Wednesday 29 June 2016

බ්ලොග් නේවිකරණය.. Navalization of Sinhala Blogging

ඇඩෝව්.. කවුද ඩෝ චණ්ඩි.. කෝ ඔය විචාරකල.. අරයලා මෙයාල.. පුළුවන් නම් අරන් එමු බලන්න මීට වැඩිය ලොකු ආමි ලොක්කෙක් බ්ලොග් වලට.. (කුරුළු ලොක්කොනම් නේන තරමට කැමතියි.. )

සරත් ගේ ලොක්කත් ගේමට බැහැල ඉන්නේ හරිය.. 

අපි යනවා.. ඔහේල ඒ පැත්තේ ගිහින් ප්‍රශ්ණ තියෙනවනම් විසඳගෙන එනවා හොඳයි.. අපිට තව කුමන්ත්‍රණ කරන්ඩ තියෙනවා.. බදුල්ලකරණය.. මාගකරණයෙන් පස්සේ දැන් නේවිකරණය.. හැක් හැක්...

 අනුග්‍රහය- www.navy.lk

Monday 27 June 2016

වැඩේ කම්ප්ලිට්.. Job done. Thanks all!

ප්‍රිය මිතුරු මිතුරියනි..
පසුගිය දිනෙක ඔබේ උපකාරයෙන් කැලණිය හෙලේනා විජේවර්ධන බාලිකාවේ දැරියන් පිරිසකට පාසැල් පාවහන් ලබා දී ඉතිරි වූ මුදලෙන් ඔවුන්ටම අවශ්‍ය කාන්තා යට ඇඳුම් ලබා දීමට කටයුතු කරන බව පැවසුවා මතක ඇති. ඒ කටයුත්ත අද දින අදාළ පාසලේදී සිදුකල බව පවසන්නේ සතුටින්. මගේ සහභාගිවීමක් අවශ්‍ය නොවුණු නිසා ඒ කටයුත්ත සම්භන්දිකරණය කල Urekha Darshani ගුරුතුමිය හා සෙසු ගුරුවරියන් අතින්ම රුපියල් 25500/- වටිනා යට ඇඳුම් කට්ටල 100කට ආසන්න ප්‍රමාණයක් සිසුවියන් අතර බෙදා දුන්නා.. අත්‍යවශ්‍යම සිසුවියන් සොයාගැනීම හා ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයන් හඳුනා ගැනීම අදාළ ගුරුවරියන් විසින් සිදු කර ඒවායේ මිල ගණන් කිරිබත්ගොඩ වෙලෝනා ආයතනයෙන් ලබා ගෙන අවශ්‍ය මුදල මට දැන්වූ පසු Urekha ගුරුතුමියගේ ගිණුමට රුපියල් 25500/- මුදලක් බැර කරා. නමුත් ඒ අවශ්‍ය සියල්ල එකවර ලබාගැනීමට නොතිබූ නිසා අලුතෙන් මසා නිමකර දීමට යම් කාලයක් ඔවුන් ගත්තා. කෙසේ හෝ පහුගිය සිකුරාදා දිනයේදී අවශ්‍ය යටඇඳුම් කට්ටල සියල්ල ඔවුන්විසින් පාසල වෙත ඒවා තිබුණු අතර අද දිනයේදී ඒවා දියණියන් අතර බෙදා දෙනු ලැබුවා.. යුරේකා ගුරුතුමිය විසින් මා වෙත ඒවා තිබුණු චායාරුප කිහිපයක් මේ සමඟ පලකරනවා.. ඒ දියණියන්ගේ මුවග දිලෙන කිරි සිනහවේ දිස්නයටත් ඔවුන් පා පැළඳි කිරි සුදු පා වහන් යුවලේ දිස්නයටත් මගේ නම් නෙතඟට නැගුනේ සතුටු කඳුළක්.. දන්නවා ඔබටත් එය එසේම වේවි.. ස්තුතියි!









Friday 10 June 2016

බ්ලොග් ගොසිප් කීපයක් කෙටියෙන්.. Blog Gossip Little Short

ටින් ටැං ටොන්.. මේ නෙලුම් පුවත් සේවයයි..  මුලින්ම සිරස්තල..

කටුස්සා රට හැර යයි..

සරත් විමලසූරිය රට හිනස්සයි..

බ්ලොග් වසන්තය හබක්..

බ්ලොග් කරුවකු හා බ්ලොග් කාරියක යුග දිවියට..

සම්මානනීය බ්ලොග් කාරිනි නුවරකුමාරි අඩු වයසෙන් මියයයි..


ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු සමාගමේ සාදර අනුග්‍රහයෙනි..

