Sunday 27 March 2016

නෙලුම්යායේදී ඊයේ පීපී හිනැහුණු බ්ලොග් තාරකා ලැයිස්තුව.. Congrats! You've achieved it!


විද්‍යා හා තාක්ෂණ

1. තාරකා පරිණාමනය - (මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවිය)
අශාන් රවිඳු යුගන්ත

2. අනාගතේ බොඳ කරනා ඩී හතරේ වැරදිකාරයෝ - (සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවිය) 
මහේෂ් නිශාන්ත
(කැනඩාවේ සිට සුභ පැතුම් එක්කලා. පැමිණිය නොහැකියි. සම්මානය තවම මා ළඟ.)

3. විදුලි බිල අඩුකරන LED විදුලි පහන් පරිපථ- (ටෙක් සයුර බ්ලොග් අඩවිය)
- රොහාන් ධනංජය
බොහෝ දුර බැහැර සිට මවත් සමඟම සම්මාන උළෙලට සහභාගී වූ රොහාන් ට විශේෂ ස්තුතිය. ඔහු තවම උසස් පෙළ ලියන තරුණයෙක්

ඇවිද්ද පය හි wi-fi ඔබේ සෞඛ්‍යයට හිතකරද යන ලිපිය පරිවර්තනයක් බැවින් තරඟයෙන් ඉවත් කරන ලෙස රචකයා විසින් කාරුණිකව ඉල්ලා සිටියා.

ගෘහස්ත කාරණා

1. වෙඩිං කතා - (හිරු නැති හෝරාව)
කෞශි ආරියබන්දු

2. එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි - (ඇවිද්ද පය)
දිල්රුක් කන්නංගර

3. දියවැඩියාව පරදවන්නට නම් - (ප්‍රභාෂ්වර බ්ලොග් අඩවිය) 
සම්භාන්දතාවයක් ගොඩ නගා ගැනීමට  ගත් උත්සාහයන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ.

කෙටි නවකතා



1. කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් කොටස් 1 -18 දක්වා (නුවර කුමාරි බ්ලොග් අඩවිය)

- උපේක්ෂා ධර්මතිලක

උපේක්ෂා පැමිණ සිටියේ නැත. ඒ වෙනුවෙන් තරුරසි විසින් අදාළ සම්මානය ලබා ගන්නා ලදී.

2. එකෝමත් එක කාලෙක (සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත බ්ලොග් අඩවිය) 

3. කැලයේ උපන් මල් වත්තක මතක සුවඳ පොද කොටස් 1-12 (කැලේට පිපුන මල් බ්ලොග් අඩවිය)
- වත්සලා විජේරත්න 

ප්‍රහසන

1. සෝභමාන ගුවන් ඇටෙන්ඩොං - (දුමි ගේ කට කහන කතා බ්ලොග් අඩවිය)
- දුෂාන් කරවිට
දුමි පැමිණ සිටියේ නැත. ඩුබායි හි සිට සුභ පැතුම් ඒවා තිබිණ.

2වඳුරා - (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)
කුරුටු පවුලෙන් අඩකට වැඩිය ඇවිත් හිටියා.. තුෂාර, අසංක කාංචනා ඇතළු ඔබ සැමගේ කැපවීම ප්‍රශංසනීයයි

3. සුරක්ෂිතතා පූර්ව උපක්‍රම, කැනරි කුරුල්ලන්, අවිච්චියන් සහ මනීෂා කොයිරාල- (නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය)
- රවී වීරසිංහ 
රවී අයියා මැද පෙරදිග සිට සුභ පැතුවා. තෑග්ග ගන්තේ රන්දිකා රණවීර නිදහස් සිතුවිලි සම කතෘ.

අතීත කාමය

1. අපේ දිව්‍ය භෝජන අංක 1 සහ 2- (මගේ කතාවබ්ලොග් අඩවිය)
- ඉන්ද්‍රනාත තේනුවර 
තේනුවර සර් පැමිණ සිටියේ නැත.. වෙනිවැල් ප්‍රියන්තට සම්මානය ගන්න කියනවා කියුවාත් ඔහු එනකොටද ප්‍රමාද වී තිබුණි. සම්මානය තවම මා ළඟ.

2. මෙතෙක් කතාව සහ අද එතැන් සිට - (මගේ ඩෙනිම-හෙන්රි බ්ලොග් වෝකර් බ්ලොග් අඩවිය)
- හෙන්රි ජයවර්ධන
ඩුඩ් එන්න හැකියාවක් තිබුනේද නැත. සුභ පැතුම් එක්කලා. තෑග්ග තවම මා ළඟ

3. සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය - (සොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් අඩවිය)
- කවිඳු ජයසිංහ  
කවිඳු ඕස්ට්‍රේලියාවේ සිට සුභ පැතුම් එක්කලා. ත්‍යාගය ලබා ගැනීම සඳහා මිතුරු ඉංජිනේරුවෙකු ඒවා තිබුනා. ඔබේ කැපවීමට ස්තුතියි.

(නිර්දේශ අතර තිබු හැලපකඩේ ලිපි මාලාව තරඟයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා)

කෙටිකතා (3 ස්ථාන 2කි.)

1. ගං වතුර...- (විදානේ ගේ **දානේ... බ්ලොග් අඩවිය)
- චාමර විදානපතිරණ

2. ඇයද මවකි - (වර්ණ බ්ලොග් අඩවිය) 
- දිනේෂ් උමගිලිය

3. සමාජ සේවය පිණිසයි - (වැව් ඉස්මත්ත බ්ලොග් අඩවිය)
නුවන් හේමචන්ද්‍ර 
අසීරු පුහුණුවක් අතරතුර ඊටත් වඩා අපහසුවෙන් නිවාඩු අනුමත කරවාගෙන ත්‍රිකුණාමලයේ සිට මෙම අවස්ථාවට එක්වූ වැවා ට විශේෂ ස්තුතියක් දිය යුතුමයි.

3. අහන් ඉන්න අහගෙන ඉන්න- (හංසි swan බ්ලොග් අඩවිය)
- හංසි සෙනාරා  

සඳ වියමන් හි සුන්දරී කෙටි කතාව තරඟයෙන් ඉවත් කරන ලෙස රචිකාවිය විසින් කාරුණිකව ඉල්ලා සිටියා.

කවි/ නිසඳැස්

1. සඳ ආයිත් නොනැගෙන බැව්.. (අවන්හල බ්ලොග් අඩවිය)
- මහේෂ් රත්නායක

2. රහසක් හෙම කීවාද හිරු රැස් - (තරුරසී බ්ලොග් අඩවිය)
- තරංගනී රෙශිකා

3. යෙහෙළියක නම් සිටිය යුතුම ය - (The Sahan Blog)
සහන් පද්මසංඛ 

(දමිත් කේතක- නොදන්නා මඟුල් බ්ලොග් අඩවිය- සුභ පැතුම් එක්කලා. සම්මාන සඳහා නම් කිරීමනොකරන ලෙස කාරුණිකව ඉල්ලීමක් කරා.)

හයිකු/කෙටි කවි 
(මේ සඳහා නිර්දේශ වූ කිසිදු බ්ලොග් කරුවෙකු/ කාරියක සම්මාන උළෙලට සහභාගිවීම ප්‍රතික්ෂේප කල නිසා එම අංශයේ සම්මාන ප්‍රධානය නොකර සිටි බව කරුණාවෙන් සලකන්න)

1. පිළිස්සුනු රාත්‍රියේ අඩයම - (හිතනලන්තය බ්ලොග් අඩවිය) 
කාංචනා අමිලානි

2. සිතුවම - (තනි තරුව බ්ලොග් අඩවිය) 

3. සොඳුරු සැඳෑවක -(සඳුමල් බ්ලොග් අඩවිය)
- මනොෂ් සඳරුවන් 

විද්‍යා ප්‍රබන්ධ

1. දමනය - බස්සිගේ නවාතැන ඉවාන් පව්ලුශා පුංචි කැකුළු මල් මන්දාකිණියෙන් ඔබ්බට සමූහ රචනයකි. 
තුෂානි, බස්සි හා අෂාන් එකතුව සම්මානය ලබා ගත්තා.

2. Patient X [ X රෝගියා - විද්‍යා ප්‍රබන්ධය, 1 කොටස] - (විද්‍යා ගවේෂණ බ්ලොග් අඩවිය)
සම්භාන්දතාවයක් ගොඩ නගා ගැනීමට  ගත් උත්සාහයන්ට කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නෑ.

සංගීතය

1. මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? - (මනාගේ පින්තාරුව)
- මනෝජ් පෙරේරා

2.  කොළඹදී කම් පලක් නැතත් සෙනගක් මරා දාලා- (හද ගී පොත)
- තිස්ස දොඩංගොඩ (තිස්ස හමුවීම විශේෂ සතුටක්)

3. ලෝකය නමැති ගමේ.. ප්‍රේමකීර්ති- ෆ්‍රෙඩි සිල්වා ගී එකතුව - (සින්දු ඇනෝ බ්ලොග් අඩවිය)
සිංදු ඇනෝ පැමිණ සිටියේ නැත. 

(නිර්දේශ අතර තිබු දෘෂ්ටි රසය ඉවාන් පවුලුෂා ගේ ලිපිය තරඟයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා)

 සංචාරක

1. වෙහෙරගල ලුණුගම්වෙහෙර 02 - අලුත් කුරුල්ලෙක්, කණේ හිලා සමග ගංජා හේන්- (මතකයේ රන්දුනු තැන්)
- කැලුම් ජයසුරිය

2. විනාශකයාගේ නිම්නතර දිටි පාරාදීස - (ඔමා ගේ හීන- අපුර්වී බ්ලොග් අඩවිය)
ඔමා තමන්ගේ නිවාඩුව මේ දිනවලට තබාගෙන ඊශ්‍රායලයේ සිට පැමිණ සිටීම වෙසෙසින්ම අගය කරනවා.

3. වෙසක් සඳ සමග තිරුකේතීෂ්වරම් - (ලෝකයේ කොනක)
- සින්දුපා සෙනෙවිරත්න
සිදූ මන්නාරම රෝහලේ රාජකාරි එදිනට නිසා එන්න වෙන්නේ නෑ කියුවා.. සුභ පැතුම් එක්කලා.

ඉතිහාසය

1. දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 6 - (දෙයියන්ගේ රටේ)
- MPP ගුණසිංහ
ගුණසිංහ මහතා ඇමෙරිකාවේ සිට සුභ පැතුවා සම්මානය ගන්න නියෝජිතයා ලෙස  පුතා යසිත නවීන් ගුණසිංහ පැමිණියා. 

2. පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල - දසත සැරිසර 
-ශානිකා පවනි හේවගේ

3. මෙන්න ඩ්‍රැක්‍යුලා - Dracula the Historical Figure, 1, 2, 3 - ඩ්රැකී ගේ අඩවිය

පරිවර්තන


1. The story of my marriage - (නිදහස් සිතුවිලි) 
- රවී වීරසිංහ
සම්මානේ ගන්තේ රන්දිකා

2. බොරු නේද ඔය කියන්නේ? -(මට හිතෙන හැටි- හෙන්රි ද බ්ලොග්වෝකර්)
හෙන්රි ජයවර්ධන
තෑග්ග තවම මා ළඟ.

3. ඌරන් බලාගත් රාජ කුමාරයා -(පරිවර්තන බ්ලොග් අඩවිය)
- නිලූක කදුරුගමුව
නිලුක පිට රට සිට සුභ පැතුම් එක්කරා. තෑග්ග තවම මා ළඟ

ඡායාරුප


1. උතුරේ සංචාරයක් - (විචාරක- අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය)

2. පොටෝකාරයා වටින්නෙම නැද්ද..?- (කැමරාවෙන් එහා ලෝකය)
- යෂ්‍යන්ත ශ්‍රීනාත් 
අනිත් හැම තැනටම එන කැමරාවා ඊයේ ඇවිත් හිටියේ නෑ. 

3. The Earth is Art, The Photographer is only a Witness part 2. (ඔමාගේ හීන-අපුර්වී බ්ලොග් අඩවිය)
- අපුර්වී ඔමායා

18 ප්ලස්

1. සුවපත් කිරීම- (මධු මාධවී බ්ලොග් අඩවිය) 
(මදාවියට තවම හරියට සනීප නැති නිසා එන්න උනේ නෑ. සම්මානෙත් අරන් යන්න ඕනි ඌව බලන්න.)

2. අනේ දෙයියනේ......!!!- (කුරුටු ගෑ ගී පවුර බ්ලොග් අඩවිය)

3. ලඹේ හොඳයිද මිස්? - (ගස් ලබ්බ බ්ලොග් අඩවිය)
(ගස් ලබ්බ ටත් තවම හරියට සනීප නැති නිසා එන්න උනේ නෑ. ඌවත් බලන්න යන්න වෙනවා..)

