනා බොහෝවිට බේදයකින් තොරව මේ හැම ගායකයෙකුගේම ගීත රස විඳින්න.. ඇත්තටම ඔවුන්ට තියෙනවා වෙනම අනන්‍යතාවයක්.. ඒක හඳුනාගෙන එය රසවිඳින්න හුරු උනොත් අපිට ගොඩක් ගීත ඇත්තටම රස විඳින්න පුළුවන්.. මැදිවියට එනකොට අතීත මතකත් එක්ක මේ ගීතවල වටිනාකම වැඩිවෙලා දැනෙනවද මංදා.. මම දැන් බොහෝවිට දකිනවා අපේ සමකාලීනයෝ මේ ගීත නැවත නැවත අහනවා හා රසවිඳිනවා.. මමත් එහෙමයි.. ඊට අනගි සහයක් යූ ටියුබ් එකෙන් ලැබෙනවා.. මතක තියෙන වචන දෙක තුනක් ටයිප් කරාම ඇති.. අනිවාර්යයෙන්ම ඔබ කැමති සිංදුව හොයා ගන්න පුළුවන්..

ඉතිං පෙර කියූ අවස්ථා තුන හතරම සම්භන්ද කරලා මට හිතුනා අපේ ගැටවර හිත් අවදිකළ ඒ කිරුළු නොපලන් ගී රජවරුන්ගේ මම කැමතිම ගීත දහය ගානේ ලියල පළකරන්න.. අද මේ ලිපිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් වූ ඒ සොඳුරු ගායකයා වෙනුවෙන් වෙන්කරනවා.. 
ප්‍රින්ස්ගේ කැසට්පට එකතුවක්..
ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියනකොටම මට කවදත් මතක්වෙන්නේ බදුල්ලේ අපේ ගෙදරට ගෙවල් තුන හතරකට උඩින් තිබුණු බදුල්ල ළිඳමුල්ල පත්තිනි දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතාගේ ගෙදර.. :) මොකද 90 මුල් කාලේ වගේ අපේ මුළු ගමෙන් බාගෙකට විතර සිංදු ඇස්සුවේ එතුමා තමයි.. සෙනසුරාදා ට එහෙම උදේ හත හමාර වෙනකොට කණ පැලෙන්න 'සෙටප්' එක දැම්මම ආයි ගමෙන් බාගෙකට නොමිලේ සංගීතය.. කාලයක්ම නොකඩවා මේ විදියට ඇහුනේ ප්‍රින්ස්ගේ'සඳ කුමාරියක්' කැසට් ඒකෙ සිංදු.. කැසට් ඒකෙ නම සඳ කුමාරියක් උනා වගේම ඒ කැසට් ඒකෙ ජනප්‍රියම සිංදුව උනෙත් සඳ කුමාරියක් දීගෙක යනවා කියන සිංදුව.. ඒත් මට ඒ සිංදුව එච්චර ඇල්ලුවේ නෑ.. ඒකට එක හේතුවක් උනේ අපේ කොල්ලෝ ඕකට හදල තිබ්බ වෙන සිංදුවක්.. දීගෙක කියන කෑල්ල වෙනස් කරලා අලුත් කෑල්ලක් දාල කියනවා ඇහෙනකොට මට නං හෙන අප්‍රසන්නයි.. 

සඳ කුමාරියක් කැසට් එකට පස්සේ ප්‍රින්ස් ගේ කැසට් කීපයක්ම ආවා.. ඔබ පෑ පෙම් සිනා.. මහද ප්‍රේමාදරේ.. සහ සෙනෙහස ඔබේ කැසට් ඔක්කොම මතක විදියට එක ළඟ ළඟම ආවේ.. ඒ අතරින් මම වඩාත්ම කැමති උන ගී දහය මෙතන එකතු කරනවා..


ප්‍රින්ස් ගේ ගීත වලින් මම අදටත් රස විඳින එක ගීයක් මේක.. ඔහුගේ අනිත් බොහෝ ගීත වලට වඩා මේක ගොඩක් සෞම්‍යයි වගේ මට හිතෙන්නේ.. තනුව ජයන්ත දිසානායකගේ.. පද ලලිත් වසන්තගේ..

