Friday 24 February 2017

දැන් බ්ලොග් මෙලෝ රහක් නැද්ද? No sexy at all?


මේ නොකිකතා බ්ලොග් එක ලියන හෙන්රි වර්ණකුලසූරිය මහතා අද ඔහුගේ FB වෝල් එකේ තැබූ සටහනක්.. මෙතන 'ගොඩක් දෙනා' කියන එකේ යම් අවිනිශ්චිත බවක් තිබ්බත් බ්ලොග් වලට සාපේක්ෂව ෆේස්බුක් භාවිතා කරන පිරිස අති මහත්ය කියන පදනමේ ඉඳන් මම බොහොම කෙටියෙන් උත්තරයක් දුන්න 'හරි' කියල.. නමුත් එහි පළවූ වෙනත් කොමෙන්ටු ඉතාමත් සිත්ගන්නා සුළුයි. 
Image result for facebook vs blogger
සමහර මිතුරන්ගේ හා මිතුරන් නොවන අයගේ නම් මෙහි පළකරන්නේ ඔවුන්ගේ අදහස් මෙහි සාකච්චාවට ගැනීමට අදහස් කරන නිසා මිසක් කිසිදු ආකාරයක පෞද්ගලික එදිරිවාදිකමකින් නෙවෙයි. අනුමැතියකින් තොරව උපුටා ගන්න ඒ අදහස් යම් අයෙකුගේ ඉල්ලීමක් වෙතොත් ඉවත් කිරීමට සුදානම්.

අරුණ යසමාන (Aruna Yasamana) කියල මහත්මයෙක් මෙහෙම සටහනක් තියනවා..

// නිතර කියෙව්වා ,,දැන් කියවනව අඩුයි ..එත් බලනවා පුරුද්දට නමුත් කියවන්නේ නැහැ ... හැබැයි බැලිල්ල නිසා ලියන පොර count කරනවා ඇති hits විදියට 
මේක අසුචි ගොඩක් වගේ .. හොද එකක් කියවන්න හොයාගන්න බැහැ ..කාලයක් යයි මේක ආපහු තත්වයකට එන්න 
ඉස්සර හොදට විචාරශීලිව ලියපු මිනිස්සුත් දැන් ලියන්නේ පල් හෑලි , දේශපාලන කඩේ යෑම , හෝ මම පොර ජාතකේ අනිකුන් අවජාතකේ වගේ දේවල් ... තවත් සමහර ඒවා දකින කොට හිතෙනවා ලියපු එකාවත් ඒක කියවල නැහැ කියල publish කරන්න කලින් .. කියෙව්වා නම් පොඩ්ඩක් හරි ඌටම ලජ්ජා හිතෙන්න ඉඩ තිබුණා.
ඊට වඩා හොද radio programs තියනවා කම්මැලි වෙලාවට අහන්න මතක පද වගේ...//

මනෝරම වීරසිංහ කියන බොහොම ජනප්‍රිය ෆේස් බුක් ක්‍රියාධරයා (චතුර සේනාරත්න ගෙන් අල්ලාගත් වචනයකි) මෙහෙම කොමෙන්ට් එකක් එකතු කරනවා..

//ඔබතුමා ඕක කියන්න.......... මම මේ වෙනකං කවුරුහරි ලින්කුව දුන්නොත් මිස බ්ලොග් එකක් හොයාගෙන ගිහින් බලල නෑ.. මෙහි බ්ලොග් වල ලිපියක් ෂෙයා වුණොත් නොවරදවා කියවනවා මිස.. බ්ලොග් ගරුවන්ගේ ප්‍රතිපත්තියක් නැති බූත වැඩ නිසා ඒවා කියවන්න හිතෙන්නෑ..

ලියන එකා මොකාද කියල කිසිතැනක හරි සදහනක් නෑ
බොහොමයක් බ්ලොග් කාරයො බූතයෝ වගේ මූණ දෙන්න බයයි සමාජෙට
තවත් අයගෙ බ්ලොග්වල නම් හොදයි ත්‍රීවිල් වල ගහන්න.. කිසි එකෙක්ට මතක හිටින්නෑ..
ලියන එකා කවුද කින්ද මන්ද කියල සදහනක් නෑ... 

එහෙම ඒවා කියවන්න මට නං අප්‍රියයි//

මෙතැනදී පොඩි අතුරු කතාවක් මතක් උනා.. මනෝරම හා සහන කසීර කාලයක් මගේ ෆේස් බුක් යාළුවෝ වෙලා හිටියත් ඒ දෙන්නම මුලින්ම මුණ ගැසුනේ හෙන්රි මහතා ගේම ආරාධනයෙන් Life TV එකේ සමාජ මාධ්‍ය ගැන කතිකාවකට ගිය වෙලෙයි. මම එතැනට ගියේ ඇත්තටම බ්ලොග් ගැන කතා කරන්න උනත් වැඩසටහන මෙහෙයවපු මනෝරම ගේ ඒ ගැන තිබ්බ අවම උනන්දුව හා අවම දැනුම නිසා බ්ලොග් ගැන කතා උනෙම නැති තරම්.. ඒ වගේම මම සහන් ගෙනුත් ඇහුවා බ්ලොග් ගැන ඔහුගේ උනන්දුව.. පත්තර කොලම් ලියන්නෙකු, පොත් ලියූ කෙනෙකු වගේම ප්‍රහසනය ඇඟේම තියෙන, නිතර ලියන කියවන, හැම එකක්ම වෙනස් විදියකට බලන තරුණයෙක් විදියට ඇත්තටම සහන් කසිර බ්ලොග් එකක් ලියනවනම් මම කැමැත්තෙන් හිටියේ. ඒත් බොහොම නිහතමානිව සහන් මෙහෙම කියුව.. "මම කැමතියි මගේ ලිමිට් එක ඇතුලේ විතරක් ඉන්න.. ඕනෙවට වඩා දේවල් පටලව ගන්න මට බෑ.. ඒක නිසා මං බ්ලොග් ගැන උනන්දු නෑ." (හැබැයි සහන් කිසිම අවස්ථාවක බ්ලොග් ගැන විවේචන ඉදිරිපත් කරනවා මම දැකල නෑ. බ්ලොග් ගැන ඔහුගේ තියෙන අල්ප උනන්දුව කියන එක විතරයි මෙතනින් ගන්න තියෙන්නේ.)

රයිට්.. බැක් ටු ද පොයින්ට්. තව කොමෙන්ට් තිබ්බත් මට ඕනේ ඔය උඩ තියෙන චෝදනාව ගැන කතා කරන්න. ඇත්තටම මේ චෝදනාව අද ඔතනදි විතරක් ආපු එකක් නෙවෙයි.. කඩින් කඩ තැනින් තැන කියවුණු දෙයක්.. 

"අද තියෙන බ්ලොග් වැඩක් නෑ.. ඉස්සර තමයි නියම බ්ලොග් තිබ්බේ.. ඒ කාලේ හොඳට ලියපු උනුත් දැන් ලියන්නේ පල හෑලි.. ටැබූ ල බියොන්ඩ් ෆ්‍රේම් ල එක්ක ගත්තම දැන් උන් මොනවද ලියන්නේ? "

මේ විවේචනය කරන දෙකොටසක් ඉන්නවා. එක කොටසක් තමයි මීට අවුරුදු කීපයකට කලින් බ්ලොග් ලියපු කියවපු සහ නොයෙකුත් හේතු නිසා දැන් බ්ලොග් වලින් ඉවත් වෙලා ඉන්න අය.. මේක writer's block එකට එහා ගිය එකක්.. පවුල් වීම, රැකියාවේ ස්වභාවය වෙනස් වීම, රැකියා ස්ථානය වෙනස් වීම, කාලය මදිකම, ලියන්න දේ නැතිවීම වගේ ගොඩක් හේතු තියෙනවා.. තව කොටසක් බ්ලොග් කියවන්නෙවත් ලියන්නේවත් නැතුව කොහෙන් හරි දැකපු එකක් දෙකක් නිසා නැත්නම් තමන්ගේ හොඳයි කියන නිර්ණායක වලට වෙනස්ව ලියන එකෙක් දෙන්නෙක් නිසා බ්ලොග් එපා උනු අය. මනෝරම වැටෙන්නේ බොහෝ දුරට මේ ගොඩට. පළමු කොටස ගැන උදාහරණ ඕනේ තරම් තිබ්බත් කියන්න යන්නේ නෑ. 

මම මුලින්ම බ්ලොග් ගැන දන ගත්තේ මිට අවුරුදු පහළොවකට විතර කලින්.. ඒ කලේ පේරාදෙණිය කැම්පස් එකේ IT ඉගෙන ගත්ත මගේ යාළුවෙකුගෙන්.. අඩියක් ගහන්න සෙට් වෙන හැම වෙලාවකම මූ මට බ්ලොග් ගැන සිංහල යුනිකෝඩ් ගැන කියනවා ඉවරයක් නෑ.. ඌ ලියන කවි සින්දු වලට ආස උනාට මට මේ බ්ලොගින් වැඩේට නම් සත පහක උනන්දුවක් ආවේ නෑ. ඊට පස්සේ ආයේ බ්ලොග් මතක් උනේ දෙදාස් හත අවුරුද්දේ නේවි බ්ලොග් එක පටන් ගත්තම.. ඒ උනත් ඒ දවස්වල කොමෙන්ට් දැමිල්ලක් එහෙමට තිබ්බේ නෑ. පස්සේ දෙදාස් නවයේ අන්තිම හරියේ නේවි එකෙන් අයින් උනාම ෆේස් බුක් හා බ්ලොග් වලට ඇබ්බැහි උනා ටික කාලෙකට.. ආයේ පොඩි ලිනියර් පීරියඩ් එකකට පස්සේ (සෑහෙන කාලයක් පෙරුම්පුරලා) මේ බ්ලොග් එක පටන් ගත්තේ දෙදාස් දාහතර අවුරුද්දේ.. අන්තිමට ඒකට ඕනි කරන ගිනිපුපුර දැල්වුණේ 'තිලකසිත' බ්ලුක් එක එළියට ආපු දවසේ.. අර මුලින්ම කියපු IT යාළුවා මගින්ම 'තිලකසිත'ව මම අඳුන ගන්නේ බ්ලොග් ලියන්න ගොඩා..ක්  ඉස්සර ඉඳන්.. පොත දොරට වැඩුමේදී තමයි අපි හැමදෙනාම ආයේ කාලෙකින් හමු උනේ.. 

ඉතිං.. දෙදාස් දාහතරේදී කලාහිත අටවගත්ත මම බ්ලොග් වලට සෑහෙන්න ආධුනිකයෙක්.. මම නිතර ලියන්නෙත් නෑ ලියන ඒවගේ ඒ හැටි ගන්න දේකුත් නෑ. ඉතින් අපි වගේ හාල් කෑලි වලට ඔය චෝදනාව කරන එක සාධාරණයි. 

තව දේශපාලනය, කවි, සිංදු, නවකතා, බයිලා, යුද්ද තොරතුරු, විද්‍යාත්මක තොරතුරු, අධ්‍යාපන වගේ සමහරු අකමැති හා controversial ඒවා ඔක්කොම අමතක කරමු. පැරා ගේ w3lanka, මාතලන්, අටම්පහුර, කොළඹ ගමයා, සාරස, රසිකලොජි වගේ ඒවා හිතා මතාම හලමුකෝ.. ඒ ඔක්කොම ඇර.. 

Versatile කියන වචනෙට නියම සිංහල වචනේ මම දන්නේ නෑ. මේ ලියන්න යන්නේ මෑත කාලයේ එක දිගට අප්ඩේට් වෙන මම නිතර කියවන ඒ වගේ versatile බ්ලොග් අඩවි කීපයක්.. (ඔක්කොම සඳහන් කරන්න බෑ.. ඒක නිසා වෙනස් වෙනස් රස ගේන කීපයක් විතරක් පහල එල්ලනවා..)

නිදහස් සිතුවිලි- ලියන්නේ රවී වීරසිංහ (සහ රන්දිකා රණවීර)
Chandima Gomes- එයාගේ නමින්ම ලියන්නේ
පෙනෙන නොපෙනෙන- ලියන්නේ නදීර විජේසිංහ ගොඩක්ම මෑතක පටන් ගත්ත බ්ලොග් එකක්
අරූ ගේ අඩවිය- අරුණ පෙරේරා ලෝකයක් වටිනා අත්දැකීම් ගොඩක් ලියන්නේ 
Transylvania- ලියන්නේ වෛද්‍ය රුවන් ජයතුංග
සොඳුරු සිත- බොහොම ජෙෂ්ට බ්ලොග් කාරියක් කාලයක් නිහඬව ඉඳල ආයෙත් ලියනවා කෙටියි-රසයි..
18 සන්නිය- චමීර අකලංක පොල්වත්තගේ- අලුත්ම හිට් එක 
ඉලංගකෝන් ගේ විවරණය- ජෙෂ්ට හමුදා නිලධාරියෙක්, වටිනා අත්දැකීම් ගොඩක්
ඉකොනෝමැට්ටාගේ බොජුන්හල හා සතපහ- සුපිරි බ්ලොග් දෙකක්.. 
පොකුරු වැහි- අලුත් (බ්ලොග්) ලියන්නියක් බොහොම සංයමයෙන් හා වියත් ලෙස ලියන්නේ..
අනිත් කොන - පැරණිම බ්ලොග්කාරියක්- බෝධිනී සමරතුංග- අත්දැකීම් එක්ක දැනුම 
යාන් හෑල්ල- කවුරුත් දන්නවනේ රංජිත් සුරංගගේ පොහොර බේත් නැති කාබනික ලිවිල්ල
pinchpoint- ලියන්නේ JP.. pinch point ම තමයි.. දහපාරක් කියෙව්වොත් තේරුම් දහයක්..
තිලකසිත- ඕනෙම දෙයක් තිලකසිත ලෙස හිතන්න පුරුදුවෙන්න.. 
හැලපයා- හැලප මෙච්චර රහයි කියල දන්නේ මේ බ්ලොග් එක දැක්ක දවසේ ඉඳන්.. 

දැන් කියන්න.. මේ බ්ලොග් මෙලෝ රහක් නැද්ද? ෆේස්බුක් එකේ කතා කරන අයගේ ඔය චෝදනාව ගැන බ්ලොග් 'කියවන' ඔබේ අදහස කුමක්ද? 

මට සඳහන් කරන්න බැරි උන ඔබ විශ්වාස කරන විදියට කියවීමට ආස හිතෙන වැදගත් තොරතුරු හා රස වැහෙන බ්ලොග් කොමෙන්ට් වලට එකතු කරන්න අමතක කරන්නත් එපා.. 

172 comments:

  1. කලාහිත.. Kalahitha ?

    ReplyDelete
    Replies
    1. //තවත් අයගෙ බ්ලොග්වල නම් හොදයි ත්‍රීවිල් වල ගහන්න.. කිසි එකෙක්ට මතක හිටින්නෑ..
      ලියන එකා කවුද කින්ද මන්ද කියල සදහනක් නෑ... //

      හැක්.. හැක්..

      Delete
    2. ත්‍රී වීල් එකේ ගහන්නෙ " කලා හිතට අත හිත ...... " කියලද?
      එහෙම නැත්නම් "කලා හිත කාලා වරෙන්" කියලද?

      Delete
    3. අනුන්ගේ ත්‍රිවිල් වල ගැහුවා.. අතහිත කලාහිත ගෙන් හිත හොඳින් කියල.. මගේ එකේ ගහන්න හොඳයි කලාහිත කාල වරෙන් වගේ එකක්.. :))))

      Delete
  2. එදා හොඳ කට්ටිය ලිවුව, අද එහෙම ලියන අය නෑ කියන්නෙ කියවන්නා යම් රාමුවකට කොටු වෙලා ඒ දේ ලැබෙන්නැතිකොටයි කියන එක මටත් හිතෙනව. සුරංගගෙ යාං හෑල්ල වගේ ඒව විදත් මට්ටමේ දෙයක් බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන අයට දිරවන එකක් නෑ.

    අවුරුදු හතක් විතර බ්ලොග් කියෝපු එකෙක් හැටියට පරණ අය හැලුනත් ඒ තැනට එන්න පුලුවන් මට්ටමේ අලුත් බ්ලොග් තියෙනව කියන එකයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ලෝක ස්වභාවය- සමහරුන්ට තේරුම් ගන්න බැරුව වගේ.. ඔක්කොමත් හරි කියවන්නේ නැතුව වැඩක් නෑ කියන එක තමයි සුපිරි!

      Delete
  3. මම එදා මනෝරම අහපු ප්‍රශ්නෙකටත් කිව්වා "මම බ්ලොග් ලියන්නේ නෑ" කියලා.දෙසැම්බර් මාසේ මුල දි කවදාවත් චැට් කරලා නැති මාතලන් එක පාර මැසේජ් එකක් දැම්මා " ඇයි බං බ්ලොග් එකක් පටන් ගන්නේ නැත්තේ" කියලා. මම ඒකට දුන්නෙත් ඔය උත්තරේමයි.

