Tuesday 24 November 2015

අමුත්තන් ලෙස ජීවත් නොවී පුරවැසියන් ලෙස යුතුකම් ඉටු කළයුතු කාලය එලඹ තිබේ.. Patriotism is written by blood of those who died defending motherland.

මේ වනවිට මවුබිමෙන් බොහෝ දුර බැහැරව විසුවත් අදටත් ඉතා දක්ෂ ලෙස සිය අත්දැකීම් අකුරු කරන මගේ හිටපු ජේෂ්ට නිලධාරියෙක් වෙන රවී ද සොයිසා මහතා ගේ ෆේස්බුක් පිටුවේ පලව තිබු විස්තරයක් හා එහි පසුබිම් කතාව මුලින් ලියු මොහොමඩ් ෆර්ශාන් සොහොයුරාගේ ෆේස් බුක් පිටුවේ පළවූ විස්තරයක්.. එහි ඇති වටිනාකම නිසාම ඔහුගේ පුර්ණ අවසරය ඇතිව මෙහි නැවත සටහන් කරමි. මේ වනවිටත් මෙය දුටු අයෙක් වෙත්නම් නැවත සටහන් කිරීම පිළිබඳව කමත්වා!

*********************************************************************************

මොහොමඩ් ෆර්ශාන් සොහොයුරාගේ සටහන.. 
රණවිරු රණසුරු ඇලන් අහමඩ් මුස්තෆා පකීර්
ඇලන් අද හිටියානම් වයස අවුරුදු අවුරුදු හතලිස් තුනකි,,ඉතින් ඇලන් අයියේ උඹට ගොඩාක් ස්තූතීයී
මටත් ආඩම්භර වෙන්න පුලුවන් ශ්‍රී ලාංකයෙක් හැටියටඒ කාලවාකවානුවෙ ගුවන් හමුදාවේ යානාවන් අභිරහස් ලෙස අතුරුදහන් වෙමින් තිබුණි.අපේ යානාවලට සිදුවූ දේ කුමක්දැයි කිසිදු හෝඩුවාවක් නොමැතිව නිලධාරීන් පසුවූ යුගයක් විය.රත්මලාන මගී ගුවන් යානා නියමුවෙකු ලෙස කටයුතු කරමින් සිටි තවත් අහමඩ් කෙනෙකුට ක්‍රියාන්විතයට ඇරයුම් ලැබුණේ මේ අතරතුරය. උතුරට සැපයුම් මාර්ග අවහිරවී තිබුණි. තවත් යානාවන් හෝ නියමුවන් අහිමි කරගැනීම අපට අවාසිදායකය. නමුත් උතුරේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ගුවන් හමුදාව දායක විය යුතුව තිබුණි.
"මම MI 17ක් අරගෙන යන්නම්" කියා ඉදිරිපත් වු ඒ ආදරණීය සහෝදරයා නමින් ඇලන් මුස්තෆා අහමඩ් පකීර් විය.ඇලන්ට යුද්ධයවත්,ඉදිරිපත්වීම වත් අලුත් දෙයක් නොවූයේ ඔහුගේ සීයාත්,පියාත්,සහෝදරවරුන් සියළු දෙනාත් ඒ වනවිටත් හමුදා සේවයට හෝ ආරකෂක සේවයට අමුත්තන් නොවූ නිසාය.
නමුත් ඇලන් ගෙන ගිය එම් අයි 17 යානයත් අතුරුදහන් විය.තවත් සෙබලුන් 39ක් සමගම අතුරුදහන් විය.. එක්දහස් නවසිය අනූ හයේ ජනවාරි 22 දා හදිසියේ යානය රේඩාර් වලින් නොපෙනී යන්නට විය.

 
ඇලන් ඒ වන විට තමාගේ ඇවැස්ස නෑනා සමග පෙමින් වෙලී සිටියේය.

විවාහය සඳහා සියල්ල සූදානම් වී තිබුණි.අනාගතය ගැන,විවාහය ගැන ඔබත් මමත් දකින සිහින දකිමින් උන්නේය.
ඇලන් ගේ මව මුදානොගත් ප්‍රදේශවලට ගොස් ඇලන් ගැන සොයන්නට තරම් දිරිය කතක් වුවාය. එසේ නොවන්නේ කෙසේද..ඇය දැයට දිරිය දරුවන් උරුම කළ මවකි.ඇලන් ත්‍රස්ථවාදීන්ට හසුවුණාද? නැතිනම් ඔහුගේ මළ සිරිරවත් දුටුවාදැයි රේඩාර් වලින් යානය නොපෙනී ගිය ප්‍රදේශවල මිනිසුන් ගෙන් අසමින් ඇය ඇලන් ගැන හෝඩුවාවක් සොයන්නට විය.
නමුත් ඇලන් අතුරුදහන් විය..ඒ අතුරුදහන් වීම සදහටම වූ අතුරුදහන් වීමක් බව තහවුරු කළේ දෙදහස් නවයේ හමුදාව සොයාගත් මිසයිල විදිනයන් වලින් එකක දිනය,ස්ථානය සහ ඇලන් ගෙන ගිය යානයේ විස්තර සඳහන් විමය.
 
වාර්ශිකව කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ ඇලන් වගේම ගුවන් හමුදාවේ රට වෙනුවෙන් දිවිදුන් මුස්ලිම් විරුවන් සිහිකිරීමට ගුවන් හමුදාව අමතක කළේ නැත.
ඇලන් අහමඩ්ට රණශූර පදක්කම පිරිනැමූහ.
ඇලන් ගේ මවට මම කථාකලේ මේ ඇලන් ගේ කථාව මට අසන්නට ලැබුණේ අහම්බෙන් නිසාවෙනි.මා කථාකලෙමි...දීර්ග ලෙස කථාකළෙමි. අපේ මුළු පවුලම රට මවුබිම වෙනුවෙන් සේවය කරපු පවුලක් පුතා. මා විමතියට පත් වුනෙමි.ඇය මට පුදුම දිරියක් දෙන ලෙස කථා කලාය.
ඇය ඇලන් අහමඩ් මුස්තෆා පකීර් නම් වූ රණ ශූරයා ගැන ආඩම්භර වූවාය.රණ ශූර ඇලන්ලා ගැන මේ රටේ මුස්ලිම් තරුණයන් කීයෙන් කීදෙනාද අසා තිබෙන්නේ? ඒ කථාවල් දිගහරින්නට තීරණය කළෙමි. එකින් එක එකතු කොට බුකියේ දිගහරින්නට තීරණය කළෙමි.
ඇලන්ලා, ගාමිණීලා,මුස්තෆාලාගේ කථාව නිකම්ම නිකම් සොහොන් ගලක කොටනවාට වඩා මේ රටේ මිනිස්සුන් ගේ හිත්වල කොටන්නට තීරණය කළෙමි.ඇලන් ගෙන් පටන් ගත්තේ මේ රට වෙනුවෙන් මුස්ලිම් මිනිසුන් ගේත් දායකත්වයක් තිබුණා කියන්නට නොවේ... තිබිය යුතුයි කියලා අද පරම්පරාවට කියාපාන්න.
අමුත්තන් ලෙස ජීවත් නොවී,පුරවැසියන් ලෙස යුතුකම් ඉටු කළයුතු කාලය එලඹ තිබේ.
වසන්ත අභේවර්ධනලාට,හසලක් ගාමිණීලාට වගේම මම ඇලන් මුස්තෆා අහමඩ් පකීර්ලාටත් එක වගේම මා ආදරය කරමි. 
ඇලන් ගේ පවුලේ සියළුම දෙනා මේ යූ ටියුබ් වීඩියෝවේ විනාඩියයි තත්පර 30 සිට විනාඩියයි තත්පර තිස්පහ වෙනකම් වන තත්පර පහ දිහා වුවමනාවෙන් බලා සිටින්නේ..ඒ ඇලන් ගේ යානය බිම හෙළූ මිසයිල විදිනය පෙන්වන නිසා නොව...
ඇලන් ගැන ඔවුන් දන්නා එකම අවසාන හෝඩුවාව එය නිසාවෙනි...ඒ වීඩියෝවේ දැක්වෙන හැම මිසයිල විදිනයකම...කඳුළු කථාවක දිනයක්,වේලාවක් සහ තැනක් ලියා තිබේ.
ඒ කඳුළු කථාව අප වෙනුවෙන් වූ එකකි.බොහෝ මිනිසුන් ගේ සිහින බිඳී ගියේ අප වෙනුවෙනි.
ඉතින් අපි ඔවුන් ගැන සොයමු. ඔවුනගේ හිත මිතුරන්ට කථා කරමු...මවට පියාට කථා කරමු.ඒ අම්මාලා සතුටු කඳුළු සලමින් සතුටු වේවි...
"මගේ දරුවා දිවි පුදා ඇත්තේ හොඳ මිනිසුන් වෙනුවෙනි.මගේ දරුවා දිවි පුදා ඇත්තේ කළගුණ දත් මිනිසුන් වෙනුවෙනි" අම්මාට එහෙම හිතේවි...ඒ ටික හොඳටෝම ඇති වේවි ඒ අම්මා,අප්පලාට තමන් ගේ පුතා මතක් වෙන සෑම මොහොතකම ඒ දුක තුනී කරන්නට.