 කාලින සංවාද

1. ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- (ඉකොනොමැට්ටා බ්ලොග් අඩවිය)
(ඇමෙරිකාවේ සිට සුභ පැතුම් එක්කලා. පැමිණෙන්න නොහැකි නිසා.. සම්මානය තවම මා ළඟ)

2. විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල Passing the 20 ​​- (පින්ච් පොයින්ට් බ්ලොග් අඩවිය) 
(රටින් පිට ඉන්න නිසා එන්න වෙන්නේ නැති බව කියා සුභ පැතුවා.)

3. අපට අද රෙදි ඇඳිය හැකිද? (ලෝක ළමා දිනය වෙනුවෙනි) - (විභීෂණ බ්ලොග් අඩවිය)

දේශපාලන
1. නිතිය ඉදිරියේ හැමෝම සමානය; සමහරු වැඩිපුර සමානය- (w3lanka)
- අජිත් පැරකුම් ජයසිංහ 

2. අයවැය 2016- (රාජ් ගේ නවාතැන බ්ලොග් අඩවිය) 
( රාජ් පැමිණ සිටියේ නෑ)

3. රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම් - (සජ්ජාගේ පඩන්ගුව බ්ලොග් අඩවිය) 
- සජිත් නලින්ද රණසිංහ

සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රගමනය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයනු වස් බ්ලොග්රචකයෙකුට හෝ පාඨකයෙකුට ජිවිතයේ එක් වරක් පමණක් ලැබිය හැකි නෙලුම්යාය විශේෂ සම්මාන ද්විත්වය -2015 

රසික හරිශ්චන්ද්‍ර සුරියආරච්චි - (රසිකලොජි බ්ලොග් අඩවිය)
ඕස්ට්‍රේලියාවේ සිට නිවාඩු ලබා මෙරටට පැමිණ සිය මව හා සහෝදරයා සමඟ මේ අවස්ථාවට එක්වූ රසික සුරියආරච්චි ට නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායක කමිටුවේ විශේෂ ප්‍රණාමය..

නාලක ගුනවර්දන - (සිව්මංසල කොලු ගැටයා බ්ලොග් අඩවිය)

වසරේ බ්ලොග්කරු/ කාරිය

විචාරක- අසමි දකිමි සොයමි (කුසලතා සම්මාන)


කුරුටු ගෑ ගී පවුර- තුෂාර විතාරණ මහතා (කුසලතා සම්මාන)

3. නිදහස් සිතුවිලි- රවී වීරසිංහ මහතා.

හේතු පාඨය- යම් නිර්මාණයක් සියළු ආකාරයේ පාඨක ප්‍රතිචාරයට ලක්වීමට එය ඒ විවිධාකාරයේ  පාඨකයින් සැමට ගෝචර වන ලෙස නිර්මාණය විය යුතුය. එකම නිර්මාණයකින්, දැනුම, සාහිත්‍යය, ප්‍රහසනය, දේශපාලනය, කලින් සිදුවීම් ආදී සියල්ල එකවර ඉදිරිපත් කල හැකිනම් බොහෝ විට මේ අභියෝගය ජයගත හැක. ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය තුල පවා මෙවැනි බ්ලොග් රචනා බොහෝ සෙයින් විරල වේ.. නමුත් ඔහු.. ඔහුගේ රචනා තුල කියවන සැමට යමක් තිබේ.. ඒවා විවිධය.. ඒ සමඟම එහි බොහෝ දැනුම අඩංගු වේ. ඕනෑම කාරණයක් තුල හාස්‍යය මෙන්ම උපහාසය මතු කිරීමට හපනෙකි. ඒවා ඉතා රසවත්ය. එමෙන්ම අතිශය නිර්මාණ ශිලිය. ඔව්. ඔහුමය.. 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ හොඳම බ්ලොග් අඩවිය තුන්වන ස්ථානය ජයග්‍රහණය කරමින් සම්මානයට පාත්‍රවනු ලබන්නේ- නිදහස් සිතුවිලි  බ්ලොග් අඩවියේ සම කතෘ- රවී වීරසිංහ-  ඔබයි..

2. යාං හෑල්ල - රංජිත් සුරංග මහතා

හේතු පාඨය- 2015 වසර ආරම්භයේදීම වාගේ ශ්‍රී ලාංකික බ්ලොග් අවකාශයට එක්තරා බ්ලොග් පොස්ටුවක් හරහා දරුණු සුලිසුලඟක් හමුවේය. එතෙක් නිද්‍රාවට වැටි සිටි සමහර බ්ලොග් පාඨකයින් හා බ්ලොග් රචකයින් පවා මේ සුළි සුළඟත් සමඟ නිද්‍රාවෙන් අවදි වී නව ජවයකින් බ්ලොග් කරලියේ සැරි සරවන්නට තරම් වරෙක මේ සුලඟ බලවත් විය. එසේ වීමට හේතු වූයේ එහි තිබු අව්‍යාජ බවයි. කටුක ළමාවිය හා අදිෂ්ඨානශීලි වර්තමානය අතර දැවැන්ත වෙනස පිරවුණු වරෙක හැඟීම්බර, වරෙක කඳුළු නංවන, එමෙන්ම තවත් වරෙක හාත්ස්‍යයෝපාදක අමුම අමු රචනා විලාශය තුලින් ඔහු අළුත් බ්ලොග් කලාවක් වෙත පාඨකයා  නැඹුරු කරවීය. හැකියාව, දක්ෂතාවය දෛවය සමඟ කැළඹුණු ජිවන අත්දැකීම් මිටින් ගෙන පාඨකයා වෙත එක එල්ලේ දමා ගසමින් නවමු බ්ලොග් අත්දැකීමක් ලංකර දුන් ඒ සුළි සුළගේ නිර්මාතෘවරයා.. 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ හොඳම බ්ලොග් අඩවිය දෙවන ස්ථානය ජයග්‍රහණය කරමින් සම්මානයට පාත්‍රවනු ලබන්නේ- යාංහෑල්ල   බ්ලොග් අඩවියේ - රන්ජිත් සුරංග ලියනගේ-  ඔබයි..

1. බස්සිගේ නවාතැන- යශෝධා සම්මානි ප්‍රේමරත්න

හේතු පාඨය- කලින් කලට බ්ලොග් අවකාශයේ සිය ශිල්ප දැක්වූ වනිතාවෝ බොහොමයකි. මට සිලිටු නොවූ මෙම අවකාශය තුල නොසැලී බ්ලොග්කරණයේ යෙදීමට කාන්තා රුවට මුවාවුණු එඩිතර සිතක් තිබිය යුතුමය. එසේවතුදු බ්ලොග් ලොව පෙළහර පෑමට එය පමණක් නොසෑහේ. දිනෙන් දින යාවත්කාලින වන දැනුම, නිර්මාණශිලිත්වය, කැපවීම, ආත්ම විශ්වාශය මෙන්ම  ඒ පිලිබඳ වූ නොපසුබස්නා උත්සාහයද අත්‍යවශ්‍යම වේ. පුද්ගලික ජිවිතයේ ලද මිහිරි අමිහිරි අත්දැකීම් මැද ඉන්ද්‍රකීලයක් මෙන් නොසැලී සිය මා හැඟී කුසලතාවයෙන් හා දැනුමෙන් සන්නද්ධව කවි, කෙටිකථා, දේශපාලන, කාලින, හා ප්‍රබන්ධ යන සියලු අංශවල පොහොසත් නිර්මාණ 88ක් සමඟින් ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය පහන් කිරීමට සිදු කළා වූ ඒ අත්‍යන්ත මෙහෙය වෙනුවෙන් 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ අනභිබවනීය  ජයග්‍රහණය -වසරේ බ්ලොග් කාරිනිය ලෙස සම්මානයට පාත්‍රවනු ලබන්නේ- බස්සිගේ නවතැන  බ්ලොග් අඩවියේ - යශෝධා සම්මානි ප්‍රේමරත්න-  ඔබයි..

සම්මාන ලද සැමට නෙලුම්යාය සම්මාන උළෙලේ සංවිදායක කමිටුවේ සුභපැතුම්. එසේම සම්මාන වෙනුවෙන් නොව බ්ලොග් අවකාශය වෙනුවෙන් මේ අවස්ථාව වර්ණ ගැන්වීමට අප සමඟ එක්වූ සම්මාන ලද නොලද සියලුම බ්ලොග්කරුවන්ට අපගේ ශිර්ෂ ප්‍රණාමය.. ඔබගේ පැමිණීම වචනයෙන් විස්තර කල නොහි සතුටකි. 



236 comments:

  1. එකකට එකක් නොදෙවෙනි බ්ලොග් රචනා අගය කරමින් සාධාරණ විනිශ්චයක් ලබාදුන් විනිසුරු මඩුල්ලටත්, විවිධ දේශයන්හී සිට මුත් සම්මාන උලෙල සංවිධානය කල අයටත්, නිර්මාතෘ වරුන් වන චන්දිම විතාන සහ කොලඹ ගමයාටත් ලංකාවේ සිට බර ඇද්ද කල්යාණ මිත්‍ර, ඉවාන් පව්ලූශා සහ තවත් අයටත්, මෙම මහා කර්තව්‍යට සහභාගී වී සතුටු වීමට බ්ලොග් මිතුරන් මුණ ගැසීමට අවස්ථාව දුන් සැමටත් කුඩා කලක් සිංහල බ්ලොග් ක්ශේත්‍රයේ සිටින මගේ ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් ගේ නිහඬ සේවයටත්..

      Delete
    2. //"ස්තුතියි ඉයන් ගේ නිහඬ සේවයටත්.."// අනිවා ..hats off

      Delete
    3. මේ ඉහළින් තියන ඉයන් කල්‍යාණ මිත්‍ර රොහන් ඉවාන් ගේ කොමෙන්ටු සියල්ල sugv.wordpress (MPPගුණසිංහ)ගේත් ඒවා ලෙස සලකත්වා. ලෝකයේ අනෙක් පැත්තේ ඉඳගන, නියමිත ඊමේල් එකටත් බ්ලොක් කරගෙන අනුන්ගේ ඇඩ්‍රස් එකකට මුවා වෙලා සුබපතන අසරණයාගේ සුබපැතුම් හා සතුට පිළිගන්තිවා. මට ලැබුණ සම්මනාය වගේ ම මගේ කොලු පැටියා ඒ වෙලාවෙ වින්ද සතුට මට කෝටියක් වටිනවා. ඒක මට හිමිකරදුන් ඔය ඇත්තන් හැමෝටම පින් සිද්ද වෙච්චාවේ

      Delete
    4. සහභාගිවන්නට ලොකු උවමනාවක් තිබුනත් අවකාශයක් සොයාගැනීම අපහසු විය. ජයග්‍රාහී සියලු දෙනාටම මගේ සුබ පැතුම් . sudukukula.blogspot.com

      http://sudukukula.blogspot.com/2016/03/blog-post_27.html

      Delete
    5. මේක දෙහිවලදී කම්මලේ කියපු කතාවකට ලුණු ඇඹුල් එකතු කිරීමක්. දෙන්නපුළුවන් ලොකුම සම්මානේ දෙන්න ඕනේ "කමිච්චිට".මාස දෙකක්වත් නැති අතදරුවෙකුයි, හොඳටම දඟලන වයසේ ඉන්න යස්ස පැටවු දෙන්නෙකුයි තනියම ආම්බාන් කරන ගමන් උඹව මේ වැඩවලට නිදහස් කරන එක ගැහැනියකගෙන් බලාපොරොත්තු වෙන්න බැරිතරමේ කැපකිරීමක්.ඇයට ජයම වේවා.....

      Delete
    6. ගුණසිංහ මහතා- පුතා පැමිණීම ලොකු දෙයක්. ඔහු ඉතා අපුරු තරුණයෙක්. ඔබට සහභාගී වීමට නොහැකි වීම නිසා ඔබ වෙනුවෙන් ඔහු පැමිණි බව එවලෙත් ප්‍රකාශ කරා. වැඩි විස්තරයක් කතා කිරීමට නොහැකි වීම කණගාටුයි.

      @ සුදු කුකුළා.. කුකුළන් නම් බොහොමයක් හිටියා ඒත් සුදු කුකුළත් හිටියනම් අගෙයි. ඉදිරියේදී සම්භන්ද වන්න අරාධනා කරනවා.

      @ කටුස්- හ්ම්ම්..

