Thursday 30 July 2015

පාවෙන ඡන්ද දෙකක් විකිණීමට තිබේ.. (දේශපාලන පෝස්ට් එකක් නොවන බව කරුණාවෙන් සළකන්න.) The story of majority I see...

(මේ කතාව කීමෙන් කිසියම්ම වූ පුද්ගල චරිතයකට අවැඩක් කිරීමේ අදහසක් තුන් හිතකවත් නොවූ බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි.)
Photo courtesy: www.google.com
යම්කිසි අවශ්‍යතාවයක් සඳහා දිනක් මා සමඟ රැකියාව කරන එක්තරා නිළධාරියෙකුට මම රාජකාරී වෙලාවේදී ඇමතුමක් දුන්නෙමි. උස නිසාමදෝ මංදා මේ ගොඩනැගිල්ලේ යම් යම් ඉහළ ස්ථාන වලට හරියට ජංගම දුරකතන සම්බන්ධතා නැත. දෙතුන් වරක් උත්සාහකොට අපහසුවෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු සිටින්නේ 47 වෙනි තට්ටුවේ බව සඳහන් කලත් අදාල පණිවුඩය ලබා දීමට ප්‍රථම ඇමතුම යලිත් විසන්ධි විය. වෙනත් වැඩක් යෙදුනු හෙයිනුත් ඇමතුම ලබා ගත් කාරණය එතරම්ම හදිසි එකක් නොවූ හෙයිනුත් මා ඒ උත්සාහය පසුවට කල් තබන ලදී. ඊට පැය භාගයකට පමණ පසු අදාල නිළධාරියා දාඩිය පෙරාගෙන මා සොයා කාර්යාලයට ආවේය. මේ වනතුරුත් අභ්‍යන්තර සෝපාන පහසුකම් සපයා නැති මේ ගොඩනැගිල්ලේ යම් දුරක් පඩිපෙළ බැස පැමිණ 'හොයිස්ට්' එකක් එනතුරු රැඳී සිට බිම් මහලේ කාර්යාලයට පැමිණීමට අවම වශයෙන් පැය භාගයක් ගතවේ. ඔහු එසේ පැමිණ '.... මට කතාකරේ?'යි අසනවිට මට මතක් වූයේ මේ නිකරුණේ ගතවන කාලයයි. වැඩය පසෙක තබා ඒ ගැන මා ඔහුට 'මනුස්සයෝ.. ඕකට ඔය මුදුනේ ඉඳල එන්න ඕනිද? සිග්නල් තියෙන තැනකට ගිහින් කෝල් එකක් දෙන්න තිබුණානේ'යි පවසමින් දොස් තබන විට ඔහුගේ මූණ බල බලා ඉද්දී අඳුරු වීය.. "ෆෝන් එකේ සල්ලි ඉවර වෙල...." වට පිට බලමින් මා වෙත නැඹුරු වී ඔහු කියනා විට මා ඔහුට කතා කල කාරණය මට සහමුලින්ම අමතක වීය.  

මෑතක දිනෙක මේ නිළධාරියාගේම මවගේ අභාවයෙන් වසරක් නික්ම ගිය තැන යෙදෙන දානමය පුන්‍යකර්මය යෙදී තිබුණි. මට මතක විදියට ඒ පහුගිය 16 හෝ 17 වැනි දිනකටය.. මා ඒ ගැන විමසූ වෙලේ ඔහු කීවේ එය 25 වෙනි සෙනසුරාදාට කල් තැබූ බවයි. හේතුව නම් 'ඇඩ්වාන්ස් එක ගන්නා තුරු' ඉන්න අවශ්‍ය වීමත් සෙනසුරාදා වරුවක් පමණක් නිවාඩු ගැනීමෙන් 'වැඩේ ගොඩ දා ගෙන' ඉරිදා වැඩට ඒමට හැකි වීමත්ය. ඉරිදා යනු අද වන විට පෞද්ගලික අංශයේ නම් මෙම ශ්‍රේණි වල නිළධාරීන්ගේ අනිවාර්‍ය වැඩකරන දිනයකි. 'ඉරිදා හතරේයි පෝය දවසේයි ඕ.ටී. ටික' කරේ නැත්නම් මාසයම සොරි වන්නේය.

මීට පෙර වරෙක ඔහු කුඩා කරාඹු ජෝඩුවක් ඔතාගෙන වටපිට බලමින් මා වෙත ආවේය. "... මං අද ආවේ මේක තියල රුපියල් හාරදාහක් ගන්න, ඉන් අනිද්දට දුවගේ කොන්වකේෂන් එක, ඇඳුම් ගන්න දැන් එනවා කියුවා පිටකොටුවට.. මේක උගස් තියාගන්න බැරි උනා.. තියෙනවනම් මට රුපියල් හාරදාහක්...." මා සල්ලි කාරයෙකු නොවේ. ඒත් වෙලාවට එදා මා අත රුපියල් හාරදහසක් තිබුණි. නැත්නම් එවලේ මගේ පපුව හිර වෙනවා නියතය. එයින් එළඹුණු 25 වෙනිදා ඔහු වහාම ඇඩ්වාන්ස් එක ගෙන මගේ ණය පියවා දැමුවේය. ඒත් ඉන් දින කිහිපයකට පසු ඔහුට වෙනත් ගටළුවක් තිබුණි. ඒ රුපියල් පන්සීයක අවශ්‍යතාවයකි. කෝච්චියේ සීසන් එක එදා අළුත්කල යුතු විය. 

ඔහුට වඩා මට තවත් හිතවත් නැත්නම් ලෙංගතු මගේ පරණ ගෝලයෙකුද මේ ඔෆීසියේම වෙයි.. ඌට සල්ලි අවශ්‍යතාවයක් ඇතිවූ විට දෙතුන් පාරක් මේසය ලඟට පැමිණ කැරකී යයි. 'ඇයි මොකෝ' මා අසන නමුත් මගේ පර්ස් එකේ ඔහුට ඕනි ගාන හරියටම ඇති බව ඔහු දනී.. 'මෙච්චරයි තියෙන්නේ'යි මා පවසීමට ප්‍රථමම 'ආ.. ඒ ඇතියි' කියා එය රැගෙන යයි. මෑතක සිට අළුත් සෙල්ලමකි. එනම් නීති විරෝධී වුවත් මා භාවිතා නොකරන මගේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරන්නේ ඔහුයි. යනිං එනිං 'කාඩ් එක තියෙනවදයි' අසාගෙන යන විට මා එය පර්ස් එකෙන් ඇද මේසය මත තබමි. කිසි කතා බහක් නතුව පහු වෙනිදාට කාඩ් එක ආපසු ගෙනත් දෙනු ලැබේ.. 25 වනදා හවසට බංකුවෙන් 'සල්ලි ලැබුණු බවට' SMS එකක් එන අතර ඊ මේල් එකකින් එන මාසික ගනුදුනු සටහන බැලුවොත් මිස කාඩ් එක රැගෙන ගොස් ඔහු මොනවා කලාදැයි මා දන්නෙත් නැත. (තවමනම් මෙවැනි කටයුතු නිසා මට අවැඩක් හෝ හිත් නොහොඳ වීමක් වී නැති නමුත් තව කොපමණ කලක් ඔවුන්ට ඔවුන්ගේ වගකීම හරියට ඉටු කළහැකිවේදැයි විශ්වාස නැත.. ඒත් මේ රුටීන් එක නැවැත්වීමටද මට හැකියාවක් නැති සෙයකි.. ඊටත් වඩා ඊට සිත් නොදේ..)

ආසන්නම තිගැස්සීම ඊයේ සිදුවිය. ඉහත කී නිළධාරීන් දෙදෙනාම නිවසේ සිට වැඩට යන එන්නන් වේ. ඔෆීස් චමරියේ උයන කෑම සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු කන්නේ හා ඊට වඩා ඒ පිළිබඳව කතා කරනුයේ 'වෙන කරන්නම දෙයක් නැති නිසා' කනවා මෙනි. (ගෙදරින් බත් කටක් කනවා වගේ ඇත්තටම රහ නැති උනත් කොළඹ ගෙයක් නැති නිසාත් කඩ වල පට්ට ජරාව ගිනිගණන් දී කෑමේදී කන ප්‍රමාණෙට වඩා පිච්චෙන නිසා මමනම් හැකි සෑම විටම තුන් වේලම ඔෆීස් චමරියෙන් කමි.) නමුත් මා හිතා හිටියේ හවසට ගෙදර යනවුන් මට වඩා බොහෝ වාසනාවන්තයින් බවත් ගෙදර ගොස් හිතේ හැටියට උයාගෙන කා සැනසීමෙන් හිඳ ආපසු වැඩට එන බවත්ය. මා ඇතුලතින් කම්පාවට පත් කරමින් ඊයේ මා දුටුවේ මගේ මේ හිතවතුන් දෙදෙනාම ඔෆීසියෙන් පිටත් වීමට පෙර තම තමන්ගේ කෑම එක ෂොපින් මල්ලක ඔතාගෙන අතේ උන්ඩි කරගන්නා ආකාරයයි.. පැත්තකට කතාකොට මට වඩා හිතවත් එකාගෙන් මම 'සහැල්ලුවෙන් මෙන්' ඒ ගැන ඇසුවෙමි. 'දැන් ගියාම ගොඩක් වෙලාවට රෑට ඉවෙන්නේ නෑ.. පොඩි දෙන්නට මේක කවල නිදි කරාම අපිට ඔය මොනව හරි හදාගෙන කන්න බැරියැ.. අනික මේකට කැපෙන්නේ ගානෙන් බාගයයිනේ.' මම මොහොතකට නැවතත් සසල වීමි. මොහු කුඩා දරු දෙදෙනෙකුගේ පියෙකු වූ නමුත් මා කලින් සඳහන් කල නිළධාරියා වැඩිහිටි දුවකගේ හා පුතෙකුගේ පියෙකි. ඔහු තම රාත්‍රී කෑම එක ඔතාගෙන යාමේ පසු කතාව මා වැඩි දුර නොසිතා සිටියෙමි..