ඉහත සටහන ගැන රවී ද සොයිසා මහතා තැබූ පසු සටහන..
Mohamad Farshan මල්ලි, 
1996 ජනවාරි 22 .......
ඒ දිනේ කවදාවත් අමතක වෙන්නෙ නෑ ..........
මම හිටියෙ අලිමංකඩ ......
'රිවිරැස' මෙහෙයුම ආරම්භ වෙලා තිබුනෙ .....
අපි අලිමංකඩට ආවේ 'යාපනේ' අර්ධද්දීපයෙන් කිලාලි කලපුව හරහා පලායන 'කොටින්ට' පහර දෙන්න .......


අපි වැඩේ 'තිතටම' දුන්න .......
ඒ නිසා කොටි අපිව ඉලක්ක කරල ඉන්නව කියල අපට ආරංචි උනා ......
ඒ වෙනකොට 'රිවිරැස' සංගුපිටිය පාලම අල්ලගෙන හිටපු නිසා .........
ඒක නිසා අපිට ඕනෙ උනා 'අලිමංකඩින්' 'සංගුපිටිය' දෙපැත්තෙන්ම ........
පලා යන කොටින්ට ගහන්න .........
ඒ අනුව අපිට අලිමංකඩ ඉදල පලාලි එන්න ඕනෙ උනා .......
21 ඒ ගමනට යන්න නම් උනේ අන දෙන නිළධාරී 'සෙඩ්‍රික් මාර්ටින්ටයිනුයි මමයි' ..........


කමාන්ඩර් සෙඩ්‍රික් මාටින්ස්ටයින්
රෑ 'තුෂාර පලිහේන' මම ලගට ඇවිත් කිව්ව 'මචං මම උබ වෙනුවට පලාලි' යන්නද කියල ........
මම හා කිව්ව ..... මම දන්නව තුෂාර යන්නෙ 'වයිෆ්'ට කෝල් කරන්නත් එක්ක කියල .........


ලුතිනන් කමාන්ඩර් තුෂාර පලිහේන
මම 22 'මාර්ටින්ස්ටයිනුයි' 'තුෂාරයි' දෙන්න දාගෙන 'මරුටි' ජීප් එකෙන් අලිමංකඩ 'හෙලි පෑඩ්' එකට ආව .......
MI-17 'හෙලිකොප්ටරයෙන්' පලාලි යන ඔවුන්ට සමුදී ඔවුන් දිහා බලන් ඉන්න කොට .....
ගුවන් නියමුව මට අත වනනව දැක්ක ..........
මම ඔහු ලගට ගියා .....
ඇලන් ! මගේ මිත්‍රය ...... ම් ම් ! මිත්‍රය කියනවට වඩා හොදයි සහෝදර කියන එක ....
වරෙන් යන්න ! මම හවස උබව ගෙනැල්ල බස්සන්නම් !! ඒ ඇලන් ......
වෙනද පැනල යන මම එදා බෑ කිව්ව .....
එහෙනම් හම්බ වෙමු මචං කියල ඇලන් තදින් මගේ අත මිරිකුව ........
ඒ සමග ඉහලට ඇදුනු ඔවුන් නොපෙනි යනතුරු මම බලා සිටිය .......
ආයෙ මම අපි හිටපු කලපුව ආසනයේ වූ කදවුරට ආව .....
මම 'වාහනය' නතර කරන කොට හැමෝම මාව වට කර ගත්ත .......
දැන් ගිය 'හෙලිකොප්ටරයට' කොටි ගහල ........
මම 'හිස්' අහස දිහා බලන් හිටිය ......
ඇස්වල කදු කම්බුල් දිගේ ගලා ගිය .........
Mohamad Farshan උබෙ මේ පිතූරය අවුරුදු 19 පස්සෙ ...........
ආයෙත් මගේ ඇස්වල නැගුනු කදුලු කැට කම්බුල් දිගේ ගලන්න සැලැස්සුව .......
හැමදාම !!! ඔව් හැමදාම !!! ........
සයිබර් අවකාශයේ 'පොර ටෝක්' දෙන නිවට 'පිම්පියන්ට' වඩා ..........
උපන් බිම වෙනුවෙන් දිවි දුන් ........
මගේ මිත්‍රය / ආදරනීය සටන් සගය .........
Mohamad Farshan උබේ සහෝදරය .........
ඇලන් මුස්තෆා අහමඩ් පකීර් ..........
මට වටිනව .........
ටිකක් නෙමේ ගොඩාක් ! ........
අපි ජාතියක් විදියට රටක් විදියට උබට නයයි මචං cry emoticon .......
Happy birthday Allan !!!

*********************************************************************************

122 comments:

  1. ....//ඇලන්ලා, ගාමිණීලා,මුස්තෆාලාගේ කථාව නිකම්ම නිකම් සොහොන් ගලක කොටනවාට වඩා මේ රටේ මිනිස්සුන් ගේ හිත්වල කොටන්නට තීරණය කළෙමි//....

    ඔව් කමි.හිත්වල නොමැකෙන විදියටම කොටන්න ඕන.ඒක අවශ්‍යමයි.මේ රණවිරුවෝ තමන්ගේ සියලු දේ කැප කලේ මුලු රටක් වෙනුවෙන්.අපි හැමෝටම ජීවත්වීමේ අවස්ථාව සලසා දීම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය කැපකලා.ඔවුන් සදා අමරණියයි.
    (කම්යා උඹ ඒ පැත්තේ ඇවිත් සෑහෙන දවසකින්.උඹ ඉන්න තැනට මිසයිලයක් එවන්න කලින් ඇවිත් පලයන්)

    ReplyDelete
    Replies
    1. උඹ වැට ගහල තියෙන්නේ ෆර්ශාන් ගේ වචන වල මාත් ආසම කෑල්ලකට මචං..

      ලොවෙත් හිරවෙලා ඉන්නේ මචං වැඩයි විභාගයි අතරේ.. පුළු පුළුවන් ඒවාට අහුවෙන අහුවෙන වෙලාවට ගොඩ උනා.. ෆ්‍රී වෙච්චි ගමන් මිස් වෙච්චි ලිස්ට් එක මුල ඉඳන් පිරනවා.. උඹ මිසයිල් එක එවන්න කලින් අනිවා මන් එනවා..

      Delete
  2. එක පාරට නාඩි නතර වෙනවා වගේ දැනුනා. අපි කොච්චර ණයයි ද....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අංක වලින් ගණන් කරන්න බැරි ණය..

      Delete
  3. පේන දේට වඩා දෙයක් හැම තැනම තියෙන බවත්.. හැම වෙලේම පේන දේ සම්පූර්ණ ඇත්ත නොවන බවත් හොඳටම කියන පෝස්ට් එකක්.. අර බුකියට වෙලා කෑ ගහන බලු සේනාවෙ උංදැලයි සිංහල බවුද්දයා කියල නම දාං ජාත්වාදය පතුරන්න හදන සක්කිලි පේජ් එකයි(ඇත්තටම ඒ පේජ් එක කරන්නෙ නං සිංහල හෝ බෞද්ධ එකෙක් නෙවී කියල හොඳටම ෂුවර්)(තනිකරම සක්කිලියෙක්) කරන උං නොදැක්ක වගෙ ඉන්න එහෙම දැක්කත් මොකක් හරි කුප්ප කතාවක් කියන නැත්තං පේන්න තියෙන දේ වෙනස් කරල කියන්න කැමති උං ඉන්න කාලෙක ෆර්ෂාාන් ල ඉස්තරං රත්තරං. (මං උගෙ පෝස්ට් කීපයක් කියවල තියෙයි)

    මේ පෝස්ට් එක බුකියෙ ෂෙයා කලොත් අවම ලයික් කමෙන්ට් කීයක් හම්බෙයි කියල හිතනවද( මං මෙහෙම අහන්නෙ මේක ලයික් වලට කමෙන්ට්වලට විකුණන්න කියනෙක නෙවී.. වෙනස් අදහසකින්)
    හුගක් ගොබ්බ බාසුන්නැහෙල කළණෙට මඩ ගහන්න ගනී වෙන මොනව නැතත්...