      Delete
    7. @ කටුස්

      ++++++++++++++++++

      Delete
    8. ඕක මම කියන්නෙ අර ඉස්කෝලෙට වතුර දෙන්න කමිය මහන්සි වෙන දවස් වල ඉදං ,

      Delete
  2. සම්මාන උළෙලේ බොහෝ තැන් සජීවීව නැරඹුවා.සමහර තැන් හිරවුනා.නැවත මුල සිට බලන්න වීඩියෝ එක දැම්මොත් හොඳයි.සම්මාන උළෙල සාර්ථක කර ගන්නට අජිත් සහ ඔබ ඇතුළු කණ්ඩායම වෙහෙස මහන්සි වූ ආකාරය මා දැක්කා.සාපේක්ෂව පහුගිය වතාවට වඩා හොඳට සංවිධානය කර තිබුනා කියන්නට පුළුවනි බ්ලොග් කරුවන්ගේ පැමිණීමද ඉහල අගයක් ගෙන තිබුණා.සත්කාර්යයක් සාර්ථකව අවසන් කළා කියා අජිත් ඔබ ඇතුළු සංවිධායකයින්ට සතුටු වෙන්නට පුළුවනි.සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. //සම්මාන උළෙලේ බොහෝ තැන් සජීවීව නැරඹුවා// මට මොකුත් බලන්න බැරි උනා :(

      හැලපයියේ.. ඔව්. ගිය පාරට වඩා හොඳයි කියනවා හැමෝම.. ඒත් අපි දන්නවා අඩු පාඩු ගොඩයි. ඉස්සරහට කරන ය ඒවා හදාගෙන කාලයක් යනකොට යම් මට්ටමකට එයි කියලා හිතෙනවා.
      අනික අපි වෘත්තීය ඉවෙන්ට් මැනේජ්මන්ට් කණ්ඩායම් නෙවෙයිනේ.. බ්ලොග් ලියනවා වගේම සරලව ඒ වැඩෙත් කරා අපි අපිම. :)

      Delete
    2. මටත් මෙලෝ හතිලව්වක් බලන්න බැරිවුනා . කොහ්ජෝම හරි වීඩියෝව ඉල්ලගනින් අජියගෙන්

      Delete
    3. වීඩියෝ කරන බව දන්නවනම් පොඩ්ඩක් හිනා වෙලාවත් ඉන්නවා.. :/

      Delete
    4. ඇයි ඉවානයා ලස්සනට හිටියෙ නළුවා වගේ අර සුන්දර යුවතියත් එක්ක.මම හැලපිටත් පෙන්නුවා.

      Delete
    5. සුන්දර යුවතියට ඉවාන් ළඟ ඉද්දි වචන ටැපලෙනවා.. :p

      Delete
    6. තෑගි දෙන තැනත් පිටිපස්සෙන් උදව්වට හිටිය ලස්සන එක්කෙනෙක්. ඩි කැප්‍රියෝට මේ පාර ඔස්කාර් එක ගත්ත මූවී එකේ වගේ එක්කෙනෙක්

      Delete
    7. මං ඒත් බැලුව ඒ අහිංසකීට ඔච්චරම වචන ටැපලෙන්නෙ මොකද කියල... හි හි...

      Delete
    8. ප්‍රා ගේ කොමෙන්ට් එක ඩිලීට් කිරීමට නියමිතයි.. (මට ලැජ්ජයි වගේ)

      හිරුවෝ.. මටත් පස්සේ ඕක මීටර් උනේ.. හැක හැක..

      Delete
    9. ඇහුන්නෑ වගේ ඉන්නෝන :D

      Delete
    10. https://www.google.lk/search?q=shy+bear&biw=1607&bih=729&tbm=isch&imgil=CAya9VpaPon3KM%253A%253B1l8GSfzk-cbUNM%253Bhttp%25253A%25252F%25252Fwww.dailymail.co.uk%25252Fnews%25252Farticle-2297313%25252FCamera-shy-bear-makes-clear-hes-snapped-photographer.html&source=iu&pf=m&fir=CAya9VpaPon3KM%253A%252C1l8GSfzk-cbUNM%252C_&usg=___66MiKWil2t4KXgtaeCcKumabJI%3D&dpr=0.85&ved=0ahUKEwiK3ujT3-DLAhUHHI4KHQw5DBgQyjcIJQ&ei=58H3VsrODIe4uASM8rDAAQ

      Delete
    11. හේ හේ .. ලින්ක් එක දිග වැඩි උනාට පට්ට ෆොටෝ එක.

      Delete
    12. කමියට වැඩි වුනාමත් මෙන්න මේ වගේ ඉන්නේ
      http://i.dailymail.co.uk/i/pix/2013/03/22/article-2297313-18D3C1A4000005DC-832_634x653.jpg

      Delete
    13. එකම ෆොටෝ එක.. මේ ලින්ක් දාන්න විදියක් තියෙනවා අපි කැමති text එකක් විදියට. දැන් මතක නෑ. හොයලා දාන්නම්.

      Delete
    14. වලහෙක් ලග ඉද්දි කාටද වචන පැටලෙන්නෙ නැත්තෙ.

      Delete
  3. බ්ලොග් රචනා අගය කරමින් සාධාරණ විනිශ්චයක් ලබාදුන් විනිසුරු මඩුල්ලටත්,!!!!!!!!ශාආ .....

    සිතට එකඟව ඇයි නම් ටික කියන්න බැරි ද ???????

    ReplyDelete
    Replies
    1. හා මචන්....ගුටි කෑමට නියමිතයි නිසා නේද බැරි මචන් ....

      Delete
  4. බොහොම ස්තූතියි කළ්‍යාණ, ඔබ අජිත් ඇතුළු මේ උදෙසා වෙහෙසවූ සියල්ලන්ටම...:)

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම්! ආව වෙලාවක පාටියක් දාමු ඈ!!

      Delete
  5. 26 වෙනිදා සවස
    නෑවිත් බැරි
    නොහලත් බැරි
    නොලියත් බැරි
    නොකියත් බැරි
    නොබලාත් බැරි
    මන් පොර ද ?
    නැ පොර මන්
    ලෝකයේ පළමුවරට
    නොදැක සිටි රැඟුමක්
    රැඟූවනේ වේදිකාවේ
    ගෞරවය පුදන කල

    ReplyDelete
    Replies
    1. තුන් තේරවිල්ලක් වගේ.. ටිකක් පැහැදිලිව කියහන්කෝ..

      Delete
    2. දෙන්නා ගෙන් ලැබෙන කොට ගන්නා තුන්ඩු කැලි දික් කරන පොරමන් රැඟුම

      I Don't Know Why එහෙම වෙන්නේ ඇයි I Don't Know Why

      Delete
    3. කෙලින් කියපන්කො බං කියන මගුලක්.

      Delete
    4. නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ හිටං ..... මෙහෙම වැඩක් ලෝකේ කොහෙවත් නොදැකපු නිසා පටිගත කරපු එකක් නැවත බැලුවොත් ......හඳුනා ගත්තොත් ඔබ මා ....

      Delete
  6. සම්මාන ලද සියල්ලන්ටම උණුසුම් සුබපැතුම් !!!

    අර දේශකයා එහෙම ඇවිත් හිටියද??

    ReplyDelete
    Replies
    1. දේශකයෝ කීප දෙනෙක්ම හිටියා.. :)

      Delete
    2. අපෝ උෟ ගියෙ නෑ. හැකක්..

      Delete
    3. ඔව්. අමුඩේ නැතුව හෙළුවෙන් එන්න බැරි නිසා ප්‍රසා නෑවිත් හිටියේ.. නැත්නම් එන්නමයි හිටියේ.

      Delete
  7. Replies
    1. මදැයි ඔයින් ගියා අතක් පයක් නොකැඩි නෙහ්..

      Delete
    2. අතපයනම් තාම කැඩිලා වගේ ඕයි , අද දවසම නිදි

      Delete
    3. මම නම් ඊයේ බිච් එකේදී බෙහෙත් ගත්ත නිසා දැන් අඩුයි.

      Delete
    4. ඉවාන් අයියෙ, කොහොම හරි මගෙ නමත් වෙනස් කොරා එහෙනම් ඈ :p

      Delete
    5. ඉවානයාට හංකිති කැවිලනේ හිටියේ බං.

      Delete
    6. ඒ පෝඩියම් එක දෙන්නෙකුට ඉඩ මදි. ඒත් මුන් දෙන්නා කොහොම හරි එතන හිටියා.. :) (හංකිති වෙන එක අහන්න දෙයක්යැ?)

      Delete
  8. සාර්ථක බ්ලොග් සම්මාන උළෙලක් නිමා විය. අපේ උණුසුම් සුභ පැතුම් !!! අපේ බ්ලොග් පොස්ට් එකට ලැබුණු අගය කිරීමත් නිහතමානි සතුටකින් පිළිගනිමු.
    මේ තුලින් බ්ලොග් කලාව වෙත තව තවත් ජනතාව ඈදී ඒමත් සිදුවෙනවා. උ. දා. මගේ යහළුවා දැන් බ්ලොග් කියවන්න පටන් ගනියි....

    ReplyDelete
    Replies
    1. ඔබ, රසික, ඕමා, ගුණසිංහ මහතා වැනි අය (ලංකාවෙන් පිට ඉඳගෙන) දැක්වූ සහයෝගය අනිත් සමහර බ්ලොග් රචකයොත් (ලංකාවේ කොළඹ අවටම වගේ ඉන්න) දක්වනවානම් මෙය මීටත් වඩා ගොඩක් සාර්ථක වෙන්න තිබ්බා.. :) ස්තුතියි.

      Delete
  9. එන්න හිතාගෙනම හිටියත් අන්තිම මොහොතේ පැමිණි කරදරයක් නිසා ඒමට නොහැකි විය. සම්මානය වෙනුවෙනුත්, සිංහල බ්ලොග් ඉහලට නැංවීමට දරන උත්සාහය වෙනුවෙනුත් සංවිධායක මණ්ඩලයට ස්තුතියි.
    සම්මාන ලැබූ සැමට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. එන්න තිබුනා නම් ෂෝයි.. ඒත් කරදරයක් නම් මක්ක කොරන්නද? සහතිකෙයි සමරුවකුයි තියෙනවා කොළඹ එන කෙනෙක් හරි කවුරු හරි සෙට් කරපං එවන්න..

      Delete
    2. තියාගනිං. කවද හරි ගන්නං.

      Delete
    3. එහෙනං එන වෙලාවක් කියල වරෙන්.

      Delete
  10. හුඟක් බ්ලොග් ගැන දැන ගත්තේ අද. නිවාඩු වෙලාවට යන්න ඕනෑ කියවන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩක් ලස්සන වටිනා දේවල් තියෙනවා

      Delete
  11. නෙළුම් යායට ජය වේවා......සම්මාන ගත්ත ඔක්කොමටත් ජයවේවා......තැඹිලි, කෝඩියල්, පැනඩෝල් වලටත් ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. කටුස්සට පුදුම ඉල්ලුමක් තිබ්බේ ගෑනු දරුවන්ගෙන්. මන් හිතන්නේ ඒ මහන්සිය වෙන්ටෑ

      Delete
  12. මෙන්න මෙයා ලියලා .

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔයැයිත් ලියන්නකො.

      Delete
    2. ටිකිරිට සම්මානෙ පෙන්නුවෙ නැතෙයි?

      Delete
    3. මොන? ඊයේ ගිහින් ටිකිරි ට මචං කියලා.. හැක හැක

      Delete
    4. මචං නෙවෙයි, ටිකිරිට චූටි මැණිකෙ කියල උම්ම එකකුත් දීල. දහපදුරාවෙ බැණුං...!

      Delete
    5. කංවල තාම මූදු වැලි කියල චූටි මැණිකෙ ඊයෙ ශ්‍රංගව් බ්‍රෂ් කලාලු.

      Delete
  13. සම්මාන දිනු හා නම් කරන ලද සියලු දෙනාටම සුබ පතනවා. ඒ වගේම සංවිධායක මණ්ඩලයටත්.

    සිංහල බ්ලොග් අවකාශයේ සාර්ථකත්වයට හේතුව සාමුහික හැසිරීම කියා මම හිතන්නේ. ඉංග්‍රීසියෙන් ලියන බොහෝ බ්ලොග් මේ වගේ පොදු සාමුහික අවකාශයක් ලෙස හැසිරෙන්නේ නැහැ.

    හැකිනම් ඔය ජයග්‍රාහි බ්ලොග් සටහන් ඔක්කොම හයිපර් ලින්ක් කරන්න.

    ReplyDelete
    Replies
    1. ලින්ක් දාන්න ඕනේ. මේ ටිකේ ඔය බ්ලොග් එක්කම හැප්පිලා මහන්සි නිසා නිකම් උන්නේ..

      Delete
  14. මැදපෙරදිග ඉඳන් උනත් වරින්වර මේ විස්තර ගැන හොයා බලමින් හිටියා. සමහර කොටස් ඔන්ලයිමුත් බැලුවා. අජිත්, කමී, ඉවාන් ඔබේ මහන්සිය පල දරා ඇත. බස්සී , සුරංග හා රවී ඇතුළු සම්මාන ලැබු සියලු දෙනාට උණුසුම් සුබ පැතුම්. මේ ඔක්කොටම වඩා ජයග්‍රාහී බ්ලොග් සඳහා දක්වා ඇති හෙතුපාඨ තුනනම් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ඒ හේතු පාඨ ටික මාත් ආයෙම කියෝලා බලන්න ඕනේ. :)

      ස්තුතියි.