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින් 
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා 
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්

තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්


මේ සිංදුවත් ඕනේ තරං අහන්න පුළුවන්.. මම අහල තියෙනවා ප්‍රින්ස් ඒ කාලේ ජනප්‍රිය වෙච්චි තරුණ ගායිකාවකට පෙම් කලාලු.. පස්සේ ඒ ගායිකාව වෙන විවාහයක් කරගෙන (ඇත්තටම මේ වෙනකොට ඒ ගායිකාව වෙනත් අසාර්ථක විවාහ තුනකින් පස්සේ නැවතත් තනිකඩව ඉන්නවා).. ඒ හිත් වේදනාව ප්‍රින්ස්ගේ බොහෝ ගීත වලට මුල් වෙලා තියෙනවා. කොච්චර තරුණියන්ගේ ආදරයට ලක්වුණු යොවුන් ගායකයෙක් වෙලා හිටියත් ප්‍රින්ස් මැරෙනකොටත් තනිකඩයෙක් උනේ මේ විරහව නිසාමද දන්නේ නෑ..

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ 
වෙන්වන්නට මුණගැසෙමු යළි 

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට හසුවී වෙනතක ගිය මුත් 
සුදු වැලි මුමුණයි අපේ කතා

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය 
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී 
සමුගන්නම් අද තරහ නොවී


රූකාන්තව අපි ගොඩක් දෙනෙක් දන්නේ ගායකයෙක් විදියට.. ඒත් රූකාන්ත කියන්නේ හොඳ තනු නිර්මාණ ශිල්පියෙක් වගේම හොඳ සරල ගී රචකයෙක්. ඒ වගේම රූකාන්ත තමන්ගේ සහෝදර ශිල්පීන්ට උදව් කරන හිත හොඳ මනුස්සයෙක්.. මේ ගීතය ඇහෙනකොට 'රුකා ගේ ටච් එක' හොඳට තේරෙනවා.. මේක රූකාන්ත ම ලියල සංගීතවත් කරලා ප්‍රින්ස්ට කියන්න දුන්න ගීතයක්.. 

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා


මේ සිංදුවට ආස හිතුනේ නම් වෙනස් අත්දැකීමක් නිසා.. අසූව දශකයේ අන්තිම වෙනකොට අපි ළමා සමාජ වලින් අයින් වෙලා අවුරුද්දක හමාරක විතර විවේකයකින් පස්සේ අනූවේ මුල් කාලේ යෞවන සමාජවල ක්‍රියාකාරී වෙන්න ගත්ත අලුත.. අංක 510 ප්‍රබෝධා මුතුහර ළමා සමාජයේ මාත් එක්ක හිටපු ලස්සන 'අක්කියෙක්' එතකොටත් ප්‍රබෝධා යෞවන සමාජේ ක්‍රියාකාරී සාමාජිකාවක්.. මාව යෞවන සමාජෙට ගන්න උනන්දු කලෙත් උන්දෑමයි.. ඉතිං මගේ හෙන ෆිට් එක.. හොඳ යාලුවෝ.. අවුරුද්දකින් 'අක්ක' උනාට මගේ හිතේ පොඩි ක්‍රස් එහෙකුත් තිබ්බ උන්දා ගැන.. දවසක් යෞවන සමාජේ රැස්වීමකදී ඔය අක්ක මේ සිංදුව බොහොම ලස්සනට හැඟුම්බරව කියුව.. සිංදුව ප්‍රින්ස් ගේ උනාට මට තාමත් මතක ඒ ෆීමේල් වර්ෂන් එක.. :)

සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්

ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා
කවුදෝ ඔබේ සිතෙහි සැඟවී
එනිසා මෙසේ වේවිදෝ

සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ළංවී මෙසේ දෑසේ වෙලී
එනිසා මෙසේ වේවිදෝ....


මේ සිංදුව තනුව හා පද රචනය ගත්තම බොහොම පහසුවෙන් 'ප්‍රබුද්ධ' ගායකයෙක්ට උනත් කියන්න පුළුවන් ප්‍රින්ස් ගේ සිංදුවක්.. 'දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා - ජිවිතේ රන් විමන් සාදවා..' මේ කොටස තමයි මට සින්දුවේ මුලින්ම මතක් වෙන්නේ.. එතනින් තමයි මුලට යන්නේ හැමදාම..

මහද ප්‍රේමාදරේ සිහින වැල් යාකෙරෙ
ඉතිරේවී ගංගා ලෙසේ
සිතුම් රැල් නංවලා මල් පිදීලා
ඔබෙ පෙම් සුවේ මා සොයා

දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සදවා.........//
සමසේ දරා දුක් වේදනා
භවයෙන් භවෙ අපි යමු

රුදුරු වෙසකින් බැදී 
ගැහැට දෙන චේතනා.....//
නිබද ගෙනදේ විරහා වෙදනා
සිතින් බැදී කුලුනක් ලෙසේ
භවයෙන් භවෙ අපි ඉමු 

6. පෙම්වතුන් සිනාසේ..