    නමුත් දෙසැම්බර් මාසේම අග මට මම ලියපු දෙයක් හොයාගන්න බැරිව ව්‍යාකූලව ඉන්න දවසක කාංචනා අමිලානි මට කිව්වා " ඔයා Archive purpose එකකට හරි බ්ලොග් එකක් පටන් ගත්තා නම් ඔය ඔක්කොම Category wise සේව් කරගන්න පුළුවන්. හදිසියකට වෙන කාට හරි කිව්වත් බ්ලොග් එකට ගිහින් ඔයාට ඕන ආටිකල් එක හොයා දෙයිනේ " කියලා. එදා රෑ මම මාතලන්ට මැසේජ් එකක් දැම්මා " බ්ලොග් එකක් පටන් ගන්න හිතනවා. ලියන්න නෙමෙයි. ලියපුවා එකතු කරන්න" කියලා. හැබැයි මම බාගෙට , උඩින් පල්ලෙන් වැඩ කරන්න අකැමති නිසා යාලුවෝ කීප දෙනෙක්ගේ තාක්ෂණික දැනුමෙන් උදව් අරගෙන මහන්සි වෙලා බ්ලොග් එක කළා.

    අදටත් මම ලියපු සහ ලියන දේවල් වල ආයෙ කවදා හරි ඕනේ වෙයි කියලා හිතෙන දේවල් මම බ්ලොග් එකේ දානවා ඇරෙන්න මම බ්ලොග් එක වෙනුවෙන් කිසි දෙයක් ලියන්නේ නැහැ. බ්ලොග් එකේ ලින්ක් එකක්වත් ෆේස්බුක් ෂෙයාර් කරන්නේ නැහැ. එදා කිව්වා වගේම අදටත් මගේ Comfort Zone එක ෆේස්බුක්. මට ඒ ලිමිට් එක ඇතුලේ තියෙන රිලැක්ස් ගතිය බ්ලොග් වල නැහැ. ඒ නිසයි මම ෆේස්බුක් එකේ ලියපු පරණ ඒවා එකින් එක නොදා ඔක්කොම ඒවා ටික එක පාර එතන ස්ටෝර් කරලා බ්ලොග් එක රිලීස් කළේ.

    ඒත් දැන් බ්ලොග් එක නිසා මට මම ලියපුවා හොයාගන්න ලේසියි. ඒත් බ්ලොග් කියන්නේ මට නොතේරෙන ඉසව්වක්

    ReplyDelete
    Replies
    1. Blog කියන්නෙ නොතේරෙන ඉසව්වක් කියල සහන් කසීර වගේ කෙනෙක් කියද්දි තවත් කවර කතාද..?

      Delete
    2. කොම්ෆර්ට් සෝන්.. ඕක තමයි වචනේ ලිමිට් නෙවෙයි.. අම්මප.. මේ කියනකං උඹ බ්ලොග් එක ඕපන් කරා කියල මීටර් වෙලා තිබ්බේ නෑ.. උඹ ප්‍රමෝට් නොකරට කමක් නෑ. ඔන්න මම නම් ෆලෝ කරලා බ්ලොග් රෝල් එකටත් දැම්ම. ෆේස් බුක් දාන ඒවා වැඩි හරියක් මිස් වෙනවා. ඒක නිසා මතක් කරලා බ්ලොග් එකෙත් ලියපන්.. විවේක තියෙන වෙලාවට අපිටත් කියවන්න.

      //Blog කියන්නෙ නොතේරෙන ඉසව්වක් කියල සහන් කසීර වගේ කෙනෙක් කියද්දි තවත් කවර කතාද..?// ඒකනේ.. මම බැලුවේ එතකොට අපි මේ මොනවද කරන්නේ කියල..

      Delete
    3. මම හිතන්නේ සහන් බ්ලොග් වලට තවම ඇතුල් වෙලා නෑ. ඒක හින්දා බ්ලොග් එකක කරන්න පුළුවන් ලිමිට්ලස් ක්‍රියාවන් ගැන එයාට අවබෝධයක් නෑ. ඒක නේද මේ කියන්නේ... ?

      Delete
    4. //බ්ලොග් එකක කරන්න පුළුවන් ලිමිට්ලස් ක්‍රියාවන් ගැන එයාට අවබෝධයක් නෑ// ඕකගේ බොරු. ඕක ඕවා දන්නේ නැත්තං ගුගල් එකෙනුත් දන්නේ නෑ.

      Delete
    5. මම හිතන්නේ බ්ලොග්ස් කියන්නේ, ලියන්න පුලුවන්කම තිබුනටම ඇදගෙන යන්න පුලුවන් වැඩක් නෙමේ කියලා. මට පැහැදිලි කරලා තේරුම් කරන්න බැරි පොඩි ආට් එකක් මේකේ තියෙනවා. බ්ලොග්කරුවා වඩා සමාජශීලී සහ සංවාදශීලී මිනිසෙක් හෝ ගැහැනියක් වීම, තුල මෙය පවත්වාගෙන යාමත්, ආත්ම තෘප්තියක් ලබන්නත් පුලුවන්. මම ක්‍රියාශීලි ෆේස්බුක් බුවෙක් නොවන නිසා, ඒ ගැන යමක් කියන්න අමාරුයි. හොඳ සංවාදයක් බලාපොරොතුවෙන් ඉන්නවා.

      Delete
    6. //හොඳ සංවාදයක් බලාපොරොතුවෙන් ඉන්නවා.// ++++++++++

      Delete
    7. මම ඇත්තටම මගේ බ්ලොග් එක පටන් ගත්තේ සහන ගේ හේතුව නිසා. මම හැමතැනම ඔහේ කොමෙන්ට් දදා ගිය වෙලාවක දැක්ක මගේ කොමෙන්ටුවක් කවුද ලිපියක් ලෙස පල කරලා තියනවා. ඊට ටික දවසකට පස්සේ මම බ්ලොග් එක අටවගත්තේ මට ආපහු ගිහින් බලන්න ඕනේ නිසා. නමුත් ඊට පස්සේ සිදුවුණු සියලුම දේවල් තුල - මේක තවත් ජිවිතයක් වගේ. වෙනමම එකක්. හිනා , කඳුළු, ප්‍රශ්න ඔක්කොම මැදින් හොඳ බ්ලොග් ලිපියක් කියවල දැනෙන සතුට පොතක් කියෙව්වම තියෙන සතුට හෝ වේදනාව වගේම තමයි.

      Delete
  4. මම හිතන්නේ මේක මේ කියනවට ටිකක් කම්ප්ලිකේටඩ්.
    පරණ අය කියන කතා නම් මම දන්නේ නෑ... ඒත් බහුතරයක් අද වෙනකොට බ්ලොග් වලට වෙලා තියෙන්නේ පස්සෙන් පන්නා යෑම. කොමන්ට් වගේ දේවල් වුනත් අර අල්ලන් ඉන්න මිසක් වැදගත් දෙයක් කියවෙනවා හරි අඩුයි. අනුගාමිකයෝ බිහි කරගන්න වගේ නැත්නම් සමාජේ එක්ක තියෙන ඇරියස් කවර් කරගන්න වගේ ලියන අය අද බහුලයි. හම කෙනාම එහෙමයි කියන එක නෙමෙයි කියන්නේ. ඔය ගොඩක් බ්ලොග් පොරවල් වලට වුන දේ. අන්තිමට කියවීම තියා බලන්නත් හිරිකිතයි.

    තව ගොඩාක් දේ කියනන් පුළුවන්... සෙස්ස පස්සට

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම හරි කියමුකෝ.. ඒත් අද ගෝනියේ සියඹලා ඇත්තෙම නැද්ද?

      මගේ දැක්ම.. මිට අවුරුදු පහ හයකට කලිනුත් හොඳට ලියන උන් හිටිය.. ඒ වගේම ආතල් එකට ලියන, ආසාවට ලියන, ඇරියස් කවර කරන්න ලියන මානසික අප්සෙට් වලට ලියන ඔය ඔක්කොම ජාති හිටියා.. අදත් එමමයි.. අද එදාට වඩා ලියන උන් ගාන වැඩියි.. බ්ලොග් කියවන උන් ගානත් වැඩියි.. හැබැයි එදා ලියපු උන් අද නෑ කියල බ්ලොග් වල කියවන්න දේවල් නැති වෙලා නෑ. කලින් හොඳට ලියපු උන් නොලියන එක අපරාදේ.. ඒක ඇත්ත.. ඒත් ඒ කියල තාම ලියන උන් ඒකට වැරදි නෑ.

      Delete
    2. මම සාමාන්‍යයෙන් කලින් විතරයි හොඳ බ්ලොග්ස් තිබුනේ කියන කෙනෙක් නෙමෙයි. ඒකයි කිව්වේ පරණ අය කියන ඒවා මම දන්නේ නෑ කියලා. සිංහල බ්ලොග් ආරම්භයේ ඉඳන්ම මම බ්ලොග් කියවනවා. ඒ ඒ කාලයන් වල දේවල් බොහෝ ස්ටඩි කරලා තියෙනවා. සිංහල බ්ලොග් වල පවැත්මක් හදාගත්ත අය ඉන්නේ කීප දෙනයි. සාමාන්‍යෙන් බ්ලොග් එකක් කියන්නේ කාලයක් එක්ක පරිනථ වෙන දෙයක්නේ. ඉන්ටර්නැශනල් බ්ලොග් කිහිපයක් උදාහරණයට ගන්න. මම කිව්වේ අන්න එතන ඉඳන්.
      එදා වගේම අදත් හෙටත් මම සිංහල බ්ලොග් කියවයි. ඒත් කලින් වගේ ඇට්‍රෑක්සන් එකක් දැන් නෑ... මේ අනුගාමිකයෝ හින්දා....

      Delete
    3. //කලින් වගේ ඇට්‍රෑක්සන් එකක් දැන් නෑ... මේ අනුගාමිකයෝ හින්දා....// අනුගාමිකයෝ? ඒ කියන්නේ බ්ලොග් පස්සේ එන උන් නැත්නම් බ්ලොග් කියවන උන්? වචනේ වැරදුනාවත්ද? බ්ලොග් වලට අනුගාමිකයෝ වැඩිවෙන තරමට මම නම් කැමතියි. මගේ බ්ලොග් එකට නෙවෙයි පොදුවේ බ්ලොග් වලට.. ඒකනේ අපි මෙතන කියන්නෙත්.

      බ්ලොග් වල පැවැත්මක් හදා ගන්න අමාරුයි තමයි. එතැනදී තමයි පැරා කියන ජාතියේ වෘත්තීය බ්ලොග් කරුවන් ගැන කතා කරන්න වෙන්නේ.. මම නම් එදා වේල ටුවර්ස්.. 'දැන්' ලියන උන් තමයි මාතෘකාව.

      Delete
    4. ////ඒත් කලින් වගේ ඇට්‍රෑක්සන් එකක් දැන් නෑ... මේ අනුගාමිකයෝ හින්දා....//////

      රංගි......මෙන්න මේක තව ටිකක් පැහැදිලි කරන්න ප්ලීස්.

      Delete
    5. kalahitha,
      isnt that matches to comment followers and පිට කහන්නෝ = අනුගාමිකයෝ
      if it gives wrong idea pardon me. my sinhala is that poor.

      Delete
    6. පිට කහන්නෝ ඊස් ඕල් රයිට්. වෙන් යූ සේ අනුගාමිකයෝ.. ගිව්ස් අස් අ ඩිෆරන්ට් මිනින්ග් ඕල්ටුගෙදර්.. :) මගේ හිංගල ඉංග්‍රීසි දෙකම පුවර්.. නොට් ටු වොරි මෑම්.. :)

      Delete
    7. අරූ, මේක ටිකක් කම්ප්ලිකේටඩ් තමයි. ඒ කියන්නේ ඔය අරූගේ බ්ලොග් එක ගම්මු අපි උදාහරණයකට. ඒක කියවද්දි ඒකේ කොමන්ට් නොකියෙව්වොත් ඒ සටහනට අගයක් නෑ. බොහෝ අදහස් එන්නේ කොමන්ට්ස් වලින්. ඒක තමයි වෙන්න ඕනේ. ලියන්න හා කියවන්නාගේ දෙපැත්තෙන්ම.
      ඒක ඇට්‍රෑක්සන් එකක්...
      ආපහු ආයේ එන්න එන්න ම හිතෙන. අර කොල්ලෙක් හම්බවුන ගමන්ම වගේ...

      ඒත් තවත් ෆේමස් බ්ලොග් කිහිපයක් බලන්න. ඒවයේ එහෙම එකක් තියෙනවද?
      කොමන්ට් වල තියෙන්නේ පිට කහ ගැනීම්. කිසිම තේරුමක් නැති රිප්ලයි කොමන්ට්ස්. ලියලා තියෙන්නෙත් මඩ ගොඩක් වෙන්න තියෙන ඉඩත් වැඩියි. හැමෝම දැණ් දේශපාලන ඔස්තාර්ලා වෙලා. ඉකොනොමිc ඔස්තාර්ලා හා හැම එකම සියල්ල දන්න අය විතරයි. ඒවා කියවලා අපිට ගනන් දෙයක් තියෙනවද? එහෙම ඒවට ප්‍රොපර් රීඩර් බේස් එකක් හැදෙයිද? ( මම කියන්නේ ඇත්තටම කියවන්නෝ මිසක් ආවට ගියාට මම ආවා කියන එකෙන් නෙමෙයී

      තව වෙලාවෙන් වෙලාවට සහාභාගි වෙන්නම් කතාවට.

      Delete
    8. https://www.amazon.com/Cactus-Buddy-Back-Scratcher-inches/dp/B000NADSHO

      Delete
    9. //කොමන්ට් වල තියෙන්නේ පිට කහ ගැනීම්// මේකත් ඔය ඉස්සර බ්ලොග් හොඳයි කියන ලෙඩේම කොටසක්.. කොමෙන්ට් කරලා තමන්ගේ මතය කියන්න බ්ලොගර් වෙතින් දීල තියෙන පහසුකම යොදා නොගන්න එක අපරාධයක්.. ඒත් ඉතින් හැම සංවාදෙටම හැම කෙනාටම මුක්කු ගහන්නත් බෑ. ඒක හරියට තේරුම් ගන්නොනි.
      අනික.. කෙනෙක් කවියක් වගේ දෙයක් ලියුවම නම්.. ඔතන අරක මෙහෙම වෙන්නොනේ මේක මෙහම වෙන්නොනි කියල වදන් දෙන්නේ නැතුව.. හොඳයි/ හොඳ උත්සහයක් වගේ පොඩ්ඩක් පිට කසල ගියාට කාටවත් හානියක් නෑ.

      අන්න ඒ වගේ පිට කසන්න ප්‍රා දාල තියෙන අයිටම් එක මැක්සා.. :)

      Delete
    10. උබලා පුක ඉරාගෙන ලියනකොට අපි කියවලා පොඩි හරි දෙයක් එකෙන් ගන්නවානම් පොඩ්ඩක් පිට කහලා ගියත් කමක් නැහැ ..

      Delete
    11. ඊට නරකද පුක මහලා ගියානම්.. :)))))

      Delete
    12. එතකොට කෝ අපිට කියවන්න බ්ලොග් ...

      Delete
    13. පුක කියන්න නරක වචනයක නෙමයි
      පුකට පුක කියන්නේ නැතුව දේවාලේ කියන්නද

      Delete
  5. කලාහිත මේ කතිකාව blog ලෝකෙට ගෙනා එක හොඳයි. ඒත් blog කාරයො ඒක ගණං ගන්න පාටක් නෑ.

    ReplyDelete
    Replies
    1. //ඒත් blog කාරයො ඒක ගණං ගන්න පාටක් නෑ.// ඒකයි මගේ හිතේ උන්ට බ්ලොගා ල කියන්නේ.. මෙලෝ රහක් නැති උන්නේ.. හැක්.

      Delete
  6. මිනිස්සු බ්ලොග් කියවන්නෙ නැත්තෙ යහපාලන ආන්ඩුවෙ ඩේටා වලට ගහනා 45% ටැක්ස් හන්දා නෙවෙයිද හිටන්?

    ReplyDelete
    Replies
    1. යහපාලන ආණ්ඩුව එහෙම ටැක්ස් ගහන්නේ සරසතුමාල වගේ අය මේ බ්ලොග් අරව මේවා පාවිච්චි කරලා යහපාලන ආණ්ඩුවට රිටර්න් එක දෙයි කියල හිතල වෙන්ට ඇති හිටං.. :))

      Delete
    2. කියවන මිනිස්සුත් කමෙන්ට් කරන්නෙ නැත්තෙ බැනුම් අහන්න වෙන නිසාද ඉඳං? ?

      Delete
    3. කියවන මිනිස්සු කමෙන්ට් කරන්නේ නැත්තේ ඇනෝ ලට බැට් කරන්න පිච් හදල දෙන්න අකමැති නිසා හිටං.. :))

      Delete
  7. මම හිතන්නේ ඔය ජාතියේ අසනීප තියෙන්නේ අපිට විතරයි...තමුන්ට කැමති එකක් තමන්ට කැමති විදිහට පාවිච්චි නොකර අනිකගෙ දිග පළල හොයන්න යන එකේ ඇති වැඩේ මොකක් ද?