      Delete
    2. හොඳ වෙලාවට මං අපේ මහත්තයව එක්කං නාවෙ.. මරු හේතු පාඨේ ඒක... හි හි...

      Delete
    3. //....සිය අත්දැකීම් මගින් ලද පන්නරය හරහා ගෘහාශ්රිෙත කටයුතුවලදී ස්වාමි දියණියකගේ වගකීම්, බැඳීම් හා හැකියාවන් පිළිබඳව බ්ලොග් පාඨක ස්ත්රීර පුරුෂ දෙපාර්ශවයේම අවධානය මනා කොට පසක් කරමින් කල බ්ලොග් රචනාව වෙනුවෙන් 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ ගෘහස්ත කාරණා අංශය ජයග්රබහණය කරමින් සම්මානයට පාත්රයවනු ලබන්නේ- වෙඩින් කතා බ්ලොග් ලිපිය රචනා කල හිරු නැති හෝරාව බ්ලොග් අඩවියේ - කෞෂි ආරියබන්ධු- ඔබයි..//

      Delete
  15. සම්මාන ලැබූ සැමට සුබ පැතුම්.
    බ්ලොග් තෝරාගැනීමට වෙහෙසවූ සංවිධායක මණ්ඩලයට ස්තුතිය.

    අපිට ඉතිං පොලේ යන්න තිබුණනෙ. ඒ හින්ද එන්න උන් නෑ. මං වෙනුවට විදානය එවුව.

    //මදාවියට තවම හරියට සනීප නැති නිසා එන්න උනේ නෑ. සම්මානෙත් අරන් යන්න ඕනි ඌව බලන්න.// උඹ හදන්නෙ උගේ ඉතුරු ඇට දෙකටත් විදින්න ද? හැක්..

    ReplyDelete
    Replies
    1. නෑ උඹේ ඇට පොලේ දාලා විකුනන්න හැක

      Delete
    2. මං හිතුවේ අමුඩේ නැතුව හෙළුවෙන් එන්න බැරිකමට නතර උනා කියලා..

      Delete
    3. ප්‍රසන්නයා : හිතේ හැටියට ගියාද ?

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. සුදීක. ප්‍රසන්නයා පොලේ ගිහින් වැඩිවෙලා හත් පොලේ ගාගෙන ලු.

      අටම්.. උඹේ කොමෙන්ට් එකක් මම මකලා කියුවම කි දෙනෙක් මට බනියිද දැන් බලපන්

      Delete
    6. ගියාද කියලත් අහන්නෙ. ඔන්න විදානය සාක්කි. හැක්..

      Delete
    7. ඔහොමනෙමෙයි බං ඔක්කොම මකහං

      Delete
    8. ප්‍රසන්-නයා මුණගැහිල කතාකරන්ඩ ආසාවෙං උන්නෙ.

      Delete
    9. උඹ ආය ටෝච්චෙකක් අරං ආවද???
      ළඟදිම හම්බවෙමු බං.

      -னයා-

      Delete
  16. කතා දෙකක් නෑ... උත්සවේ ටිප් ටොප් එකට ගියා... මට ලැබුණ ඇගයිම ගැන නිහතමානිව සතු‍ටු වෙනවා.. මේ වැඩේ පිටිපස්සෙ කට්ට කාගෙන වැඩ කරපු ගොඩක් අය හිටියා.. ගොඩක් ස්තූතියි මේ කරන කැපවීමට. සම්මාන ගත්ත, නොගත්ත හැමෝටම සුභ පතනවා තව තවත් අලුත් නිර්මාණ බිහිකරන්න ලැබෙන්න කියලා...
    ක.මී කොහෙද උත්සවේ බලන්නෙ මං දැක්කා සම්මාන ටික තියාගෙන දාං අදිනවා! පෙන්නපු නාට්ටි දෙක නම් සුපිරියටම හිතට වැදුනා... ඉදිරියේදී මීටත් වඩා සාර් ථකව සම්මාන උළෙල පවත්වන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. උඹ අම්මත් එක්ක ආපු එක මාර වටිනවා මචෝ. (ගෙදර ගිහින් අම්මගෙන් ගුටි කෑවේ නෑ නේද අටමගේ කතා වලට? )

      Delete
    2. හැක්... අටමගෙ හැටි අම්ම දැනගෙන ද කොහෙද කමී.... මූ ඔඩිටෝරියම් එකේදි අමෘතය පානය කරනවත් දැකල කියහන්කො! එහෙම එකෙක් හිටියද කියලවත් මතක් කරේ නෑ...!

      Delete
    3. ඔයාගෙ අම්ම පුදුම සන්තෝසෙකින් හිටියෙ ඒ වෙලාවෙ ..... ඒක නිසා ඔය පොඩි පොඩි දේවල් එච්චර ගනං ගන්න නැතුව ඇති.. හි හි

      Delete
    4. ආ ඒක නම් ඇත්ත කුශී අක්කෙ.....!

      Delete
    5. මූ ඔඩිටෝරියම් එකේදි අමෘතය පානය

      මේ මොන හරුපයක්ද බං

      Delete
    6. ඔඩිටෝරියම් මම දන්නේ නෑ. අමෘතය පානයේ කොටයක් මගේ රූම් එකේ නම් තියෙනවා.. :)

      Delete
  17. නෙලුං අජිතා එක්ක රෑට හොරෙන් චැට් කරන උන් සේරටම සම්මාන දීලා....මොනවටද බං මෙහෙම සම්මාන උලෙලවල්..ඔය හුත්ත නවත්තලා වෙන වැඩක් බලාගනිල්ලා...

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ නැතුව කොමෙන්ට් දාන්න පුළුවන් නම් වටිනවා..

      Delete
    2. අන්න ඒකයි ඇනෝ. බලහං ඒකෙත් වැඩේ කියන්නෙ වැඩිපුර ම නෙලුම් අජිය එක්ක චැට් කරපු කමියට සම්මාන දීල නෑ. බොහොම කැතයි නේද?

      Delete
    3. මොන කෙහෙල්මලකටද බන් හොරෙන් චැට් කරන්නෙ..? අනේ මන්ද මූ දෙන ආතල්.

      Delete
    4. චැට් කරපු ප්ප්‍රමානෙට සාපේක්ෂව සම්මානේ දෙන නිසා මට හදපු සම්මානේ වෙනම කන්ටේනර් එහෙක එනවලු එංගලන්තේ ඉඳන්.. පුහ්:

      Delete
  18. අඩේ මේක ඊයෙද තිබුනෙ? මට මතක නැතුව ගිය හැටි. අපරාදෙ. ලබන මාර්තුවෙත් මේක තියෙයි ද? තිබුනොත් බලන්න එන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒයි දෙකක් දා ගත්තම ඊට කලින් කරපු ඔක්කොම වැඩ අමතක වෙනවයි?

      Delete
    2. එතකොට අපි කතා කරේ උඹේ මල්ලිට ද කසුනෝ........

      Delete
    3. හනේ බං. උඹට කතා කරන්ඩ බැරි උනා...!

      Delete
  19. පුදුම සන්තෝසයි බොලව්. පුදුම සං‍තෝසයි. මේ ප්‍රතිඵල කොයි වෙලේද ප්‍රසිද්ධ කරන්නේ කියලා හිත හිත හිටියේ පැය විසිහතරක් තිස්සේ.
    මුලින්ම මං වගේම සතුටින් ඉන්න අනිත් සියලුම සම්මාන ලාභීන්ට මගේ උණුසුම් සුභ පැතුම්.

    දෙවනුව, මේ සම්මාන උළෙල සාර්ථකව පවත්වගෙන යන්න දායක වුනු සංවිධායක මණ්ඩලයට මගේ කෘතඥතාවය සහ සුභ පැතුම්.

    අර සම්මාන දෙක ගන්න මගෙ පුත්තරයව එවන්න සෙට් කරන්නම් හැකි ඉක්මනින්.
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. එළකිරි! ඊළඟ වතාවේ වත් නිවාඩුවක් මේකට අල්ලලා සෙට් කර ගමු. සම්මාන යකාට ගියදෙන් ඊයේ සෙට් වුනු ක්‍රවුඩ් එක.. පට්ට..

      Delete
  20. එන්න වුවමනාවෙන් හිටියත් කලින් යොදාගත්තු කටයුත්තක් නිසා එන්න බැරිවීම ගැන කනගාටු වෙමි. ලබන සැරේ අනිවාර්යෙන්ම එමි.

    ReplyDelete
    Replies
    1. පුසෝ ගොඩක් හිටියත් සුදු පුසෙක් නොහිටිය අඩුව දැනුණා :) ලබන පාර හරි යයි ඒක. :)

      Delete
  21. කමි යෝ වැඩේ හොඳටම කෙරුනා..
    අඩුපාඩු තිබ්බා නම් හදාගෙන මීට දෙවෙනි නැති සුපිරි ඉවෙන්ට් එහෙකින් ආපහු සැට් වෙමු...
    එතෙක් දිගටම මෙහෙම්මම ලිය ලිය ඉම්මු නේද?///
    ----------------------------
    සම්මාන වලින් චෙස් ඇදපු එකෙක් කියලා ජීවිතේටම දැක්කේ උඹව විතරමයි...ඇත්තමයි...

    ReplyDelete
    Replies
    1. //සම්මාන වලින් චෙස් ඇදපු// මේක කියෝලා බ.අ.සි.

      එහෙම චෙස් ඇදලා පිළිවෙලකට හදා ගත්තේ නැත්නම් ඒ වෙලාවේ මාර අමාරුවක වැටෙනවා.

      Delete
  22. මාතලන් කතා ගොඩක් කිව්වා.එන්නම හිටියෙ.ඒත් බැරි වුණා.මම වැඩ වගයකට කෑගල්ලෙ ගියා.සමාවෙන්න.සැමටම සුබ පැතුම්!සියල්ල අත් විද නැහැ.මමත් කැමතිම බ්ලොග් එකනම් බස්සිගෙ එක.ඒකෙ වචන හරියට විජ්ජා වගේ.

    මගේ තරහකාරියක්ටත් සම්මාන හම්බවෙලා.කුවේනි ලංකාවට ඇවිත් තරහට රණ්ඩු වෙන්නවත් කතා නොකළ එක කණගාටුයි.ඒ වගේම රසික තවම ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න.සජීවීව මුණ බලා ගන්නවත්

    ReplyDelete
    Replies
    1. අම්ම්බලන්ගොඩ පැත්තේ රවුමක් දාපන් සජීවීව ඕන තරම් බලාගන්න පුළුවන් මචං ලොකු වෙනසක් නැ

      Delete
    2. අලුත් රස්සාවට සුභ පැතුම් නිස්මා.. එදා එන්න තිබ්බනම් හොඳයි තමයි. හෙට 29 පුලුවන්නම් රාජගිරියට වරෙන් 3.30 ට අජිත් ධර්මකිර්තිගේ පොතේ වැඩේට.. රසික යි කුවේණි යි දෙන්නම හම්බ වෙන්න පුළුවන්.

      Delete
  23. ඊයෙ අමතකම නොවෙන ගොඩක් සතුටු දවසක්. :) :) :) මුලින්ම ආපු වෙලේ දන්න කවුරුත් නෑ කලණ අය්ය ඉවාන් අය්ය එහෙම හිනා වේවි යනව ඒත් හරියටම දන්නෙත් නැහැ කතා කරන්නත් බැහැ වගේ හිටියෙ ;) .මුලින්ම කතාකලේ මන්දාකිණියේ අශාන් එක්ක ඒකටත් පැය ගානක් ගියා ඒ එයාමද කියල ෂුවර් කරගන්න :P ඊට පස්සෙ ටික ටික කතාකරල ගොඩක් දෙනෙක්ව අඳුන ගත්ත ( නම් වලින් කිව්වොත් ලොකු ලිස්ට් එකක් ලියන්න වෙයි හී ..) සම්මාන නාට්‍ය සංගීත කතා මේ ඔක්කොටමත් එක්කම වැඩි වැඩියෙන් සතුටු හිතුනේ උත්සවේ ඉවර වෙලා හැමෝම එක්කම වචනයක් දෙකක් කතා කරන්න ලැබුන එක.කවදාවත්ම දැකල නැති ගොඩක් අය අද ඊයෙ දන්න වගේ හිතවත් කමින් කතා කරපු හිනා වුණු ඒ සොඳුරු මතකයන් හැමදාටම මතකයේ තියේවි ^_^ බ්ලොග් ලියන හැමෝවම එකට එකතු කරපු මේ වගේ උත්සවයක් තියන්න මහන්සිවෙච්ච ගොඩක් අය ඉන්නවා ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඊයෙ දවසේ සම්මාන ලැබුන හැමෝටමත් හදවතින්ම සුබපතනවා :) ඊයෙ දවසේ හමුවෙච්ච හිනා උන , කතා බස්කරපු ,සතුට බෙදාගත්ත හැමෝටම කියන්නෙ ඊයෙ මම ගොඩක් සතුටු උන දවසක් :) :)

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා ඇවිල්ල වේලාසනින් යන්න වෙච්ච නිසා මැද පේලි ටිකේ කට්ටිය ඔක්කොම මිස් උනා...

