Tuesday, 21 February 2017

මගේ සිමා කිරිල්ල සහ තලල්ලේ තැලිල්ල .. Dikwella experiences continued/-

මේ ට්‍රෙන්ඩ් එක ගෙනාවේ චෙෆාකි.. එයාටම ආවේනික වෙච්චි රස වෑහෙන සයිලියකින් දික්වැල්ලේ සුදා ගේ බයිට් කඩේ ගැන ලියපු පෝස්ට් එක කියවපු වෙලේ ඉඳන් මම ඉන්නේ ආයේ කවදද ඒ පැත්තෙන් යන්නේ කියල බල බල.. චෙෆා එක්ක හරි හරියට දික්-වලි යන්න ගත්තේ විසිරි සිහින ලියන අපේ වාසනාවන්ත කළු සුදු අක්කා..  එයත් ඔය දකුණු ලක අභිමානවත් සුජාත දියණියක් ය කියන්නේ.. අම්බෝ.. එයාට නම් විහිලු කරන්න ඕනි බලාගෙන.. අතපය කඩාගෙන ආපහු තිබ්බ විදියට හදා ගන්න ඕනෙනම් ඉතිං කමකුත් නෑ විහිළුවක් කරාට.. (මම කියුව කියලනම් කියන්න එපා).. එතකොට අණ්ඩ කොන්ට්‍රෝල් නැතිවෙන්න කලින් තංගල්ල දික්වැල්ල හතර මායිම මැනපු හොඳ කකුලක් තමයි ගස්ලබ්බත්.. දික්වැල්ලේ සුද්දගේ කතාව දැකල ගස් ලබ්බගේ ඇඟ කිලිපොලා යන ප්‍රේම ජවනිකාවක අත්දැකීමකුත් ලියල තිබ්බ උගේ නෙවෙයි වගේ.. හැක්. ඔන්න ඉතිං අපිටත් සෙකන්ඩ් වෙන්න පුළුවන්ය.. මගෙත් අත් දැකීමක් තියේ ඔය ලඟින්ම යන 'සිත මන්මත් කරවන සටනක්' ගැන.. හැබැයි ඉතිං බදුල්ලේ ඉඳල දික්වැල්ලට එන්න හෙන වටයක් තියෙනවා.. ඒක නිසා දික්වැල්ල පැත්තේ එන්න උණු විදිය මේකෙම මුලට අමුණලා දෙකට කඩල පොඩි වටයක් ගිහිල්ල තමයි එන්න වෙන්නේ.. තරහා අවසර..

මගේ සිමා කිරිල්ල..

කාලේ හරියටම මීට අවුරුදු විසි එක හමාරකට විතර කලින්.. 1995 අවුරුද්දේ.. උසස් පෙළ විභාගේ ඉවර උන ගමන් මගේ අතීසාර මිත්තරයට ඕනි උනා කියහන්කෝ සිමා කරන්න.. ඇත්තටම ඒක ඌට නෙවෙයි උගේ සනුහරේ එහෙකුට ඕනි වෙච්චි එකක් වෙන්නොනි.. ඉතිං මූ මටත් කතා කරා සිමා කරන්න.. මම අදටවත් දන්නේ නෑ ඔය සිමා කියන්නේ මොකක්ද කියල හරියට.. ඉතිං එදා ගැන හිතා ගන්ඩලකෝ.. ඕනේ මංගල්ලයක් කියල මාත් අම්මට කියුව මට සිමා කරන්න ඕනි කියල.. 'කෙහෙල්මල් සිමාවෙක් නෙවෙයි ඊළඟ පාරවත් හරියට පාඩන් කරලා විභාගේ ලියපං' කියල අම්ම එවෙලේම තීන්දුව ප්‍රකාශ කරා. ඒත් නවාතැන් පහසුකම් හා තව තව අඩුපාඩු සල්ලිකාරයෝ වෙච්චි මගේ යාළුවගේ දෙමව්පියන් දරන්න සුදානම් බවත් ගිහින් බලල ඇවිත් අකමැතිනම් නොකර නිකං ඉන්න හෝ බාගෙට කරලා ඉතුරු ටික පස්සේ උනත් කරන්න පුළුවන් වගේ ගොඩක් ඇවිටිලි වලින් පස්සේ මටත් 'කොළඹ ගිහිං සිමා කරන්න බලලා එන්න' අවසරය ගත්තා.

ඔන්න ඉතිං අපි දෙන්නත් ඊට දවස් දෙක තුනකට පස්සේ රෙදි පෙරෙදි එහෙම ඔතාගෙන රෑ බස්සෙහෙක නැගලා බදුල්ලෙන් කොළඹ ආවා.. කලින් අහගෙන තිබ්බ විස්තර අනුව එලි වෙන්ඩ කිට්ටුව විජේරාම හන්දියෙන් බැහැල 'සිකරට් දෙකක්' එහෙම පත්තු කරගෙන සිමා කරන්න මුල් පියවර තිබ්බ.. එදා උදේ වරුවේ කරේ බෝඩින් හොයපු එක.. ජම්බුගස්මුල්ල පාරේ ද කොහෙද සුපිරි බෝඩිමක කාමරේක බූරු ඇඳන් දෙකක් එකකට මාසෙකට තුන්සියකට වගේ මිලකට හොයා ගන්න වරුවෙන් පුළුවන් උනා. බූරු ඇඳට අමතරව ඇදගෙන නාන්න ලිඳක් හා පහළොවකට විතර පොදු කක්කුස්සියක් භාවිතා කිරීමේ අයිතිය හා රෑ නවයෙන් පස්සේ ලයිට් දාන්න බෑ, ෆෑන් දාන්න, හීටර් ගහන්න, උයන්න බෑ වගේ බෑ ලිස්ට් එහෙකුත් අර තුන්සීයටම නොමිලේ හම්බුනා මතකයි. උන්න විදියට මලා මදැයි කියල බෝඩිමේ ඇන්ටිට හයසීයක් දීල ඇඳන් දෙක 'බුක්' කරගත්තු අපි කරේ තිබ්බ බෑග් ඇඳන් දෙක උඩින් තිබ්බේ අපේ අයිතිය අඟවන්න. හැරෙන තැපෑලෙන් ආපහු හයිලෙවල් පාරට ඇවිත් චිකන් කොත්තු දෙකක් කාල ඉස්ප්‍රයිට් දෙහෙකුත් බීල ගොල්ලීප් දෙකකුත් පත්තු කරගෙන ඔන්න සිමා කරන්න ඊළඟ පියවරත් තිබ්බ..

එදා සෑ තමයි සෑ.. බූරු ඇඳන් දෙකට වෙලා කයියක් ගහගෙන ඉන්නකොට ඔන්න එකා දෙන්න එනවා. සමහරු අපි ඉන්න බව දැක්ක.. සමහරු දැක්කෙත් නැද්ද කොහෙද.. ඒ එන උන් ඔක්කොමගේ තිබ්බේ එකම රුටීන් එකක්.. පොඩි තුවා කෑලි කරේ දාගෙන එලියට යනවා.. මුණයි කර දෙපැත්තයි පිහද පිහද ඇතුලට එනවා. ගඳ ගහන මේස් ජෝඩුව සපත්තු ජෝඩුවටම ඔබල සපත්තු ජෝඩුව කකුලෙන් ඇඳ යටට තල්ලු කරනවා. ඊළඟට කෝට්ටේ යටින් ගන්න පට්ට හඩු ගඳ සරමක් දෙපාරක් ගසල ඔලුවෙන් ඇතුලට බස්සන සැණින් කලිසම ඉණෙන් පහලට වැටෙනවා. මාරුවෙන් මාරුවට කකුල් දෙකෙන් පන්නන කලිසම දෙපාරක් ගසල කලිසම ඇතුලෙන් ගන්න තද පාට ගුලියක් එක සාක්කුවකට ඔබල බූරු ඇඳ ගාව ඇනේක කලිසම රන්දනවා.. ඊළඟට ඔටෝමැටිකලි අත යන්නේ කලුපාට ඔෆිස් බෑග් එකට.. ඇඳ උඩ වාඩිවෙලා අර බෑග් එකෙන් ගන්න පරාට, වඩේ, පොල් රොටි වගේ මොනවහරි දෙයක් උගුරෙන් පහලට තල්ලු කරලා ඇඳ යටින් බෝතලයක් අරං ගුඩු ගුඩු ගාල වතුර බෝතල් භාගයක් ගසනවා. සමහරු පත්තර කොලේ ගුලි කරලා ඈත තියෙන ඩස්බින් එකට විසි කරලා ඇඳෙන් නැගිටලා ජනෙල් පලුවෙන් අත් දෙක එලියට දාල බෝතලේ ඉතුරු වතුර ටිකෙන් අත සෝදනවා. සමහරු කොලේ විසි කරන්න කලින් එකෙම්ම අත පිහදලා දාල බෝතලේ ඉතුරු වතුර ටික හෙටට තියා ගන්නවා. ඊට පස්සේ මෙලෝ වගක් නැතුව ඇඳේ දිගාවෙලා දෙපරන්දේ අත් දෙක ගහගෙන බිත්තිය පැත්තට හැරිලා ගොරවන්න ගන්නවා. මේක බලාගෙන හිටපු අපි දෙන්නට සිමා වලට තුන්වෙනි පියවර තියන්නනම් ආපහු සිකරට් දෙකක් ඕනිම කියල තේරිලා ගෝල්ලිප් දෙකයි ගිනිපෙට්ටියයි අරං ලිඳ ගාවට යනවා. ආපහු කාමරේට එන්නේ හරියටම රෑ අටයි පනස් නවයට.. ලයිට් නිවන්න කලින් ඇඳන් දෙක හොයා ගන්න ඕනි නිසා.

නයිට් ඊස් ස්ටිල් වෙරි යන්ග් සහෝදරවරුනි. ලිඳ ගාව තිබ්බ කූල් එක විනාඩි පාළොහක් වගේ යද්දී ඇඳ ගාව දියවෙලා දාඩිය ගලන්න ගන්නවා. ඒ එක්කම වගේ කට ළඟ තිබ්බ සිකරට් සුවඳින් මත් වෙලා හිටපු නහය වැඩ පටන් ගන්නවා. දාඩිය ගඳ, පුස් ගඳ, ඉඳුල් ගඳ, සපත්තු මේස් ගඳ, කටවල්වල ගඳ, පඩ ගඳ එක්ක එළියෙන් එන කක්කුස්සි ගඳ එකතු වුනාම පට්ට සැලඩ් එක.. ඒ ගමන්ම අරලිය මල් ෆිල්ම් එකේ ෆ්‍රෙඩි සිල්වා කියපු කියමන ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා.. ෆ්‍රෙඩි කියන්නේ "උඩින් මදුරුවෝ උස්සගෙන යනවා යටින් මකුණෝ අල්ලාගෙන නොහිටින්න" කියල.. අම්මප.. මට නම් මේ මදුරුවොත් එක්ක තරහ ලේ බොනවටම නෙවෙයි.. කණ ලඟටම ඇවිත් තව 'තැන් කූ..ඌ..ඌ..' කියලත් යනවනේ.. කොහොම හරි මධ්‍යම රාත්‍රිය වෙන්න කලින්ම මම නම් සිමා හීනය දකින අදහස ඇත ඇරලම දැම්ම. තවත් දුක හිතෙන දේවල් දරා ගන්න බැරි නිසාම අපි දෙන්න උදේ අනිත් උන් ඔක්කොම යනකං කොට්ටවලින් මූණු වහගෙන ඉඳල පස්සේ නැගිටලා නාල කරලා ඇඳ ගත්ත සිමා එකට යන්න. ඇත්තටම මට හෙන ආඩම්බරයි මගේ යාළුවා ගැන මූ තාමත් එක හිතිං සිමා කරන්න හිත හදාගෙන ඉන්න එක ගැන..