මේ සිංදුවත් මතක තියෙන්නේ විශේෂිතම  හේතුවක් නිසා.. අපි 10 හෝ 11 වසරේ ඉද්දි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා.. මේ ට්‍රිප් එකේදී ඉස්කෝලේ ගුරුවරු විදියට ගිය දෙතුන් දෙනාගෙන් එක්කෙනක් උනේ ඊට ටික කාලෙකට කලින් ආව අපේ විද්‍යා ගුරුතුමා.. තරුණ ගුරුවරයෙකු උනත් ඔහු කිසිම ප්‍රියමනාප බවක් නැති මුණේ හිනාවක් නැති 'පන්තියට ආව, ඉගැන්නුවා, ගියා' ටයිප් ඒකෙ බුවෙක් විදියට තමයි අපි දැක්කේ.. ඉතිං මේ 'යකා' අපිත් එක්ක ට්‍රිප් එක යන්න එන එක ගැන අපේ ඒ හැටි කැමැත්තක් තිබ්බේ නෑ.. හැබැයි ට්‍රිප් එක පටන් ගත්ත වෙලාවේ ඉඳල ඒ හැඟීම වෙනස් උනා.. ඔහු පන්තියෙන් පිටදී බොහොම සුන්දර විදියට එදා හැසිරුනේ.. නියම කොල්ලෙක් වගේ.. අපි උදේ ඉඳන් සිංදු කියල මහන්සි වෙලා ඉද්දි මිනිහා තමයි ආයෙම සිංදු මතක් කරලා දිදී අපිව ෆෝම් කරලගත්තේ.. ඒ මදිවට අපි ඔක්කොම කට ඇරගෙන බලාගෙන ඉද්දි ප්‍රින්ස්ගේ පෙම්වතුන් සිනාසේ සිංදුව තනියම කියුව මුළු බස් එකටම ඇහෙන්න.. එදා ඉඳං මටත් හීනයක් තියෙනවා ලොකු ඕඩියන්ස් එකක් ඉස්සරහ ඒ වගේ තනියෙම ලස්සනට සිංදුවක් කියන්න.. ඒත් ඒක කවදාවත් හැබෑ වෙන්නේ නෑ කියලත් මම දන්නවා.. 

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයනු කෙසේ...

මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...

මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ

මේක ලියල සංගීතවත් කරලා තියෙන්නේ විශාරද නිහාල් ගම්හේවා. ඒ කාලේ තරුණ තරුණ සේවා සභාවේ සංගීත උපදේශකයෙක් ඒ වගේම බොහෝ තරුණ ගායකයින් ගොඩකට ඔහු සිංදු ලියල තියෙනවා..

හදිසි වැඩ කීපයක් එක පෙළට පෙළ ගැස්සෙමින්හ තිබෙන නිසා ඊළඟ සිංදු තුනේ කතාව හා  පදමාලාව මෙතන ලියන්නේ නැතුව මේ පොස්ට් එක පබ්ලිෂ් කරනවා. නැති උනොත් ආපහු සඳුදා වෙනකම් මේක පෝස්ට් කරන්න වෙන්නේ නෑ..

7. කඳුළු ගංගා ගලා..

8. මා.. හඬවලා .. ඔබ මගෙන් .. වෙන්වෙලා.. 

9.මා තනිවී හඬන පැයේ..

10. සුදුමල් පොකුරක් අතින් දරා මා..

මේක ගැන නම් වචනයක් නොලියම බෑ..

ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පියා විශාරද ගුණදාස කපුගේගේද සංගීත ගුරුවරයෙකු බව කියවෙනවා. එහෙත් ඔහුට සිය පියාගෙන් පූර්ණ සංගීත දැනුමක් ලබා ගැනීමේ පින නොලැබුණේ ප්‍රින්ස්ගේ බාල වියේදීම පියා ඔවුන්ගෙන් සමු ගැනීම නිසායි. බොහෝ ගායකයින් අතින් මගහැරුණු පිය ගුණ ගායනය ඔහු අතින් මග හැරෙන්නේ නෑ.. කළා ලොව එළිපත්තේ සිට අතිශය සංවේදී ගීයක් ප්‍රින්ස් සිය පියා වෙනුවෙන් ලියා ගායනය කරනවා.. මේ ඒ ගියයි.. 
සුදුමල් ‍පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනි වීරහසේ සැලෙනා කඳුළැලි තවරාසිහිකරනෙමි මගේ පියාණනි..

කැඩපත හමුවේ හිඳිමී
නිරතුරු ඔබ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ.. :'(

- කල්‍යාණ මිත්‍ර