මා මේ සඳහන් කල නිළධාරීන් දෙපලම ඕ.ටී. හා අනෙකුත් දීමනා සහිතව මසකට රුපියල් හතලිස් දහසක ආසන්න වැටුපක් ලබන 'වැඩ පරීක්ශක' හෝ ඊට සමාන ශ්‍රේණියක නිලධාරීන් දෙපලක් වූ අතර මා සමඟ මෙහි වැඩ කරන අනිත් බොහෝ සේවක මහත්වරුන් ඔවුනට වඩා අඩු පඩියක් ගන්නා පහල ශ්‍රේණි වල අය වේ. යමෙකුට මතක නම් මා ගිය මාර්තු 31 වනදා සටහන් කල ආකාරයට යහපාලනයෙන් බෝනස් එකට වැදුණු පොරෝ පහරත් සමඟම බෝනස් එක බලාගෙනම සමහර අමතර වැඩ යොදාගෙන හා අවසන් කර තිබූ මොවුන් බොහෝ දෙනෙකු කබලෙන් ලිපට වැටුනු බව නොරහසකි. ඒ නැතත් දරු පවුලක් රකිමින් ලංකාවේ ජීවත්වීම යනු අද වනවිට 'මාරම ගේමක්' වී හමාරය. මූලික අවශ්‍යතා කීහිපයක් බොහෝම අමාරුවෙන් මා ඔය පෙර සඳහන් කල ආකාරයට කලමණාකරනය කරගන්නවා හැර බොහෝ විට ඒ ජීවිතවල විඳීමක් කියා දෙයක් ඇත්තේම නැත.  

පසුගිය ජනවාරි අටවනදා වෙනසකට සවියක් වීම සඳහා මා උදේ පාන්දරම දරු පවුලත් පටවාගෙන ගාල්ලේ සිට බදුල්ලට පැද්ද අතර බලාපොරොත්තුවූ වෙනස නම් සිදුවූ නමුත් ඒ සඳහා මා හට අමතරව වියදම් කිරීමට සිදුවූ රුපියල් හය හත්දහසක මුදල 'වෙනස' හරහා පියවා ගැනීමට මෙතෙක් නොහැකි විය. (ඒ වෙනුවට මට මෙතෙක්නම් ලැබුනේ පාඩුම පමණි. රටට මොනාකාරයේ වාසි උනාදැයි සිතන්නට මේ වෙලාවේ මට නොහැකිය.) පාසැල් නිවාඩු කාලය තුල ගාල්ලේ බිරිඳගේ නිවසේ ජීවත් වන හෙයින් මෙවර 17 වනදා ඡන්දය දමන්නට යන්නේ නම් මට ඒ සඳහා 'ඉතා අධික' වියදමක් දැරීමට සිදුවන බව දැනටම ප්‍රත්‍යක්ශ කොට ගෙන සිටිමි. 

ඔය අතරේම තවත් සිත කැඩෙන වැඩක් විය. එනම් මා මුළින් සඳහන් කල නිලධාරියාගේ වාර්ෂික ඇගයීම් වාර්ථාව සකස් කොට යැවීමට මට අද සිදුවිය. ඔහුගේ බොහෝ වැඩවල ගුණත්මක හෝ ප්‍රමාණත්මක භාවය ගැන මා එතරම් පැහැදීමකින් නොසිටියත් මේ වෙලාවේ ඔහුව රස්සාවෙන් දොට්ට දාන්න බැරි නිසාම මා මොළයට නොව හදවතට යටත්ව 'සැටිස්ෆැක්ටරි' වාර්ථාවක් ප්‍රධානියාට බාර දුනෙමි. ප්‍රධානියා සමඟ පොඩි කතාවක් දාගෙන ඉන්න විට ඔහු සිනාසී ප්‍රධාන කාර්යාලයෙන් ලැබී තිබූ වාර්ථාවක් මා අත තැබීය. එයනම් ගිවිසුම් කාලය ඉක්ම ගිය එහෙත් සේවා දිගුවීම් නොදී දැනටද රාජකාරියෙහි යොදවා සිටින නිලධාරීන්ගේ නම් ලැයිස්තුවයි. අහෝ.. එහි ඉහලින්ම තිබුණේ මගේ නමයි. පසුගිය මැයි මස 20 වනදා සිට මා සේවා ගිවිසුමකින් තොරව මෙහි සේවය කරමි. 'වඩක් කරන්නෙත් නැතුව බ්ලොග් බල බල ඉන්නව.. ඒ මදිවට බෝනස් දුන්නේ නෑ කියලත් ලියලා' යැයි 'බ්ලොග් ලියන කියවන ලොකු කකුල්' අතර ඉන්න ලොක්කාගේ බොක්කක් හෙට කෝල් එකක් දී තිබුණොත් අනිද්දා සිට මටත් 'රැකියා විරහිත' ලිස්ට් එකට මාරු වීමක් ෂුවර්ය.
photo courtesy: www.google.com
මේ අවු අස්සේ ඡන්දය දාන්න යන්න 'ලොකු ගාණක්' වියදම් කරන්න කොහොමත් බැරිය. ඒ නිසාම මුලින් තීරණය කලේ මෙවර චන්දය විසි කොට දැමීමටයි. ඒත් පසුව වෙනත් අදහසක් පහල විය. එනම් මගේ හා බිරිඳගේ ඡන්ද දෙක ගානකට ආවොත් විකුණා දැමීමටයි. ගාණ නම් ගාල්ලේ සිට බදුල්ල දක්වා ගිහින් ඒමට වියදම් වෙන මුදලය.. බස් එකේනම් යා නොහැක; ඒ නිසා වාහනයේ යාමට යන වියදම- (ඉන්ධන ඇතුලු අවමය..) රුපියල් දහදාහක්.. අවම ලන්සුවයි. කොහොමත් කන විදියට ඒදවස් දෙකේත් කන්න පුළුවන් නිසා ඒ වෙනුවෙන් අමතර මුදලක් නොඉල්ලමි. බෝනස් එකක් ලෙස නිවාඩුව අතරතුර බදුල්ලේ ගෙදර ගොස් වටේ පිටේ බලාගෙන ඒමට හැකි නිසාත් ඡන්දය නොදී සිටියායයි හිතට එන අසහනයෙන් මිදීමට හැකි නිසාත් මෙය කොහොමත් හොඳ අදහසකි. 

මට අමතරව දනටම තම තමන්ගේ ඡන්ද මෙසේ විකිණීමට සින්දු ඇනෝ, උපුල් නිශාන්ත වැනි ප්‍රඥාවන්ත මිතුරන් කිහිප දෙනෙක්ද කැමැත්ත පළකර ඇත. අවශ්‍ය තවත් අය ඉන්නවානම් මේ වෙන්දේසියෙන්ම ගොඩ යාමටද හැක. ඔබගේ අවශ්‍යතාවය හා අවම ලන්සුව කොමෙන්ට් කරන්න.

හරීන් ෆර්නෑන්ඩූ, නිමල් සිරිපාල වැනි දැවැන්තයින් නිසා මගේ ඡන්ද දෙකනම් සෑහෙන ගානකට විකුණා ගත හැකි වනු ඇතැයි සිතමි. වෙනත් මතයක් දරණ පරිත්‍යාගශීලියෙකු වේනම් මා මිතුරු සමන්ත විද්‍යාරත්න සහෝදරයා වෙනුවෙන් අනුග්‍රහයක් දැක්වීමට වුව ඉදිරිපත් විය හැක. නැත්නම් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඥානසාර සාදු වෙනුවෙන් බැරිනම් ස්වාධීන අපේක්ශකයෙකු වෙනුවෙන් වුවද කම් නැත. වටින්නේ ගාන විතරකි.

කරුණාකර යම් අයෙකු ඡන්දය දීමේ වටිනාකම ගැන බරසාර දේශන මෙහි කොමෙන්ට් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ වෙනුවට ඔබට තැබිය හැකි ලන්සුව පමණක් ප්‍රකාශ කිරීම සෑහේ, මන්ද ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කම මා බොහෝ තැනවල කියවා ඇති නිසාවෙනි. දැන ගැනීමට අවශ්‍ය වන්නේ මා කරන කැපකිරීම වෙනුවෙන් ඡන්දය ලබන්නාට කලහැකි කැපකිරීම පමණි. මන්ද ඡන්දය ලබා ගත්පසු යලිත් පස් අවුරුද්දක් යනතුරු උන්දැලාට මා වැනි එකෙක් මතකේවත් නැති නිසා පුළුවන් වෙලාවේ මගේ වියදම පියවා ගත යුතුයි. තවදුරටත් ඔබේ දේශපාලන මත මෙහි පිටු ගණන් පුරා වැපිරීමෙන්ද පලක් නොවන බව කරුණාවෙන් සලකන්න. මා නැවත කියමි. අවශ්‍ය 'ගණන' පමනි.  