උදේ නවයට දහයට විතර අපි දෙන්න බෞද්ධාලෝක මාවතේ කොහෙන්දෝ බස් එකෙන් බැහැල මළලසේකර මාවතේ ඇවිදගෙන ගිහිං සිමා එකට ගියා. උඹ රෙජිස්ටර් වෙනවද නැද්ද? අරූ අන්තිම වතාවටත් මගෙන් ඇහුව.. හිතට ආපු වචන ටික මං බොහොම සාවධානව කියල දැම්ම... මට බෑ හු** මේ හු** කට්ට කන්න.. උඹ ඕනේ හු*** කර ගනින්.. මං අද රෑ බස්සෙකේ ආපහු යනවා.. අපරාදේ උඹ අර හු*** මටත් එක්ක ගෙවපු තුන්සිය.. පුළුවන්නං ආයේ ඉල්ලා ගනිං.. වෙනදට එකට පහක් කියන එකා හෙන සාන්ත දාන්ත විදියට කට පියාගෙන ගිහිං රෙජිස්ට්‍රාර් හම්බුනා.. මං පහල ලොබි එකේ ලගා ගහ ගත්ත අරූ එනකං. ඔන්න එතකොටයි පින්වතුනි මං පෙර කරපු අකුසලයකින් කට ඉස්සරවෙලා සිමා කරන්න බෑ කියපු මෝඩකම මට ටික ටික වැටහෙන්න ගත්තේ.. සිරි පැරකුම් එකේ රජ්ජුරුවන්ගේ අන්තඃපුරේ වගේනේ යකඩෝ සිමා එක.. බාගෙට තං, බාගෙට ගල්, බාගෙට බුරි.. අම්මට උඩු.. බදුල්ලේ මොන කොලෑන්ස් ද? දැන් ඉතීම් පරක්කු වැඩියි.. ටෞකණ්ඩ.. අම්මප ඔය හරියේ හොඳ උස ගලක් තිබ්බනම් මම එදා අර මෝඩ බිසෝවරු කරා වගේ ඒකෙන් පහළට පැනල මැරෙනවා.
Related image
සිමා කරන්න එදා ඇවිත් හිටිය ගෑණු ළමයින්ගෙන් කොටසක්.. හැක්.
"හරි..යමං.." මගේ හීන සාගරේ බිඳගෙන අරූ කණ ළඟටම ඇවිත් කෑ ගහපි. අම්මට මුගේ තියෙන සතුට.. යකෝ සිමා කරන්න රෙජිස්ටර් වෙලා ඔහොමනම් අවුරද්දක් හමාරක් කරනකොට මූ සතුට වැඩිවෙලා වෙන ලෙඩක් හදා ගන්නත් බැරි නෑ.. මයේ මොකෝ.. උඹනේ කට්ට කන්නේ කියල මාත් වැඩි කතා බහක් නැතුව බෝඩිම පැත්තට යන බස් එහෙක එල්ලුනා. අර ඇඳුම් දෙක තුන තියෙන බෑග් එක ගන්න නැත්නම් අම්මප මම නම් ආයේ ඔය මුස්පේන්තු බෝඩිම පළාතෙවත් යන්නේ නෑ.. ඒත් ඉතින් සන්තකේට තිබ්බ සේරම එතනනේ. යන්නම වෙනවා.. මෙන්න බොලේ.. මම ගිහිං ඇඳුම් දෙක තුන බෑග් එකට ඔබා ගන්නකොට අරුත් උගේ ඇඳුම් බෑග් එකට දානවා..
"ආ.. බොල.. තෝ කොහේ යන්නද? ඇයි කෝස් එක පටන් ගන්න පරක්කු වෙනවද?"
"කවුද හු** කෝස් එක කරන්නේ?"
"එහෙනං සල්ලි දීල රෙජිස්ටර් උනේ මොන පු* අමරුවකටද?"
"හඃ.. හඃ.. හඃ.. මං මේ රෙජිස්ටර් වෙච්චි ලියුම ගිහිල්ල පෙන්නලා මිසක අපේ අම්මට මෙතන තියෙන අමාරුකම් කියුවොත් අම්ම විස්වාස කරයි කියල තෝ හිතනවද? ඈ යකෝ.. තෝ පොඩි කාලේ ඉඳලම අපේ අම්මව දැන ගෙනත්"
"#$%^&**&^%$#,.. හික් හික් හික්.. තොපේ තාත්තට කසන්න සල්ලි තියෙන නිසා හොඳයි.. එහෙනං යමං ආපහු පුරුදු බදුල්ලේම ලගා ගහන්න"

ඔන්නොහොමයි පිංවතුනි මේ කතාවට ප්‍රවිෂ්ට වෙන්ඩ කියල ලියපු මගේ සිමා කිරිල්ල ඉවර උනේ..

එදා මිටිං ඇරපු කුරුල්ලෝ වගේ ජම්බුගස්මුල්ල පාරෙන් ආපු අපි එක පයින් ගෙදර ගියා කියල හිතනවද? පිස්සුද ළමයෝ එහෙම යන්න. ඔය යාළුවගේ තාත්තා වැලිගම..  අම්මගේ ගම අහංගම ගොයියාපානේ.. (දැන් අවුරුදු හතළිහක් වෙලාවත් ඔය ගොයියාපාන කියනකොටම ඒකෙ පද පෙරලලා කියන්න හිතෙන එක අදටවත් නතර වෙලා නෑ කියහන්කෝ ඉතිං) උන්ගේ ලොකු අම්මලා ඇතුළු නෑදෑ සනුහරේම ඉන්නේ එහේ. ඉතින් එදා අපි පිටකොටුවෙන් මාතර බස් එහෙක නැගල ගියා ගොයියාපානේ.. 
Image result for pettah bus stand
පිටකොටුව CTB බස්ටෑන්ඩෙක..
ඒ ගිහින් නටපු විගඩන් කියනවනම් වෙනම ලියන්න වෙන්නේ. ඒක නිසා එහෙ දවස් කීපයක් නතර වෙලා හිටියා කියල විතරක් ලියන්නම්. ඉතිං අතේ සල්ලිත් හිඟ වෙනකොට නටන්න තියෙන පිස්සුත් ඔක්කොම නටල ඉවර උනාම අපිම හිතුව ආපහු බදුලු යන්න. ඒ යන්නේ මාතරට ගිහින් මාතරින් මොණරාගල බස්සෙහෙක වැල්ලවායට ගිහිං එතනින් බදුල්ලට ඔන්න ඔහොම දිග ගමනක්.. ඉතින් අපි එදා උදේ අහංගමින් පිටත් වෙලා මාතරට ඇවිත් මාතරින් මොණරාගල යන බස් එහෙකට නැගල කරලා පිටිපස්සට වෙන්න තියෙන සීට් එකක් බලල හරි බරි ගැහිලා වාඩි එහෙම උනා.. යාළුවා තමයි නඩේ ගුරා.. ඒ කාලේ මං ඔයි පැත්තට ආගන්තුකයි හොඳටෝම.. අනේ ටිකක් වෙලා යද්දී වයසක අම්මල ළමයි වඩා ගත්ත අම්මල එහෙම ඇවිත් අපි දෙන්නගේ සිට් දෙක දිහා බලනකොට අපි ඒවා දීල කෙලිම්ම පිටිපස්සේ ෆුට් බෝඩ් එකටම සෙට් උනා. ඒ කාලේ ඔය බස් වල සිකරට් එහෙම බොනවට විරුද්ද වීගෙන වීගෙන වගේ එන කාලේ.. ඒත් චන්ඩි ව‍ගේ උන් ඇතුලෙම බිව්වා.. අපි වගේ නොන්ඩි කලේ ෆුට් බෝඩ් එකට ඇවිල්ල සිකරට් එකක් ගහල යන එක. ඒක වැරද්දක් විදියට කවුරුත් හිතුවේ නෑ. ඉතීම් ෆුට් බෝඩ් යන එකේ එහෙම වාසියකුත් අපිට ලැබුන..
Image result for matara bus stand
මාතර බස්ටෑන්ඩ් එක..
ඔය බස් වල ගිහිං තියෙන ඈයෝ දන්නවා ඕකේ සීටින් ඇරෙන්ජ්මන්ට් එක.. ෆුඩ් බෝර්ඩ් එක ළඟම අනිත් පැත්තේ පේළියේ තුනේ සිට් එකේ එදා හිටියේ අපිට ටිකක් ඉතර වැඩිමල් අක්කල තුන් දෙනෙක්.. 'ගාමන්ට් එහෙක වැඩ කරන' ලක්ෂණ තිබ්බට එහෙම නොවෙන්නත් තිබ්බ. ඒ කෙලින්ම පිටිපස්සේ දිග සිට් එකේ හිටියේ 'අනිවා ආමි' පොරවල් තුනක්. හොඳ උස මහත කොල්ලෝ මතක විදියට.. උඩු රැවුල් වවල ෂර්ට් අත හීනියට වැලිමිටෙන් උඩට නවල බඩ මැද්දට වෙන්න ඇඳපු කලිසමට හිරට හිරේ යට කරපු ෂර්ට් එක, කොළපාට බෙල්ට් එක හා ටිකක් ලොකු ට්‍රැවලින් බෑග් එක තමයි ඒ කාලේ ආමි කොල්ලොන්ගේ අයිඩෙන්ටි කාඩ් එක. ඒ වගේම තමයි ඔහොම යාළුවෙක් හම්බුනාම අනිවාර්යයෙන් අහන ප්‍රශ්ණ තුනකුත් තිබුන.. 'දැන් කොහෙද ඉන්නේ? කවදද ආවේ? කවදද යන්නේ?' කියන්නේ ඒ ප්‍රශ්ණ තුන..
පරණ දොර දෙකේ CTB බස්සෙකක්.. පින්තූරේ ගත්තේ උත්පල දිල්හාන් ගේ ෆේමස් බස් බ්ලොග් එකෙන්..
ඔන්න ඉතිං වැඩේ.. අක්කල තුන්දෙනා ඉස්සරහ සිට් එකේ.. අයියල තුන්දෙනා පිටිපස්සේ සිට් එකේ.. අපි දෙන්න එතන ෆුට් බෝඩ් එකේ.. මාතරින් පිටත් වෙනකොට ටික ටික පටන් ගත්ත අයියලාගේ විහිලුව දෙවුන්දර හරියට වගේ එනකොට අක්කලාට කරදරයක් වෙච්චි බව පෙනුනා.. එතනින් තව ටිකක් ඉස්සරහට එනකොට ඒ අයියලාගේ හැසිරීම අක්කලාට විතරක් නෙවෙයි මුළු බස් එකටම කරදරයක් වී ගෙන ආව.. හැමෝම නුරුස්නා බැල්මක් දැම්ම මිසක් කවුරුත් ඉතින් ආර්මි ඩයල් නිසා කතාවකට ගියේ නෑ.. අපිනම් ඉතින් නුරුස්නා බැල්මක්වත් දාන්න ගියේ නැත්තේ අතේ දුරින් හිටපු නිසා.. හොම්බ තලාගෙන ගෙදර ගියාම අරුගේ අම්මගේ ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා හොඳයි ඇල්ල වැල්ලවාය පාරේ පල්ලමකින් පහලට පනින එක.. ඔන්න ඒ නිසා අපි දෙන්න ෆුට් බෝඩ් එකේ පහලටම බැහැල තව සිකරට් එකක් ගැහුවා ඉස්ට්‍රෙස් යන්න. මාතර ඉඳන් ගන්දර ට එන්න බස් එක පෑ බාගයක්වත් යන්නේ නෑ. ඒත් ගන්දරට එනකොට අයියල හොඳටම ෆෝම් වෙලා.. එහෙම තමයි ආමි අයියල.. ළඟ පිකප්.. 

