Saturday 29 April 2017

සුභ ගමන් විචාරකතුමනි.. !!!

කියන්න නොතේරෙන මොකක්ද අඩුවක් හිතේ ඉතුරු කරලා ඔහු නික්ම ගිහින්..
බ්ලොග් ලෝකයේ දී හඳුනාගත් ආදරණීය වැඩිහිටියා.. වයසට ගියත් ඔබට තිබ්බේ බොහොම තරුණ හිතක්.. ඒ වගේම ජවසම්පන්න කටහඬක්.. ඒත් එදා නෙළුම් යාය සම්මාන උලෙළ දවසේ කතාකරනකොට ඔබේ කටහඬ බොහෝම දුබල වෙලා.. මම හිතුවේ සම්මානය ගන්න වෙලාවට ඔබව සජීවීව සම්බන්ධ කරගන්න.. ඒත් ඒක බැරිඋනා .. පස්සේ ඔබම මට කතා කලා..
"මට ටිකක් නින්ද ගියා කල්‍යාණ.. මොකද උනේ? කවුද සම්මානේ ගත්තේ?" මේ විස්තරත් තව ගොඩක් දේවලුත් ඔබත් එක්ක කතා කරන්න ඉතුරු වෙලා තියෙද්දී ඔබ යන්න ගිහිං.
 ජීවිතේ එහෙම තමයි නේද? ඔබට සුභ ගමන් විචාරකතුමනි.
මම
කල්‍යාණ..

Tuesday 25 April 2017

2. නමක් නැති කතාවක්.. Request permission to carry on SIR!

“පලවෙනි චක්‍රයේ පලවෙනි වියයාමය දෑත හා උරහිස් සම්බන්දවයි ....”
“සැරසීම ...වම් පා පෙරට දෑත ඇගිලි මිට මොලවා සරිර්යෙන් මදක් පිටුපසට ...”
“උපදේශකගේ කාලය අනුව එම වියයම්‍ය සදහා සැරසෙන්.......”
“උපදේශකගේ කාලය අනුව එම වියයම්‍ය අරබන්......”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
“ෆොර්වර්ඩ්......... සයිඩ්...........සර්කල්............”
on the march- a school cadet platoon
පිනි වැටෙන පාන්දර කැඩෙට් සාර්ජන් ගේ කටහඩ අනුරපුර සෙන්ට්‍රල් ගෘන්ඩ් එක පුරා ඇහෙනවා,  සාර්ජන් බුද්දික මු තවම 11 වසරේ මේ පාර සිලෙක්ෂන් කෑම්ප් එක ඉස්සුවොත් අනුරපුර සෙන්ට්‍රල් එකෙන් බිහිවෙන 4 වෙනි RSM වෙනවා අනිවා .....මේ පාර මම සිලෙක්ෂන් කෑම්ප් එකේ CQM අදිනවා සිලෙක්ෂන් කෑම්ප් එක ඉස්සුවොත් හර්මන්ලොස් එකේදී CSM අදිනවා...
“මෙන්ඩිස් අයියේ “
මගේ කල්පනා ලෝකය බිද වැටුනා....මම ඉස්සරහා සාර්ජන් බුද්දික.
“අඩෝ පකයා තුමනි කියලා කතා කරහන් “
“ගහපිය ඩිප්ස් 10ක්”
“කියපන් මොකද?”
“කොල්ලෝ ටික අහනවා අද ටිකක් කලින් ප්‍ර්ක්ටිස් ඉවර කරමුද කියලා”
“ඒ මොකද”
“ඇයි අද දිනේ මතක නැද්ද අදනේ එලවල් පංති වලට අලුත් ළමයි එන දවස...මෙන්ඩිස් අයියත් අද නේද ඉස්සර වෙලාම පංතියට යන්නේ”
“ඇයි උන් කලින් ගිහින් එලේවල් පංති වලට උගන්නන්ද? අනේ මේ #කන්නේ නැතුව පෝලිං වෙන්න කියහන්...මට ඔය #ත්තවල් එකක් වත් වැඩක් නැහැ”
“උබ දන්නවනේ ගිය පාර කන ලගින් අපි සිලෙක්ෂන් ඉස්සුවේ උබ ඒක මේ පාර නිවත්තකෙට දීලා ආය පුරේට බහින්න හිතන්න නම් එපා, නෙවිල්ලා හැපිලා උබව මරයි”
“හරි හරි මෙන්ඩිස් අයියේ අපි හෙට උදේ 6 ට අපි පෝලිං වෙලා ඇති එහනම් ඔයා සළුවඩන සර්ට කියනවද අදට ප්‍රක්ටිස් නවත්තනවා කියලා”
පැවිලියන් එක කෙලවරේ ඉන්න කැප්ටන් සළුවඩන ලගට මම ඩබල් එකේ ගියා
“සුබ උදැසනක් වේවා ....තුමනි.....අද දින පුහුණු වීම අවසන් බැවින් විසර යාමට අවසර පතමි තුමනි .....”
“අවසර දෙමි”
“මෙන්ඩිස් මෙතන ඉදලා කම්න්ඩ් කරනවා බලන්න තමුසේ මේ පාර සිලෙක්ෂන් කෑම්ප් එකේ CQM අදින්න බලගෙන නේද ඉන්නේ”
ප්ලටුන් එක ගෘන්ඩ් එක කෙලවරේ
“හෙට උදේ 6 ට නැවත පුහුණු වීම් සදහා පෝලිං වනතුරු විසිර .............යා...”
“මෙන්ඩිස් අයියේ” කොට කලිසමක් ගහගත්තු 10 වසරේ පොඩි එකෙක්..
“ගුල්ලා අයියයි කිරි අයියයි හයිලයිට් එක ලග ඉන්නවා කිව්වා”
“හරි මල්ලි උබ පලයන් එයි මෙහෙ වරෙන් ශලිනි ඉන්නේ උබලගේ පංතියේ නේද ඒකිව මතක් කරා කියහන් හරි උබ පලයන්”
මම නා ගෙන ඉස්කුල් යුනිෆොර්ම් එකත් දාගෙන 5 වෙනි බල ඇණි කැඩේටින් මුලස්ථානය තියන අපේ ඉස්කෝලේ ගෘන්ඩ් එක ලග ගේට්ටුවෙන් පාරට පැන්නා. අම්මලා තාත්තලා එක්ක අලුත් ළමයි ඉස්කෝලේ පැත්තට එනවා
සමහර එවුන් දැම්මම එන්නේ නිකන් ඩොකලා අර කනේ ගහලා පපුවට තියලා බලන නලාව අල්ලගෙන යන විදිහට
මම හයිලයිට එක ලගට යනකොට ගුල්ලයි කිරියයි පුන්චයි හෝටලේ කෞන්ටරේ ලග
“මෙන්ඩ උඩට යමන් උබට ප්ලේන්ටියක් ඕනේ නේද?”
“මට බ්‍රිස්ටල් බොන්න බැහැ ඉදා..මේකත් දාලා ගොල්ලිප් එකක් අරගෙන වරෙන්” මම රුපියල් 10ක් දික් කරා
හයිලයිට හෝටලේ කියන්නේ පුරේ පොස්ට් ඔපිස් එක ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තියන හෝටලයක් එකේ කොල්ලා දවසක් වලියක් දා ගෙන ජෝසප් ගැන්සියක් එක්ක කටාගේ කඩේ ලගදි අපේ එවුන් තමයි අත දාලා බේරලා තියෙන්නේ එදා ඉදලා එකේ උඩ තට්ටුව අපිට ලියලා දීලා තිබුනේ. දුමක් දාන්න බිලා වැඩි උන අපේ එවුන්ට නිදා ගන්න එතන අපිට සුරපුරයක්.
අපි ටික උඩට යනකොට දෙලයි කදිරයි බකලයි සිගරට් එකකට මරා ගන්නවා, වස්සා හිනා වේවි බලගෙන ඉන්නවා ඒ දවස්වල අපි සිගරට් එක බොන්නේ පැනෙන් ඉරි ඇදලා...ඉර ලගට එනකොට අන්තිම සිගරට් උගුර කකුල මේසෙට තියලා අදින එක බකලා හැමදාමත් කරන වැඩක් ඉතින් වලි හැබැයි ඒවා සුන්දර වලි.  
වස්සා තමයි අපේ ගැන්සියේ ලීඩර් හැබැයි ඌ සිගරට් එකක් අරක්කු ටිකක්වත් කටේ තියන්නේ නැහැ ඒ උනාට පුරේ ඉන්න හැම ගැන්සියක්ම එවුන් ඌ ට පදිරි
ඌ බිව්වේ නැති උනාට අපි ඉන්න ඕනෑම තැනක ඌ ඉන්නවා.
පෙලන්ටි උගුරක් ගහලා සිගරට් එක පත්තු කරලා පපුව පිරෙන්න දුම් පාරක් අද්දා
“මෙන්ඩ අද එලේවල් පංති වලට අලුත් එවුන් එනවා” ඒ ගුල්ලා “මම දන්න විදිහට උබලගේ කොමස් එච්  පංතියට පරන එකෙකුට ඉන්නේ උබ විතරයි.”
“නියමයි මෙන්ඩ අපි බහින්නම් උබලගේ පංතියට උබට තනියම උබට තනියම රැග අදින්න බැහැනේ” ඒ කදිරා ඌ අපේ ඉස්කෝලේ වයිසගේ පුතා
“ඕන හුත්තක් මට රැග කරනවා තියා පංතියේ ඉන්නවත් වෙලාවක් තියෙයිද දන්නේ නැහැ උබලා ඕන එකක් කරගන්නින්”
අපි ඉස්කෝලෙට යනකොට මෙන්හෝල් එකේ තිබුන අලුත් උන්ගේ රැස්වීම ඉවර වෙලා ශිෂ්‍ය නායකයෝ අලුත් උන්ව පන්ති වලට එක්කරගෙන යනවා.
පඩි පෙළ දිගේ නැගලා කොරිඩෝ එක දිගේ කෙලවරේ තිබුන පංතියට ගියා. කොමර්ස් එච් පංතිය අවුරුදු 2ක් ඉන්න වෙන තැන.
පංතියට ඇතුල්වෙලා ගුරු මෙසේ ලග ඉදලා පංතිය දිහා බැලුවේ අවුරුදු 2ක් ඉන්න වෙන සෙට් එක කවුද කියලා.
දකුණු අත පැත්තෙන් කොල්ලෝ 10යි නැහැ 13යි මමත් එක්ක 14යි, අනිත් පැත්තේ කෙල්ලෝ පලවෙනි පේලියේ 4යි, දෙවැනි පේලියේ 3යි, අනිත් පේලියේ 3යි, පිටිපස්සෙම අන්තිම පේලියේ බිත්තිය අයිනට වෙන්න ඩයනා කට් කපපු එකයි කොල්ලෝ කෙල්ලෝ වෙන් කරන මැද තීරුව අයිනේම ඩේස් එකේ කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ලෙක්.
කොල්ලොන්ගේ පැත්තේ පිටිපස්සෙම පේලියේ එකෙක්වත් නැහැ යකෝ මුන් දැම්මම චාර්ටඩ් එකෞන්ටන්ලා වෙලාද, මේ ඔක්කොම ටිකට තප්පර 30ක් යන්න ඇති පංතියේ හිටපු එවුන් ඔක්කොම නැගිට්ටා...
අම්මට හුඩු මෙච්චර බක්තියක් මට දෙනවද මුන්...හොද සෙට් එකක්.
“හරි හරි තමුසෙලා මම ආවා කියලා නැගිටින්න ඕනේ නැහැ ඉදගන්නවා ඉදගන්නවා...”මම අත උස්සලා පංතියට කිව්වා
“හමුසේ ආව හින්දා නෙමයි එයාල නැගිට්ටේ මම ආපු හින්දා සමුසේ ගිහින් ඉදගන්නවා මෙන්ඩිස්” විලි ලජ්ජා කෝටි විසි හතරයි පංති බාර ගීත්සර් මගේ පිටිපස්සේ
පොත් දෙකත් රෝල් කරගෙන පිටිපස්සෙම පේලියට ගියා ඉදගන්න හැදුවට පුටුවේ දුවිලි වගේ දැන් ඉතින් මොකේද දන් වළදන්නේ,
කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ල මට ලේන්සුව දික් කරා ඒකිගේ ලේන්සුව වගේද මගේ කලිසම මමත් ඒකිගේ ලේන්සුවෙන් හොදට පුටුව පිහදලා ඉදගෙන ඒකිට ලේන්සුව දික් කරා..


මෙහි එන නම් ගම් ඉස්තාන සිදුවීම් සියල්ල සැබෑම සත්‍ය ඒවා බව සලකන්න.
මෙතෙක් කල් කාටවත් නොකිව කතාවක් මම උබලට කියන්න ලැහැස්ති වෙන්නේ ඒක ටිකක් දිග කතාවක් හිමිට හිමිට කියන්නම්.
මේ කතාවේ එන යාලුවෝ කිසි කෙනෙක් ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ මට මුණ ගැහිලා නැහැ අඩුම තරමේ අද වෙනකන් මම ඉස්කෝලෙට අඩිය තියලා නැහැ..මුණ ගැහෙන්නත් නැති වෙයි. ඒකට හේතුවත් මේ කතාව ඇතුලේ තියෙනවා.
1997 පුරෙන් පිට වෙලා කටුනායක ඇවිත් 2750 පඩියට නුල් කපන්න පටන් අරගෙන පෙට්ටි කරගහන කොට කන්ටේනර් අතු ගානකොට ආයමත් දාලා පුරේට යන්න හිතුනා අද මෙතන ඉන්න එක ශක්තියක් උනේ ඔයද කියලා අද මට හිතෙනවා....
අවුරුදු නිවාඩුවට සඳුගේ ගෙදර ගිය වෙලාවේ සඳු මාව දාලා මහ ගෙදර ගියා කම්මැලි කමේ ටීවී එක කන්න හදනකොට දෙමල ෆිල්ම් එකක අන්තිම හරිය අහුඋනා...එකත් එක්ක මට කවදාවත් නොහිතුන දෙයක් හිතුනා..මට කවදාවත් ජිවිතේ පිටිපස්සට ගිහින් හදන්න දෙයක් හිතිලා නැහැ එත් කාල යන්ත්‍රයක් තිබුනානම් එකම එක අවස්ථාවක් විතරනම් ලැබෙන්නේ මම ඒ අවසථාව ගන්නවා...
ඒ අවස්ථාව ගන්නේ එකම එක නිමේෂයක් වෙනස් කරන්න එතකොට මට පුලුවන් ආයමත් පුරේට ගිහින් මගේ පරණ යාලුවෝ හම්බවෙන්න..
මනෝ .....මම අවුරුදු 21 කක් ඔයාට දුන්න පොරොන්දුව රැක්කා...එත් මට හයිය දෙන්න ඒ පොරොන්දුව කඩන්න..සමහර විට ඔයාටත් එහම හිතෙනවා ඇති.
උබලගෙන් දෙයක් ඉල්ලනවා කැමතිනම් මේ කතාවට නමක් දියල්ලා.
කාල යන්ත්‍රයක් තිබුනානම් එකම එක අවස්ථාවක් විතරනම් ලැබෙන්නේ උබලා ඒ අවස්ථාව ගන්නවද?


