Wednesday 9 May 2018

මොන රෙද්දක්ද ඕයි! WTF?

ඈ ඕයි.. මොන රෙද්දක්ද? මාස දෙහෙකට වැඩියි බ්ලොග් එකේ මෙලෝ දෙයක් ලියල නෑ.. වෙලාව නෑ.. බොරු කියන්න එපා යකෝ.. වැඩි හරියක්ම ඉන්නේ නිකං.. බුකියෙයි අරකෙයි මේකෙයි වාත වේවි.. මක් කියුව? කියවන්නත් කම්මැලියි? ඉඳකින්.. තෝ නම්.. බලහං.. කොච්චර දේවල් තියෙනවද ලියන්න කියවන්න.. කොච්චර ඒවා ලියන්න හිතනවද? ඒ වුනාට මෙතන ඇවිල්ල වාඩි උනාම කිසි දෙයක් මතක නෑ..

බලාපිය.. නෙලුන්යාය අල වෙලාම ගියා.. වසන්තයෝ කිසි සද්දයක් නෑ.. නොදෝමකින්.. අම්මප උඹට ගලපෙන්නෙම අර සිංහයා කියපු කතාවම තමයි.. තෝ නම් හැබෑවටම සිරිමා බෝධිය පාමුල හිඟන්නෙක් වගේ.. හෙටම වඳිනවා කිය කියා ඉඳල අන්තිමේ නිකම්ම මැරිලා පල.. බොට හොඳ නම් මට මොකෝ.. හුහ්.. 
- බ්ලොගර් අයියා සහ මා අතර මේ දිනවල නිතර සිදුවන සංවාදයකින් කුඩා කොටසක් බව කරුණාවෙන් සලකන්න. මිට යටහත් කම්කරු කල්‍යාණ මිත්‍ර. 

53 comments:

  1. බ්ලොග්ස් ගොඩක් දැන් ලියවෙන්නේ නැහැ නේද. ඇත්තටම අපරාධයක් එක . :(

    ReplyDelete
    Replies
    1. හුම්ම්ම්.. ගොඩක් ලියවෙනවා.. ඒ වගේම ගොඩක් ලියවෙන්නේ නෑ.. අපරාදේ තමයි..

      Delete
  2. මොන සරමක්ද ඕයි. ලියනවනං ලියහංකො ඔය හදන බිල්ඩිංවල සේෆ්ටියට හොරෙන් සිමෙන්ති අඩුවෙන් දාන හැටි ගැනවත්. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඕයි.. බලනවකො මේ යකාට කියුවට අහන්නේ නෑනේ.- මිට බ්ලොගර් අයියා.

      Delete
  3. මොන රෙද්දක්ද මේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඕයි.. බලනවකො මේ හාදය.. - මීට බ්ලොගර් අයියා..

      Delete
  4. බේතක් ගන්න

    ReplyDelete
    Replies
    1. මටද කියුවේ.. මේ අයිසේ මේ.. ඕවා තියා ගන්න එපා..- බ්ලොගර් අයියා

      Delete
    2. මේක බලල තමයි ඇඩ්මිට් වෙන්න උනේ හිටං.. :)))))))))))

      Delete
  5. මේ බ්ලලොගර් දැන් උඹ හෙන අයියද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං.. මූ බලහංකො..- මීට කල්ලාන මිත්තර

      Delete
  6. තෝයි තොගේ බ්ලොගර් අයියයි දෙන්නටම හෙන ඉල්ලමි. හැක්

    ReplyDelete
    Replies
    1. මං අහවල් වැරද්දක් කරාටද බොල.. අරූ ට නම් තව කමක් නෑ..- බ්ලොගර් අයියා

      Delete
  7. Replies
    1. ඉයන්ගේ බණ චැලේන්ජ් එකට මොකද වුනේ?

      Delete
    2. ඉයන් බැලුවේ එහෙමවත් අපිට බණ අස්සවන්න.. පිස්සුද? අපි අහුවෙයි ඕවට.. හෙහ්..

      Delete
  8. Replies
    1. උඹ හොඳයි බබාලට නම් තියන්න.. අම්මලාගේ හිතේ තියෙන ඔක්කොම එක නමෙන් කියවෙයි. :)

      Delete
  9. ලියාන්කො උඹේ අර සූර වීර කැප්ටන් හැඩොක් ගැනවත්.
    අන්න ඌ මිනීමරුවන්ට රට පනින්න උදව් කොල්ලලු

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් තනි සුදුවත් තනි කලුවත් නෙවෙයිලුනේ ලොක්ක.. මිනිහත් එහෙම වෙන්නැති..

      Delete
  10. කියලා වැඩක් නෑ මදැයි අපිත් නෙළුම් පිපෙනවා බලන්න වසන්තයේ දවසක ඇවිදින් යන්න පෙරුම් පිරුවා හා හා පුරා කියලා ....

    ReplyDelete
    Replies
    1. ගිය හකුරට නාඩා ඉමු සුදු.. :'( (ඔය කියුවට මතක් වෙනකොට මටත් ඇඬේනවා..)