ඔන්න ඒ වෙලාවේ අපේ කතා නායකයා ෆිල්ම් එකට එන්ටර් වෙනවා.

මේ කතා නායකයා ඉස්සරහ ෆුට් බෝඩ් එකේ කොන්දොස්තර මහත්තයා ළඟ කතාවක් දාගෙන හිටියේ.. වැඩිය උස මහත නැති අවුරදු විසි පහක විතර කොල්ලෙක්.. මූ මං බලාගෙන වෙඩිල්ලක් වගේ එනවා පිටිපස්සේ සිට් එක ලඟට.. ඇවිත් ආමි උන් තුන් දෙනාගෙන් තනියම ගේම ඉල්ලුවා වන්ෂොට් වන් වගේ.. "අඩොව්.. කැ* වැඩ කරන්න එපා ඩො.. උඹලටත් නංගිලා ඉන්නවා නේද? උඹල විතරක් නෙවෙයි මේ බස් එකේ යන්නේ.. තව ගෑණු මිනිස්සු ඉන්නවා .. පොඩි උනුත් ඉන්නවා...." ආදී වශයෙන්.. අම්මට.. ආර්මි උන් එහෙම සෙකන්ඩ් වෙනවද? අඩෝ.. තෝ කවුද ඩො අපිට උගන්නන්න.. දැනගන් අපි ආමි එකේ.. " ඔන්න බලලා පැන්න මල්ලෙන් එළියට. ඊට පස්සේ දෙපැත්තෙන්ම දරුණු වාග් සංග්‍රාමයක්.. හැබැයි තාම කවුරුවත්ම අතපය ඉස්සුවේ නෑ.. බස් එක ඉස්සරහට යනවා.. බස් එකේ හිටපු හැඩිදැඩි පිරිමින්ට නින්ද ගිහිං.. අපි දෙන්න අත් මිට මොළවාගෙන... ඒත් ආමි කාරයොන්ට පේන්නේ නැති වෙන්ට.. ගෑණු කට ඇරගෙන සින් එක දිහා බලාගෙන.. බස් එක තාමත් හිමි හිමින් ඉස්සරහට යනවා..

ඔහොම ගිහිං.. එක තැනකදී බෙල් එකක්වත් ගහන්නේ නැතුව බස් එක කඩයක් අයිනට කරලා නතර කරා. අපේ වීරයා අපි දෙන්නව තල්ලු කරගෙන පිටිපස්ස දොරෙන් එලියට පැනල කඩේ ලඟට දිව්වා.. ඒ සැණින් මූ ආපහු බස් එක පැත්තට දුවන් එනවා.. අම්මට සිරි ගජ.. කඩේ හිටි නොහිටි පිරිමි දහයක් විතර "උගේ අම්මට..&^&%$#" කියාගෙන මුගේ පස්සෙන්.. අපි දෙන්න ෆුට් බෝඩ් එකෙන් බස් එක ඇතුලට විසි උනා..වීරයා ආපු ස්පීඩ් එකටම පිටිපස්සේ සිට් එකට පැනල අරුන් තුන් දෙනාට එක මුෂ්ටි ප්‍රහාරය බැගින් එල්ල කරා. ඒ සංඥාව මගේ හිතේ.. අර පිටිපස්සෙන් ආපු රොත්ත බුරුත්තම අරුන් තුන්දෙනාගේ ඇඟට කඩන් පැන්න.. ඒක නෙවෙයි නියම සීන් එක.. කොහේ හිටිය ගෑණුද මංදා හෙන හමුදාවක් තත්පර ගාණකින් බස් එක වට කරා.. සමහරුන්ගේ අතේ කොහු ඉදල්.. සමහරුන්ගේ අතේ පිහි මන්නා.. සමහර ගෑණු බස් එකේ එල්ලිලා.. තව සමහරු අතේ තියෙන කොහු ඉදල් වලින් බස් එකට තඩි ගහනවා.. හැමෝම සමෝසමේ කුණුහබ්බ වපුරනවා.. මේ ඔක්කොටම එක විනාඩියක් යන්නැති මගේ හිතේ.. වීරයා ආපහු පැන්න බස් එකෙන් එළියට .. හරි හරී.. කියාගෙන.. ඩ්‍රයිවර් බස් එක ඇද්ද.. යන බස් එකෙන් ටිකක් දුර වෙනකනුත් කුණුහරප වපුරන කටවල් පැන්න.. ඊළඟට ඔක්කොම එක රොත්තට හූ..ඌ..ඌ.. කියුව.. බස් එක හෝන් එකක් ගහල සැර දාල ඇදල ගියා.. මම ටක් ගාල වීදුරුවෙන් එබිලා ළඟ තිබ්බ කඩේක බෝඩ් එකෙන් ගමේ නම බලා ගත්ත.. "තලල්ල"

ඊට පස්සේ තමයි පින්වතුනි කට්ටිය ආමි රණවිරුවෝ දිහා බැලුවේ.. අම්මට.. කෝ රණවිරුවෝ.. එතන හිටියේ ලේ පෙරාගෙන වැරහැලි ඇඳගත්ත මූණු ඉදිමිච්චි හිඟන්නෝ වගේ තුන් දෙනෙක්.. මෙන්න අර නින්ද ගිහින් හිටපු පිරිමින්ට ඇහැරිලා.. ඔහොම මදි.. තව මුන්ට තලන්න ඕනි.. ඒ  බස් එකේ පිරිමි.. වැඩේ කියන්නේ ගෑනුන්ගේ අනුකම්පාව මේ වෙනකොට පටාස් ගාල ආමි උන් තුන් දෙනාට යොමු වෙලා.. ඒ මදිවට සමහර ගෑනු අර කෙල්ලෝ තුන් දෙනා දිහා බලන්නේ හරියට උන් තුන්දෙනා අරුන්ට ගැස්සුවා වගේ.. තවත් සමහරු කෙල්ලොන්ට ඇනුම් පදත් කියන්න අරං.. බස් එක දික්වැල්ල ස්ටෑන්ඩ් එකට ආවා.. ඇත්තටම ස්ටෑන්ඩ් එකට එන්න කලින් අරුන් තුන් දෙනා බස් එකෙන් එළියට පැන ගත්ත.. හැමෝම සැනසුම් සුසුමක් හෙළුව.. ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තොර මහත්තයයි දෙන්න එකිනෙකා දිහා බලල ඔලොක්කු හිනාවක් හුවමාරු කර ගත්ත.. අපි දෙන්න ආයෙම ෆුට් බෝඩ් එකේ පහලම තට්ටුවට බැස්ස.. ඉස්ට්‍රෙස් එක අඩු කරගන්න..
ගුටි කාල සුදු කොඩිය දාන් යන තරුණයෙක්.. රණවිරු අයියලා එදා දික්වැල්ලෙන් එහාට යන්න ඇත්තේ මෙහෙම වෙන්නොනේ

දැන් අවුරුදු විසි ගානක් වෙලත් මම දික්වැල්ල මාතර අතර පාරේ යන්නේ කල්පනාවෙන්.. අර බෝඩ් එක දකිනකොට තාමත් ලාවට හී ගඩු පිපෙනවා.. ඒ එක්කම අර කිසි හේතුවක් නැතුව කුණුහබ්බෙන් බැන බැන බස් එකට තඩි ගහපු ගෑණු මතක් වෙලා පොඩි හිනාවක් යනවා.. "ඔයාට අර සිද්දිය මතක් වෙනවා නේද තාම?" ඒ අපේ බිරිඳ.. එයැයිට ඒ කාලේ සිද්දිය කියල තියෙනවා..  "අනේ අප්පච්චි ඒ කතාව කියන්නකෝ" ඒ ලොකු උන් දෙන්න.. මම ආයෙම හිනා වෙනවා.. මේ "තලල්ල" මෙතන කතා කියා කියා ඉන්න බෑ පරිස්සමෙන් එලවන්න ඕනි.. ඒ මම.. හැබැයි හිතෙන් කියන්නේ..


Monday, 20 February 2017

අධිවේගී මාර්ගයේ ප්‍රභූ ආරක්ෂක රථ පෙළ ඉදිරියෙන් මෝටර් සයිකල් ගමන් කිරීම අවශ්‍යද? ආරක්ශිතද? සදාචාරාත්මකද? Soldiers are paid to die, Right?

අධිවේගී මාර්ගයේ ප්‍රභූ ආරක්ෂක රථ පෙළ ඉදිරියෙන් මෝටර් සයිකල් ගමන් කිරීම අවශ්‍යද? ආරක්ශිතද? සදාචාරාත්මකද?

Image result for VIP escort bike
අද උදේ 9.30 ට පමණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදී දුටු දසුනක්.. කොළඹ සිට ගාල්ල දෙසට යන ප්‍රභූ රථයක ආරක්ෂක වාහන පෙළට ඉදිරියෙන් අධික වේගයෙන් ගමන් කල මෝටර් සයිකල් 3ක් පමණ දුටුවා. එය දුටු විට මට එකවරම සිහි උනේ ඒ යතුරුපැදි කරුවන්ගේ ආරක්ෂාවයි. සුවපහසු බෙන්ස් රථයක ආරක්ෂිතව ගමන් කරන ප්‍රභුවරයාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබෙන්නට ඇති. එහෙත් මේ ආරක්ෂක රථ පෙළ සංවිධානය කරන පොලිසියේ/ හමුදාවේ නිලධාරීන් ට ඔවුන්ගේ පහල සගයන්ගේ ආරක්ෂාව ගැන හැඟීමක් තිබිය යුතු බවයි මට හිතුනේ.. යම් අනතුරක් සිදුවුයේ නම් එම යතුරුපැදි කරුවන්ගේ ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු වෙනවා නොඅනුමානයි. අධිවේගී මාර්ගයට යතුරුපැදි කරුවන්ගේ ආරක්ෂාවක් පෙර ගමනක් අවශ්‍යද? ඔවුන්ගේ ජිවිත ආරක්ශිතද? අධි සුඛෝපබෝගී වාහනයක ගමන් කරන ප්‍රභූ වරයෙකු තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ යතුරුපැදි කරුවන්ගේ ජිවිත අධික අවධානමක හෙලීම සදාචාරාත්මකද?

වගකිවයුතු පාර්ශවයන්ගේ අවධානයට යොමු වේවා!

ප.ලි. අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදා ඇති පොලිසියේ යතුරු පැදි ද ඉඳ හිට මෙම මාර්ගයේ ගමන් ගන්නා නමුත් (එයත් ආරක්‍ෂිත නැත) ඔවුන් තමන්ට සුවපහසු වේගයක් තබාගෙන ගමන් කරති. නමුත් ප්‍රභූ ආරක්ෂක රථ පෙළක බෙන්ස්, ඩිෆෙන්ඩර්, ප්‍රාඩෝ ආදී වාහන සමඟ ඉදිරියෙන් ගමන් කරන මෝටර් බයිසිකල් වලට එසේ තමන්ගේ වේගයෙන් ගමන් කල හැකියැයි නොසිතමි. එම බයිසිකල් වල එන්ජින් ධාරිතාව ඉහල බවද වේගයෙන් ගමන් කල හැකි බවද සත්‍ය නමුත් ඔවුන් මේ අවධානම ගත යුතුද?

