Friday 3 July 2015

ෆ්‍රොම් Mrs. කල්‍යාණමිත්‍ර - To you with love


තැල්ලක් කරට බැඳ මංගල සිරි දිනෙක
අත මත අත තබා හිඳුවා පෝරුවක අත්සන ගසා නිවැරදි ලෙස නීතියට ඔබ මා රැගෙන ගියෙහිය දුර දීගයක උන්නත් ලඟින් පෙර අප උණුසුමෙන් වෙලී දෙන්නා තුන්දෙනා හා වැඩි වෙන කල නොසැලී දෙන්නට දෙන්න මිස වෙන සරණක් නොලැබී මේ ජීවිතේ ඔබ අන් හැමටම වඩා වටී

අවුරුදු දුසිමක ප්‍රේම කතා ගොඩක් මැවී කෝල හැගුමකින් සංකාවක් හිතට මැවී ඇගිලි ගනිමින් පැටව් සමග එලිපත්තටවී බලා හිදිමි ඔබ එනතුරු සිකුරාදා මගේ හිමී

හැම පැටියාම අපේ පැටව් වගෙ හින්දා රට රකින්ඩ ඔබ ගියේ යුතුකම හින්දා රත්තරන් මහත්තයා හැමදා මගේ හින්දා
පාන තියා ඉල්ලමි රැක දෙන හින්දා


****************************
හෝව්.. හෝව්.. ඩෝන්ට් මිස් අන්ඩස්ටෑන්ඩ් ප්ලීස්.. මේක මේ අපේ උන්දෑ එහෙම ලියුව එකක් නොවෙයි.. 

ඊයේ රාත්තිරියේ කල්‍යාණමිත්‍රයා එක්ක පොඩි 'චැට්' එකක් දාපු 'රූපේ' ලමයා ට මේ දවස් වල කල්‍යාණමිත්‍රයා 'විප්‍රවාස'ව ඉන්න එක ගැන බොහෝම දුක හිතිලා.. (විප්‍රවාස වචනය හැලපේ අයියාගෙන් කොපි කලෙමි.) මෙන්න බොලේ ටික වෙලාවකින් එනව අපූරු කවියකුත් ලියාගෙන.. හැබැයි මේකා ලියල තියෙන්නේ අපේ ගෙදර උන්දෑ ලියන විදියට. ඒකට 'රූපේ' ම දාපු හෙඩිමම තමයි මං දැම්මෙත්. 

රූපේ ගේ අවසරය මත මේක මගේ බ්ලොග් එකේ පබ්ලිශ් කරන ගමන් මුල් කවි දෙකට විතරක් මාත්‍රා පිහිටුවන්න කියල හිතල පුංචි වෙනසක් කරා.. තුන හා හතර කවි වල තිබුණු හෘදයාංගම ගතිය නිසාම ඒවා කිසිම හැඩ ගැන්වීමකින් තොරවම පලකලා.

කල්‍යාණමිත්‍රයා ආසම චරිතයක් තමයි කොකා කෝලා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී බ්‍රයන් ඩයිසන් කියන්නේ. එයාගේ බොහෝම ප්‍රසිද්ධ 'තත්පර තිහේ කතාව' මෙතනට නිකමට වගේ එල්ලන්න හිතුනා.. 


රස්සා බෝලේ උඩ දදා මෙහෙට වෙලා හිටියට අනිත් වීදුරු බෝලවල වටිනාකම නොදන්නව නෙවෙයි.. සමහර දේවල් තියෙනව අපිට අවශ්‍ය විදියටම පාලනය කරන්න බැරි. මොනව කරන්නද ඉතින්?


171 comments:

  1. මට මේකෙ අවස්ථා සම්බන්ධය ගලපගන්න බෑ. වෙඩිං ඇනිවසරියද ? නැත්තං වැස්ස දවස් හින්දද ?. කොහොම උනත් බ්‍රයන් ඩයිසන් කිව්ව දේ අහලවත් කොළඹ ඉදං බෝල උඩ දදා ඉන්නැතිව සති අන්තෙට ගෙදර පලයං.

    ReplyDelete
    Replies
    1. විශේෂයක් නෑ බං.. ඊයේ නිකම් විස්තර අහලා රූපයා ලියලා එව්වේ.. ඌට හිතිච්චි එකක්.. ඕන් මං දන්නෙ නෑ.. හැක්. වෙඩිං ඇනිවසරිය ගිය මාසේ පහු උනා.. ඒකට යන්නත් බැරිඋනා හිටං..

      Delete
    2. ෆොටෝ එක මාරු කරල නෙ . දැන් උඹ ගෝරිල්ලෙක් වගේ උනාට ඒකාලෙ ලස්සනට ඉදලනෙ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කවුද ඩෝ ගෝරිල්ල.. හැක්.. ඔය කන්ණාඩි දෙක මාරු කරල ටැබ් එකේ ටොඋච් එක හදාගනින්.. රිපීට් වෙන එක එච්චර හොඳ ලෙඩක් නෙවෙයි.. :p

      Delete
    5. අපි ඩාවින්ගෙ ගේ ගාව උපන්නේ
      ලොව පරිණාමෙ ඒ හින්දා හැඟෙන්නේ
      හලෝ... වානර ගුරු 
      අද අපෙ ඈයෝ ඒ මත බිඳින්නේ...//

      නෑයො නේ මේ අයත් 
      නැති නමුත් හතර ගාතේ
      කුරුලනේ තටු නැතත් 
      අපෙ අයත් ඉගිළ යතේ...//
      දෙයක් ඇතත් දෙයක් නැතත්
      මිනිස් හිසත් හිස් වෙතේ...

      බැලුවොතින් කැඩපතින්
      පේන රූ මිනිසගේ
      කම්බි දැල් කොටු වලින් 
      හිර වුණා වූ ඔබ වගේ...//
      ඔබත් මමත් උපන් ලොවේ
      වෙනස ඇත්තෙ වලිගයේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
      ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

      Delete
    6. හි හි.. ඒ මොකක්ද බං අදමනේ ඇහුවේ.. ලින්ක් එකක් දාපන්කෝ සින්දුව අහන්න පුළුවන් :)

      Delete
    7. ළමායි .... තැඹිලි ගෙඩියකට කපුටෙක් වහල ඉන්නව දැකල තියනවද ළමායි ....????

      Delete
    8. හෙට අනිද්ද අපිට තව එහෙම සීන් එකක් බලන්න පුළුවන් වෙයිලු ළමායි...

      Delete
    9. ඒ කව්ද ..? කටුස්සද ..??

      Delete
    10. හැක් හැක්.. කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බලපං..

      Delete
    11. //ළමායි .... තැඹිලි ගෙඩියකට කපුටෙක් වහල ඉන්නව දැකල තියනවද ළමායි ....????//
      මම ඕක කියන්නත් ගිහින් පොඩ්ඩක් අනුකම්පා කොලා. මුද්දත් පාට කෑල්ලක් සෙට් කරගෙනද ?

      Delete
  2. මෙහෙම මගුලකට ආසයි...... ඒත්.... මේකේ තේරුමක් තියනවද ....? කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මෙහෙම මගුලක් කියුවේ අපි වගේ බැඳල දෙපැත්තකට වෙලා ජීවත් වෙන්න වෙන විදියේ එකක්නම්.. අම්මපා තේරුමක් නෑ.. හැක්.

      Delete
    2. ඒ පාර photo එක මාරු කරලනේ ...

      Delete
    3. ඔව් අනේ.. මුදු මාරු කරපු දවසේ ෆොටෝ එකක් දාන්නයි කියල කස්ටිය කියුවනේ.. ඉතින් ඔන්නොහේ මාරු කරා..

      Delete
  3. අපි ඔය රස්සා බෝලේ අතෑරියොත්, මගදී ඔය බොලේ විදුරු වෙනවා අම්මප සහතිකයි...