- මම එල ද බ්‍රා මෙන්ඩා 

Thursday 20 April 2017

කුණු ගැන රත්තරං වටිනා අත්දැකීමක්.... precious little කුණු experience!

හැම තැනම කුණු ගැන කතා! මේ අසාධාරණයට ලක්වෙලා මියගිය මිනිස්සුන්ගේ මරණ වලට මාත් අනියම් වග උත්තරකරුවෙක් කියල හිතෙනකොට එන වරදකාරී හැඟීම නිසාම මම ඒ ගැන ලියන්න ගියේ නෑ. ඒත් කුණු කතා ඔක්කොම වගේ කියෙව්වා. ඒ අතර තිබුණු කවදත් සුවිශේෂ යමක් ලියන සුජීව කොකාවල ගේ The Null Device බ්ලොග් එකේ ගිය මේ කුණු කතන්දරේ කියවෙනවා කුණු උප සංස්කෘතියක් ගැන. ඒ වගේම ඒ ගැන අධ්‍යයනය කරන්න සීත කාමර වල ඉඳගෙන ඉන්න සුදු කරපටි මහත්වරුන්ට නොහැකි බවත් ඒ සඳහා ඒ උපසංස්කෘතිය සහිත භුමියේ පය ගසා ඇවිද යා යුතු බවටත් සුජීව යෝජනා කරනවා. මේ කාරණයට මම සම්පූර්ණයෙන්ම එකඟයි. මේ මට අහම්බයෙන් එහෙම තැනකට එබිලා බලන්න ලැබුණු අවස්ථාවක්.. ඇත්තටම මට අදටත් හිතා ගන්න අමාරුයි මේ පිළිවෙල.

ඒ 2003 අවුරුද්දේ අග හෝ 2004 මුල වෙන්නොනි.. මිතොටමුල්ලට නෙවෙයි ඊට කලින් බ්ලුමැන්ඩල් වලට කොළඹ කුණු දාපු කාලේ..  මම ඒ කාලේ වැඩකලේ නාවික හමුදාවට අයත් කුඩා ප්‍රමාණයේ යුධ නෞකාවක ඉංජිනේරු නිළධාරී වශයෙන්.. විශාල යුධ නැව් වලනම් මේ රාජකාරියට වෙනමම Marine Engineer කෙනෙක් අනුයුක්ත කලත් කුඩා නෞකා වලදී එම රාජකාරිය භාර වෙන්නේ නැවේ ඉන්න අමතර නිලධාරියෙකුට.. මගේ කාර්ය මණ්ඩලයට එන්ජින් කාමර ශිල්පී (Engine Room Artificer- ERA) නැවියෙකු හා ඉංජිනේරු කාර්මික නැවියන් කීපදෙනෙක් ඇතුලත් වෙනවා.

මේ කියන දවස්වල අපි (නැව) කොළඹ වරාය ට ඇවිත් හිටියේ. ඒ නැවේ වතුරෙන් යට කොටසේ රෙපයාර් සඳහා.. මේ රෙපෙයාර් කටයුතු කරේ Colombo Dockyard (CDL) එකෙන්.. ඒ සඳහා නැව විශේෂයෙන් සකස් කල ආධාරකයක රඳවා වතුරෙන් ඉහලට ඔසවා ගන්නවා. මේකට සාමාන්‍යයෙන් සති 2-3ක් වගේ කාලයක් ගතවෙන නිසා ඒ කාලය තුල නැවේ තියෙන අනෙකුත් අඩුපාඩු සකස් කර ගැනීමත් කාලයෙන් කාලයට එන මේන්ටෙනන්ස් වගේ දේවල් මේ කාලයටම යොදා ගෙන සිදු කිරීමත් සාමාන්‍ය පුරුද්ද.. ඉතින් මේ වඩාත් එක්ක නැවේ ඉංජිනේරු කාර්යමණ්ඩලය ඉතාමත් කාර්ය බහුල වෙනවා. මේ ටික සඳහන් කලේ හඳුන්වා දීමක් වශයෙන්..
A ship dragged on slipway for underwater repairs
මේ docking පීරියඩ් එකේදී නැවේ එන්ජින් හතරේම major routine maintenance එකක් යෙදිලා තිබුන නිසා අපි කරේ dock එකට ගන්න කලින් නැවේ එන්ජින් හතර ගලවල බිමින් තියා ගත්ත එක. එන්ජින් එක්කම shaft, propellers, after steering system, rudders මේවා ඔක්කොම ගලවල අයින් කරනවා. නැව් ගැන දැනීමක් නැති උතුමෝ මේ කියන කෑලි  බෑලි ඒ හැටි තකන්න ඕනි නෑ. ඔයින් මෙයින් කොහොම හරි නැවෙන් බාගයක් විතර දැන් CDL ජැටිය උඩ.. ඉංජිනේරු අංශයේ නැවියන් හෝ ගාල වැඩ.. ඔය අතරේදී අපේ ERA ට ඕනි වෙලා තියෙනවා බොහොම වටිනා සහ හොයා ගන්න අමාරුම ඒ වගේම නැවත සවි කිරීමේදී අත්‍යවශ්‍යම වෙන පිත්තල බෙයාරින් (Bearings) 4ක් වැඩි පරිස්සමට අයින් කරන්න. මේවා එන්ජින් එකයි ෂාෆ්ට් එකයි සම්භන්ද වෙන තැනට එන බෙයාරින් වගයක්. 1970 දශකයේ චීනයේ පාවිච්චි කරපු නැව් වෙච්චි අපේ ඒ යුධ නෞකාවකට spare parts හොයන්න සමහරවිට චීනෙත් නෑ කියල දන්නා නිසාම මිනිහා මේ බෙයාරින් 4 වෙනම ඔයිල් භාජනේක දාල පරිස්සමට අරන් තියල..
A kind of brass bearings (Ball Bearings)
අන්තිමට නැව undock කරන්නත් කිට්ටුව තමයි මිනිහට බෙයාරින් හතර මතක් වෙලා තියෙන්නේ.. බැලින්නම් බෙයාරින් හතර තියා බෙයාරින් දාපු ඔයිල් භාජනේවත් හොයා ගන්න නෑ. දෙලෝ රත්වෙලා ආවා මෑන් මගේ ලඟට.. එක පාරට මටත් හිතා ගන්න බෑ මොකද කරන්නේ කියල.. කෝකටත් ගත්ත CO (Commanding Officer හෙවත් අණදෙන නිලධාරියා)  ට කෝල් එකක්. අරං කියුව විස්තරේ.. CO ත් අම්බානට පැනික් උනා.. එකක් මේක ලංකාවේ ගන්න නෑ.. ඒ මැටිරියල් එක සහ ඩිසයින් එක නැතුව ලේත් මැෂින් එකකින් කප්පව ගන්නවත් බෑ. ඕඩර් කරලා චීනෙන් ගෙන්නන්න ගියොත් මාස ගානක් යන්න පුළුවන්. සමහරවිට චීනෙත් නැති වෙන්නත් පුළුවන්. එතකන් නැව Operational කරන්න බෑ. එන්ජින් ටික හයි කරන්නේ නැතුව නැව undock කරන්න බෑ. එක දවසක් CDL එකේ වැඩිපුර තියාගන්න උනොත් ලක්ෂ කියකින් බිල නගීද කියන්නත් බෑ. ඔක්කොටම හපන් මේක Area Commander ට සහ Navy Commander ට කියන එක.. ප්‍රශ්ණ කෝටියයි. එදා දවසෙම අපි තුන්දෙනත් බැහැල නැවේ මුළු crew එකම දාල CDL එකේ අහුමුළු සේරම ඇවිස්සුව... ම්හු.. බඩු නෑ.

ඉහ අත බදාගෙන මමත් CO සර්ත් අපේ ERA හෙවත් අස්සයා මැරිච්චි ජොකියාත් CDL ජැටිය උඩට වෙලා කල්පනා කරනවා.. කොහෙන් හරි ආපු අයිඩියාවකට අපි ගිහින් CDL එකේ security එකෙන් ඇහුව කවුද මෙහෙ කුණු අයින් කරන්නේ කියල.. බැලින්නම් එක එක ජාතියේ කුණු අයින් කරන්න එක එක කන්ට්‍රැක්ටර් ලා ඉන්නේ. උන් අතරින් oil waste අයින් කරන කන්ට්‍රැක්ටර් ගේ නම්බර් එක ඉල්ලා ගත්ත.. ගත්ත ඌට කෝල් එකක්.. මමමයි කතා කරේ. "මම නේවි එකේ කොළඹ හාබර් එකේ කෑම්ප් එකෙන් ලෙෆ්ටිනන් අහවලා" කියුවම ඌ ටිකක් සාවධානව ඇහුන්කන් දුන්න.. ඌට මුළු විස්තරේම කියල අන්තිමට මට ඇඬේන්නත් වගේ කිට්ටු වෙනකං ඉඳල ඌ කියපි "මහත්තය අපි කුණු ගෙනිච්චට ඒවා අපිට අයිති නෑ. අපි ට්‍රාන්ස්පෝර්ට් එක විතරයි කරන්නේ.. ඒවා අහවල් තැනට ගෙනිහින් අහවලාට බාර දෙනවා" කියල.. ආයෙත්  කනිපින්දන් ගහල අමාරුවෙන් අහවලා ගේ නොම්මරේ ඉල්ලගෙන ඌට කතා කරලා මුල ඉඳන් මගේ දුක් ගැනවිල්ල කියුව. ඒ වෙනකොට මට විතරක් නෙවෙයි CO ටත් ඇඬේන්න වගේ.. මුළු විස්තරයම අහල මිනිහත් කියපි "මහත්තය අපි මෙතන චෙක් කරලා බා ගන්නවා විතරයි.. කුණු තෝරන්න එන්නේ අහවලාගේ කට්ටිය.." කියල..


A busy garbage site- not in Sri Lanka
 ඔහොම අහවල්ලු තුන් හතර දෙනෙකුට කතා කරලා අන්තිමේ ඒ වෙනකොට කොළඹ කුණු කන්දේ නොනිළ අයිතිකාරයා හෙවත් කුණු ගෝඩ් ෆාදර් ව කන්ටැක් කර ගන්න අපිට පුළුවන් උනා. කන්ටැක් කියුවට ඇත්තටම ඇපොයින්ට්මන්ට් එකක් තමයි දුන්නේ පහුවෙනිදට.. හැබැයි නේවි නොවුනානම් සහ ඒ වෙනකොට කොළඹ වාරයේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම නේවි එකට පවරලා නොතිබුනා නම් ලොවෙත් මේ සොයා ගැනීම කරන්න වෙන්නේ නෑ. කොහොම හරි පහුවෙනිදා උදේ හරියටම දහය වෙනකොට නාල කරලා අලුත් යුනිෆෝම් එහෙම ඇඳලා මාත් CO ත් අපේ ERA ත් තුන්දෙනා CO ගේ නාහ නිල රථයෙන් බ්ලුමැන්ඩල් ගියේ 'කුණු ලොකු බොස්' හම්බවෙන්න. 

පොරගේ 'සෙකට්‍රි' කියපු පාරවල් තුන හතරකින් හැරී හැරී ගියාම අපිට පලවෙනි මාර්ග බාදකේ වැටුන.. කාර් එක ඩ්‍රයිව් කරගෙන ගියේ CO නිසාද කොහෙද බටු ඇට දෙකක් විතර උස කොලු ගැටයෙක් ඇවිත් මගෙන් ඇහුව 'බොස් මේ කොයෙද?" කියල.. ලොකු අයියගේ නම කියපු ගමන් එතෙන හිටපු වෙන එකෙක් අතුරුදන් වෙලා තව හන්දියකින් මතුඋනා.. බටු ඇට දෙකය මට ඌව පෙන්නලා 'අතනින් යන්න මාතියා' කියුවම CO වාහනේ ඉස්සරහට ගත්ත.. එතනට යනකොට අරූ ආයෙම අතුරුදහන්.. වෙන එකෙක් ඇවිත් වාහනේ නැවැත්තුව.. ඌ මොකුත් අහන්නත් කලින් අපේ මග පෙන්නන්න ඊළඟ හන්දියෙන් මතුවෙලා අත වැනුවා.. මම ඔලුවෙන් මිනිහව පෙන්නුවා අලුත් මාර්ග බාදකයාට.. එතකොට ඌ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව යන්න දුන්න. ඊළඟ හන්දියෙන් එහාට වාහනේ යන්න බෑ. තව දෙපොලකින් විතර හැරිලා ගියාම පාර ඉවර උනා. ඒ පාර වටේම එකම වහලක් වගේ.. හරියට ගෙයක් ඇතුලෙන් පාර ඉවර උනා වගේ. තැන් තැන් වල පොඩි යකඩ ගේට්ටු තුන හතරක් සහ එල්ලෙන මල් වගේ වැල් තිබ්බ පෝච්චි ටිකක් ඇරෙන්න මොකුත් එලියට පේන්න නෑ. එතන තිබ්බ එක ගේට්ටුවකින් අපිව ඇතුලට දාල අර හොල්මන් මග පෙන්වන්නා ආයෙම අතුරුදහන් උනා.

එතන ඇතුලේ කොල්ලෝ සහ කොලු වයස ඉක්මවල ගිය තලත්තැනි තුන් හතර දෙනෙක්ම හිටිය. උන් ඔක්කොම හොඳට ඇඳලා කරලා හිටියා.. ඒත් කවුරුවත් අපිත් එක්ක විස්තර කතා කරේවත් මොකුත් කියුවේවත් නෑ. විනාඩි කීපයක් මෙහෙම ඉඳල මම එකෙක්ගෙන් 'ලොකු අයිය' ගැන ඇහුව.. 'ටිකක් ඉන්න දැන් එන්න කියයි' කියල ඒ ගමන්ම වගේ ඔයාල ඇතුලෙන් ගිහින් වාඩි වෙන්න කියුවම කොල්ලෙක් අපිට ඉස්සර උනා. අපි ඌ පස්සෙන් වැටුන. ගේ ඇතුලේත් වට දෙක තුනක් ගිහින් ලස්සනට කාපට් කරලා හදපු ලොකු විසිත්ත කාමරේක සෝෆා එකක් පෙන්නුවා අපිට වාඩි වෙන්න. ඒ පෙන්නලා ඌ ගියා.