125 comments:

  1. දැන් එතකොට මේක දේශපාලන අදහස් දැක්වීමක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. කිසිසේත්ම නැත. උඹට ඕනෙම නම් 'ආර්ථික විමසුමක්' වගේ බර වචනයක් දා ගන්.. හැක්. මතකනේ. අනිත්වා වැඩක් නෑ.. 'දෙන ගාන' තමයි වැදගත්.

      Delete
  2. ම්.......බලමු. තට්ටු හතළිස් හතක්? ලෝටස් කණුව ඇර මොකුත් මතක් වෙන්නෑනෙ. හා..හා... අංජනම අතඇරලා කතාවට එමු.
    ඕක නං මැජෝරිටි එකට තියෙන ලෙඩක් තමා බං. මේක ඇබ්බැහි වීමක්. ඔය වගේ ගණුදෙනු වලට ඇබ්බැහි වීම් කාට වුණත් වෙන්න පුළුවන්.
    උඹ අහල ඇති පඩියෙන් ජීවත් වෙන ක්‍රම තුනක් තියෙනවා.
    1. ගිය මාසේ වැටුපෙන් මේ මාසේ ජීවත් වීම (කාන්තාවො ගොඩක් වෙලාවට කරනවා)
    2. මේ මාසේ වැටුපෙන් මේ මාසේ ජීවත් වීම
    3. ලබන මාසේ වැටුපෙන් මේ මාසේ ජීවත් වීම (හොඳට හොයල බලපං කන බොන උදවිය තමා)

    ReplyDelete
    Replies
    1. හැක්.. උඹ ඇරෙන්න අනිත් ඔක්කෝම වගේ උන් දන්නව මට පේන්නේ මේ කොහේද කියල.. ඇයි බං සෙල්ෆිම කීයක් දාල ඇත්ද මං ඔය බිල්ඩිම උඩ ඉඳලා..
      මං අයිති වෙන්නේ ඔය දෙවෙනි කැටගරියට.. (ඒ කියන්නේ කන්නේ බොන්නේ නැති එක ගැන මං කියුවේ..හැක්.) මේ මේ.. ඒව මේවයින් වැඩක් නෑ.. 'දෙන ගාන' තමයි වැදගත්..

      Delete
    2. හයැට්?
      අපි ඉතිං කොළඹයෑ බං... හද්දා වන්නි හද්දීපංකොරේ නොවැ.

      Delete
    3. ඇට් හයි.. යේස්!
      එතකොට අර කූඩු හදන්න පියඹලා ගිය ප්‍රේම කුරුල්ල පියෑඹුවේ හද්දා වන්නිකරේකට ඈ..

      Delete
  3. "ඉරිදා හතරේයි පෝය දවසේයි ඕ.ටී. ටික' කරේ නැත්නම් මාසයම සොරි වන්නේය." ඔය කතාව නම් මම අත්දැකලා තියෙනවා ඉසේ කෙස් ගානට. යපාලනය තිබ්බත් , ආශ්චර්යය තිබ්බත් මිනිස්සු හැමදාම එකම බෝට්ටුවේ , කරුමේ කියන්නේ ඒ දේ නොතේරෙන්නෙත් මිනිස්සුන්ටමයි.

    උඹ බයවෙන්න එපා උඹ බ්ලොග් ලියන්නේ නෑ කියලා ලොක්කට කියන්න ඉන්න එකෙක් ගියා , තව එකයි ඉන්නේ ඕක දන්න, ඔව් ඔව් ඔය ලඟම ඉන්න එකා තමා . හැබැයි ඌ කියන එකක් නෑ . හැක

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මට තාම ඒ ගිය එකා තමයි හැක.. මං දන්නව මූ නම් ලොවෙත් කියන්නේ නෑ කියල.. (එහෙම උනොත් ඌත් මාට්ටු නේ.. හි හී..)
      මොකද කියන්නේ සහෝදරයෙක් වෙනුවෙන් අනුග්‍රහයක්වත් දක්කමුද? 'දෙන ගාන' තමයි වැදගත්..

      Delete
    2. ///තව එකයි ඉන්නේ ඕක දන්න, ඔව් ඔව් ඔය ලඟම ඉන්න එකා තමා . ////
      අඩෝ....ව්...
      හිටපිය තෝව අල්ල ගන්න, ගියපු එකා කියල නැහැ. ලොක්කට කියල ඉල්ලලා දෙන්න හොඳ සම්බුවක්...

      Delete
    3. මටත් ඒ ගිය එකාව නම් සත පහකට විශ්වාස නෑ තමයි.. හැක්.

      Delete
    4. ගිය එකා සතපහකට ශුවර් කරන්නෙපා...

      Delete
    5. හැමෝම කතාකරන්නෙ හරියට මේ රටේ තියෙන්නෙ දේශපාලන පක්ශ දෙකක් විතරයි කියල හිතාගෙන.

      Delete
    6. ඔය කනට ඇහෙන්ඩ කතා නොකරන එවුන් සතපහකට විස්වාස කරන්ඩ බැ , විස්වාස කරන්ඩත් එපා , ඔය අස්වෙලා ගිය එකා මාව ඇන්දුවනේ අවුරුද්දක් විතර , ඕකා මට ඇගෙව්වෙයි හැසිරුනෙයි රෑ වෙනකං ඕටි වලට වැඩ කරන සුපවයිසර්කෙනෙක් ක්ලාක් කෙනෙක් වගේ. යන්නේ එන්නෙ බයික් එකක කියලත් කියුවා, ( දැං කියයි නැ , එක්කො කියයි මතකනැ කියල ) , පස්සේ වටෙන් ගොඩෙන් එක එකා කියනකොට තමා තොරනෙ විස්තරේ දැනගත්තේ , ඔහොම බොර් කරන එවුන් සතපහකට විස්වාස කරන්ඩත් එපා , කල්ලානයෝ උඹගේ රස්සාවට කෙල උනොත් ඕකම තමයි .

      Delete
    7. හයියෝ පවු ලු ෂා ....
      ඇයි හොරැහින් මදෙස බලන්නේ ....:D

      Delete
    8. සජ්ජෝ.. උඹට නොතේරෙන්න මොකුත් කියන්න විදියක් නෑනේ බං.. හැක්.

      මනෝශ්.. මමනම් කැමතියි පක්ශ වැඩිවෙන තරමට.. සුවාදීන බැරිනම් පරාදීන එවුන් හරි කමක් නෑ.. එතකොට ඉල්ලුම වැඩි වෙනවනේ. මොකද මෙදා පොටේ මට වැදගත් ඡන්දෙ විකුණලා 'ලැබෙන ගාන' විතරයි..

      මිස්ටර් අටම්පහුර.. ඔය ගිය එකා ඉන්නකම්ම කරෙත් බොරුව දැන් මෙතන ආපහු ඇවිත් හොඳ මූණ පෙන්නනෙත් බොරුවට කියලා උඹට ඔය යස අගේට තේරිලා තියෙන්නේ.. හැක්. ඒකම මටනම් බෝනස් එකක් වගේ. යන එවුන් කොහොමත් විස්වාස කරන්නෑ මචං.. වැඩි පරිස්සමට තමයි මේ පාර ගනුදෙනුවත් ඡන්දෙට කලිම්ම බේර ගන්න හදන්නේ. අනිත්වා වැඩක් නෑ.. 'දෙන ගාන' තමයි බලන්නේ.

      Delete
    9. සිංදුවා.. ඔව් මචං ඔය 'පවුල්' ගෑවිච්චි තැන විනාසයි

      Delete
    10. කරුමෙ ඩබල් - පින සිංගල් !!

      Delete
    11. එහෙම බෑ ප.මා.. මේ පාර අඩුම තමින් දෙක බැලැන්ස් වෙන්නෝනේ.. මේක සෙල්ලං නෑ වින්-වින් සිටුවේශන් එකක්.. හැක්.

      Delete
  4. ඇඩෙනවා අප්පා....ඔය තියෙන ආර්ථික අර්බුද ජනවාරි 8න් පස්සෙ ඇතිවුනා වගේ දැනුනත් ඒ අවුරුදු ගානකට කලින් වපුරපු බීජ වල අස්වැන්න කල්‍යාන මිත්‍ර. ඒක නිසා ඕක ගැන කතා කරලා වැඩක් නෑ.

    ඔය ජන්ද වල සුහද මාරු වගේ ඒවා නැද්ද?...තියෙනවනම් ඔන්න අපේ ජන්ද දෙක තියෙනවා මාතරට. වැඩි දුරක් නෑනෙ බස් එකේ රුපියල් සීයක් විතර වියදම් කරගෙන ගිහින් දාලා එන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. //ඔය තියෙන ආර්ථික අර්බුද ජනවාරි 8න් පස්සෙ ඇතිවුනා වගේ දැනුනත්// හපෝයි එහෙම එකක් නෑ.. මේක මේ කාලාන්තරයක් තිස්සේම (ඔන්න.. ඒ කියද්දි මතක් උනේ.. අදට මං රස්සා කරන්න පටන් අරන් අවුරුදු 18ක් වෙනවලු හොඳේ.. ඒ කියන්නේ එයිටීන්ත් ඇනිවසරිය.. හැක්.) අත් දැකපු දෙයක්.. ජනේරු අට ඡන්දෙ දාන්න ගිහින් මට වෙච්චි ඇබැද්දිය විතරයි මං මතක් කරේ.. පරණ ඒවා බොල් ණය විදියට කපලා හැරියා..
      මාතර නෙවෙයි ඉන්න තැනකට ඇවිත් අත්සන අරන් ගියොත්වත් මිසක් මින් මනත නම් ඡන්දේ වෙනුවෙන් රුපියලක්වත් වියදම් කරන්න හිතෙන්නේ නෑ. ඒක නෙවෙයි හිතක් නැද්ද ගමේ සංවිධායකතුමාටවත් ඡන්දෙට පොඩි අනුග්‍රහයක් දක්වන්න.. පුද්ගලය කවුරු උනත් මට අවුලක් නෑ.. 'දෙන ගාන' තමයි වැදගත්.