      බ්ලොග් ලිව්ල්ලෙ වැඩක් කියන්නං... ඔය හම්බුවෙච්ච වෙලවට කවුද කින්ද මන්ද හිතන්න යන්න එපා.. වැඩි දෙනෙක් මූණවල් විතරක් නෙවෙයි, ඇත්ත නම් වත් දන්නෙ නෑ... ඒ උනාට දන්නව වගේ කතා කරනව... ටික වෙලාවක් යනකොට තමයි මීටර් වෙන්නෙ කවුද කියල... හි හි.. කවුරු උනාම මොකද ඔක්කොම බ්ලොග් කාරයොනෙ... ඕන්න ඕකයි මගේ සිස්ටම් එක... හි හි....

      Delete
    2. දැක්කනෙ හිරුවො මම ගේට්ටුව ගාවදි දන්න එකෙකුට වගේ '' කවුසි යමු " කියල අඩගහගෙන ආවෙ

      Delete
    3. මාත් දන්න කියන එකෙක් එක්ක යනව වගේ අපේ මහත්තයටත් ටටා කියාගෙන ආවෙ... නේද... හි හි

      Delete
    4. හා හා.. මේ ගොල්ලන් දැන අඳුනගෙන කතා බහ කරලා ඔක්කොම කරලා යන්නත් ගිහිල්ලා.. කම්මලයා කොහොමත් පුරුදු කාරයා ඔය වගේ කාන්තාරක්ෂක වැඩවලට.. හි හි තමයි.

      හංසි තෑගී ගන්න උඩට නගිනවා මට මතක නෑනේ.. වෙලාවට පස්සේ හම්බ උනේ.. :)

      Delete
  24. හම්මේ ඉතිං නේ. තාම නිදිමතයි කියාන්කො. හිහ්
    සම්මාන ගත්ත හැම කෙනාටම නිර්දේශ වෙච්ච හැම කෙනාටම ජයෙන් ජයම වේවා..
    මල්පහැත්තෑ හතයි. කියන්න ඕන දේ ඊයෙ කීව හින්ද ආයෙ මොකටද..
    ජයනේනා

    ReplyDelete
    Replies
    1. //තාම නිදිමතයි// පේනවා.. //මල්පහැත්තෑ// ජයනේනා// හැක්..

      මට ඕනි උඹට ලියපු සයිටෙෂන් එක ආයිම අහන්න..

      ///ආදරයේ කවියේ උල්පත යැයි කියවේ.. එසේනම් විරහව උපන් තැන කවිය සිඳී යා යුතුය.. නමුත් එය එසේ වන්නේ නැත. ඒ වෙනුවට විරහවත් සමඟ කවි සිතුවිලි දොරේ ගලා වාන් දමයි.. එසේනම් කවියේ නියම උල්පත විරහවද? සැබවින්ම මේ ගැටලුව ඔහු අප ඉදිරියේ තබයි.. කවි හැමෝටම රස විඳිය නොහැක.. එහෙත් මේ කවියේ විරහව හා බැඳුනු දෝංකාරය පාඨකයා මොහොතකට ප්‍රකම්පනයට පත් කිරීම නම් වලක්වනු නොහේ. බ්ලොග් අවකාශය කවියන්ගේ තෝතැන්නකි. එහි නොයෙක් ශිල්පියෝ නිරන්තරයෙන් තම ශිල්ප දක්වති. ඒ අතරින් වෙසෙසින්ම ඇගයුම් ලැබීමට.. ඔව්. ඔහු ඉතා සොඳුරු කවියෙක් විය යුතුමයි. සමනල තටුවකට වඩා සිනිදු වූ ආදරයේ හා විරහවේ අතරමැදි හිඩැස පරිස්සමෙන් ගෙන එහි මනරම් රටා මවමින් කල ඒ අපුරු වූ නිර්මාණය වෙනුවෙන් 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කවි/ නිසඳැස් අංශය ජයග්‍රහණය කරමින් සම්මානයට පාත්‍රවනු ලබන්නේ- සඳ ආයිත් නොනැගෙන බැව් නිසඳැස රචනා කල අවන්හල බ්ලොග් අඩවියේ - මහේෂ් රත්නායක- ඔබයි..///

      Delete
  25. අජිත්,කමි,ඉවාන් .... අයියල මහන්සියෙන් පුලුවන් උපරිමයෙන් හොඳට සංවිධානය කරල තිබ්බා. මේ උලෙට සුලුවෙන් හරි දායක වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මේ පාරත් ගොඩ දෙනෙක් අදුරගත්තා. අෆ්ට පාටියත් සෝයි :D. ඉදිරියටත් මෙම වටිනා කර්තව්‍ය කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
    සියළු දෙනාටම ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සුළු කොහෙද.. දවස් දෙකක් තිස්සේ කට්ට කාගෙන ඇවිත් කරපු වැඩේ වටිනාකම අපි දන්නවා මනා.. හැමදාම උඹ ඉන්න ඕනි නෙලුම්යායත් එක්ක.. ජය වේවා!

      Delete
  26. කමියෝ..................

    අජිත් අයියා ඇතුළු සම්මාන උලෙළ සූදානම් කරපු සියලු දෙනාටත් උඹලා ඒ වෙනුවෙන් වෙලා තිබුණ මහන්සියටත් බ්ලොග්කරුවන් වෙනුවෙන් අපි ස්තූති කරන්න ඕනේ... උඹලා කම්කරුවෝ වගේ මහන්සි වෙනවා දැක්කා. අන්තිම දවසේ හරි ඇවිත් සහයක් වෙන්න ලැබීම සතුටක්. වැඩේ ගැන නං කියන්න තියෙන්නේ උපරිමයි මචං කියලා තමා. උඹට පළවෙනි ම වතාවට අපි කතා කරෙත් වැඩේට කලින් දවසේ රෑ. ඒත් එදා දැක්කාම ගොඩක් කල් දැකලා තිබුණ වගේ ෆිට් එකක් දැනුනා. කසුට්ටා ඇනෝපිලීසා එහෙමත් අන්තිම වෙලාවේ හරි අදුරාගත්තා. හරිම සතුටුයි බං වෙන මොනවාටවත් නෙමෙයි කට්ටිය අදුරාගැනීමට ලැබීම ගැන. බොහොමයක් දෙනා පළමු වතාවට දැක්කේ ඊයේ. මොකද අපි පළමු වතාවට තමා මෙහෙම තැනකට සෙට් වුනේ. මොනවා වුණත් මේක සුවිශේෂී කාර්යයක් මචං. මේ තරම් සංවිධානාත්මක ව බ්ලොග්කරුවෝ ටික එකතු වෙලා ඉන්නවා කියන්නේම ලොකු දෙයක් මචං. ඒකේ ගෞරවය උඹලා ලැබිය යුතුයි. සම්මාන ගත්තු හැමෝටමත් සුභ පතනවා. අපි දැන් තමයි ගෙවල් පැත්තට ආවේ. වැඩේ වෙනුවෙන් දවස් 3 ක් ම දාන්න වුණා... ඒ දුර ගැන උඹට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.....

    ReplyDelete
    Replies
    1. තුෂාරට විතරයි කතාකරන්න ලැබුනෙ. පස්සෙ අසංකව හෙවුවත් උඹල එතකොට ගිහින්.

      Delete
    2. උඹලා සම්මාන උළෙලට දවස් තුනක් නිවාඩු දාගෙන පවුල් පිටින් දුර කතර ගෙවාගෙන ඇවිත් එතන අපි එකා වගේ වැඩේට සහයෝගය දීගෙන දක්වපු අනුග්‍රහය වචනයෙන් විස්තර කරන්න අමාරු තරම් වටිනවා මචන්.. ඒ ගැන උඹලට හිතේ හැටියට ස්තුති කර ගන්නවත් බැරි උනා.. හැමෝම ආදරයෙන් මතක් කරා කියපන්..

      Delete
  27. හැමෝටම සුභ පැතුම්... දිගටම කරගෙන යන්න.. ජය

    ReplyDelete
    Replies
    1. පැතුම් මිසිං වෙලා හිටියනේ පහුගිය ටිකේ.. කොහෙද හිටියේ.. :)

      Delete
  28. සම්මාන ලැබූ සියළු දෙනාටම සුබ පැතුම්!
    කලණ ඇතුළු මේ උත්සවය වෙනුවෙන් කැපවූ සියල්ලන්ටත් ස්තූතියි!. ඔබේ කැපවීමෙත් උත්සහයෙත් ප්‍රතිඵල අදට වඩා හෙටට හොදින් දැනේවි.
    මේ වතාවෙ බැරි උනාට ලබන වතාවෙ බ්ලොග් කියවන්නෙකු ලෙසින් හෝ සහභාගි වෙන්නට හැකිවෙයි කියලා හිතනවා.
    විවේක වෙලාවක මේ බ්ලොග්වල ලින්ක් ටික දාන්න මම වගේ වැඩිපුර බ්ලොග් කියවලා නැති අය වෙනුවෙන් ( වැඩිය කියවලා නැතුවට මම කැමතිම බ්ලොග් එකක් වෙච්ච " මගේ කතාව" , අපි තාමත් මතක් කර කර හිනාවෙන "කැනරි කුරුල්ලන්" සහ "The story my marriage " සම්මාන ලබා තිබීම දැකීම හැබෑම සතුටක්)

    ReplyDelete
    Replies
    1. මං කඩේ ඉන්න ගමන් ශබ්ද නගා කියවීම් කරන හින්ද අපේ අම්මගේ ෆේවරිට් බ්ලොග් දෙක තමයි මගේ කතාවයි, රවීගේ ගොඩක් කතන්දරයි... හි හි... කියවල ඉවර වෙනකොට මගෙ හක්ක රිදෙනව උනත් අම්ම ආස නිසා ( ෆොන් එකේ ස්ක්‍රීන් එකේ අකුරු කියවන්න අම්මට අමාරුයි..) මම ඉතිං ඕවා කියොනව...

      Delete
    2. කෞෂි මේ නොකියා කියන්නෙ මං ඔයාලගෙ අම්මගෙ වයස කියලද?. ෂුවර් එකට වයසත් හරි ඇති...නැතත් සමාන රස වින්දනයක් තියෙන කෙනෙක් ගැන අහන්න ලැබීම සතුටක්. අම්මටත් මට දැනෙන සතුටම දැනෙනවා ඇති අපි කැමති ඒවාට සම්මාන ලැබීම ගැන

      Delete
    3. ඒ කියන්නෙ උඹයි අම්මයි පිටි මෝලිය අල්ලන ගමං මම ලියන කතා තමයි ආතල් එකක් ගන්ට කියවන්නෙ?..හෙහ්, එහෙමද? සන්තෝසයි..සන්තෝසයි..

      අම්ම මෝලිය අල්ලන ගමං මෙහෙම කියනවද? " අනේ බං බලපං උඹේ ඔය පෝං එක දිග ඇරල අර යක්සය අද මොකවත් ලියල එහෙම තියද කියල..තියනවනං එහෙම මටත් ඇහෙන්ට කියවපං හයියෙං...."

      Delete
    4. රවිගෙ කතා කියවන්න වයස ප්‍රශ්නයක් නෑ නේ.. හැබැයි ඉතිං පඳුරු තල තල වටේ යන එක ඉවසගන්න පුලුවන් වෙන එක ප්‍රධාන සුදුසුකමක්... හි හි...

      රවී හිතුවද අපේ අම්ම ඔයා තරං නාකියි කියල.... ඔයා ශත වර්ෂයක් විතර වයසයිනෙ දැං මේ තියෙන කතා වල හැටියට.. නෑ නෑ.. මං කියවල ඉවර වෙලා තීරණය කරනව හක්ක කඩා ගන්න තරං වටිනවද කතාව කියල... එහෙම වටිනව නං අම්මට කියෝනව... හි හි

      Delete
    5. මාත් නිදහස් සිතුවිලි කියවන්නේ තාදී ගුණය පුරුදු වෙන්න.. රන්දිල් නොලියන එකත් ඉවසන්න ඕනි.. රවී ලියනවා කියා කියා පඳුරු තලන එකත් ඉවසන්න ඕනි..