ඉතා කුඩා සරිරයකට හිමිකම් කියූ සත් ගුණවත් කටුස්සා තුමා අඬ අඬා සිට හදිසියේ රට හැර ගොස් දැන් එහි සිට හිනාවීමට පටන් ගෙන ඇත.. ඒ වෙනුවට කටුස්සගේ පැනයාමෙන් අඩුවූ මැන්ඩිස් ඕල්ඩ් අරක්කු වෙළඳාම ගැන සිතමින් මැන්ඩිස් මුදලාලි අඬන්නට පටන් ගෙන ඇතැයි නෙලුම් පුවත් සේවයට වාර්තාවේ.

පහුගිය දවස්වල නොයෙක් ජාතියේ කෙරුම් කාරයෝ බ්ලොග් ලොව ආක්‍රමණය කල බව විවිද පුවත් සේවා වලින් ආරංචි විය.. ඒ අතර චිත්තර කාරයෝ, දේශපාලකයෝ, ලේඛකයෝ ආදී මෙකි නොකී අය බොහෝ වූ අතර මේ වර බ්ලොග් ලොව කැළඹු නවතම සෙල්ලම වාර්තා වෙන්නේ ලොවෙත් (හිටියට අපේ රටේ කවදාවත් හිටපු) නැති උඩු රැවුල් කාර නේවි කාරයෙකු විසිනි. හේ සරත් විමලසූරිය නම් වන අතර ඔහු ගැන කීමට නෙලුම් පුවත් සේවයට වචන හොයා ගත නොහැකි නිසා ඒ පැත්තට ගොස් මේකා කොයි වගේදැයි හොයා ගන්නා ලෙස බල කරනු ලැබේ..

තමන්ගේ තරමට වඩා ඉදිමෙන්න හැදු බ්ලොග් වසන්තය දින 44 කින් හබක් වී ඇතැයිද එහි ප්‍රධාන සංවිධායකයින් දෙදෙනා එකාට එකා ටොයියා බයියා කියමින් ඇනකොටා ගන්නා අතර සපෝට් සංවිධායක තුමා (මෙසේ) මඩ ගසන බවද දක්නට ලැබේ.. කෙසේ වෙතත් පෙර නොවූ විරූ ජවයකින් නැවත බ්ලොග් ලොව ආක්‍රමණය කල පැරණි බ්ලොග් කරුවන් හා සමව කරට කර තරඟ කරමින් වසන්ත සමය තුල බ්ලොග් පිබිදීමට උරදුන් ජයග්‍රහණය කල නොකළ සියලු සිංහල බ්ලොග් කරුවන්ට නෙලුම් පුවත් සේවයේ ගවුරව බහුමානය මෙසේ පිළිගන්වනු ලැබේ..

ඉතිරි පුවත් ඔබවෙත ගෙන එන්නේ ප්‍රවීණ ඉංග්‍රීසි දේශක Ratathota Wisthara මහතාගේ අනුග්‍රහයෙනි. Next gossip bring to you veteran English Lecture Ratathota Wisthara Mr. sponsorship.

මේ අතර පහු ගිය දෙතුන් දොහ තුල යුග දිවියට එළඹී ප්‍රවීණ බ්ලොග් කරු මනෝගේ ලෝකයේ මනෝජ් ප්‍රනාන්දු ට හා පුංචි කැකුළු මල තුෂානි ට නෙළුම් පුවත් සේවයේ උණුසුම් සුභ පැතුම් එකතු කරනු ලැබේ.. හෝව්..හෝව්.. මේ දෙදෙනා විවාහ වුයේ වෙනත් දෙදෙනෙකු සමඟ බැවින් ඔවුන් දෙපලටද ටියුබ් ලයිට් නෙලුම් පුවත් සේවය සුභ ප්‍රර්ථනා කරයි..

අවසානයට අවමංගල දැන්වීම්..

කලක් බ්ලොග් ලොව දිග විජය කළා වූ සම්මානනීය බ්ලොග් ලේඛිකා නුවර කුමාරි  පුද්ගලික හේතු මුල් කරගෙන අවසන් ගමන් ගියාය.. නෙලුම් ගොසිප් සේවයට වාර්තා වන පරිදි නුවර කුමාරි හොල්මනෙන් ඇවිත් පුලු පුලුවන් විදියට බ්ලොග් කියවන හෙයින් නැවත වෙන නමකින් හෝ උට්ඨානය ලැබීමට (ඉඩ ලැබෙන පරිදි) ඉඩ කඩ ඇත. එතෙක් නෙලුම් පුවත්ව සේවය වෙනුවෙන් නුවර කුමාරිට RIP (Return if Possible) කියමු..

කාලගුණය යහපත් හෙයින් රාජකාරි වැඩකට යාමට පුවත් සේවය සැණෙකින් අවසන් කරමි.

ටැං ටින් ටොන්..

Friday 3 June 2016

සපත්තු මේස් අරං කැළණියට ගියෙමි... Some jobs don't have JDs...