      Delete
  5. පෝස්ට් එක කියෙව්වාම ඇස් දෙකට මොකක්ද උනා... මේ මිනිස්සු කොච්චර දුකක් විඳිනවා ඇද්ද...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇස් නම් මගෙත් කකියනව.. ඒත් ඒවා අමතක කරල ඉන්නේ. අනිත්වා වැඩක් නෑ දැන්. 'දෙන ගාන' තමයි වැදගත්.

      Delete
  6. අනේ මන්දා කමියෝ .ඔය අත්දැකීම මමත් එහෙමම විඳිනවා .අපේ රියදුරු තැන පුදුම කට්ටක් කන්නේ මචෝ ජිවත් වෙන්න .ළමයි තුන් දෙනෙක් ඉස්කොලේ යවන එකම පට්ට ගේමක් ...අය්යෝ සල්ලි .මගේ ඡන්දයේ අඩුම ලන්සුව 11200/- මචෝ ...යන්න එන්න විතරක් මදි .මුන් රැස්වීම් වලට එන එවුන්ට දෙන බෝතලේ අපිට හම්බවෙන්නේ නෑනේ .ඒ නිසා එක බෝතලයක් මේකට එකතු කළා ....ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල් ....

    අතුරු මිතුරු දඹදිවතුරු
    මෙන්න පුතේ රාජකපුරු
    උඩින් මිතුරු යටින් හතුරු
    නටපල්ලා පණ යනතුරු
    නටපල්ලා පණ යනතුරු...

    පාට පාට මුහුණෙ උලා
    සිනහ පැළෙන කිකිණි හලා
    පාට පාට මුහුණෙ උලා
    සිනහ පැළෙන කිකිණි හලා
    වැදි ගැමි නාගරික වෙසින්
    රඟ පෑවත් නොයෙක් ලෙසින්
    මොකටද හිත තිගැස්සුණේ
    අපි කවුරුත් මිනිස්සුනේ...

    පැය විසිහතරකට ගැතී
    දවසින් දවසකට නිතී
    ජීවත් විය යුතු හින්දා
    මුහුණට මුහුණක් බැන්ඳා 
    නෙතින් නෙතක් ඇත පිනවා
    මනුස්සයෝ රඟ දෙනවා...

    එක අහසයි එක පොළොවයි
    එක හිරු සඳු දෙන එළියයි
    නොයෙකුත් වෙස් මුහුණු බැඳන්
    නැටුවත් හැමතැන ම ඉඳන්
    ඉරණමකට පෑගිය හැකි 
    ජීවිතය ම ජෝගියකී...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වින්සන්ට් ප්‍රේමසිරි
    සමූහ ගායනය : වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, සී.ඩී.ෆොන්සේකා සහ වින්සන්ට් ප්‍රේමසිරි

    චිත්‍රපටිය : විසිහතර පැය (1979)

    ReplyDelete
    Replies
    1. අර මධාවියට කියුවා වගේ මං ඉතින් කන්නේ බොන්නේ නැති මිනිහනේ බං.. ඒක නිසා බෝතලෙත් කපා හැරියා.. හැබැයි සිංදුවනම් පට්ට.. තාම හරියන ඔෆර් එකක් ආවේ නෑ.. මොනව උනත් අනිත්වා වැඩක් නෑ දැන්. 'දෙන ගාන' තමයි වැදගත්.

      Delete
    2. //මං ඉතින් කන්නේ බොන්නේ නැති මිනිහනේ බං //
      -------------
      මෙන්න මේ කථාව මම හොඳටම දන ගත්තේ "ගම් මිරිස් " කුරුල්ලා නිසා ...උඹ කෑවේ බිව්වේ නැතිවට බඩේ ඉන්න හිඟන පරම්පරාව බද ගින්නේ තියන්න හොඳ නෑනේ ...නැද්ද මන් අහන්නේ ...හැක් හැක්

      Delete
    3. බඩේ ඉන්න? බඩේ ඉන්න උන් විතරද? එතකොට වටේ හිටපු හිඟන්නෝ ටික? එකෙක් මස් මාලු බිත්තර මොකුත් කන්නෙ නෑ.. එකෙක්ට සැර ජාති කන්න බෑ.. තව එකෙක් තේ බොන්නෙ නෑ.. ඒ ඔක්කොමත් හරි කුණු දාන්න තැනක් තිබ්බේ නෑ.. ඒ ඔක්කොම කටු 'කන්න' උනේ අන්තිමට මට.. ඒ ගැන මොකුත් හොඳක් කියන්නේ නෑ නේද තොපි මිත්‍ර ද්‍රෝහියෝ? හිටපංකෝ ආයි අහුවෙනකම්.. කනව තොපෙ ගම්මිරිස් කුරුල්ලෝ ඔක්කොම.. හැක්.

      Delete
    4. බෝතලේට ගාන හම්බ වුනත් මටත් කියපිය මගෙත් බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    5. මට පේන්නේ මෙදා පොටේ ඡන්දෙ ඉල්ලන්නේ හිඟන්නොද කොහෙද බං.. කිසි ගෝ එකක් නෑනේ.. හැක්.

      Delete
  7. එතකොට එකක් පන්දහසයි...
    මදි මදි... මොකද උං අපේ ඡන්දෙ ඇරං කරන වැඩ වල හැටියට එක්කට 10 ක් වත් ගන්න ඕන
    අනික කළණෙ දුක් වෙන්න එකා ඔයා නොගිය කියල නෑ ඔයා නොගියොත් ඔයා ගැන දුක හිතිල කවුරු හරි චන්දෙ දායි
    හිතන්න එපා

    ReplyDelete
    Replies
    1. //එතකොට එකක් පන්දහසයි... //
      පිස්සුද බන් ....එකක් 11200/- යි .....

      Delete
    2. http://janakawansapura.blogspot.com/2015/07/blog-post_28.html

      ඔය බොග කියවල බලන්න මං කීවෙ සටහන.. ඕක කවුරුවත් කියවන්නෙ නැති එකක්.. ඒත් ඉද හිටල හොද පෝස්ට් යනව මේ දවස් වල නං මෙලෝ රහක් නැති වෙලා

      Delete
    3. පන්දහ අවම ලංසුව බං එතනින් තමයි වෙන්දේසිය පටං ගන්නේ..

      හැක් සිංදුවෝ.. එතකොට බෝයි බොගේ හාමිනායි ඡන්දෙ දාන්න යන්නේ වෙන වෙනම වාහන දෙහෙකද? ඒකත් හරි එතකොට දෙන්න වෙන වෙනම බෝතල් දෙහෙකුත් බොනවද? මයේ අම්මෝ..
      //ඔය බොග කියවල බලන්න// බැලුවා ඔන්න තියනෙක..
      //ඔබ වෙනුවෙන් නොව රට වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න////////
      අනේ උගේ අම්මගේ රෙද්ද.. ඔය අනම් මනම් වැඩක් නෑ.. මෙදා සැරේ 'දෙන ගාන' විතරයි බලන්නේ..

      Delete
    4. මගේ ගාන තමයි ඔය .මොකද මගේ ඡන්දේ තියෙන්නේ ,බදුල්ලේ .හමිනාගේ මොනරාගල වෙනම ආණ්ඩුවක් තියෙන්නේ .අන්න එහේ .ඉතින් මචෝ මම ගෙදර ගිහින් මගේ ඡන්දේ දාලා අනික් එකට යන්නත් ඕනනේ ....එකයි මගේ ගාන ...අම්මපා මෙදා සැරේ 'දෙන ගාන' විතරයි බලන්නේ..

      Delete
    5. ක‍න්න දෙනව නං අපිට
      බොන්න දෙනව නං අපිට
      මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
      මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

      කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
      බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ
      කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
      අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

      කන්න දෙනව නං...

      සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
      සදාචාරෙ මකබෑවී ගියාදේන්
      සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
      අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං

      කන්න දෙනව නං...

      නා‍ට්‍ය‍ය‍ - රජ ගහේ නාඩගම

      Delete
    6. //හමිනාගේ මොනරාගල වෙනම ආණ්ඩුවක් තියෙන්නේ .අන්න එහේ // එහෙනම් හුටාම තමයි.. මට පේන්නේ උඹ අතින් පාඩුවට බිසිනොස් එක කර ගනී වගේ.. තව පොඩ්ඩක් ගනං උස්සපන්.. ගමන් මහන්සියට බෝතලුත් දෙකක් මදිවෙයි..

      Delete
    7. සින්දු කියලා අපි හොයාගත්ත සල්ලි
      අද කුඩුවෙනවා මල්ලි
      පන් මල්ලට දාගත් පොඩි බඩුකෑලි
      ඈයි මිල වෑඩි මුදලාලි
      අපි කන හෑටි ලිපවත් දන්නෑ නන්ගි
      හිටියට අපි හිට් වි
      සන්ගිතෙන් අපි හොදටම නසරානි
      මේ කාලාවෙ හෑටි

      -සිදුව සකුරා -

      Delete
    8. ඇඬෙනවා ඕයි! මගේ කතාවටත් වැඩිය දුක කතාවක් එතන තියෙන්නේ..