      Delete
    6. 'සඳ වියමන්' ඉල්ලා අස්වුනානේ.. නැත්නම් සුන්දරිවත් බලාගන්න තිබ්බා වේදිකාවේ. ලින්ක් නම් දාන්න ඕනි. කොහෙද.. හුස්මක්වත් ගන්න වෙලාවක් හොයා ගන්නේ අමාරුවෙන්.

      Delete
  29. හැමෝම මුන ගැහෙන්න ලැබුන එකත් සන්තෝෂයක් බං.
    සම්මානලාභි හැමෝටම සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මනෝ මන්දිර හම්බ වුනේ ජිවිතේ දෙවෙනි පාරට.. මට ඒ වුනාට උඹව පෙනුනේ මගේ පුංචි කාලේ ඉඳලා යාලුවෙක් වගේ.. :)

      Delete
  30. සංතෝසයි... අප්‍රමාණ සංතෝසයි සාර්ථකව වැඩේ කෙරුනා කියලා ඇහෙනකොට.අද හිතාගත්තා පරම ලාභය ලැබුනත් නැතත් (ආරෝග්‍යා පරමා ලාභා නෙව.) ඊලඟ නෙළුම් යායට නම් කොහොමහරි සහභාගී වෙනවා කියලා.
    වෙහෙස මහන්සියෙන් වටිනා කාලය,ධනය කැප කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට වෙහෙස මහන්සි වූ සැමට ආචාරය..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කියල ප්‍රයිවෙට් හොස්පිටිතාල අස්සේ එහෙම ලගින්න යන්න එපා.. උන් ඕක සුට්ට්ටක් එහෙ මෙහෙ කරගෙන තියෙන්නේ..
      "ආ රෝගියා පරමා ලාභා" කියල.. ගියොත් සුද්දයි..

      Delete
  31. සම්මාන ලැබූ සියල්ලන්ටම සුබපැතුම්! මේ සඳහා දායක වූ ඔබ, අජිත් ඇතුළු සියල්ලන්ගේම කැපවීම අගය කරනවා. නෙලුම්යායේ දමා තිබුණු වීඩියෝ කොටස් ටිකත් දැන් බැලුවා. නාට්‍යයනම් නියමයි. ඉකොනොමැට්ටාගේ ලිපියකටත් සම්මානයක් ලැබී ඇති බව ඔබේ මේ පෝස්ට් එක කියවූ පසු දැනගත්තා. (පුළුවන් වෙලාවක ගන්නම්! :) ).

    ReplyDelete
    Replies
    1. //ඉකොනොමැට්ටාගේ ලිපියකටත් සම්මානයක් ලැබී ඇති බව// අපි නම් දැනගත්තේ ඔබේ ඒ පොස්ට් කියවන කාලේමයි.. :)

      Delete
  32. බොහෝ බ්ලොග් රචකයන් බ්ලොග් රචනයේ යෙදෙන්නේ ආත්ම තෘප්තිය සඳහා පමණකි. තමන් මහන්සිවී ලියනා ලද බ්ලොග් ලිපිය තවෙකෙකු කියවා ප්‍රතිචාර දැක්වීම තරම් බ්ලොග් රචකයෙකුට වෙනත් සතුටක් නැත. එය එසේ වන විට, ඔවුන්ගේ කාර්යය අගය කරමින් නෙළුම් යායෙන් පවත්වන ලද සම්මාන උළෙල බ්ලොග් රචකයන් දිරිමත් කිරීම සඳහා ලබා දුන් ඉතාමත් විශිෂ්ඨ දිරි ගැන්වීමකි.

    කලකදී අබිං කෑවාක් මෙන් බ්ලොග් වෙත ඇබ්බැහි වී සිටියත් අධික කාර්යබහුලත්වය නිසාම මා හට ඒ සඳහා යෙදවීමට ඇති කාලය ඉතාමත් සීමා සහිතය. ඒ නිසා මා අතින් යම් බ්ලොග් ලිපියක් ලියවුනද එයද යළට මහට මෙනි. එවන් පසුබිමක සිටියදීද මාගේ ලිපියක් සම්මාන සඳහා නිර්දේශ වීමද මට ඉමහත් සතුටට කරුණකි. කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ලෙස සම්මානයට පාත්‍ර වීමද සුවිශේෂී අවස්ථාවකි.

    නෙළුම්යායේ සංවිධායක සොයුරු සොයුරියන්ද, අජිත් සොයුරාද, සුමිත් සොයුරාද මා කිසි දිනෙක පුද්ගලිකව හමුවී කතාබස් කොට නැත්තෙමි. මාගේ බ්ලොග් ලිපිවලට දමනා ලද ප්‍රතිචාර හරහා වචන කීපයකට ලඝු වූ දෙබස් හුවමාරුවක් මිස වෙන කිසිම දැන හැඳුනුම් කමක් නැත්තේය. ඉදින් මාගේ ලිපිය සම්මාන සඳහා නිර්දේශ වීම මට හැඟී යන්නේ ඔවුන්ගේ විශිෂ්ඨ මධ්‍යස්ත භාවයයි.

    ඉතාමත් අසීරු ලෙස බර පැන සොයාගෙන, අනෙකුත් දහසකුත් වැඩ රාජකාරි මැද කාලයද කළමණාකරණය කරගනිමින් මෙවන් කර්තව්‍යක් සඳහා පෙළ ගැසීම බ්ලොග් අවකාශයේ උන්නතිය සඳහා කල විශිෂ්ඨ කැප කිරීමකි.

    නෙළුම් යායෙන් සම්මාන ලද සහ නොලද, සිංහල බ්ලොග් අවකාශයේ පෙළහර පාන සියුළුම සහෘද බ්ලොග් කරුවන්ට මගේ නොනිමි සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. නෙළුම්යායට ලද තවත් සම්මානයක්!!!!!!!.
      ස්තුතියි දුමියා.

      Delete
  33. වෙන මොනවා කියන්නද මචෝ..... වල්ලා පට්ට කියලා තමයි කියන්න වෙන්න්.....

    උඹලා ඔක්කෝටම බොහෝම ස්තූතියි..... ජීවිතයේ අමතක නොවන දිනයක්....

    ReplyDelete
    Replies
    1. boss ඔහොම කියනකොට සතුටු නොවී කොහොමද

      Delete
  34. ඔයාලගෙ මහන්සිය අපතේ ගියෙ නෑ කළණේ, අජිත් අයියා, ඉවාන් ඇතුලු බැටෑලියන් එක. වැඩේ හොඳටම කෙරුනා. අනිත් එක තමයි ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සහභාගිත්වය විශාල වශයෙන් වැඩිවෙලා තියෙනව. මූලික සංවිධාන කටයුතු සේරම සිදුවුනේ සයිබර් අවකාශය හරහාම පමණක් බවත්, මහ පොළවට බැහැලා හතර අතේ දුවපැනලා ඉතිරි වැඩ ටික කලේ ඉතාම සීමිත කාලයකදී බවත් දන්නවා. ඒකයි මෙතන විස්මය!

    ස්වේච්ඡාවෙන් බ්ලොග්කරණයේ නියැලෙන්නන් උනන්දු කරන්න ස්වේච්ඡාවෙන්ම සිදුකරන මේ වගේ සත්කාර්‍යයන්ගේ වටිනාකම කියා නිම කරන්නට බැහැ. නෙළුම් පිපෙන හැටි බලාගෙන තවත් මල් දහස් ගණනින් පිපේවා කියන එකයි පැතුම!

    ReplyDelete
    Replies
    1. හද පිරි සුභ පැතුම් බස්සියේ...! සුදුස්සාට සුදුසු තැන ලැබිලා !

      Delete
    2. මේ පාර පිපුණේ මාත් කැමතිම නෙලුම් ටිකක් :)

      Delete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. හැමෝටම සුභ පැතුම් !!!!!

    ReplyDelete
    Replies
    1. බුකියේ 'තුන්කල් ගී දැහැන'ට සින්න වුනු සිංදු ඇනෝ ගේ කොමෙන්ටුවක්.

      Delete
    2. අපොයි මම දන්නෙත් නැ බන් මම සින්න වෙලා කියලා ..... හැක් හැක්

      හැඩ රුවින් නෙත පුබුදු වේ නම් 
      සුවඳ පවනට හාදු දේ නම් 
      පිපී හිනැහී පරව යා නම් 
      මලට කුමකට වාසගම්

      පොළොව සනහා වැසි වසී නම් 
      ගලා ඇළ දොළ වැව් පිරේ නම් 
      තෙමා කෙත් බිම් සරු කෙරේ නම් 
      කුමට යල මහ කල් බැලුම්

      සොඳුරු දෑසින් ලොව දකී නම් 
      මිනිස්කම ලියලා වැඩේ නම් 
      හදේ සෙනෙහස ජනිත වේ නම් 
      නොවෙ ද අප ලේ නෑසියන් 

      ගී පද - පුජ්‍ය පල්ලේගම හේමරතන හිමි 
      ගී තනු - විශාරද නීලා වික්‍රමසිංහ 
      ගායනය -සුනිල් එදිරිසිංහ

      Delete
  37. දෙයිහාමුදරුවනේ මේකට මට එනඩ බැරි උනානේ අනේ ඔය වීඩියෝව බලන්න විදිහක් කියාපල්ලා අරටියුබ් එකේවත් දාලනං ලිංකුව දාපල්ල මයෙ අප්පලා මෙහෙ අඳෝනා ගහන්නෙ ඊ ඇඩ්ඩස් එකත් නැතුව අතරමංවෙලා ඉන්න sugv.wordpress

    ReplyDelete
    Replies
    1. youtube එකේ nelumyaya කියල සර්ච් පාරක් දැම්මනම්..

      Delete
  38. බ්ලොග් කරුවන් ඇගයීම සහ දිරිගැන්වීම වෙනුවෙන් නෙලුම්යාය විසින් කරන ලද්දාවූ සත්කාරය වෙනුවෙන් මාගේ ශීර්ෂ ප්‍රණාම ස්තුතිය පුදකිරීමට කැමතියි.. ශ්‍රී ලාංන්කීය බ්ලොග්කරුවන් උදෙසා මෙවන් සත්කාරයන් ඉදිරියටත් සිදුකිරීමට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරනව..
    සත්කාරය සාර්ථක කරගැනීම සඳහා කැපවී වෙහෙසවූ සියල්ලන්ට හදවතින්ම ස්තුතියි..

    (උත්සවයේ වීඩියෝ පටය නැරඹීමට ලින්කුවක් ලැබෙනකම් නොඉවසිල්ලෙන්..)

    අම්බලන්ගොඩ කතා ලියන එකා හිතේ එකයි කටේ එකයි තියන එකෙක් නොවෙන නිසා මේ ටික ලිව්වට කව්රුත් මා එක්ක පුද්ගලිකව අමනාප වෙන එකක් නැහැ කියල මම හිතනවා.

    වසරේ බ්ලොග්කරු සඳහා යෝජනාවී තිබු බ්ලොග් අඩවි වලින් සම්මාන ලැබීමට සුදුසු වූ බ්ලොග් අඩවි සහ සම්මාන ලැබුණු අනුපිලිවෙල ගැන විනිශ්‍යමන්ඩලය සමග මා පුද්ගලිකව එකඟ නොවෙන බව කියන්න කැමතියි.. වසරේ බ්ලොග්කරු සම්මානය විනිශ්‍යය කිරීමේදී විනිශ්‍ය මණ්ඩලය අපක්ෂපාති වී නැහැ කියල මට හිතෙනවා:(

    ReplyDelete
    Replies
    1. උත්සවෙන් පස්සෙ තිබ්බ අනුත්සවේ ඒවත් ඒ වීඩියෝ පටයටම ඇතුලත් වන්නේනම් මැනවි.

      Delete
    2. @ අම්බා.. උත්තරයක් බුකියේ දීපු නිසා ආයි දාන්නේ නෑ. උඹයි මායි පස්සේ කතා කරමු.

      ප්‍රසා.. මම තවම කිසිම වීඩියෝ කැල්ලක් දැක්කේ නෑ..

      Delete
  39. තාම අමාරුයි බං

    ReplyDelete
    Replies
    1. මොකද උඹ සම්මාන උළෙල ඉවර වෙලා ගෙදර ගිහින් දර පැලුවද? හැක හැක හැක..

      Delete
  40. මතකයේ රැඳෙන ලස්සන දවසක්..ඉස්තූතියි හැමෝටම

    ReplyDelete
    Replies
    1. අමතක කරන්නේ කොහොමද බෝල ගෙඩියව.. :)

      Delete
  41. මගේ නම කරුණානායක නොව කන්නන්ගර ලෙස නිවැරදි විය යුතුයි. කන්නනගර නාමය බ්ලොග් වලටත් වැදගත් එකක් නිසා මා එය ඉතා අභිමානයෙන් දරා සිටිනවා. නිදහස් අධ්‍යාපනය නොවන්නට අප බොහෝ දෙනෙකු මෙතැනට එක්කාසු නොවන්න ඉඩ තිබුණා. අනෙක් නමෙන් සිටින ඇමති තුමා ගැන කථා කරන්න තවම කල් මදියි.