අපි බලාපොරොත්තු උනේ හෙන ගාම්භීර ගොරෝසු කටහඬක් තියෙන දැල් බැනියමක් ඇඳලා පච්ච කොටපු ඩයල් එකක්.. ඒත් අපි ඉස්සරහට ආවේ අවුරුදු 35ක විතර සාමාන්‍ය පෙනුමැති කොල්ලෙක්.. දුක් මහන්සිවෙලා කට්ට කාල දියුණු වෙච්චි ව්‍යාපාරිකයෙක්ගේ වගේ පෙනුමක් තමයි මෑන් ගේ තිබ්බේ.. අපේ ඉස්සරහින්ම ඇවිත් වාඩි වෙලා "මොකක්ද සර් කේස් එක?" කියල ඇහුවේ බොහොම යටහත් පහත්ව වගේ.. ඇත්තටම පොර මූ ද නැත්නම් නියම ඩයල් එක ආයේ තව ඇතුළෙද හිතා ගන්න බැරි උනත් අපේ CO මිනිහට සම්පුර්ණ විස්තරේ කියුව..
"බය වෙන්න එපා.. ඔය කියන විදියේ අයිටම් එකක් පහුගිය ටිකේ මෙහෙට ආවනම් අපිට හොයා ගන්න බැරිවෙන එකක් නෑ. ඉන්නකෝ මම නියම මෑන් ව ගෙන්නන්න" කියල කියුවම තමයි අපි කතාකරල තියෙන්නේ නියම 'අයියට' කියල මට කන්ෆර්ම් උනේ.

මිනිහා ගෝලයෙකුට කතාකරන්න හිතනකොට ගෝලය එතන.. "... මහත්තයට එන්න කියපං.. මේ සර් ලට බොන්න මොනවහරි ගෙනෙන්" කියනකොටම අපේ CO අත උස්සල "බොන්න නම් මොකුත් ඕනේ නෑ. අපේ වැඩේ උනානම් ඇති මල්ලි" කියුවත් බොසා වත් ගෝලයා වත් ඒක කණකට ගත්තේ නෑ.

විනාඩියක් යනකොට '..... මහත්තය' ආව.. අර ගේ ඉස්සරහ හිටපු එකෙක්..

"... ...ජීය ඉන්නවනං එන්න කියන්න' බොස් සාවධානව ඕඩර් එක දුන්න.. විනාඩි බාගයක් යනකොට '... ...ජියා' එතන.

'මහත්තය කියන්නකෝ මූට මොකක්ද අයිටම් එක කියල.. ' කියපු ගමන් අපේ ERA පැහැදිලි විස්තරයක් සැපයුවා.. විස්තරේ බාගයක් කියනකොට '... ..ජීය' ගේ ඇස් දෙක දිලිසෙන්න ගත්ත.. ඉවර කරන්න උනේ නෑ.. "ඒක තියෙනවා මට මතකයි" කියල '... ...ජියා' උත්තර දුන්න.. අන්න ඒ වෙලාවේ මටත් CO ටත් ERA ටත් දැනුනු සතුට කියන්න වචන නෑ පිංවතුනි..

"ආ.. ඒක ගෙනත් මේ මහත්තුරුන්ට දීපං.. අරුන් නැවේ තියෙන ඒවත් ඔහොම ගලවන් එනවද දන්නේ නෑ.." කියල ලොක්ක කියනකොටත් '... ...ජියා' ගිහිං ඉවරයි. ඒ එක්කම කේක්, බිස්කට් සහ කුල් බීම සංග්‍රහයක් අපේ ඉස්සරහ.. සතුටට මොකුත් කන්න බැරි උනත් අපි තුන්දෙනාම කුල් ඩ්‍රින්ක් එක අතට ගත්ත..

මට මේක පුදුම ප්‍රෙහෙලිකාවක්.. ඇත්තම කියුවට නැවේ ඒ වෙනකොටත් මාස ගානක් වැඩ කරලා තිබ්බට වත්, EO උනාටවත් මටවත් ඔය කියන බෙයාරින් 4 මතක තිබ්බේ නෑ. මූ කොහොමද මේක ටක්කෙටම දන්නේ.. අනික ඩොක්යාඩ් එකෙන් අතුරුදහන් වෙච්චි එක කොහොමද මේ මුඩුක්කු පේලියෙන් මතු වෙන්නේ? ඒ වෙනකොට 'මල්ලි' කියල කුණු අයියට කතා කරන ගානට අපේ CO පොරත් එක්ක සෙට් වෙලා වැඩිය කතා නොකරට අපිත් එක්කත් ඒ සුහදතවයම පෙන්නන නිසා මම ඕනේ එකක් කියල මිනිහගෙන් ඒ ගැන ඇහුව.. "කොහොමද ඒක කුණුත් එක්ක ඇවිත් මෙතනට එන්නේ?"

"ඔය කොළඹින් එන කුණු කොයිම වෙලාවකවත් නිකන් විසි කරලා දාන්නේ නෑ සර්.. කුණු කියන්නේ සල්ලි උල්පතක්.. එක මිනිහෙකුට එපා වෙලා විසි කරන දේවල් සමහරවිට තව මිනිහෙකුට ඕනිම දේ වෙනවා. කොළඹ විසි කරන කුණු ට්‍රැක්ටර් දහයක් ගත්තොත් නවයක්ම එහෙම තව කෙනෙකුට ඕනි වෙන නැත්නං ආපහු පාවිච්චි කරන්න පුළුවන්, වෙන වැඩක් ගන්න පුළුවන් ඒවා.. විශේෂයෙන්ම හාබර් එකෙන් ලොකු බිල්ඩින් හදන තැන්වලින් ෆැක්ටරි වලින් එහෙම ගේන කුණු අපි කවදාවත් නිකං විසි කරන්නේ නෑ. මේ ගෙවල් පේලි ඔක්කොගෙම ඉන්න වැඩි දෙනෙක් කරන්නේ මේ කුණු තෝරන එක තමයි.. දවසට දාහක් හමාරක් මහන්සියක් නැතුව හොයනවා උන්.. යකඩ, අලුමියම්, පිත්තල, පොලිතින් ප්ලාස්ටික්, පත්තර විදුරු ටින් මේ ඔක්කොම ජාති වෙන වෙනම කිරල උන්ට සල්ලි දෙනවා.. ඒවගෙන් සමහර ජාති යකඩ, ප්ලාස්ටික් පොලිතින් පත්තර එහෙම කෙලින්ම අපේ ලොරිවල රි සයිකල් කරන තැන්වලට යවනවා. සමහරු ඇවිත් අරන් යනවා.. තව කොටසක් පුච්චන්න පුත්තලමේ සිමෙන්ති පැක්ටරියට යවනවා.. තඹ, පිත්තල එහෙම එක පාරට විකුනන්නේ නෑ.. ඒවා ආයෙම තෝරලා උණු කරන්නේ නැතුව විකුනන්න පුළුවන් ඒවා වෙනම එකතු කරනවා.. අනිත්ව තලලා එකතු කරලා තියල තඹ පිත්තල ඉල්ලුම වැඩි කාලෙට වැඩි මිලට විකුනනවා.. ඔය '... ...ජීය' තමයි කාලෙක ඉඳල ඒවා එකතු කරන්නේ.. මහා හුඟක් කෑලි බෑලි තියෙනවා ඒ උනාට ඌට ඒ එකක් එකක් ගානේ මතකයි..  ඔය ෆැක්ටරි වලින් එහෙම ගොඩක් වෙලාවට දන්නා එවුන් ඔය කෑලි හොයාගෙන එනවා. තව නාඩාර් ල එනවා ඇවිත් මිනිස්සු හොයන ජාතියේ කෑලි සල්ලි වලට අරං යනවා.. සර්ලා නේවි නොවුනනන් අද '... ...ජියා' ඕක දෙන්නේ ලක්ස ගානක් ඇදලා.."
Kids and teenages on Garbage Dump- fighting for daily bread
කුණු ගැන රත්තරන් කතාවක් ඒ විදියට අහන්න ලැබුනේ එදා කුණු සක්විතිගේම කටහඬින්.. මේ කතාව සුදු පිටුවල කළු අකුරෙන් කීප වතාවක් කියවල තිබ්බට එතනට යනකං ඒක එහෙමය කියල නිකමටවත් හිතුනේ නෑ.. මගේ කුතුහලේ තවත් සැරයි.. ඒ වගේම 'ලොකු අයිය' දැන් තවත් හිතවත් නිසා මම ආයෙම මුට්ටියක් දැම්ම.. "මට ආසයි ඔය කුණු තෝරන විදිය බලන්න"

"හඃ. හඃ.. හඃ.. මහත්තයල නේවි එකේ නිසා තමයි මෙච්චරවත් දුරක් මේකේ එන්න උනේ.. නැත්නම් '...... හංදියෙන් මෙහාට එන්න වෙන්නේ නෑ.. සෙට් එකත් ගලෝල කුණු වලට වෙන් කරනවා මේකේ උන්.. මේක වෙනම ලෝකයක් සර්.. මේ කුණු අපිට ගඳ නෑ.. කුණු තමයි අපේ උන්ගේ ජිවිතේ.. කුණු ගොඩවල්වල ඉන්න ඌරු මීයෝ තමයි අපේ හුරතල්ලු.. හැබැයි අපි මේ කුණු ලෝකෙන් එහාට ගියාම කොන් වෙනවා.. ඒක නිසා අපේ උන් මෙතනින් එහා ලෝකේ දිහා බලන්නේ තරහෙන්.. කුණු තෝරන පීල්ඩ් එකේ නම් සර්ලා යන්න එපා ඔය යුනිපෝමුත් ඇඳගෙන.. ඒක අමු අපායක්.." එහෙම කියනකොට '... ...ජීය' ආව අපේ බෙයාරින් හතරත් අරගෙන.. ෂාහ්.. අලුතෙන් ගත්ත වගේ සුපිරියට සුද්ද කරල දිලිසි දිලිසි තියෙනවා.. පුංචි පිත්තල කම්භී කෑල්ලකින්ම කොක්කක් වගේ හදල එකට අමුණලා.. ERA ගේ මූනත් ඒ එක්කම දිලිසෙනවා..
"මල්ලි ලොකු උදව්වක් මේක.. කියලවත් කර ගන්න බැරි.. අපි මාර අප්සෙට් එකේ හිටියේ.. ලක්ෂ ගානක් නම් දෙන්න නෑ.. මට පුළුවන් ඔයාගේ මේකට මහන්සියයි වියදමයි කියනවනම් සාධාරණ ගානක් දෙන්න" බැලින්නම් CO එනකොට cash imprest එකෙන්ද කොහෙද දහ දාහකුත් අරං ඇවිත්..
"පිස්සුද සර් සල්ලි ගන්න.. සල්ලි නෙවෙයි ඕනි උදව්වක් ඕනි වෙලාවක කියන්න.. ආ.. '... ...ජියා' මෙහෙ වරෙන්.. මේ සර්ලට ඕනෙලු උඹේ පිත්තල කඩේ බලන්න.. හඃ..හඃ,. යනිම්ගමන් එතන පොඩ්ඩක් පෙන්නපන්.. යකඩ ඉස්ටෝරුවෙන් එහාට යන්න එපා පීල්ඩ් එක පැත්තට.. කවුරුවත් දකින්න ඕනෙත් නෑ. වාහනේ එලියට යනකම් පොඩ්ඩක් පස්සෙන් හිටපං" ලොකු අයිය සමුගැනීමේ අවසරය දුන්න..

එනින් ගමන '... ...ජීය' අපි තුන්දෙනවා උගේ පිත්තල/ තඹ ඉස්ටෝරුවට එක්ක ගියා. ඒත් අපත් එක්ක වචනයක්වත් කතා කරේ නෑ. අඩි විස්සේ හතළිහේ වගේ කාමරයක් පුරෝලා එක එක ජාතියේ තඹ පිත්තල හා වෙනත් (යකඩ නොවන) ලෝහ වල එක එක විදියේ කෑලි ලස්සනට පිළිවෙලට එල්ලලා ගැට ගහල වැල් වැල් වගේ එල්ලෙනවා.. පිත්තල screw ඇන, පිත්තල කම්බි ඇන එහෙම එක එක සයිස් වලින් බාල්දි බැරල් ගණන් පුරෝලා.. තඹ එක පැත්තක.. සාමාන්‍ය ප්‍රමාණයේ පිත්තල පහන්, ඉලත්තට්ටු, අලියා පාත්තර පවා තියෙනවා.. කුණු ගොඩවල් වලින් ඇහින්දපුව  කියල කියන්නවත් බෑ.. ඔක්කොම ලස්සනට සෝදලා සුද්ද කරලා.. එතන තිබ්බ පිත්තල වල බර අනුව වටිනාකම විතරක් ඒ කාලේ හැටියට රුපියක් කෝටියක් වත් වෙන්න ඇති. වැඩි විස්තරයක් දැන ගන්න '... ...ජියා' කතා කරන්නෙත් නැති නිසා බෙයාරින් හතරත් පරිස්සමෙන් අරං අපි වාහනේට ගොඩ වෙලා එන්න ආව.. '..... හන්දියෙන්' මහපාරට දානකොටම එච්චර වෙලා අපි දිහා බලං හිටපු '... ...ජියා' අතුරුදහන් උනා..

මගේ කුණු කතාව මෙතකින් අවසානයි. කියවූ ඔබ සැමට ස්තුතියි! ඒත් ලංකාවේ කුණු කතාව කවදා ඉවරවෙයිද කියල හිතෙනකොට .. හ්ම්ම්ම්...

Friday 7 April 2017

ස්තුතියි කපුගේ මහත්මයා! ඔබට සුභ රාත්‍රියක්! Who says Kapuge died?