    ReplyDelete
    Replies
    1. සෙන්නාගේ අදහසට මාත් එකඟයි.
      ඒත් මෙහෙම එකකුත් තියෙනවා. බ්ලොග් වගේ දේවල් කියවීම හොඳ දෙයක් නේද? අර මඩ කතා ගැන නෙමෙයි. කියවීමෙන් මනස දියුණුවේ ද මොකක්ද එකක් නේද කියන්නේ අර ඉස්සර.
      හෙන්රි මෙතන කියන්නේ මඩ ගොඩවල් කියවනවට වඩා යමක් කියවන්න බ්ලොග් හොඳයි ඒත් ඒකට තියෙන ඇට්‍රෑක්සන් එක අඩුයි කියලා නේද?

      Delete
    2. //හෙන්රි මෙතන කියන්නේ මඩ ගොඩවල් කියවනවට වඩා යමක් කියවන්න බ්ලොග් හොඳයි ඒත් ඒකට තියෙන ඇට්‍රෑක්සන් එක අඩුයි කියලා// ආන්න එහෙම හිතල තමයි මාත් මේක දිගට ඇදගෙන යන්න හිතුවේ.. :)

      අපිට අසනීපෙ තියෙන නිසා කතා කරන්නම වෙනවා.

      Delete
    3. Senna.... Agreed 100%

      "බත් කැමැත්තෝ බත් බුදිති. හෙරළි කැමැත්තෝ හෙරළි බුදිති. එහෙත් බත් බුදින්නෝ හෙරළි බුදින්නටවත් හෙරළි බුදින්නෝ බත් බුදින්නන්ටවත් අපහාස උපහාස නොකරති."

      මෙහෙම එන්නෙ මට මතක විදිහට ඩබ්ල්යු.ඒ.සිල්වා මහත්මයාගෙ පොතක...:)

      Delete
    4. අපහාස උපහාස හා හෙලා දැකීම් තියෙන නිසා තමයි කතා කරන්න වෙලා තියෙන්නේ.. අපිනම් හෙරළි ටිකක් එක්ක බත් ගෙඩියක් බුදිලා පැත්ත වැටිලා ඉන්නවා මී පැටව් වගේ.... :)) කාටවත් කරදරයක් නැතුව..

      Delete
    5. සෙන්නාගේ අදහසට මමත් එකඟයි. බ්ලොග් පරයා, ෆෙස්බුක්වත්, තව මාධ්‍යයක් පරයා තව එකක්වත් සංසන්දනය නොකර, ඒ ඒ බනිස් ඒ ඒ කෙසෙල් වගේ , මේවා සියල්ල නොයෙකුත් ආකරයේ ප්‍රකාශන මාධ්‍යයන් බව තේරුම් ගන්න එක තමයි මගේ තියරිය. ෆේස් බුක් එකේ විදිහට බ්ලොග්ස් ඇතුලේ ක්‍රියාශීලි වෙන්න බැරිව ඇති. මට ෆේස්බුක් පේන්නේ මහා අමුතු ලෝකයක් විදිහට. ඒකෙන් මට කිසිම ගෝ එකක් නැහැ. ඒ මට තේරෙන හැටි.

      Delete
    6. මං නම් බ්ලොග් ලියන්න දන්නෙ නෑ. සම්පූර්ණයෙන් කියවා, බාගෙට කියවා, කාලට කියවා, නොකියවා ඔන්න ඔහේ කමෙන්ට් එකක් ඇද බානවා (මටත් පරයා කියයිද මංදා, හෙහ්)

      Delete
    7. ප්‍රා පරයා අරූ....අරූ පරයා ප්‍රා :D

      අපි ඔක්කොම පරයෝ...තමන් තමන්ගේ නොවන තාක් කල්, තමන් තමන් ලෙස නොසිතනා සහ ජීවත් නොවෙනා තාක් කල්, අපි සියල්ලෝම පරයෝ තමයි මචං.

      Delete
    8. ප්‍රා පරයා හා අරූ පරයා වෙත, මම පරයානම් ඕනේ පරයෙක්ගේ පර වැඩක් උපේක්ෂාවෙන් ඉවසන්න බලනවා.. :)

      Delete
    9. මටත් බ්ලොග් එකක් නැහැ ..හැබැයි මගේ ඩේටා තියන විදිහට "ඕකෙම මුණ ඔබගෙන ඉන්නේ ගෙදර වැඩක් බබාගේ වැඩක් කරන්නේ නැද්ද ...මෙතන හැම වැඩේම මම කරන්න ඕනේ....ඔයාට ඉතින් බ්ලොග් තියනවනම් නොකා නොබී ඕකට වෙලා ඉදි " කියලා ගැනී කෑ ගහනකන්..කියවනවා කෙමෙන්ට් කරනවා ....
      මමත් පරයද

      Delete
    10. මෙන්ඩ පරයා කමෙන්ට් කළහැකි අයෙක් වෙත්ද?

      Delete
    11. මෙන්ඩා පරයා මා කොමෙන්ට් කරනවාට කැමති නැත. හැක්..

      Delete
    12. අනේ නැහැ මචෝ විහිලුවට්වත් එහම කියන්න එපා ...මම උබට ආදෙර්යි ප්‍රසා

      Delete
    13. අපි ඔක්කොම පරවරු....

      Delete
  8. "Versatile" කියන එකට හරියටම සමාන වචනයක් නෑ..."විචක්ෂණ" කිව්වම ලඟින් යනව. ටැබූ හිටියනම් වචනයක් හදයි..අර කියන "Firsthand" එකට "පළමෝත" කියල හැදුව වගෙ. ඒත් අපේ විචාට නම් ඒ වචනෙ දැක්ක ගමං නයාට අඳුකොල වගෙ තමයි...

    මේ අර මොකෝ අපෙ රන්දිල් නෝන මහත්තැංගෙ නම වරහන් ඇතුලෙ විතින් බ්‍රැකට්ස් තුල දාල තියෙන්නෙ? වහාම අයිං කරපං මල්ලි වරහං...හොඳේ?

    ReplyDelete
    Replies
    1. ඔය වගේ හෙන ගොඩක් වචන තියෙනවා.. චීන්නු වඳුරෝ වගේ කම්බි උඩ එහෙම යන්න දස්සනේ.. මේ ලඟදි එකෙක් කියනවා උන් හරි 'flexible' ලු.. මං කියුව ඒකට කියන්නේ 'acrobatic' කියල.. එතකොට අරූ මයෙන් අනිත් අතට අහනවා ඒකට කියන සිංහල වචනේ මොකක්ද කියල.. නම්‍යශීලි කියුවොත් ආයි flexible වෙනවනේ.. මං කියුව 'ජිම්නාස්ටික්' කියල..හැක්. :)))

      රන්දිල් නෝනව මේ දවස් වල පරිස්සං කරලා බලා ගන්න ඕනේ.. ඒකයි වරහන් අස්සේ තියුවේ.. ;)

      Delete
    2. බහුවිධ කියන වචනය ලඟට එනවා නේද ?

      Delete
    3. එතකොට DVD(digital versatile disc) එකට මොකද්ද සිංහලෙන් කියන්නෙ

      Delete
    4. ඔන්න ඕකනේ බැරි.. සිංහල පංතියක් හොයා ගන්න වෙනවා දැන්..

      Delete
    5. DVD = අංකිත බහුවිධ තැටිය

      Delete
    6. එතකොට versatile කියනෙකට බහු විධ කියන්නත් පුළුවන් නේද? ඒක ටිකක් හොඳයි වගේ.. :)

      Delete
    7. Versatile කියන වචනෙට නියම සිංහල වචනේ නම් "සර්වතෝභද්‍ර" ය. හදිසියට "සමන්තභද්‍ර" කියා ද පාවිච්චි කොල හැකිය හිටන්!

      Delete
    8. අම්බෝ.. අර නමට වැඩිය සමන්ත බද්‍ර කියනඑක ලේසියි වගේ. බොහොම ඉස්තුතියි වචනෙට හිටං..

      Delete
    9. රවියා උඹ වාමාංශික දේශපාලනය නොකළේ මොකද බං . මර වචන සෙට් එකක් හදල දෙන්න තිබ්බ.

      Delete
  9. එකක් දෙකක් නොව තව බොහො ඇතියෝ
    රසක් බෙදන බ්ලොග් ළෝකය නිමි නැතියෝ
    තුටක් වගෙම දැණුමක් ගන්නට හැකියෝ
    කවක් මෙලෙස ලියලා මම යමි චෙරියෝ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමි ඇවිත් කවියෙන් වනලා යනවා
      හෙළුවෙන් එකල වැනු කවි මට සිහි වෙනවා
      කවියෙන් හෙළුව වහගමි තව වෙන මොනවා
      කවි වලියකට නම් මම අනිවා එනවා.. :)

      Delete
    2. අවියෙන් හරඹ කරනට බ්ලොග් ලොව කවියෝ
      සතුටින් කවි හදා දෙනවිට රහ ඇතියෝ
      කවියෙන් සියළු පැන විසඳුම් කර හැකියෝ
      හෙළුවෙන් වනද්දී රහ උතුරයි කමියෝ.....

      ජයවේවා!!!

      Delete
    3. බ්ලොග් මඩ ගොහොරුවේ මඩ වතුරෙන් පෑදී
      ඉඳ හිට පිපෙන සියපතකට සිත ඈදී
      දුමියෝ අපි හැපෙමු මත වෙන මත වාදී
      තව කවි කැකුළු මතුවෙයි එතකොට පීදී.. :)

      Delete
    4. මතයක් නගන්නට හැකිනම් යම් දෙයක
      කවියක් දෙකක් නොව දාහක් ලිවිය හැක
      වළියක් කරන්නට කවියෙන් බ්ලොග් ලොවක
      සතුටක් දැනෙයි කමියෝ මගෙ හිත් කොනක....

      ජයවේවා!!!

      Delete
  10. මගේ ප්‍රොපයිල් එක ලෝඩ් වෙන්නෑ.. බ්ලොග් නොලියන හින්දද මන්දා.. හරි ඒ්වා පැත්තකින් තියමුකෝ

    දැං අර අජියා සම්මාන දෙන්නේ හාල්කෑලි වලටද හිටං.
    හැක් දේශකයා

    ReplyDelete
    Replies
    1. හා..හා.. හාල් කෑලි කියන්නේ දැන් හෙන වටිනා බඩු.. අන්න ඒවාට තමයි අපි සලකන්න ඕනේ..

      Delete
  11. ඉස්සර තරම් නම් බ්ලොග් ගැන ලොකු උනන්දුවක් දැන් නැහැ මට නම්.මේකට එක හේතුවක් මේක ඇතුලේ තියෙන කල්ලි වාදය.කොහොම වුනත් බ්ලොග් වලින් මම නම් ගොඩක් දේවල් ඉගෙනගත්තා,දැනගත්තා,බොහෝ දෙනා හඳුනා ගත්තා.ඒ ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. කල්ලිවාදය කියලා මනෝ කියන්නේ, අර රංගි කියන පිට කසන්නෝමද....

      මේ කතාවේ ගතයුතු හරයක් තියෙනවා. වැල්ලවත්ත පාලම ගාවට ගියාම මම දෙහිවල දැකලා තියෙනවා. මම මේ බව දැක්කා. මම කිව්වා සහ ලිව්වා.

      මේක අපේ මිනිස්සුන්ගේ තියෙන අත් නොහැරෙන පුරුද්දක්..පරාධීන සිතුවලින්ම ජීවිත ගොඩනගන්නේ. හිත් රිදවන්න හොඳ නැත්තේ සතුරන්ගේ. මිතුරන් එක්ක හිත් රිදවගන්න පුලුවන්. මොකද උන් දන්නවා මූ මේක කිව්වේ, එතන වරදක් තියෙන නිසා කියලා.ඒත් අපි කරන්නේ මුලින්ම මිතුරා සැනසීම. ස්වාධීන වෙන්න තියෙන බය. අත්හැරීමට තියෙන බය සහ ආසාව.

      Delete
    2. අරුයියා ඒ උඩ බුරු බබා කියන දේ ගැන මමත් එකඟයි.ඒ "කල්ලිවාදය" කියලා මම කිව්වා එක "පිට කසන්නෝ" කියලා අර්ථ ගන්වා ගන්නත් පුළුවන්.

      කියවන්න කැමති අයට,නොදන්නා දේවල් ගැන දැනගන්න,ඒවා ගැන විචක්ෂණශීලි වෙන්න තියෙන ආසාව විනෝදාංශයක් කරගන්න හොඳ මාධ්‍යක් තමයි බ්ලොග් කියන්නේ.ෆේස් බුක් තරම් මිත්‍රශීලි මාධ්‍යක් නොවුනත් බ්ලොග් වල තියෙනවා අමුතු හැඩයක්.රිදම් එකක්.එක තමයි බ්ලොග් වල අනන්‍යතාව. දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන කල්ලි ගැසීම් වලින් වෙන්නේ ඒ අන්‍යතාව නැති වෙලා මේකත් කැඳ හැළියක් වගේ වෙන එක.කොහොම වුනත් කැඳ ඇඟට ජීර්ණය කර ගන්න අවුලක් නැති නිසා මම නොලිව්වත් ලියන එව්වා කියවලා යමක් ඉගෙන ගනිමින් කමෙන්ට් එකක් දාගෙන ඉන්නවා.

      Delete
    3. මනෝ.. ඒ කියන්නේ බ්ලොග් කලින් තිබ්බ විදියට ලියන උන් එකාට එකා අඳුනන්නේ නැතුව බජනයක් නැතුව හිටියනම් හොඳයි කියලද? සයිබර් අවකාශය තුල අදහස් වලින් කල්ලි ගැසීම හැමදාම තිබුනා නේද? අමුතුවෙන් මෑතකදී උනේ කලින් ලඟින් පුද්ගලික ඇසුරක් නොතිබිච්ච බ්ලොග් කරුවෝ නොයෙක් හමුවීම් මඟින් හමුවෙලා සුහද වීම් හරහා හැදුනු කල්ලි.. උදා: පොත් කියවන කල්ලි, කවි අහන ලියන කල්ලි, බොන කල්ලි, එක විදියේ රස්සා කරන කල්ලි.. ඒ වගේ? :)

      Delete
    4. @ MF, AP & KM,
      මට නම් පුද්ගලික් යාලුකම් තියාගෙන බ්ලොග්වල විවේචනාත්මක කමෙන්ට් , සංවාද, විවාද කරන්න පුලුවන්. එකඟ නොවන අවස්ථා ගොඩයි. මට එහෙම පුලුවන් බ්ලොග් කරුවන් කීප දෙනෙක් හමුවෙලා තියනවා උදා, කල්යාණ මිත්‍ර, ඉවාන්, සාරස, සෙන්නා වගේ අය( තව ඉන්නවා). ඔවුන් හොඳ මිතුරන් වුනාට ඔවුන්ගේ බ්ලොග්වල කමෙන්ට් කිරීමේදී මට ඒක අදාල නෑ,මොකද බ්ලොග් අනන්‍යතාවය වෙනස් නිසා.
      සමහර අය සමග හිතට එනදේ සම්පූර්ණයෙන් කියන්න බය හිතෙනවා මොකද ඒ අය ඒක පුද්ගලික යාලුකමට පහරක් කියලා හිතයිද කියලා සැකයක් එන නිසා

      Delete
    5. ///ඒ කියන්නේ බ්ලොග් කලින් තිබ්බ විදියට ලියන උන් එකාට එකා අඳුනන්නේ නැතුව බජනයක් නැතුව හිටියනම් හොඳයි කියලද? //////
      කමියා.....මේක උත්තර ගොඩක් තියෙන ප්‍රශ්නයක්. මේ කවුරුවත් මේ අදහස් ප්‍රකාශ කරන්නේ කමියා පරයා යාමට නොවේ. මේ කමෙන්ට්ස් සියල්ලෙම බ්ලෙන්ඩ් එක වැදගත්. සමහර බ්ලෙන්ඩර්ස්වල ෆිල්ටර්ස් නැහැ. සමහර ඒවාගේ ෆිල්ටර්ස් තියෙනවා. අපි ෆිල්ටර් කරලා ගමු, තමන් තමන් කැමති විදිහට. ඕන් නම් ගහගමු :D

      Delete
    6. සෙන්න හම්බ වෙලා තියෙනවද? මට ආසයි ඕකව මිට් වෙන්න..

      ඔය හැකියාව තියෙන සුපිරිම චරිතයක් තමයි සා රස.. ඒක පට්ට හැකියාවක්..

      මටත් ඉතින් පුද්ගලික දැන හැඳුනුම්කම් ලොකුවට බාදාවක් වෙලා නෑ බ්ලොග් කියවන්න/ කොමෙන්ට් කරන්න..

      Delete
    7. //ඕන් නම් ගහගමු :D// එකෙම්ම.. ඊට පස්සේ ඇඟේ පතේ අමාරුව යන්න ඔය මොනවා හරි කරන්නත් බැරිය..:))

      Delete
    8. මම අදහස් කරන්නේ එකිනෙකා නොහදුනනා අයුරින් සිටිය යුතුය කියා නෙමේ.පුද්ගලික හමුවිම් තිබුනා,නැතා මතවාද වලින් එකිනෙකා හමුවිම සිදුවෙනවා.ගැටලුව වෙන්නේ පුද්ගලික හමුවිම් වල වෙන සමහර පුද්ගලික කතබහා හේතු කරගනිමින් තම මතවාදය නොඉවසන බ්ලොග්කරුවන්ට පහරදිමට ක්‍රියා කිරිම් ගැන මම එකග නැහැ.