    වීරයන් කෙදිනක වත් මිය යන්නේ නැති වග කියන හොදම සාක්ෂියක් මේ කතාව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා.. හිතේ තියෙන ගැම්ම එකෙන්ම තේරෙනවා මචං..

      Delete
  4. ඕනෙම ජාතියක ,ආගමක , රටකම පරයො වගේම වීරයොත් ඉන්නව වීරයන්ට වටින්නෙ රට , හැබැයි කරුමෙ කියන්නෙ වීරයන්ට වැඩිය පරයො වැඩියි .
    ඇලන් මුස්තෆා අහමඩ් පකීර් ....... වීරයෙක් වෙච්චි උඹට අපි ණයයි.

    ReplyDelete
    Replies
    1. කතා නායකයා වීරයෙක් කියන කාරණේ විතරයි බං මට වැදගත් උනේ..

      Delete
  5. ඇලන් අහමඩ් මුස්තෆා පකීර් මුස්ලිම් රණවිරුවෙක්; මේ පුද්ගලයන් ගැන වඩ වඩාත් ලිවිය යුතුයි

    ReplyDelete
    Replies
    1. ඔහු රණවිරුවෙක්.. ශ්‍රී ලාංකිකයෙක්.. එහෙම නොහිතන මුස්ලිම්, ද්‍රවිඩ තරුණයින්ට හොඳ ආදර්ශයක්.. මේ වගේ බොහෝ අය අපිත් එක්ක හිටියා.. හැකි අයුරින් ලියන්න හිතාගෙන ඉන්නවා.. ස්තුතියි ඔබට..

      Delete
  6. මම හිතන්නේ යුද්ධය ගැන ලියවෙන්න ඕන මානුෂික සටහන්, නිර්මාණ මේ වගේ..... නැතුව කෲර බවවත්, වීරත්වයත්, නෙමෙයි..

    ඇන් ඔෆිසර් ඇන්ඩ් ජෙන්ට්ල්මන් සෝ එක ජනප්‍රිය වෙන්නේ ඒ නිසා..

    රවී උඹ විතරක් නෙමෙයි බං.. ලේසියෙන් අඬන්නේ නැති මාතලනුත් ඇඬුවා.. ඒ උඹේ ලිවිල්ල නිසා.. මිනිස්සු අඬවන්න ලියන එක ලේසී නෑ...

    ReplyDelete
    Replies
    1. උඹ හැමදාම හරි පැත්තේ හිටගන්නවා.. ස්තුතියි මාතේ..

      Delete
    2. අනේ කල්ලානේ මාව මෙහෙම හිනස්සන්ඩ එපා . වැඩි ගානට ගත්ත කරුපයියගේ ගල් බාගේ ඉස්මොලේ යයි

      Delete
    3. ඈ බොල.. උඹේ බාගේ ඉස්මොලේ යන්න මොකෝ මං වැරද්දක් කියුවද? ඌ හරි පැත්තේ තමයි හැම තිස්සෙම හිට ගන්නේ.. බොරුනම් බලපන් පහුගිය චන්ද දෙක.. උඹ වගේ වැරදි පැත්තේද හිටියේ කියලා.. හැක හැක..

      Delete
    4. අනේ නිකන් පල මාතලං හුත්තා පච කෙලින්නෙ නැතුව......

      Delete
    5. මාතලන් ගේ කොමෙන්ට් එකක් අපේ පොස්ට් එහෙකට වැඩිය ජනප්‍රියයි.. බලපන් එකෙත් හැටි.. හැක හැක..

      Delete
  7. හිතට දැනුන සටහනක්...

    කමි කියනවා වගේ අපේ රටේ සුළු ජාතින් බෝඩිම්කාරයෝ විදිහට ඉන්නේ සහ හිතන්නේ නැතුව මේ විදිහට රට ගැන හිතනවානම් තමයි වඩා හොඳ...
    ඇත්තටම ලංකාවේ සුළු ජාතියට, මහ ජාතියට වඩා අමුතු ප්‍රශ්න තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නැහැ...
    පොදුවේ තියෙන ප්‍රශ්න තමා හැමෝටම තියෙන්නේ, ඒක තේරුම් ගන්න දවසට සුළු ජනයාගේ බහුතරය බෝඩිම්කාර මානසිකත්වයෙන් මිදේවි...

    ReplyDelete
    Replies
    1. ලොක්කට දැනුනා කියන්නේ සම්තින් ඊස් දෙයාර්.. :p
      මෙතනට කොපි කරන්න ඕනි ෆර්ශාන් බුකියේම වෙන තැනක ලියල තිබුණු කතාවක්..
      //මට දැන් වයසයි..උඹලත් එකතු වෙයල්ලා.
      මම මීට අවුරුදු හතලිහකට විතර කලින් ඉපදිලා,
      සාමන්‍ය පෙළ ,උසස් පෙළ ඉගෙන ගෙන,
      ඒකත් නොම්බර එකේ බෞද්ධ පාසැලක,
      පස් හය පොළකම රස්සාවක් කරලා,
      මට කැමති දේශපාලන මතවාදෙත් දරාගෙන,
      ඡන්දෙත් දීගෙන
      කසාදයකුත් කරගෙන,
      පුන්චි ව්‍යාපාරයකුත් සාර්ථක කරගෙන,
      ඉඩමකුත් මගේ නමටම අරගෙන,
      ගේ පොඩ්ඩකුත් හදාගෙන,
      ඒ ගෙදරට මගේ නමටම ලයිට්,වතුරත් අරගෙන,
      නෝම්බිත් අල්ලගෙන,
      සලාතයත් කරගෙන,
      රැවුලත් වවාගෙන,
      අවුරුදුත් සමරගෙන දෙයියනේ කියලා ජීවත් වෙනවා.
      දැන් කියපන්කො බලන්න මුස්ලිම් උඹට මේ රටේ අමුතුවෙන් තියෙන ප්‍රශ්ණෙ මට වඩා.එහෙමත් නැතිනම් අනිත් මිනිහෙකුට තියෙන ආර්ථික හෝ සමාජීය ප්‍රශ්ණෙකට වඩා
      මොකක්ද උඹේ තියෙන අමුතු ප්‍රශ්ණෙ මුස්ලිම් වූ නිසාම ?
      පොදු හැඟීමෙන් අනිත් මිනිස්සුන්ට ගෞරව කරමින් ජීවත් වෙන්න පුරුදු වෙයන්කො..තමන්ගේ ආගම අනුන්ගේ මූණේ බලෙන් අතුල්ලන්නේ නැතුව.
      ඔය කිසිම දෙයක් උඹට අමාරු නෑ.
      "එහෙම නෙමෙයි අයියා අපි කොච්චර හොඳට ජීවත් වුණත් නැගෙනහිර උන් වැඩේ කනවනේ."
      උඹ උන්ව නැගෙනහිර උන් කියලා වෙනම හිතනකන්..උන් උන් ගැන නැගෙනහිර උන් කියලා වෙනම හිතනකන් මේ ප්‍රශ්ණෙ තියේවි.උන්ගෙ තියෙන්නෙ මුරණ්ඩුකම .ඒක ආවෙ අපේ මුස්ලිම් එවුන් වෙනුවෙන් වෙනම දේශපාලනය කරන දේශපාලකයො නිසා.
      හැබැයි ඒක දේශපාලකයො වෙනස් කරන්නේ නෑ.උඹයි මමයි වෙනස් කරොත් මිසක්.
      වෙනස් කරන්න බැරි නෑ උන්ගෙ ඒ ගතිය.
      බෙදෙන්න දෙන්නෙ නෑ මිනිස්සුන්ට කියලා හිතාගනින්.
      හිතාගත්තද ?
      තවපාරක් හිතාගනින්...
      හරිද...හ්ම්ම් දැන් හිතාගත්තු දේ දිනවන්න මහ පොළොවෙ වැඩ කරපන්.
      වෙනස් කරන්න පුළුවන් උන්ගෙ ඒ ගතිය.//

      Delete
    2. මේ කතාව හරිම ඇත්ත...