කපුගේ මිය ගිහිං වසර දාහතරක් ලු..
අපේ බ්ලොග් මිත්‍ර ශාන්ත කේ හේරත් මහතා විසින් අඳින ලද කපුගේ ගේ සිතුවමක්..
අපේ අයියල අක්කලාගේ කොල්ලෝ කෙල්ලෝ දැන් අවුරුදු 16-20 අතරේ ඉන්නේ ගොඩක් දෙනෙක්ම.. ඒ කියන්නේ උන් කපුගේ හැබැහින් සිංදු කියනවා අහලා තියෙන්න බෑ.. අපේ ගෙදර කට්ටිය සෙට් උනාම පුංචියට පටන් අරං රෑ මැදියම වෙනකං ඇදිල යන පැදුරු සාජ්ජයක් වගේ එකක් සාමාන්‍යයෙන් වරදින්නේ නෑ.. මටයි අපේ ලොකු අක්කටයි සිංදු කියන්න බැරි උනාට අපේ පවුලේ සහ පවුලට එකතු වෙච්චි ගොඩක් උන්ට හොඳට සිංදු කියන්න පුළුවන්.. මෙහෙම වෙලාවලට නිතැතින්ම ගැයෙන සිංදු කීපයක් තියෙනවා.. ඒවා ඇත්තටම රික්වෙස්ට්.. හැමදාම වගේ මේ රික්වෙස්ට් රවුන්ඩ් එක පටන් ගන්නේ එකම සිංදුවකින්..

"සුx බාප්පි.. නින්ද නැති රැයේ කියන්නකෝ..." රික්වෙස්ට් එක එන්නේ අර මන් කියපු ගැටවර (Teenage) කාන්ඩෙන් වීම තමයි විශේෂත්වය.. 'සුx බාප්පි' කියන්නේ අපේ පොඩි(ම) අයියා..

"ඔව් සුx.. පටන් ගනිං.. " ඒ දෙවෙනි අයියා.. මේ වෙනකොට ඉතිං කන බොන අය කොහොමත් විදියක් වෙලා නේ ඉන්නෙත්.. කිසිම වෙනසක් වෙලා නැතත් සුපුරුදු විදියට තාත්තගේ සර්පිනාව ඉස්සරහ වාඩි වෙලා ඉන්න ලොකු අයිය තාලේ අල්ලලා ඉවරයි..

"නින්ද නැති රැයේ.. සඳ කඳුළු මීදුමේ.. හැංගිලා අඩන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ.. 
තා..රකා දියේ ගිලී.. නිල් එළිය නිවේ.. වැහි බිංදු වැටේවි.. රෝස පෙති කඩා හැලේ..."

ලා..ලා..ලා... ලාලාල..ලා... // ටරර..රරර.. රරර..රරර.. පසුබිමින් සංගීතය ඉබේම වගේ සැපයෙනවා..

"කිළිපොලා සැදී යමින්.. නොහිම් සීතලේ.. තුරුළු වෙමි දෙනෙත් පියා.. ඔබගේ උණුහුමේ..
ජීවිතය ඉතින් අපේ..සිහිනයක් නොවේ.. හෙට උදේම අවදි වී.. යා යුතුව තියේ...

නින්ද නැති රැයේ....//" ඉඳිකටුවක් බිම වැටුනත් ඇහෙන තරමට වටපිටාව නිශ්ශබ්දයි.. හැමෝම දැහැනකට සම වැදිලා වගේ..

//රැය ගෙවේ සඳත් නිවේ.. දුරයි ජිවිතේ.. ඉතිං අවසරයි මගේ.. පුංචි කුමරියේ...
කටුවලට දෙතොල් තියා.. මලක් නැති ගසේ.. සිඹිමි එකම හාදුවයි.. සොඳුර ඒ මගේ...

නින්ද නැති රැයේ..." ඔය ටික යනකොට ළඟ හිටියොත් 'ගාල්ලේ පුංචි' මගේ උරහිසට හේත්තු වෙලා.. ඇස් දෙකත් පියාගෙන.. හැමෝම තවත් තත්පර කීපයක් ඒ විදියටම තම තමන්ගේ ලෝකයේ ඉඳන් ඒ සින්දුව විඳිනවා..

"වෙල්ඩන් සුx.. එළකිරි! තව එකක් කියපං ඔය ගැම්මෙන්ම.. " දැහැන බිඳින්නේ දෙවෙනි අයිය..

"දුක හාදු දෙන රැයේ.." ආයෙම රික්වෙස්ට් එක ටිනේජ් ගෘප් එකෙන්..

ටිරි රිරි රී.. ටිරි රිරි රී.. ටිරි රිරි රී.. ටිරි රිරි රී..

"දුක හාදු දෙන රැයේ.. සිත පතුලටම වෙලා.. යව්වනේ අකට විය විරහි.. හද ගිලන් වෙලා..
දුක හාදු දෙන රැයේ.." 

ගහකොලද මල් පිපේ ඇල දොළ නිල කඩා හැලේ.. පෙරදාක මිරිඟු සයුරේ.. ඒ රුවට රැවටුනේ..
දුක හාදු දෙන රැයේ...

ටිරි රිරි රී.. ටිරි රිරි රී.. ටිරි රිරි රී.. ටිරි රිරි රී..

නන්නාදුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා... මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...
දුක හාදු දෙන රැයේ..." යලිත් සභාව තත්පර කීපයක් යනකම් නිශ්ශබ්දයි..

ඊළඟ රික්වෙස්ට් එක යුෂුවලි එන්නේ පොඩි අක්කාගෙන්.. "සුx අයියේ.. දවසක් පැල නැති හේනේ කියන්නකෝ.."

"අන්න පාර.." වහාම අනුමැතිය ටිනේජ් ගෘප් එකෙන්..

ටූ රූ රූ ..රූ රූ.. ටූ රූ රූ ..රූ රූ.. ටුරු රුක් ටුක්.. ටුරු රුක් ටුක්.. ටුරු රුරු රුරු රූරූ.. කියල ලොකු අයිය සර්පිනාවෙන් තාලේ අල්ලනකොට (ආච්චි) අම්ම පුටුවේ තව පොඩ්ඩක් පස්සට වෙලා ඈත තියෙන මොකක් හරි දිහා බලා ගන්නවා..

"දවසක් පැල නැති හේනේ.. අකාල මහා වැහි වැස්සා.. තුරුලේ හංගා ගෙන මා.. ඔබ තෙමුනා අම්මේ.. පායන තුරු හිටි පියවර.. හිටියා ඔබ අම්මේ..."

අපේ තාත්තා ආණ්ඩුවේ වැදගත් රස්සාවක් කරාට, ළමයි හය දෙනෙක් හැදුවට කවදාවත් කිසි දෙයක් බරපතලෙට ගත්ත කෙනෙක් නෙවෙයි.. ඒකටම බීමත් එකතු වුනාම අපේ පොඩි කාලේ අපිට අනිත් 'ගාඩ් මහත්තුරුන්ගේ ළමයි' වගේ ඉන්න ලැබුනේ නෑ.. ඔහොම ගිහිල්ල අසු ගණන් වල මුල් කාලේ දවසක බීමතින් කරපු වීර ක්‍රියාවක් නිසා තාත්තව මුලින් 'ඉන්ටඩික්' කරලා පස්සේ 'ඩිස්මිස්' කරපුවාම තමයි අපේ ජීවිතවලට නියම කුනාටුව කඩන් වැදුනේ.. අම්මා නොසැලී ඒ හිටි පියවර නොහිටියානම්.. ඉස්සරහට බ්ලොග් එකේ ලියල තියන්න කතන්දර ගොඩක් මගේ ඔලුවට එනවා.. සිංදුවේ ඉස්සරහට කියවෙනවා වගේ අවැඩක් නම් තාම අපේ කාටවත් වෙලා නැතත් කවුරුවත් දැහැන බිඳ ගන්න සුදානම් නෑ..

"නුවර වීදි යටකරගෙන නින්දා වැහි වැගිරුන දා.. බිරිඳකගේ සෙනෙහෙ ගියා.. යෝධ ඇලේ නැම්මේ..
නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ..."

ටූ රූ රූ ..රූ රූ.. ටූ රූ රූ ..රූ රූ.. ටුරු රුක් ටුක්.. ටුරු රුක් ටුක්.. ටුරු රුරු රුරු රූරූ..

"කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඬලනකොට.. ඔටුන්න බිම දා දුවගෙන.. එන්නද එක පිම්මේ..
මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ...
මං එනතුරු ඉඳි...කඩ ළඟ ඉන්නවා...ද අම්මේ...
මං එන...තුරු.... ඉඳි..කඩ.. ළඟ.. ඉන්න..වා......................................ද... අම්......මේ............................"
අන්තිම පේළි තුන සමූහ ගායනයක්.. හැමෝම වගේ අත්වැල් අල්ලනවා.. ඊට පස්සේ මහන්සි නිවෙනකම් හැමෝම හැමෝටම අත්පුඩි ගහ ගන්නවා.. මද විරාමයක්..සතුටු සාමිචියක්.. තේ එකක් බොන්න.. කැවිල්ලක් කන්න අදහසක් දෙකක්.. සංගීත භාණ්ඩ නැවත සුසර කර ගන්න.. මියුසික් වැරදුන තැන් ගැන කතා කරන්න ඉසිඹුවක්.. ඒ ගමන් ඊළඟ සිංදුව ගැන කතාව.. ඔය අස්සේ අම්මට පරණ කතාවක් මතක් වෙනවා..

"කල්xට මතකද ඉස්සර මට කවි වලින් ලියුන් ලියනවා නේවි ට්‍රේනින් ගිය මුල් කාලේ..?"

"හා..හා.. අම්ම ඔය කියන්නේ අර කවිය ගැන නේද" අපේ උන්දා මට කලින් සවිඥානික වෙනවා අම්මගේ ප්‍රශ්නෙට..

".................................................
......................................................
ලොව ජය අරං මං එනතුරු නොපමාව
ඔබ මඟ බලනවද ඉඳ ඉඳිකඩ ගාව" මම අම්මට ලියල යවපු කවි ලියුමක අන්තිම කවිය අම්මට කටපාඩම් උනත් මේ සටහන තියන වෙලාවේ මට ඕකේ මුල් පද දෙක මතක නෑ..

"............................................
හිටියත් සිනාවෙන් රසමුසු බස් තෙපලා
පොල් සම්බලයි කරවල බැදුමයි හදලා
ආවම කවන්නම් ළඟ ඉඳගෙන අනලා" අම්ම එවපු උත්තරෙත් අම්මම මතකෙන් කියනවා.. මට ඒකෙත් මුල් පදේ මේ වෙලාවේ මතක නෑ..

ආපහු සිංදුවකට යන්න වෙලාව.. සුx අයියට විවේකයක් දෙන්නත් ඕනි..

"ඔයා දොඹ මල් කැලෑවේ කියන්නකෝ" 'ගාල්ලේ පුංචි'ගෙන් මට හෙමිහිට ඇවිටිල්ලක්.. කාට අමිහිරි උනත් ඈට නම් මගේ ගීත තාම මිහිරියි.. "පිස්සුද.. සිංදු කියන එක නවත්වල කට්ටිය එළවන්නද ඔයා හදන්නේ?" මගෙන් විරෝධය..

"මොකක්ද නංගි.. ආ දොඹ මල් කැලෑවේ.. පට්ට.. වරෙන් කල්x අපි දෙන්නම කියමු.. සුx සපෝට් කරපං.." දෙවෙනි අයිය වැඩේ ඇදගෙන යන්න සුදානම්..

"දොඹ මල් කැලෑවේ.. බඹරුන් ගැයූ.. කවියක් වගේ ආදරේ.. 
අත්වැල් බැඳන් යන්න.. ලංවී ලඟින් ඉන්න.. සංසාර ගිරි දුර්ගයේ.." බ්‍රේක් එකෙන් පස්සේ වැඩේ නැගල යනවා.. ඒත් ඉතුරු ටික මට තනියෙම තමයි කියන්න වෙන්නේ.. අයියලට වචන මතක නෑ..

"රෑ මිදුමේ සීත මිටියාවතේ.. මේ කේතකි මල් වනේ..
සඳසේ උදා වූ සෙනෙහේ නිමා වේද දුක් දොරකඩින් හෙට දිනේ..//"

අහ.. තනියෙම කියන්න වෙන්නේ නෑ. මගේ ප්‍රියම්බිකාව සහ ටිනේජ් සෙට් එක ඉන්නවා සපෝර්ට් එකට..

ඊළඟට මගේ ආසම කෑල්ල..

"කඩු තුඩු මතින් යන්න කුර ගාව ගාවා.. හිනැහී දෙතොල් ඉරි තලා..
පෑ පුන් සඳක් නිසරු අහසේ පිපේවා.. කටු වැට උඩින් පායලා..//

දොඹ මල් කැලෑවේ.. බඹරුන් ගැයූ.. කවියක් වගේ ආදරේ.. " නවත්වන්න හිතෙන්නේ නැති නිසා මම තව වටයකුත් කියනවා..

"උඹ බොරුනේ කියන්නේ සිංදු කියන්න බෑ කියල" දෙවෙනි අයිය සභාව මෙහෙයවනවා.. ගාල්ලේ පුංචිගේන් ඔන්න මට තව තල්ලුවක්.. "ඒදණ්ඩ දිගේ පා පොඩිති නගා... කියල තියෙන එක කියන්නකෝ.." "ගංගාවේ ගීතය" මම ගත්ත කටටම කියනවා.. ෂා! නියමයිනේ කියල ටිනේජ් බ්‍රිගේඩ් එකෙන් අනුමැතිය ලැබෙන කොට සුx අයියා සින්දුව පටන් ගන්නවා..

"ගංගාවේ ගීතේ... ගොළුවී ගියා..දෝ.. 
ඔබ මා.. හමුවේ...
පෙම්බස් දොඩනා..යුගය නිමාවේ..//
ගංගාවේ.... ගීතේ.."

ඔය පටන් ගත්තට මට තමයි ඇදගෙන යන්න වෙන්නේ.. මැද කෑලි වල වචන මෙයාල දන්නේ නෑ.. සුවර්..

ඔබ මුව මඬලේ.. මුතු හිනා වගේ.. දිය සරැලි ගඟේ..  ගලනා රඟේ..//
මතකයේ වෙලී..... පැටලේ....
මල් බඹර පැතුම විලසේ..//
ගංගාවේ... ගීතේ...//

ඒදණ්ඩ දිගේ පා පොඩිති නගා.. නෙත් තුඩු අතරේ.. හමුවී..දොඩා..//
මා ලයේ සදා.. නොමැකේ...
අරවින්ද කැකුල විලසේ...//
ගංගාවේ.. ගීතේ......
ගංගාවේ.................................ගීතේ........."

සිංදුවේ අන්තිම හරිය යනකොට ලොකු අක්ක හිමීට නැගිටලා කුස්සියට යනවා.. තව ටිකකින් දුම් දාන කහට එකක් එක්ක හකුරු තව මොනා හරි කෑමක් සුවර්.. ඒ නැතත් ඔක්කොගෙම හිත් පිරිලා.. රාත්‍රිය තවම බොහෝ තරුණයි.. හරියට කපුගේ වගේම.. කවුද කියන්නේ ඔහු මිය ගිහිං කියල.. ඔහු තව දුරටත් සිංදු කියන්නේ නැතුවා විතරයි.. එකාතකින් ඒක හොඳයි.. මේ කියපු සිංදු ටිකවත් අහල ඇති වෙන්නේ නැතිකොට.. තව කියුවොත් කොහොම වෙයිද?