Tuesday, 14 February 2017

රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා.. A master to be the Commander; Far side of SL Navy

නිලන්ත ඉලංගමුව ගේ සටහනක්..
තවත් දින කිහිපයකි. ඒ නව නාවික හමුදාපතිවරයකු සේනාධිනායක මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කිරීම සඳහාය. වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ විශ්‍රාම යෑම එළඹෙන සතියට යෙදී තිබීම මූලික කොට ගනිමින් නව නාවික හමුදාපතිවරයා පත්කිරීම සඳහා මූලික අවශ්‍යතාවය මතු වී තිබේ.
නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වය අතින් මීලඟට සිටින නිලධාරියා වන්නේ රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා මහතාය. ඔහු මීලඟ නාවික හමුදපාතිවරයා බවට පත් කිරීම හෝ වෙනත් තෝරාගත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අදාළ තනතුර සඳහා පත්කිරීම රටේ නායකත්වය මත පැවරී ඇති වගකීමකි.
මීලඟ නාවික හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ඇති වගකීම සුළුපටු නොවේ. එය ඉතාම භාරධූර කාර්යයක් වන අතර රාජ්‍යය තාන්ත්‍රික මට්ටමින් ඉතාම වැදගත් මෙහෙවරක් මෙම පත්කිරීම ඔස්සේ සිදුවේ. එහි මූලික වගකීම පැවරී ඇත්තේ සේනාධිනායකයාට මෙන්ම ඔහු වටා සිටින රට වෙනුවෙන් අවංක කැපවීමෙන් කටයුතු කරන ඉතාම සුළු පිරිසටය. දක්ෂයෙකුට කෙසේ හෝ වල කපා සතුටු වන පිරිසට නොවේ. එසේම අග්‍රාමාත්‍යය වික්‍රමසිංහ මහතාටද මෙහිදී පැවරී ඇති වගකීම ඉතාම තීරණාත්මක වේ. ඔවුහු විසින් රටට සහ රටේ අනගාතයට වැදගත්වන සාදාරණ තීන්දුවක් ගනු ඇතැයි විශ්වාස කරමු.
ජ්‍යෙෂ්ඨත්වය අතින් මීලඟට සිටින නිලධාරියා සම්බන්ධයෙන් තුළනාත්මක අදහස් දැක්වීමක් අත්‍යවශ්‍යය යැයි සිතේ.  මන්ද, ට්‍රැවිශ් සම්බන්ධයෙන් රටේ ප්‍රධාන ජනමාධ්‍යය ඇතැම් අවස්ථාවලදී සත්‍යයෙන් තොර වාර්තා මෙන්ම විකෘති කරනු ලැබූ වාර්තා පල කිරීම සැබවින්ම කනගාටුදායක කාරණයක් වන හෙයිනි. විශේෂයෙන් එවකට නැගෙනහිර නාවික බලගණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබූ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා කොළඹට මාරු කොට ට්‍රැවිශ් නැගෙනහිර නාවික ආඥාපතිවරයා ලෙස පත්කිරීම බොහෝ දෙනෙකුගේ දෑසට ඉදිකටුවලින් අනින්නාක් බඳු විය. ඒ නිසාම ඔහුට එරෙහිව විවිධ කැලෑ පත්‍ර ලියවුණා පමණක් නොව ඔහු නාවික හමුදාවට කළ සේවය එමඟින් ලඝු කොට තැකීමට බොහෝ දෙනෙකු කටයුතු කරනු ලැබීය. එම මූලික කාරණයට යටත්ව,  මෙම කෙටි සටහන ඔහු සම්බන්ධයෙන් ලිවීම අත්‍යවශ්‍යය බව මෙම ලේඛකයාගේ පෞද්ගලික අදහස වේ. එසේම, ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව පුරා රටේ පුවසියෙකු ලෙස කළ අදහස දැක්වීම සමාලෝචනය කිරීමට මෙය ඉතාම උචිත අවස්ථාව ලෙස පෙනේ. එය ඉදිරි දින කිහිපය තුළදී සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
රියර් අද්මිරාල් ට්‍රැවිශ් සින්නයියා, ශ්‍රී ලංකා නාවික හමුදාව බිහිකළ අග්‍රගණය නාවිකයෙකු බව බොහෝ දෙනෙකු දන්නා නමුත් විවිධ දේශපාලන අවශ්‍යතාවයන් හේතුවෙන් හිතා මතාම අමතක කරනු ලබන කාරණයකි. එය ස්වභාවික තත්වයක් වන්නේ අනෙකුත් බොහෝ ආයතන මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවද කලාන්තරයක් තිස්සේ උග්‍ර ලෙස දේශපාලනීකරණය වීම හේතුවෙනි.
විශේෂයෙන් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් දයා සඳගිරි මහතා විසින් ඇතිකරනු ලැබූ අසංවිධාන පරිපාලන රටාව ආයතනය පුරා පිළිකාවක් මෙන් පැතිරුණු අතර, ඉන් ආයතනයට තිබු සැබෑ ගරුත්වය මෙන්ම විනය පිරිහීමට ලක් විය. ඉන් පසු නාවික හමුදාව බිහිකළ හමුදාපතිවරුන් අතර විශ්‍රාමික අද්මිරාල් කරන්නාගොඩ මහතා සහ වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හැරෙන්නට බොහෝ දෙනෙකු දේශපාලන ආවතේවකරුවන්ගේ භූමිකාවෙන් ඔබ්බට ගමන් නොකළහ. විශ්‍රාමික අද්මිරාල් තිසර සමරසිංහ මහතා ඉතාම විනයානුකූල චරියක් වූවා සේම ඔහු බොහෝ දෑ තම “සෞඛ්‍ය” උදෙසා හිතාමතාම අමතක කිරීමට තීන්දු කොට කටයුතු කළ නිලධාරියෙකි.
එම අසංවිධානාත්මක පරිපාලන රටාව නිසා විශ්‍රාම යෑමට දින කිහිපයක් තිබියදී තමන්ගේ හෝ තම දුවා දරුවන්ගේ උපන්දින මූලික කර ගනිමින් හෝ තම සහෝදරන්ගේ ඉල්ලීම නිසා නාවික හමුදාපති ධූරයට පත්වූ හෝ සේවා දිගු ලබාගත් නාවිකහමුදාපතිවරුන් බිහිවිය. වෘත්තීයමය කුසලතාවය සෑම විටම නොවැදගත් කාරණයක් වූ අතර,  ධූරාවලියේ ඉහල නැගීම සඳහා කෙතරම් දුරට පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටින එහෙයියෙකු වන්නේද යන්න මූලික අවශ්‍යතාවය බවට පත් විය. එවැනි තත්වයක නිවැරදිව රාජකාරි සිදුකරණ නිලධාරීන් හුදෙකලා වූ පිරිසක් බවට පත් වූහ.
එකල තම රාජකාරිය නිවැරදිව සිදුකළ පිරිසට  ගතහැකි පියවර දෙකක් විය. පළමුවැන්න කුමන හෝ පීඩාවක් විඳගෙන සේවයේ කටයුතු කිරීමය. දෙවැන්න කලින් විශ්‍රාම යෑම සඳහා ඉල්ලීමය. කලින් විශ්‍රාම යෑම, තර්කානුකූලව ඉතාම සියුම් කාරණයකි. මෙහි වෙනස තේරුම් ගැනීම සඳහා ප්‍රධාන උදාහරණ දෙකක් තිබේ.
පළමු උදාහරණය ට්‍රැවිශ් ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන් එකල පැවති ආණ්ඩුවේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනී නොසිටීම මූලික කරගෙන ආණ්ඩුව සිදුන් ඔවුන්ට විශ්‍රාම යෑමට අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීමය. මෙහිදී නාවික හමුදා නිලධාරීන්ට ඇවන්ට්ගාඩ් ඔස්සේ විශාල ඉල්ලමක් ලබාදෙන බවට වූ ටොපියද ආණ්ඩුව අතේ තිබුණි. ඇතැමුන් එම ඉතාම රසින් අනුභව කළෝය. ඇතැමුන් තම ගරුත්වය රැකගෙන හුදෙකළා වූහ. අවන්ට්ගාඩ් ඉතාම සියුම් දේශපාලනයක නිරත වූයේ එහිදීය.
දෙවැන්න, විශ්‍රාමික කර්නල් නන්දසේන ගෝඨාබය රාජපක්ෂ මහතා එකල පැවති ගැටුම්කාරී තත්වය හමුවේ තමන්ට ප්‍රතිකාර ගැනීමට අවශ්‍යබව පවසා විදෙස්ගත වීමය. මෙම සිදුවීම් දෙක ඉතාම කල්පනාවෙන් සලකා බලන විට සමාන සිදුවීම් දෙකක් ලෙස තේරුම් ගැනීමට කිසිවෙකු හෝ අන්ධ වන්නේද? තර්කානුකූලව ඒවායෙහි සමානකම් හඳුනාගත හැකි වුවද භූමියේ සැබෑ සත්‍යය හමුවේ එහි ඇති දේශපාලනය ඉතාම මැනවින් හඳුනාගැනීමට අටුවා ටීකා ටිප්පනි අවශ්‍යය නැත.
ට්‍රැවිශ් දේශපාලනික වශයෙන් පළිගැනීමට ලක් වූ නිලධාරියෙකු ලෙස පිළිගැනීමට අවශ්‍යය සාධක ඕනෑ තරම් තිබියදී හුදු තර්කානුකූල කාරණා මත එල්බ ගනිමින් ඔහු මුහුණ දුන් කටුක යතාර්ථය අමතක කිරීමට කිසිවෙකු හෝ උත්සහ කරන්නේ නම් එය වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කුහකකමකි.
කෙසේ වෙතත්, වත්මන් ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ නියෝග අනුව යමින් වත්මන් නාවික හමුදාපතිවරයා ඔහු යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීම ඉතාම වැදගත් සහ අත්‍යවශ්‍යය කාරණයකි. ඇතැමුන්ගේ පටු දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් විෂය දන්නා අයෙකු සේවයෙන් ඉවත්ව යෑමට අවශ්‍යය පසුබිම සැලසීම මඟින් රටට අහිමිවන්නේ අදාළ දැනුම් සම්බාරය සේම රටේ අනාගතය වෙනුවෙන් යම් යහපත් කටයුත්තක් සිදු කිරීමට හැකියාව ඇති අයෙකි. එසේම, විෂය දන්නා අයවලුන් ඈත්කර තැබීමෙන් කිසිඳු දේශපාලන නායකත්වයක් දිගුකාලීන වසී ලබා ගන්නේ නැත. කෙටි කාලීන බලයක් සමඟ පොරබදිමින් එය සදාකාලීක යැයි සිතා කටයුතු කොට මට්ටු වූ නායකයින් අතර ප්‍රධාන උදහාරණයක් වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය.  එනයින් බලන කළ ට්‍රැවිශ් යළි සේවයේ පිහිටුවීම මෙන්ම ඔහුගෙන් රටට ගත යුතු වගකීම් සමුදාය ගැනීම රටක නායකත්වය සතු කුසලතාවයකි. මෙය ට්‍රැවිශ් සම්බන්ධයෙන් පමණක් නොව තම වෘත්තීයමය ගරුත්වය රැකගෙන කටයුතු කරනු ලැබූ බොහෝ නිලධාරීන් සම්බන්ධයෙන් ඉතාම වලංගු කාරණයකි.
නමුත් දේශපාලන පළිගැනීම් වලට ලක් වූ ඇතැම් විශ්‍රාමික නිලධාරීන්ට ආණ්ඩුව පොරොන්දු වූ ඔවුන්ගේ ශ්‍රේණිය ඉහළ දැමීම පවා ඉතාම සියුම්ව මඟහැර තිබීම කනගාටුවට කාරණයකි.
ශ්‍රී ලංකාවේ සමුද්‍ර කටයුතු සම්බන්ධයෙන් සැබෑ විශේෂඥයින් අත්‍යවශ්‍යය කාලපරිච්ඡේදයක් අපි පසු කරමින් සිටින්නෙමු. ඉන්දීය දේශපාලන බලය හමුවේ සෑම මොහොතකම රත්වෙමින් පවතින ධීවර ගැටලුව පමණක් නොව අනෙකුත් ලෝක බලවතුන් ඉන්දීය සාගරය තුළ සිදුකරමින් සිටින ක්‍රමෝපායික භූ-දේශපාලන කටයුතු මනාව කියවීමට හැකි සහ එම කියවීම ඔස්සේ හුදු පෞද්ගලික වාසි වෙනුවෙන් නොව තම රටේ ශක්තිය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් අත්‍යවශ්‍යය මොහොතක් අපි පසු කරමින් සිටින්නෙමු.
මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව මත පැවරී ඇති වගකීම අතිශ්‍යය පුළුල් කාරණයකි. දූපත් රාජ්‍යයක නාවික හමුදාව යනු සෑම විටම අවදානම සමඟ රාජකාරී කිරීම පැවරී ඇති ආයතනයකි. යුද්ධය නිමා වුවද ඔවුහු සිදු කරන යුද්ධය නිමා වී නැත. එම මූලික වගකීම ඇවන්ට් ගාඩ් වැනි පෞද්ගලික සමාගමකට හෑල්ලූ වූ කාලයකින් පසු උදාවෙමින් පවතින තත්වය හමුවේ එය නිවැරදිව මෙහෙවීම සඳහා දැනුම මෙන්ම එම දැනුම නියමිත මොහොතේ නියමිත පරිදි භාවිතා කිරීමට හැකි නිලධාරියෙකු නාවික හමුදාපති ධූරයේ මෙන්ම එම විෂයානුබද්ධ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීම සඳහා පත් කිරීම අතවශ්‍යය වේ.
ට්‍රැවිශ් යනු විෂයය දන්නා නිලධාරියෙකු මෙන්ම එය නිවැරදි මොහොතේ භාවිතා කිරීම ප්‍රයෝගිකව පෙන්වූ නිලධාරියෙකි. එල්.ටී.ටී. ඊ. සංවිධානයට අයත් නෞකා වලට එරෙහිව ඉතාම සාර්ථකව මෙහෙයුම් රාශියක් සිදුකළ නිලධාරීන් අතර කැපී පෙනෙන්නෙකු වන ඔහු ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ කටයුතු මනා පරිචියෙන් පැහැදිළි කළ අයෙකි. ජ්‍යෙෂ්ඨත්වයෙන් පමණක් නොව තම වෘත්තීයමය භාවිතාව අතින් ඉතාම ඉදිරියෙන් සිටීමට හැකි වූ නිලධාරීන් අතලොස්ස අතරින් ඔහු ඉදිරියෙන් සිටින්නෙකි. රටේ ගැටලුව හුදු බහුවාර්ගිකයින් විසින් සුලුවාර්ගිකයින් තලාපෙලා දමන ජනවාරිගික අර්බුදයක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ අර්ථගන්වනු ලැබූ ත්‍රස්තවාදී උවදුරට ට්‍රැවිශ්ගේ භූමිකාව සියුම් භාවිතයකි. හිටපු විදේශ අමාත්‍යය ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා විසින් දේශපාලනික වශයෙන් දේශීය සහ විදේශීය ප්‍රජාව හමුවේ පිළිතුරු දීමට උත්සහ කරනු ලැබුවේ එම මූලික විසංවාදයයි.
ඇතැමුන් කළ හැකි සෑම දූෂිත කටයුත්තක්ම සිදුකොට ඉන් පසු රටේ සමුද්‍ර කටයුතු සම්බන්ධයෙන් නිබන්ධන ලියා යුද්ධය සහ එහි මෙහෙයුම් තමන්ගේ කර ගන්නා විට විෂය දන්නා අයවලුන් එවැනි විගඩම් දැක රටේ යහපත වෙනුවෙන් සිදුකළ හැකි කටයතු ගැන සිතන කාලයක අවශ්‍යය වන්නේ යමක් නිවැරදිව කළ හැකි අයෙකු වගකීමට සහ වගවීමට යටත් නිලයන් සඳහා පත් කිරීමය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටි කීර්තිමත් නාවික නිලධාරියෙකු වූ කැප්ටන් ඇල්ෆ්‍රඩ් තයෙර් මහතා විසින් ලෝකයට දායාද කරනු ලැබූ “ද ඉන්ෆ්ලුඅන්ස් ඔෆ් සී පවර් අපොන් හිස්ට්‍රි” ග්‍රන්ථයේ ( ග්‍රන්ථය කියවීම සඳහා පිවිසෙන්න –  https://archive.org/details/seanpowerinf00maha )  ඕනෑම රාජ්‍යය සාර්ථකත්වය රඳා පවතින මූලික කාරණයක් ලෙස සමුද්‍ර බලය අර්ථ ගන්වනු ලබයි. තයෙර් යනු එක්සත් ජනපදයට ඉතාම ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට මූලික දායකත්වයක් ලබා දුන් අයෙකි. එක්සත් ජනපදයේ සාර්ථකත්වය ඇත්තේ වෙන කිසි තැනක නොව විෂය දන්නා අයවලුන් නිවැරදි ස්ථාන වලට පත්කොට ඔවුන්ගෙන් උපරිම සේවය ගැනීමට පත් වූ නායකත්වය කටයුතු කිරීමය. එසේම එම නායකත්වය, ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් පෙනී සිටීමය.
මීලඟ නාවික හමුදාපතිවරයා පත් කිරීමේදී වත්මන් නායකත්වය හමුවේ පැවරී ඇති මූලික වගකීම නාභිගත වන්නේ එම මූලික කරණයට යටත්වය. එම ඉතාම වැදගත් තීන්දුව රටට මෙන්ම තම නායකත්වයේ නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව මුදුන්පත් වන ආකාරයෙන් ගනු ඇතැයි අපේක්‍ෂා කරමු.
උපුටා ගැනීම- http://www.slguardian.org/si/archives/14952 