    කොහොම උනත් බිරිඳකට තියෙන්න ඕනේ ඉවසීම සහ තේරුම් ගැනීමේ හැකියාව. එය තමයි පවුලක කොඳු නාරටිය.ඒ විදියට බලනකොට එහෙම කෙනෙක් ගැන පිරිමි හිතකින් හිතන එක හරි සුන්දරයි. ඒක හරියට ගහ දන්නා අයට වැල කඩා පාත් උනා වගේ.. ( දැක්ක නේද මගේ උපමාව.... කෝමත් මම පුරසිද්දයි මේ වගේ උපමාවල් වගේ එව්වට)

    ReplyDelete
    Replies
    1. //රස්සා බෝලේ අතෑරියොත්, මගදී ඔය බොලේ විදුරු වෙනවා අම්මප සහතිකයි...// ආයිත් අහල.. මේක දැන් නිකම්ම වීදුරු නෙවෙයි කෙළින්ම ක්‍රිස්ටල්.. ක්‍රිස්ටල්.. වැටිල කුඩු උනොත් කුඩු ටිකත් ඇහිඳ ගන්න බලාගෙන කට්ටිය ඉන්නවා.. හික්.
      හැබෑට නරකද උඹයි රවී අයියයි එකතුවෙලා ඔය උපමා උපමේය ආප්තෝපදේෂ වගේ එව්ව මෙව්ව අලුතෙන් හදල පොතක් ගැහුවොත් එහෙම.. සෑහෙන්න ප්‍රොයෝජනවත් වෙයි ඉදිරි පරම්පරාවලට.. හැක්.

      Delete
  4. ගෝල්ඩන් ජෙන්ටල්මන්... හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හි හි.. අපි එහෙමලු ගෙදරට..

      Delete
    2. ආ ගෙදරද එහෙම?
      එතකොට ඔය විපරීතවාස ද මොකක්ද එකේ ඉන්නකොට බ්‍රාස් ද?

      Delete
    3. අපිනෙ දන්නේ මු ගැන

      Delete
    4. Pra.. //ඔය විපරීතවාස ද මොකක්ද එකේ ඉන්නකොට බ්‍රාස්// හැක් හැක්.. යෙට් ග්ලිටරින්ග් ලයික් පියෝ ගෝල්ඩ් හිටං..

      Delete
    5. අටම.. උඹ ඕව කියල හදන්නේ මේ පෝස්ට් එක වයිෆ්ට පෙන්නලා දා ගන්න තියෙන ලකුණු ටිකට කෙලින්න තමයි.. හැක්.

      Delete
    6. යුනිවර්සල් බ්‍රාස්?
      සරුව පිත්තල?

      Delete
    7. http://dictionary.reference.com/browse/brass+balls

      Delete
    8. යුනිවර්සල් බ්‍රාස් නම් දන්නේ නෑ පහුගිය කාලේ යුනිවර්සල් සුනිල් කෙනෙක් ගැනනම් අකුරැස්ස පැත්තෙන් ඇහුනා.. හැක්.

      Delete
    9. https://encyclopediadramatica.se/Iron_penis

      Delete
    10. http://www.quora.com/What-is-the-best-way-to-put-on-a-steel-cock-ring

      Delete
    11. Brass balls- කලින් අහල තියේ.. Iron penis- බුදු අම්මෝ.. Cock ring- අප්පටසිලි.. ලොකු කරගන්නලු දාන්නේ නේද? හැක් (නරකම නෑ වැඩේ..)

      Delete
  5. අරක නම් සුපිරි කතාව තමා....ඔෆිස් වල වැඩිය ඉන්න එකත් ඇගට ගුණ නෑ තමා....

    ReplyDelete
    Replies
    1. අරක කියුවේ තත්පර තිහේ එක වෙන්ටෑ..

      Delete
  6. රූප ය ය කීව මේක ලිව්වෙ. උන්දැැ ඉන්නෙ නං 10 ට ගණං කොරන්ට බැරිව වගේ. හෙක් හෙක්
    හැබැටි පස්ටෙට ලියල තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මූ තව කසාද එහෙම බැඳල තිබුණනම් කොහොමෙයි.. හැක්.

      Delete
  7. මරු. මාත් කාලයක් විප්‍රවාසව හිටියා. සිකුරාදා එළ‍ඹෙන කම් ඇගිලි ගැන ගැන උන්නේ

    ReplyDelete
    Replies
    1. දුක දන්නේ වෙන කවුද කට්ට කාපු එකෙක් තරම්..

      Delete
  8. කල්‍යාණ මිත්‍ර ට සංකාව ගහලා. මොනවා කරන්නද. අපටත් පාඩුයි වැඩේ. වහාම බදුල්ලේ රස්සාවක් හොයා ගන්න.

    ReplyDelete
    Replies
    1. මටත් වැඩිය මේ රූපය ට නෙහ්.. හැක්.
      'කොළඹින් පිට රස්සා නෑ.. කොළඹ ඉස්කෝල නෑ' කියල අළුත් පිරුළක් තියෙනවා මේ පැත්තේ..

      Delete
  9. උඔ ගැන දුකයි...
    මම ටිකක් රැ වෙනවා කිව්වත් රන්ඩු වෙන ගෙදර උන්දෑ..උඔ එනකන් මොනතරම් බලාපොරොත්තු තියාගෙන ඇතිද?
    කයිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. //කයිය එල ද බ්‍රා// ඒ ටික රූපයට.. අනිත් ටිකට.. හ්ම්ම්ම්..

      Delete
  10. රන්ඩු වෙන්නෙ අපේ ගෙදර උන්දෑ...
    දැස් දල්වා බලාගෙන ඉන්නෙ උඔලාගෙ ගෙදර අය..
    ආයමත් සදුදාට යන එක තරම් දුකක්..
    ඉස්සර ඉරිදා හවස මම ට්‍රෙන් එකේ ආපහු එනකොට සදුයි පොඩි මෙන්ඩියයි ට්‍රෙන් එක යන දිහා බලාගෙන අඩනවා.. මම ට්‍රෙන් එකෙන් බහිනකන් සිගරට් 20 පැකට් එකක් බොනවා..

    ReplyDelete
    Replies
    1. රණ්ඩුද නෝක්කාඩුද මංදා මේවට කියන්නේ.
      උඹට කියන්න මටනම් මේ ඉඳිල්ල ටිකක් පුරුදුයි.. අවුරුදු 18ක්ම ගෙදරින් පිට වගේනේ වැඩ කලේ.. ඒත් ගෑනු දරුවොන්ට මිලිටරි ට්‍රේනින් නෑනේ.. උන් පව්.

      Delete
    2. ඔහොම සිගරැට් බොන්න ගියොත් උඹ නිසා ඒ දෙන්නට හැමදාම අඬන්න වේවි.

      Delete
    3. අන්න කතාව හැලපයියේ.. මූ මං ගැන දුක් වෙද්දි මූට දෙහි කපන්න හොඳ නැති නිසා මං ඕක කියුවේ නෑ.. වෙන වෙලාවක අල්ල ගන්න හිටියේ..

      Delete
    4. //ඔහොම සිගරැට් බොන්න ගියොත් උඹ නිසා ඒ දෙන්නට හැමදාම අඬන්න වේවි.//
      +++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. දැන් නම් සිගරට් බිම ටිකක් අඩු කරලා..දැන් ඒ දෙන්නා මාත් එක්ක ඉන්න නිසා..

      Delete
    6. සුභාරංචියක්.. නොබීම හිටපං උත්සාහ කරල..

      Delete
    7. කටින්ද කිවුවේ....?

      Delete
    8. ළමයින්ට A9 ගන්න උගන්නන ගුරුවරු A9ක් අරගෙනම විභාග පාස් වෙන්න ඕනි නැ බං.. හැක්.

      Delete
    9. මට නවත්තන උවමනාවක් නෑ බං(දැන් බනින්න එපා)..මම ඒකෙන් ආශ්වාදයක් ලබනවා ඒක නැති වුනාට දාට නවත්තනවා.