ස්තුතියි ගුණදාස කපුගේ මහත්මයා! ඔබට සුභ රාත්‍රියක්!

විශේෂ ස්තුතිය: ලිපියට නිමිත්ත සැපයු සඳුන් සෙවණේ චන්දන ගුණසේකර ට..





Thursday 6 April 2017

හේමන්තයේ යළි දුටු ඒ නිකිණි සිහිනය.. It makes the heart grow fonder

Image result for love photos

අවුරුදු නිවාඩුවට දුර ගමන් කොහෙවත් යන්නේ නෑ කියල තීරණය කලේ ගොඩක්ම කලින්.. 13 සහ 14 දවස් කළබල මැද්දෙන්ම ගෙවිලා ගියත් පාලොස්වෙනිදා වෙනකොට බිරිඳත් දරුවනුත් කාන්සිය නිසාම නොසන්සුන් කියල දැනුන..

"යමු..ඇවිදින්න ටිකක්.." පහසුවෙන් මගේ මුවින් අහන්න නොලැබෙන ඒ වචන ටිකට කට්ටියම කලබල වෙලා වගේ..

"අපි?..කොහෙද?" කවුරුහරි එහෙම ඇහුවද නැද්ද හරියටම නිච්චි නෑ...

"යමු.. කොහේ හරි ටිකක් නිදහසේ ඉඳල එන්න.. හිතුනොත් රෑට නවතින්නත් බලාගෙන.." ඒ මම..

එතන ඉඳල පැයක් යන්න කලින් අපි පින්නදුව එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට ඇවිත් හයිවේ එක දිගේ කොළඹ පැත්තට එන්න ගත්ත.. පොඩ්ඩා බිරිඳගේ උකුළේ නිදි කිරනවා.. ලොකු දෙන්න පිටිපස්ස සීට් එකේ ටැබ් එකයි ස්මාර්ට් ෆෝන් එකයි මාරුවෙන් මාරුවට අරගෙන ගේම්.. අප්පච්චි ගැන සම්පුර්ණ විශ්වාසයෙන් එක්කෙනෙක්වත් යන්නේ කොහෙද කියල අහන්නේ නෑ.. ඒ විශ්වාසය බොහොම මහන්සියෙන් උපයගත්තු එකක්.. තමන් ආදරය කරන අයට ඇයි අපි එහෙම ආදරය කරන්නේ කියල හරියටම කියන්න පුලුවන්ද දන්නේ නෑ.. ඒත් ඔය වගේ විශ්වාසයක් ඇති වෙනවනම් එතන ඇත්තටම ආදරේ තියෙනවා.. මට මොන හේතුවකට මේ වෙලාවේ මේවා මතක් වෙනවද මම දන්නේ නෑ..

කහතුඩුවෙන් එක්සිට් වෙනකොටනම් ප්‍රශ්නාර්ථයක් වගේ එකක් එක්ක බිරිඳ මගේ මුහුණ දිහා බැලුවා මතකයි.. හිනා වුනා මිසක් මම ඒකටත් උත්තරයක් දෙන්න ගියේ නෑ. හිතුවට වඩා පාර ටිකක් කලබල උන නිසා අපි රත්තනපිටියට එනකොට තවත් පැය බාගයක් විතර ගිහිල්ල.. බාගෙට හදාගෙන යන පරණ කැස්බෑව පාරදිගේ ගිහින් ෆින්ගාරා එකට වාහනේ දැම්මම තමයි කට්ටියගෙම මූණු ආයෙම විකසිත උනේ..

********************************************

ලොකු දෙන්නත් එක්ක පූල් එකට බහින්නත් කලින්ම හිත නම් කූල් වෙලා.. සමර්හට් එකේ වයිෆ්ගේ උකුලේ ඉන්න පොඩ්ඩ කොච්චරවත් ට්‍රයි එක වතුරට පනින්න. එක ඇහැකින් ලොකු දෙන්න දිහා බලන ගමන්ම මම පූල් එක අයිනේ ඉඳන් අම්මගෙයි පුතාගෙයි ඇඟට වතුර ඉස්ස.. අහක බලාගෙන එහෙම ඉහපු වතුර පාරක් එතනින් යන්න ගිය මැදි වයසේ ජෝඩුවකගේ ඇඟට වැදුන බව දැක්ක මම අත ඔසවල හස්ත මුද්‍රාවෙන් ඔවුන්ගෙන් සමාව ඉල්ලුව.. බොහොම ප්‍රියමනාප මැදිවියේ විදෙශිකයෙක්වූ ඔහු සිය දකුණු අත ඔසවා මා හා එකඟතාවය පල කරද්දී ඔහුගේ බිරිඳ යැයි සිතිය හැකි කාන්තාව මගේ බිරිඳ හා කතා බහ කරමින් සිටිනයුරු මා දුටුවා.. එය යලිත් වරක් මා කැමතිම ලය ආර පිහිනුම් ඉරියව්වෙන් තටාකය දිගේ වටයක් පිහිනා ඒමට ලද ඉසිඹුවක් බැවින් හොඳින් හුස්මක් ගත් මා තටාක කන්ඩියට දෙපයින් වැර යොදා ඉදිරියට යොමුකළ අත් ඇතිව දිය  මතුපිටින් ඉගිල ගියේ සැහැල්ලු සිතකින්.. තව සුළු මොහොතකින් මේ හිත තැලිලා පොඩිවෙලා නැවත ලේ ගලන තුවාලයක් වෙයි කියල කොහොම හිතන්නද?

ලොකු දෙන්නත් ගොඩ වෙලා නිසා මම සැහැල්ලුවෙන් පීනාගෙන බිරිඳ සිටි සමර්හට් එක ලඟට ආයෙම ආවා.. පොඩි බඩගින්නක් දැනුනත් වතුරෙන් ගොඩ එන්න නම් හිතක් නෑ. අර කාන්තාව සහ අපේ එක්කෙනා තවම කතාව වගේ.. අද ඉතින් උන්දැගේ වරුණ අහන ඉන්න වෙයි සෑහෙන වෙලාවක්.. හිහ්..හිහ්.. මම හිනාවිගෙනම වතුරෙන් උඩට හිස එසෙව්වා..

"අප්පච්චී.. මේ ඔයාලගේ ගමේ කෙනෙක්.. කැන්ඩි.." බිරිඳගේ හිනා මුසු හඬත් එක්කම එතෙක් වෙලා තටාකයට පිටුපා බිරිඳ සමඟ කතා කරමින් සිටි ඈ සිනහවීගෙනම මා දෙස හැරුනා..

"හෙල්..ලෝ..ඔඕහ................................. ක.. ක...කලණ....අ..අ....!!!."

"නිකිණි!!!"

****************************************************
එදා හොස්පිටල් එකේ ඉඳල මාව කොහොම ගෙදර ගෙනාවද කියල මම දන්නේ නෑ.. දවස් දෙකකට පස්සේ මාව ආපහු ගෙනියලා නුවර ඉස්පිරිතාලේම නවත්වල තිබුන.. මම ඒ දවස් දෙකටම කිසිම කෑමක් බීමක් ගත්තේ නැතිලු.. දෙතුන් වරක් සිහිය නැතිවෙලා උනත් සිහිය ආ විගස ලොකු කෝලාහලයක් කරනවලු. ඒ මොකකටද මම මොනවද කියන්නේ කියන ඒවගේ කිසිම සම්භන්දයක් නැති උනත් දවසකින් දෙකකින් ඇරිලා යයි කියල හිතාගෙන ගෙදර අය ඉඳල.. ඒ දවස් දෙකේම තාත්තා වචනයක්වත් කතා කරලා නෑ. පුටුවක් තියාගෙන මම වැටිලා හිටපු ඇඳ ළඟ වාඩිවෙලා කල්පනා කර කර හිටියලු. දවස් දෙකකට පස්සේ මට හුඟක්ම අසාධ්‍ය වෙලා මාව නුවර පිහිටි පුද්ගලික රෝහලකට ගෙන ගිහින් තිබුනත් එතනින් ආපහු නුවර ඉස්පිරිතාලේටම යවල තිබුන.. මට යන්තම් ඒ ගැන මතක තියෙන මුල් මතකයේදී මම හිටියෙත් නුවර ඉස්පිරිතාලෙමයි. නිකිණි ඒ අහල පහලම ඉන්නවා වගේ දැනිච්ච නිසා මම සතුටින් එහේ හිටියා..

ඒ ගතවෙච්ච මාස තුනක වගේ කාලය මගේ ජීවිතෙන් මැකිලම ගිය වකවානුවක්.. අපේ ගෙදර තිබුණු සතුටත් ඒ එක්කම මැකිලා ගිහිල්ල.. නංගි බොහොම අකමැත්තෙන් තමයි පේරාදෙණියේ වෛද්‍ය විද්‍යාලයට යන්න කැමති වෙලා තිබුනේ. චලන.. මගෙත් එක්ක එක බඩ වැල ෂෙයාර් කරන් ඉපදිච්ච එකා.. කර කර හිටපු ටෙක්ස්ටයිල් කෝස් එකත් අත ඇරලා.. තාත්තා වැඩ කරපු බැංකුවට ට්‍රේනි කෙනෙක් විදියට යන්න තිබ්බ අවස්ථාවත් අත ඇරලා මගේ පස්සෙන්ම ඉඳල තිබුන.. මට නොකියුවට ඌ ඒ ටිකේ වැඩි හරියක් සහ ඊට පස්සෙත් කාලයක් යනකම් උසාවි පොලිසි ගානේ රස්තියාදු වෙලා තිබුන මං වෙනුවෙන්.. උගේ අත්වල තියෙන පිච්චිච්ච ලප කැළැල් මගෙන් හංගන්න ඌ අත්දිග ෂර්ට්, ටී ෂර්ට් අඳින්න පුරුදු උනා.. කලින් ඩෙනිමයි කොලර්ලස් ටී ෂර්ට් එකයි විතරක්ම ඇඳපු උගේ ඒ වෙනස්වීම පුදුමයි..


ගෙදර ආවට මට ගෙදර ඉන්නම බැරි උන නිසා අන්තිමට තාත්තා අපි දෙන්නව නුගේගොඩ ලොකු නැන්දලාගේ ගෙදර යැව්වා.. නංගි කැම්පස් ගියේ ගෙදර ඉඳන් නිසා ඒ දෙන්නට නුවර දාල එන්න බැරි උනත් කාලයක් යනකම්ම ඒ හැමෝම සෙනසුරාදා ට කොළඹ ඇවිත් අපිත් එක්ක ඉඳල ඉරිදට ආපහු නුවර ගියා. නිකිණි මාව තනිකරලා මේ ලෝකෙන් සමුගත්ත කියන එක මට ඒ වෙනකොටත් හීනයක් විතරයි.. ඒ හීනෙන් ඇහැරෙන්න බැරි කමට මම මාධවී අක්කව හමුවෙන එක එහෙම පිටින්ම නතර කරලා දැම්ම.. එයත් මට වැඩිය මුණ දෙන්න ආවේ නෑ. එයා තමයි ඉස්පිරිතලේදී මට ඒ මුසල පණිවුඩේ ගෙනාවේ.. "මල්ලි.. නිකිණි ආයේ එන්නේ නෑ.. එයා අපි හැමෝවම දාල ගියා.." මට එහෙම හිතෙද්දීත් අදටත් ඇඟ හිතල වෙනවා.. කන් අගුල් වැටෙනවා..

නුගේගොඩ තිබ්බේ ඉගෙන ගන්න ආසා හිතෙන වටපිටාවක්.. උඹයි මායි මේ කෙල්ලෝ රොත්තට පැටලෙනවා කියල නුගේගොඩ ආපු මුල් කාලේ ඉඳල චලන යා කොන්ඩේ වවන්න ගත්ත.. ඇත්තටම අපි දෙන්නගේ වෙනසකට ඒ වෙනකොට තිබුනේ උගේ මූනේ තිබ්බ මොන ප්‍රශ්ණ ආවත් නැතිවෙන්නේ නැති සිරියාවයි ඒ වෙනුවට මගේ මුහුණේ තිබ්බ කිසිම හැඟීමක් නැති සුදුමැලි කමත් විතරයි. කොන්ඩේ වවල කණට කරාඹුවකුත් දා ගත්ත චලනයා කොහෙන්දෝ ඔලුවට වැටිච්චි අදහසකට ආසවෙලා ෆැෂන් ඩිසයින් කෝස් එකක් කරන්න ගත්ත.. අද විසි අවුරුද්දකට පස්සේ ඌ මුළු ලෝකෙම ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ උන් අතර ජනප්‍රිය ෆැෂන් ඩිසයින් ඩිරෙක්ටර් කෙනෙක්. කාලයක් ලංකාවේ සහ පිටරට කොම්පැණි කීපයක වැඩ කරලා ෆ්‍රී ලාන්ස් කරන්න ගත්ත.. දැන් පවුලත් එක්ක පදිංචිය නිව් සීලන්ඩ් වල.. අවුරුද්දකට වතාවක් දෙකක් පවුලත් එක්ක හෝ නැතුව ලංකාවට එනවා. පොඩි උන් එක්ක ආවොත් නතර වෙන්නේ නුවර මහා ගෙදර අම්මයි තාත්තයි නංගිලා පවුලයි එක්ක. තනියෙම ආවොත් නම් එහෙ ඉන්නේ එක දවසයි.. කෙලින්ම ගාලූ එනවා.. තාමත් අඳින්නේ අත් දිගට..

මටත් නුගේගොඩ ගෙදරට වෙලා නිකම් ඉන්න හිතුනේ නෑ. කොහොමත් මගේ හිත තිබ්බේ කම්පියුටර් පැත්තට.. අයි.ටි. ඩිග්රි කියන ඒවා ඒ කාලේ ගොඩක්ම අඩුවෙන් තිබුනේ.. නාවල ටෙක් එකේ තිබ්බ සොෆ්ට්වෙයාර් ඉන්ජිනිරින්ග් ඩිප්ලෝමා එකට මම ඇප්ලිකේෂන් එකක් දැම්ම.. ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පහසුවෙන්ම සමත් වෙච්ච මට ෆුල් ස්කොල් එකක් ලැබුනා අවුරුද්දක ඩිප් එක කරන්න. නංගිගෙයි චලන ගෙයි ඉගෙනීමටත් වියදම් කරන්න වෙලා තිබ්බ වෙලාවේ මෙහෙම හරි තාත්තට සහනයක් වෙන්න ලැබුණු එක ලොකු දෙයක් කියල මම දෙපාරක් නොහිතාම කෝස් එකට රෙජිස්ටර් උනා. ඒ අවුරුද්ද ගෙවුන ඒ හැටි දැනුනේ නෑ.. ඒත් මේ මුළු කාලෙටම මට නුගේගොඩ දී කිසිම කෙල්ලෙක් දකින්න ලැබුනේ නෑ කියුවොත් කවුරුත් පිළිගන්න එකක් නෑ.. ඒක හරි. ඇත්තටම වෙන්න ඇත්තේ ඔච්චර කෙල්ලෝ මැද්දේ මම හොයපු කෙල්ල නොදැකපු එක වෙන්න ඇති..