      Delete
  8. අපේ ගං පළාතේවත් උනානම් ඩීල් එකක් සෙට් කරලා දෙන්න තිබ්බා...

    මමනං අතින් කයිට් කරගෙන සුපුරුදු විදිහටම මේ පාරත් ජන්දේ දාල එන්න යනවා මට පුරවන්න තියෙන "බඩවල්" ටික ගැන හිතලා.
    අපේ කිව්වම බඩවල් ටිකක්ම නෙමෙයි ගොඩක් තියෙනවා.

    01. මගේ පවුල් සම්පුර්ණ බඩවල් තුන සහ සතියකට තුන් හතර වතාවක් අපේ ගෙදර එන සහ නතරවෙලා ඉන්න නන්දම්මයි, මාමණ්ඩියි දෙපොළගේ බඩවල් දෙක.
    02. මම ගෙදර ගියහම විතරක් වෙනදට වඩා රහට මසක් මාළුවක් වැටෙන්න තියෙන අපේ මහගෙදර ඉන්න තියෙන බඩවල් හතර.
    03. මගේ පළවෙනි රියදුරු තුමාගේ ගෙදර තියෙන බඩවල් පහ
    04. දෙවෙනි රියදුරු තුමාගේ ගෙදර තියෙන බඩවල් තුන සහ මග එන්න ඉන්න පොඩි බඩ

    මෙන්න මේ බඩවල් ලිස්ට් එකත් එක්ක තමයි බං මම ඔට්ටු වෙන්නේ...

    ඒ නිසා අතින් යන ගාන මම ලොකුවට හිතන්නේ නැහැ. උපතින්ම පක්ෂයක් එක්ක ඉපදුන අපේ මායියව පවා මම බ්‍රේන් වොෂ් කරලා ජන්දේ දාන්න යවනවා උන්දලාගේ ගෙදරට තව අමතර වියදමකුත් දරලා.


    ඒ වියදමට සරිලන්න බෝනස් එකක් නෙමෙයි දෙකක් තියෙනවා.
    අංක 01 - කළු කොටියා බලන්න යන දිහාවේ තියෙන අර විශාල වලේ සහ ඒ අවට පින්තුර ටිකක් ගහ ගන්න පුළුවන් වේවි කියල හිතනවා...
    අංක 02 - දොළක බැහැලා නාල කරලා, පොඩි අඩියක් හරි කිතුල් රා ටිකක් හරි ගහලා (ඔව් ඔව් වල් ඌරු මසුත් තියෙනවා තමයි) දැම්මම ඔය යන වියදම ජන්දේ වෙනුවෙන් ගියාය කියල දැනෙන එකක් නැහැ...

    ඒ වගේම උඹලට හොඳ ඩීල් එකක් ලැබේවා කියලත් පතනවා...

    ReplyDelete
    Replies
    1. බැලුවහම මටත් ඔය කියපු ඒවගෙන ඔක්කොම වගේ බඩවල් තියෙනවනේ බං රියදුරු දෙපල හැර.. වෙනකක් තියා අර මග එන්න තියෙන පොඩි බඩකුත් තියෙනවා හැක් හැක්.. (ඒක නිසා මෙදා පොටේ ගමන යන්න වෙන්නෙත් බොහෝම සීරු මාරුවටලු ඕන්)

      ටැන්කූ ටැන්කූ.. අපේ පැත්තෙත් දළ කාර බඩු කීපයක්ම ගේමේ ඉන්න නිසා හොඳ ඩීල් එකක් දා ගන්න බැරි වෙන එකක් නෑ. ඇඩ්ඩටීස්මන් එකක් යවන්නෝනේ.. 'දෙන ගාන' තමයි වැදගත්.

      ප.ලි. අර බෝනස් දෙකනම් පට්ටයි ඈ!

      Delete
    2. ///ප.ලි. අර බෝනස් දෙකනම් පට්ටයි ඈ! ///
      අපි ඉතින් දඹුලු ගිහින් තලගොයිත් මරං එන ජාතියේ පිංවත්තු නොවැ... ;)

      Delete
    3. හා හා.. කට වරද්ද ගන්නෑ ගමනක් යන්නත් කලිං.. 'මරපු තලගොයි' ගැන පෝස්ට් එක පරක්කු කරොත් තමයි උඹව ඉතුරු කරන්නැත්තේ ඕන්..

      Delete
  9. සමාවෙන්න කල්‍යාණ, ඔබේ චන්දය මිලට ගැනීමට තරම් මම පොහොසත් නොවෙමි. මක් නිසාද යත්, ඔබේ චන්දයේ වටිනාකම මේ රටෙහි මිලටත් එහි වසර දහස් ගනනක අනාගතයේ මිලටත් සමාන වන හෙයිනි. එනිසා එය මිලට ගැනීමට වත්කමක් මට නොමැත.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම කෙළින්ම කියලා වෙන්දේසියෙන් අයින් වෙන එකට මගේ රෙෂ්පට් එක මනෝශ්.. මොකද මෙදා පොටේ මට වෙන කිසි දෙයක් වැදගත් නෑ.. 'ලැබෙන ගාන' හැර.. ජය ශ්‍රී!

      Delete
    2. 'සහෝදරවරුන්' කොහොමත් සල්ලි නැති ලයින් එකෙන්නේ ගේම දෙන්න සිංදුවෝ.. කියන්න බෑ හෙටානිද්දට රුසියාවෙන් හරි චීනෙං හරි ඉස්පොන්සර් නැවකට එන්නත් පුළුවන්වෙයි. මොකාගෙංවත් කමක් නෑ මට ඉතිං 'දෙන ගාන' තමයි වැදගත්.

      Delete
  10. උඹට කුරුනැගලට ඡන්දෙ තිබ්බනං තියන දෙයක් විකුනල හරි ඔය ගාන දෙනව

    ReplyDelete
    Replies

    1. ඒ කියන්නේ නිල් මරිසිපාලය එහෙම උඹලට සියඹලා ගෙනත් දීලම නෑ ඈ? මටනම් පාට පස්ස පුග්ගලයෝ එහෙක්වත් වැඩක් නෑ.. 'දෙන ගාන' විතරයි වැදගත්.

      Delete
  11. ඔබේ ඡන්දය මිලට ගැනීමට බැංකු අයිරාවක් අනුමත කර ගැනීමට මෙම අවස්තාවේ හැකියාවක් නොමැත.
    ‍ගමේ පන්සල ඇවිදින දුරින් නිසාත්, මා ගමේ කොල්ලෙක් නිසාත් මගේ ඡන්දය නම් මෙවරත් කිසිම වියදමකින් තොරව භාවිතා කිරීමට හැකිවේ.

    ReplyDelete
    Replies
    1. මාත් රාජ කුමාරයෙක් නෙවෙයි.. ගමේ කොල්ලෙක්. (ඒකනේ බැංකු අයිරාවක්වත් දෙන්නෙත් නැත්තේ..) හැබැයි ඡන්දේනම් දෙන්න සත පහක්වත් වියදම් කරන්නේ නෑ මෙදා පොටේ.. පස්ස පාට මොකක් උනත් යන වියදම හරියන්න 'ගාන දෙන' එකාට ප්‍රසිද්ධියේ ඡන්දේ දෙනවා.

      Delete
  12. අර මිනිස්සුන්ගෙ කතාව ඇහුවම පපුව පිච්චිලා ගියා බං.

    ReplyDelete
    Replies
    1. හුම්ම්.. මාත් පිච්චුණ නිසා තමයි ලියන්න හිතුනේ.. ආයිනම් හිතා ගත්තා කරන දෙයක් පොඩි මිනිහෙකුට කරනව 'මහ එවුන්' වෙනුවෙන් සත පහක්වත් වියදං කරන්නේ නෑ කියලා.. මිං ඉදිරියට ඡන්ද කියන්නෙත් 'ලැබෙන ගාන' විතරයි..

      Delete
    2. Kami: ඒකට හරියන්නම තමයි ප්‍රධාන පක්ෂ දෙකෙන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන හදල තියෙන්නේ. වැඩියෙන්ම තියෙන්නේ 'දෙන ගාන'. JVP විතරයි 'ප්‍රතිපත්තියක්' කියල දෙයක්වත් හදලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන පක්ෂ වලට තමයි කතිරේ.

      Delete
    3. Kandy, ප්‍රධාන අප්‍රධාන කවුරු උනත් කමක් නෑ.. මගේ මේ පාර ප්‍රතිපත්තිය.. 'දෙන ගාන' අනුව තමයි ඡන්දය දෙන්නේ කාටද කියනෙක තීරණය කරන්නේ..

      Delete
  13. චැහ්… ඡන්දෙ විකුනල කෝමෙයි ?? …

    " මගේ හිතෙත් මරික්කාර් " :D :D

    ReplyDelete
    Replies
    1. ඇයි උඹත් "දේදුනු විප්ලවෙට " අහුවුනාද ? ඊයේ පෙරේදා නේද තාත්තා කෙනෙක් උනේ ...
      නරක සමනලයා ...හැක් හැක්

      Delete
    2. //චැහ්… ඡන්දෙ විකුනල කෝමෙයි ?? …// නොවිකුණා කෝමෙයි? එහෙට අපිට කාර් ල නෑ.. හැබැයි ලෑන්ඩ් කෲෂර්ල, ප්‍රාඩෝල නම් ඡන්දෙට වැහි වැහැල.. හොඳ ගානකට දෙන්න බැරි වෙන එකක් නෑ.. 'දෙන ගාන' විතරයි වැදගත් පුග්ගලයගෙන් වැඩක් නෑ..