      Delete
    10. ඔය ආස්වාදෙ නිසා ලෝකාස්වාද රති කෙලියට බාධා වෙනව කියලා අපේ එකෙක් පත්තුකරන සිගරට් එකක් ගානෙ කියලා දැං මට වෙනම ආස්වාදයක් වෙලා තියෙන්නෙ.

      Delete
    11. //ඔය ආස්වාදෙ නිසා ලෝකාස්වාද රති කෙලියට බාධා වෙනව කියලා // අඩේ ඔය කේස් එක නිසාද මංදා මෙන්ඩා වටේ මෙච්චර කෙල්ලො කැරකෙන්නේ බය නැතුව.. (මෙන්න අපි දුවනෝ..) හැක්.

      Delete
    12. මල්ලි...සමික්ෂන කන්ඩායමක් එවපන්...ඇස් උඩ යන රිසාල්ට් එකක් දෙන්න..
      ගස් ලබ්බෝ..ඇනපිය හොම්බට ඔය යාලුවගේ

      Delete
  11. යකෝ අපි මූට සලකනව මදි නෙ ....

    ReplyDelete
  12. "නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න...
    ආදරයෙ සොදුරුම තෑන් කත කරන්න..."

    ReplyDelete
    Replies
    1. සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
      සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
      ඈත ගමේ සරු පස පෙරලන්නට
      මම යනවා අද උදෑසනේ
      සොඳුර මට සමු දෙන්න සමු දෙන්න

      ගමේ තුරු හිස් අතර පාවී
      සවන වැකෙනා කුරුළු ගීතය
      ඔබේ මුදු පිය වදන් වාගේ
      නිවාලනු මැන මගේ සරතැස

      අස්වනු පිදී කරලින් බරවී
      මුළු රට ඉතිරේ ජය පානේ
      ඉර හඳ පායන වසන්තයේ
      අපි බොමු මංගල මධු පානේ

      ගායනය -ඩී. ඩී. ගුණසේන
      ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
      සංගීතය -ප්‍රේමසිරි කේමදාස

      Delete
    2. මම හෙන ආස සින්දුවක් මේක. මම පුංචි කාලේ උදේ පාන්දරම රේඩියෝ එකේ යන සින්දුවක්.

      Delete
    3. සිරාවට අජිත් අයියා.. ඩී.ඩී. ගුණසේන කියන්නේ සුපර් වයලීන් වාදකයෙක් උනාට මටත් මෑන්ව වැඩියෙන්ම මතක තියෙන්නේ මේ සින්දුවෙන්.. බොරු කියන්නේ මොකටද අර උඩ එකටනම් මං ඒ හැටි මනාප නෑ.. මෙන්න මගේ සින්දුව..

      රෑ දුරු රට මේ
      හිම වරුසා
      සීත පාළුවේ
      මූදු සතකින් ඈත දේසේ
      මා තනිවේ

      කල්පනා ලෝ පෙම් දැහැනේ
      සිතිජ නිම්නයේ
      ඈ තනි යහනේ

      රෑ දුරු රට මේ
      හිම වරුසා
      සීත පාළුවේ

      දෑත වෙන්වී පෙම් විහඟුන්
      සිහින තොටුපලේ
      රාත්‍රි යාමේ

      රෑ දුරු රට මේ
      හිම වරුසා
      සීත පාළුවේ

      ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
      පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
      සංගීතය - ප්‍රේමසිරි කේමදාස

      Delete
    4. කළණයා, සින්දුවා දාපු එකත් මාර සින්දුවක් බං. ඒකේ තියෙන ගැම්ම කියලා වැඩක් නෑ.

      Delete
    5. //සින්දුවා දාපු එකත්// ඌ දෙකක් දාලා තියෙනවානේ. දෙවෙනි එකටනම් මං පට්ට කැමතියි.. උඹ කියන්නේ පළවෙනි එක ගැනද? ඔව් ඒකත් නරක නෑ.. ඒ වුනාට මට පොඩි අපුලක් වගේ දැනෙනව ඒක අහද්දි.. අනේ මංද මොකද කියල..

      Delete
    6. කලණ මිත්‍ර මේ සින්දුවත් (අමරදේවගේ) මම ආසම සින්දුවක් තමයි.

      Delete
    7. එකෙන්ම..
      තාත්තා උනත් මම බත සරි කරන..
      අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින..
      කොහොමද ඒක.. දවසක සෙට් වෙලා අහමු නිවීහැනහිල්ලේ.. :)

      Delete
    8. කමියෝ බොරු කියන්නේ මොකටද මමත් කැමතිනැති සින්දුවක් සින්දුවක් පලවෙනි එක . පොඩ් කෑල්ලක් දැම්මේ එකයි .අනික ඔය ගායකයාටත් මගේ වැඩි මනාපයක් නැ .ඩි .ඩි ගුණසේන කතාද .

      Delete
    9. කමි දාපු සිංදුව මං අමරදේව මහත්තයගෙ ආසම සින්දුවක්. ඒ මෙලඩියට මාරම ලයික්.

      Delete
    10. අර සඳ පලුවෙන්.. ඔබව පෙනේ
      පාළු සිතේ... විඩා නිවෙයි
      මේ සුවිසල් පුර... තනිව ඉන්නට..
      මට ඔය හිත.... සවිය ගෙනෙයි...

      Delete
    11. අර සඳ පලුවෙන් නුඹව පෙනෙයි
      පාලු සිතේ විඩා නිවෙයි
      මේ සුවිසල්පුර තනිව ඉන්නට
      මට ඔය සිත සවිය ගෙනෙයි
      තුරු හිස සිඹ සිඹ වැද මදනල
      මුමුනන විට ගී සවනට
      අපි ඇල්හේනේ පැල් මැස්සේ
      ගැයූ ගීත එයි සිහියට
      හිත වාවනු බැරිවී එන්නට
      හිතුනත් ආපසු ගම රට
      හෙට අදට වඩා හොඳ වේ යැයි
      කොඳුරයි රහසින් යටි හිත..
      අග හිඟ මාලය ගෙල ලාගෙන
      දුක විඳින්න බැරි හින්දම
      මට වෙස්සන්තර රජු වාගේ
      දරු දන් දෙනු බැරි හින්දම
      පෙර සෙනෙහෙ සිතින් අපි දෙන්නා
      උන් හැටි සිහියට අරගෙන
      හොඳ පරිස්සමෙන් මන් එනතුරු
      ඉන්නවා නේද මගෙ රන්කඳ.....

      ගායනය - සේනානායක වේරලියද්ද

      Delete
    12. පස්ට.. හීනියට අඩියක් ගහන ගමන් මේක මුමුණන්න තියෙනවනම් කියල හිතෙනවා.. හැක්.

      Delete
    13. මටයි ටැපලුනේ... මමත් ගැම්මක් තියෙනවා කිව්වෙ සොඳුර මට සමුදෙන්න එකට තමා. අර මගුල නෙමේ.

      Delete
    14. හි හි.. උඹ 'අර මඟුල' කියුවම මේක නොකියම ඉන්න බැරි උනා.. මං ඔය කියපු අපුල දැනෙන්නේ මොකද මට කොච්චරවත් ඔය සින්දුව ඇහෙන්නේ මෙහෙම..
      'නිවාඩුවට මං එන්නම් බලාන ඉන්න..
      ආදරයේ සොඳුරුම තැන 'අත පත ගාන්න'.. හැක්.

      Delete
    15. අඩේ මේ උඹලා ඩබලවද දැම්මෙ ඒ පාර පොටෝ එකට? අඩේ මේ උඹද? පව් බං අර අහිංසකී. තාම වෙනිවැල්ගැට බොනවද?

      Delete
    16. ඔව්වොව්.. යහපාලනේ එන්න කලින් ඉඳලම අපි කොත්තමල්ලි තමයි බිව්වේ.. ඇයි අවුල්ද?

      Delete
  13. මගෙ බිසව්නේ අසාපන් - රත්න ශ්‍රී

    ReplyDelete
    Replies
    1. මගේ අමල් බිසෝ.. - සුනිල් එදිරිසිංහ..

