Wednesday 5 August 2015

A day not to forget; yet forgets..


පායන්න හිරුවී
පුබුදන්න පියුම් විල මත
හිනැහෙන්න සඳක් වී
දුරලන්න අඳුර අහසින්
ලඟ ඉන්න සැමදා
ළෙංගතුම හිතැත්තිය වී...

නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා රත්තරං 'අම්මී'ට!

(අමතකවන මුදියන්සේලාගේ මොට්ටපාල වන මා විසින් චූටි මැණිකේ හෙවත් ලොකු දෝණී විසින් සකස් කරන ලද උපන්දින සුභ පැතුම් පතෙන් අනවසරයෙන් උපුටාගෙන සින්ග්ලිශ් යුනිකේත භාවිතයෙන් අච්චුගස්වා කලබලයෙන් මෙහි පලකොට සමාව භජනය කරන ලදී.)

107 comments:

  1. සුභ උපන්දිනයක් කල්‍යාණි මිත්‍රා!

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹේ මූණෙ පොටෝවක් එවපංකො සති අන්තෙ ගෙදර යංට කලිං.

      Delete
    2. මාත් හිතං ඉන්නේ එකක් ගහල රාමු කරල තියල යන්න.. :/

      Delete
  2. අක්කාට සුභ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  3. දෙයියෝ සාක්කි ...මූ හම ගහන්න එපැයි...ඒකත් අමතක කලාද...අද නේද උපන්දිනේ

    ReplyDelete
    Replies
    1. දෙයියෝ හම ගසාවී ෂුවර් එකටම.. (ගෙදර ගිය වෙලාවට..) හැක්

      Delete
  4. ගෙවා දුර දිවි මග
    කළා හිත තුල නැවතී
    තවත් කප් සිය වසක්
    චිරාත් කාලයක් වැජඹෙන්න
    උණුසුම් සුභ පැතුම්
    නුඹේ උපන් දිනදා
    බුදු සරණයි

    ReplyDelete
    Replies
    1. නොවක් ස්තූතියි මිතුරු හිතැත්තිය..

      Delete
  5. එතනත් හොරකම, වංචාව, දුෂනේ , භීෂණේ හය්යු.......

    ෆුල්ෆෙස් හෙල්මට් සමඟ නැවත හමුවෙමු!

    තමන්ගේ බිරිඳගේ උපන්දිනේ අමතක කරපු සහ විවාහ සංවත්සරේ අමතක කරපු ස්වාමින් ඒවා බුද්ධිමත් විදියට ගොඩදාගත්ත කතා කීපයක් දන්නවා. ලියනවද කියල බැලුවේ. එක්කෝ ලියන්න හොඳ නැහැ, මුන්ට ගුටිම තමයි ඉල්ලලා දෙන්න ඕනේ.. හෙහ්

    ReplyDelete
    Replies
    1. ඇවිලෙන ගින්නට තව පිදුරුත් දාපං.. හැක්.
      අනේ අර කතා ටික මතක හිටින විදියකට ලියපන්කෝ ඊළඟ වතාවේවත් මේ වැරැද්ද නොවෙන්න.. පිං සිද්ධවෙයි.

      Delete
    2. ඇයි බං උපේක්කො ආස නැද්ද අපි රැෂ්පොට් පිට ඉන්නවට. අගේ නොකර කියහංකො

      Delete
    3. ඒක වෙද කම්මලයෝ.. මුං ඔක්කොම හදන්නේ අපේ ඔළුවට අත හෝදන්නමයි..

      Delete
    4. ඕකෙ මහ ලොකු සෑස්තරයක් නෑ බොලල්ලා.. කරන්න තියෙන්නේ එකම එක උපන් දිනයක් අමතක කරන එක විතරමයි.. ඊට පස්සේ ඒවා ගානට මතක් වෙනවට මොනවද ඔට්‍ටු ?