      සිංදුවා ඕන් මමනම් ඡංදෙ විතරයි දෙන්නේ පුක දෙන්න යන්නේ නෑ.. හැක්.

      Delete
    3. තව ටික දවසකින් කීයකට හරි එකත් වෙන්දේසි කරයි මචෝ ...පුකටත් හොඳ මාකට් එකක් දැන් හදිලනේ තියෙන්නේ .ගේ කුරුල්ලෝ හැමතැනම ....හැක් හැක්

      Delete
    4. //ගේ කුරුල්ලෝ හැමතැනම ....//

      හෝව් … හෝව් .. අටමටයි කටුස්සටයි ඇහෙයි යකෝ !! හිමීට :D

      Delete
    5. හුටා මට ඒ පොස්ට් එක මිස් වෙලා මචෝ ...එදා උඹ නොන්ඩි ගැහුවා වාගේ මතකයි ..හුකැස්

      Delete
    6. පත්තරයාගේ චන්දෙ නම් සැහෙන ගානක් වටි..ඇයි බං ටිකට් එකම කියක්ද?

      Delete
    7. පත්තරයගේ ඡන්දෙ ගන්න නම් වෙලේ සුදාවත් ඡන්දෙ ඉල්ලන්න වෙනවා.. හැක්.

      Delete
  14. ගාන 15,000/-යි

    දැන් මට මොනවද දෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. මිළදී ගන්න ගානද විකුණන ගානද.. මුදල් ගනුදෙනු වලදී වචනේ පවා තිතට තියෙන්න ඕනි.. නෑකං වෙනයි ගනුදෙනු වෙනයි.. හරියටම මට 'දෙන ගාන' කියුවොත් කමිෂන් එක කියතෑකි. ප්‍රොෆිට් එකෙන් 50% දෙනවා.

      Delete
    2. අයිසේ 'දෙන ගාන' කියනකොට ආයේ අහනවා විකුණනවද අරකද මේකද කියල. දැන් තමුන්නාන්සෙනේ විකුණනවා කිව්වේ. ගන්න තමයි අහන්නේ. මම 15,000 දෙනවා. හැබැයි මට චන්ද තුනක් ඕනේ.. හරිද?

      දැන් කියාපන් බලන්න මෙතන ප්‍රොෆිට් එකක් හොයන විදියත්? නැත්තම් කියයි ප්‍රොෆිට් එක රුපියල් සීයයි කියල.

      Delete
    3. අන්න එහෙම පැහැදිලිව කියන්න එපැයි අයිසේ නෝනා..
      ඡන්ද දෙකයි බොල විකුණන්න දාල තියෙන්නේ.. ඉතින් තුනක් දෙන්නේ කෝමෙයි? මනාප නම් හයම දෙනවා.
      ප්‍රොෆිට් එක මෙහෙමයි.. මගේ විදම 10000 අයින් කරාම ඉතුරු පන්දාහෙන් සීයට පණහක්.. හරියටම දෙදාස් පන්සීයක් දෙනවා.. ආයි ගහේ බඩු වගේ ඉස්තීරයි. සෙල්ලංද බොලාලෑ පවුලට මාසයක් කාල ඇඳල ඉත හැකි නෙව. වැඩේ ඈවර කරන්නද එහෙනම්?

      Delete
    4. අපෝ එහෙනම් දෙන්නේ 10,000/- තමයි. දැන් ඉතින් ගහපන් මිටිය බලන් ඉන්නේ!!

      Delete
    5. හපෝ උපේක්ෂාට මිටිය ගහගන්න තියෙන හදිසිය ....පොඩ්ඩක් ඉවසහන් කෝ ...හැක් හැක්

      Delete
    6. දහදාහට මිටිය ගහනෙක පාඩුයි බං.. වැරදිලාවත් මිටිය කැඩුනොත් එහෙම.. ඒකනිසා අඩුම තව මිටියෙ ගානවත් එකතු වෙන්න ඕනි.. හැක්.

      Delete
    7. බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ කියනවනේ.... තියාගන් ඕක !

      ඇනෝ : මිටිය නේද? හෙහ්... හදිස්සියි කියල හිතුන නේද? හෙහ්... මොකටද මගේ මට හෙහ් හෙහ්

      Delete
  15. ඇයි මං විතරක්.. ඔන්න මාත් බෙදා ගත්තා..

    http://nelumyaya.com/?p=3879

    ReplyDelete
  16. දැං දළු වලට ගාණ වැඩි කරල කියනවනේ... ඒ හින්දා ෆැක්ටරියට ගන්නේ පුංචිම දල්ල විතරයි... එතකොට වෙනද කැඩෙන දළු වලට වඩා ගොඩක් අඩුවෙන් තමයි කැඩෙන්නෙ.... දළු කඩන්න කෙනෙක්ට භාර දුන්නොත් කඩපු දළු වලින් ඒ මනුස්සයගෙ කුලිය ගෙව්වම ඒකත් ඉවරයි...
    අපේ ඩැඩ් වැඩ කරන්නෙ දළු ලොරියක.... එයා යන පලාතෙ අලි ඉන්නවා (කකුල් 4!) දවසක් ගහන්නත් පැනලා... පාරත් සවුත්තුයි. ඒත් ගෙවන ගාන එකයි... ඒ ගානෙනුත් මාසෙ මැද වියදමට ඇඩ්වාන්ස් ගත්තම....
    මේවා කාට කියන්නද..?

    ReplyDelete
    Replies
    1. මාසෙක පඩිය ගාන අඩුම ලංසුවට තියලා ගෙදර ඡන්ද ටික විකුණමු. එතකොට හැම තිස්සෙම එක මාසෙක පඩිය සෙක්‍යුරිටි එකක් විදියට තියා ගත හැකි. නිකං නම් දෙන්න එපා එහෙකුටවත් මෙදා පාර ඡන්දේ. කෙලින්ම ඩීල් එක කතා කරපන්. දන්නවනේ.. 'දෙන ගාන' විතරයි වැදගත්.

      Delete
  17. 11550/= යි මගේ ඡන්දෙත් මේ අස්සෙම වෙන්දේසි කරනවා.ඒත් ගාන ඩබල් කරන්න සිද්ධ වෙයිද මංදා.. බඩු තියෙන්නෙ කුරුණෑගල.. මොකද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. (උඹනම් ලබ්බෝ නියම කලුකඩ මුදලාලියා.. හැක්.) අවුලක් නෑ ඔන්න වෙන්දෙසිය පටං ගත්තා ඈවරයි 11550/- යායි....

      Delete
  18. මාත් ඈතක රස්සාව කලා නම් මටත් මේ වැඩේ කරන්න තිබ්බා... හි.. හි...

    ReplyDelete
    Replies
    1. ඈතම වෙන්නොනේ නෑ.. අපි කීයක් හරි ඉල්ලමු.. 'ලැබෙන ගාන' ගැන විතරක් හිතමු.

      Delete
  19. කමියා.......... අපේ ඡන්ද 11ක් තියෙනවා.... ඔ්කට ඒකතු කරලා දාමුද????

    ReplyDelete
    Replies
    1. කෝ බං මුන් එහෙකුටවත් ඡන්දයක් ගන්න හිතක් නෑනේ තවම.. සැක්

      Delete
  20. අපේ ගෙදර චන්ද කාඩ් දෙක නිකං දෙනව, මොකටද නිකං ඇගිල්ලෙ පාට උලන් ඇවිත් ඒක පාට යන්නත් ඉස්සර කොකා පෙන්නන උන්ට චන්දෙ දෙන්නෙ. ඕක විසික්ක කරල දාහං බං .
    රිම් එකෙන් දුවන ජීවිත හැම ඔෆිස් එකකම ඉන්නව මචං, ඕවට දුක් වෙන එක මම අත ඇරල ඉන්නෙ. මොකද ගොඩක්,වෙලාවට එහෙම වෙන්නෙ උන්ගෙම වරදින්. කොටින්ම මම රිම් එකෙන් දිවුව මාසයක් ගැන හිතුවොත් වැඩක් නැති දෙයකට වියදම් කරල,

    ReplyDelete
    Replies
    1. //මොකද ගොඩක්,වෙලාවට එහෙම වෙන්නෙ උන්ගෙම වරදින්. කොටින්ම මම රිම් එකෙන් දිවුව මාසයක් ගැන හිතුවොත් වැඩක් නැති දෙයකට වියදම් කරල,//

      ඇත්තටම මම ඔය කතාව මෙතන කියන්නත් හදල කිව්වේ නැහැ. මොකද ඕක තමුන්ට තේරෙන්නේ අඩුවෙන්. එක්කෝ තේරෙන්නෙම නැහැ.

      තමුන්ගේ ආදායමට සරිලන විදියට නෙමෙයි මේ කියන උදවිය ජිවත් වෙන්නේ. කොටින්ම මුදල් කළමනාකරණය කියල දේක මල පොතේ අකුරක් දන්නේ නැති කම නිසා තමයි මෙහෙම රෝලක් ගෙනියන්න වෙලා තියෙන්නේ. මම මේ කියන්නේ සහතික ඇත්ත. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි

      Delete
    2. කම්මලෝ.. විසිකරන එකනම් අවුලක් නෑ.. ඒත් අර බෝනස් දෙක විතරක් පාඩු වෙනවා.. හරි හමන් ගානකට ආවේ නැත්නම් ඉතිං අන්තිමේ කරන්නේ වීසි කොරන එක තමයි..