Tuesday, 7 February 2017

ලෝටස් අජිත් ට මුල්‍ය අපරාධ චෝදනා? මෙවර නෙලුම්යාය බ්ලොග් සම්මාන නොපැවෙත්වෙන ලකුණු? It always seems impossible until it's done.- Nelson Mandela

නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කතා බහ ආයෙම පටන් ගෙන ඇත... විශේෂත්වය වන්නේ මෙවර ඊට වැඩිම ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ මතවාදීව නෙලුම්යාය සම්මාන උළෙලට එකහෙලා විරුද්ධ පාර්ශවයයි.. රසික සුරියආරච්චි මහතා පවසන පරිදි //"රාජපක්‍ෂ පාලන සමයේ අවසාන කාලයේ සිට, උග්‍ර මරාවාදී පිරිස් "ලංකානිව්ස්වෙබ්" සමග වෛර බැඳ ගෙන සිටියහ. ලංකාවේ සිට ඒ පුවත් අඩවියට පිවිසීමට හැකි පහසු ක්‍රම අසුරා වාරණයක් ද පනවා තිබුණි. දෙවසරකට පෙර සිදුවූ මරා ගේ පරාජයෙන් පසු ඒ වෛරය "ලංකානිව්ස්වෙබ්" හි කොටසක් ලෙස හඳුනාගත් "නෙළුම් යාය" වෙබ් අඩවිය දෙසට ද පැතිරිණි. නෙළුම් යාය සම්මාන උළෙල සහ එහි සංවිධායක අජිත් ධර්මකීර්ති පිළිබඳව වෛරය අප නමින් දන්නා සහ තවමත් නමින් නොදන්නා පිරිසක් අතර ඇති වී ඇත්තේ ඒ අනුව ය..// මෙසේ මතවාදීව නෙලුම්යායට එරෙහිවන බොහෝ දෙනා බ්ලොග් ලියන, නිතර බ්ලොග් කියවන හා එමෙන්ම මීට ටික කලෙකට පෙර බ්ලොග් ලොව ජය කෙහෙළි නැංවූ (එහෙත් දැනට උපක්‍රමිකව පසු බැස ඇනෝ වෙසින් පෙනී සිටින?) අප හොඳින් දන්නා හඳුනන අපේම මිතුරු බ්ලොග්කරුවෝම වීම සතුටට කරුණකි. ඔවුනතරින් සමහරෙක් ප්‍රසිද්ධියේම තම වෑයම තනිකරම දේශපාලන උවමනාවක් බව පිළිගැනීමට තරම් කශේරුකාවක් සහිත මහත්වරුන්ද වේ. මේ බ්ලොග් හුටපටයෙන් ඔබ්බට ඔවුන් ඉතා හිතවත් හොඳ මිතුරන් පිරිසක් බැවින් මෙසේ හොඳින් හෝ නරකින් නෙලුම්යාය ජනප්‍රිය කිරීමට හා ඔසවා තැබීමට වෙහෙසීම එක අතකින් අරුමයක් නොවේ. ගැල ඉදිරියටම යන බව ඔවුන් හොඳින් දනී. දේශපාලන අරමුණු අභිබවා යමින් ඇතැම් පිරිසක් නෙලුම්යාය කර්තව්‍ය හා සම්බන්ද වූ සමහරුන්ට පෞද්ගලිකව මඩ ප්‍රහාර එල්ල කිරීම නම් නොතරම් යැයි සිතේ. එහෙත් ගිවිසුම් නැති මේ එක පාර්ශවික ප්‍රහාරයේ භාවිත කරන නොකරන අවි ගැන කතා කිරීමට වඩා ඒ සඳහා ඔවුන්ට ඇති අයිතිය සුරකිමින් නිහඩ වීම සෑහේ. 

මෙවර අප පවත්වන්නට යෙදෙනුයේ නොකඩවා පැවැත්වෙන තුන්වන බ්ලොග් සම්මාන උළෙලයි. තව තැනින් තැන කඩින් කඩ බ්ලොග් සම්මාන ප්‍රධානය කිරීම් කිහිපයක් සිදු උනද අපේ විරුද්ධ මතධාරීන්ගේම කියවීමට අනුව නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙල යනු මෙදිවයිනේ ජනප්‍රියම හා විධිමත්ව පවත්වනු ලබන එකම බ්ලොග් සම්මාන උළෙලයි. මා හිතවත් බ්ලොග්කරුවන් දෙපොලක් වන ඉන්දික කොඩිතුවක්කු (සිංහයා)ගේ  හා දුෂාන් කරවිට (දුමී) ගේ සංකල්පයක් අනුව නෙලුම්යාය අවසාන වනවාත් සමඟම ඇරඹෙන 'බ්ලොග් වසන්තය' පාඨක සම්මාන ප්‍රධානෝත්සවය මෙහිලා කිසිසේත් අවතක්සේරු නොකිරීමට පසුගිය වර එහිද සම සංවිධායක වරයෙකු ලෙස කටයුතු කල මා නම් කිසිසේත් සුදානම් නැත. නෙලුම්යාය හා සමානවම මේ බ්ලොග් වසන්තය මගින් ඇති කරනු ලබන ප්‍රමෝදයෙන් ඉදිරි මාස කිහිපය තුල ශ්‍රී ලාංකික බ්ලොග් අවකාශය පිරි ඉතිරි යනු දැකිය හැකිවීම බ්ලොග් කලාවට ආදරය කරන අප හැමගේ බලාපොරොත්තුවයි. එමතු නොව මේ වෙනුවෙන් ආශාව, කැපවීම හා හැකියාව ඇති වෙනත් ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ඉදිරියේදී තව තවත් බ්ලොග් ඇගයීම් හා සම්මාන ලබාදීම සිදු කරන්නේනම් ඒ සඳහා හැකි සෑම අයුරකින්ම සහයෝගය දැක්වීමටද මා සුදානම් බව කිව යුතුමය. 