      Delete
    5. ///එකම එක උපන් දිනයක් අමතක කරන එක විතරමයි// එහෙනම් මට තියෙන්නේ විසේස ලෙඩක්.. ගිය අවුරුද්දේ අමතක වෙච්චි එකට ඊයේ පෙරේද වෙනකම් කතන්දර අහලත් යකෝ ආයි අද අමතක උනා කියුවහම.. හැක්.

      Delete
    6. //ඕකෙ මහ ලොකු සෑස්තරයක් නෑ බොලල්ලා.. කරන්න තියෙන්නේ එකම එක උපන් දිනයක් අමතක කරන එක විතරමයි..//
      කසාද බදින්න කලින්ම මම ඔය පාඩම ඉගෙන ගත්ත. දැන්නම් අගෝස්තු මාසෙ පටන් ගද්දිම මතක් වෙනව.

      Delete
    7. //දැන්නම් අගෝස්තු මාසෙ පටන් ගද්දිම මතක් වෙනව.// ඈ බං උඹ ඔය කියන්නේ අපේ උන්දැගේ උපං දිනේ ගැනවත්ද? O.o

      Delete
    8. කම්මල:
      හුහ් රැශ්පොට් ? ඌරන්ට මොන කවුක්යද?

      ලියන්නම්... හැබැයි..... හිටපල්ලා මම හොඳ වැඩක් කරන්න.. හෙහ්... හෙහ්... තමුන්නාන්සේලාට කියන්ට, මටත් ඔය වගේ නොවෙන, ඔය ජාතියෙන් එකක් උනානේ බොලේ... අර කිව්වත් වගේ හරිනම් සදාකාලිකව අමතක නොවෙන්න උනා වැඩේ නම්, හොඳම කොටස කියන්නේ මට තාමත් සිද්දිය මතක උනත් දිනේ මතක බැරි වෙන එකයි...!

      Delete
    9. මට පෙන්නේ කැන්ඩි ලමිස්සිත් මගේ ජාතියේම එකියක්.. මටත් ඔය දින වකවානු කොච්චරවත් මතක බැරි වෙනවා. කමක් නෑ සිද්ධිය කියහංකෝ මොකද එතකොට අපිට උබේ වයස දැන ගන්නත් බෑනේ. හැක්.

      Delete
  6. හෙක්... හෙක්..

    සුබ උපන්දිනයක් වේවා !

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්.. ටැන්කූ ටැන්කූ

      Delete
  7. නගාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!
    හාමිණේගෙ උපන් දිනය අමතක වීමේ වාසනා මහිමයෙන් අවුරුද්දක් බැනුම් ඇසීමට කල්‍යානට වාසනා වේ.....වා !!!
    මිනිහෙක් එකපාරකින් පාඩමක් ඉගෙන ගන්න ඕනෙ, මේ පලවෙනි වතාවද ?

    ReplyDelete
    Replies
    1. පළවෙනි පැතුමට ස්තූතියි.. දෙවෙනි පැතුමට %^^&*&^%$
      පිස්සුද? වතාවක් හරි දෙකක් හරි රිමයින්ඩර් එකක් දාන් ඉඳල මතක් කරන් තියෙනවා.. දැන් රිමයින්ඩර් එක දාන්නත් අමතක වෙනවා.. හැක්.

      Delete
  8. සුබ උපන් දිනයක් වේවා!!!

    ඔබාමගේ උපන්දිනෙත් අද. දැනුයි මතක් වුනේ. දුවලා ගිහින් සුබ පතලා එන්ට ඕනේ...:P

    ReplyDelete
    Replies
    1. හැබෑට? ඒත් මං කල්පනා කරා අපේ උන්දෑ ගෙදරදි ලෝක පොලිස්කාරී වගේ හැසිරෙන්නේ මොකැයි කියලා.. හැක්. ටැන්කූ ටැන්කූ. (මාත් හවස් වෙලා එනව කිව්වැයි කියල ඔබා මාමට කියන්න..)