ඩිප් එක කම්ප්ලිට් වෙන්න කිට්ටුවම වගේ සිළුමිණ පත්තරේ ඇඩ් එකක් තිබුනා නේවි එකට අයි.ටි. ඔෆිසර්ස් ලව ගන්නවා කියල.. ඩිප් එක කම්ප්ලිටි වෙලා තිබුනානම් මටත් කොලිෆිකේෂන් හරි. මොනවටත් කියල මම දැම්ම ඇප්ලිකේෂන් එකක්.. හමුදාවලට යනවා හෝ යන්න හදනවා කියන්නේම ඒ දවස්වල ගෙදර මළගෙයක් වගේ.. ඒක නිසා මුල් ඉන්ටර්වීව් තුනක් වෙනකං මම අඩුම තරමින් චලනයාටවත් කියුවේ නෑ. උන්ගේ ෆැෂන් ෂෝ එකක් නිසා ඌ කොහොමත් ඒ ටිකේ බිසී..  අයි.ටී. ප්‍රොෆෙෂනල්ස් ලගේ ඒ කාලේ තිබ්බ ඩිමාන්ඩ් එක වගේම හමුදාවට යන්න කැමති වෙන උන්ගේ අඩුව නිසාම පෙන්ඩින් රිසල්ට්ස් තියාගෙන පලවෙනි ඉන්ටර්විව් තුනම ගොඩ යන්න මට පුළුවන් උනා. අන්තිමට කොහොම හරි මගේ රිසල්ට්ස් එනකම් අපි හතර දෙනෙක් සිලෙක්ට් වෙලාත් නේවි එකට එන්ලිස්ට් කරගන්න එක සතියකින් පස්සට දාන්න නේවි එක කටයුතු කළා. මගේ ජිවිතේ දෙවෙනි හැරවුම් ලක්ෂය වෙච්චි නේවි එකට මම ආදරේ කරන්න පටන් ගත්තේ එතනින්.

මගේ තීරණේ චලනයට කියුව වෙලාවේ ඌ මුලින් වචනයක්වත් කියුවේ නෑ. මගේ දිහා ටික වෙලාවක් බලන් ඉඳල එක පාරම මාව බදාගෙන අඬන්න ගත්තා.. එදා අපි දෙන්න ඇති වෙනකම් ඇඩුවා මගේ හිතේ.. ඊට පස්සේ කවදාවත් මගේවත් චලනගේවත් ඇහැකින් කඳුලක් වැටෙනවා මට මතක නෑ. අඩුම තරමින් අම්මයි තාත්තයි මගේ තීරණය දැනගෙන අම්මා මහා හයියෙනුත් තාත්තා නිහඬවත් අඬනකොටවත් මට ඇඩුණේ නෑ. ඒ වෙනුවට ඒ වෙනකං හිස් වෙලා තිබ්බ මගේ හිත් අවකාසේ යන්තම් ආයෙම බර වීගෙන යන හැඟීමක් විතරයි මට දැනුනේ.. මගේ තීරණය අහලා නංගි දවස් ගානක් කැම්පස් යන්නෙත් නැතුව ඇඩුවලු ගෙදරට වෙලා.. මම දැන ගන්නකොට මම වැලිසර කඳවුරේ මාස තුනක හමුදා පුහුණුව ලබනවා..

සාමාන්‍ය හමුදා පුහුණුවෙන් පස්සේ මාව දැම්මේ ත්‍රිකුණාමල නාවික විද්‍යාපිඨයේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදියට. ඊට අමතරව ඒ නාවික ප්‍රදේශය පුරාම අළුතෙන් හඳුන්වා දීගෙන යමින් තිබුණු කම්පියුටරයිස්ඩ් සිස්ටම් වලට සම්පත් දායකයෙක් විදියට එකතු වෙන්නත් පුළුවන් උනා. යුද්දෙට කෙලින්ම සහභාගී වෙන්න නොවුනත් පහු කාලෙක නාවික හමුදාව බාවිතා කල බොහොම දියුණු යුද තාක්ෂණයේ මුල අපි ඒ විදියට පටන් ගත්තේ.. නාවික හමුදාව බොහොම ඉක්මනින් නවීන තාක්ෂණයත් එක්ක අත්වැල් බැඳගත්තා.. ඒ ගමන්ම මගේ නොවී තිබුණු මගේ ජීවිතෙත් ආපහු මටම අයිති කරලා දෙන්න නේවි එකට පුළුවන් උනා. අවුරුදු පහක කොන්ත්‍රාත්තුවකට නේවි එකට ගිය මම ලොකු වරප්‍රසාද මොකුත් නැතුවම තව අවුරුදු පහකට නේවි එකටම සේවය කරන්න එකඟ උනේ ඒ වෙනුවෙන් කෘතගුණ සලකන්න. අවසානයේදී මට මගේ ප්‍රිය බිරිඳව හමු උනෙත් ත්‍රිකුණාමලය නාවික කඳවුරේදීමයි.. ඒ මගේ ජිවිතේ තුන්වෙනි හැරවුම් ලක්ෂය.. ඒ ගැන වෙනම කියන්න ඕනි.. මෙහෙම බෑ.. කියල මම දිග හුස්මක් ගත්දී නිකිණි මහා හයියෙන් හිනා උනා.. ඒ හිනාව.. ඔන්න ආයෙම මාව පාරවනවා...

*****************************************************

ඔයා කෝල් කරනකොටත් මම ගෙදර හිටියා.. මමයි කියුවේ කාන්තිට මම නෑ කියන්න කියලා..

ඊට කලින් හා පස්සේ දෙතුන් වතාවක්ම චලන මට කෝල් කරා.. එයා කෝල් අරන් තිබුනේ කොමියුනිකේෂන් එකකින්.. ගෙදර අයටවත් ඔයාටවත් නොතේරෙන්න මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න චලනට ලොකු ඕනේ කමක් තිබුනා..

මට කරන්න ඕනි උනේ මට කරන්න බැරිම වැඩේ.. ඔයාගෙන් අයින් වෙන එක.. ඒත් චලනත් එක්ක කතා කරද්දී මට හිතුනේ මම මැරිලා හරි ඔයාගෙන් අයින් වෙනවා කියල.. ඔයාට ලස්සන ජිවිතයක් තිබුන කලණ.. මට ඒක විනාස කරන්න ලෝබ හිතුනා.. ඒ වගේම මට ලැබිච්ච ආදරේ අතාරින්නත් ලෝබයි.. මම හිටියේ හරිම අමාරුවෙන්.. ඇත්තටම කවුරුහරි ඇවිත් මාව මරලා දානවනම් මම කැමැත්තෙන් හිටියේ..

ඒ වියපත් රෝස කම්මුල් දිගේ කඳුලක් ගලාගෙන යනවා.. ඒ කඳුල මගේ උරමත බිඳෙන්න දෙන්න ආසයි.. ඒත්.. සිය සැමියාගේ උර මත වාරුවූ ඈ ඔහුගේ සැහැල්ලු කපු කමිසයේ උරමත ඒ කඳුළු දිය කර හැරියා.. ඔහුට ඈ කියන දේ වචනයෙන් වචනය නොතේරුනාට ඒ කතාව මට වගේම.. නැත්නම් මටත් වඩා හොඳින් තේරෙන බව විතරක් මට තේරුණා..

එදා චලනට හදිසියේ එන්න කියුවේ මම.. හැකි ඉක්මණින් අපි මොකක් හෝ කරන්න ඕනි බව විතරක් මට මතක තිබ්බ.. ඒ වගේම ඒ වෙනකොට චානක ඔෆිස් එකේ ඉඳම්ම මට බනින්නත් මාව මරණ බව තර්ජනය කරන්නත් පටන් අරන් තිබ්බේ.. මම ඔෆිස් නොගිය කලින් දවසෙත් බලෙන් ඇවිත් මාව ඔෆිස් එකට දාගෙන ගියා. එදාත් මම ඔෆිස් ගියේ නෑ. චානක ට ක්ලයන්ට් මීටින්ග් ගොඩක් තිබුන දවසක් බව දන්නා නිසා එදා මාව හොයාගෙන එන එකක් නෑ කියලයි මායි කාන්තියි කතා උනේ. කොච්චර මගේ ලඟින් හිටියත් කාන්ති ටවත් චලන ට එන්න කියූ බව මම කියුවේ නෑ. කාන්තිව හිතා මතාම මාකට් එකට යැව්වේ ඒකමයි.

චලන ඇවිත් එක විනාඩි පහක් ගියේ නෑ. චානක ආවා කියල තේරුණා. ඔය දෙන්නම එක වගේ නිසා කවුරු හරි ඔත්තුකාරයෙක් චානකට කියන්න ඇති ඔයා ආවයි කියල.. මම වැඳලා කියුවත් චලන එතනින් ගියේ නෑ. මම බලෙන්ම චලනව දොර මුල්ලට තල්ලු කරලා තමයි දොර ඇරියේ..

ඇගේ මුහුණේ බියපත් බව තවමත් මට දැකිය හැක.. ඈ යළිත් සිය සැමියාගේ උරමත හිස තබා ගත් අතර ඔහු විසින් ඈ නළලත මත තබන ලද සියුම් හාදුවකින් හා කෙහෙරැලි අතර සෙමින් පිරිමදිමින් දිවගිය ඔහුගේ පරිණත ඇඟිලි පහසින් සැනහී යලිත් පියවි සිහියට එළඹියාය. සැබවින්ම ඔහුගේ පහසින් වඩාත් සැනසුනේ ඈ නොව මා මය..

ඒ මිනිහා ඒ වෙලාවේ හිටියේ යකෙක් වගේ.. බොහොම කැත අසික්කිත කුණුහරුප වලින් මට බැනගෙනමයි ගෙට ආවේ.. මට වචනයක්වත් කියන්න උනේ නෑ.. 'උඹේ ඔය පැණි හැලියට වහ වැටිච්ච ඇඹලයා ට මම අද බාර දෙන්නේ හේනේ ගින්දරට පිච්චිච්චි වැඳිරියක් තෝ දැනගනින්.. ' කියල එක පාරම අතේ තියාගෙන හිටපු ටින් එකක් වගේ එකකින් මගේ පැත්තට මොනවද විසි කරා. ඒත් ඒ මිනිහට ඒක හරියට කරන්න උනේ නෑ.. දොර මුල්ලේ හිටපු චලන කොටියෙක් වගේ එක පාරම චානකගේ ඇඟට කඩාගෙන පැන්නා.. චලනයි චානකයි එක ගොඩේ පෙරලෙද්දී මගේ පපුවේ දකුණු පැත්ත ගිනි ගන්නවා වගේ විතරයි මට දැනුනේ.. එතනින් එහාට උනු දේවල් මම දැනගත්තෙත් මාස ගානකට පස්සේ..

නිතැතින්ම ඈ සිය වම් අත දකුණු පියයුර හා උරය අතර පෙදෙසේ රඳවා ගත අතර මෙතෙක් නොදුටු අසමතුලිත බවක් ඒ අවට මා නිරීක්ෂණය කලේ ඒ මොහොතෙයි.. මගේ බිරිඳ වේදනාවෙන් නැගිට ටිකක් ඈතට ඇවිද යද්දී ඔහු.. යලිත් ඈව සිය උරහිසට ලං කරගෙන හිස පිරිමදින්නට උනා..

*****************************************************************

විසි වසරකට පසු අද ආපහු ඒ කතාව.. ටෙරී.. නිකිණි ගේ ඇමෙරිකානු ජාතික සැමියා හා මගේ බිරිඳ බොහොම උවමනාවෙන් හා සංයමයෙන් අපිට සවන් දුන්නා.. කඩින් කඩ ඇතිවූ නොසන්සුන් අවස්ථා සමනය කර ගන්නත් කෑම බීම හා ළමයින්ගේ ඕනා එපාකම් සොයා බලමින් ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්නත් ඔවුන් දෙන්නා කටයුතු කළා.. ඒ ගැන ඔවුන් දෙදෙනාටම අපි.. ඒ කියන්නේ නිකිණි යි මායි ණයගැතියි.

උරහිස හා අත් බාහුවේ වූ දරුණු පිළිස්සීම් තුවාල සමඟ නුවර රෝහලට ඇතුලත් කර තිබු නිකිණි සති තුනක් පමණ නුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසු ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් සඳහා ඇමෙරිකාවේ රෝහලක් වෙත රැගෙන ගොස් තිබුණා. ඒ සමඟම ඇගේ දෙමවුපියන්ගේ මැදිහත් වීමෙන් ඈ හා චානක අල්විස් අතර දික්කසාදය සිදුකොට තිබු අතර ඈ වෙනුවෙන් ඇමෙරිකාවේ ද්විත්ව පුරවැසි බාවයද ලබාගෙන තිබුනා. මා ගැන සිතා මගෙන් ඉවත්වීමට ඇයට තිබු උවමනාව අනියම් ආකාරයකින් ඉටුවීම නිසා සියලු වේදනා විඳගෙන ඈ ඇමෙරිකාවේ තනි වීමට තීරණය කොට තිබුනා.