      Delete
    9. "පුද්ගලික හමුවිම් තිබුනා,නැතා මතවාද වලින් එකිනෙකා හමුවිම සිදුවෙනවා.ගැටලුව වෙන්නේ පුද්ගලික හමුවිම් වල වෙන සමහර පුද්ගලික කතබහා හේතු කරගනිමින් තම මතවාදය නොඉවසන බ්ලොග්කරුවන්ට පහරදිමට ක්‍රියා කිරිම්"


      එකෙන්ම එකඟයි. අනෙකාව හඳුනාගැනීමේ කිසිම අවුලක් නෑ. ඒත් අගුපිල්වල කතා කරපුවා බ්ලොග් වල එක් එක්කෙනාට මඩ ගහන්න පාවිච්චි වෙන අවස්ථා බහුලයි නේ අන්තිම කාලේ.

      Delete
    10. සමහර වෙලාවට පුංචි විහිලුවෙක කෙරුවට ඒක මඩ ගැහිමක්ම වෙනවද

      Delete
    11. //පුද්ගලික කතබහා හේතු කරගනිමින් තම මතවාදය නොඉවසන බ්ලොග්කරුවන්ට පහරදිමට ක්‍රියා කිරිම //අගුපිල්වල කතා කරපුවා බ්ලොග් වල එක් එක්කෙනාට මඩ ගහන්න පාවිච්චි වෙන අවස්ථා// Those are personal attributes..right? very difficult to contain anywhere.. let alone blog sphere.. :/ btw I'm 100% against it. agree with both of you.

      Delete
  12. අනිත් දේවල් වගේම බ්ලොග් වල හැඩයත් තීරණය වෙන්නේ ලියනකෙනාගේ අරමුණ අනුව.

    මම කැමති නම් බ්ලොග් ලියවිලි වල ලියන කෙනාගේ වෘතීයමය ක්ෂේස්ත්‍රයේ දේවල් වැඩිපුර ඇතුලත් වෙන විදියට ලියවෙනවා නම්. මොකද ඒ දැනුම ලේසියෙන් වෙන විදියට බෙදෙන්නේ නැති නිසා.

    වෛද්‍යවරු බ්ලොග් ලිව්වට ප්‍රථමාධාර, පෝෂණය, පවුල් සැලසුම්, ලිංගාශ්‍රිත රෝග බෝ වීම වලක්වා ගැනීම, ගර්භනී අයට උපදෙස්, දන්ත සෞඛ්‍ය රැකගැනීම ඒ වගේම සාමාන්‍ය එදිනෙදා රෝග වලට භාවිත වන ඖෂධ ගැන වෛද්‍ය උපදෙස්, එකවිට ලබාගත නොයුතු ඖෂධ වගේ දේවල් ගැන සිංහලෙන් ලියවී ඇති සියලු ලියවිලි පරමාණය සතුටු දායක මදි. කලින් ගිමන්හල කියා බ්ලොග් එකක් තිබුණ ඒවා ගැන තරමක් හොදින් කතා කල. බ්ලොග් ජනප්‍රිය කිරීමට තිබෙන කතාව ඇතුලේ වුනත් සෞඛ්‍ය, වෛද්‍ය සහ පෝෂණය කියන අංශයට අවධානයක් යොමු වුනේ නෑ ප්‍රමාණවත්ව.

    කොලොම්බියා විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ http://goaskalice.columbia.edu/ කණ්ඩායම වගේ කණ්ඩායම් සිංහලෙන් ඇතිවෙනවා නම් වටිනාකම මෙතෙක් යයි කියා නිම කරන්න බැහැ.

    ෆේස්බුක් ගෘප් එකක් තිබෙනවා රා. සේ.පි. කියල. එකෙන් රාජ්‍ය අංශය ගැන උපදෙස් ගන්න පුළුවන්. එවැනි තොරතුරු සොයාගන්න පුළුවන් බ්ලොග් දන්නා තරමින් නෑ.

    sl2collage කියන විදේශ අධ්‍යාපනය උපදෙස් දුන්න කණ්ඩායමක්. එවැනි දේ ගැන සිංහල ලියවිලි ඉතාම අඩුයි.

    තවත් පුවත්පත් වල පලවෙන විදියේ පාසල් පාඩම් අතිරේක සහ ප්‍රශ්නපත්‍ර එහෙම ලියවෙන බ්ලොග් දැක නැහැ.

    ඒවගේම carrier guidance & job hunting වගේ දේවල් වලට උපදෙස් දෙන්න පුළුවන් අය බ්ලොග් වල හිටියට ඒ ගැන ලියවෙනවා දැක තිබෙන්නේ අඩුවෙන්.

    ගොසිප් වෙබ් වල ඕනේ තරම් තියෙන දේවල් ආයේ සැරයක් ලියවෙන එකේ විශාල වටිනාකමක් මතුවෙන්නේ නෑ. කාලය මිඩංගු කරලා ලියදේ තව කෙනෙකුට වැදගත් වෙනවා නම් හොදයි කියා හිතන්නේ.

    නවකතා, කවි, චිත්‍ර කාටූන් නිර්මාණ වුනත් බලන අපට හරිම වැදගත්.

    බ්ලොග් වැඩිවීමේදී සිදු විය යුත්තේ මිනිස්සුන්ට අවශ්‍ය වෙන තොරතුරු අඩංගු බ්ලොග් ඇතිවීම. බුරුතු පිටින් ඔහේ කියවන අය වෙනුවෙන් ඔහේ ලිවීම නම් පලක් ඇති බව විශ්වාසයක් නෑ. ෆේස් බුක් පිටු වුනත් එහෙමයි.

    බ්ලොග් කියන්න අන්තරජාලයේ ලියවෙන සිංහල ලියවිලි මිසක් වෙනත් විශේෂ ලියවිලි බව මම හිතන්නේ නැහැ. කියවන මිනිස්සුන්ට දැනගන්නට අවශ්‍ය වෙන තොරතුරු බ්ලොග් ලියවෙනවිට ඒවා කියවන්න මිනිස්සු පුරුදු වේවි.

    මම ලියපු ලිපි කීපය කියවලා තිබෙන්නේ බොහොම ටික දෙනෙක් වුනත්, සර්ච් වෙලා තිබෙන කී වර්ඩ් වලින් මට අනුමාන කරන්න පුළුවන් ශිෂ්‍යයෝ කියවලා තිබෙන බව.

    ReplyDelete
    Replies
    1. කෙන්කි මේ කියන ලියවෙලා තියෙන දේවල් මදි කියන එකට මමත් එකඟයි. අද බ්ලොග්ස්, හිට්ස් කවුන්ටරයටයි, කමෙන්ට් පොට්ටනියටයි ලොල්වෙලාද මන්දා. ඒක එහෙමනම් මේවා විහිළු. අපිට අපිටම හිනාවෙන්නා පුලුවන් නම්, ඊට පස්සේ අනිත් එවුන්ට ඔලොක්කුවට හිනාවෙන්නේ නැහැ.

      Delete
    2. ඇත්තටම ඔය කියන අදහසින් තමයි මාත් මුලදී බ්ලොග් එක පටන් ගත්තේ.. හැබැයි පස්සේ මටම කම්මැලි හිතුන රස්සාවට කරන දේ බ්ලොග් එකෙත් කරන්න.. ඊට පස්සේ මම බ්ලොග් එක මගේ විනෝදාංශය කර ගත්ත.. සමහර විට අර දේ කරානම් මට හිට්ස්, ලයික්ස් , ෆෑන්ස් ල වැඩි වෙන්නත් තිබ්බ.. හැබැයි මට ඕනේ වෙච්චි මානසික සුවය බ්ලොගින් වලින් නොලැබී ඒ වෙනුවට බ්ලොග් එක තව කරදරයක් වෙන්න තිබ්බ.. ඒ නිසා මම මගේ බ්ලොග් එක පාවෙන්න ඇරිය.. දැන් මට හිතෙන හිතෙන දේ ඒකෙ කරනවා.. කවුරුත්කියෙව්වත් නැතත් මට ඕනි නිදහස ලැබෙනවා..

      දැන් මම මොකක්ද තොර ගන්න ඕනි? මගේ හිතේ නිදහසද නැත්නම් කියවන අයට මගේ රස්සාවට සම්භන්ද දැනුම බෙදා දීමද?

      Delete
    3. කමියගෙ සේෆ්ටි පෝස්ට් වහ වැටිලා කියෙව්වෙ.එව්ව දිහටම තිබුන නම් අද ගස්ලබ්බ සේෆ්ටි ෆීල්ඩ් එකට මාරු වෙලා ඉන්න තිබුනා.එහෙනම් කතන්දර ගොඩක් වෙනස් වෙන්නත් තිබුනා. උඹ ආත්මාර්ථකාමී උනා....
      (කොහොමද එහෙම කිව්වම..??)
      කෙන් කියපු කතාව සහතික ඇත්ත. ඒවගේම කෙන්ගෙ පෝස්ට් කියවන අය අඩුයි කිව්වට එව්ව පත්තු වෙන්නෙ තව ඉස්සරහට.බොරු නම් බලන්න්කො එදාට.
      ඒ මොනව උනත් කොන්තනෝනගෙ හැට්ටෙ කොන්තනෝනට ඕනා හැටියට වීම ගැටළුවක් නෙමෙයි.

      Delete
    4. //දැන් මට හිතෙන හිතෙන දේ ඒකෙ කරනවා.. කවුරුත්කියෙව්වත් නැතත් මට ඕනි නිදහස ලැබෙනවා..

      දැන් මම මොකක්ද තොර ගන්න ඕනි? මගේ හිතේ නිදහසද නැත්නම් කියවන අයට මගේ රස්සාවට සම්භන්ද දැනුම බෙදා දීමද?//


      //අරූ අයිය අවංකව කියන දේට වගේම ඒ අදහස්/ මත දැරීමට අරූ අයියට තියෙන නිදහසටත් ගරු කරනවා.. මම විශ්වාස කරන විදියටනම් බ්ලොග් කියන්නේ mass media වල අනාගතය.. ඉතින් මිනිස්සුන්ව දැන්මම එතනට පෙළඹවීම නරක නෑ. මේ වැඩේට මම උදවු කරන්නේ ඒ පදනමෙන්. අනික මේකට ඇක්ටිව්ලි සහබාගි වීමෙන් මම දන්නවා වැඩි පිරිසක් තමන් ලියන දේ ඇගයීමට ලක් වෙනවට කැමතියි.//

      ඔය ලියපු කොටස් දෙක එකට ගැලපෙමින් යනවද ?

      ඒක දෝෂාරෝපණයක් නොවෙයි. ඒක මේ විදියට තේරුම් ගන්න උත්සාහ කරන්න මට පුළුවන්. කල්‍යාන මිත්‍රයාගේ බ්ලොග් පිටුව පාවෙන්න ඇරලා හිතේ නිදහසට ලියන ගමන්; කියවන අයට කියවන්න හොඳ දේවල් තියෙන වෙනත් බ්ලොග් ජනප්‍රිය කරවන්න උත්සාහ කරනවා කියල.

      ඔවු අපේ ගස් මිත්‍රයා අන්තිමට කියපු ඒක ඇත්ත. ඒ මොනව උනත් කොන්තනෝනගෙ හැට්ටෙ කොන්තනෝනට ඕනා හැටියට වීම ගැටළුවක් නෙමෙයි තමයි. බ්ලොග් ලියන්නේ ස්වේච්චාවෙන් නිසා අපිට ඒවා ගැන විවේචන කරන්න සදාචාරාත්මක අයිතියක් නෑ. ඒවගේම......

      මේක පර්සනලි ගන්න එපා. හිතේ නිදහස වෙනුවෙන් කාලය ගත කරමින් බ්ලොග් ලිවීම මහන්සියෙන් ප්‍රචලිත කරන්න ඕනේ ද ? කෙනෙක් හිතේ නිදහසට ඔහේ ලියනවා නම් ඒ දේවල් කාලය ගත කරමින් කියවීමට තවත් බොහෝ දෙනෙක් පෙළඹවීම වගේම එහෙම කියවන්නේ නැත්තේ ඇයි කියන ඒක සෙවීමත් නරකයි කියල මන් හිතන්නේ.

      ගස් මිත්‍රයා මුලින් කීව ඒක ගැන කියනවා නම්, වාසනාවත් උත්සාහයත් ඇසුරු කල අයත් නිසා අවුරුදු 30 වෙනකොටම මා එක්ක එකට හිටි අයට වැඩිය වෙනස් අත්දැකීම දැනුම ලබාගන්න අවස්තාව ලැබුනා. එවැනි අවස්ථා ලැබූ අය තව ඉන්නවා. නමුත් ටිකයි. ඒ නිසා ඒවා ලියනවා. කියවන ප්‍රමාණය හෝ කොමෙන්ට් අඩු වීම ලොකු ප්‍රශ්නයක් නෙවේ. කියවන අය ඒවගේ යමක් ගන්න බව පේනවා. කෙලින්ම නොවුනත් වෙනත් සමහර (බ්ලොග් දෙක තුනක් ඇතුළු) ලියවිලි කියවද්දී එය අනුමාන කරන්න පුළුවන්.

      කල්‍යාණ මිත්‍රගේ කොමන්ට් ඒක ඇතුලේ ම ඔහු මතුකරන කාරණාව ගැන බාගෙට උත්තරයක් තියෙනවා වගේ කියල මන් හිතන්නේ.

      ඔය හිතේ නිදහසට ඔබ ලියනවා කියන ඒවා අතරත් කියවා දැනගන්න වටිනා කරුණු තියෙනවා හැබැයි.

      Delete
    5. අපේ අරුණ සහෘද්දයා ගේ කතාවට බොහොම එකඟයි.

      ඒ වගේම කෙහෙල් කොටුව, බ්ලොග් ගඩොල් වගේ සුපිරි පරණ ඒවාට කරට කර අලුතෙන් ලියවෙන බ්ලොග් තියෙනවා.

      බ්ලොග් ලියන්න ආවේ අලුතෙන් වුනාට අවුරුදු 7-8ක් විතර පරණ පරම්පරාවෙන් ආපු පොඩි උරුමයක් තියෙන නිසා බ්ලොග් ගමන් කල දිශාව ගැන පොඩි අවබෝධයක් තියෙනවා.

      Delete
    6. @ ගස්.. ඔව් බං.. ආත්මාර්ථකාමී උනා තමයි.. ඔය සීරිස් එක කියවන්න මගේ ගෝලයෝ හෙන සෙට් එකක් රෙඩි වෙලා හිටිය.. සමහරු බ්ලොගින්ග් ගැන අහලවත් නෑ.. ප්‍රින්ට් අවුට් අරගෙන ෆොටෝ කොපි ගහල බෙදාගෙන කියෙව්වේ.. දැන් මට හිතෙනවා ඒක කන්ටිනියු කරානම් හොඳයි කියල.. කොහෙද කම්මැලිකම මහා මුදලි කමටත් වඩා ලොකු උනානේ..

      @ කෙන්.. යේස් බොස්. පිලිගන්නවා බැලූ බැල්මට නොගැලපීමක් තියෙනවා කියල.. ඒක ඇත්තටම මෙහෙමයි. මම මගේ බ්ලොග් එකට ආදරේ නැති උනාට බ්ලොගින් කියන කලාවට ආදරෙයි දැන්.. ඒක හරියට ක්‍රිකට් ගහල ඉදිරියට යන්න තරම් බැරි එකෙක් ක්‍රිකට් වලට තියෙන ආදරේට කමෙන්ටේටර් කෙනෙක් වෙනවා වගේ කියමුකෝ.. :)) මම උත්සහ කරන්නේ එක එක පුද්ගලයින්ගේ බ්ලොග් වලට එන හිට්ස් ප්‍රමාණය වැඩි කරන්න නෙවෙයි පොදුවේ බ්ලොග් වලට මිනිස්සුන්ගේ ආකර්ෂණය වැඩි කරන්න.. මම දන්නේ නෑ මම ඒක කරන විදිය/ ඒ ගැන කියන විදිය හරිද කියල. හරි ඒක අමතක කරමු.

      බ්ලොග් වලින් යමක් උකහා ගත හැකිනම් ඒ වෙනුවෙන් දෙන අවධානය වැඩිවෙයි කියන ඔබේ තර්කය මම පිලිගන්නවා. ඒ වගේම ඉදිරියේදී මගේ විෂය ක්ෂේත්‍රය ගැනත් හැකි විදියට ලියන්න බලා පොරොත්තු වෙනවා.

      ස්තුතියි!

      Delete
  13. 1. බ්ලොග් කියන්නේ පුද්ගලික ප්‍රකාශන මාධ්‍යයක්.

    2. රස විවිධයි. රස විඳීම විවිධ යි.

    එම නිසා

    3. මට නම් ඔය ප්‍රශ්න නැති බව සතුටින් දන්වමි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ඇති කිරීමෙන් මම බ්ලොග් ලිවීමේ සතුට ලබමි.. :)

      ප්‍රශ්න අසන්නට වන්නේ ඔබට නැති නමුත් එවැනි ප්‍රශ්න ඇති උන් නිසායි.

      Delete
    2. මේ වගේ සම-හරක් හිතන් ඉන්නේ ලෝකය කැරකෙන්නේ තමන් වටේ කියලා!