      Delete
  14. පාන තියා ඉල්ලමි රැක දෙන හින්දා (අරුත අපැහැදිලිය)

    (මෙහෙම නරකද?) පාන තියා ඉල්ලමි රැක දෙන්න කියා

    ReplyDelete
    Replies
    1. අගෙයි.. රූපේ මේක ලියල තිබුණු හෘදයාංගම ගතිය නිසා මට වෙනසක් කරන්න හිතුනේ නෑ. ස්තූතියි ඔබට.

      Delete
  15. රූපෙයා මෙච්චර වැඩකරු කියලා දැනං උන්නෙ නෑනෙ අපි...
    උඹටත් අතීතෙ මතක් වෙලා වෙන්ටෑ අර කඩු මැද්දෙං යන සීන් එක දැම්මෙ. අම්මපා බය නැද්ද බං... එකෙක්ගෙවත් අතක් මදුරුවෙක්වත් කෑවොත්?

    ReplyDelete
    Replies
    1. මදුරුවෙක් නෙවෙයි නයෙක් කෑවත් 'ඕඩර්' එක එනකම් අත පහත දාන්න බෑ. ඒක තමයි ඩ්‍රිල් එක.. උඹට කියන්න මං ඉතින් ඕක දන්න නිසා සිංහයා වගේ ආවා.. ඒත් උඹට ආපු බයම ඇවිත්ද කොහෙද අපේ උන්දෑ ගුලි ගැහිලා මගේ අස්සේ වහන්වෙලා වගේ ඕක ඇතුලෙන් ආවේ.. හැක්.. මං දවසක ෆොටෝස් පෙන්නන්නම්කෝ..

      Delete
  16. අර කිව්වා වගේ අපිට ඇත අරුනොත් රබර් බෝලත් වීදුරු වෙනවා . ජීවිත කියන්නේ නවකතාවල තියෙන චරිත නෙවෙයිනේ .

    ReplyDelete
    Replies
    1. //ජීවිත කියන්නේ නවකතාවල තියෙන චරිත නෙවෙයිනේ// හ්ම්ම්.. සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකතාවක 'කොල්ලෙක්' වගේ වෙනවා කියල තමයි බඳින්න කලින් මාත් හිතුවේ.. හැක්... එකාතකින් නවකතාවල හරි එහෙම උන් ඉන්න එක හොඳයි.. බඳින්න කලින් වත් ෆැන්ටසියක ඉන්න..

      Delete
    2. ප්‍රේම කතාවක චරිත දෙකක් අපි
      විරහ ගීතයක පේලි දෙකක් අපි...
      විරහ ගීතයක පේලි දෙකක් අපි
      ප්‍රේම කතාවක චරිත දෙකක් අපි...
      බාධා වැටකොටු දුෂ්ඨ චරිත නැ
      සියල්ල සතුටින් හමාර වෙනවා
      ආසිරි ගී මැද සිහින සැබෑවී
      පෝරුව මතුපිට සිත් යාවෙනවා
      දුක්බර වස්දඬු වැළපෙන වීණා
      සවනත පාරන රාව නැඟෙනවා
      අකුරින් අකුරට නැගෙනා ගියෙන්
      පාළුව තනිකම හිතේ පිරෙනවා ..
      ප්‍රේම කතාවක චරිත දෙකක් අපි
      විරහ ගීතයක පේලි දෙකක් අපි...

      ගායනය - දයාරත්න රණතුංග / අමරා රණතුංග

      Delete
    3. රැල්ල බිඳෙන අඳෝනාව..
      ජීවන මළපොත කියවයි..
      ඔරුබඳ තුරුලේ දැණුනේ..
      ඊයේ ලද උණුහුමයි..
      ඇය මට අත වනනු පෙනේ
      ඉවුර කොණේ අතු පැලේ.. :'(

      Delete
    4. මංගල මදු සමය පතා
      කුලගෙට ආ රූපිකාව
      පාළු ලොවක තනිකරදා
      දියඹට යනවා...
      කුස ගින්දර නිවා ගන්න
      දියඹට යනවා...
      හෝ... හෝ... හෝයියා...

      රැල්ල බිඳින අඳෝනාව
      ජීවන මලපොත කියවයි
      නිම් නැති නිම් වළලු පෙලේ
      සම්පත ඇය සැනසුමයි
      ඇය මට අත වනනු පෙනේ
      ඉවුරු කොනේ තොටුපලේ...
      හෝ... හෝ... හෝයියා...

      අදුර බිඳින තාරකාව
      කළු ලන්තෑරුම් එළියයි
      ඔරුකද ඇතුලේ දැනුනේ
      ඊයෙ ලද උණුසුමයි
      ඇය මට අත වනනු පෙනේ
      ඉවුරු කොනේ තොටුපලේ...
      හෝ... හෝ... හෝයියා...

      ගායනය - දයාරත්න රණතුංග

      Delete
    5. එළකිරි. මට පොඩ්ඩක් ටැපලුනා හැක්. මොකටද අපි ලොස් වෙන්නේ.. මෙන්න බලපන් :)

      අමකර කුරවි සරින් .. තෙපලූ මධුර කතා
      නිමකර නොසිතු ලෙසින් .. ඔබය සුවය ගෙනා

      හද ලද නොමඳ තෙතත් .. ඇගේ සරාදරේ
      ළඳ ඔබ ම වෙත යලිත් .. කෙදින පැමිණේවිදෝ //

      Delete
    6. දෙවැනි කොටස අඩුයි මචෝ ..

      හද තුඩු ගැටුණු සැනින් - කැකුල මත් වූවා
      මතකයි මිහිරි සුවෙන් - දිනක් ගත වූවා ........

      Delete
    7. සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනි
      ඔබෙ හද තුල මට සිහිලැස සැනසුම ඇතිය නිති
      උකුලක නැළවෙන බිලිඳුකු ලෙස තුරුලේ සිටිමී
      මුලු ලොව මට ඇත ඔබ ලඟ සිත සුව යහනේ නිදී

      මගෙ සිත සනසන උල්පත වැනි ඔබේ සිනා රැලී
      දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුලු මෙනී

      මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
      පන නළැ ඇති තුරු තනිරැක සහනය සතුට දෙමී

      සුවඳැති කුසුමක සුසිනිඳි පෙති මත සුවය වැනි
      ඔබෙ හද තුල මට සිහිලැස සැනසුම ඇතිය නිති
      උකුලක නැළවෙන බිලිඳුකු ලෙස තුරුලේ සිටිමී
      මුලු ලොව මට ඇත ඔබ ලඟ සිත සුව යහනේ නිදී

      ගායනය - නීලා වික්‍රමසිංහ සහ මර්වින් පෙරේරා

      Delete
    8. ඒ ටික උඹට දාන්න ඉතුරු කරේ.. රෙස්පෙක්ට් එක දෙන්න එපැයි. :) පස්ට සින්දුව..

      Delete
    9. හුටා මට පරාජය බාර ගන්න වෙනව වගේ.. වැරදි බුවත් එක්කනේ එල්ලුනේ.. හැක්. (උඩ කොමෙන්ටුව වලංගු වෙන්නේ අමකර කුරවි සරින් ගීයට බව කරුණාවෙන් සළකන්න..)

      Delete
    10. පික්ෂුද බන් ..ගොඩක් දවසකින් මෙහෙම සෙට් උනේ ...


      ඔබට මා ආදරය කල බව මෙතරම්
      මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් .........
      වලාවකින් ඔබ වැසී ගියා බෝල් අහසේ
      සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළගේ
      ඔබට මා ආදරය කල බව මෙතරම්
      මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්
      ඉරත් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
      කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ
      ඔබට මා ආදරය කල බව මෙතරම්
      මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්..

      පද - සුනිල් ආරියරත්න
      සංගීතය - එච් එම් ජයවර්ධන
      ගායනය - මාලනී බුලත්සිංහල

      Delete
    11. යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...

      එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා..
      දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා..
      ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරනා..
      රැය මා එනතුරු ගෙමිදුල හිඳ මඟ බලනා...

      යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...

      අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා..
      කම්පා වන කල උරතල මත හිස සතපවනා..
      මා ජීවත්වනතුරු මගෙ තනිනොතනිය මකනා..
      ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා...

      යසෝදරා වේවා...ඔබ යසෝදරා වේවා...

      - ගායනය: වික්ටර් රත්නායක

      Delete
    12. තනිවුණ සිතුවිලි ගිනි ඇවිලී
      සුසුම් ගොඩක දැවෙනා දිනයේ
      පුළුල් උරතලේ මා හිස රඳවා
      එකම වරක් සනසනු මැනවී
      එකම වරක් සනසනු මැනවී...

      සොම්නස් සිතුවිලි දෙගොඩතලා
      දොඩමලු හසරැලි ගලන දිනේ...
      අතිනත පටලා මා ළඟ දැවටී
      එක හසරැල්ලක් දෙනු මැනවී
      එක හසරැල්ලක් දෙනු මැනවී...

      සිරුරින් දෙතැනක අප රඳවා
      සැම දිනයෙම නොපෙනී ගෙවෙනා...
      දහසක් කරදර මැද දී ඔබ මා
      එකම වරක් සිහි කළ මැනවී
      එකම වරක් සිහි කළ මැනවී...


      ගී පද : දයා ද අල්විස්
      සංගීතය : සිසිර සේනාරත්න
      ගායනය : ඉන්ද්‍රානි සේනාරත්න

      Delete
    13. හො හෝ.. වෙලාවට මේක උඹට කලින් මට මතක් උනේ..

      නොනිදා ඉන්න එපා දේවී..
      මට එන්න වේද දේවී..
      මමත් නොවේ දෙවිත්
      නොවේ කවුරු නම් දනීවී..
      නොනිදා ඉන්න එපා දේවී..

      හිස මුදුනේ හිරු ගිනිගෙන..
      කළු යකඩ පවා වැගිරෙන..
      උණුසුමෙන් උණු නොවී..
      සෙල් මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැතී..
      නෙතු විලේ සොරොව් දොර බිඳ ලන කඳුළු පල නැතී..

      නොනිදා ඉන්න එපා..

      හිරු සඳු සේ දරු රැක ගෙන..
      පැණි රස සේ දුක් විඳ ගෙන..
      හිනැහියන් පෙම්බරී..
      හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරී..
      කටු ඇනී රිදුම් දෙන හදවත සමඟ නවතිමී..

      නොනිදා ඉන්න එපා..

      ගායනය : ජානක වික්‍රමසිංහ

      Delete
    14. මගේ නීල නෙතු සඟලින්
      මොනවද ඔබ ඉල්ලන්නේ
      නළලේ කුංකුම තිලකය
      ඔබට නේද අමතන්නේ
      මගේ නීල නෙතු සඟලින්

      මිදුලේ නිල් බුනීල මල්
      හැන්දෑවේ කාන්තියෙන්
      ඔබ මට දුන් ඔබේ කවිය
      උදුරාගෙන කියවනවා

      මගේ නීල නෙතු සඟලින්...

      හඳ එළියේ හාන්සි වී
      ඒ කවියේ රස වින්දා
      එදා රැයේ මගේ දෑස
      ඔබේ නමින් ඉකි බින්දා

      මගේ නීල නෙතු සඟලින්...


      ගායනය - ඉන්ද්‍රානි බෝගොඩ
      සංගිතය - චන්ද්‍රදාස බෝගොඩ
      ගී පද - ඩෝල්ටන් අල්විස්

      Delete
    15. මාරම්බරී
      කෝල වී පෑ මුවේ මන්දහාසේ
      මන ලෝල වේ උන්මාද වී
      මා හදා සෑම දා පුණ්‍යවන්තී
      මාරම්බරී...

      හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
      සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
      හිතේ භෘංග සේනා කිපී...
      ආ..... ආ..... ආ...... //
      සනසාලනූ ඒ පිපාසා...

      මාරම්බරී...

      ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
      නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
      ප නි ස රි....... $#%$^&*&^ :p

      ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
      නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
      රශ්මි දෙවා චන්ද්‍රයා සේ...

      මාරම්බරී....

      - එඩ්වඩ් ජයකොඩි

      Delete
    16. එක මොහොතක් ඔබ සෙවණේ
      හිඳින්නට තරම්
      කල්පයකින් අසුරු සැණක්
      පමණ නැත වරම්...

      කඳු ගිරිහෙල් රළු බොරළන
      පිය මඟ මනිමි
      අහසයි පොළොවයි එක් වන
      දවසක් ගනිමි...
      මල් පොකුරකි එක නටුවකි
      ඒ බව සැබවී...
      එක හිත ගැන හිත් දෙකකින්
      නොසිතනු මැනවි...

      පිළිවෙළකට නැති ලෙස තරු
      අහසෙහි අතුරා
      සඳ පමණක් සළුපිළි ඇඳ
      එයි වත සපුරා...
      මඟ සලකුණු දක්වා
      හිනැහෙන එළි පතුරා...
      බැස යනු මිස නොරැඳෙනු මැන
      ගඟ දිය උතුරා...


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය: මර්වින් පෙරේරා
      ගායනය: අමිතා වැදිසිංහ සහ මර්වින් පෙරේරා

      Delete
    17. අළුත් එකක් දාන්න කලින් දෙතුන් පාරක් උඹේ සින්දුව තනියම කියුවා.. පස්ට ඈ..

      තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
      ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත...

      මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්..
      සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..
      එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්..
      පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්...

      තරු අත් අකුරින්...

      කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ..
      කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ..
      ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ..
      එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ...

      තරු අත් අකුරින්...

      - වික්ටර් රත්නායක

      Delete
    18. අපි දෙන්නා විතරයි නේ බන් සින්දු කියන්නේ ..හැක් හැක් .පට්ට කමියෝ .ගොඩ දවසකින් මෙහෙම පොඩි ආතල් එකක් ගත්තේ .මේ සින්දු ටික එකතු කරලා මට වෙනම පොස්ට් එකක් දාන්න පුළුවන්නේ මචෝ .මාතෘකාවක් කියහන් ...

      මීදුම් වෑහෙන පාන්දරින්
      ගෙදරට එන පටු මාවත ඔස්සේ
      ඈතින් ඈතට ඔබ නොපෙනෙන තුරු
      කඩුල්ල අද්දර බලා සිටින්නම්...

      ආයෙත් මට ගෙට යන්නට හිත නෑ
      ගේ හරියට පාළුයි...
      එළිය වැටෙන්නට ඇත සුළු මොහොතේ
      මට කල්පයක් වගේ...

      රැකියාවට ඔබ නොගිහින් කොහොමද
      අප කුස පිරෙන්නෙ නෑ...
      ආපසු හවසට එනතුරු නොවරද
      මට සැනසුමක් නැහෑ...


      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ටියුලින් ජයරත්න
      ගායනය : චන්ද්‍රා ද සිල්වා

      Delete
    19. පියේහි 'විප්‍රවාසෝ' දුක්ඛෝ කියල දාපං.. හිහ්.. එහෙනම් උඹේ පෝස්ට් එකේදි කොමෙන්ට් කරන්න ඔන්න මං මගේ සිංදු ඉතුරු කර ගන්නවා.. (වෙලාවට.. හිඳිලා හිටියේ.. හැක්)

      Delete
  17. මමනම් පහමාරට පනිනවා.. මොන මගුල තිබුනත්.. එහෙමත් දවසක් තමා ටිකක් රෑ වෙනකම් ඉන්නේ. ඒත් වැඩිය නෑ උපරිම හත...

    ස්පීච් එක කියවන්න බෑ බන්.. එක ටයිප් කරලා දාහන්කෝ...