      Delete
  9. මොනා උනත් උඹට දීලා තියෙන නම නම් ගැලපෙනවා වගේ... "මොට්ටපාල".. දැන් ඉතින් පලයන්කො ගෙදර.... ශේප් එකේ සද්ද නැතුව මොනා හරි අරන් පල සප්‍රයිස් එකක් විදිහට....

    ReplyDelete
    Replies
    1. මං කන් ඇඹ දෙකක් ගත්තා සපයිස් ගිෆ්ට් එකක් විදියට.. එයැයිගේ උපන්දිනේට මට තෑග්ගක් ගන්නවා විතර වෙන මොන සප්‍රයිස් ද? හැක්. ඒ උඹ විෂ් කොරන්නේ නැතෙයි ඉතින් අපේ උන්දැට..

      Delete
    2. මොකෑ නැත්තේ කියහං විශ් කොලැයි කියලා....

      Delete
    3. දැන් හැබැයි කේක් නම් කාල ඉවරයි.. හැක හැක.. ටැන්කු ටැන්කු :)

      Delete
    4. සප්‍රයිස් ගිෆ්ට් එකක් නම්, හොඳවයින් සුපර් ග්ලු අරන් යන්න බැරිය? ඇබ ඕනේ වෙන්නේ ඔයාට නේ...

      Delete
    5. සුපර් ග්ලු අරන් ගිහින් අර ඇම්ඩන් ගෙ අයියටයි නෑනටයි උණු හරිය වෙයිද මන්දා.. හැක්..

      Delete
  10. මේකනං ශුවර් එකටම වලං ගැට්ට කරේ තියං ලියපු එකක් ...
    මේ දවස්වල පේන්න හිටියෙ නැත්තෙ එකයි එහෙනං .........

    ReplyDelete
    Replies
    1. //වලං ගැට්ට කරේ// හැක් හැක්.. එහෙම පාඩු කරගන්න බෑ බං මේ කාලේ වළං හරි ගණං.. පේන්න නොහිටියේත් ඉතින් පවුල් පන්සල් රකින්න ගිහින් තමයි..

      Delete
    2. මදුරුවෝ....එකම එක පෝස්ට් එකක් දාලා උඹ හදන්නේ මොකක් හරි රෙකෝර්ඩ් එකක් තියන්නද?

      Delete
    3. ඒ පොස්ට් එක ලියපු එකා ඩෙංගු හැදිලා මැරිලලු.. :/

      Delete
  11. හිහ්, මේක විතරක් දාලා නිකං ඉන්නද කල්පනාව?

    දැන් හිරේ ගිහිල්ල අවුරුදු 34 ක් වෙනවා. හැම අවුරුදේම උපන් දිනේට අන්න දුන්න ඒවාගේ වටිනාකම හදලා බලන්න ඕනේ. (ගුටි කෑමට නියමිතයි)

    ඇය ඔබට මවක්ම වේවා! දීඝායු වේවා!

    ReplyDelete
    Replies
    1. //හැම අවුරුදේම උපන් දිනේට අන්න දුන්න ඒවාගේ වටිනාකම// අම්මපා මටනම් මතක ඇති කාලෙක උපන්දිනේකටයි කියල ටොපියක්වත් අරන්දීල නැද්ද කොහෙද.. සැක්..
      'මවක්' වගේම තමයි දැනටත්.. ස්තූතියි ඔබ තුමාට!

      Delete
    2. බොලයි මායි එක බෝට්ටුවෙ කමියො.. ගස්ලබ්බි පහුගිය උපන්දිනේ මතක් කොලේ එයාම කෝල් එකක් දීලා.දැං මතක් උනේ තෑග්ගක් වත් දුන්නෑ කියලා..

      Delete
    3. හොයා ගත්ත ගෑණු අපිටම හරියන නිසා හොඳයි බං.. හැක හැක හැක ...