එක වචනයට.. උදව් කල.. උදව් කිරීමට උත්සාහ කල.. හා සහයෝගයට කතාකල ඔබ සැමට ස්තුතියි.. පින් කැමති අයට පිං.. හිතේ සතුට අපේක්ෂා කරන අයට ඒ සතුට.. ඉහළින්ම ලැබේවි.. දූවරුන්ගේ පාසලක් නිසා පින්තූර ගැනීමත් මෙහි පළකිරීමත් ප්‍රවේශමෙන් කරමි.. බොහෝ දෙනෙකු උදව් කල හෙයින්ද, ආධාර අවශ්‍යවූ දරුවන් සීමිත වූ හෙයින්ද (වෙනත් අය වෙතින්ද ආධාර ලැබී තිබු නිසා දැනට සපත්තු අවශ්‍ය වුයේ දරුවන් 20 දෙනෙකුට පමණි) ලැබුණු මුදල් ආධාර වලින් වැඩි ප්‍රමාණයක් තවමත් අත ඉතිරිව ඇත..
තව මේ වනවිට ඒ දරුවන්ට දැවෙන ගැටළුවක් වී ඇති බව පැවසුනේ සුදු ඇඳුමට අඳින යට ඇඳුම් කට්ටලයි. (සොයා ගැනීමට හැකිවූ භාවිතා කල යට ඇඳුම් ගුරුවරියන් විසින් සෝදා ළමයින්ට ලබා දීමට කටයුතු කල බව විදුහල්පතිනිය පැවසිය.) එ නිසා ඒ දරුවන්ට අවශ්‍ය කරන යට ඇඳුම් හා ඒවායේ ප්‍රමාණයන් ලිස්ට් එකක් සාදා කිරිබත්ගොඩ වෙලෝනා ආයතනයෙන් මිලට ගැනීමටකටයුතු කරන ලෙසත් අදාළ බිල්පත මා විසින් ගෙවන්නට කටයුතු කරන බවටත් දැන්වූවා.. 'අදාළ නැති' වුවත් ඒ අවස්ථාවේ වෙනත් විකල්පයක් මට මතක් වුයේ නෑ.. වෙනත් හොඳ යෝජනාවක් තිබේනම් දන්වන්න..
මල්කැකුළු වන් සුන්දර දියණියන්ගේ විළිබර සතුටු මුහුණු ඔවුන්ගේ යහපත සඳහා ඔබෙන් වසන් කිරීමට සිදුවීම ගැන සමාවන්න.







   

නම් වශයෙන් සඳහන් නොකළ නමුත් ඔබ සැමට නැවතත් ස්තුතියි.. ඉදිරියේදී ලැබුණු ඉතුරු මුදල් වලින් කුමක් කරන්නේද යන්නත් මෙලිසින්ම දන්වන්නම්..

මෙම කටයුත්ත සම්බන්ධීකරණය කල Urekha Haloluwa ගුරුතුමියට විශේෂ ස්තුතිය..




Wednesday 1 June 2016

සපත්තු ජෝඩුවක් හරි මේස් ජෝඩුවක් හරි අරං දෙමුද? Other side of සුදීක's same coin


කැලණියේ හෙලේනා විජයවර්ධන ඉස්කෝලේ කියන්නේ සුපිරි පාසලක් නෙවෙයි.. ඒ අවට ආර්ථික අපහසුතා වලින් පිඩිත දෙමවුපියන්ගේ දරුවෝ තමයි ඒකෙ අකුරු කරන්නේ.. ගොඩක් දෙනෙකුට උපාලි විජේවර්ධන පදනමේ ශිෂ්‍යත්ව ලැබෙනවා.. ඒකෙන් තමයි ඉගෙන ගන්නේ.. මේ අවු අස්සේ ඊයේ පෙරේදා පාත්වෙච්චි හෙන ගෙඩියෙන් උන්හිටිතැන් අහිමි උන පොඩි එවුන් අනූ දෙනෙක් ඉන්නවලු ඉස්කෝලේ ඒ ගන්න බැරුව.. පොත්පත් හම්බ වෙලා.. ඒත් පාසැල් ඇඳුම් හා සපත්තු මේස් කාගෙන්වත් ලැබිලා නෑ.. විස්තරේ ඇහුවම මට හිතුනා අපිට පුළුවන් වෙයි කියලා උදව්වක් කරන්න..
මොකද කියන්නේ.. පුළුපුළුවන් විදියට එකතු වෙලා සපත්තු ජෝඩුවක් හරි මේස් ජෝඩුවක් හරි අරං දෙමුද? ළමයි 10-15කට හරි අරන් දෙන්න අපි එකතු උනොත් බැරිවෙන එකක් නෑ.. කාගෙන්වත් පුද්ගලිකව ඉල්ලීමක් කරන්නේ නෑ අනවශ්‍ය පීඩනයක් වෙයි කියල හිතන නිසා.. කරදරයක් නොවෙයි කරගන්න පුළුවන්වෙයි කියල හිතනවානම් විතරක් උදව් කරන්න.. ස්තුතියි.

ක.මි.