      මේ උපේක්කෝ.. උඹ මගේ උපේක්කාව චැක් කොරනවද මෙතන.. බණ කියන්න කලින් සාධාරණ ඔෆර් එකක් දීල හිටහං.. හුහ්..

      Delete
  21. සල්ලි දුන්න අයට චන්දෙ දුන්නයි කියල ඔප්පු කරන්න අමාරුයි නෙ. (ෆෝන් එකෙන් බැලට් පේපර් ෆෝටෝ එකක් ගන්න පුලුවන්. ඒත් ෂුවර් නෑ )
    ඊට වැඩිය හොඳයි චන්දෙටනොයා සිටීම සඳහා ගාණක් අය කිරීම. කෙලින්ම කියන්න පුලුවන් මං විරුද්ධ පාක්ශිකයට චන්දෙ දෙන්න ඉන්නෙ හැබැයි මගෙ ගාණ ගෙවනවනම් නොගිහින් ඉන්නම් කියල.

    ReplyDelete
    Replies
    1. ඡන්ද පොළ නියෝජිතයොද මොක්කුද ඉන්නවනේ.. උන්ට උස්සල පෙන්නල (ඡන්ද කොලේ) දාන්න පුළුවන්.. ඕන්නම් ඔය කියුවත් වගේ සෙල්ෆියක් ගහල එතනදිම අප්ලෝඩ් කරල එන්නත් පුළුවන්. ට්‍රෙන්ඩ් එකකුත් හදතෑකි පෝලින්ග් නැත්නම් බැලට් සෙල්ෆි කියලා..
      හැබැයි ඉතිං අර කියුවත් වගේ නොදා ඉන්න ගානක් ගන්න එකත් නරක නෑ.. අපූරු වංගෙඩිය වගේ හැම එකාටම ඕක කිය කිය ගිහිල්ලා පන්සීය ගානේ ගත්තත් සෑහෙන ගානක් නේ.. මොක උනත් ඉතින් 'ලැබෙන ගාන' අනුව තමයි..

      Delete
    2. ෆෝන් ගෙනියන්න දෙනවද ? තහනම් වගේ මතකයක් තියනවා...

      Delete
    3. එහෙම විශේෂයෙන් චෙක් කරේ නෑ මයේ හිතේ.. සමහරු ගිය පාර ජනාධිපතිවරනේදී ඡන්ද කොලේ ෆොටෝ ගහල දාලත් තිබුණා.

      Delete
  22. තට්‍ටු හතලිස් ගානක් තියන, ලිෆ්ට් එකක් නැති බිල්ඩින් එක මොකක්ද යකෝ ?

    බල්ලන්ගෙ කෑමට මම කොහොමත් එච්චර වියදම කරන්නෑ. ඒක හින්ද උඹට වැඩි ගානක් දීලා ඕවා ගන්න මගේ කිසිම අදහසක් නෑ..

    සේවා දිගුවක් ලැබේවා කියා ප්‍රාර්තනා කරමි !

    ReplyDelete
    Replies
    1. //සේවා දිගුවක් ලැබේවා කියා ප්‍රාර්තනා කරමි !// ටැන්කූ ටැන්කූ.. උඹ විතරද කොහෙද බං ඒක දැකල තියෙන්නේ.. අනිත්වනම් ඉතින් 'දෙන ගාන' අනුව තමයි තීරණය කරන්නේ.. උඹට උනත්.. හැක්.

      Delete
  23. හරිනම් මැකෝ මේවට ප්‍රවාහන පහසුකම් සපයන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේ දැන් ෆෝන් එකට ආපු මැසේජ් එකක්.. +94710432882දුරකතන අංකයෙන්.. (ආපහු රින්ග් කරාට වැඩ නෑ කියනව..සැක්.)
      Obage watina chamdaya javipeta laba denna. Badullata yamata saha emata apa sudanam kara athi bus rathayata goda wanna.

      Delete
  24. අපෝ කොහොමත් හැමදාම 40% විතර චන්ද අපතේ යනව .......
    ඒක හිංදා ඔය චන්ද 2ට කිම වටිනාකමක් නෑ ......
    ඔන්න ඔහෙ එදාටත් වැඩට ගිහිං ඕටී පාරක් දාල අර මනුස්සයන්ටත් උදව්වක් කරගෙන ඉඳහං බං...
    අඩුම ගානෙ ලොක්කට දුක හිතිල කන්ට්‍රැක්ට් එක හරි දික් කොලොත් .......

    ReplyDelete
    Replies
    1. මටත් දැන් ඔහොමම හිතිල තියෙන්නේ මචං.

      Delete
  25. ඒක නම් හොඳ වැඩේ කමියෝ... චන්දෙ විකුනාගන්න එකෙක් සෙට් උනොත් මටත් කියහන්...

    ReplyDelete
    Replies
    1. උඹේ ඡන්දෙ නම් ලේසියෙන් විකුණගන්න පුළුවන් වෙයි. කුරුණෑගල නේද? කවුරුත් ගත්තෙ නැත්නම් අටමට කියපං.. ඌ අතේ තියෙන එකක් හරි විකුණල අරන් දානවලු හොඳ රාජ්‍ය නායකයට.. හැක්.

      Delete
  26. හෑ......................නියම අයිඩියා එක. අපේ විශ්‍රාමිකයින්ගේ සංගමයට මේ අදහස දාලා, ඔක්කොම චන්ද ටික එකපාර වෙන්දේසි කරන්න ක්‍රමයක් හදාගත්තනම් මරු.

    ඔය බිල්ඩිමේ ටැලිපෝන් ඇහෙන්නේ නැත්තං, අර පතල් වල වගේ, ලොකු බටයක් හයි කරලා, 'හබේස්' කියලා කෑගහන්න හදාගත්තනම් ඉවරනේ.

    ReplyDelete
    Replies
    1. මරු කියවන් නැතුව හිටියනං නේද හොද?? උම්මා

      Delete
    2. උඹ හැලපෙගේ ගෙදරින් ගහපුවා තවම වැඩ කරනවද? :D

      Delete
    3. ඔබ තුමාලටනම් ඉතින් මොකද කුරුණාගල නේ මේ පාර ඡන්ද ෆෝකස් එක.. සෑහෙන්න ගානකට දෙන්න පුළුවන් වෙයි.
      නැව් වලත් තිබ්බ ඔය වගේ බට වලින් කතා කරන සිස්ටම් එක.. අපි ඒකට කියන්නේ හේලර්ස් කියලා..
      අම්මටසිලි තරු දානෙයා.. කොහෙද හිටියේ මෙච්චර කල්..

      Delete
  27. කළණ මිත්‍ර නොගියොත්, ඒ ඡන්දේ අර ඉකොනොමැට්ටා කියන ආන්තික ඡන්දේ වේවි ය කියා බයක් තියෙනවාද?

    ඕස්ට්රේලියාවේ නම් ඡන්දය දැමීම අනිවාර්යයි. නොදැම්මොත් දඩ කොළයක් ගෙදරට එවනවා (ලු!). මං නං එනිසා හැමදාම ඡන්දේ දැම්මා.

    හැබැයි එනිසා ම, සතියකට කලින් ඉඳලාම ඡන්ද කොට්ටාශයේ එක තැනක දී ඡන්දේ දාන්නත් පුළුවනි. ඡන්දේ දවසේ ඕනෑම තැනකින් ඡන්දේ දාන්නත් පුළුවනි. අනික තැපෑලෙන් ඡන්දේ දාන්නත් හැකියි.

    මෙන්න අදාල විස්තරයක්-
    http://rasikalogy.blogspot.com/2015/03/how-i-voted-yesterday.html

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මැතිවරණයකට අදාළ ක්‍රියාමාර්ග (නාමයෝජනා ලබාදීම, රැස්වීම් පැවැත්වීම හෝ මැතිවරණ ප්‍රචාරය, තැපැල් ඡන්දය දැමීම, මැතිවරණ දිනයේදී ඡන්දය දැමීම, ප්‍රතිඵල නිකුත් කිරීම, වැනි කටයුතු) මහා සංග්‍රාමික ක්‍රියාන්විතයක් වෙලා තියෙන්නේ නීතියේ වල් වැදීම නිසා නේද? ඡන්ද දායකයකුට තම අනන්‍යතාව තහවුරු කොට ලංකාවේ ඕනෙම තැනකින් ඡන්දය දාන්න පරිගණක ක්‍රමවේදයක් තුලින් කොච්චර පහසුවෙන් කරන්න පුලුවන්ද මේ පුංචි රටේ.

      මොලේ ඇති එකෙක් රටේ නායකයෙක් කරගත්තදාට තමයි හරියන්නේ.

      Delete
    2. ඉකොනොමැට්ටා කියන සමහර දේවල් බර වැඩියි ආයිබන්ඩ.. මේ දවස්වල හිතේ තියෙන්නේ වෙන ප්‍රශ්ණ.. ඒකයි මේ එකක් හරි ලේසිවට විසඳ ගන්න බැලුවේ.
      දඩ කෙසේ වෙතත් තමන්ගේ ඡන්දේ දාන්න පහසු විදියක් හදල දෙනවනම් අපි හැමෝටම ලේසියි ඒ වගෙම වැටෙන ඡන්ද ප්‍රමාණෙත් වැඩිවෙයි. මේ තියෙන සිස්ටම් එක පට්ට වහක් නේ..

      විචාරක තුමා ඉතුරු ටික කියල තියෙනවා..