      Delete
  8. අපේ කොල්ලො....!!!!
    වෙන කියන්න දෙයක් නෑ බං.බුකියෙන් කියෙව්වා.ආයෙ අමාරුවෙන් මෙතනත් කියෙව්වා.. වැඩිය මුකුත් කියන්න කැමති නෑ...
    මේ අපේ එවුන්.. ශ්‍රී ලංකාවෙ එවුන්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව්.. අපි ඔක්කොම එක පවුලක එවුන්..

      Delete
  9. බොහෝ ලඟින් ආස්‍රය කල බොහෝ මිතුරන් ගැන බොහෝ සිතුවිලි මතක්වී...... හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හමුදාවේ ඉන්නේ මිනීමරුවෝ කියලා කියන උඹ වගේ පොන්නයෙකුට මෙහෙම කමෙන්ට් කරන්න අයිතියක් නෑ හොර දොස්තරයෝ

      Delete
    2. ස රස.. රණශුර පදක්කම් ලාභී ඔබේ මිත්‍ර දොස්තරවරයාත් ඒ අතර ඇති අනිවාර්යෙන්ම.. :)

      Delete
    3. Anonymous24 November 2015 at 21:57

      ඇනෝ මචං.. යුද්දෙට යන හැම සොල්දාදුවම වගේ මිනි මරුවෝ තමයි බං.. මාත් ඇතුළුව.. මැරෙන්නේ සතුරෙක් උනත් ඌත් මිනිහෙක් නේ.. :)

      Delete
  10. මචං..වැදුනා..
    මට කියන්න වචන නෑ මචං..
    මම හෙට කමෙන්ටුවක් කොටන්නම්..
    අද දවසට බලන අන්තිම පොස්ට් එක මගේ ඔලුව කැරකෙනෙවා..අත වෙව්ලනවා..
    මම දුමක් දාලා ගෙදර යනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. දුක හිතෙන කතන්දර බෝමයි මචෝ..

      Delete
    2. පොඩි මෙන්ඩට ආදරේ නම් දුම නවත්තපං...

      (මේක මූලික මාතෘකාවට අදාළ නැති උනාට දාන්නම හිතුණා)

      Delete
    3. උඹේ දුම් වාර්තාව කියෙව්වට පස්සේ මටත් සෑහෙන්න වැදුනා..

      Delete
  11. අර මාතලන් ලියලා තියෙනවා වගේ යුද්දෙ ගැන ලියවෙන්නෙ ඕනි ලේ කෝපකරවන සටහන් නෙවෙයි මෙන්න මේ වගේ කළු ගලක් උනත් උණුකරවන සන්වේදී සටහන්.

    ස්තූතියි කමී මේ සන්වේදී සටහන බෙදාගත්තට. මමනම් මේක FB කියවලා නෑ. මම දැන් කොහොමත් ඒකෙ වැඩි ගැවසීමක් ඇත්තෙම නෑ

    ReplyDelete
    Replies
    1. මට වෙලා තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත.. එක දිගට වැඩි වෙලාවක් වෙන්කරන්න බැරි කමට යනින් එනින් ගොඩ වෙන්නෙම බුක් එකට.. කොටසක් ඉන්නවා ෆේස් බුක් එක බොහොම සාර්ථකව මේ විදියට භාවිතා කරන.. ස්තුතියි ගොඩ වුනාට.. අර පොස්ට් එක කියෙව්වට ෆෝන් එකෙන් කමෙන්ට් එකක් දාන්න බැරුව හිටියේ.. ඊළඟ ජොබ් එක ඒක.. :)

      Delete
  12. මගෙත් බොක්කේ යාලුවෙක් උන්නා කපිල පෙරේරා කියලා චොපර් පයිලට් කෙනෙක් 92/93 විතර චොපර් ඇටැක් එකක් නිසා නැති වුනාලු. මන් 89/90 රටෙන් පැන්න නිසා මට හරි විස්තරක් හම්බුනේ නැ කොහොම නැති වුනාද කියලා පුලුවන්නම් විස්තර හොයලා කියනවද

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා ඇනෝ.. මට යන්තම් මතක තියෙනවා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කපිල පෙරේරා වගේ නමක්.. හරියටම ඔත්තුවක් හොයල මෙතනම දාන්නම්.. ස්තුතියි ඇවිත් ගියාට..

      Delete
    2. ක. මි.
      ඇලන් පකීර් සහ අපි එක පාසැල් බසයේ එකට ඉස්කෝලේ ගිය කට්ටිය.. ඇලන්ලා ඒ කාලේ නැවතිලා හිටියේ අපි බස් එකට නගින තැනට කිලෝ මීටරයක් එහායින්... උඩ මල්වත්ත ප්‍රදේශයේ.. මගේ අද බ්ලොග් සටහන හි එන " ජා අය්යා " ඇලන්ලගේ නෑදෑ අය්යා කෙනෙක්... අපි ඇලන්ට ස්වර්ගයේ දොර විවර වේවයි පතමු..

      Delete
  13. අමතක කරන්න එපා එයාල මැලේ , ( ජා )මුස්ලිම්වරුබව , මුතාලිප් සහ මීර්ඩින් උනත් එහෙමයි , මැලේ ජාතිකයෝ රත්තරං මිනිස්සු ඒ මිනිස්සුන්ව කොන්ඩ , තොප්පි තම්බින්ගෙ ගොඩට දාල ඒ මිනිස්සුන්ට අපහාස කරන්ඩ එපා

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් වරුන් අතර උඹ කියන ඔය බෙදීම තියෙන බව පිලිගන්නවා.. මං බැලුවේ ෆර්ශාන් ගේ හා රවී ඩි සොයිසා ගේ පෝස්ට් එක ගැන බං.. ඇලන් ජා ද, මැලේ ද පෙරාපු රත්තරන් වගේ මුස්ලිම් එකෙක්ද කියල මට මතක් උනේ නෑ.. අනික ඔය වගේ පෙරාපු මුස්ලිම් මොහොමඩ් ලා අක්රම් ලා විතරක් නෙවෙයි, සුන්දරම් ලා, ගුණනායගම් ලා, චෙල්ලයියා ලා.. තව ගොඩක් අපිත් එක්ක හිටියා මචං..

      Delete
    2. ක. මි.
      ඇලන් පකීර් සහ අපි එක පාසැල් බසයේ එකට ඉස්කෝලේ ගිය කට්ටිය.. ඇලන්ලා ඒ කාලේ නැවතිලා හිටියේ අපි බස් එකට නගින තැනට කිලෝ මීටරයක් එහායින්... උඩ මල්වත්ත ප්‍රදේශයේ.. මගේ අද බ්ලොග් සටහන හි එන " ජා අය්යා " ඇලන්ලගේ නෑදෑ අය්යා කෙනෙක්... අපි ඇලන්ට ස්වර්ගයේ දොර විවර වේවයි පතමු..

      Delete
  14. මේ ලිපිය මං බ්ලොග් එකක මෑත කාලෙ කියවපු හොඳම ලිපියක්. ඇත්තටම ජාතිවාදය කියන්නෙ මටනම් මහම අපුල දනවන දෙයක්. ජාතිවාදීන් නොවී ශ්‍රී ලාංකිකයන් ලෙස ලබන ජය තමා සැබෑ ජය. ඒ වගේම කොයි ජාතියට කොයි ආගමට අයත් වුනත් මිනිස්සුන්ගෙ දුක වේදනාව එකයි. ආශාවන් අවශ්‍යතා එකයි.

    හැබැයි උඩ අටම කියන කතාවත් අපේ අවධානයට ලක් වෙන්නම ඕන. මුස්ලිම්වරු තුල ඔවුන්ටම විශේෂ වූ ජාත්‍යාන්තරවාදයක් තිබෙනව කියන එකත් ඇත්ත.මේ හානිකර අදහස් පරාජය කරන්නත් පෙරමුන ගන්න ඕන ඇලන්ල ,මුතාලිෆ්ල ,මීඩින් ල තමයි.