      Delete
  14. ඇයි බං සඳරු ගේ හිස් අහස!! ඒක තමා මං දැකපු බොක්කෙම බ්ලොග් ඒක බං!

    ReplyDelete
    Replies
    1. දැන් කෝ ඒ සඳරු.. පහුගිය අවුරුද්දේ ලියපු එකක් දෙකක් ඇර පරණ සඳරු හිටියේ නෑ. ආන්නේකයි මම දැන් ඉන්න එවුන්ගෙන් 'සඳරු' ව හොයන්නේ නැත්තේ. යාන්හැල්ල කියවල, අම්බලන්ගොඩ කතා කියවල, 18 සන්නිය කියවල ඒ ආතල් එකම ගන්නවා. සඳරුවම පතාගෙන හිටියනම් මටත් බ්ලොග් එපා වෙලා..

      Delete
    2. කතාව ඇත්ත. සඳරු නියමෙට ලියනවා.ඒත් දැන් කොල්ලට වෙන වෙන වැඩ බහුලයි වගේ...

      Delete
    3. හයෙන් පස්සේ වගේ තමයි අල්ල ගන්නවානම් ඉතින්.. ඒත් බ්ලොග් ලියන්න නෙවෙයි ;)

      Delete
    4. හිස අහස අපහු ලියවෙනවා නේද?

      Delete
  15. මේ මිත්තරයා
    පැරා ගේ w3lanka, මාතලන්, අටම්පහුර, කොළඹ ගමයා, සාරස, රසිකලොජි වගේ ඒවා හිතා මතාම හලමුකෝ.. හුම් !! හුම් !! හුම් !! හුම් !!...

    ඒ කියන්නේ මේ සැට් එක මෙවර ලෝටස් අජියගේ සම්මාන බිජ්ජට නෑ .....

    මේ වගේ versatile බ්ලොග් අඩවි කීපයක්.. තමයි මේපාර ලෝටස් අජියගේ සම්මාන බිජ්ජට ඉන්නේ ....

    ඇත්තටම නෙවි එකට බැඳෙන්න කලින් මුහුද දැකලා තිබුනේම නැහැ නේද ? පීනන්න අමුඩේ කලින්ම ගහගත්තට



    ReplyDelete
    Replies
    1. මාතලන්, කොළඹ ගමයා හා අටම්පහුරට සම්මාන බිජ්ජවල් ලැබෙන්නේ නෑ. ඒක අපේ තීරණයක්. සා රස ගැන තවම තීරණයක් නෑ. ඒක අපි ඉදිරියේදී තව කතා කරලා තීන්දු කරනවා බොහෝ විට සාරස ටත් කතා කරලා.. අනිත් අය ගැන ඔබ තුමා කලබල වෙන්න එපා ගරු ඇනලයිස් ඇනෝ තුමෝ. ඉදිරියේදී අපි සම්මාන සඳහා නිර්දේශ ලැයිස්තුව දැම්මම ඒ ගැන කතා කරන්නකෝ..
      සමහරවිට අමුඩ ගහගෙන වැව් වලත් පීනනවා. මුහුද නම් දැකල තිබ්බේ නෑ තමයි. :)

      Delete
    2. // සා රස ගැන තවම තීරණයක් නෑ. ඒක අපි ඉදිරියේදී තව කතා කරලා තීන්දු කරනවා බොහෝ විට සාරස ටත් කතා කරලා.. //

      ගරු කතානායක තුමනි... මට ඔහෙලාගේ සම්මාන එපා ය හිටන්. අපි ඔය පැත්ත පලාතේ එන්නේත් නැත හිටන්. මේ ලියමන අත් අකුරෙන් ලියා ඔහේ ගෙදර යන්න කලින් ලැබෙන්න සලස්සන්නම් හිටන්.

      ආමෙන් කියන්නත් ඕනෙද?

      Delete
    3. අන්න.. අපේ වැඩේ ලේසි කරා.. :) ආමෙන් හිටං..

      Delete
  16. සමහරු කාලීන ප්‍රශ්න ගැන ලියන්වා කියලා තමන්ගේ මතයම අනුන්ට පොවන්න හදනවා වගේ පෙනෙනවා බ්ලොග් වල ලඟක ඉඳලා. විශේශයෙන් දේශපාලනය ගාවගෙන ලියන අය අතර. අපි ලියන්නේ ආත්මකතන වර්ගයේ දේවල් නිසා "මන් පොර ජාතකයක් " කියලා හිතන අයත් ඇති. ඒත් අර කවුරු හරි කලින් කිව්වා වගේ බ්ලොග් ලියන කෙනා ලියන්නේ තමන්ට ලියන්න ඕනෑ දේවල් නේ. සමහර පොස්ට් කියවන්නට අශා හිතෙන ඒවා වුනත් හැම පොස්ට් එකම එහෙම නොවෙන පුලුවනි.

    ReplyDelete
    Replies
    1. වක්‍රාකාරයෙන් මගේ කියමන සනාථ වෙනවා.. හැම එකක්ම නොවුනට අද ලියවෙන බ්ලොග් වලත් ගොඩක් හොඳ වැදගත් කියවන්න දේ තියෙනවා කියල. :)

      Delete
  17. /* Facebook හි නිතර සැරිසරන, Gossip කියවන ගොඩක් දෙනා Blog කියවනව තියා එහෙම ලියවිලි තියෙන බවක්වත් දන්නෙ නෑ...හරිද ? */

    හෙන්රි ගේ කතාව ගැන මට කිව හැක්කේ- ඕනෑම කෙනෙකු ඕනෑම දෙයක් යම් මොහොතක් වෙන තුරු දන්නේ නෑ. ඒ මොහොතෙන් පසු දන්නවා.

    උදාහරණයක් ලෙස පෙරේදා වෙනතුරු මුලු ලෝකයේ කිසිවෙකු ආලෝක වර්ෂ හතලිහක් දුරින් පොළොව මෙන් ග්‍රහලෝක තියෙන බවක් දැන සිටියේ නෑ.

    අද මිලියන් ගනනක් පිරිස එය දන්නවා.

    හෙට බිලියනක් පිරිස ඒ බව දැන ගනීවි.

    ReplyDelete
    Replies
    1. ඒක අමුලික බොරුවක් නේද? සුජීව කොකාවල ගේ The Null Device එකේ කතාව ලියල තිබ්බ..

      Delete
    2. කල්‍යාණ මිත්‍ර . ඒක බොරුවක් කියල කියන්නේ ජ=කොහොමද? සුජීව කොකවල පර්යේෂණ පත්‍රිකාවේ ගණනය කිරීම් වරදයි කියල ඔප්පු කරලද ඒක කියන්නේ?

      Delete
    3. මම මේ ලිපියේ ලිව්වා කොහොමද වෙන සෞරග්‍රහ මණ්ඩලව වල තියෙන ග්‍රහලෝක හොයන්නේ කියල. ඉතා කෙටියෙන්. ඕන කෙනෙකුට පොඩ්ඩක් හෙව්වනම් ඒවායේ ගණිතමය පසුබිම හොයා ගත්ත හැකි. මම සමීකරණ ලිව්වේ නැත්තේ වැඩක් නැති නිසා ඒවා ලියල.
      ග්‍රහ ලෝක හතක නව සෞරග්‍රහ මණ්ඩලයක් - ග්‍රහ ලෝක තුනක ජලය ?

      Delete
  18. ////අද තියෙන බ්ලොග් වැඩක් නෑ.. ඉස්සර තමයි නියම බ්ලොග් තිබ්බේ.. ඒ කාලේ හොඳට ලියපු උනුත් දැන් ලියන්නේ පල හෑලි.. ටැබූ ල බියොන්ඩ් ෆ්‍රේම් ල එක්ක ගත්තම දැන් උන් මොනවද ලියන්නේ? "/////////////

    මේ වගේ කතාවලින් මුලින්ම ඇදවැටෙන්නේ තමන්ට කැමති දෙයක් ලියන නවක බ්ලොග්කරුවා. ආපු ගමන් වට්ටනවා. එදා ලියපු අය ලිව්වා. ඒ අයගෙන බොහොමයක් අද නැවතිලා. ඔවුන් එදා ඔවුන්ට සිතුනු දේ බ්ලොග්ගත කරා. අද ලියන එවුන් මේ විදිහට හරි ලියාගෙන යනවා. අපි අගය කරන්න සහ වැරදි නිවැරදි කරවන්න සහ කරගන්න දැනගන්න ඕන. අතීතයේ වැරද්දම නැවත කරනවානම්, අපි වැරැද්ද හඳුන ගෙන නැහැ. මේ මගේ අදහසක් පමනයි. මම පොරක් නොවුනට, 2009 වගේ ඉඳන් මේක අතපත ගෑවා. වීරයෝ නැහැ මචංස්ලා. ඉන්නේ සහ හිටියේ දක්ශයෝ. සංසන්දනය මාර ලෙඩක් :D

    ReplyDelete
    Replies
    1. ++++
      හරියට හරි අරුයියා,ඒ විදියට ඉස්සර හිටපු උන් හොඳට ලිව්වා දැන් ඉන්න උන් ලියන්නේ මොනවාද කියලා ප්‍රශ්න කරන එක හරියට අවුරුදු 2500 ඉතිහාසේ ගැනම කයිවාරු ගගහා ඉන්නවා වගේ වැඩක්.අපි දන්නේ ඉතිහාසය ගැන කයිවාරු ගගහා ඒ විභූතිය වර්තමානය ගැන සංසන්දය කරලා විස්සෝප වේවි ඉන්න විතරයි.අලුතෙන් හිතිමක් හෝ අලුතෙන් දෙයක් දකින්න කැමති නැහැ.

      Delete
    2. ඒ වුනාට 'අපි පරණයි' කියල හිතන් ඉන්න ගොඩක් උන් දැන් ලියන උන් දිහා බලන්නේ ඔය ආත්තම්මල අද ඉන්න දහඅටේ විස්සේ කොල්ලෝ කෙල්ලෝ දිහා බලන විදියට තමයි. බ්ලොග් ලියුවට සමහරු හෙන පසුගාමී ඩයල්..

      Delete
    3. @අරූ ගේ අදහසට සම්පුර්ණයෙන්ම එකඟයි.

      Delete
  19. මමත් නිතරම බ්ලොග් කියවන වැදගත් ඇනෝවෙක්.
    FB එකට මමත් එච්චරම කැමැත්තක් නෑ.
    බ්ලොගර්ස්ලගෙ මෑනිවරු පවා සිහිකරමින් වැඩ පාලු කරගෙන කියවනවා.
    මොනව කොරන්නද කරුමෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ උඹ බ්ලොග් කියවන්නේ පිස්සෙක්, පිස්සෙක් වගේද.... මාත් එහෙමයි. ගෙදරින් හෙන බර බරේ.

      මොනව කොරන්නද කරුමෙ.

      Delete
    2. අපේ අම්මල නිතරම පීනස වගේ කිඹිහුම් යවන්නේ මේ වැදගත් ඇනෝවා නිසා තමයි එහෙනම්. :) උඹල වගේ ඇනෝ ල බ්ලොග් වලට වාසනාවන්..

      අරූ අයියට කියන්න.. ගෙදර උන්දා ඉන්න වෙලාවක මම නිකමටවත් මේකට ලොග් වෙන්නෙවත් නෑ.. වසල හමාරයි.. හැක්.

      Delete
  20. උන් කියන කතාවෙත් අත්තක් තියෙනව බං. මගෙ එකත් ඇතුලුව දැන් ලියන ඒව මෙලෝ රහක් නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. සොරි, ඇත්තක්

      Delete
    2. ඒක සොරි හිතෙන ඇත්තක්.. ඔය මන් කියපු ලිස්ට් එකේ බ්ලොග් ටික දිහා බලල වගකීමෙන්ද ඔය කියන්නේ?

      Delete
    3. හැලපය එන්න එපා ඕවට. මොකද යකෝ උඹේ බ්ලොගේ වැරැද්ද? අපට රහ නම් උඹට මොකද්ද තියෙන ප්‍රශ්නේ. ලියහන් විකාර නැතුව.

      Delete
  21. අම්මට සිරි මගේ බ්ලොග් එකත් තියනවා.ඒකට ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා.
    එහෙනම් මගේ අදහසුත් ප්‍රකාශ කරන්නම්.
    2008-2010 කාලයේ දී තමා සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගය වගේ එකක් තිබ්බේ. ගොඩක් අය ලීවේ නිර්නාමිකව හෝ ආරූඪ නම් වලින්. මට මතකයි 2009 දි ද කොහෙද තිබ්බ බ්ලොග් හමුවෙදි පැමිණිම සඳහන් කරන ලිස්ටෙකේ තිබ්බෙත් ඒ නම්.
    අර කීවත් වගේ මිනිස්සු විවිධයි. එයාලගෙ ලියමනුත් විවිධයි. සහන් කෂිර ට කම්ෆෝට් සෝන් එක ෆේස් බුකිය වගේ. මම කැමැති බ්ලොග් පොස්ට් එකක ලියන්න.බ්ලොගර් එකට ගිහින් නිව් පෝස්ට් පිටුව පෙරලුවාම හිතට එන ඕනිම දෙයක් ලියන්න පුලුවන්. එහෙම ලියල ඩ්‍රාෆ්ට් එකේ තියන දේවලුත් ඇති.

    මම ලිටපු පරණ පෝස්ට් කියවද්දි මටම වෙලාවකට ලැජ්ජයි. දැනුයි කියලත් විශේෂ හොදක් නම් නැහැ. ඉස්සර නම් අපි එකිනෙකාගේ පිට කසා ගත්තා දැනුවත්ව හෝ නොදැනුවත්ව. අපට කමෙන්ට් කරා නම් අපිත් ගිහින් කමෙන්ට් කරන ගතියක් ඉස්සර තිබ්බා. දැන් නම් බ්ලොග් පෝස්ට් වල කමෙන්ටු වලට රිප්ලයි දාන්නෙත් එහෙමත් කෙනෙක්. ඒත් තමන් නොකැමැති කියල ඒ දේවල් හෙලා දකිනෙකෙ නම් ඇත්තටම කීවොත් වැරදි .....

    ReplyDelete
    Replies
    1. ඊයේ මේකට දිග උත්තරයක් ටයිප් කරලා පබ්ලිෂ් කරද්දී ෆෝන් එකේ වයි ෆයි ඕෆ් වෙලා කෙලවෙලා ගියා කියහන්කෝ.. :/

      ඔය ස්වර්ණමය යුගය හරියට 70 දශකයේ සිංහල සිනමාව වගේ තමයි. කර්මාන්තයක් විදියට කලඑළි බහිනකොට එතන අමුතු ආකර්ෂණයක් ඇති වෙනවා.. කාලයක් යනකොට සාපේක්ෂව බලන්න ගත්තම අර ආකර්ෂණය අඩු වීම නිසා පොඩි ලල් එකක් තමයි දැනෙන්නේ.. දැන් බලන්න.. එදා සිනමාවට සාපේක්ෂව අදත් ඉතා හොඳ ජාත්‍යන්තර අවධානයට පත් වුනු සිනමා නිර්මාණ නැද්ද?
      //ඉස්සර නම් අපි එකිනෙකාගේ පිට කසා ගත්තා දැනුවත්ව හෝ නොදැනුවත්ව.// රයිට්.. මෙතන තමයි ගැටළුව. බලන්න බූරු (රංගි) උඩින් කියන එක.. එදා පිට කසා ගැනීම් නැතිලු. මේවා සියල්ල සාපේක්ෂයි නේද ගුරුතුමී? මගේ අදහස නම් බ්ලොග් කොමෙන්ට් අතරේ මතවාද සාකච්චාවට ගැනීම් වගේම පිට කසා ගැනීම් එදත් තිබුන අදත් තියෙනවා.. මහා ලොකු බක්කක් වෙලා නෑ.. ඒක නිසා අලකලංචියක් කර ගන්න ඕනි නෑ. එහෙම නේද?
      ස්තුතියි දිග කමෙන්ට් එකට?

      Delete
  22. Versatile කියන වචනෙට නියම සිංහල වචනේ නම් "සර්වතෝභද්‍ර" ය. හදිසියට "සමන්තභද්‍ර" කියා ද පාවිච්චි කොල හැකිය හිටන්!

    ReplyDelete
    Replies
    1. අපි ඔන්නොහෙ සමන්තබද්‍ර කියලම කියමු. ඒක මතක තියා ගන්නත් ලේසියි.. :)

      හැබැට කොහෙන්ද සරසතුමා සිංහල ඉගෙන ගන්නේ? :))

      Delete
  23. ඉස්සර අපි ලව් කරන කාලෙ... බැඳපු අළුත කොච්චර ලස්සන ජීවිතයක්ද? හරිම නැවුම්.. හනේ දැන් ඒ කාලෙ වගේ නෙමෙයි නෙ...

    අපේ පලවෙනි කාර් එක පරණ එකක් උනාට ඒක පදිනකොට හරි නැවුම් සනීප හැඟීමක් දැනුනා.. කාර් එක පරණ උනාට ගත්තෙ අළුතෙන් නෙ.ඒත් ඒ හැඟීම මේ අළුත්ම කාර් එක පදින කොට දැනෙන්නෑ අප්පා...