මේ අතර ඇගේ වියදම් හා කාලය ගෙවා දැමීම සඳහා ඈ විසින් රැකියා ඒජන්සියක් මාර්ගයෙන් ඇමෙරිකානු ජාතික පරිසරවේදී මහාචාර්‍යවරයෙකුගේ විද්‍යාගාරයක සහායිකාවක් ලෙස රැකියාවක් සොයා ගෙන තිබුනා.. ඇයට වඩා දස වසරකින් වැඩිමහලු වූද ඊටත් වඩා බොහෝ සෙයින් පරිණත වූද ඒ ප්‍රියමනාප මහාචාර්යවරයාගේ නීත්‍යනුකුල බිරිඳ ලෙස ඈ පත්වීම් ලබන්නේ එයිනුත් අනතුරුවයි. නුවර ප්‍රදේශයේ තිබු සියලු දේපල විකුණා දමා කොළඹ පදිංචියට පැමිණ සිටි ඇගේ දෙමවුපියන් බැලීමට වසරකට වරක් නොවරදවාම ඈ ලංකාවට කැටුව ඒමට ඔහු පෙළඹෙන්නේ රිදුනු තැවුණු අගේ හිත බොහෝ සෙයින්ම සුවපත්වූ බව විශ්වාසයෙන්ම දැනගත් පසුවයි. ටෙරී ට අනුව කවදා හෝ ඈ හා මා මෙලෙස හමුවනු දැකීමද ඔහුගේ එක උවමනාවක් වීලු. ඔහු ඇත්තෙන්ම ජීවිතය පිලිබඳ ආදරය පිලිබඳ මහාචාර්‍යවරයෙක්. මට හිතුනේ එහෙමයි.. ඒ වගේම මගේ බිරිඳත්.. ඈ ගැනත් නොකියාම බෑ..

ආදරේ කියන්නේ මොකක්ද? ආදරේ ගැන බොහොමත්ම කටුකම විදියට ඉගෙන ගත්ත විසි වසරකට එපිට අතීතයේ දවසක දිගන කොළඹීස්ස පාරේ සෙනග අඩුවෙන් ගැවසෙන වැව් ඉවුරකදී නිකිණිත් මාත් කතා  කළා මතකයි.. ඒ වගේම හොඳටම හිත රිදිලා හිටපු මොහොතක වේටර්ලගේ ඇණුම් බැනුම් අස්සෙම නුවර පායිවාස් එකේ උඩ තට්ටුවේ අඳුරු මුල්ලකදී ආපහු ඔය දේම කතා කළා අද වගේ මතකයි..
//අදහස් වලින් අපි දෙන්නා කොච්චර ළඟද ? අපි දෙන්නා අදහස් වලින් ගැටිලාම නැහැ. හැමවෙලේම මට දැනුන දෙයක් තමයි නිකිණියි මමයි අතරේ කතාකරන්න බැරි දෙයක් නැහැ කියලා. නිකිනි මට අවනතයි, මමත් නිකිනිට අවනතයි. අපි දෙන්නම දෙන්නාට පුදුම ගරුත්වයක් තියෙන්නේ. දෙන්නම අනික් කෙනාගේ හිතුවිලි වලට කොතරම් ගරු කරනවද?// ඔය මම අන්තිමට ආදරේ තේරුම් ගත්ත විදිය.. එහෙම බැලුවම අපි දෙන්නටම අද වෙනකොට ආදරේ ලැබිල තියෙනවා.. එහෙම බැලුවම අපි දෙන්නත් වාසනාවන්තයි.. 

එතකොට නිකිණි මියගිය කතාව! ඒක ඒ වෙලාවේ මාධවී අක්කට හිතුනු බොරුවක්ලු. පසුව සිදුවීම් පෙළ ගැසුණු ආකාරයට ඒක බොරුවක් බව කිසිදිනෙක මට නොකියා සිටීමට සියලු දෙනා තීරණය කරලා..

ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න.. ඔව්. ඔබ පැමිණියා.. ජීවිතය, ආදරය මේ සියල්ලටම අලුත් අරුතක් රැගෙන ඔබ නැවත පැමිණියා.. ඔබට ස්තුතියි!

**************************************************
විශේෂ ස්තුතිය.. ලිඛිතා ගේ කඩදාසි කොලයට.. ඈ විසින් පසුගිය දින හතළිහක් වැනි කාලයක් පුරා කොටස් තිහකින් රචිත 'ඔබ ඇවිත් යන්න එන්න' බ්ලොග් නවකතාව අපේ හිත් ශෝකයෙන් පුරවමින් පහුගියදා අවසාන කළා.. ඒත් මුල ඉඳන් රසවිඳපු ඒ කතාව එහෙම ඉවර වෙනවා දකින්න මගේ හිත ඉඩ දුන්නේ නෑ.. අවුරුදු විස්සකට කලින් බොහොම අහම්බයෙන් 'කලණ' කෙනෙක්ම උනු මේ කතාවේ කතා නායකයා මා යයි සිතා මා එය මෙලෙස අවසන් කරා. මේ 'ඔබ ඇවිත් යන්න එන්න' බ්ලොග් නවකතාවේ මා කැමති අවසානය මිස මගේ කතාව හෝ ලිඛිතා ගේ කතාව විකෘති කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.  මේක කියවල හොඳටම තේරෙන්න නම් ඒ නවකතාව රසවිඳලා තියෙන්නත් ඕනි.. එසේ කියවූ සැමට ස්තුතියි.

Wednesday 5 April 2017

1. ෆිලින්ග් ඔසම් විත් නෙලුම් යාය ...................... Hearts are truly touchable; aren't they?


Image result for nelum mal

අද 25 සෙනසුරාදා වෙනදටත් වඩා ටිකක් කලින් ඇහැරුනා.  ගත්තා කෝල් එකක් ලසන්ත්තයට

ටිඉං ...ට්‍රිඉන් ...ඔබේ අතින් මල් මහලා ටිඉං ...ට්‍රිඉන් කරුලු ජෝඩුවක් ටිඉං ...ට්‍රිඉන් මතකද ඔබ මට දුන්නා ටිඉං ...ට්‍රිඉන් කොට්ට්ටෙට උරයක් ටිඉං ...ට්‍රිඉන්...

“හලෝ මචෝ ලසන්ත මම මෙන්ඩ “

“හා ..ඔව් මචං කියහන් මොකද හදිස්සියේ ?”

“හදිස්සියක් නැහැ බං...ගිය මාසේ පඩි ගත්ත වෙලාවේ මම උබ ලග රුපියල් 3000 ක් අරන් තියන්න දුන්නේ මට 25 බ්ලොග් සම්මාන උළෙලකට යන්න තියනවා කියලා”

“මොකා...බ්ලොග් ගල් ?..ඇයි දැන් උබට ගාමන්ට් වල වැඩ කරලා ඇති වෙලාද?”

“නැහැ නැහැ බන් නෙලුම් යාය කියලා බ්ලොග් ලියන උන්ට සම්මාන දෙන උත්සවයක් තියනවා “

“මොනවද බං බ්ලොග් ලියනවා කියන්නේ නවකතා වගේ දෙයක්ද?”

“මේ වෙලාවේ උබ හුයන්නක් කියනවා ...මට දැන් උබට ඕක පැහදිලි කර කර ඉන්න වෙලාවක් නැහැ “

“හා..හරි දැන් කියන්හකෝ එහනම් උබ කතා කරේ මොකටද කියලා ?”

“ඒ උත්සවේ තියන්නේ වොටෙර්ස් එජ් එකේ මට එකට යන්න අර 3000 ඕනේ “

“මල කෙලියයි උබ මට කිව්වේ නැහැනේ ඒක අද ඕනේ කියලා “

“ඇයි ගස් ගෙබ්බෝ තොට මම කිව්ව්වේ 25 මට ඒක ඕනේ සඳු ලග තිබුනොත් ඕක මට ලැබෙන්නේ නැහැ ඒක නිසයි උබ ලග තියන්නේ කියලා “

“අනේ මචෝ මම දැන් ඉන්නේ වත්තල සයිට් එකක දැන් මගේ අතේ ඒ තරම් මුදලක් නැහැ ..උබට ඒක හදිස්සි නැති වෙයි කියලා මගේ අතින් ඒක වියදන් උනා “

“මචං පිස්සු කෙලින්න විතරක් එපා ඒකට නොයා ඉන්නවට වඩා හොදයි ලෝකේ තියන අන්තිම අරක්කු බෝතලේ නොබී ඉන්නවා “

“ඉතිං උබ සඳුට පොඩ්ඩක් කියලා බලහන් ඔය කිව්වට සඳු ලග ඇති “

“අනේ මේ උබ රෙද්දක් කතා කරනවා එයාව මේකට එක්කරගෙන යන්නේ නැහැ කියලා ඊයේ ඉදලම මාත් එක්ක වලි දාගෙන ඉන්නේ ..එයාට තේරුම් කරනවට වඩා හොදයි අල්ලපු ගෙදර බල්ලට සිංහල කියලා දෙනවා “

“එහනම් උබ අපේ ගෙදරට ගිහින බලහන් මම ඉනෝකට කතා කරලා බලන්නම් ..හැබැයි ගෙදර තියනවද දන්නේ නැහැ “

“හා මචං එහනම් මම තියන්නම් “

@$^&((&$%^&889965 @#$%&()_*&%$$$$@#$%^^&*(*& $@^()))(*&5#@

ලෝකේ තියන ඔක්කොම කුණුහරප හිතෙන් කියලා මුට බැන්නා . දැන් ඉතින් පලයන්කෝ උගේ ගෙදර . කොට කලිසමකුත් දාගෙන එලියට බහින්න ලැහැස්ති උනා විතරයි. සඳු ....................

“කොහෙද අයියේ යන්නේ මේ උදේ පාන්දර තවම ඔයා කෑවෙත් නැහැ නේද?”

“මාර වැඩේනේ සඳු ....අදනේ අර බ්ලොග් සම්මාන උළෙල ඒකට යන්න ගිය මාසේ පඩියෙන් රැ 3000 ක් ලසන්තයා ලග අරගෙන තිබ්බා ..දැන් මු කියනවනේ ඒක ඌ ලග නැහැ වියදන් උනා කියලා “

“මොකා....3000 ක් ඔයා මට කිව්වේ නැහැනේ ...සාරියට දාන්න අර සෙරෙප්පු දෙක අරගෙන දෙන්න කිව්වහම ඔයා කිව්වේ ලබන මාසේ අරගෙන දෙන්නම් කියලා”

“හරි හරි මම ඉතින් ඒ සල්ලි ඌ ලග අරගෙන තිබ්බේ මේකට යන්නම ඕනේ නිසානේ “

“හොද වැඩේ ඔයා මාවයි බබාවයි එකට එක්කරගෙන යන්නෙත් නැහැ...අනික ඔයාට යන්නම ඕනද?”

“මමී ..මට සම්මානයක් නැති උනාට ඔයා දන්නවනේ මම බ්ලොග් වලින් මොනතරම් දේවල් ඉගනගෙන තියනවද ඒ වගේ එකෙක් සම්මානයක් ගන්නකොට අත් දෙක එකතු කරලා අත්පුඩියක් ගහන්න ලැබෙන එක ඌ වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම දේ “

“ඉතින් බ්ලොග් ලියන ගොඩක් අය මමත් අදුරනවනේ ඒ නිසා අපිවත් එක්කරගෙන යන්නකෝ “

“බැහැ සඳු ඒක ඉවර වෙනකොට රැ වෙයි අරක්කු ටිකකුත් බිලා මටනම් බස් එකක හරි එල්ලිලා එන්න පුලුවන් ඔයවයි පුතාවයි එක්කරගෙන ගිහින් එහම කරන්න බැහැනේ “

“මම ඇදුම් අයන් කරලා දෙන්නෙත් නැහැ කිසිම දෙයක් කරලා දෙන්නෙත් නැහැ රැට දොර අරින්නෙත් නැහැ ..තරහයි තරහම තරහයි”..දාහක් නෝක්කාඩු අහගෙන ගියා ලසන්ත්යලගේ ගෙදර ...

“ඉනෝකා ...ලසන්ත කෝල් එකක් දුන්නද?”

“අනේ ඔව් මෙන්ඩිස් අයියේ ඒ උනාට එයා මට දීලා ගියේ නැහනේ ...මගේ අතෙත් නැහැ “

දැන් ඉතින් මොකේද දන් වළදන්නේ කිව්වලු . මේ වෙලාවට තමයි දුලීකා මරපනට 32 B බ්‍රා එකක් අන්ඳන්න හිතෙන්නේ . කප් එක නැති බ්‍රා එකක් වගේ මුනත් හදාගෙන ආවා ගෙදර .

“සඳු ...මගේ සුදු පැටියෝ ලබන මාසේ පඩි අරගෙන දෙනකන් මට රැ 2000 ක් දෙන්නකෝ ...ඔයාට මම ලස්සන සරියකුත් අරගෙන දෙනවා “

“අනේ ..ඔයාගේ සාරිය ...මම ලග නැහැ අයියේ බබාගේ පංතියට දෙන්න තියන සල්ලි විතරයි තියෙන්නේ “

දැන් වෙලාව 2.30 යි දැන්නම් මට ඇඩෙන සයිස් එකට ඇවිත් . ගේ පිටිපස්සට ගිහින් සිගරට් එකකුත් පත්තු කරගෙන ඉදගෙන කල්පනා කරා මොකද කරන්නේ කියලා.  එතකොට සඳු පිටිපස්සෙන් ඇවිත් මම ලගට ඇවිත් කතා කරේ .

“අයියේ ඇයි ඔයා කල්පනා කරන්නේ මම කියන්නේ නැහැ ඔයාට ඕකට නොගිහින් ඉන්න කියලා මම දන්නවා ඔයා බ්‍රා වලට වගේ බ්ලොග් වලටත් ආදරය කරනවා කියලා”

“මට සම්මානයක් නැති උනාට මම උන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා එහම එකේ උන් සම්මානයක් ගන්නකොට අත්පුඩියක් ගහන්න බැරි උනොත් ඒ දුක මගේ ජිවිතේ හැමදාමත් තියෙයි “

“අයියේ මේ ඔයා මට උපන්දිනේට අරගෙන දුන්න මුද්ද මේක තියලා ඔයා සල්ලි ගන්න “

“කමක් නැද්ද මමී ?”

“ඔයා පඩි අරගෙන මට බේරලා දෙන්න ..හැබැයි මට සාරියකුත් අරගෙන ඕනේ. පරිස්සමට ගිහින් එන්න , බිලා පාරේ එනකොට බලගෙන . බ්ලොග් වල හැමෝම මතක් කරා කියන්න “මම නැගිටලා සඳුව ඉම්බා. .

“අනේ යනවා යන්න බොරු ආදරේ ..අන්න ෂිර්ට් එකයි කලිසමයි අයන් කරලා තියෙන්නේ “

“ආත්ම හතකට ඔයාවම හම්බවෙන්න කියලා ඉල්ලන්න හිටියේ එත් ඊලග ආත්ම වල වත්සලයි ශානිකයි දිප්ත්යි ඉල්ලුවනේ “

“මම උබ මරනවා අයිය්යේ “දඩබඩ ගාලා ඇදගෙන ආවා ඇවරිවත්ත්ට

“හා...නගින්න්ඩ් නගින්ඩ් අයිවේ කොලබ අයිවේ කොලබේ කොලබේ “

මේ වෙලාවට තමයි එය්ර් පොර්ට් එකේ ඉදලා කොලබට යන්න ජෙට් එකක් නැති එකේ අඩුව දැන්නෙන්නේ. කමක් නැහැ නැග්ගා හයිවේ කොලබ එකක 18 කනුව වටේට රවුන් ගහලා විනාඩි 30 කට විතර පස්සේ කොහම්හරි දාගත්තා කොලබ එයර්පෝර්ට් හයිවේ එකට, මග දිගට් කෝල් දෙක තුනක් අවා

“මෙන්ඩයියේ උබ කොහෙද ඉන්නේ?”