2015 මාර්තු මස 26 වන දින කොළඹ 5 ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවති පළමු බ්ලොග් සම්මාන ප්‍රදානය මට සිහිවේ. එහි පසුබිම දන්නා අයෙකු ඒ හා 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණ ප්‍රතිපලය අතර සම්බන්දතාවයක් පිළිබඳව සිතා ගැනීමට මැලි වනු ඇත. 2014 දෙසැම්බර් 30 දින හෝ ඊට අසන්න දිනෙක අජිත් ධර්මකීර්ති විසින් 2014 වසර සඳහා යෝජිත සම්මනලාභින්ගේ නම් ඔහුගේ කොළඹ ගමයා බ්ලොග් අඩවියේ පළකරද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා පරාජයට පත්ව සිටියේ නැත. ඒ වනවිට ඔහු ලංකා නිව්ස් වෙබ් හි නෙලුම්යාය විශේෂාංගය සංස්කරණය කරමින් එම වසර තුල වඩාත් අවධානයට ලක්වූ බ්ලොග් ලිපි නෙලුම්යාය විශේෂාංගය යටතේ නැවත පළකරමින් ශ්‍රී ලාංකීය බ්ලොග් කලාව ප්‍රචලිත කිරීමේ හුදෙකලා වෑයමක යෙදී සිටියේය. 2014 බ්ලොග් සම්මාන ලැයිස්තුව ඔහු විසින් ප්‍රසිද්ධ කරන තාක් ඒ පිළිබඳව සම්මානලාභීන් හෝ බ්ලොග් වලට සම්භන්ද වෙනත් පුද්ගලයෙකු දැන සිටියායැයි මා විශ්වාස කරන්නේ නැත. පළමු සම්මාන උළෙලේදී තිබු ලොකුම අභියෝගය සම්මාන ලබා ගැනීම සඳහා බ්ලොග් කරුවන් ගෙන්වා ගැනීමයි. අජිත් ධර්මකිර්තිගේ ඒ නොසැලෙන උත්සාහය නොවන්නට නෙලුම්යාය බ්ලොග් සම්මාන ප්‍රධානය මහපොළොවේ යථාර්තයක් නොවන්නට බොහෝ ඉඩකඩ තිබුණි. මා ඇතුළු බොහෝ බ්ලොග් කරුවන් නෙලුම්යාය හා එක්වන්නේ ඉන් අනතුරුවයි. 

වඩා සංවිධානාත්මකව හා වැඩි සහභාගිත්වයකින් 2015 වසර සඳහා වූ බ්ලොග් සම්මාන ප්‍රධානය දෙවන වරට 2016 මාර්තු 26 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදීම පවත්වන්නට හැකිවීම ඒ සාමුහික උත්සාහයේ ප්‍රථිපලයයි. ශ්‍රී ලාංකීය බ්ලොග් කලාවේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ සුවිශේෂී දායකත්වය සලකා ජිවිත කාලයේදී එක වරක් පමණක් පුද දෙනු ලබන 'නෙලුම්යාය විශේෂ සම්මානය' ලබාදීම ආරම්භ කිරීම දෙවන බ්ලොග් සම්මාන උළෙලේ විශේෂත්වයයි. 

2015 වසරට සාපේක්ෂව 2016 වසර ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය තුල හැල හැප්පීම් අඩු වසරක් ලෙස දැකිය හැක. නමුත් 2016 වසර තුල සිංහල බ්ලොග් අවකාශයට එකතු වූ හා ක්‍රියාශීලි වූ සුවිශේෂී බ්ලොග් රචකයින් කිහිප දෙනෙකු නිසා බ්ලොග් අවකාශය වඩාත් අවධානයට හා ආකර්ෂණයට ලක්වීම නිතැතින්ම සිදුවිය. නෙලුම්යාය බ්ලොග් ඇගයීමේ කාර්යභාරය වඩාත් අවධානයට ලක්වන්නේත් මේ පසුබිම තුලයි. 

***************************************************
2015 බ්ලොග් සම්මාන ප්‍රධානොත්සවයෙන් අනතුරුව ඒ පිළිබඳව ඉතා සාධනීය විවේචන, අදහස් හා යෝජනා රැසක් මතුවිය. මේ සියල්ල හා ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් 2016 වසර සඳහා වූ බ්ලොග් සම්මාන උළෙල සඳහා නෙලුම්යාය සංවිධායක මණ්ඩලය ලෙස අපි මේ වනවිට සයිබරයේ පෙළ ගැසෙමින් සිටිමු. සම්මාන සඳහා සළකා බැලීමේදී සමහර බ්ලොග් අඩවි හා බ්ලොග් ලිපි මඟ හරි යාමේ අවධානමක් ඇත යන්න පසුගිය වර නැගුනු එක අදහසකි. එය සිදුවිය හැකි තත්වයකි. එම නිසා මෙවර අපේ හිතවත් අටම්පහුර බ්ලොග් අඩවියේ ලක්මාල් කන්දෙවිදාන හෙවත් 'අටමා' විසින් නෙලුම්යාය සඳහා ඔබේ නිර්දේශ ලිපි හා බ්ලොග් අඩවි ඉදිරිපත් කල හැකි ලෙස වෙනම බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය අතර මුල් කාලයේ ඊට බොහෝ යහපත් ප්‍රතිචාර ලැබිණි. අනතුරුව අටමා ගේ මුලිකත්වයෙන් ම පසුගිය ජනවාරි 31 වන දින දක්වා තව දුරටත් ඊමේල් මගින් නිර්දේශ ලබා ගැනීම සිදු කරන ලදී. මේ ලද නිර්දේශ වලට අමතරව සියලු බ්ලොග් සින්ඩිකේටර් වල 2016.01.01 දින සිට 2016.12.31 දින දක්වා පළවූ බ්ලොග් ලිපි විනිශ්චය මණ්ඩලයේ අවධානයට ලක්වනු ඇත. මේ ගතවෙන්නේ එම කාලවකවානුවයි. 

සියලුම කැටගරි සඳහා විනිශ්චය මණ්ඩලයේ අවසන් නිර්දේශිත ලිපි/ බ්ලොග් අඩවි 5 (හෝ 3) තව නොබෝ දිනකින් එලි දැක්වීමට අපි සුදානමින් සිටිමු. එළඹෙන මාර්තු අවසන් සතියේ කොළඹ හෝ ආසන්න ස්ථානයක සංවිධානය කරනු ලබන සරල හා සුහදශීලී හමුවකදී 2016 වසරේ බ්ලොග් ලොව කිරුළු දරන්නෝ සම්මානයට පාත්‍ර කරනු ඇත. දිනය වෙලාව හා ස්ථානය හරියටම ඉදිරියේදී සඳහන් කරන්නෙමු. 

ගැල ඉදිරියටම ගමන් කරනු ඇත!!!
ප.ලි. උත්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවී ඇති බැවින් නෙලුම්යාය ප්‍රචාරක කර්තව්‍යයේ යෙදී සිටන ප්‍රොෆයිල් සහ ඇනෝ මහතුන් සමඟ වූ ඉතා වටිනා හා සිත්ගන්නා සුළු වූ කොමෙන්ට් සංවාද වලට නිතර එක් වීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.  

Wednesday, 1 February 2017

ලංකාවේ නරකම නිලධාරින්ය... Politicians are little better

[බ්ලොග් හා සමාජ මාධ්‍ය ආශ්‍රිතව අක්‍රියව නැත්නම් අඩුවෙන් සක්‍රියව ගෙවුණු මාස කිහිපයකට පසු නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ තුන්වන පියවර වෙනුවෙන් නැවත වෙහෙසීමට සිදුවීමත් සමඟ නැවත කාලය කළමනාකරණය කර ගනිමින් 'කලාහිත' යාවත්කාලින කිරීමට කරුණු යෙදී ඇත. ඉදිරි දින වලදී 2016 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කටයුතු සිදුවන ආකාරය කලාහිත හරහා ඔබ වෙත වරින් වර රැගෙන ඒමට කටයුතු කරමි.]

දේශපාලනය හා ඒ හා සම්බන්ද චරිත පිළිබඳව මා දියාරු උනන්දුවක් ප්‍රකට කලද එයින් සම්පුර්ණයෙන්ම බැහැරව සිටීම කල නොහේ. රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා හා ප්‍රාදේශීය ලේකම් වරියක අතර ඇතිවූ මත බේදය සමඟ ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව නැවත කතාවක් හටගෙන ඇත. මේ ලියන්නේ අදාල සිදුවීම ගැන නොව මේ දිනවල මා අත්දකිමින් සිටිනා රාජ්‍ය නිලධාරීන්ගේ නොදැමුණු, උඩඟු, වහසි හා අකාර්යක්ෂම එමෙන්ම තම විෂය පිලිබඳ ඇති අල්ප දැනුම යාවත්කාලින කර ගැනීමට හෝ සුදානම් නැති අප්‍රසන්න කතා කිහිපයකි.
Photo courtesy- www.hirunews.lk

පෞද්ගලික කාරණා වුව කාලය පිලිබඳ ගැටළුවෙන් බ්ලොග් එක හිතා මතා අමතක කිරීමට බලපෑම් කල කරුණු බොහොමයක් පසුගිය මාස කීපය පුරා නොකඩවා යෙදිනි.. නාය යාමට ලක්ව අවධානම් කලාපයේ පිහිටි එමෙන්ම ගමනා ගමනය සඳහා ඉතා විශාල වෙහෙසක් දැරීමට සිදුවූ බදුල්ලේ අපේ මහ ගෙදර සිට වඩා පහසු බිරිඳගේ ගම වන ගාල්ලට දරු පවුලත් සමඟ මාරුවී පැමිණීමට කලෙක පටන් තිබු සිහිනයකි. කරුණු කාරණා යෙදෙන විදිය අනුව මේ සඳහා සුදුසුම කාලය 2016 වර්ෂාවසාන පාසල් නිවාඩුව බව අපි කලින්ම සැලසුම් කරගෙන සිටියෙමු. 

වෙනස්වීම් කළමනාකරණය (Management of Changes) කර ගැනීමේ මහා මෙහෙයුමක් වන මේ 'මාරුවේ' වඩාත්ම අපහසු අයිතමයන් වන්නේ ඉඩමක් මිලදී ගැනීම, නිවසක් ඉදිකර ගැනීම හා දරුවන් සඳහා සුදුසු පාසල් සොයා ගැනීමයි. වෙනත් රටක නම් මේ තුන්වෙනි කාරණාව නොසැලකිය යුතු තරම් පහසු කටයුත්තක් වුවත් ලංකාවේදී අනෙක් සියලුම කරුණු ඒ මත තීරණය කිරීමට තරම් අපහසු ඉතා බැරෑරුම් වගකීම එයයි. බලාපොරොත්තු මුදුන්පත් කරමින් ශිෂ්‍යත්ව මහා දුර්ගය තරණය කල දියණිය මේ වගකීමේ හරි අඩකින් මා නිදහස් කල පසු මා ඉතිරි කොටසට කර ගැසුවේ තරමක සහල්ලුවකිනි. නමුත්..