    ඒ බං.. අහවලාද කතා කලේ? ඌ මෙහෙම මෙහෙම දේවල් නේද කිව්වෙ? ආ... ඒකනෙ.දැන් කොච්චර කාලයක්ද අපි එකට.. කියන්න කට අරිනකොට දන්නවා මොනවද කියන්නෙ කියලා.දැන් මේ බාර් එකේ බිව්වට ආතල් නෑ බං.යමන් බීච් පාටි වලට..

    අනේ මන්දා.. ලියන එකෙන් ආතල් එකක් දැනෙනකන් ලියනවා.සෙට් වෙන අය කියවයි.හිත හොඳ උන් වැරදි පෙන්නයි.සඟරා.. පත්තර කරනකොට තියන වගකීම බ්ලොග් ඇතුලෙ නැති නිසා ඒ නිදහසේ පිණුමක් ගහල හූවක් කියන එක වරදක් ද හා? බුකිය ක්ශණිකයි,වේගවත්.. බ්ලොග් වල වේගෙ ඊට අඩුයි. ඉතින් මොටෝ? එකකට පුරුදු උන අය අනික දිහා සැකෙන් බලන්නෙ තමුන්ට මේ ගොඩනඟාගත්ත රැස් මාලාව අනිකෙනුත් ලැබෙයිද කියලා.අහවල් රැස් කියල දෙකේම ඉන්න උනුත් ඉන්නවා.ඉතින් මොටෝ..?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ///මේ ගොඩනඟාගත්ත රැස් මාලාව ///////
      ලබ්බෝ....රැස් මාලා නම් දන්නේ නැහැ. හැබැයි ඇස් මාලා කියලා ලමයි ජීවත් කරන්න ඇඟ විකුනපු තරුන ගෑනියෙක්නම් බම්බලපිටියේ හිටියා ඒ දවස්වල. ඇස් මාලා කිව්වේ , එක ඇහැක පොඩි ආබාධයක් තිබුන නිසා. රැස් මාලා මොකටද කියලා හිතෙනවා, ඒ ජීවිත ගැන හිතුවාම.

      Delete
    2. ඇයි ඇස් මාලගෙ යාළුවා ගයිල් මාලා හම්බුනේ නැද්ද? එයාට කොල්ලෙක් කිව්වලුනෙ අර ප්‍රසිද්ධ වාක්‍යෙ.. මාලා.. මම ආවෙ ඔබව පතාලා.. සිහින මාලිගා තනාලා.. ගෙනියන්න ආසයි ඔතාලා.. කියලා.
      අහවල් දේ අප්පා..

      Delete
    3. අඩෝ ලබ්බෝ...ගයිල් මාලා වගේම ජයිල් මාලාත් ඉන්නවා. පැති දෙකක් :D

      Delete
    4. අරූ, උඹ දන්න ලබ්බ.
      ජයිල් මාලා ම තමයි පස්සේ ගයිල් මාලා උනේ .
      එයා තමයි අර 'බාලගේ' කොටුව.
      මතකනේ කොටු පනින්ඩ ගොහින් බාලට උනදේ.

      Delete
    5. @ ලබ්ස්.. එකෙන්ම.. අපේ සමහරු තාම බලන්නේ විජය, ගාමිණී , මාලිනි කොලු කෙලි කාලේ රඟපාපු ෆිල්ම්.. අහන්නේ මිල්ටන්, ජෝතිපාල.. ඔව්. ඒවා හොඳයි.. ඒ කියල ඊට අවුරුදු හතළිහකට පස්සේ හැදෙන ෆිල්ම් සිංදු ගන්ඩම දෙයක් නැද්ද?
      දැන් අපිට බ්ලොග් වල විජය මාලිනි ල, මිල්ටන් ජෝති ල හලලා ජගත් චමිලලට, භාතිය සන්තුෂ් ලට සෙට් වෙන්න කාලේ හරි.. :)

      හැට්ටර් සහ අරූ එක්ක බාල මොකද මේ පැත්තේ? :))

      Delete
    6. හැට්ටර් ++++++++++++++++++++

      Delete
  24. මම බ්ලොග් කියවන්නේ පිස්සෙක්, පිස්සෙක් වගේ ගෙදරිනුත් බැනුම් අහගෙන ....
    තව හොද බ්ලොග් තියනවා
    මගේ ඩෙනිම ඇවිද්ද පය

    ReplyDelete
    Replies
    1. ඇවිද්ද පය අමතක උනා.. සුදික යා ගේ ඉට්ටයිල් එක මරු. ඩුඩ් සැහෙන දවසකින් ලියුවේ නෑ. නැත්නම් ඒකත් පට්ට.

      Delete
  25. මං කියවන බ්‍ලොග් බර ගානක් තියෙනවා. මං හිතන්නෙ සතියකට විස්සකට වඩා කියවනව. හුඟක්ම කියවන්නෙ පෝන් එකෙන්. නමුත් කොමෙන්ට් ලියන්න අමාරු නිසා නිසොල්මනේ කියවල එනව නැත්තම් පොඩි වාක්‍යක් දෙකක් ලියල එනව. හුඟක් අයට බ්ලොග් හරියන්නෙ නැතුව ඇති. ඒ වුනාට ලියන්නෙක් හැටියට මට නං බ්ලොග්වලින් සෑ‍ෙහන දෙයක් ලැබුනා. පළවෙනියටම කියන්න ඕනි හොඳ යාළුවො ටිකක් ලැබුනා. යම්කිසි ප්‍රසිද්ධියක් ලැබුනා. කොමෙන්ට් එකක් නොදුන්නට කෝල් එකක් දීලා තමුන්ගෙ කොමෙන්ට් එක කියන මිනිස්සු කීප දෙනෙක් හම්බවුනා. එයිටත් වඩා ලෝකෙ මුල්ලක හිටිය මට මං ගැන වටිනාකමක් ලැබුනා. ඒ ගැන බ්ලොග් වලට මම පිං දෙනවා. හැබැයි ඉතිං කියවන පිරිසයි ඒ ගැන ප්‍රචාරය කරන සින්ඩිකේටර් ටිකයි ෆේස්බුකියයි නොතිබුනානං මගේ ලියවිලිත් එකක් දහදෙනෙක්වත් කියවන එකක් නෑ. මොකද ෆේස්බුක් එකට ඉන්න තරම් පාඨක පිරිසක් බ්ලොග්වලට නෑ. ෆේස්බුක් එකේ ඉන්න සමාජයේ එක ස්ථරයක් බ්ලොග් වල නෑ. ඒකයි බ්ලොග් කියවන අය අඩු.

    බුකියේ ලියන දේවල් වැඩිවෙලා තියෙන්නෙ නෑ. එතැන ගන්න තව තව ඒවා වැටෙනවා. සමහර දේවල් ජීවිත කාලෙටම හොයාගන්න බැරි විදිහට හැංගිලා යනව. නමුත් මොකක් හරි දෙයක් වේගයෙන් මිනිස්සු අතරට ගෙනියන්න බුකිය හරි වැදගත්. බ්ලොග්වල ඒ වේගය අඩුයි. ඒ නිසා බ්ලොග්වල පැතිරීම වැඩි කරගන්න බුකියට ලින්ක් ඈඳලා පුලුවන්.

    බ්ලොග් හෝ බුකිය හෝ වෙනයමක් වුනත් කමක් නෑ. විය යුත්තේ වැඩකට ඇති අදහස් ඔලුවලට කාවද්දන එකයි. මිනිස්සුන්ගෙ ඔලුවල තියෙන බර හෑල්ලු කරන එකයි.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකටත් වැඩිම පිවිසුම එන්නේ මුහුණු පොත හරහා. ප්‍රතිශතය 50% ඉක්මවනවා. බ්ලොග් සින්ඩිකේටර් වලිනුත් කට්ටිය එනවා 10% විට්කර්. මගේ බ්ලොග් එකෙන් 50% විටරම කියවන්නෝ ඉන්නෙ ලන්කාවෙ ඒ අතරිනුත් මගේ පාසැල් සහ විශ්ව විද්යාල හිත්වතුන් තමයි බහුතරය. මුහුනු පොත නැතිනම් අපේ බ්ලොග් කියවන්නොත් අඩුම වෙයි

      Delete
    2. මොබයිල් ෆේස් බුක් ඇප් එක නිසා තමයි දැන් ගොඩක් දෙනෙක් බ්ලොග් වලට එන්නේ.. සමහර විට ලින්ක් එක ක්ලික් කරාට අර උඩින් එක් කෙනෙක් කියුව වගේ කියවන්නේ නැතුවැති. මගේ ඉශු එක තියෙන්නේ 'ඉස්සර තමයි බ්ලොග් තිබ්බේ.. දැන් වැඩක් නෑ කියන කොටසත් එක්ක විතරයි. ඒකත් කියවල එහෙම කියනවනම් කමක් නෑ. බ්ලොග් නොකියව තමයි හොඳ නෑ කියන්නේ..

      Delete
  26. අනේ මංදා කලණ. මට නම් එච්චර ලොකූ අත්දැකීම් නැති උනත් මම විශ්වාස කරන විදියට අදටත් ලොකු වටිනාකම් තියෙන හොඳ බ්ලොග් ඕනි තරම් තියෙනවා. සමහරක් බ්ලොග් හැංගිලා තියෙන්නෙ. එකක් දෙකක් දිහා බලල හැමෝටම චෝදනා කරන එක වැරදියි, කෙනෙක් කියන හින්ද තමනුත් එහෙම හිතන්න හොඳ නෑ. කෙනෙක් අකමැති නම් එයාට පුළුවන් නොකියවා ඉන්න. එයා අකමැතියි කියල අනෙක් අයටත් කියවන්න එපා කියන්න බෑ. මැණිකක් උනත් ලස්සන ඔප මට්ටම් කරාට පස්සෙයි.

    ReplyDelete
    Replies
    1. //එකක් දෙකක් දිහා බලල හැමෝටම චෝදනා කරන එක වැරදියි// බොහොම සරළයි..

      Delete
  27. හැට්ටර් නම් බොහෝවිට පොස්ට් එකකට සිරියෙස්ලී කොමෙන්ට් කරන්නේ නැත. සයිඩ් එකෙන් ගෑවිලා යන විදියට පොඩි ෆන් එකක් ගන්නවා පමණයි.
    අදනං ටිකක් අදාලව ලියන්ඩ හිතුන.

    ඔන්න හැට්ටර්ගේ ටැට්ටරේ ගැහුවා රිවස් එකට. යමුකෝ පොස්ට් එකට නැවතත්.
    //ලියන එකා මොකාද කියල කිසිතැනක හරි සදහනක් නෑ
    බොහොමයක් බ්ලොග් කාරයො බූතයෝ වගේ මූණ දෙන්න බයයි සමාජෙට
    තවත් අයගෙ බ්ලොග්වල නම් හොදයි ත්‍රීවිල් වල ගහන්න.. කිසි එකෙක්ට මතක හිටින්නෑ..
    ලියන එකා කවුද කින්ද මන්ද කියල සදහනක් නෑ...
    එහෙම ඒවා කියවන්න මට නං අප්‍රියයි//

    අම්මප!
    මේකට කියන්ඩ තියෙන්නේ අර පැරාගේ W3 එකට එන 'අක්ෂය පාඨකයා' වගේ කෝ මේක ඔප්පු කරන්ඩ අනුභූතික සාක්ෂි ? කියලයි.

    මනෝරම සෑර්ට, අරුණ යසමාන සෑර්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්ඩ උපරිම නිදහස තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ අදහසට හැට්ටර් ගරු කරනවා. නමුත් එකඟ වෙන්නේ නම් නැත. ඇයි ?

    මනෝරම සෑර් එතකොට දන්නේමනෑ... සමහර ලේඛකයෝ - කලාත්මක, ශාස්ත්‍රීය හා නොයෙක් විධියේ ලේඛකයෝ, අන්වර්ථ නාම වලින් පොත් ලියු බව.
    අපි ඒවා කියවනවා, රසවිඳිනවා, සමහරවිට බනිනවා. කාටද? අර අන්වර්ථ නම තියෙන ලේඛකයාට. කවුරුවත් ගේම ඉල්ලලා තියෙනවද ජෝජ් ඕර්වෙල් පොටෝ එකයි, අයිඩෙන්ටි නම්බරෙයි, අරකයි මේකයි බිහාර් ප්‍රාන්තේ ග්‍රාමසේවක තුමෙක්ගෙන් සහතික කරලා එකේ ඔරිජිනල් එක එක්ක පොත අච්චු ගහන්ඩ ඕනේ කියල? යන්ඩ මනෝරම සෑර් යන්ඩ. මේ බ්ලොග් 'අවකාශය'ත් එහෙම තමයි. මගේ ප්‍රොෆයිල් එකේ හදනකොට මම උප්පැන්න සහතිකෙයි, පොටෝ එකකුයි දෙන්ඩ ඕනේ නැහැ නේ. අඩුම ගානේ මගේ IP එකවත්. ඊයේ රුමේනියාවේ, පෙරෙයිදා වොෂින්ටන්, දැන් ටොරොන්ටෝ. මේ හැට්ටර්, විට්ටර්ගේ මල්ලිද නැත්තන් සින්ටර් බාස්ගේ පුතාද කියල කාටවත් ඕනේ නැහැ නේද? සමාජෙට වැරැද්දක් කරලා නැති එකා කිසි ලෙසක බය වෙන්ඩ ඕනෙත් නෑ. සමාජෙට බය උන් තමයි අර උසාවියට ගේනකොට රෙදි වලින් ඔලුව වහගෙන 'පිටසක්වල ජීවින්' වගේ එන්නේ.

    අරුණ යසමාන සෑර්ට කියන්ඩ තියෙන්නෙත් ඔය සිංදුවම තමයි. ලංකාවේ අච්චු ගහන පොත් සේරම නොමිලේ දුන්නොත් අපි ඒවා සේරම බලනවද? අපි තෝරලා බේරලා බලන්නේ අපිට ඕනේ ඒවා විතරයි. රේඩියෝ එකේ සින්දු යනකොට අපි අහන්නේ අපිට ඕනේ ඒවා විතරයි, ටී වී එකෙත් එසෙමයි. මොනවා හරි කන්ඩ ගියාමත් එසේමයි. වඩේ කාල ප්ලේන්ටි ඕනෙනම් එහෙමයි නිහොන්බාෂි එකෙන් නම් එහෙමයි. ඉත්න් මොකක්ද මේ බ්ලොග් වලට විතරක් වෙනස්..
    ඔයා අකමැති නම් ඒක වෙන වැඩක්. සෑර්ල නිකන් බොරු හේතු දෙන්ඩ යන්ඩ එපා.

    නොකී කතා කොමෙන්ට් කරනවා 'Blog කියන්නෙ නොතේරෙන ඉසව්වක් කියල සහන් කසීර වගේ කෙනෙක් කියද්දි තවත් කවර කතාද..?'
    එතකොට සහන් කසීර තමයි බලධරයා (competent authority ?). හ්ම්ම්!
    හැන්රි ඉපදෙනකොටම ඉංජිනියරින් දැනගෙන ඉපදුනේ නැහැනේ? ඉගෙනගන්ඩ බය උනෙත් නැහැනේ? ටික ටික ශිල්පෙ ඉගෙන ගත්ත. නැද්ද මන් කියන්නේ.

    බයවෙන්ඩ එපා. බ්ලොග් ලියන්ඩ, කියවන්ඩ. කොමෙන්ට් කරන්ඩ. අකමැතිනම් කැමති දෙයක් කරගන්ඩ. ඒක ඔබේ නිදහස, අයිතිය. හැබැයි අවභාවිතා කරන්ඩ නම් එපා. ඒවා වැරදි වැඩ.

    රෑට කළුවරයි කියල බයේ ගෙදරට වෙලා ඉන්න එපා . හයියෙන් කුනුහබ්බයක් හරි කියා කියා යන්ඩ 'යකා' බයවද්දගෙන.

    ReplyDelete
    Replies
    1. "සමහර ලේඛකයෝ - කලාත්මක, ශාස්ත්‍රීය හා නොයෙක් විධියේ ලේඛකයෝ, අන්වර්ථ නාම වලින් පොත් ලියු බව."

      ලෝකප්‍රසිද්ද "මාර්ක් ට්වේන්" ගේ ඇත්ත නම දන්න කීදෙනෙක් මෙතන ඇත්ද? මමත් දන්නෑ...

      Delete
    2. හැට්ටර් ගේ මේ දීර්ග කොමෙන්ට් එකට මගේ හදපිරි මෙව්වා එක.. මට කියන්න ඕනි වෙච්චි ටිකම හැට්ටර් වඩාත් සරලව පැහැදිලිව කියල..

      හැබෑට මාර්ක් ට්වේන් ගේ ඇත්ත නම මොකක්ද? කවුරු හරි දන්නා එකෙක් දායිද බලමු. :)

      Delete
    3. Samuel Langhorne Clemens

      විකිපිඩියාවෙන්... ( https://en.wikipedia.org/wiki/Mark_Twain )

      Delete
    4. විට්ටර් ගේ මලේ හැට්ටර් - මෙන්න තොප්පිය ගලවා හිස නමා ආචාර කරනවා කොමෙන්ටුවට.