      Delete
  28. මම හිතාගන හිටියේ මේපාර මට කොළඹයි පුරෙයි දෙකේම ඡන්දේ ඇතියි කියලා.ඒත් ආවේ පුරේට විතරයි බංමෙහේ එකෙක්වත් අඳුරන්නෙත් නෑ.ඉන්නෙත් අර කවි කියන ජෝකර් විතරයි.ඒ නිසා පළවෙනි වතාවට දෙනවා ජෙප්පන්ට.

    උඹ ඔය පඩිකතාව කියනකොට මට එකපාරටම මැවුනේ පොලිස් කොස්තාපල් කෙනෙක්ව.45000/= පඩි ගන්න එකා ඔහොම හැසිරෙනවා.30000/= ක්පඩි ගන්න එකා ජරාව කන්නේ නැතුව කොහොම ජීවත් වෙන්නද බං?ඌ ජරාව කෑවට පස්සේ අපිම ඌට බනිනවා.

    ReplyDelete
    Replies
    1. කවුද බං ඔය කවි කියන ජෝකර්? හැරිසන් ද?

      උඹ දැන් හදන්නේ පොලිසියේ උන් පගා ගන්න එක සාධාරණීකරනය කරන්නද එතකොට? හැක් (මස්සිනා පොලීසියේද?)

      Delete
  29. බලං ගියාම අපි කාගෙත් කතාව ඔය කතාව වගේ තමයි බං. වෙලාවකට පාරෙ ඉන්න හිඟන්නෝ ගැන ඉරිසියා හිතෙනවා. මේකත් නම්බුකාර හිඟාකෑමක් තමයි.

    ReplyDelete
  30. රායිට් මගේ චන්දෙ අනුරාධපුරේ..සදු කුරැනෑගල...
    20,000/=
    ගන්න කෙනෙක් කමියා අමතන්න..
    අපේ ගෙදරට කියහන් 15000/= හම්බ වුනේ කියලා ඉතුරැ එකෙන් බෝතලයක් ගහමු..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. 20000 ක් හොයන්න ජංගි කීයක් මහන්න වෙයිද???

      Delete
    2. මගේ ඡන්දෙ ජංගි දෙහෙකට වත් මාරු කර ගන්න බැරුව මං මේ ඉන්නේ..

      Delete
  31. අඩේ කමියෝ...
    චන්දේ කියන්නේ මොකක්ද??


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නිට්ටඔුවට දැන් සිග්නල් තියනවද?
      ආ...චන්දෙ කියන්නෙ කාර් රිවස් කරනකොට පිටිපස්සෙ තාප්ප තියනවද කියලා බලන ගැඡමැටික් එකක

      Delete
    2. උඹ තාම නිට්ටඹුවෙ ද?
      'දානෙ' ලියන්නෙ කවද්ද?

      Delete
    3. මටත් මතක නෑ බං විදානේ..
      මෙන්ඩ මුගේ ඩ්‍රයිවර් ව සුදීක ගාව ට්‍රේනින් දාමුද? පැය දෙකක් විතර ගියත් ඌ එදා හප්ප ගන්නේ නැතුව හැරෙව්වා හැබැයි.. හැක්.
      ඒක ලියවෙන මළදානයක් නෙවෙයි බං ප්‍රසා..

      Delete
  32. ඔබේ පුද්ගලික කාරණාවට හෝ ඔබ වැනි තවත් කෙනෙකුගේ කාරණාවට විසඳුමක් කලෙකට ඉහත යෝජනා කලෙමි...
    කුමක් හෝ කාරණයක් නිසා ඔබ ඒ දෙකින් එකකට වත් ප්‍රතිචාර ලබා නොදුනි....
    සමාජයක්ම ගොඩ දැමීමට වඩා එක්කෙනෙකු හෝ දෙන්නෙකුගේ ප්‍රස්න යහපත් නිරාකරණයලීම දාම ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීමක් බව දන්නෙමි, දැක ඇත්තෙමි; එනම් යහපත් පල ලබන්නා තවත් කෙනෙක් ගොඩ දැමීමයි...
    බ්ලොග් ලිවීමත්, කියවීමත් හොඳය...
    එතනින් එහා ක්‍රියාත්මකවීම වඩාත් හොඳය...
    මේ කමෙන්ටුවේ දෝසාරෝපණයක් කිසිසේත්ම නැත...
    ලංකාවේ කෙනෙකුගේ දුක් ගිනි නිවීමට තිබූ අප අතින් ගිලිහුණු අවස්ථා දෙකක් ගැන කණස්සල්ලෙන් තාම පසුවීම නිසාම ලියමි..

    ReplyDelete
    Replies
    1. නරක කාලේ ආපුවාම විෂ්ණු දෙවියොන්ටත් බටකොල කන්න වුනැයි කියනවනේ මහත්තයෝ.. ඒ වෙලාවට ගන්න තීරණත් හරියන්නත් පුළුවන් වැරදෙන්නත් පුළුවන්.. ඒ වෙලාවෙනම් මට වැරදුනා තමයි මගේ හිතේ.. දැන් මොනව කරන්නද? හුම්ම්..
      ඒ අවස්ථාවං දෙකම මිස් වෙච්චි එකනම් අපරාදයක් තමයි..

      Delete
  33. සත පහක් දෙන්න වටින්නෙ නෑ :P

    මන් නම් හිතන්නෙ අපේ රටේ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම අනුව දෙන චන්දෙට බරක් දෙන්න ඕනෙ. එතකොට ඔය හැම එකටම හුරේ දාන් පස්සෙන් යන එකාගෙයි කමි වගේ හිතන අයගෙයි ලොකු වෙනසක් දැනෙනවා. අන්න එතකොට කමිට පුළුවන් ලක්ෂ දෙක තුනක් හොයා ගන්න. වැඩිය විස්තර කරන්නෙ නෑ එතකොට දේශපාලන අදහසක් වෙයි.
    අර කමි මුලින් කිව දෙන්නා ගැනනම් දුකක් ඇති උනා.

    ReplyDelete
    Replies
    1. ඡන්ද දෙක සත පහකටවත් වටින්නේ නෑ කියල තමයි මටනම් දැන් හිතෙන්නේ.. කෝ එකෙක්වත් ඉල්ලන්නේ නෑනේ බං.. ඇත්ත.. උන් පට්ට රෝලක් ගහන්නේ ජීවිතේ ගැට ගහගන්න.. මොනවා කරන්නද?

      Delete
  34. මාත් චන්දෙ දෙන්න යන්නෑ.කාල බීල නිදා ගන්නවා.ඇඟටවත් අල්ලන්නෙැතැයි .ඔය මගුල දීලා හැමදාමත් පරාද වෙනවට වඩා මේ විදිය හොඳයි....උන් ඔය දත කන්නේ අපට ආදරේට සේවය කරන්නයැයි

    ReplyDelete
    Replies
    1. //කාල බීල නිදා ගන්නවා.ඇඟටවත් අල්ලන්නෙැතැයි .// ඇඟට තව මොනව අල්ලන්නද? හැක්.

      හැබැයි කතාවනම් ඇත්ත.. ගෙදරට වෙලා දුවල පැනල වැඩක් කරපං බුදියන්නේ නැතුව.. පොඩ්ඩක් ඇඟ බහින්න.. හි හි..

      Delete
  35. බලපං කොච්චර උඩක වැඩ කෙරුවත් ඒ මිනිස්සුන්ට පොළවේ පය යන්තම් වත් ගහලා ජිවත් වෙන්න තියෙන අමාරුව.අපෙත් ඔය වගේ තමයි.යහපාලන ආණ්ඩුව ආවට පස්සේ අපේ එව්වාත් හිර වුණා.එත් කොහොමින් හරි ඇදගෙන යනවා.උඹට කිව්වාම මොකෝ දැන් මම ඔෆිස් එකේ වැඩිය මෙව්වා ගැන කතා කරන්නේ නැහැ.ඊයේත් මට එකෙක් කියනවා බලපං තොපේ ආණ්ඩුව ආවත් හරි අපිට වැඩත් නැහැ නේ කියලා හිටං.

    අපේ ජන්දේ තියෙන්නේ අපේ ස්කෝලේ.ගේ පිටිපස්සේ තියෙන ස්කෝලෙට යන්න අමාරුවක් අපහසුවක් නැහැනේ.ඒ නිසා මම ගිහින් සීනුවට කතිරේ ගහලා එනවා.

    ReplyDelete
    Replies
    1. නැද්ද සීනුවෙන් ඉල්ලන යාලුවෙක් එහෙම? කීයක් හරි අඩුවට උනත් කමක් නෑ මටත් දුක නැතුව ගහලා එතහැකි..

      Delete
  36. හපොයි මේක හරිම සංකීර්ණ ලෝකයක් :/

    ReplyDelete
    Replies
    1. හපෝයි ඔව්.. සින්දු වලට විතරයි 'මේක සොඳුරු ලෝකයක් සතුටු සිනා පිරුණු සාදයක්' වෙන්නේ..

      Delete
  37. දවස් දහයක් කරක් ගහල අද තමා ගෙදර ආවේ මචෝ. පලවෙනියටම කියෙව්වේ මේ ලිපිය. අර මම හොඳ බ්ලොගාලට රුපියල් දාහක් යෝජනා කරපු වෙලාවේ පලු පැලෙන්න බැනපු එවුන් මේකට කොමෙන්ට් දාල නැත්ද බන් ? හෙටම දානවා පෝස්ටුවක්.

    ReplyDelete
  38. ලංකාවෙ ඉන්නකං අපිත් ඔහොම තමා :(

    ReplyDelete
  39. ලංකාවෙ ඉන්නකං අපිත් ඔහොම තමා :(

    ReplyDelete