    මේ සම්මාන උළෙල නිසාවත් බ්ලොග් ලෝකෙන් ඉවත්ව බුකියට සින්න වූ බ්ලොග් කරුවන් යලි ලිවීම ඇරඹුවොත් එදාට අපිට හොඳ තරගයක් බලා ගන්න පුළුවන්. මෙය සම්මාන ලැබුවන්ට කරන හෑල්ලුවක් නොවෙයි. අපි මෙය නිර්දේශ වීමත් ජයක් වන තැනට ගේන්න ඕනේ. සංවිධායක මණ්ඩලයට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක දැක්ක ගමන් හැදුවා.. ෂෝරි ෂර්.. මට මතක තිබුණු විදියට ලියලා තිබුනේ.

      මාත් බලන් ඉන්නේ ටැබූ ලා, සඳරු ලා, මාරයා ලා නැවත කල එලි බහිනකම්.. :)

      Delete
  42. වැඩේ නැගල ගිහිල්ල
    සන්තෝසයි
    මාතලන්ට යමක් නොලැබුනාට මට හිතට මදි
    එවගේම බ්ලොග් කලාවට අමරණීය එකතු කිරීමක් කළ (දේශපාලනය කුමක් වුවත්) ඉදිරියටද කරන්නට බොහෝම ශඛ්‍යතාවයක් ඇති මාරයාද මට මේ වේලාවේ මතක් වෙනවා.
    වත්මනේ බ්ලොගයේ හා සමාජජාලවලට තිබෙන හයිය ගැන බොහෝ කොටස් ලොබ බැඳ සිටිනවා. සංවිධායකින් මේවා පිලිබඳ සංවේදීභාවයෙන් සිටීම වැදගත්.

    ReplyDelete
    Replies
    1. //මාතලන්ට යමක් නොලැබුනාට මට හිතට මදි// මාතලන් සම්මාන සඳහා නිර්දේශ වීමෙන් අයින් උනා මුලදීම. තව අජිත්, මම, අටම්පහුර ආදීන් නෙලුම්යායේ සංවිදාන කටයුතු නිසාත් තව සමහරු නොයෙක් හේතු නිසාත් සම්මාන සඳහා නම් යෝජනා වීමෙන් ඉවත් උනා. මේ ගැන කලින් පෝස්ට් ගොඩකත් කියලා තියෙනවා.. මාරයා ගේ හෝරාව බ්ලොග් එකක් විදියට සලකා බලලා තියෙනවා. නමුත් 2015 අවුරුද්දේ ඔහුගෙන් බලාපොරොත්තු වූ තරමේ දෙයක් ලියවෙලා තිබුනේ නෑ අදාල කැටගරි යටතේ.

      අපි කැමතියි පාට පක්ෂ අමතක කරලා 'බ්ලොග්' සම්භන්දව අපිත් එක්ක හැමෝම සහයෝගයෙන් වැඩ කරනවානම්. ඒත් කියන්න කණගාටුයි සමහරුන්ගේ කිසිම සහයෝගයක් නෑ. සම්මාන සඳහා නිර්දේශ බව දැනුම් දුන්නම ඒකට රිප්ලයි එකක්වත් දාන්න බැරි තරම් උඩඟු බ්ලොග් කරුවන්/ කාරියන් කොටසක්ද ඉන්න තැනක තමයි අපි මේ ගැටෙන්නේ.

      Delete
  43. Macho thank you very much. You guys are awesome...!!

    ReplyDelete
  44. 26 වෙනිදාව තුශානිගෙත් මතකයේ රැඳුනු ලස්සන දවසක්. බ්ලොග් ලිපි කියවන්න තිබුනු ආසාවට බ්ලොග් එක පටන් ගත්තත් මේ වගේ සුන්දර අත්දැකීමක් විඳින්න්න ලැබෙයි කියලා නම් කවදාවත් හිතලා තිබුනේ නෑ..

    කලින් තිබුනු බ්ලොග් සම්බන්ද කිසිම දේකට එන්න අවස්ථාවක් නොලැබුන නිසා එන්න කලින් හැබැහින් දැකලා අඳුරගෙන හිටියේ කීප දෙනෙක් විතරයි. ඒ නිසා ටිකක් චකිතයකින් තමයි එතනට ආවේ. ඒත් ආවට පස්සේ නම් හරිම හුරු පුරුදු කාලේක ඉඳන් දන්න කට්ටිය ඉන්න තැනකට ආවා වගේ තමයි දැනුනේ.

    ඉතින් හුඟක් සතුටුයි.. හැම දෙනා එක්කම නොවුනත් පුළුවන් වුන විදිහට ගොඩ දෙනෙක් එක්ක කතා කරන්න ලැබීමත් , ඒ අයට සුබ පතන්න ලැබීමත් සතුටක්..

    ඒ වගේම බස්සී , ඉවාන්, අශාන් සමග තුශානිටත් ලැබුනු අගයකිරීම ගැනත් දැනෙන්නෙ කියාගන්න බැරි නිහතමානී සතුටක්. කියන්න දේවල් ගොඩයි.. පෝස්ට් එකකින්ම කියන්නම්කෝ..

    හුඟක් කැපවෙලා නෙළුම් යාය බ්ලොග් සම්මාන උලෙල සංවිධානය කරපු හැමෝටමත්, සම්මාන ලබපු , හමුවෙලා කතා කරපු , කතා කරන්න බැරි වුනු හැමෝටමත් ආයෙත් සුබ පතන්න මේක අවස්ථාවක් කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙච්චරයි දැක්කේ.. //පෝස්ට් එකකින්ම කියන්නම්කෝ..// ජය වේවා!

      Delete
  45. විදානයට තාම ‍ඩෝප් ද???
    එදා එන ගමං තාප්ප කීයක් පෙරලුවද දන්නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. විදානේ තමයි එදා නොබී හිටපු එකම එකා මගේ හිතේ..

      Delete
  46. ගොඩක් ස්තූතියි. සම්මානය සහ ඒ සමග ලැබුණු හැම දෙයක්ම මගෙ පුතාට කවද හරි තාත්ත ගැන ආඩම්බර වෙන්න කාරණාවක් වෙයි. කමිය ගොඩක් වැඩ කරපු බව දැක්ක. ඒ වගේම අජිත් ධර්මකීර්ති මාමටත්, තිරෙන් පිටුපස හිටපු අනික් අයටත් සුභපැතුම්. මේක ඉතාම ලස්සනට කෙරුණා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකියා.. උඹලා ආපු එක හමුවෙලා කතා කරපු එක තමයි ලොකුම සතුට..

      Delete
  47. මෙවර එන්න නොහැකි වීම ගැන ඇත්තෙන්ම කණගාටුයි.ගිය වතාවට වඩා මෙවර උළෙල සාර්ථක බවයි පේන්නේ.ඊගාව වතාව මෙයටත් වඩා සාර්ථක උළෙලක් සංවිධානය වනු නොඅනුමානයි.ඊගාව වතාවේ අනිවාර්යෙන් මුණ ගැසෙමු.

    මේකට බර ඇද්ද හැමදෙනාටම ස්තුතියි.ඒ වගේම සියලු සම්මානලාභින්ට හදවතින්ම නැවත නැවතත් සුබ පැතුම්....!


    ReplyDelete
    Replies
    1. උඹට වගකීමක් දෙන්න හිතන් ඉන්නේ ඊළඟ එක කරනකොට.. නැත්නම් උඹව අල්ලන්න අමාරුයි. හික් හික් හික්.. අපි බලන් හිටියේ එදා හවස අපේ කවි මඩුව තියන්න දෙහිවල බීච් එකේ කොහෙද උඹ ආවේ නෑනේ. ඒ පාර තරූ අවෙත් නෑ.

      Delete
    2. අයියෝ,කොහේද මේ දේශා මට කොන්ත්රතුවක් බාර දුන්නා අනේ එදාට බීච් එකට එන වුන්ට නෙලන්න.ඉතින් මම ගියා එකට කිතුල් පොලු හොයන්න.

      ඔය කවි සැඳව හොඳට සංවිධානය කරන්න පුළුවන් තරු අක්කටයි,කළනේටයි තමයි.ඉතින් තවත් පමා නොවී එකත් සංවිධානය කරමුකෝ.

      Delete
    3. අපි ඇත්තටම ඒ වැඩේ කරමු. නෙළුම් යායෙ මූලිකත්වයෙන්.. මමත් උදව් වෙන්නම්.

      Delete
    4. සංවිදානය මම කරන්නම්. කවියෝ උඹලා හොයා ගනිල්ලා.. :)

      Delete
  48. නියමයි මචං. උදව් කරන්න කියල පිටපොට ගහන් ලැස්ති උනාට මොනම කෙහෙල්මලක් වත් කරලා දෙන්න බැරි උනා. වැඩේ වටිනවා.

    ReplyDelete
    Replies
    1. එකාතකින් උඹ අවේ නැති එකත් හොඳයි.. එදා උදේටත් නොකා දවල්ටත් නොකා පට්ට බඩගින්නේ හිටියේ හවස් වෙනකොට.. ආවනම් උඹව කාලා දානවා.. හි හි.. ඊළඟ වතාවේ අනිවා වරෙන්.. :)

      Delete
  49. සොඳුරු කවි කිවිඳියො ගොඩක් බ්ලොග් ලෝකෙ ඉන්න නිසා මම ජයග්‍රහණයක් බලාපොරොත්තු වුණේම නැහැ. මගේ නම කියවෙද්දි අදහාගන්න බැරි වුණේ ඒ නිසයි. කොහොම වුණත් සතුටුයි. බ්ලොග් ලොවේ බොහෝ දෙනා සැබෑවට දැන හඳුනාගන්න ලැබුණෙ පළමු වතාවට.. ඇත්තටම එක පවුලක් වගේ හැඟීමක් දැණුනා..

    වැඩේ සාර්ථකයි.. ඒ වෙනුවෙන් කැපවුණු හැමදෙනාටම ගොඩක් ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. //ඒ වෙනුවෙන් කැපවුණු හැමදෙනාටම// ඔබටත් එක්ක..
      කෝල් එකක් දීලා නැත්නම් ඔලුවෙන් කතා කරලා ලඟට එන්න කියල අනේ මේ උදව්ව කරලා දෙන්න කියනකොටම එහෙම කරල දෙන්න තරම් හිතවත් වෙච්ච එකටයි නිහතමානී වෙච්ච එකටයි දෙකටම මගෙන් මේ වචන සම්මානය..

      Delete
  50. ඔබ හැමදෙනාගේම මෙහෙය ඉතාමත් අගය කරමි. බ්ලොග් සමාජය හරහා සංවිධානය වූ නොයෙක් අවස්ථා අතුරින් මා සහභාගි වූ පළමුවැන්න මෙයය. මට දැනෙනා අන්දමට එය සාර්ථක මට්ටමක පැවති බව කිව යුතුය. පළමු සම්මාන උළෙලට සහභාගී වූවන් මෙවර ඔබ සැම එය කෙතරම් උසස් මට්ටමකට රැගෙන විත් ඇත්ද යන්නට සාක්ෂි දරා ඇත.

    හිතට නැගෙන දහසකුත් එකක් සිතුවිලි සිතුවම් කරන්නට, ඒ සිතැඟි බ්ලොග් සමාජය හරහා දැන හඳුනාගත් නොදුටු මිතුරු කැළ හා බෙදාගන්නට ලියූ සටහනක් මෙලෙසින් ඇගයීමට ලක් වීම, එම සටහනට දිරිමත් කරවනසුළු කමෙන්ටුවක් ලැබීමෙන් දැනෙන ප්‍රීතිය මෙන් කෙතරම් ගුණයක්දැයි කිව හැකි කිසිවෙකුත් මෙහි ඇතැයි මා නොසිතමි. එය සංඛ්‍යා විෂයපථයෙන් ඔබ්බට ගිය තරමේ ප්‍රීතියකි.

    මේ වෙනුවෙන් තම ධනය, ශ්‍රමය, කාලය කැප කළ සියලු දෙනා හට මාගේ හද පිරි ස්තූතිය පිරිනමමි. සම්මානයෙන් පිදුම් ලද සියලු දෙනා හට මාගේ සුබ පැතුම් එක් කරමි. මෙවන් දිරිගැන්වීම් තුළින් වඩාත් හරවත්, ගුණවත් බ්ලොග් සටහන් තව තවත් ලියවීමට උත්ප්‍රේරක සැපයෙන බව නිසැකය. නෙළුම් යායටත්, එහි නෙළුම් විකසිත කරලීමට හිරු එළිය සැපයූ ඔබ සැම දෙනාටත් ජය පතමි!