      Delete
  12. අක්කන්ඩි සුභම සුභ උපන් දිනයක් වේවා...
    අන්න බලන්න අපි වගේ උත්තම ස්වාමි පුරසයෝ..මගේ කෙල්ලෝ ටික ඊට ඉස්සරින්දා මතක් කරනවා...“සර් හෙට සදු අක්කගෙ උපන් දිනේ“ කියලා..
    කෙල්ලො දෙන්නෙක් යවලා ගෙන්න ගන්න තැග්ග දුන්නම...අපේ ගෑනි මගේ බෙල්ලේ එල්ලිලා මාව ඉඔලා කියනවා“
    ඔයා මට හරියටම මැච් වෙන්න ගෙනල්ලා කියලා..

    ReplyDelete
    Replies
    1. ඔය කෙල්ලෝ දෙතුන් දෙනෙක් එවන්න බැරිද මගේ ගාවටත්.. සැක්.

      \\අක්කන්ඩි\\ හැක්.. ටැන්කූ ටැන්කූ මළයණ්ඩි!

      Delete
    2. උපන්දිනය අයිතිකාරී මේක කියවනවනම් KM ගේ දානෙ දවස හොඳට සමරයි

      Delete
    3. සුමානයක් හමාරක් ඒ පැත්තේ නොගිහින් ඉන්න එක කෝකටත් ඇඟට ගුණයි.. හැක්.

      Delete
    4. Pra,
      මුගේ මිනිය වලලන්න වෙන්නෙත් අපිට..ආය ගෙටවත් ගන්නෙ නෑ..

      Delete
    5. සැක්. තව හත්දවසක් බුරු ගහන්නත් දා ගනියව්කෝ. පාප මිත්‍රයෝ.. :(

      Delete
  13. ඔබේ හාමිනේට සුබම සුබ උපන්දිනයක් වේවා!!
    දිනේ අමතක වෙනවට දොර උළුවස්සේවත් දිනේ ලියල තියාගනිං.

    ReplyDelete
    Replies
    1. හම්මේ හැලපයියා දැක්ක කල්.. නිවඩු පාඩුවේ ඇවිත් පාටි එහෙම දාල ගියාලු නේද? හැක්. ටැන්කූ ටැන්කූ.. වැඩේ තියෙන්නේ අවුරුද්දකට වතාවක් ඉන්න ගෙවලුත් මාරු වෙනවනේ මේ රස්සාවට අනුව.. ඉතිං කොහෙද?

      Delete
  14. නෝනා මහත්තයට සුභ උපන් දිනයක් වේවා කිව්වා කියල කියන්නකෝ...!

    ඊයේ රෑ අපේ ගෙදරත් මෙන්න මේ වගේ දෙබසක් ගියා. මම හිටියේ සුපුරුදු පරිදි දෙකක් සහ තවත් ටිකක් දාගෙන.
    හාමිනේ : ඔයා ජන්දෙට ගෙදර ගිහින් කවදද එන්නේ.
    මම: 18 තමයි එන්න හිතාගෙන ඉන්නේ.
    හාමිනේ : ඔයාට 17 එන්න බැරිද ළමයෝ....... මතක නැද්ද 18 වෙනිදා කියන්නේ කවදද කියලා.....
    මම : #^ර($&)* මට අමතක වෙන්නේ කොහොමද, ඒත් ඉතිං 17 ජන්දේ නිසා කලබල තියෙයිද දන්නේ නැහැනේ, ඒ නිසා මම 18 උදේ පාන්දරින්ම එන්නම්... :)

    යන්තම් ගමේ ඉන්න තියෙන කාලේ තව එක රැයකින් වැඩි කර ගත්තා තැනට සුදුසු පරිදි අක්මාව පාවිච්චි කරලා...
    ඔන්න ඔයාකාරයෙන් මම ඔය වගේ බෙල්ල කැපෙන්න ඉඩ තියෙන සීන් එකකින් යාන්තම් ජාමේ බේර ගත්තා...