    ReplyDelete
    Replies
    1. ඕක වෙනස් කරන්න පුළුවන්.. ඒ හැබැයි අපි ඇවිලෙන ගින්නට පිදුරු දාල නෙවෙයි.. පුළුවන් තරමින් නිවල බවයි මගේ හැඟීම.. ස්තුතියි.

      Delete
  15. කොමාන්ඩර් බහා මතක් වුණා...කල්‍යාණ මිත්‍ර.

    ReplyDelete
    Replies
    1. කමාන්ඩර් බහාර් මට නේවි එකේදී හම්බවෙලා නෑ.. හැබැයි එතුමාගේ වීරත්වය හා කැපවීම ගැන මන් වෙනම ලියන්නත් හිතන් ඉන්නවා දන්නා විදියට වෙලාවක.. ස්තුතියි ඔබ තුමාට..

      Delete
    2. ඔහුගේ පුත්‍රයා ජ්‍යොෂ්ඨ හමුදා නිලධාරියෙක්. 88 - 89 කාලයේ මේ කමාන්ඩර් බහාර් JVP එකෙන් ඝාතනය කළා නේද?

      Delete
    3. මොකාද බං තුමා...නිකං දේශපාලකතුමා වගේ...
      ඔව්..කොමාන්ඩර් බහාර් ගැන ලියනව නං අගෙයි. තමන්ගෙ රාජකාරිය ගැන පුදුම කැපවීමක් තිබුණ නිළධාරියෙක්.
      අපේ පුහුණුවීම් මුලින්ම අධික්ෂණය කළේ ඔහු තමයි.

      Delete
    4. හි හි.. ඔබ තුමා තමයි තුමා.. එසේය තුමනි! (ආයි ආයි සර්!)

      Delete
    5. විචාරක - කොමාන්ඩර් බහාර් ඝාතනය වුණේ ත්‍ර්‍රිතකුණාමල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී. කමන්ගෙ ග්‍රෙනේඩ් එකම පුපුරල. ‍සෝදිසි කරන්න ගිය නිවසක් ඉදිරිපිටදි. ග්‍රෙනේඩ් එක පිපිරුවෙ පොකට් එකෙන් එළියට ගද්දිද, සතුරු ප්‍රහාරයක් හේතුවෙන්ද කියල සැකයක් තිබුණ. මොකද සෙල්ලම් බඩුවක් වගේ ග්‍රෙනේඩ් අතපත ගාපු කොමාන්ඩර්ට අත් වැරදීමක් නං වෙන්න ඉඩක් නැහැ කියලයි හැමෝම කිව්වවෙ.
      තමන්ගෙම සිරුරෙ තිබුණ ග්‍රෙනේඩ් එක පුපුරල බොකු බඩවැල් එළියට පැනල තිබුණ සිරුර මට තාමත් මැවී පෙනෙනවා.

      Delete
  16. ජාතිවාදී යුද්ධයේ වේදනාව වැඩියෙන්ම අත්වින්දේ ඔයාලා අයියේ. ඒ නිසා ජාතිවාදියෙක් වෙනුවට මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ වගේ ලියන්න. ගොඩාක් සංවේදී ලිපියක්

    ReplyDelete
    Replies
    1. ලියපු අයියගෙ යලුවටත් දිගටම් ලියන්න ඉඩ ලැබේවා

      Delete
    2. ස්තුතියි සබරේ ඇනෝ.. ඔබේ වචන ලියන කෙනාට දිරියක්..

      Delete
  17. බොරු වීරයො උලුප්පලා පෙන්නන නොයෙකුත් කතා අතරේ නොගිලී මේ වගේ බොහොම එඩිතර " සැබෑ මිනිසෙකුගේ කතාවක්"දැනගත යුතුමයි........

    ReplyDelete
    Replies
    1. නම හොයා ගන්නකොට සිංහල අමතක උනාද? :) දෙවෙනි වතාවටත් සාදරයෙන් පිලිගන්නවා කලාහිතට.. මේ පාර දිගටම ඉඳියි කියලා හිතනවා..

      Delete
  18. අපේ අනාගතය වෙනුවෙන් ජීවිතය කැපකළ වීරයන්...

    ReplyDelete
    Replies
    1. අපේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ වර්තමානය කැප කරන එක එහෙම ලේසියෙන් කෙනෙකුට කරන්න බෑ.. ඒකමයි විශේෂත්වය.. ස්තුතියි ඉන්ද්‍රජිත්.

      Delete
  19. මා ලියූ දෙයක් කියවා මා හැඩූ මුල්ම අවස්තාව....මගේ වචන නිසා වැටෙන කදුළු බිංදු හංගන්න හදද්දී....රවි අයියාගේ සටහන දැකලා හෝ ගාලා ඇඩුනා...

    ReplyDelete
    Replies
    1. මේ අගනා ලියමන මාවත් සසල කලා. ස්තුතියි ඔබට.. කලාහිතට සාදරයෙන් පිළිගන්නා ගමන් දිගටම අකුරු කරන ලෙස ඉල්ලා සිටිනවා..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අඩේයප්පා.. එල්ලාම් නල්ල ඉරු කොමෙන්ටු.. ඇයි උඹලා මැකුවේ.. මට විතරනේ දැන් කියවන්න පුළුවන්.. සක්..

      Delete
    5. මට හිතුනෙ මම මොහොමඩ් ෆර්ශාන් සහ මොහොමඩ් සරූක් පටලවගෙනද කියල. මම MZ ගෙ reply කමෙන්ට් එක දැක්කෙ නෑ. දෙන්නම එක්කෙනෙක් නම් MZ මගෙ ඉල්ලීම ගැන සලකා බලන්න.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  20. අවුරුදු 30ක යුද්ධෙ නිසා අපේ රටට අහිමි වුණු ජීවිත ගණන කොච්චරද? ඒ වීරයෝ අපෙන් සමු අරන් .. සමු අරන් කියන්න බැහැ අපේ හිත් වල හැමදාම ඉන්නවා. එයාල ඉතිහාස පොත් වලට එකතු වෙන්න ඕනි...වීරකම අනාගත පරපුරට දැනෙන්න නම් එහෙම කරන්න වෙයි

    ReplyDelete
    Replies
    1. මේකත් ඒ වෙනුවෙන් පුංචි උත්සහයක් ලෙස සලකන්න.. ස්තුතියි නංගි..

      Delete
  21. //ඇලන් ගෙන් පටන් ගත්තේ මේ රට වෙනුවෙන් මුස්ලිම් මිනිසුන් ගේත් දායකත්වයක් තිබුණා කියන්නට නොවේ... තිබිය යුතුයි කියලා අද පරම්පරාවට කියාපාන්න. අමුත්තන් ලෙස ජීවත් නොවී,පුරවැසියන් ලෙස යුතුකම් ඉටු කළයුතු කාලය එලඹ තිබේ.//
    මෙන්න මෙතන උඹ සාරාංශය දක්වලා තියෙනවා. යුද්ධයක නියම විග්‍රහය වෙන්නෙ මේවා. බොඩි කවුන්ට් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මුගේ වචන හරි ලස්සනයි බං.. තිබ්බ කියල කියන්න නෙවෙයි..තිබිය යුතුයි කියල කියන්න.. ඔය ටික කොතනටද කෝට් කරන්නේ කියල මන් මේ හිත හිත හිටියේ..

      Delete
  22. මේ ලිපිය හමුදාවේ පොලිසියේ සේවය කරන මුස්ලිම් නිලධාරීන් කීප දෙනෙකුට යැව්වා ;

    ර​්ට් ඒකීය භාවය වෙනුවෙන් , ත්‍රස්තවාදය නවත්වන්න දිවි දුන් මුස්ලිම් ද්‍රවිඩ ,මැලේ, බර්ගර් රණවිරුවන් ගැන කතිකාවක් අවශ්‍යයි. අපි ලාංකික කියන අනන්‍යතාවය එන්නේ එවිට

    ReplyDelete
    Replies
    1. රටක අභාග්‍යයට හේතුව කතා නොකළ යුතු උන් කතා කිරීමටත් වඩා හඬක් නැගිය යුතු උන්ගේ නිහඬ භාවය කියනවනේ.. ඔබේ මේ උත්සාහය අගේ කරනවා.. නැවත වරක් ස්තුතියි.