      Delete
    5. හැට්ටර්ට ඕං මගෙත් සැලියුට් එක

      Delete
  28. මම සමාජ අසාධාරනයන්ට විරුද්දවත් ලියනවා ඒ වගේම මගේ අතීත අත්දැකීම් සංචාර ගැනත් ලියනවා. මනෝ විද්‍යා විශ්ලේශනත් ස්මහර විට ලියනවා

    ReplyDelete
    Replies
    1. Versatile බ්ලොග් එකක් විදියට හැඳින්වූවේ ඒ නිසයි.. ඔබේ ලියවීම් බ්ලොග් අවකාශයට වටිනාකමක් එකතු කරනවා.

      Delete
  29. මට ඊයේ රැ නින්ද ගියේ නැහැ මේ කෙමෙන්ට් ඒක මේකට එකතු කරනකන් ඒකයි පාන්දරම නැගිටලා මේ කෙමෙන්ට් එක කොටන්නේ ...
    අපි හිස් අහසට කැමති අපිට නොලැබුන ගමේ ගතිය තවමත් ඌ ලග තියන නිසා ඒ වගේ තමයි අපි හැමෝම කැමති තැන තැන ඇවිදින්න විශේය්ශේයන්ම කැලේ ...ඒ වගේ තැන් වල ඇවිදලා පොස්ට් ලියන බ්ලොග් එකක් තමයි සොබා රූ ..
    මචෝ ඒ බ්ලොග් එක උබගේ පොස්ට් එකට එකතු කරපන් ...ඒ බ්ලොග් එක මම කියන්නේ පොඩි එකෙකුට උනත් බලන්න දෙන්න පලුවන් ...
    බ්ලොග් ගැන නොදන්නා එකෙකුට බ්ලොග් බලන්න ආසාවක් ඇති කරන්න උඋව බ්ලොග් වලට ඇබ්බැහි කරන්න ඕනේ උනහම මම නිර්දේශ කරන්නේ
    හිස් අහස
    සොබා රූ
    බලන්න කියලා ...

    ReplyDelete
    Replies
    1. කව්ද "බලන්න කියලා ..." බ්ලොග් එක කරන්නේ...මම සැකලම නෑ එු බ්ලොග් එක...

      :D :D

      Delete
    2. බලන්න කියලා බ්ලොග් එක මාත් කියෝලා නෑනේ.. :)))

      සොබා රූ දාන්න ඕනේ.. සඳරු වට බල කරපල්ලා ආයේ ලියන්න.

      Delete
    3. ගමේ හිටපු සඳරුට තරම් හොඳට නගරේ ඉන්න සඳරුට ලියන්න බැහැ...

      Delete
    4. අඩුම කුඩුම නැති එක ....නගෙරේ ගැන මොනවා ලියන්නද
      ගෝනගල ආදර අන්දරය
      උ ගැන ලක්බිම පත්තරේ ගියපු දවසට පස්සේ දවස
      පංතියේ පොඩි එකෙකුගේ සාක්කුවේ තිබිලා බිඩි අහුඋන එක
      පළත් සබා ජන්දෙට උගේ අයියා කෙනෙක් ඉදිරිපත් උන සිද්දිය
      ඒවා ආය ආය බලන්න උනත් ආසයි

      Delete
  30. මේ ගස් ලබ්බගේ උඩ කොමෙන්ට් එකෙන් පස්සේ තියෙන කිසිම කොමෙන්ට් එකකට මට රිප්ලයි කරන්න බෑනේ.. මොකක් හරි තාක්ෂණික සීන් එකක් තියෙනවද එහෙම?

    ReplyDelete
  31. සයිබර් මාධ්‍යයට සරීරයට මුහුණක් දීල ඇටමස් ශරීරයක් දීල කකුල් දෙකක් දීල තෑග්ගකුත් දෙන්න ගත්ත දා හිටං සොච්චම් පසුබෑමක් ආ බව මා හිතනවා. එසේම වත්මන් ආණ්ඩුව හොරු විසින් අල්ලාගත් පසුව ද, බ්ලොග්වලට දිශානතියක් නැතිව ගොස් තිබෙනවා. මා බලාසිටින්නේ මීළඟ පිම්මට බ්ලොග්වල දායකත්වය කෙසේ ලැබේ දැයි කියායි. පසුගිය මාස කීපය තුල විශාල වශයෙන් බ්ලොග් කියවීමට නොහැකිවිය.

    ReplyDelete
    Replies
    1. //සයිබර් මාධ්‍යයට සරීරයට මුහුණක් දීල ඇටමස් ශරීරයක් දීල කකුල් දෙකක් දීල තෑග්ගකුත් දෙන්න ගත්ත දා හිටං සොච්චම් පසුබෑමක් ආ බව// මේක විවාදාත්මකයි.. ඒ ගැන වෙනම කතා කරමු.
      //වත්මන් ආණ්ඩුව හොරු විසින් අල්ලාගත් පසුව// හා හා හා.. ටිපිකල් දයාල් බති කොමෙන්ට්.. ඒක නියමයි.. :)) බ්ලොග් වලට දිශානතියක් නැතුව ගියේ දේශපාලනික අවශ්‍යතාවය හීන වීම නිසාද? එහෙමනං ඊළඟ චන්දෙ කිට්ටු වෙනකොට ආයේ හරියයිද? බ්ලොග් වලට එහෙම දිශානතියක් ඕනෙද? මේවා තමයි ගැටළු.

      Delete
    2. බොක්කෙන්ම ලියන්න යම් පෙළඹවීමක් අවස්යයි.

      Delete
    3. ලංකාවේ හාල් මිලේ හැටියට "හාල් කෑල්ලක්" යනු එසේ මෙසේ වටිනාකමක් තිබෙනා දෙයක් නෙවෙයි කියලයි මගේ අදහස..

      මගේ පුද්ගලික අදහස නම් කියෙව්වත් එකයි නැතත් එකයි මම බ්ලොග් ලියන්නේ මගේ විනෝදෙට.. කියවලා සතුටක් ලැබීම පාඨකයින්ට ලැබෙන බෝනස් එකක්.. තමුන්ගේ අනන්‍යතාවයෙන් මිදිලා වෙනයම් අරමුණු වෙනුවෙන් දිශානතිය වෙනස්කරපු බ්ලොග් පහුගිය කාලේ පොඩි පසුබෑමකට ලක්වුනා කියල දැනුනා උනත් ඒ එයාලගේ කැමැත්ත නිසා ඒ ගැන කතාකිරීමෙන් වැලකුනා. බාහිර අරමුණු වෙනුවෙන් තමුන්මෙතෙක් ආ මග වෙනස් කිරීම තේරුමක් නැති දෙයක් විදිහට මම දකිනවා.. ඒ නිසා තමුන් මෙතෙක් ආ මග වෙනස් කරගෙන තමුන් කැමති නොවෙනා බහුශ්‍රැත පල් හෑලි ලියනවාට වඩා ලියාගෙන ආපු දේ ලියාගෙන ගිහිං "හාල් කෑල්ලක්" වීම මටනම් දාහෙන් සම්පතක් බන්..

      Delete
  32. ෆේස් බුක් වගේ බ්ලොග් ජනප්‍රිය නෑ ඒත් කියවලා ජිවිතේට යමක් එකතු කරගන්න බ්ලොග් ඕනේ තරම් තියෙනවා. මේකේ ලින්ක් එකක් fb වල දාන්ඩ

    ReplyDelete
  33. බ්ලොග් වල පසු බෑමක් තියෙනවා කියන අදහස මටත් යාන්තමට තියෙනවා, මම උඹට ඒ ගැන ඊයේ කිව්වත් එක්කනේ...
    එහෙම හිතෙන්න හේතුව අපි ඉස්සර ආසාවෙන් කියවපු බ්ලොග් ගොඩක් දැන් ලියවෙන්නේ නැති නිසා සහ එක්කෝ ඉස්සර හොඳට ලියපු උන් දැන් ගූ හත වෙලා නිසා...

    හැබැයි එහෙම දැනෙන්නේ මට ඒ වගේම හොඳට ලියවෙන අලුත් බ්ලොග් මුණ ගැසීමේ සම්භාවිතාව අඩු නිසා වෙන්නත් පුළුවන්...
    මම ගොඩ වෙලාවට කරන්නේ මගේ බ්ලොග් රෝලේ තියෙන ඒවා කියවන එක...
    ඊට අමතරව ඒ යන බ්ලොග් වල තියෙන බ්ලොග් රෝල් වල තියෙන ඒවා කියවන එක...
    ඒ නිසා අලුත් බ්ලොග් මග හැරෙන්න තියෙන හැකියාව ටිකක් වැඩියි...
    සින්ඩියකට ගොඩ වැදෙන්න තියෙන කම්මැලි කමත් එක හේතුවක්, හැබැයි අහම්බෙන් හරි හොඳ බ්ලොග් එකක් කොහේදී හරි දැක්කොත් කිසි සමාවක් නැහැ, ගෙනත් එල්ල ගන්නවා රෝලේ...

    ReplyDelete
  34. මමත් මාස කීපයක සිට බ්ලොගක්  ලියන්නේය. ඒ ලියන්නේ මගේ ආතල් එකටය.

    // ////අද තියෙන බ්ලොග් වැඩක් නෑ.. ඉස්සර තමයි නියම බ්ලොග් තිබ්බේ.. ඒ කාලේ හොඳට ලියපු උනුත් දැන් ලියන්නේ පල හෑලි.. ටැබූ ල බියොන්ඩ් ෆ්‍රේම් ල එක්ක ගත්තම දැන් උන් මොනවද ලියන්නේ? "//////

    මේකට නම් එකඟ නැතිය.. පල් හෑලි කියා දෙයක් ලොවේ නැතිය.. දේශපාලනය කියන්නේ පල්ම හෑල්ලක් ය.. ටැබූ ලිව්වේද පට්ට පල් හෑලිය.. ටැබූට ද ඇරියස් තිබ්බේය...ඒවා ඉඳ හිටලා කවර් කළේය.. එහෙමය කියා බ්ලොගේ රස උපරිමය අපි කවුරුත් වින්දෝය.. බියෝන්ඩ් ෆ්‍රේම් ලිව්වේද පල් හෑලිය...





    ReplyDelete
  35. කල්‍යාණ මචෝ. බොහොම හොඳ මාතෘකාවක් මේක.

    මමත් දැන් අවුරුදු 9ක් විතර තිස්සෙ බ්ලොග් කියවනව. 100% ක්ම කියවන්නෙ කොමෙන්ට් කරන්නෙ (මේ දැනුත්) ෆෝන් එකෙන්.

    දැන් නම් බ්ලොග් කියවන්න කුඩු කාරයෙක් වගේ ඇබ්බැහි වෙලා..

    2012 දී මුලින්ම බ්ලොග් එකක් ලියන්න තද බල අසාවක් ඇවිල්ල ලිව්වට ආයෙ ලියන්න හම්බුනේ අවුරුදු 5කට පස්සෙ. ඒකටත් මුල අරූ අයියගේ අටම මාතලන් අම්බලන්ගොඩ ගේ බ්ලොග් කියවල ඇති උන අසාවත් කිහිප දෙනෙක් ආයෙ ලියන්න කල ඉල්ලීමත්.

    (මේ දවස්වල ගොං පීටරේ කැඩී ඇති නිසා තව සතියක් ලිවීම පමා වෙනවාය.)

    ඇත්තම කියනවනම් මචන් මේ අවුරුදු ගණන ඇතුලත බ්ලොග් වල අඩු වැඩි වශයෙන් නැගීම් බැසීම් තිබ්බ. තියෙනව. ඒක බ්ලොග් කියවන අයටත් අඩු වැඩි වශයෙන් තේරෙනව. මම කොහොමත් දවසකට බ්ලොග් 10-15 අතර ප්‍රමාණයක් කියෙව්වත් කොමෙන්ට් කරන්නෙ මට හිට් වෙන පොස්ට් වලට විතරයි.

    කාලීන සමාජ දේශපාලන ෆන් ජෝක්ස් අතීතකාම අත්දැකීම් වල පුදුම රහක් තියෙනව.

    ඒ වගේම මුල් අවුරුදු ගණනාවක්ම කොමෙන්ට් කලේ සින්ග්ලිශ් වලින්. වැඩියම කොමෙන්ට් කලේ මාතලන් අටම සහ පැරා ගෙ පොස්ට් වල. මොකද ඒ දවස්වල වගේම අදටත් මට උන්ගෙ බ්ලොග් ෆුල් ජොලි, ආතල් මාතෘකා ගැන කතා කරන දේවල් උනා.

    ඔය අතර මගේ සිංග්ලිෂ් නිසා මාතලන් අටම ඇතුළු ඇනෝ අය කිව්වෙත් "යකෝ කොම්පියුටර් එකට සිංහල දාගෙන සිංහලෙන් ලියපං. නැත්නම් කියවන්න අමාරුයි" කියල. හැබැයි ඔය කිසිම කෙනෙක් මගේ කකුලෙන් නම් ඇද්දෙ නැහැ.

    දවසක් එක ඇනෝ කෙනෙක් මෙන්න මේ ලින්ක් එක මම මාතලන්ට දාපු කොමෙන්ට් එකක රිප්ලයි එකක් විදිහට දාල තිබුන.

    "https://www.google.com/intl/si/inputtools/try/"

    ඒ ඇනෝ ට පිං පිණිස එදා ඉඳන් මේ දැන් වෙනකන් සිංහල ටයිප් කරන්නෙ ඒ ලින්ක් එකෙන්.

    ඔය අතරේම පොඩි පලහිලව්වකට (එක සිංහල ලොකු බ්ලොග් පොරක්) මට පොස්ට් එකකුත් ලියල ඒකෙ එයාම කියල තිබුන එයා මගේ කොමෙන්ට් කියවන්නෙත් රිප්ලයි කරන්නෙත් නැත්තෙ සිංග්ලිෂ් වලින් ටයිප් කරන නිසා කියල.

    එදා නම් හිතට පොඩි දුකක් ආව. ඇයි යකෝ ලොකු ටෝක් දෙන්නෙ, එක්කො ඒක නිවැරදි කරගන්න උදව් දීපන්කො කියල.

    හැබැයි දවසක ඒ පොරම සිංග්ලිෂ් වලින් කොමෙන්ට් එකක් දාල තියෙනව දැකල මම උඩ ලින්ක් එක දැම්මහම නම් තෑන්ක් යු කියල තිබ්බ,

    දැක්කද වෙනස..??

    සාමාන්‍යයෙන් බ්ලොගර් කියන්නෙ අන්තර්ජාලෙ නොමිලේ දෙන දෙයක්. ඒක ප්‍රයෝජනයට ගන්නවානම් ලියන්නාටත් කියවන්නාටත් දෙකොටසටම සර්ව සමාන 100% නිදහසක් තියෙන්ට ඕන කියන මතයේ තමයි මම ඉන්නෙ.

    තමන්ට ඕන දේ ලියන්නත් කියවන්නත් ඕනෑනම් තමන්ගේ බ්ලොග් වල තමන්ට ඕන විදිහට වාරණ පනවාගන්නත් පුළුවන් වෙන්න ඕන.

    සාමාන්‍යයෙන් මම මිනිස්සු ආශ්‍රය බොහොම අඩුයි. පෞද්ගලික හෝ පවුලේ දෙයක් හැර කිසිම දෙයක් ඇඟට ගන්නේත් නැත. අනික කියන්න තියෙන දෙයක් කෙලින්ම කියනව ඇරෙන්න එක එකා එක්ක එක එකා ගැන කතා කිරීම නොකරනම දෙයක්. බ්ලොග් එකෙන් දැන අඳුරගත්ත බොහොම හිතවත් දෙතුන් දෙනෙක් නැතුවාත් නොවෙයි.

    හැබැයි වරදක් කරල වැරැද්ද පෙන්නුවත් සමාව ඉල්ලීමටත් දෙපාරක් හිතන්නෙ නැහැ.

    මේ අතරම කල්‍යාණ තුමාගේ පොස්ට් එකෙන්ම මම "ඉවාන් පෞලුෂා" ගෙන් සමාව ඉල්ලනව මම කියූ දෙයක් නිසා උබ බ්ලොග් එකෙන් අයින් උනානම් මට සමාවෙයන් ආයෙත් වරෙන් කියල.

    ඒත් මට මේ කතාව කිව්ව කෙනා කිව්වෙ උබට කුණුහබ්බෙන් බැන්න නිසා උබේ හිත රිදුන කියල.

    හැබැයි මචෝ ඉවාන්, උබට කුණුහබ්බෙන් නම් බැනල නැහැ කවදාවත්.

    හැබැයි ප්‍රොෆයිල් වලින් සංවාද කරල එව්ව දිරවගන්න බැරුව ඊ මේල් හරහාත් මගෙන් ගේම ඉල්ලුව (බ්ලොග් එකේ පුදුම නිහතමානී) සිල්වත් මහත්තයෙක් බ්ලොග් එකෙන් යනවාට දුක් වී ඔහු වෙනුවෙන් මා වැරදි කාරයෙක් කියා බ්ලොග් ලිවූ පොරවලුත් මෙතන ඉන්නවාය.

    ඒ වගේම වයසින් දැණුමෙන් මුහුකුරා වී ඒත් ඕනෑම පුද්ගලයෙක් පොස්ට් එකක් මාතෘකාවකට සම්බන්ද වී කතා බහ කරන රියල් මිනිසුන් පිරිසකුත් ඉන්නවාය.