මුලින්ම ඉඩම මිලදී ගැනීම සඳහා බැංකු ණය වෙනුවෙන් ඉල්ලන අටෝරසියක් ලියකියවිලි සෙවීම සඳහා බිරිඳගේ පියා ප්‍රාදේශීය සභාවල, දිස්තික් ලේකම් කාර්යාල වල, ඉඩම් කාර්යාලවල දිනපතා සති ගණන් රස්තියාදු වන්නට විය.. මා මෙන් නොව ඕනෙම වැඩක් කර ගන්නට සුදුස්සෙක 'අල්ලා ගන්නා' ඔහු ඒ වෙනුවෙන් රුපියල් සීය, දෙසිය, පන්සීය, දාහේ ඒවා නොමසුරුව වියදම් කලේ 'නැත්නං තව දවස් ගානක් යන්න වෙනවා' කියමිනි. වරක් එක නෝනා කෙනෙක් හමුවී පරණ ලියවිල්ලක් සොයා ගැනීමට උත්සහ කල ඔහු අදාළ නෝනා මට දුරකතනයෙන් සම්බන්ද කලේ 'මේ මිස්ට පොඩ්ඩක් කතා කරන්නකෝ' කියමිනි.. අහෝ.. ඒ අදාල නෝනා කිසි හිරිකිතයක් නැතුව 'මහත්තය ඉතින් බලල මොනා හරි කරානම් ඕක හෙටම හොයල හදල දෙයි නැත්නම් ඉතින් අපිට කියන්නත් බෑනේ ඒ ගොල්ලන්ට' කියා මට කිවේය.. කටට ආ කුණුහරුප අමාරුවෙන් ගිලගත් මා 'මම තාත්තට කියන්නම්- තාත්තට ෆෝන් එක දෙන්නකෝ' කියා 'ලියුම නැතුව නිකං ආවත් සත පහක් දෙන්න එපා ඕකුන්ට' කියා තාත්තට කියා දුරකථනය විසන්ධි කලෙමි. එහෙත් ඔහු කෙසේ හෝ පහු වෙනිදා 'අදාළ පත් ඉරු සහිත ලිපිගොනු විනාශ වී ඇති බව' සඳහන් ලිපියක් සකස් කරවාගෙන පැමිණියේය. පසුව දැනගත් පරිදි ගාල්ල දිස්තික් ලේකම් කාර්යාලයේ බොහෝ 'නෝනා'වරු මහත්වරුන්ව අබිභවා පාගා ගැනීමේ රුසියෝය.. සමහරුන් එහි නීතිමය තත්වය ගැන අවබෝධයක් නැතුවාක් මෙන් එන එන උන්ට මේ කතා මෙලෙස කීමට පසුබට නොවෙති. එක්කෝ උන්ගේ මෝඩකමය. නැත්නම් පෙරේත කමය.. එහෙමත් නැත්නම් උද්දච්ච කමය.. ඒ මොක උනත් එය අප්‍රිය සහගතය.   

දෙවෙනි කරුණ ආරම්භ වන්නේ 2016 ඔක්තෝබර් මස 14 වෙනිදා යි. බැංකු ණය මත ඉඩම මිලදී ගත් මා ඒ සඳහා වරලත් වාස්තු විද්‍යාඥයෙකු විසින් ඇඳ සහතික කරන ලද නිවාස සැලසුම, වරලත් සිවිල් ඉංජිනේරුවෙකු විසින් සකස් කර සහතික කරන ලද ඇස්තමේන්තුව සමඟ ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන සියලු ලිය කියවිලි නිසි ලෙස සම්පුර්ණ කර අදාළ ගාස්තු ගෙවා මෙදින බිරිඳගේ පියා සමඟම ගොස් අක්මීමන ප්‍රාදේශීය සබාවට නිසි පරිදි බාර දී (එහි දී ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිළධාරී වරයා විසින් අදාල ලියකියවිලි සියල්ල පරික්ෂා කර බලා නිසි පරිදි ඇති බව තහවුරු කරන ලදී) පැමිණියෙමි. මේ කටයුතු සඳහා ආසන්න වශයෙන් සති තුනක් පමණ ගතවන බව එහිදී විෂය බාර කළමනාකරණ සහකාරවරිය මට පැවසුවාය.   

පසුදින, අපි කිසිවෙකු බලාපොරොත්තු නොවූ මොහොතක හදිසි හෘදයාබාදයකින් බිරිඳගේ පියා අප අතහැර ගියේය. එතෙක් කලක් අපි විසින් අඩු වටිනාකමක් ලබා දී තිබු ඔහුගේ අත්දැකීම්, සමාජ සඹදතා, පුද්ගල සඹදතා ඇතුලත් වූ ඒ නිහඬ සේවය හා ඕනෙම කලබලයකදී කලබල නොවී පාන ඒ මන්දස්මිතය මෙතරම් අඩුවක් අප වෙත ඉතිරි කර යාවියයි එදා නොව අදවත් මට සිතා ගත නොහැක. සියලු සැලසුම් උඩු යටිකුරුවී ගිය ඒ මරු පහරින් අවම වශයෙන් මාසයක කාලයක් මට මා අහිමිවිය. එයින් මතු පියවි සිහිය එළඹගත් මා නිවාස සැලසුම ගැන විපරම් කරද්දී.. අහෝ.. එතෙක් ප්‍රාදේශීය සභාවෙන් ඊට 'අතවත් තබා නොතිබිණි'.. 

'ටී ඕ මහත්තය හම්බවෙලා කියක් හරි දෙන්න.. නැත්නම් ඕක මේ කපේට ගන්න වෙන්නේ නෑ.. අපිත් කරේ එහෙමයි' මේ ගැන කතා කල උන්ගෙන් 90%ගේ උපදෙස එය විය. ඒත් මට පගා දීමට (ඒ ගැන ඇසීමට) වචන සොයා ගත නොහැක. අනික අපේ ක්ෂේත්‍රයේම නිලධාරියෙකුට? මට කොහොමත් පගා දීම හුරු නැත. පගාවක් කියා යමක් මා මෙතෙක් දී ඇත්නම් ඒ යම් උදව්වක් ගත් 'හිතවතෙකුට' නිදහස් වෙලාවක කතා කරගෙන 'බාර් එහෙක සෙට් වීමයි' එසේත් නැත්නම් ප්‍රති උපකාරයක් කිරීමයි. උදව් ගත් නොගත් බොහෝ 'හිතවතුන්ට' මගේ මේ පගා මා ලබා දී ඇත. සමහර හිතවතුන් සෙට් උනාට පසු මට බිල ගෙවන්නටද නොතබා ඔවුන්ම බිලද ගෙවා දමති. නැතිනම් සෙට් වෙන්නෙම ඔවුන්ගේ ගෙවල් වල ඔවුන්ගේ ආරාධනයෙනි. සතුට නම් වැඩිපුරම ඇත්තේ එවන් හිතවතුන් විමත් හිතවතුන් ගෙන් හැර අන් අයගෙන් මෙතෙක් උදව් ලබා ගැනීමට සිදු නොවීමත්ය. අනිත් සියල්ල නිසි මගින් ඉටු කරගන්නා රාජකාරී බැඳීම් පමණි. නමුත් දැන්.. මගේ වැඩය හෙවත් ඔවුන්ගේ රාජකාරිය කර දීමට 'මුදලින් පගාවක්' දෙනතෙක් අයෙක් බලා සිටි. 

මම දැඩි තීරණයකට එළැඹිමි. ගේ හැදුවේ නැතත් පගා වශයෙන් සත පහක් නොදෙමි. පගා නොදී නිරන්තරයෙන් කල බලපෑම් වල ප්‍රතිපලයක් ලෙස සැලසුම බාරදී මාස දෙකකුත් දින දෙකකට පසු එනම් 2016.12.16 දින ප්‍රාදේශීය සභාවේ හා NBRO එකේ අනුමැතිය ලබාගෙන අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත අනුමැතිය සඳහා මගේ සැලසුම ඉදිරිපත් කරන ලදී. ඉන්පසු උදාවුයේ ඉහත පරිච්චේදයේ දෙවන කොටසයි. වෙනස වුයේ ටී ඕ මහත්තයා වෙනුවට පී එච් අයි මහත්තයා යන්න ආදේශ වීම පමණි. ඒ මාසය තුල මගේ දුරකතනයෙන් වැඩිපුරම ඇමතුම් ලබා ගෙන ඇත්තේ අක්මීමන MOH කාර්යාලයට විය යුතුයි. මේ අතර පසුගිය ජනවාරි මැද මියගිය පියාගේ තුන්මස දානය යෙදී තිබීම නිසා දින කිහිපයක් මගෙත් MOH කාර්යාලයේත් දුරකථන වලට විවේකයක් ලැබුණි. නැවත මා ඔවුන් ඇමතු ජනවාරි 20 දින වන විට අවම වශයෙන් මගේ ලිපි ගොනුව වත් සොයා ගැනීමට එහි සිටි නිලධාරිනියට නොහැකි වීම නිසා නැවත ප්‍රාදේශීය සභාව අමතා අදාල ලිපිගොනු අංක හා දින ලබා දුන් පසු මට දැන ගැනීමට ලැබුනේ අමුතුම පණිවුඩයකි. 

'මහත්තයාගේ ප්ලෑන් එක මීටර්/ මිලි මීටර් වලින් තියෙන්නේ කියල අඩි අඟල් වලට හරවල ආයේ ඇඳලා ගේන්න කියල PHI මහත්තය නෝට් එකක් දාල තියෙනවා.. ඉතින් මේක අපි ආපහු සභාවට යවනවා..' 

මම.. 'හෑ.. අපි රටක් විදියට මෙට්‍රික් ක්‍රමේට හැරුනේ මිට අවුරුදු 30 කටත් කලින් නේද?' 

ඇය.. 'ඒවා මම දන්නේ නෑ මහත්තය.. ලියල තියෙන එක තමයි මම කියුවේ.. දැන් මේක මැඩම් ට දාල සයින් කරන්න ඕනි.. මැඩම් අද ඔෆිස් එකේ නෑ. ලබන සඳුදා අත්සන් කරවල බදාදා තමයි සභාවට යවන්න වෙන්නේ.. බදාදට තමයි සභාවේ ලියුම් අරන් එක්කෙනක් මෙහෙ එන්නේ.. ඊට පස්සේ මහත්තය සභාවට ගිහින් කතා කරගන්න..'

එයින් එළබුණු බදාදා දිනයේදී මා නිවාඩු ලබාගෙන ගොස් එක දිනක් තුල ප්ලෑන් එකේ එක කොපියක සියලුම දුරවල් ආදී අඟල් වලින් සටහන් කර ප්‍රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරී ලවා සහතික කරවාගෙන ප්‍රාදේශීය සභාවේ ලියුම්කරු මගේ වහනයේම නංවාගෙන ඔහු සමඟ ගොස් අදාල ලියකියවිලි නැවත MOH කාර්යාලයට බාරදී ආවෙමි. මේ දිනය තුල ප්‍රාදේශීය සභාවේදීත් MOH කාර්යාලයේදීත් මේ අඩි අඟල් ඉල්ලීම ගැන මා ඔවුන් සමඟ කල සංවාද විවාද තර්ක විතර්ක මෙහි සටහන් කිරීමට වෙනම පෝස්ට් කීපයක් ලිවිය යුතු වේ.. අවසානයේ තේරුම් කර ගත දෙය නම්, මුලින්ම සටහන් කර ඇති පරදි මේ 'රජයේ සේවකයින්' නොදැමුණු, උඩඟු, වහසි හා අකාර්යක්ෂම එමෙන්ම තම විෂය පිලිබඳ ඇති අල්ප දැනුම යාවත්කාලින කර ගැනීමට හෝ සුදානම් නැති අප්‍රසන්න අමුම අමු ගෝත්‍රිකයින් පිරිසක් බවයි. ඔවුන් සමඟ තර්ක කිරීම විනා යටත් පිරිසෙයින් කතා බහ කිරීමට පවා මම ඉදිරියේදී මැළි වෙමි.