    ReplyDelete
    Replies
    1. //මමනම් පහමාරට පනිනවා..// ලකී ගයිස් ආ.. පොඩ්ඩක් හිටහන් මෙතනම කොටන්න.
      30 Seconds speech by Mr. Bryan Dyson- Former CEO of Coca Cola
      "Imagine life as a game in which you are juggling some five balls in the air. You name them- Work, Family, Health, Friends & Spirits and you're keeping all of these in the air.
      You will soon understand that work is a rubber ball. If you drop it, it will bounce back. But the other four balls- family, health, friends & spirit- are made of glass. If you drop one of these, they will be irrevocably scuffed, marked, nicked, damaged or even scattered. They will never be the same. You must understand and strive fro it. Thank you"
      P.S. "Work efficiently during office hours and leave on time. Give the required time to your family, friends and have proper rest."

      Delete
    2. Not that lucky man.. That's earned after tons of hardworking. So, now hardly working... :D

      Delete
    3. In my entire career I hardly worked hard machan (unless in crunch situations). Instead given with loads of responsibility. still the same. :(

      Delete
  18. රූපයා මාර වැඩ කාරයෙක්නේ...මාත් ඉතින් ඔය දුකම තමයි විඳින්නේ.රස්සාවයි පරස්තාවයි බැලන්ස් කරන්න මාර ගේමක් දෙන්න වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇච්ච වගෙ හිටියට මූ සුපිරි වැඩ්ඩෙක් කියල මාත් ඉතින් ඊයේ තමයි දැන ගත්තේ.. දුක දන්නේ දුක විඳපු එකෙක්මනේ.. උඹලට අපිට ඉක්මණට වෙනසක් වෙන්නයි කියල හිතමු.

      Delete
    2. රස්සාවයි පරස්තාවයි බැලන්ස් කරන්න බැරි ඒකෙ මං නම් පරස්තාවට කෙළවුණ තැන රස්සාව විතරක් කරගෙන ඉන්නව!

      Delete
    3. අල්තයීර්.. වෙල්කම් ටු කලාහිත.. (හෙන අමාරුවෙන් මේ කොමෙන්ට් එක දාපු තැන හොයා ගත්තේ.. හැක්.)
      එක හීනෙන් එළිවෙන්නේ නෑ මචන්.. සියල්ල වෙන්නේ හොඳටයිලුනේ.. තව ඕනෙ තරම් උපහැරණ ඕනෙනම් දෙතහැකි. ෆිට් එකේ ඉදිරියට යමු. ජය ශ්‍රී!

      Delete
  19. වීදුරු බෝලෙ පරිස්සම් කරන එක ලේසි පාසු වැඩක් නෙවෙයිනෙ. ඉතින් ඒ අමාරු දේ ඉවසීමෙන් කරන ක.මි. ගෙ බිරිඳට වැඩි ගෞරවය හිමිවෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. //ක.මි. ගෙ බිරිඳට වැඩි ගෞරවය // සහතිකෙන්ම.. ඒ ගැන මතක් කරාට ස්තූතියි. :)

      Delete
  20. මම හිතුවෙ ඇත්තටම මිසිස් කමි ලියල කියල. රූපෙ පට්ට ඩෑල් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. මිසිස් කමි ලියන්නේ කවි නෙවෙයි මැසිවිලි..

      Delete
  21. ගස්ලබ්බත් විප්‍රවාස ගතවෙන්න ට්‍රයි එක දෙනකොට ගස්ලබ්බි කියන්නෙ 'අනේ ඉතින් දැං නං මාසෙකට දවසක් දෙකක් හරි දකිනවා.. ඒකත් නැති වෙයි නෙ' කියලා.බලනකොට ඇත්ත.දවස් තුන්සිය හැට පහෙන් දවස් විස්සක් වත් තමුන් වෙනුවෙන් නැති රස්සා නෙව කරන්න වෙලා තියෙන්නෙ..මොකෝ අපි ඉන්න අහකට එක්කන් එන්න කියලයැ.. හ්ම්ම් හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. උඹ කියුවම මාත් ගනන් හදල බැලුවේ.. ගිය අවුරුද්දටම මාසයක් වත් ගෙදර ඉඳල නෑ.. මීට හොඳයි දාල රට ගියානම්.. නිවාඩු ආපු දවස් ටිකටවත් නිවාඩුවේ ඉන්න තිබ්බා..

      Delete
  22. හ්ම් හ්ම් ඒකත් එහෙමයි නේ? ඔය උඹ දාලා තියෙන 30 second speech එක කියවගන්න සෑහෙන අමාරුයිනේ. ඕක ආපහු එඩිට් ගිහින් large or extra large දැම්මා නම් හරි. ඕක කිව්වේ ඔය පොරද? මම කියන්නේ අර කන්තෝරුවෙන් වෙලාවට යන්න කියන කෑල්ල. මට මතකයි ඕක තවත් කෙනෙක්ගෙ නමක් යටතේ තිබ්බා කොහෙදි හරි.

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා. පින්තුරෙ උඩ ක්ලික් කරාම ලොකුවට පේන නිසා මං වැඩිය වොරි උනේ නෑ ඒක ගැන.. සොරි වේවා! හැබෑට ඒ ගෙදර කලින් යන්න කියන කෑල්ල නම් P.S එකක් විදියට කොහෙන් හරි මෙතනට ඩ්‍රාෆ්ට් කරල වගේ තමයි. නැත්නම් තැන්කියු කියල ආයි කියන්න යනවැයි? හැක්.

      Delete
  23. කවිටිකයි කමෙන්ට්ස් ඔක්කොමයි කීප වතාවක් කියෙව්වා. කමෙන්ට් එකක් දාන්න හදිස්සි නොවී කල්පනා කළා.

    1998 දී මම දින තුනක් MIA වෙලා හිටියා. අපේ උන්දැ හිතලා තියෙන්නේ වාහනයකින් මාව හොයාගෙන මඩු පල්ලියටත් උඩහා කැලේට යන්න පුළුවන් කියලා. අනුරාධපුරේට ඇවිත් වවුනියාවේ ඉන්න මගේ බැච් එකේ යාලුවෙකුට කතා කරලා. ඌ කඩාගෙන බිඳගෙන ඇවිත්, වැඳලා පුදලා වගේ කරුණු කියලා කියලා, යන්තම් ආපහු හරවලා යවලා.

    ඉතින් උන්නැහේ, මේ ලිපියට දානවකෝ තමුන්නැහෙගේ සැරමෝනියල් වෙඩිමේ පින්තූරේ.

    මොන රස්සාව කලත්, අපි බැඳිලා ඉන්න ආත්මික බැඳීම් වෙනස් වෙන්නේ නැහැ. වරායේ මුට්ට කරගහන මිනිහා හොරපොලෙන් දෙකක් දාන්න අවශ්‍ය නිසා වැඩ ඇරිලා ගෙදර යාම පමා කරනවා. අපි? අපිත් එහෙම තමයි. වෙනස හොර පොළකට නොයා, 'හොඳ පොළකට' යන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. //මේ ලිපියට දානවකෝ තමුන්නැහෙගේ සැරමෝනියල් වෙඩිමේ පින්තූරේ// ආයි ආයි සර්!.. ඕන් දැම්ම. ආයි මොකටද.. හැක්.

      දෙකක් දාගෙන වැනි වැනී වත් ගෙදර යන්න නැති එක තමයි අවුල විචාරක තුමෝ..

      Delete
    2. බලපන් කමියෝ mrs.කමී බයවෙලා ඉන්න විදිහ .උඹ කඩුවකුත් එල්ලන්නේ ඉන්නේ .තව ආයුධ කොච්චර හන්ගන් ඉන්නවාද කියලා හිතනවා ඇති .පව් බන්

      Delete
    3. කමක් නෑ බං.. එදා විතරනේ.. දැන් මං මේ එදා ඉඳන් එකොලොස් අවුරුද්දකට වැඩිය එයැයිට බය වෙලා ඉන්නේ හිටං..

      Delete
    4. මල් හතයි ඈ.