    මොනවා නැති උනත් හිතේ කහටක් නැති කන බොන ෆුල් ආතල් රසවත් සෙට් එකකුත් මෙතන ඉන්නවාය.

    ඒ අතරම සමහරකට අවශ්‍ය කරන මිනිසුන් විතරක් පමණක් ආශ්‍රය කරපං කියන ගොන් තර්ක ගේන අයත් මෙතන ඉන්නවාය.

    මේ බ්ලොග් එකේ මේ ගොං වැඩ ටික තේරුම් ගන්න සෑහෙන කාලයක් ගියත් අවසාන මොහොතේ මාතලන් මෙව්ව තේරුම් කරල දුන්නාය.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ කල්‍යාණ, කවුරු ආව ගියත් (නවකයන්ට ඇත හිත දෙන අටම මාතලන් මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන්ට ඕනෑමය 🙏) ලිව්වත් නැතත් ලියන අවුන් ලියපල්ලා කියවන ඇවුන් කියවපල්ලා.. කොමෙන්ට් කරන ඇවුන් ඒකත් කරපල්ලා.

    උත්සව තියාගන්න ඕනෑනම් ඒකත් කරගනිල්ලා.

    මේ ඔක්කොටම වැඩිය වටින්නේ මේ සිංහල බ්ලොග් එක නිදහස් තැනක් ලෙස ඉදිරියටත් පවත්වා ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. උබලා ලියපං අපි ඉන්නවා කියවන්න ...මට බැරි උබලගේ ඒ හැකියාවට මම හැමදාමත් රෙස්පෙක්ට්

      Delete
    2. එල කිරි මෙන්ඩ බ්‍රෝ. වචනෙත් වටිනව 👊🏽👊🏽👊🏽 Nuff respect..!! ✊

      Delete
  36. මම ලියන්නේ මට ඕනෑ නිසා... කියන සාධකය හැරෙන්න බ්ලොග් ලියා ලෝක සාමය හෝ දුක් ගිනි නැති කිරීම වගේ ප්‍රායෝගික දෙයක් සිදුවෙන්නෙ නැත. ඒකට නම් සැබෑ ලෝකයේ මනුස්සයෙක් ලෙස ජීවත් වෙන එක තමා වටින්නේ. බ්ලොග් කියන්නේත් කලාවක් කියලයි මට හිතෙන්නෙ. තමන්ගේ වපසරිය තුල, තමන්ට ගෝචර දේ ලියා පල කරන්න නිදහසක් තියෙනවා. බොහෝ කල් සිට නිතර නොලීවත්, අනිත්කොන බ්ලොග් එක හරහා පශ්චාත් යුධ සමයේ උතුරේ රෝහල් ආශ්‍රිත වැඩ කරන අතරේ ලීව කතා තවම ලියනවා. එකම දේ මිනිස්සු සැබෑ ලෝකයයි අන්තර්ජාලයයි පටලවා ගන්නවා. මං හිතන්නේ ඕනැම කෙනෙක්ට තමන් පොරක් කියලා අධි තක්සේරුවක් තියෙන්න පුළුවන් ඒක වැරැද්දක් වෙන්නෙ කොහොමද ? ඊගෝ එක එක අයගේ එක එක විදිහයි. එනිසා මම හිතන්නෙත් බ්ලොග් එකක් හරහා තමන් කළ කී දෑ මතක් කරන එක කමක් නෑ කියලයි. ඔය අතීතය මතක් කරලා ලියන තිලක සිත, කලාහිත , සිත් ආර, නිදහස් අදහස්, ට්‍රාන්සිල්වේනියා වගේ බ්ලොග් ඇත්තටම රසවත්. මම නම් කාලයක් තිස්සෙ ලියන බ්ලොග් එකක් හරහා.. උතුරෙන් දකුණට ආවට පස්සෙත් පුළුවන් හැම විටම මේ කාලීන මතක එළියට දානවා. ඒවායින් ලියන්න්නා ගැන අධි තක්සේරුවක් හිතනවා නම් ඒ හිත්වල තම තමන් ගැන තියෙන හීන මානය කියලයි මට හිතෙන්නේ. අනුන්ට මඩ ගැසිලි පිට කැසිලි , කල්ලි ගැසිලි මොකුත් නැතිව ඉන්න තාක්කල් සැබෑ ලෝකේ හිත සතුටෙන් ඉන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ....මෙන්ෂන් කළාට තුති කළ්‍යාන මිත්‍ර !

    ReplyDelete
  37. මගේ බ්ලොග් එක ගැනත් ලිවීම පිළිබඳව මගේ ස්තූතිය!

    බලාගෙන ගියපුවහම මම බ්ලොග් එක පටන් අරන් මාස 3 ගියාට මේ ප්‍රශ්න ගොඩක් මටත් ආවා … සමහර බ්ලොග් පොස්ට් මහන්සි වෙලා ලියල කවුරුත් එක සාකච්චාවට ගත්තේ නැති වුනහම මොන මගුලකට ලියනවද කියල හිතල අත හරින්ඩ ත් හිතුන…. පත්තර වලට news website වලට ලිව්වා නම් විශාල පිරිසකට පණිවිඩේ ගෙනියන්ඩ පුළුවන් නේද කියලත් හිතුන… හැබැයි ඉතින් ඒවාට ලියද්දි මට freely මගේ feeling express කරන්ඩ බැහැ … වාරණයකට ලක් වෙනවා…. ඉතින් පස්සේ හිතුව බ්ලොග් එකේ මට කැමති ඒවා ලියනවා විනෝදාංශේට… හිතුනොත් කොපියක් ජනමධ්‍යටත් දානවා කියලා …..

    ReplyDelete
  38. හාල් හැත්ත දෙකයි, පොල් අසූවයි..

    ReplyDelete
    Replies
    1. කෙමෙන්ට් වලට තෝ උත්තර නොදුන්නොත් බිලා බනින්න එක බනින්නවා

      Delete
  39. /"අද තියෙන බ්ලොග් වැඩක් නෑ.. ඉස්සර තමයි නියම බ්ලොග් තිබ්බේ.. ඒ කාලේ හොඳට ලියපු උනුත් දැන් ලියන්නේ පල හෑලි.. ටැබූ ල බියොන්ඩ් ෆ්‍රේම් ල එක්ක ගත්තම දැන් උන් මොනවද ලියන්නේ? // මේ කතාවට ගොඩක් අය උත්තර දීල තියනවා. මේක හරියට දැන් හොඳ පොත් ලියවෙන්නේ නැහැ. ඉස්සර තමයි හොඳ පොත් ලියවුනේ (පියදාස සිරිසේන, වික්‍රමසිංහ වගේ). කියන කතාව වගේ. කොපමන පොත් ලියවෙනවද දැන්? ඒවා අතරේ කොපමණ හොහොඳ පොත් තියනවද යනවද කියල දන්නේ පොත් කියවන මිනිහ (හෝ ගැහැණිය ). මගේ ළඟ තවම පොත් සෙට් එකක් තියනවා කියවල ඉවර කර ගන්න බැරි. චුලානන්දගේ පරිවර්තන වල සිට රාහුබද්ධ දක්වා. ( ඉන්දික පෙරේරාගේ පොතත් ලැබුන. එව්වා මහතාට ස්තුතියි ). බ්ලොග් වලත් ඔය තත්වේ තියෙන්නේ.
    මම පටන් ගත්තේ කන්තන්දර කාරයා කියවනං අහම්බෙන්. ඊට පස්සේ ලස්සන කතා යන සිංහල වෙබ් අඩවි කිහිපයක් තිබ්බ ( අනිත් කොන ලියපු අර "මගේ පස්සෙන් එන්න" වගේ කතා හෙම ගිය.) . ඊට පස්සේ ටැබුව, ඇටමැස්ස , වගේ හෙන තොගයක් තිබ්බ. අපි පිටරට ඉන්න හින්දද දන්නේ නැහැ - බ්ලොග් වලින් හුඟක් සමීප වෙලා හිටියේ. ඊට ඔපස්සේ අහුවුනා මාතලන්, මාතලන්ගේ සින්ඩිය, රවිය (නිදහස් සිතුවීලි) , අරුණි ශපිරෝ, මාරය (මට මතක විධිහට) හෙම. මෑතකදී ඒ කියන්නේ 2011-2012 කාලේ. මාතලන් කියන්නේ වැඩ තිබ්බත් කියවපු බ්ලොගයක්. බිටල් මල්ලි, එතකොට අර game of thrones පරිවර්තනය කරපු සෙට් එක.
    අරූගේ අඩවිය ඔහොම ක්ලික් කරගෙන යනකොට හදිසියේ හම්බ වුන බ්ලොගයක්.
    ඒක කියවන කොට ගත් තීරණයක් (අමරබන්දු ගේ කතාව යන අතරතුර) හා දුරකථන සංවාදයක් නිසා ගොඩක් දේවල් වෙනස් වුනා. සිද්ද වුන. මතභේදයන්ට තුඩු දිය හැකි නිසා නැවත ඒ ගැන ලියන්නේ නැහැ.

    කොළඹ ගමයා පටන් ගත්තේ 2013 අර හේතුව මත. (මගේ කොමෙන්ට් ආරක්ෂා කරලා තියා ගන්න) . පස්සේ මම කැමති විෂයන් ගැන ලියන්න ගත්ත.

    කෙන්කියුෂා කිව්වා වගේ විෂයන් ගැන බ්ලොග් අඩු ඇති. එත් මේ වගේ බ්ලොග් තියනවා. අධ්‍යාපනික ඒවා. ප්රෝග්රමින් ඉගෙන ගන්න වගේ.
    http://tekcroach.blogspot.co.uk/2017/02/amateur-radio-51.html
    http://www.sinhalasubjects.com/2017/02/blog-post.html

    ReplyDelete
  40. දනිස් පොල්කටු ගැහෙන නිසා කටපියාගමි

    ReplyDelete
  41. කොළඹ ගමයා කියන පොන්නයගෙ බ්ලොග් සම්මාන කඩමල්ලයි...මාතලන් කියන ගස් පොන්නයයි තමයි සිංහල බ්ලොග් අවකාශය හපලා කාලා රිව්වෙ...මේ වද පොන්නයන්ට පුක දුන්න උන්ටත් දැන සනීප ඇති...කළ්‍යාණ මිත්‍ර‍ කියන්නෙත් ඒ ජාතියෙම කැරියෙක්.

    ReplyDelete
    Replies
    1. Ha ha ha!;

      True ! Agreed

      Delete
    2. මචෝ ...මුකුත්ම නොකර ඉන්නවට වඩා පොඩි හරි දෙයක් කරන්න උත්සහා කරන එක වටින්නේ නැද්ද ...සම්මානයක් දෙනවා කියන්නේ අගය කිරීමක්නේ ඉතින් ඒක කැරි වැඩක් වෙන්නේ කොහමද කියලා මට තේරෙන්නේ නැහැ

      Delete
  42. බොහොම ස්තුතියි කමී මගේ බ්ලොගය ගැන සඳහනක් කලාට...කරුණු කිහිපයක් කියන්න කැමතියි...

    මුහුණු පොතේ තියෙන්නේ ක්ෂණික ලයික් සහ කමෙන්ටු මත ජනප්‍රිය වන, බොහෝ විට පිට කසා ගැනීමේ රැල්ලක්...හොඳ ලියන්නන් ඉන්නවා, එහෙත් ඒ අයත් රැල්ලටම වැටෙනවා...ඔය ලයික් දාන සමහරු පෝස්ටුව කියවන්නෙත් නැතුවයි කැමැත්ත ප්‍රකාශ කරන්නේ...ඊට අමතරව විවිධ වූ අරමුණු සඳහා මිනිස්සු මුහුණු පොත භාවිතා කරනවා..ප්‍රේමය,කාමය,වාණිජ, හුදෙක් ප්‍රසිද්ධිය...ඒ වගේ..කෙනෙක් කියනවා නම් නියම නමින් බ්ලොග් ලියන්නේ නැහැ කියල, ව්‍යාජ මුහුණු පොත් ගිණුම් නම් කී දාහක් ඇතිද...

    බ්ලොගය කියවන්න එන්නේ ක්ෂණික රසයක් හොයන මිනිස්සු නෙවේ...දෙයක් ගැඹුරින් අධ්‍යනය කරලා විඳින්න කැමති මිනිස්සු...උපහාසය, අපහාසය, කෙටි කතා, නව කතා,කවි, තාක්ෂනය..ඔය හැමදේකම ඒ මිනිස්සු මොනවම හරි පනිවිඩියක් හොයනවා...ඩේටා සහ කාලය වැය කරගෙන, මිනිහෙක් මේක කියවන්න එන්නේ, අපේ හිට්ස් කවුන්ටර් එක වැඩි කරන්න නෙවේ කියන අදහසේ තමයි මම ඉන්නේ...

    ඒ වගේම මම ලියන්නේ මට කැමති දේවල් වුනාට, මම විශ්වාස කරනවා අපි දෙයක් සමාජගත කරනවා නම් ඒකෙ මොකක් හරිම ගත යුත්තක් තිබිය යුතුයි කියලා...ඒ වගේම අපි වැඩිහිටියෝ විදියට අපි ලියන දේවල් ගැන වගකීමක් තියෙන්නේ ඕනේ...එහෙම බැරි නම් අපි කල යුත්තේ පර්සනල් ජර්නල් එකක ඒවා ලියන එක...මේ මම හිතන විදිය...දැන් ඔය අරූ, කවිඳු, විචාරක, හැලපේ, අම්බලන්ගොඩයා, සුරංග, සඳරු එකී නොකී බොහෝ දෙනා තමන්ගේ අත්දැකීම් ලිව්වට, එව්වයේ තියෙන්නේ අපි මේ ජීවත් වෙන සමාජේ...නිකම්ම හෑලි නෙවේ...උඩින් පේනවට වඩා බොහොම ලොකු සමාජ කියවීමක් ඒවා ඇතුලේ තියනවා...අපි හැමෝටම පුද්ගලිකව ඒ හැම සමාජ තලයකටම ලං වෙන්න ලැබෙන අවස්තාව අඩුයි...මුහුණු පොතේ ලිවිල්ල ඇතුලේ මම එහෙම දේවල් දැකල තියෙන්නේ බොහොම අඩුවෙන්...

    ඒ වගේම තමන්ගේ අධ්‍යාපනික හෝ රාජකාරී දැනුම බ්ලොග් ගත කිරීම...ඒක කියවන්නාට නම් වටිනා අදහසක්...ලියන අයත් උත්සාහ කල යුතු දෙයක්...නමුත් තමන්ගේ විෂය ගැන බ්ලොගයේ ලිවීමත් එක්තරා විදියක අනවශ්‍ය පීඩනයක්...මම බ්ලොගය ලියන්නෙත්, කවි ලියන්නෙත් රැකියාවේ තියෙන වෙහෙසෙන් මිදෙන්න...ඒක මට වින්දනයක් ලබන්නටත්, කියවන්නාට හිතන්නට දෙයක් ඉතිරි කරන්නත් පුළුවන් වෙන විදියට ලියන්න තමයි මම උත්සාහ කරන්නේ...

    පිට කසා ගැනීම් නම් මුහුණු පොතේ වගේම බ්ලොග් ලෝකය තුලත් වෙනවා...එයින් වෙන්නේ බ්ලොග් කරුවාට තමන්ගේ ලියමන ගැන නියම තක්සේරුවක් ලබා ගැනීමට සහ ලියමන දියුණු කර ගැනීමට ලැබෙන අවස්තාව නැති වීම සහ කියවන්නා තුල ඇති වෙන කලකිරීම, ඔවුන් බ්ලොග් වලින් ඈත් වීම...

    ReplyDelete
  43. මම නම් බ්ලොග් ලියන්න අලුත් :) හිතට එන දෙයක් කුරුටු ගානවා පුරුද්දට වගේ ඉතින් .. මාත් අර උඩින් කියලා තියන බ්ලොග් වලින් සමහරක් ඒවා කියවනවා.. සමහර ඒවා නම් ඇහුවෙත් අද. කොහොම උනත් ලංකාවේ බ්ලොග් සංකල්පය ගැන සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියනවා කියලයි මට නම් දැනෙන්නේ

    ReplyDelete
  44. මනෝරම දන්නේ අර මොකාද වගේ හැම දෙයක්ම හෙලා දකින්න. සමාජ ජාල හෝ බ්ලොග් ගැන හෝ විධිමත් හැදෑරීමක් මෙන්ම නිසි ශාස්ත්‍රාලීය අධ්‍යාපනයක් නැති මේ මනුස්සයා යහපාලනේ පිහිටෙන් එක එක තැන්වල මුල්පුටු අරගෙන නිකම් සිවිල් වෙන්න දඟලන පොරක්. FACEBOOK එකෙන් තම ගෝත්‍රවාදී ඇතුළු සිත කදිමට එලි දක්වන මේ ගොය්යා තමන්ව උස්මහත් කරන්න කැපවුණු පියාවත් FACEBOOK එකෙන් බල්ලා මාර්ක් දාලා කතා කරන්න තරම් පිරිහුණ කෙනෙක්. එවන් චරිතයකින් වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්. වැරැද්ද මේ වගේ හිස් ඔලුවලට ඉහල වටිනාකමක් දීලා උන්ව කඩදාසි වීරයෝ කරන මිනිස්සුන්ගෙයි.

    ReplyDelete