මගේ නිවසේ සැලසුම තවමත් අනුමත වී නැත...

අපේ ප්‍රයෝරිටි ලිස්ට් එකේ ඊළඟ කාරණාව වූ දෙවෙනි දරුවාට 'ජාතික' පාසලක් ලබා ගැනීමේ උත්සාහය නිසි මගින් ඉල්ලීම් කරමින් මේ හා සමානම වූ අප්‍රිය සහගත අධ්‍යාපන සේවා නිලධාරීන් රැසකගේ අමන මරි මෝඩ හා උද්ධච්ච කතා අහන් සිට ලබා ගත් අත්දැකීම් සහිත එකම එක උත්සහයකින් පසු අත්හැර දමා අපිට සුදුසු හා පහසු යැයි සිතුනු ප්‍රාථමික පාසලකට දරුවා ඇතුලත් කිරීමෙන් අවසන් විය. 

රන්ජන්ලා තෙවර්ප්පෙරුමලා සිල්වලා ප්‍රශ්ණ විසඳන අයුරු වැරදි බව හැබෑය.. හැබැයි මට මෙතෙක් හමුවූ නරකම පිරිස ඔවුන් ඇතුළු දේශපාලකයින් නොවේ.. දේශපාලකයින් බොහොමයක් තුල යම් පමණක 'වගවීමක්' ඇත.. ලංකාවේ නරකම 'රාජ්‍ය නිලධාරීන්' බව මගේ හැඟීමයි.

මේ ලිපියෙන් අසාධාරණ චෝදනාවකට ලක්ව සිත් රිදීමකට ලක්වූ අතලොස්සක් වූ මා බොහෝ සෙයින් කැමති අවංක හා දක්ෂ නිලධාරීන්ගෙන් මට කමත්වා! 

Tuesday, 20 December 2016

පෙනෙන දේ තුල නොදකින දේ A tax free value addition to sinhala blogging

මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීමකි!



දිනය - 2013 අප්‍රේල් මාසයේ දිනයක්  
ස්ථානය - වත්තහේන කණිටු විදුහල

මම - ඉස්කෝලෙට විදුලිය ලැබීම නිසා සිදු වූ ලොකුම හොඳ මොකද්ද?

විදුහල්පති - අපි මේ ඉස්කෝලෙට කරන්ට් එක ආවහම … ඉස්සෙල්ලම කරේ සල්ලි ටිකක් හොයාගෙන වතුර පොම්පයක් අරන් … වතුර ටැංකියක් හයි කරලා ටොයිලට් එකට වතුර දුන්නා

මම - හ්ම්ම්ම් (මම හිත ඇතුලෙන්  “ඕකේ  ඉතින් මොකද්ද මහා හොඳේ ???”)

විදුහල්පති - එකෙන් කර ගත්ත ලොකුම දේ තමා අපි ළමයින්ට හරි විදියට වැසිකිලි යන හැටි කියල දුන්නා …. එතකන් එක ළමයෙක්වත් හරි හැටි වැසිකිළියට  යන හැටි දැනන්  හිටියේ නැහැ….. (දිගටම කියවන්න මෙතන click කරන්න)

පෙනෙන දේ තුල අපි නොදකින බොහෝ දේවල් තියෙනවා.. ඒ දේවල දකින්න බොහෝ විට අපිට අදාල විෂය පිලිබඳ දැනීමක් තියෙන්න ඕනි.. ඒත් ලෝකේ තියෙන හැම විෂයක් සම්බන්දයෙන්ම ඉගෙන ගන්න හැකියාවක් අපිට නෑ. විදුලි හා විද්යුත් ඉංජිනේරු විෂය මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක වලට අයත් බලශක්ති සංරක්ෂණය/ කළමනාකරණය කියන්නේ ඉතාමත් පුළුල් ඒ වගේම මේ වෙනකොට ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන විෂයයක්.. මගේ බ්ලොග් එකේ කිහිප තැනක මින් ඉහත මා මිත්‍ර නදීර විජේසිංහ ගැන සඳහන් කරලා තියෙනවා. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක් වෙන නදීර අනෙක් බොහෝ විදුලි ඉන්ජිනේරුවන්ගෙන් වෙනස් වෙන්නේ විදුලි බලශක්තිය උත්පාදනය හා කළමනාකරණය ගැන ඔහු දක්වන සැලකිල්ලෙන් ආ ඒ පිලිබඳ ඔහුගේ ආකල්පයෙන්.. සුර්ය බල ශක්තියෙන් විදුලිය උත්පාදනය, ගල් අඟුරු බලාගාර වලින් වෙන පරිසර දුෂණය, ඩිසල් මගින් ජනනය කරන විදුලිය වෙනුවෙන් අපි වැය කරන මිළ වගේ දේවල් ගැන ඔහුගේ කියවීම ඇත්ත වශයෙන්ම ඇස් අරවන සුළුයි. මගේ ලොකු උවමනාවක් තිබ්බ නදීර ලවා බ්ලොග් එකක් ලියවන්න. ඒ වෙනුවෙන් සිංහල බ්ලොග් අවකාශයේ තවත් ජේෂ්ඨ බ්ලොග් කරුවෙක් වන 'තිලකසිත' ගෙන්ද නදිරට ලොකු තල්ලුවක් ලැබුණා..

ඔන්න දැන්න නදීර ඔහුගේ මේ දැනුම හා අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවා.. ඔබට පුළුවන් ඔහු සමඟ මේ පිළිබඳව ඔහුගේ මෙම බ්ලොග් එක හරහා දීර්ඝ සංවාදයක් ගොඩ නගන්න. ඒ වෙනුවෙන් කාලය වෙන්කරන්න ඔහු කොයි වෙලාවකවත් මැලි වෙන්නේ නෑ..

IESL එකෙන් කරන Official e- newsletter එකේ නදිරගේ ලිපි පළවෙනවා.. මේ එහි ඔහු පිළිබඳව හඳුන්වා දී තිබු ආකාරය..

Eng. Nadeera Wijesinghe holds a Masters in Energy Systems from University of Gavle and B.Sc (Eng) Hons from University of Moratuwa specializing in Electrical Engineering. He is also a Project Management Professional (PMP) of PMI, USA. Currently he serves as Senior Electrical Engineer - Power System Designs at M.A. Consultants in the State of Qatar.

ඊට අමතරව කියනවා නම් නදීර කියන්නේ 'හොඳට කන බොන' ජිවිතේ විඳවන්නේ නැතුව විඳින එළ කොල්ලෙක්.. ඔහුව සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නා ගමන් ඔහුගේ බ්ලොග් එකට ගොඩවී නදිරව දැන අඳුනා ගන්නා ලෙසත්   'කලාහිත' හිතවත් සැමගෙන් ඉල්ලා සිටිනවා.. 

ස්තුතියි!

Sunday, 11 December 2016

යහපාලනයට අලුත් කොන්දක් නාවික හමුදාවෙන්.. හම්බන්තොට උද්ඝෝෂකයින්ට 'සඳ ගුටි'.. Enough is enough.. Let's start from Hambantota

කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු නාමල්ගේ නිල් බළකා ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික  හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.
photo credit; www.google.lk

මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි. 

උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි. 

කලකට ඉහත ආසාවෙන් නැරඹු 'Rules of Engagement' බටහිර ක්‍රියාදාම චිත්‍රපටය ඊයෙ මට සිහිවිය.. යේමනයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය වටලා තානාපතිවරයා හා පවුල ප්‍රාණ ඇපයට ගෙන සිටි අවිගත් යේමන් කැරලි කරුවන් හා සටන්කොට තානාපතිවරයා හා පවුල ආරක්ෂිතව ඉවත් කර ගැනීමේ මෙහෙයුමට නායකත්වය දෙන මැරයින් කමාන්ඩෝ නිළධාරියා ඉන් අනතුරුව 'සිවිල් ජනතාවට වෙඩි තැබීමේ වරදට' හමුදා අධිකරණයකට යොමු කරයි.. ඔහුට පක්ෂව ඇති සියලු වීඩියෝ සාක්ෂි විනාශ කර එදිරිව ඇති සාක්ෂි පමණක් ඉදිරිපත් කරමින් පිරිසක් කැත දේශපාලන ක්‍රීඩාවක නිරත වෙද්දී ඔහු වෙනුවෙන් ඉදිරිපත්වන්නේ වියට්නාම් සටනේදී ඔහු සමඟම සටන් කල ඔහුගේම සගයෙක් වේ. අවිගත් කුඩා දරුවන් හා කාන්තාවන් (මෙහි කුඩා දරුවන් හා කාන්තාවන් අවි දරා සිටින cctv දර්ශන හිතා මතා විනාශ කරනු ලබයි) පහර දීමට අණ දීමේදී ඔහු භාවිතා කරන වචන එනම් "Waste the bloody motherfuckers" යන්න ඔහුට එරෙහිව එල්ල කරන ප්‍රධානම චෝදනාවකි. මේ තර්කය ගේන නීතිඥයා හෝ තර්කය ගේන උසාවිය අදාළ සිදුවීම වූ අවස්ථාවේ එහි සිටියානම්? 'එන්න, යන්න, අමර මල් නෙලන්න, ඔයා මෙයා, නරක සමනළයා..' කියා යුද්ද කරන භාෂාවක් ලොවේ නැත.. අවසානයේ ඔහුට එදිරිව සාක්ෂියට ගෙන එන හිටපු වියට්නාම හමුදා ප්‍රධානියාගෙන් විත්තියේ නීතිඥයා අසන එකම ප්‍රශ්ණය 'ඔබ එම අවස්ථාවට මුහුණ දුන්නානම් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්නෙන් නඩුව අවසන් වේ.. 

හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?

මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය. 
ඡායාරූපය නාවික හමුදා නිළ වෙබ් අඩවියෙනි
ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් පරණ ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත. ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි.. 

අවසානයට සඳහන් කල යුත්තේ යහපාලන රජයට මෙතෙක් නොතිබූ කශේරුකාවක් ඊයේ හම්බන්තොටදී නාවික හමුදාවෙන් ලැබුණු බවයි.. නීල කාස හොරු බළකායේ කඩාකප්පල්කාරී උද්ඝෝෂණ නඩයට පාඩමක් කියා දීමට හම්බන්තොට තරම් ගැලපෙන වෙනත් තැනක් සොයා ගත නොහැකිය.. තමන් මෙතෙක් රජ කල හම්බන්තොට වැල්ල දිගේ දෙපයට වැඳ වැඳ දුවන්නත් එහිම වැටී දුක කියා හඬා වැලපෙන්නටත් මෙතරම් ඉක්මණට සිදුවේයැයි 'නාමල්ගේ කොල්ලෝ' හිතන්නත් නැතිය. ඒත් උන් ඊයේ නයාට පහර ගසා පොල්ල වරද්දා ගත්හ. ඒ මෙහෙයුමට අණදුන් නාවික හමුදාවේ ඒ 'සද්දන්ත රැවුල්කාරයාට' මාගේ ආචාරය!