    ඒත් මම පෞද්ගලිකවම ඔය සංවත්සර ලොකුවට සමරන එකට කැමති නැහැ. අපි ඔය විශේෂ දවස් කියල සමරන්නනේ අතීතේ මොකක් හරි එකක් සිද්ධ වෙච්ච දවසක්නේ.

    ඒ වෙනුවෙන් එදාට සුභ පැතුමක් කරලා හිත් සතුටු කලාම ඇති කියලයි මම හිතන්නේ. මමනම් සුභ පැතුමක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් දහ අට වෙනිදට අපි පාටියක් එහෙම ඉල්ලන්න එපා කියලද.. හුටා.. ඒක හොඳයි.. නැත්නම් මං අදම දෙන්න වෙනවනේ.. ඒක තමයි.. මාත් ඔය උත්සව සැමරුම් වලට කිසි මනාපයක් නෑ බං.. ;) හැක් හැක්..
      අහ්! සුභ පැතුමට ටැන්කූ ඈ!

      Delete
  15. Replies
    1. Y? O.o
      මට නමත් අමතක වෙලාවත්ද?

      Delete
    2. "Mrs" Y. Mrs !!!!
      තමන්ගෙම නමත් අමතක වෙලාද KM?

      Delete
    3. හැක්... හැබෑට.. මං රැවුල ගිනි අරන් ඉද්දි මෙයා තව හවානා සුරුට්ටු දික්කරනව.. ඕක Mrs. ‍YMS කියුවනම් ඩොං ගාල තේරෙනවනේ..

      Delete
  16. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දන්නව නේද? බාරියාවන්ගෙ උපන්දින අමතක වෙන සුවාමි පුරුසයො ගැන මනුස්සය මෙහෙම කියල තියනව… " Neglecting something important as the birthday of your spouse signifies an overwhelmimg urge in sub·conscious mind to………."

    හරි, සරලව කිව්වොත් මෙන්න මෙහෙමයි. " තම කලත්‍රයාගේ උපන් දිනය වන් ඉතා වැදගත් කාරණයක් අමතක වීමෙන් වෙසෙසින්ම හඟවනුයේ උප විඥානයෙහි ඔහු / ඇය කෙරෙහි පවතිනා යම් අප්‍රසාදයක් වන් හැඟීමක් ඔබ නොදැනුවත්වම ප්‍රකාශ වීමයි. මේ පිළිබඳව අදි අහම ඇසුරින් කරුණු විශ්ලේෂණය කිරීමෙහිදී.................."

    හරි ෆ්‍රොයිඩ් කියන එව්ව බොරුමත් නෙවෙයි…. ඒත් එච්චර ගණන් ගන්න එපා....

    Happy subconscious minded ( There is something to think about ) Birthday !!!

    ReplyDelete
    Replies
    1. //සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් දන්නව නේද? // හැබෑට කවුද සිග්මන් ෆ්‍රොයිඩ් කියන්නේ? හැක් හැක්..

      හිනා නෙවෙයි. මේකනම් මෙතනම විසඳ ගන්නෝනේ කේස් එකක් රවී අයියේ..
      Love and work are the cornerstones of our humanness කිව්වෙත් ඔය සිග්මන් ෆ්‍රොයිඩ් ම නේද දෙයියනේ.. එක කෝනර් එකකට වැඩියෙන් හිර උනාම අනිත් කෝනර් එක අමතක වෙන්න පුළුවන් කියල ඔය යකාට කියන්න තිවුන නේද? සැක්. දැන් කෝමෙයි මං අපේ උන්දැට මූණ දෙන්නේ..
      බයි ද වේ... අර හොඳට දැනෙන්න පතපු සුභ පැතුමට ටැන්කූ හොඳේ!