“හරි බං මම දැන් එන ගමන් ඉන්නේ”

“ආපු ගමන් ඇතුලට වරෙන් අපි ඉන්නවා “

බැහැගත්තා මරදානෙන්. මගේ හදිස්සිය දැනගත්තොත් තුන්සක රියක එකෙක් මාව මරාගෙන කනවා ඒක මගේ සාක්කුවට හොද නැති නිසා මීටරේ තියන තිවිල් එකක් අල්ල ගත්තා.

“අයියේ වොටෙර්ස් එජ් එකට යමුද?”

“කොහෙද මල්ලි ඕක තියෙන්නේ?”

“හුටා මම දන්නෙත් නැහැ ඉන්න බලන්න කෝල් එකක් දාලා අහගමු “

“ට්රින්..ට්රින් මචෝ කොහෙද බන් ඕක තියෙන්නේ “

“දියත උදානය ලගින් වමට හැරියන්” දැන් ඊලග මෙහෙයුම ත්‍රිවිල් අයියට ටෝක් කරලා පුලුවන් තරම් ඉක්මනට එතනට දාගන්න එක.

“අයියේ කඩයක් ලග නවත්තලා සිගරට් දෙකක් ගමුද ? එකක් පත්තු කරලා ඔයාට දෙන්නම් හැබයි මාව පුලුවන් තරම් ඉක්මනට වොටෙර්ස් එජ් ලගට දාන්න ඕනේ” කඩයක ලගින් නවත්තලා උදුරලා වගේ සිගරට් දෙකක් අරගෙන නැග්ගා ආපහු ත්‍රිවිල් එකට දුන්නා එකක් මගේ මාතලී දිව්‍ය පුත්‍රයට...

“අයියේ යමන් අයියේ ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා “

“මල්ලි මීටරේ ගාන වැටුනට හයියෙන් යනකොට තෙල් පිච්චෙනවා වැඩි එහනම් වැඩිපුර 100 ක් දෙන්න “
එල්ලෙන්න වැල් නැතුව ඉන්නකොට මු මට නයිලෝන් කඹ දෙනවා

“හා...කමක් නැහැ අයියේ යමන්”

බැස්සා වතුර විල ලගින් ..

“550ක් දෙන්න මල්ලි”

හතර පාරක් ගනන් කරලා ඇගෙන් ඇටයක් අරගෙන දානවා වගේ 550/= මාතලී දිව්‍ය පුත්‍රයාට දීලා උට දණගහලා වැදලා දොර ලග හිටපු නංගිගෙන් පාර අහගෙන දිව්වා උඩට .

අම්මට හුඩු ග්‍රහලෝකාගරේට ගියා වගේ .හත් අට පොලකින් ඉදගෙන සුදික,නලින් අයියන්ඩිලාට අතට අත දීලා තව දෙතුන් දෙනෙකුට පහක් දාලා අහසෙන් එන්නා ලගට ගිහින් ඒ දෙන්නටම කතා කරලා, සම්මාන ගත්ත වුන්ට අත්වල කරගැට එනකන් අත්පුඩි ගහලා  ඔහම ඉන්න අතරේ, තෙවැනි ඇස දුටු සොබා රූ වේදිකාවට ගියා සම්මානේ ගන්න මට එහා පැත්තේ මෙජ්ජර වෙලා ඉදගෙන ඉදලා තියෙන්න මු ...දැන් තමයි දන්නේ . පුටුවෙන් නැගිටලා අත්පුඩියක් ගැහව්වා

මු සම්මානේ අරගෙන ඇවිත් ඒක මගේ අතට දීලා  “මෙන්ඩිස් අයියේ මේ සම්මානේ අයිති උබට” කියලා කියනකොට මගේ ඇස් දෙකට කදුළු පිරුනා . මට අඩේයි කියලා බයට එතනින් නැගිටලා කාර් පිස්සුව ලගට ගියා. ඌ මගේ අතින් අලගෙන

“අයියේ මම උබ වෙනුවෙන් අලුත් කාර් ගැන ලියනවා “කියලා කියනකොට ආයමත් මගේ ඇස් වල කදුළු පිරුනා. ඔය අස්සේ නිවේදිකාව නුතන සේනක බිබිලේට වේදිකාවට කතා කරා සජ්ජා ඇවිත් දුමක් දාන්න යන්න කතා කරා.

පහලට ගියහම නලින් අයියන්ඩි සනස්ගල අදුන්නලා දුන්නා මට ඒකත් ලොකු දෙයක් පොර මාත් එක්ක අතට අත දීලා කතා කරා . ඔන්න ඉතින් පපුව පිරෙන්න නිකොටින් අඩු දුමක් දාලා ඇතුලට එනකොට කන බොන වෙලාව, ඩෙනිම් සාක්කු දෙකට ඒවගෙන් දෙකක් තුනක් ඔබා ගන්න තිබුනානම් සඳුටයි පොඩි මෙන්ඩටයි අරගෙන යනවා ඒ මොකද මම කොහේ ගියත් මොනවා කැවත් ඒ දෙන්නා දන්නවා මම පොඩි කැල්ලක් හරි ඒ දෙන්නා වෙනුවෙන් අරගෙන එනවා කියලා එත් අද එහම  කරන්න බැහැ.

අර දික් දන්ඩක් වගේ උසට උසේ ඉන්න ඉයන් මහත්තයා ගැහණු ළමයෙක්ව අදුන්නලා දුන්නා

“මම එරන්දි “

“මම එරන්දිගේ මහත්තයා “

“මම එරන්දිගේ පුංචි සුරංගනාවී “

“මම එල ද බ්‍රා මෙන්ඩ “

“අනේ අයියේ මම කොහමද උබට එල ද බ්‍රා කියලා ලියන්නේ? මම උබට මෙන්ඩ කියලා ලියන්නම් “
සම්මාන උළෙල්දී මට දැනුන එකම හිත රිදෙන දේ සන්නස්ගල මහත්තයා වේදිකාවට නැගලා මයික් එක අරගෙන ඇහව්වා "සේනක බිබිලේ ගියාද?” කියලා ඒක එතනට ගැලපෙන්නේ නැති කතාවක් කියලා මට හිතෙනවා. පස්සසේ දැනගත්තා මට වගේම එහම දැනුන තව කෙනෙක් ඉදලා කියලා . ඒ මම එරන්දිගේ මහත්තයා .

ඔන්න ඉතින් කොහමින් කොහමින් හරි සම්මාන උළෙල ඉවර වෙලා කමියා මාව සුදික අයියන්ඩිට පන්ගර්තු කරා නෙලුම් යාය පසු සැමරීමේ තැනට අරගෙන එන්න කියලා.
සුදික අයියා කියන්නේ හැලපෙලගේ ගෙදර ගිය වෙලාවෙත් මාව ගෙදරටම ගෙනත් දාලා ගිය එකා ඒ ගැන කිසිම විවාදයක් නැහැ. එත් සුදික අයියන්ඩ් මට මග අරුනා ඒ මම එරන්දිගේ මහත්තයා දාලා එන්න තිබුන ලොබකම උන්දැ එක්ක දවසක් හරි කතා කරන්න ආසා හිතෙනවා.

තව ටිකෙන් ස්කොට්ලන්ඩ්යඩ් එකට එන්න කියන්න වෙනවා මම එරන්දිගේ පෑන හොයන්න හොද වෙලාවට හෝටලේ වැඩ කරන පොඩි එකකේ පැන හොයලා ගෙනත් දුන්නා ඒ පැන නැතුව මම එරන්දි අඩපු අඩිල්ලට දියවන්නාවේ වතුර වැඩි වෙලා හෝටලේ යට වෙනවා.

අරක්කු ටිකක් බොන්න තිබුන පෙරේත කමට මම එරන්දිලගේ පවුලේ අයට යන්නම්වත් කියන්නේ නැතුව දුලිප් මහත්තයාගේ දඩු මොනරේ නැගලා හොටලෙකට ගියා ඒ හෝටලේ මැනේජර් මහත්තයා කිව්වා
“බ්ලොග් ගල් හදන මහත්තරු වගයකුත් ඇවිත් අහලා ගියා”

ආයමත් ඕනයගේ දඩු මොනරේ නැගලා හරි හෝටලේ හොයාගෙන ගියා. ඔන්න ඉතින් ගිටර් බිටර් බන්ජෝ රබන් මැද්දේ බ්‍රෑන්ඩ් එක ගල් කියලා සුද්දා හදපුවා බිලා කන සාක්කුවට වැටිලා බල්ලට මචං කියලා පාන්දර 1.30 ට විතර අඩලා වැලපිලා ඉබලා බදාගෙන අතට අත දීලා අපිට කෙලින් හිටගෙන ඉන්න බැරි උනාට අනිත් උන්ට පරිස්සමට යන්න කියලා ගෙදර එන්න පිටත් උනා .

මාව පන්ගර්තු උනේ අජිත් අයියන්ඩි ගේ යාළුවගේ වාහනේට. හුට්ටප්ප්රේට ගහපු කලාබරේ කිව්වලු මේ පාන්දර අජිත්ට අප්ප කන්න ඕනලු දැන් ඉතින් නාවල, රාජගිරිය බත්තරමුල්ල දෙවනත් වෙන්න ආප්ප හෙව්වා . ආප්ප තියා ආප්ප වටියක්වත් හොයා ගන්න බැරි උනා. අන්තිමට අජිත් අයියගේ යාළුවයි මමයි එංගලන්තෙට ආප්ප එවනවා කියලා පොරොන්දු වෙලා බලෙන් වගේ අජිත් අයියන්ඩිව හෝටලේ ලගින් බස්සලා අපි දෙන්නා එන්න අවා. බොරැල්ල හරියට එනකොට අජිත් අයියගේ යාළුවා කිව්වා

“මල්ලි ඩිසල් කට්ට අන්තිම හරියේ තියෙන්නේ කොහමහරි ෂෙඩ් එකට ගන්න බලමු “ කියලා
චෝ චා චු හුට්ස් පටස් ගාලා ෂෙඩ් එකට මෙහා කලර් ලයිට් එක ලගදී වැන් එක නැවතුනා බීපු අරක්කු මතක් කරගෙන පුර්ෂ දයිර්ය හිතට අරගෙන “හරි අයියින්ඩ් ඔයා ඉන්න මම තල්ලු කරන්නම් කියලා” තල්ලු කරා ෂෙඩ් එකට වැන් එක. ඉත්රු අරක්කු බාගයක් සාක්කුවේ දාගෙන ඇවිත් තිබුනම එතනම බොනවා බිලා එතනම නිදා ගන්නවා. මාව කොටුවට ගෙනත් දාලා ඒ අයියා ගියා.

“හා...නගින්ඩ නගින්ඩ් ජපානේ එංගලන්තේ ප්‍රන්ස්ය ජර්මන්යිය අප්‍රිකාව නගින්න්දේ නගින්ඩ් ...” කොන්දොස්තර මල්ලි කෙනෙක් බස් එකක දොරේ එල්ලිලා කෑ ගහනවා ..

“මල්ලි..ගුවන් තොටුපලට යන්න පලුවන්ද?”

“නගින්න මහත්තයා නගන්න  හා...නගින්ඩ නගින්ඩ් ජපානේ එංගලන්තේ ප්‍රන්ස්ය ජර්මන්යිය අප්‍රිකාව නගින්ඩ නගින්ඩ් ඔය ඕන තැනකට යන්න පුලුවන් නගින්න “ “නැගලා ඉදගන්න “

පාන්දර 4ට විතර එය්ර් පොර්ට් එකෙන් බැහැලා ත්‍රිවිල් මල්ලි කෙනකුට 350/= දීලා අතේ තිබුන අන්තිම 150/= ට අර දෙන්නට චොක්ලට් දෙකකුත් අරගෙන සිගරට් එකකුත් පත්තු කරගෙන ගෙදර ඇවිත් නිදා ගත්තා.

දහම් පාසලේ ඉස්ට්ජ් එකට නැගලා හමදුරුවන්ගෙන් සහතික ගත්ත මට සහතික නැතත් පිටු 40 තනි රුල් පොත් දෙකක් කවරෙක දාලා මටත් අර ඉස්ට්ජ් එකට කතා කරලා දීපල්ලා කවුරු මොනවා කිව්වත් ඒ වෙලාවට දැන්නෙන අඩාම්බර්ය මුළු ජිවිත කාලෙම මතක හිටිනවා.

හැබැයි ඒ තෑග්ග ඇවිද්ද පයේ සුදික අයියන්ඩි අතින් දෙනවනම් ඒ වෙලාවට ගන්න පොටෝ කැල්ල වයසට ගිය කලෙක පොඩි මෙන්ඩ ගේ පොඩි එකට පෙන්නලා හිනා වෙන්න පුලුවන්

“ලෝඕ...ලෝඕ ...මටත් ඒ කාලේ තෑග්ගක් හබ්වෙලා තියනවා” කියලා ...

මම කවදවත් බ්ලොග් එකක් පටන් ගන්නේ නැහැ හැමදාමත් මම උබලගේ ආදරණිය කමෙන්ට්කරු ..එත් ඉදලා හිටලා මේ වගේ හිතට දැන්නෙන දෙයක් ලියලා දාන්න උබලා කගේ හරි බ්ලොග් එකක පොඩි ඉඩක් දෙනවනම්...

මට හිතට දැන්නෙන දේ ලිව්වා මේක කියවලා බනිනවානම් බැන්හල්ලා..එත් මම තරහා නැහැ.

මම එල ද බ්‍රා මෙන්ඩා .  

******************************************

මේක මට එවල දවස් දෙකක්.. නොවැලක්විය හැකි හේතුවක් නිසා ලැප්ටොප් එකවත් දිග ඇර ගන්න බැරුව හිටපු නිසා පබිලිෂ් කරගන්න බැරි උනා.. මෙන්ඩ සමා වෙයන්.. අද ඉඳන් මේ බ්ලොග් එකේ සම අයිතිකරුවෙක් උඹත්.. ජයවේවා!

- මම කල්‍යාණ මිත්‍ර.