      Delete
  11. යකෝ ලියහංකො අර ඩෝරා කතාවවත් මෙතන බුල නොකෙල,

    ReplyDelete
    Replies
    1. ඩෝරා වල ගිහින් බුල කෙලපු එකක්ද සර්? :D

      Delete
  12. බුකියේ රැඳෙයි හැමවිට නිදි වරාගෙන
    බ්ලොගියේ නොමැත කිසිම දෙයක් ලියාගෙන
    බැරියෝ නොකියමින් තව පද හදාගෙන
    කමියෝ වරෙන් බ්ලොගයේ ලිපි ලියාගෙන....

    ජයවේවා!!!

    ReplyDelete
  13. ඇත්තටම මාත් බ්ගොගෙන් ඈත් වෙලා...අපි හුඟ දෙනෙක් දැන් ලියන්නෑ...මොකෝ හැබෑටම ඒ

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට අපි වගේ නෙවෙයි බොලාල වැදගත් යමක් ලියන උන් ලියාපියව්..

      Delete
  14. ඈ ඕයි.. මොන රෙද්දක්ද? මාස දෙහෙකට වැඩියි බ්ලොග් එකේ මෙලෝ දෙයක් ලියල නෑ.. වෙලාව නෑ.. බොරු කියන්න එපා යකෝ.. වැඩි හරියක්ම ඉන්නේ නිකං.. බුකියෙයි අරකෙයි මේකෙයි වාත වේවි.. මක් කියුව? කියවන්නත් කම්මැලියි? ඉඳකින්.. තෝ නම්.. බලහං.. කොච්චර දේවල් තියෙනවද ලියන්න කියවන්න.. කොච්චර ඒවා ලියන්න හිතනවද? ඒ වුනාට මෙතන ඇවිල්ල වාඩි උනාම කිසි දෙයක් මතක නෑ..

    බලාපිය.. නෙලුන්යාය අල වෙලාම ගියා.. වසන්තයෝ කිසි සද්දයක් නෑ.. නොදෝමකින්.. අම්මප උඹට ගලපෙන්නෙම අර සිංහයා කියපු කතාවම තමයි.. තෝ නම් හැබෑවටම සිරිමා බෝධිය පාමුල හිඟන්නෙක් වගේ.. හෙටම වඳිනවා කිය කියා ඉඳල අන්තිමේ නිකම්ම මැරිලා පල.. බොට හොඳ නම් මට මොකෝ.. හුහ්..

    ReplyDelete
    Replies
    1. නෙලුම් යාය අල වෙලා ගියේ නැහැ බොලල්ල අපි ඕන කමින් තිත තිබ්බ මිසක්.

      Delete
    2. අන්නේකයි.. කොහෙද මේ බ්ලොගර් අයියල මල්ලිලා ඕවා දන්නවයි? ගානක් හොයා ගත්ත වැඩේ ක්ලෝස් කරා.. හෙහ්..

      Delete
    3. කවුද කමියද ?

      Delete
  15. යටහත් කංකරු කල්‍යාණ මිත්‍ර
    එතකොට සිකුරිටි යන්ඩ බැරිඋනා?

    ReplyDelete
  16. උඹට පොස්ට් එකක් දාන්ඩ කනේ පාරක්ම කන්න උනා නෙහ් ? දැන් කොහොමද , සනීපද ?

    ReplyDelete
  17. මගේ..ලැපේ සින්හල හදලා ඩිපිය..කතා ගොඩක් ලියගෙන තියගෙන ඉන්නවා කොටා ගන්න විදිහක් නැතුව..

    ReplyDelete
    Replies
    1. සිංහල හැදෙන්න අවුරුදු බර ගානක් ගියා බං.. දැන් සිංහල නැතිවෙන කාලේ..

      Delete
  18. කොලබ ඉන්න එකේක් කියපන් උදේ වරුවක ලැප ගෙන්ත් දිලා යන්නම් හවස ගන්න..

    ReplyDelete
    Replies
    1. ලැප නෙවෙයි වරුවකට සැප මොනාහරි ගෙනද්දීල පලකෝ.. :/

      Delete
  19. ලියන්න වෙලාවක් නැත්නම් කෙටි ලිපි හරි ලියන්න බලන්න. බ්ලොගය පාළු වෙනවට වඩා ඒක හොදයි නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඉරෝ.. බලන්නකෝ.. මීට බ්ලොගර් අයියා.. :)))

      Delete
  20. මාස දෙකනේ බන්.. ඕව නම් මොනවාද..

    ReplyDelete
    Replies
    1. අම්බෝ.. අවුරුදු ගණන් ගල් වෙලා ඉන්න එකෙක්.. :)))))

      Delete
  21. මේ අපි ලියනවා හරිද. අදත් එකක් දැම්ම

    ReplyDelete
    Replies
    1. හැබෑව නේන්නං.. මං උන්නේ කොළඹ ගමයා මළා ය කියල.. හෙහ්..

      Delete
    2. තවම ඉන්නව

      Delete
  22. ගහපන්කෝ වැටක් මෙහෙම.. ++++++++++++++++++++++

    ReplyDelete
  23. බලද්දි දැන් එක බ්ලොගක්වත් ලියවෙන්නේ නෑ වගෙයි. ආයිත් දේදුනු වසන්තයක් වගේ මක්කා හරි පටන් අරන් කට්ටියව මෝටිවේට් කරපල්ලා. :P

    ReplyDelete
  24. මේ මක්කැයි බං මේ ?

    ReplyDelete