      Delete
    2. ඔය කෙලල තියෙන්නෙ තාප්පෙටම..පුලුවන් රවියගේ කමෙන්ට් එකත් පෙන්නපන්..හොඳට තියේවි...

      Delete
    3. " Neglecting something important as the birthday of your spouse signifies an overwhelmimg urge in sub·conscious mind to………. to commit suicide ????"

      Delete
    4. ෂෙෆාකි. පෙන්නුවොත් නම් බඩුම තමයි. හැක්.

      Pra.. you predict the consequence right dude.. :(

      Delete
    5. Pra,

      " Neglecting something important as the birthday of your spouse signifies an overwhelming urge in sub·conscious mind to major self destruction inclinations ; something akin to a death wish "

      Delete
    6. ගෙටින් තින්ග්ස් වර්ස්ට් ඩේ බයි ඩේ වගේ.. :/

      Delete
  17. ඇයට නිදුන් නීරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක්!.

    එකපාරට වඩා වයිෆ්ගෙ උපන්දිනේ අමතක උනා කියන්නෙ මට හිතේන හැටියට ලෙඩක් තියෙන්නෙ කලණට නෙවෙයි වයිෆ්ට....

    ReplyDelete
    Replies
    1. ටැන්කූ ටැන්කූ..
      අනේ ඔව් මෙයා.. ඔය කියුවට එයැයි හරි අහිංසකයි.. මට මේං කියල දෙයක් කියන්නේ නෑ.. අම්මප..

      Delete
  18. සුභම සුභ උපන් දිනයක් වේවා අක්කට ! උපන්දිනය අමතක කිරීමේ වරදට කලණට දඬුවම් ලබා දීම උදෙසා අක්කට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්.. උඹල ඔක්කොම දෙන ඒවා උන්දැටම දියල්ලකෝ.. හනේ අම්මප මේ වෙලාවට තමයි.. ඕන් උන්දැ කියනවා නංගි පොඩ්ඩට ටැන්කූ කියන්නලු.. ඈ!

      Delete
  19. සුභම සුභ උපන් දිනක් කමි අක්කේ !!!! වාසනාවන්ත අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමුනුකුලින් ආ සමනලී නංගි :)

      Delete
  20. පාටි ඕනේ......

    ReplyDelete
    Replies
    1. වැරදි දවසේ ඉල්ලුවේ. ආයි බදුල්ලේ ආ වෙලාවක දෙන්නම් :0

      Delete
  21. උඹේ ආදර බිරිඳට සුභ උපන්දිනයක් පැතුවා කියාපං කමී.

    ReplyDelete
  22. ගාල්ලට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න එක තමයි ඔය ලෙඩේට හොඳම බෙහෙත......ඔහොම යනකොට තව තව ඒවා අමතක වෙන බව කරුණාවෙන් සළකන්න....
    ඇයට සුබ උපන් දිනයක්...ඔබ තුමාට (උපේක්ෂා කීවා වගේ) ෆුල් ෆේස් හෙල්මට් එකක්.....

    ReplyDelete
    Replies
    1. //ඔහොම යනකොට තව තව ඒවා අමතක වෙන බව// හික්. එක නම් එච්චරම අවුලක් නෑ.
      වෙන ඒවා මතක් වෙනවා වගේ එකක් එහෙම කියල තිබ්බනම් පට්ට කේස්.
      සුබ පැතුමට රොම්බ තැන්ක්ස්. රිසක් අසේස්මන්ට් එකක් කරලා තමයි ගෙදර යන්න වෙන්නේ. සමහර විට තව තව PPE ඕනේ වෙයි. හැක්.

      Delete
  23. ගාලු ගිය සැනිනා
    උස මහත තඩි කළණයා
    දණ ගසන් ඉන්නා
    හද පිනායයි දසුන් මැවෙනා

    හම්මේ...මට දැනෙන සතුට උඹ ගුටිකනවා කියලා මතක් වෙනකොට....