      Delete
  23. ඒ වගේ සැඟවුනු රණවිරුවෙකු තමයි බම්බලපිටියේ මේජර් ඩීන්. (SLA) ඩිමෝ එකකදී ග්‍රනේඩ් එක පිපිරීමෙන් අන් අය බේර ගන්න ඔහු ග්‍රනේඩ් එක උඩ වැතිරුනා.

    ReplyDelete
    Replies
    1. දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේදී, කැඩෙට් නිලධාරීන්ට, අත්බෝම්බය ගැන ප්‍රායෝගික පාඩමක් කියාදෙමින් සිටි සැරයන් මේජර් වරයෙකුට, අත්වැරදීමක් සිදුවුනා. බෝම්බයේ පින් එක ගලවා, ලීවරය ඉස්සෙන්නට නොදී, අතේ හයිය තිබෙනතුරු, පත්තු නොවී තබාගතහැකි බව පෙන්වා, පින් එක ආපහු සවිකරන්න යාමේදී, වැඩේ වැරදුනා. ද්‍රවිඩ ජාතික ඒ සැරයන් මේජර්, තම ශිෂ්‍යයන්ගේ ජීවිත රැකගැනීම සඳහා, ඔවුනට පිටුපා බෝම්බය තම සිරුරෙන් වසාගෙන, ජීවිතයෙන් වන්දි ගෙව්වා.

      Delete
    2. ඔහු සැරයන් මේජර් ත්‍යාගරාජා

      Delete
    3. මේ තියෙන්නේ කතන්දර.. යුද්දේ කියන්නේ ගහ මරා ගන්න එකම නෙවෙයි.. ස්තුතියි ඔබ තුමාට..

      Delete
  24. ක. මි.
    ඇලන් පකීර් සහ අපි එක පාසැල් බසයේ එකට ඉස්කෝලේ ගිය කට්ටිය.. ඇලන්ලා ඒ කාලේ නැවතිලා හිටියේ අපි බස් එකට නගින තැනට කිලෝ මීටරයක් එහායින්... උඩ මල්වත්ත ප්‍රදේශයේ.. මගේ අද බ්ලොග් සටහන හි එන " ජා අය්යා " ඇලන්ලගේ නෑදෑ අය්යා කෙනෙක්... අපි ඇලන්ට ස්වර්ගයේ දොර විවර වේවයි පතමු..

    ReplyDelete
    Replies
    1. ඔබට මෙය වඩාත් තදින් දැනෙනවා ඇති.. @ ජා අයියා ගැන කියවමින්..

      Delete
    2. ඇත්ත වශයෙන්ම.. අපේ හිතවත් සගයා ගැන ලිව්වට ස්තුති කරන්න ඕනේ මොහොමඩ් ෆර්ශාන්ට ... සහ එය අපට පෙන්වූ ක්.මි.ට. ඇලන් පසු කාලෙක උසස් පෙළ කරද්දී අපට ගොඩක් සමීප වුනා..

      Delete
  25. ඇලන් අහමඩ් මුස්තෆා පකීර් නොදුටු වීරයානෙනි. මගේ සහ මගේ දරුවන් ගේ ජීවිත පවතින්නේ ඔබ වැනි තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට බියක් නැති සහෝදරයන් නිසාය. සසරේ දිනක ඔබ හමුවේවා

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රාර්තනයත් එයයි සහෝදරයා!

      Delete
  26. රට වෙනුවෙන් නිහඩවම සේවය කල මිනිසුන්..
    ඔවුනට අප සදා නය ගැතියි..
    සංවේදි සටහනක් කමියා...

    ReplyDelete
    Replies
    1. ස්ටිල් වෝටර් රන් ඩිප්.. ස්තුතියි CJV..

      Delete
  27. මේවා කියවනකොට දාහක් දේවල් හිතෙනවා බන්. මේ වටිනා මනුස්ස ජීවිත විනාස වෙන තැනට ජාතිවාදී ප්‍රශ්න අරන් ගියපු හැම එකාටම වැහි නැති හෙන ගහන්න ඕන බන්. එක එක බල්ලන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ වගේ මිනිස්සු කී දාහක් ජීවිත පූජා කරාද...

    ReplyDelete
    Replies
    1. නියම වගකිවයුත්තෝ පේන්න දකින්න තියෙන විදියටනම් හොඳින් ඉන්නවා.. කුකුල් පොරේට දාපු කුකුල්ලුන්ගේ අයිති කාරයෝ වගේ.. කුකුල්ලු වගේ වගක් නැතුව එක එකා කොටා ගන්නවා.. අන්තිමට මැරිච්ච කුකුලව බයිට් එකට අරං බෝතලයක් ගහල කෑෂ් කලෙක්ෂන් එක දෙකට බෙදා ගන්නවා.. ඊලඟ පොරේට තව කුකුල්ලු දෙන්නෙක් හොයා ගන්නවා.. මේක මහා තිත්ත කතාවක් බං..

      Delete
    2. හරියටම හරි මිත්‍රයා... තවමත් සිදුවෙමින් පවතින්නේ එයම තමයි... තමුන්ගේ බඩ වඩාගැනීමේ දේශපාලනය කවද මේ මහපොලොවෙන් තුරන් වෙයිද මන්ද...

      Delete
  28. වීරයානෙනි … ඔබට අපගේ උත්තමාචාරය !!!!

    ReplyDelete
  29. සැබෑ විරුවෝ තමා මේ...... යුද්ධය ඉවර වෙලා අාණ්ඩු දෙපැත්තට වෙලා ජයග්‍රහණය බෙදා ගත්තාට මේ ජීවිත පුජා කරපු උන් ගැන දැන් හැමෝට ම අමතක වෙලා..... මේ මිනිස්සු නොවෙන්නට අපි තාමත් හිටපු තැනමයි..... අදටවත් හරි හැටි නින්දක් නැහැ...

    ReplyDelete
    Replies
    1. මතක තියෙන ටික දෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක් මචංලා..

      Delete
    2. මතක තියෙන ටික දෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක් මචංලා..

      Delete
  30. ත්‍රිවිධ හමුදාවේම, මෙවැනි විරුවන් ගැන තොරතුරු ගොනුවක්, එක තැනකින් බලන්නට නොමැතිවීම ලොකු අඩුවක්. ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි වලත්, මෙවැනි විස්තර නැතිවීම ලොකු අඩුවක්.

    කර්නල් ෆස්ලි ලෆීර්, මේජර් අශාඩ්, කර්නල් මුතාලිෆ්, වගේ අය එක්ක, ඒ කාලේ නටපු පිස්සු, අද මතක් කරන්නේ දුකෙන්. ඔවුන්ගේ පින්තූර තිබෙන මගේ ඇල්බම්, මා අද බලන්නේවත් නැහැ. මේ තුන් දෙනාගෙන් දෙදෙනෙකු විවාහවී සිටියේ සිංහල කාන්තාවන් සමග. මේගොල්ලෝ හැසුරුනෙත් අමු සිංහල විදිහට.

    එක්කෙනෙක් දවසක් තම සිංහල බිරිඳත් සමග, නුවරඑළියේ නිවාඩුවක් ගතකරන්න ආවේ, යුද්ධ භූමියේදී පිටේ එල්ලාගෙන යන 'හැවසැක්' එකේ ඇඳුම් පැළඳුම් දාගෙන. මට හිනාව නවත්තගන්න බැරිවුනාම ඔහු කිව්වා, 'අඩෝ සොල්දාදුවා කොහේ ගියත් යන්න ඕනේ සොල්දාදුවා විදිහට' කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ අය ගැන ලියන්න ඕනෙ...ඔබව මුණ්ගැහෙන්න කැමතියී...ලියන්න ඕනෙ හිත්වල...

      Delete
    2. විචාරකතුමා.. ස්තුතියි.. MZ.. උඹ ලියපන් මචං.. මාත් දෙන්නම් දන්නා විස්තර ඔක්කොම..

      Delete
  31. යුද්ධය ගැන මේවගේ කතා හොයල හරි දාන එක හොඳයි. අවුරුදු තිහක මේ යුද්ධය ගැන ලියවුනා මදි.