      Delete
    5. පින්තූරේ බොරු කියලා දැනුයි දැක්කේ. සුද්දියක් කොහොමද අප්‍රිකානු නේවි කාරයෙක්ව බඳින්නේ?

      Delete
    6. කපුටො පොල් කනව ඔබතුමා දැකලම නැද්ද? හැක්.

      Delete
  24. ඇත්ත තමයි බං පවුල තිගැස්සිලා තියෙන තරම මූණෙන් පේනවා.අනේ පව් මොන ගින්දරකින් ඉන්නව ඇද්ද?

    ReplyDelete
    Replies
    1. //අනේ පව් මොන ගින්දරකින් ඉන්නව ඇද්ද?// අනේ යන්න මෙයා යන්න.. මේ විසි එක්වෙනි සියවසේ කසාද බැඳපු අපි.. හැක්.. (ආයි කඩුවට මොනවට අළුතෙන් බයවෙන්නද හිටං..)

      Delete
  25. මමත් ලොකු වෙලා කසාදයක් බැඳගන ඉන්න කාලෙක කොහේ හරි යන්න වුනොත් රූපෙට දෙනවා ගෑනිව බලාගන්න...මී ඇස්දෙක පල්ලා...

    උඹ රූපෙට බෝතලයක්වත් අරන් දුන්නේ නැතැයි....?

    ReplyDelete
    Replies
    1. //රූපෙට දෙනවා ගෑනිව බලාගන්න// රූපෙට රූපයක් හදලා කතරගමට ඔප්පු කරා වගේ තමයි.. කිසි දේකට බය වෙන්න දෙයක් නෑ.
      රූපයට දෙනව බෝතලයක් තලවකැලේ යද්දී.. අවුලක් නෑ ඌ අමද්‍යප නිසා අපි දෙන්නට ඒකටත් වග කියතෑකි..

      Delete
  26. කමියා..............

    අර බොල කතාවනම් පට්ට අැත්ත......... ඔය ෆෝසස් අයටනම් ඉතින් රස්සා බෝලෙ අැරෙන්න අනික් බොල බලාගන්න වෙලාවක් නැහැ කියලා තමා අහලා තියෙන්නේ....... තවත් දැනගන්න විචාරකතුමාගෙනුත් අහතඅැහැකි//////// රූපෙගේ කවි ටිකනම් පට්ටයි..........

    ReplyDelete
    Replies
    1. //ඔය ෆෝසස් අයටනම් ඉතින් රස්සා බෝලෙ අැරෙන්න අනික් බොල බලාගන්න වෙලාවක් නැහැ කියලා තමා අහලා තියෙන්නේ// ඒක වැරදියි බං.. නිවාඩු සම්භන්දවනම් හොඳම රස්සාව තමයි හමුදාව.. දැන් මෙහෙම කියුවම කස්ටිය මගේ ඇඟට ගොඩවෙයිද මංදා.. හමුදාවේ ඉතාමත් හොඳ නිවාඩු සිස්ටම් එකක් තියෙනවා.. එකම දේ දවස ගානේ ගෙදර යන්න නැති එක තමයි.. ඒත් සාමාන්‍යයෙන් ටිකක් සීනියර් වෙනකොට ඕනෙම එකක් අඩුම තරමින් මාසෙකට දවස් අටක් වත් නිදහසේ ගෙදර ඉන්නවා සතියේ දවස් ද ඇතුළුව පඩි සහිතව.. ඉතින් ගොඩක් දේවල් හිතලා ප්ලෑන් කර ගන්න පුළුවන්. මට තියෙන අත්දැකීම් සම්භන්දව නරකම නිවාඩු රෙකෝඩ් තියෙන්නේ පිටරට කොම්පැණි මෙහෙ ඇවිත් කරන කන්ස්ට්‍රක්ශන් වැඩ වලට සම්භන්ද වෙන උන්ට. උන් සැලරි ස්කීම් එක හදන්නේ නිවාඩු නැතුව වැඩ කරොත් පට්ට වැඩි පඩියක් ලැබෙන්නත් නිවාඩු ගත්තොත් ඒකෙ අනෙක් පැත්ත වෙන්නත් මහ කුප්පම ක්‍රමේකට.. ඉතින් කොච්චර අවශ්‍ය උනත් පඩිය ගැන හිතලා නිවාඩු ගන්න හිතෙන්නේ නෑ. (මට මේක අදාල නෑ දැන්)

      Delete
  27. සුබ පැතුම් මල්ලි...;)

    ReplyDelete
    Replies
    1. / වෙඩිං ඇනිවසරිය ගිය මාසේ පහු උනා../

      මේකට බොල...:)

      Delete
    2. හිහ්.. එහෙමද.. එහෙනම් තැන්කූ හොඳේ..

      Delete
  28. අහ්.. මේ ඉන්නේ ලස්සන මනමාලියෙකුයි මනමාලයෙකුයි...

    රූපේගේ පද ටික විප්‍රවාස අයට විතරක් නෙවෙයි ගෙදරින් ටිකක් ඈත ඉන්න හැමෝටම දැනෙනවා ඇති. Mrs කලන මේක නොලිව්වට අනිවාර්යයෙන්ම එයත් මෙහෙම හිතනවා ඇති.

    බ්‍රයන් ඩයිසන් මහත්තයාගේ 30 සෙකන්ඩ් ස්පීච් එක ගැන තුශානිත් පොස්ට් එකක් ලිව්වනේ.. මේ ලින්කුවෙන් ගිහින් එකත් බලන්නකෝ...

    http://littleflowerbuds.blogspot.com/2015/01/blog-post_5.html

    ReplyDelete
    Replies
    1. //මේ ඉන්නේ ලස්සන මනමාලියෙකුයි මනමාලයෙකුයි...// ඒක නේන්නම් සෝයි නේ මෙයා.. හැක්.

      ඔයාගේ පෝස්ට් එක මං එදාම බලල කොමෙන්ටෙකකුත් දැම්මා.. ඒත් ඉතින් රබර් බෝලෙ ගැන එදා හිතපු තරම්ම සැහැල්ලුවෙන් හිතන්න නම් බෑ දැන්.. වැඩේ පොඩ්ඩක් සීරියස්.

      Delete
  29. අපි නම් විප්‍රවාසයට හුරු වෙලා ගොඩාක් කල් ආයිබෝවන්ඩ... අපූරු කවි පන්තිය මචෝ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සහවාසයට ඇවිතුත් සෑහෙන්න කල් කියනෙකනේ.. හැක්.. ටැන්කූ ටැන්කූ.. මං රූපෙට කියන්නම්..

      Delete
  30. කවිත් මරු අර පොටෝ එකේ ඉන්න කපල් එකත් මරු. හෙහේ!

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තද මෙයා.. ඔන්න එහෙනම් මං ඒ ජෝඩුවටයි රූපෙටයි පණිවිඩේ දෙනවා හොඳයි කියල.. :p

      Delete
  31. සමාවෙයං මෙහෙම කිව්වට..මුලම කවියෙ තියනව පොඩි අවුලක්...