    සුභම සුභ උපන්දිනයක් සහ වාසනාවන්ත අනාගතයක් කමිච්චිට.....

    ReplyDelete
    Replies
    1. සතුට සමරන්න එහෙම හිතෙන්නැද්ද? හැක්.. ටැන්කු. ටැන්කු.

      Delete
  24. සිරිසුබ උපන් දිනයක් වේවා කලණ මිතුරියට

    ReplyDelete
    Replies
    1. ඔබෙන් මේ ආසිරි ලැබුණු බව දැන ගත්තම ඈ ඇත්තටම සතුටු වේවි.. ස්තුතියි!

      Delete
  25. හිටින්කෝ ඊළඟ සැරේ ගෙදර ගියාම කමි අක්කා හම්බු වෙලා උඹේ ප්‍රෝඩාව පහදලා දෙන්න ..

    ඊට කලින් මමත් සුබ උපන්දිනයක් වේවා කියලා පැතුවා කියහන්

    ReplyDelete
    Replies
    1. ඕක තමයි මම මේ බ්ලොග් ලෝකේ එකෙක්වත් වැටෙන් මෙහාට ගන්න එපා කියල කියන්නේ... හුහ්... පුළුවන් නම් තව බොන්නත් දීල, ගෙවල් වලටත් ගෙනිහින් දාපල්ලා.

      Delete
    2. //පුළුවන් නම් තව බොන්නත් දීල, ගෙවල් වලටත් ගෙනිහින් දාපල්ලා.// අනේ ඉවානයාටමනේ මෙහෙම කතන්දර අහන්න වෙන්නේ. පවූ අෆ්ෆා.
      මචං උබ මොනවා කියුවත් අපේ උන්දැට මාව විස්සාසයි. හැක්.. ටැන්කු ෆෝ ද විශ් ඈ!

      Delete
    3. අඩෝ උපෙස්සා ... ඇයි යකෝ ,මේ බීලා වැටෙන උන් මග දාලා යන්නේ නැතුව ,ගිහින් දානවා මදිවට කතන්දරත් අහපල්ලකෝ තව .... අයියෝ මගේ සමාජ සේවේ

      Delete
    4. හි හි.. බූරු ගැහුවත් එකයිලු බලන් හිටියත් එකයිලු..

      Delete
    5. ඔය බීපු උන්ට කරන ප්‍රතිකාර ක්‍රම අතරින් වැඩියෙන්ම බලවත් ප්‍රතිකාරය තමයි,

      ළඟම තියෙන ගැඹුරුම කානුවකට දැමීම, ඊට උඩින් ගල් ගෙඩියක් දැමීම... ලෙඩා මලත් බඩ සුද්දයි! අන්න සමාජ සේවේ.. දන්නේ නැත්තම් අහගන්!

      Delete
    6. මේ උපේක්ෂා.. මං උබට හොඳින් කියන්නේ.. ඔය නරක පුරුදු ඉවානයාට එහෙම පුරුදු කරනවා නෙවෙයි.. දෙයියනේ කියල බය නැතුව අඩියක් ගහන්නේ ඌ ඉන්න බව දාන්න නිසා ගෙදෙට්ට ගෙනත් දාන්න.. පුළුවන්නන් ඌවත් නරක කරපන්.. හැක හැක හැක ..

      Delete
  26. සුබ උපන් දිනයක් පැතුවා කියහන් අක්කාට මමත්.

    උඹලා ගොඩක් අයට එන භාර්යවගේ උපන් දිනය අමතක වීමේ ගැටලුව මට නම් ඇති වෙන්නේ නැති වේවි.මොකද මගේ වෙන්ඩ භර්යාගේ උපන් දිනය එන්නේ මගේ උපන්දිනයට පහුවේනිදා ඉතින් එයාගේ උපන්දිනය අමතක වීමේ සම්භාවිතාව බොහෝම අඩුයි.