    ReplyDelete
    Replies
    1. එක පහනක් හරි දල්වන්න තමයි උත්සාහය..

      Delete
  32. මට හිතට ආවෙ වෙන ප්‍රශ්නයක්.

    අපිට කියනවනෙ, සිංහල ජාතිය සුළු ජාතියෙ වෙයි. මුස්ලිම් කොලනයිසිං එකක් යනවා. වගේ දේවල්. මට හිතෙන්නෙ, රටේ හැමෝටම සාධාරණ විදිහට ඉන්න ලැබෙනවනං. හැමෝටම ජීවත්වෙන්න ඕනෙ කරන දේවල් ලබාගන්න අවස්ථාව ලැබෙනවනම්, කවුද මහජාතිය - කවුද සුළු ජාතිය කියන ප්‍රශ්නෙ වලංගු නැතිවෙයි. සිංහල සුළු ජාතිය වෙයි කියන බය පිටිපස්සෙ තියෙන්නෙ මෙහෙම දෙයක් නේද? "මහ ජාතිය සුළු ජාතිය පාගනවා. ඒක තමයි යථාර්ථය. අපි සුළු ජාතිය පාගගෙන මර්ධනය කරගෙන ඉන්න ඕනෙ. කවද හරි උං මහජාතිය උනොත් අපිටත් වෙන්නෙ මර්ධනය වෙන්න" වගේ අදහසක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔය සුළු මහා ජාති කියන්නේ මහා විහිළුවක්නේ බං.. එක පැත්තකින් ගෝලීයකරණය ගැන කතා වෙනවා.. ඒ ගමන් ලෝකයේ මහා ජාතින් වෙච්චි දෙමල මුස්ලිම් ජාතිකයින් අපේ මේ ලංකාව ඇතුලේ සුළු ජාතින් විදියට හංවඩු ගහනවා.. හරිනම් සිංහලයෝ තමයි සුළු ජාතිය..

      Delete
    2. ඔය කතාව කියන්න ගිහින් කොච්චර පච වෙලා ඇද්ද? උඹ වගේ එකෙකුත් මේ මතේ දරනවා කියන්නෙ ඒක හිතලුවක් නෙමෙයි.ඇත්ත කතාව ඕක තමා.සංතෝසයි බං..

      Delete
    3. මටත්, මගේ අදහස දරණ තව එකෙක් හම්බුනාමයි මේ. ඇත්තටම සන්තෝසයි...

      කමියා,
      හැබෑට මුස්ලිම් තමා නේද ලෝකෙම මහජාතිය? ඔය මෛක්‍රොෙසාෆ්ට් කාරයට කලිං ලෝකෙ ලොකුම ධනවතා වුනෙත් මුස්ලිම් පොරක් නෙ. බෘෘනයි සුල්තාන්.

      Delete
    4. උඹල දෙන්නටම.. ඕක ගොඩක් එවුන්ට තේරෙන්නේ නෑ බං.. හැක හැක..

      Delete
  33. මට සමහර වෙලාවට හිතෙනවා ඔවුන් ශ්‍රීලාංකික "මුස්ලිම්" වීරයන් කියන එක නිග්‍රහයක් කියල. ඔවුන් එහෙම එක ජාතියක් නියෝජනය කරන්න නෙමෙයි හමුදාවට බැඳෙන්නෙ නේද ? ඔවුන් තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න හා හමුදා සේවයට ඇති කැමැත්ත නිසා තමයි එන්නේ. එනිසා අඩු තක්සේරුවකට ලක් වෙනවා වගේ "මුස්ලිම් වෙලත් ආව" කියන එක.
    ලංකාවෙ අපි හුඟකට වෙලා තියෙන්නේ මිනිහෙක් මිනිහෙක් ලෙස පේන්න ඉස්සෙල්ල ඔහුගේ වර්ගය පේන එක.

    ReplyDelete
    Replies
    1. මටනම් ඔවුන් දෙමල මුස්ලිම් කියල එදා හිතුනෙත් නෑ අද හිතෙන්නෙත් නෑ.. අපිත් එක්ක කාල බීල හිටපු උන් නම් අමු හිංගල.. :)

      Delete
  34. ප්‍රා ජේ ට එකඟයි. හැමදේටම කලින් අපි ඔක්කොම ලාංකිකයෝ හැටියට දකින්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මට කවදාවත් වෙනස් විදියකට පෙනිලා නෑ.. මේක පබ්ලිෂ් කරන්න කලින්වත් එහෙම හිතුනේ නෑ.. එක සහෝදර නිලධාරියෙක් විතරයි..

      Delete
  35. ....//ඇලන්ලා, ගාමිණීලා,මුස්තෆාලාගේ කථාව නිකම්ම නිකම් සොහොන් ගලක කොටනවාට වඩා මේ රටේ මිනිස්සුන් ගේ හිත්වල කොටන්නට තීරණය කළෙමි//....

    මෙටික කරන්න හැම ලාංකිකයෙක්ම එක හිතින් එකඟ වෙන දවසක මේ රට බොහොම ලස්සන වේවි, එත් දැනට කරුණු කරනා සිද්දහ වෙන්නේ එතනින් ඈතට යන්න මිසක් එන්තනට යන්න නෙවෙයි

    ReplyDelete
    Replies
    1. මාතලන් ලියල තිබ්බෙත් ඕක ගැන.. හැම මිනිහම ශ්‍රී ලාංකිකයෙක් විදියට හිතන්න ගන්නකම් ඔය ගැටලුව තියෙනවා.. ඒක එහෙම වෙන්න ෆර්ශාන් ල වගේ උන්ට ලොකු දෙයක් කරන්න පුළුවන්..

      Delete
  36. දෙතුන් සැරයක් කියෙව්වත් කමෙන්ට් එකක් කොටන්න බැරිවුනේ නිකම්ම නොවෙයි.ඉස්සෙල්ලම මේ වගේ ලිපියක් පළකරපු එක ගැන උඹට මගේ ගෞරවය පිරිනමනවා.උඹ නියම ලාංකිකයෙක්.ඒ වගේම මේක ලියල උඹ ඉල්ලං කාවි කියලත් මම බලාපොරොත්තු උනත් බලාපොරොත්තුවේ තරමටම කෑම නොලැබී යාම මටම පුදුමයි.අර උඩින් කියල තියෙන්නා වගේ ලාංකික කියන සංකල්පය අපේ සිත් තුළ තිබේ නම් මේ ප්‍රශ්න මොකුත් ඇතිවෙන්නේ නෑ නේද. අපේ ආකල්ප වෙනස් කර ගැනීමට කාලය ඇවිත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හැලපයියේ.. මට කවදාවත් දෙමල මුස්ලිම් මිනිස්සුත් එක්ක තරහක් තිබිල නෑ.. ඉස්සරම අපේ ගෙදරට කිරි ගෙනාපු කිරි අයියා නැත්නම් පෙරියසාමි අයියාට අපි සැලකුවේ අපේම අයිය කෙනෙකුට වගේ.. අපි ඒ කාලේ හිටපු ගෙදර දෙපැත්තේ ගෙවල් දෙකේ කාලයක්ම හිටියේ මුස්ලිම් පවුලක් හා දෙමල පවුලක්.. (මුස්ලිම් පවුල තාවකාලිකව හිටියේ කුලියට) අපි ඉස්කෝලේ ඇරිලා එන වෙලාවට සමහර වෙලාවට අම්මා ගෙදර නැත්නම් ඒ ඇන්ටිට කියලා යනවා අපිට කන්න දෙන්න කියලා.. ඒවාට ඒ ඇන්ටි කවදාවත් වඳ බෙහෙත් දාලා දුන්නේ නෑ.. අම්මා වගේම ආදරෙන් කොත ගහලා බත් එකක් බෙදල දීල කනකම් ඔලුව අත ගගා බලන් ඉන්නවා ඇර.. මම කලිනුත් කොහේ හරි ලියලා තියෙනවා අනිත් පැත්තේ ගෙදර හිටපු පලනි අංකල්ලාගේ මුළු පවුලම 83 කලබල කාලේ දවස් තුන හතරක් අපේ ගෙදර ඇඳක් යට තියාගෙන අපේ අම්මලා තාත්තලා කන්න බොන්න දීල බේරාගත්ත විදිය..
      නේවි ඉන්නකම් මං යුද්ද කරේ ත්‍රස්තවාදීන් එක්ක මිසක් දෙමල මිනිස්සුත් එක්ක නෙවෙයි. ආයුද අත ඇරලා අසරණව බාර වෙච්චි කිසිම මනුස්සයෙක් මට 'දෙමල' උනේ නෑ.. කොටින්ම යුද්දෙදි නාවික හමුදාවේ පරම සතුරා වෙච්චි මුහුදු කොටි නායකයාගේ බිරිඳ දරුවන් ඇතුළු ඥාතීන් වත්.. (ඒ ගැන ලියන්න හිටියට තාම ලියන්න බැරි උනා..) අනිත් කාරණේ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්දෙදි අපිත් එක්ක කරට කර අහමඩ් ල, මොහොමඩ් ල විතරක් නෙවෙයි, සුන්දරලිංගම් ල, ධර්මලිංගම් ලත් සටන් කරා.. ඒ ඔක්කොම සුද්ද ශ්‍රී ලාංකිකයෝ.. තුවාල වුනු මැරුණු අපි හැමෝගෙන්ම ගලාගෙන ගියේ රතු ලේ..