    තැල්ලක් කරට බැඳ මංගල සිරි දිනෙක
    අත මත අත තබා හිඳුවා පෝරුවක
    අත්සන ගසා නිවැරදි ලෙස නීතියට
    ඔබ මා රැගෙන ගියෙහිය දුර දීගයක

    කවියක් ලියවෙන්නෙ බං තමන් බලාපොරොත්තු නොවිච්චි දෙයක් ඉෂ්ඨ උනහම. ඒ නැතුව සාමාන්‍ය එදිනෙදා සිද්ධි ගැන කවි ලියන්න ඕන නෑනෙ. ඉතිං මට පේන්නෙ මේ කවියෙන් කියවෙන්නෙ බිරින්දෑ බලාපොරොත්තු වෙලා ඉඳල නෑ කොහොමවත් උඹ ඔය තැළි පිලි අන්දල පෝරු උඩ තියල යනාදී ඒ කටයුතු කරයි කියල. ඒකනෙ එව්ව සිද්ද උනහම එතුමියට ඉහිලුම් නැති සතුටක් ඇතිවෙලා කවි ලියවෙලා තියෙන්නෙ. අනික තුන්වෙනි පදේ තමයි වැදගත්ම. අත්සන ගසා නිවැරදි ලෙස නීතියට...ඒකෙන් කියන්නෙ එතුමී හිතාගෙනම ඉඳල තියෙන්නෙ උඹ හොර අත්සනක් ගහයි කියලද කොහෙද....හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. සමාව දෙන්න කලින් පහත කාරණා සළකල බලන්න වෙනවා.. :p
      //කවියක් ලියවෙන්නෙ බං තමන් බලාපොරොත්තු නොවිච්චි දෙයක් ඉෂ්ඨ උනහම// ඒ කියන්නේ සප්‍රයිස් එහෙකට වගේ.. හැක් හැක්.. ඉතින් හරිනේ.. අපේ උන්දැට අදටවත් මාව විශ්වාස නැති එකේ එදා කොහොම විශ්වාස කරන්නද?
      මට තියෙන ප්‍රශ්ණේ ඒක නෙවෙයි.. අපේ ගෑනි කවිය ලියුවනම් හිතාගත හැකි. ඒත් මේ 'රූපෙ'යා කොහොමද ඔය අලගිය මුලගිය තැන් ඔක්කොම දන්නේ.. ඈ?

      Delete
  32. මමත් තව ටික දවසකින් ඔය විප්‍රවාස කියන ඝණයට වැටෙන්නයි ඉන්නේ.
    ගෙවල් කුළී කෝස් එක දිගටම කරන්න අමාරුයි බොස්.

    බලමු එදාට මටත් විරහ කවි කියවෙයිද කියලා... ;-(

    ReplyDelete
    Replies
    1. රට අතෑරලා විප්‍රවාසගත වෙනවද ගේ අත්ඇරල පිටපලාතක විප්‍රවාසගත වෙනවද.

      Delete
    2. එකමොඩේශන් ප්‍රොබ්ලම් නේද මෙයා.. කවි කෙසේ වෙතත් උඹයි මායි එකම තැනකට එහෙම සෙට් උනොත් බීල මැරෙතෑකි දෙන්නගෙන් එක්කෙනෙකුට.. හැක්.

      හැලපයියා.. ලොකු පුතාට රට රස්සා තිත්ත වෙලාලු ඉන්නේ.. බඩගින්නේ මළත් ලංකාව දාල යන්නේ නෑයි කියල හිතල තමයි අන්තිම පාර ඇවිත් තියෙන්නේ.

      Delete
    3. මෙන්න අලුත්ම නිව්ස් එක,
      කොළු පොඩ්ඩාගේ හුරතල් කාලේ නිසාත්, කොම්පැණි එකමොඩේසන් ගන්න ගියාම එක එක ගෙඩියන්ගේ සමහර මොංගල් සීන් නිසාත් කවි කියවෙන්නට පෙරම විප්‍රවාස වීමේ තීරණය අත හැර දැම්මෝය.
      සමහර විට එය නුදුරු දිනෙකදී පැමිණෙනු ඇත.
      එතෙක් සුපුරුදු පරිදි කුටුම්භය සමග විසීමට තීරණය කලෝය.

      ///කවි කෙසේ වෙතත් උඹයි මායි එකම තැනකට එහෙම සෙට් උනොත් බීල මැරෙතෑකි දෙන්නගෙන් එක්කෙනෙකුට.. හැක්.///
      බීලා මළත් කමක් නැහැ, උඹ හිටපු තැන වගේ නිදහස් තැනකට එන්න තිබ්බනම් එන එකේ අවුලක් නැහැ,
      ඒ ඇරෙන්න අනිත් එකමොඩේසන් වලට යන්න මම මනාප නැතිය. මම දන්නවනේ එව්වයේ රඟ...

      Delete
  33. ඔන්න ජෙමත් ආවා මේ පැත්තට... දැං ඉතිං දුං ගහලාවත් පන්නනවා බොරු...

    අඩේයි... ජෙමත් ආසයි සෙරමෝනියල් වෙඩිමක් ගන්න... හුටා කෝ මනමාලියක්....?

    ReplyDelete
    Replies
    1. බලහන් මංගල කිංකිණී....ඕන ජාතියෙන් ඕන පාටින් හොයාගත්තැකි.....

      Delete
    2. @ රූපේ3 July 2015 at 19:49.
      අඩේයි එහෙමත් එකක්ද? හෙටම බලනවා රූපේ...

      Delete
    3. ජෙමායියා වෙල්කම් ටු කලාහිත..
      මේ අඩේ බොරු කියන්නෙපා.. තරු පටි ගහල ආමි කිට් එකෙන් බහිනකොට පස්සෙන් එන කෙල්ලොන්ගෙන් එකෙක් තෝර ගන්න අමාරුයි කියපන් ඇත්ත කතාව..

      Delete
    4. @ රූපේ.. සුළු වරදකින් ළමයි දෙන්නෙක් සිටින..හැක්.

      Delete
  34. අම්මට වුඩු මනමාල ජෝඩුව.
    මේක ගී පොතක් වෙලානේ.රස්සාව නැතුවත් බැහැනේ පුතේ.එකයි,මේකයි දෙකම එපැයි.

    ReplyDelete
    Replies
    1. පරස්තාව නැතත් මේ කාලේ රස්සාව තියෙන්නම ඕනෙ.. හැක්.

      Delete
  35. සිරාවටම කියන්නෙ කිට් එකට මාර හැඩයි!

    ReplyDelete
  36. කවි ටිකයි කමෙන්ට් ටිකයි නියමයි. රූපේ අයියට කියන්න ෂෝයි කිවුවා කියලා, බ්ලොග් ලියන සූති හුලතල් ගෑල්ළමයෙක් :)

    ReplyDelete
  37. Replies
    1. අමාරුවෙන් හරි ගොඩ උනාට ටැන්කූ වැවා!

      Delete
  38. කලණය දාන්නේ නැති නිසා මමම දැම්මා
    http://nelumyaya.com/?p=3439

    ReplyDelete
    Replies
    1. හුටා! මෙන්න මෙයා පත්තරෙත් දාල.. :D

      Delete
  39. රූපෙත් මරු නොවෑ.. කල්‍යාණ අක්ක හරි ආඩම්බරෙන් ඇති.

    ReplyDelete
    Replies
    1. අක්ක ආඩම්බරෙන් ඉන්නව කියුවේ මගේ 'රූපෙ' හැඩ නිසා නේද මනෝශ්?

      Delete
  40. ammmo comment ekak daanna thiyena amaatuwak . kelawara hoyaaganna bAri una .. meka udin atawanna bArida ayye . post eka nam agey

    ReplyDelete
    Replies
    1. ෆස්ට් කම් ෆස්ට් සර්ව් නේ නංගෝ :p

      Delete
  41. ෆලෝ බටන් එක දැම්ම නම් නරකද කළණේ බ්ලොගේට? මං කලින් වතාවකුත් හොයල ගියා මේක බ්ලොග් රෝලේ එල්ලගන්න..

    ReplyDelete
  42. තත්පර තිහේ කථාව මමත් වේලාසන කියවා තියේ...මීට වඩා ලස්සන කථාවක් තියෙනවා ආචාර්ය අබ්දුල් කලාම් කිව්ව...රස්සාවට ආදරය කලාට කම්පැණියට ආදරය කරන්න එපා කියලා...

    මගේ මිත්තරයෙක් අපි සා/පෙ පන්තියෙ ඉන්න කාලෙ මගේ තවත් මිතුරෙකුගෙ නිවසට කෙල්ලෙක් ලියනවා වගේ ලිපි කවි ලිව්වා...ඒ ලිපි මල්ලම ඒකාගෙ අම්මා මල්ලක දාලා එකතු කරලා තිබුනා...මම හිතන්නෙ තවමත් ඇති...බොලාගෙ කයිය දැක්කම මට ඒ කවිපද සමහර ඒවා මතක් උනා...

    ReplyDelete