    බිරිඳව FB යාළුවෙක් කර ගන්න.ඒ කරලා ඔයාත් හැමදාම FB යන්න.ඇගේ උපන්දිනේ දවසට නොටිෆිකේෂන් එකක් පෙන්වානවානේ.එතකොට හෙමිහිට සුබ පතන්න.

    ReplyDelete
    Replies
    1. බලනකොට FB කියන්නේ savior කෙනෙක්!

      Delete
    2. මූණු පොතේ ඉන්නවා බං.. එත් ඒ ලබ්බ පෙන්නුවෙත් දහවල් දහයට විතරනේ එතකොට කෙලවෙලා ඉවරයි. සැක්. එනිවේ ටැන්කු ෆෝ ද විශ් ඈ!
      //savior කෙනෙක්// නෙවෙයි පිස්සු මරගාතයක්.. හැක්..

      Delete
  27. බු‍ෙවෙන ගැනුන්‍ෙගෙේ එව්වානං අමතක ‍ෙවෙන්නැ

    ReplyDelete
    Replies
    1. එක හරි.. ඒවා අමතක වෙන්න දැනන් ඉන්න එපැයි. හැක හැක..

      Delete
  28. අපිත් සුබ පැතුවයි කියන්න.....

    පව්... ආසාවෙන් ඉන්න ඇති විශ් කරයි කියලා... අමතක කලාට දඩුවමක් දෙන්නම ඕනේ ආපහු අමතක නොවෙන්න..

    ReplyDelete
    Replies
    1. මොනවද දඩුවමක් දුන්න බං.. දැන් මතක නෑ.. හැක හැක..
      අහ! ටැන්කු ටැන්කු.. මං කියන්නම්කෝ..

      Delete
  29. පරක්කුවෙලා.. ඒ නමුත් හාමිනාට සුභපැතුව කියහන් උපන්දිනේට...

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි තාත්තල උනාම වැඩ වැඩි වෙනකොට පරක්කු වෙනවා.. අමතක වෙනවා.. මටත් උනේ ඔහොමමනේ.. හැක හැක..
      ටැන්කු ආ.. මං කියන්නම්..

      Delete
  30. අක්කගෙ ජන්ම සංවත්සරේට සුභපැතුම්...!!කමියෝ... උඹ නැවත ඉපදේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හයියෝ.. සසර.. අපි දෙන්නනම් පතන් ඉන්නේ කවද හරි එකටම නිවන් යන්න.. හැක හැක හැක..

      Delete
  31. පාමා වී වුවත් අපෙනුත් සුබ පැතුම් ඔන්න......

    ReplyDelete
    Replies
    1. පමාවී හෝ වසන්තය පමිනේනම් ඉතා අගෙයි.. ස්තුතියි සර්!

      Delete
  32. පාමා වී වුවත් අපෙනුත් සුබ පැතුම් ඔන්න......

    ReplyDelete
  33. සු භ උපන් දිනක් වේවා...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා! (නැවත ලියන්නට සිත් වේවා!)

      ජයවේවා!

      Delete
  34. අම්මප මෙහෙමත් ස්වාමිපුර්ෂයො :P.

    මිසිස් කමිට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි මක්කෙලාද සුවාමියාට.. යකෝ සුවාමියෝ ඉන්නේ උපන්දින මතක තියාගන්න ඉතරක් නෙවෙයි.. එනිවේ ටැන්කු ඈ! :)

      Delete
  35. සුභ උපන් දිනක් වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! අහ! වැරදුණා.. ටැන්කු ටැන්කු..

      Delete
  36. ඇයට සුබම සුබ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  37. පරක්කු වෙලා සුභ පතනකොට කළ්‍යාණිට...බොලා සේෆ්ටිය හරිද කියලා බැලුවද ?

    ReplyDelete