    ReplyDelete
    Replies
    1. නිකම්ම ඉන්නේ නැතුව පුංචි හරි දෙයක් කරපු සතුට තියෙනවා.. අඩු පාඩු ගොඩයි. එත් අවුලක් නැත්තේ අපි කවුරුත් වෘත්තීය මට්ටමේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කරන උන් නෙවෙයිනේ. සයිබරේ කතා වෙලා එදා එතැනදී හමුවෙලා කරපු වැඩක්. සිත්තමී ගේ පැමිණීම බොහොම අගේ කරනවා. එතනට එක්කගෙන ආපු සිත්තරාටත් ස්තුතියි. ඔහුට කතා කරන්නවත් බැරි උනා.

      Delete
  51. සුබපැතුම් හැමෝටම !!

    හත්වලාමයි...
    ඉස්කොතුයි...

    හම්බානක දුකයි

    අඩේ.. අනිත් ඔක්කොම සුබපැතුම් එව්වය කියනවා, මම විතරක්ද දැන් ඔටුවා? කීයක්හරි දෙන්නම් ඒ කොටහත් දාන්න ඈ ! නැත්තම් මගේ නිකැළැල්, සත්ගුණවත් භාවය මෙව්වා වෙනවනේ.

    මම මේ කියන්නමය කියල හිටියේ. වෙනම කැටගරියක් දාන්න තිබ්බ මෙන්න මෙහෙම

    කැටගරිය: පුළුවන්කම තිබ්බත් බ්ලොග් නොලියා ඉඳීමේ සම්මානය
    1 වන ස්ථානය: ඉවාන් ( ත්‍යාගය : හොම්බට 5යි, බඩට දෙකයි - නැව් ගුටි 2 යි )
    2 වන ස්ථානය : ඔමා ( ත්‍යාගය: හොම්බට 4යි , බඩට එකයි - නැව් ගුටි 1යි)
    3 වන ස්ථානය : නොකී කතා ලියන කවුද මන්දන්නේ නැහැ ( ත්‍යාගය: හොම්බට 3යි, බඩට එකයි, නව්ගුටි එකයි)

    සැනසිලි තෑගී
    ජනුගේ සිතුවිලි ලියන එකී
    සින්ඩරෙල්ලගේ සපත්තුව ( සපත්තුවෙන්ම නෙලන්න ඕනේ)
    පැතුමා ( අර බිත්තියේ තියලම පස් ගහන්න ඕනේ)

    ආදී වසයෙන්....

    ReplyDelete
    Replies
    1. වැහි අඳෝනාවට පලමුවෙනි ස්ථානය කියල ඇහුවම මම පුටුවෙන් වැටුන. හංසි කෙල්ල ලඟ නොහිටින්න තාම පුටුව යට. ඔන්න ඕක ආයිමත් ලියනව එහෙම නෙවෙයි. හැක්

      Delete
    2. ජයග්‍රහණයකට සුභ පැතුම් කියලත් කියන එක චාරිත්‍රයක්නෙ. සුභ පැතුම්, තවත් මගුලේ යාම වගේ කථා ලියවේවා.

      Delete
    3. උඹ ඉතින් එනවා කියල හිටපු නිසා කලින් සුභ පැතුවෙත් නෑ.. අන්තිමේ ආවෙත් නෑ. වෙන එකෙක් නම් මම බොරුවට හරි දානවා සුභ පතුවයි කියල.. උඹත් එක්ක එහෙම පුළුවනෑ? කොහෙද යකෝ මම සුභ පැතුවේ කියලා මගේ සායම යවයි ඒ පාර.. හැක. අන්න මේක මරු කැටගරිය.. හිතල බලන්න ඕනි.. ඉවාන් ගේ තෑගි ටික මගේ ගානේ දෙනවා..

      Delete
    4. එදා නොහිටිය උන්ගේ පහන් සංවේගය පිණිස.. මෙන්න උඹට කියෝපු සයිටේෂන් එක.. //ගැහැණිය යනු ශ්‍රී ලාංකික සමාජයේ විවාහය යන සමාජ සම්භාන්දතාවය තුල තවමත් අඩු ලංසුවයි. එනමුදු විවාහයක් දෙදරා යන ඕනෑම මොහොතක එහි වැඩි හෝ සම්පුර්ණ වගකීම ගැහැණිය සතු වේ. මේ සමාජ අසම්මතය නිසා විවාහය යන සන්ධර්භය තුල හිරවෙමින් එහෙත් එයින් ගැලවී යා නොහී පිඩාවට පත්වෙන කාන්තාව පිලිබඳ ශ්‍රී ලංකික අපි බොහෝ විට සංවේදී නොවේ. නොගැලපෙන අසහනකාරී වටපිටාවක අත්තටු සිඳ අතරමන් කර දැමු කිරිල්ලියක බදු මධ්‍යම පාන්තික විවාහක කාන්තාවකගේ හද ගැහෙන ස්වරය එනයින්ම අකුරුකොට අප දෙනෙත් ඉදිරියේ දමා ගසා යටත් පිරිසයෙන් ශ්‍රී ලංකික බ්ලොග් පාඨක පිරිස හෝ මේ අඳුරෙන් මුදවා එලියට ගැනීමට ගත් නොපසුබට උත්සාහය වෙනුවෙන් 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කෙටි නවකතා අංශය ජයග්‍රහණය කරමින් සම්මානයට පාත්‍රවනු ලබන්නේ- කවදාද ඒ වැහි වහින්නේ නොදනිම් කෙටි නවකතාව රචනා කල නුවර කුමාරි බ්ලොග් අඩවියේ - උපේක්ෂා ධර්මතිලක- ඔබයි..// ටැං ටිං ටොං..

      Delete
    5. හුටා.. ඉයන් ආයෙම පුටුවෙන් වැටෙයිද දන්නේ නෑ..

      Delete
    6. හුටස් පටස්...

      ඔය 'කවදාද ඔය වැහි නැති හෙනේ පාත්වෙන්නේ නොදනිම්' සොරි... ඒ කතාවට මම හිතුවේ කියෝපු උන් සීනිගම ගිහින්ය කියල. කිසිම විදියකින් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඒ හින්ද පුටුවෙන් බිමට විතරක් නෙවෙයි, ඉන්න තැන හාරාගෙන භුමිගත වෙන්න හිතුන.

      ඉයන්: නැටුම් තෙල් ගාල හැන්දෑ කොරේ කැඩුම් බිඳුම් හොඳවෙන්න ඇති නෙහ් ?

      සයිටෙෂන් එක කියෝලා මට කලන්තේ වගේ..... එදා ආව නම් මගේ අන්දොස් අභිනයන් ලයිව් බලාගන්නට ඉඩ තිබ්බ. මතක් වෙනකොටත් ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා. මොකද මම ඔහොම ප්‍රසිද්ධ ස්ථානවල නාට්ටි පෙන්නන්න ගොඩක් පොරසිද්ද කෙනෙක් හින්ද ආයේ ඔතනය කියල වෙනසක් වෙන්න විදියක් නැහැ.. හෙහ් හෙහ්.. අම්මේ... අනු නවයෙන් බේරුනේ! එහෙනම් 'කරූ පවා බලයි තරූ ' කිව්වලු!!

      Delete
    7. කරූ ඇවිත් කොළඹට හිරු පැයුවේ නැති නිසා අපි එදා කරූ ට හිරූ පෙන්නුවා. තරූ ත් පෙන්නුවා. හැබැයි ඒ පොළොවේ තරු. උඹත් අවනම් වැඩේ කම්ප්ලිට්. අහසේ තරුත් පෙන්නන්න තිබ්බා..

      Delete
    8. ඕක මට ලියන්න හම්බුවුණා නම් මම ලියන්නේ මෙහෙම

      ....නොගැලපෙන අසහනකාරී වටපිටාවක අත්තටු සිඳ අතරමන් කර දැමු කිරිල්ලියක බදු මධ්‍යම පාන්තික විවාහක කාන්තාවකගේ හද ගැහෙන ස්වරය අඳෝනාවක් ලෙස එනයින්ම අකුරුකොට අප දෙනෙත් ඉදිරියේ එපා එපා කියද්දිත් දමා ගසා ශ්‍රී ලංකික බ්ලොග් පාඨක පිරිස දරුණු මානසික ආතතියකට ලක්කිරීමට ගත් නොපසුබට උත්සාහය වෙනුවෙන් 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේ කෙටි කියා කිව්වත් කොටස් 18 දක්වා ඇදගෙන ගිය නවකතා අංශය ජයග්‍රහණය කරමින් සම්මානයට පාත්‍රවනු ලබන්නේ- 'කවදාද ඒ වැහි වහින එක නවතින්නේ නොදනිම්' නමින් කොහොමවත් කෙටි නැති කෙටි නවකතාව රචනා කල ෆේස්බුක් එකට ඇඩ් කරන ලෙස කරන ඉල්ලීම් නොසලකා අරින නුවර කුමාරි බ්ලොග් අඩවියේ - උපේක්ෂා ධර්මතිලක- ඔබයි.

      Delete
    9. ian:
      මගේ හදමල මෙව්වා උනේය....

      ඔයත් ගිහින් පොල් ගැහුවා නේද මේ කතාව මෙව්වා වියල්ල කියල? 18 කියන්නේ හරියටම කතාවේ මැද්දේ වගේ.. හෙහ් හෙහ්.. මේ අවුරුද්දෙත් ඇදගෙන ගියොත් මරු නෙහ් ? මොකද කියන්නේ ඊළඟ කොටස තවත් රසවත්...... දාන්නද ???

      Delete
    10. ආ.. මේකත් මතක බැරි උනා...

      අර සැනසිලි තෑග්ගක් දෙන්න වටිනවා මෙන්න මෙයාටත්

      කලාහිත ලියන එකා ( මෙලෝ කලාවක් නැහැ උගේ දැන්)
      ලින් කපනවා, වතුර බෙදනවා, ගස් නගිනවා.. තැඹිලි බානවා ( සොරි ඈ.. නිකම්ම කියා උනා අන්තිම එක නම් )

      Delete
    11. හප්පා ඒ කතාව නං...

      සිරාවට ඒක මං බාගෙට කියෝලා නැවැත්තුවා කියහංකො... ඒක කියෝනකොට ලේ ටික රත් වෙනව....

      Delete
    12. //මොකද කියන්නේ ඊළඟ කොටස තවත් රසවත්...... දාන්නද ???//

      දාන්න දාන්න, අඳෝනා වලට කැමති වුන් නැත්නං ඕක දිනයියෑ? මට අයිතියක් නැහැ බ්ලොග් එකේ අයිතිකාරය දාන නොදාන ඒව තීරණය කරන්න. ලිස්ට් එක අප්ඩේට් වෙනකොට කියවෙන නිසා ඒක ඉවරවෙනකං unfollow කරල දාන එක මහ දෙයක් නෙමෙයිනෙ.

      Delete
  52. සම්මාන උළෙල සාර්ථකවීම ගැන සුබ පැතුම් ! එන්න නොහැකි වීම ගැන කණගාටුයි. සම්පුර්ණ වීඩියෝවක් ඇත්නම් හැකිනම් youtube දමන්න.

    ReplyDelete
    Replies
    1. අනේ ඔය වීඩියෝ එනම් මනම් නම් මම දන්නේ නා.. දන්නා විදියට දැනටමත් youtube එකේ තියෙනවලු. සුභ පැතුමට ස්තුතියි.

      Delete
  53. ලස්සනට තියෙන්න ඇති කමියයියේ..... utube එකේවත් බලන්නම් එහෙනම්.

    ReplyDelete
  54. මේ දැන් තමයි නිදහසක් ලැබුනේ මගේ මස්සිනාගේ මළගමේ කටයුතු අවසන් කරලා.

    කමෙන්ට්ස් කියෙව්වේ නැහැ. මම වෙනම ලිපියක් ලියනවා. කියන්න අවශ්‍ය දේ ඒ ලිපියෙන් කියන්නම්.

    නෙළුම්යායට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අපි බලාගෙන ඉන්නේ නම් පොස්ට් එකක් එනකම්. ඒත් වැඩ වැඩියිනේ.. මල ගෙදර කටයුත්තකට මොනම විදියකින්වත් දායක වීමට නොහැකි වීම ගැන බලවත් කණගාටුව!

      Delete
  55. අපොයි තමුසෙට ඉතින් මිනිහෙක් මරණ එක සිම්පල්නේ අද නුවරඑළියේ යන්න හිතාගෙන ගියේ මරනේ කලින් සෙට් කරලද

    ReplyDelete
  56. congratulations for all the winners. and big thanks to event organizers.

    ReplyDelete