      Delete
  37. http://nelumyaya.com/?p=4683
    මොකද තමා තුමා විසින් මේවා පල කරන්නේ නැත්තේ කියල අහන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මන් හිතුවා තාම මට ඔෆීෂියල් නොඩ් එක හම්බ උනේ නෑ කියලා.. හැක හැක..

      Delete
  38. හිතට වැදුනු ලියවිල්ලක්. දෙතුන් පාරක් කියෙව්වත් කමෙන්ට් එකක් හිතාගන්ට බැරි වුනු පෝස්ට් එකක් මිත්‍රයෝ.

    මේ වගේ නොකියවෙන කතා කොච්චරක් නම් ඇද්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මටත් හිතට වැදුණු නිසා පොඩි නෝනේ මෙහෙම පොස්ට් කරේ.. ස්තුතියි.

      Delete
  39. ඇත්ත මචං පකිර් විරයෙක්... ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ.. නමුත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ පකීර්ලා හැමෝටම වීරයන් කියන එක.. වීරයන් සාපේක්ෂයි.. ඔහුව අවතක්සේරු කලා නෙමෙයි.. මට හිතට වද දෙන ප්‍රශ්නයක්.. ඇයි අපිට වීරයෝ සමරන්න පුලුවන් නං, උන්ගෙ වීරයෝ උන්ට සමරගන්න බැරි කියලයි. ඒක කොටි ආපහු ඒමක්ද??

    ReplyDelete
    Replies
    1. අර පොඩි කාලෙ අපිව බය කරන්නෙ බං. “සද්ද කරන්නෙපා බිල්ල එනව“ කියල. අන්න ඒ වගේ එකක්.

      Delete
    2. ඇයි ඔය සමරන්නෙ? යාපනේ අවුරුදු 18 කොල්ලෙක් සමරල තියෙන්නෙ රිදෙන්නම.. අන්න එතනයි වෙනස.

      Delete
    3. හැම පකීර් කෙනෙක්ම වීරයෙක් වෙන්නෙවත් හැම වීරයෙක්ම පකීර් ලා වත් නෙවෙයි.. එකඟයි..

      ඔය සමරන දෙකේ පොඩි වෙනසක් තියෙනවා.. උඩුවා ගේ පොස්ට් එක කියෙව්වත් එතන තවම කොමෙන්ටෙකක් දාන්න බැරි උනා.. දෙමල මිනිස්සුන්ට වීරයින් සමරන්න අයිතිවාසිකමක් තියෙන එක ඇත්ත. ඒත් පිරබාහරන් වීරයෙක් නෙවෙයි.. සෝ ඈස් විජේවීර.. දෙන්නම ත්‍රස්තවාදීන්.. ත්‍රස්තවාදීන් සමරන්න දෙන එකෙන් වෙන්නේ ඔවුන් වීරයන් වෙන එක හා ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන එක.. ප්‍රබකරන්ට වඩා සමරනවානම් දෙමල නයාකයින් ඉන්නවා ලංකාවේ දෙමල ප්‍රජාවට සේවය කරපු. පිරබා ගේ අමන කම් වලින් උනේ දියුණු ජන කොට්ටාශයක් වෙන්න තිබ්බ ලංකාවේ දෙමල ජනතාව අවුරුදු ගානකින් ආපස්සට ඇදල දාපු එක.. ඔය සැමරුම් සුදානම් කරන්නෙත් ආපහු ත්‍රස්තවාදය අවුලුවන්න දත කන කණ්ඩායම්.. නැතුව දෙමල ජනතාවගේ උවමනාවට නෙවෙයි.. උඹලට මේවා ගැන මීට වැඩිය කියන්න ඕනි නෑනේ..

      Delete
    4. දකුණේ අම්මා කෙනෙක්, 'මගේ පුතාව නොමග යවලා මරණයට දැක්කුවේ JVP එකෙන්' කියලා ප්‍රසිද්ධියේ කියලා. ඒ පුතා සමරන්න පුළුවන්. නමුත් උතුරේ අම්මා කෙනෙක්, 'මගේ පුතා බොරු යුද්දෙකට යවලා මරා දැම්මේ ප්‍රභාකරන්' කිව්වොත්, 'විගී අයියා' ඒවාට ඉඩ දෙන්නේ නැහැ.

      Delete
    5. මේක ප්‍රභා ගැන කිව්ව කතාවක් නෙමෙයි. සියලු දෙමල සටන්කරුවන්, සිවිල් වැසියන් අරඹයා කිව් දෙයක්.. නිතැතින්ම ප්‍රභාත් ඊට අදාළයි.. අපි හැමෝම අනිත් අය ගැන අපේ පැත්තෙන් විතරක් හිතන එක නැවැත්තුවොත් රට ගොඩ ගන්න පුලුවන්.. බලෙන් නවත්තන්න බෑ මචං හිත් ඇතුලේ තියෙන දේවල්.. ඔය දෙමල නායකයෝ ඕවා (සැමරුම්) කරන්නේ වාසි බලාගෙන. මොකද උන් දන්නවා දෙමල මිනිස්සුන්ට ඒ අයව හිතට එනවා කියල දිනේ ආවම. උන් ඒක හිතට අරන් ලොකුවට සමරන්න අරගල කරන්න යන්නේ නැහැ. මේ දේශපාලකයෝ තමා ඒ දේට ඒ අය පොළඹවන්නේ.. එක රටක් තුල යුද්ධයේ අහිමි වූ සියලු දෙනා සැමරීම සදහා ක්‍රියා පිළිවෙතක් හදනවනං හොදා. ඒක මහවිරු දිනේටම යොදා ගත්තත් අවුලක් නැති වෙයි..

      Delete
  40. මේකේ කොපියක් දාහන් නානසරටයි අර රාවනා බලකායටයි.

    ReplyDelete
    Replies
    1. හැබෑ උවමනාවන් තියෙන උන්ට හොයා ගන්න උත්ප්‍රේරක ඕන තරම් තියෙනවා බං..

      Delete
    2. මේ දවස්වල අර ඉත්තෑවා ආයෙත් රා බීලා වගේ.

      Delete
    3. ඉත්තෑවා රා බිලා.. හි..හි..

      Delete
  41. ආගම්, ජාති භේද පැත්තකට දාල රට වෙනුවෙන් කැපවෙන්නවුන්ට සැබෑ උපහාරයක්.

    ReplyDelete
    Replies
    1. දසත සැරිසරන ගමන් මේ පැත්තටත් ගොඩ උනාට ස්තුතියි.. මොකද මේ ටිකේ නොලියන්නේ?

      Delete
  42. සෑහෙන්න ප්‍රමාද වෙලා නමුත් මේ ලියමන හිතට තදින්ම වැදුන... එක වචනයයි.. දෙවිවරු.... ආකල්ප ගැන කතාකරද්දී උඹෙන් ප්‍රශ්නයක් අහන්න තියනවා. හම්බුනු වෙලාවක අහන්නම්..

    ReplyDelete
    Replies
    1. බෙටර් ලේට් දෑන් නෙවර්.. ඔන්නොහෙ අහපන් බං.. ආයි උඹල අපි කවද හම්භ වෙයි